10. චම‍්පෙය්‍යජාතකං
10. චම‍්පෙය්‍යජාතකං.
10. චම්පෙය්‍ය ජාතකය
2568. කානු විජ‍්ජුරිවාභාසි ඔසධී විය තාරකා, දෙවතානුසි ගන්‍ධබ‍්බී න තං මඤ‍්ඤාමි මානුසිං
2568. විදුලිය සේ ද ඕසධී තරුව සේ ද බබළන තෝ කවර නම් තැනැත්තියක් ද? දේවතාවක් ද ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද? තී මිනිස් මාගමකැ යි නො හඟිමි යි උග්ගසේන රජතෙම කීය.
2569. නම‍්හි දෙවි න ගන්‍ධබ‍්බී න මහාරාජ මානුසී, නාගකඤ‍්ඤම‍්හි භද‍්දන‍්තෙ අත්‍ථෙනම‍්භි ඉධාගතා.
2569. මහරජ, මම දෙව්දුවක් නොවෙමු. ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද නොවෙමු. මිනිස් මාගමක් ද නොවෙමු. ස්වාමීනි, මම නාග කන්‍යාවක්මු. මෙහි යම්කිසි කටයුත්තක් සඳහා ආවමු.
2570. විබ‍්භන‍්තචිත‍්තා කුපිතින්‍ද්‍රියාසි නෙත‍්තෙහි තෙ වරිගණා සවන‍්ති, කින‍්තෙ නට‍්ඨං කිම‍්පන පත්‍ථයානා ඉධාගතා නාරි තදිඞ‍්ඝ බ්‍රූහි.
2570. එම්බා නාගකන්‍යාව, තෝ විභ්‍රාන්ත සිත් ඇත්තී කිපුණු ඉඳුරන් ඇත්තී වෙහිය. තීගේ ඇස්වලින් කඳුළුධාරාවෝ වැගිරෙත්. තීගේ කවර නම් දැයක් නටුයේ ද? කවරක් පතමින් මෙහි ආවා ද? එය මට කියනු මැනැවි.
2571. යමුග‍්ගතෙජො උරගොති චාහු නාගොති තං ආහු ජනා ජනින්‍ද, තමග‍්ගහී පුරිසො ජීවිකත්‍ථො තං බන්‍ධනා මුඤ‍්ච පතී මමෙසො.
2571. මහරජ, උග්‍රතේජස් ඇති යමකුට ‘උරගය’ යි (බඩගා යන්නෙකැයි) කීහු ද? ජනයෝ ඔහුට නාගය යි කීහු. දිවි රැකීම ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. ඒ මාගේ ස්වාමිපුරුෂයා ය.
2572. කථංන්‍වයං බලවිරියූපපන‍්නො හත්‍ථත්‍ථ මාගඤ‍්ජි වණිබ‍්බකස‍්ස, අක‍්ඛාහි මෙ නාගකඤ‍්ඤෙ තමත්‍ථං කථං විජානෙමු ගහීතනාගං.
2572. එම්බා නාග කන්‍යාවෙනි, බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ මේ නාග තෙම කෙසේ නම් වණිබ්බක්යාගේ අතට පත්වී ද? නාගකන්‍යාවෙනි, ඒ කරුණ මට කියව. ගන්නා ලද නාගයා ගැන තොරතුරු කෙසේ නම් දනිමු ද?
2573. නගරම‍්පි නාගො භස‍්මං කරෙය්‍ය තථා හි සො බලවිරියූපපන‍්නො ධම‍්මඤ‍්ච නාගො අපචායමානො තස‍්මා පරක‍්කම‍්ම තපො කරොති.
2573. බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නාග තෙම නගරය අළු කරන්නේ ය. නාග තෙම ධර්‍මය ම ගරු කරන්නේ වේ. එහෙයින් දුක ඉවසා තපස් කරන්නේ ය.
2574. චාතුද‍්දසිං පණ‍්ණරසිඤ‍්ච රාජ චතුප‍්පථෙ සම‍්මතී නාගරාජා, තමග‍්ගහී පුරිසො ජිවිකත්‍ථො තං බන්‍ධනා මුඤ‍්ච පතී මමෙසො.
2574. මේ නාරජ තෙම තුදුස්වක්හි ද පසළොස්වක්හි ද සතර මංසන්‍ධියෙක්හි පෙහෙව වාසය කරයි. ස්වකීය ජීවිකාව ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. හෙ තෙම මාගේ සැමියා ය.
