7. පඤ‍්චුපොසථජාතකවණ‍්ණනා 490 අට‍්ඨකථා
7. පඤ‍්චුපොසථජාතකවණ‍්ණනා (490)
7. පඤ්චුපෝසථ ජාතකය (490)
අප‍්පොස‍්සුක‍්කො දානි තුවං කපොතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උපොසථිකෙ පඤ‍්චසතෙ උපාසකෙ ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා ධම‍්මසභායං චතුපරිසමජ‍්ඣෙ අලඞ‍්කතබුද‍්ධාසනෙ නිසීදිත්‍වා මුදුචිත‍්තෙන පරිසං ඔලොකෙත්‍වා “අජ‍්ජ උපාසකානං කථං පටිච‍්ච දෙසනා සමුට‍්ඨහිස‍්සතී”ති ඤත්‍වා උපාසකෙ ආමන‍්තෙත්‍වා “උපොසථිකත්‍ථ උපාසකා”ති පුච‍්ඡිත්‍වා “ආම , භන‍්තෙ”ති වුත‍්තෙ “සාධු වො කතං, උපොසථො නාමෙස පොරාණකපණ‍්ඩිතානං වංසො, පොරාණකපණ‍්ඩිතා හි රාගාදිකිලෙසනිග‍්ගහත්‍ථං උපොසථවාසං වසිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.
අප්පොස්සුක්කො දානි තුවං කපොතා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් රකින්නා වූ උපාසකයන් පන්සියයක් අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ දම් සභාවෙහි සිවු පිරිස මැද අලංකාර කරන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ මොළොක් සිතින් පිරිස දෙස බලා අද උපාසකයන්ගේ කථාව නිසා දේශනාව නැගෙන්නේ යයි දැන උපාසකයන් අමතා උපාසකවරුනි, පෙහෙවස් සමාදන් වූවාහුදැයි විමසා ස්වාමීනි, එසේ යයි කී කල්හි ඔබලා විසින් කරන ලද්ද මැනවි. මේ උපෝසථය නම් පැරණි පණ්ඩිතයන්ගේ පරපුරයි. පැරණි පණ්ඩිතයෝ රාගාදී කෙලෙස් නිග්‍රහ කිරීම සඳහා පෙහෙවස් විසීම කළාහු යයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ මගධරට‍්ඨාදීනං තිණ‍්ණං රට‍්ඨානං අන‍්තරෙ අටවී අහොසි. බොධිසත‍්තො මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙ පහාය නික‍්ඛමිත්‍වා තං අටවිං පවිසිත්‍වා අස‍්සමං කත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා වාසං කප‍්පෙසි. තස‍්ස පන අස‍්සමස‍්ස අවිදූරෙ එකස‍්මිං වෙළුගහනෙ අත‍්තනො භරියාය සද‍්ධිං කපොතසකුණො වසති, එකස‍්මිං වම‍්මිකෙ අහි, එකස‍්මිං වනගුම‍්බෙ සිඞ‍්ගාලො, එකස‍්මිං වනගුම‍්බෙ අච‍්ඡො. තෙ චත‍්තාරොපි කාලෙන කාලං ඉසිං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුණන‍්ති.
අතීතයෙහි මගධ රට ආදී වූ රටවල් තුනක් මැද වනයක් වීය. බෝසත් තෙමේ මගධ රට බමුණු මහසල් කුලයක ඉපදී සුදුසු වයසට පැමිණියේ කාමයන් අත්හැර නික්මී ඒ වනයට පිවිසී අසපුවක් කර වාසය කළේය. ඒ අසපුවට නොදුරෙහි එක් ලැහැබක තමාගේ බිරිඳ සමග එක් පරෙවි පක්‍ෂියෙක් වසයි. එක් තුඹසක සර්පයෙක්ද එක් වන ගොමුවෙක සිවලෙක්ද එක් වන ගොමුවෙක වලසෙක්ද වාසය කරයි. ඒ සතර දෙනාම කලින් කල තවුසා වෙත එළඹ ධර්මය අසත්.
අථෙකදිවසං කපොතො භරියාය සද‍්ධිං කුලාවකා නික‍්ඛමිත්‍වා ගොචරාය පක‍්කාමි. තස‍්ස පච‍්ඡතො ගච‍්ඡන‍්තිං කපොතිං එකො සෙනො ගහෙත්‍වා පලායි. තස‍්සා විරවසද‍්දං සුත්‍වා කපොතො නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො තං තෙන හරියමානං පස‍්සි. සෙනොපි නං විරවන‍්තිංයෙව මාරෙත්‍වා ඛාදි. කපොතො තාය වියොගෙන රාගපරිළාහෙන පරිඩය‍්හමානො චින‍්තෙසි “අයං රාගො මං අතිවිය කිලමෙති, න ඉදානි ඉමං අනිග‍්ගහෙත්‍වා ගොචරාය පක‍්කමිස‍්සාමී”ති. සො ගොචරපථං පච‍්ඡින්‍දිත්‍වා තාපසස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා රාගනිග‍්ගහාය උපොසථං සමාදියිත්‍වා එකමන‍්තං නිපජ‍්ජි.
