යෙදුමෙන් කියවන්න

9. සොමනස‍්සජාතකං

9. සොමනස‍්සජාතකං

9. සෝමනස්ස ජාතකය

2539. කො තං හිංසති හෙඨෙති කිං දුම‍්මනො සොචසි අප‍්පතීතො, කස‍්සජ‍්ජ මාතාපිතරො රුදන‍්තු ක්‍වජ‍්ජ සෙතු නිහතො පථව්‍යා.

2539. ස්වාමීනි, කවරෙක් නුඹ වහන්සේට පහරදේ ද? කවරෙක් ආක්‍රෝශ කරයි ද? දොම්නසින් යුතුව නො සතුටු සිතැත්තේ කුමක් හෙයින් ශෝක කෙරෙහි ද? අද කවරකුගේ මවුපියෝ හඬද් ද? අද කවරෙක් නසන ලද්දේ පොළොවෙහි ශයනය කෙරේ දැ රේණු රජ තෙම ඇසීය.

2540. තුට‍්ඨොස‍්මි ද‍්වෙ තව දස‍්සනෙන චිරස‍්ස පස‍්සාමි තං භූමිපාල, අභිංසකො රෙණුමනුප‍්පවිස‍්ස පුත‍්තෙන තෙ හෙඨයිතොස‍්මි දෙව.

2540. දේවයන් වහන්ස, නුඹ වහන්සේ දැක්මෙන් තුටුවෙමි. භූමිපාලය, නුඹ වහන්සේ බොහෝ කාලයෙකින් දකිමි. රේණු නම් රජතුමනි, නුඹ වහන්සේගේ පුත්‍රයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම වෙහෙසට පමුණුවන ලද්දෙමි යි කූට ජටිලයා කීවේ ය.

2541. ආයන‍්තු දොවාරිකා ඛග‍්ගබද‍්ධා, කාසාවියා යන‍්තු අන‍්තෙපුරං තං, ගන‍්ත්‍වාන තං සොමනස‍්සං කුමාරං ඡෙත්‍වාන සීසං වරමාහරන‍්තු.

2541. කඩුබඳනාලද දොරටුපාලයෝ යෙත්වා, චෞර ඝාතකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස කුමාරයා නසා උතුම් හිස ගෙනෙත්වා. (රජ අණ කෙළේ ය.)

2542. පෙසිතා රාජිනො දූතා කුමාරං එතදබ්‍රවුං, ඉස‍්සරෙන විතිණ‍්ණොසි වධප‍්පත‍්තොසි ඛත‍්තිය.

2542. යවන ලද රජුගේ දූතයෝ කුමරහුට මෙය කීහ. එම්බා රාජ කුමාරය, නුඹ වහන්සේ රජහු විසින් හැර දමන ලද්දහු ය. එහෙයින් වධයට පැමිණියහු ය.

2543. ස රාජපුත‍්තො පරිදෙවයන‍්තො දසඞ‍්ගුලිං අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා, අහම‍්පි ඉච‍්ඡාමි ජනින්‍ද දට‍්ඨුං ජීවං පනෙත්‍වා පටිදසස යාථ.

2543. ඒ රාජපුත්‍ර තෙම අඬමින් දසැඟිලි එක් කොට ඇඳිලි බැඳ මම ද රජහු දක්නට කැමැත්තෙමි. ජීවත්වන්නා වූ මා ගෙන ගොස් රජුට දක්ව යි කීවේ ය.

2544. තස‍්ස තං වචනං සුත්‍වා රඤ‍්ඤො පුත‍්තං අදස‍්සයුං, පුත‍්තො ච පිතරං දිස‍්වා දූරතොවජ‍්ඣභාසථ.

2544. දූතයෝ කුමාරයාගේ වචනය අසා රජුට පෙන්වූහ. පුත්‍ර තෙමේ ද පිය දැක දුර දී ම මෙසේ කීවේ ය.

2545. ආගඤ‍්ඡුං දොවාරිකා ඛග‍්ගබද‍්ධා කාසාවියා හන‍්තු මමං ජනින්‍ද, අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං අපරාධො කොනිධ මමජ‍්ජ අත්‍ථි.

2545. මහරජාණන් වහන්ස, කඩු බඳනා ලද දොරටු පාලයෝ ආවාහු ය. මා නසන්නට චෞරඝාතකයෝ ආවාහ. මෙහි මගේ කවර නම් අපරාධයෙක් ඇද්දැයි විචාරනලද මට අද ඒ කරුණ ප්‍රකාශ කරනු මැනැවි.

2546. සායඤ‍්ච පාතො උදකං සජාති අග‍්ගිං සදා පරිචරතප‍්පමත‍්තො, තං තාදිසං සංයතං බ්‍රහ‍්මචාරිං කස‍්මා තුවං බ්‍රූසි ගහපතීති.

