9. සොමනස්සජාතකවණ්ණනා 505 අට්ඨකථා
9. සොමනස්සජාතකවණ්ණනා (505)
9. සෝමනස්ස ජාතකය (505)
කො තං හිංසති හෙඨෙතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තස්ස වධාය පරිසක්කනං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මම වධාය පරිසක්කියෙවා”ති වත්වා අතීතං ආහරි.
කොතං හිංසති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත්ගේ (බුදුරදුන්) නැසුමට කළ උත්සාහය අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, දෙව්දත් මා නැසුමට උත්සාහ ගත්තේ දැන් පමණක් නොවේ. පෙරද උත්සාහ කළේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ කුරුරට්ඨෙ උත්තරපඤ්චාලනගරෙ රෙණු නාම රාජා රජ්ජං කාරෙසි. තදා මහාරක්ඛිතො නාම තාපසො පඤ්චසතතාපසපරිවාරො හිමවන්තෙ චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය චාරිකං චරන්තො උත්තරපඤ්චාලනගරං පත්වා රාජුය්යානෙ වසිත්වා සපරිසො පිණ්ඩාය චරන්තො රාජද්වාරං පාපුණි. රාජා ඉසිගණං දිස්වා ඉරියාපථෙ පසන්නො අලඞ්කතමහාතලෙ නිසීදාපෙත්වා පණීතෙනාහාරෙන පරිවිසිත්වා “භන්තෙ, ඉමං වස්සාරත්තං මම උය්යානෙයෙව වසථා”ති වත්වා තෙහි සද්ධිං උය්යානං ගන්ත්වා වසනට්ඨානානි කාරෙත්වා පබ්බජිතපරික්ඛාරෙ දත්වා වන්දිත්වා නික්ඛමි. තතො පට්ඨාය සබ්බෙපි තෙ රාජනිවෙසනෙ භුඤ්ජන්ති. රාජා පන අපුත්තකො පුත්තං පත්ථෙති, පුත්තා නුප්පජ්ජන්ති. වස්සාරත්තච්චයෙන මහාරක්ඛිතො “ඉදානි හිමවන්තො රමණීයො, තත්ථෙව ගමිස්සාමා”ති රාජානං ආපුච්ඡිත්වා රඤ්ඤා කතසක්කාරසම්මානො නික්ඛමිත්වා අන්තරාමග්ගෙ මජ්ඣන්හිකසමයෙ මග්ගා ඔක්කම්ම එකස්ස සන්දච්ඡායස්ස රුක්ඛස්ස හෙට්ඨා තරුණතිණපිට්ඨෙ සපරිවාරො නිසීදි.
අතීතයෙහි කුරු රට උත්තර පඤ්චාල නගරයෙහි රේණු නම් රජු රාජ්‍යය කරවීය. එකල්හි මහා රක්ඛිත නම් තවුසා පන්සියයක් තවුස් පිරිස විසින් පිරිවරන ලදුයේ හිමාලයෙහි වාසය කර ලුණු ඇඹුල් සෙවීම පිණිස චාරිකාවෙහි හැසිරෙන්නේ උතුරු පඤ්චාල නගරයට පැමිණ රජ උයනෙහි වාසය කර පිරිවර සහිතව පිඬු පිණිස හැසිරෙන්නේ රජ මාලිගයෙහි දොරටුවට පැමිණියේය. රජු තවුස් සමූහයා දැක ඉරියව් පැවැත්මෙහි පැහැදුනේ සරසන ලද මතුමහල් තලයෙහි හිඳුවා ප්‍රණීත වූ ආහාරයෙන් සංග්‍රහ කර “ස්වාමීනි, මෙම වස්කාලය මගේ උයනෙහි වසව්” යයි කියා ඔවුන් සමග උයනට ගොස් වාසස්ථානයන් කරවා පැවිදි පිරිකර දී වැඳ නික්මුනේය. එතැන් පටන් සියල්ලෝම රජමාලිගයෙහි වළඳත්. රජු දරුවන් නැත්තෙකි. පුතෙකු ප්‍රාර්ථනය කරයි. පුත්තු නූපදිත්. වැසිකාලය අවසානයේදී මහාරක්ෂිත තවුසා “දැන් හිමවත සිත්කළු වූයේය. එහිම යන්නෙමියි රජු විමසා රජු විසින් කරන ලද සත්කාර සම්මාන ඇතියේ නික්මී අතරමග මධ්‍යාහ්න කාලයෙහි මාර්ගයෙහි බැහැරව එක් ඝණ සෙවන ඇති ගසක් යට ලා තණ මත පිරිස සහිතව හුන්නේය.
තාපසා කථං සමුට්ඨාපෙසුං “රාජගෙහෙ වංසානුරක්ඛිතො පුත්තො නත්ථි, සාධු වතස්ස සචෙ රාජා පුත්තං ලභෙය්ය, පවෙණි ඝටීයෙථා”ති. මහාරක්ඛිතො තෙසං කථං සුත්වා “භවිස්සති නු ඛො රඤ්ඤො පුත්තො, උදාහු නො”ති උපධාරෙන්තො “භවිස්සතී”ති ඤත්වා එවමාහ “මා භොන්තො චින්තයිත්ථ, අජ්ජ පච්චූසකාලෙ එකො දෙවපුත්තො චවිත්වා රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිස්සතී”ති. තං සුත්වා එකො කුටජටිලො “ඉදානි රාජකුලූපකො භවිස්සාමී”ති චින්තෙත්වා තාපසානං ගමනකාලෙ ගිලානාලයං කත්වා නිපජ්ජිත්වා “එහි ගච්ඡාමා”ති වුත්තො “න සක්කොමී”ති ආහ. මහාරක්ඛිතො තස්ස නිපන්නකාරණං ඤත්වා “යදා සක්කොසි, තදා ආගච්ඡෙය්යාසී”ති වත්වා ඉසිගණං ආදාය හිමවන්තමෙව ගතො. කුහකොපි නිවත්තිත්වා වෙගෙනාගන්ත්වා රාජද්වාරෙ ඨත්වා “මහාරක්ඛිතස්ස උපට්ඨාකතාපසො ආගතො”ති රඤ්ඤො ආරොචාපෙත්වා රඤ්ඤා වෙගෙන පක්කොසාපිතො පාසාදං අභිරුය්හ පඤ්ඤත්තාසනෙ නිසීදි. රාජා කුහකං තාපසං වන්දිත්වා එකමන්තං නිසින්නො ඉසීනං ආරොග්යං පුච්ඡිත්වා “භන්තෙ, අතිඛිප්පං නිවත්තිත්ථ, වෙගෙන කෙනත්ථෙනාගතත්ථා”ති ආහ. “ආම, මහාරාජ, ඉසිගණො සුඛනිසින්නො ‘සාධු වතස්ස, සචෙ රඤ්ඤො පවෙණිපාලකො පුත්තො උප්පජ්ජෙය්යා’ති කථං සමුට්ඨාපෙසි. අහං කථං සුත්වා “භවිස්සති නු ඛො රඤ්ඤො පුත්තො, උදාහු නො”ති දිබ්බචක්ඛුනා ඔලොකෙන්තො “මහිද්ධිකො දෙවපුත්තො චවිත්වා අග්ගමහෙසියා සුධම්මාය කුච්ඡිම්හි නිබ්බත්තිස්සතී”ති දිස්වා “අජානන්තා ගබ්භං නාසෙය්යුං, ආචික්ඛිස්සාමි නෙස”න්ති තුම්හාකං කථනත්ථාය ආගතො. කථිතං තෙ මයා, ගච්ඡාමහං, මහාරාජාති. රාජා “භන්තෙ, න සක්කා ගන්තු”න්ති හට්ඨතුට්ඨො පසන්නචිත්තො කුහකතාපසං උය්යානං නෙත්වා වසනට්ඨානං සංවිදහිත්වා අදාසි. සො තතො පට්ඨාය රාජකුලෙ භුඤ්ජන්තො වසති, “දිබ්බචක්ඛුකො”ත්වෙවස්ස නාමං අහොසි.
