13. භික්ඛාපරම්පරජාතකවණ්ණනා 496 අට්ඨකථා
13. භික්ඛාපරම්පරජාතකවණ්ණනා (496)
13. භික්ඛාපරම්පර ජාතකය (496)
සුඛුමාලරූපං දිස්වාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං කුටුම්බිකං ආරබ්භ කථෙසි. සො කිර සද්ධො අහොසි පසන්නො, තථාගතස්ස චෙව සඞ්ඝස්ස ච නිබද්ධං මහාසක්කාරං කරොති. අථෙකදිවසං චින්තෙසි “අහං බුද්ධරතනස්ස චෙව සඞ්ඝරතනස්ස ච පණීතානි ඛාදනීයභොජනීයානි චෙව සුඛුමවත්ථානි ච දෙන්තො නිච්චං මහාසක්කාරං කරොමි, ඉදානි ධම්මරතනස්සපි කරිස්සාමි, කථං නු ඛො තස්ස සක්කාරං කරොන්තෙන කත්තබ්බ”න්ති. සො බහූනි ගන්ධමාලාදීනි ආදාය ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පුච්ඡි “අහං, භන්තෙ, ධම්මරතනස්ස සක්කාරං කත්තුකාමොම්හි, කථං නු ඛො තස්ස සක්කාරං කරොන්තෙන කත්තබ්බ”න්ති. අථ නං සත්ථා ආහ – “සචෙ ධම්මරතනස්ස සක්කාරං කත්තුකාමො, ධම්මභණ්ඩාගාරිකස්ස ආනන්දස්ස සක්කාරං කරොහී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා ථෙරං නිමන්තෙත්වා පුනදිවසෙ මහන්තෙන සක්කාරෙන අත්තනො ගෙහං නෙත්වා මහාරහෙ ආසනෙ නිසීදාපෙත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා නානග්ගරසභොජනං දත්වා මහග්ඝෙ තිචීවරප්පහොනකෙ සාටකෙ අදාසි. ථෙරොපි “අයං සක්කාරො ධම්මරතනස්ස කතො, න මය්හං අනුච්ඡවිකො, අග්ගසාවකස්ස ධම්මසෙනාපතිස්ස අනුච්ඡවිකො”ති චින්තෙත්වා පිණ්ඩපාතඤ්ච වත්ථානි ච විහාරං හරිත්වා සාරිපුත්තත්ථෙරස්ස අදාසි. සොපි “අයං සක්කාරො ධම්මරතනස්ස කතො, එකන්තෙන ධම්මස්සාමිනො සම්මාසම්බුද්ධස්සෙව අනුච්ඡවිකො”ති චින්තෙත්වා දසබලස්ස අදාසි. සත්ථා අත්තනො උත්තරිතරං අදිස්වා පිණ්ඩපාතං පරිභුඤ්ජි, චීවරසාටකෙ අග්ගහෙසි.
සුඛුමාල රූපං දිස්වාන යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් එක්තරා කෙළෙඹියෙක් අරභයා දේශනා කළ සේක. හෙතෙම ශ්‍රද්ධා ඇත්තේ වීය. තෙරුවන් පිළිබඳව පැහැදුන ඔහු බුදුරදුන්ටද සංඝයාටද නිරතුරුව මහා සත්කාර කරයි. ඉක්බිති එක් දවසක් මෙසේ සිතීය. මම බුද්ධ රත්නයටද, සංඝරත්නයටද ප්‍රණීත ආහාරද සියුම් වස්ත්‍රද දෙමින් නිතර මහත් වූ සත්කාර කරමි. දැන් ධර්ම රත්නයටද කරන්නෙමි. එය සත්කාර කරන්නේ කවරක් කළ යුතුද? හෙතෙම බොහෝ සුවඳමල් ආදිය ගෙන ජේතවනයට ගොස් ශාස්තෘෘන් වහන්සේ වැඳ විචාළේය. ස්වාමීනි, මම ධර්මරත්නයට සත්කාර කරනු කැමැත්තේ වෙමි. එයට සත්කාර කරන්නහු විසින් කවරක් කළ යුතුදැයි. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට කියනුයේ ඉදින් ඔබ ධර්මරත්නයට සත්කාර කරනු කැමැත්තේ නම් ධර්මභාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන්ට සත්කාර කරවයි වදාළ සේක. හෙතෙම මැනවයි පිළිවදන් දී ආනන්ද තෙරුන්ට ආරාධනා කර දෙවන දවස්හි මහත් වූ සත්කාර සහිතව ආනන්ද තෙර තමාගේ නිවසට පමුණුවා ඉතා අගනා අසුනෙහි හිඳුවා සුවඳ මල් ආදියෙන් පුදා නොයෙක් අග්‍ර භෝජන දී මහත් වූ වටිනාකමින් යුත් තුන් සිවුරට ප්‍රමාණවත් සළු දුන්නේය. තෙරුන්ද මේ සත්කාර ධර්ම රත්නයට කරන ලදී. මට නුසුදුසුය. ශ්‍රේෂ්ඨ ධර්මසේනාපති වූ සැරියුත් හිමිට සුදුසුයයි සිතා පිණ්ඩපාතයද වස්ත්‍රද විහාරයට ගෙන ගොස් සාරිපුත්‍ර තෙරුන්ට දුන්නේය. හෙතෙමේද මෙම සත්කාර ධර්ම රත්නයට කරන ලදී. සම්මා සම්බුදුරජු ධර්ම ස්වාමී වේ. උන්වහන්සේම සුදුසු යයි සිතා දසබලධාරීන් වහන්සේ දුන්නේය. ශාස්තෘන් වහන්සේ තමාට වඩා උසස් කෙනෙකු නොදැක පිණ්ඩපාතය වැළඳූ සේක. සිවුරු සළු ගත්තේය.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම කුටුම්බිකො ‘ධම්මරතනස්ස සක්කාරං කරොමී’ති ධම්මභණ්ඩාගාරිකස්ස ආනන්දත්ථෙරස්ස අදාසි. ථෙරො ‘නායං මය්හං අනුච්ඡවිකො’ති ධම්මසෙනාපතිනො අදාසි, සොපි ‘නායං මය්හං අනුච්ඡවිකො’ති තථාගතස්ස අදාසි. තථාගතො අඤ්ඤං උත්තරිතරං අපස්සන්තො අත්තනො ධම්මස්සාමිතාය ‘මය්හමෙවෙසො අනුච්ඡවිකො’ති තං පිණ්ඩපාතං පරිභුඤ්ජි, චීවරසාටකෙපි ගණ්හි, එවං සො පිණ්ඩපාතො යථානුච්ඡවිකතාය ධම්මස්සාමිනොව පාදමූලං ගතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව පිණ්ඩපාතො පරම්පරා යථානුච්ඡවිකං ගච්ඡති, පුබ්බෙපි අනුප්පන්නෙ බුද්ධෙ අගමාසියෙවා”ති වත්වා අතීතං ආහරි.
භික්ෂූහු දම් සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, අසවල් කෙළඹියා ධර්ම රත්නයට සත්කාර කරමියි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට දානය දුන්නේය. තෙරුන් වහන්සේ මෙය මට සුදුසු නොවේ යයි ධර්ම සේනාපති සැරියුත් තෙරුන්ට දුන්නේය. හෙතෙමේද මෙය මට සුදුසු නොවේ යයි තථාගතයන් වහන්සේට දුන්නේය. තථාගතයන් වහන්සේ අන් උසස් වූවෙකු නොදක්නේ තමන්ගේ ධර්මස්වාමී බව නිසා මටම මෙය සුදුසු යයි ඒ පිණ්ඩපාතය වැළඳු සේක. සිවුරු සළුවද ගත්තේත්ය. මෙසේ හෙතෙම පිණ්ඩපාතය සුදුසු බව නිසාම ස්වාමීගේ පාදමුලට ආවේය යි කීවේය. ශාස්තෘෘන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, පිණ්ඩපාතය පිළිවෙලින් සුදුස්සා වෙත පැමිණියේ දැන් පමණක් නොවේ. පෙර බුදුන් නූපන් කල්හිද ගියේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො අගතිගමනං පහාය දස රාජධම්මෙ අකොපෙන්තො ධම්මෙන රජ්ජං කාරෙසි. එවං සන්තෙපිස්ස විනිච්ඡයො සුඤ්ඤො විය අහොසි. රාජා අත්තනො අගුණගවෙසකො හුත්වා අන්තොනිවෙසනාදීනි පරිග්ගණ්හන්තො අන්තෙපුරෙ ච අන්තොනගරෙ ච ද්වාරගාමෙසු ච අත්තනො අගුණං කථෙන්තං අදිස්වා “ජනපදෙ ගවෙසිස්සාමී”ති අමච්චානං රජ්ජං නිය්යාදෙත්වා පුරොහිතෙන සද්ධිං අඤ්ඤාතකවෙසෙනෙව කාසිරට්ඨෙ චරන්තො කඤ්චි අගුණං කථෙන්තං අදිස්වා පච්චන්තෙ එකං නිගමං පත්වා බහිද්වාරසාලායං නිසීදි. තස්මිං ඛණෙ නිගමවාසී අසීතිකොටිවිභවො කුටුම්බිකො මහන්තෙන පරිවාරෙන න්හානතිත්ථං ගච්ඡන්තො සාලායං නිසින්නං සුවණ්ණවණ්ණං සුඛුමාලසරීරං රාජානං දිස්වා උප්පන්නසිනෙහො සාලං පවිසිත්වා පටිසන්ථාරං කත්වා “ඉධෙව හොථා”ති වත්වා ගෙහං ගන්ත්වා නානග්ගරසභොජනං සම්පාදෙත්වා මහන්තෙන පරිවාරෙන භත්තභාජනානි ගාහාපෙත්වා අගමාසි. තස්මිං ඛණෙ හිමවන්තවාසී පඤ්චාභිඤ්ඤො තාපසො ආගන්ත්වා තත්ථෙව නිසීදි. නන්දමූලකපබ්භාරතො පච්චෙකබුද්ධොපි ආගන්ත්වා තත්ථෙව නිසීදි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු අගතියට යෑම හැර දසරාජ ධර්මයන් කෝප නොකර දැහැමිව රාජ්‍යය කරවීය. මෙසේ ඇති කල්හිද ඔහුගේ අධිකරණය ශුන්‍ය වූයේ මෙන් වීය. රජු නුගුණ සොයන්නෙක් වී තමන්ගේ නිවෙස් ආදිය පරීක්ෂා කරනුයේ ඇතුල් පුරයෙහිද ඇතුල් නගරයෙහිද දොර ගම්හිද තමාගේ නුගුණ කියන්නවුන් නොදැක දනව්හි සොයන්නෙමියි ඇමතිවරුන්ට රාජ්‍යය පවරා දී පුරෝහිතයා සමග අප්‍රසිද්ධ වේශයෙන් කසීරට හැසිරෙන්නේ අගුණ කියන්නා වූ කිසිවෙකු නොදැක පිටිසර එක් නියම් ගමකට පැමිණ පිටත ශාලාවක හුන්නේය. එකෙනෙහි නියම් ගම්වැසි අසූකෙළක් ධනය ඇති කෙළෙඹි පුත්‍රයෙක් මහත් වූ පිරිවර සමග නහන තොටට යන්නේ ශාලාවෙහි හුන් රන්වන් සියුමැලි සිරුරැති රජු දැක උපන් සෙනෙහෙ ඇත්තේ ශාලාවට පිවිස මෙහිම සිටුවයි ගෙට ගොස් නොයෙක් උතුම් රජ බොජුන් ගෙන්වා මහත් වූ පිරිවර සමග බත් බඳුන් ගෙන්වා ගෙන ශාලාවට ගියේය. එකෙනෙහි හිමවත වැසි පඤ්ච අභිඥාලාභී තවුසෙක් අවුත් එහිම හුන්නේය. නන්දමූලක පර්වතයෙන් පසේ බුදුවරයෙක්ද පැමිණ එහිම හුන්නේය.
කුටුම්බිකො රඤ්ඤො හත්ථධොවනඋදකං දත්වා නානග්ගරසෙහි සූපබ්යඤ්ජනෙහි භත්තපාතිං සජ්ජෙත්වා රඤ්ඤො උපනෙසි. රාජා නං ගහෙත්වා පුරොහිතස්ස බ්රාහ්මණස්ස අදාසි. බ්රාහ්මණො ගහෙත්වා තාපසස්ස අදාසි. තාපසො පච්චෙකබුද්ධස්ස සන්තිකං ගන්ත්වා වාමහත්ථෙන භත්තපාතිං, දක්ඛිණහත්ථෙන කමණ්ඩලුං ගහෙත්වා දක්ඛිණොදකං දත්වා පත්තෙ භත්තං පක්ඛිපි. සො කඤ්චි අනිමන්තෙත්වා අනාපුච්ඡිත්වා පරිභුඤ්ජි. තස්ස භත්තකිච්චපරියොසානෙ කුටුම්බිකො චින්තෙසි “මයා රඤ්ඤො භත්තං දින්නං, රඤ්ඤා බ්රාහ්මණස්ස, බ්රාහ්මණෙන තාපසස්ස, තාපසෙන පච්චෙකබුද්ධස්ස, පච්චෙකබුද්ධො කඤ්චි අනාපුච්ඡිත්වා පරිභුඤ්ජි, කිං නු ඛො ඉමෙසං එත්තකං දානකාරණං, කිං ඉමස්ස කඤ්චි අනාපුච්ඡිත්වාව භුඤ්ජනකාරණං, අනුපුබ්බෙන තෙ පුච්ඡිස්සාමී”ති. සො එකෙකං උපසඞ්කමිත්වා වන්දිත්වා පුච්ඡි. තෙපිස්ස කථෙසුං –
කෙළඹියා රජුට අත් සෝදන බඳුන දී නොයෙක් උතුම් රසයෙන් යුත් හොදි ව්‍යඤ්ජනවලින් ආහාර භාජනය සරසා රජුට එළවීය. රජු එය ගෙන පුරෝහිත බ්‍රාහ්මණයාට දුන්නේය. බ්‍රාහ්මණයා එය ගෙන තාපසයාට දුන්නේය. තවුසා පසේ බුදුන් සමීපයට ගොස් වම් අතින් ආහාර භාජනයද දකුණු අතින් කෙණ්ඩියද ගෙන දක්ෂිණෝදකය දී පාත්‍රයෙහි ආහාර බහාලූයේය. හෙතෙම කිසිවෙකු නොඅමතා නොවිමසා අනුභව කළේය. ඔහුගේ බත්කිස අවසානයේ කෙළෙඹියා මෙසේ සිතුවේය. මවිසින් රජුට බත් දෙන ලදී. රජු විසින් බ්‍රාහ්මණයාටද බ්‍රාහ්මණයා විසින් තාපසයාටද තාපසයා විසින් පසේ බුදුන්ටද දෙන ලදී. පසේ බුදු රජු කිසිවෙකු නොවිමසා අනුභව කළේය. මොවුන්ගේ මෙපමණක් දීමේ කරුණ කිම? මුන්වහන්සේගේ කිසිවෙකු නොවිමසා අනුභව කිරීමේ කරුණ කිම. පිළිවෙලින් විමසන්නෙමියි හෙතෙම එකිනෙකා වෙත එළඹ වැඳ විචාළේය. ඔවුහුද ඔහුට මෙසේ කීවේය.
