යෙදුමෙන් කියවන්න

12. දසබ්‍රාහ‍්මණජාතකවණ‍්ණනා 495 අට‍්ඨකථා

12. දසබ්‍රාහ‍්මණජාතකවණ‍්ණනා (495)

12. දසබ්‍රාහ්මණ ජාතකය (495)

රාජා අවොච විධුරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අසදිසදානං ආරබ‍්භ කථෙසි. තං අට‍්ඨකනිපාතෙ ආදිත‍්තජාතකෙ (ජා· 1.8.69 ආදයො) විත්‍ථාරිතමෙව. රාජා කිර තං දානං දදන‍්තො සත්‍ථාරං ජෙට‍්ඨකං කත්‍වා පඤ‍්ච භික‍්ඛුසතානි විචිනිත්‍වා ගණ‍්හිත්‍වා මහාඛීණාසවානංයෙව අදාසි. අථස‍්ස ගුණකථං කථෙන‍්තා “ආවුසො, රාජා අසදිසදානං දදන‍්තො විචිනිත්‍වා මහප‍්ඵලට‍්ඨානෙ අදාසී”ති ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, යං කොසලරාජා මාදිසස‍්ස බුද‍්ධස‍්ස උපට‍්ඨාකො හුත්‍වා විචෙය්‍යදානං දෙති, පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙපි විචෙය්‍යදානං අදංසූ”ති වත්‍වා අතීතං ආහරි.

රාජා අවොච විධුරං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සෙක් අසදෘශ දානය අරභයා දේශනා කළ සේක. එය අටවන නිපාතයෙහි ආදිත්ත ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. රජු එම දානය දෙන්නේ ශාස්තෘන් වහන්සේ ප්‍රධානකොට භික්ෂූන් පන්සියයක් තෝරා ගත්තේය. මහරහතුන් වහන්සේලාටම දුන්නේය. ඉක්බිති භික්‍ෂූහු ඔහුගේ ගුණ කියන්නෝ ඇවැත්නි, රජු අසදෘශ දානය දෙන්නේ තෝරා මහත්ඵල ඇති තන්හි දුන්නේ යයි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ශාස්තෘෘන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙයින් යයි කී කල්හි මහණෙනි, යම් හෙයකින් මා වැනියෙකුගේ උපස්ථායකයෙකු වී තෝරා දන්දෙයි යන්න ආශ්චර්ය වූවක් නොවේ. පැරණි පණ්ඩිතයෝ බුදුන් නූපන් කල්හිද තෝරා දන් දුන්නාහු යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ කුරුරට‍්ඨෙ ඉන්‍දපත්‍ථනගරෙ යුධිට‍්ඨිලගොත‍්තො කොරබ්‍යො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස විධුරො නාම අමච‍්චො අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසති. රාජා සකලජම‍්බුදීපං ඛොභෙත්‍වා මහාදානං දෙති. තං ගහෙත්‍වා භුඤ‍්ජන‍්තෙසු එකොපි පඤ‍්චසීලමත‍්තං රක‍්ඛන‍්තො නාම නත්‍ථි, සබ‍්බෙ දුස‍්සීලාව, දානං රාජානං න තොසෙති. රාජා “විචෙය්‍යදානං මහප‍්ඵල”න‍්ති සීලවන‍්තානං දාතුකාමො හුත්‍වා චින‍්තෙසි “විධුරපණ‍්ඩිතෙන සද‍්ධිං මන‍්තයිස‍්සාමී”ති. සො තං උපට‍්ඨානං ආගතං ආසනෙ නිසීදාපෙත්‍වා පඤ‍්හං පුච‍්ඡි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා උපඩ‍්ඪගාථමාහ –

අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර යුධීෂ්ටිර ගෝත්‍රයෙහි කෝරව්‍ය නම් රජු රාජ්‍යය කරවීය. විධුර නම් අමාත්‍යයා ඔහුට අර්ථයෙන්ද, ධර්මයෙන්ද අනුශාසනා කළේය. රජු සියළු දඹදිව කළඹමින් මහදන් දෙයි. එය ගෙන අනුභව කරන්නවුන් අතර පන්සිල් රක්නා වූ එකකුදු නැත. සියල්ලෝ දුස්සීලයෝමය. දානය රජු සතුටු කරවන්නේ නොවෙයි. රජු තෝරා දෙන දානය මහත් ඵලයයි සිල්වතුන්ට දෙනු කැමැත්තේ වී සිතුවේය. විධුර පණ්ඩිතයා සමග සාකච්ඡා කරන්නෙමියි උපස්ථාන පිණිස පැමිණි ඔහු අසුනෙහි හිඳුවා ප්‍රශ්නයක් විචාළේය. ඒ කරුණ දේශනා කරන්නා වූ ශාස්තෘෘන් වහන්සේ ගාථා අර්ධයක් දේශනා කළ සේක. පසුව රජුගේද විධුර ඇමතියාගේද වදන් පිළිවදන් වෙයි.

“රාජා අවොච විධුරං, ධම‍්මකාමො යුධිට‍්ඨිලො”ති;

“රාජා අවොච විධුරං - ධම්මකාමො යුධිට්ඨිලො,

පරතො රඤ‍්ඤො ච විධුරස‍්ස ච වචනපටිවචනං හොති –

ධර්මය කැමති වූ යුධීෂ්ටිර රජු විධුර ඇමතියාට මෙසේ කීවේය.

“බ්‍රාහ‍්මණෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

බ්‍රාහ්මණෙ විධුර පරියෙස - සීලවන්තෙ බහුස්සුතෙ”

විධුර පණ්ඩිතය, සිල්වත් වූ බහුශ්‍රැත වූ බ්‍රාහ්මණයන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

2. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නහුද, මෙවුන්දමින් තොර වූ (එවැන්නන් සොයව) යහළුව, යම් තැනක දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්‍ෂිණාව දෙමු.

“දුල‍්ලභා බ්‍රාහ‍්මණා දෙව, සීලවන‍්තො බහුස‍්සුතා; විරතා මෙථුනා ධම‍්මා, යෙ තෙ භුඤ‍්ජෙය්‍යු භොජනං.

3. දේවයන් වහන්ස, යමෙක් ඔබගේ භෝජනය අනුභව කරත්ද (ඔවුන් අතර) මෙවුන්දමින් තොර වූ සිල්වත් බහුශ්‍රැත බ්‍රාහ්මණයෝ දුර්ලභයහ.