තාපසයෝ “රජ මැදුරෙහි පරපුර රකින්නා වූ පුත්‍රයෙක් නැත. ඉදින් පරපුර නොසිඳ පවත්වන්නේද එවැනි වූ පුතෙකු රජු ලබන්නේ නම් මැනව”යි කථාවක් ඉපිදවූහ. මහා රක්ඛිත තවුසාද ඔවුන්ගේ කථාව අසා රජුට පුතෙක් වන්නේද නැතිනම් නොවන්නේදැයි විමසා බලනුයේ “වන්නේයයි” දැන මෙසේ කීවේය. පින්වතුනි, ඔබලා නොසිතව්. අද අළුයම් කාලයෙහි එක් දේවපුත්‍රයෙක් දෙව්ලොවින් චුත වී රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ යයි කීවේය. ඒ අසා එක් කපටි ජටිලයෙක් දැන් රජමැදුරට හිතවත් වූවෙක් වන්නෙමෙියි සිතා තාපසයන් යන කල්හි ගිලන් වූ බවක් දක්වා වැඳ හෙව එව යමුයි කී කල්හි නොහැකි වෙමියි කීවේය. මහාරක්ඛිත තෙමේ ඔහු වැදහොත් කරුණ දැන යම්දිනක හැකි වන්නෙහිද එකල්හි පැමිණෙවයි තවුස් සමූහයා ගෙන හිමවතටම ගියේය. කුහකයාද ආපසු හැරී වේගයෙන් ගොස් රජ දොරටුවෙහි සිට මහා රක්ඛිතගේ උපස්ථායක වූ තාපසයා පැමිණියේ යයි රජුට දන්වා වහා කැඳවන ලද්දේ ප්‍රාසාදයට නැග පනවන ලද ආසනයෙහි හුන්නේය. රජු කුහක ජටිලයාට වැඳ එකත්පස්ව සිටියේ තවුසන්ගේ සුවදුක් විමසා ස්වාමීනි, වහා ආපසු හැරී කවර කරුණක් නිසා මෙහි පැමිණියේදැයි කීවේය. මහරජතුමනි, එසේය. තවුස් සමූහයා සුවසේ හුන්නේය. ඔබට යහපතක් වේවා! ඉදින් රජුට පරපුර පාලනය කරන්නා වූ පුතෙක් උපදින්නේ යයි කථාවක් ඉපිදවීය. මම ඒ කථාව අසා ඒකාන්තයෙන් රජුට පුතෙක් වන්නේ යයි දිවැසින් දකිනුයේ මහත් වූ සෘද්ධි ඇති දෙව්පුතෙක් දෙව්ලොවින් චුත වී අගමෙහෙසිය වූ සුධර්මාවගේ කුසෙහි උපදින්නේ යයි දැක (ඔබලා) නොදන්නාහු නසන්නාහු නම් නපුරුයි. ඔබලාට කියන්නෙමියි ඔබවහන්සේලාට කීම පිණිස පැමිණියේ වෙමි. ඔබට කිවයුත්ත මවිසින් කියන ලදි. මහරජතුමනි, මම යමියි කීවේය. ස්වාමීනි, යන්නට නොහැකි යයි සතුටු වූ පැහැදුන සිත් ඇති රජු කුහක තාපසයා උයනට පමුණුවා වාසස්ථානයක් පිළියෙල කර දුන්නේය. හෙතෙම එතැන් පටන් රජමාලිගයෙහි වළඳමින් වසයි. ඔහුට දිවැස් ඇත්තා යයි නමක් වීය.
තදා බොධිසත්තො තාවතිංසභවනා චවිත්වා තත්ථ පටිසන්ධිං ගණ්හි. ජාතස්ස චස්ස නාමග්ගහණදිවසෙ “සොමනස්සකුමාරො”ත්වෙව නාමං කරිංසු. සො කුමාරපරිහාරෙන වඩ්ඪති. කුහකතාපසොපි උය්යානස්ස එකස්මිං පස්සෙ නානප්පකාරං සූපෙය්යසාකඤ්ච වල්ලිඵලානි ච රොපෙත්වා පණ්ණිකානං හත්ථෙ වික්කිණන්තො ධනං සණ්ඨපෙසි. බොධිසත්තස්ස සත්තවස්සිකකාලෙ රඤ්ඤො පච්චන්තො කුප්පි. “දිබ්බචක්ඛුතාපසං මා පමජ්ජී”ති කුමාරං පටිච්ඡාපෙත්වා “පච්චන්තං වූපසමෙස්සාමී”ති ගතො. අථෙකදිවසං කුමාරො “ජටිලං පස්සිස්සාමී”ති උය්යානං ගන්ත්වා කූටජටිලං එකං ගණ්ඨිකකාසාවං නිවාසෙත්වා එකං පාරුපිත්වා උභොහි හත්ථෙහි ද්වෙ උදකඝටෙ ගහෙත්වා සාකවත්ථුස්මිං උදකං ආසිඤ්චන්තං දිස්වා “අයං කූටජටිලො අත්තනො සමණධම්මං අකත්වා පණ්ණිකකම්මං කරොතී”ති ඤත්වා “කිං කරොසි පණ්ණිකගහපතිකා”ති තං ලජ්ජාපෙත්වා අවන්දිත්වාව නික්ඛමි. කූටජටිලො “අයං ඉදානෙව එවරූපො පච්චාමිත්තො, කො ජානාති කිං කරිස්සති, ඉදානෙව නං නාසෙතුං වට්ටතී”ති චින්තෙත්වා රඤ්ඤො ආගමනකාලෙ පාසාණඵලකං එකමන්තං ඛිපිත්වා පානීයඝටං භින්දිත්වා පණ්ණසාලාය තිණානි විකිරිත්වා සරීරං තෙලෙන මක්ඛෙත්වා පණ්ණසාලං පවිසිත්වා සසීසං පාරුපිත්වා මහාදුක්ඛප්පත්තො විය මඤ්චෙ නිපජ්ජි. රාජා ආගන්ත්වා නගරං පදක්ඛිණං කත්වා නිවෙසනං අපවිසිත්වාව “මම සාමිකං දිබ්බචක්ඛුකං පස්සිස්සාමී”ති පණ්ණසාලද්වාරං ගන්ත්වා තං විප්පකාරං දිස්වා “කිං නු ඛො එත”න්ති අන්තො පවිසිත්වා තං නිපන්නකං දිස්වා පාදෙ පරිමජ්ජන්තො පඨමං ගාථමාහ –
එකල්හි බෝසත් තෙමේ තව්තිසා භවනයෙන් චුත වී ඒ දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. උපන්නා වූ ඔහුට නම් තබන දිනයෙහිදී සෝමනස්ස කුමාරයා යයි නම් කළාහුය. හෙතෙම කුමාර ලීලාවෙන් වැඩෙයි. කුහක තාපසයා උයනෙහි එක්පසෙක නන් වැදෑරුම් ව්‍යාඤ්ජන සඳහා වූ පලා වර්ගද වැල් වර්ගද ගෙඩි වර්ගද රෝපණය කර යන එන්නවුන් අත විකුණන්නේ ධනය රැස් කළේය. බෝසතුන් සත්වයස් කාලයෙහි රජුගේ පිටිසරබද ප්‍රදේශයක් කිපියේය. හෙතෙම දිබ්බචක්ඛු තවුසා පිළිබඳව ප්‍රමාද නොවව යයි කුමාරයාට පවරා දී පසල් දනව්ව සන්සිඳුවන්නෙමියි ගියේය. ඉක්බිති එක් දවසක් කුමාරයා ජටිලයා දකින්නෙමියි උයනට ගොස් එක් ගැටවටු කසාවතක් හැඳ එකක් පොරවා දෙඅතින් වතුර කල දෙකක් ගෙන එළවලු පාත්තිවල ජලය ඉසින්නා වූ කපටි ජටිලයා දැක මේ කපටි ජටිලයා තමාගේ මහණකම නොකර වෙළදාම් කරයි යයි දැන වෙළද ගැහැවිය කුමක් කරන්නෙහි දැයි ඔහු ලජ්ජාවට පමුණුවා නොවැඳම පිටත්ව ගියේය. කපටි ජටිලයා මෙතෙම දැන් මෙබඳුය. පසුව කුමක් කරන්නේදැයි කවරෙක් දනීද? දැන්ම මොහු නසන්නට වටී යයි සිතා රජු පැමිණෙන කල්හි ගල්තලාව පසෙක හෙලා පැන්කලය බිඳ පන්සලෙහි තණකොළ විසුරුවා සිරුර තෙලින් ගල්වා පන්සලට පිවිස හිස පිටින් පොරොවා මහ දුකකට පත් වූවෙකු මෙන් ඇඳෙහි හොත්තේය. රජු අවුත් නගරය ප්රදක්ෂිණා කර මාලිගයට නොපිවිස මාගේ ස්වාමී වූ දිබ්බචක්ඛුක තවුසා දකින්නෙමියි පන්සලට දොරට ගොස් ඒ විකාරය දැක මේ කිමෙක්දැයි ඇතුලට පිවිස හොත්තා වූ ඔහු දැක පාදයන් පිරිමදිමින් පළමු ගාථාව කීවේය.