2575. සොළසිත්‍ථිසහස‍්සානි ආමුත‍්තමණිකුණ‍්ඩලා, වාරිගෙහසයා නාරී තාපි තං සරණඞ‍්ගතා.
2575. අමුණන ලද මිණි කොඬොල් ඇති ජලය ම ගෘහශයනය කොට ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු වෙද්ද ඒ ස්ත්‍රීහු ඔහු සරණ ගියාහු ය.
2576. ධම‍්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික‍්ඛෙන ගවං සතෙන, ඔස‍්සට‍්ඨකායො උරගො චරාතු පුඤ‍්ඤත්‍ථිකො මුච‍්චතු බන්‍ධනස‍්මා.
2576. ගම්වර දීමෙන් ද ස්වර්‍ණනිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නොසැහැසි - දැහැමිබැවින් මොහු මුදනු මැනැවි. නාග තෙමේ මිදුණු සිරුරැත්තේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
2577. ධම‍්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික‍්ඛෙන ගවංසතෙන, ඔස‍්සට‍්ඨකායො උරගො චරාතු පුඤ‍්ඤත්‍ථිකො මුච‍්චතු බන්‍ධනස‍්මා.
2577. ගම්වර දීමෙන් ද ස්වර්‍ණ නිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නො සැහැසිකමින් ම දැහැමින් ම මොහු මුදමි. මිදුණු සිරුරැති නාග තෙම සිත්සේ හැසිරේවා පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
2578. දම‍්මි නික‍්ඛාසතං ලුද‍්ද ථුල‍්ලඤ‍්ච මණිකුණ‍්ඩලං, චතුස‍්සදං ච පල‍්ලඞ‍්කං උම‍්මාපුප‍්ඵසිරිංනිභං,
2578-2579. වැදි පුත්‍රය, ස්වර්‍ණ නිෂ්ක සියයක් ද මහත් වූ මිණි කොඬොලක් ද සිවුපසින් දිය බෙරළිය මල් පැහැති උස පර්‍ය්‍යඞ්කයක් ද සමාන ගුණැති භාර්‍ය්‍යාවන් දෙදෙනෙකුන් ද ගවයන් සියයක් සහිත වෘෂභයකු ද දෙමි. මිදුණු සිරුරැති නාග තෙමේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
2579. ද‍්වෙ ච සාදිසියො භරියා උසභඤ‍්ච ගවං සතං, ඔස‍්සට‍්ඨකායො උරගො චරාතු පුඤ‍්ඤත්‍ථිකො මුච‍්චතු බන්‍ධනස‍්මා.
2580. විනාපි දානා තව වචනං ජනින්‍ද මුඤ‍්චෙමු තං උරගං බන්‍ධනස‍්මා, ඔස‍්සට‍්ඨකායො උරගො චරාතු පුඤ‍්ඤත්‍ථිකො මුච‍්චතු බන්‍ධනස‍්මා.
2580. මහරජාණන් වහන්ස, මේ වස්තු දීමෙන් තොරව ද මුබවහන්සේගේ වචනය ගරු කොට ඒ නාගයා බැඳුමෙන් මුදමු. මිදුණු සිරුරැති නා තෙමේ සිත්සේ හැසිරේවා! පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
2581. මුත‍්තො චම‍්පෙය්‍යකො නාගො රාජානං එතදබ්‍රවි, නමො තෙ කාසිරාජත්‍ථු නමො තෙ කාසිවඩ‍්ඪන අඤ‍්ජලිං තෙ පගණ‍්හාමි පස‍්සෙය්‍යම‍්මෙ නිවෙසනං
2581. බැඳුමෙන් මිදුණු චම්පෙය්‍යක නාග තෙමේ රජුට මෙසේ කීවේ ය. කසීරට මහරජ, නුඹවහන්සේට නමස්කාර වේවා, කසීරට දියුණු කරන මහරජාණන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා, මාගේ නාග භවනය දැකුම්කලුය. එය සපිරිවරින් අවුත් බලන මෙන් ආරාධනා කොට නුඹවහන්සේට ඇඳිලි බඳිමි යි නාරජ තෙම කීයේ ය.
2582. අද‍්ධා හි දුබ‍්බිස‍්සසමෙතමාහු යං මානුසො විස‍්සසෙ අමානුසම‍්භි, සච‍්චෙ මං යාචසි එතමත්‍ථං දක‍්ඛෙමු තෙ නාග නිවෙසනානි.
