යෙදුමෙන් කියවන්න

13. හත්‍ථිපාලජාතකවණ‍්ණනා 509 අට‍්ඨකථා

13. හත්‍ථිපාලජාතකවණ‍්ණනා (509)

13. හත්‍ථීපාල ජාතකය (509)

චිරස‍්සං වත පස‍්සාමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

චිරස්සං වත පස්සාම යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහබිනික්මන අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, තථාගතයන් වහන්සේ ගිහිගෙයින් නික්මුනේ දැන් පමණක් නොවේ. පෙරද නික්මුනේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං එසුකාරී නාම රාජා අහොසි. තස‍්ස පුරොහිතො දහරකාලතො පට‍්ඨාය පියසහායො. තෙ උභොපි අපුත‍්තකා අහෙසුං. තෙ එකදිවසං සුඛසයනෙ නිසින‍්නා මන‍්තයිංසු “අම‍්හාකං ඉස‍්සරියං මහන‍්තං, පුත‍්තො වා ධීතා වා නත්‍ථි, කිං නු ඛො කත‍්තබ‍්බ”න‍්ති. තතො රාජා පුරොහිතං ආහ – “සම‍්ම, සචෙ තව ගෙහෙ පුත‍්තො ජායිස‍්සති, මම රජ‍්ජස‍්ස සාමිකො භවිස‍්සති, සචෙ මම පුත‍්තො ජායිස‍්සති, තව ගෙහෙ භොගානං සාමිකො භවිස‍්සතී”ති. එවං උභොපි අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්කරිංසු.

අතීතයෙහි බරණැස් නුවර ඒසුකාරී නම් රජෙක් වීය. ඔහුගේ පුරෝහිතයා ළමා කාලයෙහි පටන් ප්‍රිය යහළුවෙක් වීය. ඒ දෙදෙනාම පුතුන් නැත්තෝ වූහ. ඔවුහු එක් දිනයක සුවපහසුව හුන්නාහු “අපගේ සම්පත් බොහෝය. නමුත් පුතෙකු හෝ දුවක නැත. කවරක් කළ යුතුදැයි කථිකා කළාහුය. අනතුරුව රජු පුරෝහිතයාට මෙසේ කීවේය. යහළුව, ඉදින් ඔබගේ නිවසෙහි පුතෙක් උපදින්නේද මගේ රාජ්‍යයට හිමිකරු වන්නේය. ඉදින් මට පුතෙකු උපදින්නේද ඔබගේ නිවසෙහි ස්වාමියා වන්නේ යයි මෙසේ දෙදෙනාම ඔවුනොවුන් ගිවිසුම් කළාහුය.

අථෙකදිවසං පුරොහිතො භොගගාමං ගන‍්ත්‍වා ආගමනකාලෙ දක‍්ඛිණද‍්වාරෙන නගරං පවිසන‍්තො බහිනගරෙ එකං බහුපුත‍්තිකං නාම දුග‍්ගතිත්‍ථිං පස‍්සි. තස‍්සා සත‍්ත පුත‍්තා සබ‍්බෙව අරොගා, එකො පචනභාජනකපල‍්ලං ගණ‍්හි, එකො සයනකටසාරකං, එකො පුරතො ගච‍්ඡති, එකො පච‍්ඡතො, එකො අඞ‍්ගුලිං ගණ‍්හි, එකො අඞ‍්කෙ නිසින‍්නො, එකො ඛන්‍ධෙ. අථ නං පුරොහිතො පුච‍්ඡි “භද‍්දෙ, ඉමෙසං දාරකානං පිතා කුහි”න‍්ති? “සාමි, ඉමෙසං පිතා නාම නිබද‍්ධො නත්‍ථී”ති. “එවරූපෙ සත‍්ත පුත‍්තෙ කින‍්ති කත්‍වා අලත්‍ථා”ති? සා අඤ‍්ඤං ගහණං අපස‍්සන‍්තී නගරද‍්වාරෙ ඨිතං නිග්‍රොධරුක‍්ඛං දස‍්සෙත්‍වා “සාමි එතස‍්මිං නිග්‍රොධෙ අධිවත්‍ථාය දෙවතාය සන‍්තිකෙ පත්‍ථෙත්‍වා ලභිං, එතාය මෙ පුත‍්තා දින‍්නා”ති ආහ. පුරොහිතො “තෙන හි ගච‍්ඡ ත්‍ව”න‍්ති රථා ඔරුය‍්හ නිග්‍රොධමූලං ගන‍්ත්‍වා සාඛාය ගහෙත්‍වා චාලෙත්‍වා “අම‍්භො දෙවතෙ, ත්‍වං රඤ‍්ඤො සන‍්තිකා කිං නාම න ලභසි, රාජා තෙ අනුසංවච‍්ඡරං සහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා බලිකම‍්මං කරොති, තස‍්ස පුත‍්තං න දෙසි, එතාය දුග‍්ගතිත්‍ථියා තව කො උපකාරො කතො, යෙනස‍්සා සත‍්ත පුත‍්තෙ අදාසි. සචෙ අම‍්හාකං රඤ‍්ඤො පුත‍්තං න දෙසි, ඉතො තං සත‍්තමෙ දිවසෙ සමූලං ඡින්‍දාපෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං කාරෙස‍්සාමී”ති රුක‍්ඛදෙවතං තජ‍්ජෙත්‍වා පක‍්කාමි. සො එතෙන නියාමෙනෙව පුනදිවසෙපීති පටිපාටියා ඡ දිවසෙ කථෙසි. ඡට‍්ඨෙ පන දිවසෙ සාඛාය ගහෙත්‍වා “රුක‍්ඛදෙවතෙ අජ‍්ජෙකරත‍්තිමත‍්තකමෙව සෙසං, සචෙ මෙ රඤ‍්ඤො පුත‍්තං න දෙසි, ස‍්වෙ තං නිට‍්ඨාපෙස‍්සාමී”ති ආහ.

ඉක්බිති එක්දිනයක පුරෝහිතයා ගම්වර ලෙසට ලද ගමට ගොස් පැමිණෙන කල්හි දකුණු දොරින් නගරයට පිවිසෙන්නේ පිටත නගරයෙහි එක් බහුපුත්තික නම් දුගී ස්ත්‍රියක දුටුවේය. ඇයට පුත්තු සත්දෙනෙකි. සියල්ලෝම නිරෝගී අය වූවාහුය. එකෙකු අත සිඟාකන කබලය. එකෙකු අත හෝනා ඇතිරිල්ලය. එකෙක් පෙරටුව යයි. එකෙක් පසුව යයි. එකෙක් මවගේ ඇඟිල්ල ගත්තේය. එකෙක් ඇකයෙහි වූයේය. එකෙක් කඳෙහිය. ඉක්බිති පුරෝහිතයා ඇයගෙන් විචාළේය. සොඳුර, මේ දරුවන්ගේ පියා කොහිදැයි, ස්වාමීනි මොවුන්ට නිරතුරු වූ පියෙක් නම් නැතැයි කීවාය. මෙබඳු වූ පුතුන් සත්දෙනෙක් කෙසේ ලැබුවාදැයි විමසීය. ඇය අන් පිළිතුරක් නොදක්නී ගම්දොර තිබූ නුගරුකක් දක්වා ස්වාමීනි, මේ නුග ගසෙහි අධිගෘහිත දෙවියන් සමීපයෙහි ප්‍රාර්ථනා කර ලැබුවෙමි. මේ දෙවඟන විසින් මට පුත්‍රයන් දෙන ලදැයි කීවාය. පුරෝහිතයා එසේ නම් තී යවයි කියා රථයෙන් බැස නුගගස මුලට ගොස් අත්තක් ගෙන සොළවා එම්බා දේවපුත්‍රය, ඔබ රජුගේ සමීපයෙන් කුමක් ලබහිද? රජු ඔබට වසරක් පාසා දහසක් වැය කර පූජාවක් කරයි. ඔහුට පුත්‍රයෙක් නොදෙහිය. මේ දුප්පත් ස්ත්‍රිය විසින් ඔබට කවර උපකාරයක් කරන ලදද, යම් හෙයකින් ඇයට පුතුන් සත්දෙනෙක් දෙන ලදි. ඉදින් අපගේ රජුට පුතෙකු නොදෙහිද මෙයින් සත්වන දින මේ නුග ගස මුල් සහිතව සිඳ කඩ කඩ කඩවන්නෙමියි වෘක්ෂ දේවතාවාට තර්ජනය කර ගියේය. හෙතෙම මෙසේ දෙවන දවස්හිදැයි පිළිවෙලින් දින හයක් කීවේය. සවන දිනයෙහි අත්ත අල්ලාගෙන වෘක්‍ෂ දේවතාවනි, අද එක් රැයක් පමණක් ඉතිරි විය. ඉදින් මගේ රජුට පුත්‍රයෙකු නොදෙන්නෙහිද, හෙට ඒ නුග රුක නසා නිම කරන්නෙමියි කීවේය.

රුක‍්ඛදෙවතා ආවජ‍්ජෙත්‍වා තං කාරණං තථතො ඤත්‍වා “අයං බ්‍රාහ‍්මණො පුත‍්තං අලභන‍්තො මම විමානං නාසෙස‍්සති, කෙන නු ඛො උපායෙන තස‍්ස පුත‍්තං දාතුං වට‍්ටතී”ති චතුන‍්නං මහාරාජානං සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. තෙ “මයං තස‍්ස පුත‍්තං දාතුං න සක‍්ඛිස‍්සාමා”ති වදිංසු. අට‍්ඨවීසතියක‍්ඛසෙනාපතීනං සන‍්තිකං අගමාසි, තෙපි තථෙවාහංසු. සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා කථෙසි. සොපි “ලභිස‍්සති නු ඛො රාජා අනුච‍්ඡවිකෙ පුත‍්තෙ, උදාහු නො”ති උපධාරෙන‍්තො පුඤ‍්ඤවන‍්තෙ චත‍්තාරො දෙවපුත‍්තෙ පස‍්සි. තෙ කිර පුරිමභවෙ බාරාණසියං පෙසකාරා හුත්‍වා තෙන කම‍්මෙන ලද‍්ධකං පඤ‍්චකොට‍්ඨාසං කත්‍වා චත‍්තාරො කොට‍්ඨාසෙ පරිභුඤ‍්ජිංසු. පඤ‍්චමං ගහෙත්‍වා එකතොව දානං අදංසු. තෙ තතො චුතා තාවතිංසභවනෙ නිබ‍්බත‍්තිංසු, තතො යාමභවනෙති එවං අනුලොමපටිලොමං ඡසු දෙවලොකෙසු සම‍්පත‍්තිං අනුභවන‍්තා විචරන‍්ති. තදා පන නෙසං තාවතිංසභවනතො චවිත්‍වා යාමභවනං ගමනවාරො හොති. සක‍්කො තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා පක‍්කොසිත්‍වා “මාරිසා, තුම‍්හෙහි මනුස‍්සලොකං ගන‍්තුං වට‍්ටති, එසුකාරීරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තථා”ති ආහ. තෙ තස‍්ස වචනං සුත්‍වා “සාධු දෙව, ගමිස‍්සාම, න පනම‍්හාකං රාජකුලෙනත්‍ථො, පුරොහිතස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා දහරකාලෙයෙව කාමෙ පහාය පබ‍්බජිස‍්සාමා”ති වදිංසු. සක‍්කො “සාධූ”ති තෙසං පටිඤ‍්ඤං ගහෙත්‍වා ආගන‍්ත්‍වා රුක‍්ඛදෙවතාය තමත්‍ථං ආරොචෙසි. සා තුට‍්ඨමානසා සක‍්කං වන්‍දිත්‍වා අත‍්තනො විමානමෙව ගතා.

වෘක්ෂ දේවතාවා විමසා බලා ඒ කරුණ ඇති පරිදි දැන මේ බමුණා පුතෙකු නොලබන්නේ මගේ විමානය නසන්නේය. කවර උපායකින් ඔහුට පුත්‍රයෙකු දෙන්නට වටනේදැයි සිව්මහ දෙව්රජුන් වෙත ගොස් ඒ බව දැන්වීය. ඔවුහු “අපි ඔහුට පුත්‍රයෙකු දෙන්නට නොහැකි වෙමුයි කීවාහුය. අටවිස්සක් සෙන්පතීන්ගේ සමීපයට ගියේය. ඔවුහුද එසේම කීවාහුය. ශක්‍ර දෙව්රජුගේ සමීපයට ගොස් කීවේය. හෙතෙම “රජු සුදුසු පුත්‍රයන් ලබන්නේද, නැතහොත් නැත්දැ”යි සලකා බලන්නේ පිනැති දරුවන් සතර දෙනෙකු දුටුවේය. ඔවුහු පෙර ආත්මභාවයෙහි බරණැස් නුවර පේෂකාරයෝ වී ඒ කර්මාන්තයෙන් ලබන ලද දෙය කොටස් පහක් කර කොටස් හතරක් පරිභෝග කළාහුය. පස්වැන්න ගෙන එකතුව දන් දුන්හ. ඔවුහු එයින් චුත වී තව්තිසා භවනයෙහි උපන්නාහුය. එතැනින් යාම දිව්‍ය ලෝකයෙහිදැයි මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙව්ලෝ සයෙහි සම්පත් අනුභව කරන්නාහු හැසිරෙති. එකල්හි මොවුන්ගේ තව්තිසා භවනයෙන් ච්‍යුත වී යාම දිව්‍යලෝකයට යන වාරය වීය. ශක්‍රයා ඔවුන් සමීපයට ගොස් කැඳවා පින්වතුනි, තොපලා විසින් මිනිස් ලොවට යන්නට වටනේය. ඒසුකාරී රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපදිව් යයි කීවේය. ඔවුහු ඔහුගේ වචනය අසා දේවයන් වහන්ස, මැනවි. යන්නෙමු. අපට රාජකුලයෙන් ප්‍රයෝජනයක් නැත. පුරෝහිතයාගේ ගෙහි ඉපදී තරුණ කාලයෙහිදීම කාමයන් අත්හැර පැවිදි වන්නෙමුයි කීවාහුය. ශක්‍රයා මැනවයි ඔවුන්ගේ ප්‍රතාඥාව ගෙන අවුත් වෘක්ෂ දේවතාවාට ඒ බව දැන්වීය. ඒ වෘක්‍ෂ දේවතාවා සතුටු වූ සිත් ඇත්තී ශක්‍රයාට වැඳ තමාගේ විමානයටම ගියාය.

පුරොහිතොපි පුනදිවසෙ බලවපුරිසෙ සන‍්නිපාතාපෙත්‍වා වාසිඵරසුආදීනි ගාහාපෙත්‍වා රුක‍්ඛමූලං ගන‍්ත්‍වා රුක‍්ඛසාඛාය ගහෙත්‍වා “අම‍්භො දෙවතෙ, අජ‍්ජ මය‍්හං තං යාචන‍්තස‍්ස සත‍්තමො දිවසො, ඉදානි තෙ නිට‍්ඨානකාලො”ති ආහ. තතො රුක‍්ඛදෙවතා මහන‍්තෙනානුභාවෙන ඛන්‍ධවිවරතො නික‍්ඛමිත්‍වා මධුරසරෙන තං ආමන‍්තෙත්‍වා ‘බ්‍රාහ‍්මණ, තිට‍්ඨතු එකො පුත‍්තො, චත‍්තාරො තෙ පුත‍්තෙ දස‍්සාමී”ති ආහ. “මම පුත‍්තෙනත්‍ථො නත්‍ථි, අම‍්හාකං රඤ‍්ඤො පුත‍්තං දෙහී”ති. “තුය‍්හංයෙව දෙමී”ති. “තෙන හි මම ද‍්වෙ, රඤ‍්ඤො ද‍්වෙ දෙහී”ති. “රඤ‍්ඤො න දෙමි, චත‍්තාරොපි තුය‍්හමෙව දම‍්මි, තයා ච ලද‍්ධමත‍්තාව භවිස‍්සන‍්ති, අගාරෙ පන අට‍්ඨත්‍වා දහරකාලෙයෙව පබ‍්බජිස‍්සන‍්තී”ති. “ත්‍වං මෙ කෙවලං පුත‍්තෙ දෙහි, අපබ‍්බජනකාරණං පන අම‍්හාකං භාරො”ති. සා තස‍්ස පුත‍්තවරං දත්‍වා අත‍්තනො භවනං පාවිසි. තතො පට‍්ඨාය දෙවතාය සක‍්කාරො මහා අහොසි.

