3. සිවිජාතකවණ්ණනා 499 අට්ඨකථා
3. සිවිජාතකවණ්ණනා (499)
3. සිවි ජාතකය (499)
දූරෙ අපස්සං ථෙරොවාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අසදිසදානං ආරබ්භ කථෙසි. තං අට්ඨකනිපාතෙ සිවිජාතකෙ විත්ථාරිතමෙව. තදා පන රාජා සත්තමෙ දිවසෙ සබ්බපරික්ඛාරෙ දත්වා අනුමොදනං යාචි, සත්ථා අකත්වාව පක්කාමි. රාජා භුත්තපාතරාසො විහාරං ගන්ත්වා “කස්මා, භන්තෙ, අනුමොදනං න කරිත්ථා”ති ආහ. සත්ථා “අපරිසුද්ධා, මහාරාජ, පරිසා”ති වත්වා “න වෙ කදරියා දෙවලොකං වජන්තී”ති (ධ· ප· 177) ගාථාය ධම්මං දෙසෙසි. රාජා පසීදිත්වා සතසහස්සග්ඝනකෙන සීවෙය්යකෙන උත්තරාසඞ්ගෙන තථාගතං පූජෙත්වා නගරං පාවිසි. පුනදිවසෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, කොසලරාජා අසදිසදානං දත්වා තාදිසෙනපි දානෙන අතිත්තො දසබලෙන ධම්මෙ දෙසිතෙ පුන සතසහස්සග්ඝනකං සීවෙය්යකවත්ථං අදාසි, යාව අතිත්තො වත ආවුසො දානෙන රාජා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා ‘ඉමාය නාමා”ති වුත්තෙ “භික්ඛවෙ, බාහිරභණ්ඩං නාම සුදින්නං, පොරාණකපණ්ඩිතා සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා දෙවසිකං ඡසතසහස්සපරිච්චාගෙන දානං දදමානාපි බාහිරදානෙන අතිත්තා ‘පියස්ස දාතා පියං ලභතී’ති සම්පත්තයාචකානං අක්ඛීනි උප්පාටෙත්වා අදංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
දූරෙ අපස්සං ථෙරො වා යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් අසදෘශ දානය අරභයා වදාළ සේක. එය අටවෙනි නිපාතයෙහි සෝවීර ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. එකල්හි රජු සත්වන දවස්හි සියළු පිරිකර දී අනුමෝදනාව අයැද සිටියේය. ශාස්තෲන් වහන්සේ නොකොටම වැඩි සේක. රජු අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ විහාරයට ගොස් “ස්වාමීනි, කුමක් හෙයින් අනුමෝදනාව නොකරන ලද්දේදැයි” කීවේය. මහරජතුමනි, පිරිස අපිරිසිදු යයි වදාරා “න වෙ කදරියා දෙවලොකං වජන්ති” (දැඩි මසුරෝ දෙව්ලොවට නොයත්) යන ගාථාවෙන් ධර්මය දේශනා කළ සේක. රජු පැහැදී ලක්ෂයක් වටනා සීවෙය්‍යක උතුරු සළුවෙකින් තථාගතයන් වහන්සේ පුදා නගරයට පිවිසියේය. දෙවන දවස්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, කොසොල් රජු අසදෘශ දානය දී එබඳු වූ දානයෙන්ද අතෘප්තිමත් වූයේ දසබලධාරීන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ කල්හි නැවත ලක්ෂයක් වටිනා සීවෙය්‍යක වස්ත්‍රයක් දුන්නේය. යම්හෙයකින් ඇවැත්නි, රජු දානයෙන් අතෘප්තිමත් වූයේම යයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, බාහිර උපභෝග-පරිභෝග වස්තු දීම මනාව දුන්නේ වේ. පැරණි පණ්ඩිතයෝ මුළු දඹදිව නඟුල් මත බඳවා දිනපතා ලක්ෂ හයක් පරිත්‍යාග කරවීමෙන් දන් දෙනු ලබන්නාහු බාහිර වස්තු දීමෙන් අතෘප්තිමත් වූවාහු ප්‍රිය වූවක් දන් දෙන තැනැත්තා ප්‍රිය වූවක්ම ලබයි යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ සිවිරට්ඨෙ අරිට්ඨපුරනගරෙ සිවිමහාරාජෙ රජ්ජං කාරෙන්තෙ මහාසත්තො තස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, “සිවිකුමාරො”තිස්ස නාමං කරිංසු. සො වයප්පත්තො තක්කසිලං ගන්ත්වා උග්ගහිතසිප්පො ආගන්ත්වා පිතු සිප්පං දස්සෙත්වා උපරජ්ජං ලභිත්වා අපරභාගෙ පිතු අච්චයෙන රාජා හුත්වා අගතිගමනං පහාය දස රාජධම්මෙ අකොපෙත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා චතූසු ද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙ චාති ඡ දානසාලායො කාරෙත්වා දෙවසිකං ඡසතසහස්සපරිච්චාගෙන මහාදානං පවත්තෙසි. අට්ඨමියං චාතුද්දසියං පන්නරසියඤ්ච නිච්චං දානසාලං ගන්ත්වා දානං ඔලොකෙසි. සො එකදා පුණ්ණමදිවසෙ පාතොව සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො අත්තනා දින්නදානං ආවජ්ජෙන්තො බාහිරවත්ථුං අත්තනා අදින්නං නාම අදිස්වා “මයා බාහිරවත්ථු අදින්නං නාම නත්ථි, න මං බාහිරදානං තොසෙති, අහං අජ්ඣත්තිකදානං දාතුකාමො, අහො වත අජ්ජ මම දානසාලං ගතකාලෙ කොචිදෙව යාචකො බාහිරවත්ථුං අයාචිත්වා අජ්ඣත්තිකස්ස නාමං ගණ්හෙය්ය, සචෙ හි මෙ කොචි හදයමංසස්ස නාමං ගණ්හෙය්ය, කණයෙන උරං පහරිත්වා පසන්නඋදකතො සනාළං පදුමං උද්ධරන්තො විය ලොහිතබින්දූනි පග්ඝරන්තං හදයං නීහරිත්වා දස්සාමි. සචෙ සරීරමංසස්ස නාමං ගණ්හෙය්ය, අවලෙඛනසත්ථකෙන තෙලසිඞ්ගං ලිඛන්තො විය සරීරමංසං ඔතාරෙත්වා දස්සාමි. සචෙ ලොහිතස්ස නාමං ගණ්හෙය්ය, යන්තමුඛෙ පක්ඛන්‍දිත්‍වා උපනීතං භාජනං පූරෙත්වා ලොහිතං දස්සාමි. සචෙ වා පන කොචි ‘ගෙහෙ මෙ කම්මං නප්පවත්තති, ගෙහෙ මෙ දාසකම්මං කරොහී’ති වදෙය්ය, රාජවෙසං අපනෙත්වා බහි ඨත්වා අත්තානං සාවෙත්වා දාසකම්මං කරිස්සාමි. සචෙ මෙ කොචි අක්ඛිනො නාමං ගණ්හෙය්ය, තාලමිඤ්ජං නීහරන්තො විය අක්ඛීනි උප්පාටෙත්වා දස්සාමී”ති චින්තෙසි.
පෙර සිවිරට අරිට්ඨ පුරයෙහි සිවි මහරජු රාජ්‍යය කරවන කල්හි මහ බෝසත් තෙමේ ඔහුගේ පුත්‍රයා වී උපන්නේය. ඔහුට සිවි කුමාරයා යයි නම් කළාහුය. හෙතෙම වැඩිවියට පත් වූයේ තක්සලාවට ගොස් ඉගෙන ගන්නා ලද ශිල්ප ඇත්තේ අවුත් පියාට ශිල්ප දක්වා යුවරජ තනතුර ලැබ මෑත කාලයෙහි පියා ඇවෑමෙන් රජ වී අගතිගාමී වීම හැර දසරාජ ධර්මයන් කෝප නොකර දැහැමිව රාජ්‍යය කරවන්නේ සිව්දොරද නගරය මැදද මාළිගය දොරටුවෙහිද යයි දාන ශාලා සයක් කරවා දිනපතා සය ලක්ෂයක් වියදම් කර මහදන් පැවැත්වීය. අටවක, තුදුස්වක, පසළොස්වක දිනයන්හි නිරතුරුව දාන ශාලාවට ගොස් දානය පිරික්සා බැලීය. හෙතෙම එක් එක් පසළොස්වක දිනයක උදෑසනම ඔසවන ලද සේසත් ඇති සිංහාසනයෙහි හුන්නේ තමා විසින් දෙන ලද දානය ආවර්ජනා කරන්නේ බාහිර වස්තූන් අතර තමා විසින් නොදෙන ලද්දක් නැත. බාහිර දේ දන්දීම මා සතුටු නොකරයි. මම අධ්‍යාත්මික දානයක් දෙනු කැමැත්තේ වෙමි. අහෝ ඒකාන්තයෙන් අද මා දාන ශාලාවට ගියකල්හි බාහිර වස්තුවක් නොඉල්ලා අධ්‍යාත්මික වූවක් ගන්නේ නම් මැනවි. ඉදින් කිසිවෙක් මගේ හදවතේ මස් ගන්නේ නම් හෙල්ලකින් හදවත පහරා පැහැදිලි ජලයෙන් නටුව සහිත පියුමක් උදුරන්නාක් මෙන් ලේ බින්දුන් වගුරන්නා වූ හදවත බැහැරකොට දෙන්නෙමි. ඉදින් සිරුරු මස් ගන්නේ නම් සූරා දැමීමේ ආයුධයකින් තෙලින් බඳිනා ලද අඟක් ලියන්නාක් මෙන් සිරුරු මස් බස්වා දෙමි. ඉදින් කිසිවෙකු මගේ ලේ ගන්නේ නම් යන්ත්‍රයක් අභිමුඛයෙහි පැනවැදී එළවන ලද භාජනය පුරවා ලේ දෙන්නෙමි. ඉදින් කිසිවෙක් මගේ නිවසෙහි කර්මාන්තයන් නොපවතී. මගේ නිවසෙහි දාසබව කරවයි කියන්නේ නම් මේ රාජවේශය ඉවත්කර පිටත සිට තමා දාස කටයුතු කරන්නෙමි. ඉදින් කිසිවෙක් මගේ ඇස් ගන්නේ නම් තල්මිදුළු බැහැර කරන්නාක් මෙන් දෙන්නෙමියි සිතුවේය.
