යෙදුමෙන් කියවන්න

9. මහාපදුමජාතකවණ‍්ණනා 472 අට‍්ඨකථා

9. මහාපදුමජාතකවණ‍්ණනා (472)

9. මහාපදුම ජාතකය (472)

නාදට‍්ඨා පරතො දොසන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චිඤ‍්චමාණවිකං ආරබ‍්භ කථෙසි. පඨමබොධියඤ‍්හි දසබලස‍්ස පුථුභූතෙසු සාවකෙසු අපරිමාණෙසු දෙවමනුස‍්සෙසු අරියභූමිං ඔක‍්කන‍්තෙසු පත්‍ථටෙසු ගුණසමුදයෙසු මහාලාභසක‍්කාරො උදපාදි. තිත්‍ථියා සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකසදිසා අහෙසුං හතලාභසක‍්කාරා. තෙ අන‍්තරවීථියං ඨත්‍වා “කිං සමණො ගොතමොව බුද‍්ධො, මයම‍්පි බුද‍්ධා, කිං තස‍්සෙව දින‍්නං මහප‍්ඵලං, අම‍්හාකම‍්පි දින‍්නං මහප‍්ඵලමෙව, අම‍්හාකම‍්පි දෙථ කරොථා”ති එවං මනුස‍්සෙ විඤ‍්ඤාපෙන‍්තාපි ලාභසක‍්කාරං අලභන‍්තා රහො සන‍්නිපතිත්‍වා “කෙන නු ඛො උපායෙන සමණස‍්ස ගොතමස‍්ස මනුස‍්සානං අන‍්තරෙ අවණ‍්ණං උප‍්පාදෙත්‍වා ලාභසක‍්කාරං නාසෙය්‍යාමා”ති මන‍්තයිංසු. තදා සාවත්‍ථියං චිඤ‍්චමාණවිකා නාමෙකා පරිබ‍්බාජිකා උත‍්තමරූපධරා සොභග‍්ගප‍්පත‍්තා දෙවච‍්ඡරා විය. තස‍්සා සරීරතො රස‍්මියො නිච‍්ඡරන‍්ති. අථෙකො ඛරමන‍්තී එවමාහ – “චිඤ‍්චමාණවිකං පටිච‍්ච සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං උප‍්පාදෙත්‍වා ලාභසක‍්කාරං නාසෙස‍්සාමා”ති. තෙ “අත්‍ථෙසො උපායො”ති සම‍්පටිච‍්ඡිංසු. අථ සා තිත්‍ථියාරාමං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි, තිත්‍ථියා තාය සද‍්ධිං න කථෙසුං. සා “කො නු ඛො මෙ දොසො”ති යාවතතියං “වන්‍දාමි අය්‍යා”ති වත්‍වා “අය්‍යා, කො නු ඛො මෙ දොසො, කිං මයා සද‍්ධිං න කථෙථා”ති ආහ. “භගිනි, සමණං ගොතමං අම‍්හෙ විහෙඨෙන‍්තං හතලාභසක‍්කාරෙ කත්‍වා විචරන‍්තං න ජානාසී”ති. “නාහං ජානාමි අය්‍යා, මයා කිං පනෙත්‍ථ කත‍්තබ‍්බන‍්ති. සචෙ ත්‍වං භගිනි, අම‍්හාකං සුඛමිච‍්ඡසි, අත‍්තානං පටිච‍්ච සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං උප‍්පාදෙත්‍වා ලාභසක‍්කාරං නාසෙහී”ති.

හා දිට්ඨා පරතො දොසං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් චිඤ්චමානවිකාව අරභයා දේශනා කළ සේක. බුද්ධත්වයට පත් පළමු කාලයෙහි දසබලධාරීන් වහන්සේගේ ශ්‍රාවකයන් මහත් වූ කල්හි, අප්‍රමාණ දෙව් මිනිසුන් ආර්ය භූමියට බැසගත් කල්හි, ගුණ සමුදාය පතළ කල්හි, මහත් වූ ලාභ සත්කාර උපන්නේය. තීර්ථකයෝ හිරු උදාවෙහි කදෝපැණියන් (කණාමැදිරියන්) මෙන් වූහ. නටුවා වූ ලාභ සත්කාර ඇති ඔවුහු ඇතුල් වීථියෙහි සිට කිම ශ්‍රමණ භවත් ගෞතමයන් ම ‘බුද්ධ’ වන්නේද අපි ද බුදුවරු වෙමු. කිම ඔහුටම දෙන ලද දෙය මහත් ඵල වේද. අපට දෙන ලද දෙයද මහත්ඵල වේ ම ය. අපටද දෙවු. උවටැන් කරවු යයි මෙසේ මිනිසුන් දැනුවත් කරන්නාහු නමුත් ලාභ සත්කාර නොලැබ රහසිගතව රැස්වී කවර උපායකින් ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිබඳව මිනිසුන් අතර අගුණ උපදවා ලාභසත්කාර නසන්නෙමු යි සාකච්ඡා කළාහුය. එකල්හි සැවැත්නුවර උසස් රූපශ්‍රී දරන්නී ව හොබනා බැවින් අගතැන් පැමිණි චිංචමානවිකා නම් එක් පරිබ්‍රාජිකාවක වූවාය. දෙවඟනක් වැනි වූ ඇයගේ සිරුරෙන් රස්මීහු නික්මෙයි. ඉක්බිති එක් නපුරු සාකච්ඡාකරුවෙක් මෙසේ කීවේය. චිංචමානවිකාව ඇසුරින් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ අගුණ උපදවා ලාභ සත්කාර නස්වන්නෙමු යි. ඔවුහු, මේ උපාය ඇතැයි පිළිගත්තාහුය. ඉක්බිති ඇය තීර්ථකයන්ගේ ආරාමයට අවුත් වැඳ සිටියාය. තීර්ථකයෝ ඇය සමග කථා නො කළාහුය. ඇය මගේ කවර නම් දෝසයක්ද ස්වාමිවරුනි, තෙවනවර දක්වා වඳිමියි කියා ස්වාමිවරුනි, මගේ කවර දෝසයක්ද කවර කරුණක් නිසා මා සමග කථා නොකරන්නාහුදැයි කීවාය. සොහොවුරිය, ශ්‍රමණ භවත් ගෞතමයන් අප නටුවා වූ ලාභ සත්කාරයන් ඇත්තවුන් කොට හැසිරෙන්නේ නොදන්නෙහිදැයි (ඇසූහ) ස්වාමිවරුනි, දනිමි. මෙහිලා මා විසින් කුමක් කටයුතුදැයි. සොහොවුරිය ඉදින් ඔබ අපගේ සැපය කැමැත්තෙහිද තමා ඇසුරින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට අගුණ උපදවා ලාභසත්කාර නස්නවයි කීහ.

සා “සාධු අය්‍යා, මය‍්හමෙවෙසො භාරො, මා චින‍්තයිත්‍ථා”ති වත්‍වා පක‍්කමිත්‍වා ඉත්‍ථිමායාසු කුසලතාය තතො පට‍්ඨාය සාවත්‍ථිවාසීනං ධම‍්මකථං සුත්‍වා ජෙතවනා නික‍්ඛමනසමයෙ ඉන්‍දගොපකවණ‍්ණං පටං පාරුපිත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා ජෙතවනාභිමුඛී ගච‍්ඡන‍්තී “ඉමාය වෙලාය කුහිං ගච‍්ඡසී”ති වුත‍්තෙ “කිං තුම‍්හාකං මම ගමනට‍්ඨානෙනා”ති වත්‍වා ජෙතවනසමීපෙ තිත්‍ථියාරාමෙ වසිත්‍වා පාතොව “අග‍්ගවන්‍දනං වන්‍දිස‍්සාමා”ති නගරා නික‍්ඛමන‍්තෙ උපාසකජනෙ ජෙතවනෙ වුත්‍ථා විය හුත්‍වා නගරං පවිසති. “කුහිං වුත්‍ථාසී”ති වුත‍්තෙ “කිං තුම‍්හාකං මම වුත්‍ථට‍්ඨානෙනා”ති වත්‍වා මාසඩ‍්ඪමාසච‍්චයෙන පුච‍්ඡියමානා “ජෙතවනෙ සමණෙන ගොතමෙන සද‍්ධිං එකගන්‍ධකුටියා වුත්‍ථාම‍්හී”ති ආහ. පුථුජ‍්ජනානං “සච‍්චං නු ඛො එතං, නො”ති කඞ‍්ඛං උප‍්පාදෙත්‍වා තෙමාසචතුමාසච‍්චයෙන පිලොතිකාහි උදරං වෙඨෙත්‍වා ගබ‍්භිනිවණ‍්ණං දස‍්සෙත්‍වා උපරි රත‍්තපටං පාරුපිත්‍වා “සමණං ගොතමං පටිච‍්ච ගබ‍්භො මෙ ලද‍්ධො”ති අන්‍ධබාලෙ ගාහාපෙත්‍වා අට‍්ඨනවමාසච‍්චයෙන උදරෙ දාරුමණ‍්ඩලිකං බන්‍ධිත්‍වා උපරි රත‍්තපටං පාරුපිත්‍වා හත්‍ථපාදපිට‍්ඨියො ගොහනුකෙන කොට‍්ටාපෙත්‍වා උස‍්සදෙ දස‍්සෙත්‍වා කිලන‍්තින්‍ද්‍රියා හුත්‍වා සායන‍්හසමයෙ තථාගතෙ අලඞ‍්කතධම‍්මාසනෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තෙ ධම‍්මසභං ගන‍්ත්‍වා තථාගතස‍්ස පුරතො ඨත්‍වා “මහාසමණ, මහාජනස‍්ස තාව ධම‍්මං දෙසෙසි, මධුරො තෙ සද‍්දො, සුඵුසිතං දන‍්තාවරණං, අහං පන තං පටිච‍්ච ගබ‍්භං ලභිත්‍වා පරිපුණ‍්ණගබ‍්භා ජාතා, නෙව මෙ සූතිඝරං ජානාසි, න සප‍්පිතෙලාදීනි, සයං අකරොන‍්තො උපට‍්ඨාකානම‍්පි අඤ‍්ඤතරං කොසලරාජානං වා අනාථපිණ‍්ඩිකං වා විසාඛං උපාසිකං වා “ඉමිස‍්සා චිඤ‍්චමාණවිකාය කත‍්තබ‍්බයුත‍්තං කරොහී’ති න වදසි, අභිරමිතුංයෙව ජානාසි, ගබ‍්භපරිහාරං න ජානාසී”ති ගූථපිණ‍්ඩං ගහෙත්‍වා චන්‍දමණ‍්ඩලං දූසෙතුං වායමන‍්තී විය පරිසමජ‍්ඣෙ තථාගතං අක‍්කොසි. තථාගතො ධම‍්මකථං ඨපෙත්‍වා සීහො විය අභිනදන‍්තො “භගිනි, තයා කථිතස‍්ස තථභාවං වා අතථභාවං වා අහඤ‍්චෙව ත්‍වඤ‍්ච ජානාමා”ති ආහ. ආම, සමණ, තයා ච මයා ච ඤාතභාවෙනෙතං ජාතන‍්ති.