“සුඛුමාලරූපං දිස්වා, රට්ඨා විවනමාගතං; කුටාගාරවරූපෙතං, මහාසයනමුපාසිතං.
සුඛුමාල රූපං දිස්වාන - රට්ඨා විවන මාගතං, කූටාගාර වරූපෙතං - මහාසයන මුපාසිතං
1. උසස් කුළු ගෙවල්වල වාසය කළ වටිනා යහනාවන්හි සැතපුන, රට අත්හැර වනයට පැමිණි සියුමැලි සිරුරැති රජු දැක.
“තස්ස තෙ පෙමකෙනාහං, අදාසිං වඩ්ඪමොදනං; සාලීනං විචිතං භත්තං, සුචිං මංසූපසෙචනං.
2. ඒ ඔබට ප්‍රේමයෙන් මම පිරිසිදු ඇල්හාලෙන් පිසූ රසමසවුලෙන් යුත් උතුම් බත දුනිමි.
“තං ත්වං භත්තං පටිග්ගය්හ, බ්රාහ්මණස්ස අදාසයි; අත්තානං අනසිත්වාන, කොයං ධම්මො නමත්ථු තෙ.
3. ඔබ ඒ මත පිළිගෙන තමා අනුභව නොකර බ්‍රාහ්මණයාට දෙවීය. ඔබට නමස්කාර වේවා! මේ කිනම් ධර්මයක්ද?
“ආචරියො බ්රාහ්මණො මය්හං, කිච්චාකිච්චෙසු බ්යාවටො; ගරු ච ආමන්තනීයො ච, දාතුමරහාමි භොජනං.
4. මේ බ්‍රාහ්මණයා මගේ ආචාර්යවරයා වෙයි. කුදුමහත් කටයුතුවල නිරත වූයේ වේ. ගරු කටයුත්තෙකි. ඇමතිය යුත්තෙකි. එහෙයින් ආහාර දීමට සුදුස්සෙකි.
“බ්රාහ්මණං දානි පුච්ඡාමි, ගොතමං රාජපූජිතං; රාජා තෙ භත්තං පාදාසි, සුචිං මංසූපසෙචනං.
5. දැන් මම ගෝත්‍රයෙන් ගෞතම වූ රාජ පූජිත බමුණා විචාරමි. රජු ඔබට රසමසවුලෙන් යුත් පිවිතුරු බත දුන්නේය.
“තං ත්වං භත්තං පටිග්ගය්හ, ඉසිස්ස භොජනං අදා; අඛෙත්තඤ්ඤූසි දානස්ස, කොයං ධම්මො නමත්ථු තෙ.
6. ඔබ ඒ බත පිළිගෙන තාපසයාට දුන්නේය. ඔබ දානයට ක්ෂේත්‍ර නොවන්නේ යයි දන්නෙහිද? ඔබට නමස්කාර වේවා. මේ කිනම් ධර්මයක්ද?
“භරාමි පුත්තදාරෙ ච, ඝරෙසු ගධිතො අහං; භුඤ්ජෙ මානුසකෙ කාමෙ, අනුසාසාමි රාජිනො.
7. මම ගිහිගෙයි බැඳුනේ අඹුදරුවන් පෝෂණය කරමි. මිනිසුන්ට අයත් කාමයන් අනුභව කරව යයි රජුට අනුශාසනා කරමි.
“ආරඤ්ඤිකස්ස ඉසිනො, චිරරත්තං තපස්සිනො; වුඩ්ඪස්ස භාවිතත්තස්ස, දාතුමරහාමි භොජනං.
