1. කිංඡන්දජාතකං
1. කිංඡන්දජාතකං
1. කිංඡන්ද ජාතකය
2713. කිං ඡන්දො කිමධිප්පායො එකො සම්මසි ඝම්මනි, කිං පත්ථයානො කිං එසං කෙන අත්ථෙන බ්‍රාහ්මණ.
2713. බ්‍රාහ්මණය, කවර අදහස් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් සොයමින් කවර කරුණක් නිසා ග්‍රීෂ්ම ඇත්තා වූ මේ ගං ඉවුරෙහි එකලාව හිඳිනෙහි දැ? යි දෙව්දුව ඇසු ය.
2714. යථා මහාවාරිධරො කුම්භො සුපරිනාභවා, තථූපමං අම්බපක්කං වණ්ණගන්ධරසුත්තමං.
2714. විශාල වූ මහත් වූ දියකළයක් යම්සේ ද එබඳු වූ වර්ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද උතුම් වූ අඹගෙඩියක් විය.
2715. තං වුය්හමානං සොතෙන දිස්වානාමලමජ්ඣිමෙ, පාණීහි නං ගහෙත්වාන අග්යායතනමාහරිං.
2715. නිර්මල වූ මධ්‍ය ප්‍රදේශ ඇති දෙව්දූනි, ගඟ දියෙන් ගසාගෙන යන්නා වූ එය දැක අතින් රැගෙන ගිනිහල්ගෙට ගෙන ගියෙමි.
2716. තතො කදලිපත්තෙසු නික්ඛිපිත්වා සයං අභං, සත්ථෙන නං විකප්පෙත්වා ඛුප්පිපාසං අහාසි මෙ.
2716. ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම තෙමේ ම පිහියෙන් එය කපා මගේ සාපිපාසා දුරුකර ගත්තෙමි.
2717. සොහං අපෙතදරථො ව්යන්තීභූතො දුඛක්ඛමො, අස්සාදං නාධිගච්ඡාමි ඵලෙසවඤ්ඤෙසු කෙසුපි.
2717. ඒ මම පහව ගියා වූ කාය චිත්ත පීඩා ඇත්තෙමි. ඒ අඹඵලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන්කිසිම ඵලයෙක්හි ආස්වාදයක් නො ලබමි.
2718. සොසෙත්වා නූන මරණං තං මමං ආවහිසස්ති, අම්බං යස්ස ඵලං සාදුං මධුරග්ගං මනොරමං යමුද්ධරිං වුය්හමානං උදධිස්මා මහණ්ණවෙ.
2718. යම් අඹ ඵලයක් මිහිරි වූ රසයෙන් අග්‍ර වූ සිත්කලු වූවක් වී ද. මහාජලයෙහි පාවෙන්නා වූ යම්බඳු අඹයක් මම දියෙන් ගොඩ ගනිම් ද එය මා වියළවා මට ඒකාන්තයෙන් මරණය එළවන්නේ ය.
2719. අක්ඛාතං තෙ මයා සබ්බං යස්මා උපවසාමහං, රම්මං පතිනිසින්නොස්මි පුථුලොමායුතා පුථු.
2719. යම් හෙයෙකින් මම උපවාසය කෙරෙම් ද, මසුන්ගෙන් යුක්ත වූ දිගු පුළුලැති සිත්කලු වූ ගඟ බලා හුන්නෙම් ද? මා විසින් ඒ සියල්ල නුඹට කියන ලදී.
2720. ත්වං ච ඛො මෙ අක්ඛාසි අත්තානමපලායිනී, කා වා ත්වමසි කල්‍යාණි කිස්ස වා ත්වං සුමජ්ඣිමෙ.
2720. අපලායිනිය හෙවත් පැන නොයන්නිය, තෙපි ද තමා ගැන මට කියව. කල්‍යාණිය තෙපි කවරක් හෝ වවු ද, යහපත් වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, කුමකට හෝ තෙපි මෙහි අවු ද?
2721. රුප්පපට්ටපළිමට්ඨීව ව්යග්ඝිව ගිරිසානුජා, යා සන්නි නාරියො දෙවෙසු දෙවානං පරිචාරිකා,
2721. තෙපි මනාව මට කරන ලද රන් පටක් බඳු වූවහු. පර්වතයෙක්හි උපන් තරුණ ව්යාඝ්ර ධේනුවක මෙන් වූවහුය. දෙවියන් අතුරෙහි දෙවියන්ගේ පරිචාරිකා ස්ත්‍රීහු වෙද්ද?
