8. මහාමොරජාතකවණ්ණනා 491 අට්ඨකථා
8. මහාමොරජාතකවණ්ණනා (491)
8. මහාමෝර ජාතකය (491)
සචෙ හි ත්යාහං ධනහෙතු ගාහිතොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි භික්ඛුං සත්ථා “සච්චං කිර ත්වං උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු අයං නන්දීරාගො තාදිසං කිං නාම නාලොලෙස්සති, න හි සිනෙරුඋබ්බාහනකවාතො සාමන්තෙ පුරාණපණ්ණස්ස ලජ්ජති, පුබ්බෙ සත්ත වස්සසතානි අන්තොකිලෙසසමුදාචාරං වාරෙත්වා විහරන්තෙ විසුද්ධසත්තෙපෙස ආලොලෙසියෙවා”ති වත්වා අතීතං ආහරි.
සචෙහි ත්යාහං ධන හෙතු ගහිතො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් උකටලී වූ භික්ෂුවක අරභයා දේශනා කළ සේක. ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂුවට (වදාරනුයේ) “කිම, ඔබ උකටලී වූයේ ඇත්තදැ”යි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ, මේ නන්දිරාගය ඔබ වැනි එකෙකු කිම නොකළඹයිද? මහ මෙර උපුටාලන මහා වාතය හාත්පස ඉදීගිය කොළ පිළිබඳව ලජ්ජා වේද? පෙර අවුරුදු සත්සියයක් කෙලෙස් ඇතුලත සඟවා වාසය කළා වූ මේ උතුම් සත්ත්වයාද කැළඹවූයේම යයි අතීත ප්රවෘත්ති ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො පච්චන්තපදෙසෙ මොරසකුණියා කුච්ඡිම්හි පටිසන්ධිං අග්ගහෙසි. ගබ්භෙ පරිපාකගතෙ මාතා ගොචරභූමියං අණ්ඩං පාතෙත්වා පක්කාමි. අණ්ඩඤ්ච නාම මාතු අරොගභාවෙ සති අඤ්ඤස්මිං දීඝජාතිකාදිපරිපන්ථෙ ච අවිජ්ජමානෙ න නස්සති. තස්මා තං අණ්ඩං කණිකාරමකුලං විය සුවණ්ණවණ්ණං හුත්වා පරිණතකාලෙ අත්තනො ධම්මතාය භිජ්ජි, සුවණ්ණවණ්ණො මොරච්ඡාපො නික්ඛමි. තස්ස ද්වෙ අක්ඛීනි ජිඤ්ජුකාඵලසදිසානි, තුණ්ඩං පවාළවණ්ණං, තිස්සො රත්තරාජියො ගීවං පරික්ඛිපිත්වා පිට්ඨිමජ්ඣෙන අගමංසු. සො වයප්පත්තො භණ්ඩසකටමත්තසරීරො අභිරූපො අහොසි. තං සබ්බෙ නීලමොරා සන්නිපතිත්වා රාජානං කත්වා පරිවාරයිංසු.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බෝසත් තෙමේ පිටිසර පෙදෙසෙහි මොණර කිකිළියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ගැබ මුහුකුරා ගියකල්හි මව ගොදුරු බිමෙහි බිත්තරය හෙලා ගියේය. බිත්තරයද මව සුවපත් කල්හි අන් සර්ප ආදීන්ගෙන් උවදුරක් නැති කල්හි නො නැසේ. එහෙයින් ඒ බිත්තරය කිණිහිරි කැකුළක් මෙන් රන්වන් වී මුහුකුරා ගියකල්හි තමාගේ ස්වභාවය නිසා බිඳුනේය. රන්වන් මොණර පැටියෙක් නික්මුණේය. ඌගේ ඇස් දෙක ඔළිද ඇට හා සමානය. තුඩ පබළුවක් වැනිය. රන්වන් රේඛා තුනක් ගෙල වටකර පිටමැදින් ගියාහුය. හෙතෙම වැඩිවියට පැමිණියේ ගැල්සකක් පමණ වූ සිරුර ඇත්තේ මනා වූ දැකුම් ඇත්තේ වීය. සියළු නිල් මොණරු එකතු වී ඌ රජ තනතුරෙහි තබා පිරිවැරූහ.
සො එකදිවසං උදකසොණ්ඩියං පානීයං පිවන්තො අත්තනො රූපසම්පත්තිං දිස්වා චින්තෙසි “අහං සබ්බමොරෙහි අතිරෙකරූපසොභො, සචාහං ඉමෙහි සද්ධිං මනුස්සපථෙ වසිස්සාමි, පරිපන්ථො මෙ උප්පජ්ජිස්සති, හිමවන්තං ගන්ත්වා එකකොව ඵාසුකට්ඨානෙ වසිස්සාමී”ති. සො රත්තිභාගෙ මොරෙසු පටිසල්ලීනෙසු කඤ්චි අජානාපෙත්වා උප්පතිත්වා හිමවන්තං පවිසිත්වා තිස්සො පබ්බතරාජියො අතික්කම්ම චතුත්ථාය පබ්බතරාජියා එකස්මිං අරඤ්ඤෙ පදුමසඤ්ඡන්නො ජාතස්සරො අත්ථි, තස්ස අවිදූරෙ එකං පබ්බතං නිස්සාය ඨිතො මහානිග්රොධරුක්ඛො අත්ථි, තස්ස සාඛාය නිලීයි. තස්ස පන පබ්බතස්ස වෙමජ්ඣෙ මනාපා ගුහා අත්ථි. සො තත්ථ වසිතුකාමො හුත්වා තස්සා පමුඛෙ පබ්බතතලෙ නිලීයි. තං පන ඨානං නෙව හෙට්ඨාභාගෙන අභිරුහිතුං, න උපරිභාගෙන ඔතරිතුං සක්කා, බිළාලදීඝජාතිකමනුස්සභයෙහි විමුත්තං. සො “ඉදං මෙ ඵාසුකට්ඨාන”න්ති තං දිවසං තත්ථෙව වසිත්වා පුනදිවසෙ පබ්බතගුහාතො උට්ඨාය පබ්බතමත්ථකෙ පුරත්ථාභිමුඛො නිසින්නො උදෙන්තං සූරියමණ්ඩලං දිස්වා අත්තනො දිවාරක්ඛාවරණත්ථාය “උදෙතයං චක්ඛුමා එකරාජා”ති පරිත්තං කත්වා ගොචරභූමියං ඔතරිත්වා ගොචරං ගහෙත්වා සායං ආගන්ත්වා පබ්බතමත්ථකෙ පච්ඡාභිමුඛො නිසින්නො අත්ථඞ්ගතං සූරියමණ්ඩලං දිස්වා අත්තනො රත්තිරක්ඛාවරණත්ථාය “අපෙතයං චක්ඛුමා එකරාජා”ති පරිත්තං කත්වා එතෙනුපායෙන වසති.