ඉක්බිති එක් දිනයක පරෙවියා බිරිඳ සමග කැදැල්ලෙන් නික්මී ගොදුරු පිණිස ගියේය. ඔහු පිටුපසින් යන්නා වූ පරෙවි ධේනුව එක් උකුස්සෙක් ගෙන පලා ගියේය. ඇයගේ කෑගැසීමේ ශබ්දය අසා පරෙවියා ආපසු හැරී බලන්නේ ඒ උකුස්සා විසින් ගෙනයන ඇය දුටුවේය. උකුස්සාද කෑගසන්නා වූම ඇය මරා කෑවේය. පරෙවියා ඇයගේ වියෝවෙන් රාග දැවිල්ලෙන් දැවෙනු ලබන්නේ සිතීය. මේ රාගය මා අතිශයින් පීඩාවට පත් කරයි. දැන් මේ රාගය යටපත් නොකර ගොදුරු පිණිස නොයන්නෙමියි හෙතෙම ගොදුරු මග සිඳ දමා තාපසයාගේ සමීපයට ගොස් රාගය යටපත් කිරීම පිණිස පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
සප‍්පොපි “ගොචරං පරියෙසිස‍්සාමී”ති වසනට‍්ඨානා නික‍්ඛමිත්‍වා පච‍්චන‍්තගාමෙ ගාවීනං විචරණට‍්ඨානෙ ගොචරං පරියෙසති. තදා ගාමභොජකස‍්ස සබ‍්බසෙතො මඞ‍්ගලඋසභො ගොචරං ගහෙත්‍වා එකස‍්මිං වම‍්මිකපාදෙ ජණ‍්ණුනා පතිට‍්ඨාය සිඞ‍්ගෙහි මත‍්තිකං ගණ‍්හන‍්තො කීළති, සප‍්පො ගාවීනං පදසද‍්දෙන භීතො තං වම‍්මිකං පවිසිතුං පක‍්කන‍්තො. අථ නං උසභො පාදෙන අක‍්කමි. සො තං කුජ‍්ඣිත්‍වා ඩංසි, උසභො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තො. ගාමවාසිනො “උසභො කිර මතො”ති සුත්‍වා සබ‍්බෙ එකතො ආගන‍්ත්‍වා රොදිත්‍වා කන්‍දිත්‍වා තං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා ආවාටෙ නිඛණිත්‍වා පක‍්කමිංසු. සප‍්පො තෙසං ගතකාලෙ නික‍්ඛමිත්‍වා “අහං කොධං නිස‍්සාය ඉමං ජීවිතා වොරොපෙත්‍වා මහාජනස‍්ස හදයෙ සොකං පවෙසෙසිං, න දානි ඉමං කොධං අනිග‍්ගහෙත්‍වා ගොචරාය පක‍්කමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නිවත‍්තිත්‍වා තං අස‍්සමං ගන‍්ත්‍වා කොධනිග‍්ගහාය උපොසථං සමාදියිත්‍වා එකමන‍්තං නිපජ‍්ජි.
සර්පයාද ගොදුරු සොයන්නමියි වසන තැනින් නික්ම පසල් ගමෙහි දෙනුන් හැසිරෙන තැන ගොදුරු සොයයි. එකල්හි ගම්දෙටුවාගේ මුළුමනින්ම සුදු වූ මංගල වෘෂභයා ගොදුරු ගෙන එක් තුඹසක් පාමුල දනින් හිඳ අංවලින් මැටි ගනිමින් ක්‍රීඩා කරයි. සර්පයා දෙනුන්ගේ පාද ශබ්දයෙන් බියට පත්වූයේ ඒ තුඹසට පිවිසෙන්නට යන්නේ අනතුරුව ඌ වෘෂභයා පාදයෙන් මැඩලීය. හෙතෙම ඌට කිපී දෂ්ට කළේය. වෘෂභයා එහිම ජීවිතක්‍ෂයට පත් වූයේය. ගම්වැසියෝ මළේ යයි අසා සියල්ලෝම එකතු වී අවුත් හඬා සුවඳ මල් ආදියෙන් ඌ පූජාකර වලක් සාරා (එහි දමා) ගියාහුය. සර්පයා ඔවුන් ගිය කල්හි නික්මී මම ක්‍රෝධය නිසා මොහු ජීවිතයෙන් තොර කරවා මහජනයාගේ හදවතෙහි ශෝකය ඇතුලත් කළෙමි. දැන් මේ ක්‍රෝධය යටපත් නොකර ගොදුරු පිණිස නොයන්නෙමියි ආපසු හැරී අසපුවට ගොස් ක්‍රෝධය නැතිකිරීම සඳහා පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
සිඞ‍්ගාලොපි ගොචරං පරියෙසන‍්තො එකං මතහත්‍ථිං දිස‍්වා “මහා මෙ ගොචරො ලද‍්ධො”ති තුට‍්ඨො ගන‍්ත්‍වා සොණ‍්ඩායං ඩංසි, ථම‍්භෙ දට‍්ඨකාලො විය අහොසි. තත්‍ථ අස‍්සාදං අලභිත්‍වා දන‍්තෙ ඩංසි, පාසාණෙ දට‍්ඨකාලො විය අහොසි. කුච‍්ඡියං ඩංසි, කුසුලෙ දට‍්ඨකාලො විය අහොසි. නඞ‍්ගුට‍්ඨෙ ඩංසි, අයසලාකෙ දට‍්ඨකාලො විය අහොසි. වච‍්චමග‍්ගෙ ඩංසි, ඝතපූවෙ දට‍්ඨකාලො විය අහොසි. සො ලොභවසෙන ඛාදන‍්තො අන‍්තොකුච‍්ඡියං පාවිසි, තත්‍ථ ඡාතකාලෙ මංසං ඛාදති, පිපාසිතකාලෙ ලොහිතං පිවති, නිපජ‍්ජනකාලෙ අන‍්තානි ච පප‍්ඵාසඤ‍්ච අවත්‍ථරිත්‍වා නිපජ‍්ජි. සො “ඉධෙව මෙ අන‍්නපානඤ‍්ච සයනඤ‍්ච නිප‍්ඵන‍්නං, අඤ‍්ඤත්‍ථ කිං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තත්‍ථෙව අභිරතො බහි අනික‍්ඛමිත්‍වා අන‍්තොකුච‍්ඡියංයෙව වසි. අපරභාගෙ වාතාතපෙන හත්‍ථිකුණපෙ සුක‍්ඛන‍්තෙ කරීසමග‍්ගො පිහිතො, සිඞ‍්ගාලො අන‍්තොකුච‍්ඡියං නිපජ‍්ජමානො අප‍්පමංසලොහිතො පණ‍්ඩුසරීරො හුත්‍වා නික‍්ඛමනමග‍්ගං න පස‍්සි. අථෙකදිවසං අකාලමෙඝො වස‍්සි, කරීසමග‍්ගො තෙමියමානො මුදු හුත්‍වා විවරං දස‍්සෙසි. සිඞ‍්ගාලො ඡිද‍්දං දිස‍්වා “අතිචිරම‍්හි කිලන‍්තො, ඉමිනා ඡිද‍්දෙන පලායිස‍්සාමී”ති කරීසමග‍්ගං සීසෙන පහරි. තස‍්ස සම‍්බාධට‍්ඨානෙන වෙගෙන නික‍්ඛන‍්තස‍්ස සින‍්නසරීරස‍්ස සබ‍්බානි ලොමානි කරීසමග‍්ගෙ ලග‍්ගානි, තාලකන්‍දො විය නිල‍්ලොමසරීරො හුත්‍වා නික‍්ඛමි. සො “ලොභං නිස‍්සාය මයා ඉදං දුක‍්ඛං අනුභූතං, න දානි ඉමං අනිග‍්ගහෙත්‍වා ගොචරං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං අස‍්සමං ගන‍්ත්‍වා ලොභනිග‍්ගහත්‍ථාය උපොසථං සමාදියිත්‍වා එකමන‍්තං නිපජ‍්ජි.
