යෙදුමෙන් කියවන්න

1. මාතඞ‍්ගජාතකං

1. මාතඞ‍්ගජාතකං

1. මාතඞ්ග ජාතකය

2328. කුතො නු ආගච‍්ඡසි රුම‍්මවාසී ඔතල‍්ලකො පංසුපිසාචකොව, සඞ‍්කාරචොළං පටිමුච‍්ච කණ‍්ඨෙ කො රෙ තුවං හොහිසි අදක‍්ඛිණෙය්‍යො.

2328. අපිරිසිදු කඩමාලු හඳනා, ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙලැ දැවටී ලාමක වූ තෝ, කොහි සිට ආවෙහි ද? එම්බල දක්‍ෂිණාර්‍හ නො වූ තෝ කවරෙහි දැයි මණ්ඩබ්බ කුමාර තෙමේ ඇසීය.

2329. අන‍්නං තව ඉදං පකතං යසස‍්සී තං ඛජ‍්ජරෙ භුඤ‍්ජරෙ පිය්‍යරෙ ච, ජානාසි මං ත්‍වං පරදත‍්තූපජීවිං උත‍්තිට‍්ඨපිණ‍්ඩං ලභතං සපාකො.

2329. මහත් යශස්ඇති මණ්ඩව්‍ය කුමාරය, පිළියෙළ කරන ලද ඔබගේ මේ ආහාරය බොහෝ දෙනා කති, බුදිති, පානය ද කරත්. නුඹ මෙරමා දුන් දැයෙන් යැපෙන්නකු කොට මා දනුව. එහෙයින් යාචක පිණ්ඩය චණ්ඩාල තෙමේත් ලබාවා යී මාතඞ්ග තෙමේ කීය.

2330. අන‍්නං මම ඉදං පකතං බ්‍රාහ‍්මණානං අත‍්තත්‍ථාය සද‍්දහතො මමයිදං, අපෙහි එත‍්තො කිමිධට‍්ඨිතොසි න මාදිසා තුය‍්හං දදන‍්ති ජම‍්ම.

2330. මාගේ මේ ආහාරය ජාතිසම්පන්න බ්‍රාහ්මණයන්ට පිළියෙළ කරන ලදය. සැදැහැති මාගේ මේ දානය තමහට වැඩ පිණිස වේ. සැඩොල, මෙතැනින් පහව යා. කුමකට මෙහි සිටිනෙහි ද? නීචය, මා වැන්නෝ තට නොදෙති.

2331. ථලෙ ච නින‍්නෙ ච වපන‍්ති බීජං අනූපඛෙත‍්තෙ ඵලමාසසානා, එතාය සද‍්ධාය දදාහි දානං අප‍්පෙව ආරාධයෙ දක‍්ඛිණෙය්‍යෙ.

2331. එම්බා කුමාරය, ශස්‍යඵල කැමැත්තෝ ගොඩ ද, වළ ද, දෙණිය ද යම්සේ බිජුවට වපුරද්ද, එසේම නුඹ මේ ඵල ශ්‍රද්ධායෙන් (දානයෙන් ලැබෙන උසස් විපාක ගැන ඇදහීමෙන් යුතුව) පැමිණි හැමට දන් දෙව. (මෙසේ) දක්‍ෂිණාර්‍හයන් අරියනෙහි (ලබනෙහි) නම් මැනවි.

2332. ඛෙත‍්තානි මය‍්හං විදිතානි ලොකෙ යෙසාහං බීජානි පතිට‍්ඨපෙමි, යෙ බ්‍රාහ‍්මණා ජාතිමන‍්තූපපන‍්නා තානීධ ඛෙත‍්තානි සුපෙසලානී.

2332. යම්බඳු පුණ්‍යක්‍ෂේත්‍රයන්හි මම බිජුවට පිහිටුවම්ද, ලෝකයෙහි ඒ පුණ්‍යක්‍ෂේත්‍රයෝ මා විසින් දන්නා ලදහ. ජාතියෙන් ද මන්ත්‍රයෙන් ද යුක්ත වූ යම් බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඉතා ප්‍රියශීලී වූ ඔවුහු මෙලොව පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.

2333. ජාතිමදො ව අතිමානිතා ච ලොභො ච දොසො ච මදො ච මොහො, එතෙ අගුණා යෙසු වසන‍්ති සබ‍්බෙ, තානීධ ඛෙත‍්තානි අපෙසලානි.

