යෙදුමෙන් කියවන්න

10. මහාවාණිජජාතකවණ‍්ණනා 493 අට‍්ඨකථා

10. මහාවාණිජජාතකවණ‍්ණනා (493)

10. මහාවාණිජ ජාතකය (493)

වාණිජා සමිතිං කත්‍වාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාවත්‍ථිවාසිනො වාණිජෙ ආරබ‍්භ කථෙසි. තෙ කිර වොහාරත්‍ථාය ගච‍්ඡන‍්තා සත්‍ථු මහාදානං දත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාය “භන‍්තෙ, සචෙ අරොගා ආගමිස‍්සාම, පුන තුම‍්හාකං පාදෙ වන්‍දිස‍්සාමා”ති වත්‍වා පඤ‍්චමත‍්තෙහි සකටසතෙහි නික‍්ඛමිත්‍වා කන‍්තාරං පත්‍වා මග‍්ගං අසල‍්ලක‍්ඛෙත්‍වා මග‍්ගමූළ‍්හා නිරුදකෙ නිරාහාරෙ අරඤ‍්ඤෙ විචරන‍්තා එකං නාගපරිග‍්ගහිතං නිග්‍රොධරුක‍්ඛං දිස‍්වා සකටානි මොචෙත්‍වා රුක‍්ඛමූලෙ නිසීදිංසු. තෙ තස‍්ස උදකතින‍්තානි විය නීලානි සිනිද‍්ධානි පත‍්තානි උදකපුණ‍්ණා විය ච සාඛා දිස‍්වා චින‍්තයිංසු “ඉමස‍්මිං රුක‍්ඛෙ උදකං සඤ‍්චරන‍්තං විය පඤ‍්ඤායති, ඉමස‍්ස පුරිමසාඛං ඡින්‍දාම, පානීයං නො දස‍්සතී”ති. අථෙකො රුක‍්ඛං අභිරුහිත්‍වා සාඛං ඡින්‍දි, තතො තාලක‍්ඛන්‍ධප‍්පමාණා උදකධාරා පවත‍්ති. තෙ තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා ච දක‍්ඛිණසාඛං ඡින්‍දිංසු, තතො නානග‍්ගරසභොජනං නික‍්ඛමි. තං භුඤ‍්ජිත්‍වා පච‍්ඡිමසාඛං ඡින්‍දිංසු, තතො අලඞ‍්කතඉත්‍ථියො නික‍්ඛමිංසු. තාහි සද‍්ධිං අභිරමිත්‍වා උත‍්තරසාඛං ඡින්‍දිංසු, තතො සත‍්ත රතනානි නික‍්ඛමිංසු. තානි ගහෙත්‍වා පඤ‍්ච සකටසතානි පූරෙත්‍වා සාවත්‍ථිං පච‍්චාගන‍්ත්‍වා ධනං ගොපෙත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පූජෙත්‍වා එකමන‍්තං නිසින‍්නා ධම‍්මකථං සුත්‍වා නිමන‍්තෙත්‍වා පුනදිවසෙ මහාදානං දත්‍වා “භන‍්තෙ, ඉමස‍්මිං දානෙ අම‍්හාකං ධනදායිකාය රුක‍්ඛදෙවතාය පත‍්තිං දෙමා”ති පත‍්තිං අදංසු. සත්‍ථා නිට‍්ඨිතභත‍්තකිච‍්චො “කතරරුක‍්ඛදෙවතාය පත‍්තිං දෙථා”ති පුච‍්ඡි. වාණිජා නිග්‍රොධරුක‍්ඛෙ ධනස‍්ස ලද‍්ධාකාරං තථාගතස‍්සාරොචෙසුං. සත්‍ථා “තුම‍්හෙ තාව මත‍්තඤ‍්ඤුතාය තණ‍්හාවසිකා අහුත්‍වා ධනං ලභිත්‍ථ, පුබ‍්බෙ පන අමත‍්තඤ‍්ඤුතාය තණ‍්හාවසිකා ධනඤ‍්ච ජීවිතඤ‍්ච විජහිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