හෙතෙම එක් දිනයක් ජල පොකුණක පැන් බොන්නේ තමාගේ රූප සම්පත්තිය දැක මෙසේ සිතුවේය. මම සියළු මොනරුන් අතර අතිරේක වූ ශෝභාව ඇත්තෙක් වෙමි. ඉදින් මම මොවුන් සමග මිනිස් පියසෙහි වසන්නෙම් නම් මට උවදුරු උපදින්නේය. හිමවතට ගොස් හුදකලාව පහසුතැනක වසන්නෙමියි හෙතෙම රාත්‍රී කාලයෙහි මොනරුන් සැඟව ගියකල්හි කිසිවෙකුට නොදන්වා හිමවතට පිවිස පර්වතයන් තුනක් ඉක්මවා සිව්වන පර්වත සානුවෙහි එක් වනයෙක පියුමෙන් ගැවසී ගත් මහ විලෙකි. ඒ නුදුරෙහි එක් පර්වතයක් ඇසුරුකොට සිටි මහ නුගරුකෙක ඇත. එහි අත්තක සැගවුනි. ඒ පර්වතය මැද සිත්කළු ගුහාවක් ඇත. ඔහු එහි වසනු කැමැත්තේ වී ඒ ඉදිරියෙහි පර්වත මත්තෙහි සැඟවුනි. එතැනට යටින් නැගීමට නොහැකිය. උඩින් බැසීමට නොහැකිය. කුරුළු බළල් සර්ප මිනිස් යන මොවුන්ගෙන් වන බියෙන් මිදුනේය. හෙතෙම මෙය මගේ පහසු තැනයි. එදවස එහි වාසය කර දෙවන දවස්හි පර්වත ගුහාවෙන් නැගී සිට පර්වතය මත්තෙහි පෙරදිගට අභිමුඛ වී හුන්නේ උදාවන්නා වූ හිරුමඬල දැක තමාගේ දවල් කාලයෙහි රැකවරණය සඳහා “උදෙතයං චක්ඛුමා එකරාජා” යයි ආරක්ෂාව කර ගොදුරු බිමට බැස ගොදුරු ගෙන සවස් කාලයෙහි අවුත් පර්වතය මත පැසුළුදිගට අභිමුඛ වී හුන්නේ අස්තයට යන්නා වූ හිරුමඬල දැක රාත්‍රී රැකවරණය සඳහා “අපෙතයං චක්ඛුමා එකරාජා” යි ආරක්ෂාව කර මේ ක්‍රමයෙන් වාසය කරයි.
අථ නං එකදිවසං එකො ලුද්දපුත්තො අරඤ්ඤෙ විචරන්තො පබ්බතමත්ථකෙ නිසින්නං මොරං දිස්වා අත්තනො නිවෙසනං ආගන්ත්වා මරණාසන්නකාලෙ පුත්තං ආහ – “තාත, චතුත්ථාය පබ්බතරාජියා අරඤ්ඤෙ සුවණ්ණවණ්ණො මොරො අත්ථි, සචෙ රාජා පුච්ඡති, ආචික්ඛෙය්යාසී”ති. අථෙකස්මිං දිවසෙ බාරාණසිරඤ්ඤො ඛෙමා නාම අග්ගමහෙසී පච්චූසකාලෙ සුපිනං පස්සි. එවරූපො සුපිනො අහොසි – “සුවණ්ණවණ්ණො මොරො ධම්මං දෙසෙති, සා සාධුකාරං දත්වා ධම්මං සුණාති, මොරො ධම්මං දෙසෙත්වා උට්ඨාය පක්කාමි”. සා “මොරරාජා ගච්ඡති, ගණ්හථ න”න්ති වදන්තීයෙව පබුජ්ඣි, පබුජ්ඣිත්වා ච පන සුපිනභාවං ඤත්වා “සුපිනොති වුත්තෙ රාජා න ආදරං කරිස්සති, ‘දොහළො මෙ’ති වුත්තෙ කරිස්සතී”ති චින්තෙත්වා දොහළිනී විය හුත්වා නිපජ්ජි. අථ නං රාජා උපසඞ්කමිත්වා පුච්ඡි “භද්දෙ, කිං තෙ අඵාසුක”න්ති. “දොහළො මෙ උප්පන්නො”ති. “කිං ඉච්ඡසි භද්දෙ”ති? “සුවණ්ණවණ්ණස්ස මොරස්ස ධම්මං සොතුං දෙවා”ති. “භද්දෙ, කුතො එවරූපං මොරං ලච්ඡාමී”ති? “දෙව, සචෙ න ලභාමි, ජීවිතං මෙ නත්ථී”ති. “භද්දෙ, මා චින්තයි, සචෙ කත්ථචි අත්ථි, ලභිස්සසී”ති රාජා නං අස්සාසෙත්වා ගන්ත්වා රාජාසනෙ නිසින්නො අමච්චෙ පුච්ඡි “අම්භො, දෙවී සුවණ්ණවණ්ණස්ස මොරස්ස ධම්මං සොතුකාමා, මොරා නාම සුවණ්ණවණ්ණා හොන්තී”ති? “බ්රාහ්මණා ජානිස්සන්ති දෙවා”ති.
[missing tran] ඉක්බිති එක් දිනයක බරණැස් රජුගේ ඛේමා නම් වූ අග මෙහෙසිය අළුයම් කාලයෙහි සිහිනයක් දුටුවාය. (එය) මෙවැනි සිහිනයක් වීය. රන්වන් මොණරෙක් ධර්මය දේශනා කරයි. ඇය සාධුකාර දී ධර්මය අසයි. මොණරා ධර්මය දේශනා කර නැගිට ගියේය. ඇය මොණර රජු යන කල්හි ඌ අල්ලා ගනුවයි කියන්නීම පිබිදුනේය. පිබිදී සිහිනයක් බව දැන සිහිනයකැයි කී කල්හි රජු ආදරය නොකරන්නේය. මට දොළදුකකැයි කී කල්හි කරන්නේ යයි සිතා දොළදුකක් ඇත්තී වී හොත්තීය. ඉක්බිති රජු ඇය වෙත එළඹ “සොඳුර, ඔබට කවර නම් අපහසුවක් දැයි විචාළේය. මට දොළදුකක් උපන්නේ යයි කීවාය. සොඳුර, කුමක් කැමති වන්නෙහිද? ස්වාමීනි, රන්වන් මොණරකු ගේ ධර්මය අසන්නට යයි කීවාය. සොඳුර, එවැනි මොණරෙකු කෙසේනම් ලබම්ද? දේවයන් වහන්ස ඉදින් නොලබම්ද? මගේ දිවි නැතැයි කීවාය. සොඳුර, නොසිතුව. ඉදින් කිසිතැනක ඇත්ද ලබන්නෙහි යයි රජු ඇය අස්වසා ගොස් සිංහාසනයෙහි හුන්නේ අමාත්‍යයන් විචාළේය. එම්බා ඇමතිවරුනි, දේවිය රන්වන් මොණරෙකුගේ ධර්මය අසන්නට කැමැත්තීය. රන්වන් මොණරු වෙත්දැයි (ඇසීය) දේවයන් වහන්ස, බ්‍රාහ්මණයෝ දනිත් යයි කීහ.
