1. මාතඞ්ගජාතකවණ්ණනා 497 අට්ඨකථා
1. මාතඞ්ගජාතකවණ්ණනා (497)
1. මාතංග ජාතකය (497)
කුතො නු ආගච්ඡසි දුම්මවාසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උදෙනං නාම වංසරාජානං ආරබ්භ කථෙසි. තස්මිඤ්හි කාලෙ ආයස්මා පිණ්ඩොලභාරද්වාජො ජෙතවනතො ආකාසෙන ගන්ත්වා යෙභුය්යෙන කොසම්බියං උදෙනස්ස රඤ්ඤො උය්යානං දිවාවිහාරාය ගච්ඡති. ථෙරො කිර පුරිමභවෙ රජ්ජං කාරෙන්තො දීඝමද්ධානං තස්මිං උය්යානෙ මහාපරිවාරො සම්පත්තිං අනුභවි. සො තෙන පුබ්බාචිණ්ණෙන යෙභුය්යෙන තත්ථෙව දිවාවිහාරං නිසීදිත්වා ඵලසමාපත්තිසුඛෙන වීතිනාමෙති. තස්මිං එකදිවසං තත්ථ ගන්ත්වා සුපුප්ඵිතසාලමූලෙ නිසින්නෙ උදෙනො සත්තාහං මහාපානං පිවිත්වා “උය්යානකීළං කීළිස්සාමී”ති මහන්තෙන පරිවාරෙන උය්යානං ගන්ත්වා මඞ්ගලසිලාපට්ටෙ අඤ්ඤතරාය ඉත්ථියා අඞ්කෙ නිපන්නො සුරාමදමත්තතාය නිද්දං ඔක්කමි. ගායන්තා නිසින්නිත්ථියො තූරියානි ඡඩ්ඩෙත්වා උය්යානං පවිසිත්වා පුප්ඵඵලාදීනි විචිනන්තියො ථෙරං දිස්වා ගන්ත්වා වන්දිත්වා නිසීදිංසු. ථෙරො තාසං ධම්මකථං කථෙන්තො නිසීදි. ඉතරාපි ඉත්ථී අඞ්කං චාලෙත්වා රාජානං පබොධෙත්වා “කුහිං තා වසලියො ගතා”ති වුත්තෙ “එකං සමණං පරිවාරෙත්වා නිසින්නා”ති ආහ. සො කුද්ධො ගන්ත්වා ථෙරං අක්කොසිත්වා පරිභාසිත්වා “හන්දාහං, තං සමණං තම්බකිපිල්ලකෙහි ඛාදාපෙස්සාමී”ති කොධවසෙන ථෙරස්ස සරීරෙ තම්බකිපිල්ලකපුටං භින්දාපෙසි. ථෙරො ආකාසෙ ඨත්වා තස්සොවාදං දත්වා ජෙතවනෙ ගන්ධකුටිද්වාරෙයෙව ඔතරිත්වා තථාගතෙන “කුතො ආගතොසී”ති පුට්ඨො ථෙරො තමත්ථං ආරොචෙසි. සත්ථා “න ඛො, භාරද්වාජ, උදෙනො ඉදානෙව පබ්බජිතෙ විහෙඨෙති, පුබ්බෙපි විහෙඨෙසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
කුතොනු ආගච්ඡසි රුම්මවාසී යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උදේනවංස රජු අරභයා දේශනා කළ සේක. එකල්හි ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරණුවෝ දෙව්රම සිට අහසින් කොසබෑ නුවර උදේනි රජුගේ උයනට දිවා විහරණය සඳහා බොහෝසෙයින් යෙති. තෙරණුවෝ පෙර භවයෙහි රාජ්‍ය කරනුයේ දීර්ඝ කාලයක් ඒ උයනෙහි පිරිවර සහිතව සම්පත් අනුභව කළෝය. හෙතෙම ඒ පෙර පුරුද්ද නිසා බොහෝ සෙයින් එහිම දිවා විහරණය සඳහා හිඳ ඵලසමවත් සුවයෙන් ගෙවයි. එක් දවසක් උන්වහන්සේ එහි ගොස් මනාව මල් පිපුනා වූ මහ සල්ගසක් මුල හුන්කල්හි එනුවර රජකරන උදේනී රජු සත්දිනක් මත්පැන් බී උයන්කෙළි කෙළිම්හයි මහත් වූ පිරිවර සමග උයනට ගොස් මගුල් ගල් තලාවෙහි එක්තරා ස්ත්‍රියකගේ ඇකයෙහි හොත්තේ මත්පැනින් මත් වූ නිසා නින්දට වැටුනේය. ගායනා කරමින් හුන් ස්ත්‍රීහු තූර්යභාණ්ඩයන් හෙලා උයනට පිවිස මල්ගෙඩි ආදිය සොයන්නාහු තෙරුන් දැක වෙතට ගොස් වැඳ හුන්නාහුය. තෙරුන් වහන්සේ ධර්මකථා කියමින් හුන්හ. අන් ස්ත්‍රිය ඇකය සොළවා රජු පුබුදුවා ඒ වසලියෝ කොහි ගියාහුදැයි කී කල්හි එක් ශ්‍රමණයෙකු පිරිවරා හුන්නාහු යයි කීවාය. ඔහු කිපියේ ගොස් තෙරුන්ට බැණ අපහාස කර බොල, ඒ ශ්‍රමණයා තඹකුහුඹුවන් (දිමියන්) ලවා කවවන්නෙමියි ක්‍රෝධයෙන් තෙරුන්ගේ සිරුරෙහි දිමිගොටුවක් බිඳ දැමීය. තෙරුන් වහන්සේ අහසෙහි සිට ඔහුට අවවාද දී ජේතවනයෙහි ගඳකිළි දොරටුවෙහිම බැස බුදුරදුන් විසින් කොහි සිට පැමිණියෙහිදැයි විමසන ලද්දේ ඒ කරුණ දැන්වීය. ශාස්තෘෘන් වහන්සේ “භාරද්වාජය, උදේන පැවිද්දන් පීඩාවට පත්කළේ දැන් පමණක් නොවේ. පෙරද පීඩාවට පත් කළේ යයි වදාරා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තදා මහාසත්තො බහිනගරෙ චණ්ඩාලයොනියං නිබ්බත්ති, “මාතඞ්ගො”තිස්ස නාමං කරිංසු. අපරභාගෙ විඤ්ඤුතං පත්තො “මාතඞ්ගපණ්ඩිතො”ති පාකටො අහොසි. තදා බාරාණසිසෙට්ඨිනො ධීතා දිට්ඨමඞ්ගලිකා නාම එකමාසද්වෙමාසවාරෙන මහාපරිවාරා උය්යානං කීළිතුං ගච්ඡති. අථෙකදිවසං මහාසත්තො කෙනචි කම්මෙන නගරං පවිසන්තො අන්තරද්වාරෙ දිට්ඨමඞ්ගලිකං දිස්වා එකමන්තං අපගන්ත්වා අල්ලීයිත්වා අට්ඨාසි. දිට්ඨමඞ්ගලිකා සාණියා අන්තරෙන ඔලොකෙන්තී තං දිස්වා “කො එසො”ති පුච්ඡිත්වා “චණ්ඩාලො අය්යෙ”ති වුත්තෙ “අදිට්ඨපුබ්බයුත්තකං වත පස්සාමී”ති ගන්ධොදකෙන අක්ඛීනි ධොවිත්වා තතො නිවත්ති. තාය සද්ධිං නික්ඛන්තජනො “අරෙ, දුට්ඨ චණ්ඩාල, අජ්ජ තං නිස්සාය අම්හාකං අමූලකං සුරාභත්තං නට්ඨ”න්ති කොධාභිභූතො මාතඞ්ගපණ්ඩිතං හත්ථෙහි ච පාදෙහි ච පොථෙත්වා විසඤ්ඤිං කත්වා පක්කාමි. සො මුහුත්තං වීතිනාමෙත්වා පටිලද්ධසඤ්ඤො චින්තෙසි “දිට්ඨමඞ්ගලිකාය පරිජනො මං නිද්දොසං අකාරණෙන පොථෙසි, දිට්ඨමඞ්ගලිකං ලභිත්වාව උට්ඨහිස්සාමි, නො අලභිත්වා”ති අධිට්ඨාය ගන්ත්වා තස්සා පිතු නිවෙසනද්වාරෙ නිපජ්ජි. සො “කෙන කාරණෙන නිපන්නොසී”ති වුත්තෙ “අඤ්ඤං කාරණං නත්ථි, දිට්ඨමඞ්ගලිකාය මෙ අත්ථො”ති ආහ. එකො දිවසො අතීතො, තථා දුතියො, තතියො, චතුත්ථො, පඤ්චමො, ඡට්ඨො ච. බොධිසත්තානං අධිට්ඨානං නාම සමිජ්ඣති, තස්මා සත්තමෙ දිවසෙ දිට්ඨමඞ්ගලිකං නීහරිත්වා තස්ස අදංසු.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහබෝධි සත්ත්වයෝ පිටත නගරයේ සැඩොල් කුලයෙහි උපන්නේය. ඔහුට මාතංග යයි නම් කළාහුය. මෑත කාලයෙහි නුවණැති බවට පත්වූයේ මාතංග පණ්ඩිතයයි ප්‍රකට වීය. එකල්හි බරණැස් නුවර සිටුගේ දුව දිට්ඨමංගලිකා නම් වූවා එක් මසකට වරක් දෙමසකට වරක් වශයෙන් මහත් පිරිවරින් යුක්තව උයන් ක්‍රීඩාවට යයි. ඉක්බිති එක් දවසක් මහබෝසත් තෙමේ කිසියම් කටයුත්තක් සඳහා නුවරට පිවිසෙන්නේ වාසදොරදී දිට්ඨ මංගලිකාව දැක එක් පසෙකට ඉවත් වී ඇලී සිටියේය. දිට්ඨ මංගලිකා තොමෝ තිරය අතරින් බලන්නී ඔහු දැක මේ කවරෙක්දැයි විමසා ස්වමීනි, සැඩොලෙකැයි කී කල්හි නොදැකිය යුත්තෙක් දකිමුයි සුවඳ දියෙන් ඇස් සෝදා එතැනින් පෙරලා ආවාය. ඇය සමග නික්මුන ජනයා එම්බා දුෂ්ට සැඩොල, ඔබ නිසා අපට අද මිල නැති සුරා හා බත් නැසුනේ යයි කෝපයෙන් මඩනා ලද්දේ මාතංග පණ්ඩිතයාට අත්වලින්ද පාවලින්ද තලා සිහිසුන් කර ගියේය. හෙතෙම මොහොතක් කල්ගෙවා ලබන ලද සිහිය ඇත්තේ සිතුවේය. දිට්ඨමංගලිකාවගේ පිරිවර ජනයා නිදොස් වූ මා නිකරුනේ තැළුවේය. දිට්ඨමංගලිකාව ලැබම නැගිටින්නෙමි. නොලැබ නොනැගිටින්නෙමියි අධිෂ්ඨාන කර ගොස් ඇගේ පියාගේ නිවෙස්හි දොරටුවෙහි හොත්තේය. හෙතෙම කවර කරුණකින් හොත්තේ දැයි කී කල්හි අන් කරුණක් නැත. මට දිට්ඨමංගලිකාවගෙන්ම ප්රයෝජනයැයි කීවේ. එක්දිනක් ගෙවුනි. එසේ දෙවන සිව්වන පස්වන සවන දින ගෙවුනි. බෝසතුන්ගේ අධිෂ්ඨානය වූ කලී සමෘද්ධ වේමය. එහෙයින් සත්වන දවස්හි දිට්ඨමංගලිකාව බැහැරට ගෙනවුත් ඔහුට දුන්හ.