සිවලාද ගොදුරු සොයන්නේ එක් මළ ඇතෙකු දැක මවිසින් මහත් වූ ගොදුරක් ලබන ලදැයි සතුටු වී සමීපයට ගොස් සොඬය දෂ්ට කළේය. ටැඹකින් දෂ්ට කළ කලෙක මෙන් විය. එහිලා ආශ්වාදයක් නොලැබ දළෙහි දෂ්ට කළේය. පර්වතයෙක්හි දෂ්ට කළ කලෙක මෙන් විය. කුසෙහි දෂ්ට කළේය. අටුවෙහි දෂ්ට කළ කලෙක මෙන් විය. නඟුටෙහි දෂ්ට කළේය. යකඩ තලියෙක දෂ්ට කලාක් මෙන් විය. වසුරු මඟෙහි දෂ්ට කළේය. ගිතෙල් කැවුමක දෂ්ට කළ කල්හි මෙන් විය. ඔහු ලෝභයෙන් කනු ලබන්නේ කුස තුලට පිවිසියේය. එහි බඩගිනි ඇති කළ මස් කයි. පිපාසය ඇති කළ ලේ බොයි. වැදහෝනා කල්හි බඩවැල්ද කපුමසද අතුරා එහි වැද හොවයි. නෙකම මෙහිම මගේ කෑමද, බීමද සම්පූර්ණ විය. අන් තැනෙක කුමක් කරම්දැයි සිතා එහිම ඇළුනේ පිටතට නොනික්මී කුස තුළම වාසය කළේය. මෑත කාලයෙහි සුළඟින් හා අව්වෙන් ඇත්කුණ වියලෙන කල්හි මළ මාර්ගය වැසුනේ සිවලා කුස තුළම වෙහෙසට පත් වූයේ ස්වල්ප වූ මස් ලේ ඇත්තේ පඬුවක් සිරුර ඇත්තේ වී නික්මෙන මගක් නොදුටුවේය. ඉක්බිති එක් දවසක් නොකල්හි වැස්සක් වැස්සේය. මළ මාර්ගය තෙමෙන්නේ මෘදු වී විවරයක් දැක්වීය. සිවලා සිදුර දැක බොහෝ දිනක් ක්ලාන්ත වූයේ මේ සිදුරෙන් පලා යන්නෙමියි මළ මාර්ගයට හිසෙන් පහර දුන්නේය. බාධා සහිත තැනින් වේගයෙන් නික්මුණා වූ සිඳුන සිරුර ඇති ඔහුගේ සියළු ලොම් මල මාර්ගයෙහි ඇලුනේ තල්කඳක් මෙන් ලොම් නැති සිරුර ඇත්තෙක් වී නික්මුනේය. හෙතෙම ලෝභය නිසා මවිසින් මේ දුක අනුභව කරන ලද්දෙමි. මේ ලෝභය යටපත් නොකර ගොදුරු නොගන්නෙමියි සිතා ඒ අසපුවට ගොස් ලෝකය යටපත් කිරීම සඳහා පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
අච‍්ඡොපි අරඤ‍්ඤා නික‍්ඛමිත්‍වා අත්‍රිච‍්ඡාභිභූතො මල‍්ලරට‍්ඨෙ පච‍්චන‍්තගාමං ගතො. ගාමවාසිනො “අච‍්ඡො කිර ආගතො”ති ධනුදණ‍්ඩාදිහත්‍ථා නික‍්ඛමිත්‍වා තෙන පවිට‍්ඨං ගුම‍්බං පරිවාරෙසුං. සො මහාජනෙන පරිවාරිතභාවං ඤත්‍වා නික‍්ඛමිත්‍වා පලායි, පලායන‍්තමෙව තං ධනූහි චෙව දණ‍්ඩාදීහි ච පොථෙසුං. සො භින‍්නෙන සීසෙන ලොහිතෙන ගලන‍්තෙන අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා “ඉදං දුක‍්ඛං මම අත්‍රිච‍්ඡාලොභවසෙන උප‍්පන‍්නං, න දානි ඉමං අනිග‍්ගහෙත්‍වා ගොචරං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං අස‍්සමං ගන‍්ත්‍වා අත්‍රිච‍්ඡානිග‍්ගහාය උපොසථං සමාදියිත්‍වා එකමන‍්තං නිපජ‍්ජි.
