5. රොහණමිගජාතකවණ්ණනා 501 අට්ඨකථා
5. රොහණමිගජාතකවණ්ණනා (501)
5. රෝහන්තමිග ජාතකය (501)
එතෙ යූථා පතියන්තීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො ආයස්මතො ආනන්දස්ස ජීවිතපරිච්චාගං ආරබ්භ කථෙසි. සො පනස්ස ජීවිතපරිච්චාගො අසීතිනිපාතෙ චූළහංසජාතකෙ (ජා· 2.21.1 ආදයො) ධනපාලදමනෙ ආවි භවිස්සති. එවං තෙනායස්මතා සත්ථු අත්ථාය ජීවිතෙ පරිච්චත්තෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, ආයස්මා ආනන්දො සෙක්ඛපටිසම්භිදප්පත්තො හුත්වා දසබලස්සත්ථාය ජීවිතං පරිච්චජී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මමත්ථාය ජීවිතං පරිච්චජියෙවා”ති වත්වා අතීතං ආහරි.
එතෙ යුථා පටියන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගේ ජීවිත පරිත්‍යාගය අරභයා දේශනා කළ සේක. ඔහුගේ ඒ ජීවිත පරිත්‍යාගය අසූවන නිපාතයෙහි චුල්ලහංස ජාතකයෙහි ධනපාල ඇතු දමනයෙහි ප්‍රකට වන්නේය. මෙසේ ආයුෂ්මත් වූ ඒ ආනන්ද තෙර විසින් ශාස්තෲන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල කල්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ශෛක්ෂ ප්‍රති සම්භිදාප්රාප්තව සිටියේ වීද දසබලධාරීන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරයි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවරනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, මෙතෙම මා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කලේ දැන් පමණක් නොවේ. පෙරද ජීවිත පරිත්‍යාග කළේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ ඛෙමා නාමස්ස අග්ගමහෙසී අහොසි. තදා බොධිසත්තො හිමවන්තපදෙසෙ මිගයොනියං නිබ්බත්තිත්වා සුවණ්ණවණ්ණො අහොසි සොභග්ගප්පත්තො. කනිට්ඨොපිස්ස චිත්තමිගො නාම සුවණ්ණවණ්ණොව අහොසි, කනිට්ඨභගිනීපිස්ස සුතනා නාම සුවණ්ණවණ්ණාව අහොසි. මහාසත්තො පන රොහණො නාම මිගරාජා අහොසි. සො හිමවන්තෙ ද්වෙ පබ්බතරාජියො අතික්කමිත්වා තතියාය අන්තරෙ රොහණං නාම සරං නිස්සාය අසීතිමිගසහස්සපරිවාරො වාසං කප්පෙසි. සො අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙසි. අථෙකො බාරාණසිතො අවිදූරෙ නෙසාදගාමවාසී නෙසාදපුත්තො හිමවන්තං පවිට්ඨො මහාසත්තං දිස්වා අත්තනො ගාමං ආගන්ත්වා අපරභාගෙ කාලං කරොන්තො පුත්තස්සාරොචෙසි “තාත, අම්හාකං කම්මභූමියං අසුකස්මිං නාම ඨානෙ සුවණ්ණවණ්ණො මිගො වසති, සචෙ රාජා පුච්ඡෙය්ය, කථෙය්යාසී”ති.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවීය. ඔහුගේ අග මෙහෙසිය ඛේමා නම් වීය. එකල්හි බෝධිසත්ත්වයෝ හිමවත පෙදෙසෙහි මුව යෝනියෙහි ඉපදී රන්වන් වූයේය. ශෝභාවෙන් යුක්ත වීය. ඔහුගේ බාල සොහොයුරිය සුතනා නම් වූවා රන්වන්ම වූවාය. මහබෝසත් තෙමේ රෝහන්ත නම් මුව රජු වීය. හෙතෙම හිමාලයෙහි පර්වත සානු දෙකක් ඉක්මවා තුන්වැන්න අතරෙහි රෝහන්ත නම් විල ඇසුරුකොට අසූදහසක් මුවන් පිරිවරකොට ඇත්තේ වාසය කළේය. හෙතෙම අන්ධ වූ වයෝවෘද්ධ මව්පියන් පෝෂණය කළේය. ඉක්බිති බරණැස් නුවරින් නුදුරෙහි වැදිගම් වැසි එක් වැදි පුත්‍රයෙක් හිමවතට පිවිසියේ මහබෝසතුන් දැක තමාගේ ගමට අවුත් මෑත කාලයෙහි කළුරිය කරන්නේ තම පුතුට “දරුව, අපගේ දඩයම් බිමෙහි අසවල් තැන රන්වන් මුවෙක් වසයි. ඉදින් රජු විමසයි නම් කියවයි” දැන්වීය.
අථෙකදිවසං ඛෙමා දෙවී පච්චූසකාලෙ සුපිනං අද්දස. එවරූපො සුපිනො අහොසි – සුවණ්ණවණ්ණො මිගො ආගන්ත්වා කඤ්චනපීඨෙ නිසීදිත්වා සුවණ්ණකිඞ්කිණිකං ආකොටෙන්තො විය මධුරස්සරෙන දෙවියා ධම්මං දෙසෙති, සා සාධුකාරං දත්වා ධම්මං සුණාති. මිගො ධම්මකථාය අනිට්ඨිතාය එව උට්ඨාය ගච්ඡති, සා “මිගං ගණ්හථ ගණ්හථා”ති වදන්තීයෙව පබුජ්ඣි. පරිචාරිකායො තස්සා සද්දං සුත්වා “පිහිතද්වාරවාතපානං ගෙහං වාතස්සපි ඔකාසො නත්ථි, අය්යා, ඉමාය වෙලාය මිගං ගණ්හාපෙතී”ති අවහසිංසු. සා තස්මිං ඛණෙ “සුපිනො අය”න්ති ඤත්වා චින්තෙසි “සුපිනොති වුත්තෙ රාජා අනාදරො භවිස්සති, ‘දොහළො උප්පන්නො’ති වුත්තෙ පන ආදරෙන පරියෙසිස්සති, සුවණ්ණවණ්ණස්ස මිගස්ස ධම්මකථං සුණිස්සාමී”ති. සා ගිලානාලයං කත්වා නිපජ්ජි. රාජා ආගන්ත්වා “භද්දෙ, කිං තෙ අඵාසුක”න්ති පුච්ඡි. “දෙව, අඤ්ඤං නත්ථි, දොහළො පන මෙ උප්පන්නො”ති. “කිං ඉච්ඡසි දෙවී”ති? “සුවණ්ණවණ්ණස්ස ධම්මිකමිගස්ස ධම්මං සොතුකාමා දෙවා”ති. “භද්දෙ, යං නත්ථි, තත්ථ තෙ දොහළො උප්පන්නො, සුවණ්ණවණ්ණො නාම මිගොයෙව නත්ථී”ති. සො “සචෙ න ලභාමි, ඉධෙව මෙ මරණ”න්ති රඤ්ඤො පිට්ඨිං දත්වා නිපජ්ජි.
ඉක්බිති එක් දවසක් ඛේමා දේවිය අළුයම් කාලයෙහි සිහිනයක් දුටුවාය. මෙබඳු වූ සිහිනයක් වීය. රන්වන් මුවෙක් රන් පුටුවක හිඳ රන් කිකිණි හඬවන්නාක් මෙන් මිහිරි හඬින් දේවියට ධර්මය දේශනා කළේය. ඇය සාධුකාර දී ධර්මය අසයි. මුවා ධර්මකථාව නොනිමි කල්හිම නැගිට යයි. ඇය මුවා අල්ලා ගනිව්. මුවා අල්ලා ගනිව් යයි කියන්නීම පිබිදියාය. පරිවාර ස්ත්‍රීහු ඇයගේ ශබ්දය අසා ගෙය වසන ලද දොර ජනෙල් ඇත්තේය. සුළඟටද අවකාශ නැත. ස්වාමි දියණිය මුවෙකු අල්ලා ගන්වන්නේ යයි අවමන් කර සිනාසුනාහ. ඇය එකෙනෙහිම මෙය සිහිනයකැයි දැන මෙසේ සිතුවාය. සිහිනයකැයි කී කල්හි රජු නොසැලකිලිමත් වන්නේය. දොළදුකක් යයි කී කල්හි සැලකිල්ලෙන් සොයන්නේය. රන් මුවෙකුගේ ධර්මකථාව අසන්නෙමියි කීවාය. ඇය ගිලනෙකු මෙන් වී හොත්තේය. රජු අවුත් සොඳුර කිම ඔබට අපහසුවක්දැයි විචාලේය. දේවයන් වහන්ස, අනිකක් නැත. මට දොළදුකක් උපන්නේය. කුමක් කැමති වන්නෙහිද? දේවයන් වහන්ස, රන්වන් වූ දැහැමි මුවෙකුගේ ධර්මය අසන්නට යයි කීවාය. සොඳුර, යමක් නොවේද ඔබගේ දොළදුක එහි උපන්නේය. රන්වන් මුවෝ නැත්තේම යයි කීවේය. ඇය කියන්නී ඉදින් නොලබමිද මෙහිම මගේ මරණය වේයයි රජුට පිටුදී හොත්තීය.
