යෙදුමෙන් කියවන්න

2. කුම‍්භජාතකවණ‍්ණනා 512 අට‍්ඨකථා

2. කුම‍්භජාතකවණ‍්ණනා (512)

2. කුම්භ ජාතකය (512)

කො පාතුරාසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විසාඛාය සහායිකා සුරාපීතා පඤ‍්චසතා ඉත්‍ථියො ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර සුරාඡණෙ සඞ‍්ඝුට‍්ඨෙ තා පඤ‍්චසතා ඉත්‍ථියො සාමිකානං ඡණෙ කීළමානානං තික‍්ඛසුරං පටියාදෙත්‍වා “ඡණං කීළිස‍්සාමා”ති සබ‍්බාපි විසාඛාය සන‍්තිකං ගන‍්ත්‍වා “සහායිකෙ ඡණං කීළිස‍්සාමා”ති වත්‍වා “අයං සුරාඡණො, න අහං සුරං පිවිස‍්සාමී”ති වුත‍්තෙ – “තුම‍්හෙ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස දානං දෙථ, මයං ඡණං කරිස‍්සාමා”ති ආහංසු. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තා උය්‍යොජෙත්‍වා සත්‍ථාරං නිමන‍්තාපෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා බහුං ගන්‍ධමාලං ආදාය සායන‍්හසමයෙ ධම‍්මකථං සොතුං තාහි පරිවුතා ජෙතවනං අගමාසි. තා පනිත්‍ථියො සුරං පිවමානාව තාය සද‍්ධිං ගන‍්ත්‍වා ද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා සුරං පිවිත්‍වාව තාය සද‍්ධිං සත්‍ථු සන‍්තිකං අගමංසු. විසාඛා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි, ඉතරාසු එකච‍්චා සත්‍ථු සන‍්තිකෙයෙව නච‍්චිංසු, එකච‍්චා ගායිංසු, එකච‍්චා හත්‍ථකුක‍්කුච‍්චපාදකුක‍්කුච‍්චානි, එකච‍්චා කලහං අකංසු.

කො පාතුරාසී යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් විශාඛාවගේ යෙහෙළියන් වූ සුරාපානය කළ පන්සියයක් ස්ත්‍රීන් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර සුරා උත්සවයක් ප්‍රකාශිත කල්හි ඒ පන්සියයක් ස්ත්‍රීහු උත්සවයෙහි ක්‍රීඩා කරන්නා වූ සැමියන්ට තියුණු සුරාවක් සූදානම් කර දී සැණකෙළින්නෙමුයි ඈලා සියල්ලෝම විශාඛාවගේ සමීපයට ගොස් යෙහෙළියෙනි, සැණකෙළිය කරන්නෙමුයි කියා මේ මත්පැන් උත්සවයකි. මම මත්පැන් නොබොන්නෙමියි කී කල්හි තෙපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙව්. අපි සැණකෙළි කරන්නෙමුයි කීවාහුය. ඇය මැනවයි පිළිගෙන ඈලා පිටත්කර යවා ශාස්තෲන් වහන්සේට ආරාධනය කර මහා දානයක් දී බොහෝ සුවඳමල් ගෙන සවස් කාලයෙහි ධර්මකථාව අසන්නට ඈලා විසින් පිරිවරන ලද්දී ජේතවනයට ගියාය. ඒ ස්ත්‍රීහු මත්පැන් බොමින්ම ඇය සමග ගොස් දොරකොටුවෙහි සිට සුරා බීම ඇය සමග ශාස්තෲන් වහන්සේ සමීපයට ගියාහුය. විශාඛා තොමෝ ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නීය. අනික් ස්ත්‍රින් අතර ඇතැම් ස්ත්‍රීහු ශාස්තෲන් වහන්සේ සමීපයෙහි නැටුවාහුය. ඇතැම්හු ගායනා කළාහුය. ඇතැම්හු අත්පා පටලවා කලහ කළාහුය.

සත්‍ථා තාසං සංවෙගජනනත්‍ථාය භමුකලොමතො රංසී විස‍්සජ‍්ජෙසි, අන්‍ධකාරතිමිසා අහොසි. තා භීතා අහෙසුං මරණභයතජ‍්ජිතා, තෙන තාසං සුරා ජීරි. සත්‍ථා නිසින‍්නපල‍්ලඞ‍්කෙ අන‍්තරහිතො සිනෙරුමුද‍්ධනි ඨත්‍වා උණ‍්ණලොමතො රංසී විස‍්සජ‍්ජෙසි, චන්‍දසූරියසහස‍්සුග‍්ගමනං විය අහොසි. සත්‍ථා තත්‍ථ ඨිතොව තාසං සංවෙගජනනත්‍ථාය –

ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ සංවේගය සඳහා ඇස්බැම ලොම්වලින් රශ්මීහු මුදාහළ සේක. අඳුරු පටලයක් වීය. ඈලා බියෙන් තැතිගත්තෝ මරණ බියෙන් බියපත් වූවෝ වූහ. එනිසා ඈලාගේ සුරාමත සිඳුනේය. ශාස්තෲන් වහන්සේ වැඩහුන් ආසනයෙහි අතුරුදහන් වූයේ මහමෙර මත්තෙහි සිට ඌර්ණ ලෝමධාතුවෙන් රැස් විහිදුවීය. සඳ හිරු දහසකගේ උදාව මෙන් වීය. ශාස්තෲන් වහන්සේ එහිම වැඩසිටි සේක් ඈලාට සංවේග ඇතිකිරීම පිණිස,

“කො නු හාසො කිමානන්‍දො, නිච‍්චං පජ‍්ජලිතෙ සති; අන්‍ධකාරෙන ඔනද‍්ධා, පදීපං න ගවෙසථා”ති. (ධ· ප· 146) –

නිතර ගිනි දැල්වෙන කල්හි කවරනම් සිනහවක්ද කවරනම් සතුටක්ද, අවිද්‍යා නැමති අඳුරෙන් වසන ලද්දේ ප්‍රඥා නැමති ආලෝකය (පහන) නොසොයන්නහුදැයි යන මේ ගාථාව වදාළ සේක.

ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ තා පඤ‍්චසතාපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා ගන්‍ධකුටිඡායාය බුද‍්ධාසනෙ නිසීදි. අථ නං විසාඛා වන්‍දිත්‍වා, “භන‍්තෙ, ඉදං හිරොත‍්තප‍්පභෙදකං සුරාපානං නාම කදා උප‍්පන‍්න”න‍්ති පුච‍්ඡි. සො තස‍්සා ආචික‍්ඛන‍්තො අතීතං ආහරි.

