8. භල්ලාතියජාතකවණ්ණනා 504 අට්ඨකථා
8. භල්ලාතියජාතකවණ්ණනා (504)
8. හල්ලාටිය ජාතකය (504)
භල්ලාතියො නාම අහොසි රාජාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මල්ලිකං දෙවිං ආරබ්භ කථෙසි. තස්සා කිර එකදිවසං රඤ්ඤා සද්ධිං සයනං නිස්සාය කලහො අහොසි. රාජා කුජ්ඣිත්වා නං න ඔලොකෙසි. සා චින්තෙසි “නනු තථාගතො රඤ්ඤො මයි කුද්ධභාවං න ජානාතී”ති. සත්ථා තං කාරණං ඤත්වා පුනදිවසෙ භික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා රඤ්ඤො ගෙහද්වාරං ගතො. රාජා පච්චුග්ගන්ත්වා පත්තං ගහෙත්වා සත්ථාරං පාසාදං ආරොපෙත්වා පටිපාටියා භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා දක්ඛිණොදකං දත්වා පණීතෙනාහාරෙන පරිවිසිත්වා භත්තකිච්චාවසානෙ එකමන්තං නිසීදි. සත්ථා “කිං නු ඛො, මහාරාජ, මල්ලිකා න පඤ්ඤායතී”ති පුච්ඡිත්වා “අත්තනො සුඛමදමත්තතායා”ති වුත්තෙ “නනු, මහාරාජ, ත්වං පුබ්බෙ කින්නරයොනියං නිබ්බත්තිත්වා එකරත්තිං කින්නරියා විනා හුත්වා සත්ත වස්සසතානි පරිදෙවමානො විචරී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
හල්ලාටියො නාම අහොසි රාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මල්ලිකා දේවිය අරභයා දේශනා කළ සේක. එක් දිනයක යහනාව නිසා රජු සමග ඇයගේ කලහයක් වීය. රජු කිපී ඇය දෙස නොබැලීය. ඇය මෙසේ සිතුවාය. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් රජු මා පිළිබඳව කිපුන බව නොදනී යනුවෙනි. ශාස්තෲන් වහන්සේ ඒ කාරණය දැන දෙවන දවස්හි භික්ෂු සංඝයා පිරිවරන ලදුයේ සැවැත්නුවරට පිඬු පිණිස පිවිස රජුගේ මාලිගය දොරට වැඩි සේක් රජු පෙරගමන් කර පාත්‍රය ගෙන ශාස්තෲන් වහන්සේ ප්‍රාසාදයට නංවා පිළිවෙලින් භික්ෂු සංඝයාද හිඳුවා දන් සඳහා පැන් පිළිගන්වා ප්‍රණීත වූ ආහාරයෙන් වළඳවා බත් කිස අවසානයෙහි එකත්පස්ව හුන්නේය. ශාස්තෲන් වහන්සේ “මහරජතුමනි, කිම මල්ලිකා දේවිය නොපෙනෙන්නේ” යයි විමසා තමාගේ සැප මදයෙන් මත් වූ හෙයිනැයි කී කල්හි මහරජතුමනි, ඔබ පෙර කිඳුරු යෝනියෙහි ඉපිද එක් රාත්‍රියක් කිඳුරිය නැතිවී අවුරුදු සත්සියයක් හඬමින් හැසුරුනේයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං භල්ලාතියො නාම රාජා රජ්ජං කාරෙන්තො “අඞ්ගාරපක්කමිගමංසං ඛාදිස්සාමී”ති රජ්ජං අමච්චානං නිය්යාදෙත්වා සන්නද්ධපඤ්චාවුධො සුසික්ඛිතකොලෙය්යකසුණඛගණපරිවුතො නගරා නික්ඛමිත්වා හිමවන්තං පවිසිත්වා අනුගඞ්ගං ගන්ත්වා උපරි අභිරුහිතුං අසක්කොන්තො එකං ගඞ්ගං ඔතිණ්ණනදිං දිස්වා තදනුසාරෙන ගච්ඡන්තො මිගසූකරාදයො වධිත්වා අඞ්ගාරපක්කමංසං ඛාදන්තො උච්චට්ඨානං අභිරුහි. තත්ථ රමණීයා නදිකා පරිපුණ්ණකාලෙ ථනපමාණොදකා හුත්වා සන්දති, අඤ්ඤදා ජණ්ණුකපමාණොදකා හොති. තත්ථ නානප්පකාරකා මච්ඡකච්ඡපා විචරන්ති. උදකපරියන්තෙ රජතපට්ටවණ්ණවාලුකා උභොසු තීරෙසු නානාපුප්ඵඵලභරිතවිනමිතා රුක්ඛා පුප්ඵඵලරසමත්තෙහි නානාවිහඞ්ගමභමරගණෙහි සම්පරිකිණ්ණා විවිධමිගසඞ්ඝනිසෙවිතා සීතච්ඡායා. එවං රමණීයාය හෙමවතනදියා තීරෙ ද්වෙ කින්නරා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්වා පරිචුම්බිත්වා නානප්පකාරෙහි පරිදෙවන්තා රොදන්ති.