8. වනයෙහි වාසය කරන, බොහෝ කල් තවුස් දම් වැඩු ගුණයෙන් පොහොසත් වූ, වැඩිදියුණු කළ සිත් ඇති සෘෂිවරයාට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
“ඉසිඤ්ච දානි පුච්ඡාමි, කිසං ධමනිසන්ථතං; පරූළ්හකච්ඡනඛලොමං, පඞ්කදන්තං රජස්සිරං.
9. දැන් (මම) කෙට්ටු වූ නහර ඉල්පී ගිය සිරුරැති වැඩුන කිහිලි ලොම් නිය ඇති මැලියම් බැඳුන දත් ඇති දූවිලි සහිත හිස් ඇති තාපසයා විමසමි.
“එකො අරඤ්ඤෙ විහරසි, නාවකඞ්ඛසි ජීවිතං; භික්ඛු කෙන තයා සෙය්යො, යස්ස ත්වං භොජනං අදා.
10. හුදකලාව වනයෙහි වාසය කරන්නෙහිය. ජීවිතය කැමති නොවන්නෙහිද? යමෙකුට තෙපි භෝජනය දුන්නෙහුද, කවර කරුණකින් භික්ෂුව ඔබට වඩා ශ්‍රේෂ්ඨද?
“ඛණන්තාලුකලම්බානි, බිලාලිතක්කලානි ච; ධුනං සාමාකනීවාරං, සඞ්ඝාරියං පසාරියං.
11. මම සාරා ගනිමින් අල වර්ගද, තල් අලද බිලාල අලද තක්කල අලද, බොඩුගමු හා ඌරුහැල පොළමින් රැස් කරමින්ද
“සාකං භිසං මධුං මංසං, බදරාමලකානි ච; තානි ආහරිත්වා භුඤ්ජාමි, අත්ථි මෙ සො පරිග්ගහො.
12. පලා වර්ගද නෙළුම් අල මී මස්ද ඩෙබර හා නෙල්ලිද ගෙනවුත් වළඳමි. මට ඒ ලබාගැනීමේ අයිතිය ඇත.
“පචන්තො අපචන්තස්ස, අමමස්ස සකිඤ්චනො; අනාදානස්ස සාදානො, දාතුමරහාමි භොජනං.
13. අල්ලා ගැනීම් සහිත වූ පිසින්නා වූ මම, නොපිසන්නා වූ තෘෂ්ණා වශයෙන් මමායනය නොකරන්නා වූ පළිබෝධ කිසිවක් නැත්තා වූ ගැනීමක් නැත්තා වූ පසේ බුදුන්ට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
“භික්ඛුඤ්ච දානි පුච්ඡාමි, තුණ්හීමාසීන සුබ්බතං; ඉසි තෙ භත්තං පාදාසි, සුචිං මංසූපසෙචනං.
14. දැන් (මම) නිශ්ශබ්දව හුන් මනා පැවතුම් ඇති භික්ෂුව විමසමි. පිරිසිදු වූ රසමසවුලෙන් යුත් බත තාපසයා ඔබට දුන්නේය.
“තං ත්වං භත්තං පටිග්ගය්හ, තුණ්හී භුඤ්ජසි එකකො; නාඤ්ඤං කඤ්චි නිමන්තෙසි, කොයං ධම්මො නමත්ථු තෙ.
15. ඔබවහන්සේ ඒ බත පිළිගෙන නිශ්ශබ්දව තනිවම වැළඳීය. අන් කිසිවෙකුට කිසිදු කැඳවීමක්ද නොකළෙහිය. ඔබට නමස්කාර වේවා. මේ කවර නම් ධර්මයක්ද?
“න පචාමි න පාචෙමි, න ඡින්දාමි න ඡෙදයෙ; තං මං අකිඤ්චනං ඤත්වා, සබ්බපාපෙහි ආරතං.
20. මම නොපිසමි. නොපිසවමි. නොසිදමි. නොසිදවමි. ඒ මා සියළු පාපයන්ගෙන් දුරුව කිසිවක් නැත්තෙකු කොට දැන.
“වාමෙන භික්ඛමාදාය, දක්ඛිණෙන කමණ්ඩලුං; ඉසි මෙ භත්තං පාදාසි, සුචිං මංසූපසෙචනං.
21. ඉසිවරයා වමතින් භික්‍ෂාවද දකුණතින් පැන් කෙණ්ඩියද ගෙන පිරිසිදු වූ රසමසවුලෙන් යුත් බත දුන්නේය.
“එතෙ හි දාතුමරහන්ති, සමමා සපරිග්ගහා; පච්චනීකමහං මඤ්ඤෙ, යො දාතාරං නිමන්තයෙ”ති.
22. මමායනය සහිත අයිතීන් ඇති මොවුහු දෙන්නට මා වැන්නවුන් සුදුසු වෙති. යමෙක් දෙන්නෙකුට ආරාධනා කරේද මම ඊට විරුද්ධ ප්‍රතිපදා ඇත්තේ වෙමියි හඟිමි.