ගාථා දේශනාවසානයෙහි ඒ පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් ගඳකිළි සෙවනෙහි බුද්ධාසනයෙහි හුන් සේක. ඉක්බිති විශාඛාව උන්වහන්සේට වැඳ ස්වාමීනි, මේ හිරි ඔතප් බිඳිනා වූ මත්පැන් කවරදා උපන්නේදැයි විචාළේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇයට එය වදාරන්නේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකො කාසිරට‍්ඨවාසී සුරො නාම වනචරකො භණ‍්ඩපරියෙසනත්‍ථාය හිමවන‍්තං අගමාසි. තත්‍ථෙකො රුක‍්ඛො උග‍්ගන‍්ත්‍වා පොරිසමත‍්තෙ ඨානෙ තිධාකප‍්පො අහොසි. තස‍්ස තිණ‍්ණං කප‍්පානං අන‍්තරෙ චාටිප‍්පමාණො ආවාටො අහොසි. සො දෙවෙ වස‍්සන‍්තෙ උදකෙන පූරිතො, තං පරිවාරෙත්‍වා හරීතකී ආමලකී මරිචගච‍්ඡො ච අහොසි , තෙසං පක‍්කානි ඵලානි ඡිජ‍්ජිත්‍වා තත්‍ථ පතන‍්ති. තස‍්සාවිදූරෙ සයංජාතසාලි ජාතො, තතො සුවකා සාලිසීසානි ආහරිත්‍වා තස‍්මිං රුක‍්ඛෙ නිසීදිත්‍වා ඛාදන‍්ති. තෙසං ඛාදමානානං සාලීපි තණ‍්ඩුලාපි තත්‍ථ පතන‍්ති. ඉති තං උදකං සූරියසන‍්තාපෙන පච‍්චමානං රසං ලොහිතවණ‍්ණං අහොසි. නිදාඝසමයෙ පිපාසිතා සකුණගණා ආගන‍්ත්‍වා තං පිවිත්‍වා මත‍්තා පරිවත‍්තිත්‍වා රුක‍්ඛමූලෙ පතිංසු, තස‍්මිං ථොකං නිද‍්දායිත්‍වා විකූජමානා පක‍්කමන‍්ති. රුක‍්ඛසුනඛමක‍්කටාදීසුපි එසෙව නයො. වනචරකො තං දිස‍්වා “සචෙ ඉදං විසං භවෙය්‍ය, ඉමෙ මරෙය්‍යුං, ඉමෙ පන ථොකං නිද‍්දායිත්‍වා යථාසුඛං ගච‍්ඡන‍්ති, නයිදං විස”න‍්ති සයං පිවිත්‍වා මත‍්තො හුත්‍වා මංසං ඛාදිතුකාමො අහොසි. තතො අග‍්ගිං කත්‍වා රුක‍්ඛමූලෙ පතිතෙ තිත‍්තිරකුක‍්කුටාදයො මාරෙත්‍වා මංසං අඞ‍්ගාරෙ පචිත්‍වා එකෙන හත්‍ථෙන නච‍්චන‍්තො එකෙන මංසං ඛාදන‍්තො එකාහද‍්වීහං තත්‍ථෙව අහොසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට වැසි එක් සුර නම් වනයෙහි හැසිරෙන්නෙක් බඩු සෙවීම සඳහා හිමාලයට ගියේය. එහි එක් ගසක් නැගී සිට පුරුෂයකුගේ පමණ තැන තුන් බලයෙක් වීය. ඒ තුන්බලය අතර සැළියක් පමණ ආවාටයක් වීය. එය වැස්ස වහින කල්හි ජලයෙන් පිරුණේ වීය. එය පිරිවරා අරළු, නෙල්ලි, මිරිස් ගස් වීය. ඒවායේ ඉදුණු ගෙඩි නැට්ටෙන් සිඳී එහි වැටෙයි. ඒ නුදුරෙහි ඉබේ හටගත් හැල් ඇත. ගිරව් එයින් හැල් කරල් ගෙනවුත් ඒ ගසෙහි හිඳ කති. කනු ලබන්නා වූ ඔවුන්ගේ හැල්ද සහල්ද එහි වැටෙයි. මෙසේ හිරුගේ අව්වෙන් පැසෙන්නා වූ ජලය ලේ පැහැ වීය. ග්‍රීෂ්ම කාලයෙහි පවසින් යුක්ත වූ පක්‍ෂි සමූහයා එය බී මත් වූවාහු කැරකැවී ගසමුල වැටුනාහුය. ඔවුහු මදක් නිදාගෙන කෑගසමින් ඉගිල යත්. ගස් බල්ලන් වඳුරන් ආදීන් පිළිබඳවද මේ ක්‍රමයම වේ. වනයේ හැසිරෙන්නා එය දැක ඉදින් මෙය විෂ වූවක් වන්නේ නම් මොවුහු මැරෙත්. මොවුහු මදක් නිදාසිට සුවසේ යති. මෙය විෂක් නොවේ. හෙතෙමේද තෙමේ බී මත් වී මස් කනු කැමැත්තේ වීය. තිත් වටුවන් කුකුළන් ආදීන් මරා මස් අඟුරෙහි පිස එක් අතකින් නටමින් එක් අතකින් මස් කමින් එක් දිනක් දින දෙකක් එහිම වීය.

තතො පන අවිදූරෙ එකො වරුණො නාම තාපසො වසති. වනචරකො අඤ‍්ඤදාපි තස‍්ස සන‍්තිකං ගච‍්ඡති. අථස‍්ස එතදහොසි – “ඉදං පානං තාපසෙන සද‍්ධිං පිවිස‍්සාමී”ති. සො එකං වෙළුනාළිකං පූරෙත්‍වා පක‍්කමංසෙන සද‍්ධිං ආහරිත්‍වා පණ‍්ණසාලං ගන‍්ත්‍වා, “භන‍්තෙ, ඉමං පිවථා”ති වත්‍වා උභොපි මංසං ඛාදන‍්තා පිවිංසු. ඉති සුරෙන ච වරුණෙන ච දිට‍්ඨත‍්තා තස‍්ස පානස‍්ස “සුරා”ති ච “වරුණා”ති ච නාමං ජාතං. තෙ උභොපි “අත්‍ථෙසො උපායො”ති වෙළුනාළියො පූරෙත්‍වා කාජෙනාදාය පච‍්චන‍්තනගරං ගන‍්ත්‍වා “පානකාරකා නාම ආගතා”ති රඤ‍්ඤො ආරොචාපෙසුං. රාජා නෙ පක‍්කොසාපෙසි, තෙ තස‍්ස පානං උපනෙසුං. රාජා ද‍්වෙ තයො වාරෙ පිවිත්‍වා මජ‍්ජි, තස‍්ස තං එකාහද‍්වීහමත‍්තමෙව අහොසි. අථ නෙ “අඤ‍්ඤම‍්පි අත්‍ථී”ති පුච‍්ඡි. “අත්‍ථි, දෙවා”ති. “කුහි”න‍්ති? “හිමවන‍්තෙ දෙවා”ති. “තෙන හි ආනෙථා”ති. තෙ ගන‍්ත්‍වා එකද‍්වෙ වාරෙ ආනෙත්‍වා “නිබද‍්ධං ගන‍්තුං න සක‍්ඛිස‍්සාමා”ති සම‍්භාරෙ සල‍්ලක‍්ඛෙත්‍වා තස‍්ස රුක‍්ඛස‍්ස තචං ආදිං කත්‍වා සබ‍්බසම‍්භාරෙ පක‍්ඛිපිත්‍වා නගරෙ සුරං කරිංසු. නාගරා සුරං පිවිත්‍වා පමාදං ආපන‍්නා දුග‍්ගතා අහෙසුං, නගරං සුඤ‍්ඤං විය අහොසි, තෙන පානකාරකා තතො පලායිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා “පානකාරකා ආගතා”ති රඤ‍්ඤො ආරොචාපෙසුං. රාජා නෙ පක‍්කොසාපෙත්‍වා පරිබ‍්බයං අදාසි. තෙ තත්‍ථාපි සුරං අකංසු, තම‍්පි නගරං තථෙව විනස‍්සි, තතො පලායිත්‍වා සාකෙතං, සාකෙතතො සාවත්‍ථිං අගමංසු.

