යෙදුමෙන් කියවන්න

9. තච‍්ඡසූකරජාතකවණ‍්ණනා 492 අට‍්ඨකථා

9. තච‍්ඡසූකරජාතකවණ‍්ණනා (492)

9. තච්ඡසූකර ජාතකය (492)

යදෙසමානා විචරිම‍්හාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ද‍්වෙ මහල‍්ලකත්‍ථෙරෙ ආරබ‍්භ කථෙසි. මහාකොසලො කිර රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස ධීතරං දෙන‍්තො ධීතු න‍්හානීයමූලත්‍ථාය කාසිගාමං අදාසි. පසෙනදි රාජා අජාතසත‍්තුනා පිතරි මාරිතෙ තං ගාමං අච‍්ඡින්‍දි. තෙසු තස‍්සත්‍ථාය යුජ‍්ඣන‍්තෙසු පඨමං අජාතසත‍්තුස‍්ස ජයො අහොසි. කොසලරාජා පරාජයප‍්පත‍්තො අමච‍්චෙ පුච‍්ඡි “කෙන නු ඛො උපායෙන අජාතසත‍්තුං ගණ‍්හෙය්‍යාමා”ති. මහාරාජ, භික‍්ඛූ නාම මන‍්තකුසලා හොන‍්ති, චරපුරිසෙ පෙසෙත්‍වා විහාරෙ භික‍්ඛූනං කථං පරිග‍්ගණ‍්හිතුං වට‍්ටතීති. රාජා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා “එථ, තුම‍්හෙ විහාරං ගන‍්ත්‍වා පටිච‍්ඡන‍්නා හුත්‍වා භදන‍්තානං කථං පරිග‍්ගණ‍්හථා”ති චරපුරිසෙ පයොජෙසි. ජෙතවනෙපි බහූ රාජපුරිසා පබ‍්බජිතා හොන‍්ති. තෙසු ද‍්වෙ මහල‍්ලකත්‍ථෙරා විහාරපච‍්චන‍්තෙ පණ‍්ණසාලායං වසන‍්ති, එකො ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො නාම, එකො මන‍්තිදත‍්තත්‍ථෙරො නාම. තෙ සබ‍්බරත‍්තිං සුපිත්‍වා පච‍්චූසකාලෙ පබුජ‍්ඣිංසු.

යදෙසමානා විචරිම්හා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහළු තෙරවරුන් දෙදෙනෙකු අරභයා දේශනා කළ සේක. මහකොසොල් රජු බිම්බිසාරට දුවක දෙන්නේ දුවගේ නාන මිල පිණිස කසීගම දුන්නේය. අජාසත් විසින් පියා මැරවූ කල්හි පසේනදී කොසොල් රජු ඒ ගම උදුරා ගත්තේය. ඔවුන් ඒ සඳහා යුදකරන කල්හි අජාසත් හට ජය වීය. කොසොල් රජු පරාජයට පත්වූයේ අමාත්‍යයන් විචාළේය. කවරනම් උපායයෙන් අජාසත් ගන්නෙමුදැයි කියාය. මහරජතුමනි, භික්‍ෂූන් වූ කලී මන්ත්‍රණයෙහි දක්‍ෂයෝ වෙති. චර පුරුෂයන් යවා විහාරයෙහි භික්‍ෂූන්ගේ කථාවක් පරීක්‍ෂා කරන්නට වටනේ යයි කීහ. රජු මැනවයි පිළිවදන් දී එව් තෙපි විහාරයට ගොස් පිළිසන් වී හිමිවරුන්ගේ කථාව පරීක්‍ෂා කරව් යයි පුරුෂයන් යෙදවීය. ජේතවනයෙහි බොහෝ රාජපුරුෂයෝ පැවිදි වූවාහු වෙති. ඔවුන් අතර මහළු තෙරවරු දෙදෙනෙක් විහාරය කෙළවර පන්සලෙහි වසත්. එක් අයෙක් ධනුග්ගහ තිස්ස නම් වේ. එක් අයෙක් මන්ත්‍රීදත්ත තෙර නම් වේ. ඔවුහු මුළු රෑ නිදා අළුයම පිබිදියාහුය.

තෙසු ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො අග‍්ගිං ජාලෙත්‍වා ආහ “භන‍්තෙ, මන‍්තිදත‍්තත්‍ථෙරා”ති. “කිං භන‍්තෙ”ති. “නිද‍්දායථ තුම‍්හෙ”ති. “න නිද‍්දායාමි, කිං කාතබ‍්බ”න‍්ති? “භන‍්තෙ, ලාලකො වතායං කොසලරාජා චාටිමත‍්තභොජනමෙව භුඤ‍්ජිතුං ජානාතී”ති. “අථ කිං භන‍්තෙ”ති. “අත‍්තනො කුච‍්ඡිම‍්හි පාණකමත‍්තෙන අජාතසත‍්තුනා පරාජිතො රාජා”ති. “කින‍්ති පන භන‍්තෙ කාතුං වට‍්ටතී”ති? “භන‍්තෙ, මන‍්තිදත‍්තත්‍ථෙර යුද‍්ධං නාම සකටබ්‍යූහචක‍්කබ්‍යූහපදුමබ්‍යූහවසෙන තිවිධං. තෙසු භාගිනෙය්‍යං අජාතසත‍්තුං ගණ‍්හන‍්තෙන සකටබ්‍යූහං කත්‍වා ගණ‍්හිතුං වට‍්ටති, අසුකස‍්මිං නාම පබ‍්බතකණ‍්ණෙ ද‍්වීසු පස‍්සෙසු සූරපුරිසෙ ඨපෙත්‍වා පුරතො බලං දස‍්සෙත්‍වා අන‍්තො පවිට‍්ඨභාවං ඤත්‍වා නදිත්‍වා වග‍්ගිත්‍වා කුමිනෙ පවිට‍්ඨමච‍්ඡං විය අන‍්තොමුට‍්ඨියං කත්‍වාව නං ගහෙතුං සක‍්කා”ති.

ඔවුන් අතර ධනුග්ගහ තිස්ස තෙරුන් ගිනි දල්වා ස්වාමීනි, දත්ත තෙරණුවනි යයි කීය. ස්වාමීනි කිම? තෙපි නිදව්දැයි. නිදියමි. කුමක් කළයුතුද? ස්වාමීනි මේ කොසොල් රජු කෙලතොල්ලෝය. සැලියක් පමණ බොජුන් වළඳන්නට පමණක් දනී යයි කීවේය. ඉදින් ස්වාමීනි කිමද? තමාගේ කුස පණුවෙකු පමණ වූ අජාසත් රජු පරාජය කරන ලද්දේ යයි කියවයි. ස්වාමීනි කුමක් කරන්නට වටනේදැයි. ස්වාමීනි දත්ත තෙරණුවනි, යුද්ධය නම් සකට බ්‍රෑහ, චක්‍ර බ්‍රෑහ, පදුම බ්‍රෑහ වශයෙන් ත්‍රිවිධ වේ. ඒ අතරින් අජාසත් ගන්නහු විසින් සකට බ්‍රෑහය කොට ගන්නට වටී. අසවල් පර්වත කෙළවර දෙපසෙහි දක්‍ෂ පුරුෂයන් තබා ඉදිරියෙහි බලසෙනග දක්වා ඇතුලට පිවිසි බව දැන කෑගසා පැන වැටී කුමනෙහි පිවිසි මසුන් මෙන් ඇතුල් මිටෙහි කර ඔහු ගැනීමට හැකියයි කීවේය.

