යෙදුමෙන් කියවන්න

14. අයොඝරජාතකං

14. අයොඝරජාතකං.

14. අයොඝර ජාතකය

2689. යමෙකරත‍්තිං පඨමං ගබ‍්භෙ වසති මාණවො, අබ‍්භුට‍්ඨිතොව සයති සගච‍්ඡං න නිවත‍්තති.

2689. සත්‍වතෙම යම් එක රැයක ප්‍රථමයෙන් මවුකුසැ වාසය කෙරේ ද? හෙතෙම වලාකුළක් මෙන් ඉදිරියට යයි. යමින් හේ ආපස්සට ගමන් නො කෙරෙයි.

2690. න යුජ‍්ඣමානා න බලෙන වස‍්සිතා නරා න ජීරන‍්ති නවාපි මීයරෙ, සබ‍්බං හි තං ජාතිජරායුපද‍්දුතං තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2690. යුද්ධකරන්නා වූ ද, බලයෙන් යුක්ත වූ ද මනුෂ්‍යයෝ නොදිරන්නෝ නො වෙත්. නොමියන්නෝ නො වෙත්. ඒ සියල්ලෝ ම ජාති ජරාවන්ගෙන් උපද්‍රැතයහ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.

2691. චතුරඞ‍්ගිනිං සෙනං සුභිංසරූපං ජයන‍්ති රට‍්ඨාධිපතී පසය‍්හ, න මච‍්චුනො ජයිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2691. ඉතා බිහිසුණු ස්වභාව ඇති සිවුරඟ සෙනග ගෙන රාෂ්ට්‍රාධිපති රජවරු බලාත්කාරයෙන් ජය ගනිති. මරහුගේ සෙනග ජය ගන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.

2692. හත්‍ථීහි අස‍්සෙහි රථෙහි පත‍්තිහි පරිවාරිතා මුච‍්චරෙ එකවෙය්‍යා, න මච‍්චුනො මුච‍්චිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2692. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ඇතැමෙක් සතුරන්ගෙන් මිදෙති. ඔවුහු මරසෙනගින් මිදෙන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.

2693. හත්‍ථීහි අස‍්සෙහි රථෙහි පත‍්තිහි සූරා පහඤ‍්ජන‍්ති පධංසයන‍්ති, න මච‍්චුනො භඤ‍්ජිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2693. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ශූර රජවරු පසමිතුරන්ගේ නුවරවල් බිඳිති. පසමිතුරන් නසති. ඔවුහු මරහුගේ බල බිඳින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.

2694. මත‍්තා ගජා භින‍්නගළා පභින‍්නා නගරානි මද‍්දන‍්ති ජනං හනන‍්ති, න මච‍්චුනො මද‍්දිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2694. ත්‍රිමද ගලිත හස්තීහු නුවරවල් මඩිති. ජනයා නසති. ඔවුහු මරහු මඩින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.

2695. ඉස‍්සාසිනො කතහත්‍ථාපි ධීරා දූරෙපාතී අක‍්ඛණවෙධිනොපි, න මච‍්චුනො විජ‍්ඣිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2695. නුවණැති ඉලක්කය නො වරදවා දුරවිදීමෙහි දක්‍ෂ වූ කෘතහස්ත ධනුර්ධරයෝ ඇත්තාහ. ඔවුහු මරහු විදින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් මම “ධර්‍මයෙහි හැසිරෙමියි” යන මේ සිත මට ඇති විය.

2696. සරානි ඛීයන‍්ති සසෙලකානනා සබ‍්බං හි තං ඛීයති දීඝමන‍්තරං, සබ‍්බං හි තං භඤ‍්ජරෙ කාලපරියං තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2696. අනවතප්තාදී මහවිල් සත ද පර්‍වතයන් සහිත මහා වනයෝ ද ක්‍ෂය වෙත්. දිගු කලක් ඇවෑමෙන් ඒ සියල්ල ම ක්‍ෂය වෙයි. ඒ සියල්ල ම නස්නා කාලයට පැමිණ බිඳෙයි. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.

2697. සබ‍්බෙසමෙවං හි නරානනාරිනං චලාවලං පාණභුනොධ ජීවිතං, පටොව ධුත‍්තස‍්ස දුමොව කූලජො තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2697. මෙසේ ම මෙලොව නර නාරීන්ගේ ද සියලු ප්‍රාණීන්ගේ ද ජීවිතය චංචල වේ. සුරාධූර්‍තයකුගේ වස්ත්‍රය මෙන් ද ගං ඉවුරෙහි හටගත් ගසක් මෙන් ද සත්‍වයන්ගේ ජීවිතය ස්ථිර නොවේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.

2698. දුමප‍්ඵලානෙව පතන‍්ති මාණවා දහරා ච වුද‍්ධා ච සරීරභෙදා, නාරියො නරා මජ‍්ඣිමපොරිසා ච තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2698. ළදරුවෝ ද වෘද්ධයෝ ද තරුණයෝ ද සිත්‍රීහු ද පුරුෂයෝ ද උඝතොබ්‍යඤ්ජනකයෝ ද යන සියල්ලෝ ම ගස්වල ගෙඩි මෙන් ශරීරභේදයෙන් වැටෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.

2699. නායං වයො තාරකරාජසන‍්නිභො යාදබ‍්භතීතං ගතමෙවදානි තං, ජිණ‍්ණස‍්ස හි නත්‍ථි රතී කුතො සුඛං තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2699. මේ සත්‍වයන්ගේ වයස කෘෂ්ණ පක්‍ෂයෙහි පිරිහී ශුක්ල පක්‍ෂයෙහි වැඩෙන්නා වූ සඳ මෙන් නොවේ. යමක් ඉක්මැ ගියේද දැන් එය ගියේ මැ යි. ජරාජීර්‍ණයාහට කාමගුණයන්හි ඇල්මෙක් නැති. සැපතක් නම් කොයින් ද? එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.

2700. යක‍්ඛා පිසාචා අථවාපි පෙතා කුපිතාපි තෙ අස‍්සසන‍්තී මනුස‍්සෙ, න මච‍්චුනො අස‍්සසිතුස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2700. යක්‍ෂයෝ ද පාංශුපිශාචයෝ ද ප්‍රේතයෝ ද කිපුණාහු මිනිසුන්හට ආවේශ වෙති. ඔවුහු මරුහට ආවේශ වන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.

2701. යක‍්ඛෙ පිසාචෙ අථවාපි පෙතෙ කුපිතෙපි තෙ නිජ‍්ඣපනං කරොන‍්ති, න මච‍්චුනො නිජ‍්ඣපනං කරොන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2701. යක්‍ෂයන් ද පාංශුපිශාචයන් ද ප්‍රේතයන් ද කිපුණු කල්හි බලිකර්‍මාදිය කිරීමෙන් ඔවුන් පහදවති, මරුවා නො පහදවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.

2702. අපරාධකෙ හෙඨකෙ දූසකෙ ච රාජානො දණ‍්ඩෙන‍්ති විදිත්‍වා දොසං, න මච‍්චුනො දණ‍්ඩයිතුස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2702. රාජාපරාධ කරන්නාවූ ද රාජ්‍යදූෂකවූ ද ජනයා පෙළන්නාවූ ද මිනිසුන්ගේ අපරාධ දැන රජවරු දඬුවම් කරත්. ඔවුහු මරහුට දඬුවම් කරන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.

2703. අපරාධකා දූසකා හෙඨකා ච ලභන‍්ති තෙ රාජිනො නිජ‍්ඣපෙතුං, න මච‍්චුනො නිජ‍්ඣපනං කරොන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2703. රාජාපරාධකරුවෝ ද රාජ්‍ය දූෂකයෝ ද ජනයා පෙළන්නෝ ද (සාක්‍ෂිවලින් තමන්ගේ නිරපරාධී බව ප්‍රකාශ කරවා) අස් වැසීමක් ලබති. මරහු (එසේ සාක්‍ෂිවලින්) නිරපරාධ බව ප්‍රකාශ නො කරවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.

2704. න ඛත‍්තියොති න පි බ්‍රාහ‍්මණොති න අඩ‍්ඪකා බලවා තෙජවාපි, න මච‍්චුරාජස‍්ස අපෙඛමත්‍ථි තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2704. ක්‍ෂත්‍රියයෙකැ බ්‍රාහ්මණයෙකැ ආඪ්‍යයෙකැ බලැත්තෙකැ තෙදැත්තෙකැයි මාරයාගේ අපේක්‍ෂාවක් නැත්තේය. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට පහළ වෙයි.

2705. සීහාච ව්‍යග‍්ඝාව අථොපි දීපියො පසය‍්හ ඛාදන‍්ති විප‍්ඵන්‍දමානං, න මච‍්චුනො ඛාදිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2705. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද මිනිසුන් බලාත්කාරයෙන් අල්ලාගෙන බෙහෙවින් කම්පාවන ඔවුන් කති. ඔවුහු ද මරහු අල්ලා කන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන අදහස මට ඇති වෙයි.