අථ නං සා “උට්ඨෙහි, සාමි, තුම්හාකං ගෙහං ගච්ඡාමා”ති ආහ. භද්දෙ, තව පරිජනෙනම්හි සුපොථිතො දුබ්බලො, මං උක්ඛිපිත්වා පිට්ඨිං ආරොපෙත්වා ආදාය ගච්ඡාහීති. සා තථා කත්වා නගරවාසීනං පස්සන්තානඤ්ඤෙව නගරා නික්ඛමිත්වා චණ්ඩාලගාමකං ගතා. අථ නං මහාසත්තො ජාතිසම්භෙදවීතික්කමං අකත්වාව කතිපාහං ගෙහෙ වසාපෙත්වා චින්තෙසි “අහමෙතං ලාභග්ගයසග්ගප්පත්තං කරොන්තො පබ්බජිත්වාව කාතුං සක්ඛිස්සාමි, න ඉතරථා”ති . අථ නං ආමන්තෙත්වා ‘භද්දෙ, මයි අරඤ්ඤතො කිඤ්චි අනාහරන්තෙ අම්හාකං ජීවිකා නප්පවත්තති, යාව මමාගමනා මා උක්කණ්ඨි, අහං අරඤ්ඤං ගමිස්සාමී”ති වත්වා ගෙහවාසිනොපි “ඉමං මා පමජ්ජිත්ථා”ති ඔවදිත්වා අරඤ්ඤං ගන්ත්වා සමණපබ්බජ්ජං පබ්බජිත්වා අප්පමත්තො සත්තමෙ දිවසෙ අට්ඨ සමාපත්තියො ච පඤ්ච අභිඤ්ඤායො ච උප්පාදෙත්වා “ඉදානි දිට්ඨමඞ්ගලිකාය අවස්සයො භවිතුං සක්ඛිස්සාමී”ති ඉද්ධියා ගන්ත්වා චණ්ඩාලගාමද්වාරෙ ඔතරිත්වා දිට්ඨමඞ්ගලිකාය ගෙහද්වාරං අගමාසි. සා තස්සාගමනං සුත්වා ගෙහතො නික්ඛමිත්වා “සාමි, කස්මා මං අනාථං කත්වා පබ්බජිතොසී”ති පරිදෙවි. අථ නං “භද්දෙ, මා චින්තයි, තව පොරාණකයසතො ඉදානි මහන්තතරං යසං කරිස්සාමි, අපිච ඛො පන ‘න මය්හං මාතඞ්ගපණ්ඩිතො සාමිකො, මහාබ්රහ්මා මෙ සාමිකො’ති එත්තකං පරිසමජ්ඣෙ වත්තුං සක්ඛිස්සසී’ති ආහ. “ආම, සාමි, සක්ඛිස්සාමී”ති. “තෙන හි “ඉදානි තෙ සාමිකො කුහින්ති පුට්ඨා ‘බ්රහ්මලොකං ගතො’ති වත්වා ‘කදා ආගමිස්සතී’ති වුත්තෙ ‘ඉතො සත්තමෙ දිවසෙ පුණ්ණමායං චන්දං භින්දිත්වා ආගමිස්සතී’ති වදෙය්යාසී”ති නං වත්වා මහාසත්තො හිමවන්තමෙව ගතො.
ඉක්බිති ඇය ඔහුට ස්වාමීනි, නැගී සිටුව. ඔබගේ ම ගෙට යමු යයි කීවාය. සොඳුර, ඔබේ පිරිවර ජනයා විසින් බොහෝ පෙළන ලද්දේ වෙමි. මා ඔසවා පිටට නංවාගෙන යවයි කීවේය. ඇය එසේ කොට නගරවාසීන් බලා සිටිද්දීම නගරයෙන් නික්මී සැඩොල්ගමට ගියාය. ඉක්බිති මහබෝසත් තෙමේ ඇයට ජාති සම්භේදයක්ද ඉක්මවා යෑමක්ද නොකර දින කීපයක් ගෙයි වාසය කරවා මෙසේ සිතුවේය. මම මැය ලාභ සත්කාරයන්ගෙන් අගතැන්පත් කරන්නේ පැවිදි වීමෙන්ම කළහැකි වන්නෙමි. අන් පරිද්දකින් නොහැකි වන්නෙමි යි. ඉක්බිති ඇය අමතා සොඳුර, මා වනයෙන් කිසිවක් නොගෙනෙන කල්හි අපගේ දිවි නොපවතී. මා පැමිණෙන තෙක් උකටලී නොවව. මම වනයට යන්නෙමියි කියා ගෙවැස්සන්ට මැය පිළිබඳව පමා නොවව් යයි අවවාද දී වනයට ගොස් ශ්‍රමණ පැවිද්දෙන් පැවිදි වී නොපමා වූයේ සත්වන දවස්හි අෂ්ට සමාපත්තීන් හා පඤ්ච අභිඥාවන්ද උපදවා දැන් දිට්ඨමංගලිකාවට සහාය වන්නට හැකිවන්නෙමියි ඍද්ධියෙන් ගොස් සැඩොල් ගම්දොර බැස දිට්ඨමංගලිකාවගේ ගෙදොරට ගියේය. ඇය ඔහුගේ පැමිණීම අසා නික්මී ස්වාමීනි, කුමක් හෙයින් මා අනාථ කර පැවිදි වූයෙහිදැයි හැඬුවාය. ඉක්බිති ඇයට කියනුයේ සොඳුර, නහමක් නොසිතව. ඔබගේ පැරණි යසසට වඩා දැන් ඉතා මහත් වූ යසස් ඇත්තියක කරන්නෙමි. බලව මගේ සැමියා මාතංග නොවේ. මගේ සැමියා මහා බ්‍රහ්මයායි යන මෙපමණක් පිරිස මැද කියන්නට හැකි වෙහිදැයි. එසේය ස්වාමීනි හැකි වන්නෙමි. එසේ නම් දැන් නුඹගේ සැමියා කොහිදැයි විමසන ලද්දී බඹලොව ගියේ යයි කියා කවරදා පැමිණෙන්නේ දැයි කී කල්හි මෙයින් සත්වන දවස්හි පුන්සඳ බිඳ එන්නේ යයි කියව යයි මෙසේ ඇයට කියා හිමවතටම ගියේය.
දිට්ඨමඞ්ගලිකාපි බාරාණසියං මහාජනස්ස මජ්ඣෙ තෙසු තෙසු ඨානෙසු තථා කථෙසි. මහාජනො “අහො මහාබ්රහ්මා සමානො දිට්ඨමඞ්ගලිකං න ගච්ඡති, එවමෙතං භවිස්සතී”ති සද්දහි. බොධිසත්තොපි පුණ්ණමදිවසෙ චන්දස්ස ගගනමජ්ඣෙ ඨිතකාලෙ බ්රහ්මත්තභාවං මාපෙත්වා සකලං කාසිරට්ඨං ද්වාදසයොජනිකං බාරාණසිනගරඤ්ච එකොභාසං කත්වා චන්දමණ්ඩලං භින්දිත්වා ඔතරිත්වා බාරාණසියා උපරූපරි තික්ඛත්තුං පරිබ්භමිත්වා මහාජනෙන ගන්ධමාලාදීහි පූජියමානො චණ්ඩාලගාමකාභිමුඛො අහොසි. බ්රහ්මභත්තා සන්නිපතිත්වා චණ්ඩාලගාමකං ගන්ත්වා දිට්ඨමඞ්ගලිකාය ගෙහං සුද්ධවත්ථෙහි ඡාදෙත්වා භූමිං චතුජ්ජාතියගන්ධෙහි ඔපුඤ්ඡිත්වා පුප්ඵානි විකිරිත්වා ධූමං දත්වා චෙලවිතානං පසාරෙත්වා මහාසයනං පඤ්ඤපෙත්වා ගන්ධතෙලෙහි දීපං ජාලෙත්වා ද්වාරෙ රජතපට්ටවණ්ණවාලුකං ඔකිරිත්වා පුප්ඵානි විකිරිත්වා ධජෙ බන්ධිංසු. එවං අලඞ්කතෙ ගෙහෙ මහාසත්තො ඔතරිත්වා අන්තො පවිසිත්වා ථොකං සයනපිට්ඨෙ නිසීදි.
දිට්ඨමංගලිකාද බරණැස් නුවර මහජනයා මැද ඒ ඒ තැන්වල එසේ කීවාය. මහජනයාද පුදුමයෙකි. මහා බ්‍රහ්මයා හා සමාන වූවෙක් දිට්ඨමංගලිකාව වෙත නොයයි. (ඇය වෙත ගියේ මහා බ්රහ්මයාමය) මෙය මෙසේම වන්නේ යයි ඇදහීය. බෝධිසත්ත්වයෝද පුන් පොහෝදින චන්ද්‍රයා අහස් මැද සිටි කල්හි බ්‍රහ්ම ආත්ම භාවය මවාගෙන සියළු කසී රටද දොළොස් යොදුන් වූ බරණැස් නගරයද ඒකාලෝක කරවා චන්ද්‍රයා බිඳ බැස බරණැස් නුවර මතුමත්තෙහි තෙවරක් පරිභ්‍රමණය කර මහජනයා විසින් සුවඳමල් ආදියෙන් පුදනු ලබන්නේ සැඩොල් ගමට අභිමුඛ වීය. බ්‍රහ්ම භක්ති ඇත්තෝ රැස්වී සැඩොල් ගමට ගොස් දිට්ඨ මංගලිකාවගේ නිවස සුදු වස්ත්‍රවලින් වසා බිම සිව්දෑගඳින් පිරිබඩ ගන්වා මල් විසුරුවා දුම් දී සිදු වියන් අතුරා මහ සයනයක් පනවා සුවඳ තෙලින් පහන් දල්වා දොර රිදී පැහැ වැලි අතුරා කොඩි බැන්දාහ. මෙසේ අලංකාර කරන ලද නිවසෙහි මහබෝසතුන් බැස ඇතුලට පිවිස මදක් යහන මත හුන්නේය.
තදා දිට්ඨමඞ්ගලිකා උතුනී හොති. අථස්සා අඞ්ගුට්ඨකෙන නාභිං පරාමසි, කුච්ඡියං ගබ්භො පතිට්ඨාසි. අථ නං මහාසත්තො ආමන්තෙත්වා “භද්දෙ, ගබ්භො තෙ පතිට්ඨිතො, ත්වං පුත්තං විජායිස්සසි, ත්වම්පි පුත්තොපි තෙ ලාභග්ගයසග්ගප්පත්තා භවිස්සථ, තව පාදධොවනඋදකං සකලජම්බුදීපෙ රාජූනං අභිසෙකොදකං භවිස්සති, නහානොදකං පන තෙ අමතොසධං භවිස්සති, යෙ තං සීසෙ ආසිඤ්චිස්සන්ති, තෙ සබ්බරොගෙහි මුච්චිස්සන්ති, කාළකණ්ණිං පරිවජ්ජෙස්සන්ති, තව පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා වන්දන්තා සහස්සං දස්සන්ති, සොතපථෙ ඨත්වා වන්දන්තා සතං දස්සන්ති, චක්ඛුපථෙ ඨත්වා වන්දන්තා එකං කහාපණං දත්වා වන්දිස්සන්ති, අප්පමත්තා හොහී”ති නං ඔවදිත්වා ගෙහා නික්ඛමිත්වා මහාජනස්ස පස්සන්තස්සෙව උප්පතිත්වා චන්දමණ්ඩලං පාවිසි. බ්රහ්මභත්තා සන්නිපතිත්වා ඨිතකාව රත්තිං වීතිනාමෙත්වා පාතොව දිට්ඨමඞ්ගලිකං සුවණ්ණසිවිකං ආරොපෙත්වා සීසෙන උක්ඛිපිත්වා නගරං පවිසිංසු. “මහාබ්රහ්මභරියා”ති තං උපසඞ්කමිත්වා මහාජනො ගන්ධමාලාදීහි පූජෙසි. පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා වන්දිතුං ලභන්තා සහස්සත්ථවිකං දෙන්ති, සොතපථෙ ඨත්වා වන්දිතුං ලභන්තා සතං දෙන්ති, චක්ඛුපථෙ ඨත්වා වන්දිතුං ලභන්තා එකං කහාපණං දෙන්ති. එවං ද්වාදසයොජනිකං බාරාණසිං තං ගහෙත්වා විචරන්තා අට්ඨාරසකොටිධනං ලභිංසු.