ඇය, ස්වාමිවරුනි, මැනව. මෙය මට භාරය. නහමක් නොසිතුවයි කියා ගොස්, ස්ත්‍රී මායාවන්හි දක්‍ෂ බැවින්ම එතැන් පටන් සැවැත්නුවර වැසියන් ධර්මකථා අසා ජේතවනයෙන් නික්මෙන කල්හි ඉඳගොවු පැහැ ඇති වස්ත්‍රයක් පොරවා සුවඳමල් ආදිය ගත් අත් ඇත්තී දෙවුරමට අභිමුඛව යයි. මේ වේලාවෙහි කොහි යෙහිදැයි කී කල්හි තොපට මා යන තැනින් කවර ප්‍රයෝජනයක් දැයි කියා ජේතවනාරාමය සමීපයෙහි තීර්ථකයන්ගේ ආරාමයෙහි වාසය කර, උදෑසනම උපාසක ජනයා භාග්‍යවතුන් වහන්සේ වඳින්නෙමුයි නගරයෙන් නික්මෙන කල්හි ජේතවනයෙහි වාසය කරන ලද්දියක මෙන් නගරයට පිවිසෙන්නී කොහි විසුවාදැයි කී කල්හි තොපට මා විසූ තැනින් කවර ප්‍රයෝජනයක්දැයි කියා මාස එකහමාරක් ඇවෑමෙන් විමසනු ලබන්නී, ජේතවනයෙහි ශ්‍රමණභවත් ගෞතමයන් සමග එක ගඳකිළියෙහි විසුවෙමියි කීවාය. පෘථග්ජනයන් මේ ඇත්තදැයි නැත් දැයි සැක උපදවා තෙමසක් ඇවෑමෙන් රෙදිවලින් බඩ වෙලා ගැබිනියකගේ හැඩරුව දක්වා මත්තෙහි රතුපැහැ වස්ත්‍රයක් පොරවා ශ්‍රමණ භවත් ගෞතමයන් නිසා දරු ගැබක් ලබන ලදැයි අඥානයන් පිළිගන්වවා අටමසක් ඇවෑමෙන් කුසෙහි දරමිටියක් බැඳ ඒ මත්තෙහි රතුපැහැ වස්ත්‍රයක් පොරවා අත්පා මතුපිට ගෙරිහක්කෙන් තලවා ඉදිමුන බවක් දක්වා ක්ලාන්ත වූ ඉඳුරන් ඇත්තියක වී සවස් කාලයෙහි බුදුරදුන් අලංකාර කරන ලද ධර්මාසනයෙහි හිඳ ධර්මය දේශනා කරන කල්හි දම්සභාවට ගොස් තථාගතයන් වහන්සේ ඉදිරියෙහි සිට මහා ශ්‍රමණය, ඔබ මහජනයාට ධර්මය දේශනා කරහි. ඔබේ හඬ මිහිරිය. තොල්පෙති මනාව ගැටුනේය. මම ඔබ නිසා ගැබක් ලැබ පිරිපුන් ගැබ් ඇත්තී වූවා වෙමි. මගේ වැදෑගෙය නො දන්නෙහිද. ගිතෙල් තලතෙල් ආදිය තෙමේත් නොඑළවන්නේ කොසොල් රජුට හෝ අනේපිඬු සිටුට හෝ විශාකා මහ උවැසියට හෝ අන් උපස්ථායෙකුට හෝ මේ මානවිකාවට කළයුතු කටයුතු කරවයි නොකීයෙහිය. රමණය කිරීමට පමණක් දනිහි. ගර්භා රක්‍ෂාව නො දනිහියි අසූචි පිඩක් ගෙන සඳමඩල කිළිටි කරන්නට වෑයම් කරන්නී මෙන් පිරිස් මැද තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ කළාය. තථාගතයන් වහන්සේ ධර්මකථාව නතර කර සිංහයෙක් මෙන් නාද කරන සේක් නැගනිය, ඔබ විසින් කියන ලද කරුණෙහි සත්‍ය බව හෝ අසත්‍ය බව මමද ඔබද දනිමුයි වදාළ සේක. ශ්‍රමණය, එසේය. ඔබ විසින්ද මා විසින්ද දන්නා බව නිසාම මෙය ඇති විනැයි කීවාය.

තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජමානො “චිඤ‍්චමාණවිකා තථාගතං අභූතෙන අක‍්කොසතී”ති ඤත්‍වා “ඉමං වත්‍ථුං සොධෙස‍්සාමී”ති චතූහි දෙවපුත‍්තෙහි සද‍්ධිං ආගමි. දෙවපුත‍්තා මූසිකපොතකා හුත්‍වා දාරුමණ‍්ඩලිකස‍්ස බන්‍ධනරජ‍්ජුකෙ එකප‍්පහාරෙනෙව ඡින්‍දිංසු, පාරුතපටං වාතො උක‍්ඛිපි, දාරුමණ‍්ඩලිකං පතමානං තස‍්සා පාදපිට‍්ඨියං පති, උභො අග‍්ගපාදා ඡිජ‍්ජිංසු. මනුස‍්සා උට‍්ඨාය “කාළකණ‍්ණි, සම‍්මාසම‍්බුද‍්ධං අක‍්කොසසී”ති සීසෙ ඛෙළං පාතෙත්‍වා ලෙඩ‍්ඩුදණ‍්ඩාදිහත්‍ථා ජෙතවනා නීහරිංසු. අථස‍්සා තථාගතස‍්ස චක‍්ඛුපථං අතික‍්කන‍්තකාලෙ මහාපථවී භිජ‍්ජිත්‍වා විවරමදාසි, අවීචිතො අග‍්ගිජාලා උට‍්ඨහි. සා කුලදත‍්තියං කම‍්බලං පාරුපමානා විය ගන‍්ත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්ති. අඤ‍්ඤතිත්‍ථියානං ලාභසක‍්කාරො පරිහායි, දසබලස‍්ස භිය්‍යොසොමත‍්තාය වඩ‍්ඪි. පුනදිවසෙ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, චිඤ‍්චමාණවිකා එවං උළාරගුණං අග‍්ගදක‍්ඛිණෙය්‍යං සම‍්මාසම‍්බුද‍්ධං අභූතෙන අක‍්කොසිත්‍වා මහාවිනාසං පත‍්තා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි එසා මං අභූතෙන අක‍්කොසිත්‍වා මහාවිනාසං පත‍්තා”ති වත්‍වා අතීතං ආහරි.

