7. සත්තිගුම්බජාතකවණ්ණනා 503 අට්ඨකථා
7. සත්තිගුම්බජාතකවණ්ණනා (503)
7. සත්තිගුම්බ ජාතකය (503)
මිගලුද්දො මහාරාජාති ඉදං සත්ථා මද්දකුච්ඡිස්මිං මිගදායෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. දෙවදත්තෙන හි සිලාය පවිද්ධාය භගවතො පාදෙ සකලිකාය ඛතෙ බලවවෙදනා උප්පජ්ජි. තථාගතස්ස දස්සනත්ථාය බහූ භික්ඛූ සන්නිපතිංසු. අථ භගවා පරිසං සන්නිපතිතං දිස්වා “භික්ඛවෙ, ඉදං සෙනාසනං අතිසම්බාධං, සන්නිපාතො මහා භවිස්සති, මං මඤ්චසිවිකාය මද්දකුච්ඡිං නෙථා”ති ආහ. භික්ඛූ තථා කරිංසු. ජීවකො තථාගතස්ස පාදං ඵාසුකං අකාසි. භික්ඛූ සත්ථු සන්තිකෙ නිසින්නාව කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො සයම්පි පාපො, පරිසාපිස්ස පාපා, ඉති සො පාපො පාපපරිවාරොව විහරතී”ති. සත්ථා “කිං කථෙථ, භික්ඛවෙ”ති පුච්ඡිත්වා “ඉදං නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො පාපො පාපපරිවාරොයෙවා”ති වත්වා අතීතං ආහරි.
මිගලුද්දො මහාරාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ මද්දකුච්ඡි පර්වතයෙහි මිගදාය නම් තැන වාසය කරන සේක් දෙව්දත් අරභයා දේශනා කළ සේක. දෙව්දත් විසින් ගල් පෙරළූ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් ගල් කැබැල්ලකින් තුවාල වූ විට බලවත් වේදනාවක් උපනි. බුදුරදුන් දැක්මට බොහෝ භික්ෂූන් වහන්සේලා රැස් වූවාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රැස් වූ පිරිස දැක මහණෙනි, මේ සෙනසුන බොහෝ ගැහැට ඇති තැනකි. රැස් වූ සෙනඟ මහත් වන්නේය. මා ඇඳක තබා මද්දකුච්ඡියට ගෙන යවු යයි වදාළ සේක. භික්ෂූන් වහන්සේලා එසේ කළාහුය. ජීවකයා තථාගතයන් වහන්සේගේ පාද සුව කළේය. භික්ෂූන් වහන්සේලා ශාස්තෲන් වහන්සේ සමීපයෙහිම සිටියාහු කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දේවදත්ත තෙමේ තෙමේද පවිටු වූයේය. ඔහුගේ පිරිසද පවිටුය. මෙසේ හෙතෙම පවිටු වූ පිරිවර ඇත්තේ වාසය කරයි යනුයි. ශාස්තෲන් වහන්සේ මහණෙනි, කුමක් කියව්දැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. දෙව්දත් පෙරද පවිටු වූයේය. පවිටු වූ පිරිවර ඇත්තේ වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ උත්තරපඤ්චාලනගරෙ පඤ්චාලො නාම රාජා රජ්ජං කාරෙසි. මහාසත්තො අරඤ්ඤායතනෙ එකස්මිං සානුපබ්බතෙ සිම්බලිවනෙ එකස්ස සුවරඤ්ඤො පුත්තො හුත්වා නිබ්බත්ති, ද්වෙ භාතරො අහෙසුං. තස්ස පන පබ්බතස්ස උපරිවාතෙ චොරගාමකො අහොසි පඤ්චන්නං චොරසතානං නිවාසො, අධොවාතෙ අස්සමො පඤ්චන්නං ඉසිසතානං නිවාසො. තෙසං සුවපොතකානං පක්ඛනික්ඛමනකාලෙ වාතමණ්ඩලිකා උදපාදි. තාය පහටො එකො සුවපොතකො චොරගාමකෙ චොරානං ආවුධන්තරෙ පතිතො, තස්ස තත්ථ පතිතත්තා “සත්තිගුම්බො”ත්වෙව නාමං කරිංසු. එකො අස්සමෙ වාලුකතලෙ පුප්ඵන්තරෙ පති, තස්ස තත්ථ පතිතත්තා “පුප්ඵකො”ත්වෙව නාමං කරිංසු. සත්තිගුම්බො චොරානං අන්තරෙ වඩ්ඪිතො, පුප්ඵකො ඉසීනං.
අතීතයෙහි උතුරු පඤ්චාල නුවර පඤ්චාල නම් වූ රජු රාජ්‍යය කරවීය. මහාබෝධිසත්ත්වයෝ වනයෙහි ඒක පර්වත සානුවක ඉඹුල් වනයක එක් ගිරා රජෙකුගේ පුතෙක් වී උපන්නේය. සොහොවුරෝ දෙදෙනෙක් වූහ. ඒ පර්වතයට උඩුසුළං ඇති තැන පන්සියයක් සොරුන්ට වාසස්ථාන වූ සොරුන්ගේ ගමක් වීය. යටි සුළං ඇති තැන පන්සියයක් තවුසන්ට වාසස්ථාන වූ ආශ්රමයක් වීය. ඒ ගිරා පැටවුන්ගේ පියාපත් නික්මෙන කල්හි සුළිසුළඟක් උපන්නේය. ඒ සුළඟින් ගසාගෙන යන ලද එක් ගිරා පැටියෙක් සොරුන්ගේ ගමෙහි ආයුධ මත වැටුනේය. ඔහු එතන්හි වැටුන හෙයින් සත්තිගුම්ග යයි ඌට නම් කළාහුය. එකෙක් අසපුවෙහි වැලිතලාවෙහි මල් අතරෙහි වැටුනේය. ඌ එහි වැටුන හෙයින් පුෂ්පක යයි නම් කළාහුය. සත්තිගුම්බයා සොරුන් අතරෙහි වැඩුනේය. පුෂ්පක තවුසන් අතරෙහි වැඩුනේය.