2722. යාව මනුස්සලොකස්මිං රූපෙනත්වාගතිත්ථීයො, රූපෙ තෙ සාදිසී නත්ථි දෙවෙසු ගන්ධබ්බමනුස්සලොකෙ, ඵුටඨාසි මෙ චාරුපුබ්බඞ්ගි බ්රූහි අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච.
2722. මිනිස්ලෙව්හි ද රුවින් අගතැන්පත් යම් ස්ත්‍රීහු වෙද්ද, දෙව් - ගඳෙව් - මිනිස් යන ලෙව්හි රූපයෙන් තොප හා සම කළ හැකි තැනැත්තියක් නැත. මනෝඥ වූ උතුම් ලක්ෂණයෙන් යුත් තැනැත්තිය, මා විසින් විචාරණ ලද්දී එය කියව. මට තොපගේ නම ද නෑයන් ද කියව.
2723. යං ත්වං පතිනිසින්නොසි රම්මං බ්‍රාහ්මණ කොසිකිං, සාහං භුසාලයාවුත්ථා වරවාරිවහොඝසා.
2723. බ්‍රාහ්මණය, තෙපි සිත්කලු වූ යම් කෝසිකී නම් ගංගාවක් බලා හුන්නහු ද? උතුම් ජලය බැසයන සැඬපහරින් යුත් ගඟෙහි පිහිටි විමානයෙහි අධිගෘහිත වූ දේවතා දූ නම් මමය.
2724. නානාදුමගණාකිණ්ණා බහුතා ගිරිකන්දරා, මමෙව පමුඛා හොන්ති අභිසන්දන්ති පාවුසෙ.
2724. නොයෙක් වෘක්ෂසමූහයෙන් ගැවැසීගත් බොහෝ වූ කඳු රැලි මා මැ ප්රමුඛ කොට ඇත්තාහු වෙත්. බොහෝ වූ වර්ෂා ජලය මේ ගඟට ම පිවිසෙයි.
2725. අථො බහූ වනා තොදා නීලවාරිවහන්ධරා, බහුකා නාගචිත්තොදා අභිසන්දන්ති වාරිනා.
2725. තවද බොහෝ වූ ඒ ඒ වනයෙන් වෑහෙන්නා වූ ජලයෝ ද ප්‍රවිෂ්ට වෙත්. නීලවර්ණ ජලයෙන් යුත් දියකඳ දරන්නා වූ බොහෝ නාගයන් තුටු කරන ජලයෙන් යුත් නොයෙක් ගංගාවෝ මේ ගඟට ගලා බසිත්.
2726. තා අම්බජම්බුලබුජා නීපා තාලා චුදුම්බරා, බහූනි ඵලජාතානි ආවහන්ති අභිණ්හසො.
2726. ඒ නදීහු අඹ දඹ හා දෙල් ද බක්මී තල් ද දිඹුල් ද යන බොහෝ ඵලජාතීන් නිතර ඇදැ ගනිත්.
2727. යං කිඤ්චි උභතො තීරෙ ඵලං පතති අම්බුනි, අසංසයං තං සොතස්ස ඵලං හොති වසානුගං.
2727. ඒ ගඟ උභයතීරයෙහි යම් කිසි ඵලයක් දියෙහි වැටේ ද ඒ ඵලය නිසැක වැ මාගේ ස්‍රොතස අනුව යන්නේ වේ.
2728. එතදඤ්ඤාය මෙධාවී පුථුපඤ්ඤ සුණොහි මෙ, මා රොචයමභිසඞ්ගං පටිසෙධ ජනාධිප.
2728. මහත් වූ ප්‍රඥා ඇත්තාණෙනි, මෙය දැන මාගේ වචනය අසව. මහරජ, තෘෂ්ණා වශයෙන් ඇලීම නො කොට එය දුරු කරව.
2729. න චාහං වද්ධවං මඤ්ඤෙ යං ත්වං රට්ඨාභිවද්ධන, ආචෙය්යමානො රාජිසි මරණං අභිකඞ්ඛසි.
2729. රට වර්ධනය කරන්නා වූ මහරජ, රාජර්ෂිය, මස් ලෙහෙයින් වැඩෙමින් තරුණ ව සිටි නුඹ වහන්සේ යම් හෙයෙකින් නිරාහාර ව වැස මරණයට කැමැත්තහු ද එහෙයින් මම මෙය නුඹගේ නුවණින් වැඩිහිටි බවකැ යි නො හඟිමි.