2582. පින්වත් නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නො කොට හැක්කකැ යි කියත්. ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම්, නුඹගේ නාග භවනයන් දක්නෙමු යි රජ තෙම කීයේ ය.
2583. සචෙහි වාතො ගිරිමාවහෙය්‍ය චන්‍දො ච සුරියො ච ඡමාපතෙය්‍යුං, සබ‍්බා ව නජ‍්ජො පටිසොතං වහෙය්‍යුං න ත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං.
2583. මහරජ ඉදින් (වනාහි) වාතය තෙම පර්‍වතයක් ගසාගෙන යන්නේ නමුදු සඳ හිරු දෙදෙනා බිමැ වැටෙන්නාහු නමුදු හැම නදීහු ම උඩුගං බලා යෙත් නමුදු මම බොරු නො කියමි යි බෝසත් තෙමේ කීයේ ය.
2584. නභං ඵලෙය්‍ය උදධීපි සුස‍්සෙ සංවට‍්ටයං භූතධරා වසුන්‍ධරා, සිලුච‍්චයො මෙරු සමූලමුබ‍්බහෙ නත්‍වෙවහං රාජා මුසා භණෙය්‍යං.
2584. අහස පැළෙන්නේ නමුත් මුහුද වියැළෙන්නේ නමුත් භූතයන් දරා සිටින්නා වූ පෘථිවි තොමෝ හැකිළෙන්නී නමුත් පර්‍වතයන් අතුරෙන් උස් වූ මහමෙර සහමුලින් ඉදිරෙන්නේ නමුත් මහරජ මම බොරුවක් නම් නො කියමි යි බෝසත් තෙම කීයේ ය.
2585. අද‍්ධා හි දුබ‍්බිස‍්සසමෙතමාහු යං මානුසො විස‍්සසෙ අමානුසම‍්භි, සචෙ ච මං යාචසි එතමත්‍ථං දක‍්ඛෙමු තෙ නාග නිවෙසනානි.
2585. එම්බා නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නොකොට හැක්කකැ යි කියත්, ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම් නුඹගේ නා විමන් දකිමු යි රජ තෙම කීයේ ය.
2586. තුම‍්හෙ ඛොත්‍ථ ඝොරවිසා උළාරා මහාතෙජා ඛිප‍්පකොපී ච හොථ, මම කාරණා බන්‍ධනස‍්මා පමුත‍්තො අරහසි නො ජානිතායෙ කතානි.
2586. නාරජ, තෙපි වනාහි මහත් වූ දරුණු විෂ ඇති මහාතේජස් ඇති වහා කිපෙන සුල්ලෝ ද වන්නාහු ය. මා නිසා බන්‍ධනයෙන් මිදුණේ මා කළ උපකාර දැනගන්නට වටනෙහි ය.
2587. සො පච‍්චතං නිරයෙ ඝොරරූපෙ මා කායිකං සාතමලථෙ කිඤ‍්චි, පෙළාය බද‍්ධො මරණං උපෙතු යො තාදිසං කම‍්ම කතං න ජානෙ.
2587. යමෙක් කරනලද එබඳු උපකාර නො දන්නේ නම් හෙ තෙමේ භයානක දුක් ඇති නිරයෙහි පැසේවා, කිසියම් කායික සුවයක් නොලබාවා! පැසෙහි බැඳුණේ මරණයට යේවා, (මෙසේ කියා නාරජ තෙම දිවුළේ ය.)
2588. සච‍්චප‍්පටිඤ‍්ඤා තව මෙස හොතු අක‍්කොධනො හොහි අනුපනාහී, සබ‍්බඤ‍්ච තෙ නාගකුලං සුපණ‍්ණා අග‍්ගිංව ගිම‍්භාසු විවජ‍්ජයන‍්තු.
2588. පින්වත් නා රජ, නුඹගේ මේ ප්‍රතිඥාව සත්‍ය ප්‍රතිඥාවක් වේවා නුඹ ක්‍රෝධ නො කරන්නෙක් වෙහිවා, බද්ධ වෛර නැත්තෙක් වෙහිවා, නුඹගේ මුළු නාකුලය ම සුපර්‍ණයෝ ග්‍රීෂ්මකාලයෙහි ගින්න මෙන් දුරු කෙරෙත්වා.