වානිජා සමිතිං කත්‍වා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් සැවැත්නුවර වැසි වෙළෙන්දන් අරභයා දේශනා කළ සේක. ඔවුහු වෙළදාම පිණිස යන්නාහු බුදුරදුන්ට මහදන් දී තිසරණයෙහිද ශීලයෙහිද පිහිටා ස්වාමීනි, ඉදින් නිරුපද්‍රිතව පැමිණෙන්නෙමුද නැවත ඔබවහන්සේගේ පාදයන් වඳින්නෙමුයි කියා පන්සියයක් පමණ ගැල් සමග නික්මී කාන්තාරයකට පැමිණ මග නොසලකා මංමුලා වූවාහු ජලය නැති ආහාර නැති වනයෙහි හැසිරෙන්නාහු නාගයන් විසින් අධිගෘහිත එක් නුග ගසක් දැක ගැල් මුදා ගස මුල හුන්නාහුය. ඔවුහු ඒ ගසේ ජලයෙන් තෙත් වූ වැනි සිනිදු කොළද ජලය පිරුණාක් වැනි අතුද දැක සිතුවාහුය. මේ ගසෙහි ජලය හැසිරෙන්නාක් මෙන් පෙනේ. මෙහි පෙරදිග අත්ත සිඳිමු. අපට පැන් දෙන්නේය යනුයි. ඉක්බිති එක් අයෙක් ගසට නැගී අත්ත කැපුවේය. තල්කඳක් පමණ වූ ජල දහරාවක් පැවතුනි. එයින් ස්නානය කර පානය කර දකුණු අත්ත කැපුවේය. එයින් නන් වැදෑරුම් රස බොජුන් නික්මුනේය. එය අනුභව කර පැසුළුදිග අත්ත කැපුවාහුය. ඉන් අලංකාර කරන ලද ස්ත්‍රීහු නික්මුනාහුය. ඈලා සමග අභිරමණය කර උතුරුදිග අත්ත කැපුවාහුය. එයින් සප්ත රත්නයෝ නික්මුනාහුය. ඒවා ගෙන පන්සියයක් ගැල් පුරවා සැවතට පෙරලා අවුත් ධනය තැන්පත් කර සුවඳමල් ආදිය ගත් අත් ඇත්තෝ ජේතවනයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ පුදා එකත්පස්ව හුන්නාහු ධර්මකථාව අසා දෙවන දවස්හි මහදන් දී ස්වාමීනි, මේ දානයෙහි පෙත් අපට ධනය දුන් වෘක්‍ෂ දේවතාවාට දෙමුයි පෙත් දුන්නාහුය. ශාස්තෲන් වහන්සේ නිමවන ලද බත්කිස ඇත්තේ කවරනම් වෘක්‍ෂ දේවතාවාට පෙත් දෙව්දැයි විචාළ සේක. වෙළෙන්දෝ නුග රුකෙහි ධනය ලද ආකාරය තථාගතයන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ නුඹලා වූ කලී පමණ දන්නා හෙයින් තෘෂ්ණාවෙහි වසඟ වූවෝ නොවී ධනය ලදහු. පෙර පමණ නොදන්නෝ කෘෂ්ණ වසඟ වූවෝ ජීවිතයද ධනයද පැරදුනෝහුයයි කියා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසිනගරෙ තදෙව පන කන‍්තාරං ස‍්වෙව නිග්‍රොධො. වාණිජා මග‍්ගමූළ‍්හා හුත්‍වා තමෙව නිග්‍රොධං පස‍්සිංසු. තමත්‍ථං සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා කථෙන‍්තො ඉමා ගාථා ආහ –

අතීතයෙහි බරණැස් නුවරයි. එම කාන්තාරයමැයි. එම නුග රුකමය. වෙළෙන්දෝ මංමුලා වී එම නුග ගසම දුටහ. ශාස්තෲන් වහන්සේ බුද්ධත්වයට පත් වී ඒ කරුණ වදාරන සේක්.

“වාණිජා සමිතිං කත්‍වා, නානාරට‍්ඨතො ආගතා; ධනාහරා පක‍්කමිංසු, එකං කත්‍වාන ගාමණිං.

වාණිජා සමිතිං කත්‍වා - නානාරට්ඨතො ආගතා, ධනහාරා පක්කමිංසු - එකං කත්‍වාන ගාමණිං

1. නොයෙක් රටවලින් පැමිණි වෙළෙන්දෝ රැස්වී එකෙකු ප්‍රධානියා කොට ධනය ගෙන ඒමට වෙළදාම පිණිස ගියාහුය.

