යෙදුමෙන් කියවන්න

7. සත‍්තිගුම‍්බජාතකං

7. සත‍්තිගුම‍්බජාතකං

7. සත්තිගුම්බ ජාතකය

2487. මිගලුද‍්දො මහාරාජා පඤ‍්චාලානං රථෙසභො, නික‍්ඛන‍්තො සහ සෙනාය ඔගණො වනමාගමා.

2487. පඤ්චාල දේශ වාසීන්ගේ රථශ්‍රේෂ්ඨ වූ මුව දඩයම් කරන්නාවූ මහරජ තෙම සෙනග සමග නික්මුණේ සමූහයාගෙන් වෙන්ව වනයට පිවිසියේ ය.

2488. තත්‍ථද‍්දසා අරඤ‍්ඤස‍්මිං තක‍්කරානං කුටිං කතං, තස‍්සා කුටියා නික‍්ඛම‍්ම සුවො ලුද‍්දානි භාසති.

2488. ඒ වනයෙහි සොරුන් විසින් කරන ලද කුටියක් ඒ රජතෙම දුටුවේ ය. ගිරවෙක් ඒ කුටියෙන් නික්ම අවුත් රෞද්‍ර වචන කියයි.

2489. සම‍්පන‍්නවාහනො පොසො යුවා සම‍්මට‍්ඨකුණ‍්ඩලො, සොභති ලොහිතුණ‍්හීසො දිවාසුරියොව භාසති.

2489. අශ්වවාහනයෙන් යුක්ත වූ රතු පැහැති නළල්පටක් ඇති තරුණ වූ පුරුෂ තෙම දිවා සූර්‍ය්‍යයා මෙන් බබළයි.

2490. මජ‍්ඣන‍්තිකෙ සම‍්පටිකෙ සුත‍්තො රාජා සසාරථි, හන්‍දස‍්සාභරණං සබ‍්බං ගණ‍්හාම සහසා මයං.

2490. දැන් මේ මධ්‍යාහ්නයෙහි රියැදුරු සහිත රජ තෙම නිදයි. අපි ඒකාන්තයෙන් ම මොහුගේ සියලු අබරණ බලාත්කාරයෙන් ගනිමු.

2491. නිසීථෙපි රහොදානි සුත‍්තො රාජා සසාරථි, ආදාය වත්‍ථං මණිකුණ‍්ඩලඤ‍්ච හන‍්ත්‍වාන සාඛාහි අපත්‍ථරාම.

2491. රියැදුරු සහිත රජතෙම මධ්‍යම රාත්‍රියෙහි මෙන් දැනු දු නිදියි. මොහුගේ වස්ත්‍ර ද මිණිකොන්ඬොල් ද ගෙන මරා කොළ අතුවලින් වසාදමමුයි සත්තිගුම්බ නම් ගිරවා පතිකොළම්බ නම් සොරාට කීවේ ය.

2492. කින‍්නු උම‍්මත‍්තරූපොව සන‍්තිගුම‍්බ පභාසසි, දූරාසදා හි රාජානො අග‍්ගි පජ‍්ජලිතො යථා.

2492. එම්බා සත්තිගුම්බය, කිම තෝ උමතුවූවකු මෙන් දොඩවන්නෙහි ද? රජවරු වනාහි දිලිසෙන ගින්නක් සේ ළංවියැ නො හැක්කාහු වෙත්.

2493. අථ ත්‍වං පතිකොළම‍්බ මත‍්තො ථුල‍්ලානි ගච‍්ඡසි, මාතරි මය‍්හ නග‍්ගාය කින‍්නු ත්‍වං විජිගුච‍්ඡසෙ.

2493. එම්බා පතිකොළම්බය, තෝ මත් වූයෙහි මහත් වූ ගර්‍ජනා කරන්නෙහි ද? මාගේ මව (ද) නග්නව සිටි කල්හි කවරහෙයින් නුඹ සොරකම පිළිකුල් කරන්නෙහිදැ යි සත්තිගුම්බතෙම ඇසීය.

2494. උට‍්ඨෙහි සම‍්ම තරමානො රථං යොජෙහි සාරථි, සකුණා මෙ න රුච‍්චන‍්ති අඤ‍්ඤං ගච‍්ඡාම අස‍්සමං.

2494. යහළු රියැදුර, වහා නැගීසිටුව. රිය යොදව. මේ පක්‍ෂීහු මට රුචි නො වෙත්. අන් අසපුවකට යමුයි රජ තෙම කීය.

2495. යුත‍්තො රථො මහාරාජ යුත‍්තො ච බලවාහනො, අධිතිට‍්ඨ මහාරාජ අඤ‍්ඤං ගච‍්ඡාම අස‍්සමං.

2495. මහරජ, බලැති අසුන් බැඳී රිය යොදන ලදී. මහරජ එහි නගිනු මැනව. අන් අසපුවකට යමුයි රියැදුරා කීවේ ය.