ඉති සො –
“යංකිඤ්චි මානුසං දානං, අදින්නං මෙ න විජ්ජති; යොපි යාචෙය්ය මං චක්ඛුං, දදෙය්යං අවිකම්පිතො”ති. (චරියා· 1.52) –
මෙසේ හෙතෙම මවිසින් නොදෙන ලද මානුෂීය වූ කිසි දානයක් නොවේ. යමෙකු මගේ ඇස ඉල්වයි නම් කම්පා නොවූයේ (එයද) දෙන්නේය.
චින්තෙත්වා සොළසහි ගන්ධොදකඝටෙහි න්හායිත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො නානග්ගරසභොජනං භුඤ්ජිත්වා අලඞ්කතහත්ථික්ඛන්ධවරගතො දානග්ගං අගමාසි. සක්කො තස්ස අජ්ඣාසයං විදිත්වා “සිවිරාජා ‘අජ්ජ සම්පත්තයාචකානං චක්ඛූනි උප්පාටෙත්වා දස්සාමී’ති චින්තෙසි, සක්ඛිස්සති නු ඛො දාතුං, උදාහු නො”ති තස්ස විමංසනත්ථාය ජරාපත්තො අන්ධබ්රාහ්මණො විය හුත්වා රඤ්ඤො දානග්ගගමනකාලෙ එකස්මිං උන්නතප්පදෙසෙ හත්ථං පසාරෙත්වා රාජානං ජයාපෙත්වා අට්ඨාසි. රාජා තදභිමුඛං වාරණං පෙසෙත්වා “බ්‍රාහ්මණ, කිං වදෙසී”ති පුච්ඡි. අථ නං සක්කො “මහාරාජ, තව දානජ්ඣාසයං නිස්සාය සමුග්ගතෙන කිත්තිඝොසෙන සකලලොකසන්නිවාසො නිරන්තරං ඵුටො, අහං අන්ධො, ත්වං ද්විචක්ඛුකො”ති වත්වා චක්ඛුං යාචන්තො පඨමං ගාථමාහ –
යයි සිතා සුවඳ දිය සොළොස් කළයක් නා සියළු අලංකාරයන්ගෙන් සැරසුනේ නොයෙක් උතුම් රස ආහාර වළඳා අලංකාර කළ ඇතෙකු පිට නැගුනේ දන්හල කරා ගියේය. ශක්‍රයා ඔහුගේ අදහස දැන සිවිරජු අද පැමිණි යාචකයන්ට ඇස් උපුටා දෙන්නෙමියි සිතීය. දෙන්නට හැකි වන්නෙහිද, නැතහොත් නැත්දැයි ඔහු විමසනු සඳහා ජරාවට පත් වූ අන්ධ බ්‍රාහ්මණයෙක් මෙන් වී රජු දන්ශාලාව වෙත යනකල්හි එක් උස් පෙදෙසක සිට අත දිගහැර රජුට ජය පතා සිටියේය. රජු ඔහුට අභිමුඛව ඇතු මෙහෙයවා බ්‍රාහ්මණය, කුමක් කියහිදැයි විචාළේය. ඉක්බිති ශක්‍රයා ඔහුට (කියනුයේ) මහරජතුමනි, ඔබගේ දන් දීමේ අදහස නිසා උපන්නා වූ කීර්ති ඝෝෂාවෙන් නිරතුරුව සියළු ලොව පැතිර ගියේය. මමද අන්ධයෙක් වෙමි. ඔබ ඇස් දෙකක් ඇත්තෙකැයි කියා ඇසක් ඉල්ලන්නේ පළමු ගාථාව කීවේය.
“දූරෙ අපස්සං ථෙරොව, චක්ඛුං යාචිතුමාගතො; එකනෙත්තා භවිස්සාම, චක්ඛුං මෙ දෙහි යාචිතො”ති.
දූරෙ අපස්සං ථෙරොව චක්ඛුං යාචිතුමාගතො, එකනෙත්තා භවිස්සාම චක්ඛුං මෙ දෙහි යාචිතො
1. කිසිවක් නොදක්නා වූ මහල්ලෙකු මෙන් ඇසක් ඉල්වන්නට දුර සිට පැමිණියෙමි. (අපි දෙදෙනම) එක් ඇසක් ඇත්තෝ වන්නෙමු. ඉල්ලන්නා වූ මට එක ඇසක් දෙව යි.
තත්ථ දූරෙති ඉතො දූරෙ වසන්තො. ථෙරොති ජරාජිණ්ණථෙරො. එකනෙත්තාති එකං නෙත්තං මය්හං දෙහි, එවං ද්වෙපි එකෙකනෙත්තා භවිස්සාමාති.
එහි දූරෙ යනු මෙයින් ඈත වසන්නෙමි. ථෙරො යනු ජරාවෙන් දිරාගිය මහල්ලෙක්. එකනෙත්තා යනු එක ඇසක් මට දෙව. මෙසේ අපි දෙදෙනාම එක් ඇසක් ඇත්තෝ වන්නෙමු.
තං සුත්වා මහාසත්තො “ඉදානෙවාහං පාසාදෙ නිසින්නො චින්තෙත්වා ආගතො, අහො මෙ ලාභො, අජ්ජෙව මෙ මනොරථො මත්ථකං පාපුණිස්සති, අදින්නපුබ්බං දානං දස්සාමී”ති තුට්ඨමානසො දුතියං ගාථමාහ –
මහබෝසත් තෙමේ එය අසා දැන් මම ප්‍රාසාදයෙහි හුන්නෙමි. මෙසේ සිතා ආවේ වෙමි. මගේ ලැබීම පුදුමයි. ඒකාන්තයෙන් අද මගේ සිතැඟි මස්තකප්රාප්ත වන්නේය. මින් පෙර නොදුන් දානයක් දෙන්නෙමියි සතුටු සිත් ඇත්තේ දෙවන ගාථාව කීවේය.
“කෙනානුසිට්ඨො ඉධ මාගතොසි, වනිබ්බක චක්ඛුපථානි යාචිතුං; සුදුච්චජං යාචසි උත්තමඞ්ගං, යමාහු නෙත්තං පුරිසෙන ‘දුච්චජ’න්ති.
2. දිළින්ද! කවරෙකු විසින් අනුශාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීම සඳහා මෙහි පැමිණියේ වෙහිද? යම් හෙයකින් පුරුෂයා විසින් ඇස අපහසුවෙන් හල යුතුයයි කීවාහුද අතිශයින් අත්හැරීම අපහසු වූ උතුම් අවයවයක් වූ ඇස ඉල්වන්නෙහිය.
තත්ථ වනිබ්බකාති තං ආලපති. චක්ඛුපථානීති චක්ඛූනමෙතං නාමං. යමාහූති යං පණ්ඩිතා “දුච්චජ”න්ති කථෙන්ති.
එහි වණිබ්බකා යයි ඔහු අමතයි. චක්ඛුපථානි යනු මේ ඇස්වලට එක් නමකි. යමාහු යනු පණ්ඩිතයෝ යමක් අත්හැරීම අපහසු යයි කියත්ද?
ඉතො පරං උත්තානසම්බන්ධගාථා පාළිනයෙනෙව වෙදිතබ්බා –
මින් පසුව ප්‍රකට සම්බන්ධතා ඇති ගාථාවෝ පෙළෙහි වූ පිළිවෙලින්ම දත යුත්තාහ.
“යමාහු දෙවෙසු සුජම්පතීති, මඝවාති නං ආහු මනුස්සලොකෙ; තෙනානුසිට්ඨො ඉධ මාගතොස්මි, වනිබ්බකො චක්ඛුපථානි යාචිතුං.
3. දෙවියන් අතර යමෙකුට සුජම්පතී යයි කියත්ද? මිනිස් ලොවදී ඔහුට “මඝවා” යයි කියත්. ඔහු විසින් අනුශාසනා කරන ලද දුගී වූ මම ඇස් ඉල්ලීමට මෙහි පැමිණියේ වෙමි.
