යෙදුමෙන් කියවන්න

13. හත්‍ථිපාලජාතකං

13. හත්‍ථිපාලජාතකං.

13. හත්‍ථීපාල ජාතකය

2664. චිරස‍්සං වත පස‍්සාම බ්‍රාහ‍්මණං දෙවවණ‍්ණිනං, මහාජටං ඛාරිධරං පඞ‍්කදන‍්තං රජස‍්සිරං.

2664. ශ්‍රේෂ්ඨවර්‍ණ ඇති මහත් වූ ජටාවක් ඇති තවුස් පිරිකර දරන මැලියම් සහිත දත් ඇති රජසින් යුත් හිස ඇති බමුණකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.

2665. චිරස‍්සං වත පස‍්සාම ඉසිං ධම‍්මගුණෙ රතං, කාසායවත‍්තවසනං වාකචීරං පටිච‍්ඡදං.

2665. සුචරිත කොටස්හි ඇලුණු කසාවත් හැන්දා වූ වැහැරි සිවුරක් පෙරැවූ ඍෂියකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.

2666. ආසනං උදකං පජ‍්ජං පතිගණ‍්හාතු නො භවං, අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම අග‍්ඝං කුරුතු නො භවං.

2666. පින්වත් තෙමේ අපගේ ආසන ද ජලය ද පය ගල්වන තෙල් ද පිළිගනීවා, මේ ආසනාදි පිදිය යුතු දෑ පින්වත්හු විචාරමු. අපගේ මේ පිදිය යුතු දෑ පිළිගැනීම කෙරේවා.

2667. අධිච‍්ච වෙදෙ පරියෙස චිත‍්තං පුත‍්තෙ ගෙහෙ තාත පතිට‍්ඨපෙත්‍වා, ගන්‍ධෙ රසෙ පච‍්චනුභුය්‍ය සබ‍්බං අරඤ‍්ඤං සාධු මුනි සො පසත්‍ථො.

2667. දරුව, වේදයන් හදාරා වස්තුව සොයාගෙන ගෙහි පුත්‍රයන් වස්වා ගන්‍ධ රස ඇතුළත් කොට ඇති සියලු පංචකාමයන් අනුභව කොට වනයට යෑම යෝග්‍ය වේ. එසේ වූ තපස්වී තෙම බුද්ධාදීන් විසින් පසස්නා ලද්දේ වෙයි.

2668. වෙදා න සච‍්චා න ච චිත‍්තලාභො න පුත‍්තලාභෙන ජරං විහන‍්ති, ගන්‍ධෙ රසෙ මුඤ‍්චනමාහු සන‍්තෙ සකම‍්මනා හෙති ඵලූපපත‍්ති.

2668. වේදයෝ සත්‍ය නොවෙත් ධන ලාභය ද නිෂ්ඵල වේ. පුත්‍ර ලාභයෙන් ජරාව නො වැනැසේ. ගන්‍ධයන් හා රසයන් ඇතුළත් කොටැති සියලු පංචකාමයන්ගෙන් මිදීම ම යහපතැයි සත්පුරුෂයෝ පවසති. ස්වකීය කර්‍මයෙන් ම ඵලය ඉපදීම වේයයි කීයේය.

2669. අද‍්ධා හි සච‍්චං වචනං තවෙතං සකම‍්මනා හොති ඵලූපපත‍්ති ජිණ‍්ණා ච මාතාපිතරො තවයිමෙ පස‍්සෙය්‍යු තං වස‍්සසතං අරොගං.

2669. ඒකාන්තයෙන් ම නුඹගේ මේ වචනය සත්‍යය. ඵලයාගේ උපත ස්වකීය කර්‍මයෙන් වේ. නුඹගේ මේ ජරායෙන් ජීර්‍ණ වූ මවුපියෝ වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ නුඹ දක්නාහුය.

2670. යස‍්සස‍්ස සක‍්ඛි මරණෙන රාජ ජරාය මෙත‍්ති නරවිරියසෙට‍්ඨ, යොචාපි ජඤ‍්ඤා න මරිස‍්සං කදාචි පස‍්සෙය්‍යු තං වස‍්සසතං ආරොගං.

2670. මහරජ, යමකුගේ මරණය හා යහළුබවෙක් වන්නේ ද, නරවීර ශ්‍රේෂ්ඨය, යමකුගේ ජරාව හා මිත්‍රත්‍වයකුත් වන්නේ ද යමෙක් වනාහි මම කිසි කලෙකත් නො මැරෙමියි දන්නේ ද වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ ඔහු දකිමි.

2671. යථාපි නාවං පුරිසො දකම‍්හි එරෙති චෙනං උපනෙති තීරං, එවම‍්පි ව්‍යාධි සතතං ජරා ච උපනෙන‍්ති මච‍්චං වසමන‍්තකස‍්ස.

2671. යම්සේ පුරුෂයෙක් දියෙහි නැවක් මෙහෙයාද ඉවුරටත් එය පමුණුවාද එසේ ම ව්‍යාධියටත් ජරාවටත් නිතර සත්‍වයා මරුවසඟයට පමුණුවන්නේය.

2672. පඞ‍්කො ව කාමා පලිපො ච කාමා මනොහරාදුත‍්තරා මච‍්චුධෙය්‍යා, එතස‍්මිං පඞ‍්කෙ පලිපෙ ව්‍යසන‍්නා හීනත‍්තරූපා න තරන‍්ති පාරං.

2672. කාමයෝ වනාහි ලග්ගවාලන ස්වභාව ඇති හෙයින් මඩට බඳු උපමා ඇත්තේය. සිත් ඇදගන්නේය. තරණයට දුෂ්කරයහ. මරු වසඟයට පමුණුවන්නාහ. මෙබඳු කාමසංඛ්‍යාත ලැගෙන මඩෙහි ද, ගැලෙන මඩෙහි ද ගිලුණු ලාමක ස්වභාව ඇති සත්‍වයෝ නිර්‍වාණ සංඛ්‍යාත පරතෙරට යන්නට නො සමත් වෙත්.

2673. අයං පුරෙ ලුද‍්දමකාසි කම‍්මං ස‍්වායං ගහීතො න හි මොක‍්ඛිතො මෙ, ඔරුන්‍ධියානං පරිරක‍්ඛිස‍්සාමි මායං පුනලුද‍්දමකාසි කම‍්මං.

2673. මහරජ, මාගේ මේ ආත්ම භාවය තෙම පෙර අස් ගොව්වන් සමග එක්ව මං පැහැරුම් ආදී බොහෝ සැහැසිකම් කෙළේය. ඒ මේ ආත්මභාවය එහි විපාක ගන්නා ලදී. මට එයින් මිදීමෙක් නැත. දැන් කායවාග්ද්වාරයන් අවුරාගෙන එය ආරක්‍ෂා කරන්නෙමි. මාගේ මේ ආත්මය නැවත සැහැසිකම් නො කෙරේවා කියාය.

2674. ගාවංව නට‍්ඨං පුරිසො යථා වනෙ පරියෙසති රාජ අපස‍්සමානො, එවං නට‍්ඨො එසුකාරී මමත්‍ථො සොහං කථං න ගවෙසෙය්‍ය රාජ.

2674. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙම නැති වූ ගවයකු නො දක්නේ සොයා ද ඒසුකාරී නම් රජුනි, මෙපරිද්දෙන් ම මගේ ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථය තෙම නැතිවූයේ වෙයි. මහරජ, ඒ මම කෙසේ නම් එය නො සොයම්දැයි කීයේය.

2675. හිය්‍යොති හීයති පොසො පරෙථ පරිහායති, අනාගතං නෙතමත්‍ථිති ඤත්‍වා, උප‍්පන‍්නං ඡන්‍දං කොපනුදෙය්‍ය ධීරො.

2675. මහරජ, අද කටයුතු දේ හෙටයයි ද හෙට කටයුතු දේ අනිද්දායයි ද කල් දමන පුරුෂ තෙම පිරිහේ. යමෙක් නොපැමිණියේ ද මෙය නැත්තේය යි දැන උපන්නා වූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේ දැයි ගොපලු කුමාරතෙම කීයේය.