2546. සවස ද උදය ද දියට බැසීම කරයි. නො පමා වූයේ හැමකල්හි ගිනි පුදයි. එබඳු සංයම වූ ඒ බ්‍රහ්මචාරී තාපසයාට නුඹ කුමක් හෙයින් ගෘහපතියායි කීයෙහි ද? (කියා රජ ඇසීය.)

2547. තාලා ච මූලා ච ඵලා ච දෙව පරිග‍්ගහා විවිධා සන‍්තිමස‍්ස, තෙ රක‍්ඛති ගොපයතප‍්පමත‍්තො බ්‍රාහ‍්මණො ගහපති තෙන හොති.

2547. දේවයන්වහන්ස, තල් ද අලමුල් ද ඵලවර්‍ග ද යන විවිධ වස්තූහු මොහුට ඇත්තාහ. මෙතෙම ඒවා රකී. නො පමාවූයේ ඒ වස්තූන් ආරක්‍ෂා කෙරෙයි. එහෙයින් මේ බ්‍රාහ්මණතෙම ගෘහපති නම් වේ’ යි කුමාරයා කීය.

2548. සච‍්චං ඛො එතං වදසි කුමාර පරිග‍්ගහා විවිධා සන‍්තිමස‍්ස, තෙ රක‍්ඛති ගොපයතප‍්පමත‍්තො බ්‍රාහ‍්මණො ගහපති තෙන හොති.

2548. කුමාරය, මොහුට නොයෙක් වස්තූහු ඇත්තාහ. ඒවා රකී. නො පමාවූයේ ආරක්‍ෂා කරයි. එහෙයින් (මේ) බ්‍රාහ්මණතෙම ගෘහපතියෙක යන මේ සත්‍යයක් ම නුඹ කීයෙහිය.

2549. සුණන‍්තු මය‍්හං පරිසා සමාගතා සුනෙගමා ජානපදා ච සබ‍්බෙ, බාලායං බාලස‍්ස වචො නිසම‍්ම අහෙතුනා ඝාතයතෙ ජනින්‍දො.

2549. නියම්ගම්වැසියන් සහිත මෙහි රැස්වූ සියලු දනව්වැසි පිරිස ම මාගේ වචනය අසත්වා. මේ අඥාන වූ රජතෙම අඥාන වූ තවුසාගේ වචනය අසා නිකරුණේ මා මරවා යී (කුමරා) කීය.

2550. දළ‍්හස‍්මි මූලෙ විසතෙ විරූළ‍්හෙ දුන‍්නික‍්ඛයො වෙළු පසාඛජාතො, වන්‍දාමි පාදානි තවං ජනින්‍ද අනුජාන මං පබ‍්බජිස‍්සාමි දෙව.

2550. දැඩි වූ මුල ඇතිව මහත්ව වැඩුණු කල්හි අතුපතර හටගත් උණ පඳුර වෙන් කොට අදින්නට නොපිළිවන. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා වඳිමි. දේවයන්වහන්ස, මම පැවිදි වෙමි. අනුදැන වදාළ මැනවි.

2551. භුඤ‍්ජස‍්සු භොගෙ විපුලඵලෙ කුමාර සබ‍්බඤ‍්ච තෙ ඉස‍්සරියං දදාමි, අජ‍්ජෙව ත්‍වං කුරුනං හොහි රාජා මා පබ‍්බජි පබ‍්බජ‍්ජා හි දුක‍්ඛා.

2551. කුමාරය, මහත් ප්‍රයෝජන ඇත්තා වූ සම්පත් අනුභව කරව. තොපට හැම ඉසුරු ම දෙමි. තෙපි අද ම කුරුරට වැසියන්හට රජවවූ. පැවිදි නොවවු. පැවිද්ද වනාහි දුක් වන්නේය.

2552. කින‍්නූධ දෙව තවමත්‍ථි භොගො පුබ‍්බෙවහං දෙවලොකෙ රමිස‍්සං, රූපෙහි සද‍්දෙහි අථො රසෙහි ගන්‍ධෙහි ඵස‍්සෙහි මනොරමෙහි.

2552. දේවයන්වහන්ස, මෙහි නුඹ වහන්සේගේ කවර සම්පතක් ඇත්තේ ද? පෙර මම දෙව්ලොව සිත්කලු රූපවලින් ද ශබ්දවලින් ද රසවලින් ද සුවඳින් ද ස්පර්‍ශයෙන් ද සිත් අලවා විසීමි.

2553. භුත‍්තා මෙ භොගා තිදිවස‍්මි දෙව පරිවාරිතා අච‍්ඡරානං ගණෙන, තුවඤ‍්ච බාලං පරනෙය්‍යං විදිත්‍වා න තාදිසෙ රාජකුලෙ වසෙය්‍යං.