“වනිබ්බතො මය්හ වනිං අනුත්තරං, දදාහි තෙ චක්ඛුපථානි යාචිතො; දදාහි මෙ චක්ඛුපථං අනුත්තරං, යමාහු නෙත්තං පුරිසෙන දුච්චජං.
4. ඉල්ලීම් අතර මගේ ඉල්ලීම ඉතා උසස්ය. ඉල්ලන්නා වූ මට ඇස් දෙව. යම් හෙයකින් පුරුෂයා විසින් ඇස අපහසුවන් හල යුතුයයි කීවාහුද උතුම් වූ ඇස මට දෙව.
“යෙන අත්ථෙන ආගච්ඡි, යමත්ථමභිපත්ථයං; තෙ තෙ ඉජ්ඣන්තු සඞ්කප්පා, ලභ චක්ඛූනි බ්‍රාහ්මණ.
5. යම් කරුණක් බලාපොරොත්තු වෙමින් යම් ප්‍රයෝජනයක් සඳහා පැමිණියේද ඔබගේ ඒ අදහස් සමෘද්ධ වේවා! බ්‍රාහ්මණය ඇස් ලබව.
“එකං තෙ යාචමානස්ස, උභයානි දදාමහං; ස චක්ඛුමා ගච්ඡ ජනස්ස පෙක්ඛතො, යදිච්ඡසෙ ත්වං තදතෙ සමිජ්ඣතූ”ති.
6. එක් ඇසක් ඉල්වන්නා වූ ඔබට මම ඇස් දෙකම දෙමි. මහජනයා බලා සිටියදීම ඇස් ඇත්තෙක් වී යව. ඔබ යමක් කැමති වන්නෙහිද ඔබගේ ඒ අදහස සමෘද්ධ වේවා!
තත්ථ වනිබ්බතොති යාචන්තස්ස. වනින්ති යාචනං. තෙ තෙති තෙ තව තස්ස අත්ථස්ස සඞ්කප්පා. ස චක්ඛුමාති සො ත්වං මම චක්ඛූහි චක්ඛුමා හුත්වා. යදිච්ඡසෙ ත්වං තදතෙ සමිජ්ඣතූති යං ත්වං මම සන්තිකා ඉච්ඡසි, තං තෙ සමිජ්ඣතූති.
එහි වණිබ්බකො යනු ඉල්වන්නා වූ. වණිං යනු ඉල්ලීමයි. තෙ තෙ යනු තොපගේ ඒ ප්‍රයෝජනය සඳහා වූ සංකල්පයෝය. ස චක්ඛුමා යනු ඒ ඔබ මගේ ඇස්වලින් ඇස් ඇත්තේ වී තදෙත සමිජ්ක්ධතු යමක් ඔබ මා සමීපයෙන් කැමති වන්නෙහිද තොපගේ ඒ අදහස සමෘද්ධිමත් වේවා.
රාජා එත්තකං කථෙත්වා “ඉධෙව මයා අක්ඛීනි උප්පාටෙත්වා දාතුං අසාරුප්ප”න්ති චින්තෙත්වා බ්රාහ්මණං ආදාය අන්තෙපුරං ගන්ත්වා රාජාසනෙ නිසීදිත්වා සීවිකං නාම වෙජ්ජං පක්කොසාපෙත්වා “අක්ඛිං මෙ සොධෙහී”ති ආහ. “අම්හාකං කිර රාජා අක්ඛීනි උප්පාටෙත්වා බ්රාහ්මණස්ස දාතුකාමො”ති සකලනගරෙ එකකොලාහලං අහොසි. අථ සෙනාපතිආදයො රාජවල්ලභා ච නාගරා ච ඔරොධා ච සබ්බෙ සන්නිපතිත්වා රාජානං වාරෙන්තා තිස්සො ගාථා අවොචුං –
රජු මෙපමණක් කියා මෙහිදීම මා විසින් ඇස් උපුටා දීම සුදුසු යයි සිතා බමුණා සමග ඇතුල් පුරයට ගොස් රාජාසනයේ හිඳ සීවක නම් වූ වෛද්‍යවරයා කැඳවා මගේ ඇස පිරිසිදු කරවයි කීවේය. අපගේ රජු ඇස් උපුටා බ්‍රාහ්මණයාට දෙනු කැමැත්තේ යයි සියළු නගරයෙහි එකම කෝලාහලයක් වීය. ඉක්බිති සෙනවි ආදී වූ රජුට ප්‍රිය වූවෝද නුවර වැසියෝද අන්තඃපුර වැසියෝද යන සියල්ලෝ රැස් වී බමුණා රැගෙන ඇතුල් පුරයට ගොස් රජු වලක්වමින් ගාථා තුනක් කීවේය.
“මා නො දෙව අදා චක්ඛුං, මා නො සබ්බෙ පරාකරි; ධනං දෙහි මහාරාජ, මුත්තා වෙළුරියා බහූ.
7. දේවයන් වහන්ස, ඇස් නොදෙනු මැනවි. ඇස් දී අප සියල්ලන් හැර නොදමව. මහරජතුමනි, මොහුට ධනය දෙව. මුතුද වෛඪූර්යද බොහෝ වස්තුවද දෙන්න.
“යුත්තෙ දෙව රථෙ දෙහි, ආජානීයෙ චලඞ්කතෙ; නාගෙ දෙහි මහාරාජ, හෙමකප්පනවාසසෙ.
8. දේවයන් වහන්ස, අශ්වයන් යොදන ලද රථද අලංකාර කරන ලද අජානීය අශ්වයන්ද දෙව. මහරජතුමනි, රන් අබරණින් සැරසූ ඇතුන්ද දෙව.
“යථා තං සිවයො සබ්බෙ, සයොග්ගා සරථා සදා; සමන්තා පරිකිරෙය්යුං, එවං දෙහි රථෙසභා”ති.
9. රජතුමනි, සේනාසහිත වූ රථයන් සහිත වූ සියළු සිවිරට වාසීහු හැමකල්හි ඔබ හාත්පස පිරිවරා සිටියාහුය. එහෙයින් මෙසේ වස්තූන් දෙව.
තත්ථ පරාකරීති පරිච්චජි. අක්ඛීසු හි දින්නෙසු රජ්ජං ත්වං න කාරෙස්සසි, අඤ්ඤො රාජා භවිස්සති, එවං තයා මයං පරිච්චත්තා නාම භවිස්සාමාති අධිප්පායෙනෙවමාහංසු. පරිකිරෙය්යුන්ති පරිවාරෙය්යුං. එවං දෙහීති යථා තං අවිකලචක්ඛුං සිවයො පරිවාරෙය්යුං, එවං බාහිරධනමෙවස්ස දෙහි, මා අක්ඛීනි. අක්ඛීසු හි දින්නෙසු න තං සිවයො පරිවාරෙස්සන්තීති.
එහි පරාකරී යනු පරිත්‍යාග කළේය. ඇස් දුන් කල්හි ඔබ රාජ්‍යය නොකරන්නෙහිය. අනිකෙකුට රාජ්‍යය වන්නේය. මෙසේ ඇතිකල්හි අපි අත්හරන ලද්දෝ වන්නෙමුයි යන අදහසින් මෙසේ කීවාහුය. පරිකිරෙය්යුං යනු පිරිවැරූහ. එවං දෙහි යනු යම් සේ සිවිරට වාසීහු විකල නොවූ ඇස් ඇති ඔබ පිරිවරන්නාහුද මෙසේ බාහිර ධනයම මොහුට දෙව. ඇස් නොදෙව. ඔබ ඇස් දුන් කල්හි එවැනි ඔබ සිවිරට වාසීහු නොපිරිවරත් යනුයි.
අථ රාජා තිස්සො ගාථා අභාසි –
අනතුරුව රජු ගාථා තුනක් කීවේය.
“යො වෙ දස්සන්ති වත්වාන, අදානෙ කුරුතෙ මනො; භූම්යං සො පතිතං පාසං, ගීවායං පටිමුඤ්චති.
10. යමෙක් ඒකාන්තයෙන් දෙමියි කියා පසුව සිත නොදීමෙහි ලා කෙරේද හෙතෙම බිම වැටුන මලපුඩුවක් ගෙන බෙල්ලෙහි පැළඳ ගනී.
“යො වෙ දස්සන්ති වත්වානං, අදානෙ කුරුතෙ මනො; පාපා පාපතරො හොති, සම්පත්තො යමසාධනං.
11. යමෙක් ඒකාන්තයෙන් දෙමියි කියා පසුව සිත නොදීමෙහිලා කෙරේද පවිටුවෙකුගෙන් අතිශයින් පවිටු තැැත්තෙක් වේ. යමයාගේ බලය ඇති තැනට පැමිණියාගේ වේ.
“යඤ්හි යාචෙ තඤ්හි දදෙ, යං න යාචෙ න තං දදෙ; ස්වාහං තමෙව දස්සාමි, යං මං යාචති බ්රාහ්මණො”ති.
12. යමක් ඉල්ලන්නේ නම් එයට දෙන්නේය. යමක් නොඉල්ලන්නේ නම් එය නොදෙන්නේය. බ්‍රාහ්මණයා යමක් මගෙන් ඉල්වයිද එයම ඔහුට දෙන්නෙමි.