“කො තං හිංසති හෙඨෙති, කිං දුම්මනො සොචසි අප්පතීතො; කස්සජ්ජ මාතාපිතරො රුදන්තු, ක්වජ්ජ සෙතු නිහතො පථබ්‍යා”ති.
කො තං හිංසති හෙඨෙති, කිං දුම්මනො සොචසි අප්පතීතො, කස්සජ්ජ මාතා පිතරො රුදන්තු, ක්වජ්ජ සෙතු නිහතො පථව්‍යා, ති
1. ස්වාමීනි, කවරෙක් ඔබ හිංසා කෙරේද, කවරෙක් බැන වදීද? දොම්නස් වූයේ නොසතුටු සිත් ඇත්තේ කුමක් හෙයින් ශෝක කෙරේද? අද කවරෙකුගේ මව්පියෝ හඬත්ද? අද කවරෙක් නසන ලද්දේ පොළොවෙහි සයනය කෙරෙත්ද?
තත්ථ හිංසතීති පහරති. හෙඨෙතීති අක්කොසති. ක්වජ්ජ සෙතූති කො අජ්ජ සයතු.
එහි හිංසති යනු පහර දෙයි. විහඨෙති යනු ආක්‍රෝශ කරයි. ක්වජ්ජසෙතු යනු කවරෙක් අද සයනය කෙරේද?
තං සුත්වා කූටජටිලො නිත්ථුනන්තො උට්ඨාය දුතියං ගාථමාහ –
ජටිලයා ඒ අසා කෙඳිරි ගාමින් නැගිට දෙවන ගාථාව කීවේය.
“තුට්ඨොස්මි දෙව තව දස්සනෙන, චිරස්සං පස්සාමි තං භූමිපාල; අහිංසකො රෙණුමනුප්පවිස්ස, පුත්තෙන තෙ හෙඨයිතොස්මි දෙවා”ති.
2. දේවයන් වහන්ස, ඔබගේ දැකීමෙන් සතුටු වූයේ වෙමි. පෘථුවි පාලකය ඔබ බොහෝ කලකින් දුටුවේ වෙමි. රේණු නම් දේවයන් වහන්ස, ඔබගේ පුත්‍රයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම පෙළන ලද්දේ වෙමි.
ඉතො පරා උත්තානසම්බන්ධගාථා පාළිනයෙනෙව වෙදිතබ්බා –
මෙතැන් පටන් ගොඩනැගෙන සම්බන්ධ ගාථාවෝ පෙළෙහි පරිද්දෙන්ම දත යුත්තාහ.
“ආයන්තු දොවාරිකා ඛග්ගබන්ධා, කාසාවියා යන්තු අන්තෙපුරන්තං; හන්ත්වාන තං සොමනස්සං කුමාරං, ඡෙත්වාන සීසං වරමාහරන්තු.
3. බඳනා ලද කඩු ඇති දොරටුපාලයෝ යෙත්වා. චෞර ඝාතක වධකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස කුමාරයා නසා උතුම් හිස ගෙන එත්වා.
“පෙසිතා රාජිනො දූතා, කුමාරං එතදබ්රවුං; ඉස්සරෙන විතිණ්ණොසි, වධං පත්තොසි ඛත්තිය.
4. යවන ලද රජුගේ දූතයෝ කුමාරයාට මේ බව කීවාහුය. ක්ෂත්රියය ඔබ රජු විසින් හරනා ලද්දෙහිය. වධයට පැමිණියේ වෙහිය.
“ස රාජපුත්තො පරිදෙවයන්තො, දසඞ්ගුලිං අඤ්ජලිං පග්ගහෙත්වා; අහම්පි ඉච්ඡාමි ජනින්ද දට්ඨුං, ජීවං මං නෙත්වා පටිදස්සයෙථ.
5. ඒ රාජපුත්‍රයා හඬමින් දස ඇඟිලි බඳදැළිකොට මමද රජු දක්නට කැමැත්තෙමි. ජීවත් වන්නා වූ මා රජු වෙත පමුණුවා දක්වවයි කීවේය.
“තස්ස තං වචනං සුත්වා, රඤ්ඤො පුත්තං අදස්සයුං; පුත්තො ච පිතරං දිස්වා, දූරතොවජ්ඣභාසථ.
6. (රාජපුරුෂයෝ) ඔහුගේ ඒ වචනය අසා රජුට පුත්‍රයා දැක්වූවාහුය. පුතාද පියා දැක දුරදීම මෙසේ කීවේය.
“ආගච්ඡුං දොවාරිකා ඛග්ගබන්ධා, කාසාවියා හන්තු මමං ජනින්ද; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, අපරාධො කො නිධ මමජ්ජ අත්ථී”ති.
7. රජතුමනි, බඳනා ලද කඩු ඇති දොරටුපාලයෝ ආවාහුය. චෞර ඝාතකයෝ මා නසත්වා. අද මෙහිලා මගේ කවර වරදක් ඇත්දැයි විමසන්නා වූ මට මේ කරුණ කියව යනුයි.
තත්ථ අහිංසකොති අහං කස්සචි අහිංසකො සීලාචාරසම්පන්නො. රෙණුමනුප්පවිස්සාති මහාරාජ රෙණු, අහං තව පුත්තෙන මහාපරිවාරෙන අනුපවිසිත්වා “අරෙ කූටතාපස, කස්මා ත්වං ඉධ වසසී”ති වත්වා පාසාණඵලකං ඛිපිත්වා ඝටං භින්දිත්වා හත්ථෙහි ච පාදෙහි ච කොට්ටෙන්තෙන විහෙඨිතොස්මීති එවං සො අභූතමෙව භූතං විය කත්වා රාජානං සද්දහාපෙසි. ආයන්තූති ගච්ඡන්තු. “මම සාමිම්හි විප්පටිපන්නකාලතො පට්ඨාය මයිපි සො න ලජ්ජිස්සතී”ති කුජ්ඣිත්වා තස්ස වධං ආණාපෙන්තො එවමාහ. කාසාවියාති චොරඝාතකා. තෙපි ඵරසුහත්ථා අත්තනො විධානෙන ගච්ඡන්තූති වදති. වරන්ති වරං සීසං උත්තමසීසං ඡින්දිත්වා ආහරන්තු.
