6. චූළහංසජාතකවණ්ණනා 502 අට්ඨකථා
6. චූළහංසජාතකවණ්ණනා (502)
6. චූලහංස ජාතකය (502)
එතෙ හංසා පක්කමන්තීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො ආනන්දථෙරස්ස ජීවිතපරිච්චාගමෙව ආරබ්භ කථෙසි. තදාපි හි ධම්මසභායං ථෙරස්ස ගුණකථං කථෙන්තෙසු භික්ඛූසු සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි ආනන්දෙන මමත්ථාය ජීවිතං පරිච්චත්තමෙවා”ති වත්වා අතීතං ආහරි.
එතෙ හංසා පක්කමන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් ආනන්ද තෙරුන්ගේ ජීවිත පරිත්‍යාගයම අරභයා දේශනා කළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහි තෙරුන්ගේ ගුණ කථාව කියනකල්හි ශාස්තෲන් වහන්සේ වැඩමවා විමසා මහණෙනි, ආනන්ද තෙරුන් විසින් මා සඳහා ජීවිත පරිත්‍යාග කළේ දැන් පමණක් නොවේ. පෙරද ජීවිත පරිත්‍යාග කළේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බහුපුත්තකො නාම රාජා රජ්ජං කාරෙසි. ඛෙමා නාමස්ස අග්ගමහෙසී අහොසි. තදා මහාසත්තො සුවණ්ණහංසයොනියං නිබ්බත්තිත්වා නවුතිහංසසහස්සපරිවුතො චිත්තකූටෙ වසි. තදාපි දෙවී වුත්තනයෙනෙව සුපිනං දිස්වා රඤ්ඤො සුවණ්ණවණ්ණහංසස්ස ධම්මදෙසනාසවනදොහළං ආරොචෙසි. රාජාපි අමච්චෙ පුච්ඡිත්වා “සුවණ්ණවණ්ණහංසා නාම චිත්තකූටපබ්බතෙ වසන්තී”ති ච සුත්වා ඛෙමං නාම සරං කාරෙත්වා නානප්පකාරානි නිවාපධඤ්ඤානි රොපාපෙත්වා චතූසු කණ්ණෙසු දෙවසිකං අභයඝොසනං ඝොසාපෙසි, එකඤ්ච ලුද්දපුත්තං හංසානං ගහණත්ථාය පයොජෙසි. තස්ස පයොජිතාකාරො ච, තෙන තත්ථ සකුණානං උපපරික්ඛිතභාවො ච, සුවණ්ණහංසානං ආගතකාලෙ රඤ්ඤො ආරොචෙත්වා පාසානං ඔඩ්ඩිතනියාමො ච, මහාසත්තස්ස පාසෙ බද්ධනියාමො ච, සුමුඛස්ස හංසසෙනාපතිනො තීසු හංසඝටාසු තං අදිස්වා නිවත්තනඤ්ච සබ්බං මහාහංසජාතකෙ (ජා· 2.21.89 ආදයො) ආවි භවිස්සති. ඉධාපි මහාසත්තො යට්ඨිපාසෙ බජ්ඣිත්වා පාසයට්ඨියං ඔලම්බන්තොයෙව ගීවං පසාරෙත්වා හංසානං ගතමග්ගං ඔලොකෙන්තො සුමුඛං ආගච්ඡන්තං දිස්වා “ආගතකාලෙ නං වීමංසිස්සාමී”ති චින්තෙත්වා තස්මිං ආගතෙ තිස්සො ගාථා අභාසි –
අතීතයෙහි බරණැස් නුවර බහුපුත්තක නම් රජු රාජ්‍යය කරවීය. ඔහුගේ අගමෙහෙසිය ඛේමා නම් වූවාය. එකල්හි මහබෝසත් තෙමේ ස්වර්ණහංස යෝනියෙහි ඉපදී හංසයන් අනූදහසක් පිරිවරන ලද්දේ චිත්‍රකූට පර්වතයෙහි වාසය කරන ලදි. එකල්හි දේවිය පළමු කී පරිද්දෙන්ම සිහිනයක් දැක රන්වන් හංසයෙකුගේ ධර්ම දේශනාව ඇසීමේ දොළදුක රජුට දැන්වීය. රජුද විමසා රන්වන් හංසයෝ චිත්‍රකූට පර්වතයෙහි වසත් යයි අසා ඛේම නම් විලක් කරවා නොයෙක් (හංසයන්ගේ) කෑම සඳහා වූ ධාන්‍ය සිටුවවා සිව්කොන්හි දිනපතා අභය ඝෝෂාව ඝෝෂා කරවීය. එක් වැදි පුත්‍රයෙක්ද හංසයන් ගැනීම පිණිස යෙදවීය. ඔහු (විල පරීක්ෂා කිරීමට) යෙදවූ ආකාරයද එහි පක්ෂීන් විසින් පරීක්ෂා කළ බවද රන් හංසයන් පැමිණි කල්හි රජුට දන්වා පුඩුව එල්ලූ ක්රමයද මහබෝසතුන් පුඩුවෙහි බැඳුන අයුරුද සුමුඛ හංස සෙන්පතියාගේ පිරිස් තුනෙහිම ඔහු නොදැක පෙරළා පැමිණීමද යන සියල්ල මහා හංස ජාතකයෙහි පෙනෙන්නේය. මෙහිද මහබෝසත් තෙමේ යෂ්ටි පුඩුවෙහි බැඳි මලපුඩුව බැඳි යෂ්ටියෙහි එල්බෙන්නේම බෙල්ල දිගහැර හංසයන් ගිය මග බලන්නේ එන්නා වූ සුමුඛ හංසයා දැක පැමිණි කල්හි ඔහු විමසන්නෙමියි සිතා ඔහු පැමිණි කල්හි ගාථා තුනක් කීවේය.
“එතෙ හංසා පක්කමන්ති, වක්කඞ්ගා භයමෙරිතා; හරිත්තච හෙමවණ්ණ, කාමං සුමුඛ පක්කම.
