6. කාලිඞ‍්ගබොධිජාතකං
1848. රාජා කාලිඞ‍්ගො චක‍්කවත‍්තී ධම‍්මෙන පඨවිමනුසාසං, අගමා බොධිසමීපං නාගෙන මහානුභාවෙන.
1848. කාලිංග නමැති සක්විති රජ තෙම ධර්‍මානුකූල වැ රාජ්‍යයානුශාසනා කරන්නේ මහානුභාව සම්පන්න ඇතා පිටින් ශ්‍රී මහා බෝධිය වෙත ගියේ ය.
1849. කාලිඞ‍්ගො භාරද‍්වාජො රාජානං කාලිඞ‍්ගං සමණකොලඤ‍්ඤං, චක‍්කං වත‍්තයතො පරිග‍්ගහෙත්‍වා පඤ‍්ජලී ඉදමවොච.
1849. කාලිංග භාරද්වාජ නමැති පුරෝහිත බමුණා බිම විමසා බලා සක්විති වූ තාපස පුතකු වූ කලිඟු රජුට දොහොත් මුදුන් දී ගෙන මෙය කීය.
1850. පච‍්චොරොහ මහාරාජ භූමිභාගො යථා සමනුගීතො, ඉධ අනධිවරා බුද‍්ධා අභිසම‍්බුද‍්ධා විරොචන‍්ති.
1850. රජතුමනි, මේ බිම බුදුවරයන් වහන්සේ වර්‍ණනා කළහ. ඇතාගේ පිටෙන් බසින්නේ මැනැවි. මෙහි අප්‍රමාණ බුදුවරු බුදුබව ලබා බබළති.
1851. පදක‍්ඛිණතො ආවට‍්ටා තිණලතා අස‍්මිං භූමිභාගස‍්මිං, පුථුවියා අයං මණ‍්ඩො ඉති නො සුතං මහාරාජ.
1851. මේ බිමෙහි තණ හා වැල් දකුණු දෙසට නැමී කැරැකී සිටිති. මේ බිම පොළොවට අලංකාර (දෙන) තැනකි. මහරජ, අප විසින් මෙසේ අසන ලද ය.
1852. සාගරපරියන‍්තාය මෙදිනියා සබ‍්බභූතධරණියා, පුථුවියා අයං මණ‍්ඩො ඔරොහිත්‍වා නමො කරොහි.
1852. සයුර අවසන් කොට පවතින සව් සතුන් දරා සිටින මේ පොළොවට මෙ තැන අලංකාරයකි. මහරජ, ඇතු පිටින් බැසැ නමදිනු මැනැවි.
1853. යෙ තෙ භවන‍්ති නාගා අභිජාතා මාතිතො ච පිතිතො ච, එත‍්තාවතා පදෙසං තෙ නාගා නෙවමුපයන‍්ති
1853. මව්පිය දෙ පසින් අභිජාත වූ (උපෝසථ කුලයේ ඉපැදුනු සක්විති රජහට පහළ වන) යම් ඇත්තු වෙත් ද ඒ ඇත්තු මේ පෙදෙසට මේ දක්වා නො පැමිණියාහු ය.
1854. අභිජාතො තෙ නාගො කාමං පෙසෙහි කුඤ‍්ජරං දන‍්තිං, එත‍්තාවතා පදෙසො සක‍්කා නාගෙන මුපගන‍්තුං.
1854. තොපගේ ඇත් තෙම (උපෝසථ කුලයෙහි) අභිජාතය. දළැති ඒ උතුම් ඇතා (තමා) රුස්නා පරිද්දෙකින් මෙහෙයව. මෙතෙක් පෙදෙස ඇත්වාහනයෙන් එළැඹෙන්නට හැක්ක.
1855. තං සුත්‍වා රාජා කාලිඞ‍්ගො වෙය්‍යඤ‍්ජනිකවචො නිසාමෙත්‍වා සංපෙසෙසි නාගං ඤස‍්සාමමයං යථා ඉදං වචනං.
1855. කලිඟු රජ එය අසා, ලක්‍ෂණ ශාස්ත්‍ර දත් බමුණාගේ කීම පරිදි එය එසේ වන්නේ දැ යි අපි දැන ගනිමු යි (කියා) ඇතා මෙහෙයැවී.