තත්ථ පටිමුඤ්චතීති පවෙසෙති. පාපා පාපතරොති ලාමකාපි ලාමකතරො නාම හොති. සම්පත්තො යමසාධනන්ති යමස්ස ආණාපවත්තිට්ඨානං උස්සදනිරයං එස පත්තොයෙව නාම හොති. යඤ්හි යාචෙති යං යාචකො යාචෙය්ය, දායකොපි තමෙව දදෙය්ය, න අයාචිතං, අයඤ්ච බ්රාහ්මණො මං චක්ඛුං යාචති, න මුත්තාදිකං ධනං, තදෙවස්සාහං දස්සාමීති වදති.
එහි පටිමුඤ්චති යනු පිවිසවයි. පාපා පාපතරො යනු ලාමක වූවන් අතරද අතිශයින් ලාමක වූවේ වෙයි. සමපත්තො යටසාධනං යනු මෙතෙම යමයාගේ හෝ අණ පවත්නා වූ උස්සද නිරයට පත් වූයේම වෙයි. යං හි යාචෙ යනු යාචකයා යමක් යදී නම් දායකයාද එයම දෙන්නේය. නොඉල්ලූ දෙයක් නොදිය යුතුය. මේ බමුණා මගෙන් ඇස ඉල්ලයි. මුතු ආදී ධනය නොවේ. එහෙයින් මම එයම ඔහුට දෙන්නෙමියි කියයි.
අථ නං අමච්චා “කිං පත්ථෙත්වා චක්ඛූනි දෙසී”ති පුච්ඡන්තා ගාථමාහංසු –
ඉක්බිති ඇමතිවරු කුමක් ප්‍රාර්ථනය කර ඇස් දන් දෙන්නෙහිදැයි ඔහුගෙන් විමසන්නාහු
“ආයුං නු වණ්ණං නු සුඛං බලං නු, කිං පත්ථයානො නු ජනින්ද දෙසි; කථඤ්හි රාජා සිවිනං අනුත්තරො, චක්ඛූනි දජ්ජා පරලොකහෙතූ”ති.
13. රජතුමනි, කුමක් ප්‍රාර්ථනය කරමින් ඇස් දන් දෙහිද? ආයුෂ ප්‍රාර්ථනාවෙන් ද, වර්ණය ප්රාර්ථනාවෙන්ද සැපය ප්‍රාර්ථනාවෙන්, බලය ප්රාර්ථනාවෙන්ද? සිවිරට වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ රජු පරලොව සැප පිණිස කෙසේනම් ඇස් දෙයිද?
යන ගාථාව කීහ.
තත්ථ පරලොකහෙතූති මහාරාජ, කථං නාම තුම්හාදිසො පණ්ඩිතපුරිසො සන්දිට්ඨිකං ඉස්සරියං පහාය පරලොකහෙතු චක්ඛූනි දදෙය්යාති.
එහි පරලොක හෙතු යනු මහරජතුමනි, කෙසේ නම් ඔබ වැනි පණ්ඩිත පුරුෂයෙක් මෙලොව සම්පත් හැරපියා පරලොව සැප පිණිස ඇස් දන් දෙන්නේදැයි?
අථ නෙසං කථෙන්තො රාජා ගාථමාහ –
ඉක්බිති රජු ඔවුන්ට කියනුයේ ගාථාවක් ප්‍රකාශ කළේය.
“න වාහමෙතං යසසා දදාමි, න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං; සතඤ්ච ධම්මො චරිතො පුරාණො, ඉච්චෙව දානෙ රමතෙ මනො මමා”ති.
14. මම මෙය යසස සඳහා නොදෙමි. පුතුන් කැමැත්තෙන් හෝ නොවේ. ධනය කැමැත්තෙන් නොවේ. රට කැමැත්තෙන් හෝ නොවේ. මෙය සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද පැරණි ධර්මයෙකි. මෙසේ මගේ සිත දානයෙහි ඇලේ.
තත්ථ න වාහන්ති න වෙ අහං. යසසාති දිබ්බස්ස වා මානුසස්ස වා යසස්ස කාරණා. න පුත්තමිච්ඡෙති ඉමස්ස චක්ඛුදානස්ස ඵලෙන නෙවාහං පුත්තං ඉච්ඡාමි, න ධනං න රට්ඨං, අපිච සතං පණ්ඩිතානං සබ්බඤ්ඤුබොධිසත්තානං එස ආචිණ්ණො සමාචිණ්ණො පොරාණකමග්ගො, යදිදං පාරමීපූරණං නාම. න හි පාරමියො අපූරෙත්වා බොධිපල්ලඞ්කෙ සබ්බඤ්ඤුතං පාපුණිතුං සමත්ථො නාම අත්ථි, අහඤ්ච පාරමියො පූරෙත්වා බුද්ධො භවිතුකාමො. ඉච්චෙව දානෙ රමතෙ මනො මමාති ඉමිනා කාරණෙන මම මනො දානෙයෙව නිරතොති වදති.
එහි න වාහං යනු ඒකාන්තයෙන් මම නොවෙමි. යසසා යනු දිව්‍යම හෝ මානුෂික වූ කීර්තිය හේතුවෙන්. න පුත්ත මිච්ඡෙ යනු මේ ඇස් දන් දීමේ විපාකයෙන් මම පුතෙකු කැමති නොවෙමි. ධනය හෝ රට හෝ කැමති නොවෙමි. තවද යම් මේ පාරමී පිරීම නම් සත්පුරුෂ වූ පණ්ඩිත වූ සර්වඥ බෝසතුන් විසින් පුරුදු කරන ලද මඩන ලද පැරැන්නන්ගේ මාර්ගයයි. පාරමිතාවන් පූරණය නොකර සර්වඥ බවට පත්වීමට සමර්ථයෙක් නම් නැත. මම පාරමිතාවන් පුරා බුදුවනු කැමැත්තෙමි. ඉච්චෙව දානෙ රමතෙ මනො මම යනු මේ කරුණින් මගේ සිත දානයෙහිම ඇළුනේ යයි කියයි.
සම්මාසම්බුද්ධොපි ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරස්ස චරියාපිටකං දෙසෙන්තො “මය්හං ද්වීහි චක්ඛූහිපි සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පියතර”න්ති දීපෙතුං ආහ –
සම්මා සම්බුදුරජාණන් වහන්සේද ධර්ම සේනාපති සැරියුත් තෙරුන්ට චරියා පිටකය දේශනා කරන සේක් මට ඇස් දෙකටත් වඩා සර්වඥතා ඥානයට අතිශයින් ප්‍රිය යයි දක්වන්නට
“න මෙ දෙස්සා උභො චක්ඛූ, අත්තානං මෙ න දෙස්සියං; සබ්බඤ්ඤුතං පියං මය්හං, තස්මා චක්ඛුං අදාසහ”න්ති. (චරියා· 1.66);
මවිසින් දෙඇස් නොදෙන්නේ නම් මවිසින් ආත්මය දිය නොහැකිය. සර්වඥතාඥානයම මට ප්‍රියය. එහෙයින් මම ඇස් දන් දෙමි යි කීහ.
මහාසත්තස්ස පන කථං සුත්වා අමච්චෙසු අප්පටිභාණෙසු ඨිතෙසු මහාසත්තො සීවිකං වෙජ්ජං ගාථාය අජ්ඣභාසි –
මහ බෝසතුන්ගේ කථාව අසා ඇමතිවරුන් කිසිවක් නොවැටහී මුවෙන් නොබැන සිටි කල්හි මහබෝසත් තෙමේ සීවක වෙදතුමන්ට ගාථාවකින් මෙසේ කීවේය.
“සඛා ච මිත්තො ච මමාසි සීවික, සුසික්ඛිතො සාධු කරොහි මෙ වචො; උද්ධරිත්වා චක්ඛූනි මමං ජිගීසතො, හත්ථෙසු ඨපෙහි වනිබ්බකස්සා”ති.
15. සීවකය, ඔබ මගේ යහළුවාද මිත්‍රයාද වෙහි. වෛද්‍ය ශිල්පයෙහි මනාව හික්මුනේ වෙහිය. මැනවි. මගේ වචනය කරව. කැමති වන්නා වූ මගේ ඇස් උදුරා දුගියාගේ අතෙහි තබව.
තස්සත්ථො – සම්ම සීවික, ත්වං මය්හං සහායො ච මිත්තො ච වෙජ්ජසිප්පෙ චාසි සුසික්ඛිතො, සාධු මෙ වචනං කරොහි. මම ජිගීසතො උපධාරෙන්තස්ස ඔලොකෙන්තස්සෙව තාලමිඤ්ජං විය මෙ අක්ඛීනි උද්ධරිත්වා ඉමස්ස යාචකස්ස හත්ථෙසු ඨපෙහීති.