එකල්හි දිට්ඨමංගලිකාව මල්වර වූවාය. ඉක්බිති ඇඟිල්ලෙන් ඇයගේ නැබ පිරිමැදීය. කුසෙහි ගැබක් පිහිටියේය. ඉක්බිති මහබෝසත් තෙමේ ඇය අමතා සොඳුර, ඔබට ගැබක් පිහිටියේය. පුතෙකු වදන්නෙහිය. ඔබ ඔබගේ පුතාද ලාභයෙන් හා කීර්තියෙන් අගතැන්පත් වූවෝ වහු. ඔබගේ පා සේදූ ජලය සියළු දඹදිව රජුන්ගේ අභිෂේක ජලය වන්නේය. ස්නානය කළ ජලය අමා ඔසුවක් වන්නේය. යමෙක් ඒ ජලය හිසෙහි වත් කරත්ද, ඔවුහු හැමදා රෝගයන්ගෙන් මිදෙන්නාහ. කාලකණ්ණිය පිටුදකිත්. ඔබගේ පා පුටුවෙහි හිස තබා වඳින්නෝ දහසක් දෙන්නාහ. ඇසෙන ඇසෙන මානයේ සිට වඳින්නෝ සියයක් දෙන්නාහ. පෙනෙන මානයේ සිට වඳින්නෝ එක් කහවනුවක් දී වඳින්නාහ. අප්‍රමාද වවයි ඇයට අවවාද කර ගෙයින් නික්මී මහජනයා දකිද්දීම අහසට පැන නැගී සඳ මඬලට පිවිසියේය. බ්‍රහ්ම භක්ති ඇත්තෝ රැස්වී සිටියාහුම රාත්‍රිය ගෙවා උදැසනම දිට්ඨමංගලිකාව රන්සිවි ගෙයකට නංවා හිසෙන් ඔසවා නගරයට පිවිසියාහුය. මහජනයා මහාබ්‍රහ්මයාගේ භාර්යාව යයි ඇය වෙත එළඹ සුවඳ මල් ආදියෙන් පිදූහ. පා පුටුවෙහි හිස තබා වැඳීමට ලබන්නෝ දහසින් වස්තුව දෙත්. ඇසෙන මානයේ සිට වඳින්නට ලබන්නාහු සියයක් දෙත්. පෙනෙන මානයේ වඳින්නට ලබන්නාහු එක් කහවනුවක් දෙත්. මෙසේ දොළොස් යොදුන් වූ බරණැස හැසිරෙන්නී කෝටි දහඅටදහසක් ධනය ලැබුවාය.
අථ නං නගරං පරිහරිත්වා ආනෙත්වා නගරමජ්ඣෙ මහාමණ්ඩපං කාරෙත්වා සාණිං පරික්ඛිපිත්වා මහාසයනං පඤ්ඤපෙත්වා මහන්තෙන සිරිසොභග්ගෙන තත්ථ වසාපෙසුං. මණ්ඩපසන්තිකෙයෙව සත්තද්වාරකොට්ඨං සත්තභූමිකං පාසාදං කාතුං ආරභිංසු, මහන්තං නවකම්මං අහොසි. දිට්ඨමඞ්ගලිකා මණ්ඩපෙයෙව පුත්තං විජායි. අථස්ස නාමග්ගහණදිවසෙ බ්රාහ්මණා සන්නිපතිත්වා මණ්ඩපෙ ජාතත්තා “මණ්ඩබ්යකුමාරො”ති නාමං කරිංසු. පාසාදො පන දසහි මාසෙහි නිට්ඨිතො. තතො පට්ඨාය සා මහන්තෙන යසෙන තස්මිං වසති, මණ්ඩබ්යකුමාරොපි මහන්තෙන පරිවාරෙන වඩ්ඪති. තස්ස සත්තට්ඨවස්සකාලෙයෙව ජම්බුදීපතලෙ උත්තමාචරියා සන්නිපතිංසු. තෙ තං තයො වෙදෙ උග්ගණ්හාපෙසුං. සො සොළසවස්සකාලතො පට්ඨාය බ්රාහ්මණානං භත්තං පට්ඨපෙසි, නිබද්ධං සොළස බ්රාහ්මණසහස්සානි භුඤ්ජන්ති. චතුත්ථෙ ද්වාරකොට්ඨකෙ බ්රාහ්මණානං දානං දෙති.
ඉක්බිති ඇය නුවර පරිහරණය කොටගෙන විත් නුවර මැද මහා මණ්ඩපයක් කරවා තිර වටකරවා මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් එහි විසීම කර වූහ. මණ්ඩපය සමීපයෙහිම වාහල්දොර සතක් ඇති, සත්බුමු ප්‍රාසාදයක් කරන්නට පටන් ගත්තාහුය. මහත් වූ නව කර්මාන්තයක් වීය. දිට්ඨමංගලිකාව මණ්ඩපයෙහිම පුතෙකු වැදුවාය. ඔහුට නම් තබන දවස්හි බමුණේ රැස්වී මණ්ඩපයෙහි උපන් හෙයින් මණ්ඩව්‍ය කුමාරයා යයි නම් කළාහුය. ප්‍රාසාදය දස මාසයකින් නිමවීය. එතැන් පටන් මහත් යසසින් එහි වාසය කරයි. මණ්ඩව්‍ය කුමාරයාද මහත් වූ පිරිවර සමග වැඩේ. ඔහු අවුරුදු හත-අට කල්හිදීම දඹදිව උතුම් ආචාර්යවරු රැස් වූවාහුය. ඔවුහු කුමරුට වේද තුන ඉගැන්වූහ. සොළොස් වස් කල්හි පටන් බ්‍රාහ්මණයන්ට බත් එළවීය. නිරතුරුව සොළොස් දහසක් බමුණෝ වළඳත්. සිව්වන වාහල්කඩෙහි බමුණන්ට දන් දෙනු ලැබේ.
අථෙකස්මිං මහාමහදිවසෙ ගෙහෙ බහුං පායාසං පටියාදෙසුං. සොළස බ්රාහ්මණසහස්සානි චතුත්ථෙ ද්වාරකොට්ඨකෙ නිසීදිත්වා සුවණ්ණරසවණ්ණෙන නවසප්පිනා පක්කමධුඛණ්ඩසක්ඛරාහි ච අභිසඞ්ඛතං පායාසං පරිභුඤ්ජන්ති. කුමාරොපි සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො සුවණ්ණපාදුකා ආරුය්හ හත්ථෙන කඤ්චනදණ්ඩං ගහෙත්වා “ඉධ සප්පිං දෙථ, ඉධ මධු”න්ති විචාරෙන්තො චරති. තස්මිං ඛණෙ මාතඞ්ගපණ්ඩිතො හිමවන්තෙ අස්සමපදෙ නිසින්නො “කා නු ඛො දිට්ඨමඞ්ගලිකාය පුත්තස්ස පවත්තී”ති ඔලොකෙන්තො තස්ස අතිත්ථෙ පක්ඛන්දභාවං දිස්වා “අජ්ජෙව ගන්ත්වා මාණවං දමෙත්වා යත්ථ දින්නං මහප්ඵලං හොති, තත්ථ දානං දාපෙත්වා ආගමිස්සාමී”ති චින්තෙත්වා ආකාසෙන අනොතත්තදහං ගන්ත්වා මුඛධොවනාදීනි කත්වා මනොසිලාතලෙ ඨිතො රත්තදුපට්ටං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා පංසුකූලසඞ්ඝාටිං පාරුපිත්වා මත්තිකාපත්තං ආදාය ආකාසෙනාගන්ත්වා චතුත්ථෙ ද්වාරකොට්ඨකෙ දානග්ගෙයෙව ඔතරිත්වා එකමන්තං අට්ඨාසි. මණ්ඩබ්යො කුමාරො ඉතො චිතො ච ඔලොකෙන්තො තං දිස්වා “එවංවිරූපො සඞ්කාරයක්ඛසදිසො අයං පබ්බජිතො ඉමං ඨානං ආගච්ඡන්තො කුතො නු ඛො ආගච්ඡතී”ති තෙන සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
ඉක්බිති එක් මහත් උත්සව දිනයෙක්හි නිවසෙහි බොහෝ කිරිබත් සූදානම් කළාහුය. බමුණෝ සොළොස් දහසක් සිව්වන වාහල්කඩ හිඳ රන්රසවන් අළුත් ගිතෙලින්, පැසුන මී කඩහකුරුවලින්ද සකසන ලද කිරිබත් වළඳිත්. කුමාරයාද සියළු අලංකාරයන්ගෙන් සැරසුන්නේ රන් පාවහන් මත නැග අතින් රන් දණ්ඩක් ගෙන මෙහි ගිතෙල් දෙව. මෙහි මීපැණියයි විමසමින් හැසිරේ. එකෙනෙහි මාතංග පණ්ඩිතයා හිමාලයෙහි අසපුවෙහි හුන්නේ දිට්ඨමංගලිකාවගේ පුතුගේ පුවත් කවරේදැයි බලන්නේ ඔහුගේ නොතොටින් වන් බව (නොමග ගිය බව) දැක අදම ගොස් මානවකයා දමනය කර යම්තැනක දෙන ලද්දේද එහි දන් දෙවා එන්නෙමියි සිතා අහසින් අනෝතත්ත විලට ගොස් මුහුණ සේදීම් ආදිය කර ගල්තලාවෙහි සිටියේ රතුපැහැ වස්ත්‍රයක් හැඳ බඳපටිය බැඳ පාංශකූල සඟල සිවුර පොරොවා මැටි පාත්‍රය ගෙන අහසින් අවුත් සිව්වන වාහල්කඩ දන්ශාලාව අබියසම බැස එකත්පස්ව සිටියේය. මණ්ඩව්යයා ඔබිනොබ බලන්නේ ඔහු දැක මෙලෙස විරූපී වූ කසල ගොඩක වූ යක්ෂයෙක් බඳු මේ පැවිද්දා මෙතැනට පැමිණෙන්නේ කෙලෙස පැමිණේදැයි ඔහු කථාබහ කරනුයේ පළමු ගාථාව කීවේය.
“කුතො නු ආගච්ඡසි දුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොව; සඞ්කාරචොළං පටිමුඤ්ච කණ්ඨෙ, කො රෙ තුවං හොසි අදක්ඛිණෙය්යො”ති.
කුතොනු ආගච්ඡසි රුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොච, සංඛාරචොලං පටිමුච්ච කණ්ඨෙ, කො රෙ තුවං හොහිසි අදක්ඛිණෙය්යොති
එම්බල; රළු ඇඳුම් හඳනා වූ ලාමක පාංශු පිසාචකයෙකු වැනි කසලගොඩින් ගත් වැරහැලි ගෙල දවටා ගත් දක්ෂිණාවට නුසුදුසු තොප කවරෙක්ද?
තත්ථ දුම්මවාසීති අනඤ්ජිතඅමණ්ඩිතඝටිතසඞ්ඝාටිකපිලොතිකවසනො. ඔතල්ලකොති ලාමකො ඔලම්බවිලම්බනන්තකධරො වා. පංසුපිසාචකොවාති සඞ්කාරට්ඨානෙ පිසාචකො විය. සඞ්කාරචොළන්ති සඞ්කාරට්ඨානෙ ලද්ධපිලොතිකං. පටිමුඤ්චාති පටිමුඤ්චිත්වා. අදක්ඛිණෙය්යොති ත්වං අදක්ඛිණෙය්යො ඉමෙසං පරමදක්ඛිණෙය්යානං නිසින්නට්ඨානං එකො හුත්වා කුතො ආගතො.
එහි රුම්මවාසී යනු පාට නොපොවන ලද නොසරසන ලද ගැට සහිත වූ රෙදි හඳනා වූ. ඔතල්ලකො යනු ලාමක තැනින් තැන එල්බෙන කෙළවර දරන්නා වූ. පංසුපිසාචකොවා යනු කසල ඇති තැන පිසාචකයෙකු මෙන්. සංඛාරචොළං යනු කසල ගොඩෙහි ලබන ලද රෙදි ඇති. පටිමුච්චා යනු ගැටගසා. අදක්ඛිණෙය්යා යනු ඔබ දීමට සුදුස්සෙක් නොවේ. මේ උතුම් වූ දීමට සුදුස්සන් හුන් තැනට හුදකලාව කොහි සිට පැමිණියේද?
තං සුත්වා මහාසත්තො මුදුචිත්තෙනෙව තෙන සද්ධිං සල්ලපන්තො දුතියං ගාථමාහ –
ඒ මහබෝසත් තෙමේ ඒ අසා ඔහු සමග කථා කරනුයේ දෙවන ගාථාව කීවේය.
“අන්නං තවෙදං පකතං යසස්සි, තං ඛජ්ජරෙ භුඤ්ජරෙ පිය්යරෙ ච; ජානාසි මං ත්වං පරදත්තූපජීවිං, උත්තිට්ඨපිණ්ඩං ලභතං සපාකො”ති.
2. කීර්තිමත් මණ්ඩව්‍ය කුමාරය, පිළියෙල කරන ලද ඔබගේ මේ ආහාරය (බොහෝ දෙනා) කති. අනුභව කරති. පානය කරති. ඔබ මා අනුන් විසින් දෙන ලද දෙයින් යැපෙන්නෙකැයි දනුව. සැඩොලා යාචක පිණ්ඩය (ආහාරය) ලබාවා.
