යෙදුමෙන් කියවන්න

3. ජයද‍්දිසජාතකවණ‍්ණනා 513 අට‍්ඨකථා

3. ජයද‍්දිසජාතකවණ‍්ණනා (513)

3. ජයද්දිස ජාතකය (513)

චිරස‍්සං වත මෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මාතුපොසකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු සාමජාතකසදිසං (ජා· 2.22.296 ආදයො). තදා පන සත්‍ථා “පොරාණකපණ‍්ඩිතා කඤ‍්චනමාලං සෙතච‍්ඡත‍්තං පහාය මාතාපිතරො පොසෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

චිරස්සං වත මෙ ය මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක මව පෝෂණය කළ එක් භික්‍ෂුවක් අරභයා දේශනා කළ සේක. වර්තමාන කථාවස්තුව සාම ජාතකය හා සමානය. එකල්හි ශාස්තෲන් වහන්සේ පැරණි පණ්ඩිතයෝ රන්මාලාව හා සේසත හැර මව්පියන් පෝෂණය කළාහුයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ කපිලරට‍්ඨෙ උත‍්තරපඤ‍්චාලනගරෙ පඤ‍්චාලො නාම රාජා අහොසි. තස‍්ස අග‍්ගමහෙසී ගබ‍්භං පටිලභිත්‍වා පුත‍්තං විජායි. තස‍්සා පුරිමභවෙ එකා සපත‍්තිකා කුජ‍්ඣිත්‍වා “තුය‍්හං ජාතං ජාතං පජං ඛාදිතුං සමත්‍ථා භවිස‍්සාමී”ති පත්‍ථනං ඨපෙත්‍වා යක‍්ඛිනී අහොසි. සා තදා ඔකාසං ලභිත්‍වා තස‍්සා පස‍්සන‍්තියාව තං අල‍්ලමංසපෙසිවණ‍්ණං කුමාරකං ගහෙත්‍වා මුරුමුරායන‍්තී ඛාදිත්‍වා පක‍්කාමි. දුතියවාරෙපි තථෙව අකාසි. තතියවාරෙ පන තස‍්සා පසූතිඝරං පවිට‍්ඨකාලෙ ගෙහං පරිවාරෙත්‍වා ගාළ‍්හං ආරක‍්ඛං අකංසු. විජාතදිවසෙ යක‍්ඛිනී ආගන‍්ත්‍වා පුන දාරකං අග‍්ගහෙසි. දෙවී “යක‍්ඛිනී”ති මහාසද‍්දමකාසි. ආවුධහත්‍ථා පුරිසා ආගන‍්ත්‍වා දෙවියා දින‍්නසඤ‍්ඤාය යක‍්ඛිනිං අනුබන්‍ධිංසු. සා ඛාදිතුං ඔකාසං අලභන‍්තී තතො පලායිත්‍වා උදකනිද‍්ධමනං පාවිසි. දාරකො මාතුසඤ‍්ඤාය තස‍්සා ථනං මුඛෙන ගණ‍්හි. සා පුත‍්තසිනෙහං උප‍්පාදෙත්‍වා තතො පලායිත්‍වා සුසානං ගන‍්ත්‍වා දාරකං පාසාණලෙණෙ ඨපෙත්‍වා පටිජග‍්ගි. අථස‍්ස අනුක‍්කමෙන වඩ‍්ඪමානස‍්ස මනුස‍්සමංසං ආහරිත්‍වා අදාසි. උභොපි මනුස‍්සමංසං ඛාදිත්‍වා තත්‍ථ වසිංසු. දාරකො අත‍්තනො මනුස‍්සභාවං න ජානාති “යක‍්ඛිනිපුත‍්තොස‍්මී”ති සඤ‍්ඤාය. සො අත‍්තභාවං ජහිත්‍වා අන‍්තරධායිතුං න සක‍්කොති. අථස‍්ස සා අන‍්තරධානත්‍ථාය එකං මූලං අදාසි. සො මූලානුභාවෙන අන‍්තරධායිත්‍වා මනුස‍්සමංසං ඛාදන‍්තො විචරති. යක‍්ඛිනී වෙස‍්සවණස‍්ස මහාරාජස‍්ස වෙය්‍යාවච‍්චත්‍ථාය ගතා තත්‍ථෙව කාලමකාසි. දෙවීපි චතුත්‍ථවාරෙ අඤ‍්ඤං පුත‍්තං විජායි. සො යක‍්ඛිනියා මුත‍්තත‍්තා අරොගො අහොසි. පච‍්චාමිත‍්තං යක‍්ඛිනිං ජිනිත්‍වා ජාතත‍්තා “ජයද‍්දිසකුමාරො”තිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත්‍වා ඡත‍්තං උස‍්සාපෙත්‍වා රජ‍්ජමනුසාසි.

අතීතයෙහි කම්පිල්ල රට උත්තර පඤ්චාල නම් රජු වීය. ඔහුගේ අගමෙහෙසිය ගැබක් ලැබ පුතෙකු වැදුවාය. පෙර භවයෙහි ඇගේ එක් සපත්නියක් ඇය කෙරෙහි කිපී ඔබට උපන් දරුවන් කන්නට පොහොසත් වන්නෙමියි ප්‍රාර්ථනාවක් තබා යක්‍ෂණියක් වූවාය. ඇය එකල්හි අවකාශ ලබා ඇය දකිත්දීම ඒ තෙතමස්පේසි ඇති කුමාරයා ගෙන මුරු-මුරු ශබ්දයෙන් කා ගියාය. දෙවන වරද එසේම කළේය. තෙවනවර ඇය තිඹිරිගෙට පිවිසි කල්හි ගෙය පිරිවරා දැඩි ආරක්‍ෂාව කළාහුය. වැදූ දවස්හි යක්‍ෂණිය අවුත් නැවත දරුවා ගත්තේය. දේවිය යකින්නිය පැමිණියා යයි මහත් වූ ශබ්දයක් කළාය. ආයුධ ගත් අත් ඇති පුරුෂයෝ අවුත් දේවිය දෙන ලද සලකුණින් යක්‍ෂණිය ලුහුබැන්දාහුය. ඇය කන්නට අවකාශ නොලබන්නී එතැනින් පලාගොස් ජලය බැහැරවන කානුවට බැස්සාය. දරුවාද මවයයි යන හැඟීමෙන් ඇගේ තන මුවින් ගත්තේය. ඇය පුත්‍ර ස්නේහය උපදවා එතැනින් පලාගොස් සොහොනට ගොස් දරුවා ගල්ලෙනක කොට පෝෂණය කළාය. ඉක්බිති ක්‍රමයෙන් වැඩෙන්නා වූ ඔහුට මිනිස් මස් ගෙනවුත් දුන්නාය. දෙදෙනාම මිනීමස් කා එහි වාසය කළාහුය. දරුවා තමාගේ මිනිස් බව නොදනී. යකින්නියගේ පුත්‍රයා වෙමියි යන හැඟීමෙන් පසුවෙයි. හෙතෙම තම ස්වභාවය අතැර අතුරුදහන් වීමට නොහැකි වෙයි. ඉක්බිති ඇය ඔහුට අතුරුදහන් වීම සඳහා එක් මුලක් දුන්නීය. හෙතෙම ඒ මුලේ ආනුභාවයෙන් අතුරුදහන් වී මිනීමස් කමින් හැසිරුනි. යක්‍ෂණිය වෛශ්‍රවණ මහරජුට වතාවත් සඳහා ගියා එහිම කළුරිය කළාය. දේවියද සිව්වන වර අන් පුතෙකු වැදුවාය. හෙතෙම යකින්නියගෙන් මිදුන හෙයින් නිරෝගී වූයේය. පසමිතුරු වූ යක්‍ෂණිය දිනා උපන් හෙයින් ඔහුට ජයද්දිස කුමාරයා යයි නම් කළාහුය. වැඩිවියට පත්වූ ඔහු සියළු ශිල්පයන්හි නිමාවට පැමිණ සේසත ඔසවා රජ්‍යය අනුශාසනා කළේය.

තදා බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, “අලීනසත‍්තුකුමාරො”තිස‍්ස නාමං කරිංසු. සො වයප‍්පත‍්තො උග‍්ගහිතසබ‍්බසිප‍්පො උපරාජා අහොසි. සොපි යක‍්ඛිනිපුත‍්තො අපරභාගෙ පමාදෙන තං මූලං නාසෙත්‍වා අන‍්තරධායිතුං අසක‍්කොන‍්තො දිස‍්සමානරූපොව සුසානෙ මනුස‍්සමංසං ඛාදි. මනුස‍්සා තං දිස‍්වා භීතා ආගන‍්ත්‍වා රඤ‍්ඤො උපක‍්කොසිංසු “දෙව එකො යක‍්ඛො දිස‍්සමානරූපො සුසානෙ මනුස‍්සමංසං ඛාදති, සො අනුක‍්කමෙන නගරං පවිසිත්‍වා මනුස‍්සෙ මාරෙත්‍වා ඛාදිස‍්සති, තං ගාහාපෙතුං වට‍්ටතී”ති. රාජා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා “ගණ‍්හථ න”න‍්ති ආණාපෙසි. බලකායො ගන‍්ත්‍වා සුසානං පරිවාරෙත්‍වා අට‍්ඨාසි. යක‍්ඛිනිපුත‍්තො නග‍්ගො උබ‍්බිග‍්ගරූපො මරණභයභීතො විරවන‍්තො මනුස‍්සානං අන‍්තරං පක‍්ඛන්‍දි. මනුස‍්සා “යක‍්ඛො”ති මරණභයභීතා ද‍්විධා භිජ‍්ජිංසු. සොපි තතො පලායිත්‍වා අරඤ‍්ඤං පාවිසි, න පුන මනුස‍්සපථං ආගච‍්ඡි. සො එකං මහාවත‍්තනිඅටවිං නිස‍්සාය මග‍්ගපටිපන‍්නෙසු මනුස‍්සෙසු එකෙකං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා මාරෙත්‍වා ඛාදන‍්තො එකස‍්මිං නිග්‍රොධමූලෙ වාසං කප‍්පෙසි.

එකල්හි බෝධිසත්ත්වයෝ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඔහුට අලීනසත්‍ථු කුමාරයා යයි නම් කළාහුය. වැඩිවියට පත් හෙතෙම උගන්නා ලද ශිල්ප ඇත්තේ වී යුවරජු වීය. ඒ යකින්නියගේ පුත්‍රයා මෑත කාලයෙහි ප්‍රමාදයකින් ඒ මුල නසා අතුරුදහන් වීමට නොහැකි වන්නේ දෘෂ්‍යමානවම අමුසොහොනෙහි මිනීමස් කයි. මිනිස්සු එය දැක බියෙන් තැති ගත්තාහු අවුත් රජුට දෝෂාරෝපණය කළාහුය. දේවයන් වහන්ස, එක් යකෙක් දෘෂ්‍යමානවම සොහොනෙහි මිනීමස් කයි කියාය. හෙතෙම පිළිවෙලින් නගරයට පිවිස මිනිසුන් මරා කන්නේය. ඌ අල්ලා ගන්නට වටනේයයි. රජු මැනවයි පිළිගෙන ඔහු ගනුවයි අණ කළේය. ඒ බලසෙනග ගොස් සොහොන පිරිවරා සිටියාහුය. යක්‍ෂණී පුත්‍රයා නග්න වූයේ ලොමුඩැහැ ගැන්වූ ස්වරූප ඇත්තේ මරණ බියෙන් බියපත්වූයේ කෑගසමින් මිනිසුන්ගේ අතරට පැන්නේය. මිනිස්සු යක්‍ෂයා යයි මර බියෙන් බියපත් වූවාහු දෙකට බෙදුනාහුය. ඔහුද ඉන් පලාගොස් වනයට පිවිසියේය. නැවත මිනිස් පියසට නොපැමිණියේය. හෙතෙම එක් වනගත මහා මාර්ගයක් ඇසුරුකොට සිටින්නේ මාර්ගයට පිළිපන්නවුන්ගෙන් එක එකා ගෙන වනයට පිවිස මරා කන්නේ එක් නුගමුලක්හි වාසය කළේය.

