10. චම්පෙය්යජාතකවණ්ණනා 506 අට්ඨකථා
10. චම්පෙය්යජාතකවණ්ණනා (506)
10. චම්පෙය්‍ය ජාතකය (506)
කා නු විජ්ජුරිවාභාසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උපොසථකම්මං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා “සාධු වො කතං උපාසකා උපොසථවාසං වසන්තෙහි, පොරාණකපණ්ඩිතා නාගසම්පත්තිං පහාය උපොසථවාසං වසිංසුයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
කානුවිජ්ජුරිවාභාසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් සමාදන්වීම අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ “උපාසකවරුනි, පෙහෙවස් වසන්නා වූ තෙපි විසින් යහපත් වූවක් කරන ලදි. පැරණි පණ්ඩිතයෝ නාලොව සම්පත්තීන් හැර පෙහෙවස් විසුවාහුමයයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ අඞ්ගරට්ඨෙ අඞ්ගෙ ච මගධරට්ඨෙ මගධෙ ච රජ්ජං කාරෙන්තෙ අඞ්ගමගධරට්ඨානං අන්තරෙ චම්පා නාම නදී, තත්ථ නාගභවනං අහොසි. චම්පෙය්යො නාම නාගරාජා රජ්ජං කාරෙසි. කදාචි මගධරාජා අඞ්ගරට්ඨං ගණ්හාති, කදාචි අඞ්ගරාජා මගධරට්ඨං. අථෙකදිවසං මගධරාජා අඞ්ගෙන සද්ධිං යුජ්ඣිත්‍වා යුද්ධපරාජිතො අස්සං ආරුය්හ පලායන්තො අඞ්ගරඤ්ඤො යොධෙහි අනුබද්ධො පුණ්ණං චම්පානදිං පත්වා “පරහත්ථෙ මරණතො නදිං පවිසිත්වා මතං සෙය්යො”ති අස්සෙනෙව සද්ධිං නදිං ඔතරි. තදා චම්පෙය්යො නාගරාජා අන්තොදකෙ රතනමණ්ඩපං නිම්මිනිත්වා මහාපරිවාරො මහාපානං පිවති. අස්සො රඤ්ඤා සද්ධිං උදකෙ නිමුජ්ජිත්වා නාගරඤ්ඤො පුරතො ඔතරි. නාගරාජා අලඞ්කතපටියත්තං රාජානං දිස්වා සිනෙහං උප්පාදෙත්වා ආසනා උට්ඨාය “මා භායි, මහාරාජා”ති රාජානං අත්තනො පල්ලඞ්කෙ නිසීදාපෙත්වා උදකෙ නිමුග්ගකාරණං පුච්ඡි. රාජා යථාභූතං කථෙසි. අථ නං “මා භායි, මහාරාජ, අහං තං ද්වින්නං රට්ඨානං සාමිකං කරිස්සාමී”ති අස්සාසෙත්වා සත්තාහං මහන්තං යසං අනුභවිත්වා සත්තමෙ දිවසෙ මගධරාජෙන සද්ධිං නාගභවනා නික්ඛමි. මගධරාජා නාගරාජස්සානුභාවෙන අඞ්ගරාජානං ගහෙත්වා ජීවිතා වොරොපෙත්වා ද්වීසු රට්ඨෙසු රජ්ජං කාරෙසි. තතො පට්ඨාය රඤ්ඤො ච නාගරාජස්ස ච විස්සාසො ථිරො අහොසි. රාජා අනුසංවච්ඡරං චම්පානදීතීරෙ රතනමණ්ඩපං කාරෙත්වා මහන්තෙන පරිච්චාගෙන නාගරඤ්ඤො බලිකම්මං කරොති. සොපි මහන්තෙන පරිවාරෙන නාගභවනා නික්ඛමිත්වා බලිකම්මං සම්පටිච්ඡති. මහාජනො නාගරඤ්ඤො සම්පත්තිං ඔලොකෙති.
අතීතයෙහි අඟුරට අඟු රජුද මගධ රට මගධ රජුද රාජ්‍යය කරවන කල්හි අඟු-මගධ රටවල් අතර චම්පා නම් නදියක් වීය. එහි නාග භවනයක් වීය. චම්පෙය්‍ය නම් නාරජු එහි රාජ්‍යය කරවීය. කිසියම්දිනක මගධ රජු අඟු රට රජු සමග යුද්ධ කර යුද්ධයෙහිදී පරාජය වූයේ අසෙකු පිට නැගී පලා යන්නේ අඟු රට රජුගේ යෝධයන් විසින් ලුහුබඳනා ලදුයේ දියෙන් පිරුණු චම්පා නදියට පැමිණ අනිකෙකු අතෙහි මරණයට වඩා නදියට පිවිස මරණය උතුම්යයි සිතා අශ්වයා සමගම නදියට බැස්සේය. එකල්හි චම්පෙය්‍ය නාරජු ජලය ඇතුළත රුවන්මුවා මණ්ඩපයක් මවා මහා පිරිවරින් යුතුව මහා පානයක් පානය කරයි. අශ්වයා රජු සමග ජලයෙහි කිමිදී නාරජුගේ ඉදිරියෙහි බැස සිටියේය. නාරජු අලංකාර කර සරසන ලද රජු දැක සෙනෙහෙ උපදවා අසුනින් නැගිට රජතුමනි, බිය නොවන්නයි රජු තමාගේ පළඟෙහි හිඳුවා ජලයෙහි ගිලුන කරුණ විමසීය. රජු ඇති සැටියෙන් කීවේය. ඉක්බිති ඔහුට කියනුයේ මහරජතුමනි, බිය නොවව. මම ඔබව දෙරටෙහිම ස්වාමියා කරන්නෙමියි අස්වසා සත්දිනක් මහත් වූ යසස අනුභව කර සත්වන දවස්හි මගධ රජු සමග නාග භවනයෙන් නික්මුනි. මගධ රජු නාරජුගේ මහිමයෙන් අංග රජු අල්ලාගෙන දිවි හරවා දෙරටෙහිම රාජ්‍යය කරවීය. එතැන් පටන් රජුගේද නාරජුගේද විශ්වාසය ස්ථිර වීය. රජු වසරක් පාසා චම්පා නදියෙහි රුවන්මය මණ්ඩපයක් කරවා මහත් වූ ධන වියදමින් නාරජුට බලිපූජා කර්මයක් කරයි. හෙතෙම මහත් වූ පිරිවර සමග නාගභවනයෙන් නික්මී පූජා කර්මය පිළිගනී. මහජනයා නාරජුගේ සම්පත්තිය බලයි.
තදා බොධිසත්තො දලිද්දකුලෙ නිබ්බත්තො රාජපරිසාය සද්ධිං නදීතීරං ගන්ත්වා තං නාගරාජස්ස සම්පත්තිං දිස්වා ලොභං උප්පාදෙත්වා තං පත්ථයමානො දානං දත්වා සීලං රක්ඛිත්වා චම්පෙය්යනාගරාජස්ස කාලකිරියතො සත්තමෙ දිවසෙ චවිත්වා තස්ස වසනපාසාදෙ සිරිගබ්භෙ සිරිසයනපිට්ඨෙ නිබ්බත්ති . සරීරං සුමනදාමවණ්ණං මහන්තං අහොසි. සො තං දිස්වා විප්පටිසාරී හුත්වා “මයා කතකුසලනිස්සන්දෙන ඡසු කාමසග්ගෙසු ඉස්සරියං කොට්ඨෙ පටිසාමිතං ධඤ්ඤං විය අහොසි. ස්වාහං ඉමිස්සා තිරච්ඡානයොනියා පටිසන්ධිං ගණ්හිං, කිං මෙ ජීවිතෙනා”ති මරණාය චිත්තං උප්පාදෙසි. අථ නං සුමනා නාම නාගමාණවිකා දිස්වා “මහානුභාවො සත්තො නිබ්බත්තො භවිස්සතී”ති සෙසනාගමාණවිකානං සඤ්ඤං අදාසි, සබ්බා නානාතූරියහත්ථා ආගන්ත්වා තස්ස උපහාරං කරිංසු. තස්ස තං නාගභවනං සක්කභවනං විය අහොසි, මරණචිත්තං පටිප්පස්සම්භි, සප්පසරීරං විජහිත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො සයනපිට්ඨෙ නිසීදි. අථස්ස තතො පට්ඨාය යසො මහා අහොසි.
එකල්හි බෝසත් තෙමේ දිළිඳු කුලයෙක්හි උපන්නේ රජපිරිස සමග ගංතෙරට ගොස් ඒ නාරජුගේ සම්පත්තිය දැක ආශා උපදවා එය ප්‍රාර්ථනය කරනු ලබනුයේ දන් දී සිල් රැක චම්පෙය්‍ය නාරජු කළුරිය කිරීමෙන් සත්වන දවස්හි චුත වී ඔහුගේ නිදි යහන් පහයෙහි උතුම් යහනාව මතුපිට උපන්නේය. සිරුර සමන්මල් දමක් වැනි මහත් වූවක් වීය. එය දැක විපිළිසර වී මවිසින් කළ කුසල් හේතුවෙන් කාම ස්වර්ගයන් සයෙහි සම්පත්තිය කොටුවක තැන්පත් කරන ලද ධාන්‍යය මෙන් වීය. ඒ මම මේ තිරිසන් යෝනියෙහි පිළිසිඳ ගත්තෙමි. මට මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්දැයි මරණය පිළිබඳව සිත් ඉපිදවීය. ඉක්බිති සුමනා නම් නාගමානවිකාවක් ඔහු දැක මහත් වූ තෙද ඇති සත්ත්වයෙක් උපන්නේ වන්නේ යයි සෙසු නාග මානවිකාවන්ට සංඥා දුන්නීය. ඈලා සියළු දෙනා තූර්ය භාණ්ඩයන් ගත් අත් ඇතිව අවුත් ඔහුට උපකාර කළාහුය. ඔහුගේ ඒ නාග භවනය ශක්‍ර භවනය මෙන් වීය. මරණය පිළිබඳ සිත යටපත් වීය. සර්ප ශරීරය අතැර සියළු අලංකාරයන්ගෙන් යුක්ත වූයේ යහන මත හුන්නේය. ඉක්බිති එතැන් පටන් ඔහුගේ යසස මහත් වූයේ වීය.
සො තත්ථ නාගරජ්ජං කාරෙන්තො අපරභාගෙ විප්පටිසාරී හුත්වා “කිං මෙ ඉමාය තිරච්ඡානයොනියා , උපොසථවාසං වසිත්වා ඉතො මුච්චිත්වා මනුස්සපථං ගන්ත්වා සච්චානි පටිවිජ්ඣිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති චින්තෙත්වා තතො පට්ඨාය තස්මිංයෙව පාසාදෙ උපොසථකම්මං කරොති. අලඞ්කතනාගමාණවිකා තස්ස සන්තිකං ගච්ඡන්ති, යෙභුය්යෙනස්ස සීලං භිජ්ජති. සො තතො පට්ඨාය පාසාදා නික්ඛමිත්වා උය්යානං ගච්ඡති. තා තත්රාපි ගච්ඡන්ති, උපොසථො භිජ්ජතෙව. සො චින්තෙසි “මයා ඉතො නාගභවනා නික්ඛමිත්වා මනුස්සලොකං ගන්ත්වා උපොසථවාසං වසිතුං වට්ටතී”ති. සො තතො පට්ඨාය උපොසථදිවසෙසු නාගභවනා නික්ඛමිත්වා එකස්ස පච්චන්තගාමස්ස අවිදූරෙ මහාමග්ගසමීපෙ වම්මිකමත්ථකෙ “මම චම්මාදීහි අත්ථිකා ගණ්හන්තු, මං කීළාසප්පං වා කාතුකාමා කරොන්තූ”ති සරීරං දානමුඛෙ විස්සජ්ජෙත්වා භොගෙ ආභුජිත්වා නිපන්නො උපොසථවාසං වසති. මහාමග්ගෙන ගච්ඡන්තා ච ආගච්ඡන්තා ච තං දිස්වා ගන්ධාදීහි පූජෙත්වා පක්කමන්ති. පච්චන්තගාමවාසිනො ගන්ත්වා “මහානුභාවො නාගරාජා”ති තස්ස උපරි මණ්ඩපං කරිත්වා සමන්තා වාලුකං ඔකිරිත්වා ගන්ධාදීහි පූජයිංසු. තතො පට්ඨාය මනුස්සා මහාසත්තෙ පසීදිත්වා පූජං කත්වා පුත්තං පත්ථෙන්ති, ධීතරං පත්ථෙන්ති.