අථෙකදිවසං රාජා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො රථවරං අභිරුහිත්වා මහන්තෙන පරිවාරෙන මිගවධාය නගරතො නාතිදූරෙ සුපුප්ඵිතඵලිතං රමණීයං උපගුම්බවනං ගන්ත්වා “යස්ස පස්සෙන මිගො පලායති, තස්සෙව ගීවා”ති වත්වා රථා ඔරුය්හ පටිච්ඡාදෙත්වා දින්නෙ කොට්ඨකෙ ධනුං ආදාය අට්ඨාසි. පුරිසෙහි මිගානං උට්ඨාපනත්ථාය වනගුම්බෙසු පොථියමානෙසු එකො එණිමිගො උට්ඨාය ගමනමග්ගං ඔලොකෙන්තො රඤ්ඤො ඨිතට්ඨානස්සෙව විවිත්තතං දිස්වා තදභිමුඛො පක්ඛන්‍දිත්‍වා පලායි. අමච්චා “කස්ස පස්සෙන මිගො පලායිතො”ති පුච්ඡන්තා “රඤ්ඤො පස්සෙනා”ති ඤත්වා රඤ්ඤා සද්ධිං කෙළිං කරිංසු. රාජා අස්මිමානෙන තෙසං කෙළිං අසහන්තො “ඉදානි තං මිගං ගහෙස්සාමී”ති රථං ආරුය්හ “සීඝං පෙසෙහී”ති සාරථිං ආණාපෙත්වා මිගෙන ගතමග්ගං පටිපජ්ජි. රථං වෙගෙන ගච්ඡන්තං පරිසා අනුබන්ධිතුං නාසක්ඛි. රාජා සාරථිදුතියො යාව මජ්ඣන්හිකා ගන්ත්වා තං මිගං අදිස්වා නිවත්තන්තො තස්ස චොරගාමස්ස සන්තිකෙ රමණීයං කන්දරං දිස්වා රථා ඔරුය්හ න්හත්වා ච පිවිත්වා ච පච්චුත්තරි. අථස්ස සාරථි රථස්ස උත්තරත්ථරණං ඔතාරෙත්වා සයනං රුක්ඛච්ඡායාය පඤ්ඤපෙසි, සො තත්ථ නිපජ්ජි. සාරථිපි තස්ස පාදෙ සම්බාහන්තො නිසීදි. රාජා අන්තරන්තරා නිද්දායති චෙව පබුජ්ඣති ච.
ඉක්බිති එක්දිනයක රජු සියළු අලංකාරයන්ගෙන් සැරසුනේ උසස් රථයකට නැගී මහත් වූ පිරිවර සමග මුව දඩයම සඳහා නුවරින් නුදුරෙහි මනාව පිපියා වූ ඵල දැරූ සිත්කළු සමීප වනයට ගොස් යමෙකුගේ පැත්තෙන් මුවා පලායයිද ඔහුටම හෙතෙම දඩ යයි කියා රථයෙන් බැස සඟවා දුන් කොටුවෙහි දුන්න රැගෙන සිටියේය. පුරුෂයන් විසින් මුවන් නැගිටුවීම සඳහා වනලැහැබ් තලනු ලබන කල්හි ඒක පිණිමුවෙක් නැගිට පලායන මාර්ගයක් බලනුයේ රජු හුන් තන්හිම අවකාශ ඇති බව දැක ඔහුට අභිමුඛ වූයේ පැන පලා ගියේය. ඇමතියෝ කවරෙකුගේ පැත්තෙන් මුවා පලාගියේ දැයි විමසන්නාහු රජුගේ පැත්තෙන් යයි දැන රජු සමග විහිළු කළාහුය. රජු තමා පිළිබඳ අහංකාරයෙන් ඔවුන්ගේ විහිළු නොඉවසන්නේ දැන් ඒ මුවා ගන්නෙමියි රථයට නැග වහා මෙහෙයවයි රියදුරාට අණ කර මුවා විසින් ගිය මගට පිළිපන්නේය. වේගයෙන් යන්නා වූ රථය ලුහුබඳින්නට පිරිසට නොහැකි විය. රියදුරා දෙවැනි කොට ඇති රජු මධ්‍යාහ්නය දක්වා ගොස් මුවා නොදැක ආපසු හැරුනේ සොරුන්ගේ ගම සමීපයෙහි සිත්කළු දිය කඳුරක් දැක රියෙන් බැස නා ජලය පානය කර ගොඩට පැමිණියේය. ඉක්බිති රියදුරා රථයේ උඩ ඇතිරිළි බහා ගස් සෙවනක පැනවීය. හෙතෙම එහි හොත්තේය. රියදුරාද ඔහුගේ පාදයන් සම්භාහනය කරමින් හුන්නේය. රජු අතරින් අතර නිදයිද පිබිදෙයිද වේ.
චොරගාමවාසිනො චොරාපි රඤ්ඤො ආරක්ඛණත්ථාය අරඤ්ඤමෙව පවිසිංසු. චොරගාමකෙ සත්තිගුම්බො චෙව භත්තරන්ධකො පතිකොලම්බො නාමෙකො පුරිසො චාති ද්වෙව ඔහීයිංසු. තස්මිං ඛණෙ සත්තිගුම්බො ගාමකා නික්ඛමිත්වා රාජානං දිස්වා “ඉමං නිද්දායමානමෙව මාරෙත්වා ආභරණානි ගහෙස්සාමා”ති චින්තෙත්වා පතිකොලම්බස්ස සන්තිකං ගන්ත්වා තං කාරණං ආරොචෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා පඤ්ච ගාථා අභාසි –
සොර ගම වැසි සොරුද රජුගේ ආරක්ෂාව පිණිස වනයටම පිවිසියාහුය. සොරගමෙහි සත්තිගුම්බ ද බත් පිසින්නා වූ පතිකොලම්බ නම් එක් පුරුෂයෙක්දැයි දෙදෙනෙක් විසූහ. එකෙනෙහි සත්තිගුම්බයා නිදන්නා වූ රජු දැක මොහු මරා ආභරණයන් ගන්නෙමුයි සිතා පතිකෝළම්බයා සමීපයට ගොස් ඒ කරුණ දැන්වීය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා පහක් දේශනා කළ සේක.
