10. මිත්තාමිත්තජාතකවණ්ණනා 473 අට්ඨකථා
10. මිත්තාමිත්තජාතකවණ්ණනා (473)
10. මිත්තාමිත්ත ජාතකය (473)
කානි කම්මානීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො අත්ථචරකං අමච්චං ආරබ්භ කථෙසි. සො කිර රඤ්ඤො බහූපකාරො අහොසි. අථස්ස රාජා අතිරෙකසම්මානං කාරෙසි. අවසෙසා නං අසහමානා “දෙව, අසුකො නාම අමච්චො තුම්හාකං අනත්ථකාරකො”ති පරිභින්දිංසු. රාජා තං පරිග්ගණ්හන්තො කිඤ්චි දොසං අදිස්වා “අහං ඉමස්ස කිඤ්චි දොසං න පස්සාමි, කථං නු ඛො සක්කා මයා ඉමස්ස මිත්තභාවං වා අමිත්තභාවං වා ජානිතු”න්ති චින්තෙත්වා “ඉමං පඤ්හං ඨපෙත්වා තථාගතං අඤ්ඤො ජානිතුං න සක්ඛිස්සති, ගන්ත්වා පුච්ඡිස්සාමී”ති භුත්තපාතරාසො සත්ථාරං උපසඞ්කමිත්වා “භන්තෙ, කථං නු ඛො සක්කා පුරිසෙන අත්තනො මිත්තභාවං වා අමිත්තභාවං වා ජානිතු”න්ති පුච්ඡි. අථ නං සත්ථා “පුබ්බෙපි මහාරාජ, පණ්ඩිතා ඉමං පඤ්හං චින්තෙත්වා පණ්ඩිතෙ පුච්ඡිත්වා තෙහි කථිතවසෙන ඤත්වා අමිත්තෙ වජ්ජෙත්වා මිත්තෙ සෙවිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
කානි කම්මානි කුබ්බානං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කොසොල් රජුට යහපත සඳහා හැසිරෙන ඇමතියෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම රජුට බොහෝ උපකාර කරන්නේ වීය. ඉක්බිතිව රජ ඔහුට අතිරේක ගෞරවයක් කරවීය. සෙසු තැනැත්තෝ එය නොඉවසන්නාහු දේවයන් වහන්ස, අසවල් ඇමතිරයා නුඹවහන්සේට අයහපත කරන්නෙකැයි බිඳුවාලූහ. රජු ඔහු පරීක්ෂා කරනුයේ කිසි දොසක් නොදැක මම මොහුගේ කිසි දොසක් නොදකින්නෙමි. කෙසේනම් මොහුගේ මිත්‍ර බව හෝ සතුරු බව හෝ දැනගන්නට කෙසේනම් හැකිදැයි සිතා මේ ප්රශ්නය තථාගතයන් වහන්සේ හැර අනිකෙක් වෙතින් නොහැකි වන්නේ ය යි (උන්වහන්සේ වෙත) ගොස් විමසන්නෙමි යි අනුභව කරන ලද උදේ ආහාර ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, පුරුෂයෙකු විසින් තමාට මිත්‍ර බව හෝ සතුරු බව කෙසේ නම් දැනගන්නට හැක්කේදැයි විචාළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට කියනුයේ මහරජතුමනි, පෙරද පණ්ඩිතයෝ මේ ප්රශ්නය සිතා පණ්ඩිතයන්ගෙන් අසා ඔවුන් විසින් කීම් වශයෙන් දැනගෙන පසමිතුරන් අත්හැර මිත්‍රයන් සේවනය කළාහු යයි කියා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අත්ථධම්මානුසාසකො අමච්චො අහොසි. තදා බාරාණසිරඤ්ඤො එකං අත්ථචරකං අමච්චං සෙසා පරිභින්දිංසු. රාජා තස්ස දොසං අපස්සන්තො “කථං නු ඛො සක්කා මිත්තං වා අමිත්තං වා ඤාතු”න්ති මහාසත්තං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා වීය. එකල්හි බරණැස් රජුට යහපත පිණිස හැසිරෙන එක් ඇමතියෙකු සෙසු පිරිස රජු හා බිඳුවීය. රජු ඔහුගේ දෝෂයක් නොදක්නේ කෙසේනම් මිත්‍රයා හෝ සතුරා දැනගන්නට හැකිදැයි මහා සත්ත්වයන්ගෙන් විමසන්නේ පළමු ගාථාව කීවේය.