එකෙනෙහි ශක්‍රයාගේ ආසනය උණු වූ බවක් දැක්වීය. ඔහු සිතා බලනුයේ චිංචමානවිකාව තථාගතයන් වහන්සේට නොවූවකින් ආක්‍රෝශ කරයි යයි දැන මේ කරුණ හෙළිපෙහෙළි කරන්නෙමියි දෙව්පුතුන් සතර දෙනෙකු සමග පැමිණියේය. දේව පුත්‍රයෝ මී පැටවු වී දරමිටි බැඳි රැහැන් එක පහරින්ම කැපුවාහුය. පෙරවි වස්ත්‍රය සුළඟින් එසවීය. වැටෙන්නා වූ දරමිටිය ඇගේ පා පිටෙහි වැටුනේය. පා අග් දෙකට නැසුනේය. මිනිස්සු කාළකණ්ණිය, සම්මාසම්බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කෙරේයයි හිසෙහි කෙළ හෙලා ගල් මුගුරු ගත් අත් ඇත්තාහු ජේතවනාරාමයෙන් බැහැර කළහ. ඉක්බිති ඇය තථාගතයන් වහන්සේගේ ඇස් හමුව ඉක්මුන කල්හි මහපොළොව බිඳී විවර වීය. අවීචියෙන් ගිනිදැල් නැංගේය. ඇය පරපුරෙන් දෙන ලද කම්බිලියක් පොරවන්නියක මෙන් ගොස් අවීචියෙහි උපන්නාය. අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාරයන් පිරිහුනි. දසබලධාරීන් වහන්සේගේ ලාභ සත්කාර වැඩියෙන් වැඩුනේය. දෙවන දවස්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවාහුය. ඇවැත්නි, චිංචමානවිකාව මෙසේ මහත් ගුණ ඇති අග්‍ර දක්‍ෂිණෙය්‍ය වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නොවූවකින් නින්දා කර මහත් වූ වැනසුමකට පත් වූවා යයි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, මැය මට නොවූවකින් අපහාස කර විනාශයට පත් වූවා දැන් පමණක් නොවේ. පෙරද විනාශයට පත් වූවාම යයි අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, ඵුල‍්ලපදුමසස‍්සිරිකමුඛත‍්තා පනස‍්ස “පදුමකුමාරො”ත්‍වෙව නාමං කරිංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලායං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා ආගමි. අථස‍්ස මාතා කාලමකාසි. රාජා අඤ‍්ඤං අග‍්ගමහෙසිං කත්‍වා පුත‍්තස‍්ස උපරජ‍්ජං අදාසි. අපරභාගෙ රාජා පච‍්චන‍්තං කුපිතං වූපසමෙතුං අග‍්ගමහෙසිං ආහ “භද‍්දෙ, ඉධෙව වස, අහං පච‍්චන‍්තං කුපිතං වූපසමෙතුං ගච‍්ඡාමී”ති වත්‍වා “නාහං ඉධෙව වසිස‍්සාමි, අහම‍්පි ගමිස‍්සාමී”ති වුත‍්තෙ යුද‍්ධභූමියා ආදීනවං දස‍්සෙත්‍වා “යාව මමාගමනා අනුක‍්කණ‍්ඨමානා වස, අහං පදුමකුමාරං යථා තව කත‍්තබ‍්බකිච‍්චෙසු අප‍්පමත‍්තො හොති, එවං ආණාපෙත්‍වා ගමිස‍්සාමී”ති වත්‍වා තථා කත්‍වා ගන‍්ත්‍වා පච‍්චාමිත‍්තෙ පලාපෙත්‍වා ජනපදං සන‍්තප‍්පෙත්‍වා පච‍්චාගන‍්ත්‍වා බහිනගරෙ ඛන්‍ධාවාරං නිවාසෙසි . බොධිසත‍්තො පිතු ආගතභාවං ඤත්‍වා නගරං අලඞ‍්කාරාපෙත්‍වා රාජගෙහං පටිජග‍්ගාපෙත්‍වා එකකොව තස‍්සා සන‍්තිකං අගමාසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්ව තෙමේ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්නේය. මහත් වූ පියුමක ශ්‍රීයෙන් යුත් මුවක් ඇති හෙයින් ඔහුට පදුම කුමාරයා යයි නම් කළාහුය. සුදුසු වයසට පත් හෙතෙම සියළු ශිල්පයන් උගත්තේය. ඉක්බිති ඔහුගේ මව කළුරිය කළාය. රජු අන් බිසවක් අගමෙහෙසිය කර පුතාට යුවරජ තනතුර දුන්නේය. මෑත කාලයෙහි රජු කිපිනා වූ පසල් දනව්ව සන්සිඳුවන්නට යමියි කියා දේවයන් වහන්ස, මම නොනවතින්නෙමි. මම ද එන්නෙමියි කී කල්හි යුදබිමෙහි ආදීනව දක්වා මගේ පෙරළා පැමිණීම තෙක් උකටලී නොවී විසුව. මම ‘පදුම කුමාරයා’ යම්සේ ඔබගේ කළයුතු කටයුතුවල අප්‍රමාද වෙයි යයි මෙසේ අණකර යන්නෙමියි කියා එසේ කොට ගොස් පසමිතුරන් පළවා හැර ජනපදය සන්සිඳුවා පෙරළා අවුත් පිටත නගරයෙහි කඳවුර තැනවීය. බෝධිසත්ව තෙමේ පියා ආ බව දැන නගරය අලංකාර කරවා රජගෙය සංස්කරණය කරවන්නේ තනිවම ඇයගේ සමීපයට ගියේය.

සා තස‍්ස රූපසම‍්පත‍්තිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා අහොසි. බොධිසත‍්තො තං වන්‍දිත්‍වා “අම‍්ම, කිං අම‍්හාකං කත‍්තබ‍්බ”න‍්ති පුච‍්ඡි. අථ නං “අම‍්මාති මං වදසී”ති උට‍්ඨාය හත්‍ථෙ ගහෙත්‍වා “සයනං අභිරුහා”ති ආහ. “කිංකාරණා”ති? “යාව රාජා න ආගච‍්ඡති, තාව උභොපි කිලෙසරතියා රමිස‍්සාමා”ති. “අම‍්ම, ත්‍වං මම මාතා ච සසාමිකා ච, මයා සපරිග‍්ගහො මාතුගාමො නාම කිලෙසවසෙන ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා න ඔලොකිතපුබ‍්බො, කථං තයා සද‍්ධිං එවරූපං කිලිට‍්ඨකම‍්මං කරිස‍්සාමී”ති. සා ද‍්වෙ තයො වාරෙ කථෙත්‍වා තස‍්මිං අනිච‍්ඡමානෙ “මම වචනං න කරොසී”ති ආහ. “ආම, න කරොමී”ති. “තෙන හි රඤ‍්ඤො කථෙත්‍වා සීසං තෙ ඡින්‍දාපෙස‍්සාමී”ති. මහාසත‍්තො “තව රුචිං කරොහී”ති වත්‍වා තං ලජ‍්ජාපෙත්‍වා පක‍්කාමි.

ඇය ඔහුගේ රූප සම්පත්තිය දැක පිළිබඳ සිත් ඇත්තී වූවාය. බෝධිසත්‍ව තෙමේ ඇයට වැඳ මෑණියනි, තොපට කුමක් කළ යුතුදැයි විමසීය. ඉක්බිති ඇය ‘මෑණියනි යයි මට කියහිදැයි නැගී සිට අතින් ගෙන යහනට නගුවයි කීවාය. කවර කරුණක් නිසා දැයි (අසන ලද්දේ) යම්තාක් රජු නො පැමිණේද ඒතාක් අප දෙදෙනාම කෙලෙස් රතියෙන් රමණය කරන්නෙමු යයි කීවාය. මෑණියනි, ඔබ මගේ මවද ස්වාමියෙකු සහිත වූ තැනැත්තියකද වෙහි. මා විසින් සැමියෙකු සහිත මාගමක් කෙලෙස් වශයෙන් ඉඳුරන් බිඳ නොබලන ලද විරූය. කෙසේ නම් ඔබ සමග මෙවැනි අපිරිසිදු (පවිටු) ක්‍රියාවක් කරන්නෙමිදැයි කීවේය. ඇය දෙතුන් වතාවක් කියා ඔහු නොකැමති කල්හි මගේ වචනය නොකරෙහිදැයි කීවාය. එසේය. නොකරමියි. එසේනම් රජුට කියා ඔබගේ හිස සිඳුවන්නෙමියි කීවාය. මහාසත්ත්ව තෙමේ තොපට කැමැත්තක් කරවයි ඇය ලැජ්ජා කරවා ගියේය.