රාජා බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා පුච්ඡි. බ්රාහ්මණා එවමාහංසු “මහාරාජ ජලජෙසු මච්ඡකච්ඡපකක්කටකා, ථලජෙසු මිගා හංසා මොරා තිත්තිරා එතෙ තිරච්ඡානගතා ච මනුස්සා ච සුවණ්ණවණ්ණා හොන්තීති අම්හාකං ලක්ඛණමන්තෙසු ආගත”න්ති. රාජා අත්තනො විජිතෙ ලුද්දපුත්තෙ සන්නිපාතෙත්වා “සුවණ්ණවණ්ණො මොරො වො දිට්ඨපුබ්බො”ති පුච්ඡි. සෙසා “න දිට්ඨපුබ්බො”ති ආහංසු. යස්ස පන පිතරා ආචික්ඛිතං, සො ආහ – “මයාපි න දිට්ඨපුබ්බො, පිතා පන මෙ ‘අසුකට්ඨානෙ නාම සුවණ්ණවණ්ණො මොරො අත්ථී’ති කථෙසී”ති. අථ නං රාජා “සම්ම, මය්හඤ්ච දෙවියා ච ජීවිතං දින්නං භවිස්සති, ගන්ත්වා තං බන්ධිත්වා ආනෙහී”ති බහුං ධනං දත්වා උය්යොජෙසි. සො පුත්තදාරස්ස ධනං දත්වා තත්ථ ගන්ත්වා මහාසත්තං දිස්වා පාසෙ ඔඩ්ඩෙත්වා “අජ්ජ බජ්ඣිස්සති, අජ්ජ බජ්ඣිස්සතී”ති අබජ්ඣිත්වාව මතො, දෙවීපි පත්ථනං අලභන්තී මතා. රාජා “තං මොරං නිස්සාය පියභරියා මෙ මතා”ති කුජ්ඣිත්වා කොධවසිකො හුත්වා “හිමවන්තෙ චතුත්ථාය පබ්බතරාජියා සුවණ්ණවණ්ණො මොරො චරති, තස්ස මංසං ඛාදිත්වා අජරා අමරා හොන්තී”ති සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා තං පට්ටං සාරමඤ්ජූසායං ඨපෙත්වා කාලමකාසි.
රජු බමුණන් විචාළේය. බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. මහරජතුමනි, ජලජ සත්ත්වයන් අතර මත්ස්‍යයෝ කැසුබුවෝ කකුළුවෝද ගොඩ උපන් සත්ත්වයන් අතර මුවෝ හංසයෝ මොණරු තිත් වටුවෝ යන මේ තිරිසන්නුද මනුෂ්‍යයෝද රන්වන් වෙත් යයි අපගේ ලක්ෂණ මන්ත්‍රයෙහි පැමිණියේ යි. රජු තමාගේ විජිතයෙහි වැදි පුත්‍රයන් කැඳවා තොප රන්වන් මොණරෙකු දුටුවිරූදැයි විමසීය. සෙස්සෝ නොදුටුවිරූයයි කීහ. යමෙකුට පියා විසින් කියන ලදද? හෙතෙම මෙසේ කීවේය. මවිසින්ද නොදුටු විරූය. මගේ පියා අසවල් තැන රන්වන් මොණරෙකු ඇතැයි කීවේ යයි යනුවෙනි. ඉක්බිති රජු ඔහුට (කියනුයේ) යහළුව, මගේ දේවියට ජීවිතය දුන්නේ වන්නේය. ගොස් ඌ බැඳගෙන එවයි බොහෝ ධනය දී පිටත් කර හැරීය. හෙතෙම අඹුදරුවනට ධනය දී එහි ගොස් මහබෝසතුන් දැක පුඩුවක් අටවා අද බැඳෙන්නේය. අද බැඳෙන්නේ යයි නොබැඳම මළේය. දේවියද ප්‍රාර්ථනා නොලබන්නීම මළාය. රජු ඒ මොණරා නිසා මාගේ ප්‍රිය භාර්යාව මළා යයි කිපී වෛරයෙන් යුක්ත වී හිමාලයෙහි සිව්වන පර්වත සානුවෙහි රන්වන් මොණරෙක් හරසිරෙයි. ඔහුගේ මස් කා අජරාමර වෙත් යයි රන්පතෙක ලියවා උතුම් මඤ්ජුසාවක තබා කළුරිය කළේය.
අථ අඤ්ඤො රාජා අහොසි. සො සුවණ්ණපට්ටෙ අක්ඛරානි දිස්වා “අජරො අමරො භවිස්සාමී”ති තස්ස ගහණත්ථාය එකං ලුද්දපුත්තං පෙසෙසි. සොපි තත්ථෙව මතො. එවං ඡ රාජපරිවට්ටා ගතා, ඡ ලුද්දපුත්තා හිමවන්තෙයෙව මතා. සත්තමෙන පන රඤ්ඤා පෙසිතො සත්තමො ලුද්දො “අජ්ජ අජ්ජෙවා”ති සත්ත සංවච්ඡරානි බජ්ඣිතුං අසක්කොන්තො චින්තෙසි “කිං නු ඛො ඉමස්ස මොරරාජස්ස පාදෙ පාසස්ස අසඤ්චරණකාරණ”න්ති? අථ නං පරිග්ගණ්හන්තො සායංපාතං පරිත්තං කරොන්තං දිස්වා “ඉමස්මිං ඨානෙ අඤ්ඤො මොරො නත්ථි, ඉමිනා බ්රහ්මචාරිනා භවිතබ්බං, බ්රහ්මචරියානුභාවෙන චෙව පරිත්තානුභාවෙන චස්ස පාදො පාසෙ න බජ්ඣතී”ති නයතො පරිග්ගහෙත්වා පච්චන්තජනපදං ගන්ත්වා එකං මොරිං බන්ධිත්වා යථා සා අච්ඡරාය පහටාය වස්සති, පාණිම්හි පහටෙ නච්චති, එවං සික්ඛාපෙත්වා ආදාය ගන්ත්වා බොධිසත්තස්ස පරිත්තකරණතො පුරෙතරමෙව පාසං ඔඩ්ඩෙත්වා අච්ඡරං පහරිත්වා මොරිං වස්සාපෙසි. මොරො තස්සා සද්දං සුණි, තාවදෙවස්ස සත්ත වස්සසතානි සන්නිසින්නකිලෙසො ඵණං කරිත්වා දණ්ඩෙන පහටාසීවිසො විය උට්ඨහි. සො කිලෙසාතුරො හුත්වා පරිත්තං කාතුං අසක්කුණිත්වාව වෙගෙන තස්සා සන්තිකං ගන්ත්වා පාසෙ පාදං පවෙසෙන්තොයෙව ආකාසා ඔතරි. සත්ත වස්සසතානි අසඤ්චරණකපාසො තඞ්ඛණඤ්ඤෙව සඤ්චරිත්වා පාදං බන්ධි.
ඉක්බිති අනෙකෙක් රජ වීය. හෙතෙම පතෙහි අකුරු දැක අජරාමර වන්නෙමියි ඌ අල්ලා ගැනීම පිණිස එක් වැද්දෙකු යැවීය. ඔහුද එහිම මළේය. මෙසේ සවන රජ පරපුර දක්වා ගියේය. වැදි පුතුන් සදෙනෙක්ම හිමාලයෙහිම මළෝය. සත්වන රජු විසින් යවන ලද සත්වන වැද්දා අද අද යැයි අවුරුදු සතක් බැඳ ගැනීමට නොහැකි වන්නේ මේ මොණර රජුගේ පාදයෙහි මලපුඩු නොහැසිරෙන්නේ කවර හෙයින්දැයි සිතුවේය. ඉක්බිති පරීක්ෂා කරනුයේ සවසද උදේද ඌ රැකවරණ කරනු දැක මෙතැන අන් මොණරෙක් නැත. මොහු බ්‍රහ්මචාරී වූවෙකු විය යුතුය. බ්‍රහ්ම චර්යාවෙහි බලයෙන්ද රැකවරණයෙහි බලයෙන්ද මොහුගේ පාදය පුඩුවෙහි නොබැඳේ යයි නියමානුකූලව පරීක්ෂා කර පසල් දනව්වට ගොස් එක් මොණර කිකිළියක බැඳ යම්සේ ඇය අසුරු ගැසූ කල්හි නාද කරයිද, අත්පොළසන් දුන් කල්හි නටයිද මෙසේ හික්මවා ගෙන ගොස් බෝසතුන් රැකවරණය කිරීමට පළමුවම පුඩුව අටවා අසුරු ගසා මොණර කිකිළිය හැඬවීය. මොණරා ඇයගේ ශබ්දය ඇසුවේය. එකෙනෙහි අවුරුදු සත්සියයක් සැඟවී සිටි ඔහුගේ කෙලෙස් රාගය පෙණය කර පහර දෙනලද සර්පයෙකු මෙන් නැගී සිටියේය. හෙතෙම කෙලෙස්වලින් රෝගී වී රැකවරණය කරන්නට නොහැකි වී වේගයෙන් ඇය වෙතට ගොස් පාදයන් පුඩුවට පිවිසවන්නේම අහසින් බැස්සේය. අවුරුදු සත්සියයක් නොහැසිරුන පුඩුව එකෙනෙහිම හැසිර පාදය බැඳුනේය.