තත්ථ පකතන්ති පටියත්තං. යසස්සීති පරිවාරසම්පන්න. තං ඛජ්ජරෙති තං ඛජ්ජන්ති ච භුඤ්ජන්ති ච පිවන්ති ච. කිංකාරණා මය්හං කුජ්ඣසි? උත්තිට්ඨපිණ්ඩන්ති උපතිට්ඨිත්වා ලභිතබ්බපිණ්ඩං, උට්ඨාය ඨිතෙහි වා දීයමානං හෙට්ඨා ඨත්වා ලභිතබ්බපිණ්ඩං. ලභතං සපාකොති සපාකො චණ්ඩාලොපි ලභතු. ජාතිසම්පන්නා හි යත්ථ කත්ථචි ලභන්ති, සපාකචණ්ඩාලස්ස පන කො දෙති, දුල්ලභපිණ්ඩො අහං, තස්මා මෙ ජීවිතපවත්තනත්ථං භොජනං දාපෙහි, කුමාරාති.
එහි පකතං යනු පිළියෙල කරන ලද. යසස්සී යනු පිරිවර සහිත වූ. තං ඛජ්ජරෙ යනු එය කත්. අනුභව කරත්. පානය කරත්. කුමන කරුණින් මා පිළිබඳව කිපෙහිද? උත්තිට්ඨ පිණ්ඩං යනු නැගී සිට ලද යුතු ආහාරයයි. නැගී සිටියහු විසින් දෙනු ලබන කල්හි යට සිට ලද යුතු ආහාරයයි. ලභතං සපාකො යනු සැඩොලාද ලබාවා. උසස් ජාතියෙන් යුක්ත වූවාහු සියළු තන්හිදී ලබත්. සැඩොලාට කවරෙක් දෙයිද? මම දුලභ වූ ආහාර ඇත්තෙමි. එහෙයින් කුමාරය, මගේ දිවිපැවැත්ම සඳහා භෝජනය දෙවවයි කීවේය.
තතො මණ්ඩබ්යො ගාථමාහ –
අනතුරුව මණ්ඩව්‍ය කුමාරයා ගාථාවක් කීවේය.
“අන්නං මමෙදං පකතං බ්රාහ්මණානං, අත්තත්ථාය සද්දහතො මමෙදං; අපෙහි එත්තො කිමිධට්ඨිතොසි, න මාදිසා තුම්හං දදන්ති ජම්මා”ති.
3. මගේ මේ ආහාරය බමුණන්ට පිළියෙල කරන ලදි. ශ්‍රද්ධාවෙන් යුත් මගේ මේ දානය තමාගේ අභිවෘද්ධිය සඳහාය. මෙතනින් ඉවත් වෙව. කුමක් හෙයින් මෙහි සිටියේ වෙහිද? පහත් තැනැත්ත, අප වැන්නෝ තොපට නොදෙත්.
තත්ථ අත්තත්ථායාති අත්තනො වඩ්ඪිඅත්ථාය. අපෙහි එත්තොති ඉමම්හා ඨානා අපගච්ඡ. න මාදිසාති මාදිසා ජාතිසම්පන්නානං උදිච්චබ්රාහ්මණානං දානං දෙන්ති, න තුය්හං චණ්ඩාලස්ස, ගච්ඡ, ජම්මාති.
එහි අත්තත්ථාය යනු තමාගේ වැඩ පිණිස. අපෙහි එත්තො යනු මෙතැනින් ඉවත් වෙව. නමාදිසා යනු මා වැන්නෝ උසස් ජාතියෙන් යුක්ත වූ උසස් බ්‍රාහ්මණයන්ට දන් දෙති. ඔබ වැනි චණ්ඩාලයන්ට නොදෙති. දීනය යව යි.
තතො මහාසත්තො ගාථමාහ –
මහබෝසත් තෙමේ අනතුරුව ගාථාවක් කීවේය.
“ථලෙ ච නින්නෙ ච වපන්ති බීජං, අනූපඛෙත්තෙ ඵලමාසමානා; එතාය සද්ධාය දදාහි දානං, අප්පෙව ආරාධයෙ දක්ඛිණෙය්යෙ”ති.
4. කුමාරය, අස්වැන්න අපේක්ෂාකරන්නෝ ගොඩද, පහත් බිමද තෙත් සහිත කුඹුරෙහිද බීජ වපුරත්. (එසේම) මේ විපාක ලැබීමේ ශ්‍රද්ධාවෙන් දන් දෙව. දීමට සුදුස්සන්ට සතුටු කරන්නේ නම් මැනවි.
තස්සත්ථො – කුමාර, සස්සඵලං ආසීසමානා තීසුපි ඛෙත්තෙසු බීජං වපන්ති. තත්ථ අතිවුට්ඨිකාලෙ ථලෙ සස්සං සම්පජ්ජති, නින්නෙ පූතිකං හොති, අනූපඛෙත්තෙ නදිඤ්ච තළාකඤ්ච නිස්සාය කතං ඔඝෙන වුය්හති. මන්දවුට්ඨිකාලෙ ථලෙ ඛෙත්තෙ විපජ්ජති, නින්නෙ ථොකං සම්පජ්ජති, අනූපඛෙත්තෙ සම්පජ්ජතෙව. සමවුට්ඨිකාලෙ ථලෙ ඛෙත්තෙ ථොකං සම්පජ්ජති, ඉතරෙසු සම්පජ්ජතෙව. තස්මා යථා ඵලමාසීසමානා තීසුපි ඛෙත්තෙසු වපන්ති, තථා ත්වම්පි එතාය ඵලසද්ධාය ආගතාගතානං සබ්බෙසංයෙව දානං දෙහි, අප්පෙව නාම එවං දදන්තො දක්ඛිණෙය්යෙ ආරාධෙය්යාසි ලභෙය්යාසීති.
එහි අර්ථය කුමාරය, ශස්යයන්ගේ අස්වැන්න අපේක්ෂා කරන්නෝ තෙවැදෑරුම් කෙත්වල බීජ වපුරත්. එහිදී බොහෝ වැස්ස ඇති කල්හි ගොඩ ධාන්‍ය සමෘද්ධ වේ. පහත් බිමැ කුණු වේ. තෙත් සහිත බිමෙහි ගංගාද තඩාගයන්ද නිසා කළ (වපුළ) දෙය දියපහරින් පාවී යයි. මදවැසි ඇතිකල්හි ගොඩ ගොවිතැන් විපතට පත්වේ. පහත් බිම මදක් සමෘද්ධ වේ. තෙත් බිම සමෘද්ධ නොවේමය. සම වැසි ඇති කල්හි ගොඩ ගොවිතැන මදක් සමෘද්ධ වේ. අන් තැන්හි සමෘද්ධමත් වේමැයි. එහෙයින් අස්වනු අපේක්ෂා කරන්නෝ යම් සේ තෙවැදෑරුම් කුඹුරුවල වපුරත්ද එසේ ඔබද මේ විපාක නැමති ශ්‍රද්ධාවෙන් ආවා වූත් නොආවා වූත් සියල්ලන්ටම දන් දෙව. මෙසේ දෙන්නේ දක්ෂිණාර්හයන් සතුටු කරවන්නේය. ලබන්නේය. යන මෙය මැනවි.
තතො මණ්ඩබ්යො ගාථමාහ –
අනතුරුව මණ්ඩව්යයා ගාථාවක් කීවේය.
“ඛෙත්තානි මය්හං විදිතානි ලොකෙ, යෙසාහං බීජානි පතිට්ඨපෙමි; යෙ බ්රාහ්මණා ජාතිමන්තූපපන්නා, තානීධ ඛෙත්තානි සුපෙසලානී”ති.
5. මම යම්තැනක බිජුවට පිහිටුවමිද ලොව පුණ්‍ය ක්ෂේත්රයෝ මවිසින් දන්නා ලදහ. ජාතියෙන් හා මන්ත්‍රයෙන් යුක්ත වූ යම් බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, සුපේසල වූ ඔවුහු මෙලොව පුණ්‍ය ක්ෂේත්රයෝ වෙත්.
තත්ථ යෙසාහන්ති යෙසු අහං. ජාතිමන්තූපපන්නාති ජාතියා ච මන්තෙහි ච උපපන්නා.
එහි යෙසාහං යනු යම් අයෙක් කෙරෙහි මම (යෙසු+අහං) ජාත මන්තූපපන්නො යනු ජාතියෙන්ද මන්ත්රයන්ගෙන්ද යුක්ත වූවාහු.
තතො මහාසත්තො ද්වෙ ගාථා අභාසි –
මහා බෝධිසත්ත්වයෝ අනතුරුව ගාථා දෙකක් කීහ.
“ජාතිමදො ච අතිමානිතා ච, ලොභො ච දොසො ච මදො ච මොහො; එතෙ අගුණා යෙසු ච සන්ති සබ්බෙ, තානීධ ඛෙත්තානි අපෙසලානි.
6. ජාති මදයද, අභිමානයෙන් යුක්ත බවද, ලෝභයද, ද්වේෂයද, මදයද, මෝහය යන මේ සියළු අගුණයෝ යමෙකු කෙරෙහි වසත්ද මෙලොව ඒ ක්ෂේත්රයෝ අපේසලයෝ වෙති.
“ජාතිමදො ච අතිමානිතා ච, ලොභො ච දොසො ච මදො ච මොහො; එතෙ අගුණා යෙසු න සන්ති සබ්බෙ, තානීධ ඛෙත්තානි සුපෙසලානී”ති.
7. ජාති මදයද අතිමානයෙන් යුක්ත බවද ලෝභයද ද්වේෂයද මදයද මෝහයද යන මේ සියළු අගුණයෝ යමෙකු කෙරෙහි නොවෙත්ද මෙලොව ඒ ක්ෂේත්රයෝ සුපේසලයෝ වෙති යනුයි.
තත්ථ ජාතිමදොති “අහමස්මි ජාතිසම්පන්නො”ති එවං උප්පන්නමානො. අතිමානිතා චාති “අඤ්ඤො මයා සද්ධිං ජාතිආදීහි සදිසො නත්ථී”ති අතික්කම්ම පවත්තමානො. ලොභාදයො ලුබ්භනදුස්සනමජ්ජනමුය්හනමත්තාව. අපෙසලානීති එවරූපා පුග්ගලා ආසීවිසභරිතා විය වම්මිකා අප්පියසීලා හොන්ති. එවරූපානං දින්නං න මහප්ඵලං හොති, තස්මා මා එතෙසං සුපෙසලඛෙත්තභාවං මඤ්ඤිත්ථ. න හි ජාතිමන්තා සග්ගදායකා. යෙ පන ජාතිමානාදිරහිතා අරියා, තානි ඛෙත්තානි සුපෙසලානි, තෙසු දින්නං මහප්ඵලං, තෙ සග්ගදායකා හොන්තීති.
එහි ජාතිමදො යනු මම උසස් ජාතියක් ඇත්තෙමියි මෙසේ උපන් මානයයි. අතිමානිතා ච යනු මා සමග ජාති ආදියෙන් සම වූ අනිකෙක් නැතැයි අනිකුන් ඉක්මවා පවතිනුයේ ලෝභ ආදීන්හි ඇලෙන, ද්වේෂ කරන ගැලෙන මුලාවට පත් වන්නාහු. අපෙසලති යනු මෙබඳු වූ පුද්ගලයෝ සර්පයන්ගේ පිරුණු තුඹස් මෙන් අප්‍රිය වූවෝ වෙති. මෙබඳු වූවන්ට දෙන ලද දානය මහත්ඵල නොවේ. එහෙයින් මොවුන්ගේ සුපේශල පුණ්යක්ෂෙත්ර භාවය නොසිතවු. උසස් ජාති ඇත්තෝ සුගතිය දෙන්නෝ නොවෙති. යමෙක් ජාතිය පිළිබඳ මානාදියෙන් තොරද ඔවුහු ආර්යයෝ වෙති. ඒවා ක්ෂේත්රයෝය. ඔවුහු සුපේශල වූවෝය. ඔවුන් කෙරෙහි දෙන ලද දෙය මහත්ඵල වේ. ඔවුහු සර්ග දායකයෝ වෙති.
