13. භික්ඛාපරම්පරජාතකං
2199. සුඛුමාලරූපං දිස්වාන රට්ඨා විවනමාගතං, කූටාගාරවරූපෙතං මහාසයනමුපාසිතං,
2199. මහඇගි කුළුගෙවල්හි වුසූ මහඇගි සිරි යහන් ඇසුරු කළ (සයනය කළ) රජතුමා රාජ්‍යය හැර දමා ප්‍රත්‍යන්තයට පැමිණි බව දැකැ,
2200. තස්ස තෙ පෙමකෙනාහං අදාසිං බද්ධමොදනං, සාලීනං විචිතං භත්තං සුචිං මංසූපසෙචනං.
2200. ඒ ඔබ වහන්සේට ප්‍රේමයෙන් මම සොයාබලා පවිත්‍ර කළ ඇල් සාලෙන් පිසූ, රසමසවුළෙන් යුතු උතුම් බත දුනිමි.
2201. තං ත්වං භත්තං පටිග්ගය්හ බ්රාහ්මණස්ස අපාපයි, අත්තානං අනසිත්වාන කොයං ධම්මො නමත්ථු තෙ.
2201. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන අනුභව නො කොට බමුණාට දුන්හ. රජතුමනි, ඔබට නමස්කාර වේවා. මේ කිනම් ධර්මයක් ද?
2202. ආචරියො බ්රාහ්මණො මය්හං කිච්චාකිච්චෙසු ව්යාවටො, ගරු ච ආමන්තනීයො දාතුමරහාමි භොනං.
2202. මේ බමුණා මාගේ ආචාර්ය්යවරයා වේ. මාගේ කුදු මහත් කටයුතුවල යෙදුණෙකි. ගරු කටයුත්තෙකි. මා දුන් දෙය ගන්නට සුදුස්සෙකි. එසේ හෙයින් භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2203. බ්රාහ්මණන්දානි පුච්ඡාමි ගොතමං රාජපූජිතං, රාජා තෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
2203. දැන් මම ගෞතම ගෝත්‍රයෙහි වූ රාජ පූජිත බමුණා විචාරමි. රජතුමා ඔබට රසමසවුළෙන් යුතු ව පවිත්‍ර බත දුන්නේ ය.
2204. තං ත්වං භත්තං පටිග්ගය්හ ඉසිස්ස භොජනං අදා, අඛෙන්තඤ්ඤූසි දානස්ස කොයං ධම්මො නමත්ථු තෙ.
2204. ඔබ ඒ බත පිළිගෙන ඉසිවරයාට දුන්හ. ඔබ දානයට කෙත නො වේ යයි දත්තෙහි ද? ඔබට නමස්කාර වේවා, මේ කිනම් ධර්මයක් ද?
2205. භරාමි පුත්තෙ දාරෙ ච ඝරෙසු ගථිතො අහං, භුඤ්ජෙ මානුසකෙ කාමෙ අනුසාසාමි රාජිනො.
2205. ගිහිගෙයි බැඳුණු මම අඹුදරුවන් පෝෂණය කරමි. මිනිසුනට අයත් කම්සුව විඳින්නැ යි රජතුමාට අනුසාසන කරමි.
2206. ආරඤ්ඤකස්ස ඉසිනො චිරරත්තං තපස්සිනො, වද්ධස්ස භාවිතත්තස්ස දාතුමරහාමි භොජනං
2206. වෙනෙහි වෙසෙන බොහෝ කල් වැඩූ තවුස්දම් ඇති ගුණයෙන් වැඩුණු දියුණු කළ සිත් ඇති ඉසිවරයාට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2207. ඉසිඤ්චදානි පුච්ඡාමි කිසං ධමනිසන්ථතං. පරූළ්හකච්ඡනඛලොමං පඞ්කදන්තං රජස්සිරං.
2207. දැන් මම කෘශ වූ, නහර ඉල්පීගිය ශරීරය ඇති වැඩුණු කිසිලිලෝම හා නිය ද ඇති මැලියම් බැඳුණ දත් ඇති ධූලි සහිත හිසැති ඉසිවරයා විචාරමි.
2208. එකො අරඤ්ඤෙ විහරසි නාවකඞ්ඛසි ජීවිතං, භික්ඛු කෙන තයා සෙය්යො යස්ස ත්වං භොජනං අදා
2208. (ස්වාමීනි,) හුදෙකලා ව වනයෙහි වෙසෙන්නෙහි ය. ජීවත් වීම නො කැමැත්තෙහි ද? යමකුට තෙපි භෝජනය දුන්නහු ඒ භික්ෂූන් වහන්සේ කුමකින් තොපට වඩා ශ්‍රේෂ්ඨ ද?
2209. ඛණන්තාලුකලම්බානි බිළාලීතක්කළානි ච, ධුනං සාමාකනීවාරං සඞ්ඝාරියං පසාරියං,
2209. මම අල වර්ග ද තල් අල ද බිළාලි අල ද තක්කළ අල ද සාරා ගනිමින් බොඩහමු හා ඌරුහැල් පොලමින් රැස් කරමින්,
2210. සාකං භිසං මධුං මංසං පදරාමලකානි ච, තානි ආහත්ව භුඤ්ජාමි අත්ථි මෙ සො පරිග්ගහො.