අථ නං ලුද්දපුත්තො යට්ඨිඅග්ගෙ ඔලම්බන්තං දිස්වා චින්තෙසි “ඉමං මොරරාජං ඡ ලුද්දපුත්තා බන්ධිතුං නාසක්ඛිංසු, අහම්පි සත්ත වස්සානි නාසක්ඛිං, අජ්ජ පනෙස ඉමං මොරිං නිස්සාය කිලෙසාතුරො හුත්වා පරිත්තං කාතුං අසක්කුණිත්වා ආගම්ම පාසෙ බද්ධො හෙට්ඨාසීසකො ඔලම්බති, එවරූපො මෙ සීලවා කිලමිතො, එවරූපං රඤ්ඤො පණ්ණාකාරත්ථාය නෙතුං අයුත්තං, කිං මෙ රඤ්ඤා දින්නෙන සක්කාරෙන, විස්සජ්ජෙස්සාමි න”න්ති. පුන චින්තෙසි “අයං නාගබලො ථාමසම්පන්නො මයි උපසඞ්කමන්තෙ ‘එස මං මාරෙතුං ආගච්ඡතී’ති මරණභයතජ්ජිතො ඵන්දමානො පාදං වා පක්ඛං වා භින්දෙය්ය, අනුපගන්ත්වා පන පටිච්ඡන්නෙ ඨත්වා ඛුරප්පෙනස්ස පාසං ඡින්දිස්සාමි, තතො සයමෙව යථාරුචියා ගමිස්සතී”ති. සො පටිච්ඡන්නෙ ඨත්වා ධනුං ආරොපෙත්වා ඛුරප්පං සන්නය්හිත්වා ආකඩ්ඪි. මොරොපි “අයං ලුද්දකො මං කිලෙසාතුරං කත්වා බද්ධභාවං ඤත්වා නිරාසඞ්කො ආගච්ඡිස්සති, කහං නු ඛො සො”ති චින්තෙත්වා ඉතො චිතො ච විලොකෙත්වා ධනුං ආරොපෙත්වා ඨිතං දිස්වා “මාරෙත්වා මං ආදාය ගන්තුකාමො භවිස්සතී”ති මඤ්ඤමානො මරණභයතජ්ජිතො හුත්වා ජීවිතං යාචන්තො පඨමං ගාථමාහ –
ඉක්බිති වැදිපුත්‍රයා යෂ්ටිය අග එල්වෙන්නා වූ ඌ දැක මෙසේ සිතුවේය. වැද්දෝ සයදෙනෙක් මේ මොණර රජුව බඳින්නට නොහැකි වූවාහුය. මටද සත් අවුරුද්දක් නොහැකි වීිමි. අද වූකලී මෙතෙමේ මේ මොණර කිකිළිය නිසා කෙලෙස්වලින් රෝගී වූයේ රැකවරණය කරන්නට නොහැකි වී අවුත් පුඩුවෙහි බැඳුනේ හිස යටිකුරුව එල්ලෙයි. මවිසින් මෙබඳු වූ සිල්වතෙක් විඩාවට පත් කළේ අනිකෙකුගේ මෙවන් පඬුරු සඳහා ගෙන යන්නට නුසුදුසුය. රජු විසින් දෙන ලද (පඬුරු) සත්කාරවලින් මට කවර නම් ප්‍රයෝජනයක්ද? ඌ මුදාහරින්නෙමියි සිතා නැවත මෙසේ සිතීය. මෙතෙමේ ඇතෙකු හා සමාන ශක්ති සම්පන්නය. මා සමීපයට යන කල්හි මෙතෙමේ මා මරන්නට එයි යයි මරණ බියෙන් තැතිගෙන වෙව්ලන්නේ පයක් හෝ පියාපතක් හෝ සිඳින්නේය. වෙතට නොඑළඹ ඌට පිළිසන්ව සිට ඊතලයෙන් මොහුගේ පුඩුව සිඳින්නෙමි. අනතුරුව තෙමේම කැමති පරිදි යන්නේය යනුයි. හෙතෙම සැඟවී සිට දුනුදිය නංවා ඊතලය යොදවා ඇද්දේය. මොණරාද මෙතෙම මා කෙලෙස්වලින් ආතුර වූවෙකු කර මා බැඳුන බව දැන උත්සාහ රහිත වූයේ සිටින්නේය. ඔහු කොහිදැයි සිතා ඔබිනොබ බලා දුනුදිය නගා සිටියහු දැක මා මරාගෙන යනු කැමැත්තේ වන්නේ යයි සිතන්නේ මරණ බියෙන් තැතිගත්තේ වී දිවි යදිමින් පළමු ගාථාව කීවේය.
“සචෙ හි ත්යාහං ධනහෙතු ගාහිතො, මා මං වධී ජීවගාහං ගහෙත්වා; රඤ්ඤො ච මං සම්ම උපන්තිකං නෙහි, මඤ්ඤෙ ධනං ලච්ඡසිනප්පරූප”න්ති.
සචෙහි ත්යාහං ධනහෙතු ගහිතො, මා මං වධී ජීවගාහං ගහෙත්වා, රඤ්ඤො ච මං සම්ම උපන්ති නෙහි, මඤ්ඤෙ ධනං ලච්ඡසි නප්පරූපන්ති
1. යහළුව, ඉදින් මා වස්තුව උදෙසා අල්ලා ගන්නා ලද නම් නොමරව. මා ජීවග්රාහයෙන් අල්ලාගෙන රජු සමීපයට ගෙන යව. (එවිට) බොහෝ ධනය ලබන්නෙහි යයි හඟිමි.
තත්ථ සචෙ හි ත්යාහන්ති සචෙ හි තෙ අහං. උපන්තිකං නෙහීති උපසන්තිකං නෙහි. ලච්ඡසිනප්පරූපන්ති ලච්ඡසි අනප්පකරූපං.
එහි සචෙහි ත්යාහං යනු ඉදින් ඔබ විසින් මා. උපන්තිනෙහි යනු සමීපයට ගෙන යව. ලච්ඡසි නප්පරූපං යනු බොහෝ වූ ධනය ලබන්නෙහි.
තං සුත්වා ලුද්දපුත්තො චින්තෙසි – “මොරරාජා, ‘අයං මං විජ්ඣිතුකාමතාය ඛුරප්පං සන්නය්හී’ති මඤ්ඤති, අස්සාසෙස්සාමි න”න්ති. සො අස්සාසෙන්තො දුතියං ගාථමාහ –
ඒ අසා වැදි පුත්‍රයා මෙසේ සිතීය. මේ මොණර රජු මා විදිනු කැමැත්තෙන් ඊතල යෙදීයයි සිතයි. ඔහු අස්වසමියි ඔහුව අස්වසන්නේ දෙවන ගාථාව කීවේය.