වලහාද වනයෙන් නික්මී අධික ආශාවෙන් මඩනා ලද්දේ මල රටෙහි පසල් ගමට ගියේ ගම්වැසියෝ වලසෙක් පැමිණියේ යයි දුනු දඬු ආදිය ගත් අත් ඇත්තාහු නික්මී ඔහු පිවිසි ගොමුව පිරිවැරූහ. ඔහු මහජනයා විසින් වටකරන ලද බව දැන නික්මී පලා ගියේය. පලායන්නා වූ ඌ දුනුවලින්ද දඬුවලින්ද තැලුවාහුය. හෙතෙම බිඳුන හිසින් ලේ ගලමින් තමා වසන තැනට ගොස් මේ දුක මගෙ අධික ආශාව නිසා උපනි. දැන් එය යටපත් නොකර ගොදුරු නොගන්නෙමියි ඒ අසපුවට ගොස් අධික ආශාව යටපත් කිරීම පිණිස පෙහෙවස් සමාදන් වී එකත්පසෙක හොත්තේය.
තාපසොපි අත‍්තනො ජාතිං නිස‍්සාය මානවසිකො හුත්‍වා ඣානං උප‍්පාදෙතුං න සක‍්කොති. අථෙකො පච‍්චෙකබුද‍්ධො තස‍්ස මානනිස‍්සිතභාවං ඤත්‍වා “අයං න ලාමකසත‍්තො, බුද‍්ධඞ‍්කුරො එස, ඉමස‍්මිංයෙව භද‍්දකප‍්පෙ සබ‍්බඤ‍්ඤුතං පාපුණිස‍්සති, ඉමස‍්ස මානනිග‍්ගහං කත්‍වා සමාපත‍්තිනිබ‍්බත‍්තනාකාරං කරිස‍්සාමී”ති තස‍්මිං පණ‍්ණසාලාය නිසින‍්නෙයෙව උත‍්තරහිමවන‍්තතො ආගන‍්ත්‍වා තස‍්ස පාසාණඵලකෙ නිසීදි. සො නික‍්ඛමිත්‍වා තං අත‍්තනො ආසනෙ නිසින‍්නං දිස‍්වා මානනිස‍්සිතභාවෙන අනත‍්තමනො හුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා අච‍්ඡරං පහරිත්‍වා “නස‍්ස, වසල, කාළකණ‍්ණි, මුණ‍්ඩක, සමණක, කිමත්‍ථං මම නිසින‍්නඵලකෙ නිසින‍්නොසී”ති ආහ. අථ නං සො “සප‍්පුරිස, කස‍්මා මානනිස‍්සිතොසි, අහං පටිවිද‍්ධපච‍්චෙකබොධිඤාණො, ත්‍වං ඉමස‍්මිංයෙව භද‍්දකප‍්පෙ සබ‍්බඤ‍්ඤුබුද‍්ධො භවිස‍්සසි, බුද‍්ධඞ‍්කුරොසි, පාරමියො පූරෙත්‍වා ආගතො අඤ‍්ඤං එත‍්තකං නාම කාලං අතික‍්කමිත්‍වා බුද‍්ධො භවිස‍්සසි, බුද‍්ධත‍්තභාවෙ ඨිතො සිද‍්ධත්‍ථො නාම භවිස‍්සසී”ති නාමඤ‍්ච ගොත‍්තඤ‍්ච කුලඤ‍්ච අග‍්ගසාවකාදයො ච සබ‍්බෙ ආචික‍්ඛිත්‍වා “කිමත්‍ථං ත්‍වං මානනිස‍්සිතො හුත්‍වා ඵරුසො හොසි, නයිදං තව අනුච‍්ඡවික”න‍්ති ඔවාදමදාසි. සො තෙන එවං වුත‍්තොපි නෙව නං වන්‍දි, න ච “කදාහං බුද‍්ධො භවිස‍්සාමී”තිආදීනි පුච‍්ඡි. අථ නං පච‍්චෙකබුද‍්ධො “තව ජාතියා මම ගුණානං මහන‍්තභාවං ජාන, සචෙ සක‍්කොසි, අහං විය ආකාසෙ විචරාහී”ති වත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා අත‍්තනො පාදපංසුං තස‍්ස ජටාමණ‍්ඩලෙ විකිරන‍්තො උත‍්තරහිමවන‍්තමෙව ගතො.
තාපසයාද තමාගේ ජාතිය නිසා මානය ඇත්තෙක් වී ධ්‍යාන උපදවන්නට නොහැකි වෙයි. ඉක්බිති එක් පසේ බුදුවරයෙක් ඔහුගේ මානය ඇසුරු කළ බව දැන මෙතෙම ලාමක සත්ත්වයෙක් නොවේ. බුද්ධාංකුරයෙකි. මෙතෙම මේ කල්පයෙහිම සර්වඥ බවට පැමිණෙන්නේය. මොහුගේ මානය යටපත් කර සමාපත්තීන් උපදවන ආකාරයක් කරන්නෙමියි ඔහු පන්සලෙහි හුන් කල්හිම උතුරු හිමවතින් අවුත් ඔහුගේ ගල්පුවරුවෙහි හුන්නේය. හෙතෙම (අසපුවෙන්) නික්මී තමාගේ අසුනෙහි හුන්නහු දැක මානය ඇසුරු කළ බව නිසා නොසතුටු සිත් ඇතිව ඔහු වෙත එළඹ අසුරු ගසා වසලය, කාලකණ්ණි මුඩු මහණ, කුමක් නිසා මගේ හිඳින පුවරුවෙහි හුන්නේදැයි කීවේය. ඉක්බිති ඒ පසේ බුදුරජු ඔහුට (කියනුයේ) සත්පුරුෂය, කුමක් හෙයින් මානය ඇසුරු කළේ වෙහිද? මම අවබෝධ කරන ලද පසේබුදු නුවණ ඇත්තේ වෙමි. ඔබ මේ කල්පයෙහිම සියල්ල දත් බුදුවරයෙක් වන්නෙහි. බුද්ධංකුරයෙක් වන්නෙහි. පාරමිතාවන් පුරා ආවේ. අන් මෙපමණ කලක් ඉක්මවා බුදු වන්නෙහිය. බුදුවන ආත්ම භාවයෙහි සිද්ධාර්ථ නම් වන්නෙහි යයි නමද ගෝත්‍රයද කුලයද අග්‍ර ශ්‍රාවක ආදීන්ද යන සියල්ල පවසා කුමක් හෙයින් මානය ඇසුරු කොට කර්කශ වූවෙක් වෙහිද? මෙය ඔබට සුදුසු වන්නේ නැතැයි අවවාද දුන්නේය. හෙතෙම මෙසේ කී කල්හිද උන්වහන්සේට නොවැන්දේය. කවරදා මම බුදුවන්නෙමිදැයි ආදීන් නොවිමසුවේය. ඉක්බිති ඔහුට පසේ බුදුවරයා (කියනුයේ) ඔබගේ ජාතියට වඩා මගේ ගුණයන්ගේ මහත් බව දනුව. ඉදින් හැකිවන්නේ නම් මා මෙන් අහසෙහි හැසිරවයි කියා අහසෙහි පැන නැගී තමාගේ පාද දූවිලි ඔහුගේ ජටාමඩුල්ලෙහි විසුරුවමින් උතුරු හිමවතටම ගියේය.