එහි අහිංසකො යනු මම කිසිවෙකුටත් හිංසා නොකරන්නෙක් වෙමි. හික්මුණු පැවැත්මෙන් යුක්ත වූයේ වෙමි. රෙණු මනුප්පවිස්සෙ යනු රේණු මහරජතුමනි, මම, මහත් වූ පිරිවර සමග පැමිණි ඔබගේ පුතු විසින් අසපුවට පිවිස බොල කපටි තාපසය, නුඹ කුමක් නිසා මෙහි වාසය කරහිදැයි කියා ගල්පුවරුව විසිකර කලය බිඳ අත්වලින්ද පාවලින්ද තලා හිංසාවට පත්කරන ලද්දේ වෙමියි මෙසේ හෙතෙම නොවූවක්ම වූවක් මෙන් කොට රජුට ඇදැහවීය. ආයන්තු යනු යෙත්වා. මගේ ස්වාමිවරයා පිළිබඳව නපුරු ලෙස පිළිපැදි කල් පටන් ඔහු මා කෙරෙහිද ලජ්ජා නොවන්නේ යයි කිපී ඔහුට මරණය අණවමින් මෙසේ කීවේය. කාසාවියා යනු සොරු නසන්නෝය. පොරෝ ගත් අත් ඇත්තා වූ ඔවුහු තමාගේ නියමයෙන් යෙත්වායි කියයි. වරං යනු උත්තමාංගය වූ හිස සිඳගෙන එත්වා.
රාජිනොති භික්ඛවෙ, රඤ්ඤො සන්තිකා දූතා රඤ්ඤා පෙසිතා වෙගෙන ගන්ත්වා මාතරා අලඞ්කරිත්වා අත්තනො අඞ්කෙ නිසීදාපිතං කුමාරං පරිවාරෙත්වා එතදවොචුං. ඉස්සරෙනාති රඤ්ඤා. විතිණ්ණොසීති පරිච්චත්තොසි. ස රාජපුත්තොති භික්ඛවෙ, තෙසං වචනං සුත්වා මරණභයතජ්ජිතො මාතු අඞ්කතො උට්ඨාය සො රාජපුත්තො . පටිදස්සයෙථාති දස්සෙථ. තස්සාති භික්ඛවෙ, තෙ දූතා කුමාරස්ස තං වචනං සුත්වා මාරෙතුං අවිසහන්තා ගොණං විය නං රජ්ජුයා පරිකඩ්ඪන්තා නෙත්වා රඤ්ඤො දස්සයුං. කුමාරෙ පන නීයමානෙ දාසිගණපරිවුතා සද්ධිං ඔරොධෙහි සුධම්මාපි දෙවී නාගරාපි “මයං නිරපරාධං කුමාරං මාරෙතුං න දස්සාමා”ති තෙන සද්ධිංයෙව අගමංසු. ආගච්ඡුන්ති තුම්හාකං ආණාය මම සන්තිකං ආගමිංසු. හන්තුං මමන්ති මං මාරෙතුං. කො නීධාති කො නු ඉධ මම අපරාධො, යෙන මං ත්වං මාරෙසීති පුච්ඡි.
රාජිනො යනු මහණෙනි, රජු සමීපයෙන් යවන ලද රාජදූතයෝ වේගයෙන් ගොස් මව විසින් අලංකාර කරන තමාගේ ඇකයෙහි හිඳුවන ලද කුමාරයා පිරිවරා මෙසේ කීවාහුය. ඉස්සරෙන යනු රජු විසින්. විතිණ්ණාසි යනු අත්හරන ලද්දේ වෙහිය. ස රාජපුත්තො යනු මහණෙනි, ඔවුන්ගේ වචනය අසා මරණ බියෙන් තැති ගත්. මව්කුසින් නැගී සිටි ඒ රාජපුත්‍රයා, පටිදස්සයෙථ යනු දක්වව්. තස්ස යනු මහණෙනි, ඒ දූතයෝ කුමාරයාගේ ඒ වචනය අසා මරන්නට නොහැකි වන්නේ රැහැණින් බැඳි ගොනෙකු මෙන් අදින්නාහු රජු වෙතට පමුණුවා රජුට දැක්වූවාහුය. කුමාරයා ගෙන යනු ලබන කල්හි දාසී සමූහයා විසින් පිරිවරන ලද අන්තඃපුර ස්ත්‍රීන් සහිත වූ සුධර්මා දේවියද නුවර වැසියෝද නිවැරදි වූ කුමාරයා මරන්නට අපි නොදෙමු යයි ඔහු සමගම ගියාහුය. හන්තුමමං යනු මා මරන්නට. කොනීධ යනු යම්හෙයකින් ඔබ මා මරහිද මෙහිලා මගේ අපරාධය කවරක්දැයි විචාළේය.
රාජා “භවග්ගං අතිනීචං, තව දොසො අතිමහන්තො”ති තස්ස දොසං කථෙන්තො ගාථමාහ –
රජු භවාග්‍රය ඉතා පහත්ය. ඔබගේ දෝෂය ඉතා මහත් යයි ඔහුගේ වරද කියන්නේ.
“සායඤ්ච පාතො උදකං සජාති, අග්ගිං සදා පාරිචරතප්පමත්තො; තං තාදිසං සංයතං බ්රහ්මචාරිං, කස්මා තුවං බ්රූසි ගහප්පතී”ති.
8. සවසද උදේද, උදකාරෝහණයෙන් පිරිසිදු වීම කරයි. නොපමාව හැමකල්හි ගිනිදෙවියන් පුදන්නා වූ සංයම වූ බ්‍රහ්මචාරී වූ එබඳු තාපසයාට කුමක් හෙයින් ඔබ ගෘහපතියා යයි කීවෙහිද?යි යන ගාථාව කීවේය.
තත්ථ උදකං සජාතීති උදකොරොහණකම්මං කරොති. තං තාදිසන්ති තං තථාරූපං මම සාමිං දිබ්බචක්ඛුතාපසං කස්මා ත්වං ගහපතිවාදෙන සමුදාචරසීති වදති.
එහි උදකං සජාති යනු පිරිසිදු වීම පිණිස ජලයට බැස ගැන්ම කරයි. තාදිසං යනු එබඳු වූ මගේ ඒ දිබ්බචක්ඛු තාපසයාට ඔබ කුමක් හෙයින් ගෘහපතිවාදයෙන් හැසුරුනෙහිදැයි කියයි.
තතො කුමාරො “දෙව, මය්හං ගහපතිඤ්ඤෙව ‘ගහපතී’ති වදන්තස්ස කො දොසො”ති වත්වා ගාථමාහ –
අනතුරුව කුමාරයා දේවයන් වහන්ස, ගෘහපතියෙකුටම ගෘහපතියා යයි කියන්නා වූ මාගේ කවර දෝෂයක්දැයි කියා,
“තාලා ච මූලා ච ඵලා ච දෙව, පරිග්ගහා විවිධා සන්තිමස්ස; තෙ රක්ඛති ගොපයතප්පමත්තො, තස්මා අහං බ්රූමි ගහප්පතී”ති.