අතීතයෙහි බරණැස් නුවර හල්ලාටිය නම් රජු රාජ්‍යය කරවන්නේ අඟුරුවල පිළිස්සූ මුවමස් කන්නෙමියි රාජ්‍යය ඇමතියන්ට පවරා දී පඤ්චායුධයන්ගෙන් සන්නද්ධ වූයේ මනාව හික්මවන ලද උසස් කුලයට අයත් බලු සමූහයාගෙන් පිරිවරන ලදුයේ නගරයෙන් නික්මී හිමවතට පිවිස ගංගා අනුව ගොස් උඩුගං බලා යන්නට නොහැකි වන්නේ එම ගඟට වැටුන එක් නදියක් දැක ඒ අනුව යන්නේ මුව-ඌරු ආදීන් මරා අඟුරුවල පිළිස්සූ මස් කමින් උස් තැනකට නැංගේය. එහි රමණීය වූ ඔයක් පිරිපුන් කළ නන පමණ ජලය ඇතිව ගලායයි. අන් දිනයන්හි දණක් පමණ ජලය ඇත්තේ වෙයි. එහි නන් වැදෑරුම් වූ මත්ස්‍යයෝ හා කැසුබුවෝ හැසිරෙති. ජලය කෙළවර රිදී පැහැගත් වැලිතලාවයි. ඉවුරු දෙකෙහි නන් වැදෑරුම් මල් හා ගෙඩිවලින් නැමුණු ගස්ය. මල් හා ගෙඩිවල රසයෙන් මත් වූ නොයෙක් පක්ෂීන් හා බඹර සමූහයෙන් ගැවසී ගත්තේය. නොයෙක් මුව සමූහයෙන් සෙවුනා ලද සෙවන ඇත්තේය. මෙලෙස රමණීය වූ හේමවතක නදී තෙර කිඳුරෝ දෙදෙනෙක් ඔවුනොවුන් වැළඳ සිඹ නන්වැදෑරුම් වූ ආකාරයෙන් වැලපෙන්නාහු හඬති.
රාජා තස්සා නදියා තීරෙන ගන්ධමාදනං අභිරුහන්තො තෙ කින්නරෙ දිස්වා “කිං නු ඛො එතෙ එවං පරිදෙවන්ති, පුච්ඡිස්සාමි නෙ”ති චින්තෙත්වා සුනඛෙ ඔලොකෙත්වා අච්ඡරං පහරි. සුසික්ඛිතකොලෙය්යකසුනඛා තාය සඤ්ඤාය ගුම්බං පවිසිත්වා උරෙන නිපජ්ජිංසු. සො තෙසං පටිසල්ලීනභාවං ඤත්වා ධනුකලාපඤ්චෙව සෙසාවුධානි ච රුක්ඛං නිස්සාය ඨපෙත්වා පදසද්දං අකරොන්තො සණිකං තෙසං සන්තිකං ගන්ත්වා “කිංකාරණා තුම්හෙ රොදථා”ති කින්නරෙ පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා තිස්සො ගාථා අභාසි –
රජු ඒ නදී තෙරෙන් ගන්ධමාදන පර්වතයට නගින්නේ ඒ කිඳුරන් දැක මේ කිඳුරෝ මෙසේ වැලපෙන්නාහු කුමක් නිසාද? ඔවුන් විමසන්නෙමියි සිතා බල්ලන් දෙස බලා අසුරු ගැසුවේය. මනාව හික්මවන ලද කුලවත් සුනඛයෝ ඒ සංඥාවෙන් ලැහැබට පිවිස කුසින් හොත්තාහුය. හෙතෙම ඔවුන්ගේ සැඟවුන බව දැන දුනු හීද වෙනත් ආයුධ ද සිටියා වූ ගස අසල තබා පියවර ශබ්දය නොකරමින් වහා ඔවුන් සමීපයට ගොස් කිඳුරනි, කවර කාරණයකින් තෙපි හඬව්දැයි විචාළේය. ඒ කරුණ දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා තුනක් වදාළ සේක.
“භල්ලාතියො නාම අහොසි රාජා, රට්ඨං පහාය මිගවං අචාරි සො; අගමා ගිරිවරං ගන්ධමාදනං, සුපුප්ඵිතං කිම්පුරිසානුචිණ්ණං.
හල්ලාටියො නාම අහොසි රාජා, රට්ඨම්පහාය මිගවං අචාරිසො, අගමා ගිරිවරං ගන්ධමාදනං, සම්පුප්ඵිතං කිමපුරිසානුචිණ්ණං
1. පෙර හල්ලාටිය නම් රජෙක් වීය. හෙතෙම රට හැර මුව දඩයමට ගියේය. මනාව මල් පිපුණා වූ කිඳුරන්ගෙන් ගැවසී ගත් ගන්ධමාදන නම් උතුම් පර්වතයට ගියේය.
“සාළූරසඞ්ඝඤ්ච නිසෙධයිත්වා, ධනුං කලාපඤ්ච සො නික්ඛිපිත්වා; උපාගමි වචනං වත්තුකාමො, යත්ථට්ඨිතා කිම්පුරිසා අහෙසුං.
2. හෙතෙම බලු සමූහයා වලකා, දුනු හී බහා තබා වචනයක් කියනු කැමැත්තේ, යම්තැනක කිඳුරෝ සිටියාහුද එහි පැමිණියේය.
“හිමච්චයෙ හෙමවතාය තීරෙ, කිමිධට්ඨිතා මන්තයව්හො අභිණ්හං; පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ, කථං වො ජානන්ති මනුස්සලොකෙ”ති.
3. හේමන්ත සෘතුව අවසානයේ හේමවත නදී තීරයෙහි සිටියා වූ ඔබලා නිතර කුමක් කථා කරන්නාහුද? මිනිසුන්ට හා සමාන සිරුරු ඇති ඔබලාගෙන් විමසමු. තෙපි මිනිස් ලොව කෙසේ නම් හඳුන්වන්නහුද කියාය.