තාපසො තස‍්ස ගතකාලෙ සංවෙගප‍්පත‍්තො හුත්‍වා “අයං සමණො එවං ගරුසරීරො වාතමුඛෙ ඛිත‍්තතූලපිචු විය ආකාසෙ පක‍්ඛන්‍දො, අහං ජාතිමානෙන එවරූපස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස නෙව පාදෙ වන්‍දිං, න ච “කදාහං බුද‍්ධො භවිස‍්සාමී’ති පුච‍්ඡිං, ජාති නාමෙසා කිං කරිස‍්සති, ඉමස‍්මිං ලොකෙ සීලචරණමෙව මහන‍්තං, අයං ඛො පන මෙ මානො වඩ‍්ඪන‍්තො නිරයං උපනෙස‍්සති, න ඉදානි ඉමං මානං අනිග‍්ගහෙත්‍වා ඵලාඵලත්‍ථාය ගමිස‍්සාමී”ති පණ‍්ණසාලං පවිසිත්‍වා මානනිග‍්ගහාය උපොසථං සමාදාය කට‍්ඨත්‍ථරිකාය නිසින‍්නො මහාඤාණො කුලපුත‍්තො මානං නිග‍්ගහෙත්‍වා කසිණං වඩ‍්ඪෙත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා නික‍්ඛමිත්‍වා චඞ‍්කමනකොටියං පාසාණඵලකෙ නිසීදි. අථ නං කපොතාදයො උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. මහාසත‍්තො කපොතං පුච‍්ඡි “ත්‍වං අඤ‍්ඤෙසු දිවසෙසු න ඉමාය වෙලාය ආගච‍්ඡසි, ගොචරං පරියෙසසි, කිං නු ඛො අජ‍්ජ උපොසථිකො ජාතොසී”ති? “ආම භන‍්තෙ”ති. අථ නං “කෙන කාරණෙනා”ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –
තවුසා උන්වහන්සේ ගියකල්හි සංවේගයට පත්වූයේ වී මේ ශ්‍රමණයා මෙබඳු සිරුරක් ඇත්තේ සුළඟ ඉදිරියෙහි දමනා ලද කපු පුළුන් මෙන් අහසෙහි පැන නැංගේය. මම ජාතිය පිළිබඳ මානයෙන් මෙබඳු වූ පසේ බුදුරදුන්ගේ පාදයන් නොවැන්දෙමි. කෙදිනක බුදුවෙම්දැයි නොඇසුවෙමි. මේ ජාතිය නම් කුමක් කරයිද? මේ ලොව සිල්වත් හැසිරීමම මහත් වේ. මාගේ මේ මානය වැඩෙන්නේ මා නිරයට පමුණුවන්නේය. දැන් මේ මානය යටපත් නොකර ඵලාපලයන් සඳහා නොයන්නෙමියි පන්සලට පිවිස මානය යටපත් කිරීම සඳහා පෙහෙවස් සමාදන් වී දඬු අතුරා සෑදු මැස්සක හුන්නා වූ මහත් නුවණැති කුලපුත්‍රයා මානය යටපත් කර කසිණ වඩා අභිඥා-සමාපත්තීන් උපදවා නික්මී සක්මන කෙළවර ගල් පුවරුවෙහි හුන්නේය. ඉක්බිති පරවි ආදීන් ඔහු වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නාහුය. මහබෝසත් තෙමේ පරවියාගෙන් විමසීය. ඔබ අන් දිනයන්හි මේ වේලාවෙහි නොඑන්නෙහිය. ගොදුරු සොයන්නෙහිය. කිම අද පෙහෙවස් සමාදන් වූවෙක් වෙහිද? එසේය ස්වාමීනි’යි කීවේය. ඉක්බිති කවර කරුණෙන් දැයි ඔහුගෙන් විමසන්නේ පළමු ගාථාව කීවේය.
“අප‍්පොස‍්සුක‍්කො දානි තුවං කපොත, විහඞ‍්ගම න තව භොජනත්‍ථො; ඛුදං පිපාසං අධිවාසයන්තො, කස‍්මා භවංපොසථිකො කපොතා”ති.
අප්පොස්සුක්කො දානි තුවං කපොත, විහංගම න තව භොජනත්‍ථො, ඛුදං පිපාසං අධිවාසයන්තො, කස්මා භවං පොසථිකො කපොතො
පරවිය, ඔබ දැන් (ආහාරය පිළිබඳව) ආසා නැත්තේය. පක්‍ෂිය, ඔබට ආහාරයෙන් ප්‍රයෝජනයක් නැතිද? පරවිය, බඩගින්නත් පිපාසයත් ඉවසමින් පෙහෙවස් රකින්නේ කිම?