“තෙ තං කන‍්තාරමාගම‍්ම, අප‍්පභක‍්ඛං අනොදකං; මහානිග්‍රොධමද‍්දක‍්ඛුං, සීතච‍්ඡායං මනොරමං.

2. ඔවුහු ස්වල්ප වූ ආහාර ඇති. ජලය නැති කාන්තාරයට අවුත් සිසිල් සෙවන ඇති සිත්කළු මහ නුගරුකක් දුටහ.

“තෙ ච තත්‍ථ නිසීදිත්‍වා, තස‍්ස රුක‍්ඛස‍්ස ඡායයා; වාණිජා සමචින‍්තෙසුං, බාලා මොහෙන පාරුතා.

3. මෝහයෙන් වැසුනා වූ ඒ මෝඩ වෙළෙන්දෝ නුගරුක් සෙවනෙහි හිඳ මෙසේ සිතූහ.

“අල‍්ලායතෙ අයං රුක‍්ඛො, අපි වාරීව සන්‍දති; ඉඞ‍්ඝස‍්ස පුරිමං සාඛං, මයං ඡින්‍දාම වාණිජා.

4. වෙළඳුනි, මේ ගස තෙත සහිත සේය. ජලය වැගිරෙන්නේය. එසේනම් අපි පෙරදිග අත්ත කපමු.

“සා ච ඡින‍්නාව පග‍්ඝරි, අච‍්ඡං වාරිං අනාවිලං; තෙ තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා, යාවතිච‍්ඡිංසු වාණිජා.

5. සිඳුනීම වූ ඒ අත්ත පිරිසිදු වූ බොර නොවූ ජලය වැගිරුවේය. ඒ වෙළෙන්දෝ එහි කැමති තාක් නා ජලය බී (සතුටු වූහ)

“දුතියං සමචින‍්තෙසුං, බාලා මොහෙන පාරුතා; ඉඞ‍්ඝස‍්ස දක‍්ඛිණං සාඛං, මයං ඡින්‍දාම වාණිජා.

6. මෝහයෙන් වැසුනා වූ ඒ මෝඩ වෙළෙන්දෝ ‘අපි මේ ගසෙහි දකුණු අත්ත කපමු’ යයි දෙවන වර මෙසේ සිතූහ.

“සා ච ඡින‍්නාව පග‍්ඝරි, සාලිමංසොදනං බහුං; අප‍්පොදවණ‍්ණෙ කුම‍්මාසෙ, සිඞ‍්ගිං විදලසූපියො.

7. ඒ අත්ත කැපීමත් සමග බොහෝ ඇල්සාලේ බත්ද මාංශයන්ද, දිය නමුසු කිරිබත්ද කොමු පිඩුද අවුළුපත්ද මුං ආදී සූපද වැගිරුනේය.

“තෙ තත්‍ථ භුත්‍වා ඛාදිත්‍වා, යාවතිච‍්ඡිංසු වාණිජා; තතියං සමචින‍්තෙසුං, බාලා මොහෙන පාරුතා; ඉඞ‍්ඝස‍්ස පච‍්ඡිමං සාඛං, මයං ඡින්‍දාම වාණිජා.

8. මෝහයෙන් වැසුන ඒ මෝඩ වෙළෙන්දෝ එහි කැමති පමණ අනුභව කර කා තෙවනුව මෙසේ සිතූහ.

“සා ච ඡින‍්නාව පග‍්ඝරි, නාරියො සමලඞ‍්කතා; විචිත්‍රවත්‍ථාභරණා, ආමුත‍්තමණිකුණ‍්ඩලා.

9. වෙළදුනි, අපි මේ ගසේ බටහිරදිග අත්තද කපමු කපන ලද ඒ අත්ත අලංකාර කරන ලද ස්ත්‍රීහු වැගිරුණහ.

“අපි සු වාණිජා එකා, නාරියො පණ‍්ණවීසති; සමන‍්තා පරිවාරිංසු, තස‍්ස රුක‍්ඛස‍්ස ඡායයා; තෙ තාහි පරිචාරෙත්‍වා, යාවතිච‍්ඡිංසු වාණිජා.