සා භීතතසිතා චින‍්තෙසි “සචෙ අයං පඨමං පිතු ආරොචෙස‍්සති, ජීවිතං මෙ නත්‍ථි, අහමෙව පුරෙතරං කථෙස‍්සාමී”ති භත‍්තං අභුඤ‍්ජිත්‍වා කිලිට‍්ඨලොමවත්‍ථං නිවාසෙත්‍වා සරීරෙ නඛරාජියො දස‍්සෙත්‍වා “කුහිං දෙවීති රඤ‍්ඤො පුච‍්ඡනකාලෙ “ගිලානා’ති කථෙය්‍යාථා”ති පරිචාරිකානං සඤ‍්ඤං දත්‍වා ගිලානාලයං කත්‍වා නිපජ‍්ජි. රාජාපි නගරං පදක‍්ඛිණං කත්‍වා නිවෙසනං ආරුය‍්හ තං අපස‍්සන‍්තො “කුහිං දෙවී”ති පුච‍්ඡිත්‍වා “ගිලානා”ති සුත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා “කිං තෙ දෙවි, අඵාසුක”න‍්ති පුච‍්ඡි. සා තස‍්ස වචනං අසුණන‍්තී විය හුත්‍වා ද‍්වෙ තයො වාරෙ පුච‍්ඡිතා “මහාරාජ, කස‍්මා කථෙසි, තුණ‍්හී හොහි, සසාමිකඉත්‍ථියො නාම මාදිසා න හොන‍්තී”ති වත්‍වා “කෙන ත්‍වං විහෙඨිතාසි, සීඝං මෙ කථෙහි , සීසමස‍්ස ඡින්‍දිස‍්සාමී”ති වුත‍්තෙ “කංසි ත්‍වං, මහාරාජ, නගරෙ ඨපෙත්‍වා ගතො”ති වත්‍වා “පදුමකුමාර”න‍්ති වුත‍්තෙ “සො මය‍්හං වසනට‍්ඨානං ආගන‍්ත්‍වා ‘තාත, මා එවං කරොහි, අහං තව මාතා’ති වුච‍්චමානොපි ‘ඨපෙත්‍වා මං අඤ‍්ඤො රාජා නත්‍ථි, අහං තං ගෙහෙ කරිත්‍වා කිලෙසරතියා රමිස‍්සාමී’ති මං කෙසෙසු ගහෙත්‍වා අපරාපරං ලුඤ‍්චිත්‍වා අත‍්තනො වචනං අකරොන‍්තිං මං පාතෙත්‍වා කොට‍්ටෙත්‍වා ගතො”ති ආහ.

බියෙන් තැතිගත් ඇය මෙසේ සිතුවාය. ඉදින් මෙතෙමේ පියාට (මේ බව) පළමුව දන්වන්නේද මගේ ජීවිතය නැත. මම ම පළමුව කියන්නෙමියි බත් අනුභව නොකර කිළිටි ලොම් වස්ත්‍රයක් හැඳ සිරුරෙහි නිය රැස් (නිය පහර ලද බව) දක්වා දේවිය කොහිදැයි රජු විසින් විචාළ කල්හි ගිලන් වූවා යයි කියවු යයි පිරිවර ස්ත්‍රීන්ට හඟවා ගිලන්හලට ගොස් හොත්තීය. රජුද නුවර පැදකුණු කොට මන්දිරයට නැගී ඇය නොදක්නේ දේවිය කොහිදැයි විචාළේය. ඇය ගිලන්වූවා යයි අසා සිරියහන් ගැබට පිවිස දේවියනි, තොපට කිනම් අපහසුවක්දැයි විචාළේය. ඇය ඔහුගේ වචනය නොඇසුනී මෙන් වී දෙතුන්වරක් විමසන ලද්දී නිශ්ශබ්ද වූවාය. දේවියනි, කිම මට නොකියෙහිදැයි විචාළේය. මහරජතුමනි, කෙසේනම් කියහිද නිශ්ශබ්ද වෙහි. සැමියා සහිත ස්ත්‍රීහු මා හා සමාන වෙතියි කියා, කවරෙකු විසින් වෙහෙසන ලද්දී වෙහිද වහා මට කියව. ඔහුගේ හිස සිඳින්නෙමියි කී කල්හි කවරෙක් වෙහිද මහරජතුමනි, ඔබ නගරයෙහි තබා ගිය පදුම කුමාරයාය. හෙතෙම මා වසන තැනට අවුත් දරුව මෙසේ නොකරව. මම තොපගේ මව වෙමියි කියනු ලබන්නේද මා හැර අන් රජෙක් නම් ඇත්ද? මම ඔබ ගෙහි කොට කෙලෙස් රතියෙන් රමණය කරන්නෙමියි මා කෙස්වලින් ගෙන එකිනෙක උගුල්ලා තමාගේ වචනය නොකරන්නී වූ මා හිංසාවට පත්කර කොටා ගියේයයි කීවාය.

රාජා අනුපපරික‍්ඛිත්‍වාව ආසීවිසො විය කුද‍්ධො පුරිසෙ ආණාපෙසි “ගච‍්ඡථ, භණෙ, පදුමකුමාරං බන්‍ධිත්‍වා ආනෙථා”ති. තෙ නගරං අවත්‍ථරන‍්තා විය තස‍්ස ගෙහං ගන‍්ත්‍වා තං බන්‍ධිත්‍වා පහරිත්‍වා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා රත‍්තකණවෙරමාලං ගීවායං පටිමුඤ‍්චිත්‍වා වජ‍්ඣං කත්‍වා ආනයිංසු . සො “දෙවියා ඉදං කම‍්ම”න‍්ති ඤත්‍වා “භො පුරිසා, නාහං රඤ‍්ඤො දොසකාරකො, නිප‍්පරාධොහමස‍්මී”ති විලපන‍්තො ආගච‍්ඡති. සකලනගරං සංඛුබ‍්භිත්‍වා “රාජා කිර මාතුගාමස‍්ස වචනං ගහෙත්‍වා මහාපදුමකුමාරං ඝාතාපෙසී”ති සන‍්නිපතිත්‍වා රාජකුමාරස‍්ස පාදමූලෙ නිපතිත්‍වා “ඉදං තෙ සාමි, අනනුච‍්ඡවික”න‍්ති මහාසද‍්දෙන පරිදෙවි. අථ නං නෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා දිස‍්වාව චිත‍්තං නිග‍්ගණ‍්හිතුං අසක‍්කොන‍්තො “අයං අරාජාව රාජලීළං කරොති, මම පුත‍්තො හුත්‍වා අග‍්ගමහෙසියා අපරජ‍්ඣති, ගච‍්ඡථ නං චොරපපාතෙ පාතෙත්‍වා විනාසං පාපෙථා”ති ආහ. මහාසත‍්තො “න මය‍්හං, තාත, එවරූපො අපරාධො අත්‍ථි, මාතුගාමස‍්ස වචනං ගහෙත්‍වා මා මං නාසෙහී”ති පිතරං යාචි. සො තස‍්ස කථං න ගණ‍්හි.

රජතුමා නොපිරික්සා සර්පයෙකු මෙන් කිපියේ පුරුෂයන්ට යව්. පදුම කුමාරයා බැඳගෙන එවු යයි ඇණවීය. ඔවුහු නගරය පැතිර මඩනාක් මෙන් ඔහුගේ ගෙට ගොස් ඔහුට හිංසාකොට පහරදී අත් පිටුපසට කර දැඩිව බැඳ රතු කණේරු මල් මාලාවක් ගෙලෙහි පළදවා වධකොට ගසන්නාහු ගෙන ආවාහුය. හෙතෙම මෙම කාර්යය දේවිය විසින් කරන ලද්දැකියි දැන, එම්බා පුරුෂයනි, මම රජුට අවැඩ කරන්නෙක් නොවෙමි. මම නිවැරදි වන්නෙමියි විලාප තබමින් පැමිණෙයි. සියළු නගරය කළඹා රජු මාගමකගේ වචනය ගෙන මහාපදුම කුමාරයා ඝාතනය කරවයි යි අසා රැස්වී කුමාරයාගේ පාමුල වැටී ස්වාමීනි, මෙය ඔබට නුසුදුසු යයි මහත් වූ හඬින් ඝෝසා කළේය. ඉක්බිති ඔහු ගෙන ගොස් රජුට දැක්වූහ. රජු ඔහු දැක නිග්‍රහ කරන්නට අපොහොසත් වනුයේ මෙතෙම රජ නොවූයේම රාජලීලාව කරයි. මගේ පුතා වී අගමෙහෙසියට අපරාධයක් කෙළේය. යව්. ඔහු සොරුන් හෙලන්නා වූ පර්වතයෙහි හෙළා විනාශයට පමුණුවවයි කීවේය. මහාසත්ත්ව තෙමේ පියාණනි, මගේ මෙවැනි අපරාධයක් නැත. මාගමකගේ කථාවක් අසා මා නො නසවයි පියාගෙන් ඇයදීය. ඒ රජු ඔහුගේ කථාව පිළිනොගත්තේය.

තතො සොළසසහස‍්සා අන‍්තෙපුරිකා “තාත මහාපදුමකුමාර, අත‍්තනො අනනුච‍්ඡවිකං ඉදං ලද‍්ධ”න‍්ති මහාවිරවං විරවිංසු. සබ‍්බෙ ඛත‍්තියමහාසාලාදයොපි අමච‍්චපරිජනාපි “දෙව, කුමාරො සීලාචාරගුණසම‍්පන‍්නො වංසානුරක‍්ඛිතො රජ‍්ජදායාදො, මා නං මාතුගාමස‍්ස වචනං ගහෙත්‍වා අනුපපරික‍්ඛිත්‍වාව විනාසෙහි, රඤ‍්ඤා නාම නිසම‍්මකාරිනා භවිතබ‍්බ”න‍්ති වත්‍වා සත‍්ත ගාථා අභාසිංසු –

අනතුරුව සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීහු දරුව, මහාපදුම කුමාරයනි, මේ ඔබට නුසුදුසු වූවක් ලබන ලදැයි මහත් වූ හඬින් ඝෝෂා කළහ. සියළු ක්‍ෂත්‍රිය වංශික ධනවත්හුද, ඇමති පිරිවර ජනයෝද දේවයන් වහන්ස, කුමාරයා ශීලාචාර ගුණයන්ගෙන් යුක්ත වූයේද පරපුර රක්නේද රාජ්‍ය උරුමය ඇත්තේද වෙයි. ඔහු මාගමකගේ වචනය ගෙන පරීක්‍ෂා නොකර විනාශ නොකරව. රජු විසින් විමසා බලා කටයුතු කරන්නෙකු විය යුතුයයි කියා ගාථා සතක් කීවාහුය.