එහි යහළුව සීවකය, ඔබ මගේ යහළුවාද මිත්‍රයාද වෙහිය. වෛද්‍ය ශිල්පයෙහි මනාව හික්මුණෙහිය. මැනවි මගේ වචනය කරව. ඇස් ඉගිලීමට කැමතිවන්නා වූ මා විමසා බලමින් සිටියදීම තල් ලොඳක් මෙන් මගේ ඇස් උදුරා මේ යාචකයාගේ අත්හි තබවයි (කීවේය)
අථ නං සීවිකො ආහ “චක්ඛුදානං නාම භාරියං, උපධාරෙහි, දෙවා”ති. සීවික, උපධාරිතං මයා, ත්වං මා පපඤ්චං කරොහි, මා මයා සද්ධිං බහුං කථෙහීති. සො චින්තෙසි “අයුත්තං මාදිසස්ස සුසික්ඛිතස්ස වෙජ්ජස්ස රඤ්ඤො අක්ඛීසු සත්ථපාතන”න්ති. සො නානාභෙසජ්ජානි ඝංසිත්වා භෙසජ්ජචුණ්ණෙන නීලුප්පලං පරිභාවෙත්වා දක්ඛිණක්ඛිං උපසිඞ්ඝාපෙසි, අක්ඛි පරිවත්ති, දුක්ඛවෙදනා උප්පජ්ජි. “සල්ලක්ඛෙහි, මහාරාජ, පටිපාකතිකකරණං මය්හං භාරො”ති. “අලඤ්හි තාත මා පපඤ්චං කරී”ති. සො පරිභාවෙත්වා පුන උපසිඞ්ඝාපෙසි, අක්ඛි අක්ඛිකූපතො මුච්චි, බලවතරා වෙදනා උදපාදි. “සල්ලක්ඛෙහි මහාරාජ, සක්කොමහං පටිපාකතිකං කාතු”න්ති. “මා පපඤ්චං කරී”ති. සො තතියවාරෙ ඛරතරං පරිභාවෙත්වා උපනාමෙසි. අක්ඛි ඔසධබලෙන පරිබ්භමිත්වා අක්ඛිකූපතො නික්ඛමිත්වා න්හාරුසුත්තකෙන ඔලම්බමානං අට්ඨාසි. සල්ලක්ඛෙහි නරින්ද, පුන පාකතිකකරණං මය්හං බලන්ති. මා පපඤ්චං කරීති. අධිමත්තා වෙදනා උදපාදි, ලොහිතං පග්ඝරි, නිවත්ථසාටකා ලොහිතෙන තෙමිංසු. ඔරොධා ච අමච්චා ච රඤ්ඤො පාදමූලෙ පතිත්වා “දෙව අක්ඛීනි මා දෙහී”ති මහාපරිදෙවං පරිදෙවිංසු.
අනතුරුව සීවක තෙමේ දේවයන් වහන්ස, ඇස් දීම නම් බැරෑරුම් දෙයක් කොට සලකව යි කීවේය. සීවකය, මා විසින් සලකන ලදි. ඔබ මා පමා කරහිය. මා සමග බොහෝ කොට කථා නොකරවයි කීවේය. හෙතෙම මෙසේ සිතීය. වෛද්‍ය ශාස්ත්‍රය මනාව හදාළ මා වැනියෙකුට රජුගේ ඇස්හි ආයුධ හෙලීම නුසුදුසුය. හෙතෙම නොයෙක් බෙහෙත් ගල්වා නිල් මහනෙල් මලෙක්හි බෙහෙත් සුණු වඩා දකුණු ඇස සුවඳ බැලවීය. ඇස ගැලවුනි. දුක් සහගත වේදනාවක් උපන්නේය. මහරජතුමනි, සලකා බැලුව මැනවි. නැවත ප්‍රකෘතිමත් කිරීම මට භාරය. දරුව ඉවත් වෙව. පමා නොකරව. හෙතෙම (ඔහුට) දොස් නගා නැවත සුවඳ බැලීය. ඇස් ඇස්වලෙන් මිදුනේය. අතිශයින් බලවත් වේදනාවක් උපන්නේය. මහරජතුමනි, නැවත සලකා බැලුව මැනවි. නැවත ප්‍රකෘතිමත් කරන්නට මම පොහොසත් වෙමියි ප්‍රමාද නොකරවයි (රජු) කීවේය. හෙතෙම තෙවන වර දැඩි ලෙස (බෙහෙත්) වඩා එළවීය. බෙහෙත් බලයෙන් ඇස කැරකැවී ඇස් වලෙන් නික්මී නහර හුයෙන් එල්බෙමින් සිටියේය. රජතුමනි, සලකා බැලුව මැනවි. නැවත ප්‍රකෘතිමත් කිරීමට මට හැකියාව ඇත. පමා නොකරවයි කීවේය. අතිශයින් වේදනාවක් උපන්නේය. ලේ වැගුරුනි. හැඳි සළු ලෙයින් තෙමුනේය. අන්තඃපුර ස්ත්රීන්හු ඇමතිවරුද රජුගේ පාමුල වැටී දේවයන් වහන්සේ ඇස් නොදෙවයි මහත් වූ විලාපයක් කළහ.
රාජා වෙදනං අධිවාසෙත්වා “තාත, මා පපඤ්චං කරී”ති ආහ. සො “සාධු, දෙවා”ති වාමහත්ථෙන අක්ඛිං ධාරෙත්වා දක්ඛිණහත්ථෙන සත්ථකං ආදාය අක්ඛිසුත්තකං ඡින්දිත්වා අක්ඛිං ගහෙත්වා මහාසත්තස්ස හත්ථෙ ඨපෙසි. සො වාමක්ඛිනා දක්ඛිණක්ඛිං ඔලොකෙත්වා වෙදනං අධිවාසෙත්වා “එහි බ්රාහ්මණා”ති බ්රාහ්මණං පක්කොසිත්‍වා “මම ඉතො අක්ඛිතො සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණක්ඛිමෙව පියතරං, තස්ස මෙ ඉදං පච්චයො හොතූ”ති වත්වා බ්රාහ්මණස්ස අක්ඛිං අදාසි. සො තං උක්ඛිපිත්වා අත්තනො අක්ඛිම්හි ඨපෙසි. තං තස්සානුභාවෙන විකසිතනීලුප්පලං විය හුත්වා පතිට්ඨාසි. මහාසත්තො වාමක්ඛිනා තස්ස තං අක්ඛිං දිස්වා “අහො, සුදින්නං මයා අක්ඛිදාන”න්ති අන්තො සමුග්ගතාය පීතියා නිරන්තරං ඵුටො හුත්වා ඉතරම්පි අක්ඛිං අදාසි. සක්කො තම්පි අත්තනො අක්ඛිම්හි ඨපෙත්වා රාජනිවෙසනා නික්ඛමිත්වා මහාජනස්ස ඔලොකෙන්තස්සෙව නගරා නික්ඛමිත්වා දෙවලොකමෙව ගතො. තමත්ථං පකාසෙන්තො සත්ථා දියඩ්ඪගාථමාහ –
රජු වේදනාව ඉවසා දරුව, ප්‍රමාද නොකරවයි කීවේය. හෙතෙම ස්වාමීනි මැනවයි කියා වම් අතින් ඇස දරා දකුණු අතින් ආයුධයක් ගෙන ඇස් හුය සිඳ ඇස ගෙන මහබෝසතුන්ගේ අතෙහි තැබීය. හෙතෙම වම් ඇසින් දකුණු ඇස බලා වේදනාව ඉවසා බ්‍රාහ්මණය, මෙහි එවයි බමුණා කැඳවා මට මේ ඇසට වඩා සිය ගුණයෙන්ද දහස් ගුණයෙන්ද ලක්ෂ ගුණයෙන්ද සර්වඥතා ඥානයම ප්‍රිය වේ. මේ ඒ සඳහා මට මෙම දානය හේතුසාධක වේවායි බ්‍රාහ්මණයාට දුන්නේය. හෙතෙම එය ඔසවා තමාගේ ඇසෙහි තැබීය. එය ඔහුගේ ආනුභාවයෙන් පිපුන නිල් මහනෙල් මලක් මෙන් පිහිටියේය. මහා බෝධිසත්ත්වයෝ වම්ඇසින් ඔහුගේ එම ඇස දැක අනේ මා විසින් ඇස් දන්දීම මනාකොට දෙන ලදි. ගෙයි ඇතුළත උද්ගත වූ ප්‍රීතියෙන් නිරතුරුව ස්පර්ශ කරන්නෙක් වී අනික් ඇසද දුන්නේය. ශක්‍රයා එයද තමාගේ ඇසෙහි තබා රජමැදුරෙන් නික්මීමහජනයා බලා සිටියදීම නගරයෙන් නික්මී දෙව්ලොවටම ගියේය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ දේශනා කරන සේක් ගාථා එකහමාරක් දේශනා කළ සේක.
“චොදිතො සිවිරාජෙන, සීවිකො වචනංකරො; රඤ්ඤො චක්ඛූනුද්ධරිත්වා, බ්රාහ්මණස්සූපනාමයි; සචක්ඛු බ්රාහ්මණො ආසි, අන්ධො රාජා උපාවිසී”ති.
16. සිවිරජු විසින් මෙහෙයවන ලද සීවකයා රජුගේ වචනය කරනුයේ ඇස් උදුරා බමුණාට දුන්නේය. බමුණා ඇස් ඇත්තෙක් වීය. අන්ධ වූ රජු හිඳ ගත්තේය.