2589. අනුකම‍්පසී නාගකුලං ජනින්‍ද මාතා යථා සුප‍්පියං එකපුත‍්තං, අහං ච තෙ නාගකුලෙන සද‍්ධිං කාහාමි වෙය්‍යාවටිකං උළාරං.
2589. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේ ඉතා ප්‍රිය එක ම පුතකු ගැන අනුකම්පා කරන මවක මෙන් නාකුලයට අනුකම්පා කරන්නහු ය. මම ද නාකුලය සමග නුඹවහන්සේට බොහෝ වතාවත් කරමි යි නා රජ කීයේ ය.
2590. යොජෙන‍්තු වෙ රාජරථෙ සුචිත‍්තෙ කම‍්බොජාක අස‍්සතරෙ සුදන‍්තෙ, නාගෙ ච යොජෙන‍්තු සුවණ‍්ණකප‍්පනෙ දක‍්ඛෙමු නාගස‍්ස නිවෙසනානි.
2590. මනා කොට විසිතුරු කරනලද රාජරථයෙහි ඉතා දැමුණු කාම්බෝජ අශ්වතරයන් යොදත්වා. රනින් සැරසුවා වූ ඇතුන් ද යොදත්වා, නාගයාගේ විමානයන් දකිමු යි රජ තෙම කීයේ ය.
2591. භෙරි මුතිඞ‍්ගා පණවා ච සඞ‍්ඛා ආවජ‍්ජිසුං උග‍්ගසෙනස‍්ස රඤ‍්ඤො. පායාසි රාජා බහුසොභමානො පුරක‍්ඛතො නාරිගණස‍්ස මජ‍්ඣෙ.
2591. උග්ගසේන රජුගේ මහබෙර ද මිහිඟුබෙර ද පණාබෙර ද හක් ද වාදනය කළාහු ය. පිරිවරනලද ස්ත්‍රී සමූහයා මැද උග්ගසේන රජ ඉතා හොබනේ ගියේයයි වදාළසේක.
2592. සුවණ‍්ණචිතකං භූමිං අද‍්දක‍්ඛි කාසිවද‍්ධනො, සොවණ‍්ණමයෙ ව පාසාදෙ වෙළුරියඵලකත්‍ථතෙ.
2592. කසීරට දියුණු කරන රජ තෙමේ රන්වැලි අතුළ බිම ද වෛඩූර්‍ය්‍ය පුවරු අතුළ රන්මුවා ප්‍රාසාද ද දුටුවේ ය.
2593. ස රාජ පාවිසි ව්‍යම‍්භං චම‍්පෙය්‍යස‍්ස නිවෙසනං, ආදිච‍්චවණ‍්ණූපනිභං කංසවිජ‍්ජුපභස‍්සරං.
2593. සූර්‍ය්‍යයාගේ වර්‍ණයට බඳු වූ රන්වන් විදුලිය සේ පැහැ විහිදෙන චම්පෙය්‍ය නාගයාගේ විමානයට ඒ උග්ගසේන රජ තෙම පිවිසියේ ය.
2594. නානාරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නං නානාගන්‍ධසමෙරිතං සො පාවෙක‍්ඛි කාසිරාජා චම‍්පෙය්‍යස‍්ස නිවෙසනං.
2594. ඒ කසීරජ තෙම නොයෙක් ගසින් ගැවසුණු නොයෙක් සුවඳින් සුවඳ කවනලද චම්පෙය්‍ය නාගයාගේ විමානය දැක්කේ ය.
2595. පවිට‍්ඨම‍්හි කාසිරඤ‍්ඤෙ චම‍්පෙය්‍යස‍්ස නිවෙසනං. දිබ‍්බා තුරියා වජ‍්ජිංසු නාගකඤ‍්ඤා ච නච‍්චයුං.
2595. කසීරජ චම්පෙය්‍ය නාගයාගේ නිවසට පිවිසි කල්හි දිව්‍යමය තූර්‍ය්‍යය වාදනය කළහ. නාගකන්‍යාවෝ නැටූහ.
2596. තං නාගකඤ‍්ඤා චරිතං ගණෙන අන්‍වාරුහී කාසිරාජා පසන‍්නො, නිසීදි සොවණ‍්ණමයම‍්භි පීඨෙ සාපස‍්සයෙ චන්‍දනසාරලිත‍්තෙ.
