2. චිත්තසම්භූතජාතකවණ්ණනා 498 අට්ඨකථා
2. චිත්තසම්භූතජාතකවණ්ණනා (498)
2. චිත්තසම්භූත ජාතකය (498)
සබ්බං නරානං සඵලං සුචිණ්ණන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ආයස්මතො මහාකස්සපස්ස පියසංවාසෙ ද්වෙ සද්ධිවිහාරිකෙ භික්ඛූ ආරබ්භ කථෙසි. තෙ කිර අඤ්ඤමඤ්ඤං අප්පටිවිභත්තභොගා පරමවිස්සාසිකා අහෙසුං, පිණ්ඩාය චරන්තාපි එකතොව ගච්ඡන්ති, එකතොව ආගච්ඡන්ති, විනා භවිතුං න සක්කොන්ති. ධම්මසභායං භික්ඛූ තෙසංයෙව විස්සාසං වණ්ණයමානා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, ඉමෙසං එකස්මිං අත්තභාවෙ විස්සාසිකත්තං, පොරාණකපණ්ඩිතා තීණි චත්තාරි භවන්තරානි ගච්ඡන්තාපි මිත්තභාවං න විජහිංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
සබ්බ නරානං සඵලං සුචිණ්ණං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්ගේ ප්‍රිය වූ සද්ධිවිහාරිකයන් දෙදෙනෙක් අරභයා දේශනා කළ සේක. ඔවුනොවුන් නොබෙදූ සම්පත් ඇති ඒ දෙදෙනා ඉතා විශ්වාසවන්තයෝ වූහ. පිඬු පිණිස හැසිරෙන්නාහුද එකටම යත්. එකටම පෙරළා පැමිණෙති. වෙන්ව සිටින්නට නොහැකි වෙත්. දම්සභාවෙහි රැස් වූ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ විශ්වාසය වර්ණනා කරමින් හුන්නාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, මෙහි කවර කථාවකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකැනැයි කී කල්හි මහණෙනි, මොවුන්ගේ එක් ආත්මභාවයෙක්හි විශ්වාසය විශ්වාසී බව පුදුමයක් නොවේ. පෙර පණ්ඩිතයෝ භවාන්තරයන් තුනක් යන්නාහුද මිත්‍රබව නොබින්දාහුම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ අවන්තිරට්ඨෙ උජ්ජෙනියං අවන්තිමහාරාජා නාම රජ්ජං කාරෙසි. තදා උජ්ජෙනියා බහි චණ්ඩාලගාමකො අහොසි. මහාසත්තො තත්ථ නිබ්බත්ති, අපරොපි සත්තො තස්සෙව මාතුච්ඡාපුත්තො හුත්වා නිබ්බත්ති. තෙසු එකො චිත්තො නාම අහොසි, එකො සම්භූතො නාම. තෙ උභොපි වයප්පත්තා චණ්ඩාලවංසධොවනං නාම සිප්පං උග්ගණ්හිත්වා එකදිවසං “උජ්ජෙනීනගරද්වාරෙ සිප්පං දස්සෙස්සාමා”ති එකො උත්තරද්වාරෙ සිප්පං දස්සෙසි, එකො පාචීනද්වාරෙ. තස්මිඤ්ච නගරෙ ද්වෙ දිට්ඨමඞ්ගලිකායො අහෙසුං, එකා සෙට්ඨිධීතා, එකා පුරොහිතධීතා. තා බහුඛාදනීයභොජනීයමාලාගන්ධාදීනි ගාහාපෙත්වා “උය්යානකීළං කීළිස්සාමා”ති එකා උත්තරද්වාරෙන නික්ඛමි, එකා පාචීනද්වාරෙන. තා තෙ චණ්ඩාලපුත්තෙ සිප්පං දස්සෙන්තෙ දිස්වා “කෙ එතෙ”ති පුච්ඡිත්වා “චණ්ඩාලපුත්තා”ති සුත්වා “අපස්සිතබ්බයුත්තකං වත පස්සිම්හා”ති ගන්ධොදකෙන අක්ඛීනි ධොවිත්වා නිවත්තිංසු. මහාජනො “අරෙ දුට්ඨචණ්ඩාල, තුම්හෙ නිස්සාය මයං අමූලකානි සුරාභත්තාදීනි න ලභිම්හා”ති තෙ උභොපි භාතිකෙ පොථෙත්වා අනයබ්යසනං පාපෙසි.
අතීතයෙහි අවන්ති රට උදේනියෙහි අවන්ති නම් මහරජු රාජ්‍යය කරවයි. එකල්හි උදේනි නගරයෙන් පිටත සැඩොල් ගමක් වෙයි. මහබෝසත් තෙමේ එහි උපන්නේය. අන් සත්ත්වයෙක්ද ඔහුගේ මවගේ සහෝදරියගේ පුතෙක් වී උපන්නේය. ඔවුන් අතර එකෙක් චිත්ත නම් වීය. එක් අයෙක් සම්භූත නම් වීය. ඒ දෙදෙනාම සුදුසු වයසට පත්වූයේ චණ්ඩාලවංශධොවන නම් ශිල්පයක් ඉගෙන ගෙන එක් දිනක් උදේනි නගර දොරටුවෙහි ශිල්ප දක්වන්නෙමුයි එක් අයෙක් උතුරු දොරටුවෙහි ශිල්ප දැක්වීය. එක් අයෙක් පෙරදිග දොරටුවෙහි ශිල්ප දැක්වීය. එම නගරයෙහි දිට්ඨමංගලිකාවෝ දෙදෙනෙක් වූහ. එකියක් සිටු දියණියකි. එකියක් පුරෝහිත දියණියයි. ඈලා බොහෝ කෑම් බීම් මල් ගඳ විලවුන් ආදිය ගෙන්වාගෙන උයන් ක්‍රීඩා කරන්නෙමියි එකියක් උතුරු දොරටුවෙන් නික්මුණාය. එකියක් පෙරදිග දොරටුවෙන් නික්මුනාය. ඈලා ශිල්ප දක්වන්නා වූ සැඩොල් පුත්‍රයන් දැක මොවුහු කවුරුන්දැයි විමසා සැඩොල් පුත්‍රයෝ යයි අසා නොදැකිය යුත්තක් ඒකාන්තයෙන් දුටුවෝම යයි සුවඳ දියෙන් ඇස් සෝදා ආපසු හැරුනාහුය. මහජනයා එම්බා දුෂ්ට චණ්ඩාලයනි, අපි නුඹලා නිසා මිල නැති (නොමිලේ ලැබෙන මත්පැන්-බත් ආදිය නොලැබුවෝ වෙමු. සොහොයුරන් දෙදෙනාම තලා මහත් වූ විපතට පැමිණවීය.
තෙ පටිලද්ධසඤ්ඤා උට්ඨාය අඤ්ඤමඤ්ඤස්ස සන්තිකං ගච්ඡන්තා එකස්මිං ඨානෙ සමාගන්ත්වා අඤ්ඤමඤ්ඤස්ස තං දුක්ඛුප්පත්තිං ආරොචෙත්වා රොදිත්වා පරිදෙවිත්වා “කින්ති කරිස්සාමා”ති මන්තෙත්වා “ඉමං අම්හාකං ජාතිං නිස්සාය දුක්ඛං උප්පන්නං, චණ්ඩාලකම්මං කාතුං න සක්ඛිස්සාම, ජාතිං පටිච්ඡාදෙත්වා බ්රාහ්මණමාණවවණ්ණෙන තක්කසිලං ගන්ත්වා සිප්පං උග්ගණ්හිස්සාමා”ති සන්නිට්ඨානං කත්වා තත්ථ ගන්ත්වා ධම්මන්තෙවාසිකා හුත්වා දිසාපාමොක්ඛාචරියස්ස සන්තිකෙ සිප්පං පට්ඨපෙසුං. ජම්බුදීපතලෙ “ද්වෙ කිර චණ්ඩාලා ජාතිං පටිච්ඡාදෙත්වා සිප්පං උග්ගණ්හන්තී”ති සූයිත්ථ. තෙසු චිත්තපණ්ඩිතස්ස සිප්පං නිට්ඨිතං, සම්භූතස්ස න තාව නිට්ඨාති.
ඔවුහු ලබන ලද සිහිසන් ඇත්තෝ නැගී සිට එකිනෙකාගේ සමීපයට යන්නාහු එක් තැනෙක්හිදී එකතු වී එකිනෙකාට එම දුක් ඉපදීම දන්වා හඬා කුමක් කරමුදැයි සිතා මෙය අපගේ ජාතිය නිසා උපන් දුකෙකි. සැඩොල්කම් කරන්නට නොහැක්කෙමි. ජාතිය සඟවා බ්‍රාහ්මණ මානවකයන්ගේ වේශයෙන් තක්ෂිලාවට ගොස් ශිල්ප උගන්නෙමුයි සනිටුහන් කර එහි ගොස් දැහැමි අතවැසියන් වී දිසාපාමොක් ආචාරීන්ගේ සමීපයෙහි ශිල්ප උගත්තාහුය. දඹදිව්හි සැඩොලන් දෙදෙනෙක් ජාතිය සඟවා ශිල්ප උගන්නාහු යයි අසනු ලැබූහ. ඔවුන් අතර චිත්ත පණ්ඩිතයාගේ ශිල්ප ඉගෙනීම අවසන් වීය. සම්භූතගේ නිම වූයේ නොවේමය.