අථෙකො සත්‍ථවාහබ්‍රාහ‍්මණො අටවිපාලානං සහස‍්සං දත්‍වා පඤ‍්චහි සකටසතෙහි තං මග‍්ගං පටිපජ‍්ජි. මනුස‍්සයක‍්ඛො විරවන‍්තො පක‍්ඛන්‍දි, භීතා මනුස‍්සා උරෙන නිපජ‍්ජිංසු. සො බ්‍රාහ‍්මණං ගහෙත්‍වා පලායන‍්තො ඛාණුනා පාදෙ විද‍්ධො අටවිපාලෙසු අනුබන්‍ධන‍්තෙසු බ්‍රාහ‍්මණං ඡඩ‍්ඩෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානරුක‍්ඛමූලෙ නිපජ‍්ජි. තස‍්ස තත්‍ථ නිපන‍්නස‍්ස සත‍්තමෙ දිවසෙ ජයද‍්දිසරාජා මිගවධං ආණාපෙත්‍වා නගරා නික‍්ඛමි. තං නගරා නික‍්ඛන‍්තමත‍්තමෙව තක‍්කසිලවාසී නන්‍දො නාම මාතුපොසකබ්‍රාහ‍්මණො චතස‍්සො සතාරහගාථායො ආදාය ආගන‍්ත්‍වා රාජානං අද‍්දස. රාජා “නිවත‍්තිත්‍වා සුණිස‍්සාමී”ති තස‍්ස නිවාසගෙහං දාපෙත්‍වා මිගවං ගන‍්ත්‍වා “යස‍්ස පස‍්සෙන මිගො පලායති, තස‍්සෙව ගීවා”ති ආහ. අථෙකො පසදමිගො උට‍්ඨහිත්‍වා රඤ‍්ඤො අභිමුඛො ගන‍්ත්‍වා පලායි. අමච‍්චා පරිහාසං කරිංසු. රාජා ඛග‍්ගං ගහෙත්‍වා තං අනුබන්‍ධිත්‍වා තියොජනමත්‍ථකෙ පත්‍වා ඛග‍්ගෙන පහරිත්‍වා ද‍්වෙ ඛණ‍්ඩානි කරිත්‍වා කාජෙනාදාය ආගච‍්ඡන‍්තො මනුස‍්සයක‍්ඛස‍්ස නිපන‍්නට‍්ඨානං පත්‍වා දබ‍්බතිණෙසු නිසීදිත්‍වා ථොකං විස‍්සමිත්‍වා ගන‍්තුං ආරභි. අථ නං සො උට‍්ඨාය “තිට‍්ඨ කුහිං ගච‍්ඡසි, භක‍්ඛොසි මෙ”ති හත්‍ථෙ ගහෙත්‍වා පඨමං ගාථමාහ –

ඉක්බිති එක් ගැල්නායක බ්‍රාහ්මණයෙක් වනපල්ලන්ට දහසක් දී ගැල් පන්සියයක් සමග ඒ මාර්ගයා පිළිපන්නේය. මිනිස් යක්‍ෂයා කෑගසමින් ඔවුන් වෙතට පැන්නේය. බියට පත් මිනිස්සු ළයෙන් හොත්තාහුය. හෙතෙම බ්‍රාහ්මණයා ගෙන පලා යන්නේ උල්වලින් පාදයන් විදින ලද්දේ වනපල්ලන් ලුහුබඳින කල්හි බමුණා අතහැර දමා ගොස් තමා වාසය කරන ගසමුල හොත්තේය. ඔහු එහි හොත් සත්වන දවස්හි ජයද්දිස රජු මුව දඩයමට අණකර නගරයෙන් නික්මුනේය. ඔහු නගරයෙන් නික්මුන කෙනෙහිම තක්ෂිලා වැසි නන්ද නම් මාතෘපෝෂක බ්‍රාහ්මණයෙක් සියයක් වටනා ගාථා සතරක් ගෙන අවුත් රජු දුටුවේය. ජයද්දිස රජු ආපසු හැරී අසන්නෙමියි ඔහුට විසීමට ගෙයක් දෙවා මුව දඩයමට ගොස් යමෙකුගේ පැත්තෙන් මුවා පලායයිද ඒ ගෙල ඔහුටම හිමියයි කීවේය. ඉක්බිති එක් පසද නම් මුවෙක් නැගී සිට රජුට අභිමුඛව ගොස් පලා ගියේය. ඇමතිවරු පරිහාස කළාහුය. රජු කඩුව ගෙන ඔහු ලුහුබැඳ යොදුන් තුනක් පමණ තැනට කඩුවෙන් ඌට පහර දී දෙකොටසකට කපා කදින් රැගෙන එන්නේ මිනිස් යක්‍ෂයා හුන් තැනට පැමිණ දබ්බ නම් වූ තණ මතුපිට හිඳ මදක් විවේක ගෙන යන්නට පටන් ගති. ඉක්බිති හෙතෙම නැගීසිට ඔහුට කියනුයේ සිටුව කොහි යන්නෙහිද? මගේ ආහාරය වෙහි යයි අතින් ගෙන පළමු ගාථාව කීවේය.

“චිරස‍්සං වත මෙ උදපාදි අජ‍්ජ, භක‍්ඛො මහා සත‍්තමිභත‍්තකාලෙ; කුතොසි කොවාසි තදිඞ‍්ඝ බ්‍රූහි, ආචික‍්ඛ ජාතිං විදිතො යථාසී”ති.

චිරස්සං වත මෙ උදපාදි අජ්ජ, භක්ඛො මහා සත්තමිභත්තකාලෙ, කුතො සි කො චාසි තදිංග බ්‍රෑහි, ආචික්ඛ ජාතිං විදිතො යථාසී

1. ඒකාන්තයෙන් නිරාහාරව සිට සත්වන ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් අද මට ආහාරයක් උපන්නේය. කොහි සිට පැමිණියෙහිද කවරෙක් වෙහිද එම්බල මට එය කියව. ඔබ යම්බඳු වූවෙක් වෙහි යයි මම දන්නෙම්ද ඔබගේ ජාතිය කියහි.

තත්‍ථ භක‍්ඛො මහාති මහාභක‍්ඛො. සත‍්තමිභත‍්තකාලෙති පාටිපදතො පට‍්ඨාය නිරාහාරස‍්ස සත‍්තමියං භත‍්තකාලෙ. කුතොසීති කුතො ආගතොසීති.

එහි භක්ඛො මහා යනු මහත් වූ ආහාරයක්. සත්තමි භත්ත කාලෙ යනු මුලපටන් නිරාහාරව හුන්නහුගේ සත්වන ආහාර වේලාවෙහි. කුතොසි යනු කොහි සිට පැමිණියෙහිද?

රාජා යක‍්ඛං දිස‍්වා භීතො ඌරුත්‍ථම‍්භං පත්‍වා පලායිතුං නාසක‍්ඛි, සතිං පන පච‍්චුපට‍්ඨාපෙත්‍වා දුතියං ගාථමාහ –

රජු යක්‍ෂයා දැක බියට පත්වූයේ කළවායෙහි තදබවට පැමිණ පලා යෑමට නොහැකි විය. සිහි එළවා දෙවන ගාථාව කීවේය.

“පඤ‍්චාලරාජා මිගවං පවිට‍්ඨො, ජයද‍්දිසො නාම යදිස‍්සුතො තෙ; චරාමි කච‍්ඡානි වනානි චාහං, පසදං ඉමං ඛාද මමජ‍්ජ මුඤ‍්චා”ති.

2. පඤ්චාල දේශයේ රජු වෙමි. මුව දඩයමට වනයට පිවිසයෙමි. ඉදින් ඔබ විසින් ජයද්දිස යයි අසන ලදද ඒ මම වෙමි. මම පර්වත පාර්ශවයෙහි වනයන්හි හැසිරෙමි. මේ පසාද මුවා අද කව. මා මුදව යනුවෙනි.

තත්‍ථ මිගවං පවිට‍්ඨොති මිගවධාය රට‍්ඨා නික‍්ඛන‍්තො. කච‍්ඡානීති පබ‍්බතපස‍්සානි. පසදන‍්ති පසදමිගං.

එහි මිගවං පවිට්ඨො යනු මුවන් දඩයම් කිරීම පිණිස රටින් නික්මුනේ. කච්ඡානි යනු පර්වත පාර්ශවයන්. පසදං යනු පසද නම් මුවා.

තං සුත්‍වා යක‍්ඛො තතියං ගාථමාහ –

ඒ අසා යක්‍ෂයා තෙවන ගාථාව කීවේය.

“සෙනෙව ත්‍වං පණසි සස‍්සමානො, මමෙස භක‍්ඛො පසදො යං වදෙසි; තං ඛාදියාන පසදං ජිඝඤ‍්ඤං, ඛාදිස‍්සං පච‍්ඡා න විලාපකාලො”ති.

3. යම් හෙයකින් මේ පසද මුවා මා විසින් කෑ යුතුයයි කියහිද? මවිසින් හිංසාවට පත් කරනු ලබ ඔබ මා සතු වූවක්ම මට විකුණන්නෙහිය. ආහාර ගනු කැමති මම පළමුව ඔබ කා පසුව පසද මුවා කන්නෙමි. මේ ඔබට හැඬීමට කාලය නොවේ.

තත්‍ථ සෙනෙවාති මම සන‍්තකෙනෙව. පණසීති වොහරසි අත‍්තානං වික‍්කිණාසි. සස‍්සමානොති විහිංසයමානො. තං ඛාදියානාති තං පඨමං ඛාදිත්‍වා. ජිඝඤ‍්ඤන‍්ති ඝසිතුකාමො. ඛාදිස‍්සන‍්ති එතං පච‍්ඡා ඛාදිස‍්සාමි. න විලාපකාලොති මා විලපි. නායං විලාපකාලොති වදති.

එහි සෙනෙව යනු මා සතු වූවකින්ම. පණසි යනු විකුණන්නෙහිය. තමා විකුණන්නෙහිය. සස්සමානො යනු හිංසා කරනු ලබන්නේ. තං ඛාදියාන යනු ඔබ පළමුව කා. ජිසඤ්ඤං යනු කනු කැමැත්තේ. ඛාදිස්සං යනු මොහු පසුව කන්නෙමි. න විලාප කාලො යනු නොවැලපෙව. මේ වැලපීමට කාලය නොවේ යයි කියයි.

තං සුත්‍වා රාජා නන්‍දබ්‍රාහ‍්මණං සරිත්‍වා චතුත්‍ථං ගාථමාහ –

ඒ අසා රජු නන්‍ද නම් වූ බ්‍රාහ්මණයා සිහිකර සිව්වන ගාථාව කීවේය.

“න චත්‍ථි මොක‍්ඛො මම නික‍්කයෙන, ගන‍්ත්‍වාන පච‍්ඡාගමනාය පණ‍්හෙ; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති.

4. පළමුව නගරයට ගොස් පෙරළා පැමිණීම පිණිස වූ මේ ගනුදෙනුවෙන් මිදීමක් මට නැත. ඒ බ්‍රාහ්මණයාට ධනය දෙමි යන ඒ ගිවිසුම දී පැමැණියෙමි. සත්‍යය වචනය ආරක්‍ෂා කරමින් පෙරලා පැමිණෙන්නෙමි යි.

තත්‍ථ න චත්‍ථීති න චෙ මය‍්හං නික‍්කයෙන විමොක‍්ඛො අත්‍ථි. ගන‍්ත්‍වානාති එවං සන‍්තෙ අජ‍්ජ ඉමං මිගමංසං ඛාදිත්‍වා මම නගරං ගන‍්ත්‍වා. පණ‍්හෙති පගෙයෙව, ස‍්වෙව පාතරාසකාලෙ පච‍්චාගමනත්‍ථාය පටිඤ‍්ඤං ගණ‍්හාහීති අධිප‍්පායො. තං සඞ‍්ගරන‍්ති මයා “ධනං තෙ දස‍්සාමී”ති බ්‍රාහ‍්මණස‍්ස සඞ‍්ගරො කතො, තං තස‍්ස දත්‍වා ඉමං මයා වුත‍්තං සච‍්චං අනුරක‍්ඛන‍්තො අහං පුන ආගමිස‍්සාමීති අත්‍ථො.