රාජා “සචෙ අත්ථි, ලභිස්සසී”ති පරිසමජ්ඣෙ නිසීදිත්වා මොරජාතකෙ (ජා· 1.2.17 ආදයො) වුත්තනයෙනෙව අමච්චෙ ච බ්රාහ්මණෙ ච පුච්ඡිත්වා “සුවණ්ණවණ්ණා මිගා නාම හොන්තී”ති සුත්වා ලුද්දකෙ සන්නිපාතෙත්වා “එවරූපො මිගො කෙන දිට්ඨො, කෙන සුතො”ති පුච්ඡිත්වා තෙන නෙසාදපුත්තෙන පිතු සන්තිකා සුතනියාමෙන කථිතෙ “සම්ම, තස්ස තෙ මිගස්ස ආනීතකාලෙ මහන්තං සක්කාරං කරිස්සාමි, ගච්ඡ ආනෙහි න”න්ති වත්වා පරිබ්බයං දත්වා තං පෙසෙසි. සොපි “සචාහං, දෙව, තං ආනෙතුං න සක්ඛිස්සාමි, චම්මමස්ස ආනෙස්සාමි, තං ආනෙතුං අසක්කොන්තො ලොමානිපිස්ස ආනෙස්සාමි, තුම්හෙ මා චින්තයිත්ථා”ති වත්වා අත්තනො නිවෙසනං ගන්ත්වා පුත්තදාරස්ස පරිබ්බයං දත්වා තත්ථ ගන්ත්වා තං මිගරාජානං දිස්වා “කස්මිං නු ඛො ඨානෙ පාසං ඔඩ්ඩෙත්වා ඉමං මිගරාජානං ගණ්හිතුං සක්ඛිස්සාමී”ති වීමංසන්තො පානීයතිත්ථෙ ඔකාසං පස්සි. සො දළ්හං චම්මයොත්තං වට්ටෙත්වා මහාසත්තස්ස පානීයපිවනට්ඨානෙ යට්ඨිපාසං ඔඩ්ඩෙසි.
රජු “ඉදින් ඇතිද ලබන්නෙහි යයි පිරිස මැද හිඳ මයුර ජාතකයෙහි කී පරිද්දෙන්ම අමාත්යයන්ගෙන්ද බ්‍රාහ්මණයන්ගෙන්ද විමසා රන්වන් මුවෝ වෙත් යයි අසා වැද්දන් රැස් කරවා කවරෙකු විසින් මෙවැනි මුවෙකු දක්නා ලදද කවරෙකු විසින් අසන ලදදැයි විමසා ඒ වැදිපුත්‍රයා විසින් පියා සමීපයෙන් අසන ලද ක්‍රමයෙන් කී කල්හි යහළුව, තොප ඒ මුවා ගෙන ආ කල්හි මහත් වූ සත්කාර කරමි. යව ඌ ගෙන එවයි කියා මගවියදම් දී ඔහු පිටත්කර යැවීය. හෙතෙමේද ස්වාමීනි, ඉදින් මම ඌ ගෙන ඒමට නොහැකි වන්නෙමිද ඌගේ සම හෝ ගෙන එමි. එය ගෙන එන්නට නොහැකි වන්නෙම් ඌගේ ලොම් හෝ ගෙන එන්නෙමි. ඔබවහන්සේ නොසිතුවයි කියා නිවසට ගොස් අඹුදරුවන්ට වියදම් දී එහි ගොස් ඒ මුව රජු දැක කවර නම් තැනක මලපුඩුව එල්වා මොහු අල්ලා ගන්නට හැකි වන්නෙමි දැයි විමසන්නේ පැන්තොටෙහි අවකාශ දුටුවේය. ඔහු දැඩි සම්යොතක් අඹරා මහ බෝසතුන් පැන් බොන තැන රිටකින් පුඩුව එල්වීය.
පුනදිවසෙ මහාසත්තො අසීතියා මිගසහස්සෙහි සද්ධිං ගොචරං චරිත්වා “පකතිතිත්ථෙයෙව පානීයං පිවිස්සාමී”ති තත්ථ ගන්ත්වා ඔතරන්තොයෙව පාසෙ බජ්ඣි. සො “සචාහං ඉදානෙව බද්ධරවං රවිස්සාමි, ඤාතිගණා පානීයං අපිවිත්වාව භීතා පලායිස්සන්තී”ති චින්තෙත්වා යට්ඨියං අල්ලීයිත්වා අත්තනො වසෙ වත්තෙත්වා පානීයං පිවන්තො විය අහොසි. අථ අසීතියා මිගසහස්සානං පානීයං පිවිත්වා උත්තරිත්වා ඨිතකාලෙ “පාසං ඡින්දිස්සාමී”ති තික්ඛත්තුං ආකඩ්ඪි. පඨමවාරෙ චම්මං ඡිජ්ජි, දුතියවාරෙ මංසං ඡිජ්ජි, තතියවාරෙ න්හාරුං ඡින්දිත්වා පාසො අට්ඨිං ආහච්ච අට්ඨාසි. සො ඡින්දිතුං අසක්කොන්තො බද්ධරවං රවි, මිගගණා භායිත්‍වා තීහි ඝටාහි පලායිංසු. චිත්තමිගො තිණ්ණම්පි ඝටානං අන්තරෙ මහාසත්තං අදිස්වා “ඉදං භයං උප්පජ්ජමානං මම භාතු උප්පන්නං භවිස්සතී”ති චින්තෙත්වා තස්ස සන්තිකං ගන්ත්වා බද්ධං පස්සි. අථ නං මහාසත්තො දිස්වා “භාතික, මා ඉධ තිට්ඨ, සාසඞ්කං ඉදං ඨාන”න්ති වත්වා උය්යොජෙන්තො පඨමං ගාථමාහ –
දෙවන දවස්හි මහා සත්ත්ව තෙමේ අසූදහසක් මුවන් සමග ගොදුරු පිණිස හැසිරී පුරුදු තොටුපලෙහිම පැන් බොන්නෙමියි එහි ගොස් බසින්නේ පුඩුවෙහි බැඳුනේය. හෙතෙම “ඉදින් මම දැන්ම පුඩුවෙන් බැඳුන පසු කරන නාදය කරන්නේ නම් නෑදෑ සමූහයා ජලය පානය නොකරම බියට පත්ව පලා යන්නේ යයි සිතා යෂ්ටියෙහි ඇලී තමා වසඟයෙහි තබා පැන් බොන්නාක් මෙන් වීය. ඉක්බිති අසූදහසක් මුවන් පැන් පානය කර ගොඩට පැමිණ සිටි කල්හි පුඩුව කඩන්නෙමියි තෙවරක් ඇද්දේය. පළමුවර සම සිඳුනි. දෙවනවර මස්ද තෙවන වර නහරද සිඳී පුඩුව ඇට හා හැපී සිටියේය. හෙතෙම සිඳින්නට නොහැකි වන්නේ බැඳුන බවට නාදය කළේය. මුව සමූහයා බියට පත් වී සමූහ තුනක් වී පලා ගියේය. චිත්‍ර මුවා සමූහ තුන අතරම මහබෝසතුන් නොදැක මේ බිය උපදිනුයේ මගේ සොහොයුරාට පැමිණුනේ වන්නේ යයි සිතා ඔහු සමීපයට අවුත් බැඳුනා වූ ඌ දුටුවේය. ඉක්බිති මහාසත්ත්වයා ඌ දැක සොයුර, මෙහි නොසිටුව. මෙතැන බිය සහිත තැනකියි කියා පිටත්කර හරිනුයේ පළමු ගාථාව කීවේය.
“එතෙ යූථා පතියන්ති, භීතා මරණස්ස චිත්තක; ගච්ඡ තුවම්පි මාකඞ්ඛි, ජීවිස්සන්ති තයා සහා”ති.
එතෙ යුථා පටියන්ති භීතා මරණස්ස චිත්තක, ගච්ඡ තුවම්පි මාකංඛි ජීවිස්සන්ති තයා සහ
1. චිත්‍රය, මේ මුව සමූහයෝ මරණයට බිය වූවෝ පැන දුවති. ඔබද යව. බලාපොරොත්තු සහගත නොවව. ඔබ සමග (ඒ මුවෝ) ජීවත් වන්නාහ.
