10. මහාවාණිජජාතකං
2112. වාණිජා සමිතිං කත්‍වා නානාරට‍්ඨතො ආගතා, ධනාහාරා පක‍්කමිංසු එකං කත්‍වාන ගාමණිං.
2112. නොයෙක් රටවලින් පැමිණි වෙළෙන්දෝ රැස් වැ එකකු ප්‍රධානයා ලෙස පත් කොට ධනය ගෙන වෙළඳාමට ගියහ.
2113. තෙ තං කන‍්තාරමාගම‍්ම අප‍්පභක‍්ඛං අනොදකං, මහානිග්‍රොධමද‍්දක‍්ඛුං සීතච‍්ඡායං මනොරමං.
2113. ඒ වෙළෙන්දෝ ආහාරයත් ජලයත් නැති කාන්තාරයකට අවුත් මනරම් සිහිල් සෙවණ සහිත මහනුගරුකක් දුටහ.
2114. තෙ ච තත්‍ථ නිසීදිත්‍වා තස‍්ස රුක‍්ඛස‍්ස ඡාදියා, වාණිජා සමචින‍්තෙසු බාලා මොහෙන පාරුතා.
2114. අවිද්‍යාවෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ නුගරුක් සෙවණෙහි හිඳ මෙසේ සිතූහ.
2115. අද‍්දායතෙ අයං රුක‍්ඛො අපි වාරි ච සන්‍දති, ඉඞ‍්ඝස‍්ස පුරිමං සාඛං මයං ඡින්‍දාම වාණිජා.
2115. වෙළෙඳුනි, මේ ගස තෙත් සහිත සේ ය. ජලය ද වැගිරේ. එහෙයින් ගසේ පළමුවන අත්ත අපි කපමු යි.
2116. සා ච ඡින‍්නාව පග‍්ඝරි අච‍්ඡං වාරිං අනාවිලං, තෙ තත්‍ථ නහාත්‍වා ච පිවිත්‍වා ච යාවතිච‍්ඡිංසු වාණිජා.
2116. ඒ අත්ත කැපීමත් සමග පවිත්‍ර වූ බොර නො වූ ජලය වැගිරුණේ ය. ඒ වෙළෙන්දෝ කැමැති තාක් ජලය නහා බි සතුටු වූහ.
2117. දුතියං සමචින‍්තෙසු බාලා මොහෙන පාරුතා, ඉඞ‍්ඝස‍්ස දක‍්ඛිණං සාඛං මයං ඡින්‍දාම වාණිජා.
2117. මෝහයෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ දෙවන වර මෙසේ සිතූහ. අපි ගසේ දකුණු අත්ත කපමුයි.
2118. සා ච ඡින‍්නාව පග‍්ඝරි සාලිමංසොදනං බහුං, අප‍්පොදවණ‍්ණෙ කුම‍්මාසෙ සිඞ‍්ගිං බිදල සූපියො.
2118. ඒ අත්ත කැපීමත් සමග මස් සහිත ඇල්හාලේ බත් ද දිය නුමුසු කිරිබත් වැනි කොමුපිඬු ද අවුළුපත් ද මුං ආදි සූප ද වැගිරුණේ ය.
2119. තෙ තත්‍ථ භුත්‍වා ඛාදිත්‍වා යාවතිච‍්ඡිංසු වාණිජා, තතියං සමචින‍්තෙසුං බාලා මොහෙන පාරුතා.
2119. මෝහයෙන් වැසුණ මෝඩ ඒ වෙළෙන්දෝ කැමැති පමණ අනුභව කොට තෙවනු ව මෙසේ සිතූහ.
2120. ඉඞ‍්ඝස‍්ස පච‍්ඡිමං සාඛං මයං ඡින්‍දාම වාණිජා, සා ච ඡින‍්නාව පග‍්ඝරි නාරියො සමලඞ‍්කතා.
2120. වෙළෙඳුනි, අපි මේ ගසේ බටහිර දෙසට ගිය අත්ත ද කපමු යි. ඒ අත්ත කැපීමත් සමග සැරැසුණ ස්ත්‍රීහු වැගිරුණාහ.
2121. විචිත්‍රවත්‍ථාභරණා ආමුත‍්තතමණිකුණ‍්ඩලා, අපිසු වාණිජා එකා නාරියො පණ‍්ණවීසති.
2121. එක් එක් වෙළඳකුට විසිතුරු වත් පැළැඳි, මිණි කොඬොල් ආදි අබරණින් සැරැසුණ එක් එක් ස්ත්‍රියක් ද ගැල් නායකයාට පස්විසි ස්ත්‍රී කෙනෙක් ද ලැබිණි.
2122. සමන‍්තා පරිකරිංසු තස‍්ස රුක‍්ඛස‍්ස ඡාදියා, තෙ තාහි පරිචාරෙසුං යාවතිච‍්ඡිංසු වාණිජා.
2122. ඒ රුක් සෙවණ වටා රැස් වූ ඒ වෙළෙන්දෝ ස්ත්‍රීන් සමග රිසි සේ සතුටු වූහ.
2123. චතුත්‍ථං සමචින‍්තෙසුං බාලා මොහෙන පාරුතා ඉඞ‍්ඝස‍්ස උත‍්තරං සාඛං ඡින්‍දාම වාණිජා.
2123. මෝහයෙන් වැසුණ මෝඩ වෙළෙන්දෝ සතරවෙනු ව මෙසේ සිතූහ. මේ ගසේ උතුරු දෙසට ගිය අත්ත ද අපි කපමු යි.