2333. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි පවතිද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ (සපුන් පිරි තුඹස් සේ) අපේශල වෙති.

2334. ජාතිමදො ව අතිමානිතා ච ලොභො ච දොසො ච මදො ච මොහො, එතෙ අගුණා යෙසු න සන‍්ති සබ‍්බෙ, තානීධ ඛෙත‍්තානි සුපෙසලානි.

2334. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි නැද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ සුපේශල වෙති. (ඔවුන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.)

2335. කෙවත්‍ථ ගතා උපජොතියො ච උපජ‍්ඣායො අථවා භණ‍්ඩකුච‍්ඡි, ඉමස‍්ස දණ‍්ඩඤ‍්ච වධඤ‍්ච දත්‍වා ගලෙ ගහෙත්‍වා ඛලයාථ ජම‍්මං.

2335. (මේ වාසල් තුනෙහි රැකවලැ යෙදුණු) උපජෝති ද උපජ්ඣාය ද භණ්ඩකුච්ඡි ද යන මොහු කොහි ගියාහු ද? මොහුට දඬුවම් ද වධ ද දී, සැඩොලා ගෙලෙහි ගෙනැ බැහැර කරවු (යී මණ්ඩව්‍ය කුමාරයා කීවේය.)

2336. ගිරං නඛෙන ඛණසි අයො දන‍්තෙන ඛාදසි, ජාතවෙදං පදහසි යො ඉසිං පරිභාසසි.

2336. මාණවකය, යම්බඳු වූ නුඹ ඍෂියාට පරිභව කරන්නෙහි ද? ඒ නුඹ පර්‍වතයක් නියෙන් සාරන්නෙහි ය. දතින් යකඩ කන්නෙහි ය. ගිනි ගිලීමට උත්සාහ කරන්නෙහි ය. (ඍෂියාට පරිභව කිරීම පර්‍වතයක් නියෙන් සෑරීම වැනි තම පරිහානියට ම හේතු වන බව මේ කී සැටි යී.)

2337. ඉදං වත්‍වාන මාතඞ‍්ගො ඉසි සච‍්චපරක‍්කමො, අන‍්තලික‍්ඛස‍්මිං පක‍්කාමි බ්‍රාහ‍්මණානං උදික‍්ඛතං.

2337. ස්වභාවික පරාක්‍රමයෙන් යුත් මාතඞ්ග ඍෂි තෙම මෙසේ කියා බමුණන් බලා සිටියදී ම අහසෙහි නැඟී ගියේ ය.

2338. ආවෙඨිතං පිට‍්ඨිතො උත‍්තමඞ‍්ගං බාහං පසාරෙති අකම‍්මනෙය්‍යං සෙතානි අක‍්ඛීනි යථා මතස‍්ස කො මෙ ඉමං පුත‍්තමකාසි එවං.

2338. හිස පිටුපසට පෙරළන ලදී. අත ද අකර්‍මණ්‍ය ලෙස දිග හරියි. (දරදඬු ය) මළ එකක්හුගේ මෙන් ඇස් සුදු ය. මාගේ පුත්‍රයාට කවරෙක් නම් මේ විපත සිදු කෙළේ ද?

2339. ඉධාගමා සමණො රුම‍්මවාසී ඔතල‍්ලකො පංසුපිසාචකොව සඞ‍්කාරචොළං පටිමුච‍්ච කණ‍්ඨෙ සො තෙ ඉමං පුත‍්තමකාසි එවං.

2339. අපිරිසිදු කඩමාලුයෙන් මැසූ වස්ත්‍ර ඇති ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙල දවටා ගත් ශ්‍රමණයෙක් මෙහි ආවේ ය. හෙ තෙමේ තීගේ මේ පුතුට මෙසේ කෙළේ ය. (යී එහි සිටි ජනයා කීවේය.)

2340. කතමං දිසං අගමා භූරිපඤ‍්ඤො අක‍්ඛාථ මෙ මාණවා එතමත්‍ථං ගන‍්ත්‍වාන තං පටිකිරියෙමු අච‍්චයං අප‍්පෙව නං පුත‍්තං ලභෙමු ජීවිතං.

