යෙදුමෙන් කියවන්න

4. ඡද‍්දන‍්තජාතකං

4. ඡද‍්දන‍්තජාතකං

4. ඡද්දන්ත ජාතකය

2809. කින‍්නු සොචසි අනුච‍්චඞ‍්ගී පණ‍්ඩූසි වරවණ‍්ණිනි, මිලායසි විසාලක‍්ඛි මාලාව පරිමද‍්දිතා.

2809. රන්වන් සිරුර ඇත්තිය. කුමක් නිසා ශෝක කරහි ද? උතුම් ශරීරවර්‍ණ ඇත්තිය, කුමක් නිසා පඬුවන් වෙහි ද? විශාල වූ ඇස් ඇත්තී ය, අතින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මලානික වෙහි දැ? යි රජ ඇසී ය.

2810. දොහළො මෙ මහාරාජ සුපිනන‍්තෙනුපච‍්චගා, න සො සුලභරූපොව යාදිසො මම දොහළො.

2810. මහරජ, මට සිහිනෙන් දොළෙක් හටගත්තේ ය. මගේ යම්බඳු ඒ දොළෙක් නම්, එය සන්හිඳුවීම පහසු නැතැ යි බිසොව කීවා ය.

2811. යෙ කෙචි මානුසා කාමා ඉධ ලොකස‍්මිං නන්‍දනෙ, සබ‍්බෙ තෙ පචුරා මය‍්හං අහන‍්තෙ දම‍්මි දොහළං.

2811. එම්බා නන්‍දනිය, මිනිසුන් පිළිබඳ වූ යම්කිසි කාම සම්පත්ති කෙනෙක් මෙලොව ඇද්ද? ඒ සියල්ල මට ඉතා සුලභ ය. මම තීගේ දොළ දෙමි යි රජ තෙම කීය.

2812. ලුද‍්දා ද‍්වෙ සමායන‍්තු යෙ කෙචි විජිතෙ තව, එතෙසං අහමක‍්ඛිස‍්සං යාදිසො මම දොහළො.

2812. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ රටෙහි වැද්දෝ පැමිණෙත්වා, මාගේ යම්බඳු වූ දොළෙක් වේ ද, එය ඔවුන්ට මම කියන්නෙමි.

2813. ඉමෙ තෙ ලුද‍්දකා දෙවි කතහත්‍ථා විසාරදා, වනඤ‍්ඤු ච මිගඤ‍්ඤූ ච මමත්‍ථෙ චත‍්තජීවිතා.

2813. එම්බා දේවිය, ඒ මේ වැද්දෝ කෘතහස්තතා ඇති නිර්‍භය වූවෝ වෙති. වනය දන්නෝ ද මුවන් දන්නෝ ද වෙති. මා සඳහා හරනලද දිවි ඇත්තෝ ද වෙත්.

2814. ලුද‍්දපුත‍්තා නිසාමෙථ යාවන‍්තෙත්‍ථ සමාගතා, ඡබ‍්බිසාණං ගජං සෙතං අද‍්දසං සුපිනෙ අහං, තස‍්ස දන‍්තෙහි මෙ අත්‍ථො අලාභෙ නත්‍ථි ජීවිතං.

2814. මෙහි යම්තාක් වැදි පුත්‍රයෝ රැස්වූවාහු ද? ඒ සියල්ලෝ මා කියන කරුණ අසවු. මම ස්වප්නයෙහි ෂඩ්වර්‍ණ දළ ඇති ශ්වේත වර්‍ණ ඇතකු දිටිමි. උගේ දළවලින් මට ප්‍රයෝජන ඇත්තේ ය. එය නො ලැබීමෙහි මාගේ ජීවිතය නැතැ යි දේවී කීවා ය.

2815. න නො පිතූනං න පිතාමහානං දිට‍්ඨො සුතො කුඤ‍්ජරො ඡබ‍්බිසාණො, යමද‍්දසා සුපිනෙ රාජපුත‍්ති අක‍්ඛාහි නො යාදිසො හත්‍ථිනාගො.

2815. එම්බා දේවිය, අපගේ මවුපියන් විසින් ද මුත්තණුවන් විසින් ද ෂඩ්වර්‍ණ දළ ඇති ඇතෙක් දක්නා ලද බවක් නො මැ අසන ලද. රාජපුත්‍රිය, ස්වප්නයෙහි දී යම්බඳු ඇතකු දැක්කෙහි නම්, ඒ ඇතා යම්සේ නම් එය අපට කියව.