“න මෙ අයං තුය්හ වධාය අජ්ජ, සමාහිතො චාපධුරෙ ඛුරප්පො; පාසඤ්ච ත්යාහං අධිපාතයිස්සං, යථාසුඛං ගච්ඡතු මොරරාජා”ති.
2. මොණර රජුනි, මේ ඊය ඔබ මරණු පිණිස දුනුදියෙහි නොයෙදුවෙමි. මම ඔබගේ මලපුඩුව සිඳින්නෙමි. (ඔබ) සුවසේ (කැමති තැනකට) යේවා!
තත්ථ අධිපාතයිස්සන්ති ඡින්දයිස්සං.
එහි අධිපාතයිස්සං යනු සිඳින්නෙමි.
තතො මොරරාජා ද්වෙ ගාථා අභාසි –
අනතුරුව මොණර රජු ගාථා දෙකක් කීවේය.
“යං සත්ත වස්සානි මමානුබන්ධි, රත්තින්දිවං ඛුප්පිපාසං සහන්තො; අථ කිස්ස මං පාසවසූපනීතං, පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා.
3. යම් හෙයකින් අවුරුදු සතක් සා පිපාසා ඉවසමින් රෑ දවල් මා ලුහුබැන්දෙහිද? ඉක්බිති පුඩුවෙහි බැඳුන මා කවර කරුණක් නිසා බැම්මෙන් මුදනු කැමැත්තෙහිද?
“පාණාතිපාතා විරතො නුසජ්ජ, අභයං නු තෙ සබ්බභූතෙසු දින්නං; යං මං තුවං පාසවසූපනීතං, පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා”ති.
4. අද තොප පරපණ නැසීමෙන් වැලකුනේ වෙහිද? සියළු සතුන්ට අභය දානය දුන්නෙහිද? යම්හෙයකින් ඔබ පුඩුවෙහි බැඳුන මා බැම්මෙන් මුදන්නට කැමති වන්නෙහිද?
තත්ථ යන්ති යස්මා මං එත්තකං කාලං ත්වං අනුබන්ධි, තස්මා තං පුච්ඡාමි, අථ කිස්ස මං පාසවසං උපනීතං බන්ධනස්මා පමොචෙතුං ඉච්ඡසීති අත්ථො. විරතො නුසජ්ජාති විරතො නුසි අජ්ජ. සබ්බභූතෙසූති සබ්බසත්තානං.
එහි යං යනු යම් හෙයකින් ඔබ මා මෙතෙක් කල් ලුහුබැන්දේද එහෙයින් ඔබගෙන් විමසමි. අනතුරුව කුමක් නිසා මලුපුඩුවෙහි වසඟයට පැමිණි මා බැම්මෙන් මුදන්නට කැමති වන්නෙහිදැයි අර්ථයි. විරතොනු සජ්ජා යනු අද වැලකුනේ වෙහිද? සබ්බ භූතෙසු යනු සියළු සත්ත්වයන්ට.
ඉතො පරං –
මෙතැන් පටන් වචන පිළිවදන් සම්බන්ධය දතයුතුයි.
“පාණාතිපාතා විරතස්ස බ්රූහි, අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති; පුච්ඡාමි තං මොරරාජෙතමත්ථං, ඉතො චුතො කිං ලභතෙ සුඛං සො.
5. මොණර රජතුමනි, මේ කරුණ ඔබගෙන් විමසමි. යමෙක් සියළු සත්ත්වයන් කෙරෙහි අභය දෙයිද? හෙතෙම මෙලොවින් චුත වූයේ කවර සැපක් ලබයිදැයි පරපණ නැසීමෙන් තොර වූවහුට කියව.
“පාණාතිපාතා විරතස්ස බ්රූමි, අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති; දිට්ඨෙව ධම්මෙ ලභතෙ පසංසං, සග්ගඤ්ච සො යාති සරීරභෙදා.
6. පරපණ නැසීමෙන් තොර වූවහුට කියමි. යමෙක් සියළු සත්ත්වයන් කෙරෙහි අභය දෙයිද? හෙතෙම මෙලොවදී ප්‍රශංසාව ලබයි. මරණින් මතු සුගතියට යයි.
“න සන්ති දෙවා ඉති ආහු එකෙ, ඉධෙව ජීවො විභවං උපෙති; තථා ඵලං සුකතදුක්කටානං, දත්තුපඤ්ඤත්තඤ්ච වදන්ති දානං; තෙසං වචො අරහතං සද්දහානො, තස්මා අහං සකුණෙ බාධයාමී”ති. –
7. ඇතමෙක් දෙවියෝ නැතැයි කියති. ප්‍රාණය මෙලොවදීම නැසේ යයිද. එසේම යහපත් අයහපත් කටයුතුවල විපාක නැතැයිද දානය මෝඩයන්ගේ පැනවීමකැයිද කියති. රහත් වූ ඔවුන්ගේ එම වචනය අදහමි. එහෙයින් මම පක්ෂීන් මරමි.
ඉමා උත්තානසම්බන්ධගාථා පාළිනයෙන වෙදිතබ්බා.
ප්‍රකට වූ සම්බන්ධය ඇති මේ ගාථාවෝ පෙළෙහි අනුපිළිවෙලින්ම දත යුත්තාහ.
තත්ථ ඉති ආහු එකෙති එකච්චෙ සමණබ්රාහ්මණා එවං කථෙන්ති. තෙසං වචො අරහතං සද්දහානොති තස්ස කිර කුලූපකා උච්ඡෙදවාදිනො නග්ගසමණකා. තෙ තං පච්චෙකබොධිඤාණස්ස උපනිස්සයසම්පන්නම්පි සත්තං උච්ඡෙදවාදං ගණ්හාපෙසුං. සො තෙහි සංසග්ගෙන “කුසලාකුසලං නත්ථී”ති ගහෙත්වා සකුණෙ මාරෙති. එවං මහාසාවජ්ජා එසා අසප්පුරිසසෙවනා නාම. තෙයෙව අයං “අරහන්තො”ති මඤ්ඤමානො එවමාහ.
එහි ඉච්චාහු එකෙ යනු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ කියත්. තෙසං වචො අරහතං සද්දහානො යනු කුලයන් වෙත නිතර යන්නා වූ මරණින් මතු ජීවිතයක් නැතැයි කියන්නා වූ ඒ හෙළුවැලි ශ්‍රමණයෝ පසේ බුදු නුවණට වාසනා සහිත වූද ඔහුට උච්ඡේදවාදය ගැන්වූවාහුය. හෙතෙම ඔවුන් හා ඇසුරු කිරීමෙන් පිං පව් නැතැයි ගෙන කුරුල්ලන් මරවයි. මෙසේ මේ අසත්පුරුෂ සේවනය මහා සාවද්‍ය වූවෙකි. මෙතෙම ඔව්හුම රහත්හු යයි හඟිමින් මෙසේ කීවේය.
තං සුත්වා මහාසත්තො “තස්සෙව පරලොකස්ස අත්ථිභාවං කථෙස්සාමී”ති පාසයට්ඨියං අධොසිරො ඔලම්බමානොව ඉමං ගාථමාහ –
ඒ අසා මහබෝසත් තෙමේ ඔහු ලවාම පරලොවක ඇති බව කියවන්නෙමියි උගුල් දණ්ඩෙහි හිස යටිකුරුව එල්බෙන්නේම
“චන්දො ච සුරියො ච උභො සුදස්සනා, ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ; ඉමස්ස ලොකස්ස පරස්ස වා තෙ, කථං නු තෙ ආහු මනුස්සලොකෙ”ති.