තත්ථ සාළූරසඞ්ඝන්ති සුනඛගණං. හිමච්චයෙති චතුන්නං හෙමන්තමාසානං අතික්කමෙ. හෙමවතායාති ඉමිස්සා හෙමවතාය නදියා තීරෙ.
එහි සාලූර සංගං යනු බලු සමූහයායි. හිමවචයෙ යනු හේමන්ත සෘතුවෙහි සිව්මස ඉක්මීමෙහි. හෙමවතාය යනු මේ හේමවත නදී තෙර.
රඤ්ඤො වචනං සුත්වා කින්නරො තුණ්හී අහොසි, කින්නරී පන රඤ්ඤා සද්ධිං සල්ලපි –
කිඳුරා රජුගේ වචනය අසා නිශ්ශබ්ද වීය. කිඳුරිය රජු සමග කථා කළාය.
“මල්ලං ගිරිං පණ්ඩරකං තිකූටං, සීතොදකා අනුවිචරාම නජ්ජො; මිගා මනුස්සාව නිභාසවණ්ණා, ජානන්ති නො කිම්පුරිසාති ලුද්දා”ති.
4. වැද්ද, අපි මල්ල-පණ්ඩරක-ත්රිකූට යන පර්වතද සිසිල් දිය ඇති නදීන්ද අනුව හැසිරෙමු. මිනිසුන් හා සමාන ස්වරූප ඇති මෘගයෝ වෙමු. අප කිමපුරුෂයන් (කිඳුරන්) යයි දනුව.
තත්ථ මල්ලං ගිරින්ති සම්ම ලුද්දක, මයං ඉමං මල්ලගිරිඤ්ච පණ්ඩරකඤ්ච තිකූටඤ්ච ඉමා ච නජ්ජො අනුවිචරාම. “මාලාගිරි”න්තිපි පාඨො. නිභාසවණ්ණාති නිභාසමානවණ්ණා, දිස්සමානසරීරාති අත්ථො.
එහි මල්ලං යනු යහළු වැද්දාණනි, අපි මේ මල්ල පර්වතයද පණ්ඩරක පර්වතයද ත්රිකූට පර්වතයද මේ නදීන්ද අනුව හැසිරෙමු. මල්ලාගිරිං යනුද පෙළයි. නිභාසමණ්ණා යනු මිනිසුන් හා සමානව දක්නා ලබන සිරුරු ඇත්තෝ වෙමුයි යන අර්ථයි.
තතො රාජා තිස්සො ගාථා අභාසි –
අනතුරුව රජු ගාථා තුනක් කීවේය.
“සුකිච්ඡරූපං පරිදෙවයව්හො, ආලිඞ්ගිතො චාසි පියො පියාය; පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ, කිමිධ වනෙ රොදථ අප්පතීතා.
5. බොහෝ දුකට පත්වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳගත්තේ වෙහිය. මිනිසුන්ට හා සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහිදී නොසතුටු සිත් ඇත්තාහු හඬවුද?
“සුකිච්ඡරූපං පරිදෙවයව්හො, ආලිඞ්ගිතො චාසි පියො පියාය; පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ, කිමිධ වනෙ විලපථ අප්පතීතා.
6. බොහෝ දුකට පත් වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳගත්තේ වෙහිය. මිනිසුන්ට සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු සිත් ඇත්තාහු වැලපෙන්නහුද?
“සුකිච්ඡරූපං පරිදෙවයව්හො, ආලිඞ්ගිතො චාසි පියො පියාය; පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ, කිමිධ වනෙ සොචථ අප්පතීතා”ති.
7. බොහෝ දුකට පත් වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳ ගත්තේ වෙහිය. මිනිසුන්ට සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු සිත් ඇත්තාහු ශෝක කරන්නහුද?
තත්ථ සුකිච්ඡරූපන්ති සුට්ඨු දුක්ඛප්පත්තා විය හුත්වා. ආලිඞ්ගිතො චාසි පියො පියායාති තයා පියාය තව පියො ආලිඞ්ගිතො ච ආසි. “ආලිඞ්ගියො චාසී”තිපි පාඨො, අයමෙවත්ථො. කිමිධ වනෙති කිංකාරණා ඉධ වනෙ අන්තරන්තරා ආලිඞ්ගිත්වා පරිචුම්බිත්වා පියකථං කථෙත්වා පුන අප්පතීතා රොදථාති.
එහි සුකිච්ඡරූපං යනු මොනවට දුකට පත් වූවාහු මෙන්. ආලිංගිතො චාසි පියො පියාය යනු ඒ ප්‍රියාවිය විසින් ඔබේ ප්‍රියයා වැළඳ ගත්තේද වෙහිය. ආලිංගියො චා සි යනුද පෙළයි. මෙම අර්ථයයි. කිමිධි වනෙ යනු මේ වනයෙහිදී කවර කරුණක් නිසා නැවත නැවත වැළඳගෙන සිඹ ප්‍රිය වූ කථාවන් කථා කර නැවත නොසතුටු සිත් ඇත්තෝ හඬව්දැයි යනුයි.
තතො පරා උභින්නම්පි ආලාපසල්ලාපගාථා හොන්ති –
අනතුරුව දෙදෙනාගේම වදන් පිළිවදන් ගාථාවෝ වෙති.