තත්ථ විවනන්ති නිරුදකාරඤ්ඤසදිසං ඉමං පච්චන්තං ආගතං. කූටාගාරවරූපෙතන්ති කූටාගාරවරෙන උපගතං, එකං වරකූටාගාරවාසිනන්ති අත්ථො. මහාසයනමුපාසිතන්ති තත්ථෙව සුපඤ්ඤත්තං සිරිසයනං උපාසිතං. තස්ස තෙති එවරූපං තං දිස්වා අහං පෙමමකාසිං, තස්ස තෙ පෙමකෙන. වඩ්ඪමොදනන්ති උත්තමොදනං. විචිතන්ති අපගතඛණ්ඩකාළකෙහි විචිතතණ්ඩුලෙහි කතං. අදාසයීති අදාසි. අත්තානන්ති අත්තනා, අයමෙව වා පාඨො. අනසිත්වානාති අභුඤ්ජිත්වා. කොයං ධම්මොති මහාරාජ, කො එස තුම්හාකං සභාවො. නමත්ථු තෙති නමො තව අත්ථු, යො ත්වං අත්තනා අභුඤ්ජිත්වා පරස්ස අදාසි.
එහි විවනං යනු ජලය නැති වනයක් හා සමාන මේ පිටිසරට ආවා වූ. කූටාගාරවරූපෙතං උසස් කුළුගෙයකට එළඹි. උසස් කුළුගෙයක වාසය කරන යන අර්ථයි. මහාසයනමුපාසිතං යනු එහිම මනාව පනවන ලද උතුම් යහනාවක් ඇසුරු කළ. තස්සෙතෙ යනු එබඳු වූ ඔහු දැක මම ආදරය කළෙමි. ඒ ඔබගේ ආදරයෙන්. බද්ධමොදනං යනු උතුම් බත. විචිතං යනු ඉවත් කරන ලද කඩසහල් කලු සහල් ඇතිව පිරිසිදු සහලින් කරන ලද. අදාපයිං දුන්නෙමි. අත්තානං යනු තමා විසින්. මෙයම වූ පෙළද වේ. අනසිත්වාන යනු නොවළඳා. කොයං ධම්මො යනු මහරජතුමනි, ඔබගේ මේ කවර ස්වභාවයක්ද? නමත්ථුතෙ යනු යම්බඳු ඔබතුමා නොවළඳා අනිකෙකුට දුන්නේද ඔබට නමස්කාර වේවා!
ආචරියොති කුටුම්බික එස මය්හං ආචාරසික්ඛාපකො ආචරියො. බ්යාවටොති උස්සුකො. ආමන්තනීයොති ආමන්තෙතබ්බයුත්තකො මයා දින්නං භත්තං ගහෙතුං අනුරූපො. දාතුමරහාමීති “අහං එවරූපස්ස ආචරියස්ස භොජනං දාතුං අරහාමී”ති රාජා බ්රාහ්මණස්ස ගුණං වණ්ණෙසි. අඛෙත්තඤ්ඤූසීති නාහං දානස්ස ඛෙත්තං, මයි දින්නං මහප්ඵලං න හොතීති එවං අත්තානං දානස්ස අඛෙත්තං ජානාසි මඤ්ඤෙති. අනුසාසාමීති අත්තනො අත්ථං පහාය රඤ්ඤො අත්ථඤ්ච ධම්මඤ්ච අනුසාසාමි.
ආචරියො යනු කෙළඹි පුත්‍රය, මෙතෙම මට සිරිත් කියා දෙන්නා වූ ගුරුවරයාය. ව්යාවටො යනු යෙදුනේ. ආමන්තණියො යනු ආරාධනා කළ යුත්තෙකි. මා විසින් දෙන ලද දෙය ගන්නට සුදුස්සෙකි. දාතුමරහාමි යනු එහෙයින් මම මෙබඳු ගුරුවරයාට බොජුන් දෙන්නට සුදුසු වෙමියි රජු බ්‍රාහ්මණයාගේ ගුණ වර්ණනා කළේය. අඛෙත්තඤ්ඤුසි යනු මම දානයට ක්ෂේත්රයක් නොවන්නෙහි යයි සිතයි. අනුසාසාමි යනු තමාගේ අභිවෘද්ධිය හැර රජුට අභිවෘද්ධියද ධර්මයද අනුශාසනා කරමි.
එවං අත්තනො අගුණං කථෙත්වා ආරඤ්ඤිකස්සාති ඉසිනො ගුණං කථෙසි. ඉසිනොති සීලාදිගුණපරියෙසකස්ස. තපස්සිනොති තපනිස්සිතස්ස. වුඩ්ඪස්සාති පණ්ඩිතස්ස ගුණවුඩ්ඪස්ස. නාවකඞ්ඛසීති සයං දුල්ලභභොජනො හුත්වා එවරූපං භොජනං අඤ්ඤස්ස දෙසි, කිං අත්තනො ජීවිතං න කඞ්ඛසි. භික්ඛු කෙනාති අයං භික්ඛු කතරෙන ගුණෙන තයා සෙට්ඨතරො.
