යෙදුමෙන් කියවන්න

1. කිංඡන්‍දජාතකවණ‍්ණනා 511 අට‍්ඨකථා

1. කිංඡන්‍දජාතකවණ‍්ණනා (511)

1. කිංඡන්‍ද ජාතකය (511)

කිංඡන්‍දො කිමධිප‍්පායොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උපොසථකම‍්මං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි සත්‍ථා බහූ උපාසකෙ ච උපාසිකායො ච උපොසථිකෙ ධම‍්මස‍්සවනත්‍ථාය ආගන‍්ත්‍වා ධම‍්මසභායං නිසින‍්නෙ “උපොසථිකාත්‍ථ උපාසකා”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “සාධු වො කතං උපොසථං කරොන‍්තෙහි, පොරාණකා උපඩ‍්ඪූපොසථකම‍්මස‍්ස නිස‍්සන්‍දෙන මහන‍්තං යසං පටිලභිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

කිං ඡන්‍දො කිමධිප්පායො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උපෝසථ කර්මය අරභයා දේශනා කළ සේක. එක් දිනයක ශාස්තෲන් වහන්සේ පෙහෙවස් සමාදන් වූ බොහෝ උපාසකයන්ද උපාසිකාවන්ද බණ ඇසීම සඳහා අවුත් දම් සභාවෙහි හුන් කල්හි උපාසකයෙනි, පෙහෙවස් සමාදන් වූවහුදැයි විමසා එසේය ස්වාමීනි යයි කී කල්හි පෙහෙවස් රකිනා වූ ඔබලා විසින් යහපත් වූවක් කරන ලදි. පැරැන්නෝ අඩක් වූ පෙහෙවස් රැකීමේ විපාකයෙන් මහත් වූ යසසක් ලදහයි දේශනා කර ඔවුන් විසින් අයදිනා ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො සද‍්ධො අහොසි දානසීලඋපොසථකම‍්මෙසු අප‍්පමත‍්තො. සො සෙසෙපි අමච‍්චාදයො දානාදීසු සමාදපෙසි. පුරොහිතො පනස‍්ස පරපිට‍්ඨිමංසිකො ලඤ‍්ජඛාදකො කූටවිනිච‍්ඡයිකො අහොසි. රාජා උපොසථදිවසෙ අමච‍්චාදයො පක‍්කොසාපෙත්‍වා “උපොසථිකා හොථා”ති ආහ. පුරොහිතො උපොසථං න සමාදියි. අථ නං දිවා ලඤ‍්ජං ගහෙත්‍වා කූටඩ‍්ඩං කත්‍වා උපට‍්ඨානං ආගතං රාජා “තුම‍්හෙ උපොසථිකා”ති අමච‍්චෙ පුච‍්ඡන‍්තො “ත්‍වම‍්පි ආචරිය උපොසථිකො”ති පුච‍්ඡි. සො “ආමා”ති මුසාවාදං කත්‍වා පාසාදා ඔතරි. අථ නං එකො අමච‍්චො “නනු තුම‍්හෙ න උපොසථිකා”ති චොදෙසි. සො ආහ – “අහං වෙලායමෙව භුඤ‍්ජිං, ගෙහං පන ගන‍්ත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා උපොසථං අධිට‍්ඨාය සායං න භුඤ‍්ජිස‍්සාමි, රත‍්තිං සීලං රක‍්ඛිස‍්සාමි, එවං මෙ උපඩ‍්ඪූපොසථකම‍්මං භවිස‍්සතී”ති? “සාධු, ආචරියා”ති. සො ගෙහං ගන‍්ත්‍වා තථා අකාසි. පුනෙකදිවසං තස‍්මිං විනිච‍්ඡයෙ නිසින‍්නෙ අඤ‍්ඤතරා සීලවතී ඉත්‍ථී අඩ‍්ඩං කරොන‍්තී ඝරං ගන‍්තුං අලභමානා “උපොසථකම‍්මං නාතික‍්කමිස‍්සාමී”ති උපකට‍්ඨෙ කාලෙ මුඛං වික‍්ඛාලෙතුං ආරභි. තස‍්මිං ඛණෙ බ්‍රාහ‍්මණස‍්ස සුපක‍්කානං අම‍්බඵලානං අම‍්බපිණ‍්ඩි ආහරියිත්‍ථ. සො තස‍්සා උපොසථිකභාවං ඤත්‍වා “ඉමානි ඛාදිත්‍වා උපොසථිකා හොහී”ති අදාසි. සා තථා අකාසි. එත‍්තකං බ්‍රාහ‍්මණස‍්ස කම‍්මං.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු දැහැමෙන් රාජ්‍යය කරවන්නේ දාන-සීල-පෙහෙවස් විසීම ආදියෙහි අප්‍රමාදී වූයේ ශ්‍රද්ධා ඇත්තේ වීය. හෙතෙම සෙසු ඇමතිවරුන් ආදීන්ද දාන ආදීන්හි සමාදන් කරවීය. ඔහුගේ පුරෝහිතයා අනුන්ගේ පිට මස් කන්නාක් වැනි වූ අල්ලස් ගන්නා වූ කපටි තීරණ දෙන අයෙක් වීය. රජු පොහොය දින ඇමති ආදීන් කැඳවා පෙහෙවස් සමාදන් වූවෝ වහු යයි කීවේය. පුරෝහිතයා පෙහෙවස් සමාදන් නොවූයේය. ඉක්බිති ඔහු දවල් කාලයෙහි අල්ලස් ගෙන කපටි ලෙස නඩු විසඳා උපස්ථාන සඳහා පැමිණියේ රජු ඔබ පෙහෙවස් සමාදන් වූයේ දැයි ඇමතියන්ගෙන් විමසන්නේ ඇදුරුතුමනි, ඔබද පෙහෙවස් සමාදන් වූවෙකදැයි විචාළේය. හෙතෙම එසේ යයි බොරු කියා ප්‍රාසාදයෙන් බැස්සේය. ඉක්බිති එක් ඇමතියෙක් ඔබ පෙහෙවස් සමාදන් වූවෙකු නොවන්නේ වේදැයි ඔහුට චෝදනා කළේය. හෙතෙම මෙසේ කීවේය. මම කල්වේලා ඇතිවම අනුභව කළෙමි. ගෙට ගොස් කට සෝදා පෙහෙවස් අධිෂ්ඨාන කර සවස අනුභව නොකරමි. රාත්‍රියෙහි සීලය රකින්නෙමියි මෙසේ මට අර්ධ උපෝසථ කර්මය වන්නේය යි. ඇදුරුතුමනි, මැනවයි කියා හෙතෙම ගෙට ගොස් එසේ කළේය. නැවත එක්දිනක් ඔහු අධිකරණයෙහි හුන් කල්හි එක්තරා සිල්වත් ස්ත්‍රියක් නඩුවක් කරන්නී ගෙට යන්නට නොලබන්නී පෙහෙවස් රැකීම පටන් ගත්තීය. එකෙනෙහි බ්‍රාහ්මණයාට මනාව ඉදුන අඹ ආහාරයක් ගෙන ආවේය. හෙතෙම ඇයගේ පෙහෙවස් සමාදන්ව ඇති බව දැන මෙය කා පෙහෙවස් වූවක වේවායි ඇයට දුන්නේය. බමුණාගේ කාර්යය මෙපමණකි.

සො අපරභාගෙ කාලං කත්‍වා හිමවන‍්තපදෙසෙ කොසිකිගඞ‍්ගාය තීරෙ තියොජනිකෙ අම‍්බවනෙ රමණීයෙ භූමිභාගෙ සොභග‍්ගප‍්පත‍්තෙ කනකවිමානෙ අලඞ‍්කතසිරිසයනෙ සුත‍්තප‍්පබුද‍්ධො විය නිබ‍්බත‍්ති අලඞ‍්කතපටියත‍්තො උත‍්තමරූපධරො සොළසසහස‍්සදෙවකඤ‍්ඤාපරිවාරො. සො රත‍්තිඤ‍්ඤෙව තං සිරිසම‍්පත‍්තිං අනුභොති. වෙමානිකපෙතභාවෙන හිස‍්ස කම‍්මසරික‍්ඛකො විපාකො අහොසි, තස‍්මා අරුණෙ උග‍්ගච‍්ඡන‍්තෙ අම‍්බවනං පවිසති, පවිට‍්ඨක‍්ඛණෙයෙවස‍්ස දිබ‍්බත‍්තභාවො අන‍්තරධායති, අසීතිහත්‍ථතාලක‍්ඛන්‍ධප‍්පමාණො අත‍්තභාවො නිබ‍්බත‍්තති, සකලසරීරං ඣායති, සුපුප‍්ඵිතකිංසුකො විය හොති. ද‍්වීසු හත්‍ථෙසු එකෙකාව අඞ‍්ගුලි, තත්‍ථ මහාකුද‍්දාලප‍්පමාණා නඛා හොන‍්ති. තෙහි නඛෙහි අත‍්තනො පිට‍්ඨිමංසං ඵාලෙත්‍වා උප‍්පාටෙත්‍වා ඛාදන‍්තො වෙදනාප‍්පත‍්තො මහාරවං රවන‍්තො දුක‍්ඛං අනුභොති. සූරියෙ අත්‍ථඞ‍්ගතෙ තං සරීරං අන‍්තරධායති, දිබ‍්බසරීරං නිබ‍්බත‍්තති, අලඞ‍්කතපටියත‍්තා දිබ‍්බනාටකිත්‍ථියො නානාතූරියානි ගහෙත්‍වා පරිවාරෙන‍්ති. සො මහාසම‍්පත‍්තිං අනුභවන‍්තො රමණීයෙ අම‍්බවනෙ දිබ‍්බපාසාදං අභිරුහති. ඉති සො උපොසථිකාය ඉත්‍ථියා අම‍්බඵලදානස‍්ස නිස‍්සන්‍දෙන තියොජනිකං අම‍්බවනං පටිලභති , ලඤ‍්ජං ගහෙත්‍වා කූටඩ‍්ඩකරණනිස‍්සන්‍දෙන පන පිට‍්ඨිමංසං උප‍්පාටෙත්‍වා ඛාදති, උපඩ‍්ඪූපොසථස‍්ස නිස‍්සන්‍දෙන රත‍්තිං සම‍්පත‍්තිං අනුභොති, සොළසසහස‍්සනාටකිත්‍ථීහි පරිවුතො පරිචාරෙසි.