2553. දේවයන්වහන්ස, අප්සරා සමූහයා විසින් පිරිවරන ලද මා විසින් දෙව්ලොව සම්පත් අනුභව කරන ලදී. අනුන් විසින් පැමිණවියැයුතු වූ නුඹ බාලයෙකැයි දැන එබඳු රජ කුලයෙහි නොවසන්නෙමි.

2554. සචාහං බලො පරනෙය්‍යොහමස‍්මි එකාපරාධං ඛම පුත‍්ත මය‍්හං, පුනාපි චෙ එදිසකං භවෙය්‍ය යථාමතී සොමනස‍්සං කරොහි.

2554. ඉදින් මම අනුන් විසින් පැමිණවියැයුතු (මගපෙන්වියැයුත්තෙක්) බාලයෙක් වන්නේ නම් පුත්‍රය, මගේ ඒ එක ම අපරාධය ගැන කමා කරව. සෝමනස්ස කුමාරය, ඉදින් නැවතත් මෙබඳු වරදෙක් වේ නම් තෙපි කැමැත්තක් කරව.

2555. අනිසම‍්ම කතං කම‍්මං අනවත්‍ථාය චින‍්තිතං, භෙසප‍්පස‍්සෙව වෙභඞ‍්ගො විපාකො හොති පාපකො.

2555. නො විමසා කළ ක්‍රියාව ද, නො සසඳා සිතන ලද්ද ද වැරදුණු බෙහෙතක්හුගේ විපත්තිය මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.

2556. නිසම‍්ම ච කතං කම‍්මං සම‍්මාවත්‍ථාය චින‍්තිතං, භෙසප‍්පස‍්සෙව සම‍්පත‍්ති විපාකො හොති භද්‍රකො.

2556. විමසා කරන ලද ක්‍රියාව ද මනා කොට සිතන ලද්දද බෙහෙතක්හුගේ සම්පත මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.

2557. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු, රාජා න සාධු අනිසම‍්මකාරී යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.

2557. අලස වූ කාමභෝගී ගිහියා නො මැනැවි. සංයම නොවූ පැවිද්දා නො මැනැවි. පරීක්‍ෂා නො කොට කටයුතු කරන රජතෙමේ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේද, එය නො මැනැවි.

2558. නිසම‍්ම ඛත‍්තියො කයිරා නානිසම‍්ම දිසම‍්පති, නිසම‍්මකාරිකො රාජා යසො කිත‍්ති ච වඩ‍්ඪති.

2558. ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේය. රජතෙම නො විමසා කටයුතු නො කරන්නේය. මහරජ, විමසා කටයුතු කරන්නාහුගේ යශසත් කීර්තියත් වැඩේ.

2559. නිසම‍්ම දණ‍්ඩං පණයෙය්‍ය ඉස‍්සරො වෙගාතකං තපතෙ භූමිපාල, සම‍්මාපණිධි ච නරස‍්ස අත්‍ථා අනානුතප‍්පා තෙ භවන‍්ති පච‍්ඡා.

2559. මහරජ, අධිපතිතෙම පරීක්‍ෂා කොට දඬුවම් පණවන්නේ ය. නො විමසා වහා කරන ලද්ද තැවීම් ඇති කරන්නේය. නුවණින් මෙනෙහි කොට කරන ලද අර්‍ත්‍ථයෝ (යහපත් ක්‍රියාවෝ) වෙද්ද, ඔවුහු පසුව තැවීම් ගෙනදෙන්නෝ නො වෙති.

2560. අනානුතප‍්පානි හි යෙ කරොන‍්ති විභජ‍්ජ කම‍්මායතනානි ලොකෙ, විඤ‍්ඤුප‍්පසත්‍ථානි සුඛුද්‍රයානි භවන‍්ති වද‍්ධානුමතානි තානි.

2560. ලෙව්හි යම් කෙනෙක් කටයුතු නො කටයුතු දෑ විමසා බලා වැඩ කෙරෙද්ද නුවණැත්තන් විසින් පසස්නා ලද සැප විපාක ගෙන දෙන්නා වූ ඒ වැඩ වෘද්ධයන් (පණ්ඩිතයන්) අනුමත කරනු ලබන්නා වූ ද, තැවීම් ගෙන නොදෙන්නා වූ ද කර්‍මයෝ වෙති.

2561. ආගඤ‍්ඡුං දොවාරිකා ඛග‍්ගබද‍්ධා කාසාවියා හන‍්තු මමං ජනින්‍ද, මාතු ච අඞ‍්කස‍්මිං අහං නිසින‍්නො ආකඩ‍්ඪිතො සහසා තෙහි දෙව.

