5. භිසජාතකවණ්ණනා 488 අට්ඨකථා
5. භිසජාතකවණ්ණනා (488)
5. භිස ජාතකය (488)
අස්සං ගවං රජතං ජාතරූපන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු පන කුසජාතකෙ (ජා· 2.20.1 ආදයො) ආවි භවිස්සති. තදා පන සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කිං පටිච්චා”ති වත්වා “කිලෙසං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා කස්මා කිලෙසං පටිච්ච උක්කණ්ඨිතොසි, පොරාණකපණ්ඩිතා අනුප්පන්නෙ බුද්ධෙ බාහිරකපබ්බජ්ජං පබ්බජිත්වා වත්ථුකාමකිලෙසකාමෙ ආරබ්භ උප‍්පජ‍්ජනකසඤ‍්ඤං සපථං කත්වා විහරිංසූ”ති වත්වා අතීතං ආහරි.
අස්සං ගවං රජතං ජාතරූපං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උකටලී වූ භික්ෂුවක අරභයා දේශනා කළ සේක. කථා වස්තුව කුස ජාතකයෙහි පෙනෙන්නේය. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණ ඔබ උකටලී වූයේ සැබෑවදැයි විමසා ස්වාමීනි, සැබවයි කී කල්හි කුමක් නිසාදැයි? ස්වාමීනි කෙලෙස් නිසා යයි කී කල්හි මහණ, මෙබඳු වූ නෛර්යාණික ශාසනයෙහි පැවිදි වී කුමක් හෙයින් කෙලෙස් නිසා උකටලී වූවෙහිද? පෙර පඬිවරු බුදුන් නූපන් කල්හිද බාහිර පැවිද්දෙන් පැවිදි වී වස්තු කාමයන් හා ක්ලේශ කාමයන් නිසා උපදනා වූ සංඥාවන් දිව්රුම් කොට හරින ලද්දාහු යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අසීතිකොටිවිභවස්ස බ්රාහ්මණමහාසාලකුලස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, “මහාකඤ්චනකුමාරො”තිස්ස නාමං කරිංසු. අථස්ස පදසා විචරණකාලෙ අපරොපි පුත්තො ජායි, “උපකඤ්චනකුමාරො”තිස්ස නාමං කරිංසු. එවං පටිපාටියා සත්ත පුත්තා අහෙසුං. සබ්බකනිට්ඨා පනෙකා ධීතා, තස්සා “කඤ්චනදෙවී”ති නාමං කරිංසු. මහාකඤ්චනකුමාරො වයප්පත්තො තක්කසිලතො සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ආගච්ඡි. අථ නං මාතාපිතරො ඝරාවාසෙන බන්ධිතුකාමා “අත්තනා සමානජාතියකුලතො තෙ දාරිකං ආනෙස්සාම, ඝරාවාසං සණ්ඨපෙහී”ති වදිංසු. “අම්මතාතා, න මය්හං ඝරාවාසෙනත්ථො, මය්හඤ්හි තයො භවා ආදිත්තා විය සප්පටිභයා, බන්ධනාගාරං විය පලිබුද්ධා, උක්කාරභූමි විය ජෙගුච්ඡා හුත්වා උපට්ඨහන්ති, මයා සුපිනෙනපි මෙථුනධම්මො න දිට්ඨපුබ්බො, අඤ්ඤෙ වො පුත්තා අත්ථි, තෙ ඝරාවාසෙන නිමන්තෙථා”ති වත්වා පුනප්පුනං යාචිතොපි සහායෙ පෙසෙත්වා තෙහි යාචිතොපි න ඉච්ඡි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්ව තෙමේ අසූකෙළක් ධනය ඇති බ්‍රාහ්මණ මහසල් කුලයක පුතෙක් වී උපන්නේය. ඔහුට මහා කඤ්චන කුමාර යයි නම් කළාහුය. ඉක්බිති ඔහු පයින් ඇවිදින කාලයෙහි වෙනත් වූ පුත්‍රයෙක්ද උපන්නේය. ඔහුට උපකඤ්චන කුමාරයා යයි නම් කළාහුය. මෙසේ පිළිවෙලින් පුත්‍රයෝ සත්දෙනෙක් වූහ. සියල්ලන්ට කණිටු වූවා එක් දියණියකි. ඇයට කඤ්චනදේවී යයි නම් කළාහුය. මහා කඤ්චන කුමාරයා සුදුසු වයසට පැමිණියේ තක්සිලාවෙන් සියළු ශිල්ප ඉගෙන (පෙරළා) ආවේය. ඉක්බිති මව්පියෝ ඔහු ගිහිගෙයි වාසයෙන් බඳිනු කැමැත්තෝ තමා හා සමාන වූ කුලයකින් දැරියක ගෙන එමු. ගෙහි වාසය පිහිටුවහියි කීවාහුය. මෑණියනි, පියාණනි මට ගිහිගෙයි වාසයෙන් වැඩක් නැත. මට භවත්‍රය ගිනි ගත්තක් මෙන්ද, බිය සහිත වූවක් මෙන්ද, හිරගෙයක් මෙන්ද කිළිටි වූ අසූචි බිමක් මෙන් පිළිකුල් කටයුතු වී පෙනේ. මවිසින් සිහිනෙන්ද මෙවුන්දම් නොදුටුවිරූය. ඔබට වෙනත් පුත්‍රයෝ ඇත්තාහ. ඔවුන් ගිහිගෙයින් ආරාධනය කරවු යයි කියා නැවත නැවත ඉල්වන ලද්දේ, යහළුවන් යවා ඔවුන් ලවාද අයදින ලද්දේ නොකැමති වීය.
අථ නං සහායා “සම්ම, කිං පන ත්වං පත්ථෙන්තො කාමෙ පරිභුඤ්ජිතුං න ඉච්ඡසී”ති පුච්ඡිංසු. සො තෙසං නෙක්ඛම්මජ්ඣාසයතං ආරොචෙසි. තං සුත්වා මාතාපිතරො සෙසපුත්තෙ නිමන්තෙසුං, තෙපි න ඉච්ඡිංසු. කඤ්චනදෙවීපි න ඉච්ඡියෙව. අපරභාගෙ මාතාපිතරො කාලමකංසු. මහාකඤ්චනපණ්ඩිතො මාතාපිතූනං කත්තබ්බකිච්චං කත්වා අසීතිකොටිධනෙන කපණද්ධිකානං මහාදානං දත්වා ඡ භාතරො භගිනිං එකං දාසං එකං දාසිං එකං සහායකඤ්ච ආදාය මහාභිනික්ඛමනං නික්ඛමිත්වා හිමවන්තං පාවිසි. තෙ තත්ථ එකං පදුමසරං නිස්සාය රමණීයෙ භූමිභාගෙ අස්සමං කත්වා පබ්බජිත්වා වනමූලඵලාහාරෙහි යාපයිංසු. තෙ අරඤ්ඤං ගච්ඡන්තා එකතොව ගන්ත්වා යත්ථ එකො ඵලං වා පත්තං වා පස්සති, තත්ථ ඉතරෙපි පක්කොසිත්‍වා දිට්ඨසුතාදීනි කථෙන්තා උච්චිනන්ති, ගාමස්ස කම්මන්තට්ඨානං විය හොති. අථ ආචරියො මහාකඤ්චනතාපසො චින්තෙසි “අම්හාකං අසීතිකොටිධනං ඡඩ්ඩෙත්වා පබ්බජිතානං එවං ලොලුප්පචාරවසෙන ඵලාඵලත්ථාය විචරණං නාම අප්පතිරූපං, ඉතො පට්ඨාය අහමෙව ඵලාඵලං ආහරිස්සාමී”ති. සො අස්සමං පත්වා සබ්බෙපි තෙ සායන්හසමයෙ සන්නිපාතෙත්වා තමත්ථං ආරොචෙත්වා “තුම්හෙ ඉධෙව සමණධම්මං කරොන්තා අච්ඡථ, අහං ඵලාඵලං ආහරිස්සාමී”ති ආහ. අථ නං උපකඤ්චනාදයො “මයං ආචරිය, තුම්හෙ නිස්සාය පබ්බජිතා, තුම්හෙ ඉධෙව සමණධම්මං කරොථ, භගිනීපි නො ඉධෙව හොතු, දාසීපි තස්සා සන්තිකෙ අච්ඡතු, මයං අට්ඨ ජනා වාරෙන ඵලාඵලං ආහරිස්සාම, තුම්හෙ පන තයො වාරමුත්තාව හොථා”ති වත්වා පටිඤ්ඤං ගණ්හිංසු.
