11. මහාපලොභනජාතකවණ්ණනා 507 අට්ඨකථා
11. මහාපලොභනජාතකවණ්ණනා (507)
11. මහාපලෝභන ජාතකය (507)
බ්රහ්මලොකා චවිත්වානාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො විසුද්ධසංකිලෙසං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා විත්ථාරිතමෙව. ඉධ පන සත්ථා “භික්ඛු මාතුගාමො නාමෙස විසුද්ධසත්තෙපි සංකිලිට්ඨෙ කරොතී”ති වත්වා අතීතං ආහරි.
බ්රහ්මලොකා චමිත්වාන යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පිරිසිදු සිල් කිළිටිවීමක් අරභයා දේශනා කළ සේක. කථා පුවත යට විස්තර කරන ලද්දේමය. මෙහිදී ශාස්තෲන් වහන්සේ, මහණ මේ ස්ත්‍රිය නම් පිරිසිදු සත්ත්වයන්ද, කිළිටි වූවන් කරයි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියන්ති චූළපලොභනෙ (ජා· 1.3.37 ආදයො) වුත්තනයෙනෙව අතීතවත්ථු විත්ථාරිතබ්බං. තදා පන මහාසත්තො බ්රහ්මලොකා චවිත්වා කාසිරඤ්ඤො පුත්තො හුත්වා නිබ්බත්ති, අනිත්ථිගන්ධකුමාරො නාම අහොසි. ඉත්ථීනං හත්ථෙ න සණ්ඨාති, පුරිසවෙසෙන නං ථඤ්ඤං පායෙන්ති, ඣානාගාරෙ වසති, ඉත්ථියො න පස්සති. තමත්ථං පකාසෙන්තො සත්ථා චතස්සො ගාථා අභාසි –
අතීතයෙහි බරණැස් නුවරෙහි ආදිය චුල්ල පලෝභන ජාතකයෙහි කී පරිද්දෙන්ම අතීත ප්‍රවෘත්තිය විස්තර කටයුතුය. එකල්හි මහාබෝධි සත්ත්වයෝ බ්‍රහ්ම ලෝකයෙන් චුත වී කසී රජුගේ පුතු වී උපන්නේය. ඔහු අනිත්ථිගන්ධ කුමාරයා යි නම් වීය. ස්ත්රීන්ගේ අතෙහි නම් නොසිටී. පුරුෂ වේශයෙන් කිරි පොවන්නී ධාන්යාගාරයෙහිම වසයි. ස්ත්‍රීන් නොදකී. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා සතරක් කීවේය.
“බ්රහ්මලොකා චවිත්වාන, දෙවපුත්තො මහිද්ධිකො; රඤ්ඤො පුත්තො උදපාදි, සබ්බකාමසමිද්ධිසු.
බ්රහ්මලොකා චවිත්වාන දෙවපුත්තො මහිද්ධිකො, රඤ්ඤො පුත්තො උදපාදි සබ්බකාම සමිද්ධිසු
1. මහත් වූ සෘද්ධි ඇති දේවපුත්‍රයෙක් බ්‍රහ්ම ලෝකයෙන් චුත වී සියළු සම්පත්තීන්ගෙන් යුක්ත වූ රජුගේ පුත්‍රයෙක් වී උපන්නේය.
“කාමා වා කාමසඤ්ඤා වා, බ්රහ්මලොකෙ න විජ්ජති; ස්වාස්සු තායෙව සඤ්ඤාය, කාමෙහි විජිගුච්ඡථ.
2. බ්‍රහ්ම ලෝකයෙහි කාමයෝ හෝ කාම සංඥාවෝ හෝ නොවෙත්. යම්බඳු වූ හෙතෙම ඒ හැඟීමෙන්ම කාමයන් කෙරෙන් පිළිකුල් කෙරෙයි.
“තස්ස චන්තෙපුරෙ ආසි, ඣානාගාරං සුමාපිතං; සො තත්ථ පටිසල්ලීනො, එකො රහසි ඣායථ.
3.ඔහුගේ අන්තඃපුරයෙහි කරන ලද ධ්‍යානාගාරයක් වීය. හෙතෙම එහි විවේකයෙහි ඇළුනේ හුදකලාව රහසිගතව ධාන්‍ය කළේය.
“ස රාජා පරිදෙවෙසි, පුත්තසොකෙන අට්ටිතො; එකපුත්තො චයං මය්හං, න ච කාමානි භුඤ්ජතී”ති.
4. ඒ රජු, මේ මගේ එකම පුතු කාමයන් අනුභව නොකෙරේ යයි පුත්‍ර ශෝකයෙන් පෙළුනේ වැළපුනේය.
තත්ථ සබ්බකාමසමිද්ධිසූති සබ්බකාමානං සමිද්ධීසු සම්පත්තීසු ඨිතස්ස රඤ්ඤො පුත්තො හුත්වා එකො දෙවපුත්තො නිබ්බත්ති. ස්වාස්සූති සො කුමාරො. තායෙවාති තාය බ්රහ්මලොකෙ නිබ්බත්තිතාය ඣානසඤ්ඤාය එව. සුමාපිතන්ති පිතරා සුට්ඨු මනාපං කත්වා මාපිතං. රහසි ඣායථාති මාතුගාමං අපස්සන්තො වසි. පරිදෙවෙසීති විලපි.
එහි සබ්බකාම සමිද්ධිසු යනු එක් දේවපුත්‍රයෙක් සියළු කාමයන්ගෙන් සමෘද්ධිමත් වූ සම්පත්වලින් යුක්ත වූ රජුගේ පුත්‍රයෙක් වී උපන්නේය. යමාස්ස යනු යම් කුමාරයෙක් තායෙව යනු බ්‍රහ්ම ලෝකයෙහි උපන් නිසා එම ධ්‍යාන සංඥාවෙන්ම. සුමාපිතං යනු පියා විසින් මනාව සිත්කළු කර කරන ලද. රහසි ක්ධායථ යනු මාගමුන් නොදක්නේ වාසය කළේය. පරිදෙවෙසි යනු වැලපෙයි.
පඤ්චමා රඤ්ඤො පරිදෙවනගාථා –
රජුගේ පස්වන වැලපීමේ ගාථාව.
“කො නු ඛ්වෙත්ථ උපායො සො, කො වා ජානාති කිඤ්චනං; යො මෙ පුත්තං පලොභෙය්ය, යථා කාමානි පත්ථයෙ”ති.
5. මගේ පුත්‍රයා කවරෙක් නම් පොළඹවන්නේද යම් සේ කාමයන් ප්‍රාර්ථනය කරන්නේද මෙහිලා කවර නම් උපායයක් වේද? කවරෙක් නම් එබඳු වූ කරුණක් දනීද?
තත්ථ කො නු ඛ්වෙත්ථ උපායොති කො නු ඛො එත්ථ එතස්ස කාමානං භුඤ්ජනඋපායො. “කො නු ඛො ඉධුපායො සො”තිපි පාඨො, අට්ඨකථායං පන “කො නු ඛො එතං උපවසිත්වා උපලාපනකාරණං ජානාතී”ති වුත්තං. කො වා ජානාති කිඤ්චනන්ති කො වා එතස්ස පලිබොධකාරණං ජානාතීති අත්ථො.
එහි කොනුඛෙත්ථ උපායො සො යනු මෙහිලා කවරෙක් මොහු කාමයන් අනුභව කරවන උපායය. කොනූ ඛො ඉධූපායො සො යනුද පෙළයි. අර්ථකථාවෙහි වනාහි කවරෙක් මොහු සමීපයෙහි වාසය කර පෙළඹවීමේ කරුණ දනීදැයි කියන ලදි. කොවාජානාති කිඤ්චනං යනු කවරෙක් නම් මොහු අවබෝධ කරවන කරුණු දනීදැයි අර්ථයි.
තතො පරං දියඩ්ඪගාථා අභිසම්බුද්ධගාථා –
අනතුරුව බුද්ධ දේශනාවෙහි ගාථා එකහමාරකි.
“අහු කුමාරී තත්ථෙව, වණ්ණරූපසමාහිතා; කුසලා නච්චගීතස්ස, වාදිතෙ ච පදක්ඛිණා.
6. ඒ අන්තඃපුරයෙහිම රූපයෙන් හා පැහැයෙන් යුක්ත වූ නැටුම් ගැයුම් වැයුම් හි දක්ෂ වූ ඒවායේ මනාව හික්මුණු කුමාරිකාවක් වූවාය.
“සා තත්ථ උපසඞ්කම්ම, රාජානං එතදබ්රවී”ති;
ඇය එහි එළඹ රජුට මෙසේ කීවාය.