“නාදට‍්ඨා පරතො දොසං, අණුං ථූලානි සබ‍්බසො; ඉස‍්සරො පණයෙ දණ‍්ඩං, සාමං අප‍්පටිවෙක‍්ඛිය.

නා දිට්ඨා පරතො දොසං - අණුං ථූලානි සබ්බසො, ඉස්සරො පණයෙ දණ්ඩං - සාමං අප්පටි වෙක්ඛීය

1. රජු අනිකෙකුගේ සුළු හෝ ලොකු හෝ වරද නොදැක නො විමසා තමාම පරීක්‍ෂා නොකර දඬුවම් නො පණවන්නේය.

“යො ච අප‍්පටිවෙක‍්ඛිත්‍වා, දණ‍්ඩං කුබ‍්බති ඛත‍්තියො; සකණ‍්ටකං සො ගිලති, ජච‍්චන්‍ධොව සමක‍්ඛිකං.

2. යම් ක්‍ෂත්‍රිය වංශිකයෙක් නුවණින් විමසා නොබලා (යමෙකුට) දඬුවම් නියම කෙරේද? හෙතෙම කටු සහිත ආහාර ගිලියි. මැස්සන් සහිත ආහාර බුදින උපන් ගෙයි අන්‍ධයෙකු මෙන් වේ.

“අදණ‍්ඩියං දණ‍්ඩයති, දණ‍්ඩියඤ‍්ච අදණ‍්ඩියං; අන්‍ධොව විසමං මග‍්ගං, න ජානාති සමාසමං.

3. (යමෙක්) දඬුවම් නොකළ යුත්තන්ට දඬුවම් කෙරේද දඬුවම් කළ යුත්තන්ට දඬුවම් නොකෙරේද සම නොවූ මාර්ගයට පිවිසි අන්‍ධයෙකු මෙන් සම-අසම දෙක නොදනී.

“යො ච එතානි ඨානානි, අණුං ථූලානි සබ‍්බසො; සුදිට‍්ඨමනුසාසෙය්‍ය, ස වෙ වොහරිතු මරහති.

4. යමෙක් යම් මේ කුඩා වූ හෝ ලොකු වූ හෝ කරුණු හැම පරිද්දෙන් මනාකොට දැක අනුශාසනා කරන්නේ නම් ඔහු ඒකාන්තයෙන් රාජ්‍ය පාලනයට සුදුසු වේ.

“නෙකන‍්තමුදුනා සක‍්කා, එකන‍්තතිඛිණෙන වා; අත‍්තං මහන‍්තෙ ඨපෙතුං, තස‍්මා උභයමාචරෙ.

5. ඒකාන්ත මෘදු බැවින් හෝ ඒකාන්ත තියුණු (රළු) බැවින් හෝ තමා ආධිපත්‍යයෙහි තබන්නට නොහැකිය. එහෙයින් දෙයාකාරයෙන්ම හැසිරෙන්නේ ය.

“පරිභූතො මුදු හොති, අතිතික‍්ඛො ච වෙරවා; එතඤ‍්ච උභයං ඤත්‍වා, අනුමජ‍්ඣං සමාචරෙ.

6. මෘදු තැනැත්තේ අවමනට භාජනය කළේ වෙයි. ඉතා තියුණු (රළු) තැනැත්තා වෛරකරුවන් (සතුරන්) ඇත්තේ වෙයි. මේ දෙකරුණ දැන මධ්‍යස්ථව හැසිරෙන්නේය.

“බහුම‍්පි රත‍්තො භාසෙය්‍ය, දුට‍්ඨොපි බහු භාසති; න ඉත්‍ථිකාරණා රාජ, පුත‍්තං ඝාතෙතුමරහසී”ති.

7. රාගයෙන් ඇලුනු තැනැත්තා බොහෝකොට කථා කරයි. ද්වේෂයෙන් දුෂ්ට වූ තැනැත්තා ද බොහෝකොට කථා කරයි. රජතුමනි, ස්ත්‍රියක නිසා පුතු නැසීමට නුසුදුසුය.

තත්‍ථ නාදට‍්ඨාති න අදිස‍්වා. පරතොති පරස‍්ස. සබ‍්බසොති සබ‍්බානි. අණුංථූලානීති ඛුද‍්දකමහන‍්තානි වජ‍්ජානි. සාමං අප‍්පටිවෙක‍්ඛියාති පරස‍්ස වචනං ගහෙත්‍වා අත‍්තනො පච‍්චක‍්ඛං අකත්‍වා පථවිස‍්සරො රාජා දණ‍්ඩං න පණයෙ න පට‍්ඨපෙය්‍ය. මහාසම‍්මතරාජකාලස‍්මිඤ‍්හි සතතො උත‍්තරි දණ‍්ඩො නාම නත්‍ථි, තාළනගරහණපබ‍්බාජනතො උද‍්ධං හත්‍ථපාදච‍්ඡෙදනඝාතනං නාම නත්‍ථි, පච‍්ඡා කක‍්ඛළරාජූනංයෙව කාලෙ එතං උප‍්පන‍්නං, තං සන්‍ධාය තෙ අමච‍්චා “එකන‍්තෙනෙව පරස‍්ස දොසං සාමං අදිස‍්වා කාතුං න යුත‍්ත”න‍්ති කථෙන‍්තා එවමාහංසු.

එහි නාදිට්ඨා යනු නොදැක. පරතො යනු අනිකාගේ සබ්බසො යනු සියළු. අණුං ථුලානි යනු කුදුමහත් වරදවල්. සාමං අප්පටිවෙක්ඛියානි. අනුන්ගේ වචනය අතැර තමාගේ ඉන්‍ද්‍රියානුභූතිය (ප්‍රත්‍යක්‍ෂය) නොකර පඨවිස්සාරො රජු දණ්ඩං න පණයෙ දඬුවම් නො පමුණුවන්නේය. මහා සම්මත රජු සමයෙහි නිරන්තරයෙන් මත්තෙහි දඬුවමක් නම් නැත. තැලීම නින්දාවට පත් කිරීම පිටුවහල් කිරීමට වැඩි වූ අත්පා සිඳීම් නැසීමක් නම් නැත. පසුව නපුරු රජවරුන්ගේ කාලයෙහි මෙය උපනි. එය සඳහා ඒ ඇමතියෝ ඒකාන්තයෙන්ම අනිකාගේ දෝෂය තෙමේම නොදැක දඬුවම් කරන්නට නුසුදුසු යැයි කියන්නාහු මෙසේ කීවාහුය.

යො ච අප‍්පටිවෙක‍්ඛිත්‍වාති මහාරාජ, එවං අප‍්පටිවෙක‍්ඛිත්‍වා දොසානුච‍්ඡවිකෙ දණ‍්ඩෙ පණෙතබ‍්බෙ යො රාජා අගතිගමනෙ ඨිතො තං දොසං අප‍්පටිවෙක‍්ඛිත්‍වා හත්‍ථච‍්ඡෙදාදිදණ‍්ඩං කරොති, සො අත‍්තනො දුක‍්ඛකාරණං කරොන‍්තො සකණ‍්ටකං භොජනං ගිලති නාම, ජච‍්චන්‍ධො විය ච සමක‍්ඛිකං භුඤ‍්ජති නාම. අදණ‍්ඩියන‍්ති යො අදණ‍්ඩියං අදණ‍්ඩපණෙතබ‍්බඤ‍්ච දණ‍්ඩෙත්‍වා දණ‍්ඩියඤ‍්ච දණ‍්ඩපණෙතබ‍්බං අදණ‍්ඩෙත්‍වා අත‍්තනො රුචිමෙව කරොති, සො අන්‍ධො විය විසමං මග‍්ගං පටිපන‍්නො, න ජානාති සමාසමං, තතො පාසාණාදීසු පක‍්ඛලන‍්තො අන්‍ධො විය චතූසු අපායෙසු මහාදුක‍්ඛං පාපුණාතීති අත්‍ථො. එතානි ඨානානීති එතානි දණ‍්ඩියාදණ‍්ඩියකාරණානි චෙව දණ‍්ඩියකාරණෙසුපි අණුංථූලානි ච සබ‍්බානි සුදිට‍්ඨං දිස‍්වා අනුසාසෙය්‍ය, ස වෙ වොහරිතුං රජ‍්ජමනුසාසිතුං අරහතීති අත්‍ථො.