ඉන් නුදුරෙහි වරුණ නම් එක් තාපසයෙක් වාසය කරයි. වනයෙහි හැසිරෙන්නා ඇතැම්දිනක ඔහු සමීපයට යයි. ඉක්බිති ඔහුට මෙවැනි අදහසක් වීය. මේ පානය තාපසයා සමග බොන්නෙමියි යනුවෙනි. හෙතෙම එක් උණ පුරුකක් පුරවා පිසූ මස් සමග ගෙන පන්සලට ගොස් ස්වාමීනි, මේ පැන් බොවයි කියා දෙදෙනාම මස් කමින් බිව්වාහුය. මෙසේ සුරා නම් වූ වැද්දා විසින්ද වරුණ නම් වූ තාපසයා විසින්ද දක්නා ලද හෙයින් ඒ පාණයට සුරා යයිද වාරුණී යයිද නම් වීය. ඔවුහු දෙදෙනාද මේ උපායයක් ඇතැයි උණපුරුකක් පුරවා කදින් ගෙන පසල්දනව්වට ගොස් පැන්කරුවෝ පැමිණියෝ යයි රජුට දැන්වූවාහුය. රජු ඔවුන් කැඳවීය. ඔවුහු ඒ රජුට සුරාපානය එළවූහ. රජු දෙතුන් වතාවක් බී මත් වූයේය. ඔහුගේ ඒ මත එක් දවසක්ද දෙකක්දැයි වීය. ඉක්බිති තවත් ඇත්දැයි ඔවුන්ගෙන් විමසීය. රජතුමනි, ඇතැයි කීවේය. කොහිද? දේවයන් වහන්ස, හිමාලයෙහිය. එසේනම් ගෙන එවයි කීවේය. ඔවුහු ගොස් එක් වරක් දෙවරක් ගෙනවුත් නිතර යන්නට නොහැක්කෙමුයි සියළු උපකරණයන් සලකා ඒ ගසෙහි පොතු ආදිය ගෙන ඒ සියලු උපකරණයන් බහා නගරයෙහි දී සුරාව තැනූහ. නුවර වැස්සෝ සුරාව බී ප්‍රමාදයට පත් වූවාහු දුප්පත් වූවාහුය. නගරය හිස් වූවක් මෙන් වීය. ඒ නිසා සුරාපානය සකස් කළ අය ඉන් පලාගොස් බරණැස් නුවරට ගොස් මත්පැන් සකස් කරන්නෝ ආවාහු යයි රජුට දැන්වූහ. රජු ඔවුන් කැඳවා වියදම් දෙවීය. එහිදීද සුරාව තැනූහ. ඒ නගරයද එසේම විනාශ වීය. ඉන් පලාගොස් සාකේතයටද සාකේතයෙන් සැවැත්නුවරටද ගියාහුය.

තදා සාවත්‍ථියං සබ‍්බමිත‍්තො නාම රාජා අහොසි. සො තෙසං සඞ‍්ගහං කත්‍වා “කෙන වො අත්‍ථො”ති පුච‍්ඡිත්‍වා “සම‍්භාරමූලෙන චෙව සාලිපිට‍්ඨෙන ච පඤ‍්චහි චාටිසතෙහි චා”ති වුත‍්තෙ සබ‍්බං දාපෙසි. තෙ පඤ‍්චසු චාටිසතෙසු සුරං සණ‍්ඨාපෙත්‍වා මූසිකභයෙන චාටිරක‍්ඛණත්‍ථාය එකෙකාය චාටියා සන‍්තිකෙ එකෙකං බිළාරං බන්‍ධිංසු. තෙ පච‍්චිත්‍වා උත‍්තරණකාලෙ චාටිකුච‍්ඡීසු පග‍්ඝරන‍්තං සුරං පිවිත්‍වා මත‍්තා නිද‍්දායිංසු. මූසිකා ආගන‍්ත්‍වා තෙසං කණ‍්ණනාසිකදාඨිකනඞ‍්ගුට‍්ඨෙ ඛාදිත්‍වා අගමංසු. “බිළාරා සුරං පිවිත්‍වා මතා”ති ආයුත‍්තකපුරිසා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා “විසකාරකා එතෙ භවිස‍්සන‍්තී”ති තෙසං ද‍්වින‍්නම‍්පි ජනානං සීසානි ඡින්‍දාපෙසි. තෙ “සුරං දෙව, මධුරං දෙවා”ති විරවන‍්තාව මරිංසු. රාජා තෙ මාරාපෙත්‍වා “චාටියො භින්‍දථා”ති ආණාපෙසි. බිළාරාපි සුරාය ජිණ‍්ණාය උට‍්ඨහිත්‍වා කීළන‍්තා විචරිංසු, තෙ දිස‍්වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා “සචෙ විසං අස‍්ස, එතෙ මරෙය්‍යුං, මධුරෙනෙව භවිතබ‍්බං, පිවිස‍්සාමි න”න‍්ති නගරං අලඞ‍්කාරාපෙත්‍වා රාජඞ‍්ගණෙ මණ‍්ඩපං කාරාපෙත්‍වා අලඞ‍්කතමණ‍්ඩපෙ සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා අමච‍්චගණපරිවුතො සුරං පාතුං ආරභි.

එකල්හි සැවැත්නුවර සර්වමිත්‍ර නම් රජු වූයේය. හෙතෙම ඔවුන්ට සංග්‍රහ කර තොපට කවරකින් ප්‍රයෝජන ඇත්තේ දැයි විමසා සුරාව සඳහා වූ උපකරණයන්ගෙන්ද හැල්සහල් පිටිද සැළි පන්සියයකින්දැයි කී කල්හි සියල්ල දෙවීය. ඔවුහු සැළි පන්සියයෙහි රා සකසා මීයන්ට බියෙන් සැළි රැකීම පිණිස එක් එක් සැළිය සමීපයෙහි එක් එක් බළලා බැගින් බැන්දාහුය. ඔවුහු පැසී උතුරන කල්හි සැළිකුසෙහි වැගිරෙන්නා වූ සුරාව බී මත්වූවාහු නිදාගත්තාහුය. මීයෝ අවුත් ඔවුන්ගේ කන්-නාසා-දත්-නගුට ආදීන් කා ගියාහුය. බළල්ලු සුරාපානය කර මළාහු යයි ආරක්‍ෂකයෝ රජුට දැන්වූවාහුය. රජු මොවුහු විෂ සකස් කරන්නෝ යයි දෙදෙනාගේම හිස් සින්දවීය. ඔවුහු සුරාව බී දේවයන් වහන්ස, මිහිරි යයි කෑගසන්නාහුම මරණයට පත්වූහ. රජු ඔවුන් මරවා සැළි බිඳිව් යයි ඇණවීය. බළල්ලු ද සුරාමත අවසන් වූ කල්හි නැගිට සෙල්ලම් කරමින් හැසිරුනාහුය. ඔවුහු ඒ දැක රජුට දැන්වූහ. රජු ඉදින් විෂයක් වූයේ නම් ඔවුහු මැරෙන්නාහ. එය මිහිරි වූවක් විය යුතුය. එය බොන්නෙමියි නගරය අලංකාර කරවා රජමිදුලෙහි මණ්ඩපයක් කරවා අලංකාර කර සරසන ලද මණ්ඩපයෙහි ඔසවන ලද සේසත ඇති රාජාසනයෙහි හිඳ ඇමති සමූහයා විසින් පිරිවරන ලදුයේ සුරාපානය කරන්නට පටන් ගත්තේය.

තදා සක‍්කො දෙවරාජා “කෙ නු ඛො මාතුපට‍්ඨානාදීසු අප‍්පමත‍්තා තීණි සුචරිතානි පූරෙන‍්තී”ති ලොකං වොලොකෙන‍්තො තං රාජානං සුරං පාතුං නිසින‍්නං දිස‍්වා “සචායං සුරං පිවිස‍්සති, සකලජම‍්බුදීපො නස‍්සිස‍්සති. යථා න පිවිස‍්සති, තථා නං කරිස‍්සාමී”ති එකං සුරාපුණ‍්ණං කුම‍්භං හත්‍ථතලෙ ඨපෙත්‍වා බ්‍රාහ‍්මණවෙසෙනාගන‍්ත්‍වා රඤ‍්ඤො සම‍්මුඛට‍්ඨානෙ ආකාසෙ ඨත්‍වා “ඉමං කුම‍්භං කිණාථ, ඉමං කුම‍්භං කිණාථා”ති ආහ. සබ‍්බමිත‍්තරාජා තං තථා වදන‍්තං ආකාසෙ ඨිතං දිස‍්වා “කුතො නු ඛො බ්‍රාහ‍්මණො ආගච‍්ඡතී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො තිස‍්සො ගාථා අභාසි –

එකල්හි සක්දෙව් රජු කවරෙක් මව්පිය උපස්ථානාදියෙහි අප්‍රමාද වූවාහු තෙවැදෑරුම් සුචරිතයක් පුරත්දැයි ලොව බලන්නේ සුරාපානය කරන්නට හුන් ඒ රජු දැක ඉදින් මෙතෙමේ සුරාපානය කරන්නේද සියළු දඹදිව නසින්නේය. යම් පරිද්දකින් නොබොයිද ඔහු එසේ කරන්නෙමියි සුරාව පිරුණු එක් කළයක් අත්තලයෙහි තබා බමුණෙකුගේ වේශයෙන් අවුත් රජු හමුවෙහි අහසෙහි සිට මේ කළය මිලදී ගනිව්. මේ කළය මිලදී ගනිව් යයි කීවේය. සර්වමිත්‍ර රජු එසේ කියමින් අහසෙහි සිටි ඔහු දැක බ්‍රාහ්මණයා කොහිසිට පැමිණේදැයි ඔහු සමග කථා කරනුයේ ගාථා තුනක් කීවේය.