තත්ථ අහූති භික්ඛවෙ, තත්ථෙව අන්තෙපුරෙ චූළනාටකානං අන්තරෙ එකා තරුණකුමාරිකා අහොසි. පදක්ඛිණාති සුසික්ඛිතා.
එහි අහූ යනු මහණෙනි, එ් අන්තඃපුරයෙහිම සුළු නාටිකාංගනාවන් අතර එක් තරුණ කුමාරිකාවක් වූවාය. පදකඛිණා යනු මනාව හික්මවන ලද.
“අහං ඛො නං පලොභෙය්යං, සචෙ භත්තා භවිස්සතී”ති. –
ඉදින් ඔහු මගේ ස්වාමියා වන්නේ නම් මම ඔහු පොළඹවන්නේ වෙමි.
උපඩ්ඪගාථා කුමාරිකාය වුත්තා.
යන ගාථා අර්ධය කුමාරිය විසින් කීවාය.
තත්ථ සචෙ භත්තාති සචෙ එස මය්හං පති භවිස්සතීති.
එහි සචෙ භත්තා යනු ඉදින් මෙතෙම මගේ ස්වාමියා වන්නේද,
“තං තථාවාදිනිං රාජා, කුමාරිං එතදබ්රවි; ත්වඤ්ඤෙව නං පලොභෙහි, තව භත්තා භවිස්සතීති.
7. රජු එසේ කියන්නා වූ ඒ රාජ කුමාරියට මෙසේ කීවේය. තී ඔහු පොළඹාවා. ඔහු ඔබගේ ස්වාමියා වන්නේය යනුවෙනි.
තත්ථ තව භත්තාති තවෙස පති භවිස්සති, ත්වඤ්ඤෙව තස්ස අග්ගමහෙසී භවිස්සසි, ගච්ඡ නං පලොභෙහි, කාමරසං ජානාපෙහීති.
එහිද භත්තා භවිස්සති යනු මෙතෙම ඔබගේ ස්වාමියාය. ඔබද ඔහුගේ අගමෙහෙසිය වන්නේය. යව ඔහු පොළොඹව. කාම රසය දන්වවයි කීවේය.
එවං වත්වා රාජා “ඉමිස්සා කිර ඔකාසං කරොන්තූ”ති කුමාරස්ස උපට්ඨාකානං පෙසෙසි. සා පච්චූසකාලෙ වීණං ආදාය ගන්ත්වා කුමාරස්ස සයනගබ්භස්ස බහි අවිදූරෙ ඨත්වා අග්ගනඛෙහි වීණං වාදෙන්තී මධුරසරෙන ගායිත්වා තං පලොභෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජු මෙසේ කියා මැයට අවකාශ කරත්වායි ඇය කුමාරයාගේ උපස්ථාන සඳහා යැවීය. ඇය අළුයම් කාලයෙහි වීණාව ගෙන ගොස් කුමාරයාගේ යහන්ගැබ නුදුරෙහි සිට නිය අගින් වීණාව වාදනය කරන්නී මිහිරි හඬින් ගායනා කර ඔහු පෙළඹවීය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ වදාරනුයේ මෙසේ වදාළ සේක.
“සා ච අන්තෙපුරං ගන්ත්වා, බහුං කාමුපසංහිතං; හදයඞ්ගමා පෙමනීයා, චිත්‍රා ගාථා අභාසථ.
8. ඇයද අන්තඃපුරයට ගොස් කාමයන් ඇසුරු කළ සිත් ඇදගන්නා වූ ප්‍රේමය ඇතිකරන විසිතුරු බොහෝ ගී කීවාය.
“තස්සා ච ගායමානාය, සද්දං සුත්වාන නාරියා; කාමච්ඡන්දස්ස උප්පජ්ජි, ජනං සො පරිපුච්ඡථ.
9. ගායනා කරනු ලබන ඒ ස්ත්‍රියගේ හඬ අසා ඔහුට කාමයන් පිළිබඳ කැමැත්ත උපන්නේය. හෙතෙම ජනයා වෙතින් විචාළේය.
“කස්සෙසො සද්දො කො වා සො, භණති උච්චාවචං බහුං; හදයඞ්ගමං පෙමනීයං, අහො කණ්ණසුඛං මම.
10. මේ හඬ කවරෙකුගේද, ඔහු හදෘයංගමව, ප්‍රේමණීයව තව ද මගේ කනට සුව එළවන පරිදි උස්හඬින් ද පහත් හඬින් ද බොහෝකොට බෙණෙයි.