“මයෙකරත්තං විප්පවසිම්හ ලුද්ද, අකාමකා අඤ්ඤමඤ්ඤං සරන්තා; තමෙකරත්තං අනුතප්පමානා, සොචාම ‘සා රත්ති පුනං න හොස්සති’.
8. වැද්දාණනි, අපි එක් රැයක් එකිනෙකා සිහි කරමින් වෙන්ව වාසය කළෙමු. ඒ එක් රැය පිළිබඳ තැවෙන්නමෝ ඒ රැය නැවත නොවේවායි ශෝක කරමු.
“යමෙකරත්තං අනුතප්පථෙතං, ධනංව නට්ඨං පිතරංව පෙතං; පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ, කථං විනා වාසමකප්පයිත්ථ.
9. යම් බඳු වූ එක් රැයක් පිළිබඳව මෙසේ තැවෙව්ද? ධනය විනාශ වීද? පියා මිය ගියේද? මිනිස් සිරුරු වැනි ස්වරූප ඇති ඔබලා විමසමි. කෙසේ නම් වෙන්ව වාසය කළාහුද?
“යමිමං නදිං පස්සසි සීඝසොතං, නානාදුමච්ඡාදනං සෙලකූලං; තං මෙ පියො උත්තරි වස්සකාලෙ, මමඤ්ච මඤ්ඤං අනුබන්ධතීති.
10. වහා බස්නා වූ දියපහර ඇති යම් මේ නදිය දක්නෙහිද? නොයෙක් ගස්වලින් වැසුනා වූ ගල්කුළු දෙකක් අතරින් බස්නා වූ මේ නදිය, මගේ ප්‍රියයා මා පසුපසින් පැමිණේ යයි සිතමින් වැසි කාලයෙහි තරණය කළේය.
“අහඤ්ච අඞ්කොලකමොචිනාමි, අතිමුත්තකං සත්තලියොථිකඤ්ච; ‘පියො ච මෙ හෙහිති මාලභාරී, අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං’.
11. මමද, මගේ ප්‍රියයා මල්මාලාවෙන් බර වූවෙක් වේවා! මමද මල්මාලා ඇත්තියක වී ඔහු වෙත එළඹෙමියි සිතා රුක් අඟුන මල්ද, කෝඹු මල්ද, සත්පෙති සමන් මල්ද කඩා රැස් කළෙමි.
“අහඤ්චිදං කුරවකමොචිනාමි, උද්දාලකා පාටලිසින්ධුවාරකා; ‘පියො ච මෙ හෙහිති මාලභාරී, අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං’.
12. මමද මගේ ප්‍රියයා මල් මාලාවෙන් බර වූවෙක් වේවා! මමද මල් මාලා ඇත්තියක වී ඔහු වෙත එළඹෙන්නෙමියි සිතා රත්කරව් මල්ද, ඇසල මල්ද පළොල් මල්ද නිකමල්ද කඩා රැස් කළෙමි.
“අහඤ්ච සාලස්ස සුපුප්ඵිතස්ස, ඔචෙය්ය පුප්ඵානි කරොමි මාලං; ‘පියො ච මෙ හෙහිති මාලභාරී, අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං’.
13. මමද මගේ ප්‍රියයා මල්මාලාවෙන් බර වූවෙක් වේවා! මමද මල්මාලා ඇත්තියක වී ඔහු වෙත එළඹෙන්නෙමියි සිතා මනාව පිපුනා වූ සල්මල් ගසක මල් කඩා මල්මාලාවක් කරමි.
“අහඤ්ච සාලස්ස සුපුප්ඵිතස්ස, ඔචෙය්ය පුප්ඵානි කරොමි භාරං; ඉදඤ්ච නො හෙහිති සන්ථරත්ථං, යත්ථජ්ජිමං විහරිස්සාම රත්තිං.
14. මමද අද රාත්‍රියෙහි යම් මේ තැනක වාසය කරන්නෙමුද, මෙය අපට ඇතිරිල්ලක් වේවායි මනාව පිපුනා වූ සල්ගසක මල් කඩා මල් රැසක් රැස් කරමි.
“අහඤ්ච ඛො අගළුං චන්දනඤ්ච, සිලාය පිංසාමි පමත්තරූපා; ‘පියො ච මෙ හෙහිති රොසිතඞ්ගො, අහඤ්ච නං රොසිතා අජ්ඣුපෙස්සං’.
15. මමද පමාවූවා. මගේ මේ ප්‍රියයා සුවඳ ගල්වන ලද සිරුර ඇත්තෙක් වෙහිය. මමද සුවඳ ගැල්වූ සිරුර ඇත්තී ඔහු වෙත එළඹෙන්නෙමියි සිතා අගිල්ද සඳුන්ද ගලෙහි ගා ඇඹරීමි.
“අථාගමා සලිලං සීඝසොතං, නුදං සාලෙ සලළෙ කණ්ණිකාරෙ; ආපූරථ තෙන මුහුත්තකෙන, සායං නදී ආසි මයා සුදුත්තරා.
16. අනතුරුව සල්මල්ද සලළ මල්ද කිණිහිරි මල්ද ගසාගෙන යමින් වේගවත් දියපහර ඇති ගඟදිය පැමිණියේය. ඒ මොහොතකින් ගඟ පිරුණේය. සවස් කාලයෙහි ගඟ මවිසින් එතරවීම අතිශය දුෂ්කර වූවක් විය.