2596. නාගකන්‍යා සමූහයා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසීරජ තෙම නැඟුණේ ය. සඳුන් කලක ගල්වන ලද හේත්තුවන පුවරු සහිත ස්වර්‍ණමය පුටුවෙහි හිඳගත්තේ ය.
2597. සො තත්‍ථ භුත්‍වා ච අථො රමිත්‍වා චම‍්පෙය්‍යකං කාසිරාජා අවොච, විමානසෙට‍්ඨානි ඉමානි තුය‍්හං ආදිච‍්චවණ‍්ණානි පභස‍්සරානි නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2597. ඒ කසීරජ තෙම එහි අනුභව කොට නැවත සිත් අල්වා වැස චම්පෙය්‍යක නාගයාහට මෙසේ කීයේ ය. නුඹගේ මේ සූර්‍ය්‍යයාට බඳු වර්‍ණ ඇති පැහැ විහිදෙන උතුම් විමානයෝ වෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2598. තා කම‍්බුකෙයූරධරා සුවත්‍ථා වට‍්ටඞ‍්ගුලී තම‍්බතලූපපන‍්නා, පග‍්ගය‍්හ පායෙන‍්ති අනොමවණ‍්ණා නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2598. රන් අබරණ දරන්නා වූ මනාකොට හඳනා ලද වස්ත්‍ර ඇති වට ඇඟිලි ඇති තඹවන් අතුල් පතුල් වලින් යුක්ත වූ අලාමක වූ පැහැසටහන් ඇති ඒ නාගකන්‍යාවෝ දිව්‍යපානය ගෙනවුත් පොවති. මිනිස් ලොව මෙවැන්නක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2599. නජ‍්ජො ච තෙමා පුථුලොමමච‍්ඡා ආටා සකුන‍්තාභිරුදා සුතිත්‍ථා, නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2599. පුළුල් වරලින් යුත් මසුන් ඇති උකුසු පක්‍ෂීන් විසින් පවත්වන ලද නාද ඇති මනා තොටුපලින් යුත් ඒ මේ ගංගාවෝ ද ඇත්තාහ. මිනිස් ලොව එබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2600. කොඤ‍්චා මයූරා දිවියා ච හංසා වග‍්ගුස‍්සරා කොකිලා සම‍්පතන‍්ති, නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2600. කොස්ලිහිණියෝ ද මොනරු ද දිව්‍ය හංසයෝ ද මිහිරි නාද පවත්වන කොවුලෝ ද ගසින් ගසට මාරුවෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2601. අම‍්බාව සාලා තිලකා ච ජම‍්බුයො උද‍්දාලකා පාටළියො ච ඵුල‍්ලා, නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2601. එම්බා නාගරාජය, පිපීගිය අඹ ද සල් ද එරහැන්ද ද දඹ ද ඇසළ ද පළොල් ද ඇත්තාහ. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2602. ඉමා ච තෙ පොක‍්ඛරඤ‍්ඤො සමන‍්තතො දිව්‍යා ච ගන්‍ධා සතතං සම‍්පතන‍්තී, නෙතාදිසං අත්‍ථි මනුස‍්සලොකෙ කිමත්‍ථියං නාග තපො කරොසි.
2602. එම්බා නාරජ, මේ පොකුණු හාත්පසැ නිතර දිව්‍යමය වූ සුවඳ හමයි. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2603. න පුත‍්තභෙතු න ධනස‍්ස හොතු න ආයුනො චාපි ජනින්‍ද හෙතු, මනුස‍්සයොනිං අභිපත්‍ථයානො තස‍්මා පරක‍්කම‍්ම තපො කරොමි.
2603. මහරජ, මම පුත්‍රයන් හේතු කොට ගෙන පෙහෙවස් නො රකිමි, ධනය හේතුකොට ගෙන ද නො රකිමි, ආයුෂ හේතු කොට ගෙන ද නො රකිමි, මිනිස් ලොව උප්පත්තිය පතමි. එහෙයින් වීර්‍ය්‍යය වඩා තපස් රකිමි යි නාරජ කීයේ ය.
2604. ත්‍වං ලොහිතක‍්ඛො විහතන‍්තරංසො අලඞ‍්කතො කප‍්පිතකෙසමස‍්සු, සුරොසිතො ලොහිතචන්‍දනෙන ගන්‍ධබ‍්බරාජාව දිසා පභාසසි.