“මිගලුද්දො මහාරාජා, පඤ්චාලානං රථෙසභො; නික්ඛන්තො සහ සෙනාය, ඔගණො වනමාගමා.
මිගලුද්දො මහාරාජා - පඤ්චාලානං රථෙසභො, නික්ඛන්තො සහ සෙනාය - ඔගණො වනමාගමා
1. පඤ්චාල වැසියන්ගේ ප්‍රධානී වූ මුව දඩයම් කරන්නා වූ මහරජු සේනාව සමග නික්මුනේ පිරිසෙන් ගිලිහුනේ වනයට පිවිසියේය.
“තත්ථද්දසා අරඤ්ඤස්මිං, තක්කරානං කුටිං කතං; තස්සා කුටියා නික්ඛම්ම, සුවො ලුද්දානි භාසති.
2. ඒ වනයෙහි සොරුන් විසින් කරන ලද කුටියක් රජු දුටුවේය. එක් ගිරවෙක් ඒ කුටියෙන් නික්මී නපුරු වචන කියයි.
“සම්පන්නවාහනො පොසො, යුවා සම්මට්ඨකුණ්ඩලො; සොභති ලොහිතුණ්හීසො, දිවා සූරියොව භාසති.
3. අශ්ව වාහනයෙන් සමන්විත වූ මොනවට මට වූ කුණ්ඩලාභරණ ඇති රක්ත වර්ණ නළල්පටින් යුත් ඒ පුරුෂයා දවල් කාලයෙහි සූර්යයා මෙන් බබලයි යනුවෙන් ගිරවා කියයි.
“මජ්ඣන්හිකෙ සම්පතිකෙ, සුත්තො රාජා සසාරථි; හන්දස්සාභරණං සබ්බං, ගණ්හාම සාහසා මයං.
4. මේ මධ්‍යාහ්නයෙහි රියදුරු සහිත වූ ඒ රජු නිදයි. එම්බල අපි මොහුගේ ආභරණ සියල්ල බලහත්කාරයෙන් ගනිමු.
“නිසීථෙපි රහොදානි, සුත්තො රාජා සසාරථි; ආදාය වත්ථං මණිකුණ්ඩලඤ්ච, හන්ත්වාන සාඛාහි අවත්ථරාමා”ති.
5. රියදුරු සහිත වූ රජු මේ මධ්යහ්නයෙහිද රාත්‍රියෙහි මෙන් නින්දට වන්නේය. වස්ත්‍රයද මැණික්මය කුණ්ඩලාභරණයද ගෙන නසා කොළ අතුවලින් වසා දමමු යි.
තත්ථ මිගලුද්දොති ලුද්දො විය මිගානං ගවෙසනතො “මිගලුද්දො”ති වුත්තො. ඔගණොති ගණා ඔහීනො පරිහීනො හුත්වා. තක්කරානං කුටිං කතන්ති සො රාජා තත්ථ අරඤ්ඤෙ චොරානං වසනත්ථාය කතං ගාමකං අද්දස. තස්සාති තතො චොරකුටිතො. ලුද්දානි භාසතීති පතිකොලම්බෙන සද්ධිං දාරුණානි වචනානි කථෙති. සම්පන්නවාහනොති සම්පන්නඅස්සවාහනො. ලොහිතුණ්හීසොති රත්තෙන උණ්හීසපට්ටෙන සමන්නාගතො. සම්පතිකෙති සම්පති ඉදානි, එවරූපෙ ඨිතමජ්ඣන්හිකකාලෙති අත්ථො. සාහසාති සාහසෙන පසය්හාකාරං කත්වා ගණ්හාමාති වදති. නිසීථෙපි රහොදානීති නිසීථෙපි ඉදානිපි රහො. ඉදං වදති – යථා නිසීථෙ අඩ්ඪරත්තසමයෙ මනුස්සා කිලන්තා සයන්ති, රහො නාම හොති, ඉදානි ඨිතමජ්ඣන්හිකෙපි කාලෙ තථෙවාති. හන්ත්වානාති රාජානං මාරෙත්වා වත්ථාභරණානිස්ස ගහෙත්වා අථ නං පාදෙ ගහෙත්වා කඩ්ඪිත්වා එකමන්තෙ සාඛාහි පටිච්ඡාදෙමාති.
එහි මිගලුද්දො යනු වැද්දෙකු මෙන් මුවන් සොයන හෙයින් මුව වැද්දා යයි කියන ලදි. ඔගණො යනු පිරිසෙන් වෙන් වී. තක්කරානං කුටිං කතං යනු ඒ රජු එම වනයේ සොරුන්ගේ වාසස්ථානය සඳහා කරන ලද කඳවුරක් දුටුවේය. තස්සා යනු ඒ සොරුන්ගේ කුටියෙන්. ලුද්දානි භාසති පතිකොලම්බ සමග දරුණු වචන කියයි. සමපන්නවාහනො යනු අශ්ව වාහනයකින් යුත්. ලොහිතුණ්හීසො යනු රතුපාට නළල් පටින් යුක්ත වූ. සම්පටිකෙ දැන් මෙබඳු වූ එළඹ සිටි මධ්‍යාහ්න කාලයෙහි යන අර්ථයි. සාහසෙන සැහැසි ලෙස බලහත්කාරකම් කර ගනිමු යයි කියයි. නිසීථෙපි රහොදානි රාත්‍රියෙහිද දැනුදු රහස් ලෙස මෙය කියයි. යම්සේ මිනිස්සු විඩාපත් වූවාහු රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි නිදත්ද. රහසිගත වෙයිද දැන් මධ්යාහ්නයෙහිද එසේම නිදයි. හනත්වාන යනු රජු මරා මොහුගේ වස්ත්‍ර ආභරණ ගෙන අනතුරුව ඔහු පාදයන්ගෙන් ගෙන පැත්තකට ඇද දමා අතුවලින් වසා දමමු.
