11. සාධිනජාතකවණ්ණනා 494 අට්ඨකථා
11. සාධිනජාතකවණ්ණනා (494)
11. සාධීන ජාතකය (494)
අබ්භුතො වත ලොකස්මින්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උපොසථිකෙ උපාසකෙ ආරබ්භ කථෙසි. තදා හි සත්ථා “උපාසකා පොරාණකපණ්ඩිතා අත්තනො උපොසථකම්මං නිස්සාය මනුස්සසරීරෙනෙව දෙවලොකං ගන්ත්වා චිරං වසිංසූ”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
අබ්භුතො වත ලොකස්මිං යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් සමාදන් වූ උපාසකයන් අරභයා දේශනා කළ සේක්ක. එකල්හි ශාස්තෘන් වහන්සේ “උපාසකවරුනි, පෙර පණ්ඩිතයෝ තමාගේ පෙහෙවස් විසීම නිසා මිනිස් සිරුරෙන්ම දෙව්ලොව ගොස් බොහෝ කල් විසුවාහු යයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ මිථිලායං සාධිනො නාම රාජා ධම්මෙන රජ්ජං කාරෙසි. සො චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙ චාති ඡ දානසාලායො කාරෙත්වා සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා මහාදානං පවත්තෙසි, දෙවසිකං ඡ සතසහස්සානි වයකරණං ගච්ඡන්ති, පඤ්ච සීලානි රක්ඛති, උපොසථං උපවසති. රට්ඨවාසිනොපි තස්ස ඔවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා මතමතා දෙවනගරෙයෙව නිබ්බත්තිංසු. සුධම්මදෙවසභං පූරෙත්වා නිසින්නා දෙවා රඤ්ඤො සීලාදිගුණමෙව වණ්ණයන්ති. තං සුත්වා සෙසදෙවාපි රාජානං දට්ඨුකාමා අහෙසුං. සක්කො දෙවරාජා තෙසං මනං විදිත්වා ආහ – “සාධිනරාජානං දට්ඨුකාමත්ථා”ති. “ආම දෙවා”ති. සො මාතලිං ආණාපෙසි “ගච්ඡ ත්වං වෙජයන්තරථං යොජෙත්වා සාධිනරාජානං ආනෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා රථං යොජෙත්වා විදෙහරට්ඨං අගමාසි, තදා පුණ්ණමදිවසො හොති. මාතලි මනුස්සානං සායමාසං භුඤ්ජිත්වා ඝරද්වාරෙසු සුඛකථාය නිසින්නකාලෙ චන්දමණ්ඩලෙන සද්ධිං රථං පෙසෙසි. මනුස්සා “ද්වෙ චන්දා උට්ඨිතා”ති වදන්තා පුන චන්දමණ්ඩලං ඔහාය රථං ආගච්ඡන්තං දිස්වා “නායං චන්දො, රථො එසො, දෙවපුත්තො පඤ්ඤායති, කස්සෙස එතං මනොමයසින්ධවයුත්තං දිබ්බරථං ආනෙති, න අඤ්ඤස්ස, අම්හාකං රඤ්ඤො භවිස්සති, රාජා හි නො ධම්මිකො ධම්මරාජා”ති සොමනස්සජාතා හුත්වා අඤ්ජලිං පග්ගය්හ ඨිතා පඨමං ගාථමාහංසු –
අතීතයෙහි මිථිලා නුවර සාධීන නම් රජු දැහැමිව රාජ්‍යය කරවීය. හෙතෙම දොරටු සතරෙහිද නුවර මැදද මාළිගය දොරටුවෙහි දැයි දාන ශාලා සයක් කරවා සියළු දඹදිව නගුල් උඩ බඳවා මහදන් පැවැත්වීය. දිනපතා සය ලක්ෂයක් වැය කිරීමට යේ. (වැය වේ) පන්සිල් රකී. පෙහෙවස් සමාදන් වෙයි. රටවැසියෝද ඔහුගේ අවවාදයෙහි සිට දන් දීම් ආදී පින් කර මළ මළ අය දෙව්ලොවම උපදිත්. සුධර්මා දේව සභාව පුරවා හුන්නා වූ දෙවියෝ රජුගේ සිත්හි හැසිරීම් ආදී ගුණයම වර්ණනා කරත්. එය අසා සෙසු දෙවියෝද රජු දකිනු කැමැත්තෝ වූහ. ශක්‍ර දෙව්රජු ඔවුන්ගේ සිත දැන සාධීන රජු දකිනු කැමැත්තහුදැයි කීවේය. දේවයන් වහන්ස, එසේය. හෙතෙම මාතලීට “යව, විජයොත් රථය යොදවා සාධීන රජු ගෙනව”යි කීවේය. හෙතෙම මැනවයි පිළිවදන් දී රථය යොදා විදේහ රටට ගියේය. එදවස පුරපසළොස්වක දිනය වෙයි. මාතලී මිනිසුන් රාත්‍රී ආහාරය වළඳා මිදුලෙහි සැනසිලි කථාවෙන් හුන් කල්හි සඳමඬල සමග රථය යැවීය. මිනිස්සු චන්ද්‍රයෝ දෙදෙනෙක් නැංගාහ යයි කියත්. සඳමඬල හැර එන්නා වූ රථය දැක මේ සඳ නොවේ. රියෙකි. මේ දෙව්පුතෙක් පෙනේ. කවරෙකු වෙනුවෙන් මේ මනෝමය වූ සෛන්ධවයන් යොදන ලද දිව්‍ය රථයක් ගෙන එයිද? අනිකෙකුට නොවේ. අපගේ රජුට වන්නේය. අපගේ රජු දැහැමිය. දැහැමි රජෙකැයි සතුටු වී ඇඳිලි බැඳ සිටියාහු පළමුවන ගාථාව කීවාහුය.