පයොජිතපුරිසා තං කථං සුත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා මහතියා සෙනාය ගන‍්ත්‍වා තථා කත්‍වා අජාතසත‍්තුං ගහෙත්‍වා සඞ‍්ඛලිකබන්‍ධනෙන බන්‍ධිත්‍වා කතිපාහං නිම‍්මදං කත්‍වා “පුන එවරූපං මා කරී”ති අස‍්සාසෙත්‍වා මොචෙත්‍වා ධීතරං වජිරකුමාරිං නාම තස‍්ස දත්‍වා මහන‍්තෙන පරිවාරෙන විස‍්සජ‍්ජෙසි. “කොසලරඤ‍්ඤා ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරස‍්ස සංවිධානෙන අජාතසත‍්තු ගහිතො”ති භික‍්ඛූනං අන‍්තරෙ කථා සමුට‍්ඨහි, ධම‍්මසභායම‍්පි තමෙව කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ධනුග‍්ගහතිස‍්සො යුද‍්ධසංවිධානෙ ඡෙකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

යොදන ලද මිනිස්සු ඒ කථාව රජුට දැන්වූහ. රජු මහත් වූ සේනාව සමග ගොස් එසේකොට අජාසත් ගෙන සැකිළි බැම්මෙන් බැඳ දින කීපයක් මාන නැත්තෙකු කොට නැවත මෙබන්දක් නොකරවයි අස්වසා මුදවා දුව වූ වජිරා කුමාරියද ඔහුට දී මහත් වූ පිරිවර සමග පිටත්කර හැරියේය. කොසොල් රජු විසින් ධනුග්ගහතිස්ස තෙරුන්ගේ සංවිධානයෙන් අජාසත් ගන්නා ලදැයි භික්‍ෂූන් අතර කථාවක් උපන්නේය. දම්සභාවෙහිද එසේම කථාව උපදවාලූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්ත වූවාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද ධනුග්ගහ තිස්ස යුද්ධ සංවිධානයෙහි දක්‍ෂයෙක් වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසිනගරස‍්ස ද‍්වාරගාමවාසී එකො වඩ‍්ඪකී දාරුඅත්‍ථාය අරඤ‍්ඤං ගන‍්ත්‍වා ආවාටෙ පතිතං එකං සූකරපොතකං දිස‍්වා ආනෙත්‍වා “තච‍්ඡසූකරො”තිස‍්ස නාමං කත්‍වා පොසෙසි. සො තස‍්ස උපකාරකො අහොසි. තුණ‍්ඩෙන රුක‍්ඛෙ පරිවත‍්තෙත්‍වා දෙති, දාඨාය වෙඨෙත්‍වා කාළසුත‍්තං කඩ‍්ඪති, මුඛෙන ඩංසිත්‍වා වාසිනිඛාදනමුග‍්ගරෙ ආහරති. සො වුඩ‍්ඪිප‍්පත‍්තො මහාබලො මහාසරීරො අහොසි. අථ වඩ‍්ඪකී තස‍්මිං පුත‍්තපෙමං පච‍්චුපට‍්ඨාපෙත්‍වා “ඉමං ඉධ වසන‍්තං කොචිදෙව හිංසෙය්‍යා”ති අරඤ‍්ඤෙ විස‍්සජ‍්ජෙසි. සො චින‍්තෙසි “අහං ඉමස‍්මිං අරඤ‍්ඤෙ එකකොව වසිතුං න සක‍්ඛිස‍්සාමි, ඤාතකෙ පරියෙසිත්‍වා තෙහි පරිවුතො වසිස‍්සාමී”ති. සො වනඝටාය සූකරෙ පරියෙසන‍්තො බහූ සූකරෙ දිස‍්වා තුස‍්සිත්‍වා තිස‍්සො ගාථා අභාසි –

අතීතයෙහි බරණැස් නුවර දොරටු සමීප ගම්වැසි එක් වඩුවෙක් දැව පිණිස වනයට ගොස් වලෙක වැටුන එක් ඌරු පැටියෙකු දැක ගෙනවුත් ඌට තච්ඡසූකර යයි නම්කොට පෝෂණය කළේය. හෙතෙම ඔහුට උපකාරී විය. තුඩින් ගස් පෙරලා දෙයි. දළින් වෙලා කළුනූල අදී. මුඛයෙන් ඩැහැගෙන වෑ නියන් මුගුරු ගෙන එයි. වැඩිවියට පත් හෙතෙම මහා බල ඇත්තේ මහා සිරුර ඇත්තේ වීය. වඩුවා ඔහු කෙරේ පුත්‍ර ප්‍රේමය උපදවා මෙහි වසන්නා වූ මොහුට කිසිවෙක් හිංසා කරන්නේ යයි වනයෙහි මුදාහැරියේය. හෙතෙම මෙසේ සිතීය. මම මේ වනයෙහි හුදකලාව වාසය කරන්නට නොහැක්කෙමි. නෑයන් සොයා ඔවුන් විසින් පිරිවරන ලද්දේ වසන්නෙමියි හෙතෙම වන ලැහැබෙහි ඌරන් සොයන්නේ බොහෝ ඌරන් දැක සතුටු වී ගාථා තුනක් කීවේය.

“යදෙසමානා විචරිම‍්හ, පබ‍්බතානි වනානි ච; අන්‍වෙසං විචරිං ඤාතී, තෙමෙ අධිගතා මයා.

යදෙසමානා විචරිම්හ පබ්බතානි වනානි ච, අන්‍වෙසං විචරිං ඤාතී තෙ මෙ අධිගතා මයා

1. යමක් සොයන්නා වූ අපි පර්වතයන්හිද වනයන්හිද ඇවිද්දෙමුද, නෑදෑයන් සොයමින් හැසිරෙන්නෙම්ද, මා විසින් ඒ නෑයන් ලබන ලදිමි.

“බහුඤ‍්චිදං මූලඵලං, භක‍්ඛො චායං අනප‍්පකො; රම‍්මා චිමා ගිරීනජ‍්ජො, ඵාසුවාසො භවිස‍්සති.

