11. සාධීනජාතකං
2135. අබ‍්භුතො වත ලොකස‍්මිං උප‍්පජ‍්ජි ලොමහංසනො, දිබ‍්බො රථො පාතුරහූ වෙදෙහස‍්ස යසස‍්සිනො.
2135. ලෝකයෙහි ඒකාන්තයෙන් ම ලොමුදහ ගන්වන්නා වූ පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේ ය. (පහළවිය) යසස් ඇත්තා වූ වේදේහ රජුට දිව්‍ය රථයක් පහළ විය.
2136. දෙවපුත‍්තො මහිද‍්ධිකො මාතලී දෙවසාරථි, නිමන‍්තයිත්‍ථ රාජානං වෙදෙහං මිථිලග‍්ගහං.
2136. දිව්‍ය රථාචාර්‍ය්‍ය වූ මහත් ඍද්ධි ඇත්තා වූ මාතලි දිව්‍ය පුත්‍රයා මියුලු නුවර අධිපති වූ සාධීන රජුට ආරාධනා කෙළේ ය.
2137. එහිමං රථමාරුය‍්හ රාජසෙට‍්ඨ දිසම‍්පති. දෙව දස‍්සනකාමා තෙ තාවතිංසා සඉන්‍දකා. සරමානා හි තෙ දෙවා සුධම‍්මායං සමච‍්ඡරෙ.
2137. දිසාධිපති වූ ශ්‍රේෂ්ඨ රජතුමනි, එනු මැනැවි. මේ රියට නගින්නේ මැනැවි. ශක්‍රයා සහිත තව්තිසා දෙව් ලොවැ දෙවියෝ ඔබ දකින්නට කැමැත්තෝ ය. ඒ දෙවියෝ (ඔබ) සිහි කරමින් ම සුදම් දෙව් සබේ සිටිති.
2138. තතො ච රාජා සාධීනො පමුඛො රථමාරුහි, සහස‍්සයුත‍්තං අභිරුය‍්හ අගා දෙවානසන‍්තිකෙ තං දෙව පටිනන්‍දිංසු දිස‍්වා රාජානමාගතං
2138. ඉක්බිති සාධීන රජ තෙමේ උතුම් රියට නැංගේ ය. දහසක් අසුන් යෙදූ රියට නැග දෙවියන් වෙත ගියේ ය. දෙවියෝ පැමිණි රජු දැක සතුටු වූහ.
2139. ස‍්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, නිසීදදානි රාජිසි දෙවරාජස‍්ස සන‍්තිකෙ.
2139. මහරජ ඔබේ යහපත් පැමිණීමකි. තවද අපේ සමීපයට පැමිණීමකි. ශ්‍රේෂ්ඨ රජතුමනි, දේවරාජයා සමීපයේ හුන මැනවි.
2140. සක‍්කොපි පටිනන්‍දිත්‍ථ වෙදෙහං මිථිලග‍්ගහං, නිමන‍්තයී ච කාමෙහි ආසනෙන ච වාසවො.
2140. මියුලු නගරයට අධිපති වේදේහ රජ (සමග) ශක්‍රයා ද සතුටු විය. ශක්‍රයා කාමසම්පත්තියෙන් ද ආසනයෙන් ද (රජු) පැවැරී ය.
2141. සාධු ඛොසි අනුප‍්පත‍්තො ආවාසං වසවත‍්තිනං, වස දෙවෙසු රාජිසි සබ‍්බකාමසමිද‍්ධිසු තාවතිංසෙසු දෙවෙසු භුඤ‍්ජ කාමෙ අමානුසෙ.
2141. රජතුමනි, කාම සම්පත් සිය වසඟයෙහි පවත්වන දෙවියන් වසන තැනට පැමිණීම යහපත් වෙයි. කාමසම්පත් සියල්ල දියුණුව පවතින දෙවියන් අතර වාසය කරව. තව්තිසා දෙවියන්ට ඇති මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2142. අහං පුරෙ සග‍්ගගතො රමාමි නච‍්චෙහි ගීතෙහි ච වාදිතෙහි, සොදානි අජ‍්ජ න රමාමි සග‍්ගෙ ආයුං නු ඛීණො මරණං නු සන‍්තිකෙ උදාහු මූළ‍්හොස‍්මි ජනින්‍දසෙට‍්ඨ.
2142. සක්දෙවිඳුනි, පෙරැ මම දෙව්ලොවට පැමිණ නෘත්‍ය ගීතයෙන් හා වාද්‍යයෙන් සිත රමණය කෙළෙමි. ඒ මම අද දෙව්ලොව නො ඇලෙමි. (මගේ) ආයුෂ ගෙවුණේ ද මරණය ළංවූයේ ද නැතහොත් මුළා වූයෙම් ද?
2143. නචායු ඛීණං මරණං තෙ දූරෙ නචාපි මූළ‍්හො නරවිරිය සෙට‍්ඨ, තවඤ‍්ච පුඤ‍්ඤානි පරිත‍්තකානි යෙසං විපාකං ඉධ වෙදයිත්‍ථො.
2143. උතුම් නරවිරුවාණෙනි, ඔබගේ ආයුෂ ගෙවුණේ නො වෙයි. ඔබේ මරණය දුර ය. ඔබ මුළා වූයෙහි ද නො වේ. යම් පුණ්‍ය කර්‍මයක් නිසා මෙහි සැප වින්දයුතු ද ඔබගේ ඒ පින් මඳ වූහ.