8. දැකුම්කළු වූ චන්ද්‍රයාද සූර්යයාද යන දෙදෙනා බබලමින් අහසේ ගමන් කරති. ඔවුහු මෙලොව අයත්ද නැතහොත් පරලොවට අයත්ද? ඔවුහු මිනිස් ලොවහි යයි කෙසේ නම් කියත්ද?
යන ගාථාව කීවේය.
තත්ථ ඉමස්සාති කිං නු තෙ ඉමස්ස ලොකස්ස සන්ති, උදාහු පරලොකස්සාති. භුම්මත්ථෙ වා එතං සාමිවචනං. කථං නු තෙති එතෙසු විමානෙසු චන්දිමසූරියදෙවපුත්තෙ කථං නු කථෙන්ති, කිං අත්ථීති කථෙන්ති, උදාහු නත්ථීති, කිං වා දෙවා, උදාහු මනුස්සාති?
එහි ඉමස්ස යනු කිම ඔවුහු මේ ලොව සතු වූවෝ වෙත්ද? නැතහොත් පරලොවට අයත් වූවහුද? දැයි ස්වාමිවරුන්ගේ වචනය වේද? කථන්නු තෙ යනු ඒ දිව්‍ය විමානයන්හි චන්ද්‍ර සූර්ය දිව්‍ය පුත්‍රයන් පිළිබඳව කෙසේ නම් කියත්ද? කිම ඇතැයි කියත්ද? නැතහොත් නැතැයි කියත්ද? කිම දෙවියෝද නැතහොත් මිනිස්සු යයිද කියත්ද?
ලුද්දපුත්තො ගාථමාහ –
වැදි පුත්‍රයා ගාථාවක් කීවේය.
“චන්දො ච සුරියො ච උභො සුදස්සනා, ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ; පරස්ස ලොකස්ස න තෙ ඉමස්ස, දෙවාති තෙ ආහු මනුස්සලොකෙ”ති.
9. දැකුම්කළු වූ චන්ද්‍රයාද සූර්යයාද යන දෙදෙනා බබලමින් අහසේ ගමන් කරති. ඔවුහු පරලොවට අයත් වෙති. මේ ලොවට අයත් නොවෙති. ඔවුහු මිනිස් ලොව දෙවියෝ යයි කියත්.
අථ නං මහාසත්තො ආහ –
ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුට මෙසේ කීවේය.
“එත්ථෙව තෙ නීහතා හීනවාදා, අහෙතුකා යෙ න වදන්ති කම්මං; තථා ඵලං සුකතදුක්කටානං, දත්තුපඤ්ඤත්තං යෙ ච වදන්ති දාන”න්ති.
10. යමෙක් අහේතුවාදී වේද කර්මවිපාක නැත්තේ යයි කියත්ද, එසේම යහපත් අයහපත් කටයුතුවල විපාකය නැතැයි කියාද යමෙක් දානය මෝඩයන් විසින් පනවන ලද්දක් දැයි කියත්ද ඔවුහු මේ කරුණෙහි ලාම නැසුනෝ වෙති. පහත් වූ වාද ඇත්තෝ වෙති.
තත්ථ එත්ථෙව තෙ නිහතා හීනවාදාති සචෙ චන්දිමසූරියා දෙවලොකෙ ඨිතා, න මනුස්සලොකෙ, සචෙ ච තෙ දෙවා, න මනුස්සා, එත්ථෙව එත්තකෙ බ්යාකරණෙ තෙ තව කුලූපකා හීනවාදා නීහතා හොන්ති. අහෙතුකා “විසුද්ධියා වා සංකිලෙසස්ස වා හෙතුභූතං කම්මං නත්ථී”ති එවංවාදා. දත්තුපඤ්ඤත්තන්ති යෙ ච දානං “බාලකෙහි පඤ්ඤත්ත”න්ති වදන්ති.
එහි එත්ථෙව තෙ නිහතා යනු ඉදින් සඳ හිරු දෙදෙන දෙව්ලොව සිටියෝද මිනිස්ලොව සිටියෝද නොවෙත්ද, ඉදින් මොවුහු දෙවියෝ වෙත්ද, මිනිස්සු නොවෙත්ද මෙහි මේ පැහැදිලි කිරීමෙන්ම ඔබගේ කුලයන් ඇසුරු කරන ඔවුහු පහත් කථා ඇත්තෝ නැසුනෝ වෙති. අහේතුකා යනු පාරිශුද්ධත්වයට හෝ කිළිටි වීමට හේතු වූ ක්‍රියා නැතැයි යන මෙබඳු ප්‍රකාශ ඇත්තෝය. දත්තුපඤ්ඤත්තං යනු යමෙක් දීම මෝඩයන් විසින් පනවන ලද්දකැයි කියත්ද,
සො මහාසත්තෙ කථෙන්තෙ සල්ලක්ඛෙත්වා ගාථාද්වයමාහ –
හෙතෙම මහබෝසතුන් කියත්ම කියත්ම එය සලකා ගාථා දෙකක් කීවේය.
“අද්ධා හි සච්චං වචනං තවෙදං, කථඤ්හි දානං අඵලං භවෙය්ය; තථා ඵලං සුකතදුක්කටානං, දත්තුපඤ්ඤත්තඤ්ච කථං භවෙය්ය.
11. ඔබගේ මේ වචනය ඒකාන්තයෙන්ම සත්‍යයකි. දානය ප්‍රතිඵල රහිත යයි කෙසේනම් කියන්නේද? එසේම හොඳ-නරක කටයුතුවල විපාකයන් මෝඩයන් විසින් පැනවූවක් වන්නේ කෙසේද?
“කථංකරො කින්තිකරො කිමාචරං, කිං සෙවමානො කෙන තපොගුණෙන; අක්ඛාහි මෙ මොරරාජෙතමත්ථං, යථා අහං නො නිරයං පතෙය්‍ය”න්ති.
12. මොණර රජුනි, කුමක් කරන්නේ කෙසේ කරන්නේ කුමක හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කවර තවුස් ගුණයකින් යුක්ත වූයේ යම් සේ මම නිරයට නොවැටෙම්ද? ඒ කරුණ මට කියව.
තත්ථ දත්තුපඤ්ඤත්තඤ්චාති දානඤ්ච දත්තුපඤ්ඤත්තං නාම කථං භවෙය්‍යාති අත්ථො. කථංකරොති කතරකම්මං කරොන්තො. කින්තිකරොති කෙන කාරණෙන කරොන්තො අහං නිරයං න ගච්ඡෙය්යං. ඉතරානි තස්සෙව වෙවචනානි.
එහි දත්තුපඤ්ඤත්තං යනු දානය මෝඩයන් විසින් පනවන ලද්දක් නම් කෙසේ වේද යන අර්ථයි. කථං කරො යනු මම කවර නම් ක්‍රියාවක් කරන්නේ නිරයට නොයම්ද? සෙස්ස ඊටම සමාන අර්ථ ඇති වචනයි.
තං සුත්වා මහාසත්තො “සචාහං ඉමං පඤ්හං න කථෙස්සාමි, මනුස්සලොකො තුච්ඡො විය කතො භවිස්සති, තථෙවස්ස ධම්මිකානං සමණබ්රාහ්මණානං අත්ථිභාවං කථෙස්සාමී”ති චින්තෙත්වා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා මහබෝසත් තෙමේ ඉදින් මම මේ ප්රශ්නය කියන්නෙමිද? මිනිස් ලොව හිස් වූවක් මෙන් කළේ වන්නේය. මොහුට එහිම දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇති බව කියන්නෙමියි සිතා ගාථා දෙකක් කීවේය.