“එසා ඛො පමදා දෙව, ඛිඩ්ඩා එසා අනප්පිකා; සචෙ ත්වං කාමෙ භුඤ්ජෙය්ය, භිය්යො භිය්යො ඡාදෙය්යු තං.
11. දේවයන් වහන්ස, මෝතොමෝ කාන්තාවකි. මෝ තොමෝ බොහෝ වූ ක්‍රීඩාවකි. ඉදින් ඔබ කාමයන් අනුභව කරන්නෙහි නම් වැඩි වැඩියක් කැමති වන්නාහුය.
“ඉඞ්ඝ ආගච්ඡතොරෙන, අවිදූරම්හි ගායතු; අස්සමස්ස සමීපම්හි, සන්තිකෙ මය්හ ගායතු.
12. එසේ නම් මොබට පැමිණේවා. නුදුරෙහි ගායනා කෙරේවා. යහන් ගැබට සමීපයෙහි මා වෙතැ ගායනා කෙරේවා.
“තිරොකුට්ටම්හි ගායිත්වා, ඣානාගාරම්හි පාවිසි; බන්ධි නං අනුපුබ්බෙන, ආරඤ්ඤමිව කුඤ්ජරං.
13. බිත්තියෙහි පිටත ගායනා කර ධාන්‍යාගාරයට පිවිසියාය. වනයෙහි ඇතෙකු මෙන් ඔහුව ක්‍රමයෙන් බැඳ ගත්තාය.
“තස්ස කාමරසං ඤත්වා, ඉස්සාධම්මො අජායථ; ‘අහමෙව කාමෙ භුඤ්ජෙය්යං, මා අඤ්ඤො පුරිසො අහු’.
14. ඒ කුමාරයාට කාම රසය දැනී ඊර්ෂ්‍යා ස්වභාවයක් හටගත්තේය. මම කාමයන් අනුභව කරන්නෙම් නම් අනිකෙක් කම්සැප විඳිනේ නොවේවා යනුයි.
“තතො අසිං ගහෙත්වාන, පුරිසෙ හන්තුං උපක්කමි; අහමෙවෙකො භුඤ්ජිස්සං, මා අඤ්ඤො පුරිසො සියා.
15. ඉක්බිති කඩුවක් රැගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේය. මම තනිව අනුභව කරමි. අන් පුරුෂයෙක් නොවේවා යනුයි.
“තතො ජානපදා සබ්බෙ, වික්කන්දිංසු සමාගතා; පුත්තො ත්යායං මහාරාජ, ජනං හෙඨෙත්යදූසකං.
16. අනතුරුව සියළු ජානපදිකයෝ රැස්වූවාහු “මහරජතුමනි, ඔබගේ මේ පුත්‍රයා නිවැරදි වූ ජනයා නසයි” යයි වැළපෙමින් කියා සිටියාහුය.
“තඤ්ච රාජා විවාහෙසි, සම්හා රට්ඨා ච ඛත්තියො; යාවතා විජිතං මය්හං, න තෙ වත්ථබ්බ තාවදෙ.
17. රජතුමාද එකෙනෙහිම මගේ රට යම්තාක්ද තොප විසින් එහි නොවිසිය යුතුයයි සිය රටින් ඔහු නෙරපා හැරියේය.
“තතො සො භරියමාදාය, සමුද්දං උපසඞ්කමි; පණ්ණසාලං කරිත්වාන, වනමුඤ්ඡාය පාවිසි.
18. අනතුරුව හෙතෙම බිරිඳ රැගෙන මුහුද වෙත එළඹියේය. පන්සලක් කොට එහි වසන්නේ ආහාර පිණිස වනයට පිවිසියේය.
“අථෙත්ථ ඉසි මාගච්ඡි, සමුද්දං උපරූපරි; සො තස්ස ගෙහං පාවෙක්ඛි, භත්තකාලෙ උපට්ඨිතෙ.
19. ඉක්බිති සෘෂිවරයෙක් මුහුද මත්තෙන් එහි පැමිණියේය. හෙතෙම ආහාර වේලාව පැමිණි කල්හි ඔහුගේ ගෙට ඇතුළු විය.
“තඤ්ච භරියා පලොභෙසි, පස්ස යාව සුදාරුණං; චුතො සො බ්රහ්මචරියම්හා, ඉද්ධියා පරිහායථ.