තත්‍ථ අප‍්පොස‍්සුක‍්කොති නිරාලයො. න තව භොජනත්‍ථොති කිං අජ‍්ජ තව භොජනෙන අත්‍ථො නත්‍ථි.
එහි අප්පොස්සුක්කො යනු ආශා නැත්තේ. භොජනත්‍ථො යනු කිම අද ඔබට ආහාරයෙන් වැඩක් නැත්ද?
තං සුත්‍වා කපොතො ද‍්වෙ ගාථා අභාසි –
ඒ අසා පරවියා ගාථා දෙකක් කීවේය.
“අහං පුරෙ ගිද‍්ධිගතො කපොතියා, අස‍්මිං පදෙසස‍්මිමුභො රමාම; අථග‍්ගහී සාකුණිකො කපොතිං, අකාමකො තාය විනා අහොසිං.
2. මම පෙර පරවි දෙනක හා බැඳීමට ගියේ වෙමි. අපි දෙදෙනා මේ පෙදෙසෙහි සතුටු වූයෙමු. ඉක්බිති කුරුල්ලෙක් පරවි දෙන අල්ලා ගති. නොකැමැත්තේ (නමුදු) ඇයගෙන් වෙන් වූයේ වෙමි.
“නානාභවා විප‍්පයොගෙන තස‍්සා, මනොමයං වෙදන වෙදයාමි; තස‍්මා අහංපොසථං පාලයාමි, රාගො මමං මා පුනරාගමාසී”ති.
3. ඇයගේ නැතිවීමෙන් වූ විරහ දුක කරණ කොට මානසික වේදනාවක් විඳිමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. රාගය මා වෙත යළි නොපැමිණේවා.
තත්‍ථ රමාමාති ඉමස‍්මිං භූමිභාගෙ කාමරතියා රමාම. සාකුණිකොති සෙනසකුණො.
එහි රමාම යනු මේ බිම් පෙදෙසෙහි කාම ඇල්මෙන් ඇළුනෝ වෙමු. සාකුණිකො යනු උකුසු පක්‍ෂියෙක්.
කපොතෙන අත‍්තනො උපොසථකම‍්මෙ වණ‍්ණිතෙ මහාසත‍්තො සප‍්පාදීසු එකෙකං පුච‍්ඡි. තෙපි යථාභූතං බ්‍යාකරිංසු –
පරවියා විසින් තමාගේ පෙහෙවස් කාර්යයන් වර්ණනා කළ කල්හි මහබෝසත් තෙමේ සර්ප ආදී කෙරෙහිද එක් එක් ගාථාවකින් විචාළේය. ඔවුහුද ඇති පරිද්දෙන් පැහැදිලි කළාහුය.
“අනුජ‍්ජුගාමී උරගා දුජිව‍්හ, දාඨාවුධො ඝොරවිසොසි සප‍්ප; ඛුදං පිපාසං අධිවාසයන්තො, කස‍්මා භවංපොසථිකො නු දීඝ.
4. සෘජු ගමන් නැති, දිව දෙකක් ඇති, උරගයෙකු වූ සර්පය, ඔබ දළ අවිය කොට ඇත්තෙහිය. දරුණු විස ඇත්තෙහිය. පිංවත් සර්පය බඩගින්නත් පිපාසයත් ඉවසමින් කුමක් හෙයින් පෙහෙවස් රකින්නෙකු වූවෙහිද?
“උසභො අහූ බලවා ගාමිකස‍්ස, චලක‍්කකූ වණ‍්ණබලූපපන‍්නො; සො මං අක‍්කමි තං කුපිතො අඩංසිං, දුක‍්ඛාභිතුණ‍්ණො මරණං උපාගා.
5. ගම් දෙටුවාට ශක්තිමත් වූ, සැලෙන මොල්ලියක් ඇති, වර්ණයෙන් හා බලයෙන් යුක්ත වූ වෘෂභයෙක් වීය. ඌ මා මැඩලීය. කිපුනා වූ මම ඌ දෂ්ට කළෙමි. දුකින් මඩනා ලද වෘෂභයා මරණයට පැමිණියේය.
“තතො ජනා නික‍්ඛමිත්‍වාන ගාමා, කන්‍දිත්‍වා රොදිත්‍වා අපක‍්කමිංසු; තස‍්මා අහංපොසථං පාලයාමි, කොධො මමං මා පුනරාගමාසි.
6. ඉක්බිති ගම්වැසියෝ නික්ම හඬා වැලපී ගියාහුය. එහෙයින් මම පෙහෙවස් රකිමි. මට නැවත ක්‍රෝධය නො පැමිණේවා.
“මතාන මංසානි බහූ සුසානෙ, මනුඤ‍්ඤරූපං තව භොජනෙ තං; ඛුදං පිපාසං අධිවාසයන්තො, කස‍්මා භවංපොසථිකො සිඞ‍්ගාල.
7. සොහොනෙහි මළවුන්ගේ මස් බොහෝ ඇත. මේ භෝජනය ඔබගේ සිත් ගත්තේය. පිංවත් සිවල, කුසගින්න හා පිපාසය ඉවසමින් කුමක් හෙයින් පෙහෙවස් රකීද?
“පවිසි කුච‍්ඡිං මහතො ගජස‍්ස, කුණපෙ රතො හත්‍ථිමංසෙසු ගිද‍්ධො; උණ‍්හො ච වාතො තිඛිණා ච රස‍්මියො, තෙ සොසයුං තස‍්ස කරීසමග‍්ගං.
8. ඇත් කුණෙහි ඇළුනේ ඇත් මසෙහි ගිජු වූයෙම් විශාල වූ ඇතාගේ කුසට පිවිසියෙමි. උණුසුම් වූ වාතයත් තියුණු රශ්මියත් ඒ ඇතාගේ මළ මාර්ගය වියලීය.
“කිසො ච පණ‍්ඩූ ච අහං භදන‍්තෙ, න මෙ අහූ නික‍්ඛමනාය මග‍්ගො; මහා ච මෙඝො සහසා පවස‍්සි, සො තෙමයී තස‍්ස කරීසමග‍්ගං.