යොච අප්පටි වෙක්ඛිත්‍වා යනු මහරජතුමනි, මෙසේ නුවණින් සලකා බලා වරදට සුදුසු දඬුවමක් පැනවිය යුතු කල්හි ඒ රජු අගති ගාමිත්‍වයෙහි පිහිටියේ ඒ වරද නුවණින් නොවිමසා අත් සිඳීම් ආදී දඬුවම් කරයිද! හෙතෙම තමාගේ දුකට හේතුවන කරුණ කරනුයේ කටු සහිත ආහාර ගිලිනුයේ වෙයි. උපතින්ම අන්ධ වූවකු මෙන් මැස්සන් සහිත වූ ආහාර අනුභව කරනුයේ වෙයි. අදණ්ඩියං යනු යමෙක් දඬුවම් නොකළ යුතු දඬුවම් නොපැණවිය යුතු යමෙකුට දඬුවම් කර දඬුවම් කළයුතු දඬුවම් පැනවිය යුතු අයෙකුට දඬුවම් නොකර තමාට කැමති වූවක්ම කරයිද, හෙතෙම වලගොඩැලි නිසා සම නොවූ මාර්ගයට පැමිණි අන්‍ධයෙකු මෙන් වේ. න ජානාති සමාසමං යනු අනතුරුව ගල් ආදියෙහි ගැටෙන්නේ අන්‍ධයෙකු මෙන් සතර අපායන්හි මහා දුකකට පැමිණෙයි යයි අර්ථයි. එතානි යනු මේ දඬුවම් කළයුතු නොකළ යුතු කරුණුද දඬුවම් කළයුතු කරුණු අතර කුඩා ලොකු සියළු දෙය මනාව දැක නො නසන්නේය. ඉදින් රජු වොහරිතුං රාජ්‍ය අනුශාසනාවට සුදුසු වේ යයි යන අර්ථයි.

අත‍්තං මහන‍්තෙ ඨපෙතුන‍්ති එවරූපො අනුප‍්පන‍්නෙ භොගෙ උප‍්පාදෙත්‍වා උප‍්පන‍්නෙ ථාවරෙ කත්‍වා අත‍්තානං මහන‍්තෙ උළාරෙ ඉස‍්සරියෙ ඨපෙතුං න සක‍්කොතීති අත්‍ථො. මුදූති මුදුරාජා රට‍්ඨවාසීනං පරිභූතො හොති අවඤ‍්ඤාතො, සො රජ‍්ජං නිච‍්චොරං කාතුං න සක‍්කොති. වෙරවාති අතිතික‍්ඛස‍්ස පන සබ‍්බෙපි රට‍්ඨවාසිනො වෙරිනො හොන‍්තීති සො වෙරවා නාම හොති. අනුමජ‍්ඣන‍්ති අනුභූතං මුදුතිඛිණභාවානං මජ‍්ඣං සමාචරෙ, අමුදු අතික‍්ඛො හුත්‍වා රජ‍්ජං කාරෙය්‍යාති අත්‍ථො. න ඉත්‍ථිකාරණාති පාපං ලාමකං මාතුගාමං නිස‍්සාය වංසානුරක‍්ඛකං ඡත‍්තදායාදං පුත‍්තං ඝාතෙතුං නාරහසි, මහාරාජාති.

තමා මහන්තෙ මහත් වූ ඉසුරෙහි තබන්නට නොහැකි වේ යන අර්ථයි. මුදු යනු මොළොක් ස්වභාවයෙන් යුත් රජු රටවැසියන් විසින් නින්දා කරන ලද්දේ වෙයි. අවමන් ලද්දා වූ ඔහු රාජ්‍යය සොරුන් රහිත වූවක් කරන්නට නොහැකි වේ. වෙරවා යනු ඉතා තියුණු තැනැත්තාට සියළු රටවැසියෝ වෛර ඇත්තෝ වෙත්නුයි වෙරවා නම් වේ. අනුමජ්ක්‍ධං යනු අනුගමනය කරන මෘදු හා තියුණු භාවයන්ගේ මැදයි. සමාචරෙ යනු මොළොක් නොවූවෙක්ද තියුණු නොවූවෙක්ද වී රාජ්‍යය කරන්නේය යන අර්ථයි. න ඉත්‍ථි කාරණා යනු මහරජතුමනි, පවිටු වූ ලාමක වූ මාගමක් නිසා පරපුර රක්නා වූ සේසතට උරුම කරවූ පුතු මරවන්නට නුසුදුසු යැයි කීය.

එවං නානාකාරණෙහි කථෙන‍්තාපි අමච‍්චා අත‍්තනො කථං ගාහාපෙතුං නාසක‍්ඛිංසු. බොධිසත‍්තොපි යාචන‍්තො අත‍්තනො කථං ගාහාපෙතුං නාසක‍්ඛි. අන්‍ධබාලො පන රාජා “ගච‍්ඡථ නං චොරපපාතෙ ඛිපථා”ති ආණාපෙන‍්තො අට‍්ඨමං ගාථමාහ –

ඇමතියෝ මෙසේ නොයෙක් කරුණුවලින් කියන්නාහුද තමාගේ කථාව පිළිගන්වන්නට නොහැකි වූහ. බෝධිසත්ත්ව තෙමේද අයදිනු ලබන්නේ නමුත් තමාගේ කථාව පිළිගන්වන්නට නොහැකි වීය. අඥාන වූ ඒ රජු යවු ඔහු චෝරප්‍රපාතයෙහි හෙලවු යයි අණ කරන්නේ අටවන ගාථාව කීවේය.

“සබ‍්බොව ලොකො එකතො, ඉත්‍ථී ච අයමෙකිකා; තෙනාහං පටිපජ‍්ජිස‍්සං, ගච‍්ඡථ පක‍්ඛිපථෙව ත”න‍්ති.

8. සියළු ලෝ වැස්සෝ එක් පක්‍ෂයකය. මේ ස්ත්‍රිය හුදකලා වූවාය. මම ඇයගේ (කීම) පිළිපදිමි. යව ඔහු (ප්‍රපාතයෙන්) හෙළවු.

තත්‍ථ තෙනාහන‍්ති යෙන කාරණෙන සබ‍්බො ලොකො එකතො කුමාරස‍්සෙව පක‍්ඛො හුත්‍වා ඨිතො, අයඤ‍්ච ඉත්‍ථී එකිකාව, තෙන කාරණෙන අහං ඉමිස‍්සා වචනං පටිපජ‍්ජිස‍්සං, ගච‍්ඡථ තං පබ‍්බතං ආරොපෙත්‍වා පපාතෙ ඛිපථෙවාති.

එහි තෙනාහං යනු යම් කරුණකින් සියළු ලෝවැසි ජනයා එක් පසකට වූයේ කුමාරයාටම පක්‍ෂ වී සිටියේය. මේ ස්ත්‍රිය හුදකලා වූවාය. ඒ කරුණ නිසා මම මැයගේ වචනය පිළිපදින්නෙමි. යවු ඔහු පර්වතයට නංවා ප්‍රපාතයෙහි හෙළවු මයයි කීවේය.

එවං වුත‍්තෙ සොළසසහස‍්සාසු රාජඉත්‍ථීසු එකාපි සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛි, සකලනගරවාසිනො බාහා පග‍්ගය‍්හ කන්‍දිත්‍වා කෙසෙ විකිරයමානා විලපිංසු. රාජා “ඉමෙ ඉමස‍්ස පපාතෙ ඛිපනං පටිබාහෙය්‍යු”න‍්ති සපරිවාරො ගන‍්ත්‍වා මහාජනස‍්ස පරිදෙවන‍්තස‍්සෙව නං උද‍්ධංපාදං අවංසිරං කත්‍වා ගාහාපෙත්‍වා පපාතෙ ඛිපාපෙසි. අථස‍්ස මෙත‍්තානුභාවෙන පබ‍්බතෙ අධිවත්‍ථා දෙවතා “මා භායි මහාපදුමා”ති තං සමස‍්සාසෙත්‍වා උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා හදයෙ ඨපෙත්‍වා දිබ‍්බසම‍්ඵස‍්සං ඵරාපෙත්‍වා ඔතරිත්‍වා පබ‍්බතපාදෙ පතිට‍්ඨිතනාගරාජස‍්ස ඵණගබ‍්භෙ ඨපෙසි. නාගරාජා බොධිසත‍්තං නාගභවනං නෙත්‍වා අත‍්තනො යසං මජ‍්ඣෙ භින්‍දිත්‍වා අදාසි. සො තත්‍ථ එකසංවච‍්ඡරං වසිත්‍වා “මනුස‍්සපථං ගමිස‍්සාමී”ති වත්‍වා “කතරං ඨාන”න‍්ති වුත‍්තෙ “හිමවන‍්තං ගන‍්ත්‍වා පබ‍්බජිස‍්සාමී”ති ආහ. නාගරාජා “සාධූ”ති තං ගහෙත්‍වා මනුස‍්සපථෙ පතිට‍්ඨාපෙත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ දත්‍වා සකට‍්ඨානමෙව ගතො. සොපි හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤං නිබ‍්බත‍්තෙත්‍වා වනමූලඵලාහාරො තත්‍ථ පටිවසති.