9. දේවයන් වහන්ස, තල්ද-අලමුල්ද, ගෙඩිද යන නොයෙක් විවිධ වස්තූන් මොහුට ඇත. මෙතෙම නොපමා වූයේ ඒවා රකී. ඒ කරුණින් මේ බමුණා ගෘහපතියෙක් වෙයි යන ගාථාව කීවේය.
තත්ථ මූලාති මූලකාදිමූලානි. ඵලාති නානාවිධානි වල්ලිඵලානි. තෙ රක්ඛති ගොපයතප්පමත්තොති තෙ එස තව කුලූපකතාපසො පණ්ණිකකම්මං කරොන්තො නිසීදිත්වා රක්ඛති, වතිං කත්වා ගොපයති අප්පමත්තො, තෙන කාරණෙන සො තව බ්රාහ්මණො ගහපති නාම හොති.
එහි මූලා යනු අල ආදී වූ මුල්‍ය. ඵලානි යනු නන් වැදෑරුම් වූ වැල්ගෙඩිය. තෙ රක්ඛති ගොපයතඅප්පමත්තො යනු මේ ඔබගේ යහළු තාපසයා ඒවා වෙළඳාම් කරමින් සිටිනුයේ ආරක්ෂා කරයි. වැට ඉදිකර රකී. හෙතෙම ඒ කරුණෙහි ලා අප්රමාදී වූයේය. ඔබගේ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා වූ හෙතෙම ඒ කරුණින් ගෘහපතියෙක් නම් වේ.
ඉති නං අහම්පි “ගහපතී”ති කථෙසිං. සචෙ න සද්දහසි, චතූසු ද්වාරෙසු පණ්ණිකෙ පුච්ඡාපෙහීති. රාජා පුච්ඡාපෙසි. තෙ “ආම, මයං ඉමස්ස හත්ථතො පණ්ණඤ්ච ඵලාඵලානි ච කිණාමා”ති ආහංසු. පණ්ණවත්ථුම්පි උපධාරාපෙත්වා පච්චක්ඛමකාසි. පණ්ණසාලම්පිස්ස පවිසිත්වා කුමාරස්ස පුරිසා පණ්ණවික්කයලද්ධං කහාපණමාසකභණ්ඩිකං නීහරිත්වා රඤ්ඤො දස්සෙසුං. රාජා මහාසත්තස්ස නිද්දොසභාවං ඤත්වා ගාථමාහ –
මෙසේ මමද ඔහුට ගෘහපති යයි කීවෙමි. ඉදින් නොඅදහන්නෙහි නම් සිව්දොර වෙළඳුන්ගෙන් අසවවයි රජු විචාරවවීය. ඔවුහු එසේය. අපි මොහුගේ අතින් පලාද, ඵලාපලයන්ද විකුණමු යයි කීවාහුය. වෙළඳ බඩු පරීක්ෂා කර බලා ප්රත්යක්ෂ කළේය. කුමාරයාගේ පිරිස මොහුගේ පන්සලට පිවිස වෙළඳ ද්‍රව්‍යයන් විකිණීමෙන් ලද කහවනු, මසුරන් භාණ්ඩ බැහැරට ගෙනවුත් රජුට දැක්වූවාහුය. රජු මහබෝසතුන්ගේ නිදොස් බව දැන
“සච්චං ඛො එතං වදසි කුමාර, පරිග්ගහා විවිධා සන්තිමස්ස; තෙ රක්ඛති ගොපයතප්පමත්තො, ස බ්රාහ්මණො ගහපති තෙන හොතී”ති.
10. කුමාරය, මේ ඇත්තක්ම කියෙහිය. මොහුට විවිධ වස්තූන් ඇත. මොහු නොපමා වී ඒවා ආරක්ෂා කරයි. ඒ කරුණින් බ්‍රාහ්මණයා ගෘහපතියෙක් වෙයි යන ගාථාව කීවේය.
තතො මහාසත්තො චින්තෙසි “එවරූපස්ස බාලස්ස රඤ්ඤො සන්තිකෙ වාසතො හිමවන්තං පවිසිත්වා පබ්බජිතුං වරං, පරිසමජ්ඣෙයෙවස්ස දොසං ආවිකත්වා ආපුච්ඡිත්වා අජ්ජෙව නික්ඛමිත්වා පබ්බජිස්සාමී”ති. සො පරිසාය නමක්කාරං කත්වා ගාථමාහ –
අනතුරුව මහබෝසත් තෙමේ මෙසේ සිතුවේය. මෙබඳු වූ මෝඩ රජුගේ වාසස්ථානයෙන් (නික්ම) හිමවතට පිවිස පැවිදි වීමම උතුම් යි පිරිස මැදදීම ඔහුගේ දොස් කියා විමසා අදම නික්මී පැවිදි වන්නෙමියි සිතා හෙතෙම පිරිසට නමස්කාර කර
“සුණන්තු මය්හං පරිසා සමාගතා, සනෙගමා ජානපදා ච සබ්බෙ; බාලායං බාලස්ස වචො නිසම්ම, අහෙතුනා ඝාතයතෙ මං ජනින්දො”ති.
11. නියම්ගම් වැසියන් සහිත වූ මෙහි රැස් වූ ජනපදවැසි සියළු පිරිස මාගේ වචනය අසත්වා. මෝඩ වූ මේ රජු මෝඩ තාපසයාගේ වචනය අසා හේතු රහිතවම මා නසන්නේය යන ගාථාව කීවේය.
තත්ථ බාලායං බාලස්සාති අයං රාජා සයං බාලො ඉමස්ස බාලස්ස කූටජටිලස්ස වචනං සුත්වා අහෙතුනාව මං ඝාතයතෙති.
එහි බාලායං බාලස්ස යනු මේ රජු තෙමේ මෝඩයෙක් වූයේ මෝඩ මේ කපටි ජටිලයාගේ වචනය අසා නිකරුනේම මා නසන්නේය යනුයි.
එවඤ්ච පන වත්වා පිතරං වන්දිත්වා අත්තානං පබ්බජ්ජාය අනුජානාපෙන්තො ඉතරං ගාථමාහ –
මෙසේද කියා තමා අනුදන්වමින් වෙනත් ගාථාවක් කීවේය.
“දළ්හස්මි මූලෙ විසටෙ විරූළ්හෙ, දුන්නික්කයො වෙළු පසාඛජාතො; වන්දාමි පාදානි තව ජනින්ද, අනුජාන මං පබ්බජිස්සාමි දෙවා”ති.
12. අතුපතර වැඩී ගිය උණගස දැඩිව වැඩීගිය මුල් ඇතිව මහත් කොට වැඩුන කල්හි උදුරා දැමීම අපහසුය. රජතුමනි, ඔබගේ පාදයන් වඳිමි. දේවයන් වහන්ස, මම පැවිදි වන්නෙමි. අනුදැනලුව මැනවි.
තත්ථ විසටෙති විසාලෙ මහන්තෙ ජාතෙ. දුන්නික්කයොති දුන්නික්කඩ්ඪියො.
එහි විසතෙ යනු විශාල, මහත් වූ, කල්හි දුන්නික්ඛයො යනු උදුරා ඉවතට දැමීම.
තතො පරා රඤ්ඤො ච පුත්තස්ස ච වචනපටිවචනගාථා හොන්ති –
අනතුරුව රජුගේද පුතුගේද වදන් පිළිවදන් ගාථාවෝ වෙති.
“භුඤ්ජස්සු භොගෙ විපුලෙ කුමාර, සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි; අජ්ජෙව ත්වං කුරූනං හොහි රාජා, මා පබ්බජී පබ්බජ්ජා හි දුක්ඛා.
