යෙදුමෙන් කියවන්න

2. චිත‍්තසම‍්භුතජාතකං

2. චිත‍්තසම‍්භුතජාතකං.

2. චිත්තසම්භූත ජාතකය

2351. සබ‍්බං නරානං සඵලං සුචිණ‍්ණං න කම‍්මනා කිඤ‍්චන මොඝමත්‍ථි, පස‍්සාමි සම‍්භූතං මහානුභාවං සකම‍්මනා පුඤ‍්ඤඵලූපපන‍්නං.

2351. මිනිසුන් විසින් මැනවින් පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. ස්වකීය කර්‍මයෙන් පුණ්‍ය විපාකයට පැමිණ මහත් ආනුභාව ඇති සම්භූත නම් වූ තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දකිමි.

2352. සබ‍්බං නරානං සඵලං සුචිණ‍්ණං න කම‍්මනා කිඤ‍්චන මොඝමත්‍ථි, කච‍්චින‍්නු චිත‍්තස‍්සපි එවමෙව ඉද‍්ධො මනො තස‍්ස යථාපි මය‍්හං.

2352. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. යම්සේ මාගේ යශස් සමෘද්ධවීද කිම? එසේම මා සොහොවුරු චිත්තයාගේ සිතත් සමෘද්ධ වීද?

2353. සබ‍්බං නරානං සඵලං සුචිණ‍්ණං න කම‍්මනා කිඤ‍්චන මොඝමත්‍ථි, චිත‍්තං විජානාහි තථෙව දෙව ඉද‍්ධො මනො තස‍්ස යථාපි තුය‍්හං.

2353. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. දේවයන් වහන්ස, යම්සේ නුඹ වහන්සේගේ යශස් සමෘද්ධ වී ද, එසේ ම ඒ චිත්තයාගේ ද සිත සමෘද්ධ විය. චිත්තයා ගැන (මෙසේ) දැන ගන්නේ මැනැවි.

2354. භවං නු චිත‍්තො සුතමඤ‍්ඤතො තෙ උදාහු තෙ කොචිනං එතදක‍්ඛා, ගාථා සුගීතා න මමත්‍ථි කඞ‍්ඛා දදාමි තෙ ගාමවරං සතඤ‍්ච.

2354. පින්වත, මම චිත්ත නම් වෙ මැ යි කියන චිත්තයාගෙන් ම තට මෙය අසන්නට ලැබිණි ද? නැතහොත් අනෙකුගෙන් අසන්නට ලැබිණි ද? මෙය නුඹට කවරෙක් කීවේ ද? ගාථාව නම් මැනැවින් ගායනය කරන ලදී. ඒ ගැන මට සැකෙක් නැත. නුඹට ගම්වර සියයක් ද දෙමි.

2355. න චාහං චිත‍්තො සුතමඤ‍්ඤතො මෙ ඉසී ච මෙ එතමත්‍ථං අසංසි ගන‍්ත්‍වාන රඤ‍්ඤො පටිගාහි ගාථං අපි තෙ වරං අත‍්තමනො දදෙය්‍ය.

2355. මම චිත්ත නම් වේ මැ යි කියන චිත්තයාගෙන් ම මට මෙය අසන්නට නො ලැබිණි. ඔබ තුමාගේ උයනෙහි වෙසෙන ඍෂිවරයෙක් මට මේ කරුණ කීවේ ය. රජු වෙත ගොස් මේ ගාථාව ගයව. එවිට තුටුසිත් රජ තෙමේ තට වරයක් ද දෙන්නේ ය.

2356. යොජෙන‍්තු වෙ රාජරථෙ සුකතෙ චිත‍්තසිබ‍්බනෙ, කච‍්ඡං නාගානං බන්‍ධථ ගීවෙය්‍යං පටිමුඤ‍්චථ.

2356. විසිතුරු මැසුම් ඇති අලංකාර ලෙස සරසන ලද රාජ රථයන් යොදත්වා, ඇතුන්ගේ පොරොද්ද බඳිමු. ග්‍රීවාභාරණයන් ද පළඳමු.

2357. ආහඤ‍්ඤන‍්තු භෙරිමුදිඞ‍්ගසඞ‍්ඛෙ සීඝානි යානානි ච යොජයන‍්තු අජ‍්ජෙවහං අස‍්සමං තං ගමිස‍්සං යත්‍ථෙව දක‍්ඛිස‍්සං ඉසිං නිසින‍්නං.