“උභොසු තීරෙසු මයං තදා ඨිතා, සම්පස්සන්තා උභයො අඤ්ඤමඤ්ඤං; සකිම්පි රොදාම සකිං හසාම, කිච්ඡෙන නො ආගමා සංවරී සා.
17. එදින අපි තීරයන් දෙකෙහි සිටියෝ දෙදෙනාම ඔවුනොවුන් දකින්නාහු වරක් හැඬීමි. වරක් සිනාසුනෙමි. අපගේ එම රාත්‍රිය දුකින් ගත වීය.
“පාතොව ඛො උග්ගතෙ සූරියම්හි, චතුක්කං නදිං උත්තරියාන ලුද්ද; ආලිඞ්ගියා අඤ්ඤමඤ්ඤං මයං උභො, සකිම්පි රොදාම සකිං හසාම.
[missing trans]
“තීහූනකං සත්ත සතානි ලුද්ද, යමිධ මයං විප්පවසිම්හ පුබ්බෙ; වස්සෙකිමං ජීවිතං භූමිපාල, කො නීධ කන්තාය විනා වසෙය්ය.
18. වැද්දාණනි, මෙලොව අපි මින් පෙර වෙන්ව විසුවෝ නම් තුනකින් අඩු අවුරුදු සත්සියයකට පෙරය. රජතුමනි, මේ ජීවිතය අවුරුදු සියයකි. මේ සුළු ජීවිතයෙහි කවරෙක් නම් ප්‍රිය භාර්යාවගෙන් වෙන්ව වාසය කරන්නේද?
“ආයුඤ්ච වො කීවතකො නු සම්ම, සචෙපි ජානාථ වදෙථ ආයුං; අනුස්සවා වුඩ්ඪතො ආගමා වා, අක්ඛාථ මෙතං අවිකම්පමානා.
19. යහළු කිඳුර, නුඹලාගේ ආයුෂ කෙතෙක්ද? ඉදින් දන්නාහු නම් ආයුෂ ප්‍රමාණය කියව්. ඇසීමෙන් හෝ වැඩිහිටියන් වෙතින් ඉගෙනීමෙන් හෝ දන්නහු නම් කම්පා රහිතව මෙය කියව්.
“ආයුඤ්ච නො වස්සසහස්සං ලුද්ද, න චන්තරා පාපකො අත්ථි රොගො; අප්පඤ්ච දුක්ඛං සුඛමෙව භිය්යො, අවීතරාගා විජහාම ජීවිත”න්ති.
20. වැද්දාණනි, අපගේ ආයුෂය අවුරුදු දහසකි. මේ අතරතුර පවිටු රෝගයක් නැත. දුක අඩුය. සැප අධිකය. පහ නොවූ ප්‍රේමයෙන් යුතුව ජීවිතය හරනෙමු.
තත්ථ මයෙකරත්තන්ති මයං එකරත්තං. විප්පවසිම්හාති විප්පයුත්තා හුත්වා වසිම්හ. අනුතප්පමානාති “අනිච්ඡමානානං නො එකරත්තො අතීතො”ති තං එකරත්තං අනුචින්තයමානා. පුනං න හෙස්සතීති පුන න භවිස්සති නාගමිස්සතීති සොචාම. ධනංව නට්ඨං පිතරංව පෙතන්ති ධනං වා නට්ඨං පිතරං වා මාතරං වාපෙතං කාලකතං කිං නු ඛො තුම්හෙ චින්තයමානා කෙන කාරණෙන තං එකරත්තං විනා වාසං අකප්පයිත්ථ, ඉදං මෙ ආචික්ඛථාති පුච්ඡති. යමිමන්ති යං ඉමං. සෙලකූලන්ති ද්වින්නං සෙලානං අන්තරෙ සන්දමානං. වස්සකාලෙති එකස්ස මෙඝස්ස උට්ඨාය වස්සනකාලෙ . අම්හාකඤ්හි ඉමස්මිං වනසණ්ඩෙ රතිවසෙන චරන්තානං එකො මෙඝො උට්ඨහි. අථ මෙ පියසාමිකො කින්නරොමං “පච්ඡතො ආගච්ඡතී”ති මඤ්ඤමානො එතං නදිං උත්තරීති ආහ.
එහි මය මෙකරත්තං යනු අපි මේ එක් රාත්‍රියක්. විප්පවසිම්හ යනු වෙන් වී වාසය කළෙමු. අනුතප්පමානා යනු අප නොකැමැත්තේ නමුදු එක් රාත්‍රියක් එලෙස ගතවූයේ යයි ඒ එක රාත්‍රිය පිළිබඳව සිතනු ලබන්නෝ. පුනං න හෙස්සතී නැවත නොවන්නේ යයි නොපැමිණෙන්නේ යයි ශෝක කරමු. ධනංච නට්ඨං පිතරංච පෙතං යනු ධනය හෝ විනාශ වීද? පියා මව හෝ මව හෝ මිය ගියේද කළුරිය කළේද? තෙපි කුමක් සිතන්නාහු කවර කරුණකින් ඒ එක් රාත්‍රිය වෙන්ව වාසය කළාහුද? එය මට කියව් යයි විමසයි. යයිමං යනු යම් මේ. සෙලකූටං යනු ගල් දෙකක් අතරෙහි ගලාබස්නා වූ. වස්සකාලෙ යනු එක් වළාකුලක් නැගී වහින කල්හි. මේ වනලැහැබෙහි ප්‍රේමයෙන් අප හැසිරෙන විට එක් වලාවක් නැංගේය. ඉක්බිති මගේ ප්රියසැමියා වූ කිඳුරා මා පසුපසින් පැමිණේයයි සිතමින් මේ නදිය තරණය කළේයයි කීවාය.