2. මේ මුල් (අල) හා ගෙඩි බොහෝය. මේ කෑයුතු දේද බොහෝය. මේ පර්වත නදීන් සිත්කළුය. සුවසේ විසීම වන්නේය.

“ඉධෙවාහං වසිස‍්සාමි, සහ සබ‍්බෙහි ඤාතිභි; අප‍්පොස‍්සුක‍්කො නිරාසඞ‍්කී, අසොකො අකුතොභයො”ති.

3. උත්සාහයෙන් තොරව සැක නැතිව සෝකයෙන් තොරව බිය රහිතව සියලු ඤාතීන් සමග මම මෙහිම වසන්නෙමි.

තත්‍ථ යදෙසමානාති යං ඤාතිගණං පරියෙසන‍්තා මයං විචරිම‍්හ. අන්‍වෙසන‍්ති චිරං වත අන්‍වෙසන‍්තො විචරිං. තෙමෙති තෙ ඉමෙ. භක‍්ඛොති ස‍්වෙව වනමූලඵලසඞ‍්ඛාතො භක‍්ඛො. අප‍්පොස‍්සුක‍්කොති අනුස‍්සුක‍්කො හුත්‍වා.

එහි යසෙදමානා යනු යම් ඤාති සමූහයක් සොයමින් අපි හැසිරුනුමුදු, සොයමින් මම හැසුරුනෙමිද තෙ මෙ යනු ඒ මොවුහු. භක්ඛො යනු වනමුල් ගෙඩි සංඛ්‍යාත ඒ ආහාරයි. අප්පොසුක්කො හුත්‍වා අනුත්සාහී වී.

සූකරා තස‍්ස වචනං සුත්‍වා චතුත්‍ථං ගාථමාහංසු –

ඌරෝ ඔහුගේ කථාව අසා සිව්වන ගාථාව කීවාහුය.

“අඤ‍්ඤම‍්පි ලෙණං පරියෙස, සත‍්තු නො ඉධ විජ‍්ජති; සො තච‍්ඡ සූකරෙ හන‍්ති, ඉධාගන‍්ත්‍වා වරං වර”න‍්ති.

4. තච්ඡ සූකරය, අන් ලෙනක් සොයව. අපට මෙහි සතුරෙක් වෙයි. ඔහු මෙහි අවුත් හොඳ හොඳ ඌරන් මරයි.

තත්‍ථ තච‍්ඡාති තං නාමෙනාලපන‍්ති. වරං වරන‍්ති සූකරෙ හනන‍්තො ථූලමංසං වරං වරඤ‍්ඤෙව හනති.

එහි තච්ඡ යනු ඔහු නමින් අමතයි. වරං වරං යනු නසන්නේම වැඩුන මස් ඇති හොඳ හොඳ ඌරන්වම නසයි.

ඉතො පරං උත‍්තානසම‍්බන්‍ධගාථා පාළිනයෙන වෙදිතබ‍්බා –

මෙතැන් පටන් පෙනෙන සම්බන්ධ ගාථාවෝ පෙළෙහි වූ ක්‍රමයෙන්ම දත යුතුය.

“කො නුම‍්හාකං ඉධ සත‍්තු, කො ඤාතී සුසමාගතෙ; දුප‍්පධංසෙ පධංසෙති, තං මෙ අක‍්ඛාථ පුච‍්ඡිතා.

5. මෙහි අපගේ සතුරා කවරෙක්ද? නැසිය නොහැකි ආකාරයෙන් ඤාතීන් එකතු වූ කල්හි (ඒ අප) නසයිද අසන්නා වූ මට ඌ කවරෙක්දැයි කියව.

“උද‍්ධග‍්ගරාජී මිගරාජා, බලී දාඨාවුධො මිගො; සො තච‍්ඡ සූකරෙ හන‍්ති, ඉධාගන‍්ත්‍වා වරං වරං.

6. තච්ඡ සූකරය, උඩට නැගුන රේඛා ඉරි ඇති සතුන්ට රජු වූ බලවත් දළයන් ආයුධ කොට ඇති ව්‍යාඝ්‍රයෙක් ඇත. හෙතෙම මෙහි අවුත් හොඳ හොඳ ඌරන් නසයි.

“න නො දාඨා න විජ‍්ජන‍්ති, බලං කායෙ සමොහිතං; සබ‍්බෙ සමග‍්ගා හුත්‍වාන, වසං කාහාම එකකං.

7. අපට දළ නැත්තේ නොවේ. සිරුරෙහි බලය ඇත. සියල්ලෝ එකතු වී තනි වූ ඔහු යටත් කරමු.

“හදයඞ‍්ගමං කණ‍්ණසුඛං, වාචං භාසසි තච‍්ඡක; යොපි යුද‍්ධෙ පලායෙය්‍ය, තම‍්පි පච‍්ඡා හනාමසෙ”ති.

8. තච්ඡකය, හෘදයංගම වූ කණට සුව එළවන්නා වූ වචනයක් කියෙහි. යමෙක් යුද්ධයෙහිදී පලායන්නෙහිද ඌද පසුව නසමු.

තත්‍ථ කො නුම‍්හාකන‍්ති අහං තුම‍්හෙ දිස‍්වාව “ඉමෙ සූකරා අප‍්පමංසලොහිතා, භයෙන නෙසං භවිතබ‍්බ”න‍්ති චින‍්තෙසිං, තස‍්මා මෙ ආචික‍්ඛථ, කො නු අම‍්හාකං ඉධ සත‍්තු. උද‍්ධග‍්ගරාජීති උද‍්ධග‍්ගාහි සරීරරාජීහි සමන‍්නාගතො. බ්‍යග‍්ඝං සන්‍ධායෙවමාහංසු. යොපීති යො අම‍්හාකං අන‍්තරෙ එකොපි පලායිස‍්සති, තම‍්පි මයං පච‍්ඡා හනිස‍්සාමාති.

එහි කොනම්හාකං යනු මම තොප දැකම මේ ඌරෝ මද වූ මස් ලේ ඇත්තෝ වෙති. ඔවුන් ඇති බිය නිසා එසේ වීයයි සිතුවෙමි. එහෙයින් මට මෙහි අපගේ සතුරා කවරෙක්දැයි කියව. උද්ධග්ගරාජී යනු උඩට නැගුන සිරුරු රේඛාවන්ගෙන් යුක්තවූ ව්‍යාඝ්‍රයෙකු අරභයාම කියන ලදහ. යොපි යනු යමෙක් අප අතර එකෙකුදු පලායන්නේද ඔහුද අපි පසුව නසන්නෙමුයි.