මෙසේ තමාගේ නුගුණ කියා, ආරඤ්ඤකස්ස යනු සෘෂිවරයාගේ ගුණ කීවේය. ඉසිනො යනු සීලාදී ගුණයන් සොයන්නහුගේ. තපස්සිනො යනු තවුස්දම් ඇසුරු කළහුගේ. වද්ධස්ස යනු පණ්ඩිතයාගේ ගුණයෙන් වැඩිහිටි වූ අයගේ. නාවකංඛසි යනු තෙමේ දුලබ වූ බොජුන් ඇත්තෙකු වී මෙබඳු වූ භෝජනය අනිකෙකුට දෙන්නෙහිද කිම තමාගේ ජීවිතය නොකැමැත්තෙහිද? භික්ඛු කෙන යනු මේ භික්ෂුව කවර ගුණයකින් ඔබට වඩා උසස් වූයේද?
ඛණන්තාලුකලම්බානීති ඛණන්තො ආලූනි චෙව තාලකන්දානි ච. බිලාලිතක්කලානි චාති බිලාලිකන්දතක්කලකන්දානි ච. ධුනං සාමාකනීවාරන්ති සාමාකඤ්ච නීවාරඤ්ච ධුනිත්වා. සඞ්ඝාරියං පසාරියන්ති එතෙ සාමාකනීවාරෙ ධුනන්තො සඞ්ඝාරෙත්වා පුන සුක්ඛාපිතෙ පසාරෙත්වා සුප්පෙන පප්ඵොටෙත්වා කොට්ටෙත්වා තණ්ඩුලෙ ආදාය පචිත්වා භුඤ්ජාමීති වදති. සාකන්ති යං කිඤ්චි සූපෙය්යපණ්ණං. මංසන්ති සීහබ්යග්ඝවිඝාසාදිමංසං. තානි ආහරිත්වාති තානි සාකාදීනි ආහරිත්වා. අමමස්සාති තණ්හාදිට්ඨිමමත්තරහිතස්ස. සකිඤ්චනොති සපලිබොධො. අනාදානස්සාති නිග්ගහණස්ස. දාතුමරහාමීති එවරූපස්ස පච්චෙකබුද්ධස්ස අත්තනා ලද්ධභොජනං දාතුං අරහාමි.
ඛණන්තාලුකලම්බා යනු බිම සාරන්නේ අල වර්ගද, තල් මුල්ද. බිළාලි තක්කලානි යනු බිලාල අලද තක්කල අලද. ධුනං යනු බොඩු හමුද හුරුහැල්ද පොළා. සංසාරියං පසාරියං යනු මේ බොඩුහමු හුරුවැල් පොළන්නේ එක් කොට නැවත වියලි වූවන් විසුරුවා කුල්ලෙන් පොළා කොටා සහල් ගෙන පිස අනුභව කරමි යයි කියයි. සාකං යනු යම්කිසි ව්‍යංජන සඳහා වූ කොල වර්ගයි. මංසං යනු සිංහ මුව ආදීන් කා අත්හල මස්, ඒවා ගෙනවුත්. අම්මස්ස යනු තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් මත් නොවූ. සකිඤ්චනො යනු පළිබෝධ (උපද්‍රව) සහිත. අනාදානස්ස යනු ආශා වශයෙන් ගැනීම් නැති. දාතුමරහාමි යනු මෙබඳු වූ පසේ බුදුන්ට තමා විසින් ලද දෙය දෙන්නට සුදුසු වෙමි.
තුණ්හීමාසීනන්ති කිඤ්චි අවත්වා නිසින්නං. අකිඤ්චනන්ති රාගකිඤ්චනාදීහි රහිතං. ආරතන්ති විරතං සබ්බපාපානි පහාය ඨිතං. කමණ්ඩලුන්ති කුණ්ඩිකං. එතෙ හීති එතෙ රාජාදයො තයො ජනාති හත්ථං පසාරෙත්වා තෙ නිද්දිසන්තො එවමාහ. දාතුමරහන්තීති මාදිසස්ස දාතුං අරහන්ති. පච්චනීකන්ති පච්චනීකපටිපදං. දායකස්ස හි නිමන්තනං එකවීසතියා අනෙසනාසු අඤ්ඤතරාය පිණ්ඩපාතපරියෙසනාය ජීවිකකප්පනසඞ්ඛාතා මිච්ඡාජීවපටිපත්ති නාම හොති.