2676. පස‍්සාමි වොහං දහරිං කුමාරිං මත‍්තූපමං කෙතක පුප‍්ඵනෙත‍්තං, අභුත‍්තභොගෙ පඨමෙ වයස‍්මිං ආදාය මච‍්චු වජතෙ කුමාරිං.

2676. හාවභාව විලාසයෙන් මත් වූවක මෙන් හැසිරෙන වැටකෙයියා මල්පෙති බඳු ඇස් ඇත්තා වූ තරුණ කුමරියක දකිමි. කාමසම්පත් අනුභව නො කළා වූ පළමු වයස්හි සිටියා වූ ඒ කුමරිය මෘත්‍යුමාරයා හැරගෙන යේ.

2677. යුවා සුජාතො සුමුඛො සුදස‍්සනො සාමො කුසුම‍්භපරිකිණ‍්ණමස‍්සු, හිත්‍වාන කාමෙ පටිගච‍්ච ගෙහං අනුජාන මං පබ‍්බජිස‍්සාමි දෙව.

2677. තරුණ වූ මනාව හටගත් ශෝභන මුඛයක් ඇති දැකුම් කලු රන්වන් පැහැති තරුණ කොමඩු කෙසරු මෙන් ගැවසී ගත් රවුළු ඇති කුමාරයෙක් වේද, මෙබඳු කුමාරයෙක් ද මරුවසඟයට යන්නේය. එහෙයින් ඉන් පළමුව කාමයන් හා ගිහිගේ අත්හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට පැවිද්දට අවසර දෙනු මැනැවි යි අජපල් කුමාරතෙම කීයේ ය.

2678. සාඛාහි රුක‍්ඛො ලභතෙ සමඤ‍්ඤං පහිනසාඛං පන ඛාණුමාහු, පහීනපුත‍්තස‍්ස මමජ‍්ජ හොති වාසෙට‍්ඨි භික‍්ඛාචරියාය කාලො.

2678. අතුවලින් ගසයයි නම ලබයි. පහව ගිය අතු ඇත්ත කණුවය යි කියත්. පින්වත් වාසෙට්ඨි ගෝත්‍ර ඇති බැමිණිය, පහව ගියා වූ පුත්‍රයන් ඇති මට දැන් පැවිදිවීමට කාලය පැමිණ තිබෙයි. පුරෝහිත බ්‍රාහ්මණතෙම කීයේ ය.

2679. අඝස‍්මිං කොඤ‍්චාව යථා හිමච‍්චයෙ තන‍්තානි ජාලානි පදාළෙය්‍ය හංසා, ගච‍්ඡන‍්ති පුත‍්තා ච පතී ච මය‍්හං සාහං කථං නානුවජෙ පජානං.

2679. අහසෙහි නො ගැටෙමින් ගමන් කරන කොස් ලිහිණියන් මෙන් ද, වැසි කල් අවසන්හි අදින ලද දැල පලාගෙන යන හංසයන් මෙන් ද මගේ පුත්‍රයෝත් සැමියාත් කාම සම්පත් නමැති දැල බිඳගෙන යති. ඒ මම දරුවන් ගියමඟ අනුව කිම නොයන්නෙම් ද?

2680. එතෙ භුත්‍වා වමිත්‍වා ච පක‍්කමන‍්ති විහඞ‍්ගමා, යෙ ච භුත්‍වා න වමිංසු තෙ මෙ හත්‍ථත්‍ථමාගතා.

2680. මේ ලිහිණි පක්‍ෂීහු මස් අනුභව කොට වමාරා බැහැර යෙති. යම් කෙනෙකුන් අනුභව කොට නො වැමෑරුවාහු ද ඔවුහු මගේ අතට පැමිණියාහුය.

2681. අවමී බ්‍රාහ‍්මණො කාමෙ තෙ ත්‍වං පච‍්චාවමිස‍්සසි, වන‍්තාදො පුරිසො රාජ න සො හොති පසංසියො.