“කො පාතුරාසී තිදිවා නභම‍්හි, ඔභාසයං සංවරිං චන්‍දිමාව; ගත‍්තෙහි තෙ රස‍්මියො නිච‍්ඡරන‍්ති, සතෙරතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ.

කො පාතුරාසි තිදිවා නභම්හි, ඔභාසයං සංවරිං චන්‍දිමාව, ගත්තෙහි තෙ රස්මියෝ නිච්ඡරන්ති, සතෙරිතා විජ්ජු රිවන්තලික්ඛෙ

1. බ්‍රාහ්මණය, ඔබ කොහි සිට පැමිණියෙහිද? දෙව්ලොවින් අවුත් අහසෙහි සිටින්නෙහිද? චන්ද්‍රයා රාත්‍රිය බබලවන්නාක් මෙන් ඔබගේ ශරීරයෙන් රශ්මීහු නික්මෙත්. අහසෙහි සතේරිත නම් වූ විදුලිය මෙන්ය.

“සො ඡින‍්නවාතං කමසී අඝම‍්හි, වෙහායසං ගච‍්ඡසි තිට‍්ඨසී ච; ඉද‍්ධී නු තෙ වත්‍ථුකතා සුභාවිතා, අනද‍්ධගූනං අපි දෙවතානං.

2. ඒ ඔබ වාතයෙන් තොර ගැටීම් රහිත අහසෙහි පවතිහි. පයින් ගමනක් නැති දෙවියන්ගේ යම් සෘද්ධියක් වේද එය ඔබ විසින් ප්‍රතිෂ්ඨාවක් කරන ලදි. මනාව වඩනා ලදි. ඔබ අහසෙහි යන්නෙහිද සිටින්නෙහිද වෙයි.

“වෙහායසං ගම‍්මමාගම‍්ම තිට‍්ඨසි, කුම‍්භං කිණාථාති යමෙතමත්‍ථං; කො වා තුවං කිස‍්ස වා තාය කුම‍්භො, අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථ”න‍්ති.

3. අහසින් පැමිණි ඔබ කවරක් සඳහා සිටින්නෙහිද? කළය මිලදී ගනුවයි යන මෙය කවර ප්‍රයෝජනයක් සඳහාද, ඔබ කවරෙක්ද? මේ කළය කුමක් සඳහාද? බ්‍රාහ්මණය, මේ කරුණ මට කියව.

තත්‍ථ කො පාතුරාසීති කුතො පාතුභූතොසි, කුතො ආගතොසීති අත්‍ථො. තිදිවා නභම‍්හීති කිං තාවතිංසභවනා ආගන‍්ත්‍වා ඉධ නභම‍්හි ආකාසෙ පාකටො ජාතොසීති පුච‍්ඡති. සංවරින‍්ති රත‍්තිං. සතෙරතාති එවංනාමිකා. සොති සො ත්‍වං. ඡින‍්නවාතන‍්ති වලාහකොපි තාව වාතෙන කමති, තස‍්ස පන සොපි වාතො නත්‍ථි, තෙනෙවමාහ. කමසීති පවත‍්තෙසි. අඝම‍්හීති අප‍්පටිඝෙ ආකාසෙ. වත්‍ථුකතාති වත්‍ථු විය පතිට‍්ඨා විය කතා. අනද‍්ධගූනං අපි දෙවතානන‍්ති යා පදසා අද‍්ධානං අගමනෙන අනද‍්ධගූනං දෙවතානං ඉද‍්ධි, සා අපි තව සුභාවිතාති පුච‍්ඡති. වෙහායසං ගම‍්මමාගම‍්මාති ආකාසෙ පවත‍්තං පදවීතිහාරං පටිච‍්ච නිස‍්සාය. “තිට‍්ඨසී”ති ඉමස‍්ස “කො වා තුව”න‍්ති ඉමිනා සම‍්බන්‍ධො, එවං තිට‍්ඨමානො කො වා ත්‍වන‍්ති අත්‍ථො. යමෙතමත්‍ථන‍්ති යං එතං වදසි. ඉමස‍්ස “කිස‍්ස වා තාය”න‍්ති ඉමිනා සම‍්බන්‍ධො, යං එතං කුම‍්භං කිණාථාති වදසි, කිස‍්ස වා තෙ අයං කුම‍්භොති අත්‍ථො.

එහි කො පාතුරාසී යනු කොහි සිට පහළ වූයෙහිද? කොහි සිට පැමිණියෙහිදැයි අර්ථයි. තිදිවා නභම්හි යනු කිම තවුතිසා භවනයෙන් අවුත් මෙහි අහසෙහි ප්‍රකට වූයේදැයි විමසයි. සංවරිං යනු රාත්‍රිය. සතෙරිතා යනු එනම් වූ සො යනු ඒ ඔබ. ජින්නවාතං යනු වැසිවලාකුළද වාතයෙන් හැසිරෙයි. ඔහුට එම වාතයද නැත. එහෙයින් මෙසේ කීවේය. කමසි යනු පවත්නෙහිද? අඝම්හි යනු ගැටීම් නැති අහසෙහි. වත්‍ථුකතා යනු අඩිතාලමක් මෙන් ප්‍රතිෂ්ඨාවක් මෙන් කළ. අනද්ධගුනම්පි දෙවතානං යනු පාදයෙන් මාර්ගයන්හි නොයෑමෙන් අනද්ධගු වූ දෙවියන්ගේ යම් සෘද්ධියක් වේද, එයද ඔබ විසින් මනාව වඩනා ලදදැයි විමසයි. වෙභාසයං කම්මාගම්මා යනු අහසෙහි පැවති පියවර තැබීම් නිසා සිටිනෙහිද? ඉමස්ස කොවාතුවං යන මෙය සමග සම්බන්ධය. මෙසේ සිටිනා වූ ඔබ කවරෙක් නම් වේදැයි අර්ථයි. යමෙතමන්‍ථං යම්බඳු වූ මෙය කියහිද? මෙහි කිස්සවතායං යන මෙය හා සම්බන්ධය. යම් මේ කළය මිළදී ගනුවයි කියහිද ඔබගේ මේ කළය කවර ප්‍රයෝජනයක් සඳහාදැයි අර්ථයි.

තතො සක‍්කො “තෙන හි සුණාහී”ති වත්‍වා සුරාය දොසෙ දස‍්සෙන‍්තො ආහ –

අනතුරුව ශක්‍රයා එසේනම් අසව යයි කියා සුරාවෙහි දොස් දක්වමින් මෙසේ කීවේය.

“න සප‍්පිකුම‍්භො නපි තෙලකුම‍්භො, න ඵාණිතස‍්ස න මධුස‍්ස කුම‍්භො; කුම‍්භස‍්ස වජ‍්ජානි අනප‍්පකානි, දොසෙ බහූ කුම‍්භගතෙ සුණාථ.

4. මෙය ගිතෙල් කලයක් නොවේ. තලතෙල් කළයක්ද නොවේ. උක්සකුරු කළයක්ද නොවේ. මීපැණි කළයක්ද නොවේ මේ කලයේ දෝෂයෝ අප්‍රමාණය. කළය හා සම්බන්ධ වූ බොහෝ දොස් අසවු.