“අබ්භුතො වත ලොකස්මිං, උප්පජ්ජි ලොමහංසනො; දිබ්බො රථො පාතුරහු, වෙදෙහස්ස යසස්සිනො”ති.
අබ්භූතො වත ලොකස්මිං - උප්පජ්ජි ලොමහංසනො, දිබ්බො රථො පාතුරහූ - වෙදෙහස්ස යස්සිනො
ඒකාන්තයෙන් ලොවැ ලොමු දැහැගන්වන පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේය. කීර්තිමත් වූ වේදේහ රජුට දිව්‍යමය රථයක් පහල වීය.
තස්සත්ථො – අබ්භුතො වතෙස අම්හාකං රාජා, ලොකස්මිං ලොමහංසනො උප්පජ්ජි, යස්ස දිබ්බො රථො පාතුරහොසි වෙදෙහස්ස යසස්සිනොති.
එහි අර්ථය - යම් බඳු වූ කීර්තිමත් වේදේහ රජුට දිව්‍යමය රථයක් පහළ වීද මේ අපගේ රජු ලොවැ පුදුම එළවන්නෙකි. ලොමුඩැහැ ගන්වන්නෙකි යනුයි.
මාතලිපිඑ තං රථං ආනෙත්වා මනුස්සෙසු ගන්ධමාලාදීහි පූජෙන්තෙසු තික්ඛත්තුං නගරං පදක්ඛිණං කත්වා රඤ්ඤො නිවෙසනද්වාරං ගන්ත්වා රථං නිවත්තෙත්වා පච්ඡාභාගෙන සීහපඤ්ජරඋම්මාරෙ ඨපෙත්වා ආරොහණසජ්ජං කත්වා අට්ඨාසි. තං දිවසං රාජාපි දානසාලායො ඔලොකෙත්වා “ඉමිනා නියාමෙන දානං දෙථා”ති ආණාපෙත්වා උපොසථං සමාදියිත්වා දිවසං වීතිනාමෙත්වා අමච්චගණපරිවුතො අලඞ්කතමහාතලෙ පාචීනසීහපඤ්ජරාභිමුඛො ධම්මයුත්තං කථෙන්තො නිසින්නො හොති. අථ නං මාතලි රථාභිරුහනත්ථං නිමන්තෙත්වා ආදාය අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ඉමා ගාථා අභාසි –
මාතලී දිව්‍ය පුත්‍රයාද රිය ගෙනවුත් මිනිසුන් සුවඳ මල් ආදියෙන් පුදන කල්හි තෙවරක් නගරය පැදකුණු කොට රජුගේ මාළිගාවෙහි දොරටුවට ගොස් රිය හරවා පසු කොටස සීමැදුරෙහි එළිපත්තෙහි තබා නැගීමට සැදුනක් කොට සිටියේය. එදවස රජුද දන්සැල්බලා මේ ක්‍රමයෙන් දන් දෙව් යයි අණ කරවා පෙහෙවස් සමාදන් වී දවස ගෙවා ඇමති සමූහයා පිරිවරන ලද්දේ අලංකාර කරන ලද මහා තලයෙහි නැගෙනහිර සීමැදුරු කවුළුවට අභිමුඛව ධර්මානුකූල කථා කියමින් හුන්නේ වෙයි. ඉක්බිති මාතලී දිව්‍ය පුත්‍රයා රියට නැගීම පිණිස ඔහුට ආරාධනය කළේය. ආරාධනා කර ඔහු ගෙන ගියේය. ශාස්තෘෘන් වහන්සේ ඒ බව දේශනා කරමින් මේ ගාථාවෝ වදාළ සේක.
“දෙවපුත්තො මහිද්ධිකො, මාතලි දෙවසාරථි; නිමන්තයිත්ථ රාජානං, වෙදෙහං මිථිලග්ගහං.
2. දිව්‍යමය රථාචාර්ය වූ මහත් සෘද්ධි ඇති මාතලී දිව්‍ය පුත්‍රයා මිථිලාධිපති විදේහ රජුට ආරාධනා කළේය.