එතෙ හංසා පක්කමන්ති චක්කංගා භයමෙරිතා, හරිත්තච හෙමවණ්ණං කාමං සුමුඛ පක්කම
1. කොළ පාටැති සමක් ඇති රන්වන් වූ සුමුඛය, බියෙන් කම්පා වූ වක් වූ සොට ඇති මේ හංසයෝ ඉවත්ව යෙති. ඔබද ඒකාන්තයෙන් ඉවත්ව යව.
“ඔහාය මං ඤාතිගණා, එකං පාසවසං ගතං; අනපෙක්ඛමානා ගච්ඡන්ති, කිං එකො අවහිය්යසි.
2. ඤාති සමූහයා පුඩුවට හසු වූ හුදකලා වූ මා අතහැර මා පිළිබඳව අපේක්ෂා නැත්තෝ යත්. හුදකලා වූ ඔබ කුමක් නිසා සමූහයෙන් වෙන් වී නවතිහිද?
“පතෙව පතතං සෙට්ඨ, නත්ථි බද්ධෙ සහායතා; මා අනීඝාය හාපෙසි, කාමං සුමුඛ පක්කමා”ති.
3. පක්ෂි රාජය, (මරණය සඳහා) පුඩුවෙහි බැඳුනහු සමග යහළු බවක් නැත. ඉගිලී පැන ගියවුන් සමග පැන යන්න. නිදුක් බව පිණිස උත්සාහය අත් නොහරිව. සුමුඛය, උත්සාහය අත් නොහරින්න.
තත්ථ භයමෙරිතාති භයෙරිතා භයතජ්ජිතා භයචලිතා. හරිත්තච හෙමවණ්ණාති ද්වීහිපි වචනෙහි තමෙවාලපති. කාමන්ති සුවණ්ණත්තච, සුවණ්ණවණ්ණ, සුන්දරමුඛ එකංසෙන පක්කමාහියෙව, කිං තෙ ඉධාගමනෙනාති වදති. ඔහායාති මං ජහිත්වා උප්පතිතා. අනපෙක්ඛමානාති තෙ මම ඤාතකා මයි අනපෙක්ඛාව ගච්ඡන්ති. පතෙවාති උප්පතෙව. මා අනීඝායාති ඉතො ගන්ත්වා පත්තබ්බාය නිද්දුක්ඛභාවාය වීරියං මා හාපෙසි.
එහි භය මෙරිතා යනු බියෙන් කම්පා වූ, බියෙන් තැති ගත් බියෙන් සැළුණු. හරිත්තච හෙමවණ්ණ යන වචන දෙකින් ඔහුටම අමතයි. කාමං යනු රන්වන් සම් ඇත්ත. රන්වන් වූ තැනැත්ත. පියකරු මුහුණ ඇත්ත. ඒකාන්තයෙන් ඉවත්ව යා යුතුමය. මෙහි පැමිණීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක්දැයි කියයි. ඔහාය යනු මා අත්හැර පියඹා ගියෝය. අනපෙක්ඛමානා යනු ඒ මගේ නෑයෝ මා කෙරෙහි අපේක්ෂා රහිතවම යති. පතෙවා යනු පියඹා යයි. මා අනීඝාය යනු මෙයින් ඉවත්ව ගොස් ලද යුතු නිදුක් බව සඳහා උත්සාහය නො හරුව.
තතො සුමුඛො පඞ්කපිට්ඨෙ නිසීදිත්වා ගාථමාහ –
ඉක්බිති සුමුඛ තෙමේ මඩ මත හිඳ
“නාහං දුක්ඛපරෙතොති, ධතරට්ඨ තුවං ජහෙ; ජීවිතං මරණං වා මෙ, තයා සද්ධිං භවිස්සතී”ති.
4. ධතරට්ඨ නම් හංසය, මම දුකට පත් වූයේ යයි ඔබ අත් නොහරින්නෙමි. මාගේ ජීවත්වීම හෝ මරණය හෝ ඔබ සමගම වන්නේය යන ගාථාව කීවේය.
තත්ථ දුක්ඛපරෙතොති මහාරාජ, “ත්වං මරණදුක්ඛපරෙතො”ති එත්තකෙනෙව නාහං තං ජහාමි.
එහි දුක්ඛ පරිතො යනු මහරජතුමනි, ඔබ මරණ දුකට පත් වූයේය යන මෙපමණකින් මම ඔබ අත් නො හරිමි.
එවං සුමුඛෙන සීහනාදෙ කථිතෙ ධතරට්ඨො ගාථමාහ –
සුමුඛයා විසින් මෙසේ සිංහනාද කළ කල්හි ධතරට්ඨයා කියනුයේ
“එතදරියස්ස කල්‍යාණං, යං ත්වං සුමුඛ භාසසි; තඤ්ච වීමංසමානොහං, පතතෙතං අවස්සජි”න්ති.
5. සුමුඛය, “මම නොයන්නෙමියි” යන යමක් ඔබ කියෙහිද, මෙය උතුම් පුද්ගලයාගේ යහපත් වචනයයි. මම ඔබ විමසමින් පැන යවයි කීවෙමි යන ගාථාව කීවේය.
තත්ථ එතදරියස්සාති යං ත්වං “නාහං තං ජහෙ”ති භාසසි, එතං ආචාරසම්පන්නස්ස අරියස්ස කල්‍යාණං උත්තමවචනං. පතතෙතන්ති අහඤ්ච න තං විස්සජ්ජෙතුකාමොව එවං අවචං, අථ ඛො තං වීමංසමානො “පතතූ”ති එතං වචනං අවස්සජිං, ගච්ඡාති තං අවොචන්ති අත්ථො.