“ගළෙය්‍ය යං පිත්‍වා පතෙ පපාතං, සොබ‍්භං ගුහං චන්‍දනියොළිගල‍්ලං; බහුම‍්පි භුඤ‍්ජෙය්‍ය අභොජනෙය්‍යං, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

5. යම් පානයක් බී පියවරක් පාසා පෙරලේද? ප්‍රපාතයටද වළටද ගුහාවටද අපිරිසිදු මඩවලටද ගවරවලටද වැටේද අනුභව නොකළ යුතු බොහෝ දේ අනුභව කරන්නේද ඒ සුරාවෙන් පිරුණ මේ කළය මිලදී ගනිව්.

“යං පිත්‍වා චිත‍්තස‍්මිං අනෙසමානො, ආහිණ‍්ඩතී ගොරිව භක‍්ඛසාදී; අනාථමානො උපගායති නච‍්චති ච, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

6. ඉදින් යම් සුරාවක් පානය කර සිතෙහි ප්‍රභූත්වය නැත්තේ මත්පැන් නම් වූ කහට කන්නා වූ ගවයෙක් මෙන් ඇවිදීද අනාථයෙකු මෙන් ගායනා කරයිද නටයිද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිවිත්‍වා අචෙලොව නග‍්ගො, චරෙය්‍ය ගාමෙ විසිඛන‍්තරානි; සම‍්මූළ‍්හචිත‍්තො අතිවෙලසායී, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

7. ඉදින් යම් සුරාවක් පානය කර අචේලකයෙක් මෙන් නිර්වස්ත්‍රව ගමෙසි වීථින්හි හැසිරෙන්නේද මුලාවූ සිත් ඇත්තේ බොහෝ වේලා සයනය කෙරෙත්ද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං පිත්‍වා උට‍්ඨාය පවෙධමානො, සීසඤ‍්ච බාහුඤ‍්ච පචාලයන‍්තො; සො නච‍්චතී දාරුකටල‍්ලකොව, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

8. ඉදින් යම් සුරාවක් පානය කර නැගිට තෙමේ වෙව්ලන්නේ හිසද අතද සොලවමින් රූකඩයක් මේ නටයිද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිවිත්‍වා අග‍්ගිදඩ‍්ඪා සයන‍්ති, අථො සිගාලෙහිපි ඛාදිතාසෙ; බන්‍ධං වධං භොගජානිඤ‍්චුපෙන‍්ති, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

9. ඉදින් යම් සුරාවක් පානය කර ගින්නෙන් දැවුනෙකු මෙන් නිදත්ද, අනතුරුව සිවලුන් විසින්ද කනු ලබයිද, සිරගේ ලෑමටද හිංසාවටද වස්තු හානියටද පත්වේද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං පිත්‍වා භාසෙය්‍ය අභාසනෙය්‍යං, සභායමාසීනො අපෙතවත්‍ථො; සම‍්මක‍්ඛිතො වන‍්තගතො බ්‍යසන‍්නො, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

10. ඉදින් යම් සුරාවක් පානය කර නොකිව යුත්තක් කියන්නේද සභාවෙහි හුන්නේ පහ වූ වස්ත්‍ර ඇත්තේ වීද, කුණු තැවරුනේ වමනය වැකුණු ශරීර ඇත්තේ විපතට පත් වූයේ වේද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිවිත්‍වා උක‍්කට‍්ඨො ආවිලක‍්ඛො, මමෙව සබ‍්බපථවීති මඤ‍්ඤෙ; න මෙ සමො චාතුරන‍්තොපි රාජා, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

11. ඉදින් යම් සුරාවක් පානය කර මම සියල්ලන්ටම වඩා උත්කෘෂ්ට වෙමියි කියා සිතයිද රතුවූ ඇස් ඇත්තේද සියළු පොළොව මගේ යයි හඟීද සිව්දිසාවට අධිපති රජුද මා හා සමාන නොවේයයි සිතයිද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“මානාතිමානා කලහානි පෙසුණී, දුබ‍්බණ‍්ණිනී නග‍්ගයිනී පලායිනී; චොරාන ධුත‍්තාන ගතී නිකෙතො, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

12. (යම් සුරාවක් පානය කර) මානයෙන් යුක්ත වේද, අධික මානයෙන් යුක්ත වේද කලහ කරන්නාහුද කේලාම් කියන්නේ වේද අගුණ කියන්නී වේද නග්න ස්වභාව ඇත්තේද පලායන සුළු වේද සොරුන්ගේ හා ධූර්තයන්ගේ ස්වභාවයන්ට වාසස්ථාන වේද එබඳු සුරාවේ පිරුණ මේ කළය මිලදී ගනිව්.

“ඉද‍්ධානි ඵීතානි කුලානි අස‍්සු, අනෙකසාහස‍්සධනානි ලොකෙ; උච‍්ඡින‍්නදායජ‍්ජකතානිමාය, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

13. ලොව සමෘද්ධිමත් වූ සම්පතින් පිරුනා වූ නොයෙක් දහස් ගණන් ධනය ඇති කුලයෝ වෙත්ද ඒවා මේ සුරාව කරණකොට ගෙන විනාශ වූ ධනය ඇති කුල බවට පමුණුවන ලද්දෝය. එබඳු සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං, ඛෙත‍්තං ගවං යත්‍ථ විනාසයන‍්ති; උච‍්ඡෙදනී විත‍්තගතං කුලානං, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

14. යමක් නිසා ධාන්‍යය ද ධනය ද රන් ද රිදී ද කෙත් ද ගවයන් ද විනාශ වෙත්ද ධනවත් කුලයන් විනාශකරන සුළු වේද එබඳු සුරාවෙන් පිරුණ මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා දිත‍්තරූපොව පොසො, අක‍්කොසති මාතරං පිතරඤ‍්ච; සස‍්සුම‍්පි ගණ‍්හෙය්‍ය අථොපි සුණ‍්හං, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

15. පුරුෂ තෙම යම් සුරාවක් පානය කර දුෂ්ට ස්වභාව ඇතියේ පියාටද මවටද ආක්‍රෝශ කෙරේද, නැන්දණියද එමෙන්ම ලේලියද භාර්යාවකොට ගනීද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා දිත‍්තරූපාව නාරී, අක‍්කොසතී සස‍්සුරං සාමිකඤ‍්ච; දාසම‍්පි ගණ‍්හෙ පරිචාරිකම‍්පි, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

16. ස්ත්‍රිය යම් සුරාවක් පානය කර දුෂ්ට ස්වභාව ඇත්තී මාමාටද ස්වාමියාටද ආක්‍රෝශ කෙරේද දාසයාද සමීපයෙහි හැසිරෙන්නාද ස්වාමියා කොටගනීද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිවිත්‍වාන හනෙය්‍ය පොසො, ධම‍්මෙ ඨිතං සමණං බ්‍රාහ‍්මණං වා; ගච‍්ඡෙ අපායම‍්පි තතොනිදානං, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

17. පුරුෂ තෙමේ යම් සුරාවක් පානය කර ධර්මයෙහි හැසිරෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හිංසා කෙරේද, ඒ හේතුවෙන් අපායට යන්නේද එබඳු සුරාවෙන් පිරුණ මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිවිත්‍වා දුච‍්චරිතං චරන‍්ති, කායෙන වාචාය ච චෙතසා ච; නිරයං වජන‍්ති දුච‍්චරිතං චරිත්‍වා, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

18. යමක් පානය කර ඒකාන්තයෙන් කයින් වචනයෙන් සිතින් දුසිරිත්හි හැසිරෙත්ද, දුසිරිතෙහි හැසිරී නිරයට යෙත්ද එවැනි සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං යාචමානා න ලභන‍්ති පුබ‍්බෙ, බහුං හිරඤ‍්ඤම‍්පි පරිච‍්චජන‍්තා; සො තං පිවිත්‍වා අලිකං භණාති, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

19. පළමුව බොහෝ රන් පරිත්‍යාග කරමින් ඉල්ලන්නේ නමුදු යම් බොරුකීමක් නොලබත්ද? හෙතෙම සුරාපානය කර යම් බොරුවක් කියයිද ඒ සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා පෙසනෙ පෙසියන‍්තො, අච‍්චායිකෙ කරණීයම‍්හි ජාතෙ; අත්‍ථම‍්පි සො නප‍්පජානාති වුත‍්තො, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

20. යම් සුරාවක් පානය කර, වහා කටයුත්තක් පැමිණි කල්හි පණිවුඩ යැවීමෙහි යොදවන්නේ හෙතෙම කියන ලද කරුණ නොදනීද එබඳු සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“හිරීමනාපි අහිරීකභාවං, පාතුං කරොන‍්ති මදනාය මත‍්තා; ධීරාපි සන‍්තා බහුකං භණන‍්ති, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

21. ලජ්ජා සහිත සිත් ඇත්තේ නමුදු, සුරාමතින් මත්වූයේ ලජ්ජා රහිත බව ප්‍රකට කෙරේද, ප්‍රාඥ වූවාහුද බොහෝකොට කථා කෙරෙත්ද එබඳු සුරාවෙන් පිරුන මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා එකථූපා සයන‍්ති, අනාසකා ථණ‍්ඩිලදුක‍්ඛසෙය්‍යං; දුබ‍්බණ‍්ණියං ආයසක්‍යඤ‍්චුපෙන‍්ති, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

22. යම් සුරාවක් පානය කර එකට රැස්වී නිදත්ද? ආහාර නොගන්නාහු බිම දුකසේ සයනය කෙරෙත්ද දුර්වර්ණනීය බවටත් නින්දාවටත් පැමිණෙත්ද ඒ සුරාවෙන් පිරුණ මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා පත‍්තඛන්‍ධා සයන‍්ති, ගාවො කූටහතාව න හි වාරුණියා; වෙගො නරෙන සුසහොරිව, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

23. ඉදින් යම් සුරාවක් පානය කර ගෙලෙහි බැම්මෙන් පීඩාවට පත් වූ ගවයන් මෙන් නිදත්ද ඒ සුරාවෙහි වේගය මිනිසා විසින් පහසුවෙන් ඉසිලිය හැක්කේ නොවේ.

“යං මනුස‍්සා විවජ‍්ජන‍්ති, සප‍්පං ඝොරවිසමිව; තං ලොකෙ විසසමානං, කො නරො පාතුමරහති.

24. මිනිස්සු යම් සුරාවක් දරුණු විෂයෙන් යුත් සර්පයෙකු මෙන් දුරු කෙරෙත්ද ඒ සර්ප විෂ හා සමාන වූ ඒ සුරාව ලොව කවරනම් මිනිසෙක් පානය කිරීමට සුදුසු වෙයිද.

“යං වෙ පිත්‍වා අන්‍ධකවෙණ‍්ඩපුත‍්තා, සමුද‍්දතීරෙ පරිචාරයන‍්තා; උපක‍්කමුං මුසලෙභි අඤ‍්ඤමඤ‍්ඤං, තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

25. යම් සුරාවක් පානය කර අන්‍ධකවෙණ්හු පුත්‍රවරු මුහුදුතෙර හැසිරෙන්නාහු මොහොල්වලින් එකිනෙකාට පහර දුන්නාහුද එබඳු සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්.

“යං වෙ පිත්‍වා පුබ‍්බදෙවා පමත‍්තා, තිදිවා චුතා සස‍්සතියා සමායා; තං තාදිසං මජ‍්ජමිමං නිරත්‍ථකං, ජානං මහාරාජ කථං පිවෙය්‍ය.

26. යම් සුරාවක් පානය කර ප්‍රමාද වූ සදාකාලික වූ මායා සහිත වූ අසුරයෝ දෙව්ලොවින් ච්‍යුත වූවාහුද මහරජතුමනි, මේ සුරාව එබඳු වූ නිරර්ථක දෙයකැයි දැන කෙසේනම් පානය කෙරේද?

“නයිමස‍්මිං කුම‍්භස‍්මිං දධි වා මධු වා, එවං අභිඤ‍්ඤාය කිණාහි රාජ; එවඤ‍්හිමං කුම‍්භගතා මයා තෙ, අක‍්ඛාතරූපං තව සබ‍්බමිත‍්තා”ති.

27. රජතුමනි, මේ කළයෙහි දීකිරි හෝ මීපැණි හෝ නැත්තේ යයි මෙසේ දැන මිලදී ගනුව. සර්වමිත්‍රය, මෙසේ මේ කළය තුළට පැමිණි දේ කෙබඳුදැයි මා විසින් ඔබට කියන ලද්දේමය.

තත්‍ථ වජ‍්ජානීතිආදීනවා. ගළෙය්‍යාති ගච‍්ඡන‍්තො පදෙ පදෙ පරිවත‍්තෙය්‍ය. යං පිත්‍වා පතෙති යං පිවිත්‍වා පතෙය්‍ය. සොබ‍්භන‍්ති ආවාටං. චන්‍දනියොළිගල‍්ලන‍්ති චන්‍දනිකඤ‍්ච ඔළිගල‍්ලඤ‍්ච. අභොජනෙය්‍යන‍්ති භුඤ‍්ජිතුං අයුත‍්තං. අනෙසමානොති අනිස‍්සරො. ගොරිවාති ගොණො විය. භක‍්ඛසාදීති පුරාණකසටඛාදකො, යථා සො තත්‍ථ තත්‍ථ භක‍්ඛසං පරියෙසන‍්තො ආහිණ‍්ඩති, එවං ආහිණ‍්ඩතීති අත්‍ථො. අනාථමානොති නිරවස‍්සයො අනාථො විය. උපගායතීති අඤ‍්ඤං ගායන‍්තං දිස‍්වා උපගන‍්ත්‍වා ගායති. අචෙලොවාති අචෙලකො විය. විසිඛන‍්තරානීති අන‍්තරවීථියො. අතිවෙලසායීති අතිචිරම‍්පි නිද‍්දං ඔක‍්කමෙය්‍ය. “අතිවෙලචාරී”තිපි පාඨො, අතිවෙලචාරී හුත්‍වා චරෙය්‍යාති අත්‍ථො.

එහි වජ්ජානි යනු දෝෂයෝය. ගලෙය්‍ය යනු ගමන් කරන්නේ පියවරක් පාසා පෙරලෙන්නේය. යං පිවිත්‍වා පතෙ යනු යමක් පානය කර වැටෙන්නේද? සොබ්හං යනු වලට. චන්‍දනියොළිගල්ලං යනු ගවර වලෙිහිද අපිරිසිදු වතුරවලටද. අභොජනෙය්‍යං අනුභව කරන්නට නුසුදුසු. අනෙසමානො යනු අධිපති නොවූයේ. ගොරිව යනු ගොනෙකු මෙන්. භක්ඛසාදී යනු මහපැනෙහි කහට කන්නා වූ. යම්සේ හෙතෙම එහි කහට කන්නෙක් සොයමින් හැසිරෙයි. මෙසේ හැසිරෙයි යන අර්ථයි. අනාථමානො යනු වසඟ නොවූයේ අනාථයෙකු මෙන්. උපගායතී යනු ගායනා කරන අනිකෙකු දැක ඔහු වෙත එළඹ ගායනා කරයි. අචේලකොව යනු නිර්වස්ත්‍ර වූවෙකු මෙන්. විසිඛන්තරානි යනු ඇතුළු වීථීන්. අතිවෙලසායී යනු බොහෝ වේලා හැසිරෙන්නෙකු වී හැසිරෙන්නේය යන අර්ථයි.