2340. මාණවකයෙනි, බොහෝ ප්‍රඥා ඇත්තා වූ ඒ ශ්‍රමණයන් වහන්සේ කිනම් දිශාවකට ගියාහු ද? යන මේ කරුණ මට කියවු. ඔහු වෙත ගොස් ඒ වරදට පිළියම් කරන්නෙමු. (කමා කරවන්නෙමු.) පුතුට ජීවිතය ලබා දෙන්නෙමු නම් ඉතා යෙහෙක (යි දිට්ඨමංගලිකාව කීවාය.)

2341. වෙහාසයං අගමා භූරිපඤ‍්ඤො පථද‍්ධුනො පණ‍්ණරසෙව චන්‍දො, අපිචාපි සො පුරිමං දිසං අගඤ‍්ඡි සච‍්චප‍්පටිඤ‍්ඤො ඉසි සාධුරූපො.

2341. බොහෝ ප්‍රඥා ඇති ඒ ශ්‍රමණ තෙම ආකාශපථයාගේ මැද පූර්‍ණචන්‍ද්‍රායමාණ වැ අහසට වැඩම කෙළේය. තවද සත්‍ය වූ ප්‍රතිඥා ඇති යහපත් ස්වභාව ඇති ඒ ඍෂි තෙමේ පෙරදිගට වැඩම කෙළේය. (යී එහි හුන් මාණවකයෝ කීහ.)

2342. ආවෙඨිතං පිට‍්ඨිතො උත‍්තමඞ‍්ගං බාහං පසාරෙති අකම‍්මනෙය්‍යං, සෙතානි අක‍්ඛීනි යථා මතස‍්ස කො මෙ ඉමං පුත‍්තමකාසි එවං.

2342. (මාගේ පුත්‍රයාගේ) හිස පිටිපසට කැරැකිණි. අකර්‍මණ්‍ය ලෙස අත දිග හරියි, මළ එකක්හුගේ මෙන් ඇස් සුදුවන් ය, මාගේ පුත්‍රයාට මේ විප්‍රකාරය කවරෙක් කෙළේ ද? (යනුවෙන් දිට්ඨමංගලිකාව මාතඞ්ග පණ්ඩිතයන්ගෙන් ඇසුවා ය.)

2343. යක‍්ඛා හවෙ සන‍්ති මහානුභාවා අන්‍වාගතා ඉසයො සාධුරූපා, තෙ දුට‍්ඨචිත‍්තං කුපිතං විදිත්‍වා යක‍්ඛා හි තෙ පුත‍්තමකංසු එවං.

2343. ඍෂීන් අනුව ගිය යහපත් ස්වභාව ඇති මහානුභාවසම්පන්න යක්‍ෂයෝ ඇත්තාහු ම ය. ඒ යක්‍ෂයෝ දුෂ්ට සිත් ඇති කිපුණා වූ ඔබ පුතු දැන මේ විප්‍රකාරය කළහ.

2344. යක‍්ඛා ච මෙ පුත‍්තමකංසු එවං ත්‍වඤ‍්ඤෙව මෙ මා කුද‍්ධො බ්‍රහ‍්මචාරි, තුම‍්හෙව පාදෙ සරණං ගතාස‍්මි අන්‍වාගතා පුත‍්තසොකෙන භික‍්ඛු.

2344. මාගේ පුතුට යක්‍ෂයෝ මෙසේ කළාහු ද, බ්‍රහ්මචාරීන් වහන්ස, නුඹ වහන්සේ ම මාගේ පුත්‍රයාට නො කිපෙන සේක්වා, මම නුඹ වහන්සේගේ ම පාදයන් සරණ කොට ගියමු. තවුසාණන් වහන්ස, මම පුත්‍රශෝකයෙන් නුඹ වහන්සේ කරා පැමිණියමු.

2345. තදෙවහි එතරහි ච මය‍්හං මනොපදොසො න මමත්‍ථි කොචි, පුත‍්තො ච තෙ වෙදමදෙන මත‍්තො අත්‍ථං න ජානාති අධිච‍්ච වෙදෙ.

2345. දිට්ඨමංගලිකාවෙනි, ඒ බණින කල්හිත් තීගේ පුතුට මා සිත්හි කිසියම් ද්වේෂයෙක් නො වී ය, දැනුදු නැත, තීගේ පුත්‍රයා වනාහි වේදයන් ඉගෙන වේද මදයෙන් මත් වූයේ වැඩ අවැඩ නො දනී.