“යෙ කෙචි අත්ථි සමණා පථබ්‍යා, කාසායවත්ථා අනගාරියා තෙ; පාතොව පිණ්ඩාය චරන්ති කාලෙ, විකාලචරියා විරතා හි සන්තො.
13. මෙලොව යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්ද? කසාවත් දරන අනගාරික වූ නොකල්හි හැසිරීමෙන් වැලකුනු ඒ සත්පුරුෂයෝ සුදුසු කාලයෙහි උදෑසනම පිඬු පිණිස හැසිරෙත්.
“තෙ තත්ථ කාලෙනුපසඞ්කමිත්වා, පුච්ඡාහි යං තෙ මනසො පියං සියා; තෙ තෙ පවක්ඛන්ති යථාපජානං, ඉමස්ස ලොකස්ස පරස්ස චත්ථ”න්ති.
14. සුදුසු කාලයෙහි ඔවුන් වෙත එළඹ ඔබගේ සිතට ප්‍රිය වූ යමක් වේද එය විමසව. ඔවුහු මෙලොවද පරලොවද දියුණුව දන්නා පරිදි කියත්.
තත්ථ සන්තොති සන්තපාපා පණ්ඩිතා පච්චෙකබුද්ධා. යථාපජානන්ති තෙ තුය්හං අත්තනො පජානනනියාමෙන වක්ඛන්ති, කඞ්ඛං තෙ ඡින්දිත්වා කථෙස්සන්ති. ඉමස්ස ලොකස්ස පරස්ස චත්ථන්ති ඉමිනා නාම කම්මෙන මනුස්සලොකෙ නිබ්බත්තන්ති, ඉමිනා දෙවලොකෙ, ඉමිනා නිරයාදීසූති එවං ඉමස්ස ච පරස්ස ච ලොකස්ස අත්ථං ආචික්ඛිස්සන්ති, තෙ පුච්ඡාති.
එහි සන්තො යනු සන්සිඳුනා ලද පව් ඇති පණ්ඩිතයෝය. පසේ බුදුවරුය. යථා පජානං යනු ඔවුහු ඔබට තමා දන්නා පරිද්දෙන් කියත්. ඔබගේ සැකය සිඳ කියන්නාහ. පරස්සචත්ථං යනු මෙනම් වූ කර්මයෙන් මිනිස්ලොව උපදිත්. මෙයින් දිව්‍ය ලෝකයෙහි මෙයින් නිරය ආදීන්හි යයි මෙසේ මෙලොව ද පරලොව ද අභිවෘද්ධිය කියත්. ඔවුන් විමසුවවයි මෙසේද කියා නිරය බියෙන් බිය ගැන්වීය.
එවඤ්ච පන වත්වා නිරයභයෙන තජ්ජෙසි. සො පන පූරිතපාරමී පච්චෙකබොධිසත්තො සූරියරස්මිසම්ඵස්සං ඔලොකෙත්වා ඨිතං පරිණතපදුමං විය පරිපාකගතඤාණො විචරති. සො තස්ස ධම්මකථං සුණන්තො ඨිතපදෙනෙව ඨිතො සඞ්ඛාරෙ පරිග්ගණ්හිත්වා තිලක්ඛණං සම්මසන්තො පච්චෙකබොධිඤාණං පටිවිජ්ඣි. තස්ස පටිවෙධො ච මහාසත්තස්ස පාසතො මොක්ඛො ච එකක්ඛණෙයෙව අහොසි. පච්චෙකබුද්ධො සබ්බකිලෙසෙ පදාලෙත්වා භවපරියන්තෙ ඨිතොව උදානං උදානන්තො ගාථමාහ –
පුරන ලද පාරමිතා ඇති ඒ පසේ බෝධිසත්ත්වයෝ හිරු රැස් ස්පර්ශය බලා සිටි පිරිපුන් පියුමක් මෙන් මුහුකුරා ගිය නුවණ ඇත්තෝ හැසිරෙත්. හෙතෙම ඔහුගේ ධර්මකථාව අසන්නේම සිටි පියෙන්ම සිටියේ සංස්කාරයන් පරීක්ෂා කර බලා තිලකුණු විමසා බලනුයේ පසේ බුදු නුවණ අවබෝධ කළේය. ඔහුගේ අවබෝධයත් මහබෝසතුන්ගේ බැම්මෙන් මිදීමත් එක් ඇසිල්ලකම වීය. පසේ බුදුරජු සියළු කෙලෙස් නසා භව කෙළවරෙහි සිටියේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනුයේ,
“තචංව ජිණ්ණං උරගො පුරාණං, පණ්ඩූපලාසං හරිතො දුමොව; එසප්පහීනො මම ලුද්දභාවො, ජහාමහං ලුද්දකභාවමජ්ජා”ති.
15. සර්පයෙක් දිරාගිය පැරණි හැවය හරන්නාක් මෙන්ද, කොළ පැහැති ගසක් පඬුවන් වූ කොළයක් මෙන්ද, මම මගේ රුදුරු බව අත්හරිමි. මගේ මේ රුදුරු බව ප්‍රහීණය.
යන ගාථාව කීවේය.
තස්සත්ථො – යථා ජිණ්ණං පුරාණං තචං උරගො ජහති, යථා ච හරිතො සම්පජ්ජමානනීලපත්තො දුමො කත්ථචි ඨිතං පණ්ඩුපලාසං ජහති, එවං අහම්පි අජ්ජ ලුද්දභාවං දාරුණභාවං ජහිත්වා ඨිතො, සො දානි එස පහීනො මම ලුද්දභාවො, සාධු වත ජහාමහං ලුද්දකභාවමජ්ජාති. ජහාමහන්ති පජහිං අහන්ති අත්ථො.
එහි අර්ථය යම් සේ සර්පයා දිරාපත් වූ පැරණි හැවය අත්හරීද, යම් සේ කොළ පැහැතිව හටගනු ලබන නිලවන් කොළ ඇති ගස යම් යම් තැන සිටි පඬු පැහැති කොළ අත්හරීද මෙසේ මමද අද රුදුරු බව දරුණු බව අත්හැර සිටියේ වෙමි. දැන් ඒ මම මගේ රුදුරු බව ප්‍රහීණය කළෙමි. අද මම මගේ ලොල් බව අත්හරිම්ද ඒකාන්තයෙන් යහපති.