හෙතෙම එහි නාග රාජ්‍යය කරවන්නේ මෑත කාලයෙහි විපිළිසර වී මට මේ තිරිසන් යෝනියෙහි කවර ප්‍රයෝජනයක්ද, පෙහෙවස් වාසය කරමින් මිදී මිනිස් ලොවට ගොස් සත්‍යයන් අවබෝධ කර දුක් කෙළවර කරන්නෙමියි සිතා එතැන් පටන් ඒ ප්‍රාසාදයෙහිම පෙහෙවස් විසීම කරයි. අලංකාර කරන ලද නාග මානවිකාවෝ ඔහුගේ සමීපයට යති. බොහෝ කොට සිල් බිඳිති. හෙතෙම එතැන් පටන් පහයෙන් නික්මී උයනට යයි. (මානවිකාවෝ) එහිද යති. පෙහෙවස් විසීම බිඳේමය. හෙතෙම (මෙසේ) සිතුවේය. මවිසින් මේ නාග භවනයෙන් නික්මී මිනිස් ලොවට ගොස් පෙහෙවස් විසීමට වටනේයයි කියාය. හෙතෙම එතැන් පටන් පොහොය දිනයන්හිදී නාග භවනයෙන් නික්මී එක් පසල් ගමකට නුදුරෙහි තුඹසක් මත්තෙහි මගේ සමෙන් වැඩක් ඇත්තෝ සම ආදිය ගනිත්වා. මා ක්‍රීඩා සඳහා වූ සර්පයෙකු කරනු කැමැත්තෝ ක්‍රීඩා සර්පයෙකු කෙරෙත්වායි සිරුර දාන මුඛයෙහි යොමු කරවා දරණු ගසා හොත්තේ පෙහෙවස් විසීම වාසය කරයි. මහමගින් යන්නෝද එන්නෝද ඔහු දැක සුවඳ ආදියෙන් පුදා යත්. පසල් ගම්වැසියෝ මහත් වූ ආනුභාවයක් ඇති නාරජෙක් යයි ඔහු මත්තෙහි මණ්ඩපයක් කර හාත්පස වැලි අතුරා සුවඳ ආදියෙන් පිදුවාහුය. මිනිස්සු එතැන් පටන් මහබෝසතුන් කෙරෙහි පැහැදී පූජාවන් කර පුතෙකු පතති.
මහාසත්තොපි උපොසථකම්මං කරොන්තො චාතුද්දසීපන්නරසීසු වම්මිකමත්ථකෙ නිපජ්ජිත්වා පාටිපදෙ නාගභවනං ගච්ඡති. තස්සෙවං උපොසථං කරොන්තස්ස අද්ධා වීතිවත්තො. එකදිවසං සුමනා අග්ගමහෙසී ආහ “දෙව , ත්වං මනුස්සලොකං ගන්ත්වා උපොසථං උපවසසි, මනුස්සලොකො ච සාසඞ්කො සප්පටිභයො, සචෙ තෙ භයං උප්පජ්ජෙය්ය, අථ මයං යෙන නිමිත්තෙන ජානෙය්යාම, තං නො ආචික්ඛාහී”ති. අථ නං මහාසත්තො මඞ්ගලපොක්ඛරණියා තීරං නෙත්වා “සචෙ මං භද්දෙ, කොචි පහරිත්වා කිලමෙස්සති, ඉමිස්සා පොක්ඛරණියා උදකං ආවිලං භවිස්සති, සචෙ සුපණ්ණො ගහෙස්සති, උදකං පක්කුථිස්සති, සචෙ අහිතුණ්ඩිකො ගණ්හිස්සති, උදකං ලොහිතවණ්ණං භවිස්සතී”ති ආහ. එවං තස්සා තීණි නිමිත්තානි ආචික්ඛිත්වා චාතුද්දසීඋපොසථං අධිට්ඨාය නාගභවනා නික්ඛමිත්වා තත්ථ ගන්ත්වා වම්මිකමත්ථකෙ නිපජ්ජි සරීරසොභාය වම්මිකං සොභයමානො. සරීරඤ්හිස්ස රජතදාමං විය සෙතං අහොසි මත්ථකො රත්තකම්බලගෙණ්ඩුකො විය. ඉමස්මිං පන ජාතකෙ බොධිසත්තස්ස සරීරං නඞ්ගලසීසපමාණං අහොසි, භූරිදත්තජාතකෙ (ජා· 2.22.784 ආදයො) ඌරුප්පමාණං, සඞ්ඛපාලජාතකෙ (ජා· 2.17.143 ආදයො) එකදොණිකනාවපමාණං.
මහබෝසත් තෙමේද පෙහෙවස් කරනුයේ තුදුස්වක පසළොස්වක දිනයන්හිදී තුඹස මත වැදහෙව පෑළවිය දින නාග භවනයට යයි. මෙසේ පෙහෙවස් කරන්නා වූ ඔහුගේ කාලය ගෙවෙන්නේ එක් දිනයක සුමනා නම් අගමෙහෙසිය මෙසේ කීවාය. දේවයන් වහන්ස, ඔබ මිනිස් ලොවට ගොස් පෙහෙවස් වසහිද? මිනිස්ලොව සැක සහිතය. බිය සහිතය. ඉදින් ඔබට බියක් උපදින්නේ නම් අනතුරුව අපි යම් නිමිත්තකින් දන්නමෝද ඒ නිමිත්ත අපට කියවයි යනුවෙනි. ඉක්බිති මහබෝසත් තෙමේ ඇය මගුල් පොකුණෙහි ඉවුරට පමුණුවා සොඳුර, ඉදින් කිසිවෙක් මට පහරදී විඩාවට පත් කරන්නේ නම් පොකුණෙහි ජලය කැළඹුනේ වන්නේය. ඉදින් ගුරුළෙක් ගන්නේද ජලය පැසෙන්නේය. ඉදින් අහිකුණ්ඨිකයෙක් අල්ලා ගන්නේද ජලය රතුපාට වන්නේය. මෙසේ හෙතෙම ඇයට නිමිති තුනක් කියා තුදුස්වක පෙහෙවස් අධිෂ්ඨාන කර නාග විමානයෙන් නික්මී එහි ගොස් තුඹස මත්තෙහි හොත්තේය. සිරුරෙහි ශෝභාවෙන් තුඹස හොබනේ ඔහුගේ සිරුරද රිදී දමක් මෙන් සුදුවන් වීය. මුදුන රත් කමිබිලියෙන් කළ ගෙම්බෙකු මෙන් වීය. මේ ජාතකයෙහි බෝසතුන්ගේ සිරුර නගුල් හිසක් පමණ වීය. භූරිදත්ත ජාතකයෙහි කලවායක් පමණද සංඛපාල ජාතකයෙහි ඔරුවක් ඇති නැවක් පමණද වීය.
තදා එකො බාරාණසිවාසී මාණවො තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ අලම්පායනමන්තං උග්ගණ්හිත්වා තෙන මග්ගෙන අත්තනො ගෙහං ගච්ඡන්තො මහාසත්තං දිස්වා “ඉමං සප්පං ගහෙත්වා ගාමනිගමරාජධානීසු කීළාපෙන්තො ධනං උප්පාදෙස්සාමී”ති චින්තෙත්වා දිබ්බොසධානි ගහෙත්වා දිබ්බමන්තං පරිවත්තෙත්වා තස්ස සන්තිකං අගමාසි. දිබ්බමන්තසුතකාලතො පට්ඨාය මහාසත්තස්ස කණ්ණෙසු අයසලාකපවෙසනකාලො විය ජාතො, මත්ථකො සිඛරෙන අභිමත්ථියමානො විය ජාතො. සො “කො නු ඛො එසො”ති භොගන්තරතො සීසං උක්ඛිපිත්වා ඔලොකෙන්තො අහිතුණ්ඩිකං දිස්වා චින්තෙසි “මම විසං මහන්තං, සචාහං කුජ්ඣිත්වා නාසවාතං විස්සජ්ජෙස්සාමි, එතස්ස සරීරං භස්මමුට්ඨි විය විප්පකිරිස්සති, අථ මෙ සීලං ඛණ්ඩං භවිස්සති, න දානි තං ඔලොකෙස්සාමී”ති. සො අක්ඛීනි නිම්මීලෙත්වා සීසං භොගන්තරෙ ඨපෙසි.
එකල්හි එක් බරණැස් නුවරවැසි තරුණයෙක් තක්සිලාවට ගොස් දිසාපාමොක් ආචාරීන්ගේ සමීපයෙහි නාගයන් අල්ලා ක්‍රීඩා කරවන මන්ත්‍රයක් ඉගෙන ඒ මාර්ගයෙන් තමාගේ ගෙට යන්නේ මහබෝසතුන් දැක මේ සර්පයා අල්ලාගෙන ගම්-නියම්ගම් රාජධානීන්හි ක්‍රීඩා කරවමින් ධනය උපදවන්නෙමියි සිතා දිව්‍යමය බෙහෙත් ගෙන දිව්‍යමය මන්ත්‍රය පිරිවහා ඔහුගේ සමීපයට ගියේය. දිව්‍යමය මන්ත්‍ර ඇසූ කල් පටන් මහබෝසතුන්ගේ කන්වල රත්වූ ගල්කැට පිවිසි කල මෙන් වීය. හිස මුදුන ගල් කුළකින් මඩින්නාක් මෙන් වීය. හෙතෙම මේ කවරෙක්දැයි දරණය තුළින් හිස ඔසවා බලන්නේ අහිකුණ්ඨිකයා දැක මෙසේ සිතුවේය. මගේ විෂ මහත්ය. වේග සහිතය. ඉදින් මම කිපී නාසයෙහි සුළඟ විහිදුවන්නෙමිද මොහුගේ සිරුර අළු මිටක් මෙන් විසිරෙන්නේය. ඉක්බිති මගේ ශීලය කඩවන්නේය. ඔහු දෙස නො බලන්නෙමියි. හෙතෙම ඇස් වසා හිස දරණය තුළ තැබුවේය.