තත්ථ එතෙති චක්ඛුපථං අතික්කමිත්වා දූරගතෙ සන්ධායාහ. පතියන්තීති පතිගච්ඡන්ති, පලායන්තීති අත්ථො. චිත්තකාති තං ආලපති. තයා සහාති ත්වං එතෙසං මම ඨානෙ ඨත්වා රාජා හොහි, එතෙ තයා සද්ධිං ජීවිස්සන්තීති.
එහි එතෙ යනු ඇස් හමුව ඉක්මවා දුර ගියවුන් අරභයා කීවේය. පටියන්ති යනු ඉක්මවා යති. පලා යති යන අර්ථයි. චිත්තකා යනු ඌ අමතයි. තයා සහ යනු ඔබ ඔවුන් අතර මගේ තැන සිට රජ වෙව. මොවුහු තා සමග ජීවත් වන්නාහ යනුයි.
තතො උභින්නම්පි තිස්සො එකන්තරිකගාථායො හොන්ති –
අනතුරුව දෙදෙනාගේ එකක් පසු එකක් ලෙස ගාථා තුනක් වේ.
“නාහං රොහණ ගච්ඡාමි, හදයං මෙ අවකස්සති; න තං අහං ජහිස්සාමි, ඉධ හිස්සාමි ජීවිතං.
2. රෝහන්තය, මම නොයමි. මගේ හදවත ආපසු අදී. මම ඔබ අත් නොහරිමි. මෙහිම ජීවිතය හරින්නෙමි.
“තෙ හි නූන මරිස්සන්ති, අන්ධා අපරිණායකා; ගච්ඡ තුවම්පි මාකඞ්ඛි, ජීවිස්සන්ති තයා සහ.
3. පෝෂණය කරන්නෙකු නැති අපගේ අන්ධ වූ මව්පියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. යව. ඔබද බලාපොරොත්තු නොවව. ඔවුහු ඔබ සමග ජීවත් වන්නාහ.
“නාහං රොහණ ගච්ඡාමි, හදයං මෙ අවකස්සති; න තං බද්ධං ජහිස්සාමි, ඉධ හිස්සාමි ජීවිත”න්ති.
4. රෝහන්තය, මම නොයමි. මගේ හදවත ආපසු අදී. පුඩුවෙන් බැඳුන ඔබ අත් නොහරිමි. මෙහිම ජීවිතය හරින්නෙමි.
තත්ථ රොහණාති මහාසත්තං නාමෙනාලපති. අවකස්සතීති කඩ්ඪයති, සොකෙන වා කඩ්ඪීයති . තෙ හි නූනාති තෙ අම්හාකං මාතාපිතරො එකංසෙනෙව ද්වීසුපි අම්හෙසු ඉධ මතෙසු අපරිණායකා හුත්වා අප්පටිජග්ගියමානා සුස්සිත්වා මරිස්සන්ති, තස්මා භාතික චිත්තක, ගච්ඡ තුවං, තයා සහ තෙ ජීවිස්සන්තීති අත්ථො. ඉධ හිස්සාමීති ඉමස්මිංයෙව ඨානෙ ජීවිතං ජහිස්සාමීති.
එහි රොහන්ත යනු මහබෝසතුන් නමින් ආමන්ත්‍රණය කරයි. අවකස්සති යනු ශෝකයෙන් වැගිරේ. ආපසු අදී. තෙ හි නූන යනු අපගේ ඒ මව්පියෝ අප දෙදෙනාම මළ කල්හි රැකබලා ගන්නෙක් නැත්තෝ වී පිළිදැගුම් කරනු නොලබන්නාහු වියැලී මැරෙත්. සොයුර චිත්‍රකය, එහෙයින් තෝ යව. ඔබ සමග ඔවුහු ජීවත් වෙන්නාහ යන අර්ථයි. ඉධ හෙස්සාමි මෙතැනට ජීවිතය හරින්නෙමියි කියා බෝසතුන්ගේ දකුණුපස ඇසුරුකර ඔහු දරා අස්වසමින් සිටියේය.
ඉති වත්වා බොධිසත්තස්ස දක්ඛිණපස්සං නිස්සාය තං සන්ධාරෙත්වා අස්සාසෙන්තො අට්ඨාසි. සුතනාපි මිගපොතිකා පලායිත්වා මිගානං අන්තරෙ උභො භාතිකෙ අපස්සන්තී “ඉදං භයං මම භාතිකානං උප්පන්නං භවිස්සතී”ති නිවත්තිත්වා තෙසං සන්තිකං ආගතා. නං ආගච්ඡන්තිං දිස්වා මහාසත්තො පඤ්චමං ගාථමාහ –
සුතනා නම් මුව පැටික්කිය පලාගොස් මුවන් අතර සොහොවුරන් දෙදෙනා නොදක්නී මේ බිය මගේ සොහොයුරන්ට උපන්නේ වන්නේ යයි ආපසු හැරී ඔවුන්ගේ සමීපයට ආවාය. එන්නා වූ ඇය දැක මහාබෝධි සත්ත්වයෝ පස්වන ගාථාව කීවේය.
“ගච්ඡ භීරු පලායස්සු, කූටෙ බද්ධොස්මි ආයසෙ; ගච්ඡ තුවම්පි මාකඞ්ඛි, ජීවිස්සන්ති තයා සහා”ති.
5. බිය සුළු තැනැත්තිය, යව පැන දුවව. මම සැඟවුන යකඩයක බැඳුනේ වෙමි. යව. ඔබද බලාපොරොත්තු නොවව. (ඔවුහු) ඔබ සමග ජීවත් වන්නාහ.
තත්ථ භීරූති මාතුගාමො නාම අප්පමත්තකෙනපි භායති, තෙන නං එවං ආලපති. කූටෙති පටිච්ඡන්නපාසෙ. ආයසෙති සො හි අන්තොඋදකෙ අයක්ඛන්ධං කොට්ටෙත්වා තත්ථ සාරදාරුං යට්ඨිං බන්ධිත්වා ඔඩ්ඩිතො, තස්මා එවමාහ. තයා සහාති තෙ අසීතිසහස්සා මිගා තයා සද්ධිං ජීවිස්සන්තීති.
එහි හීරූ යනු ස්ත්‍රිය නම් ස්වල්ප වූවකින්ද බිය වේ. එහෙයින් ඇයට මෙසේ අමතයි. කූටෙ යනු පිළිසන් පුඩුවෙහි. ආයසෙ යනු හෙතෙම ජලය තුළ යකඩ කණුව සිටුවා එහි ශක්තිමත් දැව දණ්ඩක් බැඳ එල්ල ලදි. එහෙයින් මෙසේ කීය. තයා සහ යනු අසූ දහසක් මුවෝ ඔබ සමග ජීවත් වෙන්නාහ.
තතො පරං පුරිමනයෙනෙව තිස්සො ගාථා හොන්ති –
අනතුරුව පෙර පරිදිම ගාථා තුනක් වේ.
“නාහං රොහණ ගච්ඡාමි, හදයං මෙ අවකස්සති; න තං අහං ජහිස්සාමි, ඉධ හිස්සාමි ජීවිතං.
6. රෝහන්තය, මම නොයමි. මගේ හදවත ආපසු අදී. මම ඔබ අත් නොහරිමි. මෙහිම ජීවිතය හරින්නෙමි.
“තෙ හි නූන මරිස්සන්ති, අන්ධා අපරිණායකා; ගච්ඡ තුවම්පි මාකඞ්ඛි, ජීවිස්සන්ති තයා සහ.
7. අන්ධ වූ පෝෂණය කරන්නෙකු නැති ඒ අපගේ මව්පියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. යව. ඔබද බලාපොරොත්තු නොවන ඔවුහු ඔබ සමග ජීවත් වන්නාහ.
“නාහං රොහණ ගච්ඡාමි, හදයං මෙ අවකස්සති; න තං බද්ධං ජහිස්සාමි, ඉධ හිස්සාමි ජීවිත”න්ති.
8. රෝහන්තය, මම නොයමි. මගේ හදවත ආපසු අදී. පුඩුවෙන් බැඳුන ඔබ අත් නොහරිමි. මෙහිම ජීවිතය හරින්නෙමි.
තත්ථ තෙ හි නූනාති ඉධාපි මාතාපිතරොයෙව සන්ධායාහ.
එහි තෙහි නූන යනු මෙහිද මව්පියන්ම අරභයා කීවේය. ඇයද එසේම ප්‍රතික්ෂේප කර මහබෝසතුන්ගේ වම් වස ඇසුරු කර අස්වසමින් සිටියාය.
