9. තච්ඡසූකරජාතකං
2092. යදෙසමානා විචරිම්හ පබ්බතානි වනානි ච, අන්වෙසං විචරිං ඤාතී තෙමෙ අධිගතා මයා
2092. යම් ඥාති සමූහයක් සොයමින් අපි පර්වතයන්හි ද වනාන්තරයන්හි ද හැසුරුණෙමු ද (යම්) කෙනකු ඥාතීන් සොයමින් හැසුරුණෙම්ද? මා විසින් ඔවුහු ලබන ලදහ.
2093. බහුං ඉදං මූලඵලං භක්ඛො චායං අනප්පකො, රම්මා චිමා ගිරි නදියො ඵාසු වාසො භවිස්සති.
2093. මේ අල වර්ග ද ගෙඩි වර්ග ද බොහෝ ය. කෑ යුතු දෙය ද බොහෝ ය. මේ පර්වත නදීහු මනරම් වෙති. වාසයට පහසු තැනක් වන්නේ ය.
2094. ඉධෙවාහං වසිස්සාමි සහ සබ්බෙහි ඤාතිභි, අප්පොස්සුක්කො නිරාසඞ්කි අසොකො අකුතොභයො.
2094. වෑයම් රහිත වැ නිසැක වැ ශෝක රහිත වැ බියක් නැති වැ සියලු ඥාතීන් සමග මම මෙහි ම වසන්නෙමි.
2095. අඤ්ඤං හි ලෙනං පරියෙස සත්තු නො ඉධ විජ්ජති, සො තච්ඡ සූකරෙ හන්ති ඉධාගන්ත්වා වරං වරං
2095. තච්ඡ සූකරය, වෙන ලෙනක් සොයව. මෙහි අපට සතුරෙක් සිටී. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
2096. කොනම්හාකං ඉධ සත්තු කො ඤාතී සුසමාගතෙ, අප්පධංසෙ පධංසෙති තම්මෙ අක්ඛාථ පුච්ඡිතා.
2096. මෙහි අපගේ සතුරා කවරෙක් ද? නැසිය නොහැකි ලෙස එක්වූ ඥාතීන් කවරෙක් නසා ද ? විචාරන ලද මට එය කියව.
2097. උද්ධග්ගරාජී මිගරාජා බලී දාඨාවුධො මිගො, සො තච්ඡ සූකරෙ හන්ති ඉධාගන්ත්වා වරං වරං.
2097. තච්ඡය, උඩට ගිය ඉරි සහිත මෘගරාජයකු වූ බල ඇත්තා වූ දළ මැ අවි කොට ගත් ව්‍යාඝ්‍රයෙක් වේ. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
2098. න නො දාඨා න විජ්ජන්ති බලං කායෙ සමූහතං, සබ්බෙ සමග්ගා හුත්වාන වසං කාහාම එකකං.
2098. අපි දළ නැත්තෝ නො වෙමු. බලය සිරුරේ ඇත. හැම දෙන එකතු වැ තනි වූ ඔහු යටත් කරමු.
2099. හදයඞ්ගමං කණ්ණසුඛං වාචං භාසසි තච්ඡක, යොපි යුද්ධෙ පලායෙථ තම්පි පච්ඡා හනාමසෙ.
2099. තච්ඡකය, හිතට වදින කනට මිහිරි වචනයක් කියති. සටනෙහි අපෙන් යමෙක් පලා ගියොත් පසුව ඔහුත් නසන්නෙමු.
2100. පාණාතිපාතා විරතො නු අජ්ජ අභයං නු තෙ සබ්බභූතෙසු දින්නං, දාඨා නු තෙ මිග විරියං න සන්ති යො සඞ්ඝපත්තො කපණොව ඣායසි.
2100. අද ප්‍රාණඝාතයෙන් වැළකුණෙහි ද? සව්සත්නට අභය දෙන ලද ද? නුඹේ දළ නැද්ද? මෘග බල නැද්ද? සූකර සමූහයා මැදට පැමිණ කුමක් සිතන්නේ ද?
2101. න මෙ දාඨා න විජ්ජන්ති බලං කායෙ සමූහතං, ඤාතී ච දිස්වාන සමඞ්ගිඑකතො තස්මා ඣායාමි වනම්හි එකතො
2101. මගේ දළ නැත්තේ නො වෙයි. සිරුරේ ශක්තිය ඇත. සමගි සම්පන්නව එක් වූ නෑයන් දුටු හෙයින් තනි ව වනයෙහි කල්පනා කරමි.
2102. ඉමස්සුදං යන්ති දිසොදිසං පුරෙ භයද්දිතා ලෙනගවෙසිනො පුථු, තෙදානි සඞ්ගම්ම වසන්ති එකකො යත්ථට්ඨිතා දුප්පසහජ්ජ තෙ මයා.