10. එක් වෙළෙන්දෙකුට විසිතුරු වස්ත්‍ර හා ආභරණයන්ගෙන් යුත්, මිණි කොඩොල් ආදියෙන් සැරසුන එක් ස්ත්‍රියක්ද, ගැල් නායකයාට ස්ත්‍රීහු පස් විස්සක්ද ලැබුණි. ඒ ගස් සෙවන වටා රැස් වූ ඒ වෙළෙන්දෝ එම ස්ත්‍රීන් සමග කැමති පරිදි සතුටු වූහ.

“චතුත්‍ථං සමචින‍්තෙසුං, බාලා මොහෙන පාරුතා; ඉඞ‍්ඝස‍්ස උත‍්තරං සාඛං, මයං ඡින්‍දාම වාණිජා.

11. මෝහයෙන් වැසුන මෝඩ වෙළෙන්දෝ සතර වෙනුව “අපි මේ ගසේ උතුරු දෙසට ගිය අත්ත කපමු” යයි සිතූහ.

“සා ච ඡින‍්නාව පග‍්ඝරි, මුත‍්තා වෙළුරියා බහූ; රජතං ජාතරූපඤ‍්ච, කුත‍්තියො පටියානි ච.

12. කපන ලද ඒ අත්ත මුතු, බොහෝ වෛඩූර්යන්, රන් රිදී ඇතුන් පිට අතුරන පලස් හා ලොම් මුවා පසතුරුණුද වැගිරුණේය.

“කාසිකානි ච වත්‍ථානි, උද‍්දියානි ච කම‍්බලා; තෙ තත්‍ථ භාරෙ බන්‍ධිත්‍වා, යාවතිච‍්ඡිංසු වාණිජා.

13. තවද කසී වස්ත්‍රද උද්දියානි නම් පොරෝනාද වැගිරුනේය. ඒ වෙළෙන්දෝ කැමති පමණ එහි බැඳ (තබා) ගත්තාහුය.

“පඤ‍්චමං සමචින‍්තෙසුං, බාලා මොහෙන පාරුතා; ඉඞ‍්ඝස‍්ස මූලං ඡින්‍දාම, අපි භිය්‍යො ලභාමසෙ.

14. මෝහයෙන් වැසුනා වූ මෝඩයෝ අපි මේ ගසේ මුල සිඳිමු. වැඩියක් ලබන්නෙමුයි පස්වනුව සිතූහ.

“අථුට‍්ඨහි සත්‍ථවාහො, යාචමානො කතඤ‍්ජලී; නිග්‍රොධො කිං පරජ‍්ඣති, වාණිජා භද‍්දමත්‍ථු තෙ.

15. ඉක්බිති ගැල් නායකයා කරන ලද ඇඳිලි ඇත්තේ අයදිමින් ඊට එරෙහිව නැගී සිටියේය. කිම නුග ගස කෙරෙහි අපරාධ කරන්නෙහුද? තොපට යහපතක් වේවා!

“වාරිදා පුරිමා සාඛා, අන‍්නපානඤ‍්ච දක‍්ඛිණා; නාරිදා පච‍්ඡිමා සාඛා, සබ‍්බකාමෙ ච උත‍්තරා; නිග්‍රොධො කිං පරජ‍්ඣති, වාණිජා භද‍්දමත්‍ථු තෙ.

16. වෙළඳුනි, ඔබට යහපතක් වේවා! මේ ගසේ පෙරදිග අත්ත ජලය දුන්නේය. දකුණු අත්ත කෑම බීම දුන්නේය. බටහිර අත්ත ස්ත්‍රීන් දුන්නේය. උතුරුදිග අත්ත (කැමති) සියල්ල දුන්නේය. කිම? නුග ගස කෙරෙහි අපරාධ කරන්නහුද?

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො.

18. යම් ගසක සෙවනෙහි හිඳින්නේද ඒ ගසේ අතු නොකැඩිය යුතුය. මිත්‍රද්‍රෝහී බව ලාමකය.

“තෙ ච තස‍්සානාදියිත්‍වා, එකස‍්ස වචනං බහූ; නිසිතාහි කුඨාරීහි, මූලතො නං උපක‍්කමු”න‍්ති.