අහඤ්චාති අහං පනෙතස්ස පරතීරං ගතභාවං අජානන්තී සුපුප්ඵිතානි අඞ්කොලකාදීනි පුප්ඵානි ඔචිනාමි. තත්ථ සත්තලියොථිකඤ්චාති කුන්දාලපුප්ඵඤ්ච සුවණ්ණයොථිකඤ්ච ඔචිනන්තී පන “පියො ච මෙ මාලභාරී භවිස්සති, අහඤ්ච නං මාලිනී හුත්වා අජ්ඣුපෙස්ස”න්ති ඉමිනා කාරණෙන ඔචිනාමි. උද්දාලකා පාටලිසින්ධුවාරකාති තෙපි මයා ඔචිතායෙවාති වදති. ඔචෙය්යාති ඔචිනිත්‍වා. අගළුං චන්දනඤ්චාති කාළාගළුඤ්ච රත්තචන්දනඤ්ච. රොසිතඞ්ගොති විලිත්තසරීරො. රොසිතාති විලිත්තා හුත්වා. අජ්ඣුපෙස්සන්ති සයනෙ උපගමිස්සාමි. නුදං සාලෙ සලළෙ කණ්ණිකාරෙති එතානි මයා ඔචිනිත්‍වා තීරෙ ඨපිතානි පුප්ඵානි නුදන්තං හරන්තං. සුදුත්තරාති තස්සා හි ඔරිමතීරෙ ඨිතකාලෙයෙව නදියා උදකං ආගතං, තඞ්ඛණඤ්ඤෙව සූරියො අත්ථඞ්ගතො, විජ්ජුලතා නිච්ඡරන්ති, කින්නරා නාම උදකභීරුකා හොන්ති, ඉති සා ඔතරිතුං න විසහි. තෙනාහ “සායං නදී ආසි මයා සුදුත්තරා”ති.
අහඤ්ච යනු මම මොහුගේ එතෙරට ගිය බව නොදන්නී මනාව පිපුනා වූ රුක් අඟුණ ආදී වූ මල් කඩා රැස් කළෙමි. එහි සත්තලියොටිකඤ්ච යනු කැණිහිල් මල්ද රන්වන්හල් මල්ද ඉද්ද මල්ද කඩා රැස් කරන්නී මගේ ප්‍රියයා මල්දම් වලින් බර වූවෙක් වන්නේය. මමද මල්දම් ඇත්තියක වී ඔහු වෙත එළඹෙන්නී යයි යන මේ කරුණින් මල් කඩා රැස් කළෙමි. උද්දාලකා පාටලි සින්දුවාරකා යනු මවිසින් මේවායින්ද කඩා රැස් කළෙමිය යයි කියයි. ඔචෙය්ය යනු රැස්කර. අගළුං චන්දනංච යනු කළුඅගිල්ද රත්සඳුන්ද. රොසිතංගො යනු ගල්වන ලද සිරුර ඇත්තේ. රොසිතා යනු ගල්වන ලද්දෝ වී. අජ්ක්ධුපෙස්සං යනු යහනාව වෙත එළඹෙන්නෙමි. නුදං සාලෙ සලළෙ කණ්ණිකාරෙ යනු මව්සින් කඩා රැස්කර තීරයෙහි තබන ලද මල් හැරගෙන යන්නා වූ. සුදුත්තරා යනු ඇය එතෙර සිටි කල්හිම නදියෙහි ජලය පැමිණියේය. එකෙනෙහිම හිරු අස්තංගත විය. විදුලිය නික්මුනි. කිඳුරෝ නම් ජලයට බිය වූවෝ වෙති. මෙසේ ඇය එගොඩ වන්නට නොහැකි වූවාය. එහෙයින් කීවේය. සායං නදී ආසි මයා සුදුත්තරා (ඒ මේ නදිය මවිසින් අතිශයින් එගොඩ විය නොහැක්කක් වීය) යනුවෙනි.
සම්පස්සන්තාති විජ්ජුලතානිච්ඡරණකාලෙ පස්සන්තා. රොදාමාති අන්ධකාරකාලෙ අපස්සන්තා රොදාම, විජ්ජුලතානිච්ඡරණකාලෙ පස්සන්තා හසාම. සංවරීති රත්ති. චතුක්කන්ති තුච්ඡං. උත්තරියානාති උත්තරිත්වා. තීහූනකන්ති තීහි ඌනානි සත්ත වස්සසතානි. යමිධ මයන්ති යං කාලං ඉධ මයං විප්පවසිම්හ, සො ඉතො තීහි ඌනකානි සත්ත වස්සසතානි හොන්තීති වදති. වස්සෙකිමන්ති වස්සං එකං ඉමං, තුම්හාකං එකමෙව වස්සසතං ඉමං ජීවිතන්ති වදති. කො නීධාති එවං පරිත්තකෙ ජීවිතෙ කො නු ඉධ කන්තාය විනා භවෙය්ය, අයුත්තං තව පියභරියාය විනා භවිතුන්ති දීපෙති.
