යෙදුමෙන් කියවන්න

2. කුම‍්භජාතකං

2. කුම‍්භජාතකං

2. කුම්භ ජාතකය

2745. කො පාතුරාසි තිදිවා නභම‍්භි ඔභාසයං සංවරිං චන්‍දිමාව, ගත‍්තෙහි තෙ රස‍්මියො නිච‍්ඡරන‍්ති සතෙරිතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ.

2745. බ්‍රාහ්මණය, නුඹ කොහි සිට පහළවූයෙහි ද? දෙව්ලොවින් අවුත් රාත්‍රිය බබුළුවන චන්‍ද්‍රයා මෙන් අහසෙහි සිටිනෙහි ය. (සිය ගණන් රැලි ඇති) සතෙරිත නම් වූ විදුලිය මෙන් නුඹගේ ශරීරයෙන් රශ්මීහු නික්මෙත්.

2746. සො ඡින‍්නවාතං කමසි අඝම‍්භි වෙහාසයං ගච‍්ඡසි තිට‍්ඨසී ච, ඉද‍්ධී නු තෙ වත්‍ථුකතා සුභාවිතා අනද‍්ධගුණමපි දෙවතානං.

2746. ඒ නුඹ වාතය රහිත අහස්හි සිටිනෙහි, පයින් මඟ නොයන්නා වූ දේවතාවන්ගේ යම් ඍද්ධියක් වේ ද, ඒ ඍද්ධි තොමෝ නුඹ විසින් මනාව මඩනා ලද්දී ප්‍රතිෂ්ඨාවක් මෙන් කරන ලද්දී වෙයි.

2747. වෙහාසයං කමමාගම‍්ම තිට‍්ඨසි කුම‍්භං කිණාථාති යමෙතමත්‍ථං, කො වා තුවං කිස‍්ස වතාය කුම‍්භො අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං.

2747. අහසෙහි ගමන් කරමින් මෙහි අවුත් සිටිනෙහි. කළය මිල දී ගනිවු යි යම් කරුණක් කියහි ද, ඒ නුඹ කවරෙක් ද? මේ කළය කුමකින් යුක්ත ද? බ්‍රාහ්මණය, මේ කරුණ මට කියව යි සබ්බමිත්ත නම් රජ කීයේ ය.

2748. න සප‍්පිකුම‍්භො නපි තෙලකුම‍්භො න ඵාණිතස‍්ස න මධුස‍්ස කුම‍්භො, කුම‍්භස‍්ස වජ‍්ජානි අනප‍්පකානි දොසෙ බහූ කුම‍්භගතෙ සුණාථ.

2748. මහරජ, මේ කළය ගිතෙල් කළයක් නො වෙයි. තලතෙල් කළයක් ද නො වෙයි. උක්සකුරු කළයක් ද නො වෙයි. මීපැණි කළයක් ද නො වෙයි. මේ කළය පිළිබඳ නොයෙක් ආදීනවයෝ ඇත්තාහ. කළයෙහි වූ බොහෝ දෝසයන් අසවු.

2749. ගලෙය්‍ය යං පීත්‍වා පතෙ පපාතං සොබ‍්භං ගුහං චන්‍දනියොළිගල‍්ලං, බහුම‍්පි භුඤ‍්ජෙය්‍ය අභොජනෙය්‍යං තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2749. යම් සුරාවක් පානය කොට ගමන් කරන්නේ පියවරක් පාසා පෙරැළෙන්නේ ද, ප්‍රපාතයට ද, වළට ද ගුහාවට ද අපිරිසිදු මඩවළට ද ගවරවළට ද වැටෙන්නේ ද, අනුභව නො කටයුතු බොහෝ දෙයත් අනුභව කරන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2750. යං වෙ පීත්‍වා චිත‍්තස‍්මිං අනෙසමානො ආභිණ‍්ඩතී ගොරිව භක‍්ඛසාදී, අනාථමානො උපගායති නච‍්චතී ච තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2750. යම් සුරාවක් පානය කොට තම සිතෙහි අධිපති බව නැත්තේ සුරා කසට අනුභව කරන්නා වූ ගවයකු මෙන් ඇවිදී ද, අනාථයකු මෙන් ගයන්නා වූ අනෙකකු දැක ගායනය කෙරේ ද නැටීමත් කෙරේ ද ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2751. යං වෙ පීත්‍වා අචෙලකොව නග‍්ගො චරෙය්‍ය ගාමෙ විසිඛන‍්තරානි සම‍්මූළ‍්හචිත‍්තො අතිවෙලසායී තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2751. යම්බඳු සුරාවක් පානය කොට නිර්වස්ත්‍ර තවුසකු මෙන් ගමෙහි හා වීථි අතරෙහි හැසිරේ ද, ඉතා මුළා වූ සිතැතිව බොහෝ වේලා සයනය කෙරෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2752. යං වෙ පීත්‍වා වුට‍්ඨාය පවෙධමානො සීසඤ‍්ච බාහුඤ‍්ච පසාරයන‍්තො, සො නච‍්චති දාරුකටල‍්ලකොව තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2752. යම්බඳු සුරාවක් පානය කොට නැගිට හෙතෙම වෙවුලමින් හිස ද අත ද දිගු කරමින් දැවමුවා යන්ත්‍රරූපයක් මෙන් නටයි ද, එයින් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2753. යං වෙ පීත්‍වා අග‍්ගිදඩ‍්ඪා සයන‍්ති අථො සිගාලෙහිපි ඛාදිතාසෙ, බන්‍ධං වධං භොගජානිඤ‍්චුපෙන‍්ති තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2753. යම් සුරාවක් පානය කොට ගින්නෙන් දැවුණක්හු (මෙන්) ශයනය කෙරෙද්ද. වැලිදු සිඟාලයන් විසිනුත් කනුලබත් ද බන්ඩනයට ද වධයට ද සම්පත් පිරිහීමට ද පත්වෙත් ද ඒ සුරායෙන් පිරුණු කළය මිල දී ගනිවු.