සාපි තථෙව පටික්ඛිපිත්වා මහාසත්තස්ස වාමපස්සං නිස්සාය අස්සාසයමානා අට්ඨාසි. ලුද්දොපි තෙ මිගෙ පලායන්තෙ දිස්වා බද්ධරවඤ්ච සුත්වා “බද්ධො භවිස්සති මිගරාජා”ති දළ්හං කච්ඡං බන්ධිත්වා මිගමාරණසත්තිං ආදාය වෙගෙනාගච්ඡි. මහාසත්තො තං ආගච්ඡන්තං දිස්වා නවමං ගාථමාහ –
වැද්දා ද පලායන්නා වූ ඒ මුවන් දැක බැඳුන විට කෙරෙන නාදයද අසා මුවරජු බැඳුනේ වන්නේ යයි සලකා දැඩිව කැසපට බැඳ මුවන් මරණ ආයුධය ගෙන වේගයෙන් පැමිණියේය. මහබෝසත් තෙමේ එන්නා වූ ඔහු දැක නව වන ගාථාව කීවේය.
“අයං සො ලුද්දකො එති, ලුද්දරූපො සහාවුධො; යො නො වධිස්සති අජ්ජ, උසුනා සත්තියා අපී”ති.
9. නපුරු ස්වභාව ඇති මේ ඒ වැද්දා ආයුධ සහිතව පැමිණෙයි. හෙතෙම අද හීයෙන් හෝ ආයුධයෙන් අප මරන්නේය.
තත්ථ ලුද්දරූපොති දාරුණජාතිකො. සත්තියා අපීති සත්තියාපි නො පහරිත්වා වධිස්සති, තස්මා යාව සො නාගච්ඡති, තාව පලායථාති.
එහි රුද්දරූපො යනු දරුණු ස්වභාව ඇති. සත්තියාමපි යනු ආයුධයෙන් (අඩයටියෙන්) ද අපට ගසා නසන්නේය. එහෙයින් යම්තාක් හෙතෙම නොපැමිණේද ඒතාක් පලායවයි කීය.
තං දිස්වාපි චිත්තමිගො න පලායි. සුතනා පන සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තී මරණභයභීතා ථොකං පලායිත්වා – “අහං ද්වෙ භාතිකෙ පහාය කුහිං පලායිස්සාමී”ති අත්තනො ජීවිතං ජහිත්වා නලාටෙන මච්චුං ආදාය පුනාගන්ත්වා භාතු වාමපස්සෙ අට්ඨාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා දසමං ගාථමාහ –
ඔහු දැක චිත්‍රක මුවා පලා නොගියේය. සුතනා මුවැත්තිය ප්‍රකෘති ස්වභාවය නිසා සිටින්නට නොහැකි වන්නී මරණ බියෙන් බියපත් වූවා මදක් පලාගොස් මම සහෝදරයන් දෙදෙනා හැර කොහි පලායන්නෙමි දැයි තමාගේ ජීවිතය හැර නළලින් මරු ගෙන නැවත අවුත් සහෝදරයාගේ වම්පස සිටියාය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ දසවන ගාථාව වදාළ සේක.
“සා මුහුත්තං පලායිත්වා, භයට්ටා භයතජ්ජිතා; සුදුක්කරං අකරා භීරු, මරණායූපනිවත්තථා”ති.
10. බියෙන් පෙළුනා වූ, බියෙන් තැතිගත්තා වූ බියසුළු ඇය මදක් පලාගොස් ඉතා දුෂ්කර වූවක් කළාය. මරණය සඳහා පෙරළා පැමිණියාය.
තත්ථ මරණායූපනිවත්තථාති මරණත්ථාය උපනිවත්ති.
එහි මරණායුපනිවත්තථ යනු මරණය සඳහා පෙරළා පැමිණියාය.
ලුද්දොපි ආගන්ත්වා තෙ තයො ජනෙ එකතො ඨිතෙ දිස්වා මෙත්තචිත්තං උප්පාදෙත්වා එකකුච්ඡියං නිබ්බත්තභාතරො විය තෙ මඤ්ඤමානො චින්තෙසි “මිගරාජා, තාව පාසෙ බද්ධො, ඉමෙ පන ද්වෙ ජනා හිරොත්තප්පබන්ධනෙන බද්ධා, කිං නු ඛො ඉමෙ එතස්ස හොන්තී”ති? අථ නං පුච්ඡන්තො ගාථමාහ –
වැද්දා ද අවුත් එකට හුන් ඒ තිදෙනා දැක මෙත් සිත උපදවා ඔවුන් එක කුස උපන් සොහොයුරන් මෙන් හඟිමින් මෙසේ සිතුවේය. මුවරජු නම් පුඩුවෙහි බැඳුනේය. මේ දෙදෙනා ලජ්ජා බිය නැමති බැම්මෙන් බැඳුනෝ වෙති. මොවුහු මොහුගේ කවරෙක් වෙත්දැයි යනුවෙනි. ඉක්බිති ඔවුන්ගෙන් විමසන්නේ
“කිං නු තෙමෙ මිගා හොන්ති, මුත්තා බද්ධං උපාසරෙ; න තං චජිතුමිච්ඡන්ති, ජීවිතස්සපි කාරණා”ති.
11. බැම්මෙන් මිදුනා වූ, පුඩුවෙහි බැඳුන ඔබ සමීපයෙහි සිටින්නා වූ මේ මුවෝ තොපගේ කවරෙක් වෙත්ද? ඔවුහු ජීවිතය හේතුකොට ගෙනද ඔබ අත්හරින්නට නොකැමති වෙති.
තත්ථ කිං නු තෙමෙති කිං නු තෙ ඉමෙ. උපාසරෙති උපාසන්ති.
යන ගාථාව කීවේය.
අථස්ස බොධිසත්තො ආචික්ඛි –
එහි කින්නු තෙ මෙ යනු මොවුහු ඔබගේ කවරහුද? උපාසරෙ යනු ඇසුරෙහි සිටිත්. අනතුරුව බෝධිසත්ත්වයෝ ඔහුට කීහ.
“භාතරො හොන්ති මෙ ලුද්ද, සොදරියා එකමාතුකා; න මං චජිතුමිච්ඡන්ති, ජීවිතස්සපි කාරණා”ති.
12. වැදිපුත්‍රය, මොවුහු එක කුස උපන් එකම මවක ඇති සහෝදරයෝ වෙති. ඔවුහු ජීවිතය හේතු කොටගෙනද මා අත්හරින්නට නොකැමති වෙති.
සො තස්ස වචනං සුත්වා භිය්යොසොමත්තාය මුදුචිත්තො අහොසි. චිත්තමිගරාජා තස්ස මුදුචිත්තභාවං ඤත්වා “සම්ම ලුද්දක, මා ත්වං එතං මිගරාජානං ‘මිගමත්තොයෙවා’ති මඤ්ඤිත්ථ, අයඤ්හි අසීතියා මිගසහස්සානං රාජා සීලාචාරසම්පන්නො සබ්බසත්තෙසු මුදුචිත්තො මහාපඤ්ඤො අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙති. සචෙ ත්වං එවරූපං ධම්මිකං මිගං මාරෙසි, එතං මාරෙන්තො මාතාපිතරො ච නො මඤ්ච භගිනිඤ්ච මෙති අම්හෙ පඤ්චපි ජනෙ මාරෙසියෙව. මය්හං පන භාතු ජීවිතං දෙන්තො පඤ්චන්නම්පි ජනානං ජීවිතදායකොසී”ති වත්වා ගාථමාහ –
හෙතෙම ඔහුගේ වචනය අසා බෙහෙවින් මෘදු වූ සිත් ඇත්තේ වීය. චිත්‍ර මුවරජු ඔහු මෘදු වූ සිත් ඇති බව දැන ඔබ මේ මුව රජු මුවෙක් පමණක් යයි නොසිතව. මෙතෙමේ මුවන් අසූදහසකට රජුය. සිල්වත් පැවැත්මෙන් යුක්තය. සියළු සත්ත්වයන් කෙරෙහි මොළොක් වූ සිත් ඇත්තේය. මහත් වූ නුවණැත්තේය. අන්ධ වූ මහළු මව්පියන් පෝෂණය කරයි. ඉදින් ඔබ මෙවැනි දැහැමි වූ මොහු මරන්නෙහිද, මොහු මරන්නේ අපගේ මව්පියන්ද මාද මගේ සොහොයුරියද යන අප පස්දෙනාම මරන්නෙහිමය. මගේ සහෝදරයාගේ ජීවිතය දෙන්නේ අප පස්දෙනාගේම ජීවිතය දෙන්නේ වෙහි යයි කියා,
“තෙ හි නූන මරිස්සන්ති, අන්ධා අපරිණායකා; පඤ්චන්නං ජීවිතං දෙහි, භාතරං මුඤ්ච ලුද්දකා”ති.