1856. සංපෙසිතො ච රඤ‍්ඤා නාගො කොඤ‍්චො ච අභිනදිත්‍වාන, පටිසක‍්කිත්‍වා නිසීදි ගරුභාරං අසහමානො.
1856. රජතුමා විසින් මෙහෙයැවුණු ඇතා කොස්වා ලිහිණියකු සේ නාද කොට මහ බරක් දරන්නකු ලෙස පසුබැස සිටියේ යැ.
1857. කාලිඞ‍්ගොහාරද‍්වාජො නාගං ඛීණායුකං විදිත්‍වාන, රාජානං කාලිඞ‍්ගං තරමානො අජ‍්ඣභාසිත්‍ථ. අඤ‍්ඤං සඞ‍්කම නාගං නාගො ඛීණායුකො මහාරාජ.
1857. කාලිංග භාරදචාජ බමුණා ඇතා මළ බව දැනැ කලිඟු රජුට වහා කීය. මහරජ, ඇතා මළේ ය. අන් ඇතකු පිට නැගෙනු මැනැව.
1858. තං සුත්‍වා කාලිඞ‍්ගො තරමානො සඞ‍්කමි නාගං සඞ‍්කන‍්තෙ ච රඤ‍්ඤො, නාගො තත්‍ථෙව පති භූම්‍යා වෙය්‍යඤජනිකවචො යථා තථා අහු නාගො.
1858. කලිඟු රජ එය අසා වහා අන් ඇතකු පිට නැගුනේ ය. රජ මාරු වූ කලැ මළ ඇත් තෙම එ තැනැ ම බිමට වැටීණි. ලක්‍ෂණශාස්ත්‍රය දත් බමුණාගේ කීම යම්සේ ද එසේ ඇතා මළේ ය.
1859. කාලිඞ‍්ගභාරද‍්වාජං කාලිඞ‍්ගො බ්‍රාහ‍්මණං ඉදමමොච ත්‍වමෙවාසි සම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී.
1859. කලිඟු රජ කාලිංග භාරද්වාජ බමුණාට මෙය කීය. තෙපි ම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්බුදු වෙවයි.
1860. තං වචනං අනධිවාසෙන‍්තො කාලිඞ‍්ගො බ්‍රාහ‍්මණො ඉදමවොච, වෙය්‍යඤ‍්ජනිකා හි මයං බුද‍්ධා සබ‍්බඤ‍්ඤුනොව මහාරාජ
1860. ඒ කීම නො ඉවසන කලිඟු බමුණා මෙසේ කීය. මහරජ, අපි ලකුණු සතර දන්නෝ වෙමු. බුදුවරයෝ ම සියල්ල දත්තෝ ය.
1861. සබ‍්බඤ‍්ඤූ සබ‍්බවිදූ ච බුද‍්ධා න ලක‍්ඛණෙන ජානන‍්ති, ආගමබලසාහි මයං බුද‍්ධා සබ‍්බං පජානන‍්ති.
1861. බුදුවරු ලකුණු සතරින් නොව සර්‍වඥතාඥානයෙන් හැම දේ දනිත්, ශිල්ප බලයෙන් අපි එකදෙශයක් දනිමු. බුදුවරයෝ සියල්ල මැනැවින් දත්තෝ ය:
1862. මහායිත්‍වාන සම‍්බොධිං නානා තුරියෙහි වජ‍්ජමානෙහි, මාලාගන්‍ධවිලෙපනං ආහරිත්‍වා පාකාරපරික‍්ඛෙපං කාරෙසි.
1862. නානාවිධ තූර්‍ය්‍යයන් වාදනය කරනු ලබදදී සුවඳැති මල් ද විලෙවුන් ද ගෙන්වා බෝධිය පුද පවුරෙකින් පිරිකෙව් කැරැවී ය.
1863. සට‍්ඨවාහසහස‍්සානං පුප‍්ඵානං සන‍්නිපාතයි, පූජෙසි රාජා කාලිඞ‍්ගො බොධිමණ‍්ඩවරුත‍්තමෙ’ති.
1863. කළිඟු රජ තෙම ගැල් සැටදහසක් මල් රැස් කැරැවී ය. උතුම් බෝමැඩ මලින් පිදී.