3. ජයද්දිසජාතකං
3. ජයද්දිසජාතකං.
3. ජයද්දිස ජාතකය
2776. චිරස්සං වත මෙ උදපාදි අජ්ජ භක්ඛො මහා සත්තමිභත්තකාලෙ, කුතොසි කො වාසි තදිඞ්ඝ බ්රූහි ආචික්ඛ ජාතිං විදිතො යථාසි.
2776. ඒකාන්තයෙන් නිරාහාර වැ සිටිනා වූ මට සත්වැනි දිනයෙහි ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් කෑ යුතු ආහාරයක් පහළ විය. තෙපි කොහි සිට ආවහු ද කවරෙක් හෝ වවූ ද එය යම්සේ මම් දන්නා ලද්දෙම් වෙම් ද එසේ තොපගේ ජාතිය කියව.
2777. පඤ්චාලරාජා මිගවං පවිට්ඨො ජයද්දිසො නාම යදිස්සුතො තෙ, චරාමි කච්ඡානි වනානි චාහං පසදිමං ඛාද මමජ්ජ මුඤ්ච.
2777. මුව දඩයමට පිවිසියා වූ ජයද්දිස නම් වූ පංචාල රජ තොප විසින් අසන ලද්දේ ද ඒ මම පර්වත පාර්ශවයන්හි ද වනයන්හි ද හැසිරෙමි. මේ පසදමෘගයා අනුභව කරව. අද මා මුදවයි ජයද්දිස රජ තෙම කීයේ ය.
2778. සෙනෙව ත්වං පණසි සස්සමානෙ මමෙසො භක්ඛො පසදො යං වදෙසි, තං ඛාදියාන පසදං ජිඝඤ්ඤං ඛාදිස්සං පච්ඡා න විලාපකාලො.
2778. මා විසින් හිංසා කරනු ලබන තෙපි මා සතු දෙයින් ම තමා විකුණාගන්නහු යැ. තා පළමු අනුභව කොට අනුභව කරනු කැමැති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැලැපීමට කාලය නො වේ යයි යක්ෂ තෙම කීයේ ය.
2779. න චත්ථි මොක්ඛො මම වික්කයෙන ගන්ත්වාන පච්ඡා ගමනායපණ්හෙ, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛි පුනරාවජිස්සං.
2779. ඉදින් මට ගනුදෙනුවෙන් මිදීමෙක් නැද්ද, එහෙයින් ගොස් බමුණාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරළා ඊමට ප්‍රතිඥා ගනුව. සත්‍යවචනය රක්නෙම් නැවත මෙහි එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2780. කිං කම්මජාතං අනුතප්පතී තං පත්තං සමීපං මරණස්ස රාජ, ආචික්ඛ මෙ තං අපි සක්කුණෙමු අනුජානිතුං ආගමනාය පණ්හෙ.
2780. මහරජ, මරු සමීපයට පැමිණි තොප කිනම් කර්මයක් තවා ද? හෙට උදෑසන ඊමට හැක්කහු නම්, අවසර දෙන්නට හැක්කෙමු. එය මට කියව යි කීයේ ය.
2781. කතා මයා බ්රාහ්මණස්ස ධනාසා තං සඞ්ගරං පටිමොක්ඛං න මුත්තං, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛී පුනරාවජිස්සං.
2781. මා විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් කරන ලද්දී නම්, එය මා විසින් නොමුදන ලදී. ඒ පොරොන්දුව බ්‍රාහ්මණයාහට දී සත්‍යවචනය රකිමින් නැවත පෙරළා එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2782. යං තෙ කතා බ්රාහ්මණස්ස ධනාසා තං සඞ්ගරං පටිමොක්ඛං න මුත්තං, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛී පුනරාවජස්සු.
2782. තොප විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් ඇති කරන ලද්දී නම් ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේ ය. බ්‍රාහ්මණයාහට ඒ පොරොන්දු ධනය දී සත්‍ය රක්නේ නැවත පැමිණෙව යි යක්ෂ තෙම කීයේ ය.
2783. මුත්තො ච සො පුරිසාදස්ස හත්ථා ගන්ත්වා සකං මන්දිරං කාමකාමී, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය ආමන්තයී පුත්ත මලීනසත්තං.
2783. කාමයන් කැමැති හෙ පොරිසාදයාගේ අතින් මිදුණේ සිය මැදුරට ගොස් ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාහට දී අලීනසත්ත නම් පුත් කුමරු කැඳවූයේ ය.