ඉති සො වෙගෙන සකිං නික්ඛමති, සකිං පතිකොලම්බස්ස සන්තිකං ගච්ඡති. සො තස්ස වචනං සුත්වා නික්ඛමිත්වා ඔලොකෙන්තො රාජභාවං ඤත්වා භීතො ගාථමාහ –
හෙතෙම මෙසේ කියා වරක් නික්මෙයි. වරක් පතිකෝළම්බ සමීපයට යයි හෙතෙම ඔහුගේ වචනය අසා නික්මී බලන්නේ රජු බව දැන බියට පත් වූයේ.
“කින්නු උම්මත්තරූපොව, සත්තිගුම්බ පභාසසි; දුරාසදා හි රාජානො, අග්ගි පජ්ජලිතො යථා”ති.
6. සත්තිගුම්බය, උමතු වූවෙකු මෙන් කිම දොඩවන්නෙහිද? රජවරු වනාහි දැල්වෙන ගින්නක් මෙන් ලංවිය නොහැක්කෝ වෙති. යන ගාථාව කීවේය.
අථ නං සුවො ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ගිරවා ඔහුට ගාථාවකින් කීවේය.
“අථ ත්වං පතිකොලම්බ, මත්තො ථුල්ලානි ගජ්ජසි; මාතරි මය්හ නග්ගාය, කින්නු ත්වං විජිගුච්ඡසෙ”ති.
7. පතිකෝළම්බය, නුඹ පෙර මත් වූයේ මහත් වූ ගර්ජනා කරන්නෙහිය. මාගේ මවද (සොරදෙටු බිරිඳයි) නග්නව සිටින කල්හිද කිම නුඹ සොරකම පිළිකුල් කරන්නෙහිද?
තත්ථ අථ ත්වන්ති නනු ත්වං. මත්තොති චොරානං උච්ඡිට්ඨසුරං ලභිත්වා තාය මත්තො හුත්වා පුබ්බෙ මහාගජ්ජිතානි ගජ්ජසි. මාතරීති චොරජෙට්ඨකස්ස භරියං සන්ධායාහ. සා කිර තදා සාඛාභඞ්ගං නිවාසෙත්වා චරති. විජිගුච්ඡසෙති මම මාතරි නග්ගාය කින්නු ත්වං ඉදානි චොරකම්මං ජිගුච්ඡසි, කාතුං න ඉච්ඡසීති.
එහි අථ ත්වං යනු ඔබ නොවන්නෙහිද? මත්තො යනු සොරුන්ගේ ඉඳුල් සුරා ලැබ එයින් මත් වූයේ වී පෙර මහත් වූ ගර්ජනා කරහි. මාතරී යන සොරදෙටුවාගේ භාර්යාව වෙනුවෙන් කීවේය. ඇය එකල්හි කැඩූ අතු හැඳ හැසිරෙයි. විජිගුච්ඡසි මගේ මව නග්නව සිටින කල්හි නුඹ දැන් කුමක් නිසා සොරකම පිළිකුල් කරහිදැයි ඇසීය.
රාජා පබුජ්ඣිත්වා තස්ස තෙන සද්ධිං මනුස්සභාසාය කථෙන්තස්ස වචනං සුත්වා “සප්පටිභයං ඉදං ඨාන”න්ති සාරථිං උට්ඨාපෙන්තො ගාථමාහ –
රජු පිබිදී ඔහු සමග මිනිස් බසින් කථා කරන්නා වූ ඔහුගේ වචනය අසා මෙතැන බිය සහිතයයි සලකා රියදුරා නැගිටුවන්නේ මේ ගාථාව කීවේය.
“උට්ඨෙහි සම්ම තරමානො, රථං යොජෙහි සාරථි; සකුණො මෙ න රුච්චති, අඤ්ඤං ගච්ඡාම අස්සම”න්ති.
8. යහළු රියදුර, වහා නැගිටුව. රිය යොදව. මෙම කුරුල්ලෝ මට රුචි නොවේ. අන් අසපුවකට යමුයි කීවේය.
සොපි සීඝං උට්ඨහිත්වා රථං යොජෙත්වා ගාථමාහ –
හෙතෙම වහා නැගිට රථය යොදා
“යුත්තො රථො මහාරාජ, යුත්තො ච බලවාහනො; අධිතිට්ඨ මහාරාජ, අඤ්ඤං ගච්ඡාම අස්සම”න්ති.
9. මහරජතුමනි, රථය යොදන ලදි. බල ඇති අසුන්ද යෙදවූවේමය. මහරජතුමනි, රියට නගිනු මැනවි. අන් අසපුවකට යමුයි කීය.
තත්ථ බලවාහනොති බලවවාහනො, මහාථාමඅස්සසම්පන්නොති අත්ථො. අධිතිට්ඨාති අභිරුහ.
එහි බලවාහනො යනු මහත් වූ ශක්ති සම්පන්න අශ්වයන්ගෙන් යුත් බලසෙනග යන අර්ථයි. අධිතිට්ඨ යනු නගිනු මැනවි.
අභිරුළ්හමත්තෙයෙව ච තස්මිං සින්ධවා වාතවෙගෙන පක්ඛන්දිංසු. සත්තිගුම්බො රථං ගච්ඡන්තං දිස්වා සංවෙගප්පත්තො ද්වෙ ගාථා අභාසි –
ඔහු නැගි කල්හි සෛන්ධවයෝ වාත වේගයෙන් පැන ගියහ. සත්තිගුම්බයා යන්නා වූ රථය දැක වික්ෂෙපයට පත් වූයේ ගාථා දෙකක් කීවේය.
“කො නුමෙව ගතා සබ්බෙ, යෙ අස්මිං පරිචාරකා; එස ගච්ඡති පඤ්චාලො, මුත්තො තෙසං අදස්සනා.