මෙසේ කී කල්හි සොළොස් දහසක් රජ බිසෝවවරුන් අතර එක් තැනැත්තියකද සිය ස්වභාවයෙන් සිටීමට නොහැකි වූවාය. සියළු නුවර වැස්සෝ අත් ඔසවාගෙන කෙස් විසුරුවා වැළපුනාහ. රජු මොවුහු මේ රජකුමරු ප්‍රපාතයෙහි හෙලීම වළක්වන්නාහු යයි පිරිවර සහිතව මහජනයා වැලපෙද්දීම ඔහුව පා උඩට ඇති සැටියෙන් හා හිස යටට ඇති සැටියෙන් කොට ගෙන්වාගෙන ප්‍රපාතයෙහි විසිකරවීය. ඉක්බිති ඔහුගේ මෛත්‍රී වැඩීමෙහි බල මහිමයෙන් පර්වතයෙහි අධිගෘහිත දේවතාවා මහාපදුමය, බිය නොවවයි ඔහු අස්වසන්නේ දෙඅතින් ගෙන ඇකයෙහි (හදවතෙහි) තබා දිව්‍යමය පහස පතුරුවා බැස පර්වතය පාමුල පිහිටි නාග භවනයෙහි හුන් නාරජුගේ පෙන ගැබෙහි තැබීය. නාරජු බෝසතුන් නාග භවනයට පමුණුවා තමාගේ යසස මැදින් බිඳ දුන්නේය. ඔහු එහි එක් අවුරුද්දක් වාසය කර මිනිස් ලොවට යන්නෙමියි කියා කිනම් තැනටදැයි කී කල්හි හිමාලයට ගොස් පැවිදි වන්නෙමියි කීවේය. නාරජු මැනවයි ඔහු ගෙන මිනිස් වාසයෙහි පිහිටුවා පැවිදි පිරිකර දී සිය වාසස්ථානයටම ගියේය. ඔහුද හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යානයන් හා අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආහාරකොට ඇතිව එහි වාසය කරයි.

අථෙකො බාරාණසිවාසී වනචරකො තං ඨානං පත‍්තො මහාසත‍්තං සඤ‍්ජානිත්‍වා “නනු ත්‍වං දෙව, මහාපදුමකුමාරො”ති වත්‍වා “ආම, සම‍්මා”ති වුත‍්තෙ තං වන්‍දිත්‍වා කතිපාහං තත්‍ථ වසිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි “දෙව, පුත‍්තො තෙ හිමවන‍්තපදෙසෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පණ‍්ණසාලායං වසති, අහං තස‍්ස සන‍්තිකෙ වසිත්‍වා ආගතො”ති. “පච‍්චක‍්ඛතො තෙ දිට‍්ඨො”ති? “ආම දෙවා”ති. රාජා මහාබලකායපරිවුතො තත්‍ථ ගන‍්ත්‍වා වනපරියන‍්තෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා අමච‍්චගණපරිවුතො පණ‍්ණසාලං ගන‍්ත්‍වා කඤ‍්චනරූපසදිසං පණ‍්ණසාලද‍්වාරෙ නිසින‍්නං මහාසත‍්තං දිස‍්වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අමච‍්චාපි වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා නිසීදිංසු. බොධිසත‍්තොපි රාජානං පටිපුච‍්ඡිත්‍වා පටිසන්‍ථාරමකාසි. අථ නං රාජා “තාත, මයා ත්‍වං ගම‍්භීරෙ පපාතෙ ඛිපාපිතො, කථං සජීවිතොසී”ති පුච‍්ඡන‍්තො නවමං ගාථමාහ –

ඉක්බිති බරණැස් නුවර වැසි වනයෙහි හැසිරෙන්නෙක් එතැනට පැමිණියේ මහාසත්ත්වයන් හැඳින දේවයන් වහන්ස, ඔබ මහා පදුම කුමාරයා නොවන්නේදැයි කියා යහළුව, එසේයයි කී කල්හි ඔහු වැඳ දින කීපයක් එහි වාසය කර බරණැස් නුවරට ගොස් රජුට දැනවීය. දේවයන් වහන්ස, ඔබගේ පුතු හිමවත පෙදෙසෙහි තවුස් පැවිද්දෙන් පැවිදිවූයේ පන්සලක වාසය කරයි. මම ඔහු සමීපයෙහි වාසය කර පැමිණියෙමියි කීවේය. ප්‍රත්‍යක්‍ෂ ලෙසට දක්නා ලද්දේද. එසේය ස්වාමීනි යයි කීවේය. රජු මහත් වූ බලසෙනඟ පිරිවරන ලදුයේ එහි ගොස් වනය කෙළවර කඳවුරු බැඳ ඇමතිවරුන් පිරිවරා පන්සලට ගොස් රන්රුවක ශ්‍රීයෙන් පන්සල දොරටුවෙහි හුන්නා වූ මහා සත්ත්වයන්ට වැඳ එකත්පස්ව හුන්නේය. ඇමතිවරුද වැඳ පිළිසඳර කොට හුන්නාහුය. බෝධිසත්ත්ව තෙමේද රජුට ඵලාඵල වලින් සංග්‍රහ කර පිළිසඳර කථා කළේය. ඉක්බිති රජු ඔහුට (කියනුයේ) දරුව, මා විසින් ඔබ ගැඹුරු ප්‍රපාතයෙහි හෙලවන ලද්දේ කෙසේ නම් සුවසේ ජීවත් වන්නේදැයි විමසන්නේ නවවන ගාථාව කීවේය.

“අනෙකතාලෙ නරකෙ, ගම‍්භීරෙ ච සුදුත‍්තරෙ; පාතිතො ගිරිදුග‍්ගස‍්මිං, කෙන ත්‍වං තත්‍ථ නාමරී”ති.

9. තල්ගස් බොහෝ ගණනක් බහාලිය හැකිතරම් ගැඹුරැති දුක්සහිත වූ තරණය කිරීම අපහසු වූ ගිරිදුර්ගයෙහි හෙළන ලද්දේ වෙහිය. ඔබ කවර කරුණින් එහිදී නොමැරුනේද?

තත්‍ථ අනෙකතාලෙති අනෙකතාලප‍්පමාණෙ. නාමරීති න අමරි. තතොපරං –

එහි අනෙක තාලෙ යනු තල්ගස් බොහෝ ප්‍රමාණයක උස ඇති. නාමරී යනු නොමැරුණි. අනතුරුව

“නාගො ජාතඵණො තත්‍ථ, ථාමවා ගිරිසානුජො; පච‍්චග‍්ගහි මං භොගෙහි, තෙනාහං තත්‍ථ නාමරිං.

10. ඒ පර්වත ප්‍රපාතයේ උපන් ශක්ති සම්පන්න වූ බලවත් නාගයෙක් දරණ වැලෙන් මා පිළිගත්තේය. එහෙයින් එහිදී මා නොමළේය.

“එහි තං පටිනෙස‍්සාමි, රාජපුත‍්ත සකං ඝරං; රජ‍්ජං කාරෙහි භද‍්දන‍්තෙ, කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.

11. රාජපුත්‍රය, එව, මම තොපව සිය නිවසට ගෙන යන්නෙමි. රාජ්‍යය කරව. ඔබට යහපතක් වේවා! වනයෙහි කුමක් කරන්නේද?

“යථා ගිලිත්‍වා බළිසං, උද‍්ධරෙය්‍ය සලොහිතං; උද‍්ධරිත්‍වා සුඛී අස‍්ස, එවං පස‍්සාමි අත‍්තනං.

12. බිලී කටුව ලේ සහිතව උදුරා දමන්නේ යම්සේද එසේ උදුරා දමා සුවපත් වන්නේද මෙසේ මා සුවපත් වූවෙකු සේ දකිමි.

“කිං නු ත්‍වං බළිසං බ්‍රූසි, කිං ත්‍වං බ්‍රූසි සලොහිතං; කිං නු ත්‍වං උබ‍්භතං බ්‍රූසි, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

13. තොප බිලීකටුව යයි කුමකට කියහිද? ලේ සහිත යයි කුමකට කියහිද? තොප කවරක් උදුරාලූයේ යයි කියහිද විමසන්නා වූ මට එය කියව.

“කාමාහං බළිසං බ්‍රූමි, හත්‍ථිඅස‍්සං සලොහිතං; චත‍්තාහං උබ‍්භතං බ්‍රූමි, එවං ජානාහි ඛත‍්තියා”ති. –

14. මම කාමයන්ට බිලී කටුව යයි කියමි. ඇත් අසුන් ලේ සහිත යයි කියමි. අත්හළ දෙය උදුරා ලූ දෙය යයි කියමි. ක්‍ෂත්‍රීයය මෙය මෙසේ දනුවයි.