2730. තස්ස ජානන්ති පිතරො ගන්ධබ්බා ච සදෙවකා, යෙ චාපි ඉසයො ලොකෙ සඤ්ඤතත්තා යසස්සිනො අසංසයන්තෙ ජානන්ති වද්ධභූතා යසස්සිනො.
2730. ඔහුගේ තෘෂ්ණා වසඟවීම බ්‍රහ්මයෝ ද දෙවියන් සහිත වූ ගන්ධර්වයෝ ද යශසින් යුත් සංයත වූ ආත්ම ඇති යම් බඳු ඍෂීහු හෝ ලොව්හි වෙද්ද, නුවණින් වැඩුණු යශස් ඇති ඔවුහු නිසැක වැ දැනගනිත් යයි දෙව්දුව කීය.
2731. එවං විදිත්වා විදූ සබ්බධම්මං විද්ධංසනං චවනං ජීවිතස්ස, නාචීයති තස්ස නරස්ස පාපං සචෙ න චෙතෙති වධාය තස්ස.
2731. නුවණැත්තේ සියලු සුචරිත ධර්ම මෙසේ දැන ජීවිතයාගේ නැසීම ද චුතවීම ද දැන සිටී ද, හෙතෙමේ අන්‍යයාගේ වධය පිණිස නො සිතා ද, ඒ මිනිසාට පව් රැස් නො වේ.
2732. ඉසිපූගසමඤ්ඤාතෙ එවං ලොක්යා විදිතා සති, අනරිය පරිසම්භාසෙ පාපකම්මං ජිගිංසසි.
2732. මෙසේ ලෝකයාහට හිත ඇත්තේ යයි ඍෂි සමූහයා විසින් දක්නා ලද කල්හි මා කෙරෙහි නින්දා කිරීම රිසි තැනැත්තිය, තී පාපකර්මයන් රැස් කැරැ ගැනුමට කැමැත්තෙහි ය.
2733. සචෙ අහං මරිස්සාමි තීරෙ තෙ පුථු සුස්සොණි, අසංසයං අසිලොකො මයි පෙතෙ ආගමිස්සති.
2733. පුළුල් වූ යහපත් කටිප්‍රදේශ ඇත්තිය, ඉදින් මම තීගේ ගං ඉවුරෙහි මැරෙම් ද මා පරලොව ගිය කල්හි සැක නැති ව තිට අපකීර්තියක් පැමිණෙන්නේ ය.
2734. තස්මා හි පාපකං කම්මං රක්ඛස්සෙව සුමජ්ඣිමෙ, මා තං සබ්බො ජනො පච්ඡා පකත්ථාසි මයි මතෙ.
2734. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, එහෙයින් පාපකර්මයෙන් ආරක්ෂා වෙව. මා මළකල්හි තිට ජන තෙමේ නින්දා නො කෙරේවා.
2735. අඤ්ඤාතමෙතං අවිසය්හසාහි අත්තානං අම්බං ච දදාමි තෙ තං, යො දුච්චජෙ කාමගුණෙ පහාය සන්තිඤ්ච ධම්මඤ්ච අධිට්ඨිතොසි.
2735. නො ඉවසිය හැකි දෑ ඉවසනසුලු මහරජ, මේ කරුණ මා විසින් දන්නා ලදි. යමෙක් තෙම හැර දැමීමට දුෂ්කර කාමගුණයන් හැර දමා සංයම සීලයෙහි ද සුචරිත ධර්මයෙහි ද පිහිටියේ නම්, ඒ නුඹට තමා ද ඒ අඹ ද දෙමි.
2736. යො හිත්වා පුබ්බසංයොගං පච්ඡා සංයොජනෙ ඨිතො, අධම්මඤ්චව චරති පාපඤ්චස්ස පවඩ්ඪති.
2736. යමෙක් තෙම පෙරබන්ධනය හැරදමා පසුව තෘෂ්ණා බන්ධනයෙහි පිහිටියේ වේ ද, හෙතෙම අධර්මයෙහි ද හැසිරෙයි. ඔහුට පාපය ද වැඩේ.
2737. එහි තං පාපයිස්සාමි කාමං අප්පොස්සුක්කො භව, උපානයාමි සීතස්මිං විහරාහි අනුස්සුකො.