එහි එතදරියස්ස යනු යම් හෙයකින් ඔබ “මම ඔබතුමන් අත් නොහරිමියි” කියහිද, මෙය මනා පැවැත්මෙන් යුත් උතුමෙකුගේ උතුම් වචනයකි. පතනෙතං යනු මමද ඔබ නිදහස් කර යවනු කැමැත්තෙන්ම මෙලෙස නොකීවෙමි. තවද ඔබ විමසනුයේ පියඹා යවයි යන මේ වචනය අවස්සජිං යවයි ඔබට කීවෙමි යනුයි.
එවං තෙසං කථෙන්තානඤ්ඤෙව ලුද්දපුත්තො දණ්ඩමාදාය වෙගෙනාගතො. සුමුඛො ධතරට්ඨං අස්සාසෙත්වා තස්සාභිමුඛො ගන්ත්වා අපචිතිං දස්සෙත්වා හංසරඤ්ඤො ගුණෙ කථෙසි. තාවදෙව ලුද්දො මුදුචිත්තො අහොසි. සො තස්ස මුදුචිත්තකං ඤත්වා පුන ගන්ත්වා හංසරාජමෙව අස්සාසෙන්තො අට්ඨාසි. ලුද්දොපි හංසරාජානං උපසඞ්කමිත්වා ඡට්ඨං ගාථමාහ –
මෙසේ ඔවුන් කියද්දීම වැදි පුත්‍රයා දණ්ඩක් ගෙන වේගයෙන් පැමිණියේ, සුමුඛයා ධතරට්ඨ හංසරජු අස්වසමින් ඔහු ඉදිරියට ගොස් ගෞරව දක්වා හංස රජුගේ ගුණයන් කීවේය. එකෙනෙහිම වැද්දා මෘදු වූ සිත් ඇත්තේ වීය. හෙතෙම ඔහුගේ සිත මෘදු වූ බව දැන නැවත හංසරජු අස්වසමින් සිටියේය. වැද්දාද හංස රජු වෙත එළඹ සවන ගාථාව කීවේය.
“අපදෙන පදං යාති, අන්තලික්ඛචරො දිජො; ආරා පාසං න බුජ්ඣි ත්වං, හංසානං පවරුත්තමා”ති.
6. අහසෙහි හැසිරෙන පක්ෂියා පයින් නොයන්නේ අහසෙහි පා තබා යයි. හංසයන් අතර ඉතා උතුම් වූ ඔබ දුරදීම පුඩුව නොදුටුවෙහිද යනුයි.
තත්ථ අපදෙන පදන්ති මහාරාජ, තුම්හාදිසො අන්තලික්ඛචරො දිජො අපදෙ ආකාසෙ පදං කත්වා යාති. න බුජ්ඣි ත්වන්ති සො ත්වං එවරූපො දූරතොව ඉමං පාසං න බුජ්ඣි න ජානීති පුච්ඡති.
එහි අපදෙන පදං යනු මහරජතුමනි, නුඹ වැනි වූ අහසෙහි හැසිරෙන පක්ෂියා පා තැබීමෙන් තොරව ආකාසයෙහි පා තබා යයි. නො බැඳෙයි. ඒ ඔබ මෙබඳු වූයේ දුරදීම මේ පුඩුව වටහා නොගති. නොදත්තේදැයි විමසයි.
මහාසත්තො ආහ –
මහබෝසත් තෙමේ කීවේය.
“යදා පරාභවො හොති, පොසො ජීවිතසඞ්ඛයෙ; අථ ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣතී”ති.
7. යම්කලෙක පිරිහීමක් වේද, ජීවිතය පිළිබඳ සැක සහිත බව ඇති වේද එකල්හි පුරුෂයා දැලටද පුඩුවටද පැමිණ නමුත් අවබෝධ කර නොගනී.
තත්ථ යදා පරාභවොති සම්ම ලුද්දපුත්ත, යදා පරාභවො අවුඩ්ඪි විනාසො සම්පත්තො හොති, අථ පොසො ජීවිතසඞ්ඛයෙ පත්තෙ ජාලඤ්ච පාසඤ්ච පත්වාපි න ජානාතීති අත්ථො.
එහි පරාභවො යනු යහළු වැදි පුත්‍රය, යම්දිනක පිරිහීම වැඩුනේද, විනාශය පැමිණියේද වෙයි නම් ඉක්බිති පුරුෂ තෙමේ ජීවිතය පිළිබඳව සැක සහිත තැනට පැමිණි කල්හි දැලටද පුඩුවටද පැමිණ නමුත් නොදනී යයි අර්ථයි.
ලුද්දො හංසරඤ්ඤො කථං අභිනන්දිත්වා සුමුඛෙන සද්ධිං සල්ලපන්තො තිස්සො ගාථා අභාසි –
වැද්දා හංස රජුගේ කථාව පිළිබඳව සතුටු වී සුමුඛයා සමග කථා කරන්නේ ගාථා තුනක් කීවේය.
“එතෙ හංසා පක්කමන්ති, වක්කඞ්ගා භයමෙරිතා; හරිත්තච හෙමවණ්ණ, ත්වඤ්ඤෙව අවහිය්යසි.
8. කොළ පැහැති සම ඇති රන්වන් වූ සුමුඛය, බියෙන් කම්පා වූ වක් වූ අවයව ඇති මේ හංසයෝ පලායෙත්. ඔබ පමණක් සමූහයෙන් වෙන්ව නවතිහිය.
“එතෙ භුත්වා ච පිවිත්වා ච, පක්කමන්ති විහඞ්ගමා; අනපෙක්ඛමානා වක්කඞ්ගා, ත්වඤ්ඤෙවෙකො උපාසසි.
9. වක් වූ අවයව ඇති අහසෙහි හැසිරෙන මේ පක්ෂීහු (කෑම) කා (වතුර) බී (රජු පිළිබඳව) අපේක්ෂා රහිත වූවාහු පලායෙත්. ඔබ හුදකලාව (මොහු) ඇසුරු කරහිය.
“කිං නු ත්යායං දිජො හොති, මුත්තො බද්ධං උපාසසි; ඔහාය සකුණා යන්ති, කිං එකො අවහිය්යසී”ති.