හෙතෙම මෑත කාලයෙහි හිමවත ප්‍රදේශයෙහි කොසිකී ගංගාවෙහි ඉවුරෙහි තුන්යොදුන් වූ අඹ වනයෙක සිත්කළු වූ බිම් පෙදෙසක ශෝභාවෙන් අගතැන්පත් රන්විමනක අලංකාර වූ සිරියහනාවක නින්දෙන් නැගිට්ටාක් මෙන් උපන්නේය. අලංකාර කර පිළියෙළ කළ උතුම් රූ දරන්නා වූ සොළොස් දහසක් දිව්‍යමය කන්‍යාවන් පිරිවර කොට ඇත්තේය. හෙතෙම රාත්‍රියෙහිම ඒ ඉසුරු සම්පත්තීන් අනුභව කරයි. විමාන ප්‍රේතයෙකු වූ හෙයින් ඔහුට තමා කළ කර්මයට සමාන විපාක වීය. අරුණ නැගෙන කල්හි ඒ දිව්‍ය විමානයෙන් අඹ වනයට පිවිසෙයි. පිවිසි කෙනෙහිම මොහුගේ දිව්‍යමය ආත්මභාවය අතුරුදහන් වෙයි. අසූරියන් තල්ගසක් පමණ වූ ආත්මභාවය පහළ වෙයි. සියළු සිරුරම දැවේ. මනාව පිපි කෑලගසක් මෙන් වෙයි. දෙඅත්හි එක එකම ඇඟිල්ලක්ම වේ. එහි මහත් වූ කුල්ලක් පමණ වූ නිය වෙයි. ඒ නියවලින් තමාගේ පිටෙහි මස් පලා උදුරාගෙන කන්නේ වේදනා ඇත්තේ මහත් වූ නාදයක් කරනුයේ දුක් අනුභව කරයි. සූර්යයා අස්තයට පැමිණෙන කල්හි ඒ සිරුර අතුරුදහන් වෙයි. දිව්‍යමය ශරීර පහළ වෙයි. අලංකාරයෙන් සැරසුන දිව්‍යමය නාටිකාංගනාවෝ නොයෙක් තූර්යයන් ගෙන පිරිවරත්. හෙතෙම මහා සම්පත් අනුභව කරමින් සිත්කළු අඹ වනයෙහි දිව්‍යමය ප්‍රාසාදයට නගී. මෙසේ හෙතෙම පෙහෙවස් සමාදන් වූ ස්ත්‍රියට අඹ ගෙඩි දීමේ ආනිසංසයෙන් තුන්යොදුන් අඹ වනය ලැබුවේය. අල්ලස් ගෙන කපටි ලෙස නඩු විසදීමේ විපාකයෙන් පිටමස් උපුටා කයි. අඩක් පෙහෙවස් රැකීමේ විපාකයෙන් රාත්‍රියෙන් රාත්‍රිය යසස අනුභව කරයි. සොළොස් දහසක් නළු ස්ත්‍රීන්ගෙන් පිරිවරන ලදුයේ හැසිරුනි.

තස‍්මිං කාලෙ බාරාණසිරාජා කාමෙසු දොසං දිස‍්වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අධොගඞ‍්ගාය රමණීයෙ භූමිපදෙසෙ පණ‍්ණසාලං කාරෙත්‍වා උඤ‍්ඡාචරියාය යාපෙන‍්තො විහාසි. අථෙකදිවසං තම‍්හා අම‍්බවනා මහාඝටප‍්පමාණං අම‍්බපක‍්කං ගඞ‍්ගාය පතිත්‍වා සොතෙන වුය‍්හමානං තස‍්ස තාපසස‍්ස පරිභොගතිත්‍ථාභිමුඛං අගමාසි. සො මුඛං ධොවන‍්තො තං මජ‍්ඣෙ නදියා ආගච‍්ඡන‍්තං දිස‍්වා උදකං තරන‍්තො ගන‍්ත්‍වා ආදාය අස‍්සමපදං ආහරිත්‍වා අග්‍යාගාරෙ ඨපෙත්‍වා සත්‍ථකෙන ඵාලෙත්‍වා යාපනමත‍්තං ඛාදිත්‍වා සෙසං කදලිපණ‍්ණෙහි පටිච‍්ඡාදෙත්‍වා පුනප‍්පුනං දිවසෙ දිවසෙ යාව පරික‍්ඛයා ඛාදි. තස‍්මිං පන ඛීණෙ අඤ‍්ඤං ඵලාඵලං ඛාදිතුං නාසක‍්ඛි, රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා “තමෙව අම‍්බපක‍්කං ඛාදිස‍්සාමී”ති නදීතීරං ගන‍්ත්‍වා නදිං ඔලොකෙන‍්තො “අම‍්බං අලභිත්‍වා න උට‍්ඨහිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා නිසීදි. සො තත්‍ථ නිරාහාරො එකම‍්පි දිවසං, ද‍්වෙපි, තීණි, චතු, පඤ‍්ච, ඡ දිවසානි වාතාතපෙන පරිසුස‍්සන‍්තො අම‍්බං ඔලොකෙන‍්තො නිසීදි. අථ සත‍්තමෙ දිවසෙ නදීදෙවතා ආවජ‍්ජමානා තං කාරණං ඤත්‍වා “අයං තාපසො තණ‍්හාවසිකො හුත්‍වා සත‍්තාහං නිරාහාරො ගඞ‍්ගං ඔලොකෙන‍්තො නිසීදි, ඉමස‍්ස අම‍්බපක‍්කං අදාතුං න යුත‍්තං, අලභන‍්තො මරිස‍්සති, දස‍්සාමි තස‍්සා”ති ආගන‍්ත්‍වා ගඞ‍්ගාය උපරි ආකාසෙ ඨත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තී පඨමං ගාථමාහ –

එකල්හි බරණැස් නුවර රජු කාමයන්හි දොස් දැක තවුස් පැවිද්දෙන් පැවිදි වී ගංගාවෙහි යට කොටසෙහි සිත්කළු බිම් පෙදෙසක පන්සලක් කරවා පිඬුසිඟා යෑමෙන් යැපෙන්නේ වාසය කළේය. ඉක්බිති එක්දිනයක ඒ අඹවනයෙන් මහ කළයක් පමණ වූ ඉදුණු අඹ ගෙඩියක් ගංගාවට වැටී දිය පහරින් උසුලනු ලබන්නේ ඒ තාපසයාගේ පරිහරණය කරන තොටුපලට අභිමුඛව පැමිණියේය. හෙතෙම මුහුණ සෝදන්නේ නදිය මැද පැමිණෙන්නා වූ එය දැක ජලය තරණය කරමින් එහි ගොස් එය ගෙන අසපුවට ගෙනවුත් ගිනිහල්ගෙයහි තබා ආයුධයකින් පලා යැපෙන පමණ කා ඉතිරිය කෙසෙල් කොළවලින් වසා යළි යළි දිනයන්හිදී අවසන් වනතුරු කෑවේය. එය කෑ කල්හි අනික් ඵලාපලයන් කෑමට නොහැකි විය. රස තෘෂ්ණාවෙන් බැඳී ඒ ඉදුණු අඹම කන්නෙමියි ගංතෙරට ගොස් ගංගාව දෙස බලන්නේ අඹ නොලැබ නොනැගිටින්නෙමියි සනිටුහන් කර හුන්නේය. හෙතෙම එහි නිරාහාරව එක් දවසක් දෙකක්දැයි සදිනක්ම සුළඟින් හා අව්වෙන් වියලෙන්නේ බලමින් හුන්නේය. ඉක්බිති සත්වන දවස්හි ගංගාවට අරක්ගත් දේවතාවා විමසා බලන්නී ඒ කාරණය දැක මේ තෘෂ්ණා වසඟ වී සත්දිනක් නිරාහාර වූයේ ගංගාව දෙස බලමින් හුන්නේය. මොහුට ඉදුණු අඹ නොදෙන්නට නොයුතුය. නොලබන්නේ මැරෙන්නේය. ඔහුට දෙන්නෙමියි අවුත් ගංගාව මත්තෙහි අහසෙහි සිට ඔහු සමග කථා කරන්නී පළමු ගාථාව කීවාය.

“කිංඡන්‍දො කිමධිප‍්පායො, එකො සම‍්මසි ඝම‍්මනි; කිංපත්‍ථයානො කිං එසං, කෙන අත්‍ථෙන බ්‍රාහ‍්මණා”ති.

කිං ඡන්‍දො කිමධිප්පායො - එකො සම්මසි ඝම්මනි, කිං පත්‍ථයානො කිං එසං - කෙන අත්‍ථෙන බ්‍රාහ්මණා

1. බ්‍රාහ්මණය, කවර අදහසක් ඇත්තේ කවර සිතක් ඇත්තේ කුමක් පතනුයේ කවර ප්‍රයෝජනයක් සඳහා කවරක් සොයමින් හුදකලාව ග්‍රීෂ්ම සෘතුවෙහි මෙහි කුමක් කැමති වන්නෙහිද?

තත්‍ථ ඡන්‍දොති අජ‍්ඣාසයො. අධිප‍්පායොති චිත‍්තං. සම‍්මසීති අච‍්ඡසි. ඝම‍්මනීති ගිම‍්හෙ. එසන‍්ති එසන‍්තො. බ්‍රාහ‍්මණාති පබ‍්බජිතත‍්තා තාපසං ආලපති. ඉදං වුත‍්තං හොති – බ්‍රාහ‍්මණ, ත්‍වං කිං අධිප‍්පායො කිං චින‍්තෙන‍්තො කිං පත්‍ථෙන‍්තො කිං ගවෙසන‍්තො කෙනත්‍ථෙන ඉමස‍්මිං ගඞ‍්ගාතීරෙ ගඞ‍්ගං ඔලොකෙන‍්තො නිසින‍්නොති.

එහි ඡන්‍දො යනු අදහසයි. අධිප්පායො යනු සිතයි. සම්මසි යනු කැමති වන්නෙහිද, ඝම්මනි යනු ග්‍රීෂ්ම සෘතුවෙහි. එසං යනු සොයමින්. බ්‍රාහ්මණ යනු පැවිදි වූ හෙයින් තාපසයා එනමින් අමතයි. මෙය කියන ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, ඔබ කවර අදහස් ඇත්තේ කුමක් සිතමින් කුමක් ප්‍රාර්ථනය කරමින් කුමක් සොයමින් කවර ප්‍රයෝජනයක් සඳහා ගංතෙර ගංගාව දෙස බලමින් හුන්නේදැයි.

තං සුත්‍වා තාපසො නව ගාථා අභාසි –

තාපසයා ඒ අසා ගාථා නවයක් කීවේය.