තච‍්ඡසූකරො සබ‍්බෙ සූකරෙ එකචිත‍්තෙ කත්‍වා පුච‍්ඡි “කාය වෙලාය බ්‍යග‍්ඝො ආගමිස‍්සතී”ති. අජ‍්ජ පාතොව එකං ගහෙත්‍වා ගතො, ස‍්වෙ පාතොව ආගමිස‍්සතීති. සො යුද‍්ධකුසලො “ඉමස‍්මිං ඨානෙ ඨිතෙන සක‍්කා ජෙතු”න‍්ති භූමිසීසං පජානාති, තස‍්මා එකං පදෙසං සල‍්ලක‍්ඛෙත්‍වා රත‍්තිමෙව සූකරෙ ගොචරං ගාහාපෙත්‍වා බලවපච‍්චූසතො පට‍්ඨාය “යුද‍්ධං නාම සකටබ්‍යූහාදිවසෙන තිවිධං හොතී”ති වත්‍වා පදුමබ්‍යූහං සංවිදහති. මජ‍්ඣෙ ඨානෙ ඛීරපිවකෙ සූකරපොතකෙ ඨපෙසි. තෙ පරිවාරෙත්‍වා තෙසං මාතරො, තා පරිවාරෙත්‍වා වඤ‍්ඣා සූකරියො, තාසං අනන‍්තරා සූකරපොතකෙ, තෙසං අනන‍්තරා මකුලදාඨෙ තරුණසූකරෙ, තෙසං අනන‍්තරා මහාදාඨෙ, තෙසං අනන‍්තරා ජිණ‍්ණසූකරෙ, තතො තත්‍ථ තත්‍ථ දසවග‍්ගං වීසතිවග‍්ගං තිංසවග‍්ගඤ‍්ච කත්‍වා බලගුම‍්බං ඨපෙසි. අත‍්තනො අත්‍ථාය එකං ආවාටං, බ්‍යග‍්ඝස‍්ස පතනත්‍ථාය එකං සුප‍්පසණ‍්ඨානං පබ‍්භාරං කත්‍වා ඛණාපෙසි. ද‍්වින‍්නං ආවාටානං අන‍්තරෙ අත‍්තනො වසනත්‍ථාය පීඨකං කාරෙසි. සො ථාමසම‍්පන‍්නෙ යොධසූකරෙ ගහෙත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ සූකරෙ අස‍්සාසෙන‍්තො විචරි. තස‍්සෙවං කරොන‍්තස‍්සෙව සූරියො උග‍්ගච‍්ඡති.

තච්ඡ සූකරයා සියළු ඌරන් එක් සිත් ඇත්තවුන් කර කවර වේලාවක ව්‍යාඝ්‍රයා පැමිණෙන්නේදැයි විචාළේය. අද උදෑසනම එකෙකු රැගෙන ගියේය. හෙට උදේම පැමිණෙන්නේ යයි කීවේය. හෙතෙම යුද්ධයෙහි දක්ෂය. මෙතැනම සිටියහු විසින් දිනන්ට හැකියයි බිම් හිස දනී. එහෙයින් එක් පෙදෙසක් සලකා රාත්‍රියෙහිම ඌරන් ගොදුරු ගන්වා ඉතා අළුයම පටන් යුද්ධය නම් සකට බ්‍යුහ ආදී වශයෙන් ත්‍රිවිධ යයි කියා පදුම ව්‍යුහය යෙදවීය. මැද තැනහි කිරි බොන්නා වූ ඌරු පැටවුන් තැබීය. ඔවුන් පිරිවරා ඔවුන්ගේ මව්වරුද, ඈලා පිරිවරා වඳ ඊරියෝද, ඔවුන් අතර ඌරු පැටවුන්ද, ඔවුන් අතර මදක් පිටතට නික්මුණ දළ ඇති තරුණ ඌරන්ද, ඔවුන් අතර මහා දළ ඇති ඌරන්ද ඔවුන්ගේ අතර වයසට පත් ඌරන්ද අනතුරුව දහය බැගින් වූ විස්ස බැගින් වූ තිහ බැගින් වූ කණ්ඩායම් ද කොට බලගොමු තැබීය. තමා සඳහා එක් වලක්ද, ව්‍යාඝ්‍රයාගේ වැටීම සඳහා එක් මනාව පිහිටි ගුහාවක්ද කොට තැනවීය. ආවාටයන් දෙක අතර තමාගේ සිටීම පිණිස පීඨිකාවක් කරවීය. හෙතෙම බලසම්පන්න යෝධ ඌරන් ගෙන ඒ ඒ තන්හි ඌරන් අස්වසමින් හැසුරුනේය. ඔහු මෙසේ කරත්දීම හිරු නැංගේය.

අථ බ්‍යග‍්ඝරාජා කූටජටිලස‍්ස අස‍්සමපදා නික‍්ඛමිත්‍වා පබ‍්බතතලෙ අට‍්ඨාසි. තං දිස‍්වා සූකරා “ආගතො නො භන‍්තෙ වෙරී”ති වදිංසු. මා භායථ, යං යං එස කරොති, තං සබ‍්බං සරික‍්ඛා හුත්‍වා කරොථාති. බ්‍යග‍්ඝො සරීරං විධුනිත්‍වා ඔසක‍්කන‍්තො විය පස‍්සාවමකාසි, සූකරාපි තථෙව කරිංසු. බ්‍යග‍්ඝො සූකරෙ ඔලොකෙත්‍වා මහානදං නදි, තෙපි තථෙව කරිංසු. සො තෙසං කිරියං දිස‍්වා චින‍්තෙසි “න ඉමෙ පුබ‍්බසදිසා, අජ‍්ජ මය‍්හං පටිසත‍්තුනො හුත්‍වා වග‍්ගවග‍්ගා ඨිතා, සංවිදහකො නෙසං සෙනානායකොපි අත්‍ථි, අජ‍්ජ මයා එතෙසං සන‍්තිකං ගන‍්තුං න වට‍්ටතී”ති මරණභයතජ‍්ජිතො නිවත‍්තිත්‍වා කූටජටිලස‍්ස සන‍්තිකං ගතො. අථ නං සො තුච‍්ඡහත්‍ථං දිස‍්වා නවමං ගාථමාහ –

ඉක්බිති ව්‍යාඝ්‍ර රජු (තමාගේ යහළු වූ) කපටි ජටිලයාගේ අසපුවෙන් නික්මී පර්වත තලාවෙහි සිටියේය. ඌරෝ ඔහු දැක ස්වාමීනි, අපගේ සතුරා පැමිණියේ යයි කීවාහුය. බිය නොවව්. මෙතෙම යමක් කරයිද, ඒ සියල්ලට විරුද්ධව කරව් යයි කීවේය. ව්‍යාඝ්‍රයා ශරීරය කම්පාකොට පසුබසින්නාක් මෙන් මුත්‍රා කළේය. ඌරෝද එසේම කළාහුය. ව්‍යාඝ්‍රයා ඌරන් දෙස බලමින් මහ හඬින් නාද කළේය. ඔවුහුද එසේම කළාහුය. හෙතෙම ඔවුන්ගේ කාර්යය දැක මෙසේ සිතීය. මොවුහු පෙර මෙසේ නොවූහ. අද මට පිළිසතුරන් වී කොටස් කොටස් වී සිටියාහුය. ඔවුන්ගේ සංවිධානය කරන්නා වූ සේනානායකයෙක්ද ඇත. අද මා විසින් ඔවුන්ගේ සමීපයට යෑම නුසුදුසු යයි මරණ බියෙන් බියපත් වූයේ ආපසු හැරී කපටි ජටිලයාගේ සමීපයට ගියේය. ඉක්බිති හෙතෙම හිස් වූ අත් ඇති ඔහු දැක නවවන ගාථාව කීවේය.