10. කිම? මේ පක්ෂියා (නුඹ) මිදුනේ වෙයි. බැඳුනා වූ (රජුව) ඇසුරු කරහිය. අනිත් පක්ෂීහු (රජු) අතැර යත්. කිම හුදකලාව සමූහයෙන් වෙන්ව රැඳෙන්නෙහිය.
තත්ථ ත්වඤ්ඤෙවාති ත්වමෙව ඔහිය්යසීති පුච්ඡති. උපාසසීති පයිරුපාසසි.
එහි ත්වඤ්චතං යනු ඔබම රැඳෙන්නෙහි යයි විමසයි. උපාසසී යනු ඇසුරු කරහිය.
සුමුඛො ආහ –
සුමුඛ මෙසේ කීවේය.
“රාජා මෙ සො දිජො මිත්තො, සඛා පාණසමො ච මෙ; නෙව නං විජහිස්සාමි, යාව කාලස්ස පරියාය”න්ති.
1. ඒ (මේ) පක්ෂියා මගේ රජුය. මගේ පණ හා සමාන මිත්‍රයාය. යහළුවාය. යම්තාක් මරුගේ සීමාව වේද (මරණය තෙක්) ඔහු අත් නොහරින්නෙමි යනුයි.
තත්ථ යාව කාලස්ස පරියායන්ති ලුද්දපුත්ත, යාව ජීවිතකාලස්ස පරියොසානං අහං එතං න විජහිස්සාමියෙව.
එහි යාව කාලස්ස පරියායං යනු වැදිපුත්‍රය, යම්තාක් ජීවිත කාලයේ කෙළවර වේද, එතෙක් මම ඔහු නොහරින්නෙමිමය.
තං සුත්වා ලුද්දො පසන්නචිත්තො හුත්වා “සචාහං එවං සීලසම්පන්නෙසු ඉමෙසු අපරජ්ඣිස්සාමි, පථවීපි මෙ විවරං දදෙය්ය, කිං මෙ රඤ්ඤො සන්තිකා ලද්ධෙන ධනෙන, විස්සජ්ජෙස්සාමි න”න්ති චින්තෙත්වා ගාථමාහ –
ඒ අසා වැද්දා පැහැදුන සිත් ඇත්තේ වී ඉදින් මම මෙලෙස සිල්වත් වූ මොවුන් කෙරෙහි අපරාධයක් කරන්නෙම් ද පොළොවද මට කවුළුවක් දෙන්නේය. (පොළොව පලා අපායගාමී වන්නේය) රජු සමීපයෙන් ලද ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මොවුන් නිදහස් කරන්නෙමියි සිතා,
“යො ච ත්වං සඛිනො හෙතු, පාණං චජිතුමිච්ඡසි; සො තෙ සහායං මුඤ්චාමි, හොතු රාජා තවානුගො”ති.
12. යම්බඳු වූ ඔබ යහළුවා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට කැමති වෙහිද, එහෙයින් ඒ මම ඔබගේ යහළුවාද මුදන්නෙමි. (ඔබගේ) රජු ඔබ අනුව යන්නෙක් වේවා’යි යන ගාථාව කීවේය.
තත්ථ යො ච ත්වන්ති යො නාම ත්වං. සොති සො අහං. තවානුගොති එස හංසරාජා තව වසං අනුගතො හොතු, තයා සද්ධිං එකට්ඨානෙ වසතු.
එහි යොචත්වං යනු යම්බඳු වූ ඔබ. සො යනු ඒ මම. තවානුගො යනු මේ හංසරජු ඔබගේ වසඟයට පැමිණියේ වේවා! ඔබ සමග එක්තැනක වසාවා!
එවඤ්ච පන වත්වා ධතරට්ඨං යට්ඨිපාසතො ඔතාරෙත්වා සරතීරං නෙත්වා පාසං මුඤ්චිත්වා මුදුචිත්තෙන ලොහිතං ධොවිත්වා න්හාරුආදීනි පටිපාදෙසි. තස්ස මුදුචිත්තතාය මහාසත්තස්ස පාරමිතානුභාවෙන ච තාවදෙව පාදො සච්ඡවි අහොසි, බද්ධට්ඨානම්පි න පඤ්ඤායි. සුමුඛො බොධිසත්තං ඔලොකෙත්වා තුට්ඨචිත්තො අනුමොදනං කරොන්තො ගාථමාහ –
මෙසේද කියා ධතරට්ඨ හංසයා මුගුරෙහි වූ පුඩුවෙන් මුදවා විල්තෙරට පමුණුවා පුඩුව මුදා මොලොක් සිතෙන් ලේ සෝදා නහර ආදිය පිළියෙල කළේය. ඔහුගේ මොළොක් සිත් ඇති බැවින්ද, මහබෝසතුන්ගේ පාරමිතාවන්ගේ මහිමයෙන්ද එකෙනෙහිම පාදය සම සහිත වූවක් වීය. බැඳුන තැනද නොපෙනුනේය. සුමුඛයා මහබෝසතුන් බලා සතුටු සිත් ඇත්තේ වී අනුමෝදනා කරමින්.
“එවං ලුද්දක නන්දස්සු, සහ සබ්බෙහි ඤාතිභි; යථාහමජ්ජ නන්දාමි, මුත්තං දිස්වා දිජාධිප”න්ති.
13. යම් සේ අද මම මිදුනා වූ පක්ෂිරාජයා දැක සතුටු වෙමිද, වැද්ද ඔබද එසේ සියලු ඤාතීන් සමග සතුටු වේවා!