“එහිමං රථමාරුය්හ, රාජසෙට්ඨ දිසම්පති; දෙවා දස්සනකාමා තෙ, තාවතිංසා සඉන්දකා; සරමානා හි තෙ දෙවා, සුධම්මායං සමච්ඡරෙ.
3. දිශාවන්ට අධිපති වූ ශ්‍රේෂ්ඨ රජතුමනි, එව. මේ රියට නගුව. ශක්‍රයා සහිත තව්තිසා වැසි ඒ දෙවියෝ ඔබ දකිනු කැමැත්තෝ වෙති. ඒ දෙවියෝ ඔබ සිහිකරමින් සුධර්මා ශාලාවෙහි සිටිති.
“තතො ච රාජා සාධිනො, වෙදෙහො මිථිලග්ගහො; සහස්සයුත්තමාරුය්හ, අගා දෙවාන සන්තිකෙ; තං දෙවා පටිනන්දිංසු, දිස්වා රාජානමාගතං.
4. අනතුරුව ප්රමුඛ වූ සාධීන රජු රථයට නැගේය. දහසක් අසුන් යෙදූ රථයට නැගී දෙවියන් සමීපයට ගියේය. දෙවියෝ ආවා වූ ඒ රජු දැක සතුටු වූහ.
“ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; නිසීද දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ.
5. මහරජතුමනි, ඔබට ආයුබෝවන්. තවද අපගේ සමීපයට පැමිණීමකි. ශ්‍රේෂ්ඨ රජතුමනි, දැන් ශක්‍රයාගේ සමීපයෙහි හිඳගනු මැනවි.
“සක්කොපි පටිනන්දිත්ථ, වෙදෙහං මිථිලග්ගහං; නිමන්තයිත්ථ කාමෙහි, ආසනෙන ච වාසවො.
6. මිථිලාධිපති වේදේහ රජුට ශක්‍රයාද සතුටු වීය. ශක්‍රයා කාම සම්පත්තීන්ගෙන්ද අසුනෙන්ද පැවරීය.
“සාධු ඛොසි අනුප්පත්තො, ආවාසං වසවත්තිනං; වස දෙවෙසු රාජීසි, සබ්බකාමසමිද්ධිසු; තාවතිංසෙසු දෙවෙසු, භුඤ්ජ කාමෙ අමානුසෙ”ති.
7. ශ්‍රේෂ්ඨ රජතුමනි, සියළු සම්පත්තීන් තමා වසඟයෙහි පවත්වන්නවුන්ගේ (දෙවියන්ගේ) වාසස්ථානයට පැමිණීම යහපත් වෙයි. සියළු කාමයන්ගෙන් සමෘද්ධිමත් වූ දෙව්ලොව වාසය කරව. තව්තිසා දෙවියන් අතර අමානුෂික වූ කාමයන් අනුභව කරව.
තත්ථ සමච්ඡරෙති අච්ඡන්ති. අගා දෙවාන සන්තිකෙති දෙවානං සන්තිකං අගමාසි. තස්මිඤ්හි රථං අභිරුහිත්වා ඨිතෙ රථො ආකාසං පක්ඛන්දි, සො මහාජනස්ස ඔලොකෙන්තස්සෙව අන්තරධායි. මාතලි රාජානං දෙවලොකං නෙසි . තං දිස්වා දෙවතා ච සක්කො ච හට්ඨතුට්ඨා පච්චුග්ගමනං කත්වා පටිසන්ථාරං කරිංසු. තමත්ථං දස්සෙතුං “තං දෙවා”තිආදි වුත්තං. තත්ථ පටිනන්දිංසූති පුනප්පුනං නන්දිංසු. ආසනෙන චාති රාජානං ආලිඞ්ගිත්වා “ඉධ නිසීදා”ති අත්තනො පණ්ඩුකම්බලසිලාසනෙන ච කාමෙහි ච නිමන්තෙසි, උපඩ්ඪරජ්ජං දත්වා එකාසනෙ නිසීදාපෙසීති අත්ථො.
එහි සමච්ඡරෙ යනු නැවතී සිටිත්. අගා දෙවානසන්තිකෙ යනු දෙවියන් සමීපයට ගියේය. ඔහු රියට නැගී සිටි කල්හි රථය අහසට පැන නැංගේය. හෙතෙම මහජනයා බලා සිටියදීම අතුරුදහන් වීය. මාතලී දිව්‍යපුත්‍රයා රජු දෙව්ලොවට පැමිණවීය. ඔහු දැක දෙවියෝද ශක්‍රයාද තුටු පහටු වූවාහු පෙරගමන් කොට පිළිසඳර කථා කළාහුය. ඒ කරුණ දේශනා කරන්නට තං දෙවා ආදිය කියන ලදී. එහි පටිනන්දිංසු යනු නැවත නැවත සතුටු වූවාහුය. ආසනෙන ච යනු රජු වැළඳගෙන මෙහි හිඳුවයි තමාගේ පාණ්ඩු කම්බල ආසනයෙන්ද කාමයන්ගෙන්ද ආරාධනය කළේය. රාජ්‍යයෙන් අඩක් දී එකම ආසනයෙහි හිඳුවීය යන අර්ථයි.