ඉමාසු පඤ‍්චසු එකන‍්තරිකා තිස‍්සො ගාථා බොධිසත‍්තස‍්ස, ද‍්වෙ රඤ‍්ඤො.

මේ ගාථා පහ අතර එකක් හැර එකක් ලෙස ගාථා තුනක් බෝසතුන් වහන්සේගේය. ගාථා දෙකක් රජගේය.

තත්‍ථ පච‍්චග‍්ගහි මන‍්ති පබ‍්බතපතනකාලෙ දෙවතාය පරිග‍්ගහෙත්‍වා දිබ‍්බසම‍්ඵස‍්සෙන සමස‍්සාසෙත්‍වා උපනීතං මං පටිග‍්ගණ‍්හි, ගහෙත්‍වා ච පන නාගභවනං ආනෙත්‍වා මහන‍්තං යසං දත්‍වා “මනුස‍්සපථං මං නෙහී”ති වුත‍්තො මං මනුස‍්සපථං ආනෙසි. අහං ඉධාගන‍්ත්‍වා පබ‍්බජිතො, ඉති තෙන දෙවතාය ච නාගරාජස‍්ස ච ආනුභාවෙන අහං තත්‍ථ නාමරින‍්ති සබ‍්බං ආරොචෙසි.

එහි පච්චග්ගහී යනු පර්වතයෙන් වැටෙන කල්හි අවනත වූ මා පිළිගත්තේය. ගෙන නාග භවනයට පමුණුවා මහත් වූ සම්පත් දී මිනිස් වාසයට මා ගෙන යවයි කී කල්හි මා මිනිස් ලෝකයට ගෙන ආවේය. ඒ මම මෙහි අවුත් පැවිදි වූයේ වෙමි. ඒ දේවතාවාගේ හා නා රජුගේ බලමහිමයෙන් එහිදී මම නොමැරුනෙමි යි සියල්ල දැන්වීය.

එහීති රාජා තස‍්ස වචනං සුත්‍වා සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා “තාත, අහං බාලභාවෙන ඉත්‍ථියා වචනං ගහෙත්‍වා එවං සීලාචාරසම‍්පන‍්නෙ තයි අපරජ‍්ඣිං, ඛමාහි මෙ දොස”න‍්ති පාදෙසු නිපතිත්‍වා “උට‍්ඨෙහි, මහාරාජ, ඛමාම තෙ දොසං, ඉතො පරං පුන මා එවං අනිසම‍්මකාරී භවෙය්‍යාසී”ති වුත‍්තෙ “තාත, ත්‍වං අත‍්තනො කුලසන‍්තකං සෙතච‍්ඡත‍්තං උස‍්සාපෙත්‍වා රජ‍්ජං අනුසාසන‍්තො මය‍්හං ඛමසි නාමා”ති එවමාහ.

එහි යනු රජු ඔහුගේ වචනය අසා සොම්නසට පත්වී දරුව, මම මෝඩකම නිසා ස්ත්‍රියකගේ වචනය ගෙන මෙසේ උතුම් හැසිරීමෙන් හා ගුණවත් බැවින් යුත් ඔබ කෙරෙහි වරදක් කළෙමි. මට සමා වෙවයි පාදයන්හි වැටී, මහරජතුමනි, නැගී සිටුව. තොප ක්‍ෂමා කරමි. මින්පසු නැවත මෙසේ නොවිමසා කටයුතු කරන්නෙක් නොවවයි කියන ලද්දේය. දරුව, ඔබ තමාගේ කුලය සතු සේසත ඔසවා රාජ්‍යය අනුශාසනා කරන්නේ මට සමාව දුන්නෙහි නම් වේයයි මෙසේ කීවේය.

උද‍්ධරිත්‍වාති හදයවක‍්කාදීනි අසම‍්පත‍්තමෙව තං උද‍්ධරිත්‍වා සුඛී අස‍්ස. එවං පස‍්සාමි අත‍්තනන‍්ති අත‍්තානං මහාරාජ, එවං අහම‍්පි පුන සොත්‍ථිභාවප‍්පත‍්තං ගිලිතබළිසං පුරිසමිව අත‍්තානං පස‍්සාමීති. “කිං නු ත්‍ව”න‍්ති ඉදං රාජා තමත්‍ථං විත්‍ථාරතො සොතුං පුච‍්ඡති. කාමාහන‍්ති පඤ‍්ච කාමගුණෙ අහං. හත්‍ථිඅස‍්සං සලොහිතන‍්ති එවං හත්‍ථිඅස‍්සරථවාහනං සත‍්තරතනාදිවිභවං “සලොහිත”න‍්ති බ්‍රූමි. චත‍්තාහන‍්ති චත‍්තං අහං, යදා තං සබ‍්බම‍්පි චත‍්තං හොති පරිච‍්චත‍්තං, තං දානාහං “උබ‍්භත”න‍්ති බ්‍රූමි.

උදධරිත්‍වා යනු හදවත වකුගඩු ආදිය වෙත නොපැමිණි බිලිකටුව ගලවා සුවපත් වෙයි. අත්තනං යනු තමාය. මහරජතුමනි, මෙසේ මමද නැවත සුවපත් භාවයට පත්වූයේ ගිලින ලද බිලී කටුව ඇති පුරුෂයෙකු මෙන් මා දකින්නෙමි. කින්නු ත්‍වං යනු රජු ඒ මේ කරුණු විස්තර වශයෙන් ඇසීමට විමසයි. කාමාහං යනු මම පඤචකාම ගුණයන්. හත්‍ථි අස්සං සලොහිතං යනු මෙසේ ඇත්, අස්, රිය, දෝලා, සත්රුවන් ආදී ප්‍රභේද වූ සම්පත්තීන් සලොහිතං යයි කීවෙමි. චත්තාහං යනු - චත්තං අහං යයි විසන්‍ධියි. යම්දිනක ඒ සියල්ලම අත්හරනා ලද්දේ වෙමිද පරිත්‍යාග කරන ලද්දේ වෙමිද මම එය දන් දී උදුරා ලූයෙමියි කීවෙමි.

“ඉති ඛො, මහාරාජ, මය‍්හං රජ‍්ජෙන කිච‍්චං නත්‍ථි, ත්‍වං පන දස රාජධම‍්මෙ අකොපෙත්‍වා අගතිගමනං පහාය ධම‍්මෙන රජ‍්ජං කාරෙහී”ති මහාසත‍්තො පිතු ඔවාදං අදාසි. සො රාජා රොදිත්‍වා පරිදෙවිත්‍වා නගරං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අමච‍්චෙ පුච‍්ඡි. “අහං කං නිස‍්සාය එවරූපෙන ආචාරගුණසම‍්පන‍්නෙන පුත‍්තෙන වියොගං පත‍්තො”ති? “අග‍්ගමහෙසිං, දෙවා”ති. රාජා තං උද‍්ධංපාදං ගාහාපෙත්‍වා චොරපපාතෙ ඛිපාපෙත්‍වා නගරං පවිසිත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි.

මහරජතුමනි,මෙසේ මට රාජ්‍යයෙන් වැඩක් නැත. ඔබ දසරාජ ධර්මයන් කෝප නොකර අගතිගාමී වීම අත්හැර දැහැමිව රාජ්‍යය කරවයි මහා සත්ත්වයන් තෙමේ පියාට අවවාද දුන්නේය. හෙතෙම හඬා වැළපී නගරයට යන්නේ අතරමගදී ඇමතිවරුන් ගෙන් මම කුමක් නිසා මෙවැනි ආචාර සම්පන්න පුත්‍රයෙකුගෙන් වෙන්වීමට පත්වූයෙම් දැයි විමසීය. (රජතුමනි) අගමෙහෙසිය නිසාවෙනි. රජු ඇය පා උඩුකුරු වන ලෙස ගෙන්වාගෙන චොරප්පාතයෙහි හෙලා නගරයට පිවිස දැහැමිව රාජ්‍යය කරවීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, භික‍්ඛවෙ, පුබ‍්බෙපෙසා මං අක‍්කොසිත්‍වා මහාවිනාසං පත‍්තා”ති වත්‍වා –

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මැය පෙරද මට නින්දා කර මහත් වූ විනාශයකට පැමිණියේ යයි කියා.

“චිඤ‍්චමාණවිකා මාතා, දෙවදත‍්තො ච මෙ පිතා; ආනන්‍දො පණ‍්ඩිතො නාගො, සාරිපුත‍්තො ච දෙවතා; රාජපුත‍්තො අහං ආසිං, එවං ධාරෙථ ජාතක”න‍්ති. –

15. එකල්හි (සුළු) මව චිංචමානවිකාව වූවාය. මගේ පියා දෙව්දත් වීය. නුවණැති නාගයා ආනන්ද තෙර වීය. දේවතාවා සැරියුත් රහතන් වහන්සේය. රාජපුත්‍රයා මම වීමි යි ජාතකය මෙසේ දරා ගනිවු යයි

ඔසානගාථාය ජාතකං සමොධානෙසි.

අවසාන ගාථාවෙන් ජාතකය ගලපා වදාළ සේක.

මහාපදුමජාතකවණ‍්ණනා නවමා.