දාරුකටල‍්ලකො වාති දාරුමයයන‍්තරූපකං විය. භොගජානිඤ‍්චුපෙන‍්තීති භොගජානිඤ‍්ච උපෙන‍්ති, පාණාතිපාතාදීනි කත්‍වා දණ‍්ඩපීළිතා ධනජානිඤ‍්ච අඤ‍්ඤඤ‍්ච වධබන්‍ධනාදිදුක‍්ඛං පාපුණන‍්තීති අත්‍ථො. වන‍්තගතොති අත‍්තනො වන‍්තස‍්මිං ගතො. බ්‍යසන‍්නොති බ්‍යසනාපන‍්නො. “විසන‍්නො”තිපි පාඨො , තස‍්මිං වන‍්තෙ ඔසන‍්නොති අත්‍ථො. උක‍්කට‍්ඨොති අහං මහායොධො, කො මයා සදිසො අත්‍ථීති එවං උක‍්කංසගතො හුත්‍වා. ආවිලක‍්ඛොති රත‍්තක‍්ඛො. සබ‍්බපථවීති සබ‍්බා පථවී. “සබ‍්බපුථුවී”තිපි පාඨො. චාතුරන‍්තොති චතුසමුද‍්දපරියන‍්තාය පථවියා ඉස‍්සරො. මානාතිමානාති මානකාරිකා. සෙසපදෙසුපි එසෙව නයො. ගතීති නිබ‍්බත‍්ති. නිකෙතොති නිවාසො. තස‍්සා පුණ‍්ණන‍්ති යා එවරූපා, තස‍්සා පුණ‍්ණං. ඉද‍්ධානීති සමිද‍්ධානි. ඵීතානීති වත්‍ථාලඞ‍්කාරකප‍්පභණ‍්ඩෙහි පුප‍්ඵිතානි. උච‍්ඡින‍්නදායජ‍්ජකතානීති උච‍්ඡින‍්නදායාදානි නිද‍්ධනානි කතානි. යත්‍ථ විනාසයන‍්තීති යං නිස‍්සාය යත්‍ථ පතිට‍්ඨිතා, එවං බහුම‍්පි ධනධඤ‍්ඤාදිසාපතෙය්‍යං නාසයන‍්ති, කපණා හොන‍්ති.

දාරුකටල්ලකොච යනු දැවමුවා රූකඩයක් මෙන්. භොගජානිචුපෙන්ති යනු සම්පත් හානියට පැමිණෙත්. පරපණ නැසීම් ආදිය කර දඬුවමින් පීඩාවට පත්වූවාහු ධන හානියටද අනික් වධබන්ධනාදී දුක්වලටද පැමිණෙත් යන අර්ථයි. වන්තගො යනු තමාගේ වමනයෙහි ගැලුනේ. බ්‍යසත්තො යනු විපතට පත් වූයේ. විසත්තො යනුද පෙළයි. ඒ වමනයෙහි ගිලුනේ යන අර්ථයි. උක්කට්ඨො යනු මම මහා යෝධයෙක් වෙමි. මා හා සමාන කවරෙක් ඇත්දැයි මෙසේ උඩඟු බවට පැමිණියෙකු වී. ආවිලක්ඛො යෙනු රතුවූ ඇස් ඇති. සබ්බපඨවී යනු සියළු පොළොව. සබ්බා පඨවි යනුද පෙළවේ. චාතුරන්තො යනු සිව්මුහුද කෙළවර ඇති පොළොවෙහි ප්‍රධානියා. මානා යනු මානය කරන්නා වූ. සෙසු පදයන් පිළිබඳවද මේ පිළිවෙලමයි. ගතී යනු ස්වභාවයයි. නිකෙතො යනු වාසස්ථානයයි. තස්සාපුණ්ණං යනු යමක් මෙබඳු වීද ඉන් පිරුණු. යත්‍ථ විනාසයන්ති යනු යමක් ඇසුරු කර යම්තැනක පිහිටියාහුද එකද බොහෝ වූද ධන-ධාන්‍ය ආදී වස්තුව නසත්. දිළිදෝ වෙත්. ඉද්ධානි යනු සමෘද්ධිමත්. ඵීතානි යනු වස්ත්‍ර අලංකාර ආදී භාණ්ඩයන්ගෙන් පිරී ගිය. උච්ඡින්න දායජ්ජකකානි යනු නසන ලද වස්තු ඇති නිර්ධයන් කරන ලද.

දිත‍්තරූපොති දප‍්පිතරූපො. ගණ‍්හෙය්‍යාති භරියසඤ‍්ඤාය කිලෙසවසෙන හත්‍ථෙ ගණ‍්හෙය්‍ය. දාසම‍්පි ගණ‍්හෙති අත‍්තනො දාසම‍්පි කිලෙසවසෙන “සාමිකො මෙ”ති ගණ‍්හෙය්‍ය. පිවිත්‍වානාති පිවිත්‍වා. දුච‍්චරිතං චරිත්‍වාති එවං තීහි ද‍්වාරෙහි දසවිධම‍්පි අකුසලං කත්‍වා. යං යාචමානාති යං පුරිසං පුබ‍්බෙ සුරං අපිවන‍්තං බහුං හිරඤ‍්ඤං පරිච‍්චජන‍්තා මුසාවාදං කරොහීති යාචමානා න ලභන‍්ති. පිත්‍වාති පිවිත්‍වා ඨිතො. නප‍්පජානාති වුත‍්තොති “කෙනට‍්ඨෙන ආගතොසී”ති වුත‍්තො සාසනස‍්ස දුග‍්ගහිතත‍්තා තං අත්‍ථං න ජානාති. හිරීමනාපීති හිරීයුත‍්තචිත‍්තාපි. එකථූපාති සූකරපොතකා විය හීනජච‍්චෙහිපි සද‍්ධිං එකරාසී හුත්‍වා. අනාසකාති නිරාහාරා. ථණ‍්ඩිලදුක‍්ඛසෙය්‍යන‍්ති භූමියං දුක‍්ඛසෙය්‍යං සයන‍්ති. ආයසක්‍යන‍්ති ගරහං.

දුට්ඨරූපො යනු එඩියෙන් යුත් ස්වරූප ඇති. ගණෙහය්‍ය යනු කෙලෙස් වශයෙන් සිය භාර්යාව යයි හැඟීමෙන් අතින් ගන්නේය. දාසම්පි ගණ්හෙය්‍ය තමාගේ දාසයාද කෙලෙස් වශයෙන් මගේ ස්වාමියා යයි ගන්නේය. පීත්‍වාන යනු පානය කර. දුච්චරිතං චරිත්‍වා යනු මෙසේ තුන්දොරින් දසවැදෑරුම් අකුසල් කර. යාචමානා යනු පළමුව සුරාපානය නොකරන යම් පුරුෂයෙකුට බොහෝ රන් දෙන්නේ නමුදු බොරු කියන්නෙක් වෙහි යයි ඉල්ලනු ලබන්නේද එය නොලබත්. පීත්‍වා යනු මත්පැන් පානය කර සිටියේ. නප්පජානාති මුත්තො යනු කුමන කරුණක් සඳහා පැමිණියෙහිදැයි කියන ලදුයේ පණිවුඩය මනාව නොගත් හෙයින් ඒ කරුණ නොදනී. හිරීමනා යනු ලජ්ජා සහිත සිත් ඇත්තේද. එකථුපා යනු ඌරු පැටව් මෙන් පහත් ජන්ම ඇති අය සමග එක්රැස් වී. අනාසකා යනු නිරාහාර වූවාහු. ථණ්ඩිල දුක්ඛසෙය්‍යං යනු භූමියෙහි දුකසේ සයනයයි. ආයාසක්‍යං යනු නින්දාව.

පත‍්තඛන්‍ධාති පතිතක‍්ඛන්‍ධා. කූටහතාවාති ගීවාය බද‍්ධෙන කූටෙන හතා ගාවො විය, යථා තා තිණං අඛාදන‍්තියො පානීයං අපිවන‍්තියො සයන‍්ති, තථා සයන‍්තීති අත්‍ථො. ඝොරවිසමිවාති ඝොරවිසං විය. විසසමානන‍්ති විසසදිසං. අන්‍ධකවෙණ‍්ඩපුත‍්තාති දස භාතිකරාජානො. උපක‍්කමුන‍්ති පහරිංසු. පුබ‍්බදෙවාති අසුරා. තිදිවාති තාවතිංසදෙවලොකා. සස‍්සතියාති සස‍්සතා, දීඝායුකභාවෙන නිච‍්චසම‍්මතා දෙවලොකාති අත්‍ථො. සමායාති සද‍්ධිං අසුරමායාහි. ජානන‍්ති එවං “නිරත්‍ථකං එත”න‍්ති ජානන‍්තො තුම‍්හාදිසො පණ‍්ඩිතො පුරිසො කථං පිවෙය්‍ය . කුම‍්භගතා මයාති කුම‍්භගතං මයා, අයමෙව වා පාඨො. අක‍්ඛාතරූපන‍්ති සභාවතො අක‍්ඛාතං.