ඉක්බිති යහළුවෝ ඔහුට (කියනුයේ) යහළුව, ඔබ කුමක් ප්‍රාර්ථනය කරනුයේ කාමයන් විදීමට නොකැමැත්තෙහිදැයි විචාළාහුය. හෙතෙම ඔවුන්ට (තමාගේ) නික්මීමෙහි අදහස් ඇති බව දැන්වීය. ඒ අසා ඔහුගේ මව්පියෝ අනෙක් පුතුන්ද (ගිහිගෙය සඳහා) ආරාධනය කළාහුය. ඔවුහුද නොකැමති වූහ. කඤ්චන දේවියද නොකැමතිම වූවාය. මෑත කාලයෙහි මව්පියෝ කළුරිය කළාහුය. මහා කඤ්චන පණ්ඩිතයා මව්පියන්ට කළයුතු කටයුතු කර අසූකෙළක් ධනයෙන් දුගීමගීන්ට මහදන් දී සොහොයුරන් සතරදෙනාද සොහොයුරියද එක් දාසයෙක්ද එක් දාසියක්ද එක් යහළුවෙක්ද ගෙන මහා අභිනිෂ්ක්‍රමණයෙන් නික්මී හිමාලයට පිවිසියේය. ඔවුහු එහි පියුම් විලක් ඇසුරුකොට සිත්කළු වූ බිම් පෙදෙසක ආශ්රමයක් කොට පැවිදි වී වනමුල් ඵලාඵල ආහාරයෙන් යැපුනාහුය. ඔවුහු වනයට යන්නාහු හුදකලාවම ගොස් යමෙක් යම්තැනක ගෙඩියක් හෝ කොලයක් හෝ දකීද එහි අන්‍යයන්ද කැඳවා දුටු-ඇසූ දේ කියන්නාහු රැස් කරත්. ගමෙක කර්මාන්ත ස්ථානයක් මෙන් වේ. ඉක්බිති ආචාර්ය වූ මහා කඤ්චන තාපසයා (මෙසේ) සිතුවේය. අසූකෙළක් ධනය හැර පැවිදි වූ අපට මෙසේ ආශා පරවස වී ලොකු කුඩා ගෙඩි සඳහා ඇවිදීම නම් නුසුදුසුය. මෙතැන් පටන් ඵලාපල ගෙන එන්නෙමියි. හෙතෙම අසපුවට අවුත් සවස් කාලයෙහි ඒ සියල්ලන් කැඳවා ඒ කරුණ දන්වා තෙපි මහණ ධර්මය සම්පූර්ණ කරන්නාහු මෙහිම සිටිවු. මම ඵලාපලයන් ගෙන එන්නෙමියි කීය. ඉක්බිති උපකඤ්චන කුමාර ආදීහු කියන්නාහු ආචාර්යතුමනි, අපි ඔබ ඇසුරුකොට පැවිදි වූවෝ වෙමු. තෙපි මෙහිම මහණදම් කරව. අපගේ සොහොයුරියද මෙහිම වේවා! දාසියද ඇය සමීපයෙහි සිටීවා. අප අටදෙනා වරින් වර ඵලාපල ගෙන එන්නෙමු. තෙපි තිදෙන වාරයෙන් මුදන ලද්දෝ වව් යයි කියා ප්‍රතිඥා ගත්තාහුය.
තතො පට්ඨාය අට්ඨසුපි ජනෙසු එකෙකො වාරෙනෙව ඵලාඵලං ආහරති. සෙසා අත්තනො අත්තනො පණ්ණසාලායමෙව හොන්ති, අකාරණෙන එකතො භවිතුං න ලභන්ති. වාරප්පත්තො ඵලාඵලං ආහරිත්වා එකො මාළකො අත්ථි, තත්ථ පාසාණඵලකෙ එකාදස කොට්ඨාසෙ කත්වා ඝණ්ඩිසඤ්ඤං කත්වා අත්තනො කොට්ඨාසං ආදාය වසනට්ඨානං පවිසති. සෙසා ඝණ්ඩිසඤ්ඤාය නික්ඛමිත්වා ලොලුප්පං අකත්වා ගාරවපරිහාරෙන ගන්ත්වා අත්තනො පාපුණනකොට්ඨාසං ආදාය වසනට්ඨානං ගන්ත්වා පරිභුඤ්ජිත්වා සමණධම්මං කරොන්ති. තෙ අපරභාගෙ භිසානි ආහරිත්වා ඛාදන්තා තත්තතපා ඝොරතපා පරමාජිතින්ද්රියා කසිණපරිකම්මං කරොන්තා විහරිංසු. අථ තෙසං සීලතෙජෙන සක්කස්ස භවනං කම්පි. සක්කොපි ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා “කාමාධිමුත්තා නු ඛො ඉමෙ ඉසයො , නො”ති ආසඞ්කං කරොතියෙව. සො “ඉමෙ තාව ඉසයො පරිග්ගණ්හිස්සාමී”ති චින්තෙත්වා අත්තනො ආනුභාවෙන මහාසත්තස්ස කොට්ඨාසං තයො දිවසෙ අන්තරධාපෙසි. සො පඨමදිවසෙ කොට්ඨාසං අදිස්වා “මම කොට්ඨාසං පමුට්ඨො භවිස්සතී”ති චින්තෙසි, දුතියදිවසෙ “මම දොසෙන භවිතබ්බං, පණාමනවසෙන මම කොට්ඨාසං න ඨපෙසි මඤ්ඤෙ”ති චින්තෙසි, තතියදිවසෙ “කෙන නු ඛො කාරණෙන මය්හං කොට්ඨාසං න ඨපෙන්ති, සචෙ මෙ දොසො අත්ථි, ඛමාපෙස්සාමී”ති සායන්හසමයෙ ඝණ්ඩිසඤ්ඤං අදාසි.
එතැන් පටන් අටදෙනා අතරින් එක් එක් තැනැත්තේ වරින් වර ඵලාපල ගෙන එයි. සෙස්සෝ තමාට පැමිණෙන කොටස ගෙන (තමා) වසන තැනට ගොස් තමාගේ පන්සලෙහිම වෙත්. නොකරුණින් එකතුවීමට නොලබත්. වාරය පැමිණි තැනැත්තා ලොකු කුඩා ගෙඩි ගෙනවුත් එක් වේදිකාවක් ඇත. එහි පාෂාණමය ලෑල්ලෙහි එකොළොස් කොටසක් කර ගණ්ඨාර නාදය දී තමාගේ කොටස ගෙන (තමා) වසන තැනට පිවිසෙයි. සෙස්සෝ ගණ්ඨාර නාදයෙන් නික්මී කලබලයක් නොකර ගෞරව පෙරටු ගමනින් ගොස් තමාට පැමිණි කොටස ගෙන වසන තැනට ගොස් වළඳා මහන දම් කරත්. ඔවුහු මෑත කාලයෙහි නෙලුම් අල ගෙනවුත් කන්නාහු උණුසුම් තපස් ඇත්තාහු කර්කශ තපස් ඇත්තාහු ඉන්ද්රියයන් අසුරුවා කිසුණු පිරියම් කරන්නාහු වාසය කළාහුය. ඉක්බිති ඔවුන්ගේ සිල් තෙදින් ශක්‍රයාගේ භවනය කම්පා වීය. ශක්‍රයාද මේ සෘෂීහු ඒකාන්තයෙන් කාමයන්ගෙන් මිදුනෝද නැත්දැයි සිතයිමය. හෙතෙම පළමුකොට මේ සෘෂිවරුන් පරීක්ෂා කරන්නෙමියි සිතා තමාගේ ආනුභාවයෙන් මහබෝ සතුන්ගේ කොටස දින තුනක් අතුරුදහන් කරවීය. හෙතෙම පළමු දවස්හි කොටස නොදැක මගේ කොටස අමතක වීමෙන් නොතැබුවේ වන්නේ යයි සිතීය. දෙවන දවස්හි මගේ දෝෂයක් නිසා විය යුතුය. නොසැලකීම් වශයෙන් නොතබන ලද්දෙහි යයි සිතීය. තෙවන දවස්හි කවරනම් කරුණින් මගේ කොටස නොතබත්දැයි (සිතා) ඉදින් මගේ දෝෂයක් වන්නේ නම් සමා කරවන්නෙමියි සවස් කාලයෙහි ගණ්ඨා නාදයෙන් සංඥා දුන්නේය.