රඤ්ඤො න චිරස්සෙව අක්ඛීනි රුහිංසු, රුහමානානි ච ආවාටභාවං අප්පත්වා කම්බලගෙණ්ඩුකෙන විය උග්ගතෙන මංසපිණ්ඩෙන පූරෙත්වා චිත්තකම්මරූපස්ස විය අක්ඛීනි අහෙසුං, වෙදනා පච්ඡිජ්ජි. අථ මහාසත්තො කතිපාහං පාසාදෙ වසිත්වා “කිං අන්ධස්ස රජ්ජෙන, අමච්චානං රජ්ජං නිය්යාදෙත්වා උය්යානං ගන්ත්වා පබ්බජිත්වා සමණධම්මං කරිස්සාමී”ති චින්තෙත්වා අමච්චෙ පක්කොසාපෙත්වා තෙසං තමත්ථං ආරොචෙත්වා “එකො මුඛධොවනාදිදායකො කප්පියකාරකොව මය්හං සන්තිකෙ භවිස්සති, සරීරකිච්චට්ඨානෙසුපි මෙ රජ්ජුකං බන්ධථා”ති වත්වා සාරථිං ආමන්තෙත්වා “රථං යොජෙහී”ති ආහ. අමච්චා පනස්ස රථෙන ගන්තුං අදත්වා සුවණ්ණසිවිකාය නං නෙත්වා පොක්ඛරණීතීරෙ නිසීදාපෙත්වා ආරක්ඛං සංවිධාය පටික්කමිංසු. රාජා පල්ලඞ්කෙන නිසින්නො අත්තනො දානං ආවජ්ජෙසි. තස්මිං ඛණෙ සක්කස්ස ආසනං උණ්හං අහොසි. සො ආවජ්ජෙන්තො තං කාරණං දිස්වා “මහාරාජස්ස වරං දත්වා චක්ඛුං පටිපාකතිකං කරිස්සාමී”ති චින්තෙත්වා තත්ථ ගන්ත්වා මහාසත්තස්ස අවිදූරෙ අපරාපරං චඞ්කමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ඉමා ගාථා ආහ –
නොබෝ දිනකින්ම රජුගේ ඇස් වැඩුනි. වැඩෙනුයේද වල බවට නොපැමිණ කම්බිලියෙන් කරන ලද බෝලයක් මෙන් උඩට මතු වූ සේ පිඩුවකින් පිරී සිතුවමක රූපයෙක්හි ඇස් මෙන් වීය. වේදනාව සිඳී ගියේය. මහා බෝධිසත්ත්වයෝ අනතුරුව කීප දිනක් ප්‍රාසාදයෙහි වාසය කර අන්ධයෙකුට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්දැයි රාජ්‍යය අමාත්‍යයන්ට පවරා දී උයනට ගොස් පැවිදි වී මහණදම් කරන්නෙමියි සිතා අමාත්‍යයන් කැඳවා ඔවුන්ට ඒ බව දන්වා මුහුණ සේදීමට ජලය දෙන්නා වූ එකම කැප කරුවෙක් මා සමීපයෙහි වන්නේය. ශරීරකෘත්‍යය කරන තැන මා වෙනුවෙන් රැහැනක් බඳිව් යයි කියා රථාචාර්යයා අමතා රථය යොදවවයි කීවේය. ඇමතිවරු ඔහුට රියෙන් යන්නට නොදී ඔහු රන්සිවි ගෙයක නංවා පොකුණුතෙර හිඳුවා ආරක්ෂාව පිළියෙල කර පෙරළා පැමිණියාහුය. රජු පළඟෙහි හුන්නේ තමාගේ දානය සිහිකළේය. එකෙනෙහි ශක්‍රයාගේ ආසනය උණු වීය. ඔහු සොයා බලනුයේ ඒ කරුණ දැක මහරජුට වරයක් දී ඇස ප්‍රකෘතිමත් කරන්නෙමියි සිතා එහි අවුත් මහබෝසතුන්ට නුදුරෙහි ඔබිනොබ හැසුරුනේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ,
“තතො සො කතිපාහස්ස, උපරූළ්හෙසු චක්ඛුසු; සූතං ආමන්තයී රාජා, සිවීනං රට්ඨවඩ්ඪනො.
17. අනතුරුව කිහිප දවසකින් සිවිරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ ඒ රජු ඇස් වැඩුන පසු (පුත්‍රස්ථානයේ සිටි) රියදුරා ඇමතීය.
“යොජෙහි සාරථි යානං, යුත්තඤ්ච පටිවෙදය; උය්යානභූමිං ගච්ඡාම, පොක්ඛරඤ්ඤො වනානි ච.
18. රථාචාර්යය, යානයක් යොදව. යොදන ලද බව දන්වව. පොකුණුද වනය ඇති උයනට යමු.
“සො ච පොක්ඛරණීතීරෙ, පල්ලඞ්කෙන උපාවිසි; තස්ස සක්කො පාතුරහු, දෙවරාජා සුජම්පතී”ති.
19. හෙතෙම පොකුණු තීරයෙහි පළඟින් හුන්නේය ඔහු ඉදිරියෙහි සුජම්පති වූ ශක්‍රයා පහල වීය.
යන මේ ගාථාවෝ වදාළහ.
සක්කොපි මහාසත්තෙන පදසද්දං සුත්වා “කො එසො”ති පුට්ඨො ගාථමාහ –
ශක්‍රයාද මහබෝසතුන් විසින් ඔහුගේ පා ශබ්දය අසා මේ කවරෙක්දැයි කී කල්හි
“සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ; වරං වරස්සු රාජීසි, යං කිඤ්චි මනසිච්ඡසී”ති. –
20. දෙවියන්ගේ රජු වූ ශක්‍රයා වෙමි. ඔබ සමීපයට ආවේ වෙමි. රජතුමනි, සිතෙහි යමක් කැමති වන්නෙහිද එවැනි වරයක් ඉල්වව.
යන ගාථාව කීවේය.
එවං වුත්තෙ රාජා ගාථමාහ –
මෙසේ කී කල්හි රජු ගාථාවක් කීවේය.
“පහූතං මෙ ධනං සක්ක, බලං කොසො චනප්පකො; අන්ධස්ස මෙ සතො දානි, මරණඤ්ඤෙව රුච්චතී”ති.
21. ශක්‍රය, මගේ ධනය බොහෝය. භාණ්ඩාගාරද අප්‍රමාණය. දැන් මා අන්ධයෙකු වූයේ මරණයට කැමති වේ.
තත්ථ මරණඤ්ඤෙව රුච්චතීති දෙවරාජ, ඉදානි මය්හං අන්ධභාවෙන මරණමෙව රුච්චති, තං මෙ දෙහීති.
එහි මරණඤ්ඤෙව රුච්චති යනු දෙව්රජුනි, දැන් මගේ අන්ධභාවය නිසා මට මරණය රුචි වේ. එයම මට දෙවයි කීවේය.
අථ නං සක්කො ආහ “සිවිරාජ, කිං පන ත්වං මරිතුකාමො හුත්වා මරණං රොචෙසි, උදාහු අන්ධභාවෙනා”ති? “අන්ධභාවෙන දෙවා”ති. “මහාරාජ, දානං නාම න කෙවලං සම්පරායත්ථමෙව දීයති, දිට්ඨධම්මත්ථායපි පච්චයො හොති, ත්වඤ්ච එකං චක්ඛුං යාචිතො ද්වෙ අදාසි, තෙන සච්චකිරියං කරොහී”ති කථං සමුට්ඨාපෙත්වා ආහ –
ඉක්බිති ශක්‍රයා ඔහුට කියනුයේ සිවි රජතුමනි, කිම ඔබ මැරෙනු කැමති වී මරණය කැමති වෙහිද, නැතහොත් අන්ධභාවය නිසාදැයි කීවේය. ශක්රදේවය, අන්ධභාවය නිසාය. මහරජතුමනි, දානය නම් හුදෙක් පරලොව වැඩ පිණිසම දෙනු ලබන්නේ නොවේ. මෙලොව වැඩ පිණිසද හේතු වේ. ඔබද එක ඇසක් ඉල්ලන ලද්දේ ඇස් දෙකම දුන්නේය. එහෙයින් සත්‍යක්‍රියා කරවයි කථාව උපදවා,
“යානි සච්චානි ද්විපදින්ද, තානි භාසස්සු ඛත්තිය; සච්චං තෙ භණමානස්ස, පුන චක්ඛු භවිස්සතී”ති.
22. දෙපා ඇත්තවුනට ප්‍රධාන වූ ක්ෂත්රීය රජතුමනි, යම් සත්‍යයෝ වෙත්ද, ඒවා කියව. සත්‍යය ප්‍රකාශ කරන්නා වූ ඔබට ඇසක් ඇති වන්නේය යි කීවේය.