2784. අජ්ජෙව රජ්ජං අභිසෙචයස්සු ධම්මඤ්ච රට්ඨෙසු ජනෙසු චාපි, අධම්මකාරො ච තෙ මාහු රට්ඨෙ ගච්ඡාමහං පොරිසාදස්ස ඤත්තෙ.
2784. පුත්‍රය, අද ම රාජ්‍යයෙහි අභිසේක වෙව. රටවැසියන් කෙරෙහි ද ජනයන් කෙරෙහි ද දැහැමින් රාජ්‍යය කරව. තොපගේ රටෙහි අධර්මයෙන් රාජ්‍යය කිරීමෙක් නම් නො වේවා, මම පොරිසාදයාගේ සමීපයට යමි.
2785. කිං කම්ම කුබ්බං තව දෙව පාදෙ නාරාධයිං තදිච්ඡාමි සොතුං, යමජ්ජ රජ්ජම්භි උදසසයෙ ත්වං. රජ්ජම්පි න ඉච්ඡෙය්යං තයා විනා අහං.
2785. දේවයන් වහන්ස, නුඹ වහන්සේට කිනම් කර්මයක් කරමින් සතුටු නො කෙළෙම් ද? යම් හෙයකින් අද නුඹ මා රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙහි ද, එය අසන්නට කැමැත්තෙමි. නුඹ වහන්සේගෙන් වෙන් ව මම රාජ්‍යය ද නො කැමැත්තෙමී කුමාරයා කීයේ ය.
2786. න කම්මුනා වා වචසාව තාත අපරාධිතොහං තුවියං සරාමි, සන්ධිඤ්ච කත්වා පුරිසාදකෙන සච්චානුරක්ඛී පුනහං ගමිස්සං.
2786. පුත්‍රය, මම නුඹගේ ක්‍රියාවකින් හෝ වචනයෙකින් හෝ සිදු වූ අපරාධයක් සිහි නො කරමි. මම පෝරිසාදයා සමග පොරොන්දුවක් වී ආයෙමි. සත්‍යය රක්නෙම් නැවත මම එහි යන්නෙමි යි රජ තෙම කීයේ ය.
2787. අහං ගමිස්සාමි ඉධෙව හොහි නත්ථි තතො ජීවතො විප්පමොක්ඛො, සචෙ තුවං ගච්ඡසියෙව රාජ අහම්පි ගච්ඡාමි උභො න හොම.
2787. පියාණන් වහන්ස, මම යන්නෙමි. නුඹ වහන්සේ මෙහි ම වුව මැනැවි. ඒ පෝරිසාදයා කෙරෙන් ජීවත්වන්නහුගේ මිදීමෙක් නම් නැත්තේ ය. ඉදින් නුඹ යන්නෙහි ම නම් මම ද යන්නෙමි. එසේ ඇති කල්හි අපි දෙදෙනා ම නො වන්නෙමු යි කුමාර තෙම කීයේ ය.
2788. අද්ධා හි තාත සතානෙස ධම්මො මරණා ච මෙ දුක්ඛතරං තදස්ස, කම්මාසපාදො තං යදා පචිත්වා පසය්හ ඛාදෙ භිදා රුක්ඛසූලෙ.
2788. පුත්‍රය, මෙය ඒකාන්තයෙන් ම සත්පුරුෂයන්ගේ ස්වභාවය වේ. එසේ වුවත් යම් දවසක කම්මාසපාද නම් වූ පෝරිසාද තෙම තියුණු හුලින් ඇන පලහා නුඹ කන්නේ ද එය මට මරණයටත් වඩා දුකෙකැ යි රජ තෙම කීයේ ය.
2789. පාණෙන තෙ පාණමහං නිමිස්සං මා ත්වමගා පොරිසාදස්ස ඤත්තෙ, එතඤ්ච තෙ පාණම්හං නිමිස්සං තස්මා මතං ජීවිතස්ස වරෙමි.
2789. පිය රජ්ජුරුවෙනි, මම නුඹවහන්සේගේ පණින් මාගේ පණ පරිවර්තනය කරන්නෙමි. නුඹ වහන්සේ පොරිසාදයාගේ ළඟට නො යන සේක්වා, යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රාණය හා මාගේ ප්‍රාණය මාරු කරන්නෙමි, යන යමෙක් වේද එහෙයින් මම ජීවත්වීමට වඩා මරණය කැමැත්තෙමි යි කීයේ ය.
2790. තතො හවෙ ධිතිමා රාජපුත්තො වන්දිත්ථ මාතුච්ච පිතුච්ච පාදෙ, දුඛිනිස්ස මාතා නිපතී පථබ්‍යා පිතස්ස පග්ගය්හ භුජානි කන්දති.