තං සුත්වා ලුද්දො “ගච්ඡථ, සාමී”ති ආහ. අථ නං මහාසත්තො “කිං පන ත්වං සම්ම, මං අත්තනො අත්ථාය බන්ධි, උදාහු අඤ්ඤස්ස ආණත්තියා”ති පුච්ඡිත්වා තෙන තස්මිං කාරණෙ ආරොචිතෙ “කිං නු ඛො මෙ ඉතොව චිත්තකූටං ගන්තුං සෙය්යො, උදාහු නගර”න්ති විමංසන්තො “මයි නගරං ගතෙ ලුද්දපුත්තො ධනං ලභිස්සති, දෙවියා දොහළො පටිප්පස්සම්භිස්සති, සුමුඛස්ස මිත්තධම්මො පාකටො භවිස්සති, තථා මම ඤාණබලං, ඛෙමඤ්ච සරං අභයදක්ඛිණං කත්වා ලභිස්සාමි, තස්මා නගරමෙව ගන්තුං සෙය්යො”ති සන්නිට්ඨානං කත්වා “ලුද්ද, ත්වං අම්හෙ කාජෙනාදාය රඤ්ඤො සන්තිකං නෙහි, සචෙ නො රාජා විස්සජ්ජෙතුකාමො භවිස්සති, විස්සජ්ජෙස්සතී”ති ආහ. රාජානො නාම සාමි, කක්ඛළා, ගච්ඡථ තුම්හෙති. මයං තාදිසං ලුද්දම්පි මුදුකං කරිම්හ, රඤ්ඤො ආරාධනෙ අම්හාකං භාරො, නෙහියෙව නො, සම්මාති. සො තථා අකාසි. රාජා හංසෙ දිස්වාව සොමනස්සජාතො හුත්වා ද්වෙපි හංසෙ කඤ්චනපීඨෙ නිසීදාපෙත්වා මධුලාජෙ ඛාදාපෙත්වා මධුරොදකං පායෙත්‍වා අඤ්ජලිං පග්ගය්හ ධම්මකථං ආයාචි. හංසරාජා තස්ස සොතුකාමතං විදිත්වා පඨමං තාව පටිසන්ථාරමකාසි . තත්රිමා හංසස්ස ච රඤ්ඤො ච වචනපටිවචනගාථායො හොන්ති –
වැද්දා ස්වාමීනි, යව් යයි කීවේය. ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුට කියනුයේ යහළුව, කිම ඔබ තමා සඳහා මා බැන්දේද? නැතහොත් අනිකෙකුගේ ඇනවීමෙන්දැයි විමසා ඔහු විසින් ඒ කරුණ කී කල්හි කිම මා මෙතැනින් චිත්රකූටය යෑම වටනේද නැතහොත් නගරයටදැයි විමසන්නේ මා නගරයට ගියකල්හි වැදි පුත්‍රයා ධනය ලබන්නේය. දේවියගේ දොළදුක සන්සිඳෙන්නේය. සුමුඛගේ මිත්‍ර ධර්මය ප්‍රකට වන්නේය. එසේම මගේ ඤාණ බලයද ප්‍රකට වන්නේය. ඛේම විලද අභය දක්ෂිණාවක් කොට ලබන්නෙමි. එහෙයින් නගරයටම යන්නට වටනේ යයි සනිටුහන් කර වැද්ද, තෝ අප කදකින් ගෙන රජු සමීපයට පමුණුව. ඉදින් රජු අප නිදහස් කරනු කැමැත්තේ වන්නේද, නිදහස් කරන්නේ යයි කීවේය. ස්වාමීනි, රජවරු නම් කර්කශ පැවතුම් ඇත්තෝය. තෙපි යව් යයි කීවේය. අපි ඔබ වැනි වැද්දෙකුද මෘදු වූවෙකු කළෙමු. රජු පැහැදවීමෙහි ලා අපට කවර බරක්ද? යහළුව, අප ගෙන යවයි කීවේය. හෙතෙම එසේ කළේය. රජු හංසයන් දැක සතුටු සහගත වී හංසයන් දෙදෙන රන් පුටුවෙක හිඳුවා වී සහ විළඳ කවා මීපැණි මිශ්‍ර ජලය පොවා ඇඳිලි බැඳ ධර්මකථාව ඇයදීය. හංසරජු ඔහු අසනු කැමති බව දැන පළමුව පිළිසඳර කථා කළේය. එහි හංසයාගේද රජුගේද වදන් පිළිවදන් කථාව මෙසේ වේ.
“කච්චින්නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසසි.
14. (රජතුමනි) කිම ඔබට සැප ඇත්තේද? කිම ඔබට නිරෝගද? කිම ඔබගේ මේ රට සමෘද්ධිමත්ද? කිම ධර්මයෙන් රාජ්‍යය අනුශාසනා කරහිද?
“කුසලං චෙව මෙ හංස, අථො හංස අනාමයං; අථො රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසහං.
15. හංසය, මට සැප ඇත. තවද නිරෝගී ද වෙමි. අනතුරුව මගේ රටද සමෘද්ධිමත්ය. මම ධර්මයෙන් රාජ්‍යය අනුශාසනා කරමි.
“කච්චි භොතො අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; කච්චි ආරා අමිත්තා තෙ, ඡායා දක්ඛිණතොරිව.
16. කිම ඔබට අමාත්‍යයන් පිළිබඳව කිසියම් වරදක් නොපවතීද, තවද කිම ඔබගේ සතුරෝ තොප කෙරෙන් දකුණු දිශාවට නොයන ඡායාව මෙන් දුරුව යෙත්ද?
“අථොපි මෙ අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; අථො ආරා අමිත්තා මෙ, ඡායා දක්ඛිණතොරිව.
17. තවද මගේ අමාත්‍යයන් පිළිබඳව කිසියම් වරදක් නොපවතී. ඒ හැර මගේ ඡායාව දකුණු දිශාවට නොයන්නාක් මෙන් සතුරෝද දුරුව යෙත්.
“කච්චි තෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, තව ඡන්දවසානුගා.
18. කිම ඔබගේ භාර්යාවෝ සමාන ස්වරූප ඇත්තෝද, වසඟයෙහි සිටියෝද ප්‍රිය වචන කථා කරන්නීහුද? දරුවන්ගෙන්ද රූපත් බැවින්ද යසසින්ද යුක්ත වූවෝද? ඔබගේ කැමැත්ත අනුව පවතින්නාහුද?