එහි න චත්‍ථි යනු ඉදින් මගේ ගනුදෙනුවෙන් මිදීමක් නැත. ගනත්‍වාන යනු මෙසේ ඇති කල්හි අද මේ මුවමස් කා මා නුවරට ගොස්. පණ්හෙ යනු පළමුව හෙට අළුයම පෙරළා පැමිණීම පිණිස ප්‍රතිඥා ගනුව යන අදහස වෙයි. තං සංගරං යනු මවිසින් ඔබට ධනය දෙන්නෙමියි බ්‍රාහ්මණයාට ගිවිසුම් කරන ලදි. එය ඔහුට දී මවිසින් කියන ලද මේ සත්‍යය රකිමින් මම නැවත පැමිණෙන්නෙමි යන අර්ථයි.

තං සුත්‍වා යක‍්ඛො පඤ‍්චමං ගාථමාහ –

ඒ අසා යක්‍ෂයා පස්වන ගාථාව කීවේය.

“කිං කම‍්මජාතං අනුතප‍්පතෙ ත්‍වං, පත‍්තං සමීපං මරණස‍්ස රාජ; ආචික‍්ඛ මෙ තං අපි සක‍්කුණෙමු, අනුජානිතුං ආගමනාය පණ‍්හෙ”ති.

5. රජතුමනි, මරණයේ සමීපයට පැමිණි ඔබ කිනම් කරුණක් නිසා පසුතැවේද? මට එය කියව. එසේ වූ විට පෙරලා පැමිණීම සඳහා අනුදැනීමට හැක්කෙමි.

තත්‍ථ කම‍්මමෙව කම‍්මජාතං. අනුතප‍්පතෙති තං අනුතප‍්පති. පත‍්තන‍්ති උපගතං. අපි සක‍්කුණෙමූති අපි නාම තං තව සොකකාරණං සුත්‍වා පාතොව ආගමනාය තං අනුජානිතුං සක‍්කුණෙය්‍යාමාති අත්‍ථො.

එහි කර්මයම කම්මජාත නම් වේ. අනුතප්පතී තං යනු එය අනුව තැවේ. පත්තං යනු එළඹි. අපි සක්කුණෙමු යනු ඔබගේ ඒ ශෝකයට කරුණු අසා අළුයම පැමිණිම පිණිස ඔබට අවසර දෙන්නට හැකි වෙමුයි යන අර්ථයි.

රාජා තං කාරණං කථෙන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

රජු ඒ කාරණය කියන්නේ සවන ගාථාව කීවේය.

“කතා මයා බ්‍රාහ‍්මණස‍්ස ධනාසා, තං සඞ‍්ගරං පටිමුක‍්කං න මුත‍්තං; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති.

6. මා විසින් බ්‍රාහ්මණයාට ධන ආශාව ඇති කරවන ලදි. ඒ ගිවිසුම නොමුදන ලද්දේ වෙයි. ඒ වූ පොරොන්දුව බ්‍රාහ්මණයාට දී සත්‍ය වූ වචනය ආරක්ෂා කරමින් නැවත පෙරළා පැමිණෙන්නෙමි යි.

තත්‍ථ පටිමුක‍්කං න මුත‍්තන‍්ති චතස‍්සො සතාරහා ගාථා සුත්‍වා “ධනං තෙ දස‍්සාමී”ති පටිඤ‍්ඤාය මයා අත‍්තනි පටිමුඤ‍්චිත්‍වා ඨපිතං, න පන තං මුත‍්තං ධනස‍්ස අදින‍්නත‍්තා.

එහි පටිමොක්ඛං න මුත්තං යනු සියයක් වටිනා ගාථාවන් සතර අසා ඔබට ධනය දෙන්නෙමියි යන පොරොන්දුවෙන් මවිසින් මා පිළිබඳව බැඳ තබන ලදි. ධනය නොදුන් හෙයින් එය මුදන ලද්දේ නොවෙයි.

තං සුත්‍වා යක‍්ඛො සත‍්තමං ගාථමාහ –

ඒ අසා යක්‍ෂයා සත්වන ගාථාව කීවේය.

“යා තෙ කතා බ්‍රාහ‍්මණස‍්ස ධනාසා, තං සඞ‍්ගරං පටිමුක‍්කං න මුත‍්තං; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජස‍්සූ”ති.

7. ඔබ විසින් බ්‍රාහ්මණයාට යම් ධන ආශාවක් ඇතිකරන ලදද ඒ ප්‍රතිඥාව නොමුදන ලද්දේ වෙයි. ඒ වූ පොරොන්දුව බ්‍රාහ්මණයාට දී සත්‍ය වචනය ආරක්ෂා කර නැවත මෙහි පැමිණෙවයි කීවේය.

තත්‍ථ පුනරාවජස‍්සූති පුන ආගච‍්ඡස‍්සු.

එහි පුනරාවජස්සු යනු නැවත පැමිණේවා.

එවඤ‍්ච පන වත්‍වා රාජානං විස‍්සජ‍්ජෙසි. සො තෙන විස‍්සට‍්ඨො “ත්‍වං මා චින‍්තයි, අහං පාතොව ආගමිස‍්සාමී”ති වත්‍වා මග‍්ගනිමිත‍්තානි සල‍්ලක‍්ඛෙන‍්තො අත‍්තනො බලකායං උපගන‍්ත්‍වා බලකායපරිවුතො නගරං පවිසිත්‍වා නන්‍දබ්‍රාහ‍්මණං පක‍්කොසාපෙත්‍වා මහාරහෙ ආසනෙ නිසීදාපෙත්‍වා තා ගාථා සුත්‍වා චත‍්තාරි සහස‍්සානි දත්‍වා යානං ආරොපෙත්‍වා “ඉමං තක‍්කසිලමෙව නෙථා”ති මනුස‍්සෙ දත්‍වා බ්‍රාහ‍්මණං උය්‍යොජෙත්‍වා දුතියදිවසෙ පටිගන‍්තුකාමො හුත්‍වා පුත‍්තං ආමන‍්තෙත්‍වා අනුසාසි. තමත්‍ථං දීපෙන‍්තො සත්‍ථා ද‍්වෙ ගාථා අභාසි –

ඔහු විසින් නිදහස් කරන ලද හෙතෙම ඔබ නහමක් නොසිතව. මම උදෑසනම පැමිණෙන්නෙමියි කියා මගසළකුණු සලකමින් තමාගේ බලසෙනග වෙත එළඹ බලසෙනගින් පිරිවරන ලදුයේ නගරයට පිවිස නන්‍ද බ්‍රාහ්මණයා කැඳවා ඉතා වටිනා ආසනයෙහි හිඳුවා ගාථාවන් අසා සිව්දහසක් දී යානයක නංවා මොහු තක්ෂිලාවට පමුණුවව් යයි කියා මිනිසුන්ට පවරා දී බමුණා පිටත්කර යවා දෙවන දවස්හි පෙරළා යනු කැමැත්තේ වී පුත්‍රයා අමතා අනුශාසනා කළේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා දෙකක් වදාළ සේක.

“මුත‍්තොච සො පොරිසාදස‍්ස හත්‍ථා, ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය, ආමන‍්තයී පුත‍්තමලීනසත‍්තුං.

8. කාමයන් කැමති වන හෙතෙම පෝරිසාදයාගේ අතින් මිදුනේ සිය මන්දිරයට ගොස් ඒ පොරොන්දුව බ්‍රාහ්මණයාට දී අලීනසත්ත නම් වූ තම පුතු ආමන්ත්‍රණය කළේය.

“අජ‍්ජෙව රජ‍්ජං අභිසිඤ‍්චයස‍්සු, ධම‍්මං චර සෙසු පරෙසු චාපි; අධම‍්මකාරො ච තෙ මාහු රට‍්ඨෙ, ගච‍්ඡාමහං පොරිසාදස‍්ස ඤත‍්තෙ”ති.

9. අදම රාජ්‍යයෙහි අභිෂේක වේවා! රටෙහිද ජනයා කෙරෙහිද දැහැමි බව වේවා. ඔබගේ රටෙහි නොදැහැමින් රාජ්‍යය කරවන බවක් නොවේවා! මම පෝරිසාදයා වෙතට යමි.

තත්‍ථ අලීනසත‍්තුන‍්ති එවංනාමකං කුමාරං. පාළියං පන “අරිනසත‍්තු”න‍්ති ලිඛිතං. අජ‍්ජෙව රජ‍්ජන‍්ති පුත‍්ත රජ‍්ජං තෙ දම‍්මි, ත්‍වං අජ‍්ජෙව මුද‍්ධනි අභිසෙකං අභිසිඤ‍්චයස‍්සු. ඤත‍්තෙති අභ්‍යාසෙ, සන‍්තිකෙති අත්‍ථො.

එහි අලීන සත්තං යනු මෙම් වූ කුමාරයා පාළියෙහි අදීනසත්ත යයි ලියන ලදි. අජ්ජෙව රජ්ජං යනු පුත්‍රය, ඔබට රාජ්‍යය දෙමි. ඔබ අදම මුදුනෙහි අභිෂේක කරව. කුත්තෙ යනු සමීපයෙහි යන අර්ථයි.

තං සුත්‍වා කුමාරො දසමං ගාථමාහ –

ඒ අසා කුමාරයා දසවන ගාථාව කීවේය.

“කිං කම‍්ම ක්‍රුබ‍්බං තව දෙව පාව, නාරාධයී තං තදිච‍්ඡාමි සොතුං; යමජ‍්ජ රජ‍්ජම‍්හි උදස‍්සයෙ තුවං, රජ‍්ජම‍්පි නිච‍්ඡෙය්‍යං, තයා විනාහ”න‍්ති.

10. දේවයන් වහන්ස, ඔබවහන්සේගේ සෙවනෙහි කවරනම් කාර්යයක් කරමින් මම ඔබව සතුටු නොකළෙම්ද, එය අසන්නට කැමති වෙමි. යම් හෙයකින් ඔබ අද මා රාජ්‍යයෙහි පිහිටුවන්නෙහිද මම ඔබගෙන් තොරව රාජ්‍යයද නොකැමති වෙමු.

තත්‍ථ ක්‍රුබ‍්බන‍්ති කරොන‍්තො. යමජ‍්ජාති යෙන අනාරාධකම‍්මෙන අජ‍්ජ මං රජ‍්ජම‍්හි ත්‍වං උදස‍්සයෙ උස‍්සාපෙසි පතිට‍්ඨාපෙසි, තං මෙ ආචික‍්ඛ, අහඤ‍්හි තයා විනා රජ‍්ජම‍්පි න ඉච‍්ඡාමීති අත්‍ථො.

එහි කුබ්බං යනු කරමින්. යමජ්ජ යනු යම් නොසතුටු කිරීමේ කටයුත්තකින් අද ඔබ මා රාජ්‍යයෙහි. උදස්සයෙ යනු නංවන්නෙහිද, පිහිටුවන්නෙහිද? එය මට කියව. මම වූ කලී ඔබගෙන් තොරව රාජ්‍යයද නොකැමති වෙමි යන අර්ථයි.

තං සුත්‍වා රාජා අනන‍්තරං ගාථමාහ –

ඒ අසා රජු අනතුරු ගාථාව කීවේය.

“න කම‍්මුනා වා වචසාව තාත, අපරාධිතොහං තුවියං සරාමි; සන්‍ධිඤ‍්ච කත්‍වා පුරිසාදකෙන, සච‍්චානුරක‍්ඛී පුනාහං ගමිස‍්ස”න‍්ති.

11. දරුව, මම ඔබගේ ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ කරන ලද අපරාධයක් සිහි නොකරමි. නැවත මම පෝරිසාදයා සමග ගිවිසුමක් කර ඒ අනුව සත්‍ය වචනය ආරක්ෂා කරනුයේ යන්නෙමි.