2790. ඉන්පසු ඒකාන්තයෙන් ධෛර්ය්යවත් රාජපුත්‍ර තෙමේ මවගේ ද පියාගේ ද පා වැන්දේ ය. මොහුගේ මවු තොමෝ දුක් ඇත්තී බිම ඇද වැටුණීය. මොහුගේ පිය තෙම අත් බැඳගෙන හඬයි.
2791. තං ගච්ඡන්තං තාව පිතා විදිත්වා පරම්මුඛො වන්දති පඤ්ජලීකො, සොමො ච රාජා වරුණො ච රාජා පජාපතී චන්දිමා සුරියො ච එතෙහි ගුත්තො පුරිසාදකම්හා අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි තාත.
2791. පළමු කොට පියරජ තෙමේ යන්නා වූ ඔහු දන ඇඳිලිබැඳගත්තේ වඳියි. පුත්‍රය, සෝම දෙව්රජ ද වරුණ දෙව්රජ ද මහබඹහු ද සඳ ද හිරු ද, යන මේ දෙවියන් විසින් රක්නා ලද නුඹ පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දේ සුවසේ පෙරළා පැමිණෙත්වා යි ආශංසනය කෙළේ ය.
2792. යං දණ්ඩකාරඤ්ඤගතස්ස මාතා රොමස්සකා සොත්ථානං සුගුත්තා තන්තෙ අහං සොත්ථානං කරොමි එතෙන සච්චෙන සරන්තු දෙවා. අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි පුත්ත.
2792. දණ්ඩකාරණ්යයට ගියා වූ රාම නම් තැනැත්තහුට මනාව රක්නා ලද ඔහුගේ මව යම්බඳු සුවයක් කළා ද, ඒ සුවය මම අද නුඹට කරමි. පුත්‍රය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කරත්වා, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි මව සත්යත්ක්රියා කළා ය.
2793. ආවී රහො වාපි මනොපදොසං නාහං සරෙ ජාතුමලීනසත්තෙ, එතෙන සච්චෙන සරන්තු දෙව අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි භාත.
2793. අලීනසත්තු නම් මාගේ සහෝදරයා ඉදිරියෙහි හෝ රහසින් හෝ කළ සිත් වේදනාවක් ඒකාන්තයෙන් මම සිහි නොකරමි. සහෝදරය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කෙරෙත්වා, සහෝදරය, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි නැගණිය සත්‍යක්‍රියා කළා ය.
2794. යස්මා ච මෙ අනධිමනොසි සාමි නචාපි මෙ මනාස අප්පියොසි, එතෙන සච්චෙන සරන්තු දෙවා අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි සාමි.
2794. මාගේ ස්වාමී වූ අලීනසත්තු කුමාරයාණෙනි, යම්හෙයෙකින් නුඹ වහන්සේ මා නො ඉක්මවාලූ සිත් ඇත්තහු ද එසේ ම මාගේ සිතින් ද නුඹ වහන්සේ අප්‍රිය නොවනු ද, මේ සත්‍යයෙන් දෙවියෝ සිහි කෙරෙත්වා, පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දහු සුවසේ පෙරළා පැමිණෙත්වා යි අගමෙහෙසිය සත්‍යක්‍රියා කළා ය.
2795. බ්රහා උජූ චාරුමුඛො කුතොසි න මං පජානාසි වනෙ වසන්තං, ලුද්දඤ්ච මං ඤත්වා පුරිසාදකොති කො සොත්ථිමාජානමිධාවජෙය්ය.
2795. මහත් වූ ඍජු වූ මනෝඥ වූ මුහුණක් ඇති නුඹ කොයි සිට ආයෙහි ද? වනයෙහි වසන්නා වූ මා ගැන නො දන්නෙහි ද? රෞද්‍ර වූ මා පුරුෂයන් කන්නෙකැයි දන්නා කවරෙක් නම් සුව පතා මෙහි එන්නේ ද?
2796. ජානාමි ලුද්ද පුරිසාදකො ත්වං න තං න ජානාමි වනෙ වසන්තං, අහඤ්ඤච පුත්තොස්මි ජයද්දිසස්ස මමජ්ජ ඛාද පිතුනො පමොක්ඛා.