ඉති සො මහාසත්තෙ පුනප්පුනං කථෙන්තෙ කුජ්ඣිත්වා “අයං අතිවිය බහුං විප්පලපති, කුහිං ගතා ඉමෙ දොවාරිකා, නයිමං චණ්ඩාලං නීහරන්තී”ති ගාථමාහ –
මෙසේ මහ බෝසතුන් නැවත නැවත කියන කල්හි හෙතෙම කිපී මෙතෙමේ බොහෝසෙයින් කථා කරයි. මේ දොරටුපල්ලෝ කොහි ගියාහුද? මේ සැඩොලා බැහැර නොකරන්නේදැයි ගාථාවක් කීවේය.
“ක්වෙත්ථ ගතා උපජොතියො ච, උපජ්ඣායො අථ වා ගණ්ඩකුච්ඡි; ඉමස්ස දණ්ඩඤ්ච වධඤ්ච දත්වා, ගලෙ ගහෙත්වා ඛලයාථ ජම්ම”න්ති.
8. මේ (දොර රැකවලෙහි හුන්) උපජෝති, උපජ්ක්ධා යද භණ්ඩකුච්ඡිද යන තිදෙන කොහි ගියෝද මොහුට දඬුවම්ද වධ ද දී මේ සැඩොලා බෙල්ලෙන් ගෙන බැහැර කරව්.
තත්ථ ක්වෙත්ථ ගතාති ඉමෙසු තීසු ද්වාරෙසු ඨපිතා උපජොතියො ච උපජ්ඣායො ච ගණ්ඩකුච්ඡි චාති තයො දොවාරිකා කුහිං ගතාති අත්ථො.
එහි කෙවත්ථ ගතා යනු මේ දොරටු තුනෙහි සිටි උපජෝති උපජ්ක්ධාය භණ්ඩකුච්ඡි යන දොරටු පාලකයෝ තිදෙන කොහි ගියාහුදැයි අර්ථයි.
තෙපි තස්ස වචනං සුත්වා වෙගෙනාගන්ත්වා වන්දිත්වා “කිං කරොම දෙවා”ති ආහංසු. “අයං වො ජම්මො චණ්ඩාලො දිට්ඨො”ති? “න පස්සාම දෙව, කුතොචි ආගතභාවං න ජානාමා”ති. “කො චෙස මායාකාරො වා විජ්ජාධරො වා භවිස්සති, ඉදානි කිං තිට්ඨථා”ති. “කිං කරොම දෙවා”ති? “ඉමස්ස මුඛමෙව පොථෙත්වා භින්දන්තා දණ්ඩවෙළුපෙසිකාහි පිට්ඨිචම්මං උප්පාටෙන්තා වධඤ්ච දත්වා ගලෙ ගහෙත්වා එතං ජම්මං ඛලයාථ, ඉතො නීහරථා”ති.
ඔවුහු ද ඔහුගේ වචනය අසා වේගයෙන් අවුත් වැඳ දේවයන් වහන්ස, කුමක් කරමුදැයි කීවාහුය. තොපි මේ නීච වූ සැඩොලා දක්නා ලද්දේද? දේවයන් වහන්ස, නොදකිමු. කොහි සිට ආ බවක් නොදනිමු. මෙතෙම මායාකාරයෙක් හෝ විද්‍යාධරයෙක් හෝ වන්නේය. දැන් කිම සිටහුද? දේවයන් වහන්ස, කුමක් කරමුදැයි විචාළහ. මොහුගේ කට තලා නලල බිඳ මුගුරින් හා උණපතුරින් පිටෙහි සම ගලවා වධ දී බෙල්ලෙන් ගෙන මේ සැඩොලා බැහැර කරව්. මෙතැනින් පිටත දමව් කියාය.
මහාසත්තො තෙසු අත්තනො සන්තිකං අනාගතෙස්වෙව උප්පතිත්වා ආකාසෙ ඨිතො ගාථමාහ –
මහබෝසත් තෙමේ ඔවුන් තමා වෙත නොපැමිණි කල්හිම පැන නැගී අහසෙහි සිටියේ ගාථාවක් කීවේය.
“ගිරිං නඛෙන ඛණසි, අයො දන්තෙහි ඛාදසි; ජාතවෙදං පදහසි, යො ඉසිං පරිභාසසී”ති.
9. යමෙක් සෘෂිවරයාට අවමන් කරන්නෙහිද? එබඳු වූ ඔබ පර්වතයක් නියෙන් සාරන්නෙහිය. දතින් යකඩ කන්නෙහිය. ගින්න ගිලීමට උත්සාහ කරන්නෙහිය.
තත්ථ ජාතවෙදං පදහසීති අග්ගිං ගිලිතුං වායමසි.
එහා ජාතවේදං පදහසි යනු ගින්න ගිලීමට උත්සාහ කරහිය.
ඉමඤ්ච පන ගාථං වත්වා මහාසත්තො පස්සන්තස්සෙව මාණවස්ස ච බ්රාහ්මණානඤ්ච ආකාසෙ පක්ඛන්දි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මහබෝසතුන් මෙම ගාථාව කියා මානවකයාද බ්‍රාහ්මණයන්ද දකිද්දීම අහසෙහි පැන නැංගේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථාවක් වදාළහ.
“ඉදං වත්වාන මාතඞ්ගො, ඉසි සච්චපරක්කමො; අන්තලික්ඛස්මිං පක්කාමි, බ්රාහ්මණානං උදික්ඛත”න්ති.
10. සත්‍ය වූ බලමහිමයෙන් යුක්ත වූ මාතංග සෘෂිවරයා මෙය කියා බමුණන් බලා සිටියදීම අහසෙහි නැගී සිටියේය.
තත්ථ සච්චපරක්කමොති සභාවපරක්කමො.
එහි සච්චපරක්කමො යනු ස්වභාවයෙන්ම බල සහිත වූ.
සො පාචීනදිසාභිමුඛො ගන්ත්වා එකාය වීථියා ඔතරිත්වා “පදවළඤ්ජං පඤ්ඤායතූ”ති අධිට්ඨාය පාචීනද්වාරසමීපෙ පිණ්ඩාය චරන්තො මිස්සකභත්තං සංකඩ්ඪිත්වා එකිස්සං සාලායං නිසීදිත්වා මිස්සකභත්තං පරිභුඤ්ජි . නගරදෙවතා “අයං අම්හාකං අය්යං විහෙඨෙත්වා කථෙතී”ති අසහමානා ආගමිංසු. අථස්ස ජෙට්ඨකයක්ඛො මණ්ඩබ්යස්ස ගීවං ගහෙත්වා පරිවත්තෙසි, සෙසදෙවතා සෙසබ්රාහ්මණානං ගීවං ගණ්හිත්වා පරිවත්තෙසුං. බොධිසත්තෙ මුදුචිත්තතාය පන “තස්ස පුත්තො”ති නං න මාරෙන්ති, කෙවලං කිලමෙන්තියෙව. මණ්ඩබ්යස්ස සීසං පරිවත්තිත්වා පිට්ඨිපස්සාභිමුඛං ජාතං, හත්ථපාදා උජුකා ථද්ධාව අට්ඨංසු, අක්ඛීනි කාලකතස්සෙව පරිවත්තිංසු. සො ථද්ධසරීරොව නිපජ්ජි, සෙසබ්රාහ්මණා මුඛෙන ඛෙළං වමන්තා අපරාපරං පරිවත්තන්ති . මාණවා “අය්යෙ, පුත්තස්ස තෙ කිං ජාත”න්ති දිට්ඨමඞ්ගලිකාය ආරොචයිංසු. සා වෙගෙන ගන්ත්වා පුත්තං දිස්වා “කිමෙත”න්ති වත්වා ගාථමාහ –
හෙතෙම පෙරදිගට අභිමුඛ වී ගොස් එක් වීථියෙක බැස පාසලකුණු පෙනේවායි අධිෂ්ඨාන කර පෙරදිග දොර සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන්නේ මිශ්‍ර වූ ආහාර එකතු කර එක් ශාලාවක හිඳ මිශ්‍ර වූ ආහාර අනුභව කළේය. නගර දේවතාවෝ මෙතෙම අපගේ ආර්යයන් පෙළා කියයි යයි නොඉවසන්නෝ පැමිණියාහුය. ඉක්බිති ප්‍රධාන යක්ෂයා ඔහුගේ බෙල්ල ගෙන කරකැවීය. සෙසු දෙවියෝ බ්‍රාහ්මණයන්ගේ බෙල්ල ගෙන කැරකැවූහ. බෝසතුන් කෙරෙහි මෘදු සිත් ඇති නිසා ඔහුගේ පුතා යයි ඔහු නොමරත්. හුදෙක් විඩාවට පත් කළෝමය. මණ්ඩව්යගේ හිස කරකවා පිටුපසට අභිමුඛ වූයේය. අත්පා සෘජු වූයේද තද වූයේද වී සිටියේය. ඇස් කළුරිය කළ අයෙකුගේ මෙන් පෙරලී ගියේය. හෙතෙම තද වූ සිරුර ඇත්තේ හොත්තේය. සෙසු බ්‍රාහ්මණයෝ කෙල වමනය කරන්නාහු වෙන් වෙන්ව පෙරලෙත්. ආර්යාවනි, ඔබගේ පුත්‍රයාට කිසිවක් වූයේ යයි දිට්ඨමංගලිකාට දැන්වූවාහුය. ඇය වේගයෙන් අවුත් පුතු දැක පුදුමයි මේ කුමක්දැයි කියා ගාථාවක් කීවාය.
“ආවෙල්ලිතං පිට්ඨිතො උත්තමඞ්ගං, බාහුං පසාරෙති අකම්මනෙය්යං; සෙතානි අක්ඛීනි යථා මතස්ස, කො මෙ ඉමං පුත්තමකාසි එව”න්ති.
11. හිස පිටුපසට පෙරළන ලදි. අත වැඩකට නුසුදුසු ලෙස දිග හැරුනි. ඇස් මළ එකෙකුගේ මෙන් සුදුය. කවරෙක් මගේ පුත්‍රයාට මෙසේ කළේද?
තත්ථ ආවෙල්ලිතන්ති පරිවත්තිතං.
එහි ආවෙඨිතං යනු පෙරළන ලදි.
අථස්සා තස්මිං ඨානෙ ඨිතජනො ආරොචෙතුං ගාථමාහ –
ඉක්බිති එතැන හුන් ජනයෝ ඇයට දන්වන්නට ගාථාවක් කීවාහුය.
“ඉධාගමා සමණො දුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොව; සඞ්කාරචොළං පටිමුඤ්ච කණ්ඨෙ, සො තෙ ඉමං පුත්තමකාසි එව”න්ති.
12. රළු ඇඳුම් ඇන්දා වූ ලාමක වූ පාංශු පිසාචකයෙකු වැනි වූ කසල ගොඩින් ගත් වස්ත්‍රයක් ගෙලැ ලා ගත් ශ්‍රමණයෙක් මෙහි පැමිණියේය. හෙතෙම ඔබගේ මේ පුතුට මෙසේ කළේය.
සා තං සුත්වාව චින්තෙසි “අඤ්ඤස්සෙතං බලං නත්ථි, නිස්සංසයං මාතඞ්ගපණ්ඩිතො භවිස්සති, සම්පන්නමෙත්තාභාවනො ඛො පන ධීරො න එත්තකං ජනං කිලමෙත්වා ගමිස්සති, කතරං නු ඛො දිසං ගතො භවිස්සතී”ති. තතො පුච්ඡන්තී ගාථමාහ –
ඇය ඒ අසා “අනිකෙකුට මෙවැනි බලයක් නැත. ඒකාන්තයෙන් මාතංග පණ්ඩිතයා වන්නේ” යයි සිතුවාය. ප්‍රාඥයා ඒකාන්තයෙන් මෙත් වැඩීමෙන් යුක්ත වූවෙකි. මෙපමණක් ජනයා පෙළා නො යන්නේය. කවර නම් දිශාවකට ගියේ වන්නේදැයි යි සිතුවාය. අනතුරුව ඒ බව විමසන්නී ගාථාවක් කීවාය.
“කතමං දිසං අගමා භූරිපඤ්ඤො, අක්ඛාථ මෙ මාණවා එතමත්ථං; ගන්ත්වාන තං පටිකරෙමු අච්චයං, අප්පෙව නං පුත්ත ලභෙමු ජීවිත”න්ති.
13. මානවකයෙනි, මහා ප්‍රාඥ වූ ඔහු කවර දිශාවකට ගියේදැයි යන මේ කරුණ මට කියව. ඔහු වෙත ගොස් වරදට පිළියම් කරන්නෙමු. ඔහු වෙතින් පුත්‍රයා ජීවිතය ලබන්නමෝ නම් යෙහෙකි.