“දස ඛලු මහාරාජ, යා තා බ්‍රාහ‍්මණජාතියො; තෙසං විභඞ‍්ගං විචයං, විත්‍ථාරෙන සුණොහි මෙ.

4. මහරජතුමනි, යම් ඒ බ්‍රාහ්මණ කුල දහයක් වෙයි. ඔවුන්ගේ කොටස් කිරීම් (මවිසින්) සොයන ලදී. විස්තර වශයෙන් අසව.

“පසිබ‍්බකෙ ගහෙත්‍වාන, පුණ‍්ණෙ මූලස‍්ස සංවුතෙ; ඔසධිකායො ගන්‍ථෙන‍්ති, න‍්හාපයන‍්ති ජපන‍්ති ච.

5. ඇතැම්හු මුදල් පිරවූ (අනතුරුව) කට බැඳි පසුම්බි ගෙන ඖෂධයන් ඔතා දෙති. නාවති. මන්ත්‍ර ජප කරති.

“තිකිච‍්ඡකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

6. රජතුමනි, ඔවුහු වෙදුන් හා සමාන වෙති. ඔවුහුද බ්‍රාහ්මණයෝයි කියති. මහරජතුමනි, ඔවුහුද මා විසින් කියන ලදය. එවැනි බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද.

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

7. ඔවුහු බ්‍රාහ්මණ බැවින් ඉවත්වූහ. (මෙසේ කොරව්‍ය රජු කීවේය) ඔවුහු බ්‍රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුරය, සිත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

8. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නහුද, මෙවුන්දමින් තොර වූ (එවැන්නන් සොයව) යහළුව, යම්තැනෙක්හි දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්‍ෂිණාව දෙමු.

“කිඞ‍්කිණිකායො ගහෙත්‍වා, ඝොසෙන‍්ති පුරතොපි තෙ; පෙසනානිපි ගච‍්ඡන‍්ති, රථචරියාසු සික‍්ඛරෙ.

9. ඔවුහු කුඩා මිණිගෙඩි ගෙන රජ-මැති-ඇමතින් ඉදිරියේ ඝෝෂා කෙරෙත්. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි හික්මවත්.

“පරිචාරකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

10. රජතුමනි, ඔවුහු සේවකයන් හා සමාන වෙති. ඔවුහුද බ්‍රාහ්මණයෝයි කියති. මහරජතුමනි, ඔවුහුද මා විසින් කියන ලදහ. එවැනි බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

11. ඔවුහු බ්‍රාහ්මණ බැවින් ඉවත් වූහ. (කොරව්‍ය රජු මෙසේ කීවේය) ඔවුහු බ්‍රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුරය! වෙනත් සිල්වත් බහුශ්‍රැත බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

12. යමෙක් මගේ භෝජනය අනුභව කරන්නාහුද මෙවුන්මින් තොර (එවැන්නන් සොයව) යහළුව, යම්තැනෙක්හි දෙන ලද්දේ මහත්ඵල වේද එහි දක්‍ෂිණාව දෙමු.

“කමණ‍්ඩලුං ගහෙත්‍වාන, වඞ‍්කදණ‍්ඩඤ‍්ච බ්‍රාහ‍්මණා; පච‍්චුපෙස‍්සන‍්ති රාජානො, ගාමෙසු නිගමෙසු ච; නාදින‍්නෙ වුට‍්ඨහිස‍්සාම, ගාමම‍්හි වා වනම‍්හි වා.

13. මහරජ, ඇතැම් බ්‍රාහ්මණයෝ කෙණ්ඩියක් හා වක් දණ්ඩක් ගෙන ගම්නියම් ගම්වලද රජුන් වෙතද එළඹෙත්. නුදුන් කල ගමෙහිද වනයෙහිද නොනැගිටිමුයි හිඳගනිති.

“නිග‍්ගාහකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

14. රජතුමනි, තමාට නිගාකර ගන්නවුන් හා සමාන ඔවුහුද බමුණෝයයි කියනු ලබත්. ඔවුහුද මා විසින් කියන ලදය එබඳු බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

15. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කොරව්‍ය රජු කීය. ඔවුහු බමුණෝ යයි කියනු නොලබත්. විධුරය සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

16. යමෙක් මාගේ භෝජනය අනුභව කරත්ද, මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු එවැන්නන් සොයව. යම්තැනකට දුන් දෙය මහත්ඵල වේද මිතුර (ඔවුන්ට) දක්‍ෂිණාව දෙමු.

“පරූළ‍්හකච‍්ඡනඛලොමා, පඞ‍්කදන‍්තා රජස‍්සිරා; ඔකිණ‍්ණා රජරෙණූහි, යාචකා විචරන‍්ති තෙ.

17. බෙහෙවින් වැඩුන කිහිළි ලොම්, නිය, මැලියම් සහිත දත් ඇති දූවිලි සහිත හිස් ඇති දූවිලිවලින් ගැවසී ගත් ඒ බමුණෝ යදින්නාහු ගමන් කරති.

“ඛාණුඝාතසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

18. රජතුමනි, දැවී ගිය කනු උගුලන්නෝ මෙන් අපිරිසිදු වූවන් හා සමාන ඔවුහුද බමුණෝ යයි කියනු ලබත්. ඔවුහු යාචක බමුණෝ යයි කියනු ලබත්. ඔවුන් වෙත ගොස් ආරාධනා කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

19. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කොරව්‍ය රජු කීය. ඔවුහු බ්‍රාහ්මණයෝ යැයි කියනු නොලබත්. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

20. යමෙක් මාගේ භෝජනය අනුභව කරත්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු එවැන්නන් සොයව. යම්තැනකට දුන් දෙය මහත්ඵල වේද යහළුව ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

“හරීතකං ආමලකං, අම‍්බං ජම‍්බුං විභීතකං; ලබුජං දන‍්තපොණානි, බෙලුවා බදරානි ච.

21. මහරජ, යමෙක් අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, දෙල්, දැහැටි බෙලි හා ඩෙබරද,

“රාජායතනං උච‍්ඡුපුටං, ධූමනෙත‍්තං මධුඅඤ‍්ජනං; උච‍්චාවචානි පණියානි, විපණෙන‍්ති ජනාධිප.

22. කිරිපළු උක් හා එම පැණිද දුම්කෝවද වී හා අඳුන්ද යන ලොකු කුඩා වෙළඳ බඩු විකුණත්ද,

“වාණිජකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

23. මහරජ, වෙළඳුන් හා සමාන ඔවුහුද බ්‍රාහ්මණයෝයයි කියනු ලබත්. ඔවුහු වෙළඳ බමුණෝ යයි කියනු ලබත්. ඔවුන් වෙත ගොස් ආරාධනය කරමුද.