20. භාර්යාව ඒ තවුසාද පොළඹවා ගත්තීය. ඇය කෙතෙක් දරුණුදැයි බලව. ඒ තවුසා බඹසරින් ගිලිහුනේ සෘද්ධියෙන් පිරිහුනේය.
“රාජපුත්තො ච උඤ්ඡාතො, වනමූලඵලං බහුං; සායං කාජෙන ආදාය, අස්සමං උපසඞ්කමි.
21. රාජ පුත්‍රයාද සිඟීමෙන් ලද බොහෝ වනමුල් ඵලාඵලයන් කදින් රැගෙන සවස් කාලයෙහි අසපුවට පැමිණියේය.
“ඉසී ච ඛත්තියං දිස්වා, සමුද්දං උපසඞ්කමි; ‘වෙහායසං ගමිස්ස’න්ති, සීදතෙ සො මහණ්ණවෙ.
22. තාපසයා ද ක්ෂත්රියයා දැක අහසින් යන්නෙමියි මුහුදට පැමිණියේය. හෙතෙම මහමුහුදෙහි ගිලෙයිමය.
“ඛත්තියො ච ඉසිං දිස්වා, සීදමානං මහණ්ණවෙ; තස්සෙව අනුකම්පාය, ඉමා ගාථා අභාසථ.
23. ක්‍ෂත්‍රියයාද මහ මුහුදෙහි ගිලෙන්නා වූ තවුසා දැක ඔහුට අනුකම්පාවෙන් මේ ගාථාවෝ කියන ලදහ.
“අභිජ්ජමානෙ වාරිස්මිං, සයං ආගම්ම ඉද්ධියා; මිස්සීභාවිත්ථියා ගන්ත්වා, සංසීදසි මහණ්ණවෙ.
24. තෙමේ නොබිඳෙන දියෙහි සෘද්ධියෙන් පැමිණ ස්ත්‍රියක හා එක්වී මහමුහුදෙහි ගිලෙන්නෙහිද?
“ආවට්ටනී මහාමායා, බ්රහ්මචරියවිකොපනා; සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
25. (ස්ත්‍රීහු) කාමයෙහි පොළොඹවන හෙයින් ආවර්තිනියෝ වෙති. මහත් වූ මායා ඇත්තෝද වෙති. බඹසර විසීම විනාශ කරන්නෝය. අපායෙහි ගිල්වන්නෝය. මෙසේ ඇය හඳුනාගෙන දුරින්ම දුරු කරන්නේය.
“අනලා මුදුසම්භාසා, දුප්පූරා තා නදීසමා; සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
26. ඈලා සෑහීමකට පත් නොවන්නෝය. මොලොක් වූ තෙපුල් ඇත්තෝය. ගංගාවන් මෙන් පිරවිය නොහැකි වෙති. අපායෙහි ගිල්වන්නෝය. මෙසේ ඇය හඳුනාගෙන දුරින්ම දුරු කරන්නේය.
“යං එතා උපසෙවන්ති, ඡන්දසා වා ධනෙන වා; ජාතවෙදොව සං ඨානං, ඛිප්පං අනුදහන්ති තං.
27. යමෙක් මෑලා ආශාවෙන් හෝ ධනය නිසා හෝ සේවනය කරත්ද, සිය නිවස දවන්නා වූ ගින්න මෙන් ඔහුව වහා දවත්.
“ඛත්තියස්ස වචො සුත්වා, ඉසිස්ස නිබ්බිදා අහු; ලද්ධා පොරාණකං මග්ගං, ගච්ඡතෙ සො විහායසං.
28. ක්ෂත්රියයාගේ වචනය අසා තවුසාට කලකිරීම ඇති විය. හෙතෙම පැරණි ධ්‍යාන මාර්ගය ලැබ අහසින් යයි.
“ඛත්තියො ච ඉසිං දිස්වා, ගච්ඡමානං විහායසං; සංවෙගං අලභී ධීරො, පබ්බජ්ජං සමරොචයි.
29. ක්‍ෂත්‍රියයාද අහසින් යන්නා වූ තවුසා දැක සංවේගය ලදුයේය. බුද්ධිමත් රජු පැවිද්ද කැමති වීය.
“තතො සො පබ්බජිත්වාන, කාමරාගං විරාජයි; කාමරාගං විරාජෙත්වා, බ්රාහ්මලොකූපගො අහූ”ති.