19. බොහෝ වෙළෙන්දෝ තනි වූ ඔහුගේ වචනය නොපිළිගෙන මුවහත ඇති පොරෝවලින් ඒ ගස මුලින් සිඳින්නට පටන් ගත්තාහුය.

යන මේ ගාථාවෝ කීවේය.

තත්‍ථ සමිතිං කත්‍වාති බාරාණසියං සමාගමං කත්‍වා, බහූ එකතො හුත්‍වාති අත්‍ථො. පක‍්කමිංසූති පඤ‍්චහි සකටසතෙහි බාරාණසෙය්‍යකං භණ‍්ඩං ආදාය පක‍්කමිංසු. ගාමණින‍්ති එකං පඤ‍්ඤවන‍්තතරං සත්‍ථවාහං කත්‍වා . ඡායයාති ඡායාය. අල‍්ලායතෙති උදකභරිතො විය අල‍්ලො හුත්‍වා පඤ‍්ඤායති. ඡින‍්නාව පග‍්ඝරීති එකො රුක‍්ඛාරොහනකුසලො අභිරුහිත්‍වා තං ඡින්‍දි, සා ඡින‍්නමත‍්තාව පග‍්ඝරීති දස‍්සෙති. පරතොපි එසෙව නයො.

එහි සමිතිං කත්‍වා යනු බරණැස් නුවරට එකතු වී. බොහෝ දෙන එකතු වී යන අර්ථයි. පක්කමිංසු යනු ගැල් පන්සියයකින් බරණැස් නුවර බඩු ගෙන පිටත් වූවාහුය. ගාමිණිං යනු ඉතා නුවණැති එක් අයෙක් ගැල් කණ්ඩායම් නායකයා කර. ඡාදියා යනු සෙවනෙහි. අද්දායතෙ යනු දියෙන් බර වූවාක් මෙන් තෙත් වී පෙනෙයි. ඡින්නාව පග්ඝරතී ගසට නැගීමේ දක්‍ෂ එක් අයෙක් ගසට නැග ඒ අත්ත කැපුවේය. ඒ අත්ත කැපූ පමණින්ම වැගිරුවේය යි දක්වයි. සෙසු තන්හිද මේම කුමයයි.

අප‍්පොදවණ‍්ණෙ කුම‍්මාසෙති අප‍්පොදකපායාසසදිසෙ කුම‍්මාසෙ. සිඞ‍්ගින‍්ති සිඞ‍්ගිවෙරාදිකං උත‍්තරිභඞ‍්ගං. විදලසූපියොති මුග‍්ගසූපාදයො. වාණිජා එකාති එකෙකස‍්ස වාණිජස‍්ස යත‍්තකා වාණිජා , තෙසු එකෙකස‍්ස එකෙකාව, සත්‍ථවාහස‍්ස පන සන‍්තිකෙ පඤ‍්චවීසතීති අත්‍ථො. පරිවාරිංසූති පරිවාරෙසුං. තාහි පන සද‍්ධිංයෙව නාගානුභාවෙන සාණිවිතානසයනාදීනි පග‍්ඝරිංසු.

අප්පොද වණ්ණෙ කුම්මාසෙ යනු දිය රහිත කිරිබත් හා සමාන පිට්ටු. සිංගී යනු ඉඟුරු ආදී වූ කටගැස්ම. බිදල සුපියො මුං හොදි (ව්‍යඤ්ජන) ආදිය. වාණිජා එකා යනු එක් එක් වෙළෙන්දාට. එහි යම් පමණ වෙළෙන්දෝ වූවාහුද ඔවුන් අතර එක එකාට එක් එක් ස්ත්‍රිය බැගින්. ගැල් නායකයාගේ සමීපයෙහි පස්විස්සක් ස්ත්‍රීහු සිටියාහුය යන අර්ථයි. පරිකරිංසු යනු පිරිවැරූහ. ඈලා සමග නාගයන්ගේ මහිමයෙන් තිර වියන් යහන් ආදිය වැගිරුණාහ.