2754. යං වෙ පීත්‍වා භාසෙය්‍ය අභාසනෙය්‍යං සහායමාසීනො අපෙතවත්‍ථො, සම‍්මක‍්ඛිතො වන‍්තගතො ව්‍යසන‍්නො තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2754. යම්බඳු සුරාවක් පානය කොට නො කියයුත්ත කියන්නේ ද, සභායෙහි හුන්නේ පහවූ වස්ත්‍ර ඇත්තේ ද කුණු තැවරීම් සහිතව සිය වමනයෙහි ගැලුණේ ව්‍යසනයට පැමිණියේ වේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2755. යං වෙ පීත්‍වා උක‍්කට‍්ඨො ආවිලක‍්ඛො මමෙව සබ‍්බපඨවීති මඤ‍්ඤති, න මෙ සමො සමො චාතුරන‍්තොපි රාජා තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2755. යම්බඳු සුරාවක් පානය කොට මම හැමට ම වඩා උත්කෘෂ්ට වෙමි යි සිතා ද, කැළැඹුණු ඇස් ඇත්තේ ද, සියලු පෘථිවිය මාගේ යයි හඟී ද, සතර දිශාවට අධිපති රජෙක් ද මා හා සම නො වේයයි සිතා ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2756. මානාතිමානා කලහාති පෙසුනී දුබ‍්බණ‍්ණිනී නග‍්ගියිනී පලායිනී, චොරාන ධුත‍්තාන ගතී නිකෙතො තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2756. යම් සුරාවක් පානය කොට මානය ඇත්තාහු අධික මානය ඇත්තාහු වෙද්ද, කලහ ඇත්තාහු කේලාම් කියන්නාහු වෙද්ද, අයහපත් වර්‍ණ ඇත්තාහු නග්න භාවය ඇත්තාහු පලායන්නෝ ද, සොරුන්ගේත් ධූර්‍තයන්ගේත් නිෂ්පත්තියට නිවාසස්ථාන වේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2757. ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං ඛෙත‍්තං ගවං යත්‍ථ විනාසයන‍්ති, උච‍්ඡෙදනී විත‍්තවතං කුලානං තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2757. සුරාපානය කළා වූ යම් කුලයෙක්හි ධාන්‍ය ද ධනය ද රන්රිදී ද කෙත් ද ගවයෝ ද යන මේ වස්තූහු විනාශයට යෙන් ද, යමක් පොහොසත් කුලයන්ගේ විනාශය ඇති කෙරේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.