අථෙකදිවසං එකො ගාමවාසී “බ්රාහ්මණවාචනකං කරිස්සාමී”ති ආචරියං නිමන්තෙසි. තමෙව රත්තිං දෙවො වස්සිත්වා මග්ගෙ කන්දරාදීනි පූරෙසි. ආචරියො පාතොව චිත්තපණ්ඩිතං පක්කොසාපෙත්වා “තාත, අහං ගන්තුං න සක්ඛිස්සාමි, ත්වං මාණවෙහි සද්ධිං ගන්තා මඞ්ගලං වත්වා තුම්හෙහි ලද්ධං භුඤ්ජිත්වා අම්හෙහි ලද්ධං ආහරා”ති පෙසෙසි. සො “සාධූ”ති මාණවකෙ ගහෙත්වා ගතො. යාව මාණවා න්හායන්ති චෙව මුඛානි ච ධොවන්ති, තාව මනුස්සා පායාසං වඩ්ඪෙත්වා නිබ්බාතූති ඨපෙසුං. මාණවා තස්මිං අනිබ්බුතෙයෙව ආගන්ත්වා නිසීදිංසු. මනුස්සා දක්ඛිණොදකං දත්වා තෙසං පුරතො පාතියො ඨපෙසුං. සම්භූතො ලුද්ධධාතුකො විය හුත්වා “සීතලො”ති සඤ්ඤාය පායාසපිණ්ඩං උක්ඛිපිත්වා මුඛෙ ඨපෙසි, සො තස්ස ආදිත්තඅයොගුළො විය මුඛං දහි. සො කම්පමානො සතිං අනුපට්ඨාපෙත්වා චිත්තපණ්ඩිතං ඔලොකෙත්වා චණ්ඩාලභාසාය එව “ඛළු ඛළූ”ති ආහ . සොපි තථෙව සතිං අනුපට්ඨාපෙත්වා චණ්ඩාලභාසාය එව “නිග්ගල නිග්ගලා”ති ආහ. මාණවා අඤ්ඤමඤ්ඤං ඔලොකෙත්වා “කිං භාසා නාමෙසා”ති වදිංසු. චිත්තපණ්ඩිතො මඞ්ගලං අභාසි. මාණවා බහි නික්ඛමිත්වා වග්ගවග්ගා හුත්වා තත්ථ තත්ථ නිසීදිත්වා භාසං සොධෙන්තා “චණ්ඩාලභාසා”ති ඤත්වා “අරෙ දුට්ඨචණ්ඩාලා, එත්තකං කාලං ‘බ්රාහ්මණාම්හා’ති වත්වා වඤ්චයිත්ථා”ති උභොපි තෙ පොථයිංසු. අථෙකො සප්පුරිසො “අපෙථා”ති වාරෙත්වා “අයං තුම්හාකං ජාතියා දොසො, ගච්ඡථ කත්ථචි දෙසෙව පබ්බජිත්වා ජීවථා”ති තෙ උභො උය්යොජෙසි. මාණවා තෙසං චණ්ඩාලභාවං ආචරියස්ස ආරොචෙසුං.
ඉක්බිති එක් දිනයක ගම්වැසි එක් අයෙක් බමුණන් ලවා වේද පාඨ කියවීම කරන්නෙමියි ආචාර්යවරයාට ආරාධනා කළේය. එදවස රාත්‍රියෙහි වැසි වැස මාර්ගයෙහි කඳුරාදිය පිරුනේය. ආචාර්යවරයා උදෑසනම චිත්‍ර පණ්ඩිතයා කැඳවා දරුව, මම යන්නට නොහැක්කෙමි. ඔබ මානවකයන් සමග ගොස් මංගල වාක්‍ය කියා ඔබලා විසින් ලබන ලද දෙය වළඳා අප වෙනුවෙන් ලද දෙය ගෙන එවයි පිටත්කර යැවීය. හෙතෙම මැනවයි මානවකයන් ගෙන ගියේ යම්තාක් මානවකයෝ නහත්ද මුහුණු සෝදත්ද, එතෙක් මිනිස්සු කිරිබත් බෙදා නිවේවායි තැබුවාහුය. මානවකයෝ එය නොනිවුන කල්හිම අවුත් හුන්නාහුය. මිනිස්සු දක්ෂිණාව සඳහා වූ පැන් දී ඔවුන්ගේ ඉදිරියෙහි පාත්‍ර තැබූහ. සම්භූත මෝඩයෙකු මෙන් වී සීතලයයි හැඟීමෙන් කිරිබත් පිඩ ඔසවා මුඛයෙහි තැබීය. එය ඔහුගේ කට දිලියෙන ගිනි ගුලියක් මෙන් දැවීය. හෙතෙම වෙව්ලමින් සිහි නොඑළවා චිත්‍ර පණ්ඩිතයා දෙස බලා සැඩොල් බසින් මෙසේ යයි මෙසේ යයි කීවේය. හෙතෙමේද සිහි නොඑළවා සැඩොල් බසින් නොගිලව නොගිලවයි කීවේය. මානවකයෝ ඔවුනොවුන් දෙස බලා මේ කිනම් භාෂාවක්දැයි කීවාහුය. චිත්‍ර පණ්ඩිතයා මංගල වාක්‍ය කීවේය. මානවකයෝ සැඩොල් භාෂාව යයි දැන එම්බා දුෂ්ට චණ්ඩාලයෙනි, මෙපමණක් කල් බමුණෝ වෙමුයි කියා රැවටුවෝ යයි ඔවුන් දෙදෙනා තැලූහ. ඉක්බිති එක් සත්පුරුෂයෙක් ඉවත් වව් යයි වලක්වා මේ තොපගේ ජාතියෙහි දෝෂයයි යව් කිසියම් තැනක පැවිදි වී ජීවත් වව් යයි ඔවුන් පිටත්කර හැරීය. මානවකයෝ ඔවුන්ගේ සැඩොල් බව ආචාර්යවරයාට දැන්වූහ.
තෙපි අරඤ්ඤං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා න චිරස්සෙව තතො චවිත්වා නෙරඤ්ජරාය තීරෙ මිගියා කුච්ඡිස්මිං නිබ්බත්තිංසු. තෙ මාතුකුච්ඡිතො නික්ඛන්තකාලතො පට්ඨාය එකතොව විචරන්ති, විනා භවිතුං න සක්කොන්ති. තෙ එකදිවසං ගොචරං ගහෙත්වා එකස්මිං රුක්ඛමූලෙ සීසෙන සීසං, සිඞ්ගෙන සිඞ්ගං, තුණ්ඩෙන තුණ්ඩං අල්ලීයාපෙත්වා රොමන්ථයමානෙ ඨිතෙ දිස්වා එකො ලුද්දකො සත්තිං ඛිපිත්වා එකප්පහාරෙනෙව ජීවිතා වොරොපෙසි. තතො චවිත්වා නම්මදානදීතීරෙ උක්කුසයොනියං නිබ්බත්තිංසු. තත්රාපි වුද්ධිප්පත්තෙ ගොචරං ගහෙත්වා සීසෙන සීසං, තුණ්ඩෙන තුණ්ඩං අල්ලීයාපෙත්වා ඨිතෙ දිස්වා එකො යට්ඨිලුද්දකො එකප්පහාරෙනෙව බන්ධිත්වා වධි. තතො පන චවිත්වා චිත්තපණ්ඩිතො කොසම්බියං පුරොහිතස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. සම්භූතපණ්ඩිතො උත්තරපඤ්චාලරඤ්ඤො පුත්තො හුත්වා නිබ්බත්ති. තෙ නාමග්ගහණදිවසතො පට්ඨාය අත්තනො ජාතිං අනුස්සරිංසු. තෙසු සම්භූතපණ්ඩිතො නිරන්තරං සරිතුං අසක්කොන්තො චතුත්ථං චණ්ඩාලජාතිමෙව අනුස්සරති, චිත්තපණ්ඩිතො පටිපාටියා චතස්සොපි ජාතියො. සො සොළසවස්සකාලෙ නික්ඛමිත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤං නිබ්බත්තෙත්වා ඣානසුඛෙන වීතිනාමෙන්තො වසි. සම්භූතපණ්ඩිතොපි පිතු අච්චයෙන ඡත්තං උස්සාපෙත්වා ඡත්තමඞ්ගලදිවසෙයෙව මහාජනමජ්ඣෙ මඞ්ගලගීතං කත්වා උදානවසෙන ද්වෙ ගාථා අභාසි. තං සුත්වා “අම්හාකං රඤ්ඤො මඞ්ගලගීත”න්ති ඔරොධාපි ගන්ධබ්බාපි තමෙව ගීතං ගායන්ති. අනුක්කමෙනෙව “රඤ්ඤො පියගීත”න්ති සබ්බෙපි නගරවාසිනො මනුස්සා තමෙව ගායන්ති.