අහිතුණ්ඩිකො බ්රාහ්මණො ඔසධං ඛාදිත්වා මන්තං පරිවත්තෙත්වා ඛෙළං මහාසත්තස්ස සරීරෙ ඔපි, ඔසධානඤ්ච මන්තස්ස චානුභාවෙන ඛෙළෙන ඵුට්ඨඵුට්ඨට්ඨානෙ ඵොටානං උට්ඨානකාලො විය ජාතො. අථ නං සො නඞ්ගුට්ඨෙ ගහෙත්වා කඩ්ඪිත්වා දීඝසො නිපජ්ජාපෙත්වා අජපදෙන දණ්ඩෙන උප්පීළෙන්තො දුබ්බලං කත්වා සීසං දළ්හං ගහෙත්වා නිප්පීළි, මහාසත්තස්ස මුඛං විවරි. අථස්ස මුඛෙ ඛෙළං ඔපිත්වා ඔසධමන්තං කත්වා දන්තෙ භින්දි, මුඛං ලොහිතස්ස පූරි. මහාසත්තො අත්තනො සීලභෙදභයෙන එවරූපං දුක්ඛං අධිවාසෙන්තො අක්ඛීනි උම්මීලෙත්වා ඔලොකනමත්තම්පි නාකරි. සොපි “නාගරාජානං දුබ්බලං කරිස්සාමී”ති නඞ්ගුට්ඨතො පට්ඨායස්ස අට්ඨීනි චුණ්ණයමානො විය සකලසරීරං මද්දිත්වා පට්ටකවෙඨනං නාම වෙඨෙසි, තන්තමජ්ජිතං නාම මජ්ජි, නඞ්ගුට්ඨං ගහෙත්වා දුස්සපොථිමං නාම පොථෙසි. මහාසත්තස්ස සකලසරීරං ලොහිතමක්ඛිතං අහොසි. සො මහාවෙදනං අධිවාසෙසි.
අහිකුණ්ඨික බ්‍රාහ්මණයාද බෙහෙත කා මන්ත්‍රය පිරිවහා කෙළ මහබෝසතුන්ගේ සිරුරෙහි දැම්මේය. ඖෂධයන්ගේද මන්ත්‍රයේද ආනුභාවයෙන් කෙළ ස්පර්ශ කළ තැන් තැන්හි බුබුළු නැගි කල්හි මෙන් වීය. ඉක්බිති හෙතෙම ඔහුව නඟුටෙන් ගෙන ඇද දිගට හොවා එළු පා සලකුණ ඇති මුගුරින් පෙරළා දුබලකොට හිස දැඩිකොට පෙරළුවේය. මහබෝසත් තෙමේ කට හැරියේය. ඉක්බිති ඔහුගේ මුඛයෙහි කෙළ ගසා බෙහෙත් හා මන්ත්රකොට දත් බින්දේය. මුව ලෙයින් පිරුණේය. මහබෝසත් තෙමේ සිල් බිදීමේ බියෙන් මෙබඳු වූ දුකක් ඉවසන්නේ ඇස් විවර කර බැලීම් පමණකුදු නොකළේය. ඔහුද නාරජු දුබල කරන්නෙමියි ඌගේ නගුටෙහි පටන් ඇට සුණු කරනුයේ මෙන් මුළු සිරුරම මැද පටවෙලුම නම් වෙළුමෙන් වෙලීය. තන්තමජ්ජක නම් මැදීමෙන් මැද්දේය. නඟුටෙහි ගෙන දුස්සපොඨී නම් අපොළීමෙන් ඇපොළීය. මහබෝසතුන්ගේ මුළු සිරුරම ලේ වැකුනක් වීය. මහත් වූ වේදනාවක් ඉවසයි.
අථස්ස දුබ්බලභාවං ඤත්වා වල්ලීහි පෙළං කරිත්වා තත්ථ නං පක්ඛිපිත්වා පච්චන්තගාමං නෙත්වා මහාජනමජ්ඣෙ කීළාපෙසි. නීලාදීසු වණ්ණෙසු වට්ටචතුරස්සාදීසු සණ්ඨානෙසු අණුංථූලාදීසු පමාණෙසු යං යං බ්රාහ්මණො ඉච්ඡති, මහාසත්තො තංතදෙව කත්වා නච්චති, ඵණසතං ඵණසහස්සම්පි කරොතියෙව. මහාජනො පසීදිත්වා බහුං ධනං අදාසි. එකදිවසමෙව කහාපණසහස්සඤ්චෙව සහස්සග්ඝනකෙ ච පරික්ඛාරෙ ලභි. බ්රාහ්මණො ආදිතොව සහස්සං ලභිත්වා “විස්සජ්ජෙස්සාමී”ති චින්තෙසි, තං පන ධනං ලභිත්වා “පච්චන්තගාමෙයෙව තාව මෙ එත්තකං ධනං ලද්ධං, රාජරාජමහාමච්චානං සන්තිකෙ බහුං ධනං ලභිස්සාමී”ති සකටඤ්ච සුඛයානකඤ්ච ගහෙත්වා සකටෙ පරික්ඛාරෙ ඨපෙත්වා සුඛයානකෙ නිසින්නො මහන්තෙන පරිවාරෙන මහාසත්තං ගාමනිගමාදීසු කීළාපෙන්තො “බාරාණසියං උග්ගසෙනරඤ්ඤො සන්තිකෙ කීළාපෙත්වා විස්සජ්ජෙස්සාමී”ති අගමාසි. සො මණ්ඩූකෙ මාරෙත්වා නාගරඤ්ඤො දෙති. නාගරාජා “පුනප්පුනං එස මං නිස්සාය මාරෙස්සතී”ති න ඛාදති. අථස්ස මධුලාජෙ අදාසි. මහාසත්තො “සචාහං භොජනං ගණ්හිස්සාමි, අන්තොපෙළාය එව මරණං භවිස්සතී”ති තෙපි න ඛාදති. බ්රාහ්මණො මාසමත්තෙන බාරාණසිං පත්වා ද්වාරගාමෙසු කීළාපෙන්තො බහුං ධනං ලභි.
ඉක්බිති ඔහුගේ දුබල බව දැන වැල්වලින් පෙට්ටියක් කර ඌ එහි තබා පසල්ගමකට පමුණුවා මහජනයා මැද සෙල්ලම් කරවීය. නිල්පැහැ ආදී වූ වර්ණ ඇති රවුම් හතරැස් ආදී තැන්වල ලොකු කුඩා ආදී ප්‍රමාණයෙහි යම් යම් දෙයක් බමුණා කැමති වන්නේද මහාසත්ත්වයෝ ඒ ඒ දෙයට නටත්. පෙණ සියයක් පෙණ දහසක්ද කරතිමය. මහජනයා පැහැදී බොහෝ ධනය දුන්නේය. එක දවසකට කහවනු දහසක්ද දහසක් වටනා පිරිකරද ලැබුවේය. බමුණා පළමුව දහසක් ලැබ නිදහස් කරන්නෙමියි සිතුවේය. ඒ ධනය ලැබ පසල්ගමෙහි වූ කලී මවිසින් මෙපමණක් ධනය ලබන ලදි. රාජ-රාජමහාමාත්යන්ගේ සමීපයෙහි බොහෝ ලබන්නෙමියි කරත්තයක්ද සුවපහස් ඇති යානාවක්ද ගෙන ගැලෙහි පිරිකර තබා සුවයහන්හි හුන්නේ මහත් වූ පිරිවර සමග මහබෝසතුන් ගම්නියම්ගම් ආදියෙහි ක්‍රීඩා කරවන්නේ බරණැස් නුවර උග්ගසේන රජු ඉදිරියේ ක්‍රීඩා කරවා නිදහස් කරන්නෙමියි එහි ගියේය. හෙතෙම මැඩියන් මරා නාරජුට දෙයි. නාරජු මෙතෙම මා නිසා නැවත නැවත මරන්නේ යයි නොකයි. ඉක්බිති ඔහුට මී සහ විළඳ දුන්නේය. මහබෝසත් තෙමේ ඉදින් මම ගොදුරු ගන්නෙම්ද පෙට්ටිය තුළම මරණය වන්නේ යයි ඒවාද නොකයි. බ්‍රාහ්මණයා මසකින් පමණ බරණැස් නුවරට පැමිණ දොරටුගම්හි සෙල්ලම් කරවනුයේ බොහෝ ධනය ලැබුවේය.
රාජාපි නං පක්කොසාපෙත්වා “අම්හාකං කීළාපෙහී”ති ආහ. “සාධු, දෙව, ස්වෙ පන්නරසෙ තුම්හාකං කීළාපෙස්සාමී”ති. රාජා “ස්වෙ නාගරාජා රාජඞ්ගණෙ නච්චිස්සති, මහාජනො සන්නිපතිත්වා පස්සතූ”ති භෙරිං චරාපෙත්වා පුනදිවසෙ රාජඞ්ගණං අලඞ්කාරාපෙත්වා බ්රාහ්මණං පක්කොසාපෙසි. සො රතනපෙළාය මහාසත්තං නෙත්වා විචිත්තත්ථරෙ පෙළං ඨපෙත්වා නිසීදි. රාජාපි පාසාදා ඔරුය්හ මහාජනපරිවුතො රාජාසනෙ නිසීදි. බ්රාහ්මණො මහාසත්තං නීහරිත්වා නච්චාපෙසි. මහාජනො සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තො චෙලුක්ඛෙපසහස්සං පවත්තෙති. බොධිසත්තස්ස උපරි සත්තරතනවස්සං වස්සති. තස්ස ගහිතස්ස මාසො සම්පූරි. එත්තකං කාලං නිරාහාරොව අහොසි. සුමනා “අතිචිරායති මෙ පියසාමිකො, ඉදානිස්ස ඉධ අනාගච්ඡන්තස්ස මාසො සම්පුණ්ණො, කිං නු ඛො කාරණ”න්ති ගන්ත්වා පොක්ඛරණිං ඔලොකෙන්තී ලොහිතවණ්ණං උදකං දිස්වා “අහිතුණ්ඩිකෙන ගහිතො භවිස්සතී”ති ඤත්වා නාගභවනා නික්ඛමිත්වා වම්මිකසන්තිකං ගන්ත්වා මහාසත්තස්ස ගහිතට්ඨානඤ්ච කිලමිතට්ඨානඤ්ච දිස්වා රොදිත්වා කන්දිත්වා පච්චන්තගාමං ගන්ත්වා පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා බාරාණසිං ගන්ත්වා රාජඞ්ගණෙ පරිසමජ්ඣෙ ආකාසෙ රොදමානා අට්ඨාසි. මහාසත්තො නච්චන්තොව ආකාසං ඔලොකෙත්වා තං දිස්වා ලජ්ජිතො පෙළං පවිසිත්වා නිපජ්ජි. රාජා තස්ස පෙළං පවිට්ඨකාලෙ “කිං නු ඛො කාරණ”න්ති ඉතො චිතො ච ඔලොකෙන්තො තං ආකාසෙ ඨිතං දිස්වා පඨමං ගාථමාහ –
රජුද ඔහු කැඳවා අප සඳහා සෙල්ලම් කරවව් යයි කීවේය. දේවයන් වහන්ස මැනවි. හෙට පසලොස්වක දිනයෙහිදී ඔබලා සඳහා සෙල්ලම් කරවන්නෙමියි කීවේය. රජු හෙට නාරජු රජ මිදුලෙහි නටන්නේය. මහජනයා රැස් වී බලත්වායි බෙර හසුරුවා දෙවන දවස්හි රජමිදුල අලංකාර කරවා බමුණා කැඳවීය. හෙතෙම රන් පෙට්ටියෙහි මහබෝසතුන් ගෙනවුත් විසිතුරු ඇතිරිල්ලක පෙට්ටිය තබා හුන්නේය. රජුද පහයෙන් බැස මහජනයා විසින් පිරිවරන ලදුයේ රාජාසනයෙහි හුන්නේය. බමුණා මහබෝසතුන් පිටතට ගෙන නැටවීය. මහජනයා ප්‍රකෘති ස්වභාවයෙන් සිටින්නට නොහැකි වෙයි. දහස් ගණන් පිළිහිසසෑරුම් පවතී. බෝසතුන් මත්තෙහි සත්රුවන් වැසි වස්වයි. අල්ලාගත් ඔහුට මසක් සපිරුණි. මෙතෙක් කල් නිරාහාරවම වූයේය. සුමනා නාග මානවිකාව මගේ ප්රියසැමියා බොහෝකල් ගෙවයි. දැන් මෙහි නොපැමිණ ඔහුට මසක් සපිරුණි. කිනම් කරුණක්දැයි සිතා ගොස් පොකුණ බලන්නී රතුපැහැ ගත් ජලය දැක අහිකුණ්ඨිකයෙකු විසින් ගත්තේ වන්නේ යයි දැන නාගභවනයෙන් නික්මී තුඹස සමීපයට ගොස් මහබෝසතුන් අල්ලාගත් තැනද, විඩාවට පත්කළ තැනද දැක හඬා වැලපී පිටිසර ගමට ගොස් විමසා ඒ පුවත අසා බරණැස් නුවරට ගොස් රජ මිදුලෙහි පිරිස මැද අහසෙහි හඬමින් සිටියාය. මහබෝසත් තෙමේ නටන්නේම අහස බලන්නේ ඇය දැක ලජ්ජාවට පත්වූයේ පෙට්ටියට පිවිස හොත්තේය. රජු ඔහු පෙට්ටියට පිවිසිකල්හි කවර කරුණක් දැයි ඔබිනොබ බලන්නේ අහසෙහි සිටි ඇය දැක පළමුවන ගාථාව කීවේය.