2357. බෙර - මිහිඟු බෙර - සක් යන තූර්‍ය්‍යයන් නාද කෙරෙත්වා, වේග ගමන් ඇති වාහන ද යොදත්වා, යම් තැනක හුන් ඍෂිවරයා දක්නට හැක්කෙම් නම්, අද ම ඒ අසපුවට යන්නෙමි යි රජ තෙමේ කීවේ ය.

2358. සුලද‍්ධලාභො වත මෙ අහොසි ගාථා සුගීතා පරිසාය මජ‍්ඣෙ, සොහං ඉසිං සීලවතූපපන‍්නං දිස‍්වා පතීතො සුමනොහමස‍්මි.

2358. ඒකාන්තයෙන් මට යහපත් ලාභයෙක් විය. මා විසින් පිරිස් මැද ගාථාව මැනැවින් ගායනය කරන ලදි. ශීල ව්‍රතයෙන් සමන්‍විත වූ ඍෂිවරයා දැක ඒ මම ප්‍රීත වූයෙම් සතුටුසිත් ඇත්තෙම් වෙමි.

2359. ආසනං උදකං පජ‍්ජං පතිගණ‍්හාතු නො භවං, අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම අග‍්ඝං කුරුතු නො භවං.

2359. පින්වතුන් වහන්ස, අපගේ අසුන ද පා දෝනා පැන් ද පිළිගන්නා සේක්වා, පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් පිදීම් වශයෙන් විචාරමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.

2360. රම‍්මඤ‍්ච තෙ ආවසථං කරොන‍්තු නාරීගණෙහි පරිචාරයස‍්සු කරොහි මකාසමනුග‍්ගහාය උභොපිමං ඉස‍්සරියං කරොම.

2360. නුඹ වහන්සේට සිත්කලු ගෘහයක් කෙරෙත්වා, ස්ත්‍රීසමූහයා විසින් තෙපි පිරිවරනු ලබව. අනුග්‍රහ පිණිස එයට අවකාශ කළ මැනැවැ. අපි දෙදෙනා මැ මේ රජ සැපත අනුභව කරම්හ යි රජ තෙම කීවේ ය.

2361. දිස‍්වා ඵලං දුච‍්චරිතස‍්ස රාජ අථො සුචිණ‍්ණස‍්ස මහාවිපාකං, අන‍්තානමෙවං පටිසඤ‍්ඤමිස‍්සං න පත්‍ථයෙ පුත‍්තං පසුං ධනං වා.

2361. මහරජ, දුශ්චරිතයාගේ විපාකය දැක වැළිදු මනාව පුරුදු කළ සුචරිතයාගේ විපාකයත් දැක මෙසේ තමන් ම සංවරයට පැමිණියෙමි. පුත්‍ර සම්පත් හෝ ගව මහිෂාදී පශු සම්පත් හෝ ධන සම්පත් හෝ නො පතන්නෙමි.

2362. දසෙවිමා වස‍්සදසා මච‍්චානං ඉධ ජීවිතං, අප‍්පත‍්තඤ‍්ඤෙව තං ඔධිං නළො ඡින‍්නොව සුස‍්සති.

2362. මෙලොව මිනිසුන්ගේ ජීවිතය වර්‍ෂයන් සම්බන්‍ධ දශක දශකයෙක් ම ය. ඒ දශකයන් සම්බන්‍ධ සීමාවට නොපැමිණ ම සිඳින ලද බට ගසක් මෙන් වියළෙයි. (මැරෙයි.)

2363. තත්‍ථ කා නන්‍දි කා ඛිඩ‍්ඩා කා රතී කා ධනෙසනා, කිම‍්මෙ පුත‍්තෙහි දාරෙහි රාජ මුත‍්තොස‍්මි බන්‍ධනා.

2363. මහරජ, ඒ නැසෙන ජීවිතයෙහි ලා පස්කම් අරබයා කවර සතුටක් ද? කිනම් කායික ක්‍රීඩාවක් ද? කවර සොම්නස් සහගත ඇල්මක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද? දරුවන්ගෙන් හා භාර්‍ය්‍යාවන්ගෙන් ඇති ප්‍රයෝජන හෝ කුමක් ද? මම බන්‍ධනයෙන් මිදුණෙමි.