“පාණාතිපාතා විරතො නු අජ‍්ජ, අභයං නු තෙ සබ‍්බභූතෙසු දින‍්නං; දාඨා නු තෙ මිගවධාය න සන‍්ති, යො සඞ‍්ඝපත‍්තො කපණොව ඣායසී”ති.

9. අද පරපණ නැසීමෙන් වැලකුනේද? සියළු සත්ත්වයන්ට අභය දුන්නෙහිද? ව්‍යාඝ්‍රය, තොපට දළ නැත්ද, වීර්යය නැත්ද, යමෙක් ඌරු සමූහයා වෙත පැමිණියේ දිළින්දෙකු මෙන් දැවෙන්නෙහිද, (ඒ ඔබයි)

තත්‍ථ සඞ‍්ඝපත‍්තොති යො ත්‍වං සූකරසඞ‍්ඝපත‍්තො හුත්‍වා කිඤ‍්චි ගොචරං අලභිත්‍වා කපණො විය ඣායසීති.

එහි සංඝපත්තො යනු යම්බඳු වූ ඔබ ඌරන් සමූහයා මැදට පැමිණියේ කිසිදු ගොදුරක් නොලැබ දිළින්දෙකු මෙන් දැවෙන්නෙහිද?

අථ බ්‍යග‍්ඝො තිස‍්සො ගාථා අභාසි –

ඉක්බිති ව්‍යාඝ්‍රයා ගාථා තුනක් කීවේය.

“න මෙ දාඨා න විජ‍්ජන‍්ති, බලං කායෙ සමොහිතං; ඤාතී ච දිස‍්වාන සාමග‍්ගී එකතො, තස‍්මා ච ඣායාමි වනම‍්හි එකකො.

10. මට දළ නැත්තේ නොවෙයි. සමගිව එකට හුන් ඤාතීන් දැක සිරුරේ බලය නැසුනේය. එනිසා වනයෙහි හුදකලාව තැවෙමි.

“ඉමස‍්සුදං යන‍්ති දිසොදිසං පුරෙ, භයට‍්ටිතා ලෙණගවෙසිනො පුථු; තෙ දානි සඞ‍්ගම‍්ම වසන‍්ති එකතො, යත්‍ථට‍්ඨිතා දුප‍්පසහජ‍්ජ තෙ මයා.

11. පෙර මොවුහු බියට පත් වූවාහු ලෙන් සොයන්නාහු වෙන් වෙන්ව දිශාවෙන් දිශාවට යත්. දැන් ඔවුහු එකතුව එකෙකු මෙන් වසත්. යම්තැනක සිටියා වූ ඔවුහු අද මා විසින් මැඩලන්නට හැකි නොවේ.

“පරිණායකසම‍්පන‍්නා , සහිතා එකවාදිනො; තෙ මං සමග‍්ගා හිංසෙය්‍යුං, තස‍්මා නෙසං න පත්‍ථයෙ”ති.

12. නායකයෙකු සහිතව වූ එක්සත් වූ එක වචනයක පිහිටියා වූ ඔවුහු සමගි වූවාහු මා හිංසාවට පත් කරන්නාහුය. එහෙයින් ඔවුන් නොපතමි.

තත්‍ථ සාමග‍්ගී එකතොති සහිතා හුත්‍වා එකතො ඨිතෙ. ඉමස‍්සුදන‍්ති ඉමෙ සුදං මයා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකිතමත‍්තාව පුබ‍්බෙ දිසොදිසං ගච‍්ඡන‍්ති. පුථූති විසුං විසුං. යත්‍ථට‍්ඨිතාති යස‍්මිං භූමිභාගෙ ඨිතා. පරිණායකසම‍්පන‍්නාති සෙනානායකෙන සම‍්පන‍්නා. තස‍්මා නෙසං න පත්‍ථයෙති තෙන කාරණෙන එතෙසං න පත්‍ථෙමි.

එහි සමංගී යනු එකතු වී සිටි. ඉමස්සුදං යනු මොවුහු පළමුව මා විසින් ඇස් විවෘත කර බැලූ පමණින්ම දිශාවෙන් දිශාවට යත්. පුථු යනු වෙන් වෙන්ව. යත්‍ථට්ඨිතා යනු යම් බිම් පෙදෙසෙක සිටියාහු. පරිණායක සම්පන්න යනු සේනාවෙහි ප්‍රධානියෙකුගෙන් යුත්. තස්මා තෙසං න පත්‍ථයෙ යනු ඒ කරුණින් මොවුන් නොපතමි.

තං සුත්‍වා කූටජටිලො තස‍්ස උස‍්සාහං ජනයන‍්තො ගාථමාහ –

ඒ අසා කපටි ජටිලයා,

“එකොව ඉන්‍දො අසුරෙ ජිනාති, එකොව සෙනො හන‍්ති දිජෙ පසය‍්හ; එකොව බ්‍යග‍්ඝො මිගසඞ‍්ඝපත‍්තො, වරං වරං හන‍්ති බලඤ‍්හි තාදිස”න‍්ති.

13. ශක්‍රයා හුදකලාවම අසුරයන් දිනයි. උකුස්සා හුදකලාවම පක්‍ෂීන් බලහත්කාරයෙන් ගෙන නසයි. ව්‍යාඝ්‍රයා හුදකලාවම ඌරන් සමූහයා මැදට පැමිණියේ හොඳ හොඳ ඌරන් මරයි. බලය නම් එයයි යන ගාථාව කීවේය.

තත්‍ථ මිගසඞ‍්ඝපත‍්තොති මිගගණපත‍්තො හුත්‍වා වරං වරං මිගං හන‍්ති. බලඤ‍්හි තාදිසන‍්ති තාදිසඤ‍්හි තස‍්ස බලං.

එහි මිගසංඝ පත්තො යනු මෘග සමූහයා වෙතට පැමිණියේ වී හොඳ හොඳ මුවා මරයි. බලං හි තාදිසං යනු ඔහුගේ බලය එබඳු වූවෙකි.