2681. බ්‍රාහ්මණතෙම කාම සම්පත් වැමෑරුවේය. ඒ සම්පත් නුඹ පසුව අනුභව කරන්නෙහිය. මහරජ, වැමෑරූ දෙය අනුභව කරන්නා වූ යම් පුරුෂයෙක් වේද හෙතෙම බුද්ධාදි පණ්ඩිතයන් විසින් පැසසිය යුතු නො වේයයි (අගමෙහෙසිය) කිවු ය.

2682. පඞ‍්කෙව පොසං පලිපෙ ව්‍යසන‍්නං ඛලී යථා දුබ‍්බලං උද‍්ධරෙය්‍ය, එවම‍්පි මං ත්‍වං උදතාරි හොති පඤ‍්චාලි ගාථාහි සුභාසිතාහි.

2682. පංකයෙහි (ලැගෙන මඩෙහි) පලිපයෙහි (ගැලෙන මඩෙහි) හෝ ගිලුණු දුබල පුරුෂයෙකු යම්සේ නම් බලවතෙක් ගොඩගන්නේ ද, මෙපරිද්දෙන් ම පින්වත් පංචාල රාජ දුහිතෘව මනාව කියන ලද ගාථා වලින් නුඹ මා කාම පංකයෙන් ගොඩලූයෙහි ය.

2683. ඉදං වත්‍වා මහාරාජා එසුකාරී දිසම‍්පති, රට‍්ඨං හිත්‍වාන පබ‍්බජි නාගො ඡෙත්‍වා ව බන්‍ධනං.

2683. දිශාධිපති වූ ඒසුකාරී රජතෙම මෙසේ කියා බැඳුම් සිඳ ලූ හංසයකු මෙන් රට හැර පැවිදි වූයේය.

2684. රාජා ච පබ‍්බජ‍්ජමරොචයිත්‍ථ රට‍්ඨං පහාය නරවිරියසෙට‍්ඨා, තුවම‍්පි නො හොහි යථෙව රාජා අම‍්හෙහි ගුත‍්තං අනුසාස රජ‍්ජං.

2684. නරවීරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ ද රට හැර දමා පැවිදි වීමට කැමති විය. රජ තෙමේ යම් සේ වේ නම් තෙපි ද අපට එසේ වෙව. අප විසින් රක්නා ලද රාජ්‍යය අනුශාසනා කරව යි මහජනයා දේවියට කීය.

2685. රාජා ච පබ‍්බජ‍්ජමරොචයිත්‍ථ රට‍්ඨං පහාය නරවිරියසෙට‍්ඨො, අහම‍්පි එකාව චරිස‍්සාමි ලොකෙ හිත්‍වාන කාමානි යථොධිකානි.

2685. නරවීරශ්‍රේෂ්ඨ වූ රජ තෙමේ ද රට හැරදමා පැවිද්ද කැමති විය. මම ද සිත්කලු වූ කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි යි.

2686. අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති, අහම‍්පි එකාව චරිස‍්සාමි ලෙකෙ හිත්‍වාන කාමානි මනොරමානි.

2686. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථම වයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයන් හැර දමත්. මම ද මනරම් කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි.

2687. අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයො ගුණා අනුපුබ‍්බං ජහන‍්ති, අහම‍්පි එකාව චරිස‍්සාමි ලොකෙ හිත්‍වාන කාමානි යථොධිකානි.

2687. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂය කරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද තුබූ තුබූ පරිදි කාම කොටස් හැර දමා හුදෙකලාව හැසිරෙන්නෙමි.

2688. අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයො ගුණා අනුපුබ‍්බං ජහන‍්ති, අහම‍්පි එකාව චරිස‍්සාමි ලොකෙ සීතීභූතා සබ‍්බමතීච‍්ච සඞ‍්ගන‍්ති.

2688. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද සිහිල් වූවා සියලු රාගාදි සංගයන් ඉක්මවා ලෝකයෙහි හුදෙකලාව හැසිරෙන්නෙමි යි දේවිය කීවාය.

හත්‍ථිපාල ජාතකං.

හත්‍ථිපාල ජාතක යි.