“යථා මහා වාරිධරො, කුම‍්භො සුපරිණාහවා; තථූපමං අම‍්බපක‍්කං, වණ‍්ණගන්‍ධරසුත‍්තමං.

2. මනාව පිහිටි මහත් වූ දියකළයක් යම් සේද එවැනි වූ උතුම් පැහැයෙන් හා රසයෙන් යුත් ඉදුන අඹගෙඩියක් විය.

“තං වුය‍්හමානං සොතෙන, දිස‍්වානාමලමජ‍්ඣිමෙ; පාණීභි නං ගහෙත්‍වාන, අග්‍යායතනමාහරිං.

3. නිර්මල ඉඟ පෙදෙස ඇති දේවතාවිය, දිය පහරින් ගසාගෙන යන එය දැක අතින් ගෙන ගිනිහල්ගෙට ගෙන ගියෙමි.

“තතො කදලිපත‍්තෙසු, නික‍්ඛිපිත්‍වා සයං අහං; සත්‍ථෙන නං විකප‍්පෙත්‍වා, ඛුප‍්පිපාසං අහාසි මෙ.

4. අනතුරුව මම එය කෙසෙල් කොළවල තබා තෙමේම ආයුධයෙන් එය කපා මගේ සාපිපාසා දුරු කළෙමි.

“සොහං අපෙතදරථො, බ්‍යන‍්තීභූතො දුඛක‍්ඛමො; අස‍්සාදං නාධිගච‍්ඡාමි, ඵලෙස‍්වඤ‍්ඤෙසු කෙසුචි.

5. ඒ මම පහවූ පීඩා ඇත්තේ වෙමි. (අඹ ගෙඩිය) අවසන් වූයේ වෙයි. එහෙයින්ම දුක් ඉවසන්නේ වෙමි. අන් කවර ඵලයන්හි හෝ ආශ්වාදයක් නො ලබමි.

“සොසෙත්‍වා නූන මරණං, තං මමං ආවහිස‍්සති; අම‍්බං යස‍්ස ඵලං සාදු, මධුරග‍්ගං මනොරමං; යමුද‍්ධරිං වුය‍්හමානං, උදධිස‍්මා මහණ‍්ණවෙ.

6. යම් අඹ ගෙඩියක් යහපත් වීද උතුම් ලෙස මිහිරි වීද සිත්කළු වීද මහ දිය පහරෙහි ගසාගෙන යනු දැක ගොඩට ගත්තෙම්ද, ඒ අඹගෙඩිය ඒකාන්තයෙන් මා වියලවා මරණයට පමුණුවන්නේය.

“අක‍්ඛාතං තෙ මයා සබ‍්බං, යස‍්මා උපවසාමහං; රම‍්මං පති නිසින‍්නොස‍්මි, පුථුලොමායුතා පුථු.

7. යම්හෙයකින් මම උපවාස කරම්ද? මහත් වූ වරලින් යුත් පළල් වූ රමණීය වූ ගංගාව අසල හුන්නේ වෙම්ද ඒ සියල්ල මවිසින් ඔබට කියන ලදි.

“ත්‍වඤ‍්ච ඛො මෙව අක‍්ඛාහි, අත‍්තානමපලායිනි; කා වා ත්‍වමසි කල්‍යාණි, කිස‍්ස වා ත්‍වං සුමජ‍්ඣිමෙ.

8. පලා නොයන්නිය, ඔබද කවරීදැයි තමා පිළිබඳව මට කියව. සොඳුරිය, තී කවරී වෙහිද? මනා වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තිය ඔබ කුමකට මෙහි ආවෙහිද?

“රුප‍්පපට‍්ටපලිමට‍්ඨීව, බ්‍යග‍්ඝීව ගිරිසානුජා; යා සන‍්ති නාරියො දෙවෙසු, දෙවානං පරිචාරිකා.

9. දෙව්ලොව දෙවියන්ගේ පරිචාරිකාවෝ වූ යම් ස්ත්‍රීහු වෙත්ද ඔබද මනාව මට්ටම් කරන ලද රන්පටක් වැනිය. පර්වත සානුවෙහි උපන් දිවිදෙනක් වැනිය.

“යා ච මනුස‍්සලොකස‍්මිං, රූපෙනාන්‍වාගතිත්‍ථියො; රූපෙන තෙ සදිසී නත්‍ථි, දෙවෙසු ගන්‍ධබ‍්බමනුස‍්සලොකෙ; පුට‍්ඨාසි මෙ චාරුපුබ‍්බඞ‍්ගි, බ්‍රූහි නාමඤ‍්ච බන්‍ධවෙ”ති.

10. මිනිස් ලොව රූපයෙන් අගතැන්පත් යම් ස්ත්‍රීහු වෙත්ද, දෙවියන් අතරද ගාන්ධර්ව-මනුෂ්‍ය ලෝකයෙහිද රූපයෙහිලා ඔබ සමග සමාන වූ තැනැත්තියක නැත. මනෝඥ වූ උතුම් ලක්‍ෂණයෙන් යුත් තැනැත්තිය, මවිසින් විමසන ලද්දී වෙහිය. කියව. මට ඔබගේ නමද නෑයන්ද කියව, යනුයි.

තත්‍ථ වාරිධරො කුම‍්භොති උදකඝටො. සුපරිණාහවාති සුසණ‍්ඨානො. වණ‍්ණගන්‍ධරසුත‍්තමන‍්ති වණ‍්ණගන්‍ධරසෙහි උත‍්තමං. දිස‍්වානාති දිස‍්වා. අමලමජ‍්ඣිමෙති නිම‍්මලමජ‍්ඣෙ. දෙවතං ආලපන‍්තො එවමාහ. පාණීභීති හත්‍ථෙහි. අග්‍යායතනමාහරින‍්ති අත‍්තනො අග‍්ගිහුතසාලං ආහරිං. විකප‍්පෙත්‍වාති විච‍්ඡින්‍දිත්‍වා. “විකන‍්තෙත්‍වා”තිපි පාඨො. “ඛාදි”න‍්ති පාඨසෙසො. අහාසි මෙති තං ජිව‍්හග‍්ගෙ ඨපිතමත‍්තමෙව සත‍්ත රසහරණිසහස‍්සානි ඵරිත්‍වා මම ඛුදඤ‍්ච පිපාසඤ‍්ච හරි. අපෙතදරථොති විගතකායචිත‍්තදරථො . සුධාභොජනං භුත‍්තස‍්ස විය හි තස‍්ස සබ‍්බදරථං අපහරි. බ්‍යන‍්තීභූතොති තස‍්ස අම‍්බපක‍්කස‍්ස විගතන‍්තො ජාතො, පරික‍්ඛීණඅම‍්බපක‍්කො හුත්‍වාති අත්‍ථො. දුඛක‍්ඛමොති දුක‍්ඛෙන අසාතෙන කායක‍්ඛමෙන චෙව චිත‍්තක‍්ඛමෙන ච සමන‍්නාගතො. අඤ‍්ඤෙසු පන කදලිපනසාදීසු ඵලෙසු පරිත‍්තකම‍්පි අස‍්සාදං නාධිගච‍්ඡාමි, සබ‍්බානි මෙ ජිව‍්හාය ඨපිතමත‍්තානි තිත‍්තකානෙව සම‍්පජ‍්ජන‍්තීති දීපෙති.

එහි වාරිධරො කුම්භො යනු වතුර කළයයි. සුපරිනාභවා යනු මනාව පිහිටි. වණ්ණ ගන්‍ධර සුත්තමං යනු වර්ණයෙන් සුවඳින් රසයෙන් උතුම් වූ. දිස්වාන යනු දැක. අමලමජ්ක්‍ධමෙ යනු නිර්මල වූ මධ්‍ය භාග ඇති දෙව් දුව අමතමින් මෙසේ කීවේය. පාණීහි යනු අත්වලින්. අග්‍යායතනමාහරිං යනු තමාගේ ගිනි දෙවියන් පුදන ශාලාවට ගෙන ආයේය. විකප්පෙත්‍වා යනු සිඳ. විකන්තෙත්‍වා යනුද පෙළ වේ. ඛාදිං යනු සෙසු පාඨයයි. අහාසි මෙ යනු ඒ අඹය දිව අග තැබූ පමණින්ම දාහත් දහසක් රස නහරයන්හි පැතිරී මගේ බඩගින්නද පිපාසයද දුරු කළේය. අපෙතදරථො යනු පහවූ කායික හා මානසික පීඩාවන් ඇත්තේ අමා බොදුනක් අනුභව කළ අයෙක්හුගේ මෙන් ඔහුගේ ඒ සියළු පීඩාවන් ඉවත්වීය. ච්‍යත්තිභූතො යනු ඒ ඉදුන අඹය අවසන් වූයේ වීය. අවසන් වූ අඹ ගෙඩිය ඇත්තේ වී යන අර්ථයි. දුඛක්ඛමො යනු දුක් සහගත වූ මිහිරි නොවූ කායික හා මානසික පීඩාවෙන් යුක්ත වූයේ අන් කෙසෙල් කොස් ආදී වූ ගෙඩි පිළිබඳව සුළු වූද ආශ්වාදයක් නොලබමි. සියල්ල දිවෙහි තිබූ පමණින්ම තිත්ත වූවාක් මෙන් වේ යයි දක්වයි.

සොසෙත්‍වාති නිරාහාරතාය සොසෙත්‍වා සුක‍්ඛාපෙත්‍වා. තං මමන‍්ති තං මම. යස‍්සාති යං අස‍්ස, අහොසීති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යං ඵලං මම සාදු අහොසි, යමහං ගම‍්භීරෙ පුථුලඋදකක‍්ඛන්‍ධසඞ‍්ඛාතෙ මහණ‍්ණවෙ වුය‍්හමානං තතො උදධිස‍්මා උද‍්ධරිං, තං අම‍්බං මම මරණං ආවහිස‍්සතීති මඤ‍්ඤාමි, මය‍්හං තං අලභන‍්තස‍්ස ජීවිතං නප‍්පවත‍්තිස‍්සතීති. උපවසාමීති ඛුප‍්පිපාසාහි උපගතො වසාමි. රම‍්මං පති නිසින‍්නොස‍්මීති රමණීයං නදිං පති අහං නිසින‍්නො. පුථුලොමායුතා පුථූති අයං නදී පුථුලොමෙහි මච‍්ඡෙහි ආයුතා පුථු විපුලා, අපි නාම මෙ ඉතො සොත්‍ථි භවෙය්‍යාති අධිප‍්පායො. අපලායිනීති අපලායිත්‍වා මම සම‍්මුඛෙ ඨිතෙති තං දෙවතං ආලපති. “අපලාසිනී”තිපි පාඨො, පලාසරහිතෙ අනවජ‍්ජසරීරෙති අත්‍ථො. කිස‍්ස වාති කිස‍්ස වා කාරණා ඉධාගතාසීති පුච‍්ඡති.