තං සුත්වා මහාසත්තො “සක්ක, සචෙසි මම චක්ඛුං දාතුකාමො, අඤ්ඤං උපායං මා කරි, මම දානනිස්සන්දෙනෙව මෙ චක්ඛු උප්පජ්ජතූ”ති වත්වා සක්කෙන “මහාරාජ, අහං සක්කො දෙවරාජාපි න පරෙසං චක්ඛුං දාතුං සක්කොමි, තයා දින්නදානස්ස ඵලෙනෙව තෙ චක්ඛු උප්පජ්ජිස්සතී”ති වුත්තෙ “තෙන හි මයා දානං සුදින්න”න්ති වත්වා සච්චකිරියං කරොන්තො ගාථමාහ –
ඒ අසා මහබෝසතාණෝ කියනුයේ ශක්‍රය, ඉදින් මට ඇස් දෙනු කැමැත්තේ නම් අන් උපායක් නොකරව. මගේ දානයාගේ ආනිශංසයෙන්ම මට ඇස් උපදීවායි ශක්‍රයා විසින් මහරජතුමනි, මම ශක්‍ර දෙව්රජු වූයේ යයි අනුන්ට ඇස දෙන්නට නොහැක්කෙමි. ඔබ විසින් දෙන ලද දානයාගේ විපාකයෙන්ම ඔබට ඇස උපදින්නේ යයි කී කල්හි එසේ නම් මා විසින් දානය මනාව දෙන ලදැයි කියා සත්‍යක්‍රියා කරනුයේ,
“යෙ මං යාචිතුමායන්ති, නානාගොත්තා වනිබ්බකා; යොපි මං යාචතෙ තත්ථ, සොපි මෙ මනසො පියො; එතෙන සච්චවජ්ජෙන, චක්ඛු මෙ උපපජ්ජථා”ති.
23. නොයෙක් ගෝත්‍ර ඇති යම් දිළින්දෝ ඉල්ලීමට මා වෙත පැමිණෙත්ද, යමෙක් මා වෙතින් ඉල්ලයිද? එහි ලා හෙතෙම මගේ සිතට ප්‍රිය වේ. මේ සත්‍ය වචනය කරණ කොටගෙන මාගේ ඇස උපදීවා!
යන ගාථාව කීවේය.
තත්ථ යෙ මන්ති යෙ මං යාචිතුං ආගච්ඡන්ති, තෙසු යාචකෙසු ආගච්ඡන්තෙසු යොපි මං යාචතෙ, සොපි මෙ මනසො පියො. එතෙනාති සචෙ මම සබ්බෙපි යාචකා පියා, සච්චමෙවෙතං මයා වුත්තං, එතෙන මෙ සච්චවචනෙන එකං මෙ චක්ඛු උපපජ්ජථ උපපජ්ජතූති ආහ.
එහි සො මෙ යනු යමෙක් මා වෙත ඉල්ලන්ට පැමිණෙත්ද, ඒ ආවවුන් අතර යමෙක් මාගෙන් ඉල්ලයිද, ඔහුද මගේ සිතට ප්‍රිය වේ. එතෙන යනු ඉදින් සියළු යාචකයෝ මට ප්‍රිය වෙත්. මා විසින් මේ සත්‍යය කියන ලදි. මගේ මේ සත්‍ය වචනයෙන් එක් ඇසක් උප්පජ්ජථ පහළ වේවායි කීවේය.
අථස්ස වචනානන්තරමෙව පඨමං චක්ඛු උදපාදි. තතො දුතියස්ස උප්පජ්ජනත්ථාය ගාථාද්වයමාහ –
ඉක්බිති වචනයට අනතුරුව පළමු ඇස උපනි. අනතුරුව දෙවන ඇස ඉපදීම පිණිස
“යං මං සො යාචිතුං ආගා, දෙහි චක්ඛුන්ති බ්රාහ්මණො; තස්ස චක්ඛූනි පාදාසිං, බ්රාහ්මණස්ස වනිබ්බතො.
24. යමෙකු මාගෙන් ඉල්ලන්ට පැමිණියේද, ඒ බ්‍රාහ්මණයා ඇස දෙවයි කීවේය. ඒ දිළිදු බමුණාට ඇස් දුනිමි.
“භිය්යො මං ආවිසී පීති, සොමනස්සඤ්චනප්පකං; එතෙන සච්චවජ්ජෙන, දුතියං මෙ උපපජ්ජථා”ති.
25. මට මහත් වූ ප්‍රීතියක් ඇති විය. අප්‍රමාණ වූ සොම්නසක්ද වීය. මේ සත්‍ය වචනයෙන් මගේ දෙවන ඇසද පහළ වේවා.
යන ගාථා දෙක කීවේය.
තත්ථ යං මන්ති යො මං යාචති. සොති සො චක්ඛුවිකලො බ්රාහ්මණො “දෙහි මෙ චක්ඛු”න්ති යාචිතුං ආගතො. වනිබ්බතොති යාචන්තස්ස. භිය්යො මං ආවිසීති බ්රාහ්මණස්ස චක්ඛූනි දත්වා අන්ධකාලතො පට්ඨාය තස්මිං අන්ධකාලෙ තථාරූපං වෙදනං අගණෙත්වා “අහො සුදින්නං මෙ දාන”න්ති පච්චවෙක්ඛන්තං මං භිය්යො අතිරෙකතරා පීති ආවිසි, මම හදයං පවිට්ඨා, සොමනස්සඤ්ච මම අනන්තං අපරිමාණං උප්පජ්ජි. එතෙනාති සචෙ මම තදා අනප්පකං පීතිසොමනස්සං උප්පන්නං, සච්චමෙවෙතං මයා වුත්තං, එතෙන මෙ සච්චවචනෙන දුතියම්පි චක්ඛු උපපජ්ජතූති ආහ.
එහි යං මං යනු යමෙක් මා වෙත. සො යනු ඒ අන්ධ වූ ඇස් ඇති බමුණා මට ඇසක් දෙවයි ඉල්ලන්ට පැමිණියේය. වණිබ්බිනො යනු ඉල්වන්නහුට භිය්යො මං ආවිසි යනු බ්‍රාහ්මණයාට ඇස් දන් දී අන්ධ වූ කල් පටන්. ඔහු අන්ධ වූ කල්හි එබඳු වූ වේදනාව ගණන් නොගෙන අනේ මා විසින් දානය මනාව දෙන ලදැයි සිහිපත් කරනුයේ මට වැඩියක් වූ අතිරේක වූ ප්‍රීතියක් ලැබුනි. මගේ හදවතට පිවිසියේය. මට අනන්ත අප්‍රමාණ සොම්නසක්ද උපන්නේය. එතෙන යනු ඉදින් එකල්හි මට අප්‍රමාණ වූ ප්‍රීති සොම්නසක් උපන්නේද මේ ඇත්තක්ම මවිසින් කියන ලදි. මගේ මේ සත්‍ය වචනයෙන් දෙවන ඇසද උපදීවායි කීවේය.
තඞ්ඛණඤ්ඤෙව දුතියම්පි චක්ඛු උදපාදි. තානි පනස්ස චක්ඛූනි නෙව පාකතිකානි, න දිබ්බානි. සක්කබ්රාහ්මණස්ස හි දින්නං චක්ඛුං පුන පාකතිකං කාතුං න සක්කා, උපහතවත්ථුනො ච දිබ්බචක්ඛු නාම න උප්පජ්ජති, තානි පනස්ස සච්චපාරමිතානුභාවෙන සම්භූතානි චක්ඛූනීති වුත්තානි. තෙසං උප්පත්තිසමකාලමෙව සක්කානුභාවෙන සබ්බා රාජපරිසා සන්නිපතිතාව අහෙසුං. අථස්ස සක්කො මහාජනමජ්ඣෙයෙව ථුතිං කරොන්තො ගාථාද්වයමාහ –
එකෙනෙහිම දෙවන ඇසද පහළ විය. ඔහුගේ ඒ ඇස් ප්‍රකෘති වූ ඒවා නොවීය. දිව්‍යමය ඒවාද නොවීය. බ්‍රාහ්මණ වේශයෙන් පැමිණි ශක්‍රයාට දුන් ඇස නැවත ප්‍රකෘත්මත් කරන්නට නොහැකිය. නටුවා වූ චක්ෂු ප්‍රසාද ඇත්හුට දිවැස් නොඋපදී. ඒවා වනාහි ඔහුගේ සත්‍ය පාරමිතාවෙන් උපන් ඇස් යයි කියන ලදහ. ඒ ඇස් උපන් කල්හිම ශක්‍රයාගේ ආනුභාවයෙන් සියළු රාජ පිරිස රැස් වූවාම විය. ඉක්බිති ශක්‍රයා මහජනයා මැදදීම ඔහුට ස්තුති කරන්නේ,
“ධම්මෙන භාසිතා ගාථා, සිවීනං රට්ඨවඩ්ඪන; එතානි තව නෙත්තානි, දිබ්බානි පටිදිස්සරෙ.
26. සිවි රට වඩන්නා වූ රජතුමනි, ඔබ විසින් දැහැමිවම ගාථා කියන ලදි. මේ දිව්‍යමය නෙත් දක්නා ලැබේ.
“තිරොකුට්ටං තිරොසෙලං, සමතිග්ගය්හ පබ්බතං; සමන්තා යොජනසතං, දස්සනං අනුභොන්තු තෙ”ති.
27. ඔබගේ මේ ඇස් බිත්තීන් සරසද ගල් සරසද පර්වත සරසදැයි හාත්පස යොදුන් සියයක් ඉක්මවා දැකීම සිදු කෙරේවා යනුයි.
යන ගාථා දෙක කීවේය.