“අථො මෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, මම ඡන්දවසානුගා.
19. තවද මාගේ භාර්යාවෝ සමාන ස්වරූප ඇත්තෝය. වසඟයෙහි සිටියෝය. ප්‍රිය වචන කථා කරන්නෝය. දරුවන්ගෙන්ද රූපත් බැවින්ද යසසින්ද යුක්ත වූවාහුය. මගේ කැමැත්ත අනුව පවතින්නාහුය.
“කච්චි තෙ බහවො පුත්තා, සුජාතා රට්ඨවඩ්ඪන; පඤ්ඤාජවෙන සම්පන්නා, සම්මොදන්ති තතො තතො.
20. මහරජතුමනි, කිම ඔබට මනා උත්පත්ති ඇති බොහෝ දරුවෝ වෙත්ද? ඔවුහු නුවණ නැමති ජවයෙන් (වේගයෙන්) යුක්ත වූවාහු ඒ ඒ දෙයෙහි සතුටු වෙත්ද? (එකඟ වෙත්ද?)
“සතමෙකො ච මෙ පුත්තා, ධතරට්ඨ මයා සුතා; තෙසං ත්වං කිච්චමක්ඛාහි, නාවරුජ්ඣන්ති තෙ වචො”ති.
21. ධතරට්ඨය, මා නිසා ප්‍රකට වූ පුත්තු එකසිය එකක් මට වෙති. ඔබ ඔවුන් කළයුතු දෙය කියව. ඔවුහු ඔබගේ වචනය නොවරදවති යි කීය.
තත්ථ කුසලන්ති ආරොග්යං, ඉතරං තස්සෙව වෙවචනං. ඵීතන්ති කච්චි තෙ ඉදං රට්ඨං ඵීතං සුභික්ඛං, ධම්මෙන ච නං අනුසාසසීති පුච්ඡති. දොසොති අපරාධො. ඡායා දක්ඛිණතොරිවාති යථා නාම දක්ඛිණදිසාභිමුඛා ඡායා න වඩ්ඪති, එවං තෙ කච්චි අමිත්තා න වඩ්ඪන්තීති වදති. සාදිසීති ජාතිගොත්තකුලපදෙසෙහි සමානා. එවරූපා හි අතිචාරිනී න හොති. අස්සවාති වචනපටිග්ගාහිකා. පුත්තරූපයසූපෙතාති පුත්තෙහි ච රූපෙන ච යසෙන ච උපෙතා. පඤ්ඤාජවෙනාති පඤ්ඤාවෙගෙන පඤ්ඤං ජවාපෙත්වා තානි තානි කිච්චානි පරිච්ඡින්දිතුං සමත්ථාති පුච්ඡති. සම්මොදන්ති තතො තතොති යත්ථ යත්ථ නියුත්තා හොන්ති, තතො තතො සම්මොදන්තෙව, න විරුජ්ඣන්තීති පුච්ඡති. මයා සුතාති මයා විස්සුතා. මඤ්හි ලොකො “බහුපුත්තරාජා”ති වදති, ඉති තෙ මං නිස්සාය විස්සුතා පාකටා ජාතාති මයා සුතා නාම හොන්තීති වදති. තෙසං ත්වං කිච්චමක්ඛාහීති තෙසං මම පුත්තානං “ඉදං නාම කරොන්තූ”ති ත්වං කිච්චමක්ඛාහි, න තෙ වචනං අවරුජ්ඣන්ති, ඔවාදං නෙසං දෙහීති අධිප්පායෙනෙවමාහ.
එහි කුසලං යනු නිරෝගී බවයි. එයටම වෙනත් වූ වචනයකි. ඵිතං යනු කිම ඔබේ රට සමෘද්ධිමත්ද, සම්පත්තීන්ගෙන්ද යුක්තද? පහසුවෙන් ලද හැකි ආහාර ඇත්තේද, ඔවුන්ට ධර්මයෙන් අනුශාසනා කරහිදැයි විමසයි. දොසො යනු වරද. ජායාදක්ඛිණතො රිව යනු යම් සේ සෙවනැල්ල දකුණු දිශාවට අභිමුඛව නොවැඩේද මෙසේ මෙසේ ඔබගේ කිසියම් පසමිතුරෝ නොවැඩෙත් යයි කියයි. සාදිසී යනු ජාතිගෝත්‍ර කුල ප්‍රදේශ වශයෙන් සමාන වූ. මෙබඳු වූවෝ ඉක්මවා හැසිරෙන්නීහු නොවෙති. අස්සවා යනු වචන පිළිගන්නියෝ. පුත්තරූපයසුපෙතා යනු පුතුන්ගෙන්ද රූපයෙන් ද යසසින් ද යුක්ත වූවාහු. පඤ්ඤාජවෙන ප්‍රඥාව නැමති වේගයෙන්. ප්‍රඥාව මෙහෙයවා යම් ඒ එළඹි කටයුතු පිරිසිඳින්නට සමත් වූවෝද යනුවෙන් විමසයි. සම්මොදන්ති තතො තතො. යම් යම් තැනක නිරත වූවාහු වෙත්ද ඒ ඒ තැනින් එක්ව සතුටු වන්නාහුමය. විරුද්ධ නොවෙත්දැයි විමසයි. මයා සුතා යනු මා කරණ කොටගෙන ප්‍රසිද්ධ වූවාහු. ප්‍රකට වූවාහු. මයා සුතා නම් වෙත් යයි කියයි. තෙසං තං කිච්ච මක්ඛාහි ඒ මගේ පුත්‍රයන්ට මෙනම් වූව කරත්වායි ඔබ කළ යුතු කිස කියව. ඔවුහු ඔබගේ වචනය නොඉක්මවන්නාහුය. ඔවුන්ට අවවාද දෙවයි යන අදහසින් මෙසේ කීවේය.