2496. කොනු මෙව ගතා සබ‍්බෙ යෙ අස‍්මිං පරිචාරකා, එස ගච‍්ඡති පඤ‍්චාලො මුත‍්තො තෙසං අදස‍්සනා.

2496. මේ අසපුවෙහි වාසය කරන්නා වූ යම් සොර කෙනෙක් වෙද්ද? මේ සියල්ලෝ ම කොහි ගියාහු ද? ඒ සොරුන්ගේ නො දැක්ම හේතු කොටගෙන මිදුණා වූ මේ පඤ්චාල රජතෙම යෙයි.

2497. කොදණ‍්ඩකානි ගණ‍්හථ සත‍්තියො තොමරානි ච, එස ගච‍්ඡති පඤාලො මා වො මුඤ‍්චිත්‍ථ ජීවිතං.

2497. දුනු ගනිවු, අඩයටි ද තෝමර ද ගනිවු. මේ පඤ්චාල තෙමේ යයි. තෙපි ජීවත්වන පඤ්චාලයා නො මුදව.

2498. අථාපරො පටිනන්‍දිත්‍ථ සුවො ලොහිතතුණ‍්ඩකො, ස‍්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං. ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය.

2498. ඉක්බිති ලේවන් තුඩක් ඇති වෙන ගිරවෙක් මහරජ, නුඹ වහන්සේගේ යහපත් පැමිණීමක් වේවා. තවද, අප සමීපයට නුඹ වහන්සේගේ පැමිණීම ඉතා යහපති. මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ මෙහි අධිපතිවන්නහුය. මෙහි කැමති යමක් වේ නම් දන්වනු මැනවි.

2499. තින්‍දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ රාජ වරං වරං.

2499. තිඹිරිගෙඩි ද මොරගෙඩි ද මීගෙඩි ද එරමිණිය ද යන මේ ඵල ඇත්තාහ. මහරජ, හොඳ හොඳ මේ කුඩාගෙඩි අනුභව කරනු මැනවි.

2500. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිව මහාරාජ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

2500. මහරජ, මේ සිහිල් පැන් ද කඳුරැළියෙන් ගෙනෙන ලදය. මහරජ, ඒ නිසා නුඹවහන්සේ කැමැත්තාහු නම් එය පානය කරනු මැනවි.

2501. අරඤ‍්ඤං උඤ‍්ඡාය ගතා යෙ අස‍්මිං පරිචාරකා, සයං උට‍්ඨාය ගණ‍්හව‍්හො හත්‍ථා මෙ නත්‍ථි දාතවෙ.

2501. ‘මහරජ, මේ අසපුවෙහි වාසය කරන්නාවූ යම් ඍෂි කෙනෙක් වෙද්ද, උන්වහන්සේලා පලවැළ පිණිස වනයට ගියහ. එහෙයින් තෙමේ නැගිට ගොස් ගනුමැනවි. දීමට මට අත් නැතැ’ යි පුප්ඵක නම් ගිරාතෙම කීයේ ය.

2502. භද්‍රකො වත යං පක‍්ඛී ද‍්විජො පරමධම‍්මිකො, අථෙසො ඉතරො පක‍්ඛී සුවො ලුද‍්දානි භාසති.

2502. යම්හෙයකින් ද්විජ නම් වූ මේ පක්‍ෂිතෙම උතුම් ධර්‍මයෙහි පිහිටියේ ද එබැවින් හෙ යහපත්ය. තවද, මේ අනිත් ගිරා පක්‍ෂි තෙම රෞද්‍ර වචන කියයි.

2503. එතං හනථ බන්‍ධථ මා වො මුඤ‍්චිත්‍ථ ජීවිතං, ඉච‍්චෙවං විලපන‍්තස‍්ස සොත්‍ථිං පත‍්තොස‍්මි අස‍්සමං.

2503. මොහු මරවු, බඳිවු. මොහුගේ ජීවිතය තිබෙනතුරු අත්නොහරිවු. මෙසේ කියද්දී ම සුවසේ ආශ්‍රමයට පැමිණියෙම් වෙමියි රජතෙම කීවේ ය.

2504. භාතරොස‍්ම මහාරාජ සොදරියා එකමාතුකා, එකරුක‍්ඛස‍්මිං සංවඩ‍්ඪා නානාඛෙත‍්තගතා උහො.

2504. මහරජ, අපි දෙදෙනා එක ම මවක විසින් පෝෂණය කරන ලද්දා වූ එක ගසෙක්හි වැඩුණා වූ නොයෙක් තැන්වලට ගියා වූ එක ම මවුකුසැ උපන් සහෝදරයෝ වෙමු.

2505. සත‍්තිගුම‍්බො ච චොරානං අහඤ‍්ච ඉසිනං ඉධ, අසතං සො සතං අහං තෙන ධම‍්මෙන නො විනා.

2505. ඒ සත්තිගුම්බතෙම සොරුන් වෙතට ගියේය. මම් වනාහි මෙහි තවුසන් වෙතට පැමිණියෙමි. හේ අසත්පුරුෂයන්ගේ සමීපයට ගියේය. මම සත්පුරුෂයන් ළඟට පැමිණියෙමි. ඒ කරුණින් අපගේ වෙනස් බව ඇතිවීය යි පුෂ්පක තෙම කීයේ ය.