පුරෝහිතයාද දෙවන දවස්හි ශක්තිමත් පුරුෂයන් රැස්කරවා වෑපොරෝ ආදිය ගෙන ගස මුලට ගොස් ගසෙහි අත්තක් ගෙන එම්බා දේවතාවිය, අයදින්නා වූ මම අද සත්වන දිනයයි. දැන් ඔබගේ කාලය නිමවීයයි කීවේය. ඉක්බිති වෘක්ෂ දේවතාවා මහත් වූ ආනුභාවයෙන් කඳෙහි වූ විවරයෙන් නික්මී මිහිරි වූ ස්වරයෙන් ඔහු අමතා බ්‍රාහ්මණය, එක් පුතෙකු සිටීවා. පුතුන් සතරදෙනෙකු දෙමියි කීවාය. මට පුතුන්ගෙන් වැඩක් නැත. අපගේ රජුට පුතෙකු දෙවයි කීවේය. ඔබටම දෙමියි කීවාය. එසේ නම් මට දෙදෙනෙකුද රජුට දෙදෙනෙකුද දෙවයි කීවේය. රජුට නොදෙමි. සිව්දෙනම ඔබටම දෙමියි කීවාය. ඔබ විසින් ලද පමණක් වන්නෝය. ගිහිගෙයි නොසිට තරුණ කාලයෙහිම පැවිදි වන්නාහු යයි කීවේය. ඔබ හුදෙක් පුතුන් දෙව. පැවිදි නොවීමට කරුණු සැකසීම අපට භාරයයි කීවේය. ඇය ඔහුට පුත්‍ර වරයක් දී තමාගේ භවනයට පිවිසියාය. එතැන් පටන් දේවතාවාට මහත් වූ සත්කාර පවතී.

ජෙට‍්ඨකදෙවපුත‍්තො චවිත්‍වා පුරොහිතස‍්ස බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ “හත්‍ථිපාලො”ති නාමං කත්‍වා අපබ‍්බජනත්‍ථාය හත්‍ථිගොපකෙ පටිච‍්ඡාපෙසුං. සො තෙසං සන‍්තිකෙ වඩ‍්ඪති. තස‍්ස පදසා ගමනකාලෙ දුතියො චවිත්‍වා අස‍්සා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, තස‍්සපි ජාතකාලෙ “අස‍්සපාලො”ති නාමං කරිංසු. සො අස‍්සගොපකානං සන‍්තිකෙ වඩ‍්ඪති. තතියස‍්ස ජාතකාලෙ “ගොපාලො”ති නාමං කරිංසු. සො ගොපාලෙහි සද‍්ධිං වඩ‍්ඪති. චතුත්‍ථස‍්ස ජාතකාලෙ “අජපාලො”ති නාමං කරිංසු. සො අජපාලෙහි සද‍්ධිං වඩ‍්ඪති. තෙ වුඩ‍්ඪිමන්‍වාය සොභග‍්ගප‍්පත‍්තා අහෙසුං.

ජ්‍යෙෂ්ඨ දෙව්පුත් තෙමේ ච්‍යුත වී පුරෝහිතයාගේ බැමිණියගේ කුසෙහි උපන්නේය. ඔහුට නම් තබන දවසෙහි හත්‍ථිපාලයයි නම්කොට පැවිදි නොවීම පිණිස ඇතුන් රකින්නන්ට පැවරූහ. හෙතෙම ඔවුන් සමීපයෙහි වැඩෙයි. ඔහු පයින් යන කල්හි දෙවැන්නා ච්‍යුත වී ඇයගේ කුසෙහි උපන්නේය. ඔහුද උපන් කල්හි ඔහුට අශ්වපාල යයි නම් කළාහුය. හෙතෙම අශ්ව ගොව්වන් සමීපයෙහි වැඩෙයි. තෙවැන්නා උපන් කල්හි ගෝපාලයයි නම් කළාහුය. හෙතෙම ගොපල්ලන් සමග වැඩෙයි. සිව්වැන්නා උපන් කල්හි අජපාල යයි නම් කළාහුය. හෙතෙම එළුපල්ලන් සමග වැඩෙයි. ඔවුහු වැඩිවියට පැමිණ රූපශ්‍රීයෙන් අගතැන්පත් වූවාහු වූහ.

අථ නෙසං පබ‍්බජිතභයෙන රඤ‍්ඤො විජිතා පබ‍්බජිතෙ නීහරිංසු. සකලකාසිරට‍්ඨෙ එකපබ‍්බජිතොපි නාහොසි. තෙ කුමාරා අතිඵරුසා අහෙසුං, යාය දිසාය ගච‍්ඡන‍්ති, තාය ආහරියමානං පණ‍්ණාකාරං විලුම‍්පන‍්ති. හත්‍ථිපාලස‍්ස සොළසවස‍්සකාලෙ කායසම‍්පත‍්තිං දිස‍්වා රාජා ච පුරොහිතො ච “කුමාරා මහල‍්ලකා ජාතා, ඡත‍්තුස‍්සාපනසමයො, තෙසං කිං නු ඛො කාතබ‍්බ”න‍්ති මන‍්තෙත්‍වා “එතෙ අභිසිත‍්තකාලතො පට‍්ඨාය අතිස‍්සරා භවිස‍්සන‍්ති, තතො තතො පබ‍්බජිතා ආගමිස‍්සන‍්ති, තෙ දිස‍්වා පබ‍්බජිස‍්සන‍්ති, එතෙසං පබ‍්බජිතකාලෙ ජනපදො උල‍්ලොළො භවිස‍්සති, වීමංසිස‍්සාම තාව නෙ, පච‍්ඡා අභිසිඤ‍්චිස‍්සාමා”ති චින‍්තෙත්‍වා උභොපි ඉසිවෙසං ගහෙත්‍වා භික‍්ඛං චරන‍්තා හත්‍ථිපාලස‍්ස කුමාරස‍්ස නිවෙසනද‍්වාරං අගමංසු. කුමාරො තෙ දිස‍්වාව තුට‍්ඨො පසන‍්නො උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා තිස‍්සො ගාථා අභාසි –

ඉක්බිති ඔවුන්ගේ පැවිදිවීමේ බියෙන් අජුගේ රටෙහි පැවිදි වූවන් නෙරපා හැරියහ. සියළු කසීරට එක් පැවිද්දෙක්ද නොවීය. ඒ කුමාරවරු සැඩපරුෂ වූහ. යම් දිශාවකට යෙත්ද ඒ දිශාවෙන් ගෙන එනු ලබන පඬුරු පැහැර ගනිත්. හත්‍ථිපාලගේ සොළොස් වයස් කාලයෙහි ශරීර සම්පත (ශෝභාව) දැක රජුද පුරෝහිතයාද කුමාරවරු වැඩිමහළු වූවෝ වෙත්. ඔවුන්ගේ සේසත් නගන කාලයයි. කුමක් කළයුතුදැයි සාකච්ඡා කර මොවුහු අභිෂේක කළ තැන් පටන් අතිශයින් ඉසුරුමත් වූවෝ වෙති. ඒ හේතුවෙන් පැවිද්දෝ පැමිණෙන්නෝය. ඔවුන් දැක පැවිදි වන්නෝය. මොවුන් පැවිදි වූ කල්හි ජනපද ඇළලෙන්නේය. පළමුව ඔවුන් විමසමු. පසුව අභිෂේක කරන්නෙමුයි සිතා දෙදෙනාම තවුස් වෙස් ගෙන පිඬු පිණිස හැසිරෙන්නෝ හත්‍ථිපාල කුමාරයාගේ නිවසට ගියාහුය. කුමාරයා ඔවුන් දැක සතුටු වූයේ පැහැදුනේ වෙත එළඹ වැඳ ගාථා තුනක් කීවේය.

“චිරස‍්සං වත පස‍්සාම, බ්‍රාහ‍්මණං දෙවවණ‍්ණිනං; මහාජටං ඛාරිධරං, පඞ‍්කදන‍්තං රජස‍්සිරං.

චිරස්සං වත පස්සාම බ්‍රාහ්මණං දෙව වණ්ණිනං, මහාජටං ඛාරිධරං පංකදන්තං රජස්සිරං

1. උසස් වූ වර්ණනා ඇති, මහත් වූ ජටාවක් දරන සැහල්ලු දරන මැලියම් සහිත දත් ඇති දූවිලි වැකුණු හිස් ඇති බ්‍රාහ්මණයෙකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකින්නෙමු.

“චිරස‍්සං වත පස‍්සාම, ඉසිං ධම‍්මගුණෙ රතං; කාසායවත්‍ථවසනං, වාකචීරං පටිච‍්ඡදං.

2. සුචරිත ධර්මයෙහි ඇළුණු කසාවත් හැඳි වැහැරි සිවුරක් පෙරවූ තවුසෙකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකින්නෙමු.

“ආසනං උදකං පජ‍්ජං, පටිගණ‍්හාතු නො භවං; අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම, අග‍්ඝං කුරුතු නො භව”න‍්ති.

3. පිංවතුන් වහන්සේ අපගේ අසුනද ජලයද පා ගල්වන තෙල්ද පිළිගනීවා. පිදිය යුතු දේවල් පිංවතුන් විමසමු. පිංවත් තෙමේ අපට මේවා පිළිගැනීම කෙරේවා.

තත්‍ථ බ්‍රාහ‍්මණන‍්ති බාහිතපාපබ්‍රාහ‍්මණං. දෙවවණ‍්ණිනන‍්ති සෙට‍්ඨවණ‍්ණිනං ඝොරතපං පරමතික‍්ඛින්‍ද්‍රියං පබ‍්බජිතභාවං උපගතන‍්ති අත්‍ථො. ඛාරිධරන‍්ති ඛාරිභාරධරං. ඉසින‍්ති සීලක‍්ඛන්‍ධාදයො පරියෙසිත්‍වා ඨිතං. ධම‍්මගුණෙ රතන‍්ති සුචරිතකොට‍්ඨාසෙ අභිරතං. “ආසන”න‍්ති ඉදං තෙසං නිසීදනත්‍ථාය ආසනං පඤ‍්ඤපෙත්‍වා ගන්‍ධොදකඤ‍්ච පාදබ‍්භඤ‍්ජනඤ‍්ච උපනෙත්‍වා ආහ. අග‍්ඝෙති ඉමෙ සබ‍්බෙපි ආසනාදයො අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම. කුරුතු නොති ඉමෙ නො අග‍්ඝෙ භවං පටිග‍්ගණ‍්හතූති.

එහි බ්‍රාහ්මණං යනු බහා තබන ලද පව් ඇති බ්‍රාහ්මණයෙක්. දෙවවණ්ණිතං උතුම් වූ වර්ණනා ඇති. කර්කශ තපස් ඇති පිරිවරන ලද ඉඳුරන් ඇති පැවිදි බව උග්‍රතපස් ඇති බව යන අර්ථයි. ඛාරිධරං යනු සැහැල්ලු බර දරන්නා වූ. ඉසිං යනු සිල් ආදිය සොයා සිටී. ධම්මගුණෙරතං යනු සුසිරිත් දහම්හි ඇළුණු. ආසනං මේ ඔබලාගේ හිඳගැනීම පිණිස අසුන පනවා සුවඳ දියද පා ගල්වන තෙල්ද එළවා ඇතැයි කීවේය. අග්ඝෙ යනු මේ සියළු ආසනාදී පිදිය යුතු දේ පිළිබඳව පින්වතුන්ගෙන් විමසමි. කුරුතු නො යනු මේ අපගේ පිදිය යුතු දේ පින්වතුන් පිළිගනීවා යි.

එවං සො තෙසු එකෙකං වාරෙනාහ. අථ නං පුරොහිතො ආහ – “තාත හත්‍ථිපාල ත්‍වං අම‍්හෙ ‘කෙ ඉමෙ’ති මඤ‍්ඤමානො එවං කථෙසී”ති. “හෙමවන‍්තකා ඉසයො”ති. “න මයං, තාත, ඉසයො, එස රාජා එසුකාරී, අහං තෙ පිතා පරොහිතො”ති. “අථ කස‍්මා ඉසිවෙසං ගණ‍්හිත්‍ථා”ති? “තව වීමංසනත්‍ථායා”ති. “මම කිං වීමංසථා”ති? “සචෙ අම‍්හෙ දිස‍්වා න පබ‍්බජිස‍්සසි, අථ තං රජ‍්ජෙ අභිසිඤ‍්චිතුං ආගතාම‍්හා”ති. “තාත න මෙ රජ‍්ජෙනත්‍ථො, පබ‍්බජිස‍්සාමහන‍්ති. අථ නං පිතා “තාත හත්‍ථිපාල, නායං කාලො පබ‍්බජ‍්ජායා”ති වත්‍වා යථාජ‍්ඣාසයං අනුසාසන‍්තො චතුත්‍ථගාථමාහ –

හෙතෙම මෙසේ ඔවුන් අතර එකිනෙකාට වරින් වර කීවේය. ඉක්බිති පුරෝහිතයා ඔහුට මෙසේ කීවේය. දරුව හස්තිපාලය, මොවුහු කවරෝදැයි හඟිමින් මෙසේ කියහිදැයි, හිමාලය වැසි සෘෂිවරුයයි සිතාය. දරුව, අපි සෘෂිවරු නොවෙමු. මෙතෙම ඒසුකාරී රජුය. මම ඔබගේ පියා වූ පුරෝහිතයා වෙමි. ඉක්බිති කුමක් හෙයින් සෘෂි වෙස් ගත්තහුද? ඔබ විමසීම පිණිසයි. මා පිළිබඳව කුමක් විමසන්නහුද? ඉදින් අප දැක පැවිදි නොවන්නේද, අනතුරුව ඔබ අභිෂේක කරන්නට පැමිණියෝ වෙමු යි පියාණනි, මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. මම පැවිදි වෙමියි කීවේය. ඉක්බිති පියා ඔහුට කියන්නේ දරුව හත්‍ථිපාලය, මේ පැවිද්දට කාලය නොවේයයි කියා සිත් පරිදි අනුශාසනා කරමින් සිව්වන ගාථාව කීවේය.

“අධිච‍්ච වෙදෙ පරියෙස විත‍්තං, පුත‍්තෙ ගෙහෙ තාත පතිට‍්ඨපෙත්‍වා; ගන්‍ධෙ රසෙ පච‍්චනුභුය්‍ය සබ‍්බං, අරඤ‍්ඤං සාධු මුනි සො පසත්‍ථො”ති.

4. දරුව, වේදයන් හදාරා ධනය සොයව. නිවෙස්හි දරුවන් පිහිටුවා ගන්‍ධයන් රසයන් ආදී වූ සියළු පස්කම් සුව අනුභව කර වනවාසය මැනවි. එබඳු වූ මුනිවරයා බුද්ධාදී ආර්යයන් විසින් පසසන ලද්දේ වෙයි.

තත්‍ථ අධිච‍්චාති සජ‍්ඣායිත්‍වා. පුත‍්තෙති ඡත‍්තං උස‍්සාපෙත්‍වා නාටකෙ වාරෙන උපට‍්ඨාපෙත්‍වා පුත‍්තධීතාහි වඩ‍්ඪිත්‍වා තෙ පුත‍්තෙ ගෙහෙ පතිට‍්ඨාපෙත්‍වාති අත්‍ථො. සබ‍්බන‍්ති එතෙ ච ගන්‍ධරසෙ සෙසඤ‍්ච සබ‍්බං වත්‍ථුකාමං අනුභවිත්‍වා. අරඤ‍්ඤං සාධු මුනි සො පසත්‍ථොති පච‍්ඡා මහල‍්ලකකාලෙ පබ‍්බජිතස‍්ස අරඤ‍්ඤං සාධු ලද‍්ධකං හොති. යො එවරූපෙ කාලෙ පබ‍්බජති, සො මුනි බුද‍්ධාදීහි අරියෙහි පසත්‍ථොති වදති.