2144. වස දෙවානුභාවෙන රාජසෙට‍්ඨ දිසම‍්පති, තාවතිංසෙසු දෙවෙසු භුඤ‍්ජ කාමෙ අමානුසෙ.
2144. දිසාධිපති රජතුමනි, දේවානුභාවයෙන් මෙහි වාසය කරව. තව්තිසා වැසි දෙවියන්ට අයිති වූ මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2145. යථා යාචිතකං යානං යථා යාචිතකං ධනං. එවං සම‍්පදමෙවෙතං යං පරතො දානපච‍්චයා.
2145. ඉල්ලා ගත් යානය යම්සේ ද ඉල්ලා ගත් ධනය යම්සේ ද, අනුන් දුන් පිනෙන් යමක් ලබා නම් එද මෙසේ දතයුතු ය.
2146. නචාහමෙතං ඉච‍්ඡාමි යං පරතො දානපච‍්චයා, සයං කතානි පුච‍්චානි තම‍්මෙ ආවෙණිකං ධනං.
2146. අනුන් දුන් නිසා යමක් ලැබේ ද එය මම නො කැමැත්තෙමි. තමා කළ පින් වේ ද එය මට උරුම ධනය යි.
2147. සොහං ගන‍්ත්‍වා මනුස‍්සෙසු කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සංයමෙන දමෙන ච. යං කත්‍වා සුඛිනො හොති න ච පච‍්ඡානුතප‍්පති.
2147. ඒ මම මිනිසුන් අතරට ගොස් දන් දීමෙන් ද කායාදි ද්වාරත්‍රයෙන් කරන පාපයෙන් වැළැකැ හික්මීමෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුක්ත වැ යමක් කොට සැපවත් වෙම් ද පසුව නො තැවෙම් ද එබඳු බොහෝ කුසල් කරන්නෙමී.
2148. ඉමානි තානි ඛෙත‍්තානි ඉමං නික‍්ඛං සුකුණ‍්ඩලං, ඉමා තා හරිතා නූපා ඉමා නජ‍්ජො සවන‍්තියො.
2148. මේ ඒ භූමිභාගයෝ වෙති. මනා බිසෝකොටු සහිත දිය සොරොව් ද වෙයි. මේ ඒ නිල්පැහැති දිය සහිත බිම් ය. මේ ගලායන නදී ද වෙත්.
2149. ඉමා තා පොක‍්ඛරණියො රම‍්මා චක‍්කවාකූපකූජිතා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා පදුමුප‍්පලකෙහි ච යස‍්සිමානි මමායිංසු කින‍්නු තෙ දිසතං ගතා.
2149. සක්වා ළිහිණින් පවත්වන මධුර නාද නිසා මනරම් වූ හෙල්මැල්ලෙන් හා පියුම් උපුල් වලින් ගැවැසි මේ පොකුණු වෙත්. මා හා හැසුරුණු යම් කෙනෙක් මෙ තැනට ප්‍රිය කළෝ ද ඔහු කවර දෙසකට ගියාහු ද?
2150. තානීධ ඛෙත‍්තානි සො භූමිභාගො තෙ ආරාමා තෙ වන මෙ පචාරා, තමෙව මය‍්හං ජනතං අපස‍්සතො සුඤ‍්ඤාව මෙ නාරද ඛායතෙ දිසා.
2150. මේ උයනේ කෙත් ද බිම් කොටස් ද උයන් වතු ද වෙති. මේ වනයේ වාසස්ථාන ද වෙත්. ඒ පිරිවර ජනයා නො දක්නා මට සියලු දිසාවන් හිස් වූ සේ වැටහේ.
2151. දිට‍්ඨා මයා විමානානි ඔභාසෙන‍්තා චතුද‍්දිසා, සම‍්මුඛා දෙවරාජස‍්ස තිදසානඤ‍්ච සම‍්මුඛා.
2151. සක්දෙව්රජ හමුවේ ද අනෙක් දෙවියන් හමුවේ ද සතර දිසාවන්හි ද බබළන විමානයෝ මා විසින් දක්නා ලදහ.
2152. වුත්‍ථං මෙ භවනං දිබ‍්බං යුත‍්තා කාමා අමානුසා, තාවතිංසෙසු දෙවෙසු තිබ‍්බකාමසමිද‍්ධිසු.
2152. සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වූ තව්තිසා දෙව් ලොව දිව්‍යවිමානයෙක මාගේ විසීම විය. මනුෂ්‍යයන්ට අයත් නො වූ කම්සැප අනුභව කරන ලදි.
2153. සොහං එතාදිසිං දිස‍්වා පුඤ‍්ඤාය’ම‍්භි ඉධාගතො, ධම‍්මමෙව චරිස‍්සාමි නාහං රජ‍්ජෙන අත්‍ථිකො.
2153. ඒ මම මෙ බඳු දෙව්සැප දැක පින් කරනු සඳහා මෙහි ආවෙමි මම කුශලධර්‍මයන්හි හැසිරෙමි. රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.
2154. අදණ‍්ඩාවචරං මග‍්ගං සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං. තං මග‍්ගං පටිපජ‍්ජිස‍්සං යෙන ගච‍්ඡන‍්ති සුබ‍්බතා’ති.
2154. යම් මගෙකින් සම්මා සම්බුදුවරු ගමන් කෙරෙත් ද සර්‍වඥයන් වහන්සේ දෙසූ, බහා තැබූ දඬු හා සත් ඇතියන් යායුතු ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය මමත් පිළිපදින්නෙමි.