2346. අද‍්ධා හවෙ භික‍්ඛු මුහුත‍්තකෙන සම‍්මුය‍්හතෙව පුරිසස‍්ස සඤ‍්ඤා, එකාපරාධං ඛම භූරිපඤ‍්ඤ න පණ‍්ඩිතා කොධබලා භවන‍්ති.

2346. තවුසාණන් වහන්ස, ඒකාන්තයෙන් ම මිනිසාගේ සංඥාව මොහොතකින් මුළා වේ ම ය. මහාප්‍රාඥය, මේ එක ම අපරාධය කමා කරන සේක්වා, පණ්ඩිතයෝ නම් ක්‍රෝධය බල කොට ඇත්තෝ නො වෙත්.

2347. ඉමඤ‍්ච මය‍්හං උත‍්තිට‍්ඨපිණ‍්ඩං තං මණ‍්ඩව්‍යො භුඤ‍්ජතු අප‍්පපඤ‍්ඤො, යක‍්ඛා ච තෙ නං න විභෙඨයෙය්‍යුං පුත‍්තො ච තෙ හොහිති සො අරොගො.

2347. මාගේ මේ ඉඳුල් බත්පිඩ අනුවණ මණ්ඩව්‍ය තෙමේ අනුභව කෙරේවා, ඒ යක්‍ෂයෝ ද ඔහු නො වෙහෙසන්නාහ, තීගේ ඒ පුත් තෙමේ ද නිරෝග වන්නේ ය.

2348. මණ‍්ඩව්‍ය බාලොසි පරිත‍්තපඤො යො පුඤ‍්ඤක‍්ඛෙත‍්තානං අකොවිදොසි, මහක‍්කසාවෙසු දදාහි දානං කිලිට‍්ඨකම‍්මෙසු අසඤ‍්ඤතෙසු.

2348. නුඹ මහත් වූ රාගාදි කෙලෙස් කසටින් යුත් කිලුටු කර්‍ම ඇති අසඤ්ඤතයන් කෙරෙහි දන් දෙන්නෙහි ය, යම්බඳු වූ නුඹ මෙසේ කිරීමෙන් පුණ්‍යක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුමෙහි අදක්‍ෂ වෙහි ද, මණ්ඩව්‍ය කුමාරය, එහෙයින් නුඹ අඥාන වෙහි ය.

2349. ජටා ච කෙසා අජිනා නිවත්‍ථා ජරූදපානංව මුඛං පරූළහං, පජං ඉමං පස‍්සථ රුම‍්මරූපිං න ජටාජිනං තායතෙ අප‍්පපඤ‍්ඤං.

2349. පුත මාණ්ඩව්‍යය, නුඹගේ දක්‍ෂිණාර්‍හයන් අතුරෙන් ඇතැමුන්ගේ කේසයෝ හැඩපළු ගසා බඳින ලද්දාහ. ඛුර සහිත අඳුන් දිවිසම් පොරවන ලද්දාහ. ජීර්‍ණකූපයක්සේ දික් රැවුළෙන් වැසුණ මුව සිදුරු ඇති අපිරිසිදු රාක්‍ෂ වේසය ඇති මේ ප්‍රජාව බලවු. මේ දළ මඩුලු හා අඳුන් දිවිසම් දරන තැනැත්තා මඳ නුවණැත්තාහු නො රකී. හෙවත් පිහිට නො වේ.

2350. යෙසං රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන‍්තො තෙසු දින‍්නං මහප‍්ඵලං. උපහච‍්ච මනං මෙජ‍්ඣො මාතඞ‍්ගස‍්මිං යසස‍්සිනෙ, සපාරිසජ‍්ජො උච‍්ඡින‍්නො මෙජ‍්ඣාරඤ‍්ඤං තදා අහූ’ති.

2350. යම් කෙනකුගේ රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් පහවී ද, ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු වෙද්ද උන්වහන්සේ කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේ. මේධ්‍ය රජ තෙම යශස් ඇත්තා වූ මාතඞ්ග ඍෂි කෙරෙහි සිත දූෂ්‍ය කොට සහපිරිවරින් වැනැසුණේ ය. එකල්හි මේධ්‍යාරණ්‍යය වූයේ ය.

මාතඞ‍්ග ජාතකං.

මාතඞ්ග ජාතක යි.