2816. දිසා චතස‍්සො විදිසා චතස‍්සො උද‍්ධං අධො දසදිසා ඉමායො, කතමං දිසං තිට‍්ඨති නාගරාජා යමද‍්දසා සුපිනෙ ඡබ‍්බිසාණං.

2816. ෂඩ්වර්‍ණ දළ ඇති යම්බඳු ඇතකු ස්වප්නයෙහි දැක්කා නම් සතර දිගය සතර අනුදිග ය උඩ ය යට ය යන මේ දස දිගුන් අතර කවර නම් දිසාවෙක්හි ඒ ඇත්රජ සිටී දැයි වැද්දෝ ඇසූහ.

2817. ඉතො උජුං උත‍්තරියං දිසායං අතික‍්කම‍්ම සො සත‍්ත ගිරී බ්‍රහන‍්තෙ, සුවණ‍්ණපස‍්සො නාම ගිරී උළාරො සුපුප‍්ඵිතො කිම‍්පුරිසානුචිණ‍්ණො.

2817. මොබින් උතුරු දිශාවෙහි කෙළින් මහත් පර්‍වත සතක් ඇත. එයින් සයක් ඉක්ම ගියතැන කිඳුරන්ගෙන් ගැවැසීගත්තා වූ මනාව පිපීගිය ස්වර්‍ණ පාර්ශ්ව නම් මහත් වූ පර්‍වතයෙක් වෙයි.

2818. ආරුය‍්හ සෙලං භවනං කින‍්නරානං ඔලොකය පබ‍්බතපාදමූලං, අථ දක‍්ඛසි මෙඝසමානවණ‍්ණං නිග්‍රොධරාජං අට‍්ඨසහස‍්සපාදං.

2818. කිඳුරන්ගේ වාස භවනය වූ ඒ පර්‍වතයට නැඟී පර්‍වත පාදයාගේ මුල බලව. එවිට මේඝයට සමාන වර්‍ණ ඇති අටදහසක් මුල් ඇති නුගගසක් දක්නෙහි ය.

2819. තත්‍ථච‍්ඡති කුඤ‍්ජරො ඡබ‍්බිසාණො සබ‍්බසෙතො දුප‍්පසෙහො පරෙහි, රක‍්ඛන‍්ති නං අට‍්ඨසහස‍්සනාගා ඊසාදන‍්තා වාතජවප‍්පහාරිනො.

2819. එහි ෂඩ්වර්‍ණ දළ ඇති තනි සුදු පැහැයෙන් යුත් අන්‍යයන් විසින් මැඩලිය නො හැකි ඇත්රජ හිඳියි. රිය හිසකට සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නා වූ අටදහසක් ඇත්හු ඒ ඇතු ආරක්‍ෂා කෙරෙත්.

2820. තිට‍්ඨන‍්ති තෙ තුමුලං පස‍්සසන‍්තා කුප‍්පන‍්ති වාතස‍්සපි එරිතස‍්ස, මනුස‍්සභූතං පන තත්‍ථ දිස‍්වා භස‍්මං කරෙය්‍යුං නාස‍්ස රජොපි තස‍්සාති.

2820. ඒ ඇත්හු බිහිසුණු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. කම්පා වූ වාතයට ද කිපෙත්. එහි දී මිනිස් වූවකු දැක අළු කරන්නාහ. ඔහුගේ ධූලි ද ඉතිරි නො වන්නේය යි දේවී තොමෝ කීවා ය.

2821. බහූ හි මෙ රාජකුලම‍්භි සන‍්ති පිළන්‍ධනා ජාතරූපස‍්ස දෙවි, මුත‍්තා මණීවෙළුරියාමයා ච කිං කාහසි දන‍්තපිළන්‍ධනෙන, මාරෙතුකාමා කුඤ‍්ජරං ඡබ‍්බිසාණං උදාහු ඝාතෙස‍්සසි ලුද‍්දපුත‍්තෙ.

2821. එම්බා දේවීනි, මේ රජකුලයෙහි රන්මුවා පළඳනාවෝ ද මුතු මැණික් වෙරළු මිණිමුවා බොහෝ පළඳනාවෝ ද ඇත්තාහ. දළ පැළඳුමෙන් කවරක් කරන්නට ද? ෂඩ්වර්‍ණ දළැති ඇතු මරවනු කැමැත්තී වෙහි. නො එසේ නම් වැදි පුත්‍රයන් නස්වනු කැමැත්තෙහි දැ? යි වැදි පුත්‍රයා ඇසී ය.