එහි අධිච්ච යනු හදාරා. පුත්තෙ යනු සේසත් නංවා නළු පිරිසෙන් උපස්ථාන කරවා පුතුන් දූන්ගෙන් වැඩී ඒ පුතුන් ගෙහි පිහිටුවා යන අර්ථයි. සබ්බං යනු මේ ගන්‍ධ රස හා සෙසු සියළු වස්තු කාමයන් අනුභව කර, අරඤ්ඤං සාධු මුනි සො පසත්‍ථා යනු පසුව මහළු කාලයෙහි පැවිදි වූවහුට වනවාසය මැනවි. සැහැල්ලු වේ. යමෙක් මෙබඳු වූ කාලයෙහි පැවිදි වෙයිද ඒ මුනිවරයා බුද්ධාදී ආර්යයන් විසින් පසසන ලදැයි කියයි.

තතො හත්‍ථිපාලො ගාථමාහ –

අනතුරුව හස්තිපාල තෙමේ ගාථාවක් කීවේය.

“වෙදා න සච‍්චා න ච විත‍්තලාභො, න පුත‍්තලාභෙන ජරං විහන‍්ති; ගන්‍ධෙ රසෙ මුච‍්චනමාහු සන‍්තො, සකම‍්මුනා හොති ඵලූපපත‍්තී”ති.

5. වේදයෝ සත්‍ය නොවෙත්. ධනලාභයද නිෂ්ඵල වේ. පුතුන් ලැබීමෙන් ජරාව නොනැසේ. ගන්‍ධයන්ගෙන්ද රසයන්ගෙන්ද මිදීම මැනවයි සත්පුරුෂයෝ කීහ. සිය කටයුතු වලින්ම විපාක උපදිනේය.

තත්‍ථ න සච‍්චාති යං සග‍්ගඤ‍්ච මග‍්ගඤ‍්ච වදන‍්ති, න තං සාධෙන‍්ති, තුච‍්ඡා නිස‍්සාරා නිප‍්ඵලා. න ච විත‍්තලාභොති ධනලාභොපි පඤ‍්චසාධාරණත‍්තා සබ‍්බො එකසභාවො න හොති. ජරන‍්ති තාත, ජරං වා බ්‍යාධිමරණං වා න කොචි පුත‍්තලාභෙන පටිබාහිතුං සමත්‍ථො නාම අත්‍ථි. දුක‍්ඛමූලා හෙතෙ උපධයො. ගන්‍ධෙ රසෙති ගන්‍ධෙ ච රසෙ ච සෙසෙසු ආරම‍්මණෙසු ච මුච‍්චනං මුත‍්තිමෙව බුද‍්ධාදයො පණ‍්ඩිතා කථෙන‍්ති. සකම‍්මුනාති අත‍්තනා කතකම‍්මෙනෙව සත‍්තානං ඵලූපපත‍්ති ඵලනිප‍්ඵත‍්ති හොති. කම‍්මස‍්සකා හි, තාත, සත‍්තාති.

එහි න සච්චා යනු යමක් ස්වර්ගයද මාර්ගයද දෙයිද එය සත්‍යය නොවේ. එය හිස්ය. හරවත් බැවින් තොරය. නිෂ්ඵලද වේ. චිත්තලාභො යනු ධනලාභයද පස්කම් සුවයට සාධාරණ නිසා සියල්ල එක් හා සමාන ස්වභාව ඇත්තේ නොවේ. ජරං යනු පියාණනි, පුත්‍රලාභය නිසා කවරෙක් හෝ ජරාවෙන් හෝ ව්‍යාධි මරණයෙන් හෝ වලක්වයිද? මේ උපධීහු දුක මුල්කොට ඇත්තෝය. ගන්‍ධෙරසෙ යනු ගන්‍ධයෙහිද රසයෙහිද සෙසු අරමුණුවලද. මුඤ්චනං මිදීමම බුද්ධාදී පණ්ඩිතයෝ කියත්. සකම්මනා යනු තමා විසින් කළ ක්‍රියාවෙන් විපාකයන්ගේ උපත වේ. පියාණෙනි, සත්ත්වයෝ කර්ම රැස් කරන්නෝ වෙති.

කුමාරස‍්ස වචනං සුත්‍වා රාජා ගාථමාහ –

රජු කුමාරයාගේ වචනය අසා ගාථාවක් කීවේය.

“අද‍්ධා හි සච‍්චං වචනං තවෙතං, සකම‍්මුනා හොති ඵලූපපත‍්ති; ජිණ‍්ණා ච මාතාපිතරො තවීමෙ, පස‍්සෙය්‍යුං තං වස‍්සසතං අරොග”න‍්ති.

6. ඒකාන්තයෙන් ඔබගේ මේ වචනය සත්‍යය. සිය කර්මයෙන්ම විපාක උපදිනේ වේ. ඔබගේ මේ දිරාගිය මව්පියවරු අවුරුදු සියයක් වූ නිරෝගී ඔබව දක්නාහුය.

තත්‍ථ වස‍්සසතං අරොගන‍්ති එතෙ වස‍්සසතං අරොගං තං පස‍්සෙය්‍යුං, ත්‍වම‍්පි වස‍්සසතං ජීවන‍්තො මාතාපිතරො පොසස‍්සූති වදති.

එහි වස්සසතං යනු මොවුහු අවුරුදු සියයක් වූ නිරෝගී ඔබ දක්නාහුය. ඔබද අවුරුදු සියයක් ජීවත් වව ජීවත් වන්නේ මව්පියවරු පෝෂණය කරව් යයි කියයි.

තං සුත්‍වා කුමාරො “දෙව, ත්‍වං කිං නාමෙතං වදසී”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

කුමාරයා ඒ අසා දේවයන් වහන්ස, ඔබ මේ කුමක් නම් කියහිදැයි කියා ගාථා දෙකක් කීවේය.

“යස‍්සස‍්ස සක‍්ඛී මරණෙන රාජ, ජරාය මෙත‍්තී නරවීරසෙට‍්ඨ; යො චාපි ජඤ‍්ඤා න මරිස‍්සං කදාචි, පස‍්සෙය්‍යුං තං වස‍්සසතං අරොගං.

7. රජතුමනි, යමෙකුට මරණය හා සමග මිත්‍රබවක් වෙයිද, නර ශ්‍රේෂ්ඨය, ජරාව සමග මිත්‍රත්වයක් වේද, යමෙක් කිසිදිනක නොමැරෙමියි දනීද අවුරුදු සියයක් ගිය නිරෝගී වූ ඔහු දකින්නෙහුය.

“යථාපි නාවං පුරිසො දකම‍්හි, එරෙති චෙ නං උපනෙති තීරං; එවම‍්පි බ්‍යාධී සතතං ජරා ච, උපනෙති මච‍්චං වසමන‍්තකස‍්සා”ති.

8. පුරුෂයෙක් යම් සේ ජලයෙහි නැවක් මෙහෙයවයිද ඒ නැව එතෙරට ගෙන යයිද මෙතෙරට ගෙන එයිද මෙසේ නිරතුරුව රෝගයන්ටද ජරාවටද පමුණුවයි. එසේ මරුගේ වසඟය වූ මරණයටද පමුණුවයි.

තත්‍ථ සක‍්ඛීති මිත‍්තධම‍්මො. මරණෙනාති දත‍්තො මතො මිත‍්තො මතොති සම‍්මුතිමරණෙන. ජරායාති පාකටජරාය වා සද‍්ධිං යස‍්ස මෙත‍්තී භවෙය්‍ය, යස‍්සෙතං මරණඤ‍්ච ජරා ච මිත‍්තභාවෙන නාගච‍්ඡෙය්‍යාති අත්‍ථො. එරෙති චෙ නන‍්ති මහාරාජ, යථා නාම පුරිසො නදීතිත්‍ථෙ උදකම‍්හි නාවං ඨපෙත්‍වා පරතීරගාමිං ජනං ආරොපෙත්‍වා සචෙ අරිත‍්තෙන උප‍්පීළෙන‍්තො ඵියෙන කඩ‍්ඪන‍්තො චාලෙති ඝට‍්ටෙති, අථ නං පරතීරං නෙති. එවං බ්‍යාධි ජරා ච නිච‍්චං අන‍්තකස‍්ස මච‍්චුනො වසං උපනෙතියෙවාති.

එහි සක්ඛී යනු මිතුරු ධර්මයයි. මරණෙන යනු දත්තයා මළේය. මිත්‍රයා මළේයයි සම්මුති මරණයෙන්. ජරාය යනු ප්‍රකට වූ ජරාව සමග යමෙකුගේ මිත්‍ර බවක් වන්නේද, යමෙකුට මිත්‍රභාවය නිසා මේ මරණයද ජරාවද නොඑන්නේය යන අර්ථයි. එරෙතිවෙනං යනු මහරජතුමනි, යම්සේ පුරුෂයෙක් ගංතෙර ජලයෙහි නැවක් තබා එතෙරට යන ජනයා නංවා ඉදින් හබලින් මඩින්නේ රැහැණින් අදින්නේ සොලවයිද ගටයිද අනතුරුව පරතෙරට පමුණුවයි. මෙසේ ව්‍යාධියද ජරාවද නිරතුරුව අන්තක නම් වූ මරුවාගේ වසඟයට පමුණුවන්නේමය යනුයි.

එවං ඉමෙසං සත‍්තානං ජීවිතසඞ‍්ඛාරස‍්ස පරිත‍්තභාවං දස‍්සෙත්‍වා “මහාරාජ, තුම‍්හෙ තිට‍්ඨථ, තුම‍්හෙහි සද‍්ධිං කථයන‍්තමෙව මං බ්‍යාධිජරාමරණානි උපගච‍්ඡන‍්ති, අප‍්පමත‍්තා හොථා”ති ඔවාදං දත්‍වා රාජානඤ‍්ච පිතරඤ‍්ච වන්‍දිත්‍වා අත‍්තනො පරිචාරකෙ ගහෙත්‍වා බාරාණසියං රජ‍්ජං පහාය “පබ‍්බජිස‍්සාමී”ති නගරතො නික‍්ඛමි. “පබ‍්බජ‍්ජා නාමෙසා සොභනා භවිස‍්සතී”ති හත්‍ථිපාලකුමාරෙන සද‍්ධිං මහාජනො නික‍්ඛමි. යොජනිකා පරිසා අහොසි. සො තාය පරිසාය සද‍්ධිං ගඞ‍්ගාය තීරං පත්‍වා ගඞ‍්ගාය උදකං ඔලොකෙත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා චින‍්තෙසි “අයං සමාගමො මහා භවිස‍්සති, මම තයො කනිට‍්ඨභාතරො මාතාපිතරො රාජා දෙවීති සබ‍්බෙ සපරිසා පබ‍්බජිස‍්සන‍්ති, බාරාණසී සුඤ‍්ඤා භවිස‍්සති, යාව එතෙසං ආගමනා ඉධෙව භවිස‍්සාමී”ති. සො තත්‍ථෙව මහාජනස‍්ස ඔවාදං දෙන‍්තො නිසීදි.

මෙසේ මේ සත්ත්වයන්ගේ දිවි පවත්නා කාලය ස්වල්ප බව දක්වා මහරජතුමනි, තෙපි සිටිව්. ඔබලා සමග කථා කරන්නා වූම මා වෙත ව්‍යාධි-ජරා-මරණ පැමිණේමය. අප්‍රමාද වව් යයි අවවාද දී රජුටද පියාටද වැඳ තමාගේම පිරිවරන්නන් ගෙන බරණැස රාජ්‍යය හැර පැවිදි වන්නෙමියි නික්මුණේය. මේ පැවිද්ද නම් හොබනේ වන්නේ යයි හස්තිපාල කුමාරයා සමග මහජනයාද නික්මුණි. යොදුනක් පමණ පිරිස වීය. හෙතෙම ඒ පිරිස සමග ගංගා තෙරට පැමිණ ගංගාවෙහි ජලය බලා කිසුණු පිරියම් කර ධ්‍යාන උපදවා සිතුවේය. මේ සමාගමය (එකතුව) මහත් වන්නේය. මගේ බාල සොහොයුරන් තිදෙනාද මව්පියවරුද, රජුද දේවියද සියළු පිරිසද පැවිදි වන්නේය. මොවුන්ගේ මෙහි පැමිණීම යම්දිනක වේද එතෙක් මෙහිම වන්නෙමියි හෙතෙම එහිදීම මහජනයාට අවවාද දෙමින් හුන්නේය.

පුනදිවසෙ රාජා ච පුරොහිතො ච චින‍්තයිංසු “හත්‍ථිපාලකුමාරො තාව ‘රජ‍්ජං පහාය මහාජනං ආදාය පබ‍්බජිස‍්සාමී’ති ගන‍්ත්‍වා ගඞ‍්ගාතීරෙ නිසින‍්නො, අස‍්සපාලං වීමංසිත්‍වා අභිසිඤ‍්චිස‍්සාමා”ති. තෙ ඉසිවෙසෙනෙව තස‍්සපි ගෙහද‍්වාරං අගමංසු. සොපි තෙ දිස‍්වා පසන‍්නමානසො උපසඞ‍්කමිත්‍වා “චිරස‍්සං වත පස‍්සාමා”තිආදීනි වදන‍්තො තථෙව පටිපජ‍්ජි. තෙපි තං තථෙව වත්‍වා අත‍්තනො ආගතකාරණං කථයිංසු. සො “මම භාතිකෙ හත්‍ථිපාලකුමාරෙ සන‍්තෙ කථං පඨමතරං මය‍්හමෙව සෙතච‍්ඡත‍්තං පාපුණාතී”ති පුච‍්ඡිත්‍වා “තාත, භාතා, තෙ ‘න මය‍්හං රජ‍්ජෙනත්‍ථො, පබ‍්බජිස‍්සාමී’ති වත්‍වා නික‍්ඛන‍්තො”ති වුත‍්තෙ “කහං පනෙසො ඉදානී”ති වත්‍වා “ගඞ‍්ගාතීරෙ නිසින‍්නො”ති වුත‍්තෙ “තාත, මම භාතරා ඡඩ‍්ඩිතඛෙළෙන කම‍්මං නත්‍ථි, බාලා හි පරිත‍්තකපඤ‍්ඤා සත‍්තා එතං කිලෙසං ජහිතුං න සක‍්කොන‍්ති, අහං පන ජහිස‍්සාමී”ති රඤ‍්ඤො ච පිතු ච ධම‍්මං දෙසෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

දෙවන දවස්හි රජුද පුරෝහිතයාද මෙසේ සිතුවාහුය. හස්තිපාල කුමාරයා වූ කලී රාජ්‍ය හැර මහජනයා ගෙන පැවිදි වන්නෙමියි ගොස් ගංතෙර හුන්නේය. අශ්වපාල කුමරු විමසා අභිෂේක කරන්නෙමුයි ඔවුහු තවුස් වේශයෙන්ම ඔහුගේද ගෙදොරට ගියාහුය. හෙතෙමේද ඔවුන් දැක පැහැදුන සිත් ඇත්තේ වෙත එළඹ චිරස්සං වත යනාදීන් කියමින් එසේම පිළිපැද්දේය. ඔවුහුද ඔහුට එසේම කියා තමා ආ කාරණය කීවාහුය. හෙතෙමේද මගේ සොහොයුරු හත්‍ථිපාල කුමාරයා ඇති කල්හි කෙසේ නම් පළමුව මටම සේසත පැමිණේදැයි විමසා දරුව, ඔබගේ සොහොයුරා මට රාජ්‍යයෙන් වැඩක් නැත. පැවිදි වන්නෙමියි කියා නික්මුණේ යයි කී කල්හි ඔහු දැන් කොහිදැයි (විමසා) ගංතෙර හුන්නේ යයි කී කල්හි පියාණෙනි, මගේ සොහොයුරා විසින් හෙළන ලද කෙළවලින් වැඩක් නැත. ස්වල්ප වූ නුවණ ඇති මෝඩ සත්ත්වයෝ මේ කෙලෙස් අත්හරින්නට නොහැකි වෙත්. මම වූ කලී අත්හරින්නෙමියි රජුටද පියාටද ධර්මය දේශනා කරමින් ගාථා දෙකක් කීවේය.

“පඞ‍්කො ච කාමා පලිපො ච කාමා, මනොහරා දුත‍්තරා මච‍්චුධෙය්‍යා; එතස‍්මිං පඞ‍්කෙ පලිපෙ බ්‍යසන‍්නා, හීනත‍්තරූපා න තරන‍්ති පාරං.

9. කාමයෝ මඩ හා සමානයහ. කාමයෝ මඩ වගුරක් හා සමානයහ. මරු වසඟය සිත් ඇදගන්නා සුළුය. තරණය කිරීම අපහසුය. මේ මඩෙහි මඩවලෙහි ගිළුනා වූ ලාමක සත්ත්වයෝ නිවන් නැමති පරතෙර තරණය නොකරත්.

“අයං පුරෙ ලුද‍්දමකාසි කම‍්මං, ස‍්වායං ගහීතො න හි මොක‍්ඛිතො මෙ; ඔරුන්‍ධියා නං පරිරක‍්ඛිස‍්සාමි, මායං පුන ලුද‍්දමකාසි කම‍්ම”න‍්ති.

10. මේ මම පෙර සැහැසිකම් කළෙමි. ඒ මම එහි විපාක ගන්නා ලද්දේ වෙමි. මට සසරදී ඉන් මිදීමක් නැත. (දැන්) කය ආදී වූ දොරටු අවුරාගෙන ඉඳුරන් ආරක්ෂා කරමි. මෙතෙම (මම) නැවත සැහැසිකම් නොකෙරෙහිය.

තත්‍ථ පඞ‍්කොති යො කොචි කද‍්දමො. පලිපොති සුඛුමවාලුකමිස‍්සො සණ‍්හකද‍්දමො. තත්‍ථ කාමා ලග‍්ගාපනවසෙන පඞ‍්කො නාම, ඔසීදාපනවසෙන පලිපො නාමාති වුත‍්තා. දුත‍්තරාති දුරතික‍්කමා. මච‍්චුධෙය්‍යාති මච‍්චුනො අධිට‍්ඨානා. එතෙසු හි ලග‍්ගා චෙව අනුපවිට‍්ඨා ච සත‍්තා උත‍්තරිතුං අසක‍්කොන‍්තා දුක‍්ඛක‍්ඛන්‍ධපරියායෙ වුත‍්තප‍්පකාරං දුක‍්ඛඤ‍්චෙව මරණඤ‍්ච පාපුණන‍්ති. තෙනාහ – “එතස‍්මිං පඞ‍්කෙ පලිපෙ බ්‍යසන‍්නා හීනත‍්තරූපා න තරන‍්ති පාර”න‍්ති. තත්‍ථ බ්‍යසන‍්නාති සන‍්නා. “විසන‍්නා”තිපි පාඨො, අයමෙවත්‍ථො. හීනත‍්තරූපාති හීනචිත‍්තසභාවා. න තරන‍්ති පාරන‍්ති නිබ‍්බානපාරං ගන‍්තුං න සක‍්කොන‍්ති.

එහි පංකො යනු යම්කිසි මඩක්. පලිපො යනු සියුම් වැලි මිශ්‍ර වූ සියුම් මඩය. එහි කාමයෝ ලග්ගවාලන ස්වභාව ඇති හෙයින් පංක නම් වේ. ගිල්වවීම් වශයෙන් පලිප නමැයි කියන ලදි. දුත්තරා යනු ඉක්මවීම අපහසු වූ. මච්චුධෙය්‍ය යනු මාරයාගේ අධිෂ්ඨානයයි. මේවායෙහි ලැගුනා වූද පිවිසියා වූද සත්ත්වයෝ එතෙර වන්නට නොහැකි වන්නාහු දුක් සමූහයෙහි කී පරිදි වූ දුකටද මරණයටද පැමිණෙත්. එහෙයින්ම කීවේය. එතස්මිං පංකෙ පලිපෙ ව්‍යසන්නා හීනත්ත රූපා න තරන්ති පාරං යනුවෙනි. එහි ව්‍යසන්නා යනු ගිලුනාහු. විසන්නා යනුද පෙළයි. මෙයම අර්ථ වේ. හීනත්තරූපා යනු පහත් වූ චිත්ත ස්වභාව ඇති. න තරන්ති පාරං යනු නිවන නැමති පරතෙරට යන්නට නොහැකි වෙති.

අයන‍්ති මහාරාජ, අයං මමත‍්තභාවො පුබ‍්බෙ අස‍්සගොපකෙහි සද‍්ධිං වඩ‍්ඪන‍්තො මහාජනස‍්ස විලුම‍්පනවිහෙඨනාදිවසෙන බහුං ලුද‍්දං සාහසිකකම‍්මං අකාසි. ස‍්වායං ගහීතොති සො අයං තස‍්ස කම‍්මස‍්ස විපාකො මයා ගහිතො. න හි මොක‍්ඛිතො මෙති සංසාරවට‍්ටෙ සති න හි මොක‍්ඛො ඉතො අකුසලඵලතො මම අත්‍ථි. ඔරුන්‍ධියා නං පරිරක‍්ඛිස‍්සාමීති ඉදානි නං කායවචීමනොද‍්වාරානි පිදහන‍්තො ඔරුන්‍ධිත්‍වා පරිරක‍්ඛිස‍්සාමි. කිංකාරණා? මායං පුන ලුද‍්දමකාසි කම‍්මං. අහඤ‍්හි ඉතො පට‍්ඨාය පාපං අකත්‍වා කල්‍යාණමෙව කරිස‍්සාමි.

අයං යනු මහරජතුමනි, මේ මගේ ආත්මභාවය පෙර අස් ගොව්වන් සමග වඩන්නේ මහජනයා පැහැර ගැනීම් පෙළීම් ආදී වශයෙන් බොහෝ රුදුරු සැහැසිකම් කළේය. ස්වායං ගහීතො යනු ඒ මේ ඒ කර්මයේ විපාක මා විසින් ගන්නා ලදි. නහි මොක්ඛිතො මෙ යනු සසර පැවැත්ම ඇති කල්හි මේ අකුසල විපාකයන්ගෙන් මට මිදීමක් නැත. ඔරුන්‍ධියානං පරිරක්ඛිස්සාමි යනු දැන් කාය වාග් දොරටු වසමින් වලහා එය රකින්නෙමි. කවර කරුණින්ද? මායං පුනලුද්දමකාසි කම්මං යනු මම මෙතැන් පටන් පව් නොකර යහපතම කරන්නෙමි.

එවං අස‍්සපාලකුමාරො ද‍්වීහි ගාථාහි ධම‍්මං දෙසෙත්‍වා “තිට‍්ඨථ තුම‍්හෙ, තුම‍්හෙහි සද‍්ධිං කථෙන‍්තමෙව මං බ්‍යාධිජරාමරණානි උපගච‍්ඡන‍්තී”ති ඔවාදං දත්‍වා යොජනිකං පරිසං ගහෙත්‍වා නික‍්ඛමිත්‍වා හත්‍ථිපාලකුමාරස‍්සෙව සන‍්තිකං ගතො. සො තස‍්ස ආකාසෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙත්‍වා “භාතික, අයං සමාගමො මහා භවිස‍්සති, ඉධෙව තාව හොමා”ති ආහ. ඉතරොපි “සාධූ”ති සම‍්පටිච‍්ඡි. පුනදිවසෙ රාජා ච පුරොහිතො ච තෙනෙවුපායෙන ගොපාලකුමාරස‍්ස නිවෙසනං ගන‍්ත්‍වා තෙනපි තථෙව පටිනන්‍දිත්‍වා අත‍්තනො ආගමනකාරණං ආචික‍්ඛිංසු. සොපි අස‍්සපාලකුමාරො විය පටික‍්ඛිපිත්‍වා “අහං චිරතො පට‍්ඨාය පබ‍්බජිතුකාමො වනෙ නට‍්ඨගොණං විය පබ‍්බජ‍්ජං උපධාරෙන‍්තො විචරාමි, තෙන මෙ නට‍්ඨගොණස‍්ස පදං විය භාතිකානං ගතමග‍්ගො දිට‍්ඨො, ස‍්වාහං තෙනෙව මග‍්ගෙන ගමිස‍්සාමී”ති වත්‍වා ගාථමාහ –

තෙපි සිටිව්. ඔබලා සමග කථා කරන්නා වූම මා වෙත ව්‍යාධි ජරා මරණාදිය පැමිණේයයි අවවාද කර යොදුනක් පමණ වූ පිරිස ගෙන නික්මී හස්තිපාල කුමාරයාගේම සමීපයට ගියේය. හෙතෙම අහසෙහි සිට ඔහුට ධර්මය දේශනා කර සොහොයුර, මේ සමාගමය මහත් වූවක් වන්නේය. පළමුව මෙහිම වෙමුයි කීවේය. අනිකාද මැනවයි පිළිගත්තේය. දෙවන දවස්හි රජුද පුරෝහිතයාද ඒ උපායෙන්ම ගෝපාල කුමාරයාගේ නිවෙසට ගොස් ඔහු වෙතින්ද එසේම සතුටු වූවාහු තමා පැමිණි කරුණ කීවාහුය. හෙතෙමේද අශ්වපාල කුමාරයා මෙන් ප්‍රතික්‍ෂේප කර මම බොහෝ දින පටන් පැවිදි වනු කැමැත්තේම වීමි. වනයෙහිදී නැතිවුන ගොනෙකු සොයන්නාක් මෙන් පැවිද්ද සොයමින් හැසිරෙමි. එහෙයින් මගේ නැතිවුන ගොනාගේ පියසලකුණු මෙන් සොහොයුරන් විසින් ගිය මග දක්නා ලදිමි. ඒ මම ඒ මාර්ගයෙන්ම යන්නෙමියි කියා,

“ගවංව නට‍්ඨං පුරිසො යථා වනෙ, අන්‍වෙසතී රාජ අපස‍්සමානො; එවං නට‍්ඨො එසුකාරී මමත්‍ථො, සොහං කථං න ගවෙසෙය්‍යං රාජා”ති.

11. රජතුමනි, යම් සේ පුරුෂයෙක් වනයෙහිදී නැති වූ ගවයෙකු නොදක්නේ සොයයිද? ඒසුකාරී රජතුමනි, මගේ අර්ථයද එසේ නටුයේය. රජතුමනි, ඒ මම කෙසේ නම් එය නොසොයන්නෙම්ද?

යන ගාථාව කීවේය.

තත්‍ථ එසුකාරීති රාජානං ආලපති. මමත්‍ථොති වනෙ ගොණො විය මම පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතො අත්‍ථො නට‍්ඨො. සොහන‍්ති සො අහං අජ‍්ජ පබ‍්බජිතානං මග‍්ගං දිස‍්වා කථං පබ‍්බජ‍්ජං න ගවෙසෙය්‍යං, මම භාතිකානං ගතමග‍්ගමෙව ගමිස‍්සාමි නරින්‍දාති.

එහි එසුකාරී යනු රජු අමතයි. මමත්‍ථො යනු වනයෙහිදී නැති වූ ගවයෙක් මෙන් මගේ පැවිද්ද සංඛ්‍යාත වූ අර්ථය නැතිවූයේය. සොහං යනු ඒ මම අද පැවිද්දන්ගේ මාර්ගය දැක කෙසේ නම් පැවිද්ද නොසොයන්නෙම්ද? රජතුමනි, සොහොයුරන් විසින් ගිය මගම යන්නෙමියි.

අථ නං “තාත ගොපාල, එකාහං ද‍්වීහං ආගමෙහි, අම‍්හෙ සමස‍්සාසෙත්‍වා පච‍්ඡා පබ‍්බජිස‍්සසී”ති වදිංසු. සො “මහාරාජ, අජ‍්ජ කත‍්තබ‍්බකම‍්මං ‘ස‍්වෙ කරිස‍්සාමී’ති න වත‍්තබ‍්බං, කල්‍යාණකම‍්මං නාම අජ‍්ජෙව කත‍්තබ‍්බ”න‍්ති වත්‍වා ඉතරං ගාථමාහ –

ඉක්බිති (ඔවුහු) ඔහුට කියනුයේ දරුව ගෝපාලකය, එක් දිනක් දෙතුන් දිනක් බලාපොරොත්තු වෙහි. අප අස්වසා පසුව පැවිදි වන්නෙහි යයි කීවාහුය. හෙතෙම මහරජතුමනි, අද කළයුතු කටයුත්ත හෙට කරන්නෙමියි නොකිව යුතුය. යහපත් කටයුත්ත අදම කළ යුතුයයි කියා වෙනත් ගාථාවක් කීවේය.

“හිය්‍යොති හිය්‍යති පොසො, පරෙති පරිහායති; අනාගතං නෙතමත්‍ථීති ඤත්‍වා, උප‍්පන‍්නඡන්‍දං කො පනුදෙය්‍ය ධීරො”ති.

12. හෙට යයි කියන පුරුෂයා පිරිහේ. අනික් දා යයි කියන්නාද පිරිහේමය. නොපැමිණි යමක් වේද, එය නැතැයි කියා දැන උපන්නා වූ කුසල් සහගත අදහස කවර නම් නුවණැත්තෙක් දුරු කරන්නේද?

තත්‍ථ හිය්‍යොති ස‍්වෙති අත්‍ථො. පරෙති පුනදිවසෙ. ඉදං වුත‍්තං හොති – “යො මහාරාජ, අජ‍්ජ කත‍්තබ‍්බං කම‍්මං ‘ස‍්වෙ’ති, ස‍්වෙ කත‍්තබ‍්බං කම‍්මං ‘පරෙ’ති වත්‍වා න කරොති, සො තතො පරිහායති, න තං කම‍්මං කාතුං සක‍්කොතී”ති. එවං ගොපාලො භද‍්දෙකරත‍්තසුත‍්තං (ම· නි· 3.272 ආදයො) නාම කථෙසි. ස‍්වායමත්‍ථො භද‍්දෙකරත‍්තසුත‍්තෙන කථෙතබ‍්බො. අනාගතං නෙතමත්‍ථීති යං අනාගතං, තං “නෙතං අත්‍ථී”ති ඤත්‍වා උප‍්පන‍්නං කුසලච‍්ඡන්‍දං කො පණ‍්ඩිතො පනුදෙය්‍ය හරෙය්‍ය.

එහි හීය්‍යො යනු හෙට යන අර්ථයි. පරෙ යනු දෙවන දවස්හි මෙය කියන ලද්දේ වෙයි. යමෙක් අද කළයුතු කාර්යය හෙටදැයිද හෙට කළයුතු කාර්යය අනිත්දා යයි කියා නොකරයිද, හෙතෙම ඒ හේතුවෙන් පිරිහෙයි. ඒ කාර්යය කරන්නට නොහැකි වේයයි මෙසේ ගෝපාල කුමරු භද්දේකරත්ත නම් වූ පිළිවෙල කීවේය. ඒ මේ අර්ථය භද්දෙකරත්ත සූත්‍රයෙන් කිවයුතුය. නෙතමත්‍ථි යනු යමක් නොපැමිණියේද, එය “මෙය නැතැයි” දැන, උප්පන්නං ඡන්‍දං යනු කුසලය පිළිබඳ කැමැත්ත. කවරනම් පණ්ඩිතයෙක් පනුදෙය්‍ය අත්හරින්නේද?

එවං ගොපාලකුමාරො ද‍්වීහි ගාථාහි ධම‍්මං දෙසෙත්‍වා “තිට‍්ඨථ තුම‍්හෙ, තුම‍්හෙහි සද‍්ධිං කථෙන‍්තමෙව මං බ්‍යාධිජරාමරණානි උපගච‍්ඡන‍්තී”ති යොජනිකං පරිසං ගහෙත්‍වා නික‍්ඛමිත්‍වා ද‍්වින‍්නං භාතිකානං සන‍්තිකං ගතො. හත්‍ථිපාලො තස‍්සපි ධම‍්මං දෙසෙසි. පුනදිවසෙ රාජා ච පුරොහිතො ච තෙනෙවුපායෙන අජපාලකුමාරස‍්ස නිවෙසනං ගන‍්ත්‍වා තෙනපි තථෙව පටිනන්‍දිත්‍වා අත‍්තනො ආගමනකාරණං ආචික‍්ඛිත්‍වා “ඡත‍්තං තෙ උස‍්සාපෙස‍්සාමා”ති වදිංසු. කුමාරො ආහ – “මය‍්හං භාතිකා කුහි”න‍්ති? තෙ “අම‍්හාකං රජ‍්ජෙනත්‍ථො නත්‍ථී”ති සෙතච‍්ඡත‍්තං පහාය තියොජනිකං පරිසං ගහෙත්‍වා නික‍්ඛමිත්‍වා ගඞ‍්ගාතීරෙ නිසින‍්නාති. නාහං මම භාතිකෙහි ඡඩ‍්ඩිතඛෙළං සීසෙනාදාය විචරිස‍්සාමි, අහම‍්පි පබ‍්බජිස‍්සාමීති. තාත, ත්‍වං තාව දහරො , අම‍්හාකං හත්‍ථභාරො, වයප‍්පත‍්තකාලෙ පබ‍්බජිස‍්සසීති. අථ නෙ කුමාරො “කිං තුම‍්හෙ කථෙථ, නනු ඉමෙ සත‍්තා දහරකාලෙපි මහල‍්ලකකාලෙපි මරන‍්තියෙව, ‘අයං දහරකාලෙ මරිස‍්සති, අයං මහල‍්ලකකාලෙ’ති කස‍්සචි හත්‍ථෙ වා පාදෙ වා නිමිත‍්තං නත්‍ථි, අහං මම මරණකාලං න ජානාමි, තස‍්මා ඉදානෙව පබ‍්බජිස‍්සාමී”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

ගෝපාල කුමාරයා මෙසේ ගාථා දෙකකින් ධර්මය දේශනා කර තෙපි සිටිව්. ඔබලා සමග කථා කරන්නා වූම මා වෙත ව්‍යාධි, ජරා, මරණයන් එළඹෙත් යයි යොදුනක් පමණ වූ පිරිස ගෙන නික්මී සොහොයුරන් දෙදෙනාගේ සමීපයට ගියේය. හස්තිපාල ඔහුටද ධර්මය දේශනා කළේය. දෙවන දවස්හි රජුද පුරෝහිතයාද ඒ උපායෙන්ම අජපාල කුමාරයාගේ නිවෙසට ගොස් ඔහු වෙතින්ද එසේම සතුටු වූවාහු තමා පැමිණි කරුණ කියා සේසත ඔසවන්නෙමුයි කීවාහුය. කුමාරයා මෙසේ කීවේය. මගේ සහෝදරයෝ කොහිදැයි යනුවෙනි. ඔවුහු අපට රාජ්‍යයෙන් වැඩක් නැතැයි සේසත අත්හැර තුන්යොදුන් පමණ වූ පිරිස රැගෙන නික්මී ගංගා තීරයෙහි හුන්නාහු යයි කීහ. මම මගේ සොහොයුරන් විසින් හලන ලද කෙළ හිසින් ගෙන නොහැසිරෙන්නෙමි. මමද පැවිදි වන්නෙමියි කීවේය. දරුව, ඔබ වූ කලී තරුණය. අප අත බර ඇත්තේය. වයසට ගිය කල්හි පැවිදි වන්නෙහි යයි කීවෝය. ඉක්බිති කුමාරයා ඔහුට කියනුයේ තෙපි කුමක් කියව්ද? මේ සත්ත්වයෝ තරුණ කාලයෙහිද මහලු කාලයෙහිද මැරෙන්නෝම නොවේද? මෙතෙම තරුණ කාලයෙහි මැරෙන්නේය. මෙතෙම මහලු කාලයෙහි මැරෙන්නේ යයි කිසිවෙකුගේ අතෙහි හෝ පයෙහි හෝ සළකුණක් නැත. මම මගේ මරණය සිදුවන කාලය නොදනිමි. එනිසා දැන්ම පැවිදි වන්නෙමියි කියා ගාථා දෙකක් කීවේය.

“පස‍්සාමි වොහං දහරං කුමාරිං, මත‍්තූපමං කෙතකපුප‍්ඵනෙත‍්තං; අභුත‍්තභොගෙ පඨමෙ වයස‍්මිං, ආදාය මච‍්චු වජතෙ කුමාරිං.

13. මම භාවභාව විලාසයෙන් මත්වූවක වැනි වූ දුනුකේ මල් වැනි ඇස් ඇති තරුණ කුමාරිකාවක දකිමි. නොවළඳනා ලද කාම සම්පත්තීන් ඇති පළමු වයසෙහි හුන් ඒ කුමරිය මාරයා රැගෙන යයි.

“යුවා සුජාතො සුමුඛො සුදස‍්සනො, සාමො කුසුම‍්භපරිකිණ‍්ණමස‍්සු; හිත්‍වාන කාමෙ පටිකච‍්ච ගෙහං, අනුජාන මං පබ‍්බජිස‍්සාමි දෙවා”ති.

14. තරුණ වූ මාව පිහිටි අග පසඟ ඇති මනා මුහුණැති ඉතා දැකුම්කළු වූ රන්වන් වූ කුසුම්භ (වස්ත්‍ර පෙවීමට ගන්නා මල් වර්ගයකි) කෙසරු වැනි රැවුල් ඇති (කුමාරයෙක්ද මරණයට යන්නේය) එහෙයින් මම පළමුව කාමයන්ද ගිහිගෙයද අත්හැර පැවිදි වන්නෙමි. දේවයන් වහන්ස, මා අනුදනුවයි කීවේය.

තත්‍ථ වොති නිපාතමත‍්තං, පස‍්සාමිච‍්චෙවාති අත්‍ථො. මත‍්තූපමන‍්ති හාසභාසවිලාසෙහි මත‍්තං විය චරන‍්තිං. කෙතකපුප‍්ඵනෙත‍්තන‍්ති කෙතකපුප‍්ඵපත‍්තං විය පුථුලායතනෙත‍්තං. අභුත‍්තභොගෙති එවං උත‍්තමරූපධරං කුමාරිං පඨමවයෙ වත‍්තමානං අභුත‍්තභොගමෙව මාතාපිතූනං උපරි මහන‍්තං සොකං පාතෙත්‍වා මච‍්චු ගහෙත්‍වාව ගච‍්ඡති. සුජාතොති සුසණ‍්ඨිතො. සුමුඛොති කඤ‍්චනාදාසපුණ‍්ණචන්‍දසදිසමුඛො. සුදස‍්සනොති උත‍්තමරූපධාරිතාය සම‍්පන‍්නදස‍්සනො. සාමොති සුවණ‍්ණසාමො. කුසුම‍්භපරිකිණ‍්ණමස‍්සූති සන‍්නිසින‍්නට‍්ඨෙන සුඛුමට‍්ඨෙන ච තරුණකුසුම‍්භකෙසරසදිසපරිකිණ‍්ණමස‍්සු. ඉමිනා එවරූපොපි කුමාරො මච‍්චුවසං ගච‍්ඡති. තථාවිධම‍්පි හි සිනෙරුං උප‍්පාතෙන‍්තො විය නික‍්කරුණො මච‍්චු ආදාය ගච‍්ඡතීති දස‍්සෙති. හිත්‍වාන කාමෙ පටිකච‍්ච ගෙහං, අනුජාන මං පබ‍්බජිස‍්සාමි දෙවාති දෙව, පුත‍්තදාරබන්‍ධනස‍්මිඤ‍්හි උප‍්පන‍්නෙ තං බන්‍ධනං දුච‍්ඡෙදනීයං හොති, තෙනාහං පුරෙතරඤ‍්ඤෙව කාමෙ ච ගෙහඤ‍්ච හිත්‍වා ඉදානෙව පබ‍්බජිස‍්සාමි, අනුජාන, මන‍්ති.

එහි වො යනු නිපාතයක් පමණි. දකිමි යන අර්ථයි. මත්තූපමං යනු ඉගිබිඟි පෑමෙන් මත්වූවක මෙන් හැසිරෙන්නී වූ. කෙතක පුප්ඵනෙත්තං දුනුකෙයියා මලක පෙත්තක් මෙන් මහත් වූ දිගු වූ නෙත් ඇති. අභූත්ත භොගෙ යනු මෙසේ මෙසේ උතුම් වූ රූපයක් දරන්නා වූ පළමු වයසෙහි පසුවන්නා වූ කාම සම්පත්තීන් අනුභව නොකළ කුමාරියක් මව්පියන් මත්තෙහි මහත් වූ ශෝකයක් හෙළා මරු ගෙන යයි. සුජාතො මනාව පිහිටි අවයව ඇති. සුමුඛො රන් කැඩපතෙහි පුන්සඳ හා සමාන මුහුණ ඇති. සුදස්සනො යනු උතුම් රූපයක් දරන හෙයින් දැකුම්කළු වූ. සාමො යනු රන්වන් වූ. කුසුම්හ පරිකිණ්ණමස්සු යනු පිහිටි අයුර පිළිබඳ අර්ථයෙන්ද සියුම් බව පිළිබඳ අර්ථයෙන්ද තරුණ කුසුම්හ කෙසරු හා සමාන වූ රැවුලින් ගැවසී ගත්, මෙවැනි ස්වභාවයෙන් යුක්ත වූද කුමාරයා මරු වසඟයට යයි. එබඳු වූ මහමෙර උපුටන්නාක් මෙන් කරුණා රහිතව මරු රැගෙන යයි දක්වයි. හිත්‍වාන කාමෙ පටිගච්ච ගෙහං අනුජාත මං පබ්බජිස්සාමි දෙව යනු දේවයන් වහන්ස, අඹුදරු නැමති බැම්ම උපන්කල්හි එම බැඳීම නොසිඳිය හැක්කේ වෙයි. එහෙයින් මම පළමුව කාමයන්ද ගිහිගෙයද අතහැර දැන්මම පැවිදි වන්නෙමි. මා අනුදැනුව මැනවි යනුයි.

එවඤ‍්ච පන වත්‍වා “තිට‍්ඨථ තුම‍්හෙ, තුම‍්හෙහි සද‍්ධිං කථෙන‍්තමෙව මං බ්‍යාධිජරාමරණානි උපගච‍්ඡන‍්තී”ති තෙ උභොපි වන්‍දිත්‍වා යොජනිකං පරිසං ගහෙත්‍වා නික‍්ඛමිත්‍වා ගඞ‍්ගාතීරමෙව අගමාසි. හත්‍ථිපාලො තස‍්සපි ආකාසෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙත්‍වා “සමාගමො මහා භවිස‍්සතී”ති තත්‍ථෙව නිසීදි. පුනදිවසෙ පුරොහිතො පල‍්ලඞ‍්කවරමජ‍්ඣගතො නිසීදිත්‍වා චින‍්තෙසි “මම පුත‍්තා පබ‍්බජිතා, ඉදානාහං එකකොව මනුස‍්සඛාණුකො ජාතොම‍්හි, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. සො බ්‍රාහ‍්මණියා සද‍්ධිං මන‍්තෙන‍්තො ගාථමාහ –

මෙසේද කියා තෙපි සිටිව්. ඔබලා සමග කථා කරන්නා වූ මා වෙත ව්‍යාධි ජරාමරණ එළඹේමයයි ඔවුන් දෙදෙනා වැඳ යොදුනක් පමණ වූ පිරිස ගෙන නික්මී ගංගා තීරයටම ගියේය. හස්තිපාල තෙමේ අහසෙහි සිට ඔහුටද ධර්මය දේශනා කර සමාගමය බොහෝ වන්නේ යයි කියා එහිම හුන්නේය. දෙවන දවස්හි පුරෝහිතයා පළඟ මැදට ගියේ හිඳ මෙසේ සිතුවේය. මගේ පුත්‍රයෝ පැවිදි වූවාහුය. දැන් මම හුදකලා වූයේම මිනිස් කණුවක් මෙන් වූයෙමි. මමද පැවිදි වන්නෙමියි සිතා හෙතෙම බැමිණිය සමග සාකච්ඡා කරනුයේ

“සාඛාහි රුක‍්ඛො ලභතෙ සමඤ‍්ඤං, පහීනසාඛං පන ඛාණුමාහු; පහීනපුත‍්තස‍්ස මමජ‍්ජ භොති, වාසෙට‍්ඨි භික‍්ඛාචරියාය කාලො”ති.

15. අතුපතර කරණකොට ගෙන ගස යන නම ලබයි. පහව ගිය අතු ඇති ගස කණුව යයි කියත්. මා අද පහව ගිය පුතුන් ඇත්තෙක් වෙයි. වාසෙට්ඨිය, දැන් පැවිදිවීමට කාලයයි.

යන ගාථාව කීවේය.

තත්‍ථ ලභතෙ සමඤ‍්ඤන‍්ති රුක‍්ඛොති වොහාරං ලභති. වාසෙට‍්ඨීති බ්‍රාහ‍්මණිං ආලපති. භික‍්ඛාචරියායාති මය‍්හම‍්පි පබ‍්බජ‍්ජාය කාලො, පුත‍්තානං සන‍්තිකමෙව ගමිස‍්සාමීති.

එහි ලබතෙ සමඤ්ඤං යනු ගස යන ව්‍යවහාරය ලබයි. වාසෙට්ඨි යනු බැමිණියට අමතයි. භික්ඛාචරියාය යනු මටද පැවිද්දට කාලයයි. පුතුන්ගේ සමීපයටම යන්නෙමියි යනුයි.

සො එවං වත්‍වා බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙසි, සට‍්ඨි බ්‍රාහ‍්මණසහස‍්සානි සන‍්නිපතිංසු. අථ නෙ ආහ – “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති තුම‍්හෙ පන ආචරියාති. “අහං මම පුත‍්තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. “න තුම‍්හාකමෙව නිරයො උණ‍්හො, මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති. සො අසීතිකොටිධනං බ්‍රාහ‍්මණියා නිය්‍යාදෙත්‍වා යොජනිකං බ්‍රාහ‍්මණපරිසං ආදාය නික‍්ඛමිත්‍වා පුත‍්තානං සන‍්තිකඤ‍්ඤෙව ගතො. හත්‍ථිපාලො තායපි පරිසාය ආකාසෙ ඨත්‍වා ධම‍්මං දෙසෙසි. පුනදිවසෙ බ්‍රාහ‍්මණී චින‍්තෙසි “මම චත‍්තාරො පුත‍්තා සෙතච‍්ඡත‍්තං පහාය ‘පබ‍්බජිස‍්සාමා’ති ගතා, බ්‍රාහ‍්මණොපි පුරොහිතට‍්ඨානෙන සද‍්ධිං අසීතිකොටිධනං ඡඩ‍්ඩෙත්‍වා පුත‍්තානඤ‍්ඤෙව සන‍්තිකං ගතො, අහමෙව එකා කිං කරිස‍්සාමි, පුත‍්තානං ගතමග‍්ගෙනෙව ගමිස‍්සාමී”ති. සා අතීතං උදාහරණං ආහරන‍්තී උදානගාථමාහ –

හෙතෙම මෙසේ කියා බ්‍රාහ්මණයන් කැඳවීය. බමුණෝ සැටදහසක් රැස් වූවාහුය. ඉක්බිති ඔවුන්ට තෙපි කුමක් කරව්දැයි කීවේය. ආචාර්යතුමනි, ඔබ කුමක් කරහිද? මම මගේ පුතුන් සමීපයෙහි පැවිදි වන්නෙමියි කීවේය. නිරය උණුසුම් වන්නේ ඔබට පමණක් නොවේ. අපටද උණුසුම් වේ. අපිද පැවිදි වන්නෙමුයි කීහ. හෙතෙම අසූකෙළක් ධනය බැමිණියට පවරා දී යොදුනක් පමණ වූ බමුණු පිරිස ගෙන නික්මී පුතුන්ගේ සමීපයටම ගියේය. හත්‍ථිපාල තෙමේ ඒ පිරිසටද අහසෙහි සිට ධර්මය දේශනා කළේය. දෙවන දවස්හි බැමිණියද මෙසේ සිතුවාය. මගේ පුත්‍රයෝ සතරදෙනා සේසත අත්හැර පැවිදි වන්නෙමුයි ගියාහුය. බමුණාද පුරෝහිත තනතුර සමග අසූකෙළක් ධනය හැර පුත්‍රයන් සමීපයටම ගියේය. මම මෙහි කුමක් කරන්නෙමිද? පුතුන් විසින් ගිය මගින්ම යන්නෙමියි සිතා ඇය අතීත උදාහරණයක් ගෙනහැර පාමින් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේය.

“අඝස‍්මි කොඤ‍්චාව යථා හිමච‍්චයෙ, කතානි ජාලානි පදාලිය හංසා; ගච‍්ඡන‍්ති පුත‍්තා ච පතී ච මය‍්හං, සාහං කථං නානුවජෙ පජාන”න‍්ති.

16. යම් සේ කොස්වාළිහිණියෝ අහසෙහි නොගැටෙමින් යත්ද, හංසයෝ වැසි සමය අවසානයෙහි අඳින ලද දැල් පලාගෙන යත්ද? එසේ මගේ පුත්‍රයෝද සැමියාද යති. ඒ මම දැනුවත් වන්නී කවර හේතුවක් නිසා නොයන්නෙම්ද?

තත්‍ථ අඝස‍්මි කොඤ‍්චාව යථාති යථෙව ආකාසෙ කොඤ‍්චසකුණා අසජ‍්ජමානා ගච‍්ඡන‍්ති. හිමච‍්චයෙති වස‍්සානච‍්චයෙ. කතානි ජාලානි පදාලිය හංසාති අතීතෙ කිර ඡන‍්නවුතිසහස‍්සා සුවණ‍්ණහංසාවස‍්සාරත‍්තපහොනකං සාලිං කඤ‍්චනගුහායං නික‍්ඛිපිත්‍වා වස‍්සභයෙන බහි අනික‍්ඛමිත්‍වා චතුමාසං තත්‍ථ වසන‍්ති. අථ නෙසං උණ‍්ණනාභි නාම මක‍්කටකො ගුහාද‍්වාරෙ ජාලං බන්‍ධති. හංසා ද‍්වින‍්නං තරුණහංසානං ද‍්විගුණං වට‍්ටං දෙන‍්ති. තෙ ථාමසම‍්පන‍්නතාය තං ජාලං ඡින්‍දිත්‍වා පුරතො ගච‍්ඡන‍්ති, සෙසා තෙසං ගතමග‍්ගෙන ගච‍්ඡන‍්ති. සා තමත්‍ථං පකාසෙන‍්තී එවමාහ. ඉදං වුත‍්තං හොති – යථෙව ආකාසෙ කොඤ‍්චසකුණා අසජ‍්ජමානා ගච‍්ඡන‍්ති, තථා හිමච‍්චයෙ වස‍්සානාතික‍්කමෙ ද‍්වෙ තරුණහංසා කතානි ජාලානි පදාලෙත්‍වා ගච‍්ඡන‍්ති, අථ නෙසං ගතමග‍්ගෙන ඉතරෙ හංසා. ඉදානි පන මම පුත‍්තා තරුණහංසා ජාලං විය කාමජාලං ඡින්‍දිත්‍වා ගතා, මයාපි තෙසං ගතමග‍්ගෙන ගන‍්තබ‍්බන‍්ති ඉමිනාධිප‍්පායෙන “ගච‍්ඡන‍්ති පුත‍්තා ච පතී ච මය‍්හං, සාහං කථං නානුවජෙ පජාන”න‍්ති ආහ.

එහි අඝස්මිං කොඤ්චාම යථා යනු යම් සේ අහසෙහි කොස්වාළිහිණි පක්‍ෂියෝ නොගැටෙන්නාහු යත්ද? හිමච්චයෙ යනු වැසිකාලය අවසානයෙහි, තන්තානි ජාලානි පදාළෙය්‍ය හංසා යනු අතීතයෙහි සයානූ දහසක් ස්වර්ණ හංසයෝ වැසිකලට පොහෝනා හැල් රන් ගුහාවෙහි බහා තබා හිමයට බියෙන් පිටතට නොනික්මී සිව්මසක් එහිම වාසය කරත්. ඉක්බිති “උණ්ණානාභි” නම් මකුළුවෙක් ඔවුන්ගේ ගුහාදොර දැළ බඳී. ඒ හංසයෝ තරුණ හංසයන් දෙදෙනෙකුට දෙගුණයක් ගොදුරු දෙති. ඔවුහු දෙදෙනා ශක්ති සම්පන්න හෙයින් ඒ දැල සිඳ පළමුව යෙත්. සෙස්සෝ ඔවුන් ගිය මගින්ම යත්. ඇය ඒ බව ප්‍රකාශ කරමින් මෙසේ කීවාය. මෙය කියන ලද්දේමය. යම් සේ කොස්වාළිහිණියෝ අහස්හි නොගැටෙන්නාහු යත්ද, එසේ හිම අවසන් වූ කල්හි, වැසි සමය ඉක්මුන කල්හි තරුණ හංසයෝ දෙදෙන ගොතන ලද දැල් පලා යති. අනතුරුව ඔවුන් ගිය මගින්නට සෙසු හංසයෝද යති. දැන් වනාහි මගේ පුත්‍රයෝ තරුණ හංසයන් දැල පලන්නාක් මෙන් කාමය නැමති දැල සිඳ ගියෝය. මවිසින්ද ඔවුන් ගිය මගින්ම යා යුතුයයි මේ අදහසින් ගච්ඡන්ති පුත්තා ච පතී ච මය්‍යාං ස්වාහං කථං නානුවජෙ පජානං යයි කීවේය.

ඉති සා “කථං අහං එවං පජානන‍්තී න පබ‍්බජිස‍්සාමි, පබ‍්බජිස‍්සාමි යෙවා”ති සන‍්නිට‍්ඨානං කත්‍වා බ්‍රාහ‍්මණියො පක‍්කොසාපෙත්‍වා එවමාහ “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “තුම‍්හෙ පන අය්‍යෙ”ති. “අහං පබ‍්බජිස‍්සාමී”ති. “මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති. සා තං විභවං ඡඩ‍්ඩෙත්‍වා යොජනිකං පරිසං ගහෙත්‍වා පුත‍්තානං සන‍්තිකමෙව ගතා. හත්‍ථිපාලො තායපි පරිසාය ආකාසෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙසි. පුනදිවසෙ රාජා “කුහිං පුරොහිතො”ති පුච‍්ඡි. “දෙව, පුරොහිතො ච බ්‍රාහ‍්මණී ච සබ‍්බං ධනං ඡඩ‍්ඩෙත්‍වා ද‍්වියොජනිකං පරිසං ගහෙත්‍වා පුත‍්තානං සන‍්තිකං ගතා”ති. රාජා “අසාමිකං ධනං අම‍්හාකං පාපුණාතී”ති තස‍්ස ගෙහතො ධනං ආහරාපෙසි. අථස‍්ස අග‍්ගමහෙසී “රාජා කිං කරොතී”ති පුච‍්ඡිත්‍වා “පුරොහිතස‍්ස ගෙහතො ධනං ආහරාපෙතී”ති වුත‍්තෙ “පුරොහිතො කුහි”න‍්ති වත්‍වා “සපජාපතිකො පබ‍්බජ‍්ජත්‍ථාය නික‍්ඛන‍්තො”ති සුත්‍වා “අයං රාජා බ්‍රාහ‍්මණෙන ච බ්‍රාහ‍්මණියා ච චතූහි පුත‍්තෙහි ච ජහිතං උක‍්කාරං මොහෙන මූළ‍්හො අත‍්තනො ඝරං ආහරාපෙති, උපමාය නං බොධෙස‍්සාමී”ති සූනතො මංසං ආහරාපෙත්‍වා රාජඞ‍්ගණෙ රාසිං කාරෙත්‍වා උජුමග‍්ගං විස‍්සජ‍්ජෙත්‍වා ජාලං පරික‍්ඛිපාපෙසි. ගිජ‍්ඣා දූරතොව දිස‍්වා තස‍්සත්‍ථාය ඔතරිංසු. තත්‍ථ සප‍්පඤ‍්ඤා ජාලං පසාරිතං ඤත්‍වා අතිභාරිකා හුත්‍වා “උජුකං උප‍්පතිතුං න සක‍්ඛිස‍්සාමා”ති අත‍්තනා ඛාදිතමංසං ඡඩ‍්ඩෙත්‍වා වමිත්‍වා ජාලං අනල‍්ලීයිත්‍වා උජුකමෙව උප‍්පතිත්‍වා ගමිංසු. අන්‍ධබාලා පන තෙහි ඡඩ‍්ඩිතං වමිතං ඛාදිත්‍වා භාරියා හුත්‍වා උජුකං උප‍්පතිතුං අසක‍්කොන‍්තා ආගන‍්ත්‍වා ජාලෙ බජ‍්ඣිංසු. අථෙකං ගිජ‍්ඣං ආනෙත්‍වා දෙවියා දස‍්සයිංසු. සා තං ආදාය රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “එථ තාව, මහාරාජ, රාජඞ‍්ගණෙ එකං කිරියං පස‍්සිස‍්සාමා”ති සීහපඤ‍්ජරං විවරිත්‍වා “ඉමෙ ගිජ‍්ඣෙ ඔලොකෙහි මහාරාජා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ ඇය මම මෙසේ දන්නී කෙසේ නම් පැවිදි නොවන්නෙම් දැයි සනිටුහන් කොට බැමිණියන් කැඳවා මෙසේ කීවේය. තෙපි කුමක් කරහුදැයි යනුවෙනි. ආර්යාවනි, ඔබ කුමක් කරහිද? මම පැවිදි වන්නෙමි. අපිද පැවිදි වන්නෙමුයි කීවාහුය. ඇය ඒ සම්පත් අත්හැර යොදුනක් පමණ පිරිස ගෙන පුතු සමීපයටම ගියාය. හස්ථිපාලයාද පිරිස් සහිත වූ ඇයට අහසෙහි හිඳ ධර්මය දේශනා කළේය. දෙවන දවස්හි රජු පුරෝහිතයා කොහිදැයි විමසීය. දේවයන් වහන්ස, පුරෝහිතයාද ඔහුගේ බැමිණියද සියළු ධනය අත්හැර යොදුන් දෙකක් පමණ පිරිස ගෙන පුතුන්ගේ සමීපයටම ගියාහුයයි කීහ. රජු අස්වාමික ධනය අපටම පැමිණේ යයි ඔහුගේ ගෙයින් ධනය ගෙන්වීය. ඉක්බිති ඔහුගේ අගමෙහෙසිය රජු කුමක් කරයිදැයි විමසා පුරෝහිතයාගේ ගෙයින් ධනය ගෙන්වා ගනීයයි කී කල්හි පුරෝහිතයා කොහිදැයි කියා බිරිඳ සහිතව පැවිද්ද සඳහා ගියේ යයි අසා මේ රජු බමුණා විසින්ද බැමිණිය විසින්ද පුතුන් සිව්දෙනා විසින්ද අත්හළ වමනය වැනි හෙළන ලද කෙළ මෝහයෙන් මුළා වී තමාගේ ගෙට ගෙන්වා ගනී. උපමාවකින් ඔහුට කරුණු අවබෝධ කරවමියි මස්ලොඹුවෙන් (මස්කපන තැන) මස් ගෙන්වා රජ මිදුලෙහි රැස් කරවා සෘජු මාර්ග අවුරා දැලකින් වට කරවීය. ගිජුළිහිණියෝ දුරදීම දැක එය ගැනීම පිණිස බැස්සාහුය. එහි නුවණැති පක්‍ෂීහු දැල අතුරන ලද බව දැන ඉතා බරැතිව සෘජුව ඉගිලෙන්නට නොහැකි වෙමුයි තමා කන ලද මස්ද හෙලා දැලෙහි නොඇලී සෘජුවම ඉගිලී ගියාහුය. අඳබාලයෝ ඔවුන් විසින් හෙලන ලද වමාරන ලද මස් කා බරැති වී සෘජුව ඉගිලෙන්නට අපොහොසත් වන්නාහු ගොස් දැලෙහි බැඳුනාහුය. ඉක්බිති එක් ගිජුලිහිණියෙකු ගෙනවුත් දේවියට දැක්වූවාහුය. ඇය ඌ රැගෙන රජු සමීපයට ගොස් රජතුමනි, එන්න. රජමිදුලෙහි එක් කටයුත්තක් දකින්නෙමුයි සීමැදුරු කවුළුව විවෘත කර මහරජතුමනි, මේ ගිජුලිහිණියන් බලවයි කියා ගාථා දෙකක් කීවාය.

“එතෙ භුත්‍වා වමිත්‍වා ච, පක‍්කමන‍්ති විහඞ‍්ගමා; යෙ ච භුත්‍වා න වමිංසු, තෙ මෙ හත්‍ථත‍්තමාගතා.

17. මේ පක්‍ෂීහු මස් අනුභව කර වමාරා බැහැරට පියඹා යෙත්. යමෙක් අනුභව කර නොවැමෑරුවහුද ඔවුහු මගේ අතට පැමිණියෝ වූහ.

“අවමී බ්‍රාහ‍්මණො කාමෙ, සො ත්‍වං පච‍්චාවමිස‍්සසි; වන‍්තාදො පුරිසො රාජ, න සො හොති පසංසියො”ති.

18. බ්‍රාහ්මණයා කාම සම්පත් වැමෑරුවේය. ඔබ ඒවා පසුව අනුභව කළෙහිය. රජතුමනි, යමෙක් වැමෑරු දෙය අනුභව කරන පුරුෂයෙක් වේද ඔහු පැසසිය යුතු නොවෙයි.

තත්‍ථ භුත්‍වා වමිත්‍වා චාති මංසං ඛාදිත්‍වා වමිත්‍වා ච. පච‍්චාවමිස‍්සසීති පටිභුඤ‍්ජිස‍්සසි. වන‍්තාදොති පරස‍්ස වමිතඛාදකො. න පසංසියොති සො තණ‍්හාවසිකො බාලො බුද‍්ධාදීහි පණ‍්ඩිතෙහි පසංසිතබ‍්බො න හොති.

එහි භුත්‍වා වමිත්‍වා ච යනු මස් කා ද වමාරාද පච්චාවමිස්සසි යනු නැවත අනුභව කරන්නෙහිද? වන්තාදො යනු අනුන්ගේ වමනය කන්නා. පසංසියො යනු තෘෂ්ණා වසඟයට පත් ඒ මෝඩයා බුද්ධාදී පණ්ඩිතයන් විසින් පැසසිය යුත්තෙක් නොවෙයි.

තං සුත්‍වා රාජා විප‍්පටිසාරී අහොසි, තයො භවා ආදිත‍්තා විය උපට‍්ඨහිංසු. සො “අජ‍්ජෙව රජ‍්ජං පහාය මම පබ‍්බජිතුං වට‍්ටතී”ති උප‍්පන‍්නසංවෙගො දෙවියා ථුතිං කරොන‍්තො ගාථමාහ –

රජු ඒ අසා විපිළිසර වීය. තුන් භවය ගිනි ගත්තාක් මෙන් වැටහුනි. අදම රාජ්‍යය හැර මවිසින් පැවිදි වන්නට වටනේ යයි උපන් සංවේග ඇත්තේ දේවියට ස්තුති කරමින් ගාථාවක් කීවේය.