10. මෙහි වසන්නා වූ යම් සොරු පිරිසක් වෙත්ද, ඒ සියල්ලෝම කොහි ගියාහුද? මොවුන්ගේ නොදැක්ම නිසා මේ පඤ්චාලයා මිදුනේ (අන්තැනකට) යයි.
“කොදණ්ඩකානි ගණ්හථ, සත්තියො තොමරානි ච; එස ගච්ඡති පඤ්චාලො, මා වො මුඤ්චිත්ථ ජීවත”න්ති.
11. දුනු ගනිව්. අඩයටියද තෝමරද ගනිව්. මේ පඤ්චාලයා යයි තෙපි දිවි ඇතියෙන් නොමුදව්.
තත්ථ කො නුමෙති කුහිං නු ඉමෙ. අස්මින්ති ඉමස්මිං අස්සමෙ. පරිචාරකාති චොරා. අදස්සනාති එතෙසං චොරානං අදස්සනෙන මුත්තො එස ගච්ඡතීති, එතෙසං හත්ථතො මුත්තො හුත්වා එස අදස්සනං ගච්ඡතීතිපි අත්ථො. කොදණ්ඩකානීති ධනූනි. ජීවතන්ති තුම්හාකං ජීවන්තානං මා මුඤ්චිත්ථ, ආවුධහත්ථා ධාවිත්වා ගණ්හථ නන්ති.
එහි කොනු මෙ යනු මොවුහු කොහිද? අසමිං යනු මේ ආශ්‍රමයෙහි. පරිචාරකා යනු සොරු. අදස්සනා යනු මේ සොරුන්ගේ නොදැක්මෙන් මිදුනේය. එස ගච්ඡති යනු මොවුන්ගේ අතින් මිදුනේ වී මෙතෙම නොදක්නා තැනකට යයි යනුද අර්ථයි. කොදණ්ඩකානි යනු දුනු. ජීවිතං යනු තෙපි ජීවත් වන්නහු නොමුදව්. ආයුධ ගත් අත් ඇතිව දුවගොස් ඔහු අල්ලා ගනුව යනුයි.
එවං තස්ස විරවිත්වා අපරාපරං ධාවන්තස්සෙව රාජා ඉසීනං අස්සමං පත්තො. තස්මිං ඛණෙ ඉසයො ඵලාඵලත්ථාය ගතා . එකො පුප්ඵකසුවොව අස්සමපදෙ ඨිතො හොති. සො රාජානං දිස්වා පච්චුග්ගමනං කත්වා පටිසන්ථාරමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා චතස්සො ගාථා අභාසි –
මෙසේ කෑගසා එකිනෙකා දුවවත්දීම රජු තවුසන්ගේ අසපුවට පැමිණියේය. එකෙනෙහි සෘෂිවරු ඵලාපලයන් සඳහා ගියෝය. පුෂ්පක ගිරවා හුදකලාව ආශ්‍රමයෙහි වෙයි. හෙතෙම රජු දැක පෙරගමන් කර පිළිසඳර කථා කළේය. ඒ කරුණ දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා සතරක් වදාළ සේක.
“අථාපරො පටිනන්දිත්ථ, සුවො ලොහිතතුණ්ඩකො; ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; ඉස්සරොසි අනුප්පත්තො, යං ඉධත්ථි පවෙදය.
12. ඉක්බිති රතු පාටැති තුඩක් ඇති ගිරවා “මහරජතුමනි, ඔබට ආයුබෝවන්! තවද ඔබ නුදුරෙහි සිට පැමිණියේද? මෙහි පැමිණි ඔබ ප්රභූවරයෙක් වෙහි. මෙහිදී යම් ප්‍රයෝජනයක් වේද, එය කියවයි සතුටු වීය.
“තිණ්ඩුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ රාජ වරං වරං.
13. තිඹිරිගෙඩිද මොරගෙඩිද මීගෙඩිද එරමිණියාද යන ගෙඩි ඇත. උතුම් උතුම් වූ කුඩා ගෙඩි අනුභව කරව.
“ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා; තතො පිව මහාරාජ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
14. මේ කඳුලැල්ලෙන් ගෙන ආ සීතල වතුරයි. මහරජතුමනි, ඉදින් ඔබ කැමති නම් එය පානය කරව.
“අරඤ්ඤං උඤ්ඡාය ගතා, යෙ අස්මිං පරිචාරකා; සයං උට්ඨාය ගණ්හව්හො, හත්ථා මෙ නත්ථි දාතවෙ”ති.
15. මේ අසපුවෙහි වාසය කරන තවුසෝ ඵලවැල සඳහා වනයට ගියාහුය. ඔබ නැගිට ගත යුතුය. දෙන්නට මට අත් නැත යනුයි.
තත්ථ පටිනන්දිත්ථාති රාජානං දිස්වාව තුස්සි. ලොහිතතුණ්ඩකොති රත්තතුණ්ඩො සොභග්ගප්පත්තො. මධුකෙති මධුකඵලානි. කාසුමාරියොති එවංනාමකානි ඵලානි, කාරඵලානි වා. තතො පිවාති තතො පානීයමාළතො ගහෙත්වා පානීයං පිව. යෙ අස්මිං පරිචාරකාති මහාරාජ, යෙ ඉමස්මිං අස්සමෙ විචරණකා ඉසයො, තෙ අරඤ්ඤං උඤ්ඡාය ගතා. ගණ්හව්හොති ඵලාඵලානි ගණ්හථ. දාතවෙති දාතුං.
එහි පටිනන්දිත්ථ යනු රජු දැක සතුටු විය. ලොහිත තුණ්ඩකො යනු රතුපැහැ තුඩ ඇත්තේ. ශෝභාවෙන් අගතැන්පත් වූයේ. මධුකෙ යනු මීගෙඩි. කාසුමරියො යනු එනම් ඇති ගෙඩි හෝ කරගෙඩි හෝ. තතොපිවා යනු ඉන් ගෙන පැන් බොව. යෙ අසමිං පරිචාරිකා යනු මහරජතුමනි, මේ අසපුවෙහි වාසය කරන යම් සෘෂිවරු වෙත්ද ඔවුහු ආහාර එකතු කිරීම පිණිස වනයට ගියාහුය. ගණ්හව්හො යනු ගෙඩි ගනුව. දාතවෙ යනු දෙන්නට.