13. කුමාරය, මහත් වූ ප්‍රයෝජන ඇති සම්පත් අනුභව කරව. ඔබට සියළු ඉසුරු දෙමි. ඔබ අදම කුරුරට වැසියන්ට රජ වෙහි. පැවිදි නොවන්න. පැවිද්ද වූ කලී දුකකි.
“කින්නූධ දෙව තවමත්ථි භොගා, පුබ්බෙවහං දෙවලොකෙ රමිස්සං; රූපෙහි සද්දෙහි අථො රසෙහි, ගන්ධෙහි ඵස්සෙහි මනොරමෙහි.
14. දේවයන් වහන්ස, මෙහි ඔබට කවර නම් සම්පත්තියක් ඇත්ද? පෙර මම දෙව්ලොවදී සිත් අලවනසුළු රූපයන්ගෙන්ද, ශබ්දයන්ගෙන්ද, තවද රසයන්ගෙන්ද සුවඳින්ද, ස්පර්ශයන්ගෙන්ද ප්‍රීතිමත් වූයේ වෙමි.
“භුත්තා ච මෙ භොගා තිදිවස්මිං දෙව, පරිවාරිතො අච්ඡරානං ගණෙන; තුවඤ්ච බාලං පරනෙය්යං විදිත්වා, න තාදිසෙ රාජකුලෙ වසෙය්යං.
15. දේවයන් වහන්ස, දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලදුයේ දෙව්ලොව සම්පත් මවිසින් විඳින ලද්දේ වෙමි. ඔබද අනිකෙකු විසින් මෙහෙයවිය යුතු මෝඩයෙකු කොට දැන එබඳු වූ රජගෙයි නොවසන්නේ වෙමි.
“සචාහං බාලො පරනෙය්යො අස්මි, එකාපරාධං ඛම පුත්ත මය්හං; පුනපි චෙ එදිසකං භවෙය්ය, යථාමතිං සොමනස්ස කරොහී”ති.
16. ඉදින් මම අනිකෙකු විසින් මෙහෙයවිය යුතු මෝඩයෙක් වන්නෙම්ද, පුත්‍රය මගේ එකම වරද ඉවසව. ඉදින් නැවතද මෙබන්දක් වන්නේ නම් එකල්හි සිතැඟි පරිදි කැමති දෙයක් කරව යනුවෙනි.
තත්ථ දුක්ඛාති තාත, පබ්බජ්ජා නාම පරපටිබද්ධජීවිකත්තා දුක්ඛා, මා පබ්බජි, රාජා හොහීති තං යාචි. කින්නූධ දෙවාති දෙව, යෙ තව භොගා, තෙසු කිං නාම භුඤ්ජිතබ්බං අත්ථි. පරිවාරිතොති පරිචාරිතො, අයමෙව වා පාඨො. තස්ස කිර ජාතිස්සරඤාණං උප්පජ්ජි, තස්මා එවමාහ. පරනෙය්යන්ති අන්ධං විය යට්ඨියා පරෙන නෙතබ්බං. තාදිසෙති තාදිසස්ස රඤ්ඤො සන්තිකෙ න පණ්ඩිතෙන වසිතබ්බං, මයා අත්තනො ඤාණබලෙන අජ්ජ ජීවිතං ලද්ධං, නාහං තව සන්තිකෙ වසිස්සාමීති ඤාපෙතුං එවමාහ. යථාමතින්ති සචෙ පුන මය්හං එවරූපො දොසො හොති, අථ ත්වං යථාඅජ්ඣාසයං කරොහීති පුත්තං ඛමාපෙසි.
එහි දුක්ඛා යනු දරුව, පැවිද්ද නම් අනුන් මත බැඳුන දිවි ඇති හෙයින් දුකකි. පැවිදි නොවහි රජවෙහි යයි ඔහුගෙන් ඇයදීය. කින්නූධ යනු දේවයන් වහන්ස, ඔබගේ යම් සම්පත්තීන් වේද ඒවා අතර කවරක් නම් අනුභව කළ යුත්තක් ඇතිද? පරිචාරිතා යනු පිරිවරන ලදුයේ. මෙයම පෙළද වෙයි. ඔහුට ජාතීන් සැමරීමේ නුවණ ඉපදුනේය. එහෙයින් මෙසේ කීවේය. පරනෙය්යං යනු අන්ධයෙකු මෙන් සැරයටියෙන් අල්ලා අනිකෙකු විසින් පැමිණවිය යුතු. තාදිසෙ යනු පණ්ඩිත තැනැත්තා විසින් එබඳු වූ රජු සමීපයෙහි නොවිසිය යුතුය. මවිසින් අද මගේ නුවණ නැමති බලයෙන් ජීවිතය ලබන ලදි. මම ඔබ සමීපයෙහි නොවසන්නෙමියි දක්වන්නට මෙසේ කීවේය. යථාමතිං යනු ඉදින් නැවත මෙබඳු වරදක් වන්නේද අනතුරුව ඔබ කැමති පරිදි කරවයි කියා පුත්‍රයා ක්ෂමා කරවීය.
මහාසත්තො රාජානං ඔවදන්තො අට්ඨ ගාථා අභාසි –
මහබෝසත් තෙමේ රජුට අවවාද කරමින් ගාථා අටක් කීවේය.
“අනිසම්ම කතං කම්මං, අනවත්ථාය චින්තිතං; භෙසජ්ජස්සෙව වෙභඞ්ගො, විපාකො හොති පාපකො.
17. නොවිමසා කරන ලද ක්‍රියාවද නොසසඳා කළ සිතුවිල්ලද වැරදුන බෙහෙතෙහි මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.
“නිසම්ම ච කතං කම්මං, සම්මාවත්ථාය චින්තිතං; භෙසජ්ජස්සෙව සම්පත්ති, විපාකො හොති භද්රකො.
18. විමසා කරන ලද ක්‍රියාවද, සසඳා කළ සිතුවිල්ලද බෙහෙතෙහි සම්පත්තිය මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.
“අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ්ඤතො පබ්බජිතො න සාධු; රාජා න සාධු අනිසම්මකාරී, යො පණ්ඩිතො කොධනො තං න සාධු.
19. කම්සුව විඳින ගිහි තැනැත්තා නොමැනවි. සංයමයෙන් තොර වූ පැවිද්දාද නොමැනවි. නොවිමසා කටයුතු කරන රජුද නොමැනවි. යම් පණ්ඩිතයෙක් කිපෙනසුළු වේද, ඔහුද නොමැනවි.
“නිසම්ම ඛත්තියො කයිරා, නානිසම්ම දිසම්පති; නිසම්මකාරිනො රාජ, යසො කිත්ති ච වඩ්ඪති.
20.රජු විමසා බලා කටයුතු කරන්නේය. දිශාවන්ට අධිපති රජු නොවිමසා කටයුතු නොකරන්නේය. රජතුමනි, විමසා බලා කටයුතු කරන්නහුගේ යසසද කීර්තියද වැඩෙයි.
“නිසම්ම දණ්ඩං පණයෙය්ය ඉස්සරො, වෙගා කතං තප්පති භූමිපාල; සම්මාපණීධී ච නරස්ස අත්ථා, අනානුතප්පා තෙ භවන්ති පච්ඡා.
21. රජතුමනි, අධිපති තෙම විමසා බලා දඬුවම් නියම කරන්නේද නොවිමසා වහා කරන ලද දඬුවම් තැවීම් ඇති කරන්නේය. මිනිසා විසින් මනාව මෙනෙහි කරන ලද යම් යහපත් කටයුතු වේද ඒවා පසුතැවිලි කරන ඒවා නොවේ.
“අනානුතප්පානි හි යෙ කරොන්ති, විභජ්ජ කම්මායතනානි ලොකෙ; විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි, භවන්ති බුද්ධානුමතානි තානි.