30. අනතුරුව හෙතෙම පැවිදි වී කාමරාගය දුරු කළේය. කාමරාගය දුරු කර බඹලොව උපන්නේය.
තත්ථ අන්තෙපුරන්ති කුමාරස්ස වසනට්ඨානං. බහුන්ති බහුං නානප්පකාරං. කාමුපසංහිතන්ති කාමනිස්සිතං ගීතං පවත්තයමානා. කාමච්ඡන්දස්සාති අස්ස අනිත්ථිගන්ධකුමාරස්ස කාමච්ඡන්දො උප්පජ්ජි. ජනන්ති අත්තනො සන්තිකාවචරං පරිචාරිකජනං. උච්චාවචන්ති උග්ගතඤ්ච අනුග්ගතඤ්ච. භුඤ්ජෙය්යාති සචෙ භුඤ්ජෙය්යාසි. ඡාදෙය්යු තන්ති එතෙ කාමා නාම තව රුච්චෙය්යුං. සො “පමදා”ති වචනං සුත්වා තුණ්හී අහොසි. ඉතරා පුනදිවසෙපි ගායි. එවං කුමාරො පටිබද්ධචිත්තො හුත්වා තස්සා ආගමනං රොචෙන්තො පරිචාරිකෙ ආමන්තෙත්වා “ඉඞ්ඝා”ති ගාථමාහ.
එහි අන්තෙපුරං යනු කුමාරයා වසන තැනයි. බහූ යනු බොහෝ, නන්වැදෑරුම් වූ. කාමූපසංහිතං කාමයන් ඇසුරු කළා වූ දේ පවත්වනු ලබන්නී. කාමච්ඡන්දස්ස යනු මේ අනිත්ථිගන්ධ කුමාරයාට කාමච්ඡන්දය උපනි. ජනං යනු තමාගේ සමීපයෙහි හැසිරෙන පිරිවර ජනයා. උච්චාවචං යනු නැගී සිටියා වූද නැගී නොසිටියා වූද, භුඤ්ජෙය්ය යනු ඉදින් අනුභව කරන්නෙහිද? ඡාදෙය්යුං යනු මේ මේ කාමයෝ තොපට රුචි වෙත්වා. හෙතෙම ස්ත්‍රියක යයි අසා නිශ්ශබ්ද වීය. අන් තැනැත්තිය දෙවන දවස්හිද ගායනා කළාය. මෙසේ කුමාරයා බැඳුන සිත් ඇත්තෙක් වී ඇයගේ පැමිණීම කැමති වන්නේ පිරිවැරූවන් අමතා ඉංස ආදී වූ ගාථාව කීවේය.
තිරොකුට්ටම්හීති සයනගබ්භකුට්ටස්ස බහි. මා අඤ්ඤොති අඤ්ඤො කාමෙ පරිභුඤ්ජන්තො පුරිසො නාම මා සියා. හන්තුං උපක්කමීති අන්තරවීථිං ඔතරිත්වා මාරෙතුං ආරභි. විකන්දිංසූති කුමාරෙන කතිපයෙසු පුරිසෙසු පහතෙසු පුරිසා පලායිත්වා ගෙහානි පවිසිංසු. සො පුරිසෙ අලභන්තො ථොකං විස්සමි. තස්මිං ඛණෙ රාජඞ්ගණෙ සන්නිපතිත්වා උපක්කොසිංසු. ජනං හෙඨෙත්යදූසකන්ති නිරපරාධං ජනං හෙඨෙති, තං ගණ්හාපෙථාති වදිංසු. රාජා උපායෙන කුමාරං ගණ්හාපෙත්වා “ඉමස්ස කිං කත්තබ්බ”න්ති පුච්ඡි. “දෙව, අඤ්ඤං නත්ථි, ඉමං පන කුමාරං තාය කුමාරිකාය සද්ධිං රට්ඨා පබ්බාජෙතුං වට්ටතී”ති වුත්තෙ තථා අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා “තඤ්චා”තිආදිමාහ. තත්ථ විවාහෙසීති පබ්බාජෙසි. න තෙ වත්ථබ්බ තාවදෙති යත්තකං මය්හං විජිතං, තත්තකෙ තයා න වත්ථබ්බං. උඤ්ඡායාති ඵලාඵලත්ථාය.