13. වැදිපුත්‍රය, පෝෂණය කරන්නෙකු නැති අන්ධ වූ ඒ මව්පියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. පස්දෙනාගේම ජීවිතය දෙව. සහෝදරයා මුදව යි
යන ගාථාව කීවේය.
සො තස්ස ධම්මකථං සුත්වා පසන්නචිත්තො “මා භායි සාමී”ති වත්වා අනන්තරං ගාථමාහ –
හෙතෙම ඔහුගේ ධර්මකථාව අසා පැහැදුන සිත් ඇත්තේ ස්වාමීනි, බිය නොවෙවයි කියා අනතුරුව එන ගාථාව කීවේය.
“සො වො අහං පමොක්ඛාමි, මාතාපෙත්තිභරං මිගං; නන්දන්තු මාතාපිතරො, මුත්තං දිස්වා මහාමිග”න්ති.
14. ඒ මම මව්පියන් පෝෂණය කරන මුවා මුදමි. මිදුනා වූ ඒ මුවරජු දැක මව්පියෝ සතුටු වෙත්වා.
තත්ථ වොති නිපාතමත්තං. මුත්තන්ති බන්ධනා මුත්තං පස්සිත්වා.
එහි වො යනු නිපාත මාත්‍රයකි. මුත්තං යනු බැම්මෙන් මිදුන මුවා දැක.
එවඤ්ච පන වත්වා චින්තෙසි “රඤ්ඤා දින්නයසො මය්හං කිං කරිස්සති, සචාහං ඉමං මිගරාජානං වධිස්සාමි, අයං වා මෙ පථවී භිජ්ජිත්වා විවරං දස්සති, අසනි වා මෙ මත්ථකෙ පතිස්සති, විස්සජ්ජෙස්සාමි න”න්ති. සො මහාසත්තං උපසඞ්කමිත්වා යට්ඨිං පාතෙත්වා චම්මයොත්තං ඡින්දිත්වා මිගරාජානං ආලිඞ්ගිත්වා උදකපරියන්තෙ නිපජ්ජාපෙත්වා මුදුචිත්තෙන සණිකං පාසා මොචෙත්වා න්හාරූහි න්හාරුං, මංසෙන මංසං, චම්මෙන චම්මං සමොධානෙත්වා උදකෙන ලොහිතං ධොවිත්වා මෙත්තචිත්තෙන පුනප්පුනං පරිමජ්ජි. තස්ස මෙත්තානුභාවෙනෙව මහාසත්තස්ස පාරමිතානුභාවෙන ච සබ්බානි න්හාරුමංසචම්මානි සන්ධීයිංසු, පාදො සඤ්ඡන්නඡවි සඤ්ඡන්නලොමො අහොසි, අසුකට්ඨානෙ බද්ධො අහොසීතිපි න පඤ්ඤායි. මහාසත්තො සුඛප්පත්තො හුත්වා අට්ඨාසි. තං දිස්වා චිත්තමිගො සොමනස්සජාතො ලුද්දස්ස අනුමොදනං කරොන්තො ගාථමාහ –
මෙසේද කියා නැවත සිතුවේය. රජු විසින් දෙන ලද යසස මට කුමක් කරන්නේද? ඉදින් මම මේ මුවරජු මරන්නෙමිද, මේ මහපොළොව පැලී මට විවරයක් දෙන්නේය. මගේ හිස මත හෙනයක් හෝ වැටෙන්නේය. ඔහු නිදහස් කරන්නෙමියි හෙතෙම මහබෝ සතුන් වෙත එළඹ යෂ්ටිය හෙලා සම්යොත සිඳ මුවරජු වැළඳ ජලය කෙළවර හොවා මොලොක් සිතින් වහා පුඩුව මුදා නහරවලින් නහරද මස්වලින් මස්ද සමින් සමද ගලපා ජලයෙන් ලේ සෝදා මෛත්‍රී සිතින් නැවත නැවත පිරිමැද්දේය. ඔහුගේ මෛත්‍රියෙහි ආනුභාවයෙන්ද මහබෝ සතුන්ගේ පාරමිතා ආනුභාවයෙන්ද සියළු නහර මස් සම් ගැලපුනි. පාදය මනා සම ඇත්තේ මනාව වැසුන මස් හා ලොම් ඇත්තේ වීය. අසවල් තැන පුඩුවෙහි බැඳුනේ යයි හෝ නොපෙනුනි. මහාබෝධි සත්ත්වයෝ සැපයට පැමිණියේ වී සිටියේය. ඒ දැක චිත්‍ර මුවා සොම්නසට පත්වූයේ වැද්දාට අනුමෝදනා කරනුයේ,
“එවං ලුද්දක නන්දස්සු, සහ සබ්බෙහි ඤාතිභි; යථාහමජ්ජ නන්දාමි, මුත්තං දිස්වා මහාමිග”න්ති.
15. වැදි පුත්‍රය, යම්සේ අද මම බැම්මෙන් මිදුන මුවරජු දැක සතුටු වෙම්ද එසේ ඔබද සියළු ඤාතීන් සමග සතුටු වේවා!
යන ගාථාව කීවේය.
අථ මහාසත්තො “කිං නු ඛො එස ලුද්දො මං ගණ්හන්තො අත්තනො කාමෙන ගණ්හි, උදාහු අඤ්ඤස්ස ආණත්තියා”ති චින්තෙත්වා ගහිතකාරණං පුච්ඡි. ලුද්දපුත්තො ආහ – “සාමි, න මය්හං තුම්හෙහි කම්මං අත්ථි, රඤ්ඤො පන අග්ගමහෙසී ඛෙමා නාම තුම්හාකං ධම්මකථං සොතුකාමා, තදත්ථාය රඤ්ඤො ආණත්තියා ත්වං මයා ගහිතො”ති. සම්ම, එවං සන්තෙ මං විස්සජ්ජෙන්තො අතිදුක්කරං කරොසි, එහි මං නෙත්වා රඤ්ඤො දස්සෙහි, දෙවියා ධම්මං කථෙස්සාමීති. සාමි, රාජානො නාම කක්ඛළා, කො ජානාති, කිං භවිස්සති, මය්හං රඤ්ඤා දින්නයසෙන කම්මං නත්ථි, ගච්ඡ ත්වං යථාසුඛන්ති. පුන මහාසත්තො “ඉමිනා මං විස්සජ්ජෙන්තෙන අතිදුක්කරං කතං, යසපටිලාභස්ස උපායමස්ස කරිස්සාමී”ති චින්තෙත්වා “සම්ම, පිට්ඨිං තාව මෙ හත්ථෙන පරිමජ්ජා”ති ආහ. “සො පරිමජ්ජි, හත්ථො සුවණ්ණවණ්ණෙහි ලොමෙහි පූරි”. “සාමි, ඉමෙහි ලොමෙහි කිං කාරොමී”ති. “සම්ම, ඉමානි හරිත්වා රඤ්ඤො ච දෙවියා ච දස්සෙත්වා ‘ඉමානි තස්ස සුවණ්ණවණ්ණමිගස්ස ලොමානී’ති වත්වා මම ඨානෙ ඨත්වා ඉමාහි ගාථාහි දෙවියා ධම්මං දෙසෙහි, තං සුත්වායෙව චස්සා දොහළො පටිප්පස්සම්භිස්සතී”ති . “ධම්මං චර මහාරාජා”ති දස ධම්මචරියගාථා උග්ගණ්හාපෙත්වා පඤ්ච සීලානි දත්වා අප්පමාදෙන ඔවදිත්වා උය්යොජෙසි. ලුද්දපුත්තො මහාසත්තං ආචරියට්ඨානෙ ඨපෙත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතූසු ඨානෙසු වන්දිත්වා ලොමානි පදුමිනිපත්තෙන ගහෙත්වා පක්කාමි. තෙපි තයො ජනා ථොකං අනුගන්ත්වා මුඛෙන ගොචරඤ්ච පානීයඤ්ච ගහෙත්වා මාතාපිතූනං සන්තිකං ගමිංසු. මාතාපිතරො “තාත රොහණ, ත්වං කිර පාසෙ බද්ධො කථං මුත්තොසී”ති පුච්ඡන්තා ගාථමාහංසු –