2822. සා ඉස‍්සිතා දුක‍්ඛිතා චස‍්මි ලුද‍්ද උද‍්ධඤ‍්ච සුස‍්සාමි අනුස‍්සරන‍්තී, කරොහි මෙ ලුද‍්දක එතමත්‍ථං දස‍්සාමි තෙ ගාමවරානි පඤ‍්ච.

2822. වැදි පුත්‍රය, ඒ මම හටගත් ඊර්‍ෂ්‍යයා ඇත්තී දුකින් පෙළුණීම් ද වෙමි. එය සිහි කරමින් මම මත්තෙහි ද සුසුම් ලන්නෙමි. වැදි පුත්‍රය, මාගේ මේ කාරණය කරව. තට ගම්වර පසක් ද දෙන්නෙමි යි දේවිය කීවා ය.

2823. කත්‍ථච‍්ඡති කත්‍ථමුපෙති ඨානං වීථිස‍්ස කා නහානගතස‍්ස හොති, කථඤ‍්හි සො නහායති නාගරාජා කථං විජානෙමු ගතිං ගජසස.

2823. දේවීනි, ඒ හස්තිනාග තෙම කොතනක වෙසේ ද? කිනම් තැනක සිටීමට පැමිණියේ ද? නෑමට ගියා වූ ඔහුගේ ගමන් මාර්‍ගය කවරෙක් ද? හේ කෙසේ ස්නාන කෙරේ ද? ඇතුගේ ගතිය (පිළිවෙළ) කෙසේ නම් දැනගනිමු දැ යි වැදි තෙම ඇසුවේ ය.

2824. තත්‍ථෙව සා පොක‍්ඛරණී අදූරෙ රම‍්මා සුතිත්‍ථා ච මහොදිකා ච, සම‍්පුප‍්ඵිතා භමරගණානුචිණ‍්ණා එත්‍ථ හි සො නහායති නාගරාජා.

2824. ඒ වාසස්ථානයෙහි ම නුදුරුතන්හි සිත්කලු මනා තොටුපළක් ඇති මහත් ජලයෙන් යුත් මනාව පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් ඒ පුෂ්කරණියක් (ඡද්දන්ත නම් විල) ඇත්තේ ය. ඒ හස්තිරාජ තෙම මෙහි ස්නානය කරයි.

2825. සීසං නහාතො උප‍්පලමාලධාරී සබ‍්බසෙතො පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී, ආමොදමානො ගච‍්ඡති සන‍්තිකෙ තං පුරක‍්ඛත්‍වා මහෙසිං සබ‍්බභද‍්දං.

2825. හිස පටන් නෑවාවූ උපුල් මල් දරන්නා වූ සියල්ල සුදු වූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් “සබ්බභද්දා” නම් මෙහෙසිය පෙරට කොට ස්වකීය වාසස්ථානයට පැමිණියේ යයි දේවී තොමෝ කීවා ය.

2826. තත්‍ථෙව සො උග‍්ගහෙත්‍වාන වාක්‍යං ආදාය තුණිඤ‍්ච ධනුඤ‍්ච ලුද‍්දො, විතුරිය සො සත‍්ත ගිරී බ්‍රහන‍්තෙ සුවණ‍්ණපස‍්සං නාම ගිරිං උළාරං.

2826. ඒ වැදි තෙම එහි දී ම දේවියගේ වචනය ඉගෙන හියවුර ද මහදුන්න ද ගෙන මහත් වූ පර්‍වත හත ඉක්මවා “සුවණ්ණපස්ස” නම් වූ මහාපර්‍වතය දැන ගත්තේ ය.

2827. ආරුය‍්හසෙලං භවනං කින‍්නරානං ඔලොකයී පබ‍්බතපාදමූලං, තත්‍ථද‍්දසා මෙඝසමානවණ‍්ණං නිග්‍රොධරාජං අට‍්ඨසහස‍්සපාදං.

2827. කිඳුරන්ගේ වාසභවනය වූ පර්‍වතයට නැඟ පර්‍වතයාගේ පාමුල බැලුවේ ය. එහි මේඝයට සමාන වර්‍ණ ඇති අට දහසක් මුල් ඇති නුගගස දුටුවේ ය.

2828. තත්‍ථද‍්දසා කුඤ‍්ජරං ඡබ‍්බිසාණං සබ‍්බසෙතං දුප‍්පසහං පරෙහි, රක‍්ඛන‍්ති තං අට‍්ඨසහස‍්සනාගා ඊසාදන‍්තා වාතජවප‍්පහාරිනො.

