11. පලොභනජාතකං
11. පලොභනජාතකං.
11. මහාපලෝභන ජාතකය
2612. බ්‍රහ‍්මලොකා චවිත්‍වාන දෙවපුත‍්තො මහිද‍්ධිකො, රඤ‍්ඤො පුත‍්තො උදපාදි සබ‍්බකාමසමිද‍්ධිසු.
2612. මහත් ඍද්ධි ඇති දෙව් පුතෙක් බඹ ලොවින් සැව සියලු කාමසම්පතින් සමෘද්ධ වූ කසී දනව්වෙහි රජුහට පුත් ව උපන්නේ ය.
2613. කාමා වා කාමසඤ‍්ඤා වා බ්‍රහ‍්මලොකෙ න විජ‍්ජති, ය‍්වාස‍්ස තායෙව සඤ‍්ඤාය කාමෙහි විජිගුච‍්ඡථ.
2613. යම් කුමාරයෙක් බඹලොව දී හටගත් කාම විරහිත එම සංඥායෙන් ම කාමයෙන් කෙරෙන් පිළිකුල් ඇති කරයි ද, බඹලෙව්හි ඒ කාමයෝ හෝ කාමසංඥාවෝ හෝ විද්‍යාමාන නො වෙති.
2614. තස‍්ස චන‍්තෙපුරෙ ආසි ඣානාගාරං සුමාපිතං, සො තත්‍ථ පතිසල‍්ලීනො එකො රහසි ඣායථ.
2614. ඔහුගේ අන්තඃපුරයෙහි පියා විසින් කරවනලද ධ්‍යානාගාරයක් විය. හෙතෙම එහි විවේකයෙහි ඇලුණේ තනි ව රහසිගත ව ධ්‍යාන කෙළේ ය.
2615. ස රාජා පරිදෙවෙසි පුත‍්තසොකෙන අට‍්ටිතො, එකපුත‍්තො චයං මය‍්හං න ච කාමානි භුඤ‍්ජති.
2615. පුත්‍රශෝකයෙන් පෙළුණු ඒ රජ තෙම මගේ එක ම පුත්‍රයා කාමසම්පත් පරිභෝග නො කෙරේ යයි වැළපුණේ ය.
2616. කොනු ඛෙත්‍ථ උපායො සො කො වා ජානාති කිඤ‍්චනං, කො මෙ පුත‍්තං පලොභෙය්‍ය යථා කාමානි පත්‍ථයෙ.
2616. මෙහිලා කවර නම් උපායෙක් ඇත්තේ ද? එයට පළිබෝධයක් කවරෙක් නම් දනී ද? යම්සේ මාගේ පුත්‍රයා කාමසම්පත් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම් එසේ කවරෙක් නම් පොළඹවා ද?
2617. අහූ කුමාරී තත්‍ථෙව රූපවණ‍්ණසමාහිතා, කුසලා නච‍්චගීතස‍්ස වාදිතෙ ච පදක‍්ඛිණා සා තත්‍ථ උපසඞ‍්කම‍්ම රාජානං එතදබ්‍රවි.
2617. රූපයෙන් හා වර්‍ණයෙන් යුත් නෘත්‍යගීතයන්හි දක්‍ෂ වාදනයෙහි ද සමත් කුමරියක් ඒ අන්තඃපුරයෙහි ම වූ යැ. ඕ එහි එළැඹ රජුට මෙසේ කීවා ය.
2618. අහං ඛො තං පලොභෙය්‍යං සචෙ භත‍්තා භවිස‍්සති, තං තථාවාදිනිං රාජා කුමාරිං එතදබ්‍රවි. ත්‍වඤ‍්ඤෙව නං පලොහෙහි තව භත‍්තා භවිස‍්සති.
2618. හෙ තෙමේ මට සැමි වන්නේ නම් මම ඔහු පොළඹවන්නෙමි. (ඇය කී විට) රජ තෙම එසේ කියන්නා වූ ඒ කුමරියට මෙසේ කීයේ ය. තෝ ඒ කුමරා පොළඹවා ගනුව, තිට හේ සැමි වන්නේ ය කියායි.
2619. සා ච අන‍්තෙපුරං ගන‍්ත්‍වා බහූ කාමූපසංහිතං, හදයඞ‍්ගමා පෙමණීයා චිත්‍රගාථා අභාසථ.
2619. ඕ ද ඒ අන්තඃපුරයට ගොස් කාමූපසංහිත වූ ත් හෘදයාංගම වූ ත් ප්‍රේමණීය වූ ත් බොහෝ විසිතුරු ගාථාවන් කිවු ය.
2620. තස‍්සා ච ගායමානාය සද‍්දං සුත්‍වාන නාරියා, කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පජ‍්ජ ජනං සො පරිපුච‍්ඡථ.
2620. ගායනා කරන ඒ ස්ත්‍රියගේ හඬ අසා ඒ කුමාරයාට කාමාසාව උපන්නේ ය. හේ තෙමේ ජනයා අතින් විචාළේ ය.
2621. කස‍්සෙසො සද‍්දො කො වා සො භණති උච‍්චාවචං බහු, හදයඞ‍්ගමං පෙමණියං අථො කණ‍්ණසුඛං මම.
2621. මේ හඬ කවරෙකුගේ ද? ඒ කවරක් නම් හෘදයාංගමව ප්‍රේමණීය ව කර්‍ණසුඛ ව උස් පහත් හඬින් බොහෝ කොට බෙණේ දැ කියා (අනිත්‍ථිගන්‍ධ) කුමාර තෙම ඇසී ය.
2622. ඵසා ඛො පමදා දෙව ඛිඩ‍්ඩා එසා අනප‍්පිකා, සචෙ ත්‍වං කාමෙ භුඤ‍්ජෙය්‍ය භිය්‍යො භිය්‍යො ඡාදෙයසු තං.
2622. දේවයන් වහන්ස, මෝ තොමෝ ස්ත්‍රියක, මෝ තොමෝ මහත් වූ ක්‍රීඩිකාවක, ඉදින් නුඹ වහන්සේ කාමසම්පත් අනුභව කරන්නාහු නම්, ඊට වැඩිවැඩියක් කැමතිවන්නාහු ය.
2623. ඉඞ‍්ඝ ආගච‍්ඡතොරෙන අවිදූරම‍්භි ගායතු, අස‍්සමස‍්ස සමීපම‍්හි සන‍්තිකෙ මය‍්හ ගායතු.
2623. එසේ නම් මොබට ඒවා, නුදුරු තන්හි ගායනා කෙරේවා, ශයනාගාරයට සමීප ව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.
2624. තිරොකුඩ‍්ඪම‍්භි ගායිත්‍වා ඣානාගාරම‍්භි පාවිසි, බන්‍ධි නං අනුපුබ‍්බෙන ආරඤ‍්ඤමිව කුඤ‍්ජරං.
2624. බිත්තියෙන් පිටත්හි ගායනය කොට ධ්‍යානාගාරයට පිවිසි යා ය. කැලේ ඇතකු මෙන් ක්‍රමයෙන් ඕ ඔහු බැඳගත්තා ය.
2625. තස‍්ස කාමරසං ඤත්‍වා ඉස‍්සාධම‍්මො අජායථ, අහමෙව කාමෙ භුඤ‍්ජෙය්‍යං මා අඤ‍්ඤො පුරිසො අහූ.
2625. ඒ කුමාරයාට කාමරසය දැනී ඊර්‍ෂ්‍යා ස්වාභාවයෙක් හට ගත්තේ ය. මම ම කාමයන් අනුභව කරමි. කම්සැප විඳින අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
2626. තතො අසිං ගහෙත්‍වාන පුරිසෙ හන‍්තුං උපක‍්කමි, අහමෙව එකො භුඤ‍්ජිස‍්සං මා අඤ‍්ඤො පුරිසො සියා.
2626. ඉක්බිති කඩුවක් ගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. මම ම තනිවැ කම්සුව අනුභව කරමි. අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
2627. තතො ජානපදා සබ‍්බෙ වික‍්කන්‍දිංසු සමාගතා, පුත‍්තො ත්‍යායං මහාරාජ ජනං භෙඨෙත්‍යදූසකං.
2627. ඉක්බිති දනව්වැසි සියල්ලෝ ම රැස්ව “මහරජුනි, නුඹ වහන්සේගේ මේ පුත්‍රයා නිරපරාධ ජනයා නසති” යි වැළැපෙමින් කියා සිටියහ.
2628. තඤ‍්ච රාජා විවාහෙසි සම‍්හා රට‍්ඨාතො ඛත‍්තියො, යාවතා විජිතං මය‍්හං න තෙ වත‍්තබ‍්බ තාවදෙ.
2628. රජ තෙමේ ද ඔහු “මගේ රට යම්තාක් වේ ද ඒ තාක් තැන නොසිටිය යුතුය” යි සිය රටින් බැහැර කෙළේ ය.
2629. තතො සො භරියං ආදාය සමුද‍්දං උපසඞ‍්කමි, පණ‍්ණසාලං කරිත්‍වාන වනං උඤ‍්ඡාය පාවිසි.
2629. ඉක්බිති ඒ කුමර තෙම බිරිය ගෙන මුහුදු වෙරළට එළැඹියේ ය. එහි පන්සලක් කොට වසන්නේ පලවැළ පිණිස වනයට ද පිවිසියේ ය.
2630. අථෙත්‍ථ ඉසිමාගඤඡි සමුද‍්දං උපරූපරි, සො තස‍්ස ගෙහං පාවෙක‍්ඛී භත‍්තකාලෙ උපට‍්ඨිතෙ.
2630. එකල්හි ඍෂිවරයෙක් දීපාන්තරයෙහි සිට මුහුදු දිය මතුයෙහි එහි පැමිණියේ ය. හෙතෙමේ ආහාර වේලාව පැමිණි කල්හි ඔහුගේ ගෙට ඇතුළු විය.
2631. තඤ‍්ච භරියා පලොභෙසි පස‍්ස යාව සුදාරුණං, චුතො සො බ්‍රහ‍්මචරියම‍්භා ඉද‍්ධියා පරිහායථ.
2631. භාර්‍ය්‍යා තොමෝ ඒ තවුසා ද පොළඹවා ගත්තා ය. ඇයගේ ඉතා දරුණුකමක් බලව. හේ බඹසරින් චුතවූයේ ඍද්ධියෙන් ද පිරිහුණේ ය.
2632. රාජපුත‍්තො ච උඤ‍්ඡාතො වනමූලඵලං බහුං, සායං කාජෙන ආදාය අස‍්සමං උපසඞ‍්කමි.
2632. රාජපුත්‍ර තෙමේ ද සිඟීමෙන් ලත් බොහෝ වනමුල් ඵලාඵල සවස් කාලයෙහි කදින්ගෙන ආශ්‍රමයට එළැඹියේ ය.
2633. ඉසී ච ඛත‍්තියං දිස‍්වා සමුද‍්දං උපසඞ‍්කමි, වෙහාසයං ගමිස‍්සන‍්ති සීදතෙ සො මහණ‍්ණවෙ.
2633. ඍෂිතෙමේ ද ක්‍ෂත්‍රියයා දැක සමුද්‍රයකරා පැමිණියේ යැ. හේ අහසෙහි යන්නෙමැ යි මහමුහුදෙහි ම ගිලෙයි.
2634. ඛත‍්තියො ච ඉසිං දිස‍්වා සීදමානං මහණ‍්ණවෙ, තස‍්සෙව අනුකම‍්පාය ඉමා ගාථා අභාසථ.
2634. ක්‍ෂත්‍රිය තෙමේ ද මහසයුරෙහි ගිලෙන ඍෂිහු දැක ඔහුට ම අනුකම්පා පිණිස මේ ගාථාවන් කීයේ ය.
2635. අභිජ‍්ජමානෙ වාරිස‍්මිං සයං ආගම‍්ම ඉද‍්ධියා, මිස‍්සීභාවිත්‍ථියා ගන‍්ත්‍වා සංසීදසි මහණ‍්ණවෙ
2635. තෙමේ, නොබිඳෙන දිය මතුපිට ඍද්ධියෙන් අවුත් ස්ත්‍රිය හා එක්වීමට පැමිණ මහසයුරෙහි ගිලෙහිය.
2636. ආවට‍්ටනී මහාමායා බ්‍රහ‍්මචරියවිකොපනා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවච‍්චයෙ.
2636. මේ ස්ත්‍රීහු නම් කාමාවර්‍තයෙන් ආවර්‍තනය කරන හෙයින් ආවර්‍තනීයහ. මහත් වූ මායා ඇත්තාහ. බ්‍රහ්මචර්‍ය්‍යය විනාශ කිරීමෙන් පුරුෂයන් අපායෙහි ගල්වන්නාහ. මෙය දැන නුවණැති පුරුෂ තෙමේ ස්ත්‍රීන් දුරින් ම දුරුකරන්නේ ය.
2637. අනලා මුදුසම‍්භාසා දුප‍්පූරා තා නදීසමා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවජ‍්ජයෙ.
2637. කොතෙක් පිරිමින් ලදුවත් සෑහීමකට පත් නොවන හෙයින් අනලා නම් වූ මොළොක් කථා ඇති තෘප්ත නො කට හැක්කා වූ ගංගාවන් හා සමාන වන්නා වූ ඒ ස්ත්‍රීහු තමන් වෙත පැමිණියවුන් අපායෙහි ගල්වති යි දැන නුවණැත්තන් විසින් දුරින් ම දුරුකට යුත්තාහු ය.
2638. යං එතා උපසෙවන‍්ති ඡන්‍දසා වා ධනෙන වා, . ජාතවෙදොව සණ‍්ඨානං ඛිප‍්පං අනුදහන‍්ති තං.
2638. මේ ස්ත්‍රීහු සිය කැමැත්තෙන් හෝ ධනය හේතුකොට හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙද්ද ස්වකීය ස්ථානය දවන්නා වූ ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත්.
2639. ඛත‍්තියස‍්ස වචො සුත්‍වා ඉසිස‍්ස නිබ‍්බිදා අහූ, ලද‍්ධා පොරාණකං මග‍්ගං ගච‍්ඡතෙ සො විහායසං.
2639. ක්‍ෂත්‍රියයාගේ වචනය අසා ඍෂිවරයාහට කලකිරීම ඇති විය. හෙතෙමේ පැරණි ධ්‍යාන මාර්‍ගය ලැබ අහසින් යයි.
2640. ඛත‍්තියො ච ඉසිං දිස‍්වා ගච‍්ඡමානං විහායසං, සංවෙගං අලභී ධීරො පබ‍්බජ‍්ජං සමරොචයි.
2640. ක්‍ෂත්‍රිය තෙමේ ද අහසින් යන ඍෂිහු දැක සංවේගය ලැබ ගත්තේ ය. ඒ ක්‍ෂත්‍රිය පණ්ඩිත තෙමේ ද පැවිද්ද කැමැති විය.
2641. තතො සො පබ‍්බජිත්‍වාන කාමරාජග විරාජයි, කාමරාගං විරාජෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහූති.
2641. ඉක්බිති හේ පැවිදිව කාමරාගය දුරු කෙළේ ය. කාමරාගය දුරු කොට බඹලොව උපන්නේ යි.
මහාපලොභන ජාතකං.
මහාපලෝභන ජාතක යි.