තං සුත්වා මහාසත්තො තස්ස ඔවාදං දෙන්තො පඤ්ච ගාථා අභාසි –
මහබෝසත් තෙමේ ඒ අසා ඔවුන්ට අවවාද දෙන්නේ ගාථා පහක් කීවේය.
“උපපන්නොපි චෙ හොති, ජාතියා විනයෙන වා; අථ පච්ඡා කුරුතෙ යොගං, කිච්ඡෙ ආපාසු සීදති.
22. ඉදින් යමෙක් උසස් ජාතියෙන් හෝ හැසිරීමෙන් හෝ යුක්ත වූයේ නමුදු ඉදින් ඉගෙනීමෙහි උත්සාහය පසුව කෙරේද ඔහු කටයුතු පැමිණි කල්හි (විපත් ආ කල්හි) එහි ගිලෙයි.
“තස්ස සංහීරපඤ්ඤස්ස, විවරො ජායතෙ මහා; රත්තිමන්ධොව රූපානි, ථූලානි මනුපස්සති.
23. නිශ්චල නොවූ, ප්‍රඥා ඇති ඔහු (කටයුතු පැමිණි කල්හි) මහා විවරයක් හට ගනී. ඔහු රාත්‍රී අන්ධයෙක් මෙන් මහත් වූ රූප දකී.
“අසාරෙ සාරයොගඤ්ඤූ, මතිං න ත්වෙව වින්දති; සරභොව ගිරිදුග්ගස්මිං, අන්තරායෙව සීදති.
24. අසාර දෙයෙහි සාරයක් ඇතැයි සිතන්නා බොහෝ උගත්තන් නුවණ නොලබයි. ගිරි දුර්ගයක (දුවන්නා වූ) සරභ මුවෙක් මෙන් අතරමගදීම විපතෙහි ගිලේ.
“හීනජච්චොපි චෙ හොති, උට්ඨාතා ධිතිමා නරො; ආචාරසීලසම්පන්නො, නිසෙ අග්ගීව භාසති.
25. ඉදින් පහත් ජන්ම ඇත්තේ නමුදු උට්ඨාන වීර්යයෙන් යුක්ත ධෛර්යමත් පුද්ගලයා මනා හැසිරීමෙන් හා සීලයෙන් යුක්ත වූයේ රාත්‍රියෙහි ගින්න මෙන් බබලයි.
“එතං මෙ උපමං කත්වා, පුත්තෙ විජ්ජාසු වාචය; සංවිරූළ්හෙථ මෙධාවී, ඛෙත්තෙ බීජංව වුට්ඨියා”ති.
26. මවිසින් කියන ලද මේ කරුණු උපමා කර දරුවන්ට විද්‍යාවන් උගන්වව. බුද්ධිමත් තැනැත්තා වැස්ස කරණකොට කෙතෙහි බීජය මෙන් මනාව වැඩෙන්නේය.
තත්ථ විනයෙනාති ආචාරෙන. පච්ඡා කුරුතෙ යොගන්ති යො චෙ සික්ඛිතබ්බසික්ඛාසු දහරකාලෙ යොගං වීරියං අකත්වා පච්ඡා මහල්ලකකාලෙ කරොති, එවරූපො පච්ඡා තථාරූපෙ දුක්ඛෙ වා ආපදාසු වා උප්පන්නාසු සීදති, අත්තානං උද්ධරිතුං න සක්කොති. තස්ස සංහීරපඤ්ඤස්සාති තස්ස අසික්ඛිතත්තා තතො තතො හරිතබ්බපඤ්ඤස්ස නිච්චං චලබුද්ධිනො. විවරොති භොගාදීනං ඡිද්දං, පරිහානීති අත්ථො. රත්තිමන්ධොති රත්තන්ධො. ඉදං වුත්තං හොති – “යථා රත්තන්ධො රත්තිකාණො රත්තිං චන්දොභාසාදීහි ථූලරූපානෙව පස්සති, සුඛුමානි පස්සිතුං න සක්කොති, එවං අසික්ඛිතො සංහීරපඤ්ඤො කිස්මිඤ්චිදෙව භයෙ උප්පන්නෙ සුඛුමානි කිච්චානි පස්සිතුං න සක්කොති, ඔළාරිකෙයෙව පස්සති, තස්මා තව පුත්තෙ දහරකාලෙයෙව සික්ඛාපෙතුං වට්ටතී”ති.
එහි විනයෝ යනු පැවැත්මෙන්. පච්ඡා කුරුතෙ යොගං යනු ඉදින් හෙතෙම ශිල්පයන් හදාළ යුතු තරුණ වයසෙහිදී වීර්යය නොකර පසුව මහළු කල කරයිද මෙබඳු තැනැත්තා පසුව එබඳු වූ දුක් හෝ විපත්තීන් උපන් කල්හි ඒවායේ ගිලේ. තමා ගොඩ ගැනීමට නොහැකි වෙයි. තස්ස සංහීරපඤ්ඤස්ස ඔහුගේ නූගත් බව නිසා. හළ යුතු නුවණ ඇති. නිශ්චල නොවූ බුද්ධිය ඇත්තහුගේ. විවරො යනු සම්පත් ආදීන්ගේ සිදුරක්. පරිහානියක් ඇතිවේ යන අර්ථයයි. නත්තමන්ධො රාත්‍රී අන්ධයා. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ රාත්‍රී අන්ධයා රාත්‍රියෙහි නොපෙනෙන්නා රාත්‍රියෙහිදී සඳඑළිය ආදියෙන් මනා රූප ආදිය දකී. සියුම් ඒවා දකින්නට නොහැකි වේ. මෙසේ නූගත් චංචල බුද්ධි ඇත්තා කිසියම් බියක් උපන් කල්හි සියුම් කටයුතු දක්නට නොහැකි වේ. ගොරහැඩි ඒවාම දකී. එහෙයින් ඔබගේ පුතුන්ට තරුණ කාලයෙහිදීම උගන්වන්ට වටී යනුයි.