2737. එව, ඒ අඹ උයනට පමුණුවන්නෙමි. ඒකාන්තයෙන් අඹ ඵල කෙරෙහි මන්දෝත්සාහ වව. සිහිල් වූ අඹ උයනෙහි නො කලකිරී වසව.
2738. තං පුප්ඵරසමත්තෙහි වක්කඞ්ගෙහි අරින්දම, කොඤ්චා මයූරා දිවියා කොයට්ඨිමධුසාලියා.
2738. මහරජ, මල් රසයෙන් මත් වූ වක් වූ ග්‍රීවා ඇති පක්ෂීන් විසින් නාද කරන ලද ඒ අඹ උයන බලව. ඒ අඹ උයන්හි දිව්‍ය වූ කොස්ලිහිණියෝ ද මොනරු ද ස්වර්ණශාරිකා පක්ෂීහු ද මධුශාරිකා පක්ෂීහු ද වාසය කරත්.
2739. කූජිතා හංසපූගෙහි කොකිලෙත්ථ පබොධරෙ, අම්බෙත්ථ විප්පසූනග්ගා පලාලඛලසන්නිභා කොසුම්හසලලා නීපා පක්කතාලවිලම්බීනො.
2739. හංස සමූහයා විසින් නාද කරන ලද මේ අඹ උයනෙහි කොවුලෝ නාද කරන්නාහු තමන් ප්‍රබෝධ කෙරෙත්. පලබරින් නැමුණු ශාඛා ඇති අඹ වෘක්ෂයෝ මල් හටගැනුමෙන් හැල් පිදුරු ඇති කලවිටි සමාන ය. වනුක් ද හොරගස් ද බක්මී ද පැසුණු පල බරින් යුත් තල්ගස් ද ඇත්තේ යයි කීවා ය.
2740. මාලී තිරීටී කායූරී අඞ්ගදී චන්දනස්සදො, රත්තිං ත්වං පරිචාරෙසි දිවා වෙදෙසි වෙදනං.
2740. දිවමල් දරන දිව්‍යමය හිස් වෙළුම් වෙළන, දිව්‍යාභරණයෙන් සැරසුණු අංගදාභාරණයෙන් යුක්ත වූ රත්හඳුන් ගැල් වූ තෙපි රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරන්නහු ය. දහවල් දුක් වේදනා විඳින්නහු ය.
2741. සොළසිත්ථිසහස්සානි යා තෙමා පරිචාරිකා, එවං මහානුභාවොසි අබ්භුතො ලොමහංසනො.
2741. යම් මේ සොළොස් දහසක් පිරිවර දිව්‍යස්ත්‍රීහු වෙද්ද ඒ සියලු දිව්‍යස්ත්‍රීහු නුඹට පරිචරණය කරන්නාහ. මෙසේ අද්භූත වූ දුටුවන් ලොමුදහගන්වන්නා වූ මහත්අනුභාව ඇත්තේ වෙහි ය.
2742. කිං කම්මමකරී පුබ්බෙ පාපං අත්තදුඛාවහං, යං කරිත්වා මනුස්සෙසු පිට්ඨිමංසානි ඛාදසි.
2742. මිනිස් ලොව්හි යම් බඳු කර්මයක් කොට පිටමස් කඩා කන්නෙහි ද? පෙර තමහට ම දුක් එළවන්නා වු කවර නම් පාප කර්මයක් කෙළෙහි ද?
2743. අජ්ඣෙනානි පටිග්ගය්හ කාමෙසු ගථිතො අහං, අචරිං දීඝමද්ධානං පරෙසං අහිතායහං.
2743. පෙර ජාතීන්හි මම් වේද හදාරා කාමයන්හි ඇලුණෙම් වීමි. බොහෝ කලක් අනුන්ට අහිත පිණිස හැසිරුණෙමි.
2744. යො පිට්ඨිමංසිකො හොති එවං උක්කච්ච ඛාදති, යථාහමජ්ජ ඛාදාමි පිට්ඨිමංසානි අත්තනොති.
2744. යමෙක් තෙම අනුන්ගේ පිටමස් කන්නා වූ කේලාම් කියන්නෙක් වේ ද, යම්සේ මම අද තමන්ගේ පිටමස් කන්නෙම් ද මෙසේ හෙ තෙම තමාගේ පිටමස් කඩ කඩා කන්නේ යයි විමාන ප්‍රේතයා කීයේ යයි වදාළසේක.
කිංඡන්ද ජාතකං.
කිංඡන්ද ජාතක යි.