ඔවුහුද වනයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වී නොබෝ කලකින්ම එයින් චුත වී නේරඤ්ජරා නදීතෙර මුවදෙනකගේ කුස උපන්නාහුය. ඔවුහු මව්කුසින් නික්මුන කල පටන් එකතු වී හැසිරෙති. වෙන් වන්නට නොහැකි වෙති. ඔවුහු එක්දිනක් ගොදුරු ගෙන එක් ගසක් මුල හිසෙන් අඟින් අඟ තුඩින් තුඩින් අල්වාගෙන වමාරා කමින් සිටින්නවුන් දැක එක් වැද්දෙක් සැතක් විද එක් පහරින්ම ජීවිතයෙන් වෙන් කළේය. ඉන් චුත වී නර්මදා තීරයෙහි උකුසු යෝනියෙහි උපන්නාහුය. එහිදීද වැඩිවියට පත් ඔවුන් ගොදුරු ගෙන හිසෙන් හිස තුඩින් තුඩ අල්වා සිටියවුන් දැක එක් උගුල් අටවා දඩයම් කරන වැද්දෙක් එක්වරම බැඳ මරණයට පත් කළේය. ඉන් චුත වී චිත්‍ර පණ්ඩිතයා කොසඹෑ නුවර පුරෝහිතයාගේ පුතෙක් වීද සම්භත උත්තර පඤ්චාල රජුගේ පුතෙක්ද වී උපන්නේය. ඔවුන් නම් තබන දිනයේ පටන් තමාගේ ජාතිය සිහි කළාහුය. ඔවුන් අතර සම්භූත පණ්ඩිතයා නිරතුරුව සිහි කරන්නට නොහැකි වන්නේ සිව්වන සැඩොල් ජාතියම සිහි කරයි. චිත්‍ර පණ්ඩිතයා පිළිවෙලින් ජාති සතරම සිහි කරයි. හෙතෙම සොළොස්විය කල්හි නික්මී හිමවතට පිවිසී සෘෂි පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන හා අභිඥා උපදවා ධ්‍යාන සුවයෙන් කල් ගෙවමින් වාසය කළේය. සම්භූත පණ්ඩිතයා පියා ඇවෑමෙන් සේසත් නංවා සේසත් නැංවීමේ මඟුල් දවස්හිදීම මහජනයා මැද ප්‍රීතිවාක්‍ය වශයෙන් මගුල් ගීයක් කොට ගාථා දෙකක් කීවේය. අන්තඃපුරයේ ගාන්ධර්වයෝ ඒ අසා අපගේ රජුගේ මඟුල් ගීය යයි එම ගීතයම ගායනා කරත්. පිළිවෙලින් සියළු නගර වැස්සෝම රජුගේ ප්‍රිය ගීතයයි එයම ගායනා කරත්.
චිත්තපණ්ඩිතොපි හිමවන්තපදෙසෙ වසන්තොයෙව “කිං නු ඛො මම භාතිකෙන සම්භූතෙන ඡත්තං ලද්ධං, උදාහු න වා”ති උපධාරෙන්තො ලද්ධභාවං ඤත්වා “නවරජ්ජං තාව ඉදානි ගන්ත්වාපි බොධෙතුං න සක්ඛිස්සාමි, මහල්ලකකාලෙ නං උපසඞ්කමිත්වා ධම්මං කථෙත්වා පබ්බාජෙස්සාමී”ති චින්තෙත්වා පණ්ණාස වස්සානි අගන්ත්වා රඤ්ඤො පුත්තධීතාහි වඩ්ඪිතකාලෙ ඉද්ධියා ගන්ත්වා උය්යානෙ ඔතරිත්වා මඞ්ගලසිලාපට්ටෙ සුවණ්ණපටිමා විය නිසීදි. තස්මිං ඛණෙ එකො දාරකො තං ගීතං ගායන්තො දාරූනි උද්ධරති. චිත්තපණ්ඩිතො තං පක්කොසි. සො ආගන්ත්වා වන්දිත්වා අට්ඨාසි. අථ නං ආහ – “ත්වං පාතොව පට්ඨාය ඉමමෙව ගීතං ගායසි, කිං අඤ්ඤං න ජානාසී”ති. “භන්තෙ, අඤ්ඤානිපි බහූනි ජානාමි, ඉමානි පන ද්වෙ රඤ්ඤො පියගීතානි, තස්මා ඉමානෙව ගායාමී”ති. “අත්ථි පන රඤ්ඤො ගීතස්ස පටිගීතං ගායන්තො”ති? “නත්ථි භන්තෙ”ති. “සක්ඛිස්සසි පන ත්වං පටිගීතං ගායිතු”න්ති? “ජානන්තො සක්ඛිස්සාමී”ති. “තෙන හි ත්වං රඤ්ඤා ද්වීසු ගීතෙසු ගායිතෙසු ඉදං තතියං කත්වා ගායස්සූ”ති ගීතංදත්වා “ගන්ත්වා රඤ්ඤො සන්තිකෙ ගායිස්සසි, රාජා තෙ පසීදිත්වා මහන්තං ඉස්සරියං දස්සතී”ති උය්යොජෙසි.
චිත්‍ර පණ්ඩිතයා හිමවත පෙදෙසෙහි වසන්නේම කිම මගේ සොහොයුරු සම්භූත විසින් සේසත් ලබන ලදද නැතිනම් නොවේදැයි පරීක්ෂා කරනුයේ ලද බව දැන දැන් රාජ්‍යයට පත් අළුතය. දැන් අවබෝධ කරවන්නට නොහැකිය. මහළු කල ඔහු වෙත එළඹ ධර්මය කියා දී පැවිදි කරවන්නෙමියි සිතා පනස් වසරක් නොගොස් රජු දූපුතුන්ගෙන් වැඩුන කල්හි සෘද්ධියෙන් ගොස් උයනට බැස මඟුල් ගල් තලාවෙහි රන් පිළිමයක් මෙන් හුන්නේය. එකෙනෙහි එක් ළදරුවෙක් ඒ ගීතය ගායනා කරමින් දර කඩයි. චිත්‍ර පණ්ඩිතයා ඔහු කැඳවීය. හෙතෙම අවුත් වැඳ සිටියේය. ඉක්බිති ඔහුට කීවේය. ඔබ උදයේ පටන් මෙම ගීතයම ගායනා කරහිය. කිම අනිකක් නොදන්නෙහිද? ස්වාමීනි, වෙනත් බොහෝ ගීත දනිමි. මේවා රජුට ප්‍රිය වූ ගීතයෝය. එහෙයින් මේවාම ගායනා කරමියි කීවේය. රජුගේ ගීතයට පිළිතුරු ගීත ගායනා කරන්නෙක් ඇත්ද? ස්වාමීනි නැත. ඔබ පිළිතුරු ගීත ගායනා කිරීමට හැකි වන්නෙහිද? දන්නේ නම් හැකි වන්නෙමියි කීවේය. එසේ නම් ඔබ රජු විසින් ගාථා දෙක ගායනා කළ කල්හි තෙවැනිව කර ගායනා කරවයි ගීතයක් දී ගොස් රජු ඉදිරියෙහි ගායනා කරන්නෙහිය. රජු ඔබ කෙරෙහි පැහැදී මහත් වූ සම්පත් දෙන්නේ යයි පිටත්කර යැවීය.
සො සීඝං මාතු සන්තිකං ගන්ත්වා අත්තානං අලඞ්කාරාපෙත්වා රාජද්වාරං ගන්ත්වා “එකො කිර දාරකො තුම්හෙහි සද්ධිං පටිගීතං ගායිස්සතී”ති රඤ්ඤො ආරොචාපෙත්වා “ආගච්ඡතූ”ති වුත්තෙ ගන්ත්වා වන්දිත්වා “ත්වං කිර, තාත, පටිගීතං ගායිස්සසී”ති පුට්ඨො “ආම, දෙව, සබ්බං රාජපරිසං සන්නිපාතෙථා”ති සන්නිපතිතාය පරිසාය රාජානං ආහ “තුම්හෙ තාව, දෙව, තුම්හාකං ගීතං ගායථ, අථාහං පටිගීතං ගායිස්සාමී”ති. රාජා ගාථාද්වයමාහ –
හෙතෙම වහා මවගේ සමීපයට ගොස් තමා සරසවා රජ දොරට ගොස් එක් ළදරුවෙක් ඔබ සමග පිළිතුරු ගීත ගායනා කරන්නේ යයි රජුට දන්වා පැමිවාණේවා’යි කී කල්හි ගොස් වැඳ දරුව, ඔබ පිළිතුරු ගායනා කරන්නෙහිදැයි විමසන ලද්දේ දේවයන් වහන්ස, එසේය. සියළු රජ පිරිස රැස් කරව යයි (කියා) පිරිස රැස් වූ කල්හි රජුට කීවේය. නුඹවහන්සේ පළමුව ඔබගේ ගීතය ගායනා කරව. ඉක්බිතිව මම පිළිතුරු ගීතය ගායනා කරන්නෙමියි කීවේය. රජු -
“සබ්බං නරානං සඵලං සුචිණ්ණං, න කම්මුනා කිඤ්චන මොඝමත්ථි; පස්සාමි සම්භූතං මහානුභාවං, සකම්මුනා පුඤ්ඤඵලූපපන්නං.
සබ්බ නරානං සඵලං සුචිණ්ණං, න කම්මනා කිඤ්චනං මොඝමත්ථි, පස්සාමි සම්භූතං මහානුභාවං, සකම්මනා පුඤ්ඤඵලූප පන්න
1. මිනිසුන් විසින් මනාව පුරුදු කරන ලද හැම කාර්යක්ම විපාක සහිතය. කසලාකුසල කර්ම අතර හිස් වූ කිසිවක් නැත. සිය කර්මයන් කරණ කොටගෙන උපන් පුණ්‍ය විපාක ඇති මහත් වූ ආනුභාව සම්පන්න සම්භූත ද කිමි. (තමාගේ ආනුභාවයන් පිංපල නිසා ලද බැව් අදහයි යන අරුත්ය.)