9. ස්වාමීනි, මම කෘෂ වූයේද වෙමි. පඬු පැහැ ඇති වීමි. මට නික්මීමට මාර්ගයක් නොවීය. වහා මහා වර්ෂාවක් වැස්සේය. එය උගේ මළ මග තෙමීය.
“තතො අහං නික‍්ඛමිසං භදන‍්තෙ, චන්‍දො යථා රාහුමුඛා පමුත‍්තො; තස‍්මා අහංපොසථං පාලයාමි, ලොභො මමං මා පුනරාගමාසි.
10. ස්වාමීනි, අනතුරුව මම රාහු මුඛයෙන් මිදුන චන්ද්‍රයා මෙන් එයින් පිටවීමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. ලෝභය මා වෙත නැවත නො පැමිණේවා.
“වම‍්මීකථූපස‍්මිං කිපිල‍්ලිකානි, නිප‍්පොථයන‍්තො තුවං පුරෙ චරාසි; ඛුදං පිපාසං අධිවාසයන්තො, කස‍්මා භවංපොසථිකො නු අච‍්ඡ.
11. පෙර නුඹ තුඹස් මුදුන්හි වේයන් බුදිමින් හැසිරුණෙහිය. පින්වත් වලස, කුසගින්න හා පිපාසය ඉවසමින් කුමක් හෙයින් පෙහෙවස් රක්නේ වීද?
“සකං නිකෙතං අතිහීළයානො, අත්‍රිච‍්ඡතා මල‍්ලගාමං අගච‍්ඡිං; තතො ජනා නික‍්ඛමිත්‍වාන ගාමා, කොදණ‍්ඩකෙන පරිපොථයිංසු මං.
12. සිය වාසස්ථානය වූ (වනයට) නිගා කරමින් බොහෝ වූ ආශා ඇති නිසාම මලය පෙදෙසට ගියෙමි. අනතුරුව ගම්වැසියෝ ගමෙන් නික්මී දුණු දඬුවලින් මා තැලූහ.
“සො භින‍්නසීසො රුහිරමක‍්ඛිතඞ‍්ගො, පච‍්චාගමාසිං සකං නිකෙතං; තස‍්මා අහංපොසථං පාලයාමි, අත්‍රිච‍්ඡතා මා පුනරාගමාසී”ති.
13. බිඳුන හිස හා ලේ වැකුණු සිරුර ඇති ඒ මම සිය නිවෙසට පෙරළා පැමිණියෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. අධික ආශා ඇති බව නැවත මා වෙත නො පැමිණේවා.
තත්‍ථ අනුජ‍්ජුගාමීතිආදීහි තං ආලපති. චලක‍්කකූති චලමානකකුධො. දුක‍්ඛාභිතුණ‍්ණොති සො උසභො දුක‍්ඛෙන අභිතුණ‍්ණො ආතුරො හුත්‍වා. බහූති බහූනි. පවිසීති පාවිසිං. රස‍්මියොති සූරියරස‍්මියො. නික‍්ඛමිසන‍්ති නික‍්ඛමිං. කිපිල‍්ලිකානීති උපචිකායො. නිප‍්පොථයන‍්තොති ඛාදමානො. අතිහීළයානොති අතිමඤ‍්ඤන‍්තො නින්‍දන‍්තො ගරහන‍්තො. කොදණ‍්ඩකෙනාති ධනුදණ‍්ඩකෙහි චෙව මුග‍්ගරෙහි ච.
එහි අනුජ්ජගාමි යන ආදියෙන් ඔහු අමතයි. චලක්කකු යනු සෙලවෙන මොල්ලියක් ඇති. දුක්ඛාභිතුන්නො යනු ඒ වෘෂභයා දුකින් මැඩලන ලද්දේ රෝගී වී. බහු යනු බොහෝ. පවිස්සං යනු පිවිසියෙමි. රස්මියො යනු හිරුරැස්. නික්ඛමිස්සං යනු නික්වූයෙමි. කපිල්ලකානි යනු වේයන්. නිප්පොථයන්තා යනු කනු ලබන්නේ. අතිහීලයානො ඉක්මවා සිතන්නේ. ගර්හා කරනු ලබන්නේ. කොදණ්ඩෙන යනු දුනු දණ්ඩෙන්ද මුගුරුවලින්ද,
එවං තෙ චත‍්තාරොපි අත‍්තනො උපොසථකම‍්මං වණ‍්ණෙත්‍වා උට‍්ඨාය මහාසත‍්තං වන්‍දිත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ අඤ‍්ඤෙසු දිවසෙසු ඉමාය වෙලාය ඵලාඵලත්‍ථාය ගච‍්ඡථ, අජ‍්ජ අගන‍්ත්‍වා කස‍්මා උපොසථිකත්‍ථා”ති පුච‍්ඡන‍්තා ගාථමාහංසු –
මෙසේ ඔවුහු සතරදෙනාම තමාගේ පෙහෙවස් රැකීම වර්ණනා කර නැගී සිට මහබෝසතුන් වැඳ ස්වාමීනි, ඔබ අන් දිනයන්හි මේ වේලාවෙහි ඵලාපල සඳහා යන්නෙහිය. අද නොගොස් කුමක් හෙයින් පෙහෙවස් රැක්මෙහි නිරත වූවෙහිදැයි විමසන්නාහු ගාථාවක් කීවාහුය.
“යං නො අපුච‍්ඡිත්‍ථ තුවං භදන‍්තෙ, සබ‍්බෙව බ්‍යාකරිම‍්හ යථාපජානං; මයම‍්පි පුච‍්ඡාම තුවං භදන‍්තෙ, කස‍්මා භවංපොසථිකො නු බ්‍රහ‍්මෙ”ති.