තත්ථ ගන්ත්වානාති තස්ස සන්තිකං ගන්ත්වා. තං පටිකරෙමු අච්චයන්ති තං අච්චයං පටිකරිස්සාම දෙසෙස්සාම, ඛමාපෙස්සාම නන්ති. පුත්ත ලභෙමු ජීවිතන්ති අප්පෙව නාම පුත්තස්ස ජීවිතං ලභෙය්යාම.
එහි ගනත්‍වාන යනු ඔහු සමීපයට ගොස් තං පටිකිරියෙමු අච්චයං යනු ඒ වරදට පිළියම් කරන්නෙමු. කියන්නෙමු. ඔහු සමා කරන්නෙමුයි. පුත්තං ලභෙමු යනු පුත්‍රයාගේ ජීවිතය ලබන්නෙමු නම් යෙහෙකි.
අථස්සා තත්ථ ඨිතා මාණවා කථෙන්තා ගාථමාහංසු –
ඉක්බිති එහා සිටියා වූ මානවකයෝ මෙසේ කීවාහුය.
“වෙහායසං අගමා භූරිපඤ්ඤො, පථද්ධුනො පන්නරසෙව චන්දො; අපි චාපි සො පුරිමදිසං අගච්ඡි, සච්චප්පටිඤ්ඤො ඉසි සාධුරූපො”ති.
14. මහා ප්‍රාඥ වූ හෙතෙම අහස් මාර්ගයෙහි මැද පසළොස්වකදා චන්ද්‍රයා මෙන් අහසට ගියේය. තවද සත්‍ය වූ ප්‍රතිඥා ඇති මනා වූ රූපයෙන් යුත් සෘෂීවරයා පෙරදිගට ගියේය.
තත්ථ පථද්ධුනොති ආකාසපථසඞ්ඛාතස්ස අද්ධුනො මජ්ඣෙ ඨිතො පන්නරසෙ චන්දො විය. අපි චාපි සොති අපිච ඛො පන සො පුරත්ථිමං දිසං ගතො.
එහි පථද්ධුනො යනු අහස් මාර්ගය නැමති මාවත මැද පසළොස්වකදා චන්ද්‍රයා මෙන්. අපිචාපි සො යනු තවද ඔහු පෙරදිගට ගියේය.
සා තෙසං වචනං සුත්වා “මම සාමිකං උපධාරෙස්සාමී”ති සුවණ්ණකලසසුවණ්ණසරකානි ගාහාපෙත්වා දාසිගණපරිවුතා තෙන පදවළඤ්ජස්ස අධිට්ඨිතට්ඨානං පත්වා තෙනානුසාරෙන ගච්ඡන්තී තස්මිං පීඨිකාය නිසීදිත්වා භුඤ්ජමානෙ තස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි. සො තං දිස්වා ථොකං ඔදනං පත්තෙ ඨපෙසි. දිට්ඨමඞ්ගලිකා සුවණ්ණකලසෙන තස්ස උදකං අදාසි. සො තත්ථෙව හත්ථං ධොවිත්වා මුඛං වික්ඛාලෙසි. අථ නං සා “කෙන මෙ පුත්තස්ස සො විප්පකාරො කතො”ති පුච්ඡන්තී ගාථමාහ –
ඇය ඔවුන්ගේ වචනය අසා මගේ ස්වාමියා සොයන්නෙමියි රන් කලස හා රන්බඳුන ගෙන්වාගෙන දාසි සමූහයා විසින් පිරිවරන ලදුයේ ඔහු විසින් පා සළකුණු අධිෂ්ඨාන කළ තැනට පැමිණ එ් අනුසාරයෙන් යන්නී ඔහු පුටුවෙහි හිඳ අනුභව කරන කල්හි ඔහුගේ සමීපයට ගොස් වැඳ සිටියාය. හෙතෙම ඇය දැක බත් මදක් පාත්‍රයෙහි තැබීය. දිට්ඨමංගලිකාව රන් කලයෙන් ඔහුට ජලය දුන්නේය. හෙතෙම එහීම අත සෝදා මුව සේදීය. ඉක්බිති ඇය කවර කරුණක් නිසා මගේ පුත්‍රයාට ඒ විකාරය කළේදැයි ඔහුගෙන් විමසන්නී ගාථාවක් කීවාය.
“ආවෙල්ලිතං පිට්ඨිතො උත්තමඞ්ගං, බාහුං පසාරෙති අකම්මනෙය්යං; සෙතානි අක්ඛීනි යථා මතස්ස, කො මෙ ඉමං පුත්තමකාසි එව”න්ති.
15. හිස පිටුපසට පෙරළන ලදි. ක්‍රියා කළ නොහැකි පරිද්දෙන් අත දිග හරියි. මළ කෙනෙකුගේ මෙන් ඇස් සුදුය. කවරෙක් මේ මගේ පුතාට මෙසේ කළේද?
තතො පරා තෙසං වචනපටිවචනගාථා හොන්ති –
අනතුරු අන්‍ය ගාථාවෝ වදන් පිළිවදන් වෙයි.
“යක්ඛා හවෙ සන්ති මහානුභාවා, අන්වාගතා ඉසයො සාධුරූපා; තෙ දුට්ඨචිත්තං කුපිතං විදිත්වා, යක්ඛා හි තෙ පුත්තමකංසු එවං.
16. සෘෂිවරුන් අනුව ගිය යහපත් ස්වභාව ඇති මහානුභාව සම්පන්න යක්ෂයෝ ඒකාන්තයෙන් වෙත්. ඒ යක්ෂයෝ දුෂ්ට වූ සිත් ඇති කිපිනෙකු කොට දැන ඔබගේ පුත්‍රයාට මෙසේ කළාහුය.
“යක්ඛා ච මෙ පුත්තමකංසු එවං, ත්වඤ්ඤෙව මෙ මා කුද්ධො බ්‍රහ්මචාරි; තුම්හෙව පාදෙ සරණං ගතාස්මි, අන්වාගතා පුත්තසොකෙන භික්ඛු.
17. යක්ෂයෝ මාගේ පුතුට මෙසේ කළාහුය. බ්‍රහ්මචාරීන් වහන්ස, ඔබ මා කෙරෙහි නොකිපෙව. ඔබගේ පාදයන් සරණ ගියේ වෙමි. තවුස්තුමනි, මම පුත්‍ර ශෝකයෙන් ඔබ වෙත පැමිණියා වෙමි.
“තදෙව හි එතරහි ච මය්හං, මනොපදොසො න මමත්ථි කොචි; පුත්තො ච තෙ වෙදමදෙන මත්තො, අත්ථං න ජානාති අධිච්ච වෙදෙ.
18. මට බනින එවේලෙහි හෝ දැන්ද මගේ සිතෙහි කිසියම් ද්වේශයක් නැත. ඔබගේ පුත්‍රයා වේදයන් ඉගෙනීම නිසා ඇතිවූ මදයෙන් මත් වූයේ වෙයි. වේදය ඉගෙනද වැඩ අවැඩ නොදනී.
“අද්ධා හවෙ භික්ඛු මුහුත්තකෙන, සම්මුය්හතෙව පුරිසස්ස සඤ්ඤා; එකාපරාධං ඛම භූරිපඤ්ඤ, න පණ්ඩිතා කොධබලා භවන්තී”ති.
19. තවුස්තුමනි, ඒකාන්තයෙන් මිනිසාගේ හැඟීම් මොහොතකින් මුළා වේ. මහා ප්‍රාඥය, මගේ පුතුගේ එකම අපරාධය ඉවසව. පණ්ඩිතයෝ ක්‍රෝධය බලයකොට ඇත්තෝ නොවෙති.
තත්ථ යක්ඛාති නගරපරිග්ගාහකයක්ඛා. අන්වාගතාති අනු ආගතා, ඉසයො සාධුරූපා ගුණසම්පන්නාති එවං ජානමානාති අත්ථො. තෙති තෙ ඉසීනං ගුණං ඤත්වා තව පුත්තං දුට්ඨචිත්තං කුපිතචිත්තං විදිත්වා. ත්වඤ්ඤෙව මෙති සචෙ යක්ඛා කුපිතා එවමකංසු, කරොන්තු, දෙවතා නාම පානීයඋළුඞ්කමත්තෙන සන්තප්පෙතුං සක්කා, තස්මාහං තෙසං න භායාමි, කෙවලං ත්වඤ්ඤෙව මෙ පුත්තස්ස මා කුජ්ඣි. අන්වාගතාති ආගතාස්මි. භික්ඛූති මහාසත්තං ආලපන්තී පුත්තස්ස ජීවිතදානං යාචති. තදෙව හීති දිට්ඨමඞ්ගලිකෙ තදා තව පුත්තස්ස මං අක්කොසනකාලෙ ච මය්හං මනොපදොසො නත්ථි, එතරහි ච තයි යාචමානායපි මම තස්මිං මනොපදොසො නත්ථියෙව. වෙදමදෙනාති “තයො වෙදා මෙ උග්ගහිතා”ති මදෙන. අධිච්චාති වෙදෙ උග්ගහෙත්වාපි අත්ථානත්ථං න ජානාති. මුහුත්තකෙනාති යං කිඤ්චි උග්ගහෙත්වා මුහුත්තකෙනෙව.
එහි යක්ඛා යනු නගරාධිගෘහිත යක්ෂයෝය. අන්වාගතා යනු සෘෂිවරු යහපත් ස්වභාව ඇත්තෝය. ගුණසම්පන්නයෝ යයි මෙසේ දන්නෝ යයි යන අර්ථයි. තෙ යනු ඔවුහු සෘෂිවරුන්ගේ ගුණය දැන ඔබගේ පුත්‍රයා දුෂ්ට වූ සිත් ඇත්තෙකු කුපිත වූ සිත් ඇත්තෙකු කොට දැන, ත්වඤ්ඤෙව මෙ යනු ඉදින් යක්ෂයෝ කිපිනාහු මෙසේ කළාහුය. කෙරෙත්වා. දෙවියෝ නම් පැන් පොදකිනුදු සන්තර්පණය කිරීමට හැක්කෝය. එහෙයින් මම ඔවුන්ට බිය නොවෙමි. හුදෙක් ඔබම මගේ පුත්‍රයාට නොකිපෙව. අන්වාගතා යනු ආවා වෙමි. භික්ඛු යනු මහබෝසතුන් අමතන්නී පුත්‍රයාට ජීවිත දානය ඉල්වයි. තදෙචභී යනු දිට්ඨමංගලිකාවනි, එකල්හි මට ආක්‍රෝශ කරන කල්හි ඔබගේ පුත්‍රයා පිළිබඳව මගේ සිතෙහි ද්වේශයක් නැත. දැන් ඔබ ඉල්ලන කල්හිද ඔහු කෙරෙහි සිතේ ද්වේෂයක් නැත්තේමය. වෙදමදෙන යනු මවිසින් ත්රිවේදය ඉගෙන ගන්නා ලද්දෙමියි යන මදයෙන්. අධිච්ච යනු ඔවුහු වේදයන් ඉගෙන නමුත් වැඩ අවැඩ නොදනියි. මුහුත්තකෙන යනු යම් කිසිවක් ඉගෙන මොහොතකින්ම.
එවං තාය ඛමාපියමානො මහාසත්තො “තෙන හි එතෙසං යක්ඛානං පලායනත්ථාය අමතොසධං දස්සාමී”ති වත්වා ගාථමාහ –
මෙසේ ඇය විසින් ක්ෂමා කරවනු ලබන්නේ මහබෝසත් තෙමේ එසේනම් යකුන්ගේ පලායාම සඳහා ඔවුන්ට අමා ඔසුවක් දෙන්නෙමියි කියා ගාථාවක් කීවේය.
“ඉදඤ්ච මය්හං උත්තිට්ඨපිණ්ඩං, තව මණ්ඩබ්යො භුඤ්ජතු අප්පපඤ්ඤො; යක්ඛා ච තෙ නං න විහෙඨයෙය්යුං, පුත්තො ච තෙ හෙස්සති සො අරොගො”ති.
20. මගේ මේ ඉඳුල් බත් පිඩ මද නුවණැති මණ්ඩව්යයා අනුභව කෙරේවා. යක්ෂයෝද ඔහු නොවෙහෙසවන්නාහ. ඔබගේ ඒ පුත්‍රයාද නිරෝග වෙහිය.
තත්ථ උත්තිට්ඨපිණ්ඩන්ති උච්ඡිට්ඨකපිණ්ඩං, “උච්ඡිට්ඨපිණ්ඩ”න්තිපි පාඨො.