තිරො කුඩ්ඩම්හි යනු යහන්ගැබ බිත්තියට පිටත. මා අඤ්ඤො යනු කාමයන් අනුභව කරන අන් පුරුෂයෙක් නොවේවා. හන්තුං උපක්කමි යනු ඇතුල් වීථියට බැස මරන්නට පටන් ගත්තේය. වික්කං දිංසු කුමාරයා විසින් පුරුෂයන් කිහිප දෙනෙකුට පහර දුන්කල්හි ඒ පුරුෂයෝ පලාගොස් ගෙවලට පිවිසියාහුය. හෙතෙම පුරුෂයන් නොලබන්නේ මදක් විශ්‍රාම ගත්තේය. එකෙනෙහි රජමිදුලෙහි රැස්වී උද්ඝෝෂණය කළාහුය. ජනං හෙඨෙත්යදූසකං යනු නිරපරාධී වූ ජනයා පෙළයි. ඔහු අල්ලා ගන්වව් යයි කීවාහුය. රජු උපක්‍රමයෙන් කුමාරයා අල්ලා ගන්වව් යයි කීවාහුය. රජු උපක්‍රමයෙන් කුමාරයා අල්වාගෙන මොහුට කුමක් කළයුතුදැයි විචාළේය. දේවයන් වහන්ස, අනිකක් නැත. මේ කුමාරයා ඒ කුමරිය සමග රටින් නෙරපන්නට වටනේයයි කී කල්හි එසේ කළේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ තඤ්චාති ආදී ගාථාව වදාළ සේක. එහි විවාහෙසි යනු නෙරපා හැරියේය. න තෙ වත්තබ්බතාවදෙ යනු මගේ විජිතය යම්තාක්ද එම පමණක් වූ රටෙහි ඔබ නොවිසිය යුතුය. උඤ්ජාය යනු ඵලාඵලයන් සඳහා.
තස්මිං පන වනං පවිට්ඨෙ ඉතරා යං තත්ථ පචිතබ්බයුත්තකං අත්ථි, තං පචිත්වා තස්සාගමනං ඔලොකෙන්තී පණ්ණසාලද්වාරෙ නිසීදති. එවං කාලෙ ගච්ඡන්තෙ එකදිවසං අන්තරදීපකවාසී එකො ඉද්ධිමන්තතාපසො අස්සමපදතො නික්ඛමිත්වා මණිඵලකං විය උදකං මද්දමානොව ආකාසෙ උප්පතිත්වා භික්ඛාචාරං ගච්ඡන්තො පණ්ණසාලාය උපරිභාගං පත්වා ධූමං දිස්වා “ඉමස්මිං ඨානෙ මනුස්සා වසන්ති මඤ්ඤෙ”ති පණ්ණසාලද්වාරෙ ඔතරි. සා තං දිස්වා නිසීදාපෙත්වා පටිබද්ධචිත්තා හුත්වා ඉත්ථිකුත්තං දස්සෙත්වා තෙන සද්ධිං අනාචාරං අචරි. තමත්ථං පකාසෙන්තො සත්ථා “අථෙත්ථා”තිආදිමාහ. තත්ථ ඉසි මාගච්ඡීති ඉසි ආගච්ඡි. සමුද්දං උපරූපරීති සමුද්දස්ස මත්ථකමත්ථකෙන. පස්ස යාව සුදාරුණන්ති පස්සථ, භික්ඛවෙ, තාය කුමාරිකාය යාව සුදාරුණං කම්මං කතන්ති අත්ථො.
ඔහු වනයට පිවිසි කල්හි දෙවැන්නී එහි පිසිය යුතු යමක් වේද, එය පිස ඔහුගේ පැමිණීම බලමින් පන්සල දොරටුවෙහි හිඳියි. මෙසේ කල් යන කල්හි එක් දිනයක වෙනත් දිවයිනක වසන්නා වූ එක් සෘද්ධිමත් තවුසෙක් ආශ්රමයෙන් නික්මී මැණික් පළඟක් මෙන් ජලය මඩිමින්ම අහසෙහි පැන නැගී පිඬු පිණිස යන්නේ පන්සල මත්තට පැමිණ දුම දැක මෙතැන මිනිස්සු වසත් යයි සිතමින් පන්සල දොරටුවෙහි බැස්සේය. ඇය ඔහු දැක හිඳුවා පිළිබඳ සිත් ඇත්තී වී ස්ත්‍රී මායම් දක්වා ඔහු සමග අනාචාරයේ හැසිරුනේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අථෙත්ථා ආදී ගාථාවන් වදාළ සේක. එහි ඉසි මාගඤ්ජි යනු සෘෂිවරයා පැමිණියේය. සමුද්දං උපරූපරි යනු මුහුද මත්තෙන්, මත්තෙන්. පස්ස යාච සුදාරුණං යනු මහණෙනි, බලව්, ඒ කුමරිය විසින් කෙබඳු වූ ඉමහත් දරුණු කටයුත්තක් කරන ලදදැයි අර්ථයි.