තත්ථ ධම්මෙන භාසිතාති මහාරාජ, ඉමා තෙ ගාථා ධම්මෙන සභාවෙනෙව භාසිතා. දිබ්බානීති දිබ්බානුභාවයුත්තානි. පටිදිස්සරෙති පටිදිස්සන්ති. තිරොකුට්ටන්ති මහාරාජ, ඉමානි තෙ චක්ඛූනි දෙවතානං චක්ඛූනි විය පරකුට්ටං පරසෙලං යංකිඤ්චි පබ්බතම්පි සමතිග්ගය්හ අතික්කමිත්වා සමන්තා දස දිසා යොජනසතං රූපදස්සනං අනුභොන්තු සාධෙන්තූති අත්ථො.
එහි ධම්මෙන භාසිතා යනු මහරජතුමනි, ඔබගේ මේ ගාථාවෝ දැහැමි ස්භාවයෙන් කියන ලදහ. දිබ්බානි යනු දිව්‍යමය මහිමයෙන් යුත්. පටිදිස්සරෙ යනු දක්නා ලැබෙත්. තිරො කුඩ්ඩං යනු මහරජතුමනි, ඔබගේ මේ ඇස් දෙවියන්ගේ ඇස් මෙන් බිත්තියෙන් එපිට ගලින් එපිට යම්කිසි පර්වතයකින්ද ඉක්මවා හාත්පස දසදිශාවෙන් යොදුන් සියයක් රූප දැකීම අනූහොන්තු සාධනය කෙරෙත්වා යන අර්ථයි.
ඉති සො ආකාසෙ ඨත්වා මහාජනමජ්ඣෙ ඉමා ගාථා භාසිත්වා “අප්පමත්තො හොහී”ති මහාසත්තං ඔවදිත්වා දෙවලොකමෙව ගතො. මහාසත්තොපි මහාජනපරිවුතො මහන්තෙන සක්කාරෙන නගරං පවිසිත්වා සුචන්දකං පාසාදං අභිරුහි. තෙන චක්ඛූනං පටිලද්ධභාවො සකලසිවිරට්ඨෙ පාකටො ජාතො. අථස්ස දස්සනත්ථං සකලරට්ඨවාසිනො බහුං පණ්ණාකාරං ගහෙත්වා ආගමිංසු. මහාසත්තො “ඉමස්මිං මහාජනසන්නිපාතෙ මම දානං වණ්ණයිස්සාමී”ති රාජද්වාරෙ මහාමණ්ඩපං කාරෙත්වා සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො නගරෙ භෙරිං චරාපෙත්වා සබ්බසෙනියො සන්නිපාතෙත්වා “අම්භො, සිවිරට්ඨවාසිනො ඉමානි මෙ දිබ්බචක්ඛූනි දිස්වා ඉතො පට්ඨාය දානං අදත්වා මා භුඤ්ජථා”ති ධම්මං දෙසෙන්තො චතස්සො ගාථා අභාසි –
මෙසේ හෙතෙම අහස්හි සිට මහජනයා මැ මේ ගාථාවන් කියා අප්‍රමාද වවයි මහබෝසතුන්ට අවවාද දී දෙව්ලොවටම ගියේය. මහබෝසතුන්ද මහජනයා විසින් පිරිවරන ලද්දේ මහත් වූ සත්කාර මැද නගරයට පිවිස චන්දක පහයට නැංගේය. ඔහු විසින් ඇස් ලබන ලද බව සියළු සිවි රට ප්‍රකට වීය. ඉක්බිති ඔහු දැකීම පිණිස රටවැසියෝ බොහෝ පඬුරු ගෙන ආවාහුය. මහබෝසත් තෙමේ මේ මහජනයා පැමිණි කල්හි මගේ දානය වර්ණනා කරන්නෙමි යයි රජදොරටුවෙහි මහා මණ්ඩපයක් කරවා ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි හුන්නේ නගරයෙහි බෙර හසුරුවා සියළු සේනාව රැස්කරවා එම්බා සිවිරට වැසියෙනි, මගේ මේ දිවැස් දැක මෙතැන් පටන් නොදී (යමක්) අනුභව නොකරවයි කියා ධර්මය දේශනා කරනුයේ ගාථා සතරක් කීවේය.
“කො නීධ විත්තං න දදෙය්ය යාචිතො, අපි විසිට්ඨං සුපියම්පි අත්තනො; තදිඞ්ඝ සබ්බෙ සිවයො සමාගතා, දිබ්බානි නෙත්තානි මමජ්ජ පස්සථ.
28. මෙලොව යමෙකු විසින් අයදනා ලද්දේ ඉතා උසස් වූද ප්‍රිය වූද තමාගේ කවරනම් වස්තුවක් නොදෙන්නේද? එසේනම් අද රැස්වූ සියළු සිවිරට වාසීහු මගේ මේ දිව්‍යමය නෙත් බලව්.
“තිරොකුට්ටං තිරොසෙලං, සමතිග්ගය්හ පබ්බතං; සමන්තා යොජනසතං, දස්සනං අනුභොන්ති මෙ.
29. මගේ මේ නෙත් බිත්තියෙන් සරසද ගලින් සරසද පර්වතය ඉක්මවාද හාත්පස යොදුන් සියයක් රූප දැක්ම සිදු කෙරෙත්.
“න චාගමත්තා පරමත්ථි කිඤ්චි, මච්චානං ඉධ ජීවිතෙ; දත්වාන මානුසං චක්ඛුං, ලද්ධං මෙ චක්ඛුං අමානුසං.
30. මේ ජීවලෝකයෙහි මිනිසුන්ට පරිත්‍යාගයට වඩා උතුම් දෙයක් නැත. මිනිස් ඇසක් දී මිනිස් බව ඉක්මවා ගිය ඇසක් ලැබුවෙමි.
“එතම්පි දිස්වා සිවයො, දෙථ දානානි භුඤ්ජථ; දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතා සග්ගමුපෙථ ඨාන”න්ති.
31. සිවි රටවාසීහු මෙය දැක දන්දෙව්. අනුභව කරව්. හැකි පරිද්දෙන් දී අනුභව කර නින්දා නොලබන්නාහු සුගතියට යව්.
තත්ථ කොනීධාති කො නු ඉධ. අපි විසිට්ඨන්ති උත්තමම්පි සමානං. චාගමත්තාති චාගපමාණතො අඤ්ඤං වරං නාම නත්ථි. ඉධ ජීවිතෙති ඉමස්මිං ජීවලොකෙ. “ඉධ ජීවත”න්තිපි පාඨො, ඉමස්මිං ලොකෙ ජීවමානානන්ති අත්ථො. අමානුසන්ති දිබ්බචක්ඛු මයා ලද්ධං, ඉමිනා කාරණෙන වෙදිතබ්බමෙතං “චාගතො උත්තමං නාම නත්ථී”ති. එතම්පි දිස්වාති එතං මයා ලද්ධං දිබ්බචක්ඛුං දිස්වාපි.
එහි කොනීධ යනු කවරෙක් නම් මේ ලොව. අපි විසිට්ඨං යනු උතුම් වූයේම. චාගමන්තා යනු ත්‍යාග ප්‍රමාණයෙන් උසස් වූ අනිකක් නම් නැත. ඉධ ජීවිතෙ යනු මේ ජීව ලෝකයෙහි. ඉධං ජීවිතං යනුද පෙළ වේ. මේ ජීවලෝකයෙහි ජීවත් වන්නවුන්ට යන අර්ථයි. අමානුසං යනු දිව්‍යමය ඇස් මා විසින් ලබන ලදි. මේ කරුණින් මෙය දන්නා ලදි. ත්‍යාගයට වඩා උතුම් වූවක් නම් නැතැයි. එතම්පි දිස්වා මවිසින් ලබන ලද මේ දිවැස් දැකද.
ඉති ඉමාහි චතූහි ගාථාහි ධම්මං දෙසෙත්වා තතො පට්ඨාය අන්වද්ධමාසං පන්නරසුපොසථෙසු මහාජනං සන්නිපාතාපෙත්වා නිච්චං ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො දානාදීනි පුඤ්ඤානි කත්වා දෙවලොකං පූරෙන්තොව අගමාසි.
මෙසේ මේ ගාථා සතරින් ධර්මය දේශනා කර එතැන් පටන් අඩ මසකට වරක්ද පසළොස්වක පොහොය දිනද මහජනයා රැස් කරවා නිතර මෙම ගාථාවන්ගෙන්ම ධර්මය දේශනා කළේය. මහජනයා එය අසා දානාදී පිංකම් කර දෙව්ලොව පුරවමින් (සුගතියට) ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පොරාණකපණ්ඩිතා බාහිරදානෙන අසන්තුට්ඨා සම්පත්තයාචකානං අත්තනො චක්ඛූනි උප්පාටෙත්වා අදංසූ”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා සීවිකවෙජ්ජො ආනන්දො අහොසි, සක්කො අනුරුද්ධො අහොසි, සෙසපරිසා බුද්ධපරිසා, සිවිරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ පෙර පණ්ඩිතයෝ බාහිර දානයෙන් සතුටු නොවූවෝ පැමිණි යාචකයන්ට තමාගේ ඇස් උපුටා දුන්නාහු යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සීවක වෙදා ආනන්ද තෙර වීය. ශක්‍රයා අනුරුද්ධ තෙර වීය. සෙසු පිරිස බුද්ධ පිරිසයි. සිවි රජු වනාහි මම්ම වීමි යයි වදාළ සේක.
සිවිජාතකවණ්ණනා තතියා.