“කානි කම්මානි කුබ්බානං, කථං විඤ්ඤූ පරක්කමෙ; අමිත්තං ජානෙය්ය මෙධාවී, දිස්වා සුත්වා ච පණ්ඩිතො”ති.
කානි කම්මානි කුබ්බානං - කථං විඤ්ඤු පරක්කමෙ, අමිත්තං ජානෙය්ය මෙධාවී - දිස්වා සුත්වාච පණ්ඩිතො
1. නුවණැති පණ්ඩිත පුරුෂයා ඇසින් දැක, කණින් අසා කවර කටයුතු කරන්නා පසමිතුරකැයි දැන ගන්නේද? නුවණැති තැනැත්තා එය දැනගැනීමට කෙසේ නම් යත්ත දැරිය යුතුද?
තස්සත්ථො – කානි කම්මානි කරොන්තං මෙධාවී පණ්ඩිතො පුරිසො චක්ඛුනා දිස්වා වා සොතෙන සුත්වා වා “අයං මය්හං අමිත්තො”ති ජානෙය්ය, තස්ස ජානනත්ථාය කථං විඤ්ඤූ පරක්කමෙය්යාති.
එහි අර්ථය බුද්ධිමත් පණ්ඩිත පුරුෂයා කවර කටයුතු කරන්නෙකු ඇසින් දැක, කනින් අසා මෙතෙම මගේ සතුරෙකැයි දන්නේද? එය දැනගැනීම පිණිස දැනුවත් පුද්ගලයා කෙසේනම් වෑයම් කරන්නේදැයි.
අථස්ස අමිත්තලක්ඛණං කථෙන්තො ආහ –
අනතුරුව ඔහුගේ පසමිතුරු ලක්ෂණය කියන්නේ.
“න නං උම්හයතෙ දිස්වා, න ච නං පටිනන්දති; චක්ඛූනි චස්ස න දදාති, පටිලොමඤ්ච වත්තති.
2. පසමිතුරා එම මිතුරාව දැක සිනා නොවෙයි. ඔහු පිළිබඳව සතුටු නොවෙයි. ඔහුට ඇස් ඇර බැලීම නොදෙයි. ඔහුගේ කථාවට විරුද්ධ වෙයි.
“අමිත්තෙ තස්ස භජති, මිත්තෙ තස්ස න සෙවති; වණ්ණකාමෙ නිවාරෙති, අක්කොසන්තෙ පසංසති.
3. ඔහුගේ සතුරන් භජනය කරයි. ඔහුගේ මිතුරන් ඇසුරු නොකරයි. ගුණ කියන කැමැත්තන් වළක්වයි. නුගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරයි.
“ගුය්හඤ්ච තස්ස නක්ඛාති, තස්ස ගුය්හං න ගූහති; කම්මං තස්ස න වණ්ණෙති, පඤ්ඤස්ස නප්පසංසති.
4. ඔහුට රහස් නොකියයි. ඔහුගේ රහස් නො සඟවයි. ඔහුගේ කටයුතු වර්ණනා නො කරයි. ඔහුගේ නුවණ ප්‍රශංසා නො කරයි.
“අභවෙ නන්දති තස්ස, භවෙ තස්ස න නන්දති; අච්ඡෙරං භොජනං ලද්ධා, තස්ස නුප්පජ්ජතෙ සති; \තතො නං නානුකම්පති, අහො සොපි ලභෙය්යිතො.
5. ඔහුගේ පරිහානියේදී සතුටු වෙයි. ඔහුගේ දියුණුවෙහිදී සතුටු නො වෙයි. මිහිරි ආහාරයක් ලබන ලද්දේ ඔහුට දීමෙහි මතකයක් නූපදවයි. ඔහුද එයින් ලබන්නේ නම් මැනවයි අනුකම්පා නොකරයි. පුදුමයකි!
“ඉච්චෙතෙ සොළසාකාරා, අමිත්තස්මිං පතිට්ඨිතා; යෙහි අමිත්තං ජානෙය්ය, දිස්වා සුත්වා ච පණ්ඩිතො”ති.
6. පණ්ඩිත තැනැත්තා යම් කරුණු කරණ කොටගෙන ඇසින් දැක කනින් අසා සතුරා දැනගන්නේද මේ සොළොස් ආකාර වූ නුගුණයෝ සතුරා කෙරෙහි පිහිටියෝය.
