12. දසබ්‍රාහ‍්මණජාතකං
2155. රාජා අවොච විධුරං ධම‍්මකාමො යුධිට‍්ඨිලො, බ්‍රාහ‍්මණෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2155-2156. පින් කැමැති සුයිට්ඨිල රජ තෙම විධුර පඬිතුමාට මෙසේ කීය. විධුර පඬිතුමාණෙනි, යමෙක් මගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණේවේ ද, සිල්වත් බහුශ්‍රුත බ්‍රාහ්මණයන් සොයව. යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2156. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දකඛීණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං
2157. දුල‍්ලභා බ්‍රාහ‍්මණා දෙව සීලවන‍්තො බහුස‍්සුතා, විරතා මෙථුනා ධම‍්මා යෙ තෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං.
2157. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබේ බොජුන් බුදිත් ද එසේ වූ සිල්වත් බහුශ්‍රුත මෙවුන්දම් සෙවුමෙන් වැළැකුණ බමුණෝ දුබල වෙත්.
2158. දස ඛලු මහාරාජ යා තා බ්‍රාහ‍්මණජාතියො, තෙසං විභඞ‍්ගං විචයං විත්‍ථාරෙන සුණොහි මෙ.
2158. මහරජ, යම් බමුණුකුල දහයක් වේ ද ඔවුන්ගේ විභාගය මා විසින් සොයන ලදී. එය විස්තර වශයෙන් අසනු මැනැවි.
2159. පසිබ‍්බකෙ ගහෙත්‍වාන පුණ‍්ණෙ මූලස‍්ස සංවුතෙ, ඔසධියො ගන්‍ථෙන‍්ති නහායන‍්ති ජපන‍්ති ච.
2159. ඇතැම් බමුණෝ අවුරන ලද මුදල් පිරැ වූ පසුම්බ් ගෙන බෙහෙත් ද්‍රව්‍ය ඔතා දෙති. නාවති, මතුරු ජප කිරීම ද කරති.
2160. තිකිච‍්ඡකසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2160. මහරජ, වෙදුන් හා සමාන වුව ද ඔවුහු බමුණෝ යයි කියනු ලබත්. මහරජ, ඔවුහු වෙද බමුණෝ වෙති යි කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2161. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉතිරාජාකොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙපි විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2161. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔව්හු බමුණෝ යයි කියනු නො ලැබෙති. මිත්‍රය, සිල්වත් බහුශ්‍රුත වූ වෙනත් බමුණන් සොයව.
2162. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං
2162. යමෙක් මාගේ බොදුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු ද යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල වේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2163. කිංකිණිකායො ගහෙත්‍වාන ඝොසෙන‍්ති පුරතොපි තෙ, පෙසනානිපි ගච‍්ඡන‍්ති රථචරියාසු සික‍්ඛරෙ.
2163. ඔවුහු රජු සහ ඇමැති ආදීන් ඉදිරියේ කුළුතාලම් වයති. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි පුහුණු කරවත්.
2164. පරිචාරකසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2164. රජතුමනි, සේවකයන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු සේවක බමුණෝ වෙති. එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2165. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉතිරාජා කොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2165. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2166. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං
2166. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2167. කමණ‍්ඩලුං ගහෙත්‍වාන වංකදණ‍්ඩඤ‍්ච බ්‍රාහ‍්මණා, පච‍්චුපෙස‍්සන‍්ති රාජානො ගාමෙසු නිගමෙසු ච. නාදින‍්නෙ වුට‍්ඨහිස‍්සාම ගමෙම‍්භි ච වනම‍්හි ච.
2167. මහරජ ඇතැම් බමුණෝ කෙණ්ඩියක් හා වක්දණ්ඩක් ගෙන ගම් නියම්ගම්හි ද රජුන් වෙත ද එළඹෙත්. (යැදි දෙය) නුදුන් කලැ, ගමෙහි වුව ද වෙනෙහි වුව ද නො නැගිටිමු යයි ඉඳ ගනිති.