23. ලෝකයෙහි යමෙක් කළයුතු නොකළ යුතු දේ විමසා කෙරෙත්ද ඒවා පසුතැවිල්ලට හේතුනොවන, නුවණැත්තන් විසින් පසසන, සැප විපාක ලබාදෙන, වැඩිහිටියන් විසින් අනුමත කරනු ලබන කටයුතු වේ.
“ආගච්ඡුං දොවාරිකා ඛග්ගබන්ධා, කාසාවියා හන්තු මමං ජනින්ද; මාතුඤ්ච අඞ්කස්මිමහං නිසින්නො, ආකඩ්ඪිතො සහසා තෙහි දෙව.
24. රජතුමනි, බඳනා ලද කටු ඇති දොරටුපාලයෝ ආවාහුය. චෞර ඝාතකයෝ මා නසත්වා! දේවයන් වහන්ස, මවගේ ඇකයෙහි හුන්නා වූ මම ඔවුන් විසින් වහා අදින ලද්දේ වෙමි.
“කටුකඤ්හි සම්බාධං සුකිච්ඡං පත්තො, මධුරම්පි යං ජීවිතං ලද්ධ රාජ; කිච්ඡෙනහං අජ්ජ වධා පමුත්තො, පබ්බජ්ජමෙවාභිමනොහමස්මී”ති.
25. රජතුමනි, කටුක වූ ගැහැට සහිත වූ මහත් දුකකට පත් වූයෙම් මිහිරි වූ ප්‍රිය වූ ජීවිතය ලබා අද මම අපහසුවෙන් මරණයෙන් මිදුනේ වෙමි. මම පැවිද්දෙහිම ඇළුනු සිත් ඇත්තේ වෙමි යි.
තත්ථ අනිසම්මාති අනොලොකෙත්වා අනුපධාරෙත්වා. අනවත්ථාය චින්තිතන්ති අනවත්ථපෙත්වා අතුලෙත්වා අතීරෙත්වා චින්තිතං. විපාකො හොති පාපකොති තස්ස හි යථා නාම භෙසජ්ජස්ස වෙභඞ්ගො විපත්ති, එවමෙවං විපාකො හොති පාපකො. අසඤ්ඤතොති කායාදීහි අසඤ්ඤතො දුස්සීලො. තං න සාධූති තං තස්ස කොධනං න සාධු. නානිසම්මාති අනිසාමෙත්වා කිඤ්චි කම්මං න කරෙය්ය. පණයෙය්යාති පට්ඨපෙය්ය පවත්තෙය්ය. වෙගාති වෙගෙන සහසා. සම්මාපණීධී චාති යොනිසො ඨපිතෙන චිත්තෙන කතා නරස්ස අත්ථා පච්ඡා අනානුතප්පා භවන්තීති අත්ථො. විභජ්ජාති “ඉමානි කාතුං යුත්තානි, ඉමානි අයුත්තානී”ති එවං පඤ්ඤාය විභජිත්වා. කම්මායතනානීති කම්මානි. බුද්ධානුමතානීති පණ්ඩිතෙහි අනුමතානි අනවජ්ජානි හොන්ති. කටුකන්ති දෙව , කටුකං සම්බාධං සුකිච්ඡං මරණභයං පත්තොම්හි. ලද්ධාති අත්තනො ඤාණබලෙන ලභිත්වා. පබ්බජ්ජමෙවාභිමනොහමස්මීති පබ්බජ්ජාභිමුඛචිත්තොයෙවස්මි.
එහි අනිසම්ම යනු නොබලා නොසලකා, අනවත්ථාය චින්තිතං යනු නොසලකා නොසසඳා තීරණය නොකර සිතන ලදි. විපාකො හොති පාපකො යනු ඔහුට වරදවා යෙදූ බෙහෙත යම්සේ විපත්තිකර වේද එසේම ලාමක විපාක ගෙනදෙන්නේ වෙයි. අසංයතො යනු කාය ආදී දොරටුවලින් නොසංසිඳුන දුසිල් ඇති තැනැත්තා. තං න සාධු ඔහුගේ ඒ කෝප සහිත සිත් ඇති බව නොමැනවි. නානිසම්ම යනු සොයා නොබලා කිසියම් කටයුත්තක් නොකරන්නේ නම් පණයෙය්ය එළඹවන්නේය. පවත්වන්නේය. වෙගා යනු වේගයෙන් වහා. සම්මා පණිධි යනු නුවණින් තබන ලද සිතින් කරන ලද කටයුතු මිනිසාට ප්‍රයෝජන පිණිස වෙයි. පසුව පසුතැවිලි වන්නෝ නොවෙති. විභජ්ජ යනු මේවා කළයුතුය. මේවා නොකළ යුතුයයි මෙසේ දැන බෙදා වෙන්කර. කම්මායතනානි යනු කර්මාන්තයෝ. වද්ධානුමතානි යනු පණ්ඩිතයන් විසින් අනුමත කළ නිවැරදි ඒවා වේ. කටුකං යනු දේවයන් වහන්ස, කටුක වූ සම්බාධ සහිත වූ ඉතා දුක් සහගත වූ මරණ බයට පත්වූයේ වෙමි. ලද්ධූ යනු තමාගේ ඤාණ බලයෙන් ලැබ. පබ්බජ්ජ මෙවාභිමනො යනු පැවිද්දට අභිමුඛ වූ සිත් ඇත්තේම වෙමි.
එවං මහාසත්තෙන ධම්මෙ දෙසිතෙ රාජා දෙවිං ආමන්තෙත්වා ගාථමාහ –
මහබෝ සතුන් විසින් මෙසේ ධර්මය දේශනා කළ කල්හි රජු දේවිය අමතා,
“පුත්තො තවායං තරුණො සුධම්මෙ, අනුකම්පකො සොමනස්සො කුමාරො; තං යාචමානො න ලභාමි ස්වජ්ජ, අරහසි නං යාචිතවෙ තුවම්පී”ති.
26. සුධර්මාවනි, ඔබගේ මේ පුත්‍රයා වූ සෝමනස්ස කුමාරයා අනුකම්පා ඇත්තෙකි. තරුණයෙකි. දැන් ඔහු වෙතින් අයදින ලද්දා වූ මම (එය) නොලදිමි. ඔබද අප වෙනුවෙන් අයදින්නට සුදුසු වෙහිය.
යන ගාථාව කීවේය.
තත්ථ යාචිතවෙති යාචිතුං.
එහි යාචිතවෙ යනු අයදින්නට.
සා පබ්බජ්ජායමෙව උයොජෙන්තී ගාථමාහ –
ඇය පැවිද්ද සඳහාම යොමු කරවන්නී
“රමස්සු භික්ඛාචරියාය පුත්ත, නිසම්ම ධම්මෙසු පරිබ්බජස්සු; සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අනින්දිතො බ්රහ්මමුපෙති ඨාන”න්ති.
27. පුත්‍රය, පිඬුසිඟා යෑමෙහි ඇලෙව. ධර්මයන්හි විමසිලිමත් වී පැවිදි වව. සියළු සත්ත්වයන් කෙරෙහි දඬුවම් බහා තබා නින්දා නොලබා ඒකාන්තයෙන් බ්‍රහ්ම ලෝකයට එළඹෙව ය යන ගාථාව කීවාය.
තත්ථ නිසම්මාති පබ්බජන්තො ච නිසාමෙත්වා මිච්ඡාදිට්ඨිකානං පබ්බජ්ජං පහාය සම්මාදිට්ඨියුත්තං නිය්යානිකපබ්බජ්ජං පබ්බජ.