මහාසත්තො ඉමා පඤ්ච ගාථා වත්වාන පුන –
මහා සත්ත්ව තෙමේ මේ ගාථා පහ ප්‍රකාශ කර නැවත.
“කානි කම්මානි කුබ්බානං, කථං විඤ්ඤූ පරක්කමෙ; මිත්තං ජානෙය්ය මෙධාවී, දිස්වා සුත්වා ච පණ්ඩිතො”ති. –
7. නුවණැති පණ්ඩිත පුරුෂයා ඇසින් දැක කනින් අසා කවර කටයුතු කරන්නා මිතුරෙකැයි දැනගන්නේද? නුවණැති තැනැත්තා එය දැනගැනීමට කෙසේනම් යත්ත දැරිය යුතුද?
ඉමාය ගාථාය මිත්තලක්ඛණං පුට්ඨො සෙසගාථා අභාසි –
මේ ගාථාවෙන් මිතුරන්ගේ ලක්ෂණය විමසන ලද්දේ සෙසු ගාථාවන් ප්‍රකාශ කළේය.
“පවුත්ථං තස්ස සරති, ආගතං අභිනන්දති; තතො කෙලායිතො හොති, වාචාය පටිනන්දති.
8. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහි කරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. අනතුරුව මමායනය කරයි. කථාබහ කිරීමෙන් සතුටු වෙයි.
“මිත්තෙ තස්සෙව භජති, අමිත්තෙ තස්ස න සෙවති; අක්කොසන්තෙ නිවාරෙති, වණ්ණකාමෙ පසංසති.
9. ඔහුගේම මිතුරන් ඇසුරු කරයි. ඔහුගේ සතුරන් ඇසුරු නො කරයි. නින්දා කරන්නේ වළක්වයි. ගුණ කියනු කැමැත්තෙන්ම ප්‍රශංසා කරයි.
“ගුය්හඤ්ච තස්ස අක්ඛාති, තස්ස ගුය්හඤ්ච ගූහති; කම්මඤ්ච තස්ස වණ්ණෙති, පඤ්ඤං තස්ස පසංසති.
10. ඔහුට රහස් කියයි. ඔහුගේ රහස් සඟවයි. ඔහුගේ කටයුතු වර්ණනා කරයි. ඔහුගේ නුවණ පසසයි.
“භවෙ ච නන්දති තස්ස, අභවෙ තස්ස න නන්දති; අච්ඡෙරං භොජනං ලද්ධා, තස්ස උප්පජ්ජතෙ සති; තතො නං අනුකම්පති, අහො සොපි ලභෙය්යිතො.
11. ඔහුගේ දියුණුවෙහිදී සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහිදී නොසතුටු වෙයි. මිහිරි ආහාරයක් ලබන ලද්දේ ඔහු සිහිපත් කරයි. අනතුරුව ඔහුද එය ලබන්නේ නම් මැනවයි ඔහුට අනුකම්පා කරයි. පුදුමයකි!
“ඉච්චෙතෙ සොළසාකාරා, මිත්තස්මිං සුප්පතිට්ඨිතා; යෙහි මිත්තඤ්ච ජානෙය්ය, දිස්වා සුත්වා ච පණ්ඩිතො”ති.
12. පණ්ඩිත තැනැත්තා යම් කරුණු කරණ කොටගෙන ඇසින් දැක කනින් අසා මිතුරා දැනගන්නේද මේ සොළොස් ආකාර වූ ගුණයෝ මිතුරා කෙරෙහි මනාව පිහිටියෝ වෙති.
තත්ථ න නං උම්හයතෙ දිස්වාති තං මිත්තං මිත්තපතිරූපකො දිස්වා සිතං න කරොති, පහට්ඨාකාරං න දස්සෙති. න ච නං පටිනන්දතීති තස්ස කථං පග්ගණ්හන්තො න පටිනන්දති න තුස්සති. චක්ඛූනි චස්ස න දදාතීති ඔලොකෙන්තං න ඔලොකෙති. පටිලොමඤ්චාති තස්ස කථං පටිප්ඵරති පටිසත්තු හොති. වණ්ණකාමෙති තස්ස වණ්ණං භණන්තෙ. නක්ඛාතීති අත්තනො ගුය්හං තස්ස න ආචික්ඛති. කම්මං තස්සාති තෙන කතකම්මං න වණ්ණයති. පඤ්ඤස්සාති අස්ස පඤ්ඤං නප්පසංසති, ඤාණසම්පදං න පසංසති. අභවෙති අවඩ්ඪියං. තස්ස නුප්පජ්ජතෙ සතීති තස්ස මිත්තපතිරූපකස්ස “මම මිත්තස්සපි ඉතො දස්සාමී”ති සති න උප්පජ්ජති. නානුකම්පතීති මුදුචිත්තෙන න චින්තෙති. ලභෙය්යිතොති ලභෙය්ය ඉතො. ආකාරාති කාරණානි. පවුත්ථන්ති විදෙසගතං . කෙලායිතොති කෙලායති මමායති පත්ථෙති පිහෙති ඉච්ඡතීති අත්ථො. වාචායාති මධුරවචනෙන තං සමුදාචරන්තො පටිනන්දති තුස්සති. සෙසං වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බං. රාජා මහාසත්තස්ස කථාය අත්තමනො හුත්වා තස්ස මහන්තං යසං අදාසි.