එහි උත්තිට්ඨ පිණ්ඩං යනු ඉඳුල්ය. උච්ඡිට්ඨ පිණ්ඩං යනුද පෙළයි.
සා මහාසත්තස්ස වචනං සුත්වා “දෙථ, සාමි, අමතොසධ”න්ති සුවණ්ණසරකං උපනාමෙසි. මහාසත්තො උච්ඡිට්ඨකකඤ්ජිකං තත්ථ ආසිඤ්චිත්වා “පඨමඤ්ඤෙව ඉතො උපඩ්ඪං තව පුත්තස්ස මුඛෙ ඔසිඤ්චිත්වා සෙසං චාටියං උදකෙන මිස්සෙත්වා සෙසබ්රාහ්මණානං මුඛෙ ඔසිඤ්චෙහි, සබ්බෙපි නිරොගා භවිස්සන්තී”ති වත්වා උප්පතිත්වා හිමවන්තමෙව ගතො. සාපි තං සරකං සීසෙනාදාය “අමතොසධං මෙ ලද්ධ”න්ති වදන්තී නිවෙසනං ගන්ත්වා පඨමං පුත්තස්ස මුඛෙ කඤ්ජිකං ඔසිඤ්චි, යක්ඛො පලායි. ඉතරො පංසුං පුඤ්ඡන්තො උට්ඨාය “අම්ම කිමෙත”න්ති ආහ. තයා කතං ත්වමෙව ජානිස්සසි. එහි, තාත, තව දක්ඛිණෙය්යානං තෙසං විප්පකාරං පස්සාති. සො තෙ දිස්වා විප්පටිසාරී අහොසි. අථ නං මාතා “තාත මණ්ඩබ්ය, ත්වං බාලො දානස්ස මහප්ඵලට්ඨානං න ජානාසි, දක්ඛිණෙය්යා නාම එවරූපා න හොන්ති, මාතඞ්ගපණ්ඩිතසදිසාව හොන්ති, ඉතො පට්ඨාය මා එතෙසං දුස්සීලානං දානමදාසි, සීලවන්තානං දෙහී”ති වත්වා ආහ –
ඇය මහබෝසතුන්ගේ වචනය අසා ස්වාමීනි, අමා ඔසුව දෙවයි රන්බඳුන එළවීය. මහා සත්ත්වයෝ ඉඳුල් කෑද එහි වත්කර පළමුව මින් අඩක් ඔබගේ පුතාගේ මුවෙහි දමා ඉතිරිය සැළියක ජලය හා මිශ්‍රකර ඒ බමුණන්ගේ මුඛයෙහි දමව. සියල්ලෝම නිරෝගී වන්නාහු යයි කියා අහසට නැගී හිමාලයටම ගියේය. ඇයද ඒ බඳුන හිසෙන් ගෙන අමා ඔසුවක් මවිසින් ලබන ලදැයි කියන්නී නිවසට ගොස් පළමු පුත්‍රයාගේ මුඛයෙහි කැඳ බහාලීය. යක්ෂයා පලා ගියේය. සෙස්සෝ පස් පිස දමමින් නැගිට මෑණියනි, මේ කුමක්දැයි කීහ. ඔබ විසින් කරන ලද දෙය ඔබම දන්නෙහිය. එව පළමුකොට ඔබගේ දක්ෂිණාර්හයන්ගේ විකාර බලවයි කීවාය. හෙතෙම ඔවුන් දැක විපිළිසර වීය. ඉක්බිති මව ඔහුට කියනුයේ මණ්ඩව්යය, ඔබ නුවණ නැත්තෙකි. දානයේ මහත්ඵල තැන නොදන්නෙහිය. දක්ෂිණාර්හයෝ නම් මෙබන්දෝ නොවෙති. මාතංග පණ්ඩිතයා හා සමාන වූවෝ වෙති. මෙතැන් පටන් මේ දුස්සීලයන්ට දන් නොදෙව. සිල්වතුන්ට දෙවයි කියා,
“මණ්ඩබ්ය බාලොසි පරිත්තපඤ්ඤො, යො පුඤ්ඤක්ඛෙත්තානමකොවිදොසි; මහක්කසාවෙසු දදාසි දානං, කිලිට්ඨකම්මෙසු අසඤ්ඤතෙසු.
20. මණ්ඩව්යය, යමෙක් මහත් වූ රාගාදී කෙලෙස් ඇති කිළිටි ක්‍රියා ඇති සංයත නොවූවන් කෙරෙහි දන් දෙයිද එබඳු වූ ඔබ පුණ්‍ය ක්ෂේත්රයන්හි (ඔවුන් හැඳිනීමෙහි) අදක්ෂයෙක් වෙහිය. මද වූ නුවණ ඇති බාලයෙක් වෙහිය.
“ජටා ච කෙසා අජිනා නිවත්ථා, ජරූදපානංව මුඛං පරූළ්හං; පජං ඉමං පස්සථ දුම්මරූපං, න ජටාජිනං තායති අප්පපඤ්ඤං.
21. (මණ්ඩව්යය ඔබගේ මේ දක්ෂිණාර්හයෝ) කෙස් ජටාවක් කර බඳිනා ලද්දෝය. අඳුන් දිවිසම් අඳනා ලද්දෝය. මුඛය දිරාගිය ළිඳක් මෙන් වැවුන රෑවුලෙන් වැසී ගියේය. මේ බියකරු වේශ ඇති ප්‍රජාව බලව්. ජටා හා අඳුන් දිවිසම් දරන අය මද නුවණ ඇත්තන් නොරකී.
“යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්තො, තෙසු දින්නං මහප්ඵල”න්ති.
22. යම් කෙනෙකුන්ගේ රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද පහවීද ඔවුහු ආශ්‍රවයන් ක්ෂය කළ රහත්හු වෙති. ඔවුන් කෙරෙහි දෙන ලද දෙය මහත්ඵල වේ.
තත්ථ මහක්කසාවෙසූති මහාකසාවෙසු මහන්තෙහි රාගකසාවාදීහි සමන්නාගතෙසු. ජටා ච කෙසාති තාත මණ්ඩබ්ය, තව දක්ඛිණෙය්යෙසු එකච්චානං කෙසා ජටා කත්වා බද්ධා. අජිනා නිවත්ථාති සඛුරානි අජිනචම්මානි නිවත්ථා. ජරූදපානං වාති තිණගහනෙන ජිණ්ණකූපො විය මුඛං දීඝමස්සුතාය පරූළ්හං. පජං ඉමන්ති ඉමං එවරූපං අනඤ්ජිතාමණ්ඩිතලූඛවෙසං පජං පස්සථ. න ජටාජිනන්ති එතං ජටාජිනං ඉමං අප්පපඤ්ඤං පජං තායිතුං න සක්කොති, සීලපඤ්ඤාණතපොකම්මානෙව ඉමෙසං සත්තානං පතිට්ඨා හොන්ති. යෙසන්ති යස්මා යෙසං එතෙ රජ්ජනදුස්සනමුය්හනසභාවා රාගාදයො අට්ඨවත්‍ථුකා ච අවිජ්ජා විරාජිතා විගතා, විගතත්තායෙව ච එතෙසං කිලෙසානං යෙ ඛීණාසවා අරහන්තො, තෙසු දින්නං මහප්ඵලං, තස්මා ත්වං, තාත, ඉතො පට්ඨාය එවරූපානං දුස්සීලානං අදත්වා යෙ ලොකෙ අට්ඨසමාපත්තිලාභිනො පඤ්චාභිඤ්ඤා ධම්මිකසමණබ්රාහ්මණා ච පච්චෙකබුද්ධා ච සන්ති, තෙසං දානං දෙහි. එහි, තාත, තව කුලූපකෙ අමතොසධං පායෙත්‍වා අරොගෙ කරිස්සාමාති වත්වා උච්ඡිට්ඨකඤ්ජිකං ගාහාපෙත්වා උදකචාටියං පක්ඛිපිත්වා සොළසන්නං බ්රාහ්මණසහස්සානං මුඛෙසු ආසිඤ්චාපෙසි.
එහි මහක්කසාවෙසු යනු මහත් වු කසට ඇත්තවුන් කෙරෙහි. රාග ආදී කසටින් යුක්ත වුවන් කෙරෙහි. ජටා ව කෙසා යනු දරුව මණ්ඩව්යය. ඔබගේ දක්ෂණාර්හයන් අතර ඇතමෙකුගේ කෙස් ජටාවක් කර බඳිනා ලද්දෝය. අජිනා නිවත්ථා යනු ඛුර සහිත සම් හඳිනා ලද්දෝය. ජරූදපානංවා යනු තණකොල ඝනව වැවීමෙන් දිරාගිය ළිඳක් මෙන් කට දික් වු රැවුල් ඇති නිසා ඉතා වැඩුනේය. පජං ඉමං මෙබඳු වූ අඳුන් දිවිසමින් සැරසුනා වූද කර්කශ වෙස් ඇති මේ ප්‍රජාව බලව්. නජටාජිනං යනු මේ ජටා හා අඳුන් දිවිසම් දරන මේ මද නුවණැති ප්‍රජාව ආරක්ෂා කරන්නට නොහැකි වෙයි. සීලය, ඥානය, තපස යන මේ ක්රියාවෝම මේ සත්ත්වයන්ට පිහිට වෙත්. යෙසං යනු එහෙයින් යමෙකුට මේ ඇලීම් ද්වේෂ කිරීම් මුලාවීම් ස්වභාවකොට ඇති රාගාදී වස්තු අට හා අවිද්‍යාවද දුරු කළෝද මේ කෙලෙස් දුරුකළ බැවින්ම යමෙක් ක්ෂීණාශ්රව වූ රහත්හු වෙත්ද ඔවුන් කෙරෙහි දෙන ලද දෙයම මහත්ඵල වේ. දරුව, එහෙයින් ඔබ මෙතැන්පටන් මෙබඳු වූ දුස්සීලයන්ට නොදී ලොව යම් අෂ්ට සමාපත්ති ලාභී වූ පඤ්චාභිඥාවන් ඉපිදවූ දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද පසේබුදුවරුද වෙත් නම් ඔවුන් දන් දෙව. දරුව, එන්න. ඔබගේ හිතවතුන් අමාඔසුව පොවා නිරෝගී වූවන් කරමි යයි කියා ඉඳුල් කැඳ ගෙන්වාගෙන වතුර හැලියකට දමා සොළොස් දහසක් බමුණන්ගේ මුඛයන්හි වත්කරවීය.
එකෙකො පංසුං පුඤ්ඡන්තොව උට්ඨහි. අථ නෙ බ්රාහ්මණා “ඉමෙහි චණ්ඩාලුච්ඡිට්ඨකං පීත”න්ති අබ්රාහ්මණෙ කරිංසු. තෙ ලජ්ජිතා බාරාණසිතො නික්ඛමිත්වා මජ්ඣරට්ඨං ගන්ත්වා මජ්ඣරඤ්ඤො සන්තිකෙ වසිංසු, මණ්ඩබ්යො පන තත්ථෙව වසි. තදා වෙත්තවතීනගරං උපනිස්සාය වෙත්තවතීනදීතීරෙ ජාතිමන්තො නාමෙකො බ්රාහ්මණො පබ්බජිතො ජාතිං නිස්සාය මහන්තං මානමකාසි. මහාසත්තො “එතස්ස මානං භින්දිස්සාමී”ති තං ඨානං ගන්ත්වා තස්ස සන්තිකෙ උපරිසොතෙ වාසං කප්පෙසි. සො එකදිවසං දන්තකට්ඨං ඛාදිත්වා “ඉමං දන්තකට්ඨං ජාතිමන්තස්ස ජටාසු ලග්ගතූ”ති අධිට්ඨාය නදියං පාතෙසි. තං තස්ස උදකං ආචමන්තස්ස ජටාසු ලග්ගි. සො තං දිස්වාව “නස්ස වසලා”ති වත්වා “කුතො අයං කාළකණ්ණී ආගතො, උපධාරෙස්සාමි න”න්ති උද්ධංසොතං ගච්ඡන්තො මහාසත්තං දිස්වා “කිංජාතිකොසී”ති පුච්ඡි. “චණ්ඩාලොස්මී”ති. “තයා නදියා දන්තකට්ඨං පාතිත”න්ති ? “ආම, මයා”ති. “නස්ස, වසල, චණ්ඩාල කාළකණ්ණි මා ඉධ වසි, හෙට්ඨාසොතෙ වසාහී”ති වත්වා හෙට්ඨාසොතෙ වසන්තෙනපි තෙන පාතිතෙ දන්තකට්ඨෙ පටිසොතං ආගන්ත්වා ජටාසු ලග්ගන්තෙ සො “නස්ස වසල, සචෙ ඉධ වසිස්සසි, සත්තමෙ දිවසෙ සත්තධා මුද්ධා ඵලිස්සතී”ති ආහ.