අථ බ්‍යග‍්ඝො ගාථමාහ –

ඉක්බිති ව්‍යාඝ්‍රයා (කියනුයේ)

“න හෙව ඉන්‍දො න සෙනො, නපි බ්‍යග‍්ඝො මිගාධිපො; සමග‍්ගෙ සහිතෙ ඤාතී, න බ්‍යග‍්ඝෙ කුරුතෙ වසෙ”ති.

14. සමගි වූ ඤාතීන් ඇති කල්හි ශක්‍රයා (අසුරයන් ජයගන්නේ) නොවේ. උකුස්සා (කුරුල්ලන් නසන්නේ) නොවේ. මෘගාධිපති ව්‍යාඝ්‍රයා (මුවන් මරන්නේ) නොවේ. (ඔවුන්) ව්‍යාඝ්‍රයන්ද තමා වසඟයෙහි කරන්නේය.

යන ගාථාව කීවේය.

තත්‍ථ බ්‍යග‍්ඝෙති බ්‍යග‍්ඝසදිසෙ හුත්‍වා සරීරවිධූනනාදීනි කත්‍වා ඨිතෙ වසෙ න කුරුතෙ, අත‍්තනො වසෙ වත‍්තාපෙතුං න සක‍්කොතීති අත්‍ථො.

එහි ව්‍යග්ඝෙ ච යනු ව්‍යාඝ්‍ර ආදීන් හා සමාන වී සිරුර කම්පා කිරීම් ආදිය කොට සිටි කල්හි තමා වසඟයෙහි තබාගැනීම නොකෙරේ. තමාගේ වසඟයෙහි පවත්වන්නට නොහැකිය යන අර්ථයි.

පුන ජටිලො තං උස‍්සාහෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

නැවත ජටිලයා ඔහු උත්සාහී කරවමින් ගාථා දෙකක් කීවේය.

“කුම‍්භීලකා සකුණකා, සඞ‍්ඝිනො ගණචාරිනො; සම‍්මොදමානා එකජ‍්ඣං, උප‍්පතන‍්ති ඩයන‍්ති ච.

15. සමූහ වශයෙන් හැසිරෙන්නා වූ පිරිසට නායකයෙක් ඇති කුම්භීලක නම් පක්‍ෂීහු සතුටින් එක්ව අහසට නගිත් පියාසර කරත්.

“තෙසඤ‍්ච ඩයමානානං, එකෙත්‍ථ අපසක‍්කති; තඤ‍්ච සෙනො නිතාළෙති, වෙය්‍යග‍්ඝියෙව සා ගතී”ති.

16. පියඹා යන්නා වූ ඔවුන් අතරින් එකෙක් ඉවත්ව යේද උකුස්සා ඌ පැහැර ගනී. ව්‍යාඝ්‍රයන්ගේද එබඳු ස්වභාව ඇත්තේය.

තත්‍ථ කුම‍්භීලකාති එවංනාමකා ඛුද‍්දකසකුණා. උප‍්පතන‍්තීති ගොචරං චරන‍්තා උප‍්පතන‍්ති. ඩයන‍්ති චාති ගොචරං ගහෙත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්ති. එකෙත්‍ථ අපසක‍්කතීති එකො එතෙසු ඔසක‍්කිත්‍වා වා එකපස‍්සෙන වා විසුං ගච‍්ඡති. නිතාළෙතීති පහරිත්‍වා ගණ‍්හාති. වෙය්‍යග‍්ඝියෙව සා ගතීති බ්‍යග‍්ඝානං එසාති වෙය්‍යග‍්ඝි, සමග‍්ගානං ගච‍්ඡන‍්තානම‍්පි එසා එවරූපා ගති බ්‍යග‍්ඝානං ගතියෙව නාම හොති. න හි සක‍්කා සබ‍්බෙහි එකතොව ගන‍්තුං, තස‍්මා යො එවං තත්‍ථ එකො ගච‍්ඡති, තං ගණ‍්හාති.

එහි කුම්භීලකා යනු එනම් වූ කුඩා කුරුල්ලෝය. උප්පතන්ති යනු ගොදුරු පිණිස හැසිරෙන්නාහු අහසට පැන නගිත්. ඩයන්ති වා යනු ගොදුරු ගෙන අහසින් යති. එකෙත්‍ථ අපවත්තතී යනු ඔවුන් අතර එකෙක් මගහැරී හෝ එකත්පසෙකින් හෝ වෙන්ව යයි. නිකාළෙති යනු පහරදී අල්ලා ගනී. වෙය්‍යගසී යෙව සා ගතී යනු ව්‍යාඝ්‍රයන්ගේ මේ ස්වභාවය වේ. ව්‍යාඝ්‍රයා සමගිව යන්නවුන් පිළිබඳව මෙබඳු වූම ස්වභාව ඇත්තේය. ව්‍යාඝ්‍රයන්ගේ ස්වභාවය නම් වෙයි. සියල්ලන් විසින්ම එකතුව යන්නට නොහැකිය. එහෙයින් යමෙක් මෙසේ තනිව යේද ඌ අල්ලා ගනී යනුයි.

එවඤ‍්ච පන වත්‍වා “බ්‍යග‍්ඝරාජ ත්‍වං අත‍්තනො බලං න ජානාසි, මා භායි, කෙවලං ත්‍වං නදිත්‍වා පක‍්ඛන්‍ද, ද‍්වෙ එකතො ගච‍්ඡන‍්තා නාම න භවිස‍්සන‍්තී”ති උස‍්සාහෙසි . සො තථා අකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේද කියා ව්‍යාඝ්‍ර රාජය, ඔබ තමන්ගේ බලය නොදන්නෙහිය. බිය නොවව. ඔබ කෑගසා කඩා පනිව. දෙදෙනෙක් එකතුව යන්නෝ නම් නොවෙත් යයි උත්සාහී කළේය. හෙතෙම එසේ කළේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ,

“උස‍්සාහිතො ජටිලෙන, ලුද‍්දෙනාමිසචක‍්ඛුනා; දාඨී දාඨීසු පක‍්ඛන‍්ති, මඤ‍්ඤමානො යථා පුරෙ”ති.

17. රෞද්‍ර වූ ආමිසය පිළිබඳ යොමු වූ ඇස් ඇති ජටිලයා විසින් උත්සාහවත් කරන ලද දළ ඇති ව්‍යාඝ්‍රයා පෙර මෙන් සිතමින් දළ ඇති ඌරන් වෙත පැන්නේය.

යන ගාථාව වදාළ සේක.

තත්‍ථ දාඨීති සයං දාඨාවුධො ඉතරෙසු දාඨාවුධෙසු පක‍්ඛන්‍දි. යථා පුරෙති යථා පුබ‍්බෙ මඤ‍්ඤති, තථෙව මඤ‍්ඤමානො.