සායන්ති සායන්හසමයෙ. දිස්වාති තං විජහිතුං අසක්කොන්තො සකලදිවසං තත්ථෙව හුත්වා සායන්හසමයෙ රාජපුත්තං ආගතං දිස්වා පලායිතුං “වෙහායසං ගමිස්ස”න්ති උප්පතනාකාරං කරොන්තො පතිත්වා මහණ්ණවෙ සීදති. ඉසිං දිස්වාති අනුබන්ධමානො ගන්ත්වා පස්සිත්වා. අනුකම්පායාති සචායං භූමියා ආගතො අභවිස්ස, පලායිත්වා අරඤ්ඤං පවිසෙය්ය, ආකාසෙන ආගතො භවිස්සති, තස්මා සමුද්දෙ පතිතොපි උප්පතනාකාරමෙව කරොතීති අනුකම්පං උප්පාදෙත්වා තස්සෙව අනුකම්පාය අභාසථ. තාසං පන ගාථානං අත්ථො තිකනිපාතෙ වුත්තොයෙව. නිබ්බිදා අහූති කාමෙසු නිබ්බෙදො ජාතො. පොරාණකං මග්ගන්ති පුබ්බෙ අධිගතං ඣානවිසෙසං. පබ්බජිත්වානාති තං ඉත්ථිං මනුස්සාවාසං නෙත්වා නිවත්තිත්වා අරඤ්ඤෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කාමරාගං විරාජයි, විරාජෙත්වා බ්රහ්මලොකූපගො අහොසීති.
සායං යනු සවස් කාලයෙහි. දිස්වා යනු ඇය අත්හරින්නට නොහැකි වන්නේ මුළු දවසම එහි වාසය කර සවස් කාලයෙහි පැමිණියා වූ රාජපුත්‍රයා දැක පලා යන්නට අහසට යන්නෙමියි උඩට පැණීම් ආකාරය කරනුයේ පැන මහමුහුදෙහි ගිලෙයි. ඉසිං දිස්වා යනු ලුහුබඳිමින් ගොස් දැක අනුකම්පාය ඉදින් මෙතෙම බිමින් ආවේ වන්නේ නම් පලාගොස් වනයට පිවිසෙන්නේය. අහසින් ආවේ වන්නේය. එහෙයින් මුහුදෙහි වැටුනේද, උඩ පනින අයුරක්ම කරයි යයි අනුකම්පා උපදවා ඔහුට අනුකම්පාවෙන් කීවේය. ඒ ගාථාවන්ගේ අර්ථය තුන්වන නිපාතයෙහි කියන ලද්දේමැයි. නිබ්බිදා අහු යනු කාමයන්හි කලකිරීමක් උපන්නේය. පොරාණකං මග්ගං යනු පෙර අවබෝධ කළ ධ්‍යාන විශේෂයයන්. පබ්බජිත්වාන යනු ඒ ස්ත්‍රිය මිනිස් වාසයට පමුණුවා පෙරළා පැමිණ වනයෙහි තවුස් පැවිද්දෙන් පැවිදි වී කාම රාගය දුරු කළේය. දුරුකර බ්‍රහ්මලෝකයට පැමිණියේ වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, මාතුගාමං පටිච්ච විසුද්ධසත්තාපි සංකිලිස්සන්තී”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු අරහත්තං පත්තො. තදා අනිත්ථිගන්ධකුමාරො අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ස්ත්‍රිය නිසා මෙසේ පිරිසිදු සත්ත්වයෝද කිළිටි වෙත් යයි වදාරා සත්‍යයන් දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්ෂුව රහත් බවට පැමිණියේය. එකල්හි අනිත්ථිගන්ධ කුමාරයා මම ම වීමියයි වදාළ සේක.
මහාපලොභනජාතකවණ්ණනා එකාදසමා.