සබ්බෙ සන්නිපතිත්වා “කෙන ඝණ්ඩිසඤ්ඤා දින්නා”ති ආහංසු. “මයා තාතා”ති. “කිංකාරණා ආචරියා”ති? “තාතා තතියදිවසෙ කෙන ඵලාඵලං ආභත”න්ති? තෙසු එකො උට්ඨාය “මයා ආචරියා”ති වන්දිත්වා අට්ඨාසි. කොට්ඨාසෙ කරොන්තෙන තෙ මය්හං කොට්ඨාසො කතොති. “ආම, ආචරිය, ජෙට්ඨකකොට්ඨාසො මෙ කතො”ති. “හිය්යො කෙනාභත”න්ති? “මයා”ති අපරො උට්ඨාය වන්දිත්වා අට්ඨාසි. කොට්ඨාසං කරොන්තො මං අනුස්සරීති. “තුම්හාකං මෙ ජෙට්ඨකකොට්ඨාසො ඨපිතො”ති. “අජ්ජ කෙනාභත”න්ති. “මයා”ති අපරො උට්ඨාය වන්දිත්වා අට්ඨාසි. කොට්ඨාසං කරොන්තො මං අනුස්සරීති. “තුම්හාකං මෙ ජෙට්ඨකකොට්ඨාසො කතො”ති. “තාතා, අජ්ජ මය්හං කොට්ඨාසං අලභන්තස්ස තතියො දිවසො, පඨමදිවසෙ කොට්ඨාසං අදිස්වා ‘කොට්ඨාසං කරොන්තො මං පමුට්ඨො භවිස්සතී’ති චින්තෙසිං, දුතියදිවසෙ “මම කොචි දොසො භවිස්සතී”ති චින්තෙසිං, අජ්ජ පන “සචෙ මෙ දොසො අත්ථි, ඛමාපෙස්සාමී”ති චින්තෙත්වා ඝණ්ඩිසඤ්ඤාය තුම්හෙ සන්නිපාතෙසිං. එතෙ භිසකොට්ඨාසෙ තුම්හෙ “කරිම්හා”ති වදථ, අහං න ලභාමි, එතෙසං ථෙනෙත්වා ඛාදකං ඤාතුං වට්ටති, කාමෙ පහාය පබ්බජිතානං භිසමත්තං ථෙනනං නාම අප්පතිරූපන්ති. තෙ තස්ස කථං සුත්වා “අහො සාහසිකකම්ම”න්ති සබ්බෙව උබ්බෙගප්පත්තා අහෙසුං.
සියල්ලෝ රැස් වී කවරෙකු විසින් ගණ්ඨාර සංඥාව දුන්නේදැයි කීවාහුය. දරුවනි, මා විසිනැයි (කීය) ආචාර්යතුමනි, කවර කරුණක් නිසාදැයි විමසීය. දරුවෙනි, තෙවන දවස්හි කවරෙකු විසින් ඵලාපල ගෙන එන ලදද? එක් අයෙක් නැගිට ආචාර්යතුමනි, මවිසිනැයි වැඳ (කියා) සිටියේය. කොටස් කරන්නා වූ තොප විසින් මගේ කොටස කරන ලදදැයි. ආචාර්යතුමනි, එසේය. ප්‍රධානියාගේ කොටස විසින් කරන ලදැයි (කීවේය) ඊයේ කවරෙකු විසින් ගෙන එන ලදැයි (විමසීය) අනිකෙක් නැගිට මවිසින් යයි වැඳ කියා සිටියේය. තොප විසින් මා සිහි කළේද? මගේ ප්‍රධාන කොටස තබන ලද්දේද? අද කවරෙකු විසින් ගෙන එන ලදද? අනිකෙක් මවිසින් යයි නැගිට වැඳ කියා සිටියේය. කොටස් කරන්නේ මා සිහිපත් කළේද? ඔබගේ ප්‍රධාන කොටස කරන ලද්දේයි. දරුවනි, අද මා හට කොටස් නොලබන්නා වූ තෙවන දවසයි. පළමු දිනයෙහි කොටස නොදැක කොටස් කරන්නේ මා අමතක වූයේ යයි සිතුවෙමි. දෙවන දවස්හි මගේ කිසිදු වරදක් වන්නේ යයි සිතුවෙමි. අද වූ කලී ඉදින් මගේ දෝෂයක් ඇත්ද එය සමා කරන්නෙමියි සිතා ගණ්ඨා නාදයෙන් ඔබලා රැස් කරවූයෙමි. මේ නෙලුම් අල තෙපි කොටස් කළෙමු යයි කියහුය. මම නොලදිමි. මොවුන් අතර සොරකම් කර කන්නා දැන ගන්නට වටනේය. කාමයන් හැර පැවිදි වූවන්ට නෙලුම් අල පමණ වූද සොරකම් කිරීම නම් නුසුදුසුයයි. ඔවුහු එතුමාගේ වචනය අසා පුදුමයෙකි. සැහැසි කටයුත්තකැයි සියල්ලෝම සංවේගයට පත්වූවාහුය.
තස්මිං අස්සමපදෙ වනජෙට්ඨකරුක්ඛෙ නිබ්බත්තදෙවතාපි ඔතරිත්වා ආගන්ත්වා තෙසංයෙව සන්තිකෙ නිසීදි. ආනෙඤ්ජකරණං කාරියමානො දුක්ඛං අධිවාසෙතුං අසක්කොන්තො ආළානං භින්දිත්වා පලායිත්වා අරඤ්ඤං පවිට්ඨො එකො වාරණො කාලෙන කාලං ඉසිගණං වන්දති, සොපි ආගන්ත්වා එකමන්තං අට්ඨාසි. සප්පකීළාපනකො එකො වානරො අහිතුණ්ඩිකස්ස හත්ථතො මුච්චිත්වා පලායිත්වා අරඤ්ඤං පවිසිත්වා තත්ථෙව අස්සමෙ වසති. සොපි තං දිවසං ඉසිගණං වන්දිත්වා එකමන්තං නිසීදි. සක්කො “ඉසිගණං පරිග්ගණ්හිස්සාමී”ති තෙසං සන්තිකෙ අදිස්සමානකායො අට්ඨාසි. තස්මිං ඛණෙව බොධිසත්තස්ස කනිට්ඨො උපකඤ්චනතාපසො උට්ඨායාසනා බොධිසත්තං වන්දිත්වා සෙසානං අපචිතිං දස්සෙත්වා “ආචරිය, අහං අඤ්ඤෙ අපට්ඨපෙත්වා අත්තානඤ්ඤෙව සොධෙතුං ලභාමී”ති පුච්ඡි. “ආම, ලභසී”ති. සො ඉසිගණමජ්ඣෙ ඨත්වා “සචෙ තෙ මයා භිසානි ඛාදිතානි, එවරූපො නාම හොතූ”ති සපථං කරොන්තො පඨමං ගාථමාහ –
ඒ ආශ්‍රම පෙදෙසෙහි වනස්පති රුකෙක උපන් දෙවියාද (ගසින්) බැස අවුත් ඔවුන්ගේම සමීපයෙහි හුන්නේය. නොයෙක් කටයුතු කරන්නා වූ (එහෙයින්ම) දුක් ඉවසීමට අපොහොසත් වූ (තමා) බැඳහුන් කනුව බිඳ පලා අවුත් වනයට පිවිසි එක් ඇතෙක් කලින් කල තවුස් සමූහයා වඳී. ඔහුද අවුත් එකත්පසෙක සිටියේය. සර්පයන් කෙළවන්නා වූ (ක්‍රීඩා කරවන්නා වූ) එක් අහිකුණ්ඨිකයකුගේ අතින් මිදී වනයට පිවිසි වඳුරෙක් ඒ අසපුවෙහිම වසයි. හෙතෙමේද එදවස තවුස් සමූහයා වැඳ එකත්පසෙක හුන්නේය. ශක්‍රයා තවුස් සමූහයා පරීක්ෂා කරන්නෙමියි ඔවුන් සමීපයෙහි නොපෙනෙන සිරුරු ඇතිව සිටියේය. එකෙනෙහි බෝසතුන්ගේ බාල සොහොයුරු උපකඤ්චන තවුසා අසුනෙන් නැගී සිටියේ බෝසතුන් වැඳ සෙස්සන්ගේ ගෞරවය දක්වා ආචාර්යතුමනි, මම අන්‍යයන් නො එළවා තමාම නිවැරදි කරන්නට ලබම්දැයි විචාළේය. එසේය ලබහි යයි කීවේය. හෙතෙම තවුස් සමූහයා මැද සිට ඉදින් මම ඔබගේ නෙලුම් අල කෑවේ නම් මෙබන්දෙක් වෙමියි දිව්රීම් කරන්නේ පළමු ගාථාව කීවේය.
“අස්සං ගවං රජතං ජාතරූපං, භරියඤ්ච සො ඉධ ලභතං මනාපං; පුත්තෙහි දාරෙහි සමඞ්ගි හොතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසී”ති.