“සබ්බං නරානං සඵලං සුචිණ්ණං, න කම්මුනා කිඤ්චන මොඝමත්ථි; කච්චින්නු චිත්තස්සපි එවමෙවං, ඉද්ධො මනො තස්ස යථාපි මය්හ”න්ති.
2. මිනිසුන් විසින් මනාව පුරුදු කරන ලද හැම කර්මයම විපාක සහිතය. කුසලාකුසල කර්ම අතර හිස් වූ කිසිවක් නැත. යම් සේ මගේ සිතැගි සමෘද්ධ වීද, එසේ චිත්රයාගේ සිතැගිද සමෘද්ධ වීද?
යන ගාථා දෙක කීවේය.
තත්ථ න කම්මුනා කිඤ්චන මොඝමත්ථීති සුකතදුක්කටෙසු කම්මෙසු කිඤ්චන එකකම්මම්පි මොඝං නාම නත්ථි, නිප්ඵලං න හොති, විපාකං දත්වාව නස්සතීති අපරාපරියවෙදනීයකම්මං සන්ධායාහ. සම්භූතන්ති අත්තානං වදති, පස්සාමහං ආයස්මන්තං සම්භූතං සකෙන කම්මෙන පුඤ්ඤඵලූපපන්නං, සකම්මං නිස්සාය පුඤ්ඤඵලෙන උපපන්නං තං පස්සාමීති අත්ථො. කච්චින්නු චිත්තස්සපීති මයඤ්හි ද්වෙපි ජනා එකතො හුත්වා න චිරං සීලං රක්ඛිම්හ, අහං තාව තස්ස ඵලෙන මහන්තං යසං පත්තො, කච්චි නු ඛො මෙ භාතිකස්ස චිත්තස්සපි එවමෙව මනො ඉද්ධො සමිද්ධොති.
එහි න කම්මනා කිඤ්චන මොඝමත්ථි යනු යහපත් අයහපත් කර්මයන් අතර කිසිවක් එකකුදු හිස් වූයේ නම් නොවේ. නිෂ්ඵල නොවේ. විපාදීම නැසේ යයි අපරාපරීය කර්මය වෙනුවෙන් කීවේය. සම්භූතං යනු තමා පිළිබඳව කියයි. මම සිය ක්‍රියාවෙන් ජනිත පිංඵල නිසා උපන් ආයුෂ්මත් සම්භූත දකිමි. සිය කර්මය නිසා ඇති වූ පුණ්‍ය විපාකයෙන් උපන් ඔහු දකිමි යන අර්ථය. කච්චිනු චිත්තස්ස පි යන අපි දෙදෙනා එකතු වී බොහෝ කලක් සිල් රැක්කෙමු. මම වූ කලී එහි විපාක ලෙස මහත් වූ කීර්තියකට පත් වූයේ වෙමි. මගේ සොහොයුරු චිත්රටද කවරක් වූයේද. එවමෙව මනො ඉද්ධො යනු මට මෙන්ම ඔහුගේද සිතැඟි සමෘද්ධ වූයේද?
තස්ස ගීතාවසානෙ දාරකො ගායන්තො තතියං ගාථමාහ –
ඔහුගේ ගීතය අවසානයේදී දරුවා ගායනා කරමින් තෙවන ගාථාව කීවේය.
“සබ්බං නරානං සඵලං සුචිණ්ණං, න කම්මුනා කිඤ්චන මොඝමත්ථි; චිත්තම්පි ජානාහි තථෙව දෙව, ඉද්ධො මනො තස්ස යථාපි තුය්හ”න්ති.
3.මිනිසුන් විසින් මනාව කරන ලද හැම කර්මයක්ම විපාක සහිතය. කුසලාකුසල කර්ම අතර හිස් වූ කිසිවක් නැත. දේවයන් වහන්ස, යම්සේ ඔබතුමන්ගේ සිතැඟි යම් සේ සමෘද්ධ වීද, එසේම ඒ මිත්රයාගේද සිතැඟි සමෘද්ධ වී යයි දනුව
තං සුත්වා රාජා චතුත්ථං ගාථමාහ –
රජු ඒ අසා සිව්වන ගාථාව කීවේය.
“භවං නු චිත්තො සුතමඤ්ඤතො තෙ, උදාහු තෙ කොචි නං එතදක්ඛා; ගාථා සුගීතා න මමත්ථි කඞ්ඛා, දදාමි තෙ ගාමවරං සතඤ්චා”ති.
4. පිංවත් තෙමේ චිත්රයාගෙන්ම මේ බව අසන ලදද ඔබට අනුකෙකුගෙන් අසන්නට ලැබුනිද? නැතිනම් ඔබට කිසිවෙක් මෙය කියන ලදද? ගාථාව මනාව ගායනා කරන ලදි. මට සැකයක් නැත. ඔබට ගම්වර සියයක් දෙමි.
තත්ථ සුතමඤ්ඤතො තෙති අහං සම්භූතස්ස භාතා චිත්තො නාමාති වදන්තස්ස චිත්තස්සෙව නු තෙ සන්තිකා සුතන්ති අත්ථො. කොචි නන්ති උදාහු මයා සම්භූතස්ස රඤ්ඤො භාතා චිත්තො දිට්ඨොති කොචි තෙ එතමත්ථං ආචික්ඛි. සුගීතාති සබ්බථාපි අයං ගාථා සුගීතා, නත්ථෙත්ථ මම කඞ්ඛා. ගාමවරං සතඤ්චාති ගාමවරානං තෙ සතං දදාමීති වදති.
එහි සුත මඤ්ඤතො යනු මම සම්භූතගේ සොහොයුරු වූ චිත්‍ර නම් වෙමියි කියන්නා වූ චිත්රගේම සමීපයෙන් ඔබ විසින් අසන ලදද යන අර්ථයි. කොචි නං යනු නැතහොත් මා විසින් සම්භූත රජුගේ සොහොයුරු චිත්රයා දක්නා ලදි යයි කිසිවෙක් ඔබට මේ බව කියන ලදද. සුගීතා යනු හැම පරිද්දෙන්ම මේ ගාථාව මනාව ගායනා කරන ලදි. මෙහි මගේ සැකයක් නැත. ගාමචරං සතඤ්ච යනු ඔබට ගම්වර සියයක් දෙමියි කියයි.
තතො දාරකො පඤ්චමං ගාථමාහ –
අනතුරුව දරුවා පස්වන ගාථාව කීවේය.
“න චාහං චිත්තො සුතමඤ්ඤතො මෙ, ඉසී ච මෙ එතමත්ථං අසංසි; ගන්ත්වාන රඤ්ඤො පටිගාහි ගාථං, අපි තෙ වරං අත්තමනො දදෙය්යා”ති.
5. මම චිත්‍ර වෙමැයි මවිසින් අනිකෙකු වෙතින් නොඅසන ලද්දෙමි. සෘෂිවරයෙක් මේ බව මට කීවේය. රජු වෙත ගොස් ගාථාව ගායනා කරවයි කීවේය. තවද සතුටු වූ රජු ඔබට වරයක් දෙන්නේය.
තත්ථ එතමත්ථන්ති තුම්හාකං උය්යානෙ නිසින්නො එකො ඉසි මය්හං එතමත්ථං ආචික්ඛි.
එහි මතමත්ථං යනු ඔබගේ උයනෙහි හුන්නා වූ එක් සෘෂිවරයෙක් මට මේ කරුණ කීවේය.
තං සුත්වා රාජා “සො මම භාතා චිත්තො භවිස්සති, ඉදානෙව නං ගන්ත්වා පස්සිස්සාමී”ති පුරිසෙ ආණාපෙන්තො ගාථාද්වයමාහ –
රජු එය අසා හෙතෙම මගේ සොයුරු චිත්රයා වන්නේය. දැන්ම ගොස් දකින්නෙමියි රාජ පුරුෂයන්ට අණ කරමින් ගාථා දෙකක් කීවේය.
“යොජෙන්තු වෙ රාජරථෙ, සුකතෙ චිත්තසිබ්බනෙ; කච්ඡං නාගානං බන්ධථ, ගීවෙය්යං පටිමුඤ්චථ.
6. විසිතුරු ලෙස මැසුම් කළ අලංකාර වූ රාජකීය රථ දෙකක් යොදත්වා. ඇතුන්ගේ බඳපට බඳිව්. බෙල්ලේ බඳින ආභරණ පළදව්.
“ආහඤ්ඤන්තු භෙරිමුදිඞ්ගසඞ්ඛෙ, සීඝානි යානානි ච යොජයන්තු; අජ්ජෙවහං අස්සමං තං ගමිස්සං, යත්ථෙව දක්ඛිස්සමිසිං නිසින්න”න්ති.
7. බෙර - මිහිඟු බෙර සක් නාද කරව්. ශීඝ්‍ර ගමන් ඇති යානාවන් යොදව්. යම්තැනක හුන් සෘෂිවරයා දකින්නෙමිද ඒ අසපුවට මම දැන්ම යන්නෙමි.
තත්ථ ආහඤ්ඤන්තූති ආහනන්තු. අස්සමං තන්ති තං අස්සමං.