තත්ථ සක්කෙන දෙවරඤ්ඤා දසයොජනසහස්සං දෙවනගරං අඩ්ඪතියා ච අච්ඡරාකොටියො වෙජයන්තපාසාදඤ්ච මජ්ඣෙ භින්දිත්වා දින්නං සම්පත්තිං අනුභවන්තස්ස මනුස්සගණනාය සත්ත වස්සසතානි අතික්කන්තානි. තෙනත්තභාවෙන දෙවලොකෙ වසනකං පුඤ්ඤං ඛීණං, අනභිරති උප්පන්නා, තස්මා සක්කෙන සද්ධිං සල්ලපන්තො ගාථමාහ –
සක්දෙව් රජු විසින් යොදුන් දසදහසක් වූ දේව නගරයක්ද අප්සරාවන් කෝටි දෙකහමාරක්ද වෛජයන්ත ප්රාසාදයද මැදින් බෙදා දෙන ලද සම්පත්තීන් අනුභව කරන්නා වූ ඔහුට මිනිස් ලොව ගණනින් අවුරුදු සත්සියයක් ඉක්මුනාහ. ඒ ආත්මභාවයෙන් දෙව්ලොව වාසය කිරීමේ පින ක්ෂය වීය. නොඇල්මක් උපනි. එහෙයින් ශක්‍රයා සමග කථා කරනුයේ,
“අහං පුරෙ සග්ගගතො රමාමි, නච්චෙහි ගීතෙහි ච වාදිතෙහි; සො දානි අජ්ජ න රමාමි සග්ගෙ, ආයුං නු ඛීණො මරණං නු සන්තිකෙ; උදාහු මූළ්හොස්මි ජනින්දසෙට්ඨා”ති.
8. දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ ශක්රයාණනි, මම පෙර දෙව්ලොවට ගියේ නැටුම් ගැයුම් වැයුම්වලින් ප්‍රීතිමත් වූයෙමි. ඒ මම අද දෙව්ලොව නො ඇලෙමි. ආයුෂ ක්ෂය වූයේද, මරණය සමීප වූයේද නැතහොත් මුළා වූයෙම්ද?
යන ගාථාව කීවේය.
තත්ථ ආයුං නු ඛීණොති කිං නු මම සරසෙන ජීවිතින්ද්රියං ඛීණං, උදාහු උපච්ඡෙදකකම්මවසෙන මරණං සන්තිකෙ ජාතන්ති පුච්ඡති. ජනින්දසෙට්ඨාති ජනින්දානං දෙවානං සෙට්ඨ.
එහි ආයුං නු ඛීණො යනු කිම ස්වභාවයෙන්ම මගේ ජීවිතින්ද්රිය ක්ෂය වූයේද? නැතහොත් සිඳ දැමීමේ කර්මයක් වශයෙන් මරණය සමීප වූයේ දැයි විමසයි. ජනින්දසෙට්ඨා යනු මිනිසුන්ට ප්‍රධාන වූ දෙවියන්ගේ රජුයි.
අථ නං සක්කො ආහ –
ඉක්බිති ශක්‍රයා ඔහුට කීවේය.
“න තායු ඛීණං මරණඤ්ච දූරෙ, න චාපි මූළ්හො නරවීරසෙට්ඨ; තුය්හඤ්ච පුඤ්ඤානි පරිත්තකානි, යෙසං විපාකං ඉධ වෙදයිත්ථො.
9. මිනිසුන් අතර වීර වූ රජතුමනි, ඔබගේ ආයුෂ ක්ෂය වූයේ නොවෙයි. ඔබේ මරණය දුරය. ඔබ මුළා වූයේද නොවේ. යම් පුණ්‍ය කර්මයන්ගේ විපාක වශයෙන් මෙහි (සැප) විඳිය යුතුද ඔබගේ ඒ පින් ස්වල්ප වීය.
“වස දෙවානුභාවෙන, රාජසෙට්ඨ දිසම්පති; තාවතිංසෙසු දෙවෙසු, භුඤ්ජ කාමෙ අමානුසෙ”ති.
10. දිශාවන්ට අධිපති රජතුමනි, දෙවියන්ගේ ආනුභාවයෙන් මෙහි වාසය කරව. තව්තිසා දෙව්ලොව දෙවියන් අතර මිනිසුන්ට අයත් නොවූ කාමයන් අනුභව කරව.