අස්සං ගවං රජතං ජාතරූපං, භරියං ච සො ඉධ ලභතං මනාපං, පුත්තෙහි දාරෙහි සමංගි හොතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අභාසි
1. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙලුම් අල පැහැර ගත්තේද? හෙතෙම අශ්වයෙකු ගවයෙකු හා රන් රිදීද ප්‍රියමනාප වූ බිරිඳකද ලබාවා! පුත්‍රයන් සමගද බිරින්දෑවරුන් සමගද එක්වේවා!
තත්ථ “අස්සං ගව”න්ති ඉදං “සො ‘යත්තකානි පියවත්ථූනි හොන්ති, තෙහි විප්පයොගෙ තත්තකානි සොකදුක්ඛානි උප්පජ්ජන්තී’ති වත්ථුකාමෙ ගරහන්තො අභාසී”ති වෙදිතබ්බං.
එහි අස්සං ගවං යනු මෙය හෙතෙම යම් පමණ වූ ප්‍රිය වස්තූන් වෙත්ද ඒවායින් වෙන් වීමෙහිලා එපමණක් ශෝක දුක් උපදවත් යයි වස්තු කාමයන්ට ගර්හා කරමින් කියන ලදැයි දත යුතුයි.
තං සුත්වා ඉසිගණො “මාරිස, මා එවං කථෙථ, අතිභාරියො තෙ සපථො”ති කණ්ණෙ පිදහි. බොධිසත්තොපි නං “තාත, අතිභාරියො තෙ සපථො, න ත්වං ඛාදසි, තව පත්තාසනෙ නිසීදා”ති ආහ. තස්මිං පඨමං සපථං කත්වා නිසින්නෙ දුතියොපි භාතා සහසා උට්ඨාය මහාසත්තං වන්දිත්වා සපථෙන අත්තානං සොධෙන්තො දුතියං ගාථමාහ –
ඒ අසා තවුස් සමූහයා “නිදුකාණනි, මෙසේ නොකියව. ඔබගේ දිව්රීම ඉතා බැරෑරුම් යයි කන් වැසීය. බෝධිසත්ත්වයෝද ඔහු (කියනුයේ) දරුව, ඔබගේ දිව්රීම ඉතා බැරෑරුම්ය. ඔබ නොකෑවේ වෙහිය. ඔබගේ ආසනයෙහි හිඳුවයි කීය. ඔහු දිව්රීම කර හුන් කල්හි දෙවැනි සොහොයුරා නැගිට බෝසතුන් වැඳ දිව්රීමෙන් තමා නිවැරදි කරන්නේ දෙවන ගාථාව කීවේය.
“මාලඤ්ච සො කාසිකචන්දනඤ්ච, ධාරෙතු පුත්තස්ස බහූ භවන්තු; කාමෙසු තිබ්බං කුරුතං අපෙක්ඛං, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසී”ති.
2. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද, හෙතෙම මල්මාලාද, කසී සඳුන්ද දරාවා. ඔහුට දූදරුවෝ බොහෝ වෙත්වා. කාමයන්හි තියුණු වූ අපේක්ෂා කෙරේවා.
තත්ථ තිබ්බන්ති වත්ථුකාමකිලෙසකාමෙසු බහලං අපෙක්ඛං කරොතූති. ඉදං සො “යස්සෙතෙසු තිබ්බා අපෙක්ඛා හොන්ති, සො තෙහි විප්පයොගෙ මහන්තං දුක්ඛං පාපුණාතී”ති දුක්ඛපටික්ඛෙපවසෙනෙව ආහ.
එහි තිබ්බං යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩි වූ අපේක්ෂාව කෙරේවායි. මෙය යමෙකුට ක්ලේශ කාමයන්හි තියුණු අපේක්ෂා වේද හෙතෙම එවායින් වෙන්වීමෙහිලා මහත් වූ දුකකට පැමිණේ යයි දුක් ප්රතික්ෂ්ප කිරීම් වශයෙන්ම කීය.
තස්මිං නිසින්නෙ සෙසාපි අත්තනො අත්තනො අජ්ඣාසයානුරූපෙන තං තං ගාථං අභාසිංසු –
ඔහු හුන් කල්හි සෙස්සෝද තමාගේ අදහස්වලට අනුරූප වන පරිදි ඒ ඒ ගාථාවක් කීවාහුය.
“පහූතධඤ්ඤො කසිමා යසස්සී, පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ; වයං අපස්සං ඝරමාවසාතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
3. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද? හෙතෙම බොහෝ ධාන්‍ය ඇති, සීසාන, කීර්තිමත් වූ, පුතුන්ද සියළු කාම වස්තූන් ඇති ධනවත් වූ, වයස නොපෙනෙන ගිහියෙක් වී ගිහිගෙයි වාසය කරාවා!
“සො ඛත්තියො හොතු පසය්හකාරී, රාජාභිරාජා බලවා යසස්සී; ස චාතුරන්තං මහිමාවසාතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
4. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද හෙතෙම රජුන්ටත් රජ වූ බලවත් වූ කීර්තිමත් වූ බලහත්කාරකම් කරන ක්ෂත්රියයෙක් වේවා! ඔහු වූ කලී සිව් මුහුදු සීමා කර ඇති පෘථිවියට අධිපතිව වාසය කෙරේවා!
“සො බ්රාහ්මණො හොතු අවීතරාගො, මුහුත්තනක්ඛත්තපථෙසු යුත්තො; පූජෙතු නං රට්ඨපතී යසස්සී, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
5. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද හෙතෙම මුහුර්තයන්හි නක්ෂත්රයන්හි යෙදුන පහ නොකළ රාග ඇති බ්‍රාහ්මණයෙක් වේවා! කීර්තිමත් වූ රජු ඔහුව පූජා කෙරේවා!
“අජ්ඣායකං සබ්බසමන්තවෙදං, තපස්සිනං මඤ්ඤතු සබ්බලොකො; පූජෙන්තු නං ජානපදා සමෙච්ච, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
6. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද? හෙතෙම වේදය හදාරන සියළු වේදය හදාළ තවුසෙකැයි සියළු ලෝවැසියා හඟීවා! ජනපදවැසියෝ එක් වී ඔහුව පූජා කෙරෙත්වා!
“චතුස්සදං ගාමවරං සමිද්ධං, දින්නඤ්හි සො භුඤ්ජතු වාසවෙන; අවීතරාගො මරණං උපෙතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
7. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද? හෙතෙම සිව් ලක්ෂණයකින් යුක්ත වූ සමෘද්ධිමත් වූ ශක්‍රයා විසින් දෙන ලද ගම්වරයක් අනුභව කෙරේවා! පහ නොකළ ආශා ඇතිවම මරණයට එළඹේවා.
“සො ගාමණී හොතු සහායමජ්ඣෙ, නච්චෙහි ගීතෙහි පමොදමානො; සො රාජතො බ්යසන මාලත්ථ කිඤ්චි, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
8. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද, හෙතෙම යහළුවන් මැද නැටුම් ගැයුම්වලින් සතුටුවන ගම්පතියෙක් වේවා. රජු වෙතින් කිසියම් විපතක් නොලබාවා!
“යං එකරාජා පථවිං විජෙත්වා, ඉත්ථීසහස්සාන ඨපෙතු අග්ගං; සීමන්තිනීනං පවරා භවාතු, භිසානි තෙ බ්‍රාහ්මණ යා අහාසි.
9. බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තීද? ඇය ප්‍රධාන රජු මුළු පොළොව දිනා ස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරෙහි තබාවා! ඇය ස්ත්‍රීන් අතර ශ්‍රේෂ්ඨ තැනැත්තිය වේවා!
“ඉසීනඤ්හි සා සබ්බසමාගතානං, භුඤ්ජෙය්ය සාදුං අවිකම්පමානා; චරාතු ලාභෙන විකත්ථමානා, භිසානි තෙ බ්‍රාහ්මණ යා අහාසි.
10. බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද? ඇය රැස්වූ සියළු අධිපතීන් අතර කම්පා වීමෙන් තොරව රසය අනුභව කරාවා! ලාභය සඳහා පුරසාරම් කියන්නී හැසිරේවා!
“ආවාසිකො හොතු මහාවිහාරෙ, නවකම්මිකො හොතු ගජඞ්ගලායං; ආලොකසන්ධිං දිවසං කරොතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
11. බ්‍රාහ්මණ යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද, හෙතෙම කජංගලා නුවර මහ වෙහෙරක නවකම් කරන නේවාසික ප්‍රධාන භික්ෂුවක් වේවා! එක් දවසකින් එක් කවුළුවක් කෙරේවා!
“සො බජ්ඣතූ පාසසතෙහි ඡබ්භි, රම්මා වනා නිය්යතු රාජධානිං; තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.
12. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද, හෙතෙම සය තැනක සිය ගණන් බැමිවලින් බැඳේවා. රම්‍ය වූ වනයෙන් රාජධානියට පැමිණේවා! හෙතෙම කටු සැමිටියෙන් හා කෙවිටෙන් නසනු ලැබේවා!
“අලක්කමාලී තිපුකණ්ණවිද්ධො, ලට්ඨීහතො සප්පමුඛං උපෙතු; සකච්ඡබන්ධො විසිඛං චරාතු, භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසී”ති.
13. බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේද, හෙතෙම වරාමල් මාලාවක් ගෙල පැළඳ ඊයම් කන් පළදනා පැළඳ යෂ්ටියෙන් පහර දෙන්නේ සර්පයන් ඉදිරියට පමුණුවාවා! මනා කොට බඳනා ලද්දේ මාර්ගයෙහි හසුරුවාවත්.
තත්ථ තතියෙන වුත්තගාථාය කසිමාති සම්පන්නකසිකම්මො. පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙති පුත්තෙ ලභතු, ගිහී හොතු, සත්තවිධෙන රතනධනෙන ධනිමා හොතු, රූපාදිභෙදෙ සබ්බකාමෙ ලභතු. වයං අපස්සන්ති මහල්ලකකාලෙ පබ්බජ්ජානුරූපම්පි අත්තනො වයං අපස්සන්තො පඤ්චකාමගුණසමිද්ධං ඝරමෙව ආවසතූති. ඉදං සො “පඤ්චකාමගුණගිද්ධො කාමගුණවිප්පයොගෙන මහාවිනාසං පාපුණාතී”ති දස්සෙතුං කථෙසි.
එහි තෙවැන්නා විසින් කියන ලද ගාථාවෙහි කසිමා යනු කෘෂි කර්මාන්තයෙන් යුක්ත වූ. පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ යනු පුත්‍රයන් ලබාවා. ගිහියෙක් වේවා! සත්රුවන්මය වූ ධනයෙන් ධනවත් වේවා. රූපාදී වශයෙන් වෙන් වූ සියළු කාමයන් ලබාවා. වයං අපස්සන්ති මහළු කල්හි පැවිද්දට සුදුසු වූද තමාගේ වයස්ගත බව නොදක්නේ පස්කම් ගුණයෙන් පිරුණු ගිහිගෙයිම වසාවායි. මෙය ඔහු පස්කම් ගුණයන්හි ගිජු වූ බැවින් කාම ගුණයන්ගෙන් වෙන් වීමෙන් මහත් වූ ව්‍යසනයකට පැමිණේ යයි දක්වන්නට කීවේය.
චතුත්ථෙන වුත්තගාථාය රාජාභිරාජාති රාජූනං අන්තරෙ අභිරාජාති. ඉදං සො “ඉස්සරානං නාම ඉස්සරියෙ පරිගලිතෙ මහන්තං දුක්ඛං උප්පජ්ජතී”ති රජ්ජෙ දොසං දස්සෙන්තො කථෙසි. පඤ්චමෙන වුත්තගාථාය අවීතරාගොති පුරොහිතට්ඨානතණ්හාය සතණ්හොති. ඉදං සො “පුරොහිතස්ස පුරොහිතට්ඨානෙ පරිගලිතෙ මහන්තං දොමනස්සං උප්පජ්ජතී”ති දස්සෙතුං කථෙසි. ඡට්ඨෙන වුත්තගාථාය තපස්සිනන්ති තපසීලසම්පන්නොති තං මඤ්ඤතු. ඉදං සො “ලාභසක්කාරාපගමෙන මහන්තං දොමනස්සං උප්පජ්ජතී”ති ලාභසක්කාරගරහවසෙන කථෙසි.
සිව්වැන්නා විසින් කියන ලද ගාථාවෙහි රාජාභිරාජා යනු රජුන් අතර ප්‍රධාන රජුයි. හෙතෙම ඉසුරුමතුන්ගේ ඉසුරු (සම්පත්) ගිලිහී ගිය කල්හි මහත් වූ දුකක් උපදී යයි රාජ්‍යයෙහි දොස් දක්වමින් මෙය කීවේය. පස්වැන්නා විසින් කියන ලද ගාථාවෙහි අවීතරාගො යනු පෙරවි බමුණු තනතුර පිළිබඳ ආශාවෙන් ආශා සහිත වූයේ. හෙතෙම පුරෝහිතයාගේ පුරෝහිත තනතුර ගිලිහී ගියකල්හි මහත් වූ දොම්නසක් උපදී යයි දක්වන්නට මෙය කීවේය. සයවැන්නා විසින් කියන ලද ගාථාවෙහි තපස්සිනං යනු ඔහු තපසින් හා ශීලයෙන් යුක්ත වූයේ යයි හඟීවා. හෙතෙම ලාභ සත්කාරයන් පහව යාමෙහිදී මහත් වූ දොම්නසක් උපදී යයි ලාභ සත්කාරයනට ගර්හා කිරීම් වශයෙන් කීවේය.
සහායතාපසෙන වුත්තගාථාය චතුස්සදන්ති ආකිණ්ණමනුස්සතාය මනුස්සෙහි, පහූතධඤ්ඤතාය ධඤ්ඤෙන, සුලභදාරුතාය දාරූහි, සම්පන්නොදකතාය උදකෙනාති චතූහි උස්සන්නං, චතුස්සදසමන්නාගතන්ති අත්ථො. වාසවෙනාති වාසවෙන දින්නං විය අචලං, වාසවතො ලද්ධවරානුභාවෙන එකං රාජානං ආරාධෙත්වා තෙන දින්නන්තිපි අත්ථො. අවීතරාගොති කද්දමෙ සූකරො විය කාමපඞ්කෙ නිමුග්ගොව හුත්වා. ඉති සොපි කාමානං ආදීනවං කථෙන්තො එවමාහ.
යහළු වූ තවුසා විසින් කියන ලද ගාථාවෙහි චතුස්සදං යනු ගැවසුන මිනිසුන් ඇති හෙයින් මිනිසුන් කරණ කොටගෙනද, බොහෝ ධාන්‍ය ඇති හෙයින් ධාන්යයන්ගෙන්ද පහසුවෙන් ලද හැකි දර ඇති හෙයින් දරවලින්ද ජලයෙන් යුක්ත හෙයින් ජලයෙන්දැයි මේ සතරින් අඩුවක් නැති හෙයින් චතුස්සද සමන්නාගතං යන අර්ථයි. වාසවෙන යනු ශක්‍රයා විසින් දෙන ලද්දක් මෙන් නොසැලෙන්නා වූ, ශක්‍රයා වෙතින් ලබන ලද වරයක අනුහසින් එක් රජෙකු සතුටුකර ඔහු විසින් දෙන ලදැයි යන අර්ථයි. අවීතරාගො යනු මඩෙහි ඌරෙක් මෙන් කාමයන් නමැති මඩෙහි නිමග්න වී. මෙසේ ඔහුද කාමයන්ගේ ආදීනව කියන්නේ මෙසේ කීවේය.
දාසෙන වුත්තගාථාය ගාමණීති ගාමජෙට්ඨකො. අයම්පි කාමෙ ගරහන්තොයෙව එවමාහ. කඤ්චනදෙවියා වුත්තගාථාය යන්ති යං ඉත්ථින්ති අත්ථො. එකරාජාති අග්ගරාජා. ඉත්ථිසහස්සානන්ති වචනමට්ඨතාය වුත්තං, සොළසන්නං ඉත්ථිසහස්සානං අග්ගට්ඨානෙ ඨපෙතූති අත්ථො. සීමන්තිනීනන්ති සීමන්තධරානං ඉත්ථීනන්ති අත්ථො. ඉති සා ඉත්ථිභාවෙ ඨත්වාපි දුග්ගන්ධගූථරාසිං විය කාමෙ ගරහන්තීයෙව එවමාහ. දාසියා වුත්තගාථාය සබ්බසමාගතානන්ති සබ්බෙසං සන්නිපතිතානං මජ්ඣෙ නිසීදිත්වා අවිකම්පමානා අනොසක්කමානා සාදුරසං භුඤ්ජතූති අත්ථො. දාසීනං කිර සාමිකස්ස සන්තිකෙ නිසීදිත්වා භුඤ්ජනං නාම අප්පියං. ඉති සා අත්තනො අප්පියතාය එවමාහ. චරාතූති චරතු. ලාභෙන විකත්ථමානාති ලාභහෙතු කුහනකම්මං කරොන්තී ලාභසක්කාරං උප්පාදෙන්තී චරතූති අත්ථො. ඉමිනා සා දාසිභාවෙ ඨිතාපි කිලෙසකාමවත්ථුකාමෙ ගරහති.