2796. රෞද්‍ර වූ තැනැත්ත, නුඹ පුරුෂයන් කන්නෙකැ යි මම දනිමි. වෙනෙහි වෙසෙන්නා වූ නුඹ ගැන නො දන්නෙම් නොවෙමි. මම් වනාහි ජයද්දිස රජුගේ පුත්‍ර වෙමි. පියාගේ මිදීම හේතු කොටගෙන අද මා කව යි අලීනසත්තු කුමාරයා කීයේ ය.
2797. ජානාමි පුත්තොති ජයද්දිසස්ස තථාහි වො මුඛවණ්ණො උභින්නං, සුදුක්කරඤ්ඤෙව කතං තවෙදං යො මත්තුමිච්ඡෙ පිතුනො පමොක්ඛො.
2797. නුඹ වහන්සේ ජයද්දිස රජුගේ පුත්‍රයා යයි දනිමි. තමුන්නාන්සේලා දෙදෙනාගේ ම මුඛවර්ණය එකාකාර ය. යමෙක් පියාගේ මිදීම හේතු කොට ගෙන මරණයට කැමැති වේ නම්, මෙය නුඹ විසින් කරන ලද ඉතා දුෂ්කර දෙයකි.
2798. න දුක්කරං කිඤ්චිමහෙත්ථ මඤ්ඤෙ යො මත්තුමිච්ඡෙ පිතුනො පමොක්ඛා, මාතුච්ච හෙතු පරලොකගම්යා සුඛෙන සග්ගෙන ච සම්පයුත්තො.
2798. යමෙක් පියාගේ මිදීම් හේතු කොට ගෙන හෝ මවගේ මිදීම හේතු කොට ගෙන හෝ මරණයට කැමැති වන්නේ නම්, හෙතෙම පරලොව ගොස් ස්වර්ගයෙහි වූ සැපයෙන් යුක්ත වේ. එහෙයින් මෙහි ලා කිසි දුෂ්කරයක් ගැන නො හඟිමි යි කුමාර තෙමේ කීයේ ය.
2799. අහඤ්ච ඛො අත්තනො පාපකිරියං ආවී රහො චාපි සරෙ න ජාතු. සඞ්ඛාතජාතිමරණොහමස්මි යථෙව මෙ ඉධ තථා පරත්ථ.
2799. මම ද වනාහි ඉදිරියෙහි හෝ රහසිගත ව හෝ කිසිවිටෙකැ තමන්ගේ පාපක්‍රියාවක් සිහි නො කරමි. මම නුවණින් පිරිසිඳින ලද ජාති මරණ ඇත්තෙම් වෙමි. මට මේ ලෝකයෙහි යම්සේ ද පරලොව ද එසේම ය.
2800. ඛාදජ්ජ මංදානි මහානුභාව කරස්සු කිච්චානි ඉමං සරීරං, රුක්ඛස්ස වතෙ පපතාමි අග්ගා ඡාදයමානො මය්හං ත්වමදෙසි මංසං.
2800. මහත් අනුභාව ඇත්ත, අද මා අනුභව කරව. මේ ශරීරයෙන් කළයුතු වැඩ කරව. ගස් කෙළවරකින් හෝ තා පිණිස මම වැටෙමි. කැමති වන්නෙහි නුඹ මාගේ මස් අනුභව කරව යි කුමාර තෙම කීයේ ය.
2801. ඉදඤ්ච තෙ රුච්චති රාජපුත්ත චජාසි පාණං පිතුනො පමොක්ඛා, තස්මාතිහ ත්වං තරමානරූපො සම්භඤ්ජ කට්ඨානි ජලෙහි අග්ගිං.
2801. රාජපුත්‍රය, නුඹ පියාගේ මිදීම කැමැත්තෙහි ප්‍රාණය හරනෙහි. එහෙයින් නුඹ වහා හර ඇති දර ගෙනවුත් ගිනි දල්වව.
2802. තතො හවෙ ධිතිමා රාජපුත්තො දාරූ සමාහත්ව මහන්තමග්ගිං, ආදීපයිත්වා පටිවෙදයිත්ථ ආදීපිතොදානි මහායමග්ගි.
2802. ඉන්පසු නුවණැති රාජපුත්‍ර තෙමේ දර රැස්කොට මහත් වූ ගින්නක් දල්වා දැන් මේ මහගින්නක් මා විසින් දල්වන ලද්දේ යයි දැන්වී ය.
2803. ඛාදජ්ජ මං දානි පසය්හකාරි කිං මං මුහුං පෙක්ඛසි හටඨලොමො, තථා තථා තුය්හමහං කරොමි යථා යථා මං ඡාදයමානො අදෙසි.