තත්ථ “පරිත්තකානී”ති ඉදං තෙන අත්තභාවෙන දෙවලොකෙ විපාකදායකානි පුඤ්ඤානි සන්ධාය වුත්තං, ඉතරානි පනස්ස පුඤ්ඤානි පථවියං පංසු විය අප්පමාණානි. වස දෙවානුභාවෙනාති අහං තෙ අත්තනො පුඤ්ඤානි මජ්ඣෙ භින්දිත්වා දස්සාමි, මමානුභාවෙන වසාති තං සමස්සාසෙන්තො ආහ.
එහි පරිත්තකානි යනු මේ එම ආත්ම භාවයෙන් දෙව්ලොව විපාක දෙන්නා වූ පින් උදෙසා කියන ලදී. මේ රජුන්ගේ වෙනස් වූ පිං පොළොවෙහි පස් මෙන් අප්‍රමාණය. වස දේවානුභාවෙන යනු මම තොපට තමාගේ පිං මැදින් වෙන් කර දෙන්නෙමි. මගේ මහිමයෙන් වසවයි ඔහු අස්වසමින් කීවේය.
අථ නං පටික්ඛිපන්තො මහාසත්තො ආහ –
ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවේය.
“යථා යාචිතකං යානං, යථා යාචිතකං ධනං; එවංසම්පදමෙවෙතං, යං පරතො දානපච්චයා.
11. යමක් අනුන් විසින් දෙන ලද පිනෙන් වන්නේද? ඉල්ලා ලබාගත් යානාවක යම්සේද ඉල්ලා ලබාගත් ධනය යම්සේද මේ සම්පත්තීන්ද එසේය.
“න චාහමෙතමිච්ඡාමි, යං පරතො දානපච්චයා; සයංකතානි පුඤ්ඤානි, තං මෙ ආවෙණිකං ධනං.
12. අනුන් විසින් දෙන ලද්දෙන් යමක් වේද, මම මෙය නොකැමැත්තෙමි. තමා විසින් කරන ලද පිං වේද එය මට උරුම වූ ධනයයි.
“සොහං ගන්ත්වා මනුස්සෙසු, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච; යං කත්වා සුඛිතො හොති, න ච පච්ඡානුතප්පතී”ති.
13. ඒ මම මිනිසුන් අතරට ගොස්, යමක් කර සුවපත් වේද, යමකින් පසුතැවිලි නොවේද? දන් දීමෙන් සමචර්යාවෙන්, සීල සංයමයෙන් හා ඉන්ද්රිය දමනයෙන් එබඳු බොහෝ කුසල් කරමි.
තත්ථ යං පරතො දානපච්චයාති යං පරෙන දින්නත්තා ලබ්භති, තං යාචිතකසදිසමෙව හොති. යාචිතකඤ්හි තුට්ඨකාලෙ දෙන්ති, අතුට්ඨකාලෙ අච්ඡින්දිත්වා ගණ්හන්තීති වදති. සමචරියායාති කායාදීහි පාපස්ස අකරණෙන. සංයමෙනාති සීලසංයමෙන. දමෙනාති ඉන්ද්රියදමනෙන. යං කත්වාති යං කරිත්වා සුඛිතො චෙව හොති න ච පච්ඡානුතප්පති, තථාරූපමෙව කම්මං කරිස්සාමීති.
එහි යං පරතො දාන පචචයා යනු යමක් අනුන් විසින් දෙන ලද හෙයින් ලබයි? එය ඉල්ලා ලබාගත් දෙයක් හා සමාන වෙයි. ඉල්ලන ලද දෙය සතුටු වූ කල්හි දෙයි. කෝප වූ කල්හි පැහැර ගනී යයි කියයි. සමචරියාය යනු කය ආදී දොරටුවලින් පව් නොකිරීමෙන්. සංයමෙන සීල සංවරණයෙන්. දමෙන යනු ඉන්ද්රිය දමනයෙන්. යං කත්වා යමක් කර සුවපත් වූයේ වෙයිද පසුව නොතැවේද එබඳු වූම කටයුතු කරන්නෙමි යනුයි.