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

24. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කොරව්‍ය රජු කීය. ඔවුහු බමුණෝ යයි කියනු නොලබති. විධුර පඬිතුමනි, සිත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

25. යමෙක් මාගේ භෝජනය අනුභව කරන්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු එවැන්නන් සොයව. යම් තැනක දුන් දෙය මහත්ඵල වේද යහළුව ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

“කසිවාණිජ‍්ජං කාරෙන‍්ති, පොසයන‍්ති අජෙළකෙ; කුමාරියො පවෙච‍්ඡන‍්ති, විවාහන‍්තාවහන‍්ති ච.

[missing trans]

“සමා අම‍්බට‍්ඨවෙස‍්සෙහි, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

[missing trans]

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

28. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කොරව්‍ය රජු කීය. ඔවුහු බමුණෝ යයි කියනු නොලබත්. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

[missing trans]

“නික‍්ඛිත‍්තභික‍්ඛං භුඤ‍්ජන‍්ති, ගාමෙස‍්වෙකෙ පුරොහිතා; බහූ තෙ පරිපුච‍්ඡන‍්ති, අණ‍්ඩච‍්ඡෙදා නිලඤ‍්ඡකා.

30. ගම්වල පුරෝහිතයෝ වී නිරතුරුව භික්ෂාව ලබාගෙන අනුභව කරත්. බොහෝදෙනා සුභ නැකත් ආදිය ඔවුන්ගෙන් විමසත්. ගවයන්ගේ කෝෂ සිඳීම වෙර ලකුණු තැබීම ආදිය කරති.

“පසූපි තත්‍ථ හඤ‍්ඤන‍්ති, මහිංසා සූකරා අජා; ගොඝාතකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

31. ඔවුන් නිවෙස්වල මීමුන්, ඌරන්, එළුවන් මරති. මහරජතුමනි, ගවයන් හා සමාන හැසිරීම් ඇති ඔවුහුද බ්‍රාහ්මණයෝ යයි කියනු ලබත්. කියන ලද එවැනි බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද.

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

32. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

33. යමෙක් මගේ භෝජනය අනුභව කරත්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු එවැන්නන් සොයව. යම් තැනකට දුන් දෙය මහත්ඵල වේද යහළුව ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

“අසිචම‍්මං ගහෙත්‍වාන, ඛග‍්ගං පග‍්ගය‍්හ බ්‍රාහ‍්මණා; වෙස‍්සපථෙසු තිට‍්ඨන‍්ති, සත්‍ථං අබ‍්බාහයන‍්තිපි.

34. මහරජතුමනි, (ඇතැම්) බ්‍රාහ්මණයෝ කඩු පළිහ දරා කඩුව අතින් ගෙන වෙළඳ මාර්ගයන්හි සිටිත්. ගැල් (සොරුන් වෙසෙන තැනින්) තරණය කරවති.

“සමා ගොපනිසාදෙහි, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

35. ගව පාලකයන් ගම් පහරන සොරුන් හා සමාන ඔවුහුද බමුණෝ යයි කියනු ලබත්. මහරජතුමනි, කියන ලද ඔවුන් වෙත ගොස් ආරාධනය කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

36. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කෝරව්‍ය රජු කීවේය. ඔවුහු බ්‍රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

37. යමෙක් මාගේ භෝජනය අනුභව කරන්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු එවැන්නන් සොයව. යම් තැනකට දුන් දෙය මහත්ඵල වේද, යහළුව ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

“අරඤ‍්ඤෙ කුටිකං කත්‍වා, කුටානි කාරයන‍්ති තෙ; සසබිළාරෙ බාධෙන‍්ති, ආගොධා මච‍්ඡකච‍්ඡපං.

38. ඇතැම්හු වනයෙහි කුටියක් කර (වසමින්) මලපුඩු කරවත් ගොයින්ගේ පටන් හාවුන් බළලුන් මසුන් කැස්බෑවන් පෙළත්.

“තෙ ලුද‍්දකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

39. මහරජතුමනි, ඔවුහු වැද්දෝය. (නමුත්) බමුණෝ යයි කියනු ලබත්. කියන ලද ඔවුන් වෙත ගොස් ආරාධනය කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

40. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කෝරව්‍ය රජු කීවේය. ඔවුහු බ්‍රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුර පණ්ඩිතයෙනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

41. යමෙක් මාගේ භෝජනය අනුභව කරත්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු එවැන්නන් සොයව. යම්තැනකට දුන් දෙය මහත්ඵල වේද, යහළුව ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

“අඤ‍්ඤෙ ධනස‍්ස කාමා හි, හෙට‍්ඨාමඤ‍්චෙ පසක‍්කිතා; රාජානො උපරි න‍්හායන‍්ති, සොමයාගෙ උපට‍්ඨිතෙ.

42. අනිකෙක් ධනය කැමැත්තෝ ඇඳන් යට හොවිත් සෝම යාගය පැමිණි කල්හි රජවරු ඇඳ මත ස්නානය කරත්.

“මලමජ‍්ජකසමා රාජ, තෙපි වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ.

43. රජතුමනි, නාවන්නන් වැනි ඔවුහුද බමුණෝ යයි කියනු ලබත්. කියන ලද එබඳු බමුණන් වෙත ගොස් ආරාධනා කරමුද?

“අපෙතා තෙ ච බ්‍රහ‍්මඤ‍්ඤා, (ඉති රාජා කොරබ්‍යො) න තෙ වුච‍්චන‍්ති බ්‍රාහ‍්මණා; අඤ‍්ඤෙ විධුර පරියෙස, සීලවන‍්තෙ බහුස‍්සුතෙ.

44. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහයි කෝරව්‍ය රජු කීවේය. ඔවුහු බ්‍රාහ්මණයෝ යයි කියනු නොලබත්. විධුර පණ්ඩිතයෙනි, සිල්වත් බහුශ්‍රැත වෙනත් බමුණන් සොයව.

“විරතෙ මෙථුනා ධම‍්මා, යෙ මෙ භුඤ‍්ජෙය්‍යු භොජනං; දක‍්ඛිණං සම‍්ම දස‍්සාම, යත්‍ථ දින‍්නං මහප‍්ඵල”න‍්ති.

45. යමෙක් මාගේ භෝජනය අනුභව කරන්නේ, මෙවුන්දම් සෙවීමෙන් වැළකුනු එවැන්නන් සොයව. යම්තැනකට දුන් දෙය මහත්ඵල වේද යහළුව, ඔවුන්ට දක්‍ෂිණාව දෙමු.