තත්‍ථ අපරාධිතොති අපරාධං ඉතො. තුවියන‍්ති තව සන‍්තකං. ඉදං වුත‍්තං හොති – තාත, අහං ඉතො තව කම‍්මතො වා තව වචනතො වා කිඤ‍්චි මම අප‍්පියං අපරාධං න සරාමීති. සන්‍ධිඤ‍්ච කත්‍වාති මං පන මිගවං ගතං එකො යක‍්ඛො “ඛාදිස‍්සාමී”ති ගණ‍්හි. අථාහං බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මකථං සුත්‍වා තස‍්ස සක‍්කාරං කත්‍වා “ස‍්වෙ තව පාතරාසකාලෙ ආගමිස‍්සාමී”ති තෙන පුරිසාදකෙන සන්‍ධිං සච‍්චං කත්‍වා ආගතො, තස‍්මා තං සච‍්චං අනුරක‍්ඛන‍්තො පුන තත්‍ථ ගමිස‍්සාමි, ත්‍වං රජ‍්ජං කාරෙහීති වදති.

එහි අපරාධිතො යනු මම ඔබ වෙතින් සිදු වූ අපරාධයක්. තුවියං යනු ඔබ සතු වූ. මෙය කියන ලද්දේ වෙයි. දරුව මින් පෙර ඔබගේ ක්‍රියාවෙන් හෝ ඔබගේ වචනයෙන් හෝ සිදුවූ මට අප්‍රිය වූ කිසියම් අපරාධයක් සිහි නොකරමි. සන්‍ධිං ච කත්‍වා යනු මුව දඩයමෙහි ගිය මා කන්නෙමියි එක් යකෙක් අල්ලා ගත්තේය. ඉක්බිති මම බ්‍රාහ්මණයාගේ දැහැමි කථාව අසා ඔහුට සත්කාර කර හෙට අළුයම් කාලයෙහි පැමිණෙන්නෙමියි ඒ පෝරිසාදයා සමග ගිවිසුමක් කර ආයේ වෙමි. එහෙයින් ඒ සත්‍යය ආරක්ෂා කරමින් නැවත එහි යන්නෙමි. ඔබ රාජ්‍යය කරවයි කියයි.

තං සුත්‍වා කුමාරො ගාථමාහ –

ඒ අසා කුමාරයා ගාථාවක් කියයි.

“අහං ගමිස‍්සාමි ඉධෙව හොහි, නත්‍ථි තතො ජීවතො විප‍්පමොක‍්ඛො; සචෙ තුවං ගච‍්ඡසියෙව රාජ, අහම‍්පි ගච‍්ඡාමි උභො න හොමා”ති.

12. රජතුමනි, මම යන්නෙමි. ඔබ මෙහිම වෙහි. ජීවත් වන්නා වූ ඔහුගෙන් මිදීමක් නැත. ඉදින් ඔබ යන්නෙහිම නම් මමද යමි. දෙදෙනාම නොවෙමුයි (නැසෙන්නෙමුයි)

තත්‍ථ ඉධෙවාති ත්‍වං ඉධෙව හොති. තතොති තස‍්ස සන‍්තිකා ජීවන‍්තස‍්ස මොක‍්ඛො නාම නත්‍ථි. උභොති එවං සන‍්තෙ උභොපි න භවිස‍්සාම.

එහි ඉධෙවා යනු ඔබ මෙහිම වෙහි. තතො යනු ජීවත්වන්නා වූ ඔහු වෙතින් මිදීමක් නම් නැත. මෙසේ ඇති කල්හි දෙදෙනාම නොවන්නෙමුයි යනුවෙනි.

තං සුත්‍වා රාජා ගාථමාහ –

ඒ අසා රජු ගාථාවක් කීවේය.

“අද‍්ධා හි තාත සතානෙස ධම‍්මො, මරණා ච මෙ දුක‍්ඛතරං තදස‍්ස; කම‍්මාසපාදො තං යදා පචිත්‍වා, පසය‍්හ ඛාදෙ භිදා රුක‍්ඛසූලෙ”ති.

13. දරුව, ඒකාන්තයෙන් මෙය සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. යම් කලෙක කම්මාසපාද නම් ඒ පෝරිසාදයා ඔබ තියුණු රුක් උල්වලින් ඇන පිස බලහත්කාරයෙන් කන්නේද එය මගේ මරණයටත් වඩා දුකක් වන්නේය.

තස‍්සත්‍ථො – අද‍්ධා එකංසෙන එස, තාත, සතානං පණ‍්ඩිතානං ධම‍්මො සභාවො, යුත‍්තං ත්‍වං වදසි, අපි ච ඛො පන මය‍්හං මරණතොපෙතං දුක‍්ඛතරං අස‍්ස, යදා තං සො කම‍්මාසපාදො. භිදා රුක‍්ඛසූලෙති තිඛිණරුක‍්ඛසූලෙ භිත්‍වා පචිත්‍වා පසය‍්හ බලක‍්කාරෙන ඛාදෙය්‍යාති.

එහි අර්ථය දරුව, ඒකාන්තයෙන් මෙය පණ්ඩිත සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. ඔබ සුදුස්සක් කියෙහිය. තවද මෙය මට මරණයටත් වඩා අතිශයින් දුකක් වන්නේය. යමක් යම්දිනක ඒ කම්මාසපාද තෙමේ භිදාරුක්ඛමූලෙ යනු තියුණු ගස් උල්වලින් බිඳ පළහා. පසය්හ බලහත්කාරයෙන් කන්නේද එයයි.

තං සුත්‍වා කුමාරො ගාථමාහ –

ඒ අසා කුමාරයා ගාථාවක් කීවේය.

“පාණෙන තෙ පාණමහං නිමිස‍්සං, මා ත්‍වං අගා පොරිසාදස‍්ස ඤත‍්තෙ; එවඤ‍්ච තෙ පාණමහං නිමිස‍්සං, තස‍්මා මතං ජීවිතස‍්ස වණ‍්ණෙමී”ති.

14. නුඹවහන්සේගේ පණින් හෝ මගේ පණ පරිවර්තනය කරමි. ඔබ පෝරිසාදයාගේ සමීපයට නොයන්නේය. මම මගේ මේ පණ ඔබගේ පණට හුවමාරු කරන්නෙමි යන යමක් වේද එහෙයින් ජීවත්වීමට වඩා මරණය උසස් යයි තෝරා ගනිමි.

තත්‍ථ නිමිස‍්සන‍්ති අහං ඉධෙව තව පාණෙන මම පාණං පරිවත‍්තෙස‍්සං. තස‍්මාති යස‍්මා එතං පාණං තව පාණෙනාහං නිමිස‍්සං, තස‍්මා තව ජීවිතස‍්සත්‍ථාය මම මරණං වණ‍්ණෙමි මරණමෙව වරෙමි, ඉච‍්ඡාමීති අත්‍ථො.

එහි නිමිස්සං යනු මම මෙහිම ඔබ පණ සමග මගේ පණ හුවමාරු කරන්නේ නම් මැනවි. තස්මා යනු යම් හෙයකින් මම මේ මගේ ප්‍රාණය ඔබගේ ප්‍රාණය සමග හුවමාරු කරන්නෙම්ද ඔබගේ ජීවත්වීම පිණිස මගේ මරණය තෝරා ගනිමි. මරණයම වර්ණනා කරමි. තෝරා ගනිමි. කැමති වෙමි යන අර්ථයි.

තං සුත්‍වා රාජා පුත‍්තස‍්ස බලං ජානන‍්තො “සාධු තාත, ගච‍්ඡාහී”ති සම‍්පටිච‍්ඡි. සො මාතාපිතරො වන්‍දිත්‍වා නගරම‍්හා නික‍්ඛමි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා උපඩ‍්ඪගාථමාහ –

රජු ඒ අසා පුත්‍රයාගේ බලය දන්නේ මැනවි. දරුව යවයි පිළිගත්තේය. හෙතෙම මව්පියන් වැඳ නුවරින් නික්මුණේය. ශාස්තෲන් වහන්සේ ඒ බව දේශනා කරන සේක් ගාථා අර්ධයක් දේශනා කළ සේක.

“තතො හවෙ ධිතිමා රාජපුත‍්තො, වන්‍දිත්‍වා මාතු ච පිතු ච පාදෙ”ති.

15. අනතුරුව සැබවින්ම ධෛර්යමත් වූ රාජපුත්‍රයා මවගේද පියාගේද පාදයන් වැන්දේය.

තත්‍ථ පාදෙති පාදෙ වන්‍දිත්‍වා නික‍්ඛන‍්තොති අත්‍ථො;

එහි පාදෙ යනු පාදයන් වැඳ නික්මුනේය යන අර්ථයි.

අථස‍්ස මාතාපිතරොපි භගිනීපි භරියාපි අමච‍්චපරිජනෙහි සද‍්ධිංයෙව නික‍්ඛමිංසු. සො නගරා නික‍්ඛමිත්‍වා පිතරං මග‍්ගං පුච‍්ඡිත්‍වා සුට‍්ඨු වවත්‍ථපෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා සෙසානං ඔවාදං දත්‍වා අච‍්ඡම‍්භිතො කෙසරසීහො විය මග‍්ගං ආරුය‍්හ යක‍්ඛාවාසං පායාසි. තං ගච‍්ඡන‍්තං දිස‍්වා මාතා සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී පථවියං පති. පිතා බාහා පග‍්ගය‍්හ මහන‍්තෙන සද‍්දෙන කන්‍දි. තම‍්පි අත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා –

ඉක්බිති ඔහුගේ මව්පියවරුද සොහොයුරියද භාර්යාවද ඇමතිවරුන් හා පිරිවර ජනයා සමගම නික්මුණාහුය. හෙතෙම නගරයෙන් නික්මී පියාගෙන් ගමන්මග විමසා මනාව සලකා බලා මව්පියවරුන් වැඳ සෙස්සන්ට අවවාද දී තැති ගැනීම් රහිත කේශර සිංහයෙකු මෙන් මගට බැස යක්‍ෂයාගේ වාසස්ථානයට ගියේය. යන්නා වූ ඔහු දැක ඔහුගේ මව සිය ස්වභාවයෙන් සිටින්නට නොහැකි වන්නී පොළොවෙහි වැටෙයි. පියා දෙඅත් බැඳ මහත් වූ ශබ්දයෙන් හඬයි. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා අර්ධයක් දේශනා කළ සේක.

“දුඛිනිස‍්ස මාතා නිපතා පථබ්‍යා, පිතාස‍්ස පග‍්ගය‍්හ භුජානි කන්‍දතී”ති. –

15. ඔහුගේ මව දුකට පත් වූවා බිම වැටුනීය. පියාද දෙඅත් බැඳගෙන හඬයි යනුවෙනි.

උපඩ‍්ඪගාථං වත්‍වා තස‍්ස පිතරා පයුත‍්තං ආසීසවාදං අභිවාදනවාදං මාතරා භගිනීභරියාහි ච කතං සච‍්චකිරියං පකාසෙන‍්තො අපරාපි චතස‍්සො ගාථා අභාසි –

යන ගාථා අර්ධය ප්‍රකාශ කර ඔහුගේ පියා විසින් යොදන ලද ආශිර්වාදයත් මව-සොහොයුරිය හා භාර්යාව යන මෑලා විසින් කරන ලද සත්‍යක්‍රියාවද ප්‍රකාශ කරමින් වෙනත් ගාථා සතරක් දේශනා කළ සේක.

“තං ගච‍්ඡන‍්තං තාව පිතා විදිත්‍වා, පරම‍්මුඛො වන්‍දති පඤ‍්ජලීකො; සොමො ච රාජා වරුණො ච රාජා, පජාපතී චන්‍දිමා සූරියො ච; එතෙහි ගුත‍්තො පුරිසාදකම‍්හා, අනුඤ‍්ඤාතො සොත්‍ථි පච‍්චෙහි තාත.

16. පියා පළමුකොට යන්නා වූ ඔහු දැන පරාමුඛ වූයේ බඳදැළිව වඳී. දරුව, සෝම රජුද, වරුණ රජුද, ප්‍රජාපතීද, සඳ හිරු දෙවියන්ද යන මොවුන් විසින් ආරක්ෂා කරන ලද ඔබ පෝරිසාදයා විසින් අනුදන්නා ලද්දේ සුවසේ පෙරළා ඒවා.

“යං දණ‍්ඩකිරඤ‍්ඤො ගතස‍්ස මාතා, රාමස‍්සකාසි සොත්‍ථානං සුගුත‍්තා; තං තෙ අහං සොත්‍ථානං කරොමි, එතෙන සච‍්චෙන සරන‍්තු දෙවා; අනුඤ‍්ඤාතො සොත්‍ථි පච‍්චෙහි පුත‍්ත.

17. දණ්ඩකාරණ්‍යයට ගිය රාමට මනාව රක්නා ලද ඔහුගේ මව යම් සුවයක් කළාද මමද ඔබට ඒ සුවය කරමි. මේ සත්‍යානුභාවයෙන් දෙවියෝ (ඔබ) සිහිකරත්වා. පුත්‍රය, පෝරිසාදයා විසින් අනුදන්නා ලද්දේ සුවසේ පෙරළා ඒවා.

“ආවී රහො වාපි මනොපදොසං, නාහං සරෙ ජාතු මලීනසත‍්තෙ; එතෙන සච‍්චෙන සරන‍්තු දෙවා, අනුඤ‍්ඤාතො සොත්‍ථි පච‍්චෙහි භාතික.

18. මම කිසිකලෙකත් සොහොවුරු අලීනසත්ත කෙරෙහි හෝ ප්‍රසිද්ධියේ හෝ රහසිගතව හෝ සිත දූෂණය කිරීමක් සිහි නොකරමි. මේ සත්‍යානුභාවයෙන් දෙවියෝ ඔබ සිහි කෙරෙත්වා. සොහොයුර පෝරිසාදයා විසින් අනුදන්නා ලද්දේ සුවසේ පෙරළා ඒවා.

“යස‍්මා ච මෙ අනධිමනොසි සාමි, න චාපි මෙ මනසා අප‍්පියොසි; එතෙන සච‍්චෙන සරන‍්තු දෙවා, අනුඤ‍්ඤාතො සොත්‍ථි පච‍්චෙහි සාමී”ති.

19. ස්වාමීනි, යම්හෙයකින් මාගේ ඔබ ඉක්මවාලූ සිතෙක් නොවූවෙහිය. මගේ සිතෙහි ඔබ පිළිබඳව අප්‍රිය බවක්ද නොවීය. මේ සත්‍යානුභාවයෙන් දෙවියෝ ඔබව සිහි කෙරෙත්වා. ස්වාමීනි, පෝරිසාදයා විසින් අනුදන්නා ලද්දේ පෙරළා ඒවා.

තත්‍ථ පරම‍්මුඛොති අයං මෙ පුත‍්තො පරම‍්මුඛො මාතාපිතරො වන්‍දිත්‍වා ගච‍්ඡති, ඉති එතං පරම‍්මුඛං ගච‍්ඡන‍්තං දිස‍්වා විදිත්‍වා. පඤ‍්ජලීකොති තස‍්මිං කාලෙ සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වා වන්‍දති දෙවතා නමස‍්සති. පුරිසාදකම‍්හාති පුරිසාදස‍්ස සන‍්තිකා තෙන අනුඤ‍්ඤාතො සොත්‍ථිනා පච‍්චෙහි.

එහි පරම්මුඛො යනු මගේ මේ පුත්‍රයා පිටුපා යයි යනුවෙන් දැන. පඤ්ජලිකො යනු ඒ වේලාවෙහි හිසෙහි ඇඟිලි පිහිටුවා වඳියි. දෙවියන් නමස්කාර කරන්නේය. පුරිසාදකම්හා යනු පෝරිසාදයා සමීපයෙන්. ඔහු විසින් අනුදන්නා ලද්දේ සුවසේ පෙරළා පැමිණෙහි.

රාමස‍්සකාසීති රාමස‍්ස අකාසි. එකො කිර බාරාණසිවාසී රාමො නාම මාතුපොසකො මාතාපිතරො පටිජග‍්ගන‍්තො වොහාරත්‍ථාය ගතො දණ‍්ඩකිරඤ‍්ඤො විජිතෙ කුම‍්භවතීනගරං ගන‍්ත්‍වා නවවිධෙන වස‍්සෙන සකලරට‍්ඨෙ විනාසියමානෙ මාතාපිතූනං ගුණං සරි. අථ නං මාතුපට‍්ඨානකම‍්මස‍්ස ඵලෙන දෙවතා සොත්‍ථිනා ආනයිත්‍වා මාතු අදංසු. තං කාරණං සුතවසෙනාහරිත්‍වා එවමාහ. සොත්‍ථානන‍්ති සොත්‍ථිභාවං. තං පන කිඤ‍්චාපි දෙවතා කරිංසු, මාතුපට‍්ඨානං නිස‍්සාය නිබ‍්බත‍්තත‍්තා පන මාතා අකාසීති වුත‍්තං. තං තෙ අහන‍්ති අහම‍්පි තෙ තමෙව සොත්‍ථානං කරොමි, මං නිස‍්සාය තථෙව තව සොත්‍ථිභාවො හොතූති අත්‍ථො. අථ වා කරොමීති ඉච‍්ඡාමි. එතෙන සච‍්චෙනාති සචෙ දෙවතාහි තස‍්ස සොත්‍ථිනා ආනීතභාවො සච‍්චො, එතෙන සච‍්චෙන මමපි පුත‍්තං සරන‍්තු දෙවා , රාමං විය තම‍්පි ආහරිත්‍වා මම දස‍්සන‍්තූති අත්‍ථො. අනුඤ‍්ඤාතොති පොරිසාදෙන “ගච‍්ඡා”ති අනුඤ‍්ඤාතො දෙවතානං ආනුභාවෙන සොත්‍ථි පටිආගච‍්ඡ පුත‍්තාති වදති.

රාමස්සකා යනු රාමයාට කළේද? බරණැස් වාසය කළ එක් මාතෘපෝෂක වූ රාම නම් කුමාරයෙක් මව්පියන් රැකබලා ගන්නේ දණ්ඩකී රජුගේ රටෙහි කුම්භවතී නම් නගරයට ගොස් නව ආකාර වූ වැස්සෙන් සියළු රටවැසියන් විනාශ වන කල්හි මව්පියන්ගේ ගුණයන් සිහි කළේය. ඉක්බිති මව්පියන්ට උපස්ථාන කිරීමෙහි විපාකයෙන් දෙවියෝ සුවසේ ගෙනවුත් මවට දුන්නාහුය. ඒ කරුණ ඇසූවක් වශයෙන් ගෙනහැර දක්වා මෙසේ කීවේය. සොත්‍ථානං යනු සුවපත් බව. එය ඇතැම් දෙවිවරු කළාහුය. මවට උපස්ථාන කිරීම නිසා උපන් හෙයින් මව කළේ යයි කියන ලදි. තං තෙ අහං යනු මමද ඔබට ඒ සෙත් පැතීමම කරමි. මා නිසා එසේම ඔබට සුවපත් බව වේවායි අර්ථයි. තවද කරොමි යනු කැමති වෙමි. එතෙන සච්චේන යනු ඉදින් දෙවියන් විසින් ඔහු සුවසේ කැඳවා ගෙන ආ බව සත්‍ය නම් ඒ සත්‍යයෙන් මව්පියන් සිහිකරත්වා. දෙවියෝ රාමයා මෙන් ඔබද ගෙනවුත් මට දක්වත්වායි අර්ථයි. අනුඤ්ඤාතො යනු පෝරිසාදයා විසින් යවයි අනුදන්නා ලද්දේ. දෙවියන්ගේ ආනුභාවයෙන් පුත්‍රයා සුවසේ පැමිණේවා යයි කියයි.

ජාතු මලීනසත‍්තෙති ජාතු එකංසෙන අලීනසත‍්තෙ මම භාතිකෙ අහං සම‍්මුඛා වා පරම‍්මුඛා වා මනොපදොසං න සරාමි, න මයා තම‍්හි මනොපදොසො කතපුබ‍්බොති එවමස‍්ස කනිට‍්ඨා සච‍්චමකාසි. යස‍්මා ච මෙ අනධිමනොසි , සාමීති මම, සාමි අලීනසත‍්තු යස‍්මා ත්‍වං අනධිමනොසි, මං අභිභවිත්‍වා අතික‍්කමිත්‍වා අඤ‍්ඤං මනෙන න පත්‍ථෙසි. න චාපි මෙ මනසා අප‍්පියොසීති මය‍්හම‍්පි ච මනසා ත්‍වං අප‍්පියො න හොසි, අඤ‍්ඤමඤ‍්ඤං පියසංවාසාව මයන‍්ති එවමස‍්ස අග‍්ගමහෙසී සච‍්චමකාසි.

ජාතු මලීන සත්තෙ යනු ජාතු ඒකාන්තයෙන්. මගේ සොහොයුරු වූ අලීනසත්ත කෙරෙහි මම අභිමුඛයෙහි හෝ අනභිමුඛයෙහි හෝ සිත් දූෂණය කිරීමක් නොකළ විරූ යයි මෙසේ ඔහුගේ කණිටු සොහොයුරා සත්‍යක්‍රියා කළේය. යස්මා ච මෙ අනධිමනොසි සාමි යනු මගේ ස්වාමියා වූ අලීනසත්තයෙනි, යම් හෙයකින් ඔබ ඉක්මවා නොසිතුවෙහිද, මා යටපත් කර ඉක්මවා අනිකෙකු සිතින් නොපැතුවේය. න චාපි මෙ මනසා අප්පියොසි යනු මටද සිතින් ඔබ අප්‍රිය නොවූවෙහිය. අපි ඔවුනොවුන් ප්‍රිය වූ එක්ව විසීම ඇත්තෝ වීමු යයි මෙසේ අගමෙහෙසිය සත්‍යක්‍රියා කළේය.

කුමාරොපි පිතරා අක‍්ඛාතනයෙන රක‍්ඛාවාසමග‍්ගං පටිපජ‍්ජි. යක‍්ඛොපි “ඛත‍්තියා නාම බහුමායා හොන‍්ති, කො ජානාති, කිං භවිස‍්සතී”ති රුක‍්ඛං අභිරුහිත්‍වා රඤ‍්ඤො ආගමනං ඔලොකෙන‍්තො නිසීදි. සො කුමාරං ආගච‍්ඡන‍්තං දිස‍්වා “පිතරං නිවත‍්තෙත්‍වා පුත‍්තො ආගතො භවිස‍්සති, නත්‍ථි මෙ භය”න‍්ති ඔතරිත්‍වා තස‍්ස පිට‍්ඨිං දස‍්සෙන‍්තො නිසීදි. සො ආගන‍්ත්‍වා තස‍්ස පුරතො අට‍්ඨාසි. අථ යක‍්ඛො ගාථමාහ –

කුමාරයා පියා විසින් කියන ලද අයුරින්ම යක්‍ෂයාගේ වාසස්ථානයට වූ මාර්ගයට පිළිපන්නේය. යක්‍ෂයාද ක්‍ෂත්‍රියයෝ නම් බොහෝ මායා ඇත්තෝ වෙති. කවරක් වන්නේදැයි කවරෙක් නම් දන්නේ දැයි ගසට නැගී රජුගේ පැමිණීම බලමින් හුන්නේය. හෙතෙම එන්නා වූ කුමාරයා දැක පියා නවත්වා පුත්‍රයා පැමිණියේ වන්නේය. මට බියක් නැතැයි ගසින් බැස ඔහුට පිට දක්වමින් (පිටුපා) හුන්නේය. හෙතෙම අවුත් ඔහුගේ ඉදිරියෙහි සිටියේය. ඉක්බිති යක්‍ෂයා ගාථාවක් කීවේය.

“බ්‍රහා උජූ චාරුමුඛො කුතොසි, න මං පජානාසි වනෙ වසන‍්තං; ලුද‍්දං මං ඤත්‍වා ‘පුරිසාදකො’සි, කො සොත්‍ථිමාජානමිධාවජෙය්‍යා”ති.