එහි නිසම්ම යනු පැවිදිවන්නේද විමසා බලා මිත්‍යාදෘෂ්ටික පැවිද්ද අතැර සම්මාදිටිඨික වූ නෛර්යාණික පැවිද්දෙහි පැවිදි වෙහි.
අථ රාජා ගාථමාහ –
ඉක්බිති රජු ගාථාවක් කීවේය.
“අච්ඡෙරරූපං වත යාදිසඤ්ච, දුක්ඛිතං මං දුක්ඛාපයසෙ සුධම්මෙ; යාචස්සු පුත්තං ඉති වුච්චමානා, භිය්යොව උස්සාහයසෙ කුමාර”න්ති.
28. සුධර්මාවනි, යම්සේ ඔබ දුකට පත් වූ මා වැඩියක් දුකින් තවන්නෙහිය. මෙය පුදුම සහගත දෙයකි. පුත්‍රයා වැළක්වීම සඳහා ඉල්ලවයි කියනු ලබන්නී කුමාරයා බෙහෙවින් උනන්දු කරවන්නෙහිය.
තත්ථ යාදිසඤ්චාති යාදිසං ඉදං ත්වං වදෙසි, තං අච්ඡරියරූපං වත. දුක්ඛිතන්ති පකතියාපි මං දුක්ඛිතං භිය්යො දුක්ඛාපයසි.
එහි යාදිසඤ්ච යනු ඔබ යම්බඳු වූ මෙවැන්නක් කියහිද එය ඒකාන්තයෙන් පුදුම සහගතය. දුක්ඛිතං යනු ස්වභාවයෙන්ම දුකට පත් වූ මා බෙහෙවින් දුකට පත්කරහිය.
පුන දෙවී ගාථමාහ –
දේවිය නැවත ගාථාවක් කීවේය.
“යෙ විප්පමුත්තා අනවජ්ජභොගිනො, පරිනිබ්බුතා ලොකමිමං චරන්ති; තමරියමග්ගං පටිපජ්ජමානං, න උස්සහෙ වාරයිතුං කුමාර”න්ති.
29. රාගාදී කෙලෙස්වලින් මිදුනා වූ නිවැරදි ආහාර අනුභව කරන, (එමෙන්ම) පිරිනිවියා වූ යමෙක් මෙලොව හැසිරෙත්ද, ඒ ආර්ය මාර්ගයට පිවිසෙන්නා වූ කුමාරයා වලක්වන්නට උත්සාහ නොකරමි.
තත්ථ විප්පමුත්තාති රාගාදීහි විප්පමුත්තා. පරිනිබ්බුතාති කිලෙසපරිනිබ්බානෙන නිබ්බුතා. තමරියමග්ගන්ති තං තෙසං බුද්ධාදීනං අරියානං සන්තකං මග්ගං පටිපජ්ජමානං මම පුත්තං වාරෙතුං න උස්සහාමි දෙවාති.
එහි විප්පමුත්තා යනු රාගාදියෙන් මිදුනාහු. පරිනිබ්බුතා යනු කෙලෙස් පිරිනිවීමෙන් නිවුණෝ. තමරිය මග්ගං යනු දේවයන් වහන්ස, ඒ බුද්ධ ආදී ආර්යයන් සතු මාර්ගයට පිළිපන්නා වූ මගේ පුත්‍රයා වලක්වන්නට උත්සාහ නොකරමි යි.
තස්සා වචනං සුත්වා රාජා ඔසානගාථමාහ –
රජු ඇයගේ වචනය අසා අවසාන ගාථාව කීවේය.
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; යෙසායං සුත්වාන සුභාසිතානි, අප්පොස්සුක්කා වීතසොකා සුධම්මා”ති.
30. යමෙක් බොහෝ තැන් පිළිබඳව සිතන්නාහු වෙත්ද, යම්බඳු වූ ඔවුන් අයත් වූ යහපත් වචන අසා මේ සුධර්මා තොමෝ අල්පෝත්සාහී, වූවා පහවූ ශෝක ඇත්තී වූවාද වන්නීය. ඒකාන්තයෙන් ඔවුහු සේවනය කළ යුත්තෝද ප්‍රඥා සහිත වූවෝද බහුශ්‍රැත වූවෝද වෙති.
තත්ථ බහුඨානචින්තිනොති බහුකාරණචින්තිනො. යෙසායන්ති යෙසං අයං. සොමනස්සකුමාරස්සෙව හි සා සුභාසිතං සුත්වා අප්පොස්සුක්කා ජාතා, රාජාපි තදෙව සන්ධායාහ.
එහි බහුඨාන චින්තිනො යනු බොහෝ කරුණු සිතන්නාහු. යෙසායං යනු යම්බඳු වූවන්ගේ මේ ඇය සෝමනස්ස කුමාරයාට කියන ලද යහපත් වචනය අසා අල්පෝත්සාහී වූ රජුද ඒ සඳහාම කීවේය.
මහාසත්තො මාතාපිතරො වන්දිත්වා “සචෙ මය්හං දොසො අත්ථි, ඛමථා”ති මහාජනස්ස අඤ්ජලිං කත්වා හිමවන්තාභිමුඛො ගන්ත්වා මනුස්සෙසු නිවත්තෙසු මනුස්සවණ්ණෙනාගන්ත්වා දෙවතාහි සත්ත පබ්බතරාජියො අතික්කමිත්වා හිමවන්තං නීතො විස්සකම්මුනා නිම්මිතාය පණ්ණසාලාය ඉසිපබ්බජ්ජං පබ්බජි. තං තත්ථ යාව සොළසවස්සකාලා රාජකුලපරිචාරිකවෙසෙන දෙවතායෙව උපට්ඨහිංසු. කූටජටිලම්පි මහාජනො පොථෙත්වා ජීවිතක්ඛයං පාපෙසි. මහාසත්තො ඣානාභිඤ්ඤං නිබ්බත්තෙත්වා බ්රහ්මලොකූපගො අහොසි.
මහා බෝධිසත්ත්වයෝ මව්පියන් වැඳ ඉඳින් මගේ වරදක් ඇත්ද, සමාවනු මැනවයි කීවේය. මහජනයාට ඇඳිලිකර හිමාලයට අභිමුඛ වී ගොස් මිනිසුන් ආපසු හැරුන කල්හි දෙවියන් විසින් මිනිස් ස්වරූපයෙන් අවුත් පර්වත සානු සතක් ඉක්මවා හිමාලයට පමුණුවන ලද්දේ විශ්වකර්මයා විසින් නිමවන ලද පන්සලෙහි සෘෂි පැවිද්දෙන් පැවිදි වූයේය. එහිදී සොළොස් වයස් කාලය දක්වා රජමාලිගයෙහි සේවකයන්ගේ වේශයෙන් දෙවියෝම ඔහුට උපස්ථාන කළාහුය. මහජනයා කූට ජටිලයාටද තලා ජීවිතක්ෂයට පැමිණවීය. මහබෝසත් තෙමේ ධ්‍යාන අභිඥා උපදවා බ්‍රහ්මලෝකය පැමිණියේ වීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙපෙස මය්හං වධාය පරිසක්කියෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා කුහකො දෙවදත්තො අහොසි, මාතා මහාමායා, මහාරක්ඛිතො සාරිපුත්තො, සොමනස්සකුමාරො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර වදාරා මහණෙනි, මෙතෙම මෙසේ මා නැසීම පිණිස උත්සාහ කළේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කුහක ජටිලයා දෙව්දත් වීය. මව මහාමායා වූවාය. රක්ඛිතයා සැරියුත් හිමි වීය. සෝමනස්ස කුමාරයා මම ම වීමි යයි වදාළ සේක.
සොමනස්සජාතකවණ්ණනා නවමා.