තත්‍ථ සීලවන‍්තෙති මග‍්ගෙනාගතසීලෙ. බහුස‍්සුතෙති පටිවෙධබහුස‍්සුතෙ. දක‍්ඛිණන‍්ති දානං. යෙ තෙති යෙ ධම‍්මිකා සමණබ්‍රාහ‍්මණා තව දානං භුඤ‍්ජෙය්‍යුං, තෙ දුල‍්ලභා. බ්‍රාහ‍්මණජාතියොති බ්‍රාහ‍්මණකුලානි. තෙසං විභඞ‍්ගං විචයන‍්ති තෙසං බ්‍රාහ‍්මණානං විභඞ‍්ගං මම පඤ‍්ඤාය විචිතභාවං විත්‍ථාරෙන සුණොහි. සංවුතෙති බද‍්ධමුඛෙ. ඔසධිකායො ගන්‍ථෙන‍්තීති “ඉදං ඉමස‍්ස රොගස‍්ස භෙසජ‍්ජං, ඉදං ඉමස‍්ස රොගස‍්ස භෙසජ‍්ජ”න‍්ති එවං සිලොකෙ බන්‍ධිත්‍වා මනුස‍්සානං දෙන‍්ති. න‍්හාපයන‍්තීති නහාපනං නාම කරොන‍්ති. ජපන‍්ති චාති භූතවිජ‍්ජං පරිවත‍්තෙන‍්ති. තිකිච‍්ඡකසමාති වෙජ‍්ජසදිසා. තෙපි වුච‍්චන‍්තීති තෙපි “බ්‍රාහ‍්මණා වා මයං, අබ්‍රාහ‍්මණා වා”ති අජානිත්‍වා වෙජ‍්ජකම‍්මෙන ජීවිකං කප‍්පෙන‍්තා වොහාරෙන “බ්‍රාහ‍්මණා”ති වුච‍්චන‍්ති. අක‍්ඛාතා තෙති ඉමෙ තෙ මයා වෙජ‍්ජබ්‍රාහ‍්මණා නාම අක‍්ඛාතා. නිපතාමසෙති වදෙහි දානි, කිං තාදිසෙ බ්‍රාහ‍්මණෙ නිපතාම, නිමන‍්තනත්‍ථාය උපසඞ‍්කමාම, අත්‍ථි තෙ එතෙහි අත්‍ථොති පුච‍්ඡති. බ්‍රහ‍්මඤ‍්ඤාති බ්‍රාහ‍්මණධම‍්මතො. න තෙ වුච‍්චන‍්තීති තෙ බාහිතපාපතාය බ්‍රාහ‍්මණා නාම න වුච‍්චන‍්ති.

එහි සීලවන්තෙ යනු ආර්ය මාර්ගයෙන් පැමිණි සීලයෙහි පිහිටි බහුස්සුතෙ යනු මාර්ගඵලාවබෝධ වශයෙන් බහුශ්‍රැත වූ. යෙතෙ යනු යම් දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔබගේ දානය වළඳත් නම් එවැන්නෝ දුර්ලභයහ. බ්‍රාහ්මණ ජාතියො යනු බ්‍රාහ්මණ කුලයන්. තෙසංවිභංගං විචයං යනු ඒ බ්‍රාහ්මණයන්ගේ විස්තර මගේ නුවණින් රැස්කරන ලද බව විස්තර වශයෙන් අසව. සංවුතෙ යනු බඳිනා ලද කට ඇති. ඔසධීකායො ගන්‍ථෙන්ති. මෙය මේ රෝගයට බෙහෙතකි. මෙය මෙයටයැයි මෙසේ රෙදි කඩෙහි බැඳ මිනිසුන්ට දෙති. නහාපයන්ති නෑවීම කරත්. ජපන්ති යනු භූත විද්‍යාව පිරිවහත්. තිකිච්ඡකස්මා යනු වෙදුන් හා සමානය. තෙපි වුච්චන්ති යනු ඔවුහු බ්‍රාහ්මණයෝද අපි බ්‍රාහ්මණයෝදැයි නොදැන වෙදකමින් ජීවිකාව ගෙන යන්නාහු ව්‍යවහාරයෙන් බ්‍රාහ්මණයෝ යයි කියත්. අක්ඛාතා තෙ යනු මොවුහු මවිසින් වෙදබමුණෝ යයි කියන ලදහ. නිපතාමසෙ යනු දැන් කියව. කිම එවැනි බමුණන් වෙත එළඹෙමුද, ආරාධනය කිරීම පිණිස සමීපයට යමුද, මොවුන්ගෙන් ඔබට වැඩක් ඇත්දැයි විමසයි. බ්‍රහ්මඤ්ඤා යනු බ්‍රාහ්මණයාගේ ස්වභාවයෙන්. න තෙ මුච්චනති යනු ඔවුහු බහාතබන ලද පවු ඇති හෙයින් බමුණෝ නම් යයි නොකියත්.

කිඞ‍්කිණිකායොති මහාරාජ, අපරෙපි බ්‍රාහ‍්මණා අත‍්තනො බ්‍රාහ‍්මණධම‍්මං ඡඩ‍්ඩෙත්‍වා ජීවිකත්‍ථාය රාජරාජමහාමත‍්තානං පුරතො කංසතාළෙ ගහෙත්‍වා වාදෙන‍්තා ගායන‍්තා ගච‍්ඡන‍්ති. පෙසනානිපීති දාසකම‍්මකරා විය පෙසනානිපි ගච‍්ඡන‍්ති. රථචරියාසූති රථසිප‍්පං සික‍්ඛන‍්ති. පරිචාරකසමාති දාසකම‍්මකරසදිසා. වඞ‍්කදණ‍්ඩන‍්ති වඞ‍්කදණ‍්ඩකට‍්ඨං. පච‍්චුපෙස‍්සන‍්ති රාජානොති රාජරාජමහාමත‍්තෙ පටිච‍්ච ආගම‍්ම සන්‍ධාය උපසෙවන‍්ති. ගාමෙසු නිගමෙසු චාති තෙසං නිවෙසනද‍්වාරෙ නිසීදන‍්ති. නිග‍්ගාහකසමාති නිග‍්ගහකාරකෙහි බලිසාධකරාජපුරිසෙහි සමා. යථා තෙ පුරිසා “අග‍්ගහෙත්‍වා න ගමිස‍්සාමා”ති නිග‍්ගහං කත්‍වා ගණ‍්හන‍්තියෙව, තථා “ගාමෙ වා වනෙ වා අලද‍්ධා මරන‍්තාපි න වුට‍්ඨහිස‍්සාමා”ති උපවසන‍්ති. තෙපීති තෙපි බලිසාධකසදිසා පාපධම‍්මා.