රාජා තස්ස පටිසන්ථාරෙ පසීදිත්වා ගාථාද්වයමාහ –
රජු ඔහුගේ පිළිසඳර පිළිබඳව පැහැදී.
“භද්දකො වතයං පක්ඛී, දිජො පරමධම්මිකො; අථෙසො ඉතරො පක්ඛී, සුවො ලුද්දානි භාසති.
16. ද්විජ සංඛ්‍යාත මේ පක්ෂියා ඒකාන්තයෙන් සොඳුරු වූවෙකි. ඉතාමත් දැහැමි වූවෙකි. තවද මේ අනිත් ගිරා පක්ෂියා නපුරු වචන කියයි.
“‘එතං හනථ බන්ධථ, මා වො මුඤ්චිත්ථ ජීවතං’; ඉච්චෙවං විලපන්තස්ස, සොත්ථිං පත්තොස්මි අස්සම”න්ති.
17. මොහු නසවු. බඳිවු. තෙපි දිවි ඇති තෙක් නොහරිවු. මෙසේ කියද්දීම සුවසේ අසපුවට පැමිණියේ වෙමි යන ගාථා දෙක කීවේය.
තත්ථ ඉතරොති චොරකුටියං සුවකො. ඉච්චෙවන්ති අහං පන තස්ස එවං විලපන්තස්සෙව ඉමං අස්සමං සොත්ථිනා පත්තො.
එහි ඉතරො යනු සොරුන්ගේ කුටියෙහි ගිරවායි. ඉච්චෙවං යනු ඔහු මෙසේ කියද්දීම මේ අසපුවට සුවසේ පැමිණියේ වෙමි.
රඤ්ඤො කථං සුත්වා පුප්ඵකො ද්වෙ ගාථා අභාසි –
රජුගේ කථාව අසා පුෂ්පක ගිරවා ගාථා දෙකක් කීවේය.
“භාතරොස්ම මහාරාජ, සොදරියා එකමාතුකා; එකරුක්ඛස්මිං සංවඩ්ඪා, නානාඛෙත්තගතා උභො.
18. මහරජතුමනි, අපි දෙදෙනා එකම මවක ඇති සහෝදරයෝ වෙමු. එක ගසක වැඩුනා වූ දෙදෙනා වෙන් වෙන් වූ තැන්වලට ගියෙමු.
“සත්තිගුම්බො ච චොරානං, අහඤ්ච ඉසිනං ඉධ; අසතං සො, සතං අහං, තෙන ධම්මෙන නො විනා”ති.
19. සත්තිගුම්බ සොරුන්ගේ තැනට ගියේය. මම තවුසන්ගේ මෙහි පැමිණියෙමි. හෙතෙම අසත්පුරුෂයන් වෙතටය. මම සත්පුරුෂයන් වෙතට පැමිණියෙමි. ඒ කරුණින් අපගේ වෙනස් බව ඇති විය.
තත්ථ භාතරොස්මාති මහාරාජ, සො ච අහඤ්ච උභො භාතරො හොම. චොරානන්ති සො චොරානං සන්තිකෙ සංවඩ්ඪො, අහං ඉසීනං සන්තිකෙ . අසතං සො, සතං අහන්ති සො අසාධූනං දුස්සීලානං සන්තිකං උපගතො, අහං සාධූනං සීලවන්තානං. තෙන ධම්මෙන නො විනාති මහාරාජ, තං සත්තිගුම්බං චොරා චොරධම්මෙන චොරකිරියාය විනෙසුං, මං ඉසයො ඉසිධම්මෙන ඉසිසීලාචාරෙන, තස්මා සොපි තෙන චොරධම්මෙන නො විනා හොති, අහම්පි ඉසිධම්මෙන නො විනා හොමීති.
එහි භාතරොස්ම යනු මහරජතුමනි, ඔහු ද මම ද සහෝදරයෝ වෙමු. චොරානං යනු සොරුන් සමීපයෙහි වැඩුනේය. මම තවුසන් සමීපයෙහි වැඩුනෙමි. අසතං සො සතං අහං හෙතෙම අයහපත් දුශ්ශීලයන්ගේ සමීපයට පැමිණියේය. මම යහපත් සිල්වතුන්ගේ සමීපයට පැමිණියෙමි. තෙන ධම්මෙන නො විනා යනු මහරජතුමනි, සොරු ඒ සත්තිගුම්බයා සොර ධර්මයෙන් සොරකමින් හික්මවූහ. මා තවුස් ධර්මයෙන් සිල්වත් පැවැත්මෙන් හික්මවූහ. එහෙයින් හෙතෙමේද එම සොර ස්වභාවය නිසා අප වෙනස වෙයි. මම ද තවුස් ස්වභාවය නිසා අප වෙනස් වෙමි යි.
ඉදානි තං ධම්මං විභජන්තො ගාථාද්වයමාහ –
දැන් එම ධර්මය බෙදා දක්වනුයේ.
“තත්ථ වධො ච බන්ධො ච, නිකතී වඤ්චනානි ච; ආලොපා සාහසාකාරා, තානි සො තත්ථ සික්ඛති.
20. එහි හිංසාවද, බැඳීමද, රැවටීමද, වාචාවද, ගම්පැහැරීම්ද, සැහැසි ක්‍රියාද වෙයි. හෙතෙම එහිදී ඒවා ඉගෙන ගනී.
“ඉධ සච්චඤ්ච ධම්මො ච, අහිංසා සංයමො දමො; ආසනූදකදායීනං, අඞ්කෙ වද්ධොස්මි භාරධා”ති.