එහි දාඨි යනු තෙමේ දළ නමැති ආයුධ ඇත්තේ දළ නමැති ආයුධ ඇති අන්‍යයන් (ඌරන්) වෙත පැන්නේය. යථා පුරෙ යනු පෙර යම් සේ හඟීද එසේම හඟිමින්.

සො කිර ගන‍්ත්‍වා පබ‍්බතතලෙ තාව අට‍්ඨාසි. සූකරා “පුනාගතො සාමි, චොරො”ති තච‍්ඡස‍්ස ආරොචෙසුං. සො “මා භායථා”ති තෙ අස‍්සාසෙත්‍වා උට‍්ඨාය ද‍්වින‍්නං ආවාටානං අන‍්තරෙ පීඨකාය අට‍්ඨාසි. බ්‍යග‍්ඝො වෙගං ජනෙත්‍වා තච‍්ඡසූකරං සන්‍ධාය පක‍්ඛන්‍දි. තච‍්ඡසූකරො පරිවත‍්තිත්‍වා පච‍්ඡාමුඛො පුරිමආවාටෙ පති. බ්‍යග‍්ඝො ච වෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො ගන‍්ත්‍වා සුප‍්පපබ‍්භාරෙ ආවාටෙ පතිත්‍වා පුඤ‍්ජකිතොව අට‍්ඨාසි. තච‍්ඡසූකරො වෙගෙන උට‍්ඨාය තස‍්ස අන‍්තරසත්‍ථිම‍්හි දාඨං ඔතාරෙත්‍වා යාව හදයා ඵාලෙත්‍වා මංසං ඛාදිත්‍වා මුඛෙන ඩංසිත්‍වා බහිආවාටෙ පාතෙත්‍වා “ගණ‍්හථිමං දාස”න‍්ති ආහ. පඨමාගතා එකවාරමෙව තුණ‍්ඩොතාරණමත‍්තං ලභිංසු, පච‍්ඡා ආගතා අලභිත්‍වා “බ්‍යග‍්ඝමංසං නාම කීදිස”න‍්ති වදිංසු. තච‍්ඡසූකරො ආවාටා උත‍්තරිත්‍වා සූකරෙ ඔලොකෙත්‍වා “කිං නු ඛො න තුස‍්සථා”ති ආහ. “සාමි, එකො තාව බ්‍යග‍්ඝො ගහිතො, අඤ‍්ඤො පනෙකො දසබ්‍යග‍්ඝග‍්ඝනකො අත්‍ථී”ති? “කො නාමෙසො”ති? “බ්‍යග‍්ඝෙන ආභතාභතමංසං ඛාදකො කූටජටිලො”ති. “තෙන හි එථ, ගණ‍්හිස‍්සාම න”න‍්ති තෙහි සද‍්ධිං වෙගෙන පක‍්ඛන්‍දි.

ඔහු පැමිණ පළමුව පර්වත තලාවෙහි සිටියේය. ඌරෝ ස්වාමීනි, සොරා නැවත ආවේ යයි තච්ඡකට දැන්වූහ. හෙතෙම බිය නොවව් යයි ඔවුන් අස්වසා නැගී සිට ආවාටයන් දෙක අතරෙහි වේදිකාවෙහි සිටියේය. ව්‍යාඝ්‍රයා වේගය උපදවා තච්ඡ ඌරා සඳහා පැන්නේය. තච්ඡ ඌරා ආපිට හැරී පසුමුඛව පළමු වලෙහි වැටුනේය. ව්‍යාඝ්‍රයා වේගය දරන්නට නොහැකි වන්නේ ගොස් මනාව කනින ලද වලෙහි වැටී වකුටුව හුන්නේය. තච්ඡ සූකරයා වේගයෙන් නැගී සිට ඔහුගේ කලවා අතර දළය බස්වා හදවත දක්වා පලමින් ගොස් මස් කා මුවෙන් ඩැහැ පිටවලෙහි හෙලා මේ දාසයා ගනුවයි කීවේය. පළමුව පැමිණියෝ එකවරක් පමණක්ම තුඩ ගැසීම් පමණක් ලදහ. පසුව ආවේ ව්‍යාඝ්‍ර මස් කෙබඳුදැයි කීවාහුය. තච්ඡ හූරා වලෙන් ගොඩට අවුත් ඌරන් බලා කිම යහපත් නොවේද? සතුටු වව්දැයි කීවේය. ස්වාමීනි, එක ව්‍යාඝ්‍රයෙක් ගන්නා ලද්දේය. ව්‍යාඝ්‍රයන් දස දෙනෙකු වටිනා අනිකෙකු ඇතැයි කීහ. ඔහු කවරෙක්දැයි. ව්‍යාඝ්‍රයා විසින් ගෙන එන ලද මස් කන කපටි ජටිලයාය. එසේ නම් එව් ඔහුවද ගන්නෙමුයි ඔවුන් සමග වේගයෙන් පැන්නේය.

ජටිලො “බ්‍යග‍්ඝො චිරායතී”ති තස‍්ස ආගමනමග‍්ගං ඔලොකෙන‍්තො බහූ සූකරෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “ඉමෙ බ්‍යග‍්ඝං මාරෙත්‍වා මම මාරණත්‍ථාය ආගච‍්ඡන‍්ති මඤ‍්ඤෙ”ති පලායිත්‍වා එකං උදුම‍්බරරුක‍්ඛං අභිරුහි. සූකරා “එස රුක‍්ඛං ආරුළ‍්හො”ති වදිංසු. “කිං රුක‍්ඛ”න‍්ති. “උදුම‍්බරරුක‍්ඛ”න‍්ති. “තෙන හි මා චින‍්තයිත්‍ථ, ඉදානි නං ගණ‍්හිස‍්සාමා”ති තරුණසූකරෙ පක‍්කොසිත්‍වා රුක‍්ඛමූලතා පංසුං අපබ්‍යූහාපෙසි, සූකරීහි මුඛපූරං උදකං ආහරාපෙසි, මහාදාඨසූකරෙහි සමන‍්තා මූලානි ඡින්‍දාපෙසි. එකං උජුකං ඔතිණ‍්ණමූලමෙව අට‍්ඨාසි. තතො සෙසසූකරෙ “තුම‍්හෙ අපෙථා”ති උස‍්සාරෙත්‍වා ජණ‍්ණුකෙහි පතිට‍්ඨහිත්‍වා දාඨාය මූලං පහරි, ඵරසුනා පහටං විය ඡිජ‍්ජිත්‍වා ගතං. රුක‍්ඛො පරිවත‍්තිත්‍වා පති. තං කූටජටිලං පතන‍්තමෙව සම‍්පටිච‍්ඡිත්‍වා මංසං භක‍්ඛෙසුං. තං අච‍්ඡරියං දිස‍්වා රුක‍්ඛදෙවතා ගාථමාහ –