කිංකිණිකායො යනු මහරජ, වෙනත් බ්‍රාහ්මණයෝ තමාගේ බ්‍රාහ්මණ ධර්මය හැර දිවිපැවැත්ම පිණිස රාජ-මහාමාත්‍ය ආදීන්ගේ ඉදිරියෙහි තාලංපට ගෙන වාදනය කරමින් ගායනා කරමින් යත්. පෙසනානීපි යනු දාස කම්කරුවන් මෙන් ලියුම් ගෙන යති. රථචරියාසු යනු රිය ශිල්පය උගන්වත්. පරිචාරක සමා දස් කම්කරුවන් හා සමානයහ. දණ්ඩං යනු වක් වූ ලී දණ්ඩක්. පච්චුපෙස්සන්ති රාජානො යනු රාජ රාජ මහාමාත්‍යයන් වෙත අවුත් ධනය සඳහා සේවනය කරත්. ගාමෙසු නිගමෙසු වා යනු ඔවුන් නිවෙස් දොරටුවෙහි හිඳිත්. නිග්ගාහක සමා යනු අවමන් කටයුතු අයබදු රැස්කරන රාජ පුරුෂයන් හා සමාන. ඔවුහු යම් සේ පුරුෂයන් නොගෙන නොයමුයි නිග්‍රහකොට ගනිත්මය. එසේම ගමෙහි හෝ වනයෙහි හෝ නොලබන ලද්දාහු මැරෙන්නෝ නමුදු නොනැගිටිමු යයි උපවාස කරත්. තෙපි යනු ඔවුහුද බදු රැස්කරන්නන් මෙන් පවිටු ස්වරූප ඇත්තෝ.

රජරෙණූහීති රජෙහි ච පංසූහි ච ඔකිණ‍්ණා. යාචකාති ධනයාචකා. ඛාණුඝාතසමාති මලීනසරීරතාය ඣාමඛෙත‍්තෙ ඛාණුඝාතකෙහි භූමිං ඛණිත්‍වා ඣාමඛාණුකඋද‍්ධරණකමනුස‍්සෙහි සමානා, “අග‍්ගහෙත්‍වා න ගමිස‍්සාමා”ති නිච‍්චලභාවෙන ඨිතත‍්තා නිඛණිත්‍වා ඨපිතවතිඛාණුකා වියාතිපි අත්‍ථො. තෙපීති තෙපි තථා ලද‍්ධං ධනං වඩ‍්ඪියා පයොජෙත්‍වා පුන තථෙව ඨිතත‍්තා දුස‍්සීලා බ්‍රාහ‍්මණා.

රජ රේණුහි යනු දූවිල්ලෙන් පස්වලින් ගැවසී ගත්. යාචකා ධනය ඉල්වන්නාහු ඛාණුසාතස්මා යනු කිළිටි සිරුරු ඇති හෙයින් දැවුන කෙත මැද ගස්ගල් නසන්නන් (උදුරන්නන්) විසින් බිම සාරා දැවුන කුඩා ගස් මුල් උදුරන මිනිසුන් හා සමාන වූවාහු. නොගෙන නොයමුයි නිසල භාවයෙහි සිටි හෙයින් සාරා තබන ලද කනුවක් මෙනැයි අර්ථයි. තෙපි යනු ඔවුහුද එසේ ලබන ලද ධනය වැඩීම පිණිස යොදා නැවත එසේම සිටි හෙයින් දුස්සීල බ්‍රාහ්මණයෝ.

උච‍්ඡුපුටන‍්ති උච‍්ඡුඤ‍්චෙව ඵාණිතපුටඤ‍්ච. මධුඅඤ‍්ජනන‍්ති මධුඤ‍්චෙව අඤ‍්ජනඤ‍්ච. උච‍්චාවචානීති මහග‍්ඝඅප‍්පග‍්ඝානි. පණියානීති භණ‍්ඩානි. විපණෙන‍්තීති වික‍්කිණන‍්ති. තෙපීති තෙපි ඉමානි එත‍්තකානි වික‍්කිණිත්‍වා ජීවිකකප‍්පකා වාණිජකබ්‍රාහ‍්මණා. පොසයන‍්තීති ගොරසවික‍්කයෙන ජීවිකකප‍්පනත්‍ථං පොසෙන‍්ති. පවෙච‍්ඡන‍්තීති අත‍්තනො ධීතරො හිරඤ‍්ඤසුවණ‍්ණං ගහෙත්‍වා පරෙසං දෙන‍්ති. තෙ එවං පරෙසං දදමානා විවාහන‍්ති නාම, අත‍්තනො පුත‍්තානං අත්‍ථාය ගණ‍්හමානා ආවාහන‍්ති නාම. අම‍්බට‍්ඨවෙස‍්සෙහීති කුටුම‍්බිකෙහි චෙව ගහපතීහි ච සමා, තෙපි වොහාරවසෙන “බ්‍රාහ‍්මණා”ති වුච‍්චන‍්ති.

උච්ඡුපුටං යනු උක්ද, උල්පැණිද. මධූ අඤ්ජනං යනු මීද, අඳුන්ද. උච්චාවෙචානි යනු බොහෝ අගනා වූ හා ටිකක් අගනා වූ. පණීයානි බඩු විපණෙන්ති විකුණත්. තෙපි යනු ඔවුහුද මෙපමණක් විකුණා දිවිපවත්වන්නා වූ වෙළඳ බ්‍රාහ්මණයෝය. පොසෙන්ති යනු පස්ගෝ රසයන් විකිණීමෙන් දිවියැපීම සඳහා පෝෂණය කරත්. පවෙච්ඡන්ති යනු තමාගේ දූවරුන් රන්රිදී ගෙන අනුන්ට දෙති. ඔවුහු මෙසේ අන්‍යයන්ට දෙන්නාහු විවාහ කරවති. තමාගේ පුතුන් සඳහා ගනු ලබන්නේ ආවාහය නම් වේ. අම්බට්ඨවෙසෙහි යනු කෙළෙඹියන් සමගද ගෘහපතීන් සමගද සමානයෝය. ඔවුහුද ව්‍යවහාර වශයෙන් බ්‍රාහ්මණයෝ යයි කියත්.