2604. එම්බා මහරජ, නුඹ වහන්සේ ලේවන් ඇස් ඇත්තේ නසන ලද අන්තරාය ඇති සරසන ලද්දේ කපන ලද කෙස් රවුළු ඇති රත්සඳුනෙන් සුවඳ ගල්වන ලද්දේ ගාන්‍ධර්‍ව රාජයකු මෙන් දිශාවන් බබුළුවන්නෙහි ය.
2605. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො සබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතො, පුච‍්ඡාමි තං නාගරාජෙතමත්‍ථං සෙය්‍යො ඉතො කෙන මනුස‍්සලොකො.
2605. නාගරාජය, නුඹ සියලු කාමසම්පතින් යුක්ත වූයෙහි මහානුභාව සම්පන්න වූයෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියෙහි ය. මේ කාරණය නුඹ අතින් විචාරමි. කවර හෙයින් මිනිස් ලොව මීට වඩා ශ්‍රේෂ්ඨ ද?
2606. ජනින්‍ද නාඤ‍්ඤත්‍ර මනුස‍්සලොකා සුද‍්ධී ච සංවිජ‍්ජති සංයමො ච, අහඤ‍්ච ලද‍්ධාන මනුස‍්සයොනිං කාහාමි ජාතිමරණස‍්ස අන‍්තං.
2606. මහරජ, මිනිස් ලොවින් වෙන් ව නිර්‍වාණ ශුද්ධියක් හෝ සීලසංයමයක් හෝ නැත්තේ ය. මම ද මිනිස් උපත ලබා ජාතිමරණයන් කෙළවර කරමි යි සිතා තපස් කරමි යි නාරජ කීවේ ය.
2607. අද‍්ධා භවෙ සෙවිතබ‍්බා සපඤ‍්ඤා බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො, නාරියො ච දිස‍්වාන තවං ච නාග කරොහි පුඤ‍්ඤානි අනප‍්පකානි.
2607. නාගරාජය, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. නුඹ ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරමි යි රජ ප්‍රකාශ කෙළේ ය.
2608. අද‍්ධා භවෙ සෙවිතබ‍්බා සපඤ‍්ඤා බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො, නාරියො ච දිස‍්වාන මමඤ‍්ච රාජ කරොහි පුඤ‍්ඤානි අනප‍්පකානි.
2608. මහරජ, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. මා ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරව යි නාරජ තෙම උග්ගසේන රජුට කීවේ ය.
2609. ඉදඤ‍්ච මෙ ජාතරූපං පහූතං රාසී සුවණ‍්ණස‍්ස ච තාලමත‍්තා, ඉතො හරිත්‍වා සොවණ‍්ණඝරානි කාරය රූපියස‍්ස ච පාකාරං කරොන‍්තු.
2609. මහරජ, මාගේ මේ බොහෝ වූ රන් ඇත. තල්ගස් පමණ ස්වර්‍ණ රාශීහු ද ඇත්තාහ. මෙයින් රන් ගෙන ගොස් ස්වර්‍ණ ගෘහ කරව. රිදීයෙන් පවුරක් ද කරව.
2610. මුත‍්තානඤ‍්ච වාහසහස‍්සානි පඤ‍්ච වෙළුරියමිස‍්සානි ඉතො හරිත්‍වා, අන‍්තෙපුරෙ භූමියං සන්‍ථරන‍්තු නික‍්කද‍්දමා හොහිති නීරජා ච.
2610. වෛඩූර්‍ය්‍ය මිශ්‍ර වූ මුතු ගැල් පන්දහසක් මෙයින් ගෙන ගොස් අන්තඃපුර භූමියෙහි අතුරත්වා, භූමි තොමෝ මඩ නැත්තී රජස් විරහිත වන්නී ය.
2611. එතාදිසං ආවස රාජාසෙට‍්ඨ විමානසෙට‍්ඨං බහුසොභමානං, බාරාණසිං නගරං ඉද‍්ධඵිතං රජ‍්ජඤ‍්ච කාරෙහි අනොමපඤ‍්ඤාති.
2611. රාජශ්‍රේෂ්ඨය, ඉතා හොබනා වූ මෙබඳු උතුම් විමානයෙක්හි වාසය කරව, අලාමක වූ නුවණැත්ත, සමෘද්ධියෙන් පිරීගිය බරණැස් නුවර රාජ්‍යය ද කරව යි නාරජ තෙම කීයේ ය.
චම‍්පෙය්‍ය ජාතකං.
චම්පෙය්‍ය ජාතක යි.