එක එකා පස් පිසමින්ම නැගිට්ටේය. ඉක්බිති ඒ බමුණෝ මොවුන් විසින් සැඩොලාගේ ඉඳුල් බීවේයයි බ්‍රාහ්මණ නොවූවන් කළාහුය. ලජ්ජාවට පත් ඔවුහු බරණැස් නුවරින් නික්මී මෙජ්ඣ රටට ගොස් මෙජ්ඣ රජු සමීපයෙහි විසූහ. මණ්ඩව්යයා එහිම වාසය කළේය. එකල්හි චේත්රවතී නගරය ඇසුරුකොට චේත්රවතී ගංතෙරහි ජාතිමත්ත නම් එක් බමුණෙක් පැවිදි වූයේ ජාතිය නිසා මහත් වූ මානයක් කළේය. මහබෝසත් තෙමේ මොහුගේ මානය බිඳින්නෙමියි එතැනට අවුත් ඔහු සමීපයෙහි ගඟෙහි මත්තෙහි වාසය කළේය. හෙතෙම එක් දිනයක දැහැටි දඬු කා මේ දැහැටිය ජාතිමත්තගේ ජටාවෙහි ලැගේවායි අධිෂ්ඨාන කර ගංගාවෙහි හෙලීය. එය ජලය නාන්නා වූ ඔහුගේ ජටාවන්හි ලැගුනේය. හෙතෙම එය දැක වසලය නසුව යයි කියා මේ කාලකණ්ණියා කොහි සිට පැමිණියේද එය සොයන්නෙමි යයි ගඟ මත්තට යන්නේ මහබෝසතුන් දැක කවර ජාතියක් ඇත්දැයි විචාළේය. සැඩොලෙක් වෙමියි කීවේය. ඔබ විසින් නදියෙහි දැහැට්ටක් හෙලන ලදදැයි ඇසීය. එසේය. මා විසින් හෙළන ලදි. වසලය නසුව. සැඩොල් කාලකණ්ණිය, මෙහි නොවසව. යටි ගඟ වසවයි කියා යටි ඟග වසන්නා වූ ඔහු විසින් දමන ලද දැහැටි දඬු ගඟ මත්තට පැමිණ ජටාවන්හි ලැගෙන කල්හි වසලය, නසුව. ඉදින් මෙහි වාසය කරහිද සත්වන දවස්හි හිස සත්කඩකට පැලෙන්නේ යයි කීවේය.
මහාසත්තො “සචාහං එතස්ස කුජ්ඣිස්සාමි, සීලං මෙ අරක්ඛිතං භවිස්සති, උපායෙනෙවස්ස මානං භින්දිස්සාමී”ති සත්තමෙ දිවසෙ සූරියුග්ගමනං නිවාරෙසි. මනුස්සා උබ්බාළ්හා ජාතිමන්තං තාපසං උපසඞ්කමිත්වා “භන්තෙ, තුම්හෙ සූරියුග්ගමනං න දෙථා”ති පුච්ඡිංසු. සො ආහ – “න මෙ තං කම්මං, නදීතීරෙ පනෙකො චණ්ඩාලො වසති, තස්සෙතං කම්මං භවිස්සතී”ති. මනුස්සා මහාසත්තං උපසඞ්කමිත්වා “තුම්හෙ, භන්තෙ, සූරියුග්ගමනං න දෙථා”ති පුච්ඡිංසු. “ආමාවුසො”ති. “කිංකාරණා”ති. “තුම්හාකං කුලූපකො තාපසො මං නිරපරාධං අභිසපි, තස්මිං ආගන්ත්වා ඛමාපනත්ථාය මම පාදෙසු පතිතෙ සූරියං විස්සජ්ජෙස්සාමී”ති. තෙ ගන්ත්වා තං කඩ්ඪන්තා ආනෙත්වා මහාසත්තස්ස පාදමූලෙ නිපජ්ජාපෙත්වා ඛමාපෙත්වා ආහංසු “සූරියං විස්සජ්ජෙථ භන්තෙ”ති. “න සක්කා විස්සජ්ජෙතුං, සචාහං විස්සජ්ජෙස්සාමි, ඉමස්ස සත්තධා මුද්ධා ඵලිස්සතී”ති. “අථ, භන්තෙ, කිං කරොමා”ති? සො “මත්තිකාපිණ්ඩං ආහරථා”ති ආහරාපෙත්වා “ඉමං තාපසස්ස සීසෙ ඨපෙත්වා තාපසං ඔතාරෙත්වා උදකෙ ඨපෙථා”ති ඨපාපෙත්වා සූරියං විස්සජ්ජෙසි. සූරියරස්මීහි පහටමත්තෙ මත්තිකාපිණ්ඩො සත්තධා භිජ්ජි, තාපසො උදකෙ නිමුජ්ජි.
මහබෝසත් තෙමේ ඉදින් මම මොහුට කිපෙන්නෙමිද, මගේ ශීලය නොරක්නා ලද්දේය. උපායෙන් මොහුගේ මානය බිඳින්නෙමියි සත්වන දවස්හි හිරු උදාවීම වැලැක්වීය. මිනිස්සු කරදරයට පත් වූවෝ ජාතිමත්ත තාපසයා වෙත එළඹ ස්වාමීනි, ඔබ හිරු උදාවන්නට නොදේදැයි විමසූහ. හෙතෙම මෙසේ කීවේය. මෙය මගේ කාර්යයක් නොවේ. ගංතෙර එක් සැඩොලෙක් වසයි. මෙය ඔහුගේ කාර්යයක් වන්නේය යනුවෙනි. මිනිස්සු මහා සත්ත්වයන් වෙත එළඹ ස්වාමීනි, ඔබ හිරු උදාවන්නට නොදේදැයි විමසූහ. ඇවැත්නි එසේය. කුමන කරුණක් නිසාද? ඔබලාගේ යහළු තවුසා නිදොස් වූ මට ශාප කළේය. ඔහු පැමිණ සමා කිරීම සඳහා මාගේ පාදයන් වැටුන කල හිරු විසුරුවාලන්නෙමියි කීවේය. ඔවුහු ගොස් ඒ තාපසයා ඇදගෙන අවුත් මහබෝ සතුන්ගේ පාමුල හොවා සමා කරවා ස්වාමීනි, හිරු විසුරුවා හරුව යයි කීවාහුය. විසුරුවාලන්නට නොහැක්කෙමි. ඉදින් විසුරුවා හරින්නෙමිද මොහුගේ හිස සත්කඩකට පැලෙන්නේය. ඉදින් ස්වාමීනි කුමක් කරමුද? හෙතෙම මැටි පිඩක් ගෙනෙව් යයි ගෙන්වා මෙය තාපසයාගේ හිසෙහි තබා තාපසයා ජලයෙහි බස්වා තබව් යයි තබ්බවා හිරු විසුරුවාලීය. සූර්ය රශ්මිය ස්පර්ශ කළ කල්හිම මැටිපිඩ සත්කඩකට බිඳුනේය. තාපසයා ජලයෙහි කිමිදුනේය.
මහාසත්තො තං දමෙත්වා “කහං නු ඛො දානි සොළස බ්රාහ්මණසහස්සානි වසන්තී”ති උපධාරෙන්තො “මජ්ඣරඤ්ඤො සන්තිකෙ”ති ඤත්වා “තෙ දමෙස්සාමී”ති ඉද්ධියා ගන්ත්වා නගරසාමන්තෙ ඔතරිත්වා පත්තං ආදාය නගරෙ පිණ්ඩාය චරි. බ්රාහ්මණා තං දිස්වා “අයං ඉධ එකං ද්වෙ දිවසෙ වසන්තොපි අම්හෙ අප්පතිට්ඨෙ කරිස්සතී”ති වෙගෙන ගන්ත්වා “මහාරාජ, මායාකාරො එකො විජ්ජාධරො චොරො ආගතො, ගණ්හාපෙථ න”න්ති රඤ්ඤො ආරොචෙසුං. රාජා “සාධූ”ති සම්පටිච්ඡි. මහාසත්තොපි මිස්සකභත්තං ආදාය අඤ්ඤතරං කුට්ටං නිස්සාය පීඨිකාය නිසින්නො භුඤ්ජති. අථ නං අඤ්ඤවිහිතකං ආහාරං පරිභුඤ්ජමානමෙව රඤ්ඤා පහිතපුරිසා අසිනා ගීවං පහරිත්වා ජීවිතක්ඛයං පාපෙසුං. සො කාලං කත්වා බ්රහ්මලොකෙ නිබ්බත්ති. ඉමස්මිං කිර ජාතකෙ බොධිසත්තො කොණ්ඩදමකො අහොසි. සො තෙනෙව පරතන්තියුත්තභාවෙන ජීවිතක්ඛයං පාපුණි. දෙවතා කුජ්ඣිත්වා සකලමෙව මජ්ඣරට්ඨං උණ්හං කුක්කුළවස්සං වස්සාපෙත්වා රට්ඨං අරට්ඨමකංසු. තෙන වුත්තං –
මහා සත්ත්ව තෙමේ ඔහු දමනය කර සොළොස් දහසක් බ්‍රාහ්මණයෝ කොහි වසත්දැයි සොයන්නේ මෙජ්ඣ රජුගේ සමීපයෙහි යයි දැන ඔවුන් දමනය කරන්නෙමියි සෘද්ධියෙන් ගොස් නුවර හාත්පස බැස පාත්‍රය ගෙන නගරයෙහි පිඬු පිණිස හැසිරුනේය. බමුණෝ ඔහු දැක මෙතෙමේ මෙහි එක් දවසක් දෙදවසක් වඩින්නේද අප පිහිට නැත්තවුන් කරන්නේය යයි වේගයෙන් ගොස් “රජතුමනි, එක් මායාකාරයෙක් විද්‍යාධර සොරෙක් පැමිණියේය. ඔහු අල්ලා ගන්වවයි රජුට දැන්වූවාහුය. රජු මැනවයි පිළිගත්තේය. මහබෝසතුන්ද මිශ්‍ර බත් ගෙන එක්තරා බිත්තියක් ඇසුරුකොට පීඨිකාවෙක හුන්නේ වළදයි. ඉක්බිති අනිකෙකු විසින් පිළියෙල කරන ලද ආහාරය අනුභව කරන ඔහු රජු විසින් යවන ලද මිනිසුන් විසින් මිනිස්සු කඩුවෙන් පහරදී ජීවිතක්ෂයට පැමිණවූහ. ඔහු කළුරිය කර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. මේ ජාතකයෙහි බෝධිසත්ත්වයෝ ක්‍රෝධය දමනසුළු අයෙක් වීය. හෙතෙම ඒ පරමාර්ථයෙහි යෙදුන බැවින්ම ජීවිතක්ෂයට පත් වීය. දෙවියෝ කිපී සියළුම මෙජක්ධ රට උණු අළු වැස්සක් වස්වා රට නොරටක් කළාහුය. එහෙයින් කියන ලදි,
“උපහච්ච මනං මජ්ඣො, මාතඞ්ගස්මිං යසස්සිනෙ; සපාරිසජ්ජො උච්ඡින්නො, මජ්ඣාරඤ්ඤං තදා අහූ”ති. (ජා· 2.19.96);
23. මේධ්‍ය රජු කීර්තිමත් වූ මාතංග සෘෂිවරයා කෙරෙහි සිත දූෂණය කර පිරිවර සහිතව නැසුනේය. එක්හි මේධ්‍යාරණ්‍යය වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න ඉදානෙව, පුබ්බෙපි උදෙනො පබ්බජිතෙ විහෙඨෙසියෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා මණ්ඩබ්යො උදෙනො අහොසි, මාතඞ්ගපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා උදේන පැවිද්දන් පෙළෙන්නෙක් වූයේ දැන් පමණක් නොවේ පෙරද පැවිද්දන් පෙළන්නෙක් වූයේම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මණ්ඩව්‍ය කුමාරයා උදේන වීය. මාතංග පණ්ඩිතයා වනාහි මම ම වීමි යයි වදාළ සේක.
මාතඞ්ගජාතකවණ්ණනා පඨමා.