2828. එහි ෂඩ්වර්‍ණ දළ ඇති සියල්ල සුදු වූ අන්‍යයන් විසින් මැඩ පැවැත්විය නො හැකි හස්තියා දැක්කේ ය. රියහිස සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් පහර දෙනසුලු වූ අට දහසක් හස්තීහු ඒ ඇත්රජු ආරක්‍ෂා කරත්. යම් තැනෙක්හි ඒ හස්තිරාජයා ස්නානය කෙරේ ද,

2829. තත්‍ථද‍්දසා පොක‍්ඛරණිං අදූරෙ රම‍්මං සුතිත්‍ථඤ‍්ච මහොදිකඤ‍්ච, සම‍්පුප‍්ඵිතං භමරගණානුචිණ‍්ණං යත්‍ථ හි සො නහායති නාගරාජා.

2829. එහි නුදුරු තන්හි පිහිටි සිත්කලු යහපත් තොටුපලක් ඇති, මහත් දියෙන් පිරුණු මනාව මල් පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් පොකුණ දුටුවේ ය.

2830. දිස‍්වාන නාගස‍්ස ගතිං ඨිතිඤ‍්ච වීථිස‍්ස යා නහානගතස‍්ස හොති, ඔපාතමාගඤ‍්ඡි අනරියරූපො පයොජිතො චිත‍්තවසානුගාය.

2830. ඇත්රජහු ගමන් කරන තැන් ද නැවැතී සිටින තැන් ද ස්නානයට ගියා වූ මොහුගේ යම් ගමන් වීථියක් වේ නම් එය දැක චිත්ත වසඟයට ගියා වූ මෙහෙසිය විසින් මෙහෙයවන ලද අනාර්‍ය්‍ය ස්වභාව ඇති වැදි තෙමේ වළක් සෑරුවේ ය.

2831. ඛණිත්‍වාන කාසුං ඵලකෙහි ඡාදයි අත‍්තානමොධාය ධනුඤ‍්ච ලුද‍්දො, පස‍්සාගතං පුථුසල‍්ලෙන නාගං සමප‍්පයී දුක‍්කටකම‍්මකාරී.

2831. වැදි තෙම වළක් සාරා තමන් ද දුන්න ද එහි ප්‍රවේශ කරවා පුවරු වලින් වැසුවේ ය. නපුරුකම් කරනසුලු වූ ඒ වැදි තෙම තමන් පාර්‍ශවයෙහි ආවා වූ ඒ ඇත්රජුට මහත් වූ ඊයකින් විද්දේ ය.

2832. විද‍්ධො ච නාගො කොඤ‍්චමනාදි ඝොරං සබ‍්බෙව නාගා නින‍්නදුං ඝොරරූපං, තිණඤ‍්ච කට‍්ඨඤ‍්ච චුණ‍්ණං කරොන‍්තා ධාවිංසු තෙ අට‍්ඨ දිසා සමන‍්තතො.

2832. විදිනලද ඇත් තෙමේ භයානක ලෙස කුඤ්චනාද කෙළේ ය. සියලු හස්තීහු ම භයානක ලෙස කුඤ්චනාද කළාහු ය. ඒ හස්තීහු තෘණ ද කාෂ්ට ද සුණු කරමින් හාත්පස අටදිගට ම දිව්වෝය.

2833. වධිස‍්සමෙතන‍්ති පරාමසන‍්තො කාසාවමද‍්දක‍්ඛි ධජං ඉසීනං, දුක‍්ඛෙන පුට‍්ඨස‍්සුදපාදි සඤ‍්ඤා අරහද‍්ධජො සබ‍්භි අවජ‍්ඣරූපො.

2833. මොහු නසමි යි පරාමර්‍ශනය කරන්නේ ඍෂීන්ගේ ධ්වජය වූ කාෂාය වස්ත්‍රය දුටුවේ ය. දුකින් ස්පර්‍ශ කරන ලද්දා වූ ඒ ඇත්රජුට රහතුන්ගේ ධ්වජය සත්පුරුෂයන් විසින් නො නැසියයුතු යයි හැඟීමක් පහළ විය.

2834. අනික‍්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස‍්සති, අපෙතො දමසච‍්චෙන න සො කාසාවමරහති.

2834. යමෙක් වනාහි රාගාදි කෙලෙස් කසටින් යුක්ත වූයේ ඉන්‍දිය දමනයෙන් හා වාