14. අයොඝරජාතකවණ්ණනා 510 අට්ඨකථා
14. අයොඝරජාතකවණ්ණනා (510)
14. අයෝඝර ජාතකය (510)
යමෙකරත්තිං පඨමන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාභිනික්ඛමනඤ්ඤෙව ආරබ්භ කථෙසි. තදාපි හි සො “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො මහාභිනික්ඛමනං නික්ඛන්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
යමෙක රත්තිං පඨමං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහාභිනිෂ්ක්රමණයම අරභයා දේශනා කළ සේක. මහණෙනි, තථාගතයන් වහන්සේ මහබිනික්මනෙහි නික්මුනේ දැන් පමණක් නොවේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බ්රහ්මදත්තස්ස රඤ්ඤො අග්ගමහෙසී ගබ්භං පටිලභිත්වා ලද්ධගබ්භපරිහාරා පරිණතගබ්භා පච්චූසසමනන්තරෙ පුත්තං විජායි. තස්සා පුරිමත්තභාවෙ එකා සපත්තිකා “තව ජාතං ජාතං පජං ඛාදිතුං ලභිස්සාමී”ති පත්ථනං පට්ඨපෙසි. සා කිර සයං වඤ්ඣා හුත්වා පුත්තමාතුකොධෙන තං පත්ථනං කත්වා යක්ඛයොනියං නිබ්බත්ති. ඉතරා රඤ්ඤො අග්ගමහෙසී හුත්වා ඉමං පුත්තං විජායි. සා යක්ඛිනී තදා ඔකාසං ලභිත්වා දෙවියා පස්සන්තියාව බීභච්ඡරූපා හුත්වා ආගන්ත්වා තං දාරකං ගහෙත්වා පලායි. දෙවී “යක්ඛිනී මෙ පුත්තං ගහෙත්වා පලායී”ති මහාසද්දෙන විරවි. ඉතරාපි දාරකං මූලකන්දං විය මුරුං මුරුං කරොන්තී ඛාදිත්වා දෙවියා හත්ථවිකාරාදීහි භෙරවං පකාසෙත්වා තජ්ජෙත්වා පක්කාමි. රාජා තං වචනං සුත්වා “කිං සක්කා යක්ඛිනියා කාතු”න්ති තුණ්හී අහොසි. පුන දෙවියා විජායනකාලෙ දළ්හං ආරක්ඛමකාසි. දෙවී පුත්තං පුන විජායි. යක්ඛිනී ආගන්ත්වා තම්පි ඛාදිත්වා ගතා. තතියවාරෙ තස්සා කුච්ඡියං මහාසත්තො පටිසන්ධිං ගණ්හි. රාජා මහාජනං සන්නිපාතෙත්වා “දෙවියා ජාතං ජාතං පජං එකා යක්ඛිනී ඛාදති , කිං නු ඛො කාතබ්බ”න්ති පුච්ඡි. අථෙකො “යක්ඛා නාම තාලපණ්ණස්ස භායන්ති, දෙවියා හත්ථපාදෙසු තාලපණ්ණං බන්ධිතුං වට්ටතී”ති ආහ. අථෙකො “අයොඝරස්ස භායන්ති, අයොඝරං කාතුං වට්ටතී”ති ආහ. රාජා “සාධූ”ති අත්තනො විජිතෙ කම්මාරෙ සන්නිපාතෙත්වා “අයොඝරං කරොථා”ති ආණාපෙත්වා ආයුත්තකෙ අදාසි. අන්තොනගරෙයෙව රමණීයෙ භූමිභාගෙ ගෙහං පට්ඨපෙසුං, ථම්භෙ ආදිං කත්වා සබ්බගෙහසම්භාරා අයොමයාව අහෙසුං, නවහි මාසෙහි අයොමයං මහන්තං චතුරස්සසාලං නිට්ඨානං අගමාසි. තං නිච්චං පජ්ජලිතපදීපමෙව හොති.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බ්‍රහ්මදත්ත රජුගේ අගමෙහෙසිය ගැබක් ලැබ ලබන ලද ගැබ් පෙරහැර ඇත්තේ පිරිපුන් ගැබ් ඇත්තී වූවා අළුයමට අනතුරුව පුතෙකු වැදුවාය. පෙර ආත්මභාවයක ඇයගේ එක් සපත්නියක තිගේ උපන් දරුවා කන්නට ලබන්නෙමියි ප්‍රාර්ථනයක් තැබුවාය. ඇය තොමෝ වඳ තැනැත්තියක වී පුත්‍රයාගේ මව පිළිබඳ ක්‍රෝධයෙන් ඒ ප්‍රාර්ථනාව කර යක්ෂ යෝනියෙහි උපන්නීය. අනෙක් තැනැත්තී රජුගේ අගමෙහෙසිය වී මේ පුත්‍රයා වැදුවාය. ඒ යකින්නිය එකල්හි අවකාශ ලැබ දේවිය දකිද්දීම පිළිකුල් කටයුතු ස්වරූප ඇත්තියක වී අවුත් ඒ දරුවා ගෙන පලා ගියාය. දේවිය යක්ෂණිය මගේ දරුවා ගෙන පලා යයි යයි මහත් වූ ශබ්දයෙන් කෑගැසුවාය. අනෙක් තැනැත්තීද දරුවා වැල් අලයක් මෙන් මුරු මුරු අනුකරණයෙන් කා දේවියට නොයෙක් විකාරයන් ගෙන බැන අඬගසා තර්ජනය කර ගියාය. රජු ඒ බව අසා යක්ෂණියට කුමක් කළ හැක්කේදැයි නිශ්ශබ්ද වීය. නැවත දේවිය ප්‍රසූත කරන කල්හි ආරක්ෂාව දැඩිව කළේය. දේවිය නැවතද පුතෙකු වැදුවාය. යක්ෂණිය අවුත් ඔහුද කා ගියාය. තෙවන වර ඇයගේ කුසෙහි මහබෝසත් තෙමේ පිළිසිඳ ගත්තේය. රජු මහජනයා කැඳවා දේවියට උපන් උපන් දරුවා එක් යක්ෂණියක කයි. කුමක් කළ යුතුදැයි විචාළේය. ඉක්බිති එක් අයෙක් යක්ෂයෝ තල්පතට බියවෙත්. (එනිසා) දේවියගේ අත්පාවල තල්පත් බඳනට වටනේයයි කීවේය. අනිකෙක් යකඩින් කළ ගේකට වදින්නට යකුන් බිය බැවින් යකඩින් ගෙයක් කිරීම වටනේ යයි කීවේය. රජු මැනවයි තමාගේ රටෙහි කම්මල්කරුවන් රැස් කරවා යකඩ ගෙයක් කරව් යයි අණ කරවා (නියෝජිතයන්) සහකරුවන් දුන්නේය. ඇතුල් නගරයෙහිම සිත්කළු බිම් කොටසක ගෙයක් තැනවූහ. ටැම් ආදී වූ සියළු ගෘහ උපකරණ යකඩින්ම වූහ. නව මාසයකින් යකඩමය මහා සිවුරැස් ශාලාව නිමාවට ගියේය. එය නිරතුරුව දැල්වෙන පහනක් මෙන් වෙයි.
රාජා දෙවියා ගබ්භපරිපාකං ඤත්වා අයොඝරං අලඞ්කාරාපෙත්වා තං ආදාය අයොඝරං පාවිසි. සා තත්ථ ධඤ්ඤපුඤ්ඤලක්ඛණසම්පන්නං පුත්තං විජායි, “අයොඝරකුමාරො”ත්වෙවස්ස නාමං කරිංසු. තං ධාතීනං දත්වා මහන්තං ආරක්ඛං සංවිදහිත්වා රාජා දෙවිං ආදාය නගරං පදක්ඛිණං කත්වා අලඞ්කතපාසාදතලමෙව අභිරුහි. යක්ඛිනීපි උදකවාරං ගන්ත්වා වෙස්සවණස්ස උදකං වහන්තී ජීවිතක්ඛයං පත්තා. මහාසත්තො අයොඝරෙයෙව වඩ්ඪිත්වා විඤ්ඤුතං පත්තො තත්ථෙව සබ්බසිප්පානි උග්ගණ්හි. රාජා “කො මෙ පුත්තස්ස වයප්පදෙසො”ති අමච්චෙ පුච්ඡිත්වා “සොළසවස්සො, දෙව, සූරො ථාමසම්පන්නො යක්ඛසහස්සම්පි පටිබාහිතුං සමත්ථො”ති සුත්වා “රජ්ජමස්ස දස්සාමි, සකලනගරං අලඞ්කරිත්වා අයොඝරතො තං නීහරිත්වා ආනෙථා”ති ආහ. අමච්චා “සාධු, දෙවා”ති ද්වාදසයොජනිකං බාරාණසිං අලඞ්කරිත්වා සබ්බාලඞ්කාරවිභූසිතං මඞ්ගලවාරණං ආදාය තත්ථ ගන්ත්වා කුමාරං අලඞ්කාරාපෙත්වා හත්ථික්ඛන්ධෙ නිසීදාපෙත්වා “දෙව, කුලසන්තකං අලඞ්කතනගරං පදක්ඛිණං කත්වා පිතරං කාසිරාජානං වන්දථ, අජ්ජෙව සෙතච්ඡත්තං ලභිස්සථා”ති ආහංසු.
රජු දේවියගේ ගැබ මුහුකුරා ගිය බව දැන යකඩ මාලිගය අලංකාර කර සරසා ඇය ගෙන යකඩ මාලිගයට පිවිසියේය. ඇය එහිදී වාසනා ගුණයෙන් හා පිං මහිමයෙන් යුත් පුත්‍රයෙකු වැදුවාය. ඔහුට අයොඝර කුමරු යයි නම් තැබුවාහුය. ඔහු කිරි මව්වරුන්ට දී මහත් වූ ආරක්ෂාව සංවිධානය කර රජු දේවිය රැගෙන නුවර පැදකුණු කර අලංකාර කරන ලද ප්‍රාසාදයටම නැංගේය. යක්ෂණියද ජල මෙහෙවරට ගොස් වෛශ්‍රවණ යක්රජුට ජලය ගෙන යන්නී ජීවිතක්ෂයට පත් වූවාය. මහාසත්ත්වයෝද යකඩ මාලිගයෙහිම වැඩී නුවණැති බවට පත් වූවෝ එහිදීම සියළු ශිල්ප උගත්හ. රජු මගේ පුත්‍රයාගේ වයස් ප්‍රමාණය කවරේදැයි ඇමතියන්ගෙන් විමසා දේවයන් වහන්ස, සොළොස් වයස්ය. දක්ෂය. ශක්ති සම්පන්නය. යකුන් දහසක්ද මැඩලන්නට සමර්ථයයි අසා ඔහුට රාජ්‍යය දෙමියි සියළු නගරය අලංකාර කරවා යකඩ නිවෙසින් ඔහු බැහැර කරවා ගෙන එව් යයි කීවේය. ඇමතියෝ දේවයන් වහන්ස, මැනවයි දොළොස් යොදුන් වූ බරණැස අලංකාර කරවා සියළු අලංකාරයන්ගෙන් සැරසූ මගුලැතු ගෙන එහි ගොස් කුමාරයා සරසා ඇතුපිට හිඳුවා දේවයන් වහන්ස, කුලය සතු වූ අලංකාර කරන ලද නගරය ප්රදක්ෂිණා කර පියා වූ කසීරට මහරජු වඳිව් අදම සේසත ලබන්නෙහු යයි කීවාහුය.
මහාසත්තො නගරං පදක්ඛිණං කරොන්තො ආරාමරාමණෙය්යකවනපොක්ඛරණිභූමිරාමණෙය්යකපාසාදරාමණෙය්යකාදීනි දිස්වා චින්තෙසි “මම පිතා මං එත්තකං කාලං බන්ධනාගාරෙ වසාපෙසි. එවරූපං අලඞ්කතනගරං දට්ඨුං නාදාසි, කො නු ඛො මය්හං දොසො”ති අමච්චෙ පුච්ඡි. “දෙව, නත්ථි තුම්හාකං දොසො, තුම්හාකං පන ද්වෙභාතිකෙ එකා යක්ඛිනී ඛාදි, තෙන වො පිතා අයොඝරෙ වසාපෙසි, අයොඝරෙන ජීවිතං තුම්හාකං ලද්ධ”න්ති. සො තෙසං වචනං සුත්වා චින්තෙසි “අහං දස මාසෙ ලොහකුම්භිනිරයෙ විය ච ගූථනිරයෙ විය ච මාතුකුච්ඡිම්හි වසිත්වා මාතුකුච්ඡිතො නික්ඛන්තකාලතො පට්ඨාය සොළස වස්සානි එතස්මිං බන්ධනාගාරෙ වසිං, බහි ඔලොකෙතුම්පි න ලභිං, උස්සදනිරයෙ ඛිත්තො විය අහොසිං, යක්ඛිනියා හත්ථතො මුත්තොපි පනාහං නෙව අජරො, න අමරො හොමි, කිං මෙ රජ්ජෙන, රජ්ජෙ ඨිතකාලතො පට්ඨාය දුන්නික්ඛමනං හොති, අජ්ජෙව මම පිතරං පබ්බජ්ජං අනුජානාපෙත්වා හිමවන්තං පවිසිත්වා පබ්බජිස්සාමී”ති. සො නගරං පදක්ඛිණං කත්වා රාජකුලං පවිසිත්වා රාජානං වන්දිත්වා අට්ඨාසි.
මහා සත්ත්වයෝ නගරය ප්රදක්ෂිණා කරනුයේ උයනින් සිත්කළු වූ වනපොකුණු බිම්වලින් රමණීය වූ පහයෙන් රමණීය වූ තැන දැක සිතුවේය. මගේ පියා මෙපමණක් කල් මා සිරගෙයි වාසය කරවීය. මෙවැනි අලංකාර වූ නගරය දක්නට නොදුන්නේය. මගේ කවර වරදක් වීදැයි ඇමතිවරුන්ගෙන් විමසීය. දේවයන් වහන්ස, ඔබගේ දෝෂයක් නැත. එක් යක්ෂණියක් ඔබගේ සහෝදරයන් දෙදෙනෙකු කෑවාය. එහෙයින් ඔබ ඔබගේ පියා යකඩ නිවසෙක වාසය කරවීය. යකඩ නිවස හේතුකොට ඔබගේ දිවි ලබන ලදැයි කීහ. හෙතෙම ඔවුන්ගේ කථාව අසා මෙසේ සිතීය. මම දස මසක් ලෝකුඹු නිරයෙහි මෙන්ම අසූචි නිරයෙහි මෙන්ද මව්කුස වාසය කර මව්කුසින් නික්මුන කල් පටන් අවුරුදු සොළොසක් මේ සිරගෙයි වාසය කළෙමි. පිටත බැලීමටද නොලදිමි. යකින්නියකගේ අතින් මිදුනේ නමුදු මම ජරාවට පත් නොවන්නේ නොවෙමි. මරණයට පත් නොවන්නේ නොවෙමි. මට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්ද? රාජ්‍යයෙහි පිහිටි කල් පටන් නික්මීම අපහසු වේ. අදම මගේ පියා වෙතින් පැවිද්ද අනුදන්වා හිමාලයට පිවිස පැවිදි වන්නෙමියි කියාය. හෙතෙම නගරය ප්රදක්ෂිණා කර රජගෙට පිවිස රජු වැඳ සිටියේය.
රාජා තස්ස සරීරසොභං ඔලොකෙත්වා බලවසිනෙහෙන අමච්චෙ ඔලොකෙසි. තෙ “කිං කරොම, දෙවා”ති වදිංසු. පුත්තං මෙ රතනරාසිම්හි ඨපෙත්වා තීහි සඞ්ඛෙහි අභිසිඤ්චිත්වා කඤ්චනමාලං සෙතච්ඡත්තං උස්සාපෙථාති. මහාසත්තො පිතරං වන්දිත්වා “න මය්හං රජ්ජෙනත්ථො, අහං පබ්බජිස්සාමි, පබ්බජ්ජං මෙ අනුජානාථා”ති ආහ. තාත රජ්ජං පටික්ඛිපිත්වා කිංකාරණා පබ්බජිස්සසීති. “දෙව අහං මාතුකුච්ඡිම්හි දස මාසෙ ගූථනිරයෙ විය වසිත්වා මාතුකුච්ඡිතො නික්ඛන්තො යක්ඛිනිභයෙන සොළස වස්සානි බන්ධනාගාරෙ වසන්තො බහි ඔලොකෙතුම්පි න අලභිං, උස්සදනිරයෙ ඛිත්තො විය අහොසිං, යක්ඛිනියා හත්ථතො මුත්තොම්හීතිපි අජරො අමරො න හොමි. මච්චු නාමෙස න සක්කා කෙනචි ජිනිතුං, භවෙ උක්කණ්ඨිතොම්හි, යාව මෙ බ්යාධිජරාමරණානි නාගච්ඡන්ති, තාවදෙව පබ්බජිත්වා ධම්මං චරිස්සාමි, අලං මෙ රජ්ජෙන, අනුජානාථ මං, දෙවා”ති වත්වා පිතු ධම්මං දෙසෙන්තො ආහ –
රජු ඔහුගේ ශරීර ශෝභාව බලා බලවත් වූ සෙනෙහසින් ඇමතියන් දෙස බැලීය. දේවයන් වහන්ස, තොප වෙනුවෙන් කුමක් කරමුදැයි කීවාහුය. මගේ පුත්‍රයා රන්රැසක තබා සක් තුනකින් අභිෂේක කර රන්මාලා සහිත සේසත ඔසවව් යයි කීය. මහාබෝධි සත්ත්වයෝ පියා වැඳ මට රාජ්‍යයෙන් වැඩක් නැත. මම පැවිදි වන්නෙමි. මගේ පැවිද්ද අනුදනුවයි කීය. දරුව, ඔබ රාජ්‍යය ප්‍රතික්ෂේප කර කවර කරුණක් නිසා පැවිදි වෙහිදැයි ඇසීය. දේවයන් වහන්ස, මම මව්කුසෙහි දසමාසයක් අසූචි නිරයෙහි මෙන් වාසය කර කුසින් නික්මුනේ යක්ෂ භය නිසා අවුරුදු සොළොසක් සිරගෙයි වසනුයේ පිටත බලන්නටද නොලැබුවෙමි. ඔසුපත් නිරයෙහි හෙළන ලද්දෙක් මෙන් වීමි. යකින්නියගෙන් මිදුනේ මුත් අජර-අමර නොවෙමි. මරු වසඟයෙන් දිනන්නට මවිසින් හෝ අන් කිසිවෙකු විසින් හෝ නොහැකිය. භවයෙහි උකටලී වූයේ වෙමි. යම්තාක් මා වෙත රෝග-ජරා-මරණ නොපැමිණේද ඒතාක් පැවිදි වී ධර්මයෙහි හැසිරෙන්නෙමි. මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. දේවයන් වහන්ස, මා අනුදනුවයි කියා පියාට ධර්මය දේශනා කරමින් මෙසේ කීවේය.
“යමෙකරත්තිං පඨමං, ගබ්භෙ වසති මාණවො; අබ්භුට්ඨිතොව සො යාති, ස ගච්ඡං න නිවත්තති.
යමෙක රත්තිං පඨමං ගබ්භෙ වසති මානවො, අබ්භූට්ඨිතොව සයති සගච්ඡං න නිවත්තති
1. සත්ත්වයා පළමුව මව් ගැබෙහි යම් එක් රැයක් වාසය කරයිද? හෙතෙම වලාකුළක් මෙන් ඉදිරියට යයි. ඉදිරියට යන්නා වූ හෙතෙම ආපසු නොඑයි.
“න යුජ්ඣමානා න බලෙනවස්සිතා, නරා න ජීරන්ති න චාපි මීයරෙ; සබ්බං හිදං ජාතිජරායුපද්දුතං, තං මෙ මතී හොති චරාමි ධම්මං.
2. යුද්ධ කරන්නා වූද බලයෙන් යුක්ත වූද මිනිස්සු නොදිරන්නෝ නොවෙති. නොමිය යන්නෝද නොවෙති. ඒ සියල්ල ජාති-ජරා යන මෙයින් උවදුරට පැමිණියේ වේ. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“චතුරඞ්ගිනිං සෙනං සුභිංසරූපං, ජයන්ති රට්ඨාධිපතී පසය්හ; න මච්චුනො ජයිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
3. රජතුමනි, අතිශයින් බිහිසුනු සිව්රඟ සෙනඟ බලහත්කාරයෙන් රටවල් ජය ගනී. මරහුගේ සෙනඟ ජයගන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“හත්ථීහි අස්සෙහි රථෙහි පත්තිභි, පරිවාරිතා මුච්චරෙ එකච්චෙය්යා; න මච්චුනො මුච්චිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
4. ඇතැම්හු ඇතුන්ගෙන් අශ්වයන්ගෙන් රියවලින් හා පාබල සෙනගින් පිරිවරන ලද්දෝ සතුරන්ගෙන් මිදෙත්. නමුත් මාරයාගෙන් මිදෙන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇතිවෙයි.
“හත්ථීහි අස්සෙහි රථෙහි පත්තිභි, සූරා පභඤ්ජන්ති පධංසයන්ති; න මච්චුනො භඤ්ජිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
5. ශූරයෝ ඇත්-අස්-රිය-පාබල සෙනඟ යන මේවායින් යුක්ත වූවාහු සතුරු නගර බිඳිත්. නසත්. මරුගේ බලය බිඳින්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“මත්තා ගජා භින්නගළා පභින්නා, නගරානි මද්දන්ති ජනං හනන්ති; න මච්චුනො මද්දිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
6. ත්‍රිමදගලිත මත් ඇත්තු නගර මඩිත්. ජනයා නසත්. (නමුත්) මරුගේ බලය මඩින්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“ඉස්සාසිනො කතහත්ථාපි වීරා, දූරෙපාතී අක්ඛණවෙධිනොපි; න මච්චුනො විජ්ඣිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
7. නුවණැති වූ, නොවැරදිව දුර විදීමෙහි දක්ෂ වූ කරන ලද පුහුණුවීම් ඇති දුනු දරන්නෝ ඇත්තාහ. ඔවුහු මරු විදින්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“සරානි ඛීයන්ති සසෙලකානනා, සබ්බං හිදං ඛීයති දීඝමන්තරං; සබ්බං හිදං භඤ්ජරෙ කාලපරියායං, තං මෙ මතී හොති චරාමි ධම්මං.
8. අනෝතත්ත ආදී විල්ද පර්වත සහිත වනයෝද ක්ෂය වෙත්. ඒ සියල්ල දිගුකලක් ඇවෑමෙන් විනාශ වෙයි. ඒ සියල්ල කාලසීමාව අවසානයෙහි විනාශ වෙයි. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“සබ්බෙසමෙවඤ්හි නරාන නාරිනං, චලාචලං පාණභුනොධ ජීවිතං; පටොව ධුත්තස්ස, දුමොව කූලජො, තං මෙ මතී හොති චරාමි ධම්මං.
9. මෙසේ මෙලොව සියළු පුරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ සෙසු ප්‍රාණීන්ගේද ජීවිත ධූර්තයෙකුගේ වස්ත්‍රයක් මෙන්ද ඉවුරෙහි හටගත් ගසක් මෙන්ද චංචල වෙයි. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“දුමප්ඵලානෙව පතන්ති මාණවා, දහරා ච වුද්ධා ච සරීරභෙදා; නාරියො නරා මජ්ඣිමපොරිසා ච, තං මෙ මතී හොති චරාමි ධම්මං.
10. සත්ත්වයෝ ගසෙහි ගෙඩි මෙන් වැටෙත්. තරුණ වූවාහුද වැඩිහිටි වූවාහුද ස්ත්‍රීහුද පුරුෂයෝද මධ්‍යම වූවාහුද සිරුර බිඳීම් ස්වභාව කොට ඇත්තෝ වෙති. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇතිවෙයි.
“නායං වයො තාරකරාජසන්නිභො, යදබ්භතීතං ගතමෙව දානි තං; ජිණ්ණස්ස හී නත්ථි රතී කුතො සුඛං, තං මෙ මතී හොති චරාමි ධම්මං.
11. මේ වයස සඳ මෙන් නොවේ. (සඳ අව පක්ෂයේ පිරිහී පුර පක්ෂයේ වැඩෙයි. එසේ නොවේ යන අර්ථයි.) යමක් ඉක්ම ගියේද එය දැන් ගියේමය. දිරා ගියහු හට ඇල්මක් නැත. සැපක් කොයින්ද? එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“යක්ඛා පිසාචා අථවාපි පෙතා, කුපිතා තෙ අස්සසන්ති මනුස්සෙ; න මච්චුනො අස්සසිතුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
12. යම් යක්ෂයෝද පිශාචයෝද නැවත ප්‍රේතයෝද වෙත් නම් ඔවුහු කිපිණාහු මිනිසුන්ට ආවේශ වෙත්. ඔවුහු මරුට ආවේශ වන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“යක්ඛෙ පිසාචෙ අථවාපි පෙතෙ, කුපිතෙපි තෙ නිජ්ඣපනං කරොන්ති; න මච්චුනො නිජ්ඣපනං කරොන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
13. යක්ෂයන්ද පිසාචයන් ද තව ද ප්‍රේතයන් ද කිපුන කල්හි ඔවුන් ක්ෂමා කරවත්. නමුත් මරුවා ක්ෂමා නොකරවත්. (ක්ෂමා කළ නොහැකිය) එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“අපරාධකෙ දූසකෙ හෙඨකෙ ච, රාජානො දණ්ඩෙන්ති විදිත්වාන දොසං; න මච්චුනො දණ්ඩයිතුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
14. රජවරු වරද දැන අපරාධකරුවන්ට ද දූෂකයන්ට ද මහජනයා පෙළන්නවුන්ට ද දඬුවම් කරත් මරුට දඬුවම් කරන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“අපරාධකා දූසකා හෙඨකා ච, ලභන්ති තෙ රාජිනො නිජ්ඣපෙතුං; න මච්චුනො නිජ්ඣපනං කරොන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
15. ඒ අපරාධකරුවෝ ද දූෂකයෝ ද පෙළන්නෝ ද රජුන් අස්වසාලන්නට ලබත්. මරහු අස්වසාලීමක් නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“න ඛත්තියොති න ච බ්රාහ්මණොති, න අඩ්ඪකා බලවා තෙජවාපි; න මච්චුරාජස්ස අපෙක්ඛමත්ථි, තං මෙ මතී හොති චරාමි ධම්මං.
16. ක්ෂත්රියායි කියා හෝ බ්‍රාහ්මණයායි කියා හෝ ධනවතෙකැයි කියා හෝ බලවතෙකැයි කියා හෝ තෙද ඇත්තෙකැයි කියා හෝ මරුවාගේ අපේක්ෂාවක් නොමැත. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“සීහා ච බ්යග්ඝා ච අථොපි දීපියො, පසය්හ ඛාදන්ති විප්ඵන්දමානං; න මච්චුනො ඛාදිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
17. සිංහයෝද ව්‍යාඝ්‍රයෝද දිවියෝද බලහත්කාරයෙන් දඟලන්නා වුන් කති. මරු කන්නට උත්සාහ නොකරති. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“මායාකාරා රඞ්ගමජ්ඣෙ කරොන්තා, මොහෙන්ති චක්ඛූනි ජනස්ස තාවදෙ; න මච්චුනො මොහයිතුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
18. මායා කාරයෝ වේදිකාව මැද එකෙනෙහිම මහජනයාගේ ඇස් මුළා කරත්. ඔවුහු මරුගේ ඇස් මුලා කරන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“ආසීවිසා කුපිතා උග්ගතෙජා, ඩංසන්ති මාරෙන්තිපි තෙ මනුස්සෙ; න මච්චුනො ඩංසිතුමුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
19. කෝපයට පත් උග්‍ර විෂ ඇති සර්පයෝ මිනිසුන්ට දෂ්ට කරත්. මරත්. ඔවුහු මරුට දෂ්ට කරන්නට උත්සාහ නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි යන අදහස මට ඇතිවෙයි.
“ආසීවිසා කුපිතා යං ඩංසන්ති, තිකිච්ඡකා තෙස විසං හනන්ති; න මච්චුනො දට්ඨවිසං හනන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං.
20. කෝපයට පත් සර්පයෝ යමෙකුට දෂ්ට කරත්ද, වෛද්‍යවරු ඔවුන්ගේ විෂ නසත්. නමුත් මරු දෂ්ට කිරීමෙන් උපන් විෂ නොනසත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමි යන අදහස මට ඇති වෙයි.
“ධම්මන්තරී වෙත්තරණී ච භොජො, විසානි හන්ත්වාන භුජඞ්ගමානං; සුය්යන්ති තෙ කාලකතා තථෙව, තං මෙ මතී හොති චරාමි ධම්මං.
21. ධම්මන්තරී, වේතරණී, භෝජ යන වෛද්‍යවරු සර්පයන්ගේ විෂ නසා තුමූද එසේම කළුරිය කළාහු යයි අසනු ලැබෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි යන අදහස මට ඇති වෙයි.
“විජ්ජාධරා ඝොරමධීයමානා, අදස්සනං ඔසධෙහි වජන්ති; න මච්චුරාජස්ස වජන්තදස්සනං, තං මෙ මතී හොති චරාමි ධම්මං.
22. ඝෝර නම් විද්‍යාව හදාරන විද්‍යාධරයෝ ඖෂධ බලයෙන් අනිකාගේ නොදැක්මට යෙත්. මරුගේ නොදැක්මට නොයත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි යන අදහස මට ඇති වෙයි.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති; එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
23. ධර්මය තෙමේ ධර්මයෙහි හැසිරෙන්නා රකී. මනාව පුරුදු කරන ලද ධර්මය සැප ගෙන දෙයි. මනාව පුරුදු කරන ලද ධර්මයෙහි මේ ආනිසංසයයි. ධර්මයෙහි හැසිරෙන්නා දුගතියට නොයයි.
“න හි ධම්මො අධම්මො ච, උභො සමවිපාකිනො; අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගති”න්ති.
24. ධර්මය අධර්මය යන දෙදෙනා සමාන විපාක දෙන්නෝ නොවෙති. අධර්මය නිරයට පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.
තත්ථ යමෙකරත්තින්ති යෙභුය්යෙන සත්තා මාතුකුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හන්තා රත්තියංයෙව ගණ්හන්ති, තස්මා එවමාහ. අයං පනෙත්ථ අත්ථො – යං එකරත්තිං වා දිවා වා පඨමමෙව පටිසන්ධිං ගණ්හිත්වා මාතුකුච්ඡිසඞ්ඛාතෙ ගබ්භෙ වසති. මාණවොති සත්තො කලලභාවෙන පතිට්ඨාති. අබ්භුට්ඨිතොව සො යාතීති සො මාණවො යථා නාම වලාහකසඞ්ඛාතො අබ්භො උට්ඨිතො නිබ්බත්තො වායුවෙගාහතො පටිගච්ඡති, තථෙව –
එහි යමෙකරත්තිං යනු බෙහෙවින් සත්ත්වයෝ මව්කුස පිළිසිඳ ගන්නාහු රාත්‍රියෙහිම පිළිසිඳ ගනිති. එහෙයින් මෙසේ කීවේය. මෙහි අර්ථය මෙය වේ. යම් එක් රැයක හෝ දවල් හෝ පළමුවම පිළිසිඳ ගෙන මව්කුස සංඛ්‍යාත වූ ගැබෙහි වසයි. මානවො යනු සත්ත්ව තෙමේ කලල ස්වභාවයෙන් පිහිටයි. අබ්භූට්ඨිතොව සයති යනු ඒ මානවකයා යම්සේ වලාහක නම් වූ වලාකුළ නැඟුනේ උපන්නේ වාත වේගයෙන් හමනා ලද්දේ යයි මය. එසේම.
“පඨමං කලලං හොති, කලලා හොති අබ්බුදං; අබ්බුදා ජායතෙ පෙසි, පෙසි නිබ්බත්තතී ඝනො; ඝනා පසාඛා ජායන්ති, කෙසා ලොමා නඛාපි ච.
පළමුව කළලය වෙයි. කළලයෙන් අබ්බුදය හටගනී. අබ්බුදයෙන් පේසි හටගනී. පේසියෙන් ඝණය හට ගනී. ඝනයෙන් කෙස් ලොම් නිය ආදී වූ මේ විවිධ කොටස් හටගනී.
“යඤ්චස්ස භුඤ්ජතී මාතා, අන්නං පානඤ්ච භොජනං; තෙන සො තත්ථ යාපෙති, මාතුකුච්ඡිගතො නරොති. (සං· නි· 1.235);
මොහුගේ මව යම්බඳු වූ කෑම-බීම-භෝජන අනුභව කරයිද මව්කුසට ගිය හෙතෙම එය කරණ කොටගෙන එහි යැපේ.
ඉමං මාතුකුච්ඡියං කලලාදිභාවං, මාතුකුච්ඡිතො ච නික්ඛන්තො මන්දදසකාදිභාවං ආපජ්ජමානො සතතං සමිතං ගච්ඡති. ස ගච්ඡං න නිවත්තතීති සචායං එවං ගච්ඡන්තො පුන අබ්බුදතො කලලභාවං, පෙසිආදිතො වා අබ්බුදාදිභාවං, ඛිඩ්ඩාදසකතො මන්දදසකභාවං, වණ්ණදසකාදිතො වා ඛිඩ්ඩාදසකාදිභාවං පාපුණිතුං න නිවත්තති. යථා පන සො වලාහකො වාතවෙගෙන සංචුණ්ණියමානො “අහං අසුකට්ඨානෙ නාම උට්ඨිතො පුන නිවත්තිත්වා තත්ථෙව ගන්ත්වා පකතිභාවෙන ඨස්සාමී”ති න ලභති, යං දිසං ගතං, තං ගතමෙව, යං අන්තරහිතං, තං අන්තරහිතමෙව හොති, තථා සොපි කලලාදිභාවෙන ගච්ඡමානො ගච්ඡතෙව, තස්මිං තස්මිං කොට්ඨාසෙ සඞ්ඛාරා පුරිමානං පුරිමානං පච්චයා හුත්වා පච්ඡතො අනිවත්තිත්වා තත්ථ තත්ථෙව භිජ්ජන්ති, ජරාකාලෙ සඞ්ඛාරා “අම්හෙහි එස පුබ්බෙ යුවා ථාමසම්පන්නො කතො, පුන නං නිවත්තිත්වා තත්ථෙව කරිස්සාමා”ති න ලභන්ති, තත්ථ තත්ථෙව අන්තරධායන්තීති දස්සෙති.
මේ මව්කුසෙහි කළල ආදී ස්වභාවයයි. කුසින් නික්මුනේ මන්ද දසක ආදීන්ට පැමිණෙනුයේ නිරන්තරයෙන් ඉදිරියටම යයි. සගච්ඡං න නිවත්තති ඉදින් මෙතෙමේ මෙසේ ගමන් කරනුයේ නැවත අබ්බුදයෙන් කළල භාවයට හෝ පේසි ආදියෙන් අබ්බුද භාවයට හෝ ක්‍රීඩා දසකයෙන් මන්ද දසකයට හෝ වණ්ණ දසක ආදියෙන් ක්‍රීඩා දහසකට හෝ පෙරළා නොපැමිණේ. යම් සේ වාත වේගයෙන් කඩ කඩ කරනු ලබන වැසි වලාකුල මම අසවල් නම් තැන නගිනා ලද්දෙමි. නැවත ආපසු හැරී එහිම ගොස් මුල් ස්වරූපයෙන් සිටින්නෙමියි අවස්ථාවක් නොලබයි. ඒ වලාකුලෙහි යම් යෑමක් වීද එය ගියේමය. යමක් අතුරුදහන් වීද එය අතුරුදහන් වූයේමය. එසේම හෙතමේද කලල ආදී ස්වභාවයෙන් යන්නේ යයි මය. ඒ ඒ කොටසෙහි සංස්කාරයෝ පෙර පෙර වූවන්ට ප්‍රත්‍යය වී පසුපසින් නොනැවතී එ් එ් තන්හිම බිඳෙයි. ජරාවට පත් වූ කල්හි සංස්කාරයෝ අප විසින් පෙර මෙය තරුණය. ශක්ති සම්පන්න කෙළෙමි යයි නැවත ආපසු හැරී එසේම කරන්නෙමියි නොලබත්. ඒ ඒ තන්හිම අතුරුදහන් වෙත් යයි දක්වයි.
න යුජ්ඣමානාති උභතො බ්යූළ්හෙ සඞ්ගාමෙ යුජ්ඣන්තා. න බලෙනවස්සිතාති න කායබලෙන වා යොධබලෙන වා උපගතා සමන්නාගතා. න ජීරන්තීති පුරිම-න-කාරං ආහරිත්වා එවරූපාපි නරා න ජීරන්ති න චාපි න මීයරෙති අත්ථො වෙදිතබ්බො. සබ්බං හිදන්ති මහාරාජ, සබ්බමෙව ඉදං පාණමණ්ඩලං මහායන්තෙන පීළියමානා උච්ඡුඝටිකා විය ජාතියා ච ජරාය ච උපද්දුතං නිච්චං පීළිතං. තං මෙ මතී හොතීති තෙන කාරණෙන මම “පබ්බජිත්වා ධම්මං චරාමී”ති මති හොති චිත්තං උප්පජ්ජති.
න යුජ්ක්ධමානා යනු දෙපසින් නැගී ගත්තා වූ යුද්ධයෙහි යුද්ධ කරන්නා වූ. න බලෙන වස්සිතා යනු කායික බලයෙන් හෝ යෝධ බලයෙන් හෝ යුක්ත වූවාහු නොවෙති. නජීරන්ති යනු පෙර කියන ලද පරිදි ගෙනහැර දක්වා මෙබඳු වූ මිනිස්සුද නොදිරන්නෝ නොවෙත්. මිය නොයන්නෝ නොවෙත් යන අර්ථය දතයුතුය. සබ්බංහි තං යනු මහරජතුමනි, මේ සියළු ප්‍රාණී සමූහයා මහත් වූ යන්ත්‍රයක මඩිනු ලබන්නා වූ උක් මිටියක් මෙන් ජාතියෙන් ද ජරාවෙන් ද උවදුරට පැමිණියේය. නිතර පීඩාවට පත් වූයේද වෙයි. තම්මෙමතී හොති යනු ඒ කරුණ නිසා පැවිදි වී ධර්මයෙහි හැසිරෙමියි අදහස වෙයි. සිතක් උපදියි.
චතුරඞ්ගිනින්ති හත්ථිආදීහි චතුරඞ්ගෙහි සමන්නාගතං. සෙනං සුභිංසරූපන්ති සුට්ඨු භිංසනකජාතිකං සෙනං. ජයන්තීති කදාචි එකච්චෙ රාජානො අත්තනො සෙනාය ජයන්ති. න මච්චුනොති තෙපි රාජානො මහාසෙනස්ස මච්චුනො සෙනං ජයිතුං න උස්සහන්ති, න බ්යාධිජරාමරණානි මද්දිතුං සක්කොන්ති. මුච්චරෙ එකච්චෙය්යාති එතෙහි හත්ථිආදීහි පරිවාරිතා එකච්චෙ පච්චාමිත්තානං හත්ථතො මුච්චන්ති, මච්චුනො පන සන්තිකා මුච්චිතුං න සක්කොන්ති. පභඤ්ජන්තීති එතෙහි හත්ථිආදීහි පච්චත්ථිකරාජූනං නගරානි පභඤ්ජන්ති. පධංසයන්තීති මහාජනං ධංසෙන්තා පධංසෙන්තා ජීවිතක්ඛයං පාපෙන්ති. න මච්චුනොති තෙපි මරණකාලෙ පත්තෙ මච්චුනො භඤ්ජිතුං න සක්කොන්ති.
චතුරංගිනිං යනු ඇත් ආදී වූ සිව්රඟ සෙනගින් යුක්ත වූ. සෙනං සුහිංසරූපං යනු දැඩිව හිංසා කරන සුළු සේනාව. ජයන්ති යනු කිසියම් දිනයක ඇතැම් රජවරු තමාගේ සේනාව නිසා ජය ගනිත්. න මච්චුනො යනු ඒ රජවරු මහා සෙන නම් වූ මාරයාගේ සේනාව ජය ගන්නට උත්සාහ නොකරත්. ව්‍යාධි-ජරා මරණයන් මර්දනය කරන්නට නොහැකි වෙත්. මුච්චරෙ එකව්යො යනු ඒ ඇත් ආදීන්ගෙන් පිරිවරන ලද ඇතැම්හු සතුරන්ගේ අතින් මිදෙත් මරුගේ සමීපයෙන් මිදෙන්නට නොහැකි වෙත්. පභඤ්ජන්ති යනු මේ ඇතුන් ආදීන් විසින් සතුරු රජවරුන්ගේ නගරයන් බිඳ දමත්. පධංසයන්ති මහජනයාට හිරිහැර කරනුයේ අතිශයින් හිරිහැර කරනුයේ ජීවිතක්ෂයට පමුණුවත්. න මච්චුනො යනු ඔවුහුද මරණ කාලය පැමිණි කල්හි මරුගේ බලය බිඳින්නට නොහැකි වෙති.
භින්නගළා පභින්නාති තීසු ඨානෙසු පභින්නා හුත්වා මදං ගළන්තා, පග්ඝරිතමදාති අත්ථො. න මච්චුනොති තෙපි මහාමච්චුං මද්දිතුං න සක්කොන්ති. ඉස්සාසිනොති ඉස්සාසා ධනුග්ගහා. කතහත්ථාති සුසික්ඛිතා. දූරෙපාතීති සරං දූරෙ පාතෙතුං සමත්ථා. අක්ඛණවෙධිනොති අවිරද්ධවෙධිනො, විජ්ජුආලොකෙන විජ්ඣනසමත්ථා වා. සරානීති අනොතත්තාදීනි මහාසරානි ඛීයන්තියෙව. සසෙලකානනාති සපබ්බතවනසණ්ඩා මහාපථවීපි ඛීයති. සබ්බං හිදන්ති සබ්බමිදං සඞ්ඛාරගතං දීඝමන්තරං ඨත්වා ඛීයතෙව. කප්පුට්ඨානග්ගිං පත්වා මහාසිනෙරුපි අග්ගිමුඛෙ මධුසිත්ථකං විය විලීයතෙව, අණුමත්තොපි සඞ්ඛාරො ඨාතුං න සක්කොති. කාලපරියායන්ති කාලපරියායං නස්සනකාලවාරං පත්වා සබ්බං භඤ්ජරෙ, සබ්බං සඞ්ඛාරගතං භිජ්ජතෙව. තස්ස පකාසනත්ථං සත්තසූරියසුත්තං (අ· නි· 7.66) ආහරිතබ්බං.
භින්නගලා පභින්නා යනු තුන් තන්හි බිඳුනෝ වී මද ගලන්නාහු වැගිරෙන මද ඇත්තාහු යන අර්ථයි. න මච්චුනො යනු ඔවුහුද මහමරු මර්දනය කරන්නට නොහැකි වෙති. ඉස්සාසිකා දුනු ගත්තාහු ධනුර්ග්රාහකයෝ. කතහත්ථා මනාව හික්මුනාහු. දූරෙපාතී යනු දුර විදින්නට සමර්ථයෝ. අක්ඛණ වෙධිනො නිවැරදි ලෙසට විදින්නා වූ විදුලියෙහි ආලෝකයෙන් විදීමට සමත්ථි යෝ හෝ. සරානි යනු අනෝතත්ත ආදී මහ විල්ද වියලෙත්මැයි. සසෙලකානනා යනු පර්වත වනලැහැබ් සහිත වූ මහපොළොවද විනාශ වේ. සබ්බං හි තං යනු සංස්කාරයන් බවට පත් මේ සියල්ල දිගුකලක් සිට විනාශ වේමය. කල්ප විනාශයෙහි පැන නගින ගින්න පැමිණ මහමෙරූ ගින්නෙහි වෙඬරු පිඩක් මෙන් වියැලේමය. කුඩා වූද සංස්කාරයක් නොනැසී සිටින්නට නොහැකි වෙයි. කාලපරියං යනු කාලයෙහි කෙළවරෙහි නැසෙන කල්වාරයට පැමිණ සියල්ලම නැසෙයිමය. සංස්කාරයන් බවට පත් වූ සියල්ල බිඳෙයිමය. එය ප්‍රකාශ කරනු සඳහා සප්ත සූර්යෝද්ගම සූත්‍රය ගෙනහැර දැක්විය යුතුය.
චලාචලන්ති චඤ්චලං සකභාවෙන ඨාතුං අසමත්ථං නානාභාවවිනාභාවසභාවමෙව. පාණභුනොධ ජීවිතන්ති ඉධ ලොකෙ ඉමෙසං පාණභූතානං ජීවිතං . පටොව ධුත්තස්ස, දුමොව කූලජොති සුරධුත්තො හි සුරං දිස්වාව උදරෙ බද්ධං සාටකං දත්වා පිවතෙව, නදීකූලෙ ජාතදුමොව කූලෙ ලුජ්ජමානෙ ලුජ්ජති, යථා එස පටො ච දුමො ච චඤ්චලො, එවං සත්තානං ජීවිතං, දෙවාති. දුමප්ඵලානෙවාති යථා පක්කානි ඵලානි වාතාහතානි දුමග්ගතො භූමියං පතන්ති, තථෙවිමෙ මාණවා ජරාවාතාහතා ජීවිතා ගළිත්වා මරණපථවියං පතන්ති. දහරාති අන්තමසො කලලභාවෙ ඨිතාපි. මජ්ඣිමපොරිසාති නාරීනරානං මජ්ඣෙ ඨිතා උභතොබ්යඤ්ජනකනපුංසකා.
චලාචලං යනු සසල වන තමාගේ ස්වරූපයෙන් සිටින්නට අසමත් වූ වෙනස්වන වෙන්වන බව ස්වභාවකොට ඇතිම. පාණභූනොධ ජීවිතං යනු මේ ලොව මේ ප්‍රාණීන්ගේ ජීවිතය. පටොව ධුත්තස්ස දුමොව කුලජො යනු සුරාවෙහි ලොල් වූ තැනැත්තා සුරාව දැක උදරයෙහි බඳනා ලද සළුව හෝ දී බොයිමය. ගංතෙර හටගත් ගස මෙන් පවුර බිඳෙන කල්හි බිඳෙයි. රජතුමනි, යම් සේ මේ වස්ත්‍රයද ගසද චංචල වෙයිද මෙසේ සත්ත්වයන්ගේ ජීවිතද එසේමය. දුමප්ඵලානෙව යනු යම්සේ වාතයෙන් පහරන ලද ඉදුන ගෙඩි ගස මුදුනෙන් බිමට වැටේද එසේම මේ මානවකයෝ ජරා නැමති වාතයෙන් පහරන ලද්දෝ ජීවිතයෙන් ගිලිහී මරණය නැමති පොළොවෙහි වැටෙත්. දහරා යනු අන්තිම වශයෙන් කලල අවස්ථාවෙහි සිටියාහුද. මජ්ක්‍ධිම පොරිසා යනු මිනිසුන්ගේ හා ස්ත්රීන්ගේ මැද සිටියා වූ උභතො බ්‍යඤ්ජනක නම් වූ නපුංසයෝ.
තාරකරාජසන්නිභොති යථා තාරකරාජා කාළපක්ඛෙ ඛීණො, පුන ජුණ්හපක්ඛෙ පූරති, න එවං සත්තානං වයො. සත්තානඤ්හි යං අබ්භතීතං, ගතමෙව දානි තං, න තස්ස පුනාගමනං අත්ථි. කුතො සුඛන්ති ජරාජිණ්ණස්ස කාමගුණෙසු රතිපි නත්ථි, තෙ පටිච්ච උප්පජ්ජනකසුඛං කුතොයෙව. යක්ඛාති මහිද්ධිකා යක්ඛා. පිසාචාති පංසුපිසාචකා. පෙතාති පෙත්තිවිසයිකා. අස්සසන්තීති අස්සාසවාතෙන උපහනන්ති, ආවිසන්තීති වා අත්ථො. න මච්චුනොති මච්චුං පන තෙපි අස්සාසෙන උපහනිතුං වා ආවිසිතුං වා න සක්කොන්ති. නිජ්ඣපනං කරොන්තීති බලිකම්මවසෙන ඛමාපෙන්ති පසාදෙන්ති. අපරාධකෙති රාජාපරාධකාරකෙ. දූසකෙති රජ්ජදූසකෙ. හෙඨකෙති සන්ධිච්ඡෙදාදීහි ලොකවිහෙඨකෙ. රාජානොති රාජානො. විදිත්වාන දොසන්ති දොසං ජානිත්වා යථානුරූපෙන දණ්ඩෙන දණ්ඩෙන්තීති අත්ථො. න මච්චුනොති තෙපි මච්චුං දණ්ඩයිතුං න සක්කොන්ති.
තාරක රාජ සන්නිභො යනු යම්සේ තරුවලට රජු වූ චන්ද්‍රයා අව පක්ෂයෙහි ක්ෂය වූයේ නැවත පුර පක්ෂයෙහිදී සම්පූර්ණ වේද සත්ත්වයන්ගේ වයස එසේ නොවේ. සත්ත්වයන්ගේ වූ කලී යදබ්භතීතං ගතමෙවදානි තං එහි නැවත පැමිණීමක් නැත. කුතො රතී යනු ජරාවෙන් දිරාගියහුට කාම ගුණයන්හි ඇල්මකුදු නැත. ඒවා නිසා උපදින සැපයක් කොයින්ද? යක්ඛා යනු මහත් ආනුභාව ඇති යක්ෂයෝ. පිසාචා යනු පාංසු පිසාචකයෝ. පෙතා ප්‍රේත ලොව උපන්නාහු. අස්සසන්ති යනු ආශ්වාස වාතයෙන් නසත්. පිවිසෙත්. හෝ වාතයෙන් නසන්නට හෝ ආවේශ වන්නට හෝ නොහැකි වෙත්. නිජ්ක්ධාපනං කරොන්ති යනු පූජා කර්මයන් කිරීම් වශයෙන් සමා කරවත්. පහදවත්. අපරාධකෙ යනු රාජාපරාධකරුවන්. දූසකෙ රාජ දූෂකයන්. හෙඨකෙ යනු ගෙවල් බිඳීම් ආදියෙන් ලොව වෙහෙසවන්නන්. රාජානො යනු රජවරු. විදිත්ව දොසං යනු දොස් දැන සුදුසු වූ දඬුවමකින් දඬුවම් කරත්. න මච්චුනො යනු ඔවුහුද මරුට දඬුවම් කරන්නට නොහැකි වෙත්.
නිජ්ඣපෙතුන්ති සක්ඛීහි අත්තනො නිරපරාධභාවං පකාසෙත්වා පසාදෙතුං. න අඩ්ඪකා බලවා තෙජවාපීති “ඉමෙ අඩ්ඪා, අයං කායබලඤාණබලාදීහි බලවා, අයං තෙජවා”ති එවම්පි න පච්චුරාජස්ස අපෙක්ඛං අත්ථි, එකස්මිම්පි සත්තෙ අපෙක්ඛං පෙමං සිනෙහො නත්ථි, සබ්බමෙව අභිමද්දතීති දස්සෙති. පසය්හාති බලක්කාරෙන අභිභවිත්වා. න මච්චුනොති තෙපි මච්චුං ඛාදිතුං න සක්කොන්ති. කරොන්තාති මායං කරොන්තා. මොහෙන්තීති අභූතං භූතං කත්වා දස්සෙන්තා මොහෙන්ති. උග්ගතෙජාති උග්ගතෙන විසතෙජෙන සමන්නාගතා. තිකිච්ඡකාති විසවෙජ්ජා. ධම්මන්තරී වෙත්තරණී ච භොජොති එතෙ එවංනාමකා වෙජ්ජා. ඝොරමධීයමානාති ඝොරං නාම විජ්ජං අධීයන්තා. ඔසධෙහීති ඝොරං වා ගන්ධාරිං වා විජ්ජං සාවෙත්වා ඔසධං ආදාය තෙහි ඔසධෙහි පච්චත්ථිකානං අදස්සනං වජන්ති.
නිජ්ක්ධාපෙතුං යනු සාක්ෂිවලින් තමාගේ නිවැරදි බව ප්‍රකාශ කර පහදවන්නට. අඩ්ඪකා බලවා තෙජවා යනු මොවුහු ධනවත් අය වෙති. මෙතෙම කායික බලය නුවණ නැමති බලය ආදියෙන් බලවත්ය. මෙතෙම තෙද ඇත්තේය යි මෙසේ. න මච්චුරාජස්ස අපෙඛමත්ථි යනු එකදු සත්ත්වයෙකු කෙරෙහි අපේක්ෂාවක් හෝ ප්‍රේමයක් හෝ සෙනෙහසක් හෝ නැත. සියල්ලම මර්දනය කරයි යයි දක්වයි. පසය්හ යනු බලහත්කාරයෙන් අභිභවනය කර. න මච්චුනො යනු ඔවුහුද මරු කන්නට නොහැකි වෙති. කරොන්තා යනු මායා කරන්නාහු. මොහෙන්ති යනු නොවූවක් වූවක් කර දක්වන්නාහු එය මුලාව නම් වේ. උග්ගතෙජා නැගුනා වූ විෂයෙන් යුක්ත වූ. තිකිච්ඡකා විෂ වෛද්‍යවරු. ධම්මන්තරී වෙතරණී ච භොජා යනු මේ නම් ඇති මේ වෛද්‍යවරු. ඝොරමධීයමානා යනු ඝෝර නම් වූ විද්‍යාව හදාරන්නා වූ. ඔසධෙහි යනු ඝෝර නම් වූ විද්‍යාව හෝ ගන්ධාරි නම් වූ විද්‍යාව හෝ ඉගෙන බෙහෙත් රැගෙන ඔවුහු සතුරන්ගේ නොදැක්මට යත්.
ධම්මොති සුචරිතධම්මො. රක්ඛතීති යෙන රක්ඛිතො, තං පටිරක්ඛති. සුඛන්ති ඡසු කාමසග්ගෙසු සුඛං ආවහති. පාපෙතීති පටිසන්ධිවසෙන උපනෙති.
ධම්මො යනු සුචරිත ධර්මයයි. රක්ඛතී යනු යමෙකු විසින් රකීද ඔහු පෙරළා රකී. සුඛං යනු කාම සුගතීන් සයෙහි සැප ගෙන දෙයි. පාපෙති ප්රතිසන්ධි වශයෙන් පමුණුවයි.
එවං මහාසත්තො චතුවීසතියා ගාථාහි පිතු ධම්මං දෙසෙත්වා “මහාරාජ, තුම්හාකං රජ්ජං තුම්හාකමෙව හොතු, න මය්හං ඉමිනා අත්ථො, තුම්හෙහි පන සද්ධිං කථෙන්තමෙව මං බ්යාධිජරාමරණානි උපගච්ඡන්ති, තිට්ඨථ, තුම්හෙ”ති වත්වා අයදාමං ඡින්දිත්වා මත්තහත්ථී විය කඤ්චනපඤ්ජරං ඡින්දිත්වා සීහපොතකො විය කාමෙ පහාය මාතාපිතරො වන්දිත්වා නික්ඛමි. අථස්ස පිතා “මමපි රජ්ජෙනත්ථො නත්ථී”ති රජ්ජං පහාය තෙන සද්ධිඤ්ඤෙව නික්ඛමි, තස්මිං නික්ඛන්තෙ දෙවීපි අමච්චාපි බ්රාහ්මණගහපතිකාදයොපීති සකලනගරවාසිනො ගෙහානි ඡඩ්ඩෙත්වා නික්ඛමිංසු. සමාගමො මහා අහොසි, පරිසා ද්වාදසයොජනිකා ජාතා. තං ආදාය මහාසත්තො හිමවන්තං පාවිසි. සක්කො තස්ස නික්ඛන්තභාවං ඤත්වා විස්සකම්මං පෙසෙත්වා ද්වාදසයොජනායාමං සත්තයොජනවිත්ථාරං අස්සමපදං කාරෙසි. සබ්බෙ පබ්බජිතපරික්ඛාරෙ පටියාදාපෙසි. ඉතො පරං මහාසත්තස්ස පබ්බජ්ජා ච ඔවාදදානඤ්ච බ්රහ්මලොකපරායණතා ච පරිසාය අනපායගමනීයතා ච සබ්බා හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බා.
මහබෝසත් තෙමේ මෙසේ ගාථා සූවිස්සකින් පියාට ධර්මය දේශනා කර මහරජතුමනි, තොපගේ රාජ්‍යය තොපටම වේවා! මින් මට වැඩක් නැත. ඔබලා සමග කථා කරන්නා වූම මා වෙත ව්‍යාධි-ජරා-මරණ පැමිණෙත්. තෙපි සිටිව් යයි කියා යකඩදම බිඳ මත් ඇතෙකු මෙම රන් කූඩුව කඩා නික්මුන සිංහ පැටියෙක් මෙන්ද, කාමයන් අත්හැර මව්පියන් වැඳ නික්මුනේය. ඉක්බිති ඔහුගේ පියාද මටද රාජ්‍යයෙන් වැඩක් නැතැයි රාජ්‍යය හැර ඔහු සමගම නික්මුනේය. ඔහු නික්මුණ කල්හි දේවියද ඇමතිවරුද බ්‍රාහ්මණ ගෘහපති ආදීහුද සියළු නගරවැසියෝ ද ගෙවල් හැර නික්මුණාහුය. එකතුව මහත් වීය. පිරිස දොළොස් යොදුන් වූවාය. මහබෝසත් තෙමේ එය රැගෙන හිමාලයට පිවිසියේය. ශක්‍රයා ඔහු නික්මුණ බව දැන විශ්වකර්ම දෙව්පුතු කැඳවා දොළොස් යොදුනක් දික් වූ සත්යොදුනක් පුළුල් වූ ආශ්රමයක් කරවීය. සියළු පැවිදි පිරිකර පිළියෙල කරවීය. එතැන් පටන් මහබෝසතුන්ගේ පැවිද්ද ද අවවාද දීමද බ්‍රහ්මලෝකය පිහිටකොට සිටි බවද පිරිසේ අපායගාමී නොවූ බවද යට කී පරිදෙන්ම දත යුතුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙපි තථාගතො මහාභිනික්ඛමනං නික්ඛන්තොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, සෙසපරිසා බුද්ධපරිසා, අයොඝරපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, තථාගතයන් වහන්සේ පෙරද මෙසේ මහබිනික්මනෙහි නික්මුනේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මව්පියවරු මහාරාජ කුලයෝ වූහ. පිරිස බුද්ධ පිරිස වීය. අයෝඝර පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.
අයොඝරජාතකවණ්ණනා චුද්දසමා.
ජාතකුද්දානං –
මාතඞ්ගො චිත්තසම්භූතො, සිවි සිරී ච රොහණං; හංසො සත්තිගුම්බො භල්ලා, සොමනස්සං චම්පෙය්යකං.
පලොභං පඤ්චපණ්ඩිතං, හත්ථිපාලං අයොඝරං; වීසතියම්හි ජාතකා, චතුද්දසෙව සඞ්ගිතා.
වීසතිනිපාතවණ්ණනා නිට්ඨිතා.
විසිවන නිපාත වර්ණනාව නිමියේය.
(චතුත්ථො භාගො නිට්ඨිතො)
(පඤ්චමො භාගො)