එහි නං නං උම්භයතෙ යනු මිත්‍ර ප්‍රතිරූපකයා ඒ මිත්‍රයා දැන සිනහ නොකරයි. සතුටු වූ ආකාරය නො දක්වයි. න ච තං පටිනන්දති යනු ඔහුගේ කථාව ඔසවා තබන්නේ සතුටු නොවෙයි. සන්තෝෂ නොවෙයි. චක්ඛුනි චස්ස නදදාති යනු බලන්නහු නොබලයි. පටිලොමං ච යනු ඔහුගේ කථාව හකුළුවයි. ඊට සතුරු වේ. වණ්ණකාමෙ යනු ඔහුගේ ගුණ කියන්නවුන් නොඉවසයි. නක්ඛාතී යනු තමාගේ රහස් ඔහුට නොකියයි. කම්මන්තස්ස යනු ඔහු විසින් කළ කටයුත්ත වර්ණනා නොකරයි. පඤ්ඤස්ස යනු ඔහුගේ නුවණ නො පසසයි. ඤාණ සම්පත්තිය වර්ණනා නො කරයි. අභවෙ යනු අනභිවෘද්ධියෙහිදී. තස්සනුප්පජ්ජතෙ යනු ඒ මිත්‍ර ප්‍රතිරූපකයාට මගේ මිත්රයාටද මෙයින් දෙන්නෙමියි සිහියක් නො ඉපදේ. නානුකම්පති යනු මොළොක් සිතින් නොසිතයි. ලභයියෙතො යනු මෙයින් ලබන්නේ නම්. ආකාරා යනු කරුණු පවුත්ථං යනු විදෙස්ගත වූ. කෙලායිතො යනු මමායනය කරයි. ප්‍රාර්ථනා කරයි. කැමති වෙයි යන අර්ථයි. වාචාය යනු මිහිරි වචනයෙන් ඔහු හා නිතර හැසිරෙන්නේ සතුටු වෙයි. ප්‍රීති වෙයි. සෙසු කරුණු කියන ලද දෙයෙහි විරුද්ධ අයුරින් දත යුතුයි. රජු මහා සත්ත්වයන්ගේ කථාවෙන් සතුටු සිත් ඇත්තේ වී ඔහුට මහත් සම්පත් දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, මහාරාජ, පුබ්බෙපෙස පඤ්හො සමුට්ඨහි, පණ්ඩිතාව නං කථයිංසු, ඉමෙහි ද්වත්තිංසාය ආකාරෙහි මිත්තාමිත්තො ජානිතබ්බො”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහරජතුමනි, පෙරද මේ ප්රශ්නය පැනනැංගේය. පණ්ඩිතයෝම එය පැහැදිලි කර කීවාහුය. මේ දෙතිස් ආකාරයෙන් සතුරාද මිතුරාද දත යුතුයයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද තෙර වීය. පණ්ඩිත ඇමතියා මම ම වූයෙමි යි වදාළ සේක.
මිත්තාමිත්තජාතකවණ්ණනා දසමා.
ජාතකුද්දානං –
කුණාලං භද්දසාලඤ්ච, සමුද්දවාණිජ පණ්ඩිතං; ජනසන්ධං මහාකණ්හං, කොසියං සිරිමන්තකං.
පදුමං මිත්තාමිත්තඤ්ච, ඉච්චෙතෙ දස ජාතකෙ; සඞ්ගායිංසු මහාථෙරා, ද්වාදසම්හි නිපාතකෙ.
ද්වාදසකනිපාතවණ්ණනා නිට්ඨිතා.
දොළොස් වැනි නිපාත වර්ණනාව නිමියේය.