“කා නු විජ්ජුරිවාභාසි, ඔසධී විය තාරකා; දෙවතා නුසි ගන්ධබ්බී, න තං මඤ්ඤාමී මානුසි”න්ති.
කානු විජ්ජු රිවාභාසි ඔසධී විය තාරකා, දෙවතානුසි ගන්ධබ්බී නං තං මඤ්ඤාමි මානුසිං
1. විදුලිය මෙන්ද, ඉරබටු තරුව මෙන්ද බබලනු ලබහිය. ඒ ඔබ කවරීද? දෙවඟනක් වෙහිද? ගාන්ධර්ව ස්ත්‍රියක වෙහිද? තී මිනිස් ස්ත්‍රියක් යයි නොසිතමි.
තත්ථ න තං මඤ්ඤාමි මානුසින්ති අහං තං මානුසීති න මඤ්ඤාමි, තයා එකාය දෙවතාය ගන්ධබ්බියා වා භවිතුං වට්ටතීති වදති.
එහි නං තං මඤ්ඤාමි මානුසිං යනු මම ඔබ මිනිස් ස්ත්‍රියක යයි නොසිතමි. තී එක් දෙවඟනක හෝ ගාන්ධර්ව ස්ත්‍රියක වීමට වටනේය යි කියයි.
ඉදානි තෙසං වචනපටිවචනගාථා හොන්ති –
දැන් ඔවුන්ගේ පිළිවදන් ගාථා වේ.
“නම්හි දෙවී න ගන්ධබ්බී, න මහාරාජ මානුසී; නාගකඤ්ඤාස්මි භද්දන්තෙ, අත්ථෙනම්හි ඉධාගතා.
2. මහරජතුමනි, මම දෙවඟනක නොවෙමි. ගාන්ධර්ව ස්ත්රියකද නොවෙමි. මිනිස් ස්ත්රියකද නොවෙමි. ස්වාමීනි, මම නාග කන්‍යාවක වෙමි. එක් කටයුත්තක් සඳහා මෙහි පැමිණියේ වෙමි.
“විබ්භන්තචිත්තා කුපිතින්ද්රියාසි, නෙත්තෙහි තෙ වාරිගණා සවන්ති; කිං තෙ නට්ඨං කිං පන පත්ථයානා, ඉධාගතා නාරි තදිඞ්ඝ බ්රූහි.
3. නාග කන්‍යාවනි, ඔබ අපේක්ෂා රහිත වූ සිත් ඇත්තෙහිය. විඩාවට පත් ඉදුරන් ඇත්තෙහිය. ඔබගේ නෙත්වලින් කඳුළු ධාරා ගිලිහෙත්. ඔබගේ කවරක් නම් විනාශ වූයේද? කවරක් ප්‍රාර්ථනය කරමින් මෙහි පැමිණියාද එය මට කියව.
“යමුග්ගතෙජො උරගොති චාහු, නාගොති නං ආහු ජනා ජනින්ද; තමග්ගහී පුරිසො ජීවිකත්ථො, තං බන්ධනා මුඤ්ච පතී මමෙසො.
4. රජතුමනි, යමෙකුට උග්‍රතේජස් ඇති උරග යයි කියත්ද? ඔහුට නාග යයි කියත්. එක් පුරුෂයෙක් දිවිපැවැත්ම පිණිස ඔහු අල්ලා ගත්තේය. ඔහු බැම්මෙන් මුදව. මෙතෙම මගේ ස්වාමියාය.
“කථං න්වයං බලවිරියූපපන්නො, හත්ථත්තමාගච්ඡි වනිබ්බකස්ස; අක්ඛාහි මෙ නාගකඤ්ඤෙ තමත්ථං, කථං විජානෙමු ගහීතනාගං.
5. ශක්තියෙන් හා වීර්යයෙන් යුක්ත වූ මෙතෙම කෙසේ නම් මේ වෙළෙන්දාගේ අතට පත් වූයේද? නාග කන්‍යාවනි, ඒ කරුණ මට කියව. අල්ලා ගන්නා ලද නාගයා කෙසේ නම් දනිමුද.
“නගරම්පි නාගො භස්මං කරෙය්ය, තථා හි සො බලවිරියූපපන්නො; ධම්මඤ්ච නාගො අපචායමානො, තස්මා පරක්කම්ම තපො කරොතී”ති.
6. එම නාගයා නගරයද අළු කරන්නේය. හෙතෙම එවැනි වූ බලයෙන් හා වීර්යයෙන් යුක්තය. නාගයා ධර්මයට ගරුකරනු ලබන්නේය. එහෙයින් උත්සාහවන්ත වී තවුස් බව කරයි.
තත්ථ අත්ථෙනම්හීති අහං එකං කාරණං පටිච්ච ඉධාගතා. කුපිතින්ද්රියාති කිලන්තින්ද්රියා. වාරිගණාති අස්සුබින්දුඝටා. උරගොති චාහූති උරගොති චායං මහාජනො කථෙසි. තමග්ගහී පුරිසොති අයං පුරිසො තං නාගරාජානං ජීවිකත්ථාය අග්ගහෙසි. වනිබ්බකස්සාති ඉමස්ස වනිබ්බකස්ස කථං නු එස මහානුභාවො සමානො හත්ථත්තං ආගතොති පුච්ඡති. ධම්මඤ්චාති පඤ්චසීලධම්මං උපොසථවාසධම්මඤ්ච ගරුං කරොන්තො විහරති, තස්මා ඉමිනා පුරිසෙන ගහිතොපි “සචාහං ඉමස්ස උපරි නාසවාතං විස්සජ්ජෙස්සාමි, භස්මමුට්ඨි විය විකිරිස්සති, එවං මෙ සීලං භිජ්ජිස්සතී”ති සීලභෙදභයා පරක්කම්ම තං දුක්ඛං අධිවාසෙත්වා තපො කරොති, වීරියමෙව කරොතීති ආහ.
එහි අත්ථෙනම්හි යනු මම එක් කරුණක් නිසා මෙහි පැමිණියා වෙමි. කුපිතින්ද්රියා යනු ක්ලාන්ත වූ ඉඳුරන් ඇත්තී. වාරිගණා යනු කඳුළු බින්දු සමූහයෝ. උරගොති චාහු යනු මෙතෙම උරගයෙක් යයිද මිනිස්සු කියන්නෙහිය. පුරිසො යනු මේ පුරුෂයා දිවිපැවැත්ම සඳහා ඒ නාරජු අල්ලා ගත්තේය. වණිබ්බකස්ස යනු මෙතෙම මෙසේ මහත් වූ ආනුභාව ඇත්තේම කෙසේ නම් මේ වෙළද පුරුෂයාගේ අතට පැමිණියේදැයි විමසයි. ධම්මඤ්ච යනු පන්සිල්ද පෙහෙවස් විසීමේ ධර්මයද ගරු කරමින් වාසය කරයි. එහෙයින් මේ පුරුෂයා ගන්නා ලද්දේද ඉදින් මම මොහුගේ මත්තෙහි නැහැයෙන් වාතය විහිදුවන්නෙම්ද අළුමිටක් මෙන් විසිරී යන්නේය. එසේ වූ විට මගේ සීලය බිඳෙන්නේ යයි සිල් බිඳෙන බියෙන් පරක්කම්ම ඒ දුක ඉවසා. තපො කරොති යනු වීර්යයම කරයි යයි කීවේය.
රාජා “කහං පනෙසො ඉමිනා ගහිතො”ති පුච්ඡි. අථස්ස සා ආචික්ඛන්තී ගාථමාහ –
රජු මෙතෙම කොහිදී මොහු විසින් ගන්නා ලද්දේ දැයි විචාළේය. ඉක්බිති ඇය ඔහුට කියන්නී,
“චාතුද්දසිං පඤ්චදසිඤ්ච රාජ, චතුප්පථෙ සම්මති නාගරාජා; තමග්ගහී පුරිසො ජීවිකත්ථො, තං බන්ධනා මුඤ්ච පතී මමෙසො”ති.
7. රජතුමනි, මේ නාරජු තුදුස්වක පසළොස්වක දිනයන්හි සිව්මංසන්ධියෙක පෙහෙවස් වසයි. එම පුරුෂයා සිය දිවිපැවැත්ම සඳහා ඔහු අල්ලා ගත්තේය. ඔහු බැම්මෙන් මුදව. මෙතෙම මගේ ස්වාමියායි.
යන ගාථාව කීවාය.
තත්ථ චතුප්පථෙති චතුක්කමග්ගස්ස ආසන්නට්ඨානෙ එකස්මිං වම්මිකෙ චතුරඞ්ගසමන්නාගතං අධිට්ඨානං අධිට්ඨහිත්වා උපොසථවාසං වසන්තො නිපජ්ජතීති අත්ථො. තං බන්ධනාති තං එවං ධම්මිකං ගුණවන්තං නාගරාජානං එතස්ස ධනං දත්වා පෙළබන්ධනා පමුඤ්ච.
එහි චතුප්පඨෙ යනු මාර්ග සතරක ආසන්න තැන එක් තුඹසක චතුරංග සමන්නාගත අධිෂ්ඨානය අධිෂ්ඨාන කර පෙහෙවස් වාසය කරන්නේ හොත්තේ යයි යන අර්ථයි. බන්ධනා යනු මෙසේ දැහැමි වූ ගුණවත් වූ ඒ නාරජු මොහුට ධනය දී පෙට්ටියේ බැම්මෙන් මුදව.
එවඤ්ච පන වත්වා පුනපි තං යාචන්තී ද්වෙ ගාථා අභාසි –
මෙසේද කියා නැවත ඉල්ලන්නී ගාථා දෙකක් කීවේය.
“සොළසිත්ථිසහස්සානි, ආමුත්තමණිකුණ්ඩලා; වාරිගෙහසයා නාරී, තාපි තං සරණං ගතා.
