8. මහාමොරජාතකං
2075. සචෙ හි ත්යාහං ධනහෙතු ගහිතො මා මං වධි ජීවගාහං ගහෙත්වා, රඤ්ඤො ච මං සම්ම උපෙන්ති නෙහි මඤ්ඤෙ ධනං ලච්ඡසි නප්පරූපං.
2075. මිතුර, මා වස්තුව ලබාගනු සඳහා අල්ලා ගත්තේ නම්, මා නො මරා ජීවග්රාහයෙන් රජු සමීපයට ගෙන යව. එ කලැ බොහෝ වස්තුව ලබන්නෙහිය යි හඟිමි.
2076. න මෙ අයං තුම්හෙ වධාය අජ්ජ සමාහිතො චාපවරො ඛුරප්පො, පාසඤ්ච ත්යාහං අධිපාතයිස්සං. යථා සුඛං ගච්ඡතු මොරරාජා.
2076. මොනර රජුනි, මේ ඊය ඔබ නසන්නට දුන්නෙහි තැබුයෙම් නො වෙමි. ඔබ අසු වැ සිටින මලපුඬුව සිඳින්නට තැබුවේ වෙමි. මොනර රජ සුවසේ යේවා.
2077. යං සත්ත වස්සානි මමානුබන්ධි රත්තින්දිවං ඛුප්පිපාසං සහන්තො, අථ කිස්ස මං පාසවසූපනීතං පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා.
2077. සත් වසක් මුළුල්ලේ දිවාරෑහි සා පවස් ඉවසමින් යම් හේතුවක් නිසා මා ලුහුබැන්දෙහි. පුඩුවේ බැඳුණ මා ඉන් මුදන් නට කුමට කැමැති වෙහි ද?
2078. පාණාතිපාතා විරතොනුසජ්ජ අභයං නු තෙ සබ්බබභූතෙසු දින්නං, යං මං තුවං පාසවසූපනීතං, පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා.
2078. තෙපි ප්‍රාණඝාතයෙන් වැළකුණවු ද? සව්සත්නට අභය දෙන ලද්දවු ද? පුඩුවට අසු වී සිටින මා බැම්මෙන් මුදන්නට කැමැති වන්නවු ද?
2079. පාණාතිපාතා විරතස්ස බ්රූහි අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති, පුච්ඡාමි තං මොරරාජෙතමත්ථං ඉතො චුතො කිං ලභතෙ සුඛං සො.
2079. මොනර රජුනි, යමෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ ද, සියලු සතුන්හට අභය දානය දේ ද, හේ මෙ ලොවින් ච්‍යුත වූ පසු කෙ බඳු සැපතක් ලබා ද? මේ කරුණ විචාරමි.
2080. පාණාතිපාතා විරතස්ස බ්රූමි අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති, දිට්ඨෙව ධම්මෙ ලභතෙ පසංසං සග්ගඤ්ච සො යාති සරීරභෙදා.
2080. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේ ද සව්සත්නට අභය දානය කෙරේ ද හෙතෙම මේ ජීවිතයේදී ම පැසසුම් ලබයි. මරණින් මත්තේ දෙව්ලොවට යයි.
2081. න සන්ති දෙවා ඉච්චාහු එකෙ ඉධෙව ජීවො විභවං උපෙති, තථා ඵලං සුකතදුක්කතානං දත්තුපඤ්ඤත්තඤ්ච වදන්ති දානං. තෙසං වචො අරහතං සද්දහානො තස්මා අහං සකුණෙ බාධයාමි.
2081. ඇතැම් කෙනෙක් දෙවියෝ නැතැ යි කියති. ප්‍රාණය මෙ ලොව ම නැසේය යි ද පින් පව්හි විපාක නැතැ යි ද දානය මෝඩයන් පනවා ගත්තකැ යි ද කියති. රහතුන්ගේ ඒ කීම අදහන මම පක්ෂීන් මරමි.
2082. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ, ඉමස්ස ලොකස්ස පරස්ස වා තෙ කථන්නු තෙ ආහු මනුස්සලොකෙ.
2082 දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු මෙ ලොවට අයිති වෙත් ද නැතහොත් පරලොවට අයිති ද? ඒ විමන්හි දිව්‍ය පුත්‍රයෝ කෙසේ වෙත්දැයි මිනිස්ලොවැ කියත් ද?
2083. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ, පරස්ස ලොකස්ස න තෙ ඉමස්ස දෙවාති තෙ ආහු මනුස්සලොකෙ.
2083. දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු පරලොවට අයත් වෙති. මෙ ලොවට අයත් නො වෙති. මිනිස්ලොවැ ඔව්හු දෙවියෝ යයි කියති.