2102. පෙ රැ මොහු බියපත් වැ වෙන් වෙන් වැ ලෙන් සොයා දිසාවෙන් දිසාවට යති. දැන් ඔහු එක්තැන් ව වෙසෙති. මා විසින් අද ඔවුන් මැඩැලන්නට හැකි නො වේ.
2103. පරිණායකසම්පන්නා සහිතා එකවාදිනො තෙ මං සමග්ගා හිංසෙය්යුං තස්මා තෙසං න පත්ථයෙ.
2103. නායකයකු ඇති ව එක්සත් වූ සමගි කතා ඇති ඒ සියල්ලෝ මට හිංසා කරන්නාහ. එහෙයින් අද මම ඔවුන් නො පතමි.
2104. එකොව ඉන්දො අසුරෙ ජිනාති එකොව සෙනො හන්ති දිජෙ පසය්හ, එකොව ව්යග්ඝො මිගසඞ්ඝපත්තො වරං වරං හන්ති බලං හි තාදිසං.
2104. හුදෙකලා ව ශක්‍රයා අසුරයන් දින යි. හුදෙකලාව උකුස්සා පක්ෂීන් නස යි. හුදෙකලා ව ව්‍යාඝ්‍රයා මෘග සමූහයා වෙත පැමිණ වැඩුණු මසැති හොඳ හොඳ ඌරා මර යි. බලය නම් එබඳු ය.
2105. නහෙව ඉන්දො න සෙනො නපි ව්යග්ඝො මිගාධිපො, සමග්ගෙ සහිතෙ ඤාතී ව්යගෙඝ ච කුරුතෙ වසෙ.
2105. සමගි වූ නෑයන් ඇති ව ව්‍යාඝ්‍රයන් බඳු වූවන් ශක්‍රයා ද වසඟ නො කරන්නේ ය. උකුස්සා ද වසඟ නො කරන්නේ ය. මෘගාධිපති ව්‍යාඝ්‍රයා ද වසඟයෙහි පවත්වා ගන්නට නො හැක්කේ ය.
2106. කුම්භීලකා සකුණිකා සඞ්ඝිනො ගණචාරිනො, සම්මොදමානා එකජ්ඣං උප්පතන්නි ඩයන්ති ච
2106. පිරිවරා ගත් සමූහය සමග හැසිරෙන කුම්භීලක පක්ෂීහු ප්‍රීත වෙමින් එක් වැ ගොදුරු සොයමින් අහසින් යති.
2107. තෙසඤ ඩයමනානං එකෙත්ථ අපවත්තති, තඤ්ච සෙනො නිතාළෙති වෙය්යග්ඝියෙව සා ගති.
2107. අහසින් යන ඔවුන්ගෙන් (යම්) කුරුල්ලෙක් ඉවත්ව යේ ද උකුස්සා ඌ පැහැර ගනී. ව්‍යාඝ්‍රයන්ගේ ස්වභාවයත් මෙය යි.
2108. උස්සාහිතො ජටිලෙන ලුද්දෙනාමිසචක්ඛුනා, දාඨි දාඨිසු පක්ඛන්දි මඤ්ඤමානො යථාපුරෙ.
2108. ආමිෂ ලෝලයකු වූ රෞද්‍ර ඇස් ඇති ජටිලයා විසින් උනන්දු කරන ලද දළ සහිත ව්‍යාඝ්‍රයා පෙර සේ සිතමින් දළ ඇති ඌරන් වෙත පැන්නේ ය.
2109. සාධු සම්බහුලා ඤාති අපි රුක්ඛා අරඤ්ඤජා, සූකරෙහි සමග්ගෙහි ව්යග්ඝො එකායනෙ හතො.
2109. නෑයන් බොහෝ වීම යහපත් වේ. වනයෙහි රුක් බොහෝ වීම යහපත් වේ. සමගි වූ ඌරන් විසින් එක් වරකින් ම ව්‍යාඝ්‍රයා නසනු ලැබී ය.
2110. බ්රාහ්මණඤ්චෙව ව්යග්ඝඤ්ච උභො හන්ත්වාන සූකරා, ආනන්දිනො පමුදිතා මහානාදඤ්ච නාදිසුං.
2110. බ්‍රාහ්මණයා ද ව්‍යාඝ්‍රයා ද යන දෙදෙන නසා ඌරෝ සතුටු වැ ඉතා සතුටු වැ මහානාද පැවැත්වූහ.
2111. තෙසු උදුම්බරමූලස්මිං සූකරා සුසමාගතා, තච්ඡකං අභිසිඤ්චිංසු ත්වං නො රාජාසි ඉස්සරොති.
2111. දිඹුල්ගස මුලැ ඌරෝ රැස් වැ තෙපි අපගේ අධිපති රජ වව යි තච්ජක ඌරා අභිෂේක කළහ.