2758. ඉද‍්ධානි ඵීතානි කුලානි අස‍්සු අනෙකසාහස‍්සධනානි ලොකෙ, උච‍්ඡින‍්නදායජ‍්ජකතානිමාය තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2758. ලෙව්හි නොයෙක් දහස් ගණන් ධනය ඇති සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරීගියා වූ යම් කුලයෝ වූහු ද, ඒ සියල්ල මේ සුරායෙන් සිඳුණු ධනය ඇති කුල බවට පමුණුවන ලද්දේය. ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2759. යං පීත්‍වා දුට‍්ඨරූපොව පොසො අක‍්කොසති පිතරං මාතරඤ‍්ච, සස‍්සුම‍්පි ගණ‍්හෙය්‍ය අථොපි සුණ‍්හං තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2759. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති පුරුෂ තෙම පියාට ද මවට ද ආක්‍රෝශ කෙරේ ද, නැන්දණිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද, ලේළිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2760. යං වෙ පීත්‍වා දුට‍්ඨරූපාව නාරී අක‍්කොසති සසුරං සාමිකඤ‍්ච, දාසම‍්පි ගණ‍්හෙ පරිචාරකම‍්පි තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2760. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති ස්ත්‍රී තොමෝ මාමාට ද ස්වාමිපුරුෂයාහට ද ආක්‍රෝශ කරන්නී ද, දාසයා ද සමීපයෙහි හැසිරෙන තැනැත්තා ද ස්වාමි පුරුෂයා යයි (කෙලෙස් වශයෙන්) ගන්නී ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2761. යං වෙ පිවිත්‍වාන හනෙය්‍ය පොසො ධම‍්මෙ ඨිතං සමණං බ්‍රාහ‍්මණං වා, ගච‍්ඡෙ අපායම‍්පි තතො නිදානං තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2761. යම් සුරාවක් පානය කළ පුරුෂ තෙම දහම්හි හැසිරෙන ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ හිංසා කෙරේ ද, ඒ හේතුවෙන් අපායට යන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2762. යං වෙ පීත්‍වා දුච‍්චරිතං චරන‍්ති කායෙන වාචාය ච චෙතසා වා, නිරයං වජන‍්ති දුච‍්චරිතං චරිත්‍වා තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2762. යම් සුරාවක් පානය කොට කයින් හෝ සිතින් හෝ දුසිරිත්හි හැසිරෙද්ද, දුසිරිත්හි හැසිර නිරයට යෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2763. යං යාචමානා න ලභන‍්ති පුබ‍්බෙ බහුං හිරඤ‍්ඤම‍්පි පරිච‍්චජන‍්තා, සො තං පිවිත්‍වා අලිකං භණාති තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2763. පෙර බොහෝ වූ රන් පරිත්‍යාග කරමින් යදින්නාහු නමුත් යමකු ලවා බොරු කියැවීම නො ලබත් ද, හෙතෙම ඒ සුරාව පානය කොට බොරු කියා ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2764. යං වෙ පීත්‍වා පෙසනෙ පෙසයන‍්තො අච‍්චායිකෙ කරණීයම‍්භි ජාතෙ, අත්‍ථම‍්පි සො නප‍්පජානාති වුත‍්තො තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2764. යම් සුරාවක් පානය කොට, ඉක්මන් කටයුත්තක් ඇති කල්හි පණිවිඩ යැවිය යුතු කරුණෙක්හි ලා පණිවිඩය සඳහා යවනු ලබන්නේ (කුමක් පිණිස ආයෙහි දැ යි) විචාරන ලද්දේ කියන ලද කරුණ නොදනී ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2765. හිරීමනාපි අහිරීකභාවං පාතුං කරොන‍්ති මදනාය මත‍්තා, ධීරාපි සන‍්තා බහුකං භණන‍්ති තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2765. ලජ්ජා සහගත සිත් ඇත්තාහු ද, සුරාමදයෙන් මත්වූවාහු නිර්ලජ්ජාගතිය පහළ කෙරෙද්ද, ධීරවුවත් බොහෝ කොට බෙණෙද්ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2766. යං වෙ පීත්‍වා එකථූපා සයන‍්ති අනාසකා ථණඩිලදුක‍්ඛසෙය්‍යං, දුබ‍්බණ‍්ණියං ආයසක්‍යඤ‍්චුපෙන‍්ති තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2766. යම් සුරාවක් පානය කොට ඌරු පැටවුන් මෙන් පහත් කුල ඇත්තවුන් සමඟත් එක්රැස් වූවාහු නිරාහාරව බිම දුකසේ සයනය කෙරෙද්ද, දුර්වර්‍ණ භාවයට හා නින්‍දාවටත් පැමිණෙත් ද, එබඳු සුරායෙන් පිරුණා වූ මේ කළය මිල දී ගනිවු.

2767. යං වෙ පීත්‍වා පත‍්තක‍්ඛන්‍ධා සයන‍්ති ගාවො කූටහතාරිව නහි වාරුණියා වෙගො නරෙන සුස‍්සහොරිව.

2767. ඉදින් යම් සුරාවක් පානය කොට, පාශයෙන් පෙළුණු ගවයන් මෙන් කර බාගෙන හොවිත් ද, ඒ සුරාපාන වේගය මිනිසා විසින් නො ඉසිලිය හැක්කේ ය.

2768. යං මනුස‍්සා විවජ‍්ජෙන‍්ති සප‍්පං ඝොරවිසම‍්මිව, තං ලොකෙ විසසමානං කො නරො පාතාමරහති.

2768. මනුෂ්‍යයෝ යම් සුරාවක් විෂ ඝෝර සර්‍පයකු මෙන් දුරු කෙරෙද්ද. ලෝකයෙහි විෂ හා සම එය කවර මිනිසෙක් පානය කරන්නට සුදුසු වේ ද?