ඉක්බිති මහබෝසත් තෙමේ කිම මේ වැද්දා මා අල්ලා ගන්නේ තමාගේ කටයුත්තකින් ගත්තේද නැතහොත් අනිකෙකුගේ අණ කිරීමකින් දැයි සිතා තමා අල්ලාගත් කාරණය විචාළේය. වැදිපුත්‍රයා, “ස්වාමීනි, මට ඔබලාගෙන් වැඩක් නැත. රජුගේ ඛේමා නම් අගමෙහෙසිය ඔබගේ ධර්මකථාව අසනු කැමැත්තීය. ඇය සඳහා රජුගේ ඇණවීමෙන් මා විසින් ගන්නා ලදැයි” කීවේය. යහළුව, මෙසේ ඇතිකල්හි ඔබ මා නිදහස් කරමින් ඉතා දුෂ්කර වූවක් කරහිය. එව මා ගෙන ගොස් රජුට දක්වව. දේවියට ධර්මය කියන්නෙමියි කීවේය. ස්වාමීනි, රජවරු නම් නපුරෝය. කවරක් වන්නේ යයි කවරෙක් දනීද රජු විසින් දෙන ලද යසසින් මට වැඩක් නැත. ඔබ කැමති පරිද්දකින් යව යි කීවේය. නැවත මහා සත්ත්වයෝ සිතනුයේ මා නිදහස් කරන්නා වූ මොහු විසින් ඉතා දුෂ්කර වූවක් කරන ලදි. මොහුට කීර්තිය ලැබෙන්නා වූ උපායක් කරන්නෙමියි සිතා යහළුව, පළමුව මගේ පිට අතින් පිරිමදුව යයි කීවේය. හෙතෙම පිරිමැද්දේය. අත රන්වන් ලොම්වලින් පිරුණි. ස්වාමීනි, මේ ලොම්වලින් කුමක් කරමිද? යහළුව, මේවා පිටතට ගෙන රජුටද දේවියටද දක්වා මේ ඒ රන්මුවාගේ ලොම්ය යි කියා මගේ තැන සිට මේ ගාථාවලින් දේවියට ධර්මය කියවයි කීවේය. එය අසා ඇයගේ දොළදුක සන්සිඳිනේයයි ධම්මං චර මහාරාජ (මහරජතුමනි, ධර්මයෙහි හැසිරෙන්න) ආදියෙන් දස ධර්මචර්යා ගාථා උගන්වා පන්සිල් දී අප්‍රමාද වන ලෙස අවවාද දී පිටත්කර යැවීය. වැදිපුත්‍රයා මහබෝසතුන් ආචාර්ය තන්හි තබා තෙවරක් පැදකුණු කර සිව්තැනක වැඳ ලොම් පියුම්පතෙකින් ගෙන ගියේය. ඒ තිදෙනාද මදක් ඔහු අනුව ගොස් මුඛයෙන් ගොදුරුද පැන් ගෙන මව්පියන් සමීපයට ගියාහුය. මව්පියවරු දරුව රෝහන්තය, ඔබ මල පුඩුවෙන් බැඳුනේ කෙසේනම් මිදුනේදැයි විමසමින්,
“කථං ත්වං පමොක්ඛො ආසි, උපනීතස්මි ජීවිතෙ; කථං පුත්ත අමොචෙසි, කූටපාසම්හ ලුද්දකො”ති.
16. පුත්‍රය, ජීවිතය මරණයට සමීප වූ කල්හි කෙසේ නම් මිදුනේ වෙහිද? වැද්දා පුඩුවෙන් හසුකරගෙන කෙසේ නම් මිදුවෙහිද? යන ගාථාව කීවාහුය.
තත්ථ උපනීතස්මීති තව ජීවිතෙ මරණසන්තිකං උපනීතෙ කථං පමොක්ඛො ආසි.
එහි උපනීතස්මිං යනු ඔබගේ ජීවිතය මරණය සමීපයට එළඹි කල්හි කෙසේ නම් මිදීම වූයේද?
තං සුත්වා බොධිසත්තො තිස්සො ගාථා අභාසි –
ඒ අසා බෝධිසත්ත්ව තෙමේ ගාථා තුනක් කීවේය.
“භණං කණ්ණසුඛං වාචං, හදයඞ්ගං හදයස්සිතං; සුභාසිතාහි වාචාහි, චිත්තකො මං අමොචයි.
17. චිත්තකයා කණට සුව එළවන්නා වූ හෘදයංගම වූ හදවත ඇසුරු කළා වූ වචන කියනුයේ සුභාෂිත වචනයන්ගෙන් මා මුදවීය.
“භණං කණ්ණසුඛං වාචං, හදයඞ්ගං හදයස්සිතං; සුභාසිතාහි වාචාහි, සුතනා මං අමොචයි.
18. සුතනා මුවැත්තිය කණට සුව එළවන්නා වූ හෘදයංගම වූ හදවත ඇසුරු කළා වූ වචන කියන්නී සුභාෂිත වචනයන්ගෙන් මා මුදවූවාය.
“සුත්වා කණ්ණසුඛං වාචං, හදයඞ්ගං හදයස්සිතං; සුභාසිතානි සුත්වාන, ලුද්දකො මං අමොචයී”ති.
19. වැදිපුත්‍රයා කණට සුව එළවන්නා වූ හෘදයංගම වූ හදවත ඇසුරු කළා වූ වචනයන් අසා සුභාෂිත වචනයන් අසා මා මුදවීය යනුයි.
තත්ථ භණන්ති භණන්තො. හදයඞ්ගන්ති හදයඞ්ගමං. දුතියගාථාය භණන්ති භණමානා. සුත්වාති සො ඉමෙසං උභින්නං වාචං සුත්වා.
එහි භණං යනු කියන්නේ. හදයඞ්ගං යනු හෘදයංගම වූ දෙවන ගාථාවෙන් කියන්නී. සුත්වා යනු හෙෙතම මොවුන්ගේ වචනය අසා.
අථස්ස මාතාපිතරො අනුමොදන්තා ආහංසු –
ඉක්බිති මව්පියවරු ඔහුට අනුමෝදනා කරන්නාහු මෙසේ කීවාහුය.
“එවං ආනන්දිතො හොතු, සහ දාරෙහි ලුද්දකො; යථා මයජ්ජ නන්දාම, දිස්වා රොහණමාගත”න්ති.
20. යම්සේ අපි අද පැමිණියා වූ රෝහන්තයා දැක සතුටු වෙමුද, එසේ වැද්දා අඹුදරුවන් සමග සතුටු වූයේ වේවා!
ලුද්දොපි අරඤ්ඤා නික්ඛමිත්වා රාජකුලං ගන්ත්වා රාජානං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. තං දිස්වා රාජා ගාථමාහ –
වැද්දා ද වනයෙන් නික්මී රජමැදුරට ගොස් රජු වැඳ එකත්පස්ව සිටියේය. රජු ඔහු දැක,
“නනු ත්වං අවච ලුද්ද, ‘මිගචම්මානි ආහරිං’; අථ කෙන නු වණ්ණෙන, මිගචම්මානි නාහරී”ති.
21. වැදිපුත්‍රය, ඔබ මුවා හෝ මුව සම් හෝ ගෙන එමියි කීවේ නොවේද? අනතුරුව කවර කරුණක් නිසා මුවා හෝ මුවසම් හෝ නොගෙන ආවෙහිද?
තත්ථ මිගචම්මානීති මිගං වා චම්මං වා. ආහරින්ති ආහරිස්සාමි. ඉදං වුත්තං හොති – අම්භො ලුද්ද, නනු ත්වං එවං අවච “මිගං ආනෙතුං අසක්කොන්තො චම්මං ආහරිස්සාමි, තං අසක්කොන්තො ලොමානී”ති, සො ත්වං කෙන කාරණෙන නෙව මිගං, න මිගචම්මං ආහරීති?
එහි මිග චම්මානි යනු මුවා හෝ මුව සම් හෝ ආහරිං යනු ගෙන එන්නෙමි. මෙය කියන ලද්දේ වෙයි. එම්බා වැදි පුත්‍රය, මුවා ගෙන ඒමට නොහැකි වන්නේ මුව සම හෝ ගෙන එන්නෙමියි ඔබ කීවේ නොවේද? එය නොහැකි වන්නේ ලොම් හෝ ගෙන එන්නෙමියි කීවෙහිය. ඒ ඔබ කවර කරුණකින් මුවා ගෙන නොඑන ලදි. මුව සම ගෙන නොඑන ලදි යනුවෙනි.
තං සුත්වා ලුද්දො ගාථමාහ –
ඒ අසා වැදි පුත්‍රයා,
“ආගමා චෙව හත්ථත්ථං, කූටපාසඤ්ච සො මිගො; අබජ්ඣි තං මිගරාජං, තඤ්ච මුත්තා උපාසරෙ.
22. ඒ මුවා පුඩවෙහි බැඳුනේ මගේ අතට පැමිණියේ වීය. මහරජතුමනි, ඔහු (මා විසින්) බඳනා ලද්දේ වීය. ඒ හැර බැම්මට හසුනොවුන මුවෝ දෙදෙනෙක් ඔහු සමීපයෙහි වූහ.
“තස්ස මෙ අහු සංවෙගො, අබ්භුතො ලොමහංසනො; ඉමඤ්චාහං මිගං හඤ්ඤෙ, අජ්ජ හිස්සාමි ජීවිත”න්ති.