2561. මහරජ, දොරටුපාලකයෝ ද කඩු බඳනාලද වධකයෝ ද මා නසන්නට ආවාහු ය. දේවයන් වහන්ස, මවු ඇකයෙහි හුන් මම ඔවුන් විසින් වහා අදින ලද්දෙම් වෙමි.

2562. කටුකම‍්භි සම‍්බාධං සුකිච‍්ඡපත‍්තො මධුරං පියං ජීවිතං ලද‍්ධු රාජ, කිච‍්ඡෙනාහං අජ‍්ජ වධා පමුත‍්තො පබ‍්බජ‍්ජමෙවාභිමනොහමස‍්මි.

2562. මහරජ කටුක වූ සම්බාධ වූ ඉතා දුකට පැමිණියෙම් වෙමි. ඒ මම අද දුකසේ වධයෙන් මිදුණෙම් මිහිරි වූ ප්‍රිය වූ ජීවිතය ලබා සිටිමි. දැන් ඒ මම පැවිදිවනු රිස්සෙමි යි කුමාර තෙම කීවේ ය.

2563. පුත‍්තො තවායං තරුණො සුධම‍්මෙ අනුකම‍්පකො සොමනස‍්සො කුමාරො, තං යාචමානො න ලභාමි සජ‍්ජ අරහාසි නං යාචිතවෙ තුවම‍්පි.

2563. සුධර්‍මාවෙනි, තීගේ මේ තරුණ පුත්‍ර සෝමනස්ස කුමාර තෙම අනුකම්පා ඇත්තෙකි. දැන් යාච්ඤා කරනු ලබන්නේ ඔහු නො ලදිමි. තෙපි ද ඔහුට යාච්ඤා කරන්නට නිසි නො වහු දැයි රජ තෙම කීවේ ය.

2564. රමස‍්සු භික‍්ඛාචරියාය පුත‍්ත නිසම‍්ම ධම‍්මෙසු පරිබ‍්බජස‍්සු, සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං අනින්‍දිතො බ්‍රහ‍්මමුපෙහි ඨානං.

2564. පුත්‍රය, පිඬුසිඟීමෙහි ඇලෙව. ධර්‍මයන්හි ලා විමසීම් ඇති කොට තන්හි තන්හි හැසිරෙව. සියලු සත්‍වයන් කෙරෙහි දඬුවම් අත්හැර නින්‍දා නොලබන්නෙක්ව බ්‍රහ්මලෝකයට එළඹෙනු මැනවැ යි රජබිසොව කීවා ය.

2565. අච‍්ඡිරියරූපං වත යාදිසඤ‍්ච දුක‍්ඛිතං මං දුක‍්ඛාපයසෙ සුධම‍්මෙ, යාචස‍්සු පුත‍්තං ඉති වුච‍්චමානා භිය්‍යොව උස‍්සාහයසෙ කුමාරං.

2565. සුධර්‍මාවෙනි, යම්බඳු වූ දුකට පත් මා තෙපි වැඩියත් දුකට පැමිණවූවහු ය. පුත්‍රයා ගිහිගෙයි වසන පරිදි යාච්ඤා කරන්නට යයි කියනු ලබන්නී කුමරා වැඩියත් පැවිදිබවට උනන්දු කළා ය. ආශ්චර්‍ය්‍යයකි.

2566. යෙ විප‍්පමුත‍්තා අනවජ‍්ජභොජිනො, පරිනිබ‍්බුතා ලොකමිමං චරන‍්ති, තමරියමග‍්ගං පටිපජ‍්ජමානං න උස‍්සහෙ වාරයිතුං කුමාරං.

2566. රාගාදියෙන් මිදුණු නිරවද්‍ය භෝජන ඇති කෙලෙස් පිරිනිවියෙන් පිරිනිවුණු යම්බඳු රහත්හු මේ ලෙව්හි හැසිරෙද්ද උන්වහන්සේලාගේ ඒ උතුම් මඟ පිළිපන්නා වූ කුමාරයා වළකාලන්නට උත්සාහ නො කරමි යි මවුබිසව කීවාය.

2567. අද‍්ධා හවෙ සෙවිතබ‍්බා සපඤ‍්ඤා බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො, යෙසායං සුත්‍වාන සුභාසිතානි අප‍්පොස‍්සුක‍්කා වීතසොකා සුධම‍්මා’ති.

2567. මේ සුධර්‍මා තොමෝ යම් කෙනෙකුන්ගේ යහපත් වචන අසා ඒකාන්තයෙන් අල්පොත්සුක වූවා පහවූ ශෝක ඇත්තී වූවා ද යම් කෙනෙක් ප්‍රාඥ වූවාහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු නොයෙක් කරුණු සිතන්නෝ වෙද්ද, ඒකාන්තයෙන් ම ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීවේ ය.

සොමනස‍්ස ජාතකං

සෝමනස්ස ජාතක යි.