සොසෙත්‍වාන යනු ආහාර රහිත බැවින් වියලවා. තං මමං යනු ඒ මගේ. යස්ස යනු යමක් මොහුට වීද යන අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. යම් ගෙඩියක් මට රසවත් වීද යමක් මම ගැඹුරු පුළුල් ජල කඳකින් යුක්ත වූ මහ නදියෙහි ගසාගෙන යනු ලබන්නේ ඒ ජලයෙන් ගොඩට ගත්තෙම්ද ඒ අඹය මගේ මරණය එළවන්නේය යයි සිතමි. එය නොලබන්නා වූ මගේ ජීවිතය නොපවත්නේය යනුයි. උපවසාමි සා පිපාසාවලින් යුක්තව වාසය කරමි. රම්මං පතිනිසින්නො අස්මි යනු රමණීය වූ නදිය අසල හුන්නා වූ මම. පුථුලොමා යුතා පුථු යනු මේ නදිය මහත් වූ වරල් ඇති මත්ස්‍යයන්ගෙන් යුක්ත වූ. පුථු මහත් වූ මට මෙයින් සැපතක් වන්නේ නම් යෙහෙකැයි අදහසයි. අපලායිනී යනු පලා නොගොස් මා සමීපයෙහි සිටියා යයි දේවතාවාට ආමන්ත්‍රණය කරයි. අපලාපිනී යනු ද පෙළ වේ. ප්‍රලාප රහිත වූ නිවැරදි සිරුර ඇති තැනැත්තිය යන අර්ථයි. කිස්ස වා යනු කවර නම් කරුණින් මෙහි පැමිණියා දැයි විමසයි.

රූපපට‍්ටපලිමට‍්ඨීවාති සුට‍්ඨු පරිමජ‍්ජිතකඤ‍්චනපට‍්ටසදිසී. බ්‍යග‍්ඝීවාති ලීලාවිලාසෙන තරුණබ්‍යග‍්ඝපොතිකා විය. දෙවානන‍්ති ඡන‍්නං කාමාවචරදෙවානං. යා ච මනුස‍්සලොකස‍්මින‍්ති යා ච මනුස‍්සලොකෙ. රූපෙනාන්‍වාගතිත්‍ථියොති රූපෙන අන්‍වාගතා ඉත්‍ථියො නත්‍ථීති අත‍්තනො සම‍්භාවනාය එවමාහ. තව රූපසදිසාය නාම න භවිතබ‍්බන‍්ති හිස‍්ස අධිප‍්පායො. ගන්‍ධබ‍්බමනුස‍්සලොකෙති මූලගන්‍ධාදිනිස‍්සිතෙසු ගන්‍ධබ‍්බෙසු ච මනුස‍්සලොකෙ ච. චාරුපුබ‍්බඞ‍්ගීති චාරුනා පුබ‍්බඞ‍්ගෙන ඌරුලක‍්ඛණෙන සමන‍්නාගතෙ. නාමඤ‍්ච බන්‍ධවෙති අත‍්තනො නාමගොත‍්තඤ‍්ච බන්‍ධවෙ ච මය‍්හං අක‍්ඛාහීති වදති.

රුප්පපට්ටපළිමට්ඨි ච යනු මනාව මට කරන ලද රන්පටක් හා සමාන. ව්‍යග්ඝීවා යනු ලීලා ස්වභාවයෙන් තරුණ ව්‍යාඝ්‍ර ධේනුවක මෙන්. දෙවානං යනු කාමාවචර සදිව්‍ය ලෝකයන්හි. යාව මනුස්ස ලොකස්මිං යනු මිනිස්ලොවද යම් තැනැත්තියක. රූපෙනන්‍වා ගතිත්‍ථියො යනු රූපයෙන් සමාන වූ ස්ත්‍රීහු නැත්තාහයි තමාගේ සලකා බැලීමෙන් මෙසේ කීවේය. තිගේ රූපයට සමාන වූවෙක් නම් නොවිය හැකිය යනු ඔහුගේ අදහසයි. ගන්‍ධබ්බ මනුස්ස ලොකෙ යනු මූලගන්‍ධාදිය ඇසුරු කළ ගාන්‍ධර්වයන් අතරද මිනිස් ලෝකයෙහිද. චාරුපුබ්බංගී යනු මනෝඥ වූ පෙරටු අවයවයෙන් හා උතුම් ලක්‍ෂණයෙන් යුක්ත වූ. නාමඤ්ච බන්‍ධවෙ ච යනු තමාගේ නාමය හා ගෝත්‍රයද නෑයන්ද මට කියව යයි කියයි.

තතො දෙවධීතා අට‍්ඨ ගාථා අභාසි –

අනතුරුව දේවතා තොමෝ ගාථා අටක් කීවාය.

“යං ත්‍වං පති නිසින‍්නොසි, රම‍්මං බ්‍රාහ‍්මණ කොසිකිං; සාහං භුසාලයාවුත්‍ථා, වරවාරිවහොඝසා.

12. බ්‍රාහ්මණය, ඔබ සිත්කළු වූ කොසිකී නම් යම් ගංගාවක් අසල හුන්නෙහිද? උතුම් ජලය බැසයන සැඩ පහරින් යුත් ගඟෙහි පිහිටි විමානයෙහි අධිගෘහිත දේවතාවා ඒ මම වෙමි.

“නානාදුමගණාකිණ‍්ණා , බහුකා ගිරිකන්‍දරා; මමෙව පමුඛා හොන‍්ති, අභිසන්‍දන‍්ති පාවුසෙ.

13. නොයෙක් වෘක්‍ෂ සමූහයෙන් ගැවසී ගත් බොහෝ කඳුරැලි මා ප්‍රමුඛ කොට ඇත්තේ වෙයි. බොහෝ වැසිවතුර මේ ගඟට පිවිසෙයි.

“අථො බහූ වනතොදා, නීලවාරිවහින්‍ධරා; බහුකා නාගවිත‍්තොදා, අභිසන්‍දන‍්ති වාරිනා.

14. තවද බොහෝ වනයන්ගෙන් වැහෙන්නා වූ ජලයද නීල වර්ණ ජලයෙන් යුත් දිය කඳ දරන්නා වූ බොහෝ නාගයන් සතුටු කරන ජලයෙන් යුත් නොයෙක් ගංගාවෝ මේ ගඟට ගලා බසිත්.

“තා අම‍්බජම‍්බුලබුජා, නීපා තාලා චුදුම‍්බරා; බහූනි ඵලජාතානි, ආවහන‍්ති අභිණ‍්හසො.

15. ඒ නදීහු අඹ දඹ හා දෙල්ද බක් මීද, තල්ද දිවුල්ද යන බොහෝ ගෙඩි වර්ග නිරතුරුව ඇද ගනිත්.

“යං කිඤ‍්චි උභතො තීරෙ, ඵලං පතති අම‍්බුනි; අසංසයං තං සොතස‍්ස, ඵලං හොති වසානුගං.

16. යම්කිසි ගෙඩියක් දෙපස ඉවුරෙහි දියෙහි වැටේද ඒ ගෙඩිය නිසැකවම ගංගා ගෝත්‍රය අනුව යන්නේය.

“එතදඤ‍්ඤාය මෙධාවි, පුථුපඤ‍්ඤ සුණොහි මෙ; මා රොචය මභිසඞ‍්ගං, පටිසෙධ ජනාධිප.

17. මහත් වූ නුවණැත්ත, මෙය දැන මගේ වචනය අසව රජතුමනි, තෘෂ්ණා වශයෙන් ඇලීම නොකරව. එය දුරුකරව.

“න වාහං වඩ‍්ඪවං මඤ‍්ඤෙ, යං ත්‍වං රට‍්ඨාභිවඩ‍්ඪන; ආචෙය්‍යමානො රාජිසි, මරණං අභිකඞ‍්ඛසි.

18. රට වඩන්නා වූ රජතුමනි, යම් හෙයකින් ඔබ තරුණ වයසෙහිම සිටියේ මරණය කැමති වන්නෙහිද රාජර්ෂීතුමනි, මම ඔබ නැසිය යුත්තෙකු කොට නොදක්නෙමි.

“තස‍්ස ජානන‍්ති පිතරො, ගන්‍ධබ‍්බා ච සදෙවකා; යෙ චාපි ඉසයො ලොකෙ, සඤ‍්ඤතත‍්තා තපස‍්සිනො; අසංසයං තෙපි ජානන‍්ති, පට‍්ඨභූතා යසස‍්සිනො”ති.

19. ඒ ඔබගේ (තෘෂ්ණා වසඟ වීම) පියවරුද ගාන්ධර්වයෝද දෙවියන් සහිත වූ ලෝකයාද, ලොව සන්සුන් ඉඳුරන් ඇති කීර්තිමත් යම් ඒ සෘෂිවරු වෙත්ද, ඔවුහුද කීර්තිමත් වැඩිහිටියෝද යන මොවුහු ඒකාන්තයෙන් දනිත්.

තත්‍ථ කොසිකින‍්ති යං ත්‍වං, බ්‍රාහ‍්මණ, රම‍්මං කොසිකිං ගඞ‍්ගං පති නිසින‍්නො. භුසාලයාවුත්‍ථාති භුසෙ චණ‍්ඩසොතෙ ආලයො යස‍්ස විමානස‍්ස, තස‍්මිං අධිවත්‍ථා, ගඞ‍්ගට‍්ඨකවිමානවාසිනීති අත්‍ථො. වරවාරිවහොඝසාති වරවාරිවහෙන ඔඝෙන සමන‍්නාගතා. පමුඛාති තා වුත‍්තප‍්පකාරා ගිරිකන්‍දරා මං පමුඛං කරොන‍්ති, අහං තාසං පාමොක‍්ඛා හොමීති දස‍්සෙති. අභිසන්‍දන‍්තීති සන්‍දන‍්ති පවත‍්තන‍්ති, තතො තතො ආගන‍්ත්‍වා මං කොසිකිගඞ‍්ගං පවිසන‍්තීති අත්‍ථො. වනතොදාති න කෙවලං කන්‍දරාව, අථ ඛො බහූ වනතොදා තම‍්හා තම‍්හා වනම‍්හා උදකානිපි මං බහූනි පවිසන‍්ති. නීලවාරිවහින්‍ධරාති මණිවණ‍්ණෙන නීලවාරිනා යුත‍්තෙ උදකක‍්ඛන්‍ධසඞ‍්ඛාතෙ වහෙ ධාරයන‍්තියො. නාගවිත‍්තොදාති නාගානං විත‍්තිකාරෙන ධනසඞ‍්ඛාතෙන වා උදකෙන සමන‍්නාගතා. වාරිනාති එවරූපා හි බහූ නදියො මං වාරිනාව අභිසන්‍දන‍්ති පූරෙන‍්තීති දස‍්සෙති.

එහි කොසිකිං යනු බ්‍රාහ්මණය, ඔබ සිත්කළු වූ යම් කොසිකී නම් ගංගාව අසල හුන්නේද? භූසලයා වුත්‍ථා යනු බෙහෙවින් සැඩ සහිත වූ දියපහරෙහි නිවෙස් ඇති, යම් විමානයක් වේද එහි අධිගෘහිත වූ ගංගාවෙහි වූ විමානයෙහි වසන්නා වූ දේවතාවිය යන අර්ථයි. වරවාරිමහොඝසා යනු උතුම් වූ ජලය ගලන්නා වූ දියපහරින් යුක්ත වූ. පමුඛා යනු ඒ කියන ලද අයුරු වූ ගඟුලැල් මා මුල් කරගෙන පවතී. මම ඔවුන්ට ප්‍රමුඛ වෙමි යයි දක්වයි. අභිසන්‍දන්ති ගලා බසිත්. පවතිත්. ඒ ඒ තැනින් අවුත් මා සතු වූ කොසකී ගංගාවට පිවිසෙත් ය යන අර්ථයි. වනාතොදා යනු හුදෙක් ගඟුලැල්ම නොවේ. තවද බොහෝ වනයේ ජලය, ඒ ඒ වනයෙන් බස්නා වූ බොහෝ ජලයද පිවිසේ. නීලවාරිවහන්‍ධරා යනු මැණික් පැහැය බඳු වූ නිල්වන් ජලයෙන් යුක්ත වූ ජලකඳ සංඛ්‍යාත ප්‍රවාහයන් දරන්නා වූ. නාග විත්තොදා නාගයන්ට ධන කාරකයක් වූ හෝ වන සංඛ්‍යාත වූ හෝ ජලයෙන් යුත්. වාරිනා මෙබඳු වූ බොහෝ නදීහු මා ජලයෙන්ම යටකර ගලා යත්. පුරවත් යයි දක්වයි.

තාති තා නදියො. ආවහන‍්තීති එතානි අම‍්බාදීනි ආකඩ‍්ඪන‍්ති. සබ‍්බානි හි එතානි උපයොගත්‍ථෙ පච‍්චත‍්තවචනානි. අථ වා තාති උපයොගබහුවචනං. ආවහන‍්තීති ඉමානි අම‍්බාදීනි තා නදියො ආගච‍්ඡන‍්ති, උපගච‍්ඡන‍්තීති අත්‍ථො, එවං උපගතානි පන මම සොතං පවිසන‍්තීති අධිප‍්පායො. සොතස‍්සාති යං උභතො තීරෙ ජාතරුක‍්ඛෙහි ඵලං මම අම‍්බුනි පතති, සබ‍්බං තං මම සොතස‍්සෙව වසානුගං හොති. නත්‍ථෙත්‍ථ සංසයොති එවං අම‍්බපක‍්කස‍්ස නදීසොතෙන ආගමනකාරණං කථෙසි.

තා යනු ඒ නදීහු. ආවහන්ති යනු මේ අඹ ආදීන් ඇද ගනිත්. මේ සියළු වචන උපයෝගාර්ථයෙහි වෙන්වෙන්ව යෙදූ වචනයන්ය. තවද තා යනු උපයෝගාර්ථයෙහි බහුවචනයි. ආවහන්ති යනු මේ අඹ ආදිය ඒ නදීන් වෙත පැමිණෙත් එළඹෙත් යන අර්ථයි. මෙසේ පැමිණි ඒවා මගේ දියපහරට පිවිසෙත් යන අදහසයි. සොතස්ස යනු දෙපස ඉවුරෙහි හටගත් ගස්වලින් යම් ගෙඩියක් මගේ ජලයෙහි වැටේද ඒ සියල්ල මගේ දියපහරෙහි වසඟයට යන්නේ වෙයි. නත්‍ථෙත්‍ථ සංසයො මෙසේ අඹ ගෙඩියෙහි ගංගා දියපහරින් පැමිණීමේ කරුණ කීවේය.

මෙධාවි පුථුපඤ‍්ඤාති උභයං ආලපනමෙව. මා රොචයාති එවං තණ‍්හාභිසඞ‍්ගං මා රොචය. පටිසෙධාති පටිසෙධෙහි නන‍්ති රාජානං ඔවදති. වඩ‍්ඪවන‍්ති පඤ‍්ඤාවඩ‍්ඪභාවං පණ‍්ඩිතභාවං. රට‍්ඨාභිවඩ‍්ඪනාති රට‍්ඨස‍්ස අභිවඩ‍්ඪන. ආචෙය්‍යමානොති මංසලොහිතෙහි ආචියන‍්තො වඩ‍්ඪන‍්තො, තරුණොව හුත්‍වාති අත්‍ථො. රාජිසීති තං ආලපති. ඉදං වුත‍්තං හොති – යං ත්‍වං නිරාහාරතාය සුස‍්සමානො තරුණොව සමානො අම‍්බලොභෙන මරණං අභිකඞ‍්ඛසි, න වෙ අහං තව ඉමං පණ‍්ඩිතභාවං මඤ‍්ඤාමීති.

මේධාවී පුථුපඤ්ඤා යනු වචන දෙකම ආමන්ත්‍රණය මැයි. මා රොචය යනු මෙසේ තෘෂ්ණා වශයෙන් ඇලීම් රුචි නොකරව. පටිසෙධ යනු ඒවා ප්‍රතික්‍ෂේප කරවයි රජුට අවවාද කරයි. වද්ධවං යනු ප්‍රඥාවෙන් වැඩුන බවයි. පණ්ඩිත බවයි. රට්ඨාභිවද්ධන යනු රට වඩන්න. ආචෙය්‍යමානො යනු මස් ලේවලින් රැස්කරනු ලබන්නේ වැඩෙන්නේ තරුණයෙකුම වී යන අර්ථයි. රාජසී යනු ඔහු අමතයි. මෙය කියන ලද්දේ වෙයි. යම් හෙයකින් ඔබ ආහාර රහිත බැවින් වියැලෙන්නේ තරුණ වයසෙහි සිටියේම අඹ පිළිබඳ ලෝභයෙන් මරණය කැමති වන්නෙහිද ඒකාන්තයෙන් මම මෙය ඔබගේ නුවණැති බවක් යයි සිතමි.

තස‍්සාති යො පුග‍්ගලො තණ‍්හාවසිකො හොති, තස‍්ස තණ‍්හාවසිකභාවං “පිතරො”ති සඞ‍්ඛං ගතා බ්‍රහ‍්මානො ච සද‍්ධිං කාමාවචරදෙවෙහි ගන්‍ධබ‍්බා ච වුත‍්තප‍්පකාරා දිබ‍්බචක‍්ඛුකා ඉසයො ච අසංසයං ජානන‍්ති. අනච‍්ඡරියඤ‍්චෙතං, යං තෙ ඉද‍්ධිමන‍්තො ජානෙය්‍යුං, “අසුකො හි නාම තණ‍්හාවසිකො හොතී”ති. පුන තෙසං භාසමානානං වචනං සුත්‍වා යෙපි තෙසං පට‍්ඨභූතා යසස‍්සිනො පරිචාරකා, තෙපි ජානන‍්ති. පාපකම‍්මං කරොන‍්තස‍්ස හි රහො නාම නත්‍ථීති තාපසස‍්ස සංවෙගං උප‍්පාදෙන‍්තී එවමාහ.

තස්සා යනු යම් පුද්ගලයෙක් තෘෂ්ණා වසඟ වෙයිද ඔහුගේ තෘෂ්ණා වසඟ බව පියවරුන් යයි ගණනට ගිය බ්‍රහ්මයන් සමගද කාමාවචර දෙවියන් විසින්ද ගාන්ධර්වයෝද කී පරිදි වූ දිවැස් ඇති තාපසයෝ සැක නැතිවම දනිත්. යම්හෙයකින් ඔබගේ මේ තෘෂ්ණාව වසඟ බව සෘද්ධිමත්හු දනිත්ද එය පුදුම සහගත දෙයක් නොවේ. අසවල් තැනැත්තා තෘෂ්ණා වසඟ වූවෙකි යයි ඔවුන් විසින් කියනු ලබන වචනය අසා යම් කෙනෙක් ඔවුන්ට වැඩිහිටි වූවාහුද කීර්තිමත් වූවාහුද පිරිවරන්නෝ වූවාහුද ඔවුහු ද දනිත්මය. පව් කරන්නහුගේ රහසක් නම් නැතැයි තාපසයාට සංවේග උපදවමින් මෙසේ කීවාය.

තතො තාපසො චතස‍්සො ගාථා අභාසි –

අනතුරුව තාපසයා ගාථා සතරක් කීවේය.

“එවං විදිත්‍වා විදූ සබ‍්බධම‍්මං, විද‍්ධංසනං චවනං ජීවිතස‍්ස; න චීයතී තස‍්ස නරස‍්ස පාපං, සචෙ න චෙතෙති වධාය තස‍්ස.

20. නුවණැති තැනැත්තා මෙසේ සියළු සුචරිත ධර්මයන් දැන ජීවිතයාගේ විනාශයද ච්‍යුත වීමද දනීද ඉදින් ඔහුගේ හිංසාව පිණිස නොසිතාද, ඒ මිනිසාට පවු රැස් නොවේ.

“ඉසිපූගසමඤ‍්ඤාතෙ , එවං ලොක්‍යා විදිතා සති; අනරියපරිසම‍්භාසෙ, පාපකම‍්මං ජිගීසසි.

21. යහපත් තැනැත්තිය, මෙසේ ලෝකයාට හිත ඇතැයි දන්නා ලද්දී ද, සෘෂි සමූහයා විසින්ද දන්නා ලදද එසේ ඇතිකල්හි නොමනා අපහාස කරනු කැමැත්තිය, පව්කම් කරනට කැමති වෙහිද?

“සචෙ අහං මරිස‍්සාමි, තීරෙ තෙ පුථුසුස‍්සොණි; අසංසයං තං අසිලොකො, මයි පෙතෙ ආගමිස‍්සති.