අසාරෙති නිස්සාරෙ ලොකායතවෙදසමයෙ. සාරයොගඤ්ඤූති සාරයුත්තො එස සමයොති මඤ්ඤමානො. මතිං න ත්වෙව වින්දතීති බහුං සික්ඛිත්වාපි පඤ්ඤං න ලභතියෙව. ගිරිදුග්ගස්මින්ති සො එවරූපො යථා නාම සරභො අත්තනො වසනට්ඨානං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ විසමම්පි සමන්ති මඤ්ඤමානො ගිරිදුග්ගෙ වෙගෙනාගච්ඡන්තො නරකපපාතං පතිත්වා අන්තරායෙව සීදති, ආවාසං න පාපුණාති, එවමෙතං අසාරං ලොකායතවෙදසමයං සාරසඤ්ඤාය උග්ගහෙත්වා මහාවිනාසං පාපුණාති. තස්මා තව පුත්තෙ අත්ථනිස්සිතෙසු වඩ්ඪිආවහෙසු කිච්චෙසු යොජෙත්වා සික්ඛාපෙහීති. නිසෙ අග්ගීවාති මහාරාජ, හීනජාතිකොපි උට්ඨානාදිගුණසම්පන්නො රත්තිං අග්ගික්ඛන්ධො විය ඔභාසති. එතං මෙති එතං මයා වුත්තං රත්තන්ධඤ්ච අග්ගික්ඛන්ධඤ්ච උපමං කත්වා තව පුත්තෙ විජ්ජාසු වාචය, සික්ඛිතබ්බයුත්තාසු සික්ඛාසු යොජෙහි. එවං යුත්තො හි යථා සුඛෙත්තෙ සුවුට්ඨියා බීජං සංවිරූහති, තථෙව මෙධාවී සංවිරූහති, යසෙන ච භොගෙහි ච වඩ්ඪතීති.
අසාරෙ යනු හරසුන් ලෞකික වේද සමය, විතණ්ඩ ශාස්ත්‍රය සාරයොගඤ්ඤු යනු මේ ආගම් හරයෙන් යුක්ත යයි හඟිමින්. මතිං නත්ථෙව වන්දති බොහොමයක් ඉගෙන නමුත් ප්‍රඥාවක් නොලබයි මය. ගිරිදුග්ගස්මිං යනු හෙතෙම යම් සේ සරභ මුවෙක් තමා වසන තැනට පැමිණෙන්නේ අතරමග විෂම තැනද සමයයි හඟිමින් ගිරිදුර්ගයෙහි වේගයෙන් පැමිණෙන්නේ ප්‍රපාතයට වැටී. අන්තරායෙව සීදති නිවෙස්නට නොපැමිණෙයි. මෙසේ නිසරු වූ ලෝකායතික වේද ආගම සරු යයි යන හැඟීමෙන් ඉගෙන මහත් වූ විනාශයකට පැමිණෙයි. එහෙයින් ඔබේ පුතුන් අර්ථ සහිත වූ අභිවෘද්ධිදායක වූ කටයුතුවලම යොදවා උගන්වවයි යනුයි. නිසෙ අග්ගිවා යනු මහරජතුමනි, පහත් වූ ජන්ම ඇත්තේ නමුදු උත්සාහී වීම ආදී ගුණයන්ගෙන් යුක්ත වූයේ රාත්‍රියෙහි ගිනිකඳක් මෙන් බබලයි. එතං මෙ යනු මෙය මවිසින් කියන ලදි. රාත්‍රී අන්ධයාද ගින්නද උපමා කර ඔබේ දරුවන් විජ්ජාසු වාචය යනු ඉගැන්විය යුතු ශිල්පයන්හි යොදව. මෙසේ යොදන ලද්දේ යම් සේ මනා කෙතක යහපත් වැසි ලැබීමෙන් බිජුවට වැඩේද එසේම නුවණැති තැනැත්තා යසසින්ද භෝගයන්ගෙන්ද වැඩෙයි යනුයි.
එවං මහාසත්තො සබ්බරත්තිං රඤ්ඤො ධම්මං දෙසෙසි, දෙවියා දොහළො පටිප්පස්සම්භි. මහාසත්තො අරුණුග්ගමනවෙලායමෙව රාජානං පඤ්චසු සීලෙසු පතිට්ඨපෙත්වා අප්පමාදෙන ඔවදිත්වා සද්ධිං සුමුඛෙන උත්තරසීහපඤ්ජරෙන නික්ඛමිත්වා චිත්තකූටමෙව ගතො.
මහාබෝධිසත්ත්වයෝ මෙසේ මුළු රැයම රජුට ධර්මය දේශනා කළහ. දේවියගේ දොළදුක සන්සිඳුනේය. මහබෝසත් තෙමේ අරුණ නැගෙන වේලාවෙහිම රජු ශීලයන්හි පිහිටුවා අප්‍රමාද වවයි අවවාද කර සුමුඛ සමග උතුරු සීමැදුරු කවුළුවෙන් නික්මී චිත්‍රකූට පර්වතයටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙපි ඉමිනා මමත්ථාය ජීවිතං පරිච්චත්තමෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා ලුද්දො ඡන්නො අහොසි, රාජා සාරිපුත්තො, දෙවී ඛෙමාභික්ඛුනී, හංසපරිසා සාකියගණො, සුමුඛො ආනන්දො, හංසරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, පෙරද මෙසේ මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළේම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි වැද්දා ඡන්න වීය. රජු සැරියුත් තෙර වීය. දේවිය ඛේමා භික්ෂුණිය වූවාය. හංස පිරිස ශාක්‍ය සමූහයාය. සුමුඛ හංසයා ආනන්ද තෙර වීය. හංස රජු මම ම වීමි යයි වදාළ සේක.
චූළහංසජාතකවණ්ණනා ඡට්ඨා.