කුත‍්තියොති හත්‍ථත්‍ථරාදයො. පටියානිචාති උණ‍්ණාමයපච‍්චත්‍ථරණානි. “සෙතකම‍්බලානී”තිපි වදන‍්තියෙව. උද‍්දියානි ච කම‍්බලාති උද‍්දියානි නාම කම‍්බලා අත්‍ථි. තෙ තත්‍ථ භාරෙ බන්‍ධිත්‍වාති යාවතකං ඉච‍්ඡිංසු, තාවතකං ගහෙත්‍වා පඤ‍්ච සකටසතානි පූරෙත්‍වාති අත්‍ථො. වාණිජා භද‍්දමත්‍ථු තෙති එකෙකං වාණිජං ආලපන‍්තො “භද‍්දං තෙ අත්‍ථූ”ති ආහ. අන‍්නපානඤ‍්චාති අන‍්නඤ‍්ච පානඤ‍්ච අදාසි. සබ‍්බකාමෙ චාති සබ‍්බකාමෙ ච අදාසි. මිත‍්තදුබ‍්භො හීති මිත‍්තානං දුබ‍්භනපුරිසො හි පාපකො ලාමකො නාම. අනාදියිත්‍වාති තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා. උපක‍්කමුන‍්ති මොහාව ඡින්‍දිතුං ආරභිංසු.

කුත්තියො යනු ඇතුන්පිට අතුරන ඇතිරිලි. පාටියානි යනු උණුසුම් ඇතිරිලි. සුදු කම්බිලියයි කියත්මය. උද්දියානෙව කම්බලෙ යනු උද්දියානා නම් පොරෝනා ඇත. තෙ තත්‍ථ භාරං බන්‍ධිත්‍වා යනු යම් පමණක් කැමති වූවාහුද එපමණක් ගෙන පන්සියයක් ගැල් පුරවා යන අර්ථයි. වාණිජා භද්ද මත්‍ථු තෙ එක් එක් වෙළෙන්දාට අමතමින් තොපට යහපතක් වේවායි කීවේය. අන්නපානඤ්ච යනු කෑමද බීමද දුන්නේය. සබ්බකාමෙච යනු කැමති සියල්ල දුන්නේය. මිත්තදුබ්භොහි යනු මිත්‍රයන්ට ද්‍රෝහී වන පුරුෂයා පවිටු කෙනෙකි. ලාමකයෙක් නම් වේ. අනාදිත්‍වා යනු නොගෙන. උපක්කමුං යනු කපන්නට පටන් ගත්හ.

අථ නෙ ඡින්‍දනත්‍ථාය රුක‍්ඛං උපගතෙ දිස‍්වා නාගරාජා චින‍්තෙසි “අහං එතෙසං පිපාසිතානං පානීයං දාපෙසිං, තතො දිබ‍්බභොජනං, තතො සයනාදීනි චෙව පරිචාරිකා ච නාරියො, තතො පඤ‍්චසතසකටපූරං රතනං, ඉදානි පනිමෙ “රුක‍්ඛං මූලතො ඡින්‍දිස‍්සාමා’ති වදන‍්ති, අතිවිය ලුද‍්ධා ඉමෙ, ඨපෙත්‍වා සත්‍ථවාහං අවසෙසෙ මාරෙතුං වට‍්ටතී”ති. සො “එත‍්තකා සන‍්නද‍්ධයොධා නික‍්ඛමන‍්තු, එත‍්තකා ධනුග‍්ගහා, එත‍්තකා වම‍්මිනො”ති සෙනං විචාරෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ගාථමාහ –

ඉක්බිති ගස කැපීම සඳහා ඔවුන් ගස මුලට පැමිණි කල්හි නාරජු ඒ දැක මෙසේ සිතුවේය. මම පිපාසිත වූ මොවුන්ට ජලය දෙවීමි. අනතුරුව දිව්‍යමය භෝජනයද අනතුරුව යහනාවන්ද පරිවාරක ස්ත්‍රීන්ද අනතුරුව ගැල් පන්සියයක් පුරා රත්නයන්ද දෙවීමි. දැන් මගේ ගස මුලින් සිඳින්නෙමුයි කියත්. මොවුහු අතිශයින් ලොල් වූවාහු වෙති. ගැල් නායකයා හැර සේසන් මරන්නට වටී යයි යනුවෙනි. හෙතෙම මෙපමණක් සන්නද්ධ යෝධයෝය. මෙපමණක් දුනු දරන්නෝය. මෙපමණක් යුද සැට්ටයෙන් සැරසුණෝය යයි සේනාවට ඇනවීය. ශාස්තෲන් වහන්සේ ඒ බව දේශනා කරන සේක්,

“තතො නාගා නික‍්ඛමිංසු, සන‍්නද‍්ධා පණ‍්ණවීසති; ධනුග‍්ගහානං තිසතා, ඡසහස‍්සා ච වම‍්මිනො”ති.