අථස්ස වචනං සුත්වා සක්කො මාතලිං ආණාපෙසි “ගච්ඡ, තාත, සාධිනරාජානං මිථිලං නෙත්වා උය්යානෙ ඔතාරෙහී”ති. සො තථා අකාසි. රාජා උය්යානෙ චඞ්කමති. අථ නං උය්යානපාලො දිස්වා පුච්ඡිත්වා ගන්ත්වා නාරදරඤ්ඤො ආරොචෙසි. සො රඤ්ඤො ආගතභාවං සුත්වා “ත්වං පුරතො ගන්ත්වා උය්යානං සජ්ජෙත්වා තස්ස ච මය්හඤ්ච ද්වෙ ආසනානි පඤ්ඤාපෙහී”ති උය්යානපාලං උය්යොජෙසි. සො තථා අකාසි. අථ නං රාජා පුච්ඡි “කස්ස ද්වෙ ආසනානි පඤ්ඤාපෙසී”ති? “එකං තුම්හාකං, එකං අම්හාකං රඤ්ඤො”ති. අථ නං රාජා “කො අඤ්ඤො සත්තො මම සන්තිකෙ ආසනෙ නිසීදිස්සතී”ති වත්වා එකස්මිං නිසීදිත්වා එකස්මිං පාදෙ ඨපෙසි. නාරදරාජා ආගන්ත්වා තස්ස පාදෙ වන්දිත්වා එකමන්තං නිසීදි. සො කිරස්ස සත්තමො පනත්තා. තදා කිර වස්සසතායුකකාලොව හොති. මහාසත්තො පන අත්තනො පුඤ්ඤබලෙන එත්තකං කාලං වීතිනාමෙසි. සො නාරදං හත්ථෙ ගහෙත්වා උය්යානෙ විචරන්තො තිස්සො ගාථා අභාසි –
ඉක්බිති ශක්‍රයා ඔහුගේ වචනය අසා “යව, සාධීන රජු මිථිලා නුවරට පමුණුවා උයනෙහි බස්වව”යි මාතලී දිව්‍ය පුත්‍රයාට ඇණවීය. හෙතෙම එසේ කළේය. රජු උයනෙහි හැසිරෙන කල්හි උයන්පල්ලා දැක විමසා නාරද රජුට දැන්වීය. හෙතෙම රජු පැමිණි බව අසා ඔබ පෙරටුව ගොස් ඔහුටද මටද අසුන් දෙකක් පනවවයි උයන්පල්ලා පිටත්කර හැරිය. හෙතෙම එසේ කළේය. ඉක්බිති රජු ඔහුගෙන් “කවරෙකුට අසුන් දෙකක් පනවන්නෙහිදැ”යි විචාළේය. එකක් ඔබටය. එකක් අපගේ රජුට යයි කීවේය. ඉක්බිති රජු අන් කවර සත්ත්වයෙක් මා සමීප ආසනයෙහි හිඳින්නේදැයි කියා එකක හුන්නේය. එකක පාදයන් තැබීය. නාරද රජු අවුත් ඔහුගේ පාදයන් වැඳ එකත්පස්ව හුන්නේය. හෙතෙම මොහුගේ සත්වන මුණුබුරාය. එකල්හි අවුරුදු සියයක්ම ආයු කාලය වෙයි. මහබෝසතුන් වූ කලී තමාගේ පිං බලයෙන් මෙපමණක් කාලයක් ගෙවීය. හෙතෙම නාරදයන් අතින් ගෙන උයනෙහි හැසිරෙමින් ගාථා තුනක් කීවේය.
“ඉමානි තානි ඛෙත්තානි, ඉමං නික්ඛං සුකුණ්ඩලං; ඉමා තා හරිතානූපා, ඉමා නජ්ජො සවන්තියො.
14. මේ ඒ භූමිභාගයෝ වෙති. මේ මනාව සකසන ලද බිසෝකොටු සහිත දිය සොරොව් වෙයි. මේ නිල්පැහැති තෙත් බිම්ය. මේ ගලා බස්නා වූ නදීහු වෙති.
“ඉමා තා පොක්ඛරණී රම්මා, චක්කවාකපකූජිතා; මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච; යස්සිමානි මමායිංසු, කිං නු තෙ දිසතං ගතා.
15. සක්වා ළිහිණියන්ගේ නාදයෙන් මනරම් වූ හෙල්මැලියෙන් හා පියුම් උපුල්වලින් ගැවසී ගත් ඒ මේ පොකුණුය. යම් කෙනෙක් මේවාට ප්‍රිය කළාහුද ඔවුහු කවර දිශාවකට ගියෝද,
“තානීධ ඛෙත්තානි සො භූමිභාගො, තෙයෙව ආරාමවනූපචාරා; තමෙව මය්හං ජනතං අපස්සතො, සුඤ්ඤංව මෙ නාරද ඛායතෙ දිසා”ති.
16. නාරදයෙනි, මේ උයනෙහි ඒ කෙත් ද ඒ බිම්කොටස් ද ඒ උයන්වතුද ඒ වනයන්ද ඒ වාසභූමිද වෙයි. ඒ මගේ පිරිවර ජනයා නොදක්නා වූ මට දිසාවෝ හිස් වූ ලෙස වැටහෙත්.
තත්ථ ඛෙත්තානීති භූමිභාගෙ සන්ධායාහ. ඉමං නික්ඛන්ති ඉමං තාදිසමෙව උදකනිද්ධමනං. සුකුණ්ඩලන්ති සොභනෙන මුසලපවෙසනකුණ්ඩලෙන සමන්නාගතං. හරිතානූපාති උදකනිද්ධමනස්ස උභොසු පස්සෙසු හරිතතිණසඤ්ඡන්නා අනූපභූමියො. යස්සිමානි මමායිංසූති තාත නාරද, යෙ මම උපට්ඨාකා ච ඔරොධා ච ඉමස්මිං උය්යානෙ මහන්තෙන යසෙන මයා සද්ධිං විචරන්තා ඉමානි ඨානානි මමායිංසු පියායිංසු, කතරං නු තෙ දිසතං ගතා, කත්ථ තෙ පෙසිතා. තානීධ ඛෙත්තානීති ඉමස්මිං උය්යානෙ තානෙව එතානි උපරොපනකවිරුහනට්ඨානානි. තෙයෙව ආරාමවනූපචාරාති ඉමෙ තෙයෙව ආරාමවනූපචාරා, විහාරභූමියොති අත්ථො.