2210. පලා වර්ග ද නෙළුම් අල ද මීමස් ද ඩෙබර සහ නෙල්ලි ද ගෙනවුත් වළඳමි. මට එය අයිති ව ඇත.
2211. පචන්තො අපචන්තස්ස අමමස්ස අකිඤ්චනො, අනාදානස්ස සාදානො දාතුමරහාමි භොජනං.
2211. පිසන්නෙක් වූ මම, නො පිසන මමායනය රහිත පළිබෝධ නැති නුදුන් දෙය නො ගන්නා වූ පසේබුදුරජාණන් වහන්සේට ගන්නා වූ භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2212. භික්ඛුඤ්චදානි පුච්ඡාමි තුණ්හීමාසීන සුබ්බතං. ඉසි තෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
2212. දැන් මම නිහඬ ව වැඩ සිටින සිල්වත් භික්ෂූන් වහන්සේ විචාරමි. පවිත්‍ර ලෙස සකස් කළ රසමසවුළෙන් යුතු බත ඉසිවරයා ඔබ වහන්සේට දුන්නේ ය.
2213. තං ත්වං භත්තං පටිග්ගය්හ තුණ්හී භුඤ්ජසි එකකො, නාඤ්ඤං කඤ්චි නිමන්තෙසි කොයං ධම්මො නමත්ථු තෙ.
2213. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන නිහඬ ව හුදෙකලා ව වළඳති. අන් කිසිවකුට කැඳවීමක් නැත. ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ කිනම් ධර්මයක් ද?
2214. න පචාමි න පාචෙමි න ඡින්දාමි න ඡෙදයෙ, තං මං අකිඤ්චනං ඤත්වා සබ්බපාපෙහි ආරතං.
2214. මම නො පිසමි. නො පිසවමි. නො සිඳිමි. නො සිඳවමි. පළිබෝධ රහිත මා සියලු පාපයන්ගෙන් දුරු වැ සිටින බව දැනැ,
2215. වාමෙන භික්ඛමාදාය දක්ඛිණෙන කමණ්ඩලුං, ඉසි මෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
2215. ඉසිවරයා, වමතින් ආහාර (බඳුන) ගෙන දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන මට රසමසවුල් සහිත පවිත්‍ර බත පිළිගැන්නුවේ ය.
2216. එතෙ හි දාතුමරහන්ති සමමා සපරිග්ගහා, පච්චණීකමහං මඤ්ඤෙ යො දාතාරං නිමන්තයෙ.
2216. මමායනය සහිත අයිතිය ඇති මොව්හු මා වැන්නවුන්ට දෙන්නට සුදුස්සෝ වෙති. යමෙක් දෙන්නහුහට පවරා ද එය විරුද්ධ ප්‍රතිපදාවය යි මම හඟිමි.
2217. අත්ථාය වත මෙ අජ්ජ ඉධාගඤ්ජි රථෙසභො, ඉතො පුබ්බෙ න පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
2217. ඒකාන්තයෙන් මට වැඩ පිණිස අද රජතෙම මෙහි පැමිණියේ ය. යමකුට දුන් දෙය මහත් පල ද එය මීට පෙරැ නො දනිමි.
2218. රට්ඨෙසු ගිද්ධා රාජානො කිච්චාකිච්චෙසු බ්රාහ්මණා, ඉසී මූලඵලෙ ගිද්ධා විප්පමුත්තා ච භික්ඛවොති.
2218. රජවරු රටවල් (ලබා ගැනීමට) ගිජුවූහ. බමුණෝ රජවරුන්ගේ කුදු මහත් කටයුතු කිරීමට ගිජුවූහ. ඉසිවරයෝ අල වර්ග සහ ගෙඩිවර්ග වලට ගිජු වූහ. පසේ බුදුවරයෝ සියලු භවයන්ගෙන් මිදුණෝ වෙති.
13. භික්ඛාපරම්පරජාතකං.
13. භික්ඛාපරම්පර ජාතක යි.
පකිණ්ණකනිපාතං නිට්ඨිතං
පකිණ්ණක නිපාතය නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සුව කින්නරමුක්කඛරාජීන සො, භිසජාත මහෙසි කපොතවරො, අථ මොර සතච්ඡක වාණිජකො අථ රාජ දසබ්රාහ්මණා භික්ඛපරන්ති.
සුවජාතක යැ චන්දකින්නර ජාතක යැ මහා උක්කුස (උක්ක) ජාතක යැ උද්දාලක (ඛරාජින) ජාතක යැ භිස ජාතක යැ සුරූචී (මහේසි) ජාතක යැ පඤ්චුපෝසථ යැ (කපොත) ජාතකයැ මහමොර ජාතක යැ තච්ඡකසූකර ජාතක යැ මහාවාණිජ ජාතක යැ සාධීන (රාජ) ජාතක යැ දසබ්‍රාහ්මණ ජාතක යැ භික්ඛාපරම්පර ජාතක යි.