22. පුළුල් වූ මනා උකුලක් ඇත්තිය, ඉදින් මම ඔබගේ ඉවුරෙහි මැරෙන්නෙමිද, මා පරලොව ගියකල්හි සැක නැතිවම ඔබට අපකීර්තියක් පැමිණෙන්නේය.

“තස‍්මා හි පාපකං කම‍්මං, රක‍්ඛස‍්සෙව සුමජ‍්ඣිමෙ; මා තං සබ‍්බො ජනො පච‍්ඡා, පකුට‍්ඨායි මයි මතෙ”ති.

23. එහෙයින් පවිටු කර්මයෙන් ආරක්‍ෂා වෙව. මනා වූ මධ්‍ය ප්‍රදේශයක් ඇත්තිය, මා මළ කල්හි සියළු ජනයා ඔබට නින්දා නොකෙරේවා!

තත්‍ථ එවං විදිත්‍වාති යථා අහං සීලඤ‍්ච අනිච‍්චතඤ‍්ච ජානාමි, එවං ජානිත්‍වා ඨිතස‍්ස. විදූති විදුනො. සබ‍්බධම‍්මන‍්ති සබ‍්බං සුචරිතධම‍්මං. තිවිධඤ‍්හි සුචරිතං ඉධ සබ‍්බධම‍්මොති අධිප‍්පෙතං. විද‍්ධංසනන‍්ති භඞ‍්ගං. චවනන‍්ති චුතිං. ජීවිතස‍්සාති ආයුනො. ඉදං වුත‍්තං හොති – එවං විදිත්‍වා ඨිතස‍්ස පණ‍්ඩිතස‍්ස සබ‍්බං සුචරිතධම‍්මං ජීවිතස‍්ස ච අනිච‍්චතං ජානන‍්තස‍්ස එවරූපස‍්ස නරස‍්ස පාපං න චීයති න වඩ‍්ඪති. සචෙ න චෙතෙති වධාය තස‍්සාති තස‍්ස සඞ‍්ඛං ගතස‍්ස පරපුග‍්ගලස‍්ස වධාය න චෙතෙති න පකප‍්පෙති, නෙව පරපුග‍්ගලං වධාය චෙතෙති, නාපි පරසන‍්තකං විනාසෙති, අහඤ‍්ච කස‍්සචි වධාය අචෙතෙත්‍වා කෙවලං අම‍්බපක‍්කෙ ආසඞ‍්ගං කත්‍වා ගඞ‍්ගං ඔලොකෙන‍්තො නිසින‍්නො, ත්‍වං මය‍්හං කිං නාම අකුසලං පස‍්සසීති.

එහි එවං විදිත්‍වා යනු යම් සේ මම සීලයද අනිත්‍ය බවද දනිමි. මෙසේ දැන සිටියහුගේ. විදූ යනු දැනුවත්හුගේ. සබ්බ ධම්මං යනු සියළු සුචරිත ධර්මය සුචරිතය තුන්වැදෑරුම් වේ. මෙහි සියළු ධර්ම යයි අදහස් කරන ලදි. විද්ධංසනං යනු බිඳීම. වචනං යනු චුත වීම. ජීවිතස්ස යනු ආයුෂයේ. මෙය කියන ලද්දේ වෙයි. මෙසේ දැන සිටි පණ්ඩිතයාගේ සියළු සුචරිත ධර්මයද ජීවිතයේ අනිත්‍ය බවද දන්නා වූ මෙබඳු මිනිසාගේ පව නොවැඩේ. සචෙ න චෙතෙති වධාය තස්ස යනු ඉලක්කගත වූ අන් පුද්ගලයාගේ මරණය සඳහා නොසිතයි. කටයුතු නොකරයි. අන් පුද්ගලයන්ගේ හිංසාව පිණිස නොසිතයි. අන් සතු වූ දේ නොනසයි. මමද කිසිවෙකුගේ හිංසාව පිණිස නොසිතා හුදෙක් අඹ ගෙඩියෙහි ආශා කොට ගංගාව දෙස බලමින් හුන්නේ වෙමි. ඹබ මගේ කවර නම් අකුසලයක් දක්නෙහිදැයි.

ඉසිපූගසමඤ‍්ඤාතෙති ඉසිගණෙන සුට‍්ඨු අඤ‍්ඤාතෙ ඉසීනං සම‍්මතෙ. එවං ලොක්‍යාති ත්‍වං නාම පාපපවාහනෙන ලොකස‍්ස හිතාති එවං විදිතා. සතීති සති සොභනෙ උත‍්තමෙති ආලපනමෙතං. අනරියපරිසම‍්භාසෙති “තස‍්ස ජානන‍්ති පිතරො”තිආදිකාය අසුන්‍දරාය පරිභාසාය සමන‍්නාගතෙ. ජිගීසසීති මයි පාපෙ අසංවිජ‍්ජන‍්තෙපි මං එවං පරිභාසන‍්තී ච පරමරණං අජ‍්ඣුපෙක‍්ඛන‍්තී ච අත‍්තනො පාපකම‍්මං ගවෙසසි උප‍්පාදෙසි. තීරෙ තෙති තව ගඞ‍්ගාතීරෙ. පුථුසුස‍්සොණීති පුථුලාය සුන්‍දරාය සොණියා සමන‍්නාගතෙ. පෙතෙති අම‍්බපක‍්කං අලභිත්‍වා පරලොකං ගතෙ, මතෙති අත්‍ථො. පකුට‍්ඨායීති අක‍්කොසි ගරහි නින්‍දි. “පක්‍වත්‍ථාසී”තිපි පාඨො.

ඉසිපූග සමඤ්ඤතෙ යනු තාපස සමූහයා විසින් මනාව දත්තා වූ. තාපසයන් පිළිගත්. එවං ලොක්‍යා යනු ඔබ පව් දුරලීමෙන් ලෝකයාට හිත ඇත්තී යයි මෙසේ දන්නා ලදි. සතී යනු සිහියෙන් හොබනා උත්තමාවිය යයි මේ ඇමතීමයි. අනරිය පරිසම්භාසෙති තස්ස ජානන්ති පිතරො යනු පළමුව නොමනා වූ අවමන් කිරීමෙන් යුක්ත වූ. ජිංගිසසී යනු මා කෙරෙහි පවක් නොමැති කල්හිද මට අපහාස කරන්නී මරන්නෙකු පිළිබඳව මධ්‍යස්ථ වන්නියක මෙන් තමා විසින් කළ පවිටු ක්‍රියාවක් සොයන්නෙහිය. උපදවන්නෙහිය. තීරෙ තෙ යනු ඔබගේ ඉවුරෙහි. පුථු සුස්සොණි යනු මහත් වූ සුන්දර වූ නිතඹින් යුක්ත වූ. පෙතෙ යනු අඹගෙඩිය නොලැබ පරලොව ගියකල්හි මළ කල්හි යන අර්ථයි. පකත්‍ථාසි යනු ආක්‍රොශ කළේය. ගර්හා කළේය. නින්දා කළේය. පච්චක්ඛාසි යනුද පෙළයි.

තං සුත්‍වා දෙවධීතා පඤ‍්ච ගාථා අභාසි –

එය අසා දෙව්දුව ගාථා පහක් කීවාය.

“අඤ‍්ඤාතමෙතං අවිසය‍්හසාහි, අත‍්තානමම‍්බඤ‍්ච දදාමි තෙ තං; යො දුබ‍්බජෙ කාමගුණෙ පහාය, සන‍්තිඤ‍්ච ධම‍්මඤ‍්ච අධිට‍්ඨිතොසි.

24. නොඉවසිය හැකි දේ ඉවසන රජතුමනි, මවිසින් මේ කරුණ දන්නා ලද්දී වෙමි. යමෙක් අත්හැරීමට අපහසු කාමයන් අතහැර සංයමයද ධර්මයද යන මෙහි පිහිටියේ වේද ඒ නුඹට තමා ද අඹ ද දෙමි.

“යො හිත්‍වා පුබ‍්බසඤ‍්ඤොගං, පච‍්ඡාසංයොජනෙ ඨිතො; අධම‍්මඤ‍්චෙව චරති, පාපඤ‍්චස‍්ස පවඩ‍්ඪති.

25. යමෙක් පෙර සංයෝජනයන් අතැර පසුව සංයෝජනයන්හි සිටියේද හෙතෙම අධර්මයෙහිම හැසිරෙයි. ඔහුගේ පව්ද වැඩෙයි.

“එහි තං පාපයිස‍්සාමි, කාමං අප‍්පොස‍්සුකො භව; උපනයාමි සීතස‍්මිං, විහරාහි අනුස‍්සුකො.

26. එව ඔබ ඒ අඹ වනයට පමුණුවන්නෙමි. ඒකාන්තයෙන් අල්පෝත්සාහී වෙව. ඔබ ගෙන යන්නෙම් වෙහිය. එහි අඹගෙඩි පිළිබඳව උත්සාහී නොවී වාසය කරව.

“තං පුප‍්ඵරසමත‍්තෙභි, වක‍්කඞ‍්ගෙහි අරින්‍දම; කොඤ‍්චා මයූරා දිවියා, කොලට‍්ඨිමධුසාළිකා; කූජිතා හංසපූගෙහි, කොකිලෙත්‍ථ පබොධරෙ.

27. මහරජතුමනි, මල් රසයෙන් මත්වූ වක් වූ බෙල්ල ඇති පක්‍ෂීන් විසින් සෙවුනා වූ ඒ අඹවනයේ දිව්‍යමය කොස්වාලිහිණියෝද මොනරුද දිව්‍යමය සැළලිහිණියෝද මධුශාලීය පක්‍ෂියෝද වෙති.

“අම‍්බෙත්‍ථ විප‍්පසාඛග‍්ගා, පලාලඛලසන‍්නිභා; කොසම‍්බසලළා නීපා, පක‍්කතාලවිලම‍්බිනො”ති.

28. හංස සමූහයා විසින් නාද පවත්වන ලද්දේය. මෙහි කොවුලන් විසින් පුබුදුවනු ලැබේ. මෙහි ඵලබරින් නැමුණු අග ඇති අඹගස් ඇත. මල් පිපීමෙන් හැල්පිදුරු වලින් කරන ලද ඇතිරිලි ඇතිකලවිටි මෙනි. වනුක්ද හොරද බක්මීද පැසුණු ගෙඩිවලින් යුත් තල්ගස්ද ඇත.