8. අමුනන ලද මැණික්මය කුණ්ඩලාභරණ ඇති ජලයම නිවෙස් කර සයනය කරන්නා වූ සොළොස් දහසක් ස්ත්‍රීහු වෙත්ද ඈලා මොහු සරණ ගියෝය.
“ධම්මෙන මොචෙහි අසාහසෙන, ගාමෙන නික්ඛෙන ගවං සතෙන; ඔස්සට්ඨකායො උරගො චරාතු, පුඤ්ඤත්ථිකො මුඤ්චතු බන්ධනස්මා”ති.
9. ගම්වර දීමෙන්ද කහවනු දීමෙන්ද ගවයන් සියයක් දීමෙන්ද සැහැසි නොවූ දැහැමි ක්‍රමයෙන් මොහු මුදවා උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ හැසිරේවා. පිං කැමැති ඔහු බැම්මෙන් මුදවව යනුයි.
තත්ථ සොළසිත්ථිසහස්සානීති මා ත්වං එස යො වා සො වා දලිද්දනාගොති මඤ්ඤිත්ථ. එතස්ස හි එත්තකා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා ඉත්ථියොව, සෙසා සම්පත්ති අපරිමාණාති දස්සෙති. වාරිගෙහසයාති උදකච්ඡදනං උදකගබ්භං කත්වා තත්ථ සයනසීලා. ඔස්සට්ඨකායොති නිස්සට්ඨකායො හුත්වා. චරාතූති චරතු.
එහි සොළසා යනු ඔබ මෙතෙම යම්කිසි දිළිඳු නාගයෙක් යයි නොසිතුව. මොහුට සියළු අලංකාරයන්ගෙන් සැරසුන මෙපමණක් ස්ත්‍රීහුද සෙසු අප්‍රමාණ සම්පත්තීන්ද ඇතැයි දක්වයි. වාරිගෙහසයා යනු ජලයම සෙවිලි කර ඇති ජලයම ගැබ කර ඇති යහනට ගොස් එහි නිදන සුළු. ඔස්සට්ඨකායො යනු නිදහස් කරන ලද සිරුරු ඇතිව. චරාතු යනු හැසිරේවා.
අථ නං රාජා තිස්සො ගාථා අභාසි –
ඉක්බිති රජු ඇයට ගාථා තුනක් කීවේය.
“ධම්මෙන මොචෙමි අසාහසෙන, ගාමෙන නික්ඛෙන ගවං සතෙන; ඔස්සට්ඨකායො උරගො චරාතු, පුඤ්ඤත්ථිකො මුඤ්චතු බන්ධනස්මා.
10. ගම්වර දීමෙන්ද කහවනු දීමෙන්ද ගවයන් සියයක් දීමෙන්ද සැහැසි නොවූ දැහැමි මාර්ගයෙන් ඔහු මුදමි. උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ හැසිරේවා. පිං කැමැති නාගයා බැම්මෙන් මිදේවා.
“දම්මි නික්ඛසතං ලුද්ද, ථූලඤ්ච මණිකුණ්ඩලං; චතුස්සදඤ්ච පල්ලඞ්කං, උමාපුප්ඵසරින්නිභං.
11. වැද්දාණනි, කහවනු සියයක් දෙමි. මහත් වූ මැණික් කුණ්ඩලාභරණයක්ද දෙමි. සිව්රැස් වූ බෙරළිය මල් වැනි වූ පළඟක්ද දෙමි.
“ද්වෙ ච සාදිසියො භරියා, උසභඤ්ච ගවං සතං; ඔස්සට්ඨකායො උරගො චරාතු, පුඤ්ඤත්ථිකො මුඤ්චතු බන්ධනස්මා”ති.
12. සමාන වූ භාර්යාවන් දෙදෙනෙක්ද වෘෂභයෙකු සහිත ගවයන් සියයක්ද දෙමි. උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ හැසිරේවා. පිං කැමැති නාගයා බැම්මෙන් මුදව.
තත්ථ ලුද්දාති රාජා උරගං මොචෙතුං අහිතුණ්ඩිකං ආමන්තෙත්වා තස්ස දාතබ්බං දෙය්යධම්මං දස්සෙන්තො එවමාහ. ගාථා පන හෙට්ඨා වුත්තත්ථායෙව.
එහි ලුද්දා යනු රජු උරගයා මුදවන්නට අහිකුණ්ඨිකයා අමතා ඔහුට දියයුතු දෙය්ය ධර්මයන් දක්වමින් මෙසේ කීවේය. ගාථාවෝ වනාහි යට කියන ලද කරුණ සඳහාමය.
අථ නං ලුද්දො ආහ –
ඉක්බිති වැද්දා ඔහුට කීවේය.
“විනාපි දානා තව වචනං ජනින්ද, මුඤ්චෙමු නං උරගං බන්ධනස්මා; ඔස්සට්ඨකායො උරගො චරාතු, පුඤ්ඤත්ථිකො මුඤ්චතු බන්ධනස්මා”ති.
13. රජතුමනි, වස්තු දීමෙන් තොරවද, ඔබගේ වචනය ගරුකොට ඒ උරගයා බැම්මෙන් මුදවමි. උරගයා නිදහස් වූ සිරුර ඇත්තේ හැසිරේවා. පිං කැමති නාගයා බැම්මෙන් මිදේවා.
තත්ථ තව වචනන්ති මහාරාජ, විනාපි දානෙන තව වචනමෙව අම්හාකං ගරු. මුඤ්චෙමු නන්ති මුඤ්චිස්සාමි එතන්ති වදති.
එහි තව වචනං යනු මහරජතුමනි, වස්තුව දීමෙන් තොරවද ඔබගේ වචනය අපට බරපතල වෙයි. මුඤ්චෙමුතං යනු මොහු මුදවන්නෙමියි කියයි.
එවඤ්ච පන වත්වා මහාසත්තං පෙළතො නීහරි. නාගරාජා නික්ඛමිත්වා පුප්ඵන්තරං පවිසිත්වා තං අත්තභාවං විජහිත්වා මාණවකවණ්ණෙන අලඞ්කතසරීරො හුත්වා පථවිං භින්දන්තො විය නික්ඛන්තො අට්ඨාසි. සුමනා ආකාසතො ඔතරිත්වා තස්ස සන්තිකෙ ඨිතා. නාගරාජා අඤ්ජලිං පග්ගය්හ රාජානං නමස්සමානො අට්ඨාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ද්වෙ ගාථා අභාසි –
එසේද කියා මහබෝසතුන් පෙට්ටියෙන් බැහැර කළේය. නාරජු නික්මී මල් අතරට පිවිස ඒ ආත්මභාවය අත්හැර මානවකයෙකුගේ ස්වරූපයෙන් සරසන ලද සිරුර ඇතියේ පොළොව බිඳින්නාක් මෙන් නික්ම සිටියේය. සුමනා මානවිකාවද අහසින් බැස ඔහු සමීපයෙහි සිටියේය. නාරජු ඇඳිලි බැඳ රජුට නමස්කාර කරමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ ඒ බව දේශනා කරන සේක් ගාථා දෙකක් වදාළ සේක.
“මුත්තො චම්පෙය්යකො නාගො, රාජානං එතදබ්රවි; නමො තෙ කාසිරාජත්ථු, නමො තෙ කාසිවඩ්ඪන; අඤ්ජලිං තෙ පග්ගණ්හාමි, පස්සෙය්යං මෙ නිවෙසනං.
14. මිදුනා වූ චමිපෙය්යක නාගයා රජුට මෙසේ කීවේය. කසීරට රජතුමනි, ඔබට නමස්කාර වේවා! කසීරට වැඩිදියුණු කරන රජතුමනි ඔබට නමස්කාර වේවා. ඔබට ඇඳිලි බඳින්නෙමි. මගේ නාග විමානය බලන්නේ නම් යෙහෙකි.
“අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු, යං මානුසො විස්සසෙ අමානුසම්හි; සචෙ ච මං යාචසි එතමත්ථං, දක්ඛෙමු තෙ නාග නිවෙසනානී”ති.
15. නාරජතුමනි, යම් හෙයකින් මිනිසෙක් නොමිනිස් වූවෙකු කෙරෙහි විශ්වාස තබන්නේ නම් එය ඒකාන්තයෙන් විශ්වාස කළ නොහැක්කකැයි කීවාහුය. ඉදින් ඔබ මේ කරුණෙහි ලා මා අයදනේද ඔබගේ විමානයන් දක්නෙමු.
තත්ථ පස්සෙය්යං මෙ නිවෙසනන්ති මම නිවෙසනං චම්පෙය්යනාගභවනං රමණීයං පස්සිතබ්බයුත්තකං. තං තෙ අහං දස්සෙතුකාමො, තං සබලවාහනො ත්වං ආගන්ත්වා පස්ස, නරින්දාති වදති. දුබ්බිස්සසන්ති දුවිස්සාසනීයං. සචෙ චාති සචෙ මං යාචසි, පස්සෙය්යාම තෙ නිවෙසනානි, අපි ච ඛො පන තං න සද්දහාමීති වදති.
එහි පස්සෙය්යම්මෙ නිවෙසනං යනු මගේ නිවාසය වූ චම්පෙය්‍ය නාග භවනය සිත්කළුය. දැකිය යුත්තකි. මම එය ඔබට දක්වන්නට කැමැත්තෙමි. රජතුමනි, බලසෙනග සහිතව අවුත් එය බලවයි කියයි. දුබ්බිස්සසං යනු විශ්වාසය කිරීම අපහසුය. සචෙ ච යනු ඉදින් මා අයදින්නෙහි නම් ඔබගේ විමානයන් බලමු. එතකුදු වුවත් එය නොඅදහමියි කියයි.
අථ නං සද්දහාපෙතුං සපථං කරොන්තො මහාසත්තො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහු අදහවන්නට දිව්රීම් කරනුයේ මහබෝසත් තෙමේ ගාථා දෙකක් කීවේය.
“සචෙපි වාතො ගිරිමාවහෙය්ය, චන්දො ච සුරියො ච ඡමා පතෙය්යුං; සබ්බා ච නජ්ජො පටිසොතං වජෙය්යුං, න ත්වෙවහං රාජ මුසා භණෙය්යං.
16. රජතුමනි, ඉදින් වාතය පර්වතයක් උසුලාගෙන යන්නේද චන්ද්‍රයාද සූර්යයාද බිම වැටෙන්නාහුද සියළුම ගංගාවෝ උඩුගං බලා ගලන්නාහුද එතෙකුදු වුවත් මම බොරු නොකියන්නෙමි ය.
“නභං ඵලෙය්ය උදධීපි සුස්සෙ, සංවට්ටයෙ භූතධරා වසුන්ධරා; සිලුච්චයො මෙරු සමූලමුප්පතෙ, න ත්වෙවහං රාජ මුසා භණෙය්ය”න්ති.
17. රජතුමනි, අහස පැලෙන්නේ නමුදු සාගරය වියැලෙන්නේ නමුදු භූතයන් දරා සිටින්නා වූ පොළොව හැකිලෙන්නේ නමුදු සියළු පර්වතයන් අතර උස් වූ මහාමේරුව මුළුමනින්ම ඉදිරෙන්නේ නමුදු මම බොරු නොකියන්නේම වෙමි.
තත්ථ සංවට්ටයෙ භූතධරා වසුන්ධරාති අයං භූතධරාති ච වසුන්ධරාති ච සඞ්ඛං ගතා මහාපථවී කිලඤ්ජං විය සංවට්ටෙය්ය. සමූලමුප්පතෙති එවං මහාසිනෙරුපබ්බතො සමූලො උට්ඨාය පුරාණපණ්ණං විය ආකාසෙ පක්ඛන්දෙය්ය.