2364. සො අහං සුප‍්පජානාමි මච‍්චු මෙ නප‍්පමජ‍්ජති, අන‍්තකෙනාධිපන‍්නස‍්ස කා රතී කා ධනෙසනා.

2364. ඒ මම හොඳින් ම දනිමි. මරුවා මට පමා නො වේ. මරුහට යටත් වූවහුට කවර රතියක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද?

2365. ජාති නරානං අධමා ජනින්‍ද චණ‍්ඩාලයොනි දිපදා කණිට‍්ඨා, සකෙහි කම‍්මෙහි සුපාපකෙහි චණ‍්ඩාලගබ‍්භෙ අවසිම‍්භ පුබ‍්බෙ.

2365. මහරජ, මිනිසුන්ගේ අධම වූ චණ්ඩාලයෝනිය දෙපා ඇත්තවුන් අතර පහත් වේ. පෙර අපි ස්වකීය පාපකර්‍ම විපාකයෙන් සැඬොල් මව් ගැබ්හි වුසූම්හ.

2366. චණ‍්ඩාලාහුම‍්හ අවන‍්තීසු මිගා නෙරඤ‍්ජරම‍්පති, උක‍්කුසා නම‍්මදාතීරෙ ත්‍යජ‍්ජ බ්‍රාහ‍්මණඛත‍්තියා,

2366. අපි දෙදෙන අවන්ති දනව්වෙහි චණ්ඩාලයෝ වූම්හ. ඉන් සැව නේරඤ්ජරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් චුත ව නර්‍මදා නදී තීරයෙහි උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද ඒ බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ.

2367. උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා, කරොහි පඤ‍්චාල මමෙතවාක්‍යං මාකාසි කම‍්මානි දුඛුද්‍රයානි.

2367. මහරජ, මේ ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. ජරාවෙන් මරුවෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙති. පංචාලය, මාගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් වැඩෙන්නා වූ පාපකර්‍ම නොකරව.

2368. උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා, කරොහි පඤ‍්චාල මමෙතවාක්‍යං මාකාසි කම‍්මානි දුක‍්ඛප‍්ඵලානි.

2368. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය, ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් විපාක ගෙන දෙන කර්‍ම නො කරව.

2369. උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා, කරොහි පඤ‍්චාල මමෙතවාක්‍යං මාකාසි කම‍්මානි රජස‍්සිරානි.

2369. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය. ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය පිළිපදුව. කෙලෙස් රජසින් වැසීගිය හිස් ඇති කර්‍මයන් නො කරව.

2370. උපනීයති ජීවිතමප‍්පමායු වණ‍්ණං ජරා හන‍්ති නරස‍්ස ජීයතො, කරොහි පඤ‍්චාල මමෙතවාක්‍යං මාකාසි කම‍්මානි නිරයූපපත‍්තියා.

2370. ජීවිතය මරණයට පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. දිරන්නා වූ මිනිසාගේ ශරීරවර්‍ණය ජරා තොමෝ නසියි. පංචාලය, මාගේ මේ වචනය කරව. නිරයෙහි ඉපදීමට හේතු වන කර්‍ම නො කරව.

2371. අද‍්ධා හි සච‍්චං වචනං තවෙතං යථා ඉසි භාසසි එවමෙතං, කාමා ච මෙ සන‍්ති අනප‍්පරූපා තෙ දුච‍්චජා මාදිසකෙන භික‍්ඛු.

2371. ඒකාන්තයෙන් ම නුඹ වහන්සේගේ වචනය සත්‍ය ය. ඍෂි තෙම යම්සේ කියන්නේ නම්, එය එසේ ම ය. අප්‍රමාණ කාම සම්පත් මට ඇත්තාහ. ඍෂිවරය, ඒ කාම සම්පත් මා වැන්නකු විසින් අත්හැරිය නො හැකි ය.

2372. නාගො යථා පඞ‍්කමඣෙ බ්‍යසන‍්නො පස‍්සං ථලං නාභිසම‍්භොති ගන‍්තුං, එවංපහං කාමපඞ‍්කෙ බ්‍යසන‍්නො න භික‍්ඛුනො මග‍්ගමනුබ‍්බජාමි.

2372. මඩවගුරෙහි එරුණු ඇත් තෙමේ ගොඩ දක්නේ යම්සේ යා නො හැක්කේ වේ ද, එමෙන් ම කාම පංකයෙහි එරුණු මම භික්‍ෂුවගේ අනුශාසනා මාර්‍ගයට නො පැමිණෙමි. හෙවත් පැවිදි වන්නට නො පිළිවන් වෙමි.