“පඞ‍්කෙ ච පොසං පලිපෙ බ්‍යසන‍්නං, බලී යථා දුබ‍්බලමුද‍්ධරෙය්‍ය; එවම‍්පි මං ත්‍වං උදතාරි භොති, පඤ‍්චාලි ගාථාහි සුභාසිතාහී”ති.

19. යම්සේ බලවතෙක් මඩෙහි පලිපයෙහි ගිලිනු දුබල පුරුෂයෙකු උඩට ඔසවන්නේද? පඤ්චාල රජ දුවණියනි, එසේම මනාව කියන ලද ගාථාවන්ගෙන් ඔබ මා ගොඩලූයේ වෙයි.

තත්‍ථ බ්‍යසන‍්නන‍්ති නිමුග‍්ගං, “විසන‍්න”න‍්තිපි පාඨො. උද‍්ධරෙය්‍යාති කෙසෙසු වා හත්‍ථෙසු වා ගහෙත්‍වා උක‍්ඛිපිත්‍වා ථලෙ ඨපෙය්‍ය. උදතාරීති කාමපඞ‍්කතො උත‍්තාරයි. “උදතාසී”තිපි පාඨො, අයමෙවත්‍ථො. “උද‍්ධටාසී”තිපි පාඨො, උද‍්ධරීති අත්‍ථො. පඤ‍්චාලීති පඤ‍්චාලරාජධීතෙ.

එහි ව්‍යපන්නං යනු ගිලුනා වූ. විසන්තං යනුද පෙළයි. උද්ධරෙය්‍ය යනු කෙස්වලින් හෝ අත්වලින් ගෙන ඔසවා ගොඩ තබන්නේය. උදතාරී යනු කාම නැමති මඩ වලෙන් ගොඩ ගත්තේය. උදතාසි යනුද පෙළයි. මේම අර්ථ වේ. උද්ධතාසි යනුද පෙළ වේ. ගොඩගත්තේය යන අර්ථයි. පඤ්චාලී යනු පඤ්චාල රජ දුවණියනි,

එවඤ‍්ච පන වත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව පබ‍්බජිතුකාමො හුත්‍වා අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා ආහ – “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති තුම‍්හෙ පන, දෙවාති? “අහං හත්‍ථිපාලස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. “මයම‍්පි පබ‍්බජිස‍්සාම, දෙවා”ති. රාජා ද‍්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා “අත්‍ථිකා සෙතච‍්ඡත‍්තං උස‍්සාපෙන‍්තූ”ති අමච‍්චපරිවුතො තියොජනිකං පරිසං ගහෙත්‍වා කුමාරස‍්සෙව සන‍්තිකං ගතො. හත්‍ථිපාලො තස‍්සාපි පරිසාය ආකාසෙ නිසින‍්නො ධම‍්මං දෙසෙසි. සත්‍ථා රඤ‍්ඤො පබ‍්බජිතභාවං පකාසෙන‍්තො ගාථමාහ –

මෙසේද කියා එකෙනෙහිම පැවිදි වනු කැමැත්තේ වී ඇමතිවරුන් කැඳවා මෙසේ කීය. තෙපි කුමක් කරව්දැයි. දේවයන් වහන්ස, ඔබවහන්සේ කුමක් කරහිදැයි ඔවුහු විමසූහ. මම හස්තිපාල සමීපයෙහි පැවිදි වන්නෙමියි. දේවයන් වහන්ස, අපිද පැවිදි වන්නෙමුයි කීහ. රජු දොළොස් යොදුන් පමණ වූ බරණැස් නුවර රාජ්‍යය අත්හැර ප්‍රයෝජනයක් ඇත්තෝ සේසත නගව් යයි ඇමති සමූහයා විසින් පිරිවරන ලදුයේ තුන්යොදුන් පමණ වූ පිරිස ගෙන කුමාරයා සමීපයටම ගියේය. හස්තිපාල තෙමේ ඔහුටද පිරිසටද අහසෙහි හුන්නේ ධර්මය දේශනා කළේය. ශාස්තෲන් වහන්සේ රජු පැවිදි වූ බව දේශනා කරමින්.

“ඉදං වත්‍වා මහාරාජා, එසුකාරී දිසම‍්පති; රට‍්ඨං හිත්‍වාන පබ‍්බජි, නාගො ඡෙත්‍වාව බන්‍ධන”න‍්ති.

20. දිශාවන්ට අධිපති ඒසුකාරි මහරජතුමා මෙසේ කියා ඇතෙක් බැමි සිඳ මෙන් රට හැර පැවිදි වූයේය.

යන ගාථාව කීවේය.

පුනදිවසෙ නගරෙ ඔහීනජනො සන‍්නිපතිත්‍වා රාජද‍්වාරං ගන‍්ත්‍වා දෙවියා ආරොචෙත්‍වා නිවෙසනං පවිසිත්‍වා දෙවිං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො ගාථමාහ.

දෙවන දවස්හි නගරයෙහි නතරවූ ජනයා රැස්වී රජදොරට ගොස් දේවියට දන්වා මාළිගයට පිවිස දේවියට වැඳ එකත්පස්ව සිටියේ,

“රාජා ච පබ‍්බජ‍්ජමරොචයිත්‍ථ, රට‍්ඨං පහාය නරවීරසෙට‍්ඨො; තුවම‍්පි නො හොහි යථෙව රාජා, අම‍්හෙහි ගුත‍්තා අනුසාස රජ‍්ජ”න‍්ති.

21. නරවීර ශ්‍රේෂ්ඨ වූ රජුද රට අත්හැර පැවිදි වීමට කැමති වීය. රජු අපට යම්සේ වීද, ඔබද එසේ වව. අප විසින් රක්නා වූ රාජ්‍යය අනුශාසනා කරව.

යන ගාථාව කීවේය.

තත්‍ථ අනුසාසාති අම‍්හෙහි ගුත‍්තා හුත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙහි. සා මහාජනස‍්ස කථං සුත්‍වා සෙසගාථා අභාසි –

එහි අනුසාස යනු අප විසින් ආරක්ෂා කරන ලද්දී වී දැහැමෙන් රාජ්‍යය කරවයි. ඇය මහජනයාගේ කථාව අසා සෙසු ගාථාවෝ කීවේය.

“රාජා ච පබ‍්බජ‍්ජමරොචයිත්‍ථ, රට‍්ඨං පහාය නරවීරසෙට‍්ඨො; අහම‍්පි එකා චරිස‍්සාමි ලොකෙ, හිත්‍වාන කාමානි මනොරමානි.

22. නරවීර ශ්‍රේෂ්ඨ වූ රජුද රට හැර පැවිදි වීමට කැමති වීය. මම සිත් අලවන්නා වූ කාමයන් අත්හැර හුදකලාව ලොව හැසිරෙන්නෙමි.

“රාජා ච පබ‍්බජ‍්ජමරොචයිත්‍ථ, රට‍්ඨං පහාය නරවීරසෙට‍්ඨො; අහම‍්පි එකා චරිස‍්සාමි ලොකෙ, හිත්‍වාන කාමානි යථොධිකානි.

23. නරවීර ශ්‍රේෂ්ඨ වූ රජුද රට හැර පැවිදිවීමට කැමති වීය. මමද අධික වූ කාමයන් අත්හැර හුදකලාව ලොව හැසිරෙන්නෙමි.

“අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො, වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති; අහම‍්පි එකා චරිස‍්සාමි ලොකෙ, හිත්‍වාන කාමානි මනොරමානි.

24. කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු තරණය කරත්. වයස් කොටස් අනුපිළිවෙලින් හැරදමයි. මමද සිත් අලවන සුළු වූ කාමයන් අත්හැර හුදකලාව ලොව හැසිරෙන්නෙමි.

“අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො, වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති; අහම‍්පි එකා චරිස‍්සාමි ලොකෙ, හිත්‍වාන කාමානි යථොධිකානි.

25. කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු තරණය කරත්. වයස් කොට ඒ අනුපිළිවෙලින් හැරදමයි. මමද අධික වූ කාමයන් අත්හැර හුදකලාව ලොව හැසිරෙන්නෙමි.

“අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො, වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති; අහම‍්පි එකා චරිස‍්සාමි ලොකෙ, සීතිභූතා සබ‍්බමතිච‍්ච සඞ‍්ග”න‍්ති.

26. කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු තරණය කරත්. වයස් කොටස් පිළිවෙලින් හැරදමයි. මමද සිසිල් වූවා සියළු රාගාදී සංගයන් ඉක්මවා හුදකලාව ලොව හැසිරෙන්නෙමි.

තත්‍ථ එකාති පුත‍්තධීතුකිලෙසසම‍්බාධෙහි මුච‍්චිත්‍වා ඉමස‍්මිං ලොකෙ එකිකාව චරිස‍්සාමි. කාමානීති රූපාදයො කාමගුණෙ. යතොධිකානීති යෙන යෙන ඔධිනා ඨිතානි, තෙන තෙන ඨිතානෙව ජහිස‍්සාමි, න කිඤ‍්චි ආමසිස‍්සාමීති අත්‍ථො. අච‍්චෙන‍්ති කාලාති පුබ‍්බණ‍්හාදයො කාලා අතික‍්කමන‍්ති. තරයන‍්තීති අතුච‍්ඡා හුත්‍වා ආයුසඞ‍්ඛාරං ඛෙපයමානා ඛාදයමානා ගච‍්ඡන‍්ති. වයොගුණාති පඨමවයාදයො තයො, මන්‍දදසකාදයො වා දස කොට‍්ඨාසා. අනුපුබ‍්බං ජහන‍්තීති උපරූපරිකොට‍්ඨාසං අප‍්පත්‍වා තත්‍ථ තත්‍ථෙව නිරුජ‍්ඣන‍්ති. සීතිභූතාති උණ‍්හකාරකෙ උණ‍්හසභාවෙ කිලෙසෙ පහාය සීතලා හුත්‍වා. සබ‍්බමතිච‍්ච සඞ‍්ගන‍්ති රාගසඞ‍්ගාදිකං සබ‍්බසඞ‍්ගං අතික‍්කමිත්‍වා එකා චරිස‍්සාමි, හත්‍ථිපාලකුමාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජිස‍්සාමීති.

එහි එකා යනු පුතුන් දූවරුන් කෙලෙසේ ආදී ගැහැටින් මිදී මෙලොව හුදකලාව හැසිරෙන්නෙමි. කාමානි යනු රූපාදී කාමගුණයෝ. යථොධිකානි යනු යම් යම් සීමාවකින් සිටියෝද ඒ ඒ පමණින් සිටියා වූ කාමයන් අත් හරින්නෙමි. කිසිවක් ස්පර්ශ නොකරමි යන අර්ථයි. අච්චෙන්ති කාලා යනු පෙරවරු ආදී වූ කාලයෝ ඉක්ම යත්. තරයන්ති යනු නොසිස් වී ආයු සංස්කාරයෝ ගෙවනු ලබන්නී කාදමනු ලබන්නී ගෙවී යත්. වයො ගුණා යනු පළමු වයස ආදී වු තුනද මන්‍දදසක ආදී වූ දොළොස් වැදෑරුම් වූද කොටස්. අනුපුබ්බං ජහන්ති යනු මතු මතු කොටසට නොපැමිණ එහි එහිම නිරුද්ධ වේ. සීති භූතා යනු උණුසුම ඇති කරන්නා වූ උණුසුම් ස්වභාව ඇති කෙලෙස් අතහැර සිසිල් වී. සබ්බමතිච්ච සංගං යනු රාග සංඝ ආදී වූ සියළු සංගයන් ඉක්මවා හුදකලාව හැසිරෙන්නෙමි. හත්‍ථිපාල කුමාරයා සමීපයට ගොස් පැවිදි වන්නෙමි.

ඉති සා ඉමාහි ගාථාහි මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා අමච‍්චභරියායො පක‍්කොසාපෙත්‍වා ආහ – “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති තුම‍්හෙ පන අය්‍යෙති? “අහං පබ‍්බජිස‍්සාමී”ති. “මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති. සා “සාධූ”ති රාජනිවෙසනෙ සුවණ‍්ණකොට‍්ඨාගාරාදීනි විවරාපෙත්‍වා “අසුකට‍්ඨානෙ ච අසුකට‍්ඨානෙ ච මහානිධි නිදහිත”න‍්ති සුවණ‍්ණපට‍්ටෙ ලිඛාපෙත්‍වා “දින‍්නඤ‍්ඤෙව, අත්‍ථිකා හරන‍්තූ”ති වත්‍වා සුවණ‍්ණපට‍්ටං මහාතලෙ ථම‍්භෙ බන්‍ධාපෙත්‍වා නගරෙ භෙරිං චරාපෙත්‍වා මහාසම‍්පත‍්තිං ඡඩ‍්ඩෙත්‍වා නගරා නික‍්ඛමි. තස‍්මිං ඛණෙ සකලනගරං සඞ‍්ඛුභි. “රාජා ච කිර දෙවී ච රජ‍්ජං පහාය ‘පබ‍්බජිස‍්සාමා’ති නික‍්ඛමන‍්ති, මයං ඉධ කිං කරිස‍්සාමා”ති තතො තතො මනුස‍්සා යථාපූරිතානෙව ගෙහානි ඡඩ‍්ඩෙත්‍වා පුත‍්තෙ හත්‍ථෙසු ගහෙත්‍වා නික‍්ඛමිංසු. සබ‍්බාපණා පසාරිතනියාමෙනෙව ඨිතා, නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො නාම නාහොසි. සකලනගරං තුච‍්ඡං අහොසි, දෙවීපි තියොජනිකං පරිසං ගහෙත්‍වා තත්‍ථෙව ගතා. හත්‍ථිපාලො තස‍්සාපි පරිසාය ආකාසෙ නිසින‍්නො ධම‍්මං දෙසෙත්‍වා ද‍්වාදසයොජනිකං පරිසං ගහෙත්‍වා හිමවන‍්තාභිමුඛො පායාසි. “හත්‍ථිපාලකුමාරො කිර ද‍්වාදසයොජනිකං බාරාණසිං තුච‍්ඡං කත්‍වා ‘පබ‍්බජිස‍්සාමී’ති මහාජනං ආදාය හිමවන‍්තං ගච‍්ඡති, කිමඞ‍්ගං පන මය”න‍්ති සකලකාසිරට‍්ඨං සඞ‍්ඛුභි. අපරභාගෙ පරිසා තිංසයොජනිකා අහෙසුං, සො තාය පරිසාය සද‍්ධිං හිමවන‍්තං පාවිසි.

ඇය මෙසේ මේ ගාථාවන්ගෙන් මහජනයාට ධර්මය දේශනා කර ඇමති භාර්යාවන් කැඳවා තෙපි කුමක් කරව්දැයි කීවාය. ආර්යාවනි, ඔබතුමිය කුමක් කරහිද? මම පැවිදි වන්නෙමි. අපිද පැවිදි වන්නෙමුයි ඇය මැනවයි රජ මාලිගයෙහි රන් භාණ්ඩාගාර ආදිය ආදිය විවෘත කරවා අසවල් තැන අසවල් තැන මහා නිධානයක් නිදන් කරන ලදැයි රන්පතෙහි ලියා තබා දෙන ලද්දේමය. ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්වායි කියා රන්පත මහ පොළොවෙහි ටැඹක බඳවා නගරයෙහි බෙර හසුරුවා මහා සම්පත් අතහැර නගරයෙන් නික්මුනාය. එකෙනෙහි සියළු නුවර රජුද දේවියද රාජ්‍යය හැර පැවිදි වන්නෙමුයි නික්මුනාහුය. දැන් අපි කුමක් කරමුදැයි කැළඹුනි. අනතුරුව මිනිස්සු පිරුණා වූම ගෙවල් අතහැර දූපුතුන් ගෙන නික්මුනාහුය. සියළු සත්ත්වයෝ පිටත්කර හරනා ලද ක්‍රමයෙන්ම සිටියාහු ආපසු හැරී බලන්නෙක් නම් නොවීය. සියළු නුවර හිස් වීය. දේවියද තුන්යොදුන් පිරිස ගෙන එහිම ගියාය. හත්‍ථිපාල තෙමේ ඇයටද පිරිසටද අහසෙහි සිටිමින් ධර්මය දේශනා කර දොළොස් යොදුන් පමණ වූ පිරිස ගෙන හිමවතට අභිමුඛ වූයේ පිටත්ව ගියේය. හත්‍ථිපාල කුමාරයා දොළොස් යොදුන් වූ බරණැස් නුවර හිස් වූවක් කර පැවිදි වන්නෙමියි මහජනයා රැගෙන හිමවතට යයි. එම්බල, අපි කුමක් හෙයින් නොයන්නෙමුදැයි සියළු කසීරට කැළඹුනි. මෑත කාලයෙහි පිරිස තිස්යොදුනක් වීය. හෙතෙම ඒ පිරිස සමග හිමාලයට පිවිසියේය.

සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං පවත‍්තිං ඤත්‍වා “හත්‍ථිපාලකුමාරො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො, සමාගමො මහා භවිස‍්සති, වසනට‍්ඨානං ලද‍්ධුං වට‍්ටතී”ති විස‍්සකම‍්මං ආණාපෙසි “ගච‍්ඡ, ආයාමතො ඡත‍්තිංසයොජනං, විත්‍ථාරතො පන‍්නරසයොජනං අස‍්සමං මාපෙත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ සම‍්පාදෙහී”ති. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා ගඞ‍්ගාතීරෙ රමණීයෙ භූමිභාගෙ වුත‍්තප‍්පමාණං අස‍්සමපදං මාපෙත්‍වා පණ‍්ණසාලාසු කට‍්ඨත්‍ථරණපණ‍්ණත්‍ථරණආසනාදීනි පඤ‍්ඤපෙත්‍වා සබ‍්බෙ පබ‍්බජිතපරික‍්ඛාරෙ මාපෙසි. එකෙකිස‍්සා පණ‍්ණසාලාය ද‍්වාරෙ එකෙකො චඞ‍්කමො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානපරිච‍්ඡින‍්නො කතසුධාපරිකම‍්මො ආලම‍්බනඵලකො, තෙසු තෙසු ඨානෙසු නානාවණ‍්ණසුරභිකුසුමසඤ‍්ඡන‍්නා පුප‍්ඵගච‍්ඡා, එකෙකස‍්ස චඞ‍්කමස‍්ස කොටියං එකෙකො උදකභරිතො කූපො, තස‍්ස සන‍්තිකෙ එකෙකො ඵලරුක‍්ඛො, සො එකොව සබ‍්බඵලානි ඵලති. ඉදං සබ‍්බං දෙවතානුභාවෙන අහොසි. විස‍්සකම‍්මො අස‍්සමපදං මාපෙත්‍වා පණ‍්ණසාලාසු පබ‍්බජිතපරික‍්ඛාරෙ ඨපෙත්‍වා “යෙ කෙචි පබ‍්බජිතුකාමා ඉමෙ පරික‍්ඛාරෙ ගණ‍්හන‍්තූ”ති ජාතිහිඞ‍්ගුලකෙන භිත‍්තියා අක‍්ඛරානි ලිඛිත්‍වා අත‍්තනො ආනුභාවෙන භෙරවසද‍්දෙ මිගපක‍්ඛී දුද‍්දසිකෙ අමනුස‍්සෙ ච පටික‍්කමාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතො.

ශක්‍රයා විමසා බලනුයේ ඒ පුවත දැන හත්‍ථිපාල කුමාරයා අභිනිෂ්ක්‍රමණයෙහි නික්මුනේය. මහත් වූ සමාගමයක් වන්නේය. වසන තැනක් ලබන්නට වටනේ යයි “යව දිගින් සතිසක් යොදුන් වූ පළලින් පසළොස් යොදුන් වූ අසපුවක් මවා පැවිදි පිරිකර සළසාලව”යි විශ්ව කර්මයාට ඇණවීය. හෙතෙම මැනවයි පිළිවදන් දී ගංතෙර සිත්කළු බිම් කොටසක කී පමණ වූ අසපුවක් මවා පන්සල්වල දඬුමැසි තණ ඇතිරිලි අසුන් ආදිය පනවා සියළු පිරිකර මැවීය. එක එක පන්සලක දොර එක එක සක්මන් මළුවෙකි. රතුපැහැ ගඩොලින් පිළිසන් වූයේය. සුණු පිළියම් කළේ වීය. වැතිර සිටිනා ආලම්බන ඵලක සහිතය. ඒ ඒ තන්හි නන් පැහැ ඇති සුවඳවත් මලින් ගැවසී ගත් මල් ගස්ය. එක් එක් සක්මන් මළුවක කෙළවරෙහි එක එක දියෙන් පිරුණු ළිඳෙකි. ඒ සමීපයෙහි එක එක ගෙඩි පිරුණු ගසෙකි. ඒ එකම ගසක් වූයේද සියළු ගෙඩි ඵල දරයි. මේ සියල්ල දේවතානුභාවයෙන්ම වීය. විශ්වකර්මයා අසපුව මවා පන්සල්වල පැවිදි පිරිකර තබා යම් කිසිවෙක් පැවිදි වනු කැමැත්තෝ නම් මේ පිරිකර ගනිත්වායි දෑහිඟුලෙන් (රත් හිරියල්) බිත්තියෙහි අකුරු ලියා තමාගේ ආනුභාවයෙන් බියකරු ශබ්ද ඇති සිව්පාවුන් හා පක්‍ෂීන්ද නපුරු දැකුම් ඇති අමනුෂ්‍යයන්ද ඉවත් කරවා සිය තැනටම ගියේය.

හත්‍ථිපාලකුමාරො එකපදිකමග‍්ගෙන සක‍්කදත‍්තියං අස‍්සමං පවිසිත්‍වා අක‍්ඛරානි දිස‍්වා “සක‍්කෙන මම මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තභාවො ඤාතො භවිස‍්සතී”ති ද‍්වාරං විවරිත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජලිඞ‍්ගං ගහෙත්‍වා නික‍්ඛමිත්‍වා චඞ‍්කමං ඔතරිත්‍වා කතිපයෙ වාරෙ අපරාපරං චඞ‍්කමිත්‍වා සෙසජනකායං පබ‍්බාජෙත්‍වා අස‍්සමපදං විචාරෙන‍්තො තරුණපුත‍්තානං ඉත්‍ථීනං මජ‍්ඣට‍්ඨානෙ පණ‍්ණසාලං අදාසි. තතො අනන‍්තරං මහල‍්ලකිත්‍ථීනං, තතො අනන‍්තරං මජ‍්ඣිමිත්‍ථීනං, සමන‍්තා පරික‍්ඛිපිත්‍වා පන පුරිසානං අදාසි . අථෙකො රාජා “බාරාණසියං කිර රාජා නත්‍ථී”ති ආගන‍්ත්‍වා අලඞ‍්කතපටියත‍්තං නගරං ඔලොකෙත්‍වා රාජනිවෙසනං ආරුය‍්හ තත්‍ථ තත්‍ථ රතනරාසිං දිස‍්වා “එවරූපං නගරං පහාය පබ‍්බජිතකාලතො පට‍්ඨාය පබ‍්බජ‍්ජා නාමෙසා උළාරා භවිස‍්සතී”ති සුරාසොණ‍්ඩෙ මග‍්ගං පුච‍්ඡිත්‍වා හත්‍ථිපාලස‍්ස සන‍්තිකං පායාසි. හත්‍ථිපාලො තස‍්ස වනන‍්තරං ආගතභාවං ඤත්‍වා පටිමග‍්ගං ගන‍්ත්‍වා ආකාසෙ නිසින‍්නො පරිසාය ධම‍්මං දෙසෙත්‍වා අස‍්සමපදං නෙත්‍වා සබ‍්බපරිසං පබ‍්බාජෙසි. එතෙනුපායෙන අඤ‍්ඤෙපි ඡ රාජානො පබ‍්බජිංසු. සත‍්ත රාජානො භොගෙ ඡඩ‍්ඩයිංසු, ඡත‍්තිංසයොජනිකො අස‍්සමො නිරන‍්තරො පරිපූරි. යො කාමවිතක‍්කාදීසු අඤ‍්ඤතරං විතක‍්කෙති, මහාපුරිසො තස‍්ස ධම‍්මං දෙසෙත්‍වා බ්‍රහ‍්මවිහාරභාවනඤ‍්චෙව කසිණභාවනඤ‍්ච ආචික‍්ඛති. තෙ යෙභුය්‍යෙන ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා තීසු කොට‍්ඨාසෙසු ද‍්වෙ කොට‍්ඨාසා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිංසු. තතියකොට‍්ඨාසං තිධා කත්‍වා එකො කොට‍්ඨාසො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති, එකො ඡසු කාමසග‍්ගෙසු, එකො ඉසීනං පාරිචරියං කත්‍වා මනුස‍්සලොකෙ තීසු කුලසම‍්පත‍්තීසු නිබ‍්බත‍්ති. එවං හත්‍ථිපාලස‍්ස සාසනං අපගතනිරයතිරච‍්ඡානයොනිපෙත‍්තිවිසයාසුරකායං අහොසි.

හත්‍ථිපාල කුමාරයා එක් පිය මගින් ශක්‍රයා විසින් දෙන ලද ආශ්‍රමයට පිවිස අකුරු දැක ශක්‍රයා විසින් මා මහාභිනිෂ්ක්‍රමණයෙහි නික්මුන බව දත්තේ වන්නේ යයි දොර විවරකොට පන්සලට පිවිස තවුස් පැවිදි වේශය ගෙන නික්මී සක්මන්මළුවට බැස කිහිපවරක් ඔබිනොබ සක්මන් කර සෙසු ජන සමූහයා පැවිදි කරවා ආශ්‍රමය විමසා බලනුයේ ළදරුවන් ඇති ස්ත්‍රීන්ට මැද තන්හි පන්සලක් දුන්නේය. ඉන් අනතුරුව මහළු ස්ත්‍රීන්ටද ඉන් අනතුරුව වඳ ස්ත්‍රීන්ටද හාත්පස වටකර පුරුෂයන්ටද දුන්නේය. ඉක්බිති එක් රජෙක් බරණැස් නුවර රජු නැතැයි අවුත් අලංකාර කර සරසන ලද නගරය බලා රජමැදුරට නැග ඒ ඒ තැන රන් රැස දැක මෙබඳු වූ නගරයක් අතහැර පැවිදි වූ කළ පටන් මේ පැවිද්ද නම් මහත් වූවක් වන්නේ යයි සලකා සුරාසොඬුන් අතින් මාර්ගය අසා හත්‍ථිපාලගේ සමීපයට ගියේය. හත්‍ථිපාල තෙමේ ඔහු වන කෙළවරට පැමිණි බව දැන පෙරමගට ගොස් අහසෙහි හුන්නේ පිරිසට ධර්මය දේශනා කර අසපුවට පමුණුවා සියළු පිරිස පැවිදි කරවීය. මේ උපායෙන් අන් රජවරු සදෙනෙක්ද පැවිදි වූහ. රජවරු සත්දෙනෙක් සම්පත් අත්හළහ. සතිස් යොදුන් ආශ්‍රමය නිරතුරුව පිරුණේය. යමෙක් කාම විතර්ක ආදීන්ගෙන් එක්තරා විතර්කයක් කල්පනා කරයිද මහා පුරුෂ තෙමේ ඔහුට ධර්මය දේශනා කර සතර බ්‍රහ්ම විහාර භාවනාවද කසිණ භාවනාවද කියයි. ඔවුහු බොහෝකොට ධ්‍යාන අභිඥා උපදවා තුන් කොටසින් දෙකොටසක් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය. තෙවන කොටස ත්‍රිවිධ කර එක් කොටසක් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනි. එක් කොටසක් සවැදෑරුම් කාම ස්වර්ගයෙහිද එක් කොටසක් තවුසන්ට වතාවත් කර මිනිස්ලොව උසස් කුල තුනෙහිද උපන්නේය. මෙසේ හත්‍ථිපාලගේ ශාසනය නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායන්ගෙන් පහවූවක් විය.

ඉමස‍්මිං තම‍්බපණ‍්ණිදීපෙ පථවිචාලකධම‍්මගුත‍්තත්‍ථෙරො, කටකන්‍ධකාරවාසී ඵුස‍්සදෙවත්‍ථෙරො, උපරිමණ‍්ඩලවාසී මහාසඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරො, මලයමහාදෙවත්‍ථෙරො, අභයගිරිවාසී මහාදෙවත්‍ථෙරො, ගාමන‍්තපබ‍්භාරවාසී මහාසිවත්‍ථෙරො, කාළවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො කුද‍්දාලසමාගමෙ මූගපක‍්ඛසමාගමෙ චූළසුතසොමසමාගමෙ අයොඝරපණ‍්ඩිතසමාගමෙ හත්‍ථිපාලසමාගමෙ ච සබ‍්බපච‍්ඡා නික‍්ඛන‍්තපුරිසා අහෙසුං. තෙනෙවාහ භගවා –

මේ තම්බපණ්ණි දිවයිනෙහි පෘථුවිචාලක ධර්මගුප්ත තෙරණුවෝද කන්‍දර වැසි ඵුස්සදේව තෙරණුවෝද මතු මණ්ඩල මලය වැසි මහා සංඝරක්ඛිත තෙරණුවෝද මලියමහාදේව තෙරණුවෝද භග්ගිරිවාසී මහාදේව තෙරණුවෝද ග්‍රාමාන්ත පර්වතවාසී මහාසීවලී තෙරණුවෝද කලවැල් මණ්ඩපවාසී මහා නාග තෙරණුවෝද කුද්දාලක සමාගමෙහි මූගපක්ඛ සමාගමෙහි චූලසුතසෝම සමාගමෙහි අයොඝර සමාගමෙහි හත්‍ථිපාල සමාගමෙහිදී සියල්ලට පසුව නික්මුණු පුරුෂයෝ වූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ,

“අභිත්‍ථරෙථ කල්‍යාණෙ, පාපා චිත‍්තං නිවාරයෙ; දන්‍ධඤ‍්හි කරොතො පුඤ‍්ඤං, පාපස‍්මිං රමතෙ මනො”ති. (ධ· ප· 116);

“අභිත්‍ථරෙථ කල්‍යාණෙ” යයි වදාළ සේක. [missing trans]

තස‍්මා කල්‍යාණං තුරිතතුරිතෙනෙව කාතබ‍්බන‍්ති.

යහපත වහ වහාම කළ යුතුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, භික‍්ඛවෙ, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා එසුකාරී රාජා සුද‍්ධොදනමහාරාජා අහොසි, දෙවී මහාමායා, පුරොහිතො කස‍්සපො, බ්‍රාහ‍්මණී භද‍්දකාපිලානී, අජපාලො අනුරුද‍්ධො, ගොපාලො මොග‍්ගල‍්ලානො, අස‍්සපාලො සාරිපුත‍්තො, සෙසපරිසා බුද‍්ධපරිසා, හත්‍ථිපාලො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, පෙරද තථාගතයන් වහන්සේ මෙසේ මහබිනික්මනෙහි නික්මුනේම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ඒසුකාරී රජු සුද්ධෝදන රජු වීය. දේවිය මහාමායා දේවිය වූවාය. පුරෝහිතයා කාශ්‍යප තෙරණුවෝ වූහ. බැමිණිය භද්දාකලාපිනිය වූවාය. අජපාල අනුරුද්ධ තෙරණුවෝද ගෝපාල මුගලන් තෙරණුවෝද අශ්වපාල සැරියුත් තෙරණුවෝද වූහ. සෙසු පිරිස බුද්ධ පිරිස විය. හත්‍ථිපාල මම ම වීමි යයි වදාළ සේක.

හත්‍ථිපාලජාතකවණ‍්ණනා තෙරසමා.