2769. යං වෙ පීත්‍වා අන්‍ධකවෙණ‍්හුපුත‍්තා සමුද‍්දතීරෙ පිරිචාරයන‍්තා, උපක‍්කමුං මුසලෙහඤ‍්ඤමඤ‍්ඤං තස‍්සා පුණ‍්ණං කුම‍්භමිමං කිණාථ.

2769. යම් සුරාවක් පානය කොට අන්‍ධක වෙණ්හුපුත්ත නම් දසබෑ රජ දරුවෝ මුහුදු තෙර හැසිරෙන්නාහු මොහොලින් ඔවුනොවුන්ට පහර දුන්නාහු ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.

2770. යං වෙ පීත්‍වා පුබ‍්බදෙවා පමත‍්තා තිදිවා චුතා සස‍්සතියා සමායා, තං තාදිසං මජ‍්ජමිමං නිරත්‍ථකං ජානං මහාරාජ කථං පිබෙය්‍ය.

2770. ඉදින් යම් සුරාවක් පානය කොට ප්‍රමාදාපන්න වූ මායා සහිත අසුරයෝ ශාස්වත යයි සම්මත වූ (තව්තිසා) දෙව් ලොවින් චුත වූවාහු ද, මහරජ, ඒ මේ සුරාව එබඳු නිරර්‍ත්‍ථක එකෙකැයි දන්නේ (නුඹ වැන්නෙක්) කෙසේ නම් පානය කෙරේ ද?

2771. නයිමස‍්මිං කුම‍්භස‍්මිං දධි වා මධුං වා එවං අභිඤ‍්ඤාය කිණාහි රාජ, එවං හි මං කුම‍්භගතා මයා තෙ අක‍්ඛාතරූපං තව සබ‍්බමිත‍්ත.

2771. මහරජ, මේ කළයෙහි දී හෝ මී හෝ නො වේ යයි මෙසේ දැනගෙන මිල දී ගනුව. සබ්බමිත්ත නම් රජතුමනි, මෙසේ වනාහි මේ කළයෙහි වූ දේ ස්වභාව වශයෙන් මා විසින් නුඹට කියන ලද්දේ යැයි (බමුණු වෙසින් ආ ශක්‍රයා කීයේ ය.)

2772. න මෙ පිතා වා අථවාපි මාතා එතාදිසො යාදිසකො තුවංසි, හිතානුකම‍්පී පරමත්‍ථකාමො සොහං කරිස‍්සං වචනං තවජ‍්ජ.

2772. (බ්‍රාහ්මණය,) නුඹ යම්බඳු හිතානුකම්පා ඇත්තෙක් උතුම් වැඩ කැමැත්තෙක් වෙහි ද, මාගේ පියා හෝ මව හෝ මෙබඳු නො වෙයි. අද ඒ මම නුඹගේ වචනය පිළිපදිනෙමි.

2773. දදාමි තෙ ගාමවරානි පඤ‍්ච දාසීසතං සත‍්ත ගවං සතානි, ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දසා ඉමෙ ආචරියො හොසි මමත්‍ථකාමො.

2773. මම නුඹට ගම්වර පසක් ද දාසීන් සියයක් ද ගවයන් සත් සියයක් ද මේ ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය දසය ද දෙමි. මට වැඩ කැමති නුඹ ඇදුරු වෙහි.

2774. තවෙව දාසී සතමත්‍ථු රාජ ගාමා ච ගාවො ච තවෙව හොන‍්තු. ආජඤ‍්ඤයුත‍්තා ච රථා තවෙව සක‍්කො හමස‍්මි තිදසානමින්‍දො.

2774. මහරජ, දාසීන් සියය නුඹට ම වේවා. ගම්වර ද ගවයෝ ද නුඹට ම වෙත්වා. ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය ද නුඹට ම වේවා. මම වනාහි දෙවියන්ට අධිපති වූ ශක්‍ර වෙමි.

2775. මංසොදනං සප‍්පිපායඤ‍්ච භුඤ‍්ජ ඛාදස‍්සු ච ත්‍වං මධුමාසපූවෙ, එවං තුවං ධම‍්මරතො ජනින්‍ද අනින්‍දිතො සග‍්ගමුපෙහි ඨානන‍්ති.

2775. මහරජ, නුඹ මාංශයෙන් යුත් බත ද ගිතෙල් හා කිරි ද වළඳව. මීයෙන් යුක්ත වූ මෑවලින් කළ කැවුම් ද අනුභව කරව. මෙසේ නුඹ ධර්‍මයෙහි ඇලුණේ නින්‍දා නො ලබන්නෙක් ව ස්වර්‍ග ලෝකයට (උප්පත්ති වශයෙන්) යව.

කුම‍්භජාතකං.

කුම්භ ජාතක යි.