එහි ආහඤ්ඤන්තු යනු ගසත්වා. අස්සමං නං යනු ඒ අසපුවට.
සො එවං වත්වා රථං අභිරුය්හ සීඝං ගන්ත්වා උය්යානද්වාරෙ රථං ඨපෙත්වා චිත්තපණ්ඩිතං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො තුට්ඨමානසො අට්ඨමං ගාථමාහ –
හෙතෙම මෙසේ කියා ඒ රථයට නැග වහා ගොස් උයන් දොර රථය තබා චිත්‍ර පණ්ඩිතයා වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේ සතුටු සිත් ඇතියේ අටවන ගාථාව කීවේය.
“සුලද්ධලාභො වත මෙ අහොසි, ගාථා සුගීතා පරිසාය මජ්ඣෙ; ස්වාහං ඉසිං සීලවතූපපන්නං, දිස්වා පතීතො සුමනොහමස්මී”ති.
8. ඒකාන්තයෙන් මට මනාව ලබන ලද ලාභයක් වීය. පිරිස මැද ගාථාවෝ මනාව ගායනා කරන ලදහ. ඒ මම සීලයෙන් හා ව්‍රතයෙන් යුත් සෘෂිවරයා දැක ප්‍රීති වූයේද සතුටු සිත් ඇත්තෙක් වූයෙම්ද වෙමි.
තස්සත්ථො – සුලද්ධලාභො වත මය්හං ඡත්තමඞ්ගලදිවසෙ පරිසාය මජ්ඣෙ ගීතගාථා සුගීතාව අහොසි, ස්වාහං අජ්ජ සීලවතසම්පන්නං ඉසිං දිස්වා පීතිසොමනස්සප්පත්තො ජාතොති.
එහි අර්ථය පින්වතුනි, මවිසින් මනාව ලබන ලද ලාභ ඇත්තෙක් වීමි. සේසත් නැගීමේ මඟුල් දිනයේදී පිරිස මැද ගායනා කරන ලද්දක්ම වීය. අද සීලයෙන් හා ව්‍රතයෙන් යුක්ත වූ සෘෂිවරයා දැක ප්‍රීතියට හා සොම්නසට පත්වූයේ වෙමි යනුයි.
සො චිත්තපණ්ඩිතස්ස දිට්ඨකාලතො පට්ඨාය සොමනස්සප්පත්තො “භාතිකස්ස මෙ පල්ලඞ්කං අත්ථරථා”තිආදීනි ආණාපෙන්තො නවමං ගාථමාහ –
හෙතෙම චිත්‍ර පණ්ඩිතයා දුටු වේලාව පටන් සොම්නසට පත් වූයේ මගේ සොහොයුරාට පළඟක් අතුරව් ආදීන් අණ කරමින් නවවන ගාථාව කීවේය.
“ආසනං උදකං පජ්ජං, පටිග්ගණ්හාතු නො භවං; අග්ඝෙ භවන්තං පුච්ඡාම, අග්ඝං කුරුතු නො භව”න්ති.
9. පින්වත, අපගේ අසුනද ජලයද පාසෝදන ජලයද පිළිගනු මැනවි. පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙහිලා විමසමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.
තත්ථ අග්ඝෙති අතිථිනො දාතබ්බයුත්තකස්මිං අග්ඝෙ භවන්තං ආපුච්ඡාම. කුරුතු නොති ඉමං නො අග්ඝං භවං පටිග්ගණ්හාතු.
එහි අග්ඝෙ යනු ආගන්තුකයන්ට කළයුතු කටයුතු පිළිබඳව ඔබවහන්සේගෙන් විමසමු. කුරුතුනො යනු අපගේ මේ ආගන්තුක සත්කාරය පිළිගනීවා.
එවං මධුරපටිසන්ථාරං කත්වා රජ්ජං මජ්ඣෙ භින්දිත්වා දෙන්තො ඉතරං ගාථමාහ –
මෙසේ මිහිරි පිළිසඳර කර රාජ්‍යය මැදින් බෙදා දෙමින් අනික් ගාථාව කීවේය.
“රම්මඤ්ච තෙ ආවසථං කරොන්තු, නාරීගණෙහි පරිචාරයස්සු; කරොහි ඔකාසමනුග්ගහාය, උභොපිමං ඉස්සරියං කරොමා”ති.
10. තොපට සිත්කළු නිවාසයක් ඉදිකෙරෙත්වා. ස්ත්‍රී සමූහයා විසින් පිරිවරනු ලබත්වා. අනුග්‍රහ කරනු පිණිස අවකාශ කෙරේවා. අපි දෙදෙනාම මේ සම්පත් පරිහරණය කරමු.
තත්ථ ඉමං ඉස්සරියන්ති කපිලරට්ඨෙ උත්තරපඤ්චාලනගරෙ රජ්ජං මජ්ඣෙ භින්දිත්වා ද්වෙපි ජනා කරොම අනුභවාම.
එහි ඉමං ඉස්සරියං යනු කම්පිල්ල රට උතුරු පඤ්චාල නගරයෙහි රාජ්‍යය මැදින් බිඳ දෙදෙනාම රාජ්‍ය කරමු. රජ සැප අනුභව කරමු.
තස්ස තං වචනං සුත්වා චිත්තපණ්ඩිතො ධම්මං දෙසෙන්තො ඡ ගාථා අභාසි –
චිත්‍ර පණ්ඩිතයා ඔහුගේ ඒ වචනය අසා ධර්මය දේශනා කරන්නේ ගාථා සයක් කීවේය.
“දිස්වා ඵලං දුච්චරිතස්ස රාජ, අත්ථො සුචිණ්ණස්ස මහාවිපාකං; අත්තානමෙව පටිසංයමිස්සං, න පත්ථයෙ පුත්ත පසුං ධනං වා.
11. රජතුමනි, දුශ්චරිතයාගේ විපාක දැක, අනතුරුව මනාව පුරුදු කළ සුචරිතයාගේ මහත් වූ විපාකද දැක මෙසේ තමාගේ සංවරණයට පැමිණියෙමි. පුත්‍රයෙකු හෝ ගවයෙකු හෝ ධනය හෝ නොපතන්නෙමි.
“දසෙවිමා වස්සදසා, මච්චානං ඉධ ජීවිතං; අපත්තඤ්ඤෙව තං ඔධිං, නළො ඡින්නොව සුස්සති.
12. මෙලොව මිනිසුන්ගේ ජීවිතය අවුරුදු වශයෙන් දශක දහයක්මය. එහි සීමාවට නොපැමිණ සිඳින ලද බටගසක් මෙන් වියැලේ. (මරණයට පත්වේ)
“තත්ථ කා නන්දි කා ඛිඩ්ඩා, කා රතී කා ධනෙසනා; කිං මෙ පුත්තෙහි දාරෙහි, රාජ මුත්තොස්මි බන්ධනා.
13. රජතුමනි, එවැනි ජීවිතයෙහි ලා කවරනම් සතුටක්ද? කවරනම් ක්‍රීඩාවක්ද කවර ඇල්මක්ද? කවර ධනය සෙවීමක්ද? මට අඹු දරුවන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? මම බැමිවලින් මිදුනේ වෙමි.
“සොහං එවං පජානාමි, මච්චු මෙ නප්පමජ්ජති; අන්තකෙනාධිපන්නස්ස, කා රතී කා ධනෙසනා.
14. ඒ මම මනාව දනිමි. මරුවා මා පිළිබඳව පමා නොවෙයි. මරුවා විසින් යටත් කර ගත්තහු හට කවර ඇල්මක්ද? කවර ධන සෙවීමක්ද?
“ජාති නරානං අධමා ජනින්ද, චණ්ඩාලයොනි ද්විපදාකනිට්ඨා; සකෙහි කම්මෙහි සුපාපකෙහි, චණ්ඩාලගබ්භෙ අවසිම්හ පුබ්බෙ.
15. මහරජතුමනි, සැඩොල් කුලය මිනිසුන් අතර ලාමක හා පහත් වූ ජාතියයි. පෙර අපි අතිශය පවිටු ව සිට කටයුතු කළ නිසා සැඩොල් ගැබෙහි විසුවෙමි.
“චණ්ඩාලාහුම්හ අවන්තීසු, මිගා නෙරඤ්ජරං පති; උක්කුසා නම්මදාතීරෙ, ත්යජ්ජ බ්රාහ්මණඛත්තියා”ති.
16. අපි අවන්තියෙහි සැඩොලෝ වීමු. නෙරඤ්ජරාව අසල තිරිසන්නු වීමු. නර්මදා තීරයෙහි උකුස්සෝ වීමු. අද ඒ අපි බ්‍රාහ්මණ හා ක්ෂත්රියෝ වෙමු.
තත්ථ දුච්චරිතස්සාති මහාරාජ, ත්වං සුචරිතස්සෙව ඵලං ජානාසි, අහං පන දුච්චරිතස්සපි ඵලං පස්සාමියෙව. මයඤ්හි උභො දුච්චරිතස්ස ඵලෙන ඉතො චතුත්ථෙ අත්තභාවෙ චණ්ඩාලයොනියං නිබ්බත්තා. තත්ථ න චිරං සීලං රක්ඛිත්වා තස්ස ඵලෙන ත්වං ඛත්තියකුලෙ නිබ්බත්තො, අහං බ්රාහ්මණකුලෙ, එවාහං දුච්චරිතස්ස ච ඵලං සුචිණ්ණස්ස ච මහාවිපාකං දිස්වා අත්තානමෙව සීලසංයමෙන පටිසංයමිස්සං, පුත්තං වා පසුං වා ධනං වා න පත්ථෙමි.