තත්‍ථ අඤ‍්ඤාතමෙතන‍්ති “ගරහා තෙ භවිස‍්සතීති වදන‍්තො අම‍්බපක‍්කත්‍ථාය වදසී”ති එතං කාරණං මයා අඤ‍්ඤාතං. අවිසය‍්හසාහීති රාජානො නාම දුස‍්සහං සහන‍්ති, තෙන නං ආලපන‍්තී එවමාහ. අත‍්තානන‍්ති තං ආලිඞ‍්ගිත්‍වා අම‍්බවනං නයන‍්තී අත‍්තානඤ‍්ච තෙ දදාමි තඤ‍්ච අම‍්බං. කාමගුණෙති කඤ‍්චනමාලාසෙතච‍්ඡත‍්තපටිමණ‍්ඩිතෙ වත්‍ථුකාමෙ. සන‍්තිඤ‍්ච ධම‍්මඤ‍්චාති දුස‍්සීල්‍යවූපසමෙන සන‍්තිසඞ‍්ඛාතං සීලඤ‍්චෙව සුචරිතධම‍්මඤ‍්ච. අධිට‍්ඨිතොසීති යො ත්‍වං ඉමෙ ගුණෙ උපගතො, එතෙසු වා පතිට‍්ඨිතොති අත්‍ථො.

එහි අඤ්ඤාතමෙතං යනු ඔබට නින්දාවක් වන්නේ යයි කියමින් අඹගෙඩි සඳහා කියහි යයි මේ කරුණ මවිසින් දන්නා ලදි. අවිසය්හසාහි යනු රජවරු නම් ඉවසිය නොහැක්කක් ඉවසතියි එනමින් ඔහුව අමතන්නී මෙසේ කීවාය. අත්තානං යනු ඔහු වැළඳ අඹ වනයට යනු රන් මල්මාලා හා සේසතින් අලංකාර වූ වස්තුකාමයන්. සන්තිඤ්ච ධම්මඤ්ච යනු දුසිල් බැවින් සංසිඳුවන ශාන්තිය. සංඛ්‍යාත වූ සීලයද සුසිරිත් දහමද. අධිමට්ඨිතොසි යනු යම්බඳු වූ ඔබ මේ ගුණයන්ගෙන් යුක්ත වූයේ මේ ගුණයන්හි පිහිටියේ යයි යන අර්ථයි.

පුබ‍්බසඤ‍්ඤොගන‍්ති පුරිමබන්‍ධනං. පච‍්ඡාසංයොජනෙති පච‍්ඡිමබන්‍ධනෙ. ඉදං වුත‍්තං හොති – අම‍්භො තාපස යො මහන‍්තං රජ‍්ජසිරිවිභවං පහාය අම‍්බපක‍්කමත‍්තෙ රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා වාතාතපං අගණෙත්‍වා නදීතීරෙ සුස‍්සමානො නිසීදති, සො මහාසමුද‍්දං තරිත්‍වා වෙලන‍්තෙ සංසීදනපුග‍්ගලසදිසො. යො පුග‍්ගලො රසතණ‍්හාවසිකො අධම‍්මඤ‍්චෙව චරති, රසතණ‍්හාවසෙන කරියමානං පාපඤ‍්චස‍්ස පවඩ‍්ඪතීති. ඉති සා තාපසං ගරහන‍්තී එවමාහ.

පුබ්බෙ සංයොජනා යනු පළමු බන්ධනය පච්ඡා සංයොජනෙ යනු පසු බන්ධනයෙන් මෙය කියන ලද්දේ වෙයි. එම්බා තවුස, යම්බඳු වූ ඔබ මහත් රාජ සම්පත් අතහරු අඹගෙඩියක පමණක් රස තණ්හාවෙහි බැඳී සුළං අව් ගණන් නොගෙන ගංතෙර වියලෙමින් හිඳින්නෙහිය. යම් පුද්ගලයෙක් රස තෘෂ්ණාවෙහි වසඟ වූයේද හෙතෙම මහමුහුද තරණය කර වෙරළ සමීපයෙහි ගිලෙන්නා වූ පුද්ගලයෙක් හා සමානය. අධම්මඤ්චෙව චරති යනු රස තෘෂ්ණාවෙහි වසඟ වූවෙකු වශයෙන් කටයුතු කරන් ලබන. පාපඤ්චස්ස පවඩ්ඪති යනු මෙසේ ඇය තවුසාට ගර්හා කරන්නී මෙසේ කීවාය.

කාමං අප‍්පොස‍්සුකො භවාති එකංසෙනෙව අම‍්බපක‍්කෙ නිරාලයො හොහි. සීතස‍්මින‍්ති සීතලෙ අම‍්බවනෙ. තන‍්ති එවං වදමානාව දෙවතා තාපසං ආලිඞ‍්ගිත්‍වා උරෙ නිපජ‍්ජාපෙත්‍වා ආකාසෙ පක‍්ඛන‍්තා තියොජනිකං දිබ‍්බඅම‍්බවනං දිස‍්වා සකුණසද‍්දඤ‍්ච සුත්‍වා තාපසස‍්ස ආචික‍්ඛන‍්තී “ත”න‍්ති එවමාහ. පුප‍්ඵරසමත‍්තෙභීති පුප‍්ඵරසෙන මත‍්තෙහි. වක‍්කඞ‍්ගෙහීති වඞ‍්කගීවෙහි සකුණෙහි අභිනාදිතන‍්ති අත්‍ථො. ඉදානි තෙ සකුණෙ ආචික‍්ඛන‍්තී “කොඤ‍්චා”තිආදිමාහ. තත්‍ථ දිවියාති දිබ්‍යා. කොලට‍්ඨිමධුසාළිකාති කොලට‍්ඨිසකුණා ච නාම සුවණ‍්ණසාළිකා සකුණා ච. එතෙ දිබ‍්බසකුණා එත්‍ථ වසන‍්තීති දස‍්සෙති. කූජිතා හංසපූගෙහීති හංසගණෙහි උපකූජිතා විරවසඞ‍්ඝට‍්ටිතා. කොකිලෙත්‍ථ පබොධරෙති එත්‍ථ අම‍්බවනෙ කොකිලා වස‍්සන‍්තියො අත‍්තානං පබොධෙන‍්ති ඤාපෙන‍්ති. අම‍්බෙත්‍ථාති අම‍්බා එත්‍ථ. විප‍්පසාඛග‍්ගාති ඵලභාරෙන ඔනමිතසාඛග‍්ගා. පලාලඛලසන‍්නිභාති පුප‍්ඵසන‍්නිචයෙන සාලිපලාලඛලසදිසා. පක‍්කතාලවිලම‍්බිනොති පක‍්කතාලඵලවිලම‍්බිනො. එවරූපා රුක‍්ඛා ච එත්‍ථ අත්‍ථීති අම‍්බවනං වණ‍්ණෙති.

කාමං අප්පොසුක්කො භව යනු ඒකාන්තයෙන්ම ඉදුන අඹයෙහි ආශා රහිත වෙව. සීතස්මිං සීතල අඹවනයෙහි. එතං යනු මෙසේ කියනු ලබන්නී වූ දේවතාවිය තාපසයා වැළඳ ඇකයෙහි හොවා අහසෙහි පැන නැංගා තුන්යොදුන් වූ දිව්‍යමය අඹවනය දැක කුරුල්ලන්ගේ නාදය අසා තවුසාට කියන්නී එතං යන මෙය කීවාය. පුප්ඵරසමත්තෙහි යනු මල් රසයෙන් මත්වූවන් විසින්. වක්කංගෙහි යනු වක් වූ ගෙල ඇති පක්‍ෂීන් විසින් නාදකරන ලදැයි අර්ථ වේ. දැන් ඒ කුරුල්ලන් කවුරුන්දැයි කියන්නී කොඤ්චා යනු කොස්වාලිහිණියන් ආදිය කීවාය. එහි දිවියා යු දිව්‍යමය වූ. කොයට්ඨිමධුසාලියා යනු කොයට්ඨි පක්‍ෂීහු නම් ස්වර්ණ ශාලික පක්‍ෂියෝයි. මේ දිව්‍යමය පක්‍ෂීහු මෙහි වසත් යයි දක්වයි. කුජිතා හංස පුගෙහි යනු හංස සමූහයා විසින් කෑගසන ලද්දාහු නාදයන් ගැටුනේ. කොකිලෙත්‍ථ පබොධරෙ යනු මේ අඹ වනයෙහි වසන්නා වූ කොවුලෝ තමා පුබුදු කරවත් යයි දක්වත්. අම්බෙත්‍ථ යනු මෙහි අඹ. විප්පසූනග්ගා යනු ගෙඩිවල බරෙන් නැමුන අතු අග ඇති. පලාල ඛල සන්නිභා යනු මල් සමූහය නිසා හැල්පිදුරු නැමති කලාලයන් ඇති කලවිටි හා සමාන වූ. පක්කතාල විලම්ඛිනො යනු පැසුන තල්ගෙඩි එල්බෙන්නා වූ. මෙවැනි ගස් මෙහි ඇතැයි අඹ වනය වර්ණනා කරයි.

වණ‍්ණයිත්‍වා ච පන තාපසං තත්‍ථ ඔතාරෙත්‍වා “ඉමස‍්මිං අම‍්බවනෙ අම‍්බානි ඛාදන‍්තො අත‍්තනො තණ‍්හං පූරෙහී”ති වත්‍වා පක‍්කාමි. තාපසො අම‍්බානි ඛාදිත්‍වා තණ‍්හං පූරෙත්‍වා විස‍්සමිත්‍වා අම‍්බවනෙ විචරන‍්තො තං පෙතං දුක‍්ඛං අනුභවන‍්තං දිස‍්වා කිඤ‍්චි වත‍්තුං නාසක‍්ඛි. සූරියෙ පන අත්‍ථඞ‍්ගතෙ තං නාටකිත්‍ථිපරිවාරිතං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානං දිස‍්වා තිස‍්සො ගාථා අභාසි –

වර්ණනාකොට තාපසයා එහි බස්වා මේ අඹවනයෙහි අඹ කමින් තමාගේ තෘෂ්ණාව පුරවවයි කියා ගියාය. තාපසයා අඹ කා තෘෂ්ණාව පුරවා විවේක ගෙන අඹවනයෙහි හැසිරෙන්නේ දුක් අනුභව කරන්නා වූ ඒ ප්‍රේතයා දැක කිසිවක් කියන්නට නොහැකි විය. හිරු අස්තයට ගියකල්හි නාටක ස්ත්‍රීන්ගෙන් පිරිවරන ලදුයේ දිව්‍ය සම්පත් අනුභව කරනු ලබන ඔහු දැක ගාථා තුනක් කීවේය.

“මාලී කිරිටී කායූරී, අඞ‍්ගදී චන්‍දනුස‍්සදො; රත‍්තිං ත්‍වං පරිචාරෙසි, දිවා වෙදෙසි වෙදනං.