2706. මායකාරා රඞ‍්ගමජ‍්ඣෙ කරොන‍්තා මොහෙන‍්ති චක‍්ඛූනි ජනස‍්ස තාවදෙ, න මච‍්චුනො මොහයිතුස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2706. නෘත්‍යස්ථාන මධ්‍යයෙහි මායා කරන්නාවූ මායා කාරයෝ එකෙණෙහි ජනයාගේ ඇස් මුළාකෙරෙති. ඔවුහු මරහු මුළාකරන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් මම් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.

2707. ආසීවිසා කුපිතා උග‍්ගතෙජා ඩසන‍්ති මාරෙන‍්තිපි තෙ මනුස‍්සෙ, න මච‍්චුනො ඩසිතුං උස‍්සහන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2707. කිපියා වූ උග්‍රතේජස් ඇති සර්‍පයෝ මිනිසුන් දෂ්ට කෙරෙති. එයින් ම මරණයට පවා පත් කරති. ඔවුහු මරහු ඩසින්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ අදහස මට පහළ වෙයි.

2708. ආසීවිසා කුපිතා යං ඩසන‍්ති තිකිච‍්ඡකා තෙසං විසං හනන‍්ති, න මච‍්චුනො දට‍්ඨවිසං හනන‍්ති තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2708. කිපියා වූ සර්‍පයෝ යම් පුද්ගලයකු ඩසිත් නම්, විෂ වෛද්‍යවරු ඔහුගේ විෂ නැති කරති. ඔවුහු ද මරහු දෂ්ට කළ විෂ නො නසත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ සිත මට පහළ වෙයි.

2709. ධම‍්මනාරි වෙතරණි ච භොජො විසානි හන‍්ත්‍වාන භුජඞ‍්ගමානං, සූයන‍්ති තෙ කාලකතා තථෙව තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2709. ධම්මන්තරී, වේතරණී, භෝජ නම් වූ වෛද්‍යයෝ සර්‍පයන්ගේ විෂ නසා, තුමූ ද කාලක්‍රියා කළහයි අසනු ලැබේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට ඇති වෙයි.

2710. විජ‍්ජාධරා ඝොරමධීයමානා අදස‍්සනං ඔසධෙහි වජන‍්ති, න මච‍්චුරාජස‍්ස වජන‍්තදස‍්සනං තම‍්මෙ මතී හොති චරාමි ධම‍්මං.

2710. ඝෝර නම් විද්‍යාව හදාරන විද්‍යාධාරයෝ ඖෂධ බලයෙන් සතුරන්ගේ නො දැක්මට යෙති. ඔවුහු ද මරහුගේ නො දැක්මට නොයෙත්. එහෙයින් ධර්‍මයෙහි හැසිරෙන්නෙමි යන මේ හැඟීම මට ඇති වෙයි.

2711. ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති, එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

2711. ධර්‍මය තෙමේ ධර්‍මයට අනුව හැසිරෙන්නහු ඒකාන්තයෙන් ම රකී. මනාව පුරුදු කරන ලද ධර්‍මය සුව ගෙන දෙයි. ධර්‍මය හොඳින් පුරුදු කළ කල්හි මේ අනුසසි. ධර්‍මයට අනුව හැසිරෙන්නා දුගතියට නොයයි.

2712. න හි ධම‍්මො අධම‍්මො ච උභො සමවිපාකිනො, අධම‍්මො නිරයං නෙති ධම‍්මො පාපෙති සුග‍්ගතින‍්ති.

2712. ධර්‍මයත් අධර්‍මයත් දෙක සම විපාක ඇත්තේ නොවේ. අධර්‍මය නරකයට පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.

14. අයොඝරජාතකං.

14. අයොඝර ජාතක යි.

වීසතිනිපාතො නිට‍්ඨිතො.

විසිවැනි නිපාතය නිමියේ ය.

තස‍්සුද‍්දානං:

මාතඞ‍්ග සම‍්භූත සිවි සිරිමන‍්තො රොහණ හංස සන‍්තිගුබ‍්බො භල‍්ලාටිය, සොමනස‍්ස චම‍්පෙය්‍ය බ්‍රහ‍්ම පඤ‍්ච පණ‍්ඩිත චිරස‍්සං වත අයොඝරානි.

(උද්දානය සුගම යි.)