එහි දුච්චරිතස්ස යනු මහරජතුමනි, ඔබ සුචරිතයෙහි විපාක දන්නෙහිය. මම දුශ්චරිතයෙහිද විපාක දකින්නෙමිය. අපි දෙදෙනා දුසිරිතෙහි විපාක වශයෙන් මෙයින් සිව්වන ආත්ම භාවයෙහි සැඩොල් යෝනියෙහි උපන්නෝ වෙමු. එහි නොබෝ කලක් සිල් රැක එහි ප්‍රතිඵල වශයෙන් ඔබ ක්ෂත්රීය කුලයෙහි උපන්නේය. මම බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙමි. මෙසේ මම දුසිරිතේ විපාකයද සුචරිතයෙහි මහා විපාකයද දැක තමාම සීල සංයමයෙන් සංවර වූයෙමි. පුතෙකු හෝ ගවයෙකු හෝ ධනය හෝ නොපතමි.
දසෙවිමා වස්සදසාති මහාරාජ, මන්දදසකං ඛිඩ්ඩාදසකං වණ්ණදසකං බලදසකං පඤ්ඤාදසකං හානිදසකං පබ්භාරදසකං වඞ්කදසකං මොමූහදසකං සයනදසකන්ති ඉමෙසඤ්හි දසන්නං දසකානං වසෙන දසෙව වස්සදසා ඉමෙසං මච්චානං ඉධ මනුස්සලොකෙ ජීවිතං. තයිදං න නියමෙන සබ්බා එව එතා දසා පාපුණාති, අථ ඛො අප්පත්තඤ්ඤෙව තං ඔධිං නළො ඡින්නොව සුස්සති. යෙපි සකලං වස්සසතං ජීවන්ති, තෙසම්පි මන්දදසකෙ පවත්තා රූපාරූපධම්මා විච්ඡින්දිත්වා ආතපෙ ඛිත්තනළො විය තත්ථෙව සුස්සන්ති අන්තරධායන්ති, තං ඔධිං අතික්කමිත්වා ඛිඩ්ඩාදසකං න පාපුණන්ති, තථා ඛිට්ටාදසකාදීසු පවත්තා වණ්ණදසකාදීනි.
දසෙ විමා වස්සදසා යනු මහරජතුමනි, මන්ද දසකය, ක්‍රීඩා දසකය, වර්ණ දසකය, බල දසකය, ප්‍රඥා දසකය, හායන දසකය, පබ්භාර දසකය, වංක දසකය, මොමුහ දසකය, සයන දසකය යන මේ දසක දහයක් වශයෙන් මෙලොව මිනිසුන්ගේ ජීවිතය වසර දසක දහයක්ම වේ. සියල්ලෝ ඒකාන්තයෙන් දසක එකොළසකට නොපැමිණේ. තවද එම සීමාවට නොපැමිණියේම වේ. නලො ජන්තොව සුස්ස යනු යමෙක් මුළුමනින්ම අවුරුදු සියයක් ජීවත් වේද ඔවුන්ගේද මන්ද දසකයෙහි පැවති රූපි අරූපි ධර්මයන් සිඳී අව්වෙහි දමන ලද බටගසක් මෙන් එහිම වියැලේ. අතුරුදහන් වේ. ඒ සීමාව ඉක්මවා ක්‍රීඩා දශකයට නොපැමිණෙත්. එසේම ක්‍රීඩා දශක ආදියෙහි පැවතුනෝ වර්ණ දසකාදියට නොපැමිණෙත්.
තත්ථාති තස්මිං එවං සුස්සමානෙ ජීවිතෙ කා පඤ්ච කාමගුණෙ නිස්සාය අභිනන්දී, කා කායකීළාදිවසෙන ඛිඩ්ඩා, කා සොමනස්සවසෙන රති, කා ධනෙසනා, කිං මෙ පුත්තෙහි, කිං දාරෙහි, මුත්තොස්මි තම්හා පුත්තදාරබන්ධනාති අත්ථො. අන්තකෙනාධිපන්නස්සාති ජීවිතන්තකරෙන මච්චුනා අභිභූතස්ස. ද්විපදාකනිට්ඨාති ද්විපදානං අන්තරෙ ලාමකා. අවසිම්හාති ද්වෙපි මයං වසිම්හ.
තත්ථ යනු ඒ ජීවිතය මෙසේ වියලෙන කල්හි පස්කම් සුවය ඇසුරුකොට කවර නම් සතුටු වීමක්ද, කායික ක්‍රීඩා වශයෙන් කවර ක්‍රීඩාවක්ද? සොම්නස් වීම් වශයෙන් කවර ඇල්මක්ද? කවර ධන සෙවීමක්ද, මට පුත්‍රයන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? අඹුවන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? මේ අඹුදරු බැමිවලින් මිදුනේ වෙමියි අර්ථයි. අන්තකෙනාධිපන්නස්ස යනු ජීවිතයට අනතුරු කරන මරු විසින් මඩනා ලද. දිපදා කණිට්ඨා යනු දෙපා ඇත්තවුන් අතර ලාමක වූවෝ. අවසිම්හා යනු අපි දෙදෙනාම වාසය කළෙමු.
චණ්ඩාලාහුම්හාති මහාරාජ, ඉතො පුබ්බෙ චතුත්ථං ජාතිං අවන්තිරට්ඨෙ උජ්ජෙනිනගරෙ චණ්ඩාලා අහුම්හ, තතො චවිත්වා නෙරඤ්ජරාය නදියා තීරෙ උභොපි මිගා අහුම්හ. තත්ථ ද්වෙපි අම්හෙ එකස්මිං රුක්ඛමූලෙ අඤ්ඤමඤ්ඤං නිස්සාය ඨිතෙ එකො ලුද්දකො එකෙනෙව සත්තිපහාරෙන ජීවිතා වොරොපෙසි, තතො චවිත්වා නම්මදානදීතීරෙ කුරරා අහුම්හ. තත්රාපි නො නිස්සාය ඨිතෙ එකො නෙසාදො එකප්පහාරෙනෙව බන්ධිත්වා ජීවිතක්ඛයං පාපෙසි, තතො චවිත්වා තෙ මයං අජ්ජ බ්රාහ්මණඛත්තියා ජාතා. අහං කොසම්බියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තො, ත්වං ඉධ රාජා ජාතොති.
චණ්ඩාලසුම්හ යනු මහරජතුමනි, මින් පෙර සිව්වන ජාතියෙහි අවන්ති රට උදේනි නගරයෙහි සැඩොල්ලු වීමු. ඉන් චුත වී නේරඤ්ජරාව සමීපයෙහි නේරඤ්ජරා තීරයෙහි දෙදෙනාම මුවෝ වීමු. එහි අපි දෙදෙනාම එක් ගසක් මුල එකිනෙකා ඇසුරු කොට සිටි කල්හි එක් වැද්දෙක් එක් ආයුධ පහරින්ම ජීවිතයෙන් තොර කරවීය. ඉන් චුත වී නර්මදා නදී තීරයෙහි කබරුස්සෝ වීමු. එහිදීද අප ඇසුරු කර සිටි කල්හි එක් වැද්දෙක් එක පහරින්ම බැඳ ජීවිතක්ෂයට පැමිණවීය. ඉන් චුත වී ත්යජ්ජ බ්‍රාහ්මණ ඛත්තියා යනු ඒ අපි අද බ්‍රාහ්මණ හා ක්ෂත්රියයෝ වූවෝ වෙමු. මම කොසබෑ නුවර බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේ වෙමි. ඔබ මෙහි රජු වූයේ වෙයි.
එවමස්ස අතීතෙ ලාමකජාතියො පකාසෙත්වා ඉදානි ඉමිස්සාපි ජාතියා ආයුසඞ්ඛාරපරිත්තතං දස්සෙත්වා පුඤ්ඤෙසු උස්සාහං ජනෙන්තො චතස්සො ගාථා අභාසි –
මෙසේ ඔහුට අතීතයෙහි ලාමක ජාතීන් පවසා දැන් මේ ජාතියෙහිද ආයුෂ ප්‍රමාණය ස්වල්ප බව දක්වා පින්කම්හි උත්සාහ උපදවන්නේ ගාථා සතරක් කීවේය.
“උපනීයති ජීවිතමප්පමායු, ජරූපනීතස්ස න සන්ති තාණා; කරොහි පඤ්චාල මමෙත වාක්යං, මාකාසි කම්මානි දුක්ඛුද්රයානි.
17. පඤ්චාල රජතුමනි, ජීවිතය මරණය කරා පැමිණේ. ආයුෂ ස්වල්පය. ජරාවට පත්වූවහුට රැකවරණයෝ නැත්තාහ. මගේ මේ වචනය කරව. දුක් වැඩෙන්නා වූ කටයුතු නොකරව.
“උපනීයති ජීවිතමප්පමායු, ජරූපනීතස්ස න සන්ති තාණා; කරොහි පඤ්චාල මමෙත වාක්යං, මාකාසි කම්මානි දුක්ඛප්ඵලානි.
18. පඤ්චාල රජතුමනි, ජීවිතය මරණය කරා පැමිණේ. ආයුෂ ස්වල්පය. ජරාවට පත් වූවහුට රැකවරණයෝ නැත්තාහ. මගේ මේ වචනය කරව. දුක විපාකය වන කටයුතු නොකරව.
“උපනීයති ජීවිතමප්පමායු, ජරූපනීතස්ස න සන්ති තාණා; කරොහි පඤ්චාල මමෙත වාක්යං, මාකාසි කම්මානි රජස්සිරානි.
19. පඤ්චාල රජතුමනි, ජීවිතය මරණය කරා පැමිණේ. ආයුෂ ස්පල්පය. ජරාවට පත් වූවහුට රැකවරණයෝ නැත්තාහ. මගේ මේ වචනය කරව. කෙලෙස් නැමති දූවිලිවලින් වසී ගිය හිස් ඇති කටයුතු නොකරව.
“උපනීයති ජීවිතමප්පමායු, වණ්ණං ජරා හන්ති නරස්ස ජිය්යතො; කරොහි පඤ්චාල මමෙත වාක්යං, මාකාසි කම්මං නිරයූපපත්තියා”ති.
20. පඤ්චාල රජතුමනි, ජීවිතය මරණය කරා පැමිණේ. ආයුෂ ස්වල්පය. දිරා යන්නා වූ මිනිසාගේ වර්ණය ජරාවෝ නසති. මගේ මේ වාක්‍ය අසව. නිරයෙහි උපතට හේතුවන කටයුතු නොකරව යනුයි.
තත්ථ උපනීයතීති මහාරාජ, ඉදං ජීවිතං මරණං උපගච්ඡති. ඉදඤ්හි ඉමෙසං සත්තානං අප්පමායු සරසපරිත්තතායපි ඨිතිපරිත්තතායපි පරිත්තකං, සූරියුග්ගමනෙ තිණග්ගෙ උස්සාවබින්දුසදිසං. න සන්ති තාණාති න හි ජරාය මරණං උපනීතස්ස පුත්තාදයො තාණා නාම හොන්ති. මමෙත වාක්යන්ති මම එතං වචනං. මාකාසීති මා රූපාදිකාමගුණහෙතු පමාදං ආපජ්ජිත්වා නිරයාදීසු දුක්ඛවඩ්ඪනානි කම්මානි කරි. දුක්ඛප්ඵලානීති දුක්ඛවිපාකානි. රජස්සිරානීති කිලෙසරජෙන ඔකිණ්ණසීසානි. වණ්ණන්ති ජීරමානස්ස නරස්ස සරීරවණ්ණං ජරා හන්ති. නිරයූපපත්තියාති නිරස්සාදෙ නිරයෙ උප්පජ්ජනත්ථාය.
එහි උපනීයති යනු මහරජතුමනි, මේ ජීවිතය මරණය කරා එළඹේ. මේ සත්ත්වයන්ගේ ආයුෂ ප්‍රමාණය ස්වල්පය. ස්වභාවයෙන්ම බිඳෙනසුළු හෙයින් පැවැත්ම ස්වල්පකාලීන හෙයින්ද කෙටිය. හිරු උදාවෙහි තණ අග පිනි බිඳුවක් මෙනි. න සන්ති තාණා යනු ජරාව හා මරණයට එළඹියහුට පුත්රාදී වූ. රැකවරණයෝ නම් නොවෙත්. මමෙත වාක්යං යනු මගේ මේ වචනය. මාකාසි යනු රූපාදී කාම ගුණයන් හේතුකොටගෙන ප්‍රමාදයට පැමිණ නිරය ආදී දුගතීන්හි දුක් වැඩෙන්නා වූ කර්මයන් නොකරව. දුක්ඛප්ඵලානි යනු දුක් සහිත විපාක. රජස්සිරානි යනු කෙලෙස් නැමති රජසින් ගැවසී ගත් හිස්. වණ්ණං යනු ජරා තොමෝ දිරායන්නා වූ මිනිසාගේ සිරුරෙහි වර්ණය නසන්නීය. නිරයූපපත්තියා යනු ආශ්වාද රහිත වූ නිරයේ ඉපදීම සදහා.
එවං මහාසත්තෙ කථෙන්තෙ රාජා තුස්සිත්වා තිස්සො ගාථා අභාසි –
මෙසේ මහබෝසතුන් කියනු ලබන කල්හි රජු පිබිදී ගාථා තුනක් කීවේය.
“අද්ධා හි සච්චං වචනං තවෙතං, යථා ඉසී භාසසි එවමෙතං; කාමා ච මෙ සන්ති අනප්පරූපා, තෙ දුච්චජා මාදිසකෙන භික්ඛු.
21. ඔබගේ මෙම වචනය ඒකාන්තයෙන් සත්‍යයයි. සෘෂිවරයා යම්සේ කියන්නෙහි නම් එය එසේමය. මට අප්‍රමාණ කාමයෝ වෙති. පැවිද්ද, මා වැන්නවූවෙකු විසින් ඒවා අපහසුවෙන් දුරු කළ යුතු වේ.
“නාගො යථා පඞ්කමජ්ඣෙ බ්යසන්නො, පස්සං ථලං නාභිසම්භොති ගන්තුං; එවම්පහං කාමපඞ්කෙ බ්යසන්නො, න භික්ඛුනො මග්ගමනුබ්බජාමි.
22. මඩ මැද එරුණු ඇතෙකු මෙන් විපාක දක්නේ නමුදු ඉක්මවා යන්නට නොහැකි වෙමි. මමද එසේ කාම නැමති මඩෙහි එරුනේ භික්ෂුවගේ මාර්ගයට නොපැමිණෙමි. (පැවිදි නොවන්නෙමි)
“යථාපි මාතා ච පිතා ච පුත්තං, අනුසාසරෙ කින්ති සුඛී භවෙය්ය; එවම්පි මං ත්වං අනුසාස භන්තෙ, යථා චිරං පෙච්ච සුඛී භවෙය්ය”න්ති.
23. යම්සේ මවද පියාද පුතුට කෙසේ සුවපත් වන්නේ යයි අනුශාසනා කෙරේද? ස්වාමීනි, එසේ යමෙක හැසිර පරලොව සුවපත් වන්නේ නම් එලෙස ඔබ මට අනුශාසනා කරව.
තත්ථ අනප්පරූපාති අපරිත්තජාතිකා බහූ අපරිමිතා. තෙ දුච්චජා මාදිසකෙනාති භාතික, ත්වං කිලෙසෙ පහාය ඨිතො, අහං පන කාමපඞ්කෙ නිමුග්ගො, තස්මා මාදිසකෙන තෙ කාමා දුච්චජා. “නාගො යථා”ති ඉමිනා අත්තනො කාමපඞ්කෙ නිමුග්ගභාවස්ස උපමං දස්සෙති. තත්ථ බ්යසන්නොති විසන්නො අනුපවිට්ඨො අයමෙව වා පාඨො. මග්ගන්ති තුම්හාකං ඔවාදානුසාසනීමග්ගං නානුබ්බජාමි පබ්බජිතුං න සක්කොමි, ඉධෙව පන මෙ ඨිතස්ස ඔවාදං දෙථාති. අනුසාසරෙති අනුසාසන්ති.
එහි අනප්පරූපා යනු ස්වල්ප නොවූවාහු. බොහෝ ප්‍රමාණයක් නැති. මා දිසකෙන යනු සොහොයුර, ඔබ කෙලෙස් ප්රහාණය කර සිටියෙහිය. මම වූ කලී කාමයන් නැමති මඩෙහි ගිලුනේ වෙමි. එහෙයින් මා වැන්නෙකු විසින් ඒ කාමයෝ අපහසුවෙන් හළ යුත්තෝය. නාගො යථා යනු මෙයින් තමාගේ කාම නැමති මඩෙහි ගිලුන බවට උපමාවක් දක්වයි. එහි බ්යසන්නො යනු ඇළුනේ. පිවිසියේ (පෙළද මෙයම වේ). මග්ගං යනු ඔබගේ අනුශාසනාව අනුව වූ මාර්ගයට නොපැමිණෙමි. පැවිදි වන්නට නොහැක්කෙමි. මෙහිම සිටියා වූ මට අවවාද දෙවයි කීවේය. අනුසාසරෙ යනු අනුශාසනාවයි.
අථ නං මහාසත්තො ආහ –
ඉක්බිති මහාසත්ත්ව තෙමේ ඔහුට මෙසේ කීවේය.
“නො චෙ තුවං උස්සහසෙ ජනින්ද, කාමෙ ඉමෙ මානුසකෙ පහාතුං; ධම්මිං බලිං පට්ඨපයස්සු රාජ, අධම්මකාරො තව මාහු රට්ඨෙ.
24. රජතුමනි, ඉදින් ඔබ මිනිසුන් පිළිබඳ මේ කාමයන් අත්හරින්නට නොපොහොසත් වහු නම්, රජතුමනි, දැහැමි අයබදු තබව. ඔබගේ රටෙහි අධාර්මික ක්‍රියාවෝ නොවෙත්වා!
“දූතා විධාවන්තු දිසා චතස්සො, නිමන්තකා සමණබ්රාහ්මණානං; තෙ අන්නපානෙන උපට්ඨහස්සු, වත්ථෙන සෙනාසනපච්චයෙන ච.