නික‍්ඛිත‍්තභික‍්ඛන‍්ති ගාමපුරොහිතා හුත්‍වා අත‍්තනො අත්‍ථාය නිබද‍්ධභික‍්ඛං. බහූ තෙති බහූ ජනා එතෙ ගාමපුරොහිතෙ නක‍්ඛත‍්තමුහුත‍්තමඞ‍්ගලානි පුච‍්ඡන‍්ති. අණ‍්ඩච‍්ඡෙදා නිලඤ‍්ඡකාති භතිං ගහෙත්‍වා බලිබද‍්දානං අණ‍්ඩච‍්ඡෙදකා චෙව තිසූලාදිඅඞ‍්කකරණෙන ලඤ‍්ඡකා ච, ලක‍්ඛණකාරකාති අත්‍ථො. තත්‍ථාති තෙසං ගාමපුරොහිතානං ගෙහෙසු මංසවික‍්කිණනත්‍ථං එතෙ පසුආදයොපි හඤ‍්ඤන‍්ති. තෙපීති තෙපි ගොඝාතකසමා බ්‍රාහ‍්මණාති වුච‍්චන‍්ති.

නික්ඛන්ත භික්ඛං යනු ගමෙහි පුරෝහිතයෝ වී තමා සඳහා නිරතුරු භික්‍ෂාව. බහුතෙ යනු බොහෝ ජනයන් ඒ පුරෝහිතයන්ගෙන් නැකැත් සුභමොහොත් මංගල්‍ය කරුණු විමසති. අණ්ඩච්ඡෙදා නිලඤ්ජකානි යනු වැටුප් ගෙන ගොනුන්ගේ අණ්ඩකෝෂ සිඳීමද, ත්‍රිශුල ආදී වෙරලකුණු තබන උපකරණයන්ගෙන් සළකුණු කරන්නෝ යන අර්ථයි. තත්‍ථ යනු ඒ ගම්පුරෝහිතයන්ගේ ගෙවල්වල මස් විකිණීම සඳහා මේ ගවයන් ආදීන් නසත්. තෙපි යනු ඔවුහු ගෝ ඝාතක බ්‍රාහ්මණයෝ යයි කියත්.

අසිචම‍්මන‍්ති අසිලට‍්ඨිඤ‍්චෙව කණ‍්ඩවාරණඤ‍්ච. වෙස‍්සපථෙසූති වාණිජානං ගමනමග‍්ගෙසු. සත්‍ථං අබ‍්බාහයන‍්තීති සත්‍ථවාහානං හත්‍ථතො සතම‍්පි සහස‍්සම‍්පි ගහෙත්‍වා සත්‍ථෙ චොරාටවිං අතිබාහෙන‍්ති. ගොපනිසාදෙහීති ගොපාලකෙහි චෙව නිසාදෙහි ච ගාමඝාතකචොරෙහි සමාති වුත‍්තං. තෙපීති තෙපි එවරූපා බ්‍රාහ‍්මණාති වුච‍්චන‍්ති. කුටානි කාරයන‍්ති තෙති කූටපාසාදීනි රොපෙන‍්ති. සසබිළාරෙති සසෙ චෙව බිළාරෙ ච. එතෙන ථලචරෙ මිගෙ දස‍්සෙති. ආගොධා මච‍්ඡකච‍්ඡපන‍්ති ථලජෙසු තාව ආගොධතො මහන‍්තෙ ච ඛුද‍්දකෙ ච පාණයො බාධෙන‍්ති මාරෙන‍්ති, ජලජෙසු මච‍්ඡකච‍්ඡපෙ. තෙපීති තෙපි ලුද‍්දකසමා බ්‍රාහ‍්මණාති වුච‍්චන‍්ති.

අසිචම්මං යනු කඩුමුගුරු ඊතල ඇතුන්ද. වෙස්සපථෙසු යනු වෙළඳුන් ගමන්කරන මාර්ගයන්හි. සත්‍ථං අබභාහයන්ති. ගැල්කරුවන් අතින් සියයක්ද දහසක්ද ගෙන ගැල් කණ්ඩායම් සොරුන් ඇති වනයෙන් එතර කරවයි. ගොපනිසාදෙහි යනු ගොපල්ලන් සමගද වැද්දන් සමගද ගම් නසන සොරුන් සමගද සමාන යයි කියන ලදී. තෙපි යනු මෙබන්දෝ ද බ්‍රාහ්මණයයි කියත්. කූටානිකාරයන්ති තෙ යනු බොරු ගෙවල් තනත්. සස බිළාරෙ යනු සාවුන්ද, බළලුන් දැයි මේ ක්‍රමයෙන් ගොඩ හැසිරෙන සතුන් දක්වයි. ආගොධො මච්ඡ කච්ඡපං යනු ගොඩ හැසිරෙන්නවුන් අතර ගොයින් පටන් ලොකු කුඩා ප්‍රාණීන් නසත් මරත් ජලජ සතුන් අතර මත්ස්‍ය කැසුබු ආදීන්. තෙපි යනු වැද්දන් හා සමාන වූ ඔවුහුද බ්‍රාහ්මණයෝයි කියත්.

අඤ‍්ඤෙ ධනස‍්ස කාමා හීති අපරෙ බ්‍රාහ‍්මණා ධනං පත්‍ථෙන‍්තා. හෙට‍්ඨාමඤ‍්චෙ පසක‍්කිතාති “කලිපවාහකම‍්මං කාරෙස‍්සාමා”ති රතනමයං මඤ‍්චං කාරෙත්‍වා තස‍්ස හෙට‍්ඨා නිපන‍්නා අච‍්ඡන‍්ති. අථ නෙසං සොමයාගෙ උපට‍්ඨිතෙ රාජානො උපරි නහායන‍්ති, තෙ කිර සොමයාගෙ නිට‍්ඨිතෙ ආගන‍්ත්‍වා තස‍්මිං මඤ‍්චෙ නිසීදන‍්ති. අථ නෙ අඤ‍්ඤෙ බ්‍රාහ‍්මණා “කලිං පවාහෙස‍්සාමා”ති නහාපෙන‍්ති. රතනමඤ‍්චො චෙව රඤ‍්ඤො රාජාලඞ‍්කාරො ච සබ‍්බො හෙට‍්ඨාමඤ‍්චෙ නිපන‍්නස‍්සෙව හොති. තෙපීති තෙපි මලමජ‍්ජකෙහි නහාපිතෙහි සදිසා බ්‍රාහ‍්මණාති වුච‍්චන‍්ති.