එහි සංවට්ටයං භූතධරා වසුන්ධරා යනු මේ භූතධර යයි හෝ වසුන්ධරා යයි යන සංඛ්‍යාවට ගිය මහපෘථුවිය පැදුරක් මෙන් හැකිලෙන්නේ නමුදු. සමූලමුබ්බහෙ යනු මෙසේ මහමෙර පර්වතය මුල සහිතවම නැගීසිට ඉදුන කොළයක් මෙන් අහසෙහි ඉගිලෙන්නේ නමුදු,
සො මහාසත්තෙන එවං වුත්තෙපි අසද්දහන්තො –
මහබෝසතුන් විසින් මෙසේ කී කල්හිද හෙතෙම නොඅදහන්නේ.
“අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු, යං මානුසො විස්සසෙ අමානුසම්හි; සචෙ ච මං යාචසි එතමත්ථං, දක්ඛෙමු තෙ නාග නිවෙසනානී”ති. –
18. නාගය, යම්හෙයකින් මනුෂ්‍යයෙක් අමනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාස කරන්නේය යන මෙය ඒකාන්තයෙන් විශ්වාස කළ හැක්කකැයි කීවාහුය. ඉදින් මේ කරුණෙහිලා මා යාඥා කරහිද ඔබගේ නාග විමානයෙන් දකිමු යි කීවේය.
පුනපි තමෙව ගාථං වත්වා “ත්වං මයා කතගුණං ජානිතුං අරහසි, සද්දහිතුං පන යුත්තභාවං වා අයුත්තභාවං වා අහං ජානිස්සාමී”ති පකාසෙන්තො ඉතරං ගාථමාහ –
නැවතද ඒ ගාථාවම කියා ඔබ මා විසින් කළා වූ ගුණය දැනගන්නට සුදුස්සෙහිය. ඇදහීමට සුදුසු බව හෝ නුසුදුසු බව හෝ මම දනිමියි ප්‍රකාශ කරමින් අනිත් ගාථාවක් කීවේය.
“තුම්හෙ ඛොත්ථ ඝොරවිසා උළාරා, මහාතෙජා ඛිප්පකොපී ච හොථ; මංකාරණා බන්ධනස්මා පමුත්තො, අරහසි නො ජානිතුයෙ කතානී”ති.
19. (නාගය), තෙපි මහත් වූ දරුණු විෂ ඇති මහත් වූ තෙද ඇති වහා කිපෙනසුළු අය වෙහුය. මා නිසා බැම්මෙන් මිදුනේය. අපි කළ දේවල් දැනගන්නට සුදුස්සෙහිය.
තත්ථ උළාරාති උළාරවිසා. ජානිතුයෙති ජානිතුං.
එහි උළාරා යනු මහත් විෂයෝය. ජානිතායෙ යනු දැන ගන්නට.
අථ නං සද්දහාපෙතුං පුන සපථං කරොන්තො මහාසත්තො ගාථමාහ –
ඉක්බිති ඔහු අදහවන්නට නැවත දිව්රීම් කරන්නා වූ මහබෝසත් තෙමේ,
“සො පච්චතං නිරයෙ ඝොරරූපෙ, මා කායිකං සාතමලත්ථ කිඤ්චි; පෙළාය බද්ධො මරණං උපෙතු, යො තාදිසං කම්මකතං න ජානෙ”ති.
20. යමෙක් කරන ලද එබඳු උපකාර කටයුතු නොදන්නේද හෙතෙම දරුණු ස්වභාව ඇති නිරයෙහි පැසේවා. කායික වූ කිසියම් සුවයක් නොලබාවා. පෙට්ටියේ බැඳුනේ මරණයට පැමිණේවා.
යන ගාථාව කීවේය.
තත්ථ පච්චතන්ති පච්චතු. කම්මකතන්ති කතකම්මං එවං ගුණකාරකං තුම්හාදිසං යො න ජානාති, සො එවරූපො හොතූති වදති.
එහි පච්චතං යනු පැසේවා. කම්මකතං යනු කරන ලද කටයුතු. මෙසේ ගුණවත් ලෙස කටයුතු කරන ඔබවැන්නෙකු යමෙක් නොදනීද හෙතෙම මෙලෙස වේවායි කියයි.
අථස්ස රාජා සද්දහිත්වා ථුතිං කරොන්තො ගාථමාහ –
ඉක්බිති රජු ඔහු විශ්වාස කර ස්තුති කළේය.
“සච්චප්පටිඤ්ඤා තව මෙස හොතු, අක්කොධනො හොහි අනුපනාහී; සබ්බඤ්ච තෙ නාගකුලං සුපණ්ණා, අග්ගිංව ගිම්හෙසු විවජ්ජයන්තූ”ති.
21. ඔබගේ මේ දිව්රීම සත්‍ය වූ ප්‍රතිඥාවක් වේවා. ක්‍රෝධ නොකරන්නෙක් වේවා. බද්ධ වෛර නැත්තෙක් වේවා. ගුරුළෝ ඔබගේ සියළු නාග කුලය ග්‍රීෂ්ම කාලයෙහි ගින්න මෙන් දුරු කෙරෙත්වා.
තත්ථ තව මෙස හොතූති තව එසා පටිඤ්ඤා සච්චා හොතු. අග්ගිංව ගිම්හෙසු විවජ්ජයන්තූති යථා මනුස්සා ගිම්හකාලෙ සන්තාපං අනිච්ඡන්තා ජලමානං අග්ගිං විවජ්ජෙන්ති, එවං විවජ්ජෙන්තු දූරතොව පරිහරන්තු.
එහි තවමෙසහොතු යනු ඔබගේ මේ ප්‍රතිඥාව සත්‍ය වූවක් වේවා. අග්ගිංච ගිම්භාසු විවජ්ජයන්තු යනු මිනිස්සු යම්සේ ග්‍රීෂ්ම කාලයෙහි තැවීම නොකැමති වන්නාහු දැල්වෙන්නා වූ ගින්න දුරුකරත්ද, එසේ දුරු කෙරෙත්වා. දුරින්ම දුරු කර පරිහරණය කෙරෙත්වා.
මහාසත්තොපි රඤ්ඤො ථුතිං කරොන්තො ඉතරං ගාථමාහ –
මහබෝසත් තෙමේද රජුට ස්තුති කරන්නේ අනෙක් ගාථාවක් කීවේය.
“අනුකම්පසී නාගකුලං ජනින්ද, මාතා යථා සුප්පියං එකපුත්තං; අහඤ්ච තෙ නාගකුලෙන සද්ධිං, කාහාමි වෙය්යාවටිකං උළාර”න්ති.
22. රජතුමනි, මවක යම්සේ මනාව ප්‍රිය වූ එකම පුතුට අනුකම්පා කරන්නේද, එසේ නාග කුලයට අනුකම්පා කරහිය. මමද නාගකුලය සමග ඔබට මහත් වූ වතාවත් කරමි.
තං සුත්වා රාජා නාගභවනං ගන්තුකාමො සෙනං ගමනසජ්ජං කාතුං ආණාපෙන්තො ගාථමාහ –
රජු ඒ අසා නාග භවනයට යනු කැමැත්තේ සේනාවට ගමන සඳහා සූදානම් වීමට අණ කරන්නේ,
“යොජෙන්තු වෙ රාජරථෙ සුචිත්තෙ, කම්බොජකෙ අස්සතරෙ සුදන්තෙ; නාගෙ ච යොජෙන්තු සුවණ්ණකප්පනෙ, දක්ඛෙමු නාගස්ස නිවෙසනානී”ති.
23. මනාකොට විසිතුරු කරන ලද රාජකීය රථයෙහි මනාව දැමුනු කාම්බෝජ අශ්ව කරත්තයන් යොදත්වා. රනින් සැරසිලි කළ ඇතුන්ද යොදත්වා. නාගයන්ගේ විමානය දකිමුයි
යන ගාථාව කීවේය.
තත්ථ කම්බොජකෙ අස්සතරෙ සුදන්තෙති සුසික්ඛිතෙ කම්බොජරට්ඨසම්භවෙ අස්සතරෙ යොජෙන්තු.
එහි කම්බොජකෙ අස්සතරෙ සුදන්තෙ යනු මනාව හික්මවන ලද කාම්බෝජ රටෙහි උපන් අශ්ව කරත්තයන් යොදත්වා.
ඉතරා අභිසම්බුද්ධගාථා –
සෙස්ස බුද්ධත්වයට පත්ව දේශනා කළ ගාථාවෝයි.
“භෙරී මුදිඞ්ගා පණවා ච සඞ්ඛා, අවජ්ජයිංසු උග්ගසෙනස්ස රඤ්ඤො; පායාසි රාජා බහු සොභමානො, පුරක්ඛතො නාරිගණස්ස මජ්ඣෙ”ති.
24. උග්ගසේන රජුගේ බෙරද මිහිඟු බෙරද පණාබෙරද හක්ද වාදනය කළාහුය. බෙහෙවින් හොබනා වූ රජු ස්ත්‍රී සමූහයා මැද පෙරටු කරන ලදුයේ ගියේය.
තත්ථ බහු සොභමානොති භික්ඛවෙ, බාරාණසිරාජා සොළසහි නාරීසහස්සෙහි පුරක්ඛතො පරිවාරිතො තස්ස නාරීගණස්ස මජ්ඣෙ බාරාණසිතො නාගභවනං ගච්ඡන්තො අතිවිය සොභමානො පායාසි.
එහි බහුසොභමානො යනු මහණෙනි, බරණැස් රජු සොළොස් දහසක් කාන්තාවන් විසින් පෙරටු කර පිරිවරන ලදුයේ ඒ ස්ත්‍රී සමූහයා මැද බරණැස් නුවරින් නාග භවනයට යන්නේ අතිශයින් ශෝභා සම්පන්නව ගියේය.
තස්ස නගරා නික්ඛන්තකාලෙයෙව මහාසත්තො අත්තනො ආනුභාවෙන නාගභවනං සබ්බරතනමයං පාකාරඤ්ච ද්වාරට්ටාලකෙ ච දිස්සමානරූපෙ කත්වා නාගභවනගාමිං මග්ගං අලඞ්කතපටියත්තං මාපෙසි . රාජා සපරිසො තෙන මග්ගෙන නාගභවනං පවිසිත්වා රමණීයං භූමිභාගඤ්ච පාසාදෙ ච අද්දස. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔහු නගරයෙන් නික්මුන කාලයෙහිම මහබෝසත් තෙමේ තමාගේ ආනුභාවයෙන් සියල්ල රුවන්මුවා වූ ප්‍රාකාරයක්ද දොර අට්ටාලයන්ද දෘෂ්‍යමාන වූවක් කර නාග භවනයට යන මාර්ගය අලංකාර කර සරසන ලද්දක් කොට මැවීය. පිරිස් සහිත වූ රජු ඒ මාර්ගයෙන් නාග භවනයට පිවිස රමණීය වූ භූමි කොටසද ප්‍රාසාදයන්ද දුටුවේය.ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ,
“සුවණ්ණචිතකං භූමිං, අද්දක්ඛි කාසිවඩ්ඪනො; සොවණ්ණමයපාසාදෙ, වෙළුරියඵලකත්ථතෙ.
25. කසී රට වැඩිදියුණු කරන රජු රන්වැලි අතුරන ලද භූමිය දුටුවේය. වෛඪූර්ය මැණික් පුවරු අතුරන ලද රන්මය වූ ප්‍රාසාදයන්ද දුටුවේය.