25 ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආරාධනා කරන්නා වූ දූතයෝ සිව් දිශාවන්ට පිටත්කර යවත්වා. ඔවුන්ට ආහාරපානයෙන් ද වස්ත්‍රවලින්ද සෙනසුන්වලින්ද බෙහෙතින්ද උපස්ථාන කෙරෙත්වා.
“අන්නෙන පානෙන පසන්නචිත්තො, සන්තප්පය සමණබ්රාහ්මණෙ ච; දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතො සග්ගමුපෙහි ඨානං.
26. පැහැදුන සිත් ඇත්තේ ආහාරපානවලින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සන්තර්පණය කරව. හැකි පරිද්දෙන් දන් දී අනුභව කර නින්දා නොලබා දෙව්ලොව යව.
“සචෙ ච තං රාජ මදො සහෙය්ය, නාරීගණෙහි පරිචාරයන්තං; ඉමමෙව ගාථං මනසී කරොහි, භාසෙසි චෙනං පරිසාය මජ්ඣෙ.
27. රජතුමනි, ඉදින් ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද ඔබ රාජමදය යටපත් කරන්නේ නම් මේ ගාථාව සිත්හි කරව. තවද මෙය පිරිස් මැද කියවව.
“අබ්භොකාසසයො ජන්තු, වජන්ත්යා ඛීරපායිතො; පරිකිණ්ණො සුවානෙහි, ස්වාජ්ජ රාජාති වුච්චතී”ති.
28. (මම පෙර) එළිමහනෙහි සයනය කරන, දර පිණිස වනයට යන මව්වරුන් විසින් කිරිපොවන ලද බල්ලන් විසින් පිරිවරන ලද සත්ත්වයෙක් (අයෙක්) වූයේ වෙමි. ඒ මම අද රජු යයි කියනු ලබයි යනුවෙනි.
තත්ථ උස්සහසෙති උස්සහසි. ධම්මිං බලින්ති ධම්මෙන සමෙන අනතිරිත්තං බලිං ගණ්හාති අත්ථො. අධම්මකාරොති පොරාණකරාජූහි ඨපිතං විනිච්ඡයධම්මං භින්දිත්වා පවත්තා අධම්මකිරියා. නිමන්තකාති ධම්මිකසමණබ්රාහ්මණෙ නිමන්තෙත්වා පක්කොසකා. යථානුභාවන්ති යථාබලං යථාසත්තිං. ඉමමෙව ගාථන්ති ඉදානි වත්තබ්බං සන්ධායාහ. තත්රායං අධිප්පායො – “මහාරාජ, සචෙ තං මදො අභිභවෙය්ය, සචෙ තෙ නාරීගණපරිවුතස්ස රූපාදයො වා කාමගුණෙ රජ්ජසුඛං වා ආරබ්භ මානො උප්පජ්ජෙය්ය, අථෙවං චින්තෙය්යාසි ‘අහං පුරෙ චණ්ඩාලයොනියං නිබ්බත්තො ඡන්නස්ස තිණකුටිමත්තස්සපි අභාවා අබ්භොකාසසයො අහොසිං, තදා හි මෙ මාතා චණ්ඩාලී අරඤ්ඤං දාරුපණ්ණාදීනං අත්ථාය ගච්ඡන්තී මං කුක්කුරගණස්ස මජ්ඣෙ අබ්භොකාසෙ නිපජ්ජාපෙත්වා අත්තනො ඛීරං පායෙත්‍වා ගච්ඡති, සොහං කුක්කුරෙහි පරිවාරිතො තෙහියෙව සද්ධිං සුනඛියා ඛීරං පිවිත්වා වඩ්ඪිතො, එවං නීචජච්චො හුත්වා අජ්ජ රාජා නාම ජාතො’ති. ‘ඉති ඛො, ත්වං මහාරාජ, ඉමිනා අත්ථෙන අත්තානං ඔවදන්තො යො සො පුබ්බෙ අබ්භොකාසසයො ජන්තු අරඤ්ඤෙ වජන්තියා චණ්ඩාලියා ඉතො චිතො ච අනුසඤ්චරන්තියා සුනඛියා ච ඛීරං පායිතො සුනඛෙහි පරිකිණ්ණො වඩ්ඪිතො, සො අජ්ජ රාජාති වුච්චතී’ති ඉමං ගාථං භාසෙය්යාසී”ති.
එහි ධම්මං බලිං යනු දැහැමෙන් සෙෙමන් වැඩියක් නොවූ අයබදු ගනුව යන අර්ථයි. අධම්මකාරො යනු පැරණි රජවරුන් විසින් තබන ලද පසිඳලීමේ ධර්මය බිඳ පැවති අදැහැමි ක්‍රියාවෝ. නිමන්තකා යනු දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආරාධනා කර කැඳවන්නෝ. යථානුභාවං බල ඇති පරිදි, ශක්ති ඇති පරිදි, ඉමමෙව ගාථං යනු දැන් කිවයුත්ත අරභයා කීවේය. මේ එහි අදහසයි. මහරජතුමනි, ඉදින් රාජමදය ඔබ මැඩපවත්වන්නේ නම්, ඉදින් ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද ඔබට රූපාදී වූ කාමසුවයන් පිළිබඳව හෝ රජසැප අරභයා හෝ මදය උපදින්නේ නම් මෙසේ සිතව. මම පෙර සැඩොල් කුලයෙහි උපන්නේ සෙවන සඳහා තණකොළ සෙවිලි කළ කුටියක් හෝ නොමැති හෙයින් එළිමහනෙහි නිදන්නෙක් වූයෙමි. එකල්හි මගේ මව වූ සැඩොලිය දර පලා ආදිය සඳහා වනයට යන්නී මා බල්ලන් සමූහයා මැද එළිමහනෙහි හොවා තමාගේ කිරි පොවා යයි. ඒ මම බල්ලන් විසින් පිරිවරන ලද්දේ ඔවුන් සමගම බැල්ලන්ගේ කිරි බී වැඩුනේ වෙමි. මෙසේ නීච වූ ජාති ඇත්තේ වී අද රජ වීමි යයි රජතුමනි, ඔබ අද මෙසේ මේ අර්ථයෙන් තමාට අවවාද කරමින් යමෙක් පෙර එළිමහනෙහි නිදන අයෙක් වීද වනයට යන්නා වූ සැඩොලිය විසින්ද ඔබිනොබ හැසිරෙන්නා වූ බැල්ලියන් විසින්ද කිරි පොවන ලද බල්ලන් සමග ගැවසීගෙන වැඩුනා වූ හෙතෙම අද රජු යයි කියයි යනුවෙන් මේ ගාථාව කියන්නෙහි යයි කීවේය.
එවං මහාසත්තො තස්ස ඔවාදං දත්වා “දින්නො තෙ මයා ඔවාදො, ඉදානි ත්වං පබ්බජ වා මා වා, අත්තනාව අත්තනො කම්මස්ස විපාකං පටිසෙවිස්සතී”ති වත්වා ආකාසෙ උප්පතිත්වා තස්ස මත්ථකෙ පාදරජං පාතෙන්තො හිමවන්තමෙව ගතො. රාජාපි තං දිස්වා උප්පන්නසංවෙගො ජෙට්ඨපුත්තස්ස රජ්ජං දත්වා බලකායං නිවත්තෙත්වා හිමවන්තාභිමුඛො පායාසි. මහාසත්තො තස්සාගමනං ඤත්වා ඉසිගණපරිවුතො ආගන්ත්වා තං ආදාය ගන්ත්වා පබ්බාජෙත්වා කසිණපරිකම්මං ආචික්ඛි. සො ඣානාභිඤ්ඤං නිබ්බත්තෙසි. ඉති තෙ උභොපි බ්රහ්මලොකූපගා අහෙසුං.
මහබෝසත් තෙමේ මෙසේ ඔහුට අවවාද දී මවිසින් ඔබට අවවාද දෙන ලදි. දැන් ඔබ පැවිදි වෙව. නැතහොත් එසේ නොවේවා! තමා විසින්ම තමාගේ කර්මවිපාක සෙවුනේ යයි කියා අහසෙහි නැගී ඔහු මත්තෙහි දූවිලි හෙලමින් හිමාලයටම ගියේය. රජුද ඔහු දැක උපන් සංවේග ඇත්තේ වැඩිමහල් පුතුට රාජ්‍යය දී බලසෙනග අමතා හිමවතට අභිමුඛ වී ගියේය. මහබෝසත් තෙමේ ඔහුගේ ගමන දැන තවුස් සමූහයා පිරිවරා අවුත් ඔහු ගෙන ගොස් පැවිදි කරවා කිසුණු පිරියම් කීවේය. හෙතෙම ධ්‍යාන අභිඥා ඉපිදවීය. මෙසේ ඒ දෙදෙනාම බඹලොව ගියෝ වූහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පොරාණකපණ්ඩිතා තීණි චත්තාරි භවන්තරානි ගච්ඡන්තාපි දළ්හවිස්සාසාව අහෙසු”න්ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා සම්භූතපණ්ඩිතො ආනන්දො අහොසි, චිත්තපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ පැරණි පඬුවෝ තුන් සතර භවාන්තරයන්ට යන්නාහුද දැඩි විශ්වාසවන්තයෝ වූහ යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සම්භූත පණ්ඩිතයා ආනන්ද වීය. චිත්‍ර පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.
චිත්තසම්භූතජාතකවණ්ණනා දුතියා