20. මහත් වූ සෘජු වූ මනෝඥ වූ මුහුණ ඇති ඔබ කොහි සිට පැමිණියෙහිද? වනයෙහි වසන්නා වූ මා නොදන්නෙහිද? මිනිසුන් කන්නෙකැයි රෞද්‍ර වූ මා පිළිබඳව දැන කවරෙක් නම් සුවපත් බව ගැන දනිමින් මෙහි පැමිණෙන්නේද?

තත්‍ථ කො සොත්‍ථිමාජානමිධාවජෙය්‍යාති කුමාර කො නාම පුරිසො අත‍්තනො සොත්‍ථිභාවං ජානන‍්තො ඉච‍්ඡන‍්තො ඉධාගච‍්ඡෙය්‍ය, ත්‍වං අජානන‍්තො ආගතො මඤ‍්ඤෙති.

එහි කොසොත්‍ථිමානමිබාවජෙය්‍ය යනු කුමාරය, කවර නම් පුරුෂයෙක් තමාගේ සුවපත් බව පිළිබඳව දනිමින්, කැමති වන්නේ මෙහි පැමිණෙන්නේද? ඔබ නොදනිමින් පැමිණියේ යයි සිතමි යනුයි.

තං සුත්‍වා කුමාරො ගාථමාහ –

ඒ අසා කුමාරයා ගාථාවක් කීවේය.

“ජානාමි ලුද‍්ද පුරිසාදකො ත්‍වං, න තං න ජානාමි වනෙ වසන‍්තං; අහඤ‍්ච පුත‍්තොස‍්මි ජයද‍්දිසස‍්ස, මමජ‍්ජ ඛාද පිතුනො පමොක‍්ඛා”ති.

21. රෞද්‍ර වූ තැනැත්ත, ඔබ මිනිසුන් කන්නෙකැයි දනිමි. වනයෙහි වසන්නා වූ ඔබ ගැන නොදන්නේ වෙමි. මම ජයද්දිස රජුගේ පුත්‍රයා වෙමි. පියාගේ මිදීම සඳහා අද මා කව යි.

තත්‍ථ පමොක‍්ඛාති පමොක‍්ඛහෙතු අහං පිතු ජීවිතං දත්‍වා ඉධාගතො, තස‍්මා තං මුඤ‍්ච, මං ඛාදාහීති අත්‍ථො.

එහි පමොක්ඛා යනු මිදීමට හේතුවයි. මමද ජීවිතය දී මෙහි පැමිණියේ වෙමි. ඔහු මුදව මා කවයි යන අර්ථයි.

තතො යක‍්ඛො ගාථමාහ –

අනතුරුව යක්‍ෂයා ගාථාවක් කීවේය.

“ජානාමි පුත‍්තොති ජයද‍්දිසස‍්ස, තථා හි වො මුඛවණ‍්ණො උභින‍්නං; සුදුක‍්කරඤ‍්ඤෙව කතං තවෙදං, යො මත‍්තුමිච‍්ඡෙ පිතුනො පමොක‍්ඛා”ති.

22. ඔබ ජයද්දිස රජුගේ පුත්‍රයා යයි දනිමි. ඔබ දෙදෙනාගේම මුහුණේ ස්වරූපය එක් බඳුමය. යමෙක් පියාගේ මිදීම පිණිස මැරෙන්නට කැමති වන්නේද ඔබ විසින් මේ කරන ලද දෙය ඉතා දුෂ්කර වූවකි.

තත්‍ථ තථා හි වොති තාදිසො වො තුම‍්හාකං. උභින‍්නම‍්පි සදිසොව මුඛවණ‍්ණො හොතීති අත්‍ථො. කතං තවෙදන‍්ති ඉදං තව කම‍්මං සුදුක‍්කරං.

එහි තථාහි වො යනු ඔබ දෙදෙනාගේම මුහුණේ පැහැය එක හා සමාන යන අර්ථයි. කතං තවෙදං යනු මේ ඔබගේ ක්‍රියාව ඉතා දුෂ්කර වූවකි.

තතො කුමාරො ගාථමාහ –

අනතුරුව කුමාරයා ගාථාවක් කීවේය.

“න දුක‍්කරං කිඤ‍්චි මහෙත්‍ථ මඤ‍්ඤෙ, යො මත‍්තුමිච‍්ඡෙ පිතුනො පමොක‍්ඛා; මාතු ච හෙතු පරලොක ගන‍්ත්‍වා, සුඛෙන සග‍්ගෙන ච සම‍්පයුත‍්තො”ති.

23. මෙහි කිසිවක් දුෂ්කර යයි මම නොසිතමි. යමෙක් පියාගේ මිදීම පිණිසද මව හේතුකොටගෙනද මැරෙන්නට කැමති වේද හෙතෙම පරලොව ගොස් ස්වර්ගමය සැපයෙන් යුක්ත වන්නේ වෙයි.

තත්‍ථ කිඤ‍්චි මහෙත්‍ථ මඤ‍්ඤෙති කිඤ‍්චි අහං එත්‍ථ න මඤ‍්ඤාමි. ඉදං වුත‍්තං හොති – යක‍්ඛ යො පුග‍්ගලො පිතු වා පමොක‍්ඛත්‍ථාය මාතු වා හෙතු පරලොකං ගන‍්ත්‍වා සුඛෙන සග‍්ගෙ නිබ‍්බත‍්තනකසුඛෙන සම‍්පයුත‍්තො භවිතුං මත‍්තුමිච‍්ඡෙ මරිතුං ඉච‍්ඡති, තස‍්මා අහං එත්‍ථ මාතාපිතූනං අත්‍ථාය ජීවිතපරිච‍්චාගෙ කිඤ‍්චි දුක‍්කරං න මඤ‍්ඤාමීති.

එහි කිඤ්චිමහෙත්‍ථ යනු මම මෙහිලා කිසිවක් නොසිතමි. මෙය කියන ලද්දේ වෙයි. යක්‍ෂය, පියාගේ මිදීම පිණිස හෝ මව නිසා හෝ, පරලොක ගම්‍යා යනු පරලොව ගොස්. සුඛෙන සග්ගෙන යනු ස්වර්ගයෙහි උපදවන්නා වූ සැපයෙන් යුක්ත වූයේ වෙයි. මත්තුමිච්ඡෙ යනු මැරෙන්නට කැමති වෙයි. එහෙයින් මම මේ මව්පියන් සඳහා ජීවිත පරිත්‍යාගයෙහි කිසිදු දුෂ්කර බව නොසිතමි යනුයි.

තං සුත්‍වා යක‍්ඛො “කුමාර, මරණස‍්ස අභයානකසත‍්තො නාම නත්‍ථි, ත්‍වං කස‍්මා න භායසී”ති පුච‍්ඡි. සො තස‍්ස කථෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

යක්‍ෂයා ඒ අසා කියනුයේ කුමාරය, මරණයට බිය නොවන සත්ත්වයෙක් නම් නැත. ඔබ කුමක් හෙයින් බිය නොවෙහිදැයි විචාළේය. හෙතෙම ඔහුට ඒ බව කියමින් ගාථා දෙකක් කීවේය.

“අහඤ‍්ච ඛො අත‍්තනො පාපකිරියං, ආවී රහො වාපි සරෙ න ජාතු; සඞ‍්ඛාතජාතීමරණොහමස‍්මි, යථෙව මෙ ඉධ තථා පරත්‍ථ.

24. මම වූ කලී ප්‍රසිද්ධියේ හෝ රහසිගතව හෝ කරන ලද මගේ පවිටු ක්‍රියාවක් සිහි නොකරමි. මම ජාති මරණ ස්වභාවකොට ඇත්තෙක් බව නුවණින් දනිමි. මට මෙලොව යම්සේද පරලොවද එසේමය.

“ඛාදජ‍්ජ මං දානි මහානුභාව, කරස‍්සු කිච‍්චානි ඉමං සරීරං; රුක‍්ඛස‍්ස වා තෙ පපතාමි අග‍්ගා, ඡාදයමානො මය‍්හං ත්‍වමදෙසි මංස”න‍්ති.

25. මහත් වූ ආනුභාව ඇත්ත. මා දැන් කව. මේ ශරීරයට කළයුතු දෙය කරව. ගස මුදුනින් ඔබ වෙත හෝ වැටෙමි. කැමති වන්නේ නම් මගේ මස් ඔබට දෙමි.

තත්‍ථ සරෙ න ජාතූති එකංසෙනෙව න සරාමි. සඞ‍්ඛාතජාතීමරණොහමස‍්මීති අහං ඤාණෙන සුපරිච‍්ඡින‍්නජාතිමරණො, ජාතසත‍්තො අමරණධම‍්මො නාම නත්‍ථීති ජානාමි. යථෙව මෙ ඉධාති යථෙව මම ඉධ , තථා පරලොකෙ, යථා ච පරලොකෙ, තථා ඉධාපි මරණතො මුත‍්ති නාම නත්‍ථීති ඉදම‍්පි මම ඤාණෙන සුපරිච‍්ඡින‍්නං. කරස‍්සු කිච‍්චානීති ඉමිනා සරීරෙන කත‍්තබ‍්බකිච‍්චානි කර, ඉමං තෙ මයා නිස‍්සට‍්ඨං සරීරං. ඡාදයමානො මය‍්හං ත්‍වමදෙසි මංසන‍්ති මයි රුක‍්ඛග‍්ගා පතිත්‍වා මතෙ මම සරීරතො ත්‍වං ඡාදයමානො රොචයමානො යං යං ඉච‍්ඡසි, තං තං මංසං අදෙසි, ඛාදෙය්‍යාසීති අත්‍ථො.

එහි සරෙ න ජානෙ ජාතු යනු ඒකාන්තයෙන්ම සිහි නොකරමි. සංඛ්‍යාත ජාතිමරණොහමස්මි යනු මම නුවණින් මනාව පිළිසිඳ දත් ජාති මරණ ඇත්තේ වෙමි. උපන් සත්ත්ව තෙමේ නොමැරෙන ස්වභාවයක් නම් නැතැයි දනිමි. යත්‍ථව මෙ ඉධ යනු මට මේ ලොව යම්සේද පරලොවහිදීද එසේමය. පරලොවහිදී යම්සේද මෙලොවදීද එසේය. මරණයෙන් මිදීමක් නම් නැතැයි යන මෙය මගේ නුවණින් මනාව පිරිසිඳ දතිමි. කරස්සු කිච්චානි යනු මගේ මේ ශරීරය ඔබට හරනා ලද්දේ වෙයි. කනු ලබන්නේ මයිහං ත්‍වමදෙසි මංසං මා ගස අගින් පැන මළ කල්හි මගේ සිරුරෙන් ඔබ. ඡාදයමානො කැමති වන්නේ යම් යම් දෙයක් කැමති වන්නෙහිද ඒ ඒ මස් දුන්නේ වෙහිය. අනුභව කළ යුතුය යන අර්ථයි.

යක‍්ඛො තස‍්ස වචනං සුත්‍වා භීතො හුත්‍වා “න සක‍්කා ඉමස‍්ස මංසං ඛාදිතුං, උපායෙන නං පලාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

යක්‍ෂයා ඔහුගේ වචනය අසා බියට පත් වූයේ වී මොහුගේ මස් කෑමට නොහැකිය. උපායයකින් මොහු පලවා හරින්නෙමියි සිතා මේ ගාථාව කීවේය.

“ඉදඤ‍්ච තෙ රුච‍්චති රාජපුත‍්ත, චජෙසි පාණං පිතුනො පමොක‍්ඛා; තස‍්මා හි සො ත්‍වං තරමානරූපො, සම‍්භඤ‍්ජ කට‍්ඨානි ජලෙහි අග‍්ගි”න‍්ති.

26. රාජපුත්‍රය, ඔබ සිය පියාගේ මිදීම සඳහා මෙම පණ හැරීම කැමති වෙයි. යව, එහෙයින් ඔබ වහා දර කඩා ගින්න දල්වවයි කීවේය.