14. ස්වාමීනි, ඔබ අපගෙන් යමක් විචාළේද, අපි සියල්ලෝම දන්නා පරිදි (ඒ කරුණ) විස්තර කළෙමු. ස්වාමීනි, අපිද ඔබගෙන් විමසමු. පින්වත් බ්‍රාහ්මණය, කුමක් හෙයින් ඔබ පෙහෙවස් රකින්නේ වෙහිද?
සොපි නෙසං බ්‍යාකාසි –
ඔහුද ඔවුන්ට විස්තර කළේය.
“අනූපලිත‍්තො මම අස‍්සමම‍්හි, පච‍්චෙකබුද‍්ධො මුහුත‍්තං නිසීදි; සො මං අවෙදී ගතිමාගතිඤ‍්ච, නාමඤ‍්ච ගොත‍්තං චරණඤ‍්ච සබ‍්බං.
15. කෙලෙස්හි නොඇළුනා වූ පසේ බුදුවරයෙක් මගේ ආශ්‍රමයෙහි මොහොතක් වැඩ හුන්නේය. හෙතෙම මට යා යුතු තැනද පැමිණි තැනද ගෝත්‍රයද චරණයද යන සියල්ල කීවේය.
“එවම‍්පහං න වන්‍දි තස‍්ස පාදෙ, න චාපි නං මානගතෙන පුච‍්ඡිං; තස‍්මා අහංපොසථං පාලයාමි, මානො මමං මා පුනරාගමාසී”ති.
16. මෙසේ වුවත් මම උන්වහන්සේගේ පාදයන් නො වැන්දෙමි. මානයෙන් යුක්ත වූ මා විසින් උන්වහන්සේ නො විචාළෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. මානය මා වෙත නැවත නොපැමිණේවා කියාය.
තත්‍ථ යං නොති යං අත්‍ථං ත්‍වං අම‍්හෙ අපුච‍්ඡි. යථාපජානන‍්ති අත‍්තනො පජානනනියාමෙන තං මයං බ්‍යාකරිම‍්හ. අනූපලිත‍්තොති සබ‍්බකිලෙසෙහි අලිත‍්තො. සො මං අවෙදීති සො මම ඉදානි ගන‍්තබ‍්බට‍්ඨානඤ‍්ච ගතට‍්ඨානඤ‍්ච “අනාගතෙ ත්‍වං එවංනාමො බුද‍්ධො භවිස‍්සසි එවංගොත‍්තො, එවරූපං තෙ සීලචරණං භවිස‍්සතී”ති එවං නාමඤ‍්ච ගොත‍්තඤ‍්ච චරණඤ‍්ච සබ‍්බං මං අවෙදි ජානාපෙසි, කථෙසීති අත්‍ථො. එවම‍්පහං න වන්‍දීති එවං කථෙන‍්තස‍්සපි තස‍්ස අහං අත‍්තනො මානං නිස‍්සාය පාදෙ න වන්‍දින‍්ති.
එහි යං නො යනු යම් කරුණක් ඔබ අපගෙන් විචාළේද? යථා පජානං යනු තමාගේ දැනුම් පමණින් එය අපි විස්තර කළෙමු. අනූපලිත්තො යනු සියළු කෙලෙස්වලින් නොඇළුනේ. සො මං අවෙදි යනු හෙතෙම මවිසින් දැන් යා යුතු තැනද අනාගතයෙහි ඔබ මෙනම් වූ බුදුවරයෙක් වන්නෙහිය. මෙවැනි ගෝත්‍ර ඇත්තෙහිය. ඔබගේ සිල්හි ස්වභාවය මෙසේ වන්නෙහි යයි මෙසේ නමද ගෝතුයද චරණයද යන සියල්ල මට කීවේය දැන්වීය යනුයි. එවම්පහං නග්ගහෙ යනු මෙසේ උන්වහන්සේ කියනු ලබන කල්හිද මම මගේ මානය නිසා උන්වහන්සේගේ පාදයන් නොවැන්දෙමි.
එවං මහාසත‍්තො අත‍්තනො උපොසථකාරණං කථෙත්‍වා තෙ ඔවදිත්‍වා උය්‍යොජෙත්‍වා පණ‍්ණසාලං පාවිසි, ඉතරෙපි යථාට‍්ඨානානි අගමංසු. මහාසත‍්තො අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි, ඉතරෙ ච තස‍්සොවාදෙ ඨත්‍වා සග‍්ගපරායණා අහෙසුං.
මහබෝසත් තෙමේ මෙසේ තමාගේ පෙහෙවස් රැකීමේ කරුණ නිසා ඔවුන්ට අවවාද දී යවා පන්සලට පිවිසියේය. අන්‍යයෝද සුදුසු තැන්වලට ගියාහුය. මහබෝසත් තෙමේද නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ බ්‍රහ්මලෝකය පිහිටකොට ඇත්තෙක් වීය. අන්‍යයෝද ඔහුගේ අවවාදයෙහි සිට සුගතිය පිහිටකොට ඇත්තෝ වූහ.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං උපාසකා, උපොසථො නාමෙස පොරාණකපණ‍්ඩිතානං වංසො, උපවසිතබ‍්බො උපොසථවාසො”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කපොතො අනුරුද‍්ධො අහොසි, අච‍්ඡො කස‍්සපො, සිඞ‍්ගාලො මොග‍්ගල‍්ලානො, සප‍්පො සාරිපුත‍්තො, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා උපාසකවරුනි, මෙසේ පෙහෙවස් රැකීම නම් පැරණි පණ්ඩිතයන්ගේ පරම්පරාවයි. පෙහෙවස් වැඩීම කළයුතු යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි පරවියා අනුරුද්ධ තෙර වීය. වලසා කස්සප තෙර වීය. සිවලා මුගලන් තෙර වීය. සර්පයා සැරියුත් තෙර වීය. තාපසයා වනාහි මම ම වීමි යයි වදාළ සේක.
පඤ‍්චුපොසථජාතකවණ‍්ණනා සත‍්තමා.