අඤ්ඤෙධනස්සකාමාහි යනු සෙසු බ්‍රාහ්මණයෝ ධනය කැමැත්තෝ. හෙට්ඨා මඤ්චෙ පසක්ඛිතා යනු අපල දුරුකිරිමේ කටයුතු කරන්නෙමුයි රුවන්මුවා ඇඳක් කරවා ඒ යට හොත්තාහු වසත්. ඉක්බිති ඔවුන්ගේ සෝම යාගය එළඹි කල්හි රජවරු ඒ මත්තෙහි නහවත්. ඔවුහු යාගය නිම වූ කල්හි අවුත් ඒ ඇඳෙහි හිඳිත්. ඉක්බිතිව අනික් බ්‍රාහ්මණයෝ අපල දුරු කරන්නෙමුයි ඔවුන් නාවත්. රුවන්මුවා ඇඳ ද රජුගේ රාජාලංකාරද සියල්ල යට හොත්තහුටම වෙයි. තෙපි යනු ඒ කිළිටි පිරිමදින්නන් නැහැවියන් හා සමාන වූවාහු බමුණෝ යයි කියත්.

එවඤ‍්චිමෙ වොහාරමත‍්තබ්‍රාහ‍්මණෙ දස‍්සෙත්‍වා ඉදානි පරමත්‍ථබ්‍රාහ‍්මණෙ දස‍්සෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ ව්‍යවහාර මාත්‍රයෙන් බ්‍රාහ්මණ වූ මොවුන් දක්වා පරමාර්ථ (ඇන්ත) වශයෙන් වූ බ්‍රාහ්මණයන් දක්වමින් ගාථා දෙකක් කීවේය.

“අත්‍ථි ඛො බ්‍රාහ‍්මණා දෙව, සීලවන‍්තො බහුස‍්සුතා; විරතා මෙථුනා ධම‍්මා, යෙ තෙ භුඤ‍්ජෙය්‍යු භොජනං.

46. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබගේ භෝජනය අනුභව කරන්ද, මෙවුන්දම් සෙවීමෙන් වැලකුණු සිල්වත් බහුශ්‍රැත බ්‍රාහ්මණයෝ ඇත්තාහ.

“එකඤ‍්ච භත‍්තං භුඤ‍්ජන‍්ති, න ච මජ‍්ජං පිවන‍්ති තෙ; අක‍්ඛාතා තෙ මහාරාජ, තාදිසෙ නිපතාමසෙ”ති.

47. ඔවුහු එක් බතක් (වේලක්) අනුභව කරත්. මත්පැන් පානය නොකරති. මහරජතුමනි කියන ලද එබඳු වූවන් වෙත ගොස් ආරාධනය කරමුද?

තත්‍ථ සීලවන‍්තොති අරියසීලෙන සමන‍්නාගතා. බහුස‍්සුතාති පටිවෙධබාහුසච‍්චෙන සමන‍්නාගතා. තාදිසෙති එවරූපෙ බාහිතපාපෙ පච‍්චෙකබුද‍්ධබ්‍රාහ‍්මණෙ නිමන‍්තනත්‍ථාය උපසඞ‍්කමාමාති.

එහි සීලවන්තා යනු ආර්ය ශීලයෙන් යුක්ත වූ. බහුස්සුතා යනු ධර්මාවබෝධය නම් වූ බහුශ්‍රැත බැවින් යුක්ත වූ. තාදිසෙ යනු මෙබඳු වූ බහාලන ලද පව් ඇති පසේ බුදුන් නම් බ්‍රාහ්මණයන්ට ආරාධනා කිරීම පිණිස වෙත එළඹෙමු යයි.

රාජා තස‍්ස කථං සුත්‍වා පුච‍්ඡි “සම‍්ම විධුර, එවරූපා අග‍්ගදක‍්ඛිණෙය්‍යා බ්‍රාහ‍්මණා කහං වසන‍්තී”ති? උත‍්තරහිමවන‍්තෙ නන්‍දමූලකපබ‍්භාරෙ, මහාරාජාති. “තෙන හි, පණ‍්ඩිත, තව බලෙන මය‍්හං තෙ බ්‍රාහ‍්මණෙ පරියෙසා”ති තුට‍්ඨමානසො ගාථමාහ –

රජු ඔහුගේ කථාව අසා යහළු විධුර පණ්ඩිතයනි, දිය යුත්තන් අතර ශ්‍රේෂ්ඨ වූ මෙබඳු බ්‍රාහ්මණයෝ කොහි වසත්දැයි විචාළේය. මහරජතුමනි, උතුරු හිමවත නන්දමූලක පර්වතයෙහි යයි කීවේය. එසේ වී නම් ඔබගේ බලයෙන් මා සඳහා ඒ බ්‍රාහ්මණයන් සොයව යයි සතුටු සිතින් යුක්තව.

“එතෙ ඛො බ්‍රාහ‍්මණා විධුර, සීසවන‍්තො බහුස‍්සුතා; එතෙ විධුර පරියෙස, ඛිප‍්පඤ‍්ච නෙ නිමන‍්තයා”ති.

48. විධුර පඬිතුමනි, මුන්වහන්සේලා සිල්වත් බහුශ්‍රැත බ්‍රාහ්මණයෝ වෙති. විධුර පණ්ඩිතය, ඔවුන් වහා සොයව. උන්වහන්සේලාට ආරාධනා කරව යි යන ගාථාව කීවේය.