තත්‍ථ ජලෙහීති අරඤ‍්ඤං පවිසිත්‍වා සාරදාරූනි ආහරිත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා නිද‍්ධූමෙ අඞ‍්ගාරෙ කර, තත්‍ථ තෙ මංසං පචිත්‍වා ඛාදිස‍්සාමීති දීපෙති.

එහි ජලෙහි යනු වනයට පිවිස හර ඇති දර ගෙනවුත් ගිනි දල්වා දුම් රහිත අඟුරු කරව. එහි ඔබගේ මස් පළහා කන්නෙමියි දක්වයි.

සො තථා කත්‍වා තස‍්ස සන‍්තිකං අගමාසි. තං කාරණං පකාසෙන‍්තො සත්‍ථා ඉතරං ගාථමාහ –

හෙතෙම එසේ කර ඔහුගේ සමීපයට ගියේය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ ප්‍රකාශ කරන සේක් වෙනත් ගාථාවක් වදාළ සේක.

“තතො හවෙ ධිතිමා රාජපුත‍්තො, දාරුං සමාහරිත්‍වා මහන‍්තමග‍්ගිං; සන‍්තීපයිත්‍වා පටිවෙදයිත්‍ථ, ආදීපිතො දානි මහායමග‍්ගී”ති.

27. අනතුරුව ඒකාන්තයෙන් නුවණැති රාජපුත්‍රයා දර රැස්කර මහත් වූ ගින්නක් දල්වා දැන් මහගින්නක් දල්වන ලද්දේ යයි දැන්වීය.

යක‍්ඛො අග‍්ගිං කත්‍වා ආගතං කුමාරං ඔලොකෙත්‍වා “අයං පුරිසසීහො, මරණාපිස‍්ස භයං නත්‍ථි, මයා එත‍්තකං කාලං එවං නිබ‍්භයො නාම න දිට‍්ඨපුබ‍්බො”ති ලොමහංසජාතො කුමාරං පුනප‍්පුනං ඔලොකෙන‍්තො නිසීදි. කුමාරො තස‍්ස කිරියං දිස‍්වා ගාථමාහ –

යක්‍ෂයා ගිනි දල්වා පැමිණි කුමාරයා බලා මේ පුරුෂයා සිංහයෙකු මෙනි. මොහුට මරණින්ද බියක් නැත. මවිසින් මෙපමණක් කල් මෙසේ බිය නැති අයෙක් නම් නොදුටුවිරූයයි ලොමුදැහැගත්තේ කුමාරයා දෙස නැවත නැවතත් බලමින් හුන්නේය. කුමාරයා ඔහුගේ ක්‍රියාව දැක ගාථාවක් කීවේය.

“ඛාදජ‍්ජ මං දානි පසය‍්හකාරි, කිං මං මුහුං පෙක‍්ඛසි හට‍්ඨලොමො; තථා තථා තුය‍්හමහං කරොමි, යථා යථා මං ඡාදයමානො අදෙසී”ති.

28. සැහැසි කටයුතු කරන තැනැත්ත, දැන් මා අනුභව කරව. ලොමු ඩැහැගත්තේ කුමක් හෙයින් මා දෙස නැවත නැවතත් බලන්නෙහිද? යම් යම් පරිද්දකින් මා කැමති වන්නේ කන්නෙහිද? මම ඒ ඒ පරිද්දෙන් ඔබගේ වචනය කරමි.

තත්‍ථ මුහුන‍්ති පුනප‍්පුනං. තථා තථා තුය‍්හමහන‍්ති අහං තුය‍්හං තථා තථා වචනං කරොමි, ඉදානි කිං කරිස‍්සාමි, යථා යථා මං ඡාදයමානො රොචයමානො අදෙසි ඛාදිස‍්සසි, තස‍්මා ඛාදජ‍්ජ මන‍්ති.

එහි මුහුං යනු නැවත නැවත. තථා තථා තුයිහංමහං යනු මම ඔබගේ ඒ ඒ පරිදි වූ වචනය කරමි. යම් යම් පරිදි මා කැමති වන්නේ රුචි වන්නේ කන්නෙහිය. එහෙයින් ඛාදජ්ජ මං මා කන්නෙහිය යනුයි.

අථස‍්ස වචනං සුත්‍වා යක‍්ඛො ගාථමාහ –

ඉක්බිති යක්‍ෂයා ඔහුගේ වචන අසා ගාථාවක් කීවේය.

“කො තාදිසං අරහති ඛාදිතායෙ, ධම‍්මෙ ඨිතං සච‍්චවාදිං වදඤ‍්ඤුං; මුද‍්ධාපි තස‍්ස විඵලෙය්‍ය සත‍්තධා, යො තාදිසං සච‍්චවාදිං අදෙය්‍යා”ති.

29. ධර්මයෙහි පිහිටියා වූ සත්‍යය ප්‍රකාශ කරන්නා වූ වචන දන්නා වූ ඔබ වැන්නෙකු කවරෙක් නම් කන්නට සුදුසු වන්නේද? යමෙක් ඔබ වැනි සත්‍යවාදියෙක් කන්නේද ඔහුගේ හිසද සත්කඩකට පැලෙන්නේය.

තං සුත්‍වා කුමාරො “සචෙ මං න ඛාදිතුකාමොසි, අථ කස‍්මා දාරූනි භඤ‍්ජාපෙත්‍වා අග‍්ගිං කාරෙසී”ති වත්‍වා “පලායිස‍්සති නු ඛො, නොති තව පරිග‍්ගණ‍්හනත්‍ථායා”ති වුත‍්තෙ “ත්‍වං ඉදානි මං කථං පරිග‍්ගණ‍්හිස‍්සසි, යොහං තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තො සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො අත‍්තානං පරිග‍්ගණ‍්හිතුං නාදාසි”න‍්ති වත්‍වා ආහ –

ඒ අසා කුමාරයා ඉදින් මා නොකනු කැමැත්තේ වෙහිද අනතුරුව කුමක් හෙයින් දර කඩවා ගිනි දැල්වූවෙහිදැයි කියා අප වෙතින් පලා යන්නේදැයි කියා ඔබ පරීක්‍ෂා කිරීම සඳහා යයි කී ක්ලහි ඔබ දැන් මා කෙසේ පරීක්‍ෂා කරන්නෙහිද යම්බඳු වූ මම තිරිසන් යෝනියෙහි උපන්නේ ශක්‍ර දෙව්රජුගේ තමා පරීක්‍ෂා කරන්නට නොදුනිමි යයි කියා.

“ඉදඤ‍්හි සො බ්‍රාහ‍්මණං මඤ‍්ඤමානො, සසො අවාසෙසි සකෙ සරීරෙ; තෙනෙව සො චන්‍දිමා දෙවපුත‍්තො, සසත්‍ථුතො කාමදුහජ‍්ජ යක‍්ඛා”ති.

30. ඒ සස පණ්ඩිත තෙමේ මේ බ්‍රාහ්මණයෙකැයි සිතමින් සිය සිරුරෙහි දානය පිණිස වාසය කරවීය. යක්‍ෂය, එනිසාම ඒ චන්ද්‍ර දේව පුත්‍රයා ප්‍රේමයෙන් වැඩුනේ සස ලාංඡනය සහිත වූයේය. (චන්ද්‍ර දේවපුත්‍රයා චන්ද්‍ර මණ්ඩලයෙහි සනිටුහන් කළේය) යි කීවේය.

තස‍්සත්‍ථො – ඉදඤ‍්හි සො සසපණ‍්ඩිතො “බ්‍රාහ‍්මණො එසො”ති බ්‍රාහ‍්මණං මඤ‍්ඤමානො “අජ‍්ජ ඉමං සරීරං ඛාදිත්‍වා ඉධෙව වසා”ති එවං සකෙ සරීරෙ අත‍්තනො සරීරං දාතුං අවාසෙසි, වසාපෙසීති අත්‍ථො. සරීරඤ‍්චස‍්ස භක‍්ඛත්‍ථාය අදාසි. සක‍්කො පබ‍්බතරසං පීළෙත්‍වා ආදාය චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං අකාසි. තතො පට‍්ඨාය තෙනෙව සසලක‍්ඛණෙන සො චන්‍දිමා දෙවපුත‍්තො “සසී සසී”ති එවං සසත්‍ථුතො ලොකස‍්ස කාමදුහො පෙමවඩ‍්ඪනො අජ‍්ජ යක‍්ඛ විරොචති. කප‍්පට‍්ඨියඤ‍්හෙතං පාටිහාරියන‍්ති.

එහි අර්ථය. එය වූ කලී මෙසේය. ඒ සස පණ්ඩිත තෙමේ මෙතෙම බ්‍රාහ්මණයෙකැයි බමුණෙකු බව සිතමින් අද මේ සිරුර කා මෙහිම වසවයි මෙසේ. සකෙ සරීරෙ තමාගේ ශරීරය දෙන්ට වාසය කරවීයයි අර්ථයි. ඔහුට ආහාරය පිණිස සිරුර දුන්නේය. ශක්‍රයා පර්වත සාරය පෙළාගෙන සඳමඬලෙහි හාවාගේ ලක්‍ෂණය කළේය. එතැන් පටන් ඒ හා සළකුණෙන් ඒ වන්‍දිම දේවපුත්‍රයා හාවාගේ සළකුණ ඇත්තා යයි ප්‍රසිද්ධ වීය. යක්‍ෂය, මෙසේ සස ලාංඡනය සහිත වූවහු අද ලෝකයාගේ කැමති දෑ දෙමින් ප්‍රේමය වඩවමින් බබළයි. මෙය කල්පස්ථායී වූ ප්‍රාතිහාර්යයකි.

තං සුත්‍වා යක‍්ඛො කුමාරං විස‍්සජ‍්ජෙන‍්තො ගාථමාහ –

යක්‍ෂයා එය අසා කුමාරයා නිදහස් කරමින් ගාථාවක් කීවේය.

“චන්‍දො යථා රාහුමුඛා පමුත‍්තො, විරොචතෙ පන‍්නරසෙව භාණුමා; එවං තුවං පොරිසාදා පමුත‍්තො, විරොච කප‍්පිලෙ මහානුභාව; ආමොදයං පිතරං මාතරඤ‍්ච, සබ‍්බො ච තෙ නන්‍දතු ඤාතිපක‍්ඛො”ති.

31. යම්සේ පසලොස්වකහිදී රාහු මුඛයෙන් මිදුන චන්ද්‍රයා හෝ සූර්යයා හෝ බබලයිද මෙසේ මහානුභාව ඇති කුමාරයා පෝරිසාදයාගෙන් මිදුන ඔබද පියාද මවද සතුටු කරමින් කම්පිල්ල නගරයෙහි බබලව. ඔබගේ සියළු ඤාති සමූහයා සතුටු වේවා!

තත්‍ථ භාණුමාති සූරියො. ඉදං වුත‍්තං හොති – යථා පන‍්නරසෙ රාහුමුඛා මුත‍්තො චන්‍දො වා භාණුමා වා විරොචති, එවං ත්‍වම‍්පි මම සන‍්තිකා මුත‍්තො කපිලරට‍්ඨෙ විරොච මහානුභාවාති. නන්‍දතූති තුස‍්සතු.

එහි භානුමා යනු සූර්යයායි. මෙය කියන ලද්දේ වෙයි. යම් සේ පසලොස්වකදී රාහු මුඛයෙන් මිදුන චන්ද්‍රයා හෝ සූර්යයා හෝ බබලයිද මෙසේ මහානුභාව ඇත්ත. ඔබද මා සමීපයෙන් මිදුනේ කම්පිල්ල රටෙහි බබලව. නන්‍දතු යනු සතුටු වේවා! මහා වීරය, යවයි මහබෝසතුන් පිටත්කර හැරීයේය.