තුණ්හී මාසීනං යනු කිසිවක් නොකියා හුන්, අකිඤ්චනං යනු රාගාදී කිසිවක් නැත. ආරතං යනු නොඇළුනු. සියළු පව් අතැර සිටි. කමණ්ඩලුං යනු කෙණ්ඩි. එතෙහි මේ රජු පටන්කොට ඇති තිදෙනා අත විහිදුවා ඔවුන් පෙන්වමින් මෙසේ කීවේය. දාතුමරහන්ති යනු මා වැන්නකුට දීම සුදුසු යයි. පච්චණිකං යනු අනුපිළිවෙල ප්‍රතිපදාව. දායකයාගේ ආරාධනාවයි. අහර සෙවීමෙහිදී නොකළ යුතු එක්විසි ක්රමයන් අතර එකක් වූ අහර පිට පහර සෙවීමෙන් දිවි ගෙවීම් සංඛ්‍යාත වූව මිත්යාජීව ප්‍රතිපදාව නම් වේ යනුයි.
තස්ස වචනං සුත්වා කුටුම්බිකො අත්තමනො ද්වෙ ඔසානගාථා අභාසි –
ඔහුගේ වචනය අසා කෙළඹියා සතුටු සිත් ඇත්තේ අවසාන ගාථා දෙක කීවේය.
“අත්ථාය වත මෙ අජ්ජ, ඉධාගච්ඡි රථෙසභො; සොහං අජ්ජ පජානාමි, යත්ථ දින්නං මහප්ඵලං.
23. ඒකාන්තයෙන් මට වැඩ පිණිස රජු අද මෙහි පැමිණියේය. යමෙකුට (යම් තැනකට) දෙන ලද්දේ මහත්ඵල වන්නේද එය මින් පෙර නොදනිමි.
“රට්ඨෙසු ගිද්ධා රාජානො, කිච්චාකිච්චෙසු බ්රාහ්මණා; ඉසී මූලඵලෙ ගිද්ධා, විප්පමුත්තා ච භික්ඛවො”ති.
24. රජවරු රටවල් පිළිබඳව ගිජු වූවාහුය. බ්‍රාහ්මණයෝ රජවරුන්ගේ කුදුමහත් කටයුතුවල ගිජු වූවාහුය. තාපසයෝ අල වර්ග ගෙඩි වර්ගවල ගිජු වූහ. භික්ෂූහු සියළු භවයන්ගෙන් මිදුනෝය.
තත්ථ රථෙසභොති රාජානං සන්ධායාහ. කිච්චාකිච්චෙසූති රඤ්ඤො කිච්චකරණීයෙසු. භික්ඛවොති පච්චෙකබුද්ධා භික්ඛවො පන සබ්බභවෙහි විප්පමුත්තා.
එහි රථෙසභො යනු රජවරුන් අරභයා කීව්වේය. කිච්චාකිච්චෙසු යනු රජුන්ගේ කළයුතු කටයුතුවල භික්ඛවො යනු පසේ බුදුවරු භික්ෂූහු වනාහි සියළු භවයන්ගෙන් මිදුනෝය.
පච්චෙකබුද්ධො තස්ස ධම්මං දෙසෙත්වා සකට්ඨානමෙව ගතො, තථා තාපසො. රාජා පන කතිපාහං තස්ස සන්තිකෙ වසිත්වා බාරාණසිමෙව ගතො.
පසේ බුදුරජු ඔහුට ධර්මය දේශනා කර සිය වාසස්ථානයටම ගියේය. තාපසයාද එසේම ගියේය. රජු දින කීපයක් ඔහු සමීපයෙහි වාසය කර බරණැසටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව පිණ්ඩපාතො යථානුච්ඡවිකං ගච්ඡති , පුබ්බෙපි ගතොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා කුටුම්බිකො ධම්මරතනස්ස සක්කාරකාරකො කුටුම්බිකො අහොසි, රාජා ආනන්දො, පුරොහිතො සාරිපුත්තො, හිමවන්තතාපසො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෘෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, පිණ්ඩපාතය සුදුසු තැනටම ගියේ දැන් පමණක් නොවේ. පෙරද ගියේම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක්ක. එකල්හි කෙළඹියා ධර්ම රත්නයට සත්කාර කළා වූ කෙළඹියා වීය. රජු ආනන්ද තෙර වීය. පුරෝහිතයා සැරියුත් තෙර වීය. හෙමවතක තාපසයා මම ම වීමියයි වදාළ සේක.
භික්ඛාපරම්පරජාතකවණ්ණනා තෙරසමා.
ජාතකුද්දානං –
කෙදාරං චන්දකින්නරී, උක්කුසුද්දාලභිසකං; සුරුචි පඤ්චුපොසථං, මහාමොරඤ්ච තච්ඡකං.
මහාවාණිජ සාධිනං, දසබ්රාහ්මණජාතකං; භික්ඛාපරම්පරාපි ච, තෙරසානි පකිණ්ණකෙ.
පකිණ්ණකනිපාතවණ්ණනා නිට්ඨිතා.
ප්රකීර්ණක නිපාත වර්ණනාව නිමියේය.