2084. එත්ථෙව තෙ නිහතා හීනවාදා අහෙතුකා යෙ න වදන්ති කම්මං, තථා ඵලං සුකතදුක්කතානං දත්තූ පඤ්ඤත්තං යෙ ච වදන්ති දානං.
2084. යම් කෙනෙක් අහේතුකවාදී වෙත් ද පුණ්‍ය පාප කර්මයන්ගේ විපාකය හෙවත් පිරිසුදු අපිරිසුදු බවට හේතු වන කර්ම නැතැ යි කියත් ද, දන් දීම මෝඩයන් විසින් පැනැවූවකැ යි කියත් ද ඒ මහණ බමුණෝ මේ කරුණෙහි නැසුණෝ වෙත්.
2085. අද්ධා හි සච්චං වචනං තවෙතං කථං හි දානං අඵලං වදෙය්ය, තථා ඵලං සුකතදුක්කතානං දත්තූපඤ්ඤත්තඤ්ච කථං භවෙය්යා
2085. තොපගේ මේ කීම ඒකාන්තයෙන් සත්‍යයෙකි. දානය විපාක නැතැ යි කියන්නේ කෙසේ ද? එසේ සුකෘත දුෂ්කෘතයන්ගේ පල විපාක මෝඩයන් පැනැවූවක් වන්නේ කෙසේ ද?
2086. කථං කරො කින්නිකරො කිමාචරං කිං සෙවමානො කෙන තපොගුණෙන, අක්ඛාහි මෙ මොරරාජෙතමත්ථං යථා අහං නො නිරයං පතෙය්යං.
2086. මොනර රජුනි, කුමක් කරන්නේ කෙසේ කරන්නේ කුමක හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කෙබඳු තවුස් ගුණයක් නිසා නිරයේ නො වැටෙම් ද එයට උපදෙස් කියව.
2087. යෙ කෙචි අත්ථි සමණා පථව්‍යා කාසාවවත්ථා අනගාරියා තෙ, පාතොව පිණ්ඩාය චරන්ති කාලෙ විකාලචරියා විරතා හි සන්තො.
2087. මෙ ලොවැ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් ද කසාවත දරන අනගාරික වූ නො කල්හි හැසිරීමෙන් වැළැකී ඒ සත්පුරුෂයෝ (පසේ බුදුවරු) උදාසන්හි සුදුසු කාලයෙහි පිඬුසිඟා වඩිති.
2088. තෙ තත්ථ කාලෙනුපසඞ්කමිත්වා පුච්ඡෙසි යන්තෙ මනසො පියං සියා, තෙ තෙ පවක්ඛන්ති යථා පජානං ඉමස්ස ලොකස්ස පරස්ස චත්ථුං.
2088. සුදුසු කලැ උන්වහන්සේ වෙතැ එළඹැ තොප කැමැති යමක් වේ නම් එය අසව. උන් වහන්සේ මෙලොව පරලොව දියුණුව දන්නා ආකාරයෙන් ප්‍රකාශ කරත්.
2089. තචංව ජිණ්ණං උරගො පුරාණං පණ්ඩූපලාසං හරිතො දුමොව, ඵසප්පහීනො මම ලුද්දභාවො පජහාමහං ලුද්දකභාවමජ්ජ.
2089. සර්පයකු දිරාපත් වූ පැරැණි හැවය හරනා සේ, රුක තැනින් තැන ඇති පඬුවන් පැහැති පත් ඉවත් කරන්නා සේ මම ද අද මගේ රුදුරු ගතිය හරිමි. මේ මගේ රුදුරු ගතිය ප්‍රහීණ ය.
2090. යෙ චාපි මෙ සකුණා අත්ථි බද්ධා සතානි නෙකානි නිවෙසනස්මිං, තෙසංපහං ජීවිතං අජ්ජ දම්මී මොක්ඛඤ්ච තෙ පත්තො සකං නිකෙතං.
2090. මා විසින් බඳින ලද සිය ගණන් පක්ෂීන් නිවෙසේ ඇද්ද ඔවුනටත් මම අද ජීවිත දානය දෙමි. මම නිවනට පැමිණියෙමි. ඒ සත්‍ය බලයෙන් සියලු සත්ත්වයෝ තමන් වසන තැන්වලට යෙත්වා.
2091. ලුද්දො චරී පාසහත්ථො අරඤ්ඤෙ බාධෙතුං මොරාධිපතිං යසස්සිං බන්ධිත්ව මොරාධිපතිං යසස්සිං දුක්ඛා පමුච්චි යථාහං පමුත්තොති.
2091. යසස් ඇති මොනර රජ බැඳ ගන්නට, පුඩු අතැ’ති වැද්දෙක් වනයෙහි හැසුරුණේ ය. යසස් ඇති මොනර රජ බැඳ යම්සේ දුකින් මිදුණේ ද, එසේ මම ද දුකින් මිදුණෙමි.