ගච‍්ඡ මහාවීරාති මහාසත‍්තං උය්‍යොජෙසි. සොපි තං නිබ‍්බිසෙවනං කත්‍වා පඤ‍්ච සීලානි දත්‍වා “යක‍්ඛො නු ඛො එස, නො”ති පරිග‍්ගණ‍්හන‍්තො “යක‍්ඛානං අක‍්ඛීනි රත‍්තානි හොන‍්ති අනිම‍්මිසානි ච, ඡායා න පඤ‍්ඤායති, අච‍්ඡම‍්භිතා හොන‍්ති. නායං යක‍්ඛො, මනුස‍්සො එසො. මය‍්හං පිතු කිර තයො භාතරො යක‍්ඛිනියා ගහිතා. තෙසු එතාය ද‍්වෙ ඛාදිතා භවිස‍්සන‍්ති, එකො පුත‍්තසිනෙහෙන පටිජග‍්ගිතො භවිස‍්සති, ඉමිනා තෙන භවිතබ‍්බං, ඉමං නෙත්‍වා මය‍්හං පිතු ආචික‍්ඛිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “එහි අම‍්භො, න ත්‍වං යක‍්ඛො, පිතු මෙ ජෙට‍්ඨභාතිකොසි, එහි මයා සද‍්ධිං ගන‍්ත්‍වා කුලසන‍්තකෙ රජ‍්ජෙ ඡත‍්තං උස‍්සාපෙහී”ති වත්‍වා ඉතරෙන “නාහං මනුස‍්සො”ති වුත‍්තෙ “න ත්‍වං මය‍්හං සද‍්දහසි, අත්‍ථි පන සො, යස‍්ස සද‍්දහසී”ති පුච‍්ඡිත්‍වා “අත්‍ථි අසුකට‍්ඨානෙ දිබ‍්බචක‍්ඛුකතාපසො”ති වුත‍්තෙ තං ආදාය තත්‍ථ අගමාසි. තාපසො තෙ දිස‍්වාව “කිං කරොන‍්තා පිතාපුත‍්තා අරඤ‍්ඤෙ චරථා”ති වත්‍වා තෙසං ඤාතිභාවං කථෙසි . පොරිසාදො තස‍්ස සද‍්දහිත්‍වා “තාත, ත්‍වං ගච‍්ඡ, අහං එකස‍්මිඤ‍්ඤෙව අත‍්තභාවෙ ද‍්විධා ජාතො, න මෙ රජ‍්ජෙනත්‍ථො, පබ‍්බජිස‍්සාමහ”න‍්ති තාපසස‍්ස සන‍්තිකෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. අථ නං කුමාරො වන්‍දිත්‍වා නගරං අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා –

හෙතෙමේද ඔහු පවිටු ක්‍රියා ඇසුරු නොකරන්නෙකු කර පන්සිල් දී මෙතෙම ඒකාන්තයෙන් යක්‍ෂයෙක්ද නොවේදැයි පරීක්‍ෂා කරනුයේ යක්‍ෂයන්ගේ නම් ඇස් රතු වෙත්. ඇසපිය හෙලන්නෝ නොවෙති. සෙවනැල්ල නොපෙනේ. බිය නොවන්නෝ වෙති. මොහු යක්‍ෂයෙක් නොවේ. මෙතෙම මනුෂ්‍යයෙකි. මගේ පියාගේ සොහොයුරෝ තිදෙනෙක් යක්‍ෂණිය විසින් ගන්නා ලදහ. ඔවුන් අතරින් දෙදෙනෙක් ඇය විසින් කන ලදහ. එකෙක් පුත්‍ර ස්නේහයෙන් පෝෂණය කළේ වන්නේය. මේ ඔහු විය යුතුය. මොහු ගෙන ගොස් මගේ පියාට කියා රාජ්‍යයෙහි පිහිටුවන්නෙමියි සිතා පින්වත, එන්න. ඔබ යක්‍ෂයෙක් නොවේ. මගේ පියාගේ වැඩිමහල් සොහොයුරා වෙහි. එන්න මා සමග ගොස් කුලය සතු රාජ්‍යයෙහි සේසත ඔසවව් යයි කියා අනිකා විසින් මම මිනිසෙක් නොවෙමියි කී කල්හි ඔබ මා නොඅදහන්නෙහි නම් යමෙකුගේ වචනය අදහයි නම් එවැන්නෙක් ඇත්දැයි විමසා අසවල් තැන දිවැස් ඇති තවුසෙක් ඇතැයි කී කල්හි ඔහු ගෙන එහි ගියේය. තවුසා ඔවුන් දැක පිය-පුත්හු කුමක් කරමින් වනයෙහි හැසිරෙව්දැයි කියා ඔවුන්ගේ ඤාති බව කීවේය. පෝරිසාදයා ඔහුගේ වචනය අදහා දරුව, ඔබ යව. මම එකම ආත්ම භාවයෙහිදී දෙයාකාර වීමි. මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. මම පැවිදි වන්නෙමියි තවුසාගේ සමීපයෙහි තවුස් පැවිද්දෙන් පැවිදි වීය. අනතුරුව කුමාරයා ඔහු වැඳ නගරයටම ගියේය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ දේශනා කරමින් මෙසේ වදාළ සේක.

“තතො හවෙ ධිතිමා රාජපුත‍්තො, කතඤ‍්ජලී පරියාය පොරිසාදං; අනුඤ‍්ඤාතො සොත්‍ථි සුඛී අරොගො, පච‍්චාගමා කපිලමලීනසත‍්තා”ති. –

32. අනතුරුව ප්‍රාඥ වූ රාජපුත්‍රයා පෝරිසාදයාට කරන ලද බැඳදිලි ඇත්තේ පෙරළා ගියේය. පෝරිසාදයා විසින් අනුදන්නා ලද අලීනසත්ත කුමාරයා සුවපත් වූයේ සැපයෙන් යුතුව නිරෝගීව කම්පිල්ල නගරයට පෙරළා ගියේය.

ගාථං වත්‍වා තස‍්ස නගරං ගතස‍්ස නෙගමාදීහි කතකිරියං දස‍්සෙන‍්තො ඔසානගාථමාහ –

යන ගාථාව දේශනා කර නුවර-නියම්ගම් ආදියෙහි කළ කටයුතු දක්වන්නේ අවසාන ගාථාව වදාළ සේක.

“තං නෙගමා ජානපදා ච සබ‍්බෙ, හත්‍ථාරොහා රථිකා පත‍්තිකා ච; නමස‍්සමානා පඤ‍්ජලිකා උපාගමුං, නමත්‍ථු තෙ දුක‍්කරකාරකොසී”ති.

33. නියම්ගම්වැස්සෝද ජනපද වැස්සෝද හස්ත්‍යාරෝහකයෝද රිය සෙනගද පාබල සේනාවද යන මේ සියල්ලෝ බැඳදිලි සහිත වූවාහු නමස්කාර කරන්නාහු ඔහු වෙත එළඹුනහ. ඔබ දුෂ්කර වූ කාර්යයක් කළෙහිය. ඔබට නමස්කාර වේවා යි (කියමින් සමීපයට ගියාහුය)

රාජා “කුමාරො කිර ආගතො”ති සුත්‍වා පච‍්චුග‍්ගමනං අකාසි. කුමාරො මහාජනපරිවාරො ගන‍්ත්‍වා රාජානං වන්‍දි. අථ නං සො පුච‍්ඡි – “තාත, කථං තාදිසා පොරිසාදා මුත‍්තොසී”ති. “තාත, නායං යක‍්ඛො, තුම‍්හාකං ජෙට‍්ඨභාතිකො, එස මය‍්හං පෙත‍්තෙය්‍යො”ති සබ‍්බං පවත‍්තිං ආරොචෙත්‍වා “තුම‍්හෙහි මම පෙත‍්තෙය්‍යං දට‍්ඨුං වට‍්ටතී”ති ආහ. රාජා තඞ‍්ඛණඤ‍්ඤෙව භෙරිං චරාපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන තාපසානං සන‍්තිකං අගමාසි. මහාතාපසො තස‍්ස යක‍්ඛිනියා ආනෙත්‍වා අඛාදිත්‍වා පොසිතකාරණඤ‍්ච යක‍්ඛාභාවකාරණඤ‍්ච තෙසං ඤාතිභාවඤ‍්ච සබ‍්බං විත්‍ථාරතො කථෙසි. රාජා “එහි, භාතික, රජ‍්ජං කාරෙහී”ති ආහ. “අලං මහාරාජා”ති. “තෙන හි එථ උය්‍යානෙ වසිස‍්සථ, අහං වො චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමී”ති? “න ආගච‍්ඡාමි මහාරාජා”ති. රාජා තෙසං අස‍්සමපදතො අවිදූරෙ එකං පබ‍්බතන‍්තරං බන්‍ධිත්‍වා මහන‍්තං තළාකං කාරෙත්‍වා කෙදාරෙ සම‍්පාදෙත්‍වා මහඩ‍්ඪකුලසහස‍්සං ආනෙත්‍වා මහාගාමං නිවාසෙත්‍වා තාපසානං භික‍්ඛාචාරං පට‍්ඨපෙසි. සො ගාමො චූළකම‍්මාසදම‍්මනිගමො නාම ජාතො. සුතසොමමහාසත‍්තෙන පොරිසාදස‍්ස දමිතපදෙසො පන මහාකම‍්මාසදම‍්මනිගමොති වෙදිතබ‍්බො.

(ජනයා) රාජකුමාරයා පැමිණියේ යයි අසා පෙරගමන් කළේය. මහජනයා විසින් පිරිවරන ලද කුමාරයා ගොස් රජුට වැන්දේය. ඉක්බිති හෙතෙම ඔහුගෙන් මෙසේ විචාළේය. දරුව, කෙසේ නම් එබඳු පෝරිසාදයාගෙන් මිදුනේ වෙහිද? යනුවෙනි. පියාණනි, මෙතෙම යක්‍ෂයෙක් නොවේ. ඔබගේ වැඩිමහල් සොහොයුරාය. මෙතෙම මගේ පියාගේ සොහොයුරායයි ඒ සියලු ප්‍රවෘත්තිය දන්වා ඔබ විසින් මාගේ පියාගේ සොහොයුරා දක්නට වටනේ යයි කීවේය. රජු එකෙනෙහිම බෙර හසුරුවා මහත් වූ පිරිවර සමග තවුසන්ගේ සමීපයට ගියේය. මහ තවුසා ඔහුගේ යකින්නිය විසින් ගෙනවුත් අනුභව නොකර පෝෂණය කළ කරුණද යක්‍ෂ භාවයට පත් වූ කරුණද ඔවුන්ගේ ඤාතීත්වයද යන සියල්ල විස්තර වශයෙන් කීවේය. රජු සොහොයුර, එන්න. රාජ්‍යය කරවයි කීවේය. මහරජතුමනි, කම් නැත. එසේ නම් පැමිණෙන්න උයනෙහි වසන්නෙහුයි මම ඔබට සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමියි කීවේය. මහරජතුමනි, නොයමියි. රජු ඔවුන්ගේ ආශ්‍රම ප්‍රදේශයෙන් නුදුරෙහි එක් පර්වත අතුරක් මැද මහත් වූ පොකුණක් කරවා කුඹුරු සකසා මහ ධනැති කුල දහසක් ගෙන්වා මහත් වූ ගමක් පිහිටුවා තාපසයන්ම පිණ්ඩපාතය පිහිටුවීය. ඒ ගම චුල්ලකම්මාසදම්ම නියම්ගම නම් වීය. සුතසෝම මහබෝසතුන් විසින් පෝරිසාදයා දමනය කළ ප්‍රදේශය වනාහි මහාකම්මාසදම්ම නියම්ගම නමැයි දත යුතුය.

සත්‍ථා ඉදං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ මාතුපොසකත්‍ථෙරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, තාපසො සාරිපුත‍්තො, පොරිසාදො අඞ‍්ගුලිමාලො, කනිට‍්ඨා උප‍්පලවණ‍්ණා, අග‍්ගමහෙසී රාහුලමාතා, අලීනසත‍්තුකුමාරො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි මාතුපෝෂක තෙරණුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ. එකල්හි මව්පියෝ මහරජකුලයෝ වූහ. තවුසා සැරියුත් තෙර වීය. පෝරිසාදයා අංගුලිමාල තෙර වීය. අගමෙහෙසිය රාහුල මාතාව වූවාය. අලීනසත්ත කුමාරයා මම ම වීමි යයි වදාළ සේක.

ජයද‍්දිසජාතකවණ‍්ණනා තතියා.