21. රජතුමනි, මම මෙහි සත්‍යයද, ධර්මයද, අහිංසාවද, සංයමයද, ඉන්ද්රිය දමනයද යන ගුණයන් ඇති අසුන් හා ජලය දෙන්නවුන්ගේ ඇකයෙහි වැඩුනේ වෙමි.
තත්ථ නිකතීති පතිරූපකෙන වඤ්චනා. වඤ්චනානීති උජුකවඤ්චනානෙව. ආලොපාති දිවා ගාමඝාතා. සාහසාකාරාති ගෙහං පවිසිත්වා මරණෙන තජ්ජෙත්වා සාහසිකකම්මකරණානි. සච්චන්ති සභාවො. ධම්මොති සුචරිතධම්මො. අහිංසාති මෙත්තාපුබ්බභාගො. සංයමොති සීලසංයමො. දමොති ඉන්ද්රියදමනං. ආසනූදකදායීනන්ති අබ්භාගතානං ආසනඤ්ච උදකඤ්ච දානසීලානං. භාරධාති රාජානං ආලපති.
එහි නිකති යනු සුදුසු වූ රැවටීමයි. වඤ්චනා යනු සෘජුවම රැවටීම්ය. ආලොපො යනු දවල් කාලයෙහි ගම් නසන්නාහු. සහසාකාරා නිවසට පිවිස මරණයෙන් තර්ජනය කර සැහැසි කටයුතු කිරීම්ය. සච්චං යනු ස්වභාවයයි. ධම්මො යනු සුචරිත ධර්මය. අහිංසා යනු මෙත් සිත් පෙරටු කොට ඇති බව. සංයමො යනු සීලය. දමො යනු ඉන්ද්රිය දමනය. ආසනුදකදායීනං යනු වෙත පැමිණියහුට අසුන්ද ජලයද දෙන සුළු වූ. භාරත යනු රජු අමතයි.
ඉදානි රඤ්ඤො ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
දැන් රජුට ධර්මය දේශනා කරමින් මේ ගාථාවන් කීවේය.
“යං යඤ්හි රාජ භජති, සන්තං වා යදි වා අසං; සීලවන්තං විසීලං වා, වසං තස්සෙව ගච්ඡති.
22. රජතුමනි, යමෙක් යම්බඳූ වූ සත්පුරුෂයෙකු හෝ නැතහොත් අසත්පුරුෂයෙකු හෝ සිල්වතෙකු හෝ දුසිල්වතෙකු හෝ ආශ්‍රය කරයිද ඔහු ඔහුගේම වසඟයට යයි.
“යාදිසං කුරුතෙ මිත්තං, යාදිසං චූපසෙවති; සොපි තාදිසකො හොති, සහවාසො හි තාදිසො.
23. යම්බඳු වූවෙකු මිතුරෙකු කරගනීද යම්බඳු වූවෙකු ඇසුරු කෙරේද ඔහුද එවැන්නෙක් වේ. එක්ව වාසය කිරීම එලෙසය.
“සෙවමානො සෙවමානං, සම්ඵුට්ඨො සම්ඵුසං පරං; සරො දිද්ධො කලාපංව, අලිත්තමුපලිම්පති; උපලෙපභයා ධීරො, නෙව පාපසඛා සියා.
24. සේවනය කරනු ලබන තැනැත්තා සේවනය කරන්නාද ස්පර්ශ කරන ලද්දේ ස්පර්ශ කළ දෙයද විෂ පොවන ලද හීය හී සමුහයට විෂ ගල්වන්නාක් මෙන්, නොතැවරුන ලද්දෙහි තවරයි. නුවණැත්තා පවිටුන් හා එක්වීමේ බියෙන් පවිටු යහළුවන් ඇත්තෙක් නොවන්නේය.
“පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති; කුසාපි පූති වායන්ති, එවං බාලූපසෙවනා.
25. යම් මිනිසෙක් කුණු වූ මසෙකු කුසතණ අගින් බඳියිද කුසතණ ගසද කුණුගඳ වහනය කරයි. බාලයන් සේවනය කිරීමද මෙසේය.
“තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති; පත්තාපි සුරභි වායන්ති, එවං ධීරූපසෙවනා.
26. යම් මිනිසෙක් කොලයකින් තුවරලා මලක් දවටාද කොළයද සුවඳ වහනය කරයි. නුවණැත්තන් සේවනය කිරීමද මෙසේය.
“තස්මා පත්තපුටස්සෙව, ඤත්වා සම්පාකමත්තනො; අසන්තෙ නොපසෙවෙය්ය, සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො; අසන්තො නිරයං නෙන්ති, සන්තො පාපෙන්ති සුග්ගති”න්ති.
27. එහෙයින් සුවඳ ස්පර්ශ කළ කොළය මෙන් තමාට වන විපාකය දැන පණ්ඩිතයා අසත්පුරුෂයන් සේවනය නොකරන්නේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය. අසත්පුරුෂයෝ (තමා ඇසුරු කළ අය) නිරයට පමුණුවත්. සත්පුරුෂයා සුගතියට පමුණුවත්.
තත්ථ සන්තං වා යදි වා අසන්ති සප්පුරිසං වා අසප්පුරිසං වා. සෙවමානො සෙවමානන්ති සෙවියමානො ආචරියො සෙවමානං අන්තෙවාසිකං. සම්ඵුට්ඨොති අන්තෙවාසිනා වා ඵුට්ඨො ආචරියො. සම්ඵුසං පරන්ති පරං ආචරියං සම්ඵුසන්තො අන්තෙවාසී වා. අලිත්තන්ති තං අන්තෙවාසිකං පාපධම්මෙන අලිත්තං සො ආචරියො විසදිද්ධො සරො සෙසං සරකලාපං විය ලිම්පති. එවං බාලූපසෙවනාති බාලූපසෙවී හි පූතිමච්ඡං උපනය්හනකුසග්ගං විය හොති, පාපකම්මං අකරොන්තොපි අවණ්ණං අකිත්තිං ලභති. ධීරූපසෙවනාති ධීරූපසෙවී පුග්ගලො තගරාදිගන්ධජාතිපලිවෙඨනපත්තං විය හොති, පණ්ඩිතො භවිතුං අසක්කොන්තොපි කල්යාණමිත්තසෙවී ගුණකිත්තිං ලභති. පත්තපුටස්සෙවාති දුග්ගන්ධසුගන්ධපලිවෙඨනපණ්ණස්සෙව. සම්පාකමත්තනොති කල්යාණමිත්තසංසග්ගවසෙන අත්තනො පරිපාකං පරිභාවනං ඤත්වාති අත්ථො. පාපෙන්ති සුග්ගතින්ති සන්තො සම්මාදිට්ඨිකා අත්තානං නිස්සිතෙ සත්තෙ සග්ගමෙව පාපෙන්තීති දෙසනං යථානුසන්ධිමෙව පාපෙසි.