පත්තක්ඛන්‍ධා යනු වැටුනු කඳ ඇති. කූටහතාරිව යනු බෙල්ලෙහි බඳනා ලද කුළුගෙඩියෙන් පහර දෙන ලද ගොන්නු මෙන්. යම්සේ ඒ දෙන්නු තණකොළ නොකමින් පැන් නොබොමින් නිදත්ද, එසේ සයනය කරත් යන අර්ථයි. ඝොරවිසම්මිව යනු නපුරු විෂක් මෙන්. විස සමානං යනු විස හා සමාන වූ. අන්‍ධක වෙණ්හු පුත්තා යනු දසබෑ රජුන්ගේ පුත්‍රයෝ. උපක්කමුං යනු පහර දෙන ලදහ. පුබ්බදෙවා යනු අසුරයෝ. තිදිවා යනු තව්තිසා දෙව්ලෝ. සස්සතියා යනු දීර්ඝායුෂ ඇති නිසා සදාකාලික වූ යයි නිතර සම්මත දිව්‍යලෝකය යයි අර්ථයි. සමයා යනු අසුර මායාවන් සහිත. ජානං යනු මෙසේ මෙය නිරර්ථක යයි දන්නේ ඔබ වැනි පණ්ඩිත පුරුෂයෙක් කෙසේ නම් බොන්නේද. කුම්භගතාමයා යනු මා විසින්. කළයට ඇතුළත් වූ මෙයම හෝ පෙළ වෙයි. අක්ඛාත රූපං යනු සැබවින්ම කියන ලදි.

තං සුත්‍වා රාජා සුරාය ආදීනවං ඤත්‍වා තුට‍්ඨො සක‍්කස‍්ස ථුතිං කරොන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

රජු ඒ අසා සුරාවෙහි ආදීනව දැන සතුටු වූයේ ශක්‍රයාට ස්තුති කරමින් ගාථා දෙකක් කීවේය.

“න මෙ පිතා වා අථවාපි මාතා, එතාදිසා යාදිසකො තුවංසි; හිතානුකම‍්පී පරමත්‍ථකාමො, සොහං කරිස‍්සං වචනං තවජ‍්ජ.

29. ඔබ යම් පරිද්දකින් හිතැති වූයේද අනුකම්පා සහිත වූයේද උතුම් වැඩ කැමැත්තේ වීද මගේ පියා හෝ නැවත මව හෝ මෙබඳු නොවූයේය. ඒ මම අද ඔබගේ වචනය කරන්නෙමි.

“දදාමි තෙ ගාමවරානි පඤ‍්ච, දාසීසතං සත‍්ත ගවංසතානි; ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දස ඉමෙ, ආචරියො හොසි මමත්‍ථකාමො”ති.

30. මම ඔබට ගම්වර පහක්ද දාසියන් සියයක්ද ගවයන් සත්සියයක්ද දෙමි. මේ ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය දහයක්ද දෙමි. මගේ වැඩ කැමති ගුරුවරයා වෙහි.

තත්‍ථ ගාමවරානීති, බ්‍රාහ‍්මණ, ආචරියස‍්ස නාම ආචරියභාගො ඉච‍්ඡිතබ‍්බො, සංවච‍්ඡරෙ සංවච‍්ඡරෙ සතසහස‍්සුට‍්ඨානකෙ තුය‍්හං පඤ‍්ච ගාමෙ දදාමීති වදති. දස ඉමෙති ඉමෙ දස පුරතො ඨිතෙ කඤ‍්චනවිචිත‍්තෙ රථෙ දස‍්සෙන‍්තො එවමාහ.

එහි ගාමවරානි යනු බ්‍රාහ්මණය, ආචාර්යවරයා විසින් ආචාර්ය භාගය කැමති විය යුතුය. වසරකදී ලක්‍ෂයක් උපදිනා වූ ගම් පහක් ඔබට දෙමි යි කියයි. දසා ඉමෙ යනු ඉදිරියෙහි තිබූ රනින් විසිතුරු කළ මේ රිය දහසක් දක්වමින් මෙසේ කීවේය.

තං සුත්‍වා සක‍්කො දෙවත‍්තභාවං දස‍්සෙත්‍වා අත‍්තානං ජානාපෙන‍්තො ආකාසෙ ඨත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා ශක්‍රයා දිව්‍යමය ආත්මභාවය දක්වා තමා හඳුන්වා දෙන්නේ අහසෙහි සිට ගාථා දෙකක් කීවේය.

“තවෙව දාසීසතමත්‍ථු රාජ, ගාමා ච ගාවො ච තවෙව හොන‍්තු; ආජඤ‍්ඤයුත‍්තා ච රථා තවෙව, සක‍්කොහමස‍්මී තිදසානමින්‍දො.

31. රජතුමනි, දාසියන් සියය ඔබටම වේවා. ගම්ද ගවයෝද ඔබටම වෙත්වා. ආජඤ්ඤ අශ්වයන් යෙදූ රථද ඔබටම වේවා. මම දෙව්ලොවට අධිපති ශක්‍රයා වෙමි.

“මංසොදනං සප‍්පිපායාසං භුඤ‍්ජ, ඛාදස‍්සු ච ත්‍වං මධුමාසපූවෙ; එවං තුවං ධම‍්මරතො ජනින්‍ද, අනින්‍දිතො සග‍්ගමුපෙහි ඨාන”න‍්ති.

32. රජතුමනි, ඔබ මාංශයෙන් යුත් බත්ද ගිතෙල්ද අනුභව කරව. මී සහ මෑවලින් කළ කැවුම් අනුභව කරව. මෙසේ ධර්මයෙහි ඇළුණ ඔබ නින්දා නොලබා ඒකාන්තයෙන් දෙව්ලොව යව.

තත්‍ථ එවං තුවං ධම‍්මරතොති එවං ත්‍වං නානග‍්ගරසභොජනං භුඤ‍්ජන‍්තො සුරාපානා විරතො තීණි දුච‍්චරිතානි පහාය තිවිධසුචරිතධම‍්මරතො හුත්‍වා කෙනචි අනින්‍දිතො සග‍්ගට‍්ඨානං උපෙහීති.

එහි එවං තුවං ධම්මරතො යනු මෙසේ ඔබ නොයෙක් උතුම් රස බොජුන් බුදිමින් මත්පැන් පානයෙන් තොරවූයේ ත්‍රිවිධ දුෂ්චරිතයන් අතැර ත්‍රිවිධ සුචරිත ධර්මයෙහි ඇළුනෙක් වී කිසිවෙකු විසිනුදු නින්දා නොකළේ ස්වර්ගයට යවයි යනුයි.

ඉති සක‍්කො තස‍්ස ඔවාදං දත්‍වා සකට‍්ඨානමෙව ගතො. සොපි සුරං අපිවිත්‍වා සුරාභාජනානි භින්‍දාපෙත්‍වා සීලං සමාදාය දානං දත්‍වා සග‍්ගපරායණො අහොසි. ජම‍්බුදීපෙපි අනුක‍්කමෙන සුරාපානං වෙපුල‍්ලප‍්පත‍්තං ජාතං.

මෙසේ ශක්‍රයා ඔහුට අවවාද දී සිය වාසස්ථානයටම ගියේය. ඔහුද සුරාපානය නොකර සුරා බඳුන් බිඳ සිල් සමාදන් වී දන් දී ස්වර්ගය පිහිට කොට ඇත්තේ වීය. දඹදිවද ක්‍රමයෙන් සුරාපානය විපුත්‍වයට පත් වූයේ වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද තෙරුන් වීය. ශක්‍රයා මම ම වීමි යයි වදාළ සේක.

කුම‍්භජාතකවණ‍්ණනා දුතියා.