එහි ඛෙත්තානි යනු බිම්කොටස් අරභයා කීවේය. ඉමං නික්ඛං යනු මේ එවැනි වූම ජලය බැස යන කාණුවයි. සුකුණ්ඩලං යනු හොබනා වූ මොහොල් තබන සොරොව්වෙන් යුක්ත වූ. හරිතානූපා යනු ජලය බැසයන කාණුවෙහි දෙපස නිල්වන තණවලින් ගැවසී ගත් තෙත් භූමීහු. යස්සිමානි මමායිංසු යනු දරුව නාරදය, මගේ යම් උපස්ථායකයෝද අන්තඃපුර ස්ත්‍රීහුද මේ උයනෙහි මහත් වූ යසසින් මා සමග හැසිරෙන්නාහු මේ තැන් මමායනය කළාහුද ප්‍රිය කළාහුද ඔවුහු කවර නම් දිශාවකට ගියාහුද ඔවුන් කොහි යවන ලදහුද? තානීධ ඛෙත්තානි යනු මේ උයනෙහි ඒ මේ සිටුවන පැල හටගන්නා වූ තැන්. තෙ වන මෙ පචාරා යනු ඒ මේ වන වාසස්ථානයෝ. වනයේ වාසය කරන තැන් යන අර්ථයි.
අථ නං නාරදො ආහ – “දෙව, තුම්හාකං දෙවලොකගතානං ඉදානි සත්ත වස්සසතානි, අහං වො සත්තමො පනත්තා, තුම්හාකං උපට්ඨාකා ච ඔරොධා ච මරණමුඛං පත්තා, ඉදං වො අත්තනො සන්තකං රජ්ජං, අනුභවථ න”න්ති. රාජා “තාත නාරද, නාහං ඉධාගච්ඡන්තො රජ්ජත්ථාය ආගතො, පුඤ්ඤකරණත්ථායම්හි ආගතො, අහං පුඤ්ඤමෙව කරිස්සාමී”ති වත්වා ගාථා ආහ –
ඉක්බිති නාරද රජතුමා දේවයන් වහන්ස, දෙව්ලොවට ගිය ඔබතුමන්ට දැන් අවුරුදු පන්සියයකි. මම ඔබගේ සත්වන මුණුබුරාය. ඔබගේ සියළු උපස්ථායකයෝ මරුමුවට පත්වූවාහුය. මේ ඔබගේ තමා සතු රාජ්‍යයයි. එය භුක්ති විඳුව. රජු දරුව නාරදය, මම මෙහි පැමිණියේ රාජ්‍යය සඳහා නොවෙමි. පිං කිරිම සඳහා පැමිණියේ වෙමි. මම පිංම කරන්නෙමියි කියා
“දිට්ඨා මයා විමානානි, ඔභාසෙන්තා චතුද්දිසා; සම්මුඛා දෙවරාජස්ස, තිදසානඤ්ච සම්මුඛා.
17. සක්දෙව් රජු හමුවෙහිද දෙවියන් හමුවෙහිද සිව් දිශාවන්හි බබලන්නා වූ විමානයෝ මවිසින් දක්නා ලදහ.
“වුත්ථං මෙ භවනං දිබ්යං, භුත්තා කාමා අමානුසා; තාවතිංසෙසු දෙවෙසු, සබ්බකාමසමිද්ධිසු.
18. සියළු කාම සම්පත්තීන්ගෙන් පොහොසත් වූ තව්තිසා දෙවියන් අතර මිනිසුන්ට අයත් නොවූ කාම සම්පත්තීන්ගෙන් යුතුව දිව්‍යමය භවනයෙහි මා විසින් වාසය කරන ලදිමි.
“සොහං එතාදිසං හිත්වා, පුඤ්ඤායම්හි ඉධාගතො; ධම්මමෙව චරිස්සාමි, නාහං රජ්ජෙන අත්ථිකො.
19. ඒ මම මෙබඳු සැප දැක පිං කරනු සඳහා මෙහි පැමිණියේ වෙමි. ධර්මයෙහිම හැසිරෙන්නෙමි. මම රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් ඇත්තෙක් නොවෙමි.
“අදණ්ඩාවචරං මග්ගං, සම්මාසම්බුද්ධදෙසිතං; තං මග්ගං පටිපජ්ජිස්සං, යෙන ගච්ඡන්ති සුබ්බතා”ති.