ජටිලයා ව්‍යාඝ්‍රයා ප්‍රමාද වෙයි යයි ඔහු එන මාර්ගය බලන්නේ එන්නා වූ ඌරන් දැක මොවුහු ව්‍යාඝ්‍රයා මරා මා මැරීම පිණිස පැමිණෙත් යයි සිතමි යයි පලාගොස් එක් දිවුල් ගසකට නැංගේය. ඌරෝ මෙතෙම ගසට නැංගේ යයි කීහ. කවර ගසකටද? දිවුල් ගසකටය. එසේනම් නහමක් නොසිතව, දැන් ඔහු ගන්නෙමුයි තරුණ ඌරන් කැඳවා ගස මුලින් පස් ඉවත් කරවීය. ඊරියන් ලවා මුව පුරා වතුර ගෙන්වීය. මහත් වූ දළ ඇති ඌරන් ලවා හාත්පස මුල් සිඳුවීය. සෘජුව බැසගත් එකම මුලක් (ඉතිරිව) සිටියේය. අනතුරුව සෙසු ඌරන්ට තෙපි ඉවත් වවු යයි ඉවත් කරවා දණින් සිට දළින් මුලට පහර දුන්නේය. පොරොවෙන් ගැසුවාක් මෙන් සිඳී ගිය ගස පෙරලී වැටුනේය. වැටෙන්නා වූම කපටි ජටිලයා පිළිගෙන මස් කෑවාහුය. ඒ ආශ්චර්යය දැක වෘක්‍ෂ දේවතාවා

“සාධු සම‍්බහුලා ඤාතී, අපි රුක‍්ඛා අරඤ‍්ඤජා; සූකරෙහි සමග‍්ගෙහි, බ්‍යග‍්ඝො එකායනෙ හතො”ති.

18. නෑදෑයෝ බහුලවීම මැනවි. වනයෙහි ගස් බොහෝ වීමද මැනවි. සමගි වූ ඌරන් විසින් එකවරකින්ම ව්‍යාඝ්‍රයා නසන ලදි. යන ගාථාව කීවේය.

තත්‍ථ එකායනෙ හතොති එකගමනස‍්මිංයෙව හතො.

එහි එකායනෙ හතො යනු එක් වරකින්ම නසන ලද්දේය. එක ගමනින්ම නසන ලද්දේය.

උභින‍්නං පන නෙසං හතභාවං පකාසෙන‍්තො සත්‍ථා ඉතරං ගාථමාහ –

ඔවුන් දෙදෙනාගේම නැසුන බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ වෙනත් ගාථාවක් කීවේය.

“බ්‍රාහ‍්මණඤ‍්චෙව බ්‍යග‍්ඝඤ‍්ච, උභො හන‍්ත්‍වාන සූකරා; ආනන්‍දිනො පමුදිතා, මහානාදං පනාදිසු”න‍්ති.

19. ඌරෝ බ්‍රාහ්මණයාද ව්‍යාඝ්‍රයාද යන දෙදෙනාම නසා සතුටුවැ ප්‍රදුදිතවැ මහා නාදයක් පැවැත්වූහ.

පුන තච‍්ඡසූකරො තෙ පුච‍්ඡි “අඤ‍්ඤෙපි වො අමිත‍්තා අත්‍ථී”ති? සූකරා “නත්‍ථි, සාමී”ති වත්‍වා “තං අභිසිඤ‍්චිත්‍වා රාජානං කරිස‍්සාමා”ති උදකං පරියෙසන‍්තා ජටිලස‍්ස පානීයසඞ‍්ඛං දිස‍්වා තං දක‍්ඛිණාවට‍්ටං සඞ‍්ඛරතනං පූරෙත්‍වා උදකං අභිහරිත්‍වා තච‍්ඡසූකරං උදුම‍්බරරුක‍්ඛමූලෙයෙව අභිසිඤ‍්චිංසු. අභිසෙකඋදකං ආසිත‍්තං, සූකරිමෙවස‍්ස අග‍්ගමහෙසිං කරිංසු. තතො පට‍්ඨාය උදුම‍්බරභද‍්දපීඨෙ නිසීදාපෙත්‍වා දක‍්ඛිණාවට‍්ටසඞ‍්ඛෙන අභිසෙකකරණං පවත‍්තං. තම‍්පි අත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඔසානගාථමාහ –

නැවත තච්ඡ ඌරා “ඔබලාට අනික් සතුරෙක් ඇත්දැයි විචාළේය. ඌරෝ ස්වාමීනි, නැතැයි කියා ඔහු අභිෂේක කර රජු කරන්නෙමුයි ජලය සොයන්නාහු ජටිලයාගේ පැන් සක්ගෙඩිය දැක දක්‍ෂිණාවෘත උතුම් සක්ගෙඩිය පුරවා ජලය ගෙනවුත් තච්ඡකයා දිවුල් ගස මුලම අභිෂේක කළාහුය. අභිෂේක ජලය වත්කළ ඊරියම ඔහුට අගමෙහෙසිය කළාහුය. එතැන් පටන් යහපත් වූ දිවුල් වේදිකාවෙහි හිඳුවා දක්‍ෂිණාවෘත සක් ගෙඩියෙන් අභිෂේක කිරීම පැවතියේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අවසාන ගාථාව වදාළ සේක.

“තෙ සු උදුම‍්බරමූලස‍්මිං, සූකරා සුසමාගතා; තච‍්ඡකං අභිසිඤ‍්චිංසු, ත්‍වං නො රාජාසි ඉස‍්සරො”ති.

20. දිවුල් ගස මුලැ රැස් වූ ඌරෝ ඔබ අපගේ ප්‍රධානී වූ රජ වන්නෙහි යයි තච්ඡක ඌරා අභිෂෙක කළාහුය.

තත්‍ථ තෙ සූති තෙ සූකරා, සු-කාරො නිපාතමත‍්තං. උදුම‍්බරමූලස‍්මින‍්ති උදුම‍්බරස‍්ස මූලෙ.

එහි තෙ සූ යනු ඒ ඌරෝ “සු” කාරය නිපාතයක් පමණි. උදුම්බර මුලස්මිං යනු උදුම්බර ගස මුලැ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො යුද‍්ධසංවිදහනෙ ඡෙකොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටජටිලො දෙවදත‍්තො අහොසි, තච‍්ඡසූකරො ධනුග‍්ගහතිස‍්සො, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ධනුග්ගහ තිස්ස තෙර යුද්ධ සංවිධානයෙහි දක්‍ෂ වූයේ දැන් පමණක් නොවේ. පෙරද දක්‍ෂ වූයේ මැයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කපටි ජටිලයා දෙව්දත් වීය. තච්ඡ ඌරා ධනුග්ගහතිස්ස වීය. වෘක්‍ෂ දේවතාවා මම ම වීමි යයි වදාළ සේක.

තච‍්ඡසූකරජාතකවණ‍්ණනා නවමා.