2506. තත්‍ථ වධො ච බන්‍ධො ච නිකතී වඤ‍්චනානි ච, ආලොපසහසාකාරා තානි සො තත්‍ථ සික‍්ඛති.

2506. මහරජ, ඒ සොරුන්ගේ සමීපයෙහි හිංසාව ද බැඳීම ද රැවටීම ද වංචාව ද දවල් ගම්පැහැරීම ද බලාත්කාරකම් ද ඇත්තාහ. හෙතෙමේ එහි දී ඒවා ඉගෙන ගනී.

2507. ඉධ සච‍්චඤ‍්ච ධම‍්මො ච අහිංසා සඤ‍්ඤමො දමො, ආසනූදකදායීනං අඞ‍්කෙ වද‍්ධොස‍්මි භාරත.

2507. මහරජ, මම වනාහි මෙහි දී සත්‍යය ද සුචරිත ධර්‍මය ද අවිහිංසාව ද සංවරශීලය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණ දහම් පුරුදු කරන්නාවූ ආගන්තුකයනට අසුන් පැනවීම පැන් එළවා තැබීම ආදී වතාවත් පුරන තව්සන්ගේ ඇකයෙහි වැඩුණෙම් වෙමියි, පුෂ්පක තෙම කීයේ ය.

2508. යං යං හි රාජ භජති සතං වා යදි වා අසං, සීලවන‍්තං විසීලං වා වසං තස‍්සෙව ගච‍්ඡති.

2508. මහරජ, යමෙක් සත්පුරුෂ හෝ අසත්පුරුෂ හෝ සිල්වත් හෝ දුසිල් හෝ යම්බඳු කෙනෙකුන් ඇසුරු කෙරේ ද හේ ඔහුගේ ම වසයට යන්නේ ය.

2509. යාදිසං කුරුතෙ මිත‍්තං යාදිසඤ‍්චූපසෙවති, සොපි තාදිසකො හොති සහවාසො හි තාදිසො.

2509. යමෙක් යම්බඳු කෙනෙක් මිත්‍රයෙකු වශයෙන් තබාහනී ද යම්බඳු කෙනකුන් ඇසුරු කෙරේ ද හෙතෙමේත් එබඳු ම වෙයි. එක්ව විසීම ඒ ස්වභාවය ඇත්තකි.

2510. සෙවමානෙ සෙවමානං සම‍්ඵුට‍්ඨො සම‍්ඵුසං පරං, සරො දිද‍්ධො කලාපං ව ආලිත‍්තමුපලිම‍්පති. උපලෙපභයා ධීරො නෙව පාපසඛා සියා.

2510. සෙවුනා ලබන්නේ සෙවුනා අනිකා ද පහස්නා ලද්දේ පහස්නා අනෙකා ද විෂපොවන ලද ඊය ඊකලබ (විෂ ගල්වන්නාක්) මෙන් පාපධර්‍මයෙහි නො තැවැරුණහු තවරයි. පාපධර්‍මයෙහි තැවරීම් බියෙන් නුවණැත්තේ පවිටු යහළුවන් ඇත්තෙක් නො වන්නේ ය.

2511. පූතිමච‍්ඡං කුසග‍්ගෙන යො නරො උපනය‍්හති. කුසාපි පූති වායන‍්ති එවං බාලූපසෙවනා.

2511. යම් මිනිසෙක් කුණු මසුන් කුසතණ අගින් බඳියි (දවටා) ද ඒ කුසතණ ද ගඳ වහනය වන්නේ ය. බාලයන් ඇසුරු කිරීමත් මෙසේ ම ය.

2512. තගරඤ‍්ච පලාසෙන යො නරො උපනය‍්හති, පත‍්තාපි සුරභි වායන‍්ති එවං ධීරූපසෙවනා.

2512. යම් මිනිසෙක් පත්‍රයකින් තුවරලා දවටා ද, ඒ පත්‍රයෝ ද සුවඳ හමත්. පණ්ඩිතයන් අසුරුකිරීමත් මෙබඳු ය.

2513. තස‍්මා ඵලපුටස‍්සෙව ඤත්‍වා සම‍්පාකමත‍්තනො, අසන‍්තෙ නොපසෙවෙය්‍ය සන‍්තෙ සෙවෙය්‍ය පණ‍්ඩිතො අසන‍්තො නිරයං නෙත‍්ති සන‍්තො පාපෙන‍්ති සුග‍්ගතින‍්ති.

2513. එබැවින් සුවඳ එතූ කොළයෙහි ඇති වූ සුවඳවත් බව මෙන් තමහට වන විපාකය දැන නුවණැත්තේ අසත්පුරුෂයන් සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන් ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයා නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයන් සුගතියට පමුණුවත්.

සත‍්තිගුම‍්බජාතකං.

සත්තිගුම්බජාතක යි.