2168. නිග‍්ගාහකසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ
2168. මහරජ, (තමාට) නිගා කර ගන්නා ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු ද මා විසින් කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද.
2169. අපෙතා තෙ බුහ‍්මඤ‍්ඤා (ඉති රාජාකොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2169. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2170. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං
2170. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (ඵ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2171. පරූළ‍්හකච‍්ඡ නඛලොමා සඞ‍්කදන‍්තා රජස‍්සිරා. ඔකිණ‍්ණා රජරෙණූහි යාචකා විචරන‍්ති තෙ.
2171. බෙහෙවින් වැඩි ගිය කිසිලි ලෝම සහ නිය ඇති මැලියම් සහිත දත් ඇති දූවිල්ලෙන් ගැවැසි හිස් ඇති දූලි සහිත ඒ බමුණෝ යදිමින් හැසිරෙති.
2172. ඛාණුඝාතසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2172. මහරජ අපවිත්‍ර සිරුරු ඇති හෙයින් දාගිය කණු සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු යාචක බ්‍රාහ්මණ යයි කියති. එ බඳු ඔවුන් වෙත ඵළඹ අරාධනා කරමු ද?
2173. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉතිරාජාකොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙපි විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2173. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2174. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං
2174. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙක (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2175. හරීටකං ආමකං අම‍්බං ජම‍්බුවිහීටකං, ලබුජං දන‍්තපොණානි බෙලුවා ඛදරානි ච.
2175. (මහරජ) යමෙක් අරළු නෙල්ලි අඹ දඹ බුළු දෙල් දැහැටි බෙලි හා ඩෙබර ද,
2176. රාජායතනං උච‍්ඡුපුටං ධූමනෙත‍්තං මධුඅඤ‍්ජනං. උච‍්චාවචානි පණියානි විපණෙන‍්ති ජනාධිප.
2176. කිරිපලු ද උක් හා එම පැණි ද දුම්කෝව ද මී හා අඳුන් ද යන ලොකු කුඩා වෙළෙඳ බඩු විකුණත් ද.
2177. වාණිජකසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2177. මහරජ, වෙළෙඳුන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු වෙළඳ බමුණෝ යයි කියන ලදු. එබඳු ඔවුන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2178. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉති රාජාකොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2178. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔවුහු බමුණෝය යි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2179. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.
2179. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2180. නික‍්ඛන‍්තභික‍්ඛං භුඤ‍්ජන‍්ති ගාමෙස‍්වෙකෙ පුරොහිතා, බහූ තෙ පටිපුච‍්ඡන‍්ති අණ‍්ඩච‍්ඡෙදා නිලඤ‍්ඡකා පසූපි තත්‍ථ හඤ‍්ඤන‍්ති මහිසා සූකරා අජා.
2180. ගම්වලැ පුරෝහිතයෝ වී නිරන්තර භික්‍ෂාව ලබා ගෙන බුදිත්. බොහෝ දෙනා නැකැත්, සුබ මොහොත් සහ මඟුල් පුරෝහිතයන් විචාරත්. ඔවුහු කුලී ගෙන හරකුන්ගේ අණ්ඩච්ඡේද කිරීමත් උන්ගේ වෙරැ ලකුණු තැබීමත් කරති. ඔවුන්ගේ නිවාසයන්හි මී ඌරු, එළු යන සිවුපාවෝ මරනු ලැබෙත්.
2181. ගොඝාතකසමාචාරා තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2181. ගවඝාතකයන් සමාන හැසිරීම ඇති ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2182. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉති රාජා කොරව්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ
2182. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2183. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.
2183. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (මෙබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2184. අසිචම‍්මං ගහෙත්‍වාන ඛග‍්ගං පග‍්ගය‍්හ බ්‍රාහ‍්මණා, වෙස‍්සපථෙසු තිට‍්ඨන‍්ති සත්‍ථං අබ‍්බාහයන‍්තිපි.