සම්පස්සන්තා යනු විදුලිය නික්මෙන කල්හි දක්නාහු. රොදාම යනු අඳුර ඇති කල්හි නොදක්නෝ හැඬුවෙමු. විදුලිය නික්මෙන කල්හි දක්නෝ සිනාසුනෙමු. සංවරී යනු රාත්‍රියයි. චතුක්කං යනු හිස්. උත්තරියානා යනු තරණය කර. තීහුනකං යනු තුනකින් අඩු වූ අවුරුදු සත්සියයක්. යමිධමයං යනු යම් කාලයක් මෙහි අපි වෙන්න වාසය කළෙමුද, ඒ කාලය මින් තුනක් අඩු වූ අවුරුදු සත්සියයක් වේයයි කියයි. වාසෙකිමං වාසං එකං ඉමං යනු විසන්ධි වේ. ඔබලාගේ මේ ජීවිත කාලය අවුරුදු සියයකැයි කියයි. කොනීධ යනු මෙසේ කෙටි වූ ජීවිතයෙහි කවරෙක් නම් ප්‍රිය වූ භාර්යාවගෙන් තොරව වාසය කරන්නේද? ඔබගේ ප්‍රිය භාර්යාවගෙන් වෙන්ව වාසය කිරීම නුසුදුසුයයි දක්වයි.
කීවතකො නූති රාජා කින්නරියා වචනං සුත්වා “ඉමෙසං ආයුප්පමාණං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා “තුම්හාකං කිත්තකො ආයූ”ති පුච්ඡති. අනුස්සවාති සචෙ වො කස්සචි වදන්තස්ස වා සුතං, මාතාපිතූනං වා වුඩ්ඪානං මහල්ලකානං සන්තිකා ආගමො අත්ථි, අථ මෙ තතො අනුස්සවා වුඩ්ඪතො ආගමා වා එතං අවිකම්පමානා අක්ඛාථ. න චන්තරාති අම්හාකං වස්සසහස්සං ආයු, අන්තරා ච නො පාපකො ජීවිතන්තරායකරො රොගොපි නත්ථි. අවීතරාගාති අඤ්ඤමඤ්ඤං අවිගතපෙමාව හුත්වා.
කීවතකොනු යනු රජු කිඳුරියගේ වචනය අසා මොවුන්ගේ ආයුෂ ප්‍රමාණය විමසන්නෙමියි සිතා තොපගේ ආයුෂ කොතෙක්දැයි විමසයි. අනුස්සවා යනු ඉදින් තෙපි කිසියම් කියන්නෙකුගේ හෝ මව්පියන් හෝ වැඩිහිටි මහල්ලන්ගේ හෝ වෙතින් ඉගෙන ගත්ත යමක් ඇත්ද අනතුරුව ඒ ඇසූ දේ හෝ වැඩිහිටියන්ගේ උගත් දේ හෝ කම්පා නොවී මට කියව්. නචන්තරා යනු අපගේ ආයුෂ අවුරුදු දහසකි. අතරතුරදී අපට ලාමක වූ, ජීවිතයට අනතුරු කරන රෝගයක්ද නැත. අචීතරාගා යනු ඔවුනොවුන් පහනොවූ ප්‍රේම ඇත්තෝ වී.
තං සුත්වා රාජා “ඉමෙ හි නාම තිරච්ඡානගතා හුත්වා එකරත්තිං විප්පයොගෙන සත්ත වස්සසතානි රොදන්තා විචරන්ති, අහං පන තියොජනසතිකෙ රජ්ජෙ මහාසම්පත්තිං පහාය අරඤ්ඤෙ විචරාමි, අහො අකිච්චකාරිම්හී”ති තතොව නිවත්තො බාරාණසිං ගන්ත්වා “කිං තෙ, මහාරාජ, හිමවන්තෙ අච්ඡරියං දිට්ඨ”න්ති අමච්චෙහි පුට්ඨො සබ්බං ආරොචෙත්වා තතො පට්ඨාය දානානි දදන්තො භොගෙ භුඤ්ජි. තමත්ථං පකාසෙන්තො සත්ථා –
රජු ඒ අසා මොවුහු තිරිසන්නු වූවාහුද, එක් රැයක් වෙන්ව වාසය කිරීම නිසා අවුරුදු සත්සියයක් හඬමින් හැසිරෙත්, මම වූ කලී තුන්සියයක් යොදුන් ඇති රාජ්‍යයෙහි මහත් වූ සම්පත් හැර වනයෙහි හැසිරෙමි. අනේ නොකළ යුත්තක් කරන්නෙක් වෙමි. එතැනින්ම ආපසු හැරුනේ බරණැස් නුවරට ගොස් මහරජතුමනි, කිම හිමාලයෙහිදී අසිරිමත් යමක් දුටුවෙහිදැයි ඇමතියන් විසින් අසන ලද්දේ සියල්ල දන්වා එතැන් පටන් දන් දෙන්නේ සම්පත් අනුභව කළේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ
“ඉදඤ්ච සුත්වාන අමානුසානං, භල්ලාතියො ඉත්තරං ජීවිතන්ති; නිවත්තථ න මිගවං අචරි, අදාසි දානානි අභුඤ්ජි භොගෙ”ති. –
21. හල්ලාටිය රජු නොමිනිස් වූවන්ගේ මේ ප්‍රකාශය අසා ජීවිත කාලය ඉතා කෙටියයි දැන ආපසු හැරුනේය. මුව දඩයමෙහි නොහැසුරුනි. දන් දුන්නේය. සම්පත් අනුභව කළේය.
ඉමං ගාථං වත්වා පුන ඔවදන්තො ද්වෙ ගාථා අභාසි –
මේ ගාථාව කියා නැවත අවවාද කරමින් ගාථා දෙකක් කීවේය.