20. යම් මාර්ගයකින් සම්මා සම්බුදුවරු යෙත්ද, සම්මා සම්බුදුවරුන් විසින් දේශනා කරන ලද බහාලූ දඬු ඇති යම් මාර්ගයක් වේද ඒ මාර්ගය පිළිපදින්නෙමි යි,
කීවේය.
තත්ථ වුත්ථං මෙ භවනං දිබ්යන්ති වෙජයන්තං සන්ධාය ආහ. සොහං එතාදිසන්ති තාත නාරද, සොහං බුද්ධඤාණෙන අපරිච්ඡින්දනීයං එවරූපං කාමගුණසම්පත්තිං පහාය පුඤ්ඤකරණත්ථාය ඉධාගතො. අදණ්ඩාවචරන්ති අදණ්ඩෙහි නික්ඛිත්තදණ්ඩහත්ථෙහි අවචරිතබ්බං සම්මාදිට්ඨිපුරෙක්ඛාරං අට්ඨඞ්ගිකං මග්ගං. සුබ්බතාති යෙන මග්ගෙන සුබ්බතා සබ්බඤ්ඤුබුද්ධා ගච්ඡන්ති, අහම්පි අගතපුබ්බං දිසං ගන්තුං බොධිතලෙ නිසීදිත්වා තමෙව මග්ගං පටිපජ්ජිස්සාමීති.
එහි වුත්ථං මෙ භවනං දිබ්බං යනු වෛජයන්ත ප්‍රාසාදය සඳහා කීවේය. සොහං එතාදිසං යනු දරුව නාරදය. ඒ මම සීමා කළ නොහැකි මෙබඳු වූ කාමගුණය සම්පත්තිය හැර බුද්ධ ඥානය සඳහා පිං කරනු පිණිස මෙහි පැමිණියෙමි. අදණ්ඩාවචරං යනු දඬු නැතිව, බහා තබන ලද දඬු-ආයුධ ඇතිව හැසිරිය යුතු සම්‍යක් දෘෂ්ටිය පෙරදැරි වූ අෂ්ටාංගික මාර්ගය. සුබ්බතා යනු යම් මගකින් යහපත් ව්‍රත ඇති සර්වඥ බුදුවරු යෙත්ද, මම ද නොගිය විරූ දිශාවට යන්නට බෝමැඩහි හිඳ ඒ මගම පිළිපදින්නෙමි යි,
එවං බොධිසත්තො ඉමා ගාථායො සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සඞ්ඛිපිත්වා කථෙසි. නාරදො පුනපි ආහ – “රජ්ජං, දෙව, අනුසාසා”ති. “තාත, න මෙ රජ්ජෙනත්ථො, සත්ත වස්සසතානි විගතං දානං සත්තාහෙනෙව දාතුකාමම්හී”ති. නාරදො “සාධූ”ති තස්ස වචනං සම්පටිච්ඡිත්වා මහාදානං පටියාදෙසි. රාජා සත්තාහං දානං දත්වා සත්තමෙ දිවසෙ කාලං කත්වා තාවතිංසභවනෙයෙව නිබ්බත්ති.
මහබෝසත් තෙමේ සර්වඥතා ඥානයෙහි බහා මේ ගාථාවන් වදාළේය. ඉක්බිති නාරද රජු නැවතද ඔහුට කීවේය. දේවයන් වහන්ස, රාජ්‍යය අනුශාසනා කරව යනුයි. දරුව, මට රාජ්‍යයෙන් වැඩක් නැත. අවුරුදු සත්සියයක් නතර වූ දානය සත්දිනකින්ම දෙනු කැමැත්තේ වෙමි. නාරද රජු මැනවයි ඔහුගේ වචනය පිළිගෙන මහා දානයක් පිළියෙල කළේය. රජු සත්දිනක් දන් දී සත්වන දිනයෙහි කළුරිය කර තවුතිසා දෙව්ලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං වසිතබ්බයුත්තකං උපොසථකම්මං නාමා”ති දස්සෙත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උපොසථිකෙසු උපාසකෙසු කෙචි සොතාපත්තිඵලෙ, කෙචි සකදාගාමිඵලෙ, කෙචි අනාගාමිඵලෙ පතිට්ඨහිංසු. තදා නාරදරාජා සාරිපුත්තො අහොසි, මාතලි ආනන්දො, සක්කො අනුරුද්ධො, සාධිනරාජා පන අහමෙව අහොසින්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා පෙහෙවස් විසීම නම් මෙසේ විසිය යුත්තකැයි දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගළපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උපාසකයන් අතර කිසිවෙක් සෝවාන් ඵලයෙහිද කිසිවෙක් සකෘදාගාමී ඵලයෙහිද කිසිවෙක් අනාගාමී ඵලයෙහිද පිහිටියාහුය. එකල්හි නාරද රජු ආනන්ද වීය. ශක්‍රයා අනුරුද්ධ වීය. සාධීන රජු මම ම වීමි යයි වදාළ සේක.
සාධිනජාතකවණ්ණනා එකාදසමා.