2124. සා ච ඡින‍්නාව පග‍්ඝරි මුත‍්තා වෙළුරියෙ බහු, රජතං ජාතරූපඤ‍්ච කුත‍්තියො පටියානි ච.
2124. ඒ අත්ත කැපීමත් සමගම මුතු වෙරළුමිණි රන්, රිදී, ඇතුන් පිට අතුරන පලස් හා ලොම්මුවා පසතුරුණු ද වැගිරුණේ ය.
2125. කාසිකානි ච වත්‍ථානි උද‍්දියානෙ ච කම‍්බලෙ, තෙ තත්‍ථ භාරෙ බන්‍ධිත්‍වා යාවතිච‍්ඡිංසු වාණිජා.
2125. තවද කසී සළු උද්දියාන නමැති කම්බිලි (පොරෝනා) ද වැගිරුණේය. ඒ වෙළෙන්දෝ කැමැති පමණ එහි බැඳ (තබා) සතුටු වූහ.
2126. පඤ‍්චමං සමචින‍්තෙසුං බාලා මොහෙන පාරුතා, ඉඞ‍්ඝස‍්ස මූලං ඡින්‍දාම අපි භිය්‍යො ලභාමසෙ.
2126. මෝහයෙන් මුළා වැ නුවණ රහිත වූවෝ අපි මේ ගසේ මුල කපමු. වැඩියක් වස්තුව ලබන්නෙමු යි සිතූහ.
2127. අථුට‍්ඨහී සත්‍ථවාහො යාචමානො කතඤ‍්ජලී, නිග්‍රොධෙ කිං අපරජ‍්ඣථ වාණිජා භද‍්දමත්‍ථු තෙ.
2127. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා යි ඇඳිලි බැඳැ යදිමින්, කවර හෙයින් නුගරුකට අපරාධ කරන්නාහු දැ යි (අසමින්) සාර්‍ත්‍ථවාහක තෙම (ඊට විරුද්ධ ව) නැගී සිටියේ ය.
2128. චාරිදා පුරිමා සාඛා අන‍්නපානං ච දක‍්ඛිණා, නාරිදා පච‍්ඡිමා සාඛා සබ‍්බකාමෙ ච උත‍්තරා නිග්‍රොධෙ කිං අපරජ‍්ඣථ වාණිජා භද‍්දමත්‍ථු තෙ.
2128. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා. මේ ගසේ පෙර දිග අත්ත ජලය ද දකුණු දිග අත්ත කෑම බීම ද පැසුළු දිග අත්ත ස්ත්‍රීන් ද උතුරු දිග අත්ත කැමති හැම දේ ද දුන්නා ය. මේ නුගරුකට කවර හෙයින් අපරාධ කරවු ද?
2129. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.
2129. යම් රුකක්හුගේ සෙවණෙහි හිඳුනේ ද හෝනේ ද (සත්පුරුෂයා) ඒ ගසේ අතු නො කඩන්නේ ය. මිත්‍රද්‍රෝහීකම ලාමක ය.
2130. තෙ ච තස‍්ස අනාදිත්‍වා එකස‍්ස වචනං බහූ. නිසිතාහි කුඨාරීහි මූලතො තං උපක‍්කමුං.
2130. බොහෝ වෙළෙන්දෝ ඔහුගේ කීම නො පිළිගෙන මුවහත් පොරෝවලින් ඒ ගස මුලින් ම කපන්නට පටන් ගත්හ.
2131. තතො නාගා නික‍්ඛමිංසු සන‍්නද‍්ධා පණ‍්ණවීසති, ධනුග‍්ගහානං තිසතා ඡසහස‍්සා ච වම‍්මිනො.
2131. ඉක්බිති සටන් සඳහා සැරැසී ගත් නාගයෝ විසිපස් දෙනෙක් ද දුනු ඊ ගත්තෝ තුන්සිය දෙනෙක් ද යුද්ධසැට්ට ඇඳ ගත්තෝ සය දහසක් ද නික්මුණහ.
2132. එතෙ හනථ බන්‍ධථ මා වො මුඤ‍්චිත්‍ථ ජීවිතං, ඨපෙත්‍වා සත්‍ථවාහං සබ‍්බෙ භස‍්මීකරොථ තෙ.
2132. මොවුන් නසවු, බඳිවු. මොවුන්ගේ ජීවිත නො හරිවු, ගැල් නායකයා හැර ඔවුන් හැම අළු කරවු.
2133. තස‍්මා හි පණ‍්ඩිතො පොසො සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො. ලොභස‍්ස න වසං ගච‍්ඡෙ හනෙය්‍ය දිසතං මනං.
2133. එ හෙයින් නුවණැති පුරුෂයා තමාගේ අභිවෘද්ධිය දක්නේ ලෝභයේ වසඟයට නො යන්නේ ය. ලෝභ සහිත සතුරු සිත නසන්නේ ය.
2134. එතමාදීනවං ඤාත්‍වා තණ‍්හා දුක‍්ඛස‍්ස සම‍්භවං, වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙති.
2134. තණ්හාව නිසා දුක් හටගන්නේය යි මේ දෝෂය දැනැ, පහ කල තණ්හාව ඇත්තේ. තණ්හාවෙන් කිසිවක් නො ගන්නෙක් ව සිහි ඇති භික්‍ෂු තෙම වසන්නේ ය.