මහාසත‍්තො “සාධූ”ති තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා “තෙන හි, මහාරාජ, නගරං අලඞ‍්කාරාපෙත්‍වා සබ‍්බෙ නගරවාසිනො දානං දත්‍වා උපොසථං අධිට‍්ඨාය සමාදින‍්නසීලා හොන‍්තූ”ති භෙරිං චරාපෙත්‍වා “තුම‍්හෙපි සද‍්ධිං පරිජනෙන උපොසථං සමාදියථා”ති වත්‍වා සයං පාතොව භුඤ‍්ජිත්‍වා උපොසථං සමාදාය සායන‍්හසමයෙ ජාතිපුප‍්ඵපුණ‍්ණං සුවණ‍්ණසමුග‍්ගං ආහරාපෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං පඤ‍්චපතිට‍්ඨිතං පතිට‍්ඨහිත්‍වා පච‍්චෙකබුද‍්ධානං ගුණෙ අනුස‍්සරිත්‍වා වන්‍දිත්‍වා “උත‍්තරහිමවන‍්තෙ නන්‍දමූලකපබ‍්භාරවාසිනො පඤ‍්චසතා පච‍්චෙකබුද‍්ධා ස‍්වෙ අම‍්හාකං භික‍්ඛං ගණ‍්හන‍්තූ”ති නිමන‍්තෙත්‍වා ආකාසෙ අට‍්ඨ පුප‍්ඵමුට‍්ඨියො විස‍්සජ‍්ජෙසි. තදා තත්‍ථ පඤ‍්චසතා පච‍්චෙකබුද‍්ධා වසන‍්ති, පුප‍්ඵානි ගන‍්ත්‍වා තෙසං උපරි පතිංසු. තෙ ආවජ‍්ජෙන‍්තා තං කාරණං ඤත්‍වා “මාරිසා, විධුරපණ‍්ඩිතෙන නිමන‍්තිතම‍්හ, න ඛො පනෙස ඉත‍්තරසත‍්තො, බුද‍්ධඞ‍්කුරො එස, ඉමස‍්මිංයෙව කප‍්පෙ බුද‍්ධො භවිස‍්සති, කරිස‍්සාමස‍්ස සඞ‍්ගහ”න‍්ති නිමන‍්තනං අධිවාසයිංසු. මහාසත‍්තො පුප‍්ඵානං අනාගමනසඤ‍්ඤාය අධිවාසිතභාවං ඤත්‍වා “මහාරාජ, ස‍්වෙ පච‍්චෙකබුද‍්ධා ආගමිස‍්සන‍්ති, සක‍්කාරසම‍්මානං කරොහී”ති ආහ. රාජා පුනදිවසෙ මහාසක‍්කාරං කත්‍වා මහාතලෙ මහාරහානි ආසනානි පඤ‍්ඤපෙසි. පච‍්චෙකබුද‍්ධා අනොතත‍්තදහෙ කතසරීරපටිජග‍්ගනා වෙලං සල‍්ලක‍්ඛෙත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා රාජඞ‍්ගණෙ ඔතරිංසු. රාජා ච බොධිසත‍්තො ච පසන‍්නමානසා තෙසං හත්‍ථතො පත‍්තානි ගහෙත්‍වා පාසාදං ආරොපෙත්‍වා නිසීදාපෙත්‍වා දක‍්ඛිණොදකං දත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිංසු. භත‍්තකිච‍්චපරියොසානෙ ච පුනදිවසත්‍ථායාති එවං සත‍්ත දිවසෙ නිමන‍්තෙත්‍වා මහාදානං දත්‍වා සත‍්තමෙ දිවසෙ සබ‍්බපරික‍්ඛාරෙ අදංසු. තෙ අනුමොදනං කත්‍වා ආකාසෙන තත්‍ථෙව ගතා, පරික‍්ඛාරාපි තෙහි සද‍්ධිංයෙව ගතා.

මහබෝසත් තෙමේ මැනවයි ඔහුගේ වචනය පිළිගෙන රජතුමනි, එසේ නම් නගරය අලංකාර කරවා සියලු නුවර වැස්සෝ දන් දී පෙහෙවස් අධිෂ්ඨාන කර සමාදන් වූ සිල් ඇත්තෝ වෙත්වායි බෙර හසුරුවා තෙපිද පිරිවර ජනයා සමග පෙහෙවස් සමාදන් වනු යයි කියා තෙමේ උදෑසනම අනුභව කර පෙහෙවස් සමාදන් වී සවස් කාලයෙහි දෑසමන් මල් පිරුණු කරඬුවක් ගෙන්වා රජු සමග පසඟ පිහිටුවා පසේ බුදුවරුන්ගේ ගුණ සිහිකර වැඳ උතුරු හිමවත නක්‍දමූල පර්වතවාසී වූ පන්සියයක් පසේබුදුවරු හෙට අපගේ දානය ගනිත්වායි ආරාධනා කර මල් අටමිටක් අහසෙහි විසුරුවාලීය. එකල්හි එහි පන්සියයක් පසේ බුදුවරු වසත්. මල් ගොස් ඔවුන්ගේ මත්තෙහි වැටුනාහුය. ඔවුහු සිතා බලන්නාහු ඒ කරුණ දැන පිංවතුනි, විධුර පණ්ඩිතයා විසින් ආරාධනය කරන ලද්දෝ වෙමු. මෙතෙම අවශේෂ සත්ත්වයෙකු නොවේ. මෙතෙම බුද්ධංකුරයෙකි. හෙතෙම මේ කල්පයෙහි බුදුවන්නෙහි. ඔහුට සංග්‍රහ කරමු යයි ආරාධනාව ඉවසූහ. මහබෝසත් තෙමේ මල් නොපැමිණීමේ සළකුණින් ආරාධනාව ඉවසූ බව දැන මහරජතුමනි, හෙට පසේබුදුවරු පැමිණෙති. සත්කාර සම්මාන කරවයි කීවේය. රජු දෙවන දවස්හි මහත් වූ සත්කාර කර මතුමහලෙහි ඉතා වටිනා වූ අසුන් පැනවීය. අනෝතත්ත විලෙහි කරන ලද සිරුරු පිළිදැගුම් ඇති පසේ බුදුවරු වේලාව සලකා අහසින් අවුත් රජමිදුලෙහි බැස්සාහුය. රජුද බෝධිසත්ත්වයෝද පැහැදුන සිත් ඇත්තාහු උන්වහන්සේලාගේ අතින් පාත්‍ර ගෙන පහයට නංවා හිඳුවා දක්‍ෂිණෝදකය දී (පැන් පිළිගන්වා) ප්‍රණීත වූ කෑ යුතු දෙයින්ද අනුභව කළයුතු දෙයින්ද උපස්ථාන කළාහුය. බක්කිය අවසානයෙහිදීම දෙවන දවස සඳහාදැයි මෙසේ සත්දිනක් ආරාධනා කර මහදන් දී සත්වන දිනයෙහි සියළු පිරිකර දුන්හ. ඔවුහු අනුමෝදන් කර අහසින් එහිම ගියාහුය. පිරිකරද උන්වහන්සේලා සමගම ගියාහුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, කොසලරඤ‍්ඤො මම උපට‍්ඨාකස‍්ස සතො විචෙය්‍යදානං දාතුං, පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙපි බුද‍්ධෙ දානං අදංසුයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, විධුරපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා කොසොල් රජු මගේ උපස්ථායකයෙකු වී තෝරා දන් දීමට යොමු වීම පුදුමයට කරුණු නොවේ. පැරණි පණ්ඩිතයෝ බුදුන් නූපන් කල්හිම එලෙස දුන්නාහු යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද වීය. විධුර පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.

දසබ්‍රාහ‍්මණජාතකවණ‍්ණනා ද‍්වාදසමා.