23. මම මේ මුවා නසන්නේ නම් අද මගේ ජීවිතයද නසන්නෙමියි ඒ මට පුදුම එළවන සුළු ලොමුඩැහැ ගන්වන සංවේගයක් වූයේයයි කීවේය.
තත්ථ ආගමාති මහාරාජ, සො මිගො මම හත්ථත්ථං හත්ථපාසඤ්චෙව මයා ඔඩ්ඩිතං කූටපාසඤ්ච ආගතො, තස්මිඤ්ච කූටපාසෙ අබජ්ඣි. තඤ්ච මුත්තා උපාසරෙති තඤ්ච බද්ධං අපරෙ මුත්තා අබද්ධාව ද්වෙ මිගා අස්සාසෙන්තා තං නිස්සාය අට්ඨංසු. අබ්භුතොති පුබ්බෙ අභූතපුබ්බො. ඉමඤ්චාහන්ති අථ මෙ සංවිග්ගස්ස එතදහොසි “සචෙ අහං ඉමං මිගං හනිස්සාමි, අජ්ජෙව ඉමස්මිංයෙව ඨානෙ ජීවිතං ජහිස්සාමී”ති.
එහි ආගමා යනු මහරජතුමනි, ඒ මුවා මගේ අතට පැමිණියේය. මවිසින් එල්ලන ලද මලපුඩුවට පැමිණියේ ඒ පුඩුවෙහි බැඳුනේය. තඤ්ච මුත්තා උපාසරෙ යනු බැඳුන ඔහුද අන්‍ය වූ බැඳුනේ නැති මිදුනා වූ මුවෝ දෙදෙනෙක් ඌ අස්වසමින් ඌ ඇසුරුකොට සිටියාහුය. අබ්භූතො යනු පෙර නොවූ විරූ. ඉමඤ්චාහං යනු ඉක්බිති සංවේගයට පත් මට මෙබඳු සිතුවිල්ලක් වීය. ඉදින් මම මේ මුවා නසන්නෙම්ද අදම මෙතන්හි ජීවිතය අත්හරින්නෙමි යි කියාය.
තං සුත්වා රාජා ආහ –
“කීදිසා තෙ මිගා ලුද්ද, කීදිසා ධම්මිකා මිගා; කථංවණ්ණා කථංසීලා, බාළ්හං ඛො නෙ පසංසසී”ති.
24. වැදිපුත්‍රය, ඒ මුවෝ කෙබඳු වූවෝද? ඒ මුවෝ කෙලෙස ධාර්මික වූවෝද? කෙබඳු වර්ණ ඇත්තෝද? කවර ස්වභාවයක් ඇත්තෝද? ඔබ ඔවුන් දැඩිව ප්‍රශංසා කරන්නෙහිය.
ඉදං සො රාජා විම්හයවසෙන පුනප්පුනං පුච්ඡති. තං සුත්වා ලුද්දො ගාථමාහ –
ඒ රජු පුදුමයට පත් වීම් වශයෙන් මෙය නැවත නැවත විචාරයි. ඒ අසා වැදි පුත්‍රයා
“ඔදාතසිඞ්ගා සුචිවාලා, ජාතරූපතචූපමා; පාදා ලොහිතකා තෙසං, අඤ්ජිතක්ඛා මනොරමා”ති.
25. ඔවුහු සුදුවන් අං ඇත්තෝය. පිරිසිදු වල්ග ඇත්තේය. රන්වන් වූ සම ඇත්තෝය. ලේවන් වූ පාද ඇත්තෝය. අඳුන් ගානා ලද වැනි වූ ඇස් ඇත්තෝය. සිත්කළුය.
යන ගාථාව කීවේය.
තත්ථ ඔදාතසිඞ්ගාති රජතදාමසදිසසිඞ්ගා. සුචිවාලාති චාමරිවාලසදිසෙන සුචිනා වාලෙන සමන්නාගතා. ලොහිතකාති රත්තනඛා පවාළසදිසා. පාදාති ඛුරපරියන්තා. අඤ්ජිතක්ඛාති අඤ්ජිතෙහි විය විසුද්ධපඤ්චපසාදෙහි අක්ඛීහි සමන්නාගතා.
එහි ඔදාත සිංගා යනු රිදී දමක් වැනි අං ඇත්තෝ. සුවිචාළා යනු සෙමර වල්ග සමාන වූ පිරිසිදු වල්ගයෙන් යුක්ත වූවාහු. ලෝහිතකා යනු රතුපාට ලොම් ඇත්තාහු පබලු හා සමානයහ. පාදා යනු ඛුරයන් කෙළවර කොට ඇති. අඤ්ජිතක්ඛා යනු අඳුන් ගෑමෙන් මෙන් පිරිසිදු පස්පැහැයෙන් යුත් ඇස්වලින් යුක්ත වූවාහු.
ඉති සො කථෙන්තොව මහාසත්තස්ස සුවණ්ණවණ්ණානි ලොමානි රඤ්ඤො හත්ථෙ ඨපෙත්වා තෙසං මිගානං සරීරවණ්ණං පකාසෙන්තො ගාථමාහ –
හෙතෙම මෙසේ කියන්නේම මහබෝසතුන්ගේ රන්වන් ලොම් රජුගේ අතෙහි තබා ඒ මුවන්ගේ සිරුරෙහි ශෝභාව ප්‍රකාශ කරනුයේ
“එදිසා තෙ මිගා දෙව, එදිසා ධම්මිකා මිගා; මාතාපෙත්තිභරා දෙව, න තෙ සො අභිහාරිතු”න්ති.
26. දේවයන් වහන්ස, ඒ මුවෝ මෙවැනි වූවෝය. ඒ මුවෝ මෙවැනි ස්වභාව ඇත්තෝය. දේවයන් වහන්ස, මව්පියන් පෝෂණය කරන ඔවුන් නොගෙන ආවෙමියි යන ගාථාව කීවේය.
තත්ථ මාතාපෙත්තිභරාති ජිණ්ණෙ අන්ධෙ මාතාපිතරො පොසෙන්ති, එතාදිසා නෙසං ධම්මිකතා. න තෙ සො අභිහාරිතුන්ති සො මිගරාජා න සක්කා කෙනචි තව පණ්ණාකාරත්ථාය අභිහරිතුන්ති අත්ථො. “අභිහාරයි”න්තිපි පාඨො, සො අහං තං තෙ පණ්ණාකාරත්ථාය නාභිහාරයිං න ආහරින්ති අත්ථො.
එහි මාතා පෙත්තිං භරං යනු ඔවුහු වයසට ගිය අන්ධ වූ මව්පියන් පෝෂණය කරති. ඔවුන්ගේ දැහැමි බව මෙපරිදිය. න තෙ සො අභිහාරයුං යනු ඒ මුව රජු කිසිවෙකු විසින් ඔබගේ පඬුරු වෙනුවෙන් ගෙන ඒමට නොහැකිය යන අර්ථයි. අභිහාරයිං යනුද පෙළයි. ඒ මම ඔබගේ පඬුරු සඳහා න අභිහාරයිං නොගෙන ආවෙමි යන අර්ථයි.
ඉති සො මහාසත්තස්ස ච චිත්තමිගස්ස ච සුතනාය මිගපොතිකාය ච ගුණං කථෙත්වා “මහාරාජ, අහං තෙන මිගරඤ්ඤා ‘අත්තනො ලොමානි දස්සෙත්වා මම ඨානෙ ඨත්වා දසහි රාජධම්මචරියගාථාහි දෙවියා ධම්මං කථෙය්යාසී’ති උග්ගණ්හාපිතො ආණත්තො”ති ආහ. තං සුත්වා රාජා නං න්හාපෙත්වා අහතවත්ථානි නිවාසෙත්වා සත්තරතනඛචිතෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා සයං දෙවියා සද්ධිං නීචාසනෙ එකමන්තං නිසීදිත්වා තං අඤ්ජලිං පග්ගය්හ යාචති. සො ධම්මං දෙසෙන්තො ආහ –
මෙසේ හෙතෙම මහබෝසතුන්ගේද චිත්‍රක මුවාගේද සුතනා මුවැත්තියගේද ගුණයන් කියා මහරජතුමනි, තමාගේ ලොම් දක්වා මගේ තැන සිට දසධර්මචර්යා ප්‍රකාශිත ගාථාවන්ගෙන් දේවියට ධර්මය කියව යයි ඒ මුවරජු විසින් මා අණවන ලද්දේ යයි කියා රන් පුටුවෙහි හිඳ ඒ ගාථාවන්ගෙන් ධර්මය දේශනා කළේය. [missing trans]
“ධම්මං චර මහාරාජ, මාතාපිතූසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, පුත්තදාරෙසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, මිත්තාමච්චෙසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, වාහනෙසු බලෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, ගාමෙසු නිගමෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, රට්ඨෙසු ජනපදෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, සමණබ්රාහ්මණෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, මිගපක්ඛීසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, ධම්මො චිණ්ණො සුඛාවහො; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
[missing trans]
“ධම්මං චර මහාරාජ, සඉන්දා දෙවා සබ්රහ්මකා; සුචිණ්ණෙන දිවං පත්තා, මා ධම්මං රාජ පාමදො”ති. (ජා· 2.18.114-123);
[missing trans]
ඉති නෙසාදපුත්තො මහාසත්තෙන දෙසිතනියාමෙන ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය බුද්ධලීලාය ධම්මං දෙසෙසි. මහාජනො සාධුකාරසහස්සානි පවත්තෙසි. ධම්මකථං සුත්වායෙව දෙවියා දොහළො පටිප්පස්සම්භි. රාජා තුස්සිත්වා ලුද්දපුත්තං මහන්තෙන යසෙන සන්තප්පෙන්තො තිස්සො ගාථා අභාසි –
[missing trans] දොළදුක සන්සිඳුනේය. රජු සතුටු වී වැදිපුත්‍රයා මහත් වූ යසසින් සන්තර්පනය කරන්නේ,
“දම්මි නික්ඛසතං ලුද්ද, ථූලඤ්ච මණිකුණ්ඩලං; චතුස්සදඤ්ච පල්ලඞ්කං, උමාපුප්ඵසරින්නිභං.
27. වැදිපුත්‍රය, (ඔබට) රන් කහවනු සියයක්ද බොහෝකොට වටිනා මැණික් කුණ්ඩලාභරණයක්ද දියබෙරළිය මල්වල ශෝභාව වැනි වූ සතරැස් පළඟක්ද දෙමි.
“ද්වෙ ච සාදිසියො භරියා, උසභඤ්ච ගවං සතං; ධම්මෙන රජ්ජං කාරෙස්සං, බහුකාරො මෙසි ලුද්දක.
28. සමාන වූ භාර්යාවන් දෙදෙනෙක්ද වෘෂභ රාජයෙකු ප්‍රධාන කොට ගවයන් සියයක්ද දෙමි. මම දැහැමිව රාජ්‍යය කරවමි. මට ඔබ බොහෝ උපකාර ඇත්තෙක් වෙහි.
“කසිවාණිජ්ජා ඉණදානං, උච්ඡාචරියා ච ලුද්දක; එතෙන දාරං පොසෙහි, මා පාපං අකරී පුනා”ති.
29. වැදිපුත්‍රය, ඔබ ගොවිතැන - වෙළඳාම - ණය ගැනීම - සිඟායෑම යන මෙයින් දරුවන් පෝෂණය කරව. නැවත පව් නොකරව යනුවෙන් ගාථා තුනක් කීවේය.
තත්ථ ථූලන්ති මහග්ඝං මණිකුණ්ඩලපසාධනඤ්ච තෙ දම්මි. චතුස්සදන්ති චතුරුස්සදං, චතුඋස්සීසකන්ති අත්ථො. උමාපුප්ඵසරින්නිභන්ති නීලපච්චත්ථරණත්තා උමාපුප්ඵසදිසාය නිභාය ඔභාසෙන සමන්නාගතං, කාළවණ්ණදාරුසාරමයං වා. සාදිසියොති අඤ්ඤමඤ්ඤං රූපෙන ච භොගෙන ච සදිසා. උසභඤ්ච ගවං සතන්ති උසභං ජෙට්ඨකං කත්වා ගවං සතඤ්ච තෙ දම්මි. කාරෙස්සන්ති දස රාජධම්මෙ අකොපෙන්තො ධම්මෙනෙව රජ්ජං කාරෙස්සාමි. බහුකාරො මෙසීති සුවණ්ණවණ්ණස්ස මිගරඤ්ඤො ඨානෙ ඨත්වා ධම්මස්ස දෙසිතත්තා ත්වං මම බහුපකාරො, මිගරාජෙන වුත්තනියාමෙනෙව තෙ අහං පඤ්චසු සීලෙසු පතිට්ඨාපිතො. කසිවාණිජ්ජාති සම්ම ලුද්දක, අහම්පි මිගරාජානං අදිස්වා තස්ස වචනමෙව සුත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨිතො, ත්වම්පි ඉතො පට්ඨාය සීලවා හොහි, යානි තානි කසිවාණිජ්ජානි ඉණදානං උඤ්ඡාචරියාති ආජීවමුඛානි, එතෙනෙව සම්මාආජීවෙන තව පුත්තදාරං පොසෙහි, මා පුන පාපං කරීති.
එහි ථුල්ලං යනු බොහෝකොට වටිනා වූ මැණික් කුණ්ඩලාභරණයක්ද ආභරණයක්ද තොපට දෙමි. චතුස්සදං යනු සිව්රැස් වූ. උස් වූ කොට්ට සතරක් ඇති යන අර්ථයි. උම්මාපුප්ඵසිරිං යනු නිල්වන් වූ පසතුරුණු ඇති හෙයින් දියබෙරළිය හා සමාන වූ කාන්තියෙන් යුක්ත කළු පැහැති දැවවලින් සරු වූ සාදිසියො යනු එකිනෙකා රූපයෙන්ද, සම්පත්තියෙන්ද සමාන වූ. උසභං ච ගවං සතං යනු ප්‍රධාන වෘෂභයෙකු සහිත ගවයන් සියයක්ද ඔබට දෙමි. කාරෙස්සං යනු දසරාජ ධර්මයන් කෝප නොකරමින් දැහැමිව රාජ්‍යය කරවන්නෙමි. බහුකාරොමෙසි යනු රන්වන් වූ මුවරජුගේ තැන සිට ධර්මය දේශනා කළ හෙයින් ඔබ මට බොහෝ උපකාර වීය. මුවරජු විසින් කී පරිද්දෙන්ම මම පන්සිල්හි පිහිටුවන ලදි. කසී වණිජ්ජා යනු යහළුව, වැදිපුත්‍රය, මම මුවරජු නොදැක ඔහුගේ වචනයම අසා පන්සිල්හි පිහිටියේය. ඔබද මෙතැන් පටන් සිල්වත් වෙව. යම් ඒ කසීවණිජ්ජා ඉණ දානං උඤ්ජාචරියා මේවා දිවිපැවැත්මේ දොරටුය. මේ යහපත් දිවිපැවැත්මෙන් අඹුදරුවන් පෝෂණය කරව. නැවත පව් නොකරවයි.
සො රඤ්ඤො කථං සුත්වා “න මෙ ඝරාවාසෙනත්ථො, පබ්බජ්ජං මෙ අනුජානාථ දෙවා”ති අනුජානාපෙත්වා රඤ්ඤා දින්නධනං පුත්තදාරස්ස දත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි. රාජාපි මහාසත්තස්ස ඔවාදෙ ඨත්වා සග්ගපුරං පූරෙසි, තස්ස ඔවාදො වස්සසහස්සං පවත්ති.
හෙතෙම රජුගේ කථාව අසා මට ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. දේවයන් වහන්ස, පැවිද්ද අනුදනුවයි අනුදන්වාගෙන රජු විසින් දෙන ලද ධනය අඹුදරුවන්ට දී හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදි වී අෂ්ට සමාපත්තීන් උපදවා බ්‍රහ්මලෝකයට පිහිටකොට ඇත්තෙක් වීය. රජුද මහබෝසතුන්ගේ අවවාදයෙහි සිට ස්වර්ග පුරය පිරවීය. අවවාදය වසර දහසක් පැවතුනි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛවෙ පුබ්බෙපි මමත්ථාය ආනන්දෙන ජීවිතං පරිච්චත්තමෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා ලුද්දො ඡන්නො අහොසි, රාජා සාරිපුත්තො, දෙවී ඛෙමා භික්ඛුනී, මාතාපිතරො මහාරාජකුලානි, සුතනා උප්පලවණ්ණා, චිත්තමිගො ආනන්දො, අසීති මිගසහස්සානි සාකියගණො, රොහණො මිගරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ පෙරද ආනන්ද තෙරුන් විසින් මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළේම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි වැද්දා ඡන්න වීය. රජු සැරියුත් තෙරුන් වීය. දේවිය ඛේමා භික්ෂුණියයි. මව්පියවරු මහරජ කුලයෝය. සුතනාව උප්පලවණ්ණා තෙරණිය වූවාය. චිත්‍රක මුවා ආනන්ද තෙරුන් වීය. අසූදහසක් මුවෝ ශාක්‍ය සමූහයායි. රෝහන්ත මුවරජු වනාහි මම ම වීමියයි වදාළ සේක.
රොහණමිගජාතකවණ්ණනා පඤ්චමා.