20. අනතුරුව යුද්ධය සඳහා සැරසී ගත් නාගයෝ විසිපස් දෙනෙක්ද දුනු ගත්තෝ තුන්සියයක්ද යුද සැට්ට ඇඳගත් සය දහසක්ද නික්මුණාහුය යන ගාථාව වදාළ සේක.

තත්‍ථ සන‍්නද‍්ධාති සුවණ‍්ණරජතාදිවම‍්මකවචිකා. ධනුග‍්ගහානං තිසතාති මෙණ‍්ඩවිසාණධනුග‍්ගහානං තීණි සතානි. වම‍්මිනොති ඛෙටකඵලකහත්‍ථා ඡසහස‍්සා.

එහි සන්නද්ධා යනු රන් රිදී ආදියෙන් සරසන ලද යුධ සැට්ටයෙන් යුක්ත වූවාහු. ධනුග්ගහානං තිසතා යනු බැටළුවන්ගේ අංවලින් කළ දුනු ගත්තවුන් තුන්සියයක්ද, වම්මිනො යනු සමින් කළ පලිහ ගත් අත් ඇත්තවුන් සය දහසක්.

“එතෙ හනථ බන්‍ධථ, මා වො මුඤ‍්චිත්‍ථ ජීවිතං; ඨපෙත්‍වා සත්‍ථවාහංව, සබ‍්බෙ භස‍්මං කරොථ නෙ”ති. – අයං නාගරාජෙන වුත‍්තගාථා;

21. මොවුන් නසවු. බඳිවු. මොවුන්ගේ ජීවිත නොහරිවු. ගැල් නායකයා හැර ඔවුන් සියල්ලන් අළු කරවු - මේ නාගරාජයා විසින් කියන ලද ගාථාවයි.

තත්‍ථ මා වො මුඤ‍්චිත්‍ථ ජීවිතන‍්ති කස‍්සචි එකස‍්සපි ජීවිතං මා මුඤ‍්චිත්‍ථ.

එහි මා වො මුඤ්චිත්‍ථ ජීවිතං යනු යම් එකකුගේද ජීවිතය නොමුදවු.

නාගා තථා කත්‍වා අත්‍ථරණාදීනි පඤ‍්චසු සකටසතෙසු ආරොපෙත්‍වා සත්‍ථවාහං ගහෙත්‍වා සයං තානි සකටානි පාජෙන‍්තා බාරාණසිං ගන‍්ත්‍වා සබ‍්බං ධනං තස‍්ස ගෙහෙ පටිසාමෙත්‍වා තං ආපුච‍්ඡිත්‍වා අත‍්තනො නාගභවනමෙව ගතා. තමත්‍ථං විදිත්‍වා සත්‍ථා ඔවාදවසෙන ගාථාද‍්වයමාහ –

නාගයෝ එසේකොට උඩ ඇතිරිලි ආදිය ගැල් පන්සියයෙහි පටවා ගැල් නායකයා ගෙන ඒ ගැල් තෙමේම පදවන්නාහු බරණැසට ගොස් සියළු ධනය ඔහුගේ නිවසෙහි තැන්පත් කර ඔශු විමසා තමාගේ නාග භවනයටම ගියාහුය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ දැන අවවාද වශයෙන් ගාථා දෙකක් කීවේය.

“තස‍්මා හි පණ‍්ඩිතො පොසො, සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො; ලොභස‍්ස න වසං ගච‍්ඡෙ, හනෙය්‍යාරිසකං මනං.

22. එහෙයින් නුවණැති පුරුෂයා තමාගේ අභිවෘද්ධිය දකිමින් ලෝභයේ වසඟයට නොයන්නේය. තම සිතෙහි ලෝභී බව නසන්නේය.

“එවමාදීනවං ඤත්‍වා, තණ‍්හා දුක‍්ඛස‍්ස සම‍්භවං; වීතතණ‍්හො අනාදානො, සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති.