එහි සතං වා යදි වා අසං යනු සත්පුරුෂයෙකු හෝ අසත් පුරුෂයෙකු හෝ. සෙවමානො සෙවමානං යනු සේවනය කරනු ලබන්නා වූ ආචාර්යවරයා ඇසුරු කරන අන්තේවාසිකයාව. සම්ඵුට්ඨො යනු අතවැසියා විසින් ස්පර්ශ කළ ආචාර්ය තෙමේ. සම්ඵුසං පරං යනු අන්‍ය වූ අතවැසියෙකු ස්පර්ශ කරන්නා වූ ආචාර්ය තෙමේ. අලිත්තං යනු පවිටු ධර්මයෙන් ඇළුනා වූ ඒ අතවැසියාය. විස පෙවූ හීයක් වැනි ආචාර්යවරයා සෙසු හී සමූහයට මෙන් විස ගල්වයි. එවං බාලූපසෙවනා. බාලයන් ඇසුරු කිරීම වූ කලී කුණු වූ මසෙකු දැවටූ කුසතණ අගක් මෙන් වෙයි. පවිටු කටයුතු කරන්නා නුගුණ අපකීර්තිය ලබයි. ධීරූපසෙවනා යනු නුවණැත්තන් සෙවුනා වූ පුද්ගලයා තුවරලා ආදී සුවඳ දේ ඔතන ලද කොළයක් මෙන් වෙයි. පණ්ඩිතයෙක් වීමට නොහැකි වන්නේ නමුදු කළ්‍යාණ මිත්‍රයන් සෙවුනා තැනැත්තා ගුණ කීර්ති ලබයි. ඵලපුටස්සෙව යනු සුවඳ ගොමුවක් - සුවඳ එතූ කොළයක් මෙන්. සම්පාක මත්තනො යනු කළ්‍යාණ මිත්‍රයන් හා එක්වීම් වශයෙන් තමාගේ පිරිපුන් බව දැන යන අර්ථයි. පාපෙන්ති සුග්ගතිං යනු සම්‍යක් දෘෂ්ටික සත්පුරුෂ තෙමේ තමා ඇසුරු කරන සත්ත්වයන් සුගතියටම පමුණුවත් යයි දේශනාව සුදුසු තැනටම පැමිණවීය.
රාජා තස්ස ධම්මකථාය පසීදි, ඉසිගණොපි ආගතො. රාජා ඉසයො වන්දිත්වා “භන්තෙ, මං අනුකම්පමානා මම වසනට්ඨානෙ වසථා”ති වත්වා තෙසං පටිඤ්ඤං ගහෙත්වා නගරං ගන්ත්වා සුවානං අභයං අදාසි. ඉසයොපි තත්ථ අගමංසු. රාජා ඉසිගණං උය්යානෙ වසාපෙන්තො යාවජීවං උපට්ඨහිත්වා සග්ගපුරං පූරෙසි. අථස්ස පුත්තොපි ඡත්තං උස්සාපෙන්තො ඉසිගණං පටිජග්ගියෙවාති තස්මිං කුලපරිවට්ටෙ සත්ත රාජානො ඉසිගණස්ස දානං පවත්තයිංසු. මහාසත්තො අරඤ්ඤෙ වසන්තොයෙව යථාකම්මං ගතො.
රජු ඔහුගේ කථාවෙහි පැහැදුනේය. තවුස් සමූහයාද පැමිණියේය. රජු තවුසන් වැඳ ස්වාමීනි, මට අනුකම්පා කරමින් මා වසන තැනම වසව් යයි කියා ඔවුන්ගේ ප්‍රතිඥාව ගෙන නගරයට ගොස් ගිරවුන්ට අභය දුන්නේය. තාපසයෝද එහි ගියාහුය. රජු තවුස් සමූහයා උයනෙහි වසවන්නේ දිවි ඇති තාක් උපස්ථාන කර සුගති බව පිරවීය. ඉක්බිති ඔහුගේ පුත්‍රයාද සේසත ඔසවා තවුස් සමූහයා පෝෂණය කළේම යයි ඒ කුල පරපුරෙහි රජවරු සත්දෙනෙක් තවුස් සමූහයාට දානය පැවැත්වූහ. මහබෝසත් තෙමේ වනයෙහි වසන්නේම කම් වූ පරිදි මිය පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙපි දෙවදත්තො පාපො පාපපරිවාරොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා සත්තිගුම්බො දෙවදත්තො අහොසි, චොරා දෙවදත්තපරිසා , රාජා ආනන්දො, ඉසිගණා බුද්ධපරිසා, පුප්ඵකසුවො පන අහමෙව අහොසි”න්ති.
ශස්තෲන් වහන්සේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ දෙව්දත් පෙරද පවිටු වූයේය. පවිටු පිරිවර ඇත්තේම වීයයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සත්තිගුම්බ ගිරවා දෙව්දත් වීය. සොරු දෙව්දත් පිරිස වීය. රජු ආනන්ද තෙර වීය. තවුස් සමූහයා බුද්ධ පිරිස වීය. පුෂ්පක ගිරවා මම ම වීමි යයි වදාළ සේක.
සත්තිගුම්බජාතකවණ්ණනා සත්තමා.