2803. බලාක්කාරකම් කරන ස්වභාවය ඇති තැනැත්ත, අද දැන් මා අනුභව කරව. ලොමුදහගත්තේ කුමක් නිසා මා දෙස නැවත නැවත බලන්නෙහි ද? යම් යම් පරිද්දෙකින් කැමැති වන්නෙහි මා අනුභව කරන්නෙහි ද? ඒ ඒ පරිද්දෙන් නුඹගේ වචනය මම කරමි යි කුමාර තෙම කීයේ ය.
2804. කො තාදිසං අරහති ඛාදිතායෙ ධම්මෙ ඨිතං සච්චවාදිං වදඤ්ඤුං, මුද්ධාපි තස්ස විඑලෙය්ය සත්තධා යො තාදිසං සච්චවාදිං අදෙය්ය.
2804. ධර්මයෙහි පිහිටි සත්‍ය වචන ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ නුඹ වැන්නකු අනුභව කරන්නට කවරෙක් නම් සුදුසු වේ ද? යමෙක් නුඹ වැනි සත්‍ය වචන ඇත්තකු අනුභව කරන්නේ නම් ඔහුගේ මුදුන ද සත්කඩක් වැ පැළෙන්නේ යයි පෝරිසාදයා කීයේ ය.
2805. ඉදං හි සො බ්රාහ්මණං මඤ්ඤමානො සසො අවාසෙසි සකෙ සරීරෙ, තෙනෙව සො චන්දිමා දෙවපුත්තො සසත්ථුතො කාමදුහජ්ජ යක්ඛ.
2805. මේ වනාහි සස පණ්ඩිත තෙම බ්‍රාහ්මණයෙකැ යි හඟිමින් ස්වකීය ශරීරමාංශය දීම පිණිස බමුණා වාසය කරවී ද යක්ෂය, එහෙයින් ම ඒ චන්ද්රදිව්යපුත්ර තෙම සසලාඤ්ජන සහිත වූයේ ප්‍රසිද්ධ වැ ප්‍රේම වර්ධනය කරන්නේය යි කීයේ ය.
2806. චන්දො යථා රාහුමුඛා පමුත්තො විරොචතෙ පණ්ණරසෙව භානුමා, එවං තුවං පොරිසාදා පමුත්තො විරොච කම්පිල්ල මහානුභාව, ආමොදයං පිතරං මාතරඤ්ච සබ්බො ච තෙ නන්දතු ඤාතිපක්ඛො.
2806. යම්සේ රාහුමුඛයෙන් මිදුණු පසළොස්වක්හි චන්ද්‍ර තෙම බබළා ද, යම්සේ සූර්‍ය්‍යයා බබළා ද, එපරිද්දෙන් මහත් අනුභාව ඇති කුමාරය, පෝරිසාදයාගෙන් මිදුණා වූ නුඹ පියා ද මව ද සතුටු කරමින් කම්පිල්ල දේශය බබළව. නුඹගේ සියලු නෑ පිරිවර ද සතුටුවේවා, (යී පෝරිසාදයා පවසා මහසත්හු පිටත් කෙළේ ය.)
2807. තතො හවෙ ධිතිමා රාජපුත්තො කතඤ්ජලී පරියගා පොරිසාදං, , අනුඤ්ඤාතො සොත්ථි සුඛී අරොගො පච්චාගමා කම්පිල්ලමලීනසත්තො.
2807. ඉක්බිති ප්‍රාඥ වූ අලීනසත්ත රාජපුත්‍ර තෙම පෝරිසාදයාට කළ ඇඳිලි ඇත්තේ පෙරළා ගියේ ය. පෝරිසාදයා විසින් අනුදන්නා ලද කුමාර තෙම සුව ඇත්තේ නීරෝග වූයේ කම්පිල්ල දේශයට සුවසේ ගියේ ය.
2808. තං නෙගමා ජානපදා ච සබ්බෙ හත්ථාරොහා රථිකා පත්තිකා ව, නමස්සමානා පඤ්ජලිකා උපාගමුං නමත්ථු තෙ දුක්කරකාරකොසීති.
2808. නියම්ගම් වැස්සෝ ද දනව් වැස්සෝ ද ඇතරුවෝ ද රථ සෙනඟ ද පාබළ සෙනඟ ද යන සියල්ලෝ ම බැදැඳිලි ඇත්තාහු (නමස්කාර කරමින්) නුඹ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නෙක් වන්නහු ය. නුඹ වහන්සේට නමස්කාර වේවා යි කියමින් එළඹියාහ.
ජයද්දිසජාතකං.
ජයද්දිස ජාතක යි.