දාසයා විසින් කියන ලද ගාථාවෙහි ගාමිණී යනු ගම්දෙටුවා. මෙතෙමේද කාමයන්ට නින්දා කරමින්ම මෙසේ කීය. කඤ්චනදේවිය විසින් කියන ලද ගාථාවෙහි යං යනු යම් ස්ත්‍රියක යන අර්ථයි. එක රාජා යනු අගරජුය. ඉත්ථි සහස්සා යනු වචනයේ සිළුටු බව සඳහා කියන ලදි. සොළොස් දහසක් ස්ත්‍රීන් අතර ප්‍රධාන තැන්හි තබාවා යන අර්ථයි. සීමන්තිනීනං යනු සීමා අන්තයන් දරන්නා වූ ස්ත්රීන්ගේ යන අර්ථයි. මෙසේ ඇය ස්ත්‍රී භාවයේ සිටද දුගඳ හමන අසූචි රැසක් මෙන් කාමයන්ට ගර්හා කරන්නීම මෙසේ කීවාය. දාසිය විසින් කියන ලද ගාථාවෙහි සබ්බසමාගතානං යනු රැස් වූ හැමගේ මැද හිඳ. අවිකම්පමානා නොපසුබසින්නී මනා රස ඇති කාමයන් අනුභව කෙරේවා යන අර්ථයි. දාසීන්ට තමාගේ ස්වාමීන් සමීපයෙහි හිඳ අනුභව කිරීම අප්‍රිය යයි ඇය තමාගේ අප්‍රිය බැවින්ම මෙසේ කීවාය. චරාතු හැසිරේවා. ලාභෙන විකත්ථමානා යනු ලාභයන් හේතුවෙන් කුහකකම් කරන්නී ලාභ සත්කාරයන් උපදවන්නී හැසිරේවායි අර්ථයි. මැය විසින් ඇය දාසී භාවයෙහි සිටියාද ක්ලේශ කාමයන් වස්තු කාමයන් ගර්හා කරයි.
දෙවතාය වුත්තගාථාය ආවාසිකොති ආවාසජග්ගනකො. ගජඞ්ගලායන්ති එවංනාමකෙ නගරෙ. තත්ථ කිර දබ්බසම්භාරා සුලභා. ආලොකසන්ධිං දිවසන්ති එකදිවසෙනෙව වාතපානං කරොතු. සො කිර දෙවපුත්තො කස්සපබුද්ධකාලෙ ගජඞ්ගලනගරං නිස්සාය යොජනිකෙ ජිණ්ණමහාවිහාරෙ ආවාසිකසඞ්ඝත්ථෙරො හුත්වා ජිණ්ණවිහාරෙ නවකම්මං කරොන්තොයෙව මහාදුක්ඛං අනුභවි. තස්මා තදෙව දුක්ඛං ආරබ්භ එවමාහ. හත්ථිනා වුත්තගාථාය පාසසතෙහීති බහූහි පාසෙහි. ඡබ්භීති චතූසු පාදෙසු ගීවාය කටිභාගෙ චාති ඡසු ඨානෙසු. තුත්තෙහීති ද්විකණ්ඩකාහි දීඝලට්ඨීහි. පාචනෙහීති දසපාචනෙහි අඞ්කුසෙහි වා. සො කිර අත්තනො අනුභූතදුක්ඛඤ්ඤෙව ආරබ්භ එවමාහ.
දේවතාවා විසින් කියන ලද ගාථාවෙහි. ආවාසිකො යනු ආවාසයන් ප්‍රතිසංස්කරණය කරන්නා වූ. කජංගලායං යනු මෙනම් වූ නගරයෙහි. එහි ද්‍රව්‍ය සමූහයෝ (දැව) සුලභයහ. ආලොක සන්ධිං දිවසා යනු එක් දවසකින් එක් වාකවුළුවක් කෙරේවා! ඒ දේවපුත්‍රයා කාශ්‍යප බුදුන් දවස කජංගල නගරය සමීපයෙහි යොදුනක් පමණ වූ දිරාගිය මහා විහාරයෙහි නිවැසි මහතෙර වී දිරාගිය විහාරයේ නව කර්මාන්ත කරන්නේම මහත් වූ දුකක් අනුභව කළේය. එහෙයින් ඒ දුක අරභයා මෙසේ කීවේය. ඇතා විසින් කියන ලද ගාථාවෙහි පාසසතෙහි යනු බොහෝ මලපුඩුවලින්. ජම්හි යනු පා සතරෙහි බෙල්ලෙහි හා තුනටිය පෙදෙසෙහි යන සය තැන්හි. තුත්තෙහි යනු හුල් දෙකක් ඇති දිග යෂ්ටීන්ගෙන් (හෙණ්ඩු වලින්) පාචනෙහි යනු කෙවිට දසයකින් හෝ අකුස්සෙන් හෝ. හෙතෙම තමා විසින් විදින ලද දුක් අරභයාම මෙසේ කීවේය.
වානරෙන වුත්තගාථාය අලක්කමාලීති අහිතුණ්ඩිකෙන කණ්ඨෙ පරික්ඛිපිත්වා ඨපිතාය අලක්කමාලාය සමන්නාගතො. තිපුකණ්ණවිද්ධොති තිපුපිළන්ධනෙන පිළන්ධකණ්ණො. ලට්ඨීහතොති සප්පකීළං සික්ඛාපයමානො ලට්ඨියා හතො හුත්වා. එසොපි අහිතුණ්ඩිකස්ස හත්ථෙ අත්තනො අනුභූතදුක්ඛමෙව සන්ධාය එවමාහ.
වඳුරා විසින් කියන ලද ගාථාවෙහි අලක්කමාලී යනු අහිකුණ්ඨිකයා විසින් බොටුවෙහි වටකොට තබන ලද වරාමල් මාලාවෙන් යුක්ත වූයේ. තිපුකණ්ණවිද්ධො යනු ඊයම් පළඳනාවන්ගෙන් පළඳන ලද කන් ඇත්තේ. ලට්ඨිහතො යනු සර්ප ක්‍රීඩා උගන්වනු ලබන්නේ යෂ්ටියෙන් පහරදෙන ලද්දේ වී. මෙතෙමේද අහිකුණ්ඨකයන්ගේ භාරයේදී තමා විසින් අනුභව කරන ලද දුක් සඳහාම මෙසේ කීය.
එවං තෙහි තෙරසහි ජනෙහි සපථෙ කතෙ මහාසත්තො චින්තෙසි “කදාචි ඉමෙ ‘අයං අනට්ඨමෙව නට්ඨන්ති කථෙතී’ති මයි ආසඞ්කං කරෙය්යුං, අහම්පි සපථං කරොමී”ති. අථ නං කරොන්තො චුද්දසමං ගාථමාහ –
මෙසේ ඒ දහතුන් දෙනා විසින් දිවුරුම් කළ කල්හි මහබෝසත් තෙමේ (මෙසේ) සිතීය. කිසියම් දිනක මොවුහු “මෙතෙම නැති නොවූවක් නැති වූයේ යයි කියයි” යයි මා කෙරෙහි වෛර කරන්නාහු නම් මමද දිව්රුම් කරමි’ යි ඉක්බිති ඔහුට (දිව්රීම්) කරන්නේ දොළොස්වන ගාථාව කීවේය.
“යො වෙ අනට්ඨංව නට්ඨන්ති චාහ, කාමෙව සො ලභතං භුඤ්ජතඤ්ච; අගාරමජ්ඣෙ මරණං උපෙතු, යො වා භොන්තො සඞ්කති කඤ්චිදෙවා”ති.
14. ඉදින් යමෙක් නැති නොවූ දෙයක් නැති වී යයි කීවේද, ඔබලා යමෙක් කිසි ලෙසකින් සැක කළේද හෙතෙම කාමයන් ලබාවා! එය අනුභව කෙරේවා. ගිහිගෙයිදී මරණයට පැමිණේවා.
තත්ථ භොන්තොති ආලපනං. ඉදං වුත්තං හොති – භවන්තො යො අනට්ඨෙ කොට්ඨාසෙ “නට්ඨං මෙ”ති වදති, යො වා තුම්හෙසු කඤ්චි ආසඞ්කති, සො පඤ්ච කාමගුණෙ ලභතු චෙව භුඤ්ජතු ච, රමණීයමෙව පබ්බජ්ජං අලභිත්වා අගාරමජ්ඣෙයෙව මරතූති.