“ස රාජා පාවිසි බ්යම්හං, චම්පෙය්යස්ස නිවෙසනං; ආදිච්චවණ්ණසන්නිභං, කංසවිජ්ජුපභස්සරං.
26. ඒ රජු සූර්යයාගේ වර්ණයට සමාන වූ රන් විදුලිය සේ ප්‍රභාශ්වර වූ අලංකාර වූ චම්පෙය්‍ය නාගයාගේ විමානයට පිවිසියේය.
“නානාරුක්ඛෙහි සඤ්ඡන්නං, නානාගන්ධසමීරිතං; සො පාවෙක්ඛි කාසිරාජා, චම්පෙය්යස්ස නිවෙසනං.
27. ඒ කසී රජු නොයෙක් ගස්වලින් ගැවසුනා වූ නොයෙක් සුවඳින් සුවඳ කවන ලද චම්පෙය්‍ය නාගයාගේ විමානය දුටුවේය.
“පවිට්ඨස්මිං කාසිරඤ්ඤෙ, චම්පෙය්යස්ස නිවෙසනං; දිබ්බා තූරියා පවජ්ජිංසු, නාගකඤ්ඤා ච නච්චිසුං.
28. කසීරට රජු චම්පෙය්‍ය නාගයාගේ විමානයට පිවිසි කල්හි දිව්‍යමය තූර්යයෝ වාදනය කළාහුය. නාග කන්‍යාවෝද නැටුවාහුය.
“තං නාගකඤ්ඤා චරිතං ගණෙන, අන්වාරුහී කාසිරාජා පසන්නො; නිසීදි සොවණ්ණමයම්හි පීඨෙ, සාපස්සයෙ චන්දනසාරලිත්තෙ”ති.
29. නාග කන්‍යා සමූහයා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසී රජු නැංගේය. සඳුන්කල්ක ගල්වන ලද හේත්තුවන පුවරු සහිත ස්වර්ණමය පුටුවෙහි හිඳගත්තේය
යි කීවේය.
තත්ථ සුවණ්ණචිතකන්ති සුවණ්ණවාලුකාය සන්ථතං. බ්යම්හන්ති අලඞ්කතනාගභවනං. චම්පෙය්යස්සාති නාගභවනං පවිසිත්වා චම්පෙය්යනාගරාජස්ස නිවෙසනං පාවිසි. කංසවිජ්ජුපභස්සරන්ති මෙඝමුඛෙ සඤ්චරණසුවණ්ණවිජ්ජු විය ඔභාසමානං. නානාගන්ධසමීරිතන්ති නානාවිධෙහි දිබ්බගන්ධෙහි අනුසඤ්චරිතං. චරිතං ගණෙනාති තං නිවෙසනං නාගකඤ්ඤාගණෙන චරිතං අනුසඤ්චරිතං. චන්දනසාරලිත්තෙති දිබ්බසාරචන්දනෙන අනුලිත්තෙ.
එහි සුවණ්ණ චිතකං යනු රන්වන් වැලි අතුරන ලද. ව්යම්හං යනු අලංකාර කරන ලද නාග භවනය. චම්ප්යෙස්ස යනු නාග භවනයට පිවිස චම්පෙය්‍ය නා රජුගේ විමානයට පිවිසියේය. කංසවිජ්ජූ පභස්සරං යනු වැහිවලාවක් අභිමුඛයෙහි හැසිරෙන්නා වූ රන් විදුලියක් මෙන් බබලන්නා වූ. නානාගන්ධ සමෙරිතං යනු නන් වැදෑරුම් වූ දිව්‍යමය සුවඳින් ගැවසී ගත්. චරිතං ගණෙන යනු ඒ නාග විමානය නාග කන්‍යාවන් සමූහයා විසින් හැසිරුනු. ගැවසී ගත්. සාරලිත්තෙ යනු දිව්‍යමය බැවින් සරු වූ සඳුන්වලින් ගල්වන ලද.
තත්ථ නිසින්නමත්තස්සෙවස්ස නානග්ගරසං දිබ්බභොජනං උපනාමෙසුං, තථා සොළසන්නං ඉත්ථිසහස්සානං සෙසරාජපරිසාය ච. සො සත්තාහමත්තං සපරිසො දිබ්බන්නපානාදීනි පරිභුඤ්ජිත්වා දිබ්බෙහි කාමගුණෙහි අභිරමිත්වා සුඛසයනෙ නිසින්නො මහාසත්තස්ස යසං වණ්ණෙත්වා “නාගරාජ, ත්වං එවරූපං සම්පත්තිං පහාය මනුස්සලොකෙ වම්මිකමත්ථකෙ නිපජ්ජිත්වා කස්මා උපොසථවාසං වසී”ති පුච්ඡි. සොපිස්ස කථෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එහි හුන් විගසම මොහුට නොයෙක් රසවත් දිව්‍ය භෝජනය පිළිගැන්වූහ. එසේම සොළොස් දහසක් ස්ත්‍රීන්ටද සෙසු පිරිසටද පිළිගැන්වූහ. පිරිස් සහිත වූ හෙතෙම සත්දිනක් පමණ දිව්‍යමය කෑම් බීම් ආදිය වළඳා දිව්‍යමය කාම සැපයෙන් සතුටු වී සුවයහනෙහි හුන්නේ මහබෝසතුන්ගේ යසස වර්ණනා කර නාගරජතුමනි, ඔබ මෙබඳු සම්පත්තියක් හැර මිනිස් ලොව තුඹසක් මත වැදහෙව කුමක් හෙයින් පෙහෙවස් වාසය කරයිදැයි විචාළේය. හෙතෙමේද ඔහුට මෙසේ කීවේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සො තත්ථ භුත්වා ච අථො රමිත්වා, චම්පෙය්යකං කාසිරාජා අවොච; විමානසෙට්ඨානි ඉමානි තුය්හං, ආදිච්චවණ්ණානි පභස්සරානි; නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ, කිං පත්ථයං නාග තපො කරොසි.
30. ඒ කසී රජු ඒ නාග භවනයෙහි සම්පත්තීන් අනුභව කර අනතුරුව සැපවිඳ චම්පෙය්‍යක නාරජුට මෙසේ කීවේය. ඔබගේ මේ උතුම් විමානයෝ සූර්යයාගේ පැහැය වැනි ප්රභාෂ්වරයෝය. මෙවැනි වූ ඒවා මිනිස් ලොව නැත. කුමක් බලාපොරොත්තු වෙමින් තවුස්දම් කරහිද?
“තා කම්බුකායූරධරා සුවත්ථා, වට්ටඞ්ගුලී තම්බතලූපපන්නා; පග්ගය්හ පායෙන්ති අනොමවණ්ණා, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ; කිං පත්ථයං නාග තපො කරොසි.
31. රන් අබරණ දරන්නා වූ මනාකොට හඳනා ලද වස්ත්‍ර ඇති රවුම් වූ ඇඟිලි ඇති තඹවන් අතුල්පතුල් ඇති අලාමක පැහැ ඇති නාග කන්‍යාවෝ දිව්‍යපානය ගෙනවුත් පොවති. මිනිස්ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?
“නජ්ජො ච තෙමා පුථුලොමමච්ඡා, ආටාසකුන්තාභිරුදා සුතිත්ථා; නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ, කිං පත්ථයං නාග තපො කරොසි.
32. පුළුල් වූ වරල්වලින් යුක්ත මසුන් ඇති. ආටා නම් (උකුසු) කුරුල්ලන් විසින් පවත්වන ලද නාද ඇති මනා තොටුපොලවලින් යුත් ඒ මේ ගංගාවෝ වෙත්. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?
“කොඤ්චා මයූරා දිවියා ච හංසා, වග්ගුස්සරා කොකිලා සම්පතන්ති; නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ, කිං පත්ථයං නාග තපො කරොසි.
33. කොස්වාලිහිණියෝද මයූරයෝද දිව්‍යමය හංසයෝද මිහිරිනාද ඇති කොවුලෝද ගසින් ගසට පනිත්. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?
“අම්බා ච සාලා තිලකා ච ජම්බුයො, උද්දාලකා පාටලියො ච ඵුල්ලා; නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ, කිං පත්ථයං නාග තපො කරොසි.
34. මනාව පිපුණා වූ අඹ ගස්ද, සල්ගස්ද, එරහැන්ද ගස්ද, දඹ ගස්ද, ඇසල ගස්ද, පළොල් ගස්ද ඇත. මිනිස්ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?
“ඉමා ච තෙ පොක්ඛරඤ්ඤො සමන්තතො, දිබ්බා ච ගන්ධා සතතං පවායන්ති; නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ, කිං පත්ථයං නාග තපො කරොසි.
35. මේ පොකුණු හාත්පස දිව්‍යමය සුවඳ නිරතුරුව හමයි. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහිද?
“න පුත්තහෙතු න ධනස්ස හෙතු, න ආයුනො චාපි ජනින්ද හෙතු; මනුස්සයොනිං අභිපත්ථයානො, තස්මා පරක්කම්ම තපො කරොමී”ති.
36. රජතුමනි, පුතුන් හේතුකොටගෙන තපස් නොකරමි. ධනය හේතුකොට ගෙනද නොවේ. ආයුෂ හේතුකොට ගෙනද නොවේ. මිනිස්ලොව උපත පතන්නේ වෙමි. එහෙයින් උත්සාහවත් වී තපස් රකිමි යනුයි.
තත්ථ තාති සොළසසහස්සනාගකඤ්ඤායො සන්ධායාහ. කම්බුකායූරධරාති සුවණ්ණාභරණධරා. වට්ටඞ්ගුලීති පවාළඞ්කුරසදිසවට්ටඞ්ගුලී. තම්බතලූපපන්නාති අභිරත්තෙහි හත්ථපාදතලෙහි සමන්නාගතා. පායෙන්තීති දිබ්බපානං උක්ඛිපිත්වා තං පායෙන්ති. පුථුලොමමච්ඡාති පුථුලපත්තෙහි නානාමච්ඡෙහි සමන්නාගතා. ආටාසකුන්තාභිරුදාති ආටාසඞ්ඛාතෙහි සකුණෙහි අභිරුදා. සුතිත්ථාති සුන්දරතිත්ථා. දිවියා ච හංසාති දිබ්බහංසා ච. සම්පතන්තීති මනුඤ්ඤරවං රවන්තා රුක්ඛතො රුක්ඛං සම්පතන්ති. දිබ්බා ච ගන්ධාති තාසු පොක්ඛරණීසු සතතං දිබ්බගන්ධා වායන්ති. අභිපත්ථයානොති පත්ථයන්තො විචරාමි. තස්මාති තෙන කාරණෙන පරක්කම්ම වීරියං පග්ගහෙත්වා තපො කරොමි, උපොසථං උපවසාමීති.