“ඉදඤ්ච සුත්වාන අමානුසානං, සම්මොදථ මා කලහං අකත්ථ; මා වො තපී අත්තකම්මාපරාධො, යථාපි තෙ කිම්පුරිසෙකරත්තං.
22. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය අසා සතුටු වව්. කළහ නොකරව්. යම් සේ මේ කිඳුරෝ එක් රැයක් විරහව විසීමෙන් තැවුනාහුද? එසේ තෙපි සිය කර්ම දෝෂයෙන් නොතැවේවා
“ඉදඤ්ච සුත්වාන අමානුසානං, සම්මොදථ මා විවාදං අකත්ථ; මා වො තපී අත්තකම්මාපරාධො, යථාපි තෙ කිම්පුරිසෙකරත්ත”න්ති.
23. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය අසා සතුටු වව්. විවාද නොකරව්. යම් සේ මේ කිඳුරෝ එක් රැයක් වෙන්ව වාසය කිරීමෙන් තැවුනාහුද? එසේ තෙපි සිය කර්ම දෝෂයෙන් නොතැවේවා!
තත්ථ අමානුසානන්ති කින්නරානං. අත්තකම්මාපරාධොති අත්තනො කම්මදොසො. කිම්පුරිසෙකරත්තන්ති යථා තෙ කිම්පුරිසෙ එකරත්තිං කතො අත්තනො කම්මදොසො තපි, තථා තුම්හෙපි මා තපීති අත්ථො.
එහි අමානුසානං යනු කිඳුරන්ගේ. අත්තකම්මාපරාධො යනු තමාගේ කර්මදෝෂය. කිමපුරිසෙකරං යනු යම් ඒ ඒ කිඳුරන්. තමා විසින් කරන ලද කර්මදෝෂය එක් රැයක් තැව්වේද, එසේ තෙපිද නොතැවේවා යන අර්ථයි.
මල්ලිකා දෙවී තථාගතස්ස ධම්මදෙසනං සුත්වා උට්ඨායාසනා අඤ්ජලිං පග්ගය්හ දසබලස්ස ථුතිං කරොන්තී ඔසානගාථමාහ –
මල්ලිකා දේවිය තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා හුනසුනෙන් නැගී සිටියා ඇඳිළි බැඳ දසබලධාරීන් වහන්සේට ස්තුති කරන්නී අවසාන ගාථාව කීවේය.
“විවිධං අධිමනා සුණොමහං, වචනපථං තව අත්ථසංහිතං; මුඤ්චං ගිරං නුදසෙව මෙ දරං, සමණ සුඛාවහ ජීව මෙ චිර”න්ති.
24. දෙලොව සැප ගෙනදෙන්නා වූ ශ්රමණයාණන් වහන්ස, මම ඔබගේ වැඩදායී වූ, විවිධාකාරයෙන් දේශනා කළ ධර්මය ඇසූවෙමි. මිහිරි වචනය මුදා මගේ ශෝකය දුරු කළේය. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්ස, බොහෝකලක් ජීවත් වේවා!
තත්ථ විවිධං අධිමනා සුණොමහන්ති භන්තෙ, තුම්හෙහි විවිධෙහි නානාකාරණෙහි අලඞ්කරිත්වා දෙසිතං ධම්මදෙසනං අහං අධිමනා පසන්නචිත්තා හුත්වා සුණොමි. වචනපථන්ති තං තුම්හෙහි වුත්තං විවිධවචනං. මුඤ්චං ගිරං නුදසෙව මෙ දරන්ති කණ්ණසුඛං මධුරං ගිරං මුඤ්චන්තො මම හදයෙ සොකදරථං නුදසියෙව හරසියෙව. සමණ සුඛාවහ ජීව මෙ චිරන්ති භන්තෙ බුද්ධසමණ, දිබ්බමානුසලොකියලොකුත්තරසුඛාවහ මම සාමි ධම්මරාජ, චිරං ජීවාති.
එහි විවිධ අධිමානා සුනොමහං යනු ස්වාමීනි, නුඹවහන්සේ විසින් විවිධ වූ නොයෙක් කරුණින් අලංකාර කර දේශනා කරන ලද ධර්මදේශනාව අධිමනා පහන් වූ සිත් ඇතිව අසමි. වචන පථං යනු ඒ ඔබවහන්සේ විසින් දේශනා කළ විවිධ වචනයන්. මුඤ්ච ගිරං නුදයෙව මෙ දරං යනු කණට සුව එළවන මිහිරි වචන මුදමින් මගේ හදවතෙහි ශෝකය නැමති හුල ඉගිලුවේමය දුරු කළේමය. සමණ සුඛාවහ ජීව මෙ චිරං යනු ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, දිව්‍ය-මනුෂ්‍ය-ලෞකික-ලෝකෝත්තර සැප ගෙනදෙන්නා වූ මාගේ ධර්මරාජයාණන් වහන්ස, බොහෝකල් ජීවත් වේවා!
කොසලරාජා තතො පට්ඨාය තාය සද්ධිං සමග්ගවාසං වසි.
කොසොල් රජු එතැන්පටන් ඇය සමග සමගිව වාසය කළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කින්නරො කොසලරාජා අහොසි, කින්නරී මල්ලිකා දෙවී, භල්ලාතියරාජා අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කිඳුරා කොසොල් රජු වීය. කිඳුරිය මල්ලිකා දේවිය වූවාය. හල්ලාටිය රජු මම ම වීමි යි යනුයි.
භල්ලාතියජාතකවණ්ණනා අට්ඨමා.