එහි භොන්තො යනු ආමන්ත්රණයයි. මෙය කියන ලද්දේ වෙයි. යමෙක් නැති නොවූ කොටස් ඇති කල්හි (මගේ කොටස) නැති වූයේ යයි කියයිද යමෙක් ඔබලා කෙරෙහි සැක කරයිද හෙතෙම පඤ්චකාම රසයන් ලබාවා! අනුභව කෙරේවා. සිත්කළු පැවිද්ද නොලැබ ගිහිගෙයිදීම මැරේවා යනුයි.
එවං ඉසීහි සපථෙ කතෙ සක්කො භායිත්‍වා “අහං ඉමෙ වීමංසන්තො භිසානි අන්තරධාපෙසිං. ඉමෙ ච ඡඩ්ඩිතඛෙළපිණ්ඩං විය කාමෙ ගරහන්තා සපථං කරොන්ති, කාමෙ ගරහකාරණං තෙ පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා දිස්සමානරූපො බොධිසත්තං වන්දිත්වා පුච්ඡන්තො අනන්තරං ගාථමාහ –
තවුසන් විසින් දිව්රීම කළ කල්හි ශක්‍රයා බියට පත්වී මොවුන් විමසමින් නෙළුම් අල අතුරුදහන් කරවීමි. මොවුහු හෙලනා ලද කෙළ පිඩක් මෙන් කාමයන්ට ගර්හා කරමින් දිව්රීම කරත්. කාමයන්ට නින්දා කිරීමේ හේතුව ඔවුන්ගෙන් විමසන්නෙමියි සිතා දෘෂ්‍යමාන වූ සිරුර ඇත්තේ බෝසතුන් වැඳ විමසන්නේ අනතුරු ගාථාව කීවේය.
“යදෙසමානා විචරන්ති ලොකෙ, ඉට්ඨඤ්ච කන්තඤ්ච බහූනමෙතං; පියං මනුඤ්ඤං චිධ ජීවලොකෙ, කස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ”ති.
15. ලෝකයෙහි (සත්ත්වයන්) යමක් සොයමින් හැසිරෙත්ද? (මේ කම්සුව) බොහෝදෙනාට සුභ වූයේද ප්‍රිය වූයේද වේ. මේ සත්ත්ව ලෝකයෙහි (ඒ කාමයන්) ප්‍රිය වූයේද මනෝඥ වූයේද වේ. (එනිසා) කුමක් හෙයින් සෘෂිවරු කාමයන් නොපසසත්ද?
තත්ථ යදෙසමානාති යං වත්ථුකාමං කිලෙසකාමඤ්ච කසිගොරක්ඛාදීහි සමවිසමකම්මෙහි පරියෙසමානා සත්තා ලොකෙ විචරන්ති, එතං බහූනං දෙවමනුස්සානං ඉට්ඨඤ්ච කන්තඤ්ච පියඤ්ච මනුඤ්ඤඤ්ච, කස්මා ඉසයො නප්පසංසන්ති කාමෙති අත්ථො. “කාමෙ”ති ඉමිනා තං වත්ථුං සරූපතො දස්සෙති.
එහි යදෙසමානා යනු යම් වස්තු කාමයක්ද ක්ලේශ කාමයක්ද වේ නම් සත්ත්වයෝ ඒවා කෘෂිකර්මාන්තය, ගව පාලනය ආදී වූ සම-විසම කර්මාන්තයන්ගෙන් සොයන්නාහු ලොව හැසිරෙත් මෙය බොහෝ දෙවි මිනිසුන්ට සුභ වීය. කාන්ත වීය. ප්‍රිය වීය. මනෝඥ වීය. සෘෂිවරු කුමක් හෙයින් (එය) නොපසසත්දැයි යන අර්ථයි. කාමෙ යන මෙයින් ඒ වස්තුව ඇති පරිද්දෙන් දක්වයි.
අථස්ස පඤ්හං විස්සජ්ජෙන්තො මහාසත්තො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහුගේ ප්රශ්නය විසදන්නා වූ මහබෝසත් තෙමේ ගාථා දෙකක් කීවේය.
“කාමෙසු වෙ හඤ්ඤරෙ බජ්ඣරෙ ච, කාමෙසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං; කාමෙසු භූතාධිපතී පමත්තා, පාපානි කම්මානි කරොන්ති මොහා.
16. ශක්‍රය, කාම වස්තූන්හි ගැලීම නිසා (සත්ත්වයෝ) නසනු ලබත්. බඳිනු ලබත්. කාමයන් නිසා දුකද බියද හට ගනී. කාමයන් නිසා ප්‍රමාද වූවෝ මුලාවෙන් පවු කරත්.
“තෙ පාපධම්මා පසවෙත්ව පාපං, කායස්ස භෙදා නිරයං වජන්ති; ආදීනවං කාමගුණෙසු දිස්වා, තස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ”ති.
17. ඒ පවිටු ස්වභාව ඇත්තෝ පව් රැස්කොට කය බිඳීමෙන් (මරණයෙන්) පසු නිරයට යති. එහෙයින් සෘෂිවරු කම් සැපතෙහි ආදීනව දැක කාමයන් නොපසසති.
තත්ථ කාමෙසූති කාමහෙතු, කාමෙ නිස්සාය කායදුච්චරිතාදීනි කරොන්තීති අත්ථො. හඤ්ඤරෙති දණ්ඩාදීහි හඤ්ඤන්ති. බජ්ඣරෙති රජ්ජුබන්ධනාදීහි බජ්ඣන්ති. දුක්ඛන්ති කායිකචෙතසිකං අසාතං දුක්ඛං. භයන්ති අත්තානුවාදාදිකං සබ්බම්පි භයං. භූතාධිපතීති සක්කං ආලපති. ආදීනවන්ති එවරූපං දොසං. සො පනෙස ආදීනවො දුක්ඛක්ඛන්ධාදීහි සුත්තෙහි (ම· නි· 1.163-180) දීපෙතබ්බො.
එහි කාමේසු යනු කාමයන් හේතු කොටගෙන කාමයන් නිසා. කායික දුශ්චරිත ආදීන් කරන්නාහු යයි අර්ථයි. හඤ්ඤරෙ යනු පොලු මුගුරු ආදියෙන් නසත්. බජ්ක්ධරෙ යනු රැහැන් බැමි ආදියෙන් බඳිත්. දුක්ඛං යනු කායික වූත් චෛතසික වූත් දුකයි. භයං යනු තෙමේ තමාට දොස් පැවරීම් ආදී වූ බියයි. භූතාධිපති යනු ශක්‍රයාට ආමන්ත්‍රණය කරයි. ආදීනවං යනු මෙබඳු වූ දෝෂයයි. ඒ මේ ආදීනවය දුක්ඛක්ඛන්ධ ආදී සූත්‍රයන්ගෙන් දක්විය යුතුය.
සක්කො මහාසත්තස්ස කථං සුත්වා සංවිග්ගමානසො අනන්තරං ගාථමාහ –
ශක්‍රයා මහබෝසතුන්ගේ කථාව අසා සංවේගයට පත් සිත් ඇත්තේ අනතුරු ගාථාව කීවේය.
“වීමංසමානො ඉසිනො භිසානි, තීරෙ ගහෙත්වාන ථලෙ නිධෙසිං; සුද්ධා අපාපා ඉසයො වසන්ති, එතානි තෙ බ්‍රහ්මචාරී භිසානී”ති.
18. බඹසර හැසිරෙන තවුස්තුමනි, තාපසවරුන් විමසනු ලබන්නා වූ මම නෙලුම් අල කොටුවෙන් ගෙන ගොඩ සැඟවූයෙමි. (තිබූ තැනින් ගෙන පසෙකින් තැබූයෙමි) සෘෂිවරු පවිත්‍රව පාපයන්ගෙන් තොරව වසත්. මේ ඔබගේ නෙලුම් අල වේ.
තත්ථ විමංසමානොති භන්තෙ, අහං “ඉමෙ ඉසයො කාමාධිමුත්තා වා, නො වා”ති වීමංසන්තො. ඉසිනොති තව මහෙසිනො සන්තකානි භිසානි. තීරෙ ගහෙත්වානාති තීරෙ නික්ඛිත්තානි ගහෙත්වා ථලෙ එකමන්තෙ නිධෙසිං. සුද්ධාති ඉදානි මයා තුම්හාකං සපථකිරියාය ඤාතං “ඉමෙ ඉසයො සුද්ධා අපාපා හුත්වා වසන්තී”ති.
එහි වීමංසමානො යනු ස්වාමීනි, මම මේ තාපසයෝ කාමයන්හි ඇළුනෝද නැත්තාහුදැයි විමසන්නේ. ඉසිනො යනු මහර්ෂී වූ ඔබ සතු නෙලුම් අල. තීරෙ ගහෙත්වාන යනු ඉවුරෙහි තබන ලද ඒවා ගෙන. ථලෙ පසෙක තැබූවෙමි. සුද්ධා යනු මේ තාපසයෝ පිරිසිදු වූවාහු පව් රහිතව වසත් යයි ඔබලාගේ දිව්රීම් තුලින් මවිසින් දැන් දන්නා ලදි.