29. දිව්‍යමය මල් දරන, දිව්‍යමය හිස් වෙළුම් ඇති, දිව්‍යාභරණයන් ගෙන් සැරසුන, දිව්‍යමය අංගදයෙන් (බාහුවේ දමන වළල්ල) යුත්, දිව්‍යමය සඳුන් ආලේපය ගල්වන ලද ඔබ රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරහිය. දවල් වේදනා විඳින්නෙහිය.

“සොළසිත්‍ථිසහස‍්සානි, යා තෙමා පරිචාරිකා; එවං මහානුභාවොසි, අබ‍්භුතො ලොමහංසනො.

30. යම් මේ සොළොස් දහසක් ස්ත්‍රීහු පිරිවර වෙත්. මෙසේ අද්භූත වූ ලොමුඩැහැ ගන්වන්නා වූ මහා ආනුභාව ඇත්තේ වෙහිය.

“කිං කම‍්මමකරී පුබ‍්බෙ, පාපං අත‍්තදුඛාවහං; යං කරිත්‍වා මනුස‍්සෙසු, පිට‍්ඨිමංසානි ඛාදසී”ති.

31. පෙර තමාට දුක් ගෙනදෙන්නා වූ කවර පවිටු ක්‍රියාවක් කරන ලදද? මිනිස්ලොවදී යමක් කර (දැන්) පිට මස් කඩා කන්නෙහිද?

තත්‍ථ මාලීති දිබ‍්බමාලාධරො. කිරිටීති දිබ‍්බවෙඨනධරො. කායූරීති දිබ‍්බාභරණපටිමණ‍්ඩිතො. අඞ‍්ගදීති දිබ‍්බඞ‍්ගදසමන‍්නාගතො. චන්‍දනුස‍්සදොති දිබ‍්බචන්‍දනවිලිත‍්තො. පරිචාරෙසීති ඉන්‍ද්‍රියානි දිබ‍්බවිසයෙසු චාරෙසි. දිවාති දිවා පන මහාදුක‍්ඛං අනුභොසි. යා තෙමාති යා තෙ ඉමා. අබ‍්භුතොති මනුස‍්සලොකෙ අභූතපුබ‍්බො. ලොමහංසනොති යෙ තං පස‍්සන‍්ති, තෙසං ලොමානි හංසන‍්ති. පුබ‍්බෙති පුරිමභවෙ. අත‍්තදුඛාවහන‍්ති අත‍්තනො දුක‍්ඛාවහං. මනුස‍්සෙසූති යං මනුස‍්සලොකෙ කත්‍වා ඉදානි අත‍්තනො පිට‍්ඨිමංසානි ඛාදසීති පුච‍්ඡති.

එහි මාලී යනු දිව්‍යමය මල්මාලාවන් දරන. තිරීටි යනු දිව්‍යමය හිස් වෙළුම් ඇති. කායූරී යනු දිව්‍යමය ආභරණයන්ගෙන් සැරසුන. අංගදී යනු දිව්‍යමය අංගදයෙන් යුත්. චන්‍දනස්සදො යනු දිව්‍යමය සඳුන්වලින් ආලේප කළ. පරිවාරෙසි යනු ඉන්‍ද්‍රියයන් දිව්‍යමය විෂයයන්හි හැසිරවීය. දිවා යනු දවල් කාලයෙහි මහත් වූ දුකක් අනුභව කෙරෙහිය. යා තෙ මා යම්බඳු වූ මෑලා. අබ්භූතො මිනිස් ලොව නොවූ විරූ. ලොව හංසනො යනු යමෙක් ඔබ දකිත්ද, ඔවුන්ගේ ලොම් කෙලින් සිටී. පුබ්බෙ යනු පෙර භවයෙහි. අත්තදුඛාවහං යනු තමාට දුක් එළවන්නා වූ. මනුස්සෙසු යනු මිනිස් ලෝකයෙහිදී යමක් කර දැන් තමාගේ පිටමස් කන්නෙහිදැයි විමසයි.

පෙතො තං සඤ‍්ජානිත්‍වා “තුම‍්හෙ මං න සඤ‍්ජානාථ, අහං තුම‍්හාකං පුරොහිතො අහොසිං, ඉදං මෙ රත‍්තිං සුඛානුභවනං තුම‍්හෙ නිස‍්සාය කතස‍්ස උපඩ‍්ඪූපොසථස‍්ස නිස‍්සන්‍දෙන ලද‍්ධං, දිවා දුක‍්ඛානුභවනං පන මයා පකතස‍්ස පාපස‍්සෙව නිස‍්සන්‍දෙන. අහඤ‍්හි තුම‍්හෙහි විනිච‍්ඡයෙ ඨපිතො කූටඩ‍්ඩං කරිත්‍වා ලඤ‍්ජං ගහෙත්‍වා පරපිට‍්ඨිමංසිකො හුත්‍වා තස‍්ස දිවා කතස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන ඉදං දුක‍්ඛං අනුභවාමී”ති වත්‍වා ගාථාද‍්වයමාහ –

ප්‍රේතයා ඔහු හැඳින තෙපි මා නොදනිව්ද? මම ඔබගේ පුරෝහිතයා වීමි. මේ මගේ රාත්‍රියෙහි සැප අනුභව කිරීම ඔබ නිසා කරන ලද අඩක් පෙහෙවස් රැකීමේ විපාක වශයෙන් ලබන ලදිමි. දවල් කාලයෙහි දුක් අනුභව කිරීම මා විසින් කරන ලද පවෙහිම විපාක වශයෙන් ලදිමි. මම වූ කලී ඔබ විසින් නඩු විසදීමෙහි තබන ලද්දේ කපටි ලෙස විනිශ්චය කර අල්ලස් ගෙන අනුන්ගේ පිටමස් කන්නෙක් වී ඒ දවල් කාලයෙහි කරන ලද ක්‍රියාවෙහි විපාකයෙන් මේ දුක අනුභව කරමි යයි කියා ගාථා දෙකක් කීවේය.

“අජ‍්ඣෙනානි පටිග‍්ගය‍්හ, කාමෙසු ගධිතො අහං; අචරිං දීඝමද‍්ධානං, පරෙසං අහිතායහං.

32. පෙර මම වේදයන් හදාරා කාමයන්හි ඇළුනේ වෙමි. දීර්ඝ කාලයක් අනුන්ට අහිත පිණිස හැසිරුනෙමි.

“යො පිට‍්ඨිමංසිකො හොති, එවං උක‍්කච‍්ච ඛාදති; යථාහං අජ‍්ජ ඛාදාමි, පිට‍්ඨිමංසානි අත‍්තනො”ති.

33. යමෙක් අනුන්ගේ පිටමස් කන්නේ වේද? එසේම බොරුවෙන් රවටා කයිද යම්සේ මම අද තමාගේ පිටමස් කමිද එසේ පිටමස් කන්නේ වෙයි.

තත්‍ථ අජ‍්ඣෙනානීති වෙදෙ. පටිග‍්ගය‍්හාති පටිග‍්ගහෙත්‍වා අධීයිත්‍වා. අචරින‍්ති පටිපජ‍්ජිං. අහිතායහන‍්ති අහිතාය අත්‍ථනාසනාය අහං. යො පිට‍්ඨිමංසිකොති යො පුග‍්ගලො පරෙසං පිට‍්ඨිමංසඛාදකො පිසුණො හොති. උක‍්කච‍්චාති උක‍්කන‍්තිත්‍වා.

එහි අජ්ඣෙනානි යනු වේදයන්. පටිග්ගය්හ යනු පිළිගෙන ඉගෙන. අචරිං යනු පිළිපැද්දෙමි. අහිතායහං යනු තමා නැසීම සඳහා මම. යො පිට්ඨිමංසිකො යනු යම් පුද්ගලයෙක් අනුන්ගේ පිටමස් කන්නේ වේද කේලාම් කියන්නේ වේද. උක්කච්ච යනු උකහා.

ඉදඤ‍්ච පන වත්‍වා තාපසං පුච‍්ඡි – “තුම‍්හෙ කථං ඉධාගතා”ති. තාපසො සබ‍්බං විත්‍ථාරෙන කථෙසි. “ඉදානි පන, භන‍්තෙ, ඉධෙව වසිස‍්සථ, ගමිස‍්සථා”ති. “න වසිස‍්සාමි, අස‍්සමපදංයෙව ගමිස‍්සාමී”ති. පෙතො “සාධු, භන‍්තෙ, අහං වො නිබද‍්ධං අම‍්බපක‍්කෙන උපට‍්ඨහිස‍්සාමී”ති වත්‍වා අත‍්තනො ආනුභාවෙන අස‍්සමපදෙයෙව ඔතාරෙත්‍වා “අනුක‍්කණ‍්ඨා ඉධෙව වසථා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා ගතො. තතො පට‍්ඨාය නිබද‍්ධං අම‍්බපක‍්කෙන උපට‍්ඨහි. තාපසො තං පරිභුඤ‍්ජන‍්තො කසිණපරිකම‍්මං කත්‍වා ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙයද කියා තවුසාගෙන් විචාළේය. ඔබ කෙසේ නම් මෙහි පැමිණියේදැයි තාපසයා සියල්ල විස්තර වශයෙන් කීවේය. ස්වාමීනි, දැන් මෙහිම වසව්ද නැතහොත් යව්දැයි? නොවසන්නෙමි. අසපුවටම යන්නෙමියි කීවේය. ප්‍රේතයා ස්වාමීනි මැනවි. මම ඔබට නිරතුරුව ඉදුන අඹවලින් උපස්ථාන කරමියි කියා තමාගේ ආනුභාවයෙන් අසපුවෙහිම බස්වා උකටලී නොවන්නේ මෙහිම වසව් යයි ප්‍රතිඥා ගෙන ගියේය. එතැන් පටන් ඉදුනු අඹවලින් උපස්ථාන කළේය. තාපසයා එය අනුභව කරමින් කිසුණු පිරියම් කර ධ්‍යාන-අභිඥාවන් උපදවා බඹලොව පිහිටකොට ඇත්තේ වීය.

සත්‍ථා උපාසකානං ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො. තදා දෙවධීතා උප‍්පලවණ‍්ණා අහොසි, තාපසො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ උපාසකයන්ට මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි ඇතමෙක් සෝවාන් වූවාහුය. ඇතමෙක් සකෘදාගාමීද ඇතමෙක් අනාගාමීද වූහ. එකල්හි දෙව්දුව උප්පලවණ්ණා වීය. තාපසයා මම ම වීමි යි වදාළ සේක.

කිංඡන්‍දජාතකවණ‍්ණනා පඨමා.