එහි තා යනු සොළොස් දහසක් නාග කන්‍යාවන් උදෙසා කීවේය. කම්බුකායූරධරා යනු රන් අබරණ දරන්නා වූ. වට්ටංගුලී යනු පබළු අංකුර හා සමාන වටමට වූ ඇඟිලි ඇති. තම්බතලූපපන්නා යනු ඉතා රත්පැහැ ඇති අත්-පා තලවලින් යුක්ත වූ. පායෙන්ති යනු දිව්‍යමය පානය ඔසවා ඔහුව පානය කරවත්. පුථුලොවමච්ඡා යනු පුළුල් වරල ඇති නොයෙක් මත්ස්යයන්ගෙන් යුක්ත වූ. ආටා සකුන්තා භිරුදා ආටා නම් වූ පක්ෂීන් විසින් නාද පවත්වන්නා වූ. සුතිත්ථා සුන්දර තොටුපල ඇති. දිවියාචහංසා යනු දිව්‍යමය හංසයෝද. සම්පතන්ති යනු සිත්කළු නාදයන් කරන්නාහු ගසින් ගසට පනිත්. දිබ්බා ච ගන්ධා යනු ඒ පොකුණුවල නිරතුරුව දිව්‍යමය සුවඳ හමයි. අභිපත්ථයානො යනු ප්‍රාර්ථනය කරමින් හැසිරෙමි. තස්මා යනු ඒ කරුණින්. පරක්කම්ම වීර්යය වඩා. තපො කරොමි පෙහෙවස් සමාදන් වී වාසය කරමි යනුයි.
එවං වුත්තෙ රාජා ආහ –
මෙසේ කී කල්හි රජු,
“ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො, අලඞ්කතො කප්පිතකෙසමස්සු; සුරොසිතො ලොහිතචන්දනෙන, ගන්ධබ්බරාජාව දිසා පභාසසි.
35. ඔබ ලේවන් වූ ඇස් ඇත්තේ නසන ලද අනතුරු ඇති අලංකාර කරන ලදුයේ කපන ලද කෙස් රැවුල් ඇති රත්සඳුන්වලින් සුවඳ ගල්වන ලද ගාන්ධර්ව රජු මෙන් දිශාවන් බබුළුවන්නෙහිය.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො, සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො; පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං, සෙය්යො ඉතො කෙන මනුස්සලොකො”ති.
36. දේවයන් වහන්ස, ඔබ මහත් වූ ඉසුරට පත්වූයේ වෙහි. මහත් වූ ආනුභාව ඇත්තේය. සියළු කාම සම්පත්තීන්ගෙන් යුක්ත වූයේය. නා රජතුමනි, මේ කරුණ නුඹගෙන් විචාරමි. කවර කරුණින් මිනිස් ලොව මෙයට වඩා උතුම්ද?
තත්ථ සුරොසිතොති සුවිලිත්තො. අථස්ස ආචික්ඛන්තො නාගරාජා ආහ –
එහි සුරොසිතො යනු මනාව ගල්වන ලද්දේ ඉක්බිති නාරජු ඔහුට ඒ බව කියමින් මෙසේ කීවේය.
“ජනින්ද නාඤ්ඤත්ර මනුස්සලොකා, සුද්ධීව සංවිජ්ජති සංයමො වා; අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං, කාහාමි ජාතිමරණස්ස අන්ත”න්ති.
37. රජතුමනි, මිනිස්ලොවින් අන්තැනක නිවන නම් වූ පිරිසිදු බව හා සීල සංයමයද නොමැත. මම ද මිනිස් ආත්මයෙහි උපත ලබා ජාති මරණයන් කෙළවර කරමි.
තත්ථ සුද්ධී වාති මහාරාජ, අඤ්ඤත්ර මනුස්සලොකා අමතමහානිබ්බානසඞ්ඛාතා සුද්ධි වා සීලසංයමො වා නත්ථි. අන්තන්ති මනුස්සයොනිං ලද්ධා ජාතිමරණස්ස අන්තං කරිස්සාමීති තපො කරොමීති.
එහි සුද්ධී ච යනු මහරජතුමනි, මිනිස්ලොවින් අන්තැනක අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත වූ පිරිසිදු බව හෝ සීල සංයමය හෝ නැත. අන්තං යනු මිනිස් ආත්මයෙහි උපත ලබා ජාතිය හා මරණය යන මේවායේ කෙළවර කරන්නෙමියි තපස් රකිමි.
තං සුත්වා රාජා ආහ –
ඒ අසා රජු,
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාරියො ච දිස්වාන තුවඤ්ච නාග, කාහාමි පුඤ්ඤානි අනප්පකානී”ති.
38. නාගරාජය, යමෙක් බොහෝ තන්හි සිතන්නා වූ බහුශ්‍රැතයෝ වෙත්ද, නුවණැත්තෝ වෙත්ද, ඒකාන්තයෙන් ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති. නාගය ඔබද නාග කන්‍යාවන්ද දැක බොහෝ වූ පිං කරමි යි,
කීවේය.
තත්ථ නාරියො චාති ඉමා තව නාගකඤ්ඤායො ච තුවඤ්ච දිස්වා බහූනි පුඤ්ඤානි කරිස්සාමීති වදති.
එහි නාරියො ච යනු ඔබගේ මේ නාග කන්‍යාවන්ද ඔබද දැක බොහෝ පිං කරන්නෙමියි කියයි.
අථ නං නාගරාජා ආහ –
ඉක්බිති නා රජු ඔහුට කියනුයේ
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාරියො ච දිස්වාන මමඤ්ච රාජ, කරොහි පුඤ්ඤානි අනප්පකානී”ති.
39. රජතුමනි, යමෙක් බොහෝ තන්හි සිතන්නා වූ බහුශ්‍රැතයෝ වෙත්ද නුවණැත්තෝ වෙත්ද ඒකාන්තයෙන් ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති. මාද නාග කන්‍යාවන්ද දැක බොහෝ වූ පිං කරවයි
කීවේය.
තත්ථ කරොහීති කරෙය්යාසි, මහාරාජාති.
එහි කරොහි යනු මහරජතුමනි, කරන්නෙහි නම් මැනවි යනුයි.
එවං වුත්තෙ උග්ගසෙනො ගන්තුකාමො හුත්වා “නාගරාජ, චිරං වසිම්හ, ගමිස්සාමා”ති ආපුච්ඡි. අථ නං මහාසත්තො “තෙන හි මහාරාජ, යාවදිච්ඡකං ධනං ගණ්හාහී”ති ධනං දස්සෙන්තො ආහ –
මෙසේ කී කල්හි උග්ගසේන රජු යනු කැමැත්තේ වී නාරජතුමනි, බොහෝ කල් විසුවෝ වෙමු. පෙරළා යන්නෙමුදැයි විචාළේය. ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුට කියනුයේ මහරජතුමනි, එසේ නම් කැමති තාක් ධනය ගනුවයි ධනය පෙන්වමින්,
“ඉදඤ්ච මෙ ජාතරූපං පහූතං, රාසී සුවණ්ණස්ස ච තාලමත්තා; ඉතො හරිත්වාන සුවණ්ණඝරානි, කරස්සු රූපියපාකාරං කරොන්තු.
40. මේ මගේ බොහෝ වූ රත්රන් වේ. මේ තල්ගස් පමණ වූ රන් රැසයි. මෙයින් ගෙන ගොස් ස්වර්ණමය ගෙවල් කරව. රිදියෙන් ප්රාකාරයක් කරත්වා.
“මුත්තා ච වාහසහස්සානි පඤ්ච, වෙළුරියමිස්සානි ඉතො හරිත්වා; අන්තෙපුරෙ භූමියං සන්ථරන්තු, නික්කද්දමා හෙහිති නීරජා ච.
41. වෛඩූර්ය මැණික් මිශ්‍ර වූ මේ මුතු ගැල් පන්සියයකි. මෙයින් ගෙන ගොස් අන්තඃපුරයෙහි බිම අතුරත්වා. එය මඩ රහිත දූවිලි නැති වූවක් වන්නෙහිය.
“එතාදිසං ආවස රාජසෙට්ඨ, විමානසෙට්ඨං බහු සොභමානං; බාරාණසිං නගරං ඉද්ධං ඵීතං, රජ්ජඤ්ච කාරෙහි අනොමපඤ්ඤා”ති.
42. ශ්‍රේෂ්ඨ රජතුමනි, බෙහෙවින් හොබනා වූ මෙවැනි උසස් විමානයක වාසය කරව. ලාමක නොවූ නුවණ ඇත්තා සමෘද්ධිමත් වූ පොහොසත් වූ බරණැස් නුවර රාජ්‍යය කරව යි.
තත්ථ රාසීති තෙසු තෙසු ඨානෙසු තාලපමාණා රාසියො. සුවණ්ණඝරානීති සුවණ්ණගෙහානි. නික්කද්දමාති එවං තෙ අන්තෙපුරෙ භූමි නික්කද්දමා ච නිරජා ච භවිස්සති. එතාදිසන්ති එවරූපං සුවණ්ණමයං රජතපාකාරං මුත්තාවෙළුරියසන්ථතභූමිභාගං. ඵීතන්ති ඵීතං බාරාණසිනගරඤ්ච ආවස. අනොමපඤ්ඤාති අලාමකපඤ්ඤා.
එහි රාසී යනු ඒ ඒ තැන්වල තල්ගස් පමණ උස ගොඩවල්. සොවණ්ණසරානි යනු රනින්ම කළ ගෙවල්. නික්කද්දමා යනු මෙසේ ඔබගේ අන්තඃපුරයෙහි බිම මඩ රහිත වූවක්ද දූවිලි රහිත වූවක්ද වන්නේය. එතාදිසං යනු මෙබඳු වූ රන්මුවා වූ රිදී ප්‍රාකාරයද මුතු හා වෛඩූර්ය මැණික් ඇතිරූ බිමද. ඵිතං යනු සමෘද්ධිමත් ඒ බරණැස් නුවරෙහි වාසය කරව. අනොමපඤ්ඤ යනු ලාමක නොවූ නුවණැත්ත.
රාජා තස්ස කථං සුත්වා අධිවාසෙසි. අථ මහාසත්තො නාගභවනෙ භෙරිං චරාපෙසි “සබ්බා රාජපරිසා යාවදිච්ඡකං හිරඤ්ඤසුවණ්ණාදිකං ධනං ගණ්හන්තූ”ති. රඤ්ඤො ච අනෙකෙහි සකටසතෙහි ධනං පෙසෙසි. රාජා මහන්තෙන යසෙන නාගභවනා නික්ඛමිත්වා බාරාණසිමෙව ගතො. තතො පට්ඨාය කිර ජම්බුදීපතලං සහිරඤ්ඤං ජාතං.
රජු ඔහුගේ කථාව අසා ඉවසීය. ඉක්බිති මහබෝසත් තෙමේ “සියළු රජ පිරිස කැමතිතාක් රන් රිදී ආදී ධනය ගනිත්වායි නාග භවනයෙහි බෙර හැසිරවීය. රජු සඳහාද නොයෙක් ගැල් සියයකින් ධනය යැවීය. එකල්හි රජු මහත් වූ යසසින් යුතුව නාග භවනයෙන් නික්මී බරණැස් නුවරටම ගියේය. එතැන් පටන් දඹදිව් පොළෝතලය රන් සහිත වූවක් වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං පොරාණකපණ්ඩිතා නාගසම්පත්තිං පහාය උපොසථවාසං වසිංසූ”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා අහිතුණ්ඩිකො දෙවදත්තො අහොසි, සුමනා රාහුලමාතා, උග්ගසෙනො සාරිපුත්තො, චම්පෙය්යනාගරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා පැරණි පණ්ඩිතයෝ නාග සම්පත් අතහැර පෙහෙවස් විසූහයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි අහිකුණ්ඨිකයා දෙව්දත් වීය. සුමනාව රාහුල මාතා යශෝධරා වීය. උග්ගසේන රජු සැරියුත් තෙර වීය. චම්පෙය්‍ය නාරජු මම ම වූයෙමි යි වදාළ සේක.
චම්පෙය්යජාතකවණ්ණනා දසමා.