තං සුත්වා බොධිසත්තො ගාථමාහ –
ඒ අසා බෝසත් තෙමේ ගාථාවක් කීවේය.
“න තෙ නටා නො පන කීළනෙය්යා, න බන්ධවා නො පන තෙ සහායා; කිස්මිං වුපත්ථම්භ සහස්සනෙත්ත, ඉසීහි ත්වං කීළසි දෙවරාජා”ති.
19. දහසක් නෙත් ඇති ශක්‍රය, අපි ඔබගේ නළුවෝ නොවෙමු. (අප සමග) ක්‍රීඩා කළයුත්තෝද නොවෙමු. නෑයෝද නොවෙමු. යහළුවෝද නොවෙමු. දෙවු රජතුමනි, කවරක් අරමුණුකොට තවුසන් වන අප සමග ක්‍රීඩා කරහිද?
තත්ථ න තෙ නටා නොති දෙවරාජ, මයං තව නටා වා කීළිතබ්බයුත්තකා වා කෙචි න හොම, නාපි තව ඤාතකා, න සහායා, අථ ත්වං කිං වා උපත්ථම්භං කත්වා කිං නිස්සාය ඉසීහි සද්ධිං කීළසීති අත්ථො.
එහි න තෙ නටා යනු දෙව්රජතුමනි, අපි ඔබගේ නළුවෝ හෝ ක්‍රීඩා කළයුත්තෝ හෝ කිසිවෙක් නොවෙමු. අපි ඔබගේ නෑදෑයෝ නොවෙමු. යහළුවෝද නොවෙමු. ඉක්බිතිව ඔබ කවරක් අරමුණුකොට කුමක් නිසා තවුසන් සමග ක්‍රීඩා කරන්නෙහිද යන අර්ථයි.
අථ නං සක්කො ඛමාපෙන්තො වීසතිමං ගාථමාහ –
ඉක්බිති ශක්‍රයා ඔහුව ක්ෂමා කරවමින් විසිවන ගාථාව කීවේය.
“ආචරියො මෙසි පිතා ච මය්හං, එසා පතිට්ඨා ඛලිතස්ස බ්රහ්මෙ; එකාපරාධං ඛම භූරිපඤ්ඤ, න පණ්ඩිතා කොධබලා භවන්තී”ති.
20. මහත් වූ නුවණ ඇත්ත! ඔබ මගේ ආචාර්යවරයා වෙහි. මගේ පියාද වෙහි. බ්‍රාහ්මණය, මා කළ වරදට ඔබගේ මේ පා සෙවන පිහිට වේවා! මගේ එකම වරද ඉවසාවා! පණ්ඩිතයෝ නම් ඉවසීම බලය කොට ඇත්තෝ වෙති. ක්‍රෝධය බලයකොට ඇත්තෝ නොවෙති.
තත්ථ එසා පතිට්ඨාති එසා තව පාදච්ඡායා අජ්ජ මම ඛලිතස්ස අපරද්ධස්ස පතිට්ඨා හොතු. කොධබලාති පණ්ඩිතා නාම ඛන්තිබලා භවන්ති, න කොධබලාති.
එහි එසා පතිට්ඨා යනු ඔබගේ මේ පා සෙවන, පමා වූ, වරද කළ මට අද පිහිට වේවා! කොධබලො යනු පණ්ඩිතයෝ නම් ඉවසීම බලය කොට ඇත්තෝ වෙති. ක්‍රෝධය බලය කොට ඇත්තෝ නොවෙති.
අථ මහාසත්තො සක්කස්ස දෙවරඤ්ඤො ඛමිත්වා සයං ඉසිගණං ඛමාපෙන්තො ඉතරං ගාථමාහ –
මහබෝසත් තෙමේද සක්දෙව් රජුට සමාව දී තමා තවුස් සමූහයා සමා කරවන්නේ අනිත් ගාථාවක් කීවේය.
“සුවාසිතං ඉසිනං එකරත්තං, යං වාසවං භූතපතිද්දසාම; සබ්බෙව භොන්තො සුමනා භවන්තු, යං බ්රාහ්මණො පච්චුපාදී භිසානී”ති.
21. යම් හෙයකින් ප්‍රාණීන්ට අධිපති ශක්‍රයා දුටුවෙමුද සෘෂීන්ගේ මේ එක් රැයක් වනයේ යම් විසීමක් වීද එය යහපත් වූ විසීමකි. යමු හෙයකින් බ්‍රාහ්මණයා නෙළුම් අල පෙරලා ලැබුවේද, පින්වත් ඔබ සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා.
තත්ථ සුවාසිතං ඉසිනං එකරත්තන්ති ආයස්මන්තානං ඉසීනං එකරත්තම්පි ඉමස්මිං අරඤ්ඤෙ වසිතං සුවසිතමෙව. කිංකාරණා? යං වාසවං භූතපතිං අද්දසාම, සචෙ හි මයං නගරෙ අවසිම්හ, ඉමං න අද්දසාම. භොන්තොති භවන්තො සබ්බෙපි සුමනා භවන්තු, තුස්සන්තු, සක්කස්ස දෙවරඤ්ඤො ඛමන්තු. කිංකාරණා? යං බ්රාහ්මණො පච්චුපාදී භිසානි, යස්මා තුම්හාකං ආචරියො භිසානි පටිලභීති.
එහි සුවොසිතං ඉසීනං එක රත්තං යනු ආයුෂ්මත් තවුසන්ගේ එක් රැයකුදු මේ වනයෙහි විසීමක් වීද එය මනා වූ වාසය කිරීමකි. කවර කරුණින්ද? යං වාසවං භූතපතිං අද්දසාම. ඉදින් අපි නගරයේ විසුවෙමුවෝද මේ ශක්‍රයා නොදක්නෙමු. භොන්තො යනු පින්වත් ඔබ සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා! සතුටු වෙත්වා! සක්දෙව් රජුට සමා කෙරෙත්වා! කුමන කරුණක් නිසාද? යං බ්රාහ්මණො පච්චපාදි භිසානි යනු යම්හෙයකින් ඔබගේ ආචාර්යවරයා නෙලුම් අල පෙරලා ලැබුවේද (එනිසායි)
සක්කො ඉසිගණං වන්දිත්වා දෙවලොකමෙව ගතො. ඉසිගණොපි ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා බ්රහ්මලොකූපගො අහොසි.
ශක්‍රයා තවුස් සමූහයාට වැඳ දෙව්ලොවටම ගියේය. තවුස් සමූහයාද ධ්‍යාන-අභිඥා උපදවා බඹලොවට ගියේ වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛු පොරාණකපණ්ඩිතා සපථං කත්වා කිලෙසෙ පජහිංසූ”ති වත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. ජාතකං සමොධානෙන්තො පුන සත්ථා තිස්සො ගාථා අභාසි –
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණ, මෙසේ පෙර පඬුවෝ දිව්රීම් කොට කෙලෙස් අත්හලාහු යයි කියා සත්‍යයන් දේශනා කළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. ජාතකය ගලපාලන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා තුනක් වදාළ සේක.
“අහඤ්ච සාරිපුත්තො ච, මොග්ගල්ලානො ච කස්සපො; අනුරුද්ධො පුණ්ණො ආනන්දො, තදාසුං සත්ත භාතරො.
22. මම ද සැරියුත් ද මුගලන් ද කාශ්‍යප ද අනුරුද්ධ ද පුණ්ණ ද ආනන්ද යන අපි එකල්හි සොහොයුරෝ සත්දෙන වූයෙමු.
“භගිනී උප්පලවණ්ණා ච, දාසී ඛුජ්ජුත්තරා තදා; චිත්තො ගහපති දාසො, යක්ඛො සාතාගිරො තදා.
23. එකල්හි සොහොයුරිය උප්පලවණ්ණා වූවාය. දාසිය බුජ්ජුත්තරාව වූවාය. දාසයා චිත්ත ගෘහපතියාද එකල යක්ෂයා සාතාගිරද වීය.
“පාලිලෙය්යො තදා නාගො, මධුදො සෙට්ඨවානරො; කාළුදායී තදා සක්කො, එවං ධාරෙථ ජාතක”න්ති.
24. එකල ඇතා පාරිලෙය්‍ය ඇතු වීය. උසස් වඳුරා මීපැණි දුන් වඳුරාය. එකල්හි ශක්‍රයා කාළුදායී වූයේය. ජාතකය මෙසේ දරාගනිව්.
භිසජාතකවණ්ණනා පඤ්චමා.