සො ඉමං උදානං උදානෙත්වා “අහං තාව සබ්බකිලෙසබන්ධනෙහි මුත්තො, නිවෙසනෙ පන මෙ බන්ධිත්වා ඨපිතා බහූ සකුණා අත්ථි, තෙ කථං මොචෙස්සාමී”ති චින්තෙත්වා මහාසත්තං පුච්ඡි – “මොරරාජ, නිවෙසනෙ මෙ බහූ සකුණා බද්ධා අත්ථි, තෙ කථං මොචෙස්සාමී”ති? පච්චෙකබුද්ධතොපි සබ්බඤ්ඤුබොධිසත්තානඤ්ඤෙව උපායපරිග්ගහඤාණං මහන්තතරං හොති, තෙන නං ආහ “යං වො මග්ගෙන කිලෙසෙ ඛණ්ඩෙත්වා පච්චෙකබොධිඤාණං පටිවිද්ධං, තං ආරබ්භ සච්චකිරියං කරොථ, සකලජම්බුදීපෙ බන්ධනගතො සත්තො නාම න භවිස්සතී”ති. සො බොධිසත්තෙන දින්නනයද්වාරෙ ඨත්වා සච්චකිරියං කරොන්තො ගාථමාහ –
හෙතෙම මෙම ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කර මම වූ කලී සියළු කෙලෙස් බැමිවලින් මිදුනේ වෙමි. මගේ නිවෙස්නෙහිද මවිසින් බැඳ තබන ලද බොහෝ කුරුල්ලෝ ඇත්තාහ. ඔවුන් කෙසේ මුදන්නෙමිදැයි සිතා මහබෝසතුන්ගෙන් විචාළේය. මොණර රජතුමනි, මගේ නිවසෙහි බොහෝ කුරුල්ලෝ බඳින ලද්දෝ වෙති. ඔවුන් කෙසේ නම් මුදන්නෙමිද? සර්වඥ බෝධසත්ත්වයන්ගේ උපාය විමසීමේ නුවණ පසේ බුදුවරුන්ට වඩා මහත් වූවක් වේ. එහෙයින් ඔහුට කීවේය. තොප විසින් යම් මගකින් කෙලෙස් සිඳ පසේබුදු නුවණ අවබෝධ කරගන්නා ලදද එය අරභයා “සියළු දඹදිව බන්ධනයට පත් වූ සත්ත්වයෝ නම් නොවන්නාහ”යයි සත්‍යක්‍රියා කරව. ඔහු බෝසතුන් විසින් දෙන ලද න්‍යායයෙහි සිට සත්‍යක්‍රියා කරන්නේ,
“යෙ චාපි මෙ සකුණා අත්ථි බද්ධා, සතානිනෙකානි නිවෙසනස්මිං; තෙසම්පහං ජීවිතමජ්ජ දම්මි, මොක්ඛඤ්ච තෙ පත්තා සකං නිකෙත”න්ති.
16. මවිසින් බඳනා ලද යම් සිය ගණනක් පක්ෂීන් නිවෙස්නහි ඇත්ද මම ඔවුන්ටද අද අභය දෙමි. ඔවුහු මිදීමට පත් වූවාහු තමා වසන තැන්වලට යෙත්වා යන ගාථාව කීවේය.
තත්ථ මොක්ඛඤ්ච තෙ පත්තාති ස්වාහං මොක්ඛං පත්තො පච්චෙකබොධිඤාණං පටිවිජ්ඣිත්වා ඨිතො, තෙ සත්තෙ ජීවිතදානෙන අනුකම්පාමි, එතෙන සච්චෙන. සකං නිකෙතන්ති සබ්බෙපි තෙ සත්තා අත්තනො අත්තනො වසනට්ඨානං ගච්ඡන්තූති වදති.
එහි මොක්ඛඤ්ච තෙ පත්තො යනු ඒ මම මෝක්ෂයට පත් වූයේ වෙමි. පසේ බුදු නුවණ අවබෝධ කර සිටියේ වෙමි. ඒ සත්ත්වයන්ට ජීවිත දානයෙන් අනුකම්පා කරමි. මේ සත්‍යයෙන් සකං නිකෙතං සියල්ලෝම ඒ සත්ත්වයෝ තමාගේ වසන තැනට යත්වායි කියයි.
අථස්ස සච්චකිරියාසමකාලමෙව සබ්බෙ බන්ධනා මුච්චිත්වා තුට්ඨිරවං රවන්තා සකට්ඨානමෙව අගමිංසු. තස්මිං ඛණෙ තෙසං තෙසං ගෙහෙසු බිළාලෙ ආදිං කත්වා සකලජම්බුදීපෙ බන්ධනගතො සත්තො නාම නාහොසි. පච්චෙකබුද්ධො හත්ථං උක්ඛිපිත්වා සීසං පරාමසි. තාවදෙව ගිහිලිඞ්ගං අන්තරධායි, පබ්බජිතලිඞ්ගං පාතුරහොසි. සො සට්ඨිවස්සිකත්ථෙරො විය ආකප්පසම්පන්නො අට්ඨපරික්ඛාරධරො හුත්වා “ත්වමෙව මම පතිට්ඨා අහොසී”ති මොරරාජස්ස අඤ්ජලිං පග්ගය්හ පදක්ඛිණං කත්වා ආකාසෙ උප්පතිත්වා නන්දමූලකපබ්භාරං අගමාසි. මොරරාජාපි යට්ඨිඅග්ගතො උප්පතිත්වා ගොචරං ගහෙත්වා අත්තනො වසනට්ඨානං ගතො. ඉදානි ලුද්දස්ස සත්ත වස්සානි පාසහත්ථස්ස චරිත්වාපි මොරරාජානං නිස්සාය දුක්ඛා මුත්තභාවං පකාසෙන්තො සත්ථා ඔසානගාථමාහ –
ඉක්බිති ඔහුගේ සත්‍යක්‍රියා කාලයෙහිම සියල්ලන් බැම්මෙන් මිදී සතුටු නාදයෙන් නාද කරන්නාහු සිය තැන්වලටම ගියාහුය. එකෙනෙහි ඔවුන්ගේ ගෙවල්වල බළලුන් ආදීකොට සියළු දඹදිව බන්ධනගත සත්ත්වයෙක් නම් නොවීය. පසේ බුදුරජ අත ඔසවා හිස ස්පර්ශ කළේය. එකල්හි ගිහි ස්වරූපය අතුරුදහන් වූයේය. පැවිදි ස්වරූපය පහළ වීය. හෙතෙම සැටවයස් තෙර කෙනෙක් මෙන් ආකල්පයෙන් යුක්ත වූයේ අටපිරිකර දරන්නෙක් වී ඔබ මට මහත් වූ පිහිටක් වූයේ යයි (මොණර රජුට බැඳදිළිව) ප්රදක්ෂිණා කර අහසෙහි පැන නැගී නන්දමූලක පර්වතයට ගියේය. මොණර රජුද යෂ්ටිය අගින් නැගී සිට ගොදුරු ගෙන තමා වසන තැනටම ගියේය. දැන් අවුරුදු හතක් පුඩු අතැතිව හැසිරද වැද්දාට මොණර රජු නිසා දුකින් මිදුන බව ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ අවසාන ගාථාව වදාළ සේක.
“ලුද්දො චරී පාසහත්ථො අරඤ්ඤෙ, බාධෙතු මොරාධිපතිං යසස්සිං; බන්ධිත්වා මොරාධිපතිං යසස්සිං, දුක්ඛා ස පමුච්චි යථාහං පමුත්තො”ති.
17. යසස් ඇති මොණර රජු බැඳගන්නට පුඩුව අතැති වැද්දා වනයෙහි හැසිරුනේය. යසස් ඇති මොණර රජු බැඳි යම් සේ දුකින් මිදුනේද එසේ මම ද දුකින් මිදුනෙමි.
තත්ථ බාධෙතූති මාරෙතුං, අයමෙව වා පාඨො. බන්ධිත්වාති බන්ධිත්වා ඨිතස්ස ධම්මකථං සුත්වා පටිලද්ධසංවෙගො හුත්වාති අත්ථො. යථාහන්ති යථා අහං සයම්භුඤාණෙන මුත්තො, එවමෙව සොපි මුත්තොති.
එහි බාධෙතුං යනු හැරගන්නට මේම වූ පෙළ වේ. බන්ධිත්වා යනු බැඳී සිටියහුගේ ධර්මකථාව අසා ලබන ලද සංවේග ඇත්තේ වී යන අර්ථයි. යථාහං යනු යම්සේ මම තෙමේම අවබෝධ කරගත් නුවණින් මිදුනේ වෙම්ද එසේම ඔහුද මිදුනේමය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු අරහත්තං පාපුණි. තදා මොරරාජා අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්ෂුව රහත් බවට පැමිණියේය. එදා මොණර රජු මම ම වීමි යයි වදාළ සේක.
මහාමොරජාතකවණ්ණනා අට්ඨමා.