2373. යථාපි මාතා ච පිතා ච පුත‍්තං අනුසාසරෙ කින‍්ති සුඛීභවෙය්‍ය, එවම‍්පි මං ත්‍වං අනුසාස භන‍්තෙ යමාචරං පෙච‍්ච සුඛිභවෙය්‍යං.

2373. කවරාකාරයෙකින් පුතු සුවපත් වන්නේ දැ යි සලකා යම්සේ නම් මව්පියෝ පුතුට අනුශාසනා කෙරෙද්ද. ස්වාමීනි, එසේ ම යම් ලෙසකින් පිළිපදින්නෙම් නම් පරලොව සුව පිණිස හේතු වේ ද, එසේ ම මට අනුශාසනා කරන සේක්වා.

2374. නො චෙ තුවං උස‍්සහසෙ ජනින්‍ද කාමෙ ඉමෙ මානුසකෙ පහාතුං, ධම‍්මං ඛිලිං පට‍්ඨපයස‍්සු රාජ අධම‍්මකාරො ච තෙ මාහු රට‍්ඨෙ.

2374. ජනාධිපති මහරජ, ඉදින් තෙපි මිනිසුන් පිළිබඳ මේ පස්කම් සුව අත්හරින්නට නො හැක්කහු නම්, දැහැමින් අයබදු පිහිටුවවූ. තොපගේ රටෙහි අධර්‍ම ක්‍රියාවෝ ද නො වෙත්වා.

2375. දූතා විධාවන‍්තු දිසා චතස‍්සො නිමන‍්තකා සමණබ්‍රාහ‍්මණානං, තෙ අන‍්නපානෙන උපට‍්ඨහස‍්සු වත්‍ථෙන සෙනාසනපච‍්චයෙන ච.

2375. මහණබමුණන් හට ආරාධනය කරන්නා වූ දූතයෝ සිවු දිගට යවත්වා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාරයෙන් හා ගිලන්පසින් ද වස්ත්‍රයෙන් හා සෙනසුනින් ද සෙසු පසයෙන් ද උවැටැන් කෙරෙත්වා.

2376. අන‍්නෙන පානෙන පසන‍්නචිත‍්තො සන‍්තප‍්පය සමණබ්‍රාහ‍්මණෙ ච, දත්‍වා ච භුත්‍වා ච යථානුභාවං අනින්‍දිතො සග‍්ගමුපෙහි ඨානං.

2376. පහන් සිත් ඇත්තේ ආහාරයෙන් ද ගිලන්පසින් ද මහණ බමුණන් සතපවු, හැකි පරිදි දීමත් කොට බුදීමත් කොට නින්‍දා නොලබන ලද්දේ ස්වර්‍ග ලෝකයට එළඹෙවු.

2377. සචෙ ව තං රාජ මදො සහෙය්‍ය නාරීගණෙහි පරිචාරයන‍්තං ඉමමෙවගාථං මනසිකරොහි භාසෙසි චෙ නං පරිසාය මජ‍්ඣෙ.

2377. මහරජ, ඉදින් ස්ත්‍රී සමූහයා සමග පරිචරණය කරන තොප රාජමදය තෙමේ යටපත් කෙරේ නම් මේ ගාථාව ම මෙනෙහි කරවු. තවද මේ ගාථාව පිරිස් මැද කියවු.

2378. අබ‍්භොකාසසයො ජන‍්තු වජන‍්ත්‍යා ඛීරපායිතො, පරිකිණ‍්ණො සුපානෙහි ස‍්වාජ‍්ජ රාජාති වුච‍්චතීති.

2378. පෙර මම තෘණ කුටියක් පමණ සෙවණකුත් නො වූයෙන් අභ්‍යවකාශයෙහි ශයනය කරන සැඩොලෙක් වීමි. එකල මව කිරි පොවා වලට ගිය කල්හි බැල්ලක විසින් කිරි පොවන ලද්දෙම්, බලු පැටවුන් විසින් පිරිවරන ලදුව වාසය කෙළෙමි. ඒ මම අද රජ යයි කියනු ලබමි.

චිත‍්තසම‍්භූත ජාතකං.

චිත්තසම්භූත ජාතක යි.