23. තෘෂ්ණාව දුකට උප්පත්හි කරුණ යයි මෙසේ ආදීනවයන් දැන පහකළ තෘෂ්ණා ඇත්තේ, තෘෂ්ණා වශයෙන් නොගන්නා වූ සිහි ඇති භික්‍ෂුව වාසය කරන්නේය.

තත්‍ථ තස‍්මාති යස‍්මා ලොභවසිකා මහාවිනාසං පත‍්තා, සත්‍ථවාහො උත‍්තමසම‍්පත‍්තිං, තස‍්මා. හනෙය්‍යාරිසකං මනන‍්ති අන‍්තො උප‍්පජ‍්ජමානානං නානාවිධානං ලොභසත‍්තූනං සන‍්තකං මනං, ලොභසම‍්පයුත‍්තචිත‍්තං හනෙය්‍යාති අත්‍ථො. එවමාදීනවන‍්ති එවං ලොභෙ ආදීනවං ජානිත්‍වා. තණ‍්හා දුක‍්ඛස‍්ස සම‍්භවන‍්ති ජාතිආදිදුක‍්ඛස‍්ස තණ‍්හා සම‍්භවො, තතො එතං දුක‍්ඛං නිබ‍්බත‍්තති, එවං තණ‍්හාව දුක‍්ඛස‍්ස සම‍්භවං ඤත්‍වා වීතතණ‍්හො තණ‍්හාආදානෙන අනාදානො මග‍්ගෙන ආගතාය සතියා සතො හුත්‍වා භික‍්ඛු පරිබ‍්බජෙ ඉරියෙථ වත‍්තෙථාති අරහත‍්තෙන දෙසනාය කූටං ගණ‍්හි.

එහි තස්මා යනු යම් හෙයකින් ලෝභයට වසඟ වූවෝ මහත් විපතකට පත් වූවාහුය. ගැල් නායකයා උසස් වූ සම්පතකට පැමිණියේය. එහෙයින් හනෙය්‍ය දිසතං මනං යනු ඇතුලත උපදනා වූ නන් වැදෑරුම් වූ ලෝභයෙහි ඇළුන තමා සතු සිත. ලෝභය හා බැඳුන සිත නසන්නේය යන අර්ථයි. එවමාදීනවං යනු මෙසේ ලෝභයෙහි ආදීනව දැන. තණ්හා දුක්ඛස්ස සම්භවං යනු ඉපදීම ආදී දුකට තෘෂ්ණාව උපත වේ. එහෙයින් මේ දුක උපදී. මෙසේ තෘෂ්ණාවම දුකට උපත යයි දැන. වීතතණ්හො පහකරන ලද තෘෂ්ණා ඇත්තේ. තෘෂ්ණා වශයෙන් ගැනීම් නැති හෙයින් අනාදානො නම් වේ. නිවැරදි මාර්ගයෙහි සිහියෙන් යුතුව පැමිණි හෙයින් සතො හුත්‍වා සිහි ඇතිව. භික්ඛු පරිබ්බජෙ රහත් බව සඳහා ඉරියව් පවත්වව් යයි දේශනාවෙහි කෙළවර ගත්තේය.

ඉමඤ‍්ච පන ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං උපාසකා පුබ‍්බෙ ලොභවසිකා වාණිජා මහාවිනාසං පත‍්තා, තස‍්මා ලොභවසිකෙන න භවිතබ‍්බ”න‍්ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ තෙ වාණිජා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතා. තදා නාගරාජා සාරිපුත‍්තො අහොසි, සත්‍ථවාහො පන අහමෙව අහොසින‍්ති.

මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා උපාසකවරුනි, මෙසේ පෙර ලෝභයෙහි වසඟයට ගිය වෙළෙන්දෝ මහත් විනාශයකට පත් වූවාහුය. එහෙයින් ලෝභයෙහි වසඟයට පත් වූවන් නොවිය යුතු යයි වදාරා සත්‍යයන් දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි ඒ වෙළෙන්දෝ සෝවාන් ඵළයෙහි සිටියාහුය. එකල්හි නා රජු සැරියුත් තෙර වීය. ගැල් නායකයා මම ම වීමි යයි වදාළහ.

මහාවාණිජජාතකවණ‍්ණනා දසමා.