2184. මහරජ, ඇතැම් බමුණෝ කඩු පළඟ දරා කඩුව අතින් ගෙන වෙළෙඳුන් යන මාර්‍ගයන්හි සිටිති. වෙළෙඳුන්ගෙන් මුදල් ගෙන සොරුන් වෙසෙන වනයෙන් ගැල් තරණය කරවති.
2185. සමා ගොපනිසාදෙහි තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2185. ගෝපාලයන් ද ගම් පහරන සොරුන් ද සමාන ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2186. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉති රාජා කොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2186. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලබති, විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2187. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.
2187. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2188. අරඤ‍්ඤෙ කුටිකං කත්‍වා කූටානි කාරයන‍්ති තෙ, සසඛිළාරෙ බාධෙන‍්ති ආගොධා මච‍්ඡකච‍්ඡපං.
2188. ඇතැම් බමුණෝ වනයෙහි කුටියක් තනාගෙන වෙසෙමින් මලපුඩු අටවත්. ගොයින් ඇතුළු සාවුන් බළලූන් සහ මස්කැස්බන් පෙළත්.
2189. ලුද‍්දකා තෙ මහාරාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණ, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2189. මහරජ, ඔවුහු වැද්දෝ වෙති. (එහෙත්) බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2190. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉති රාජා කොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ.
2190. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2191. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.
2191. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2192. අඤ‍්ඤෙ ධනස‍්ස කාමාහි හෙට‍්ඨාමඤ‍්චෙ පසක‍්ඛිතා, රාජානො උපරි නහායන‍්ති සොමයාගෙ උපට‍්ඨිතෙ.
2192. ධනය කැමැති වෙනත් බමුණෝ රනින් ඇඳන් තනවා එහි යටැ හොවිති. සෝම යාගය පැමිණි කලැ රජවරු ඇඳ මත්තේ සිටැ ජලස්නානය කරති. (ජලස්නානයෙන් පසු ඇඳන් බමුණන් සතු වේ.)
2193. මලමජ‍්ජකසමා රාජ තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2193. මහරජ, නැහැවියන් වැනි ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2194. අපෙතා තෙ බ්‍රහ‍්මඤ‍්ඤා (ඉති රාජා කොරව්‍යො,) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා අඤ‍්ඤෙ විධුර පරියෙස සීලවන‍්තෙ බහුස‍්සුතෙ
2194. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2195. විරතෙ මෙථුනා ධම‍්මා යෙ මෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං, දක‍්ඛිණං සම‍්ම දස‍්සාම යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.
2195. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2196. අත්‍ථි බ්‍රාහ‍්මණා දෙව සීලවන‍්තො බහුස‍්සුතා, විරතා මෙථුනා ධම‍්මා යෙ තෙ භුඤ‍්ජෙය්‍යුං භොජනං.
2196. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබගේ බොජුන් වළඳත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු සිල්වත් බහුශ්‍රුත වූ බමුණෝ ඇත්තාහු ය.
2197. එකඤ‍්ච භත‍්තං භුඤ‍්ජන‍්ති න ච මජ‍්ජං පිවන‍්ති තෙ, අක‍්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
2197. (උන්වහන්සේ) එක් බතක් (එක වේලක්) පමණක් බුදිති. මත් පැන් පානය නො කරති. කියන ලද එබඳු ඒ උතුමන් වෙත ආරාධනා පිණිස යමු ද.
2198. එතෙ ඛො බ්‍රාහ‍්මණා විධුර සීලවන‍්තො බහුස‍්සුතා, එතෙ විධුර පරියෙස ඛිප‍්පඤ‍්ච තෙ නිමන‍්තයාති.
2198. විධුර පඬිතුමනි, මුන් වහන්සේ සිල්වත් වූ බහුශ්‍රුත වූ බමුණෝ වෙති. විධුර පඬිතුමනි, මොවුන් වහා සොයව. උන්වහන්සේ ආරාධනා කරච.