යෙදුමෙන් කියවන්න

12. පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හො

12. පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හො

12. පස්පඬි පැනය

2642. පඤ‍්ච පණ‍්ඩිතා සමාගතා පඤ‍්හො මෙ පටිභාති තං සුණාථ, නින්‍දියමත්‍ථං පසංසියං වා, කස‍්සෙවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2642. මෙහි රැස් වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයෙක් වටහයි. එය අසවු නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහසක් නම් කවරකුහට එළිදරව් කළයුතු වන්නේ දැ යි රජ තෙම ඇසී ය.

2643. ත්‍වං නො ආවිකරොහි භූමිපාල භත‍්තා භාරසහො තුවං වදෙතං, තච ඡන්‍දඤ‍්ච රුචිඤ‍්ච සම‍්මසිත්‍වා අථ වක‍්ඛන‍්ති ජනින්‍ද මඤ‍්ච ධීරා.

2643. මහරජ, නුඹ වහන්සේ අපට එළිදරව් කරනු මැනව. නුඹ වහන්සේ වනාහි අපගේ ස්වාමියා ද බර උසුලන තැනැත්තේ ද වන්නාහු ය. එහෙයින් පළමු කොට නුඹ වහන්සේ ම මෙය කියන සේක්වා, මහරජ, නුඹ වහන්සේගේ කැමැත්ත ද රුචි කරුණු ද දැනගෙන අනතුරු ව පඤ්ච පණ්ඩිතයෝ ප්‍රකාශ කරත් යී සේනක තෙම කීවේ ය.

2644. යා සීලවතී අනඤ‍්ඤධෙය්‍යා භත‍්තුච‍්ඡන්‍දවසානුගා මනාපා, නින්‍දියමත්‍ථං පසංසියං වා, භරියායාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2644. යම් භාර්‍ය්‍යාවක් සිල්වත් ද, අනුන් වසඟයෙහි නො පවතී ද, සැමියාගේ කැමැත්ත අනුව ජීවත් වන්නී ද, මනවඩන්නී ද එවැනි භාර්‍ය්‍යාවට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එළිදරව් කළයුතු වන්නේ ය.

2645. යො කිච‍්ඡගතස‍්ස ආතුරස‍්ස සරණං හොති ගතී පරායණඤ‍්ච, නින්‍දියමත්‍ථං පසංසියං වා, සඛිනොවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2645. යමෙක් පිහිටක් නොමැතිව කරදරයට පත් වූ ගිලනා හට පිහිට වේද නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු යහළුවාට එළිදරව් කරන්නේ ය.

2646. ජෙට‍්ඨො අථ මජ‍්ඣිමො කණිට‍්ඨො සො චෙ සීලවකො සමාහිතො ඨිතත‍්තො, නින්‍දියමත්‍ථං පසංසියං වා, භාතුවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2646. ජ්‍යේෂ්ඨ වූ හෝ මධ්‍යම වූ හෝ කණිෂ්ඨ වූ හෝ යම් ඒ සහෝදරයෙක් තෙම ශීලයෙන් යුක්ත වූයේ ස්ථිර ස්වභාව ඇත්තේ වේ ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු සහෝදරයාට ප්‍රකාශ කරන්නේ ය.

2647. යො වෙ හදයස‍්ස පද‍්ධගු අනුජාතො පිතරං අනොමපඤ‍්ඤො, නින්‍දියමත්‍ථං පසංසියං වා, පුත‍්තයසාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2647. යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිත් වූ පරිදි ක්‍රියා කෙරේ ද පියා හා සමගුණ ඇත්තේ වේ ද, අලාමක ප්‍රඥා ඇත්තේ ද එබඳු පුත්‍රයාට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ ප්‍රකාශ කරන්නේ ය.

2648. මාතා දිපදා ජනින්‍දසෙට‍්ඨ යා තං පොසෙති ඡන්‍දසා පියෙන, නින්‍දියමත්‍ථං පසංසියං වා, මාතුයාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

2648. දෙපා ඇත්තවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජතුමනි, යම් මවක් කැමැත්තෙන් හා ප්‍රේමයෙන් පුතකු පෝෂණය කරන්නී ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ සැඟවිය යුතු කරුණ ඒ මවට ප්‍රකාශ කරන්නේ ය.

2649. ගුය‍්හස‍්ස හි ගුය‍්හමෙව සාධු නහි ගුය‍්හස‍්ස පසත්‍ථමාවිකම‍්මං, අනිප‍්ඵාදාය සහෙය්‍ය ධීරො නිප‍්ඵන‍්නත්‍ථො යථා සුඛං භණෙය්‍ය.

2649. සැඟවියයුත්ත සැඟවීම ම යහපති. සැඟවියයුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නො වේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේ ය.

2650. කින‍්නු ත්‍වං විමනොසි රාජසෙට‍්ඨ දිපදින්‍ද වචනං සුණොම නෙතං, කිං චින‍්තයමානො දුම‍්මනොසි නූන දෙව අපරාධො අත්‍ථි මය‍්හං.

2650. උතුම් මහරජතුමනි, නුඹ වහන්සේ කුමක් හෙයින් දොම්නස් වන්නාහු ද? දෙපා ඇත්තවුන්හට ශ්‍රේෂ්ඨය, නුඹ වහන්සේගේ මේ වචනය නො අසමු. කුමක් සිතමින් දොම්නස් වන්නහු ද? දේවයන් වහන්ස, ඒකාන්තයෙන් මාගේ අපරාධයෙක් ඇත්තේ ද? කියා උදුම්බරා දේවිය ඇසූ ය.

2651. පඤ‍්ඤො වජ‍්ඣො මහොසධොති ආණත‍්තො මෙ වධාය භූරිපඤ‍්ඤා, තං චින‍්තයන‍්තො දුම‍්මනොස‍්මි න හි දෙවි අපරාධො අත්‍ථි තුය‍්හං.

2651. බොහෝ නුවණැති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතු යයි මා විසින් මරණයට නියම කරන ලද ඒ කරුණ සිතමින් දොම්නස් වෙමි. දේවිය තීගේ වරදෙක් නැතැ යි රජ තෙම කීයේ ය.

2652. අභිදොසගතො ඉදානි එසි කිං සුත්‍වා කිමාසඞ‍්කතෙ මනො තෙ, කො තෙ කිමවොච භූරිපඤ‍්ඤ ඉඞ‍්ඝ තං වචනං සුණොම බ්‍රූහි මෙතං.

2652. බොහෝ නුවණ ඇති මහෞෂධය, ඊයේ සවස ගිය නුඹ දැන් එන්නෙහිය. තාගේ සිත කුමක් අසා කුමකට සැක කෙරේ ද? මහත් ප්‍රඥා ඇත්ත, නුඹට කවරෙක් කුමක් කීයේ ද? ඒ වචනය මට කියව. මම එය අසමියි රජතෙම කීයේ ය.

2653. පඤ‍්ඤො වජ‍්ඣො මහොසධොති යදි තෙ මන‍්තයිතං ජනින්‍ද දොසං, භරියාය රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

2653. මහරජ, මහා ප්‍රඥා ඇති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතුයයි නුඹ වහන්සේ විසින් පඬිවරුන් සමග මන්ත්‍රණය කරන ලද, එය රාත්‍රියෙහි කවරෙකුට කියන ලද ද? නුඹ වහන්සේ වනාහි රහසිගත ව භාර්‍ය්‍යාවට කීසේක. ඒ සැඟවිය යුතු කරුණ ප්‍රකට කරන ලද බව මා විසින් අසන ලදී.

2654. යං සාලවනස‍්මිං සෙනකො පාපකම‍්මං අකාසි අසබ‍්භිරූපං, සඛිනොව රහො ගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

2654. සේනකතෙම සල් උයන්හි අසභ්‍ය වූ යම්බඳු පාපකර්‍මයක් කෙළේ ද, එය රහසිගතව යහළුවෙකුට ම කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.

2655. පුක‍්කුසපුරිසස‍්ස තෙ ජනින්‍ද උප‍්පන‍්නො රොගො අරාජයුත‍්තො, භාතුච‍්ච රහො ගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං

2655. මහරජ, නුඹ වහන්සේගේ පුක්කුස නම් රාජපුරුෂයා හට රජුන් විසින් ළං නොවිය යුතු කුෂ්ඨ රෝගයෙක් තිබේ. හෙතෙම රහසිගතව එය සහෝදරයාට කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.

2656. ආබාධොයං අසබ‍්භිරූපො කාවින්‍දො නරදෙවෙන ඵුට‍්ඨො, පුත‍්තස‍්ස රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං

2656. මහරජ, කාවින්‍දතෙම නරදේව නම් යකකු විසින් පහස්නා ලද්දේය. මේ ආබාධය ලාමකය. රහසිගතවූයේ පුත්‍රයාහට කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.

2657. අට‍්ඨවඞ‍්කං මණිරතනං උළාරං සක‍්කො තෙ අදදා පිතාමහස‍්ස, දෙවින්‍දස‍්ස ගතං තදජ‍්ජ හත්‍ථං මාතුච‍්ච රහො ගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං

2657. මහරජ, සක්දෙව් තෙමෙ මහත් අනුභාව ඇති අෂ්ටවංක නම් වූ මැණිකක් නුඹ වහන්සේගේ මුත්තා වන කුසරජුට දුන්නේය. දැන් ඒ මැණික දේවින්‍දයාගේ හස්තගතව පවතී. මේ කරුණ මවට රහසිගතව කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.

2658. ගුය‍්හස‍්ස හි ගුය‍්හමෙව සාධු න හි ගුය‍්හස‍්ස පසත්‍ථමාවිකම‍්මං, අනිප‍්ඵාදාය සහෙය්‍ය ධීරො නිප‍්ඵන‍්නත්‍ථො යථාසුඛං භණෙය්‍ය.

2658. සැඟවිය යුත්ත සැඟවීම යහපති. සැඟවිය යුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නොවේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේය.

2659. න ගුය‍්හමත්‍ථං විවරෙය්‍ය රක‍්ඛෙය්‍ය නං යථා නිධිං, නහි පාතුකතො සාධු ගුය‍්හො අත්‍ථො පජානතා.

2659. රහස එළිදරව් නොකරන්නේය. එය නිධානයක් ලෙස රක්නේය. නුවණැත්තහු විසින් රහස එළිදරව් නො කරන ලද්දේ ම යහපති.

2660. ථියා ගුය‍්හං න සංසෙය්‍ය අමිත‍්තස‍්ස ච පණ‍්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්‍ථෙනො ච යො නරො.

2660. පණ්ඩිත තෙම ස්ත්‍රියට ද සතුරාට ද රහස නො කියන්නේය. යමෙක් ආමිෂයෙන් සංග්‍රහ ලැබ එකමුතු වන්නේද, යමකුත් සිතින් එකක් සිතමින් මුවින් අනෙකක් බෙණෙන මිත්‍ර ප්‍රතිරූපකයෙක් වේද, ඒ දෙදෙනාට ද රහස නො කියන්නේය.

2661. ගුය‍්හමත්‍ථමසංබුද‍්ධං සංබොධයති යො නරො, මන‍්තභෙදභයා තස‍්ස දාසභූතො තිතික‍්ඛති.

2661. යම් මිනිසෙක් අනුන් නොදන්නා වූ රහස් කරුණ දන්වා ද, මන්ත්‍රණය බිඳෙන බියෙන් ඔහු විසින් කැරෙන ආක්‍රෝෂාදිය දාස ස්වභාවයෙන් සිටියේ ඉවසයි.

2662. යාවන‍්තො පුරිසස‍්සත්‍ථං ගුය‍්හං ජානන‍්තී මන‍්තිතං, තාවන‍්තො තස‍්ස උබ‍්බෙගා තස‍්මා ගුය‍්හං නවිස‍්සජෙ.

2662. මන්ත්‍රණය කළවුන් අතුරෙන් යම්තාක් දෙනා ඒ පුරුෂයාගේ රහස් කරුණ දනිද්ද, ඔහුට එපමණ ම සන්ත්‍රාසයෝ (තැති ගැනුම්) හටගනිත්. එහෙයින් රහස එළිදරව් නො කරන්නේය.

2663. විවිච‍්ච භාසෙය්‍ය දිවා රහස‍්සං. රත‍්තිං ගිරං නාතිවෙලං පමුඤ‍්චෙ, උපස‍්සුතිකා හි සුණන‍්ති මන‍්තං තස‍්මා මන‍්තො ඛිප‍්පමුපෙති භෙදන‍්ති.

2663. දවල් කාලයෙහි විවේකව රහස කියන්නේ යි. යම් හෙයකින් බිත්ති ආදියෙහි සැඟවී සිට රහස අසන්නෝ වෙද්ද, එහෙයින් රාත්‍රීකාලයෙහි රහස කියන්නේ සීමාව ඉක්මවා ශබ්ද නඟමින් නො කියන්නේය. රහස වනාහි වහා අසමගිය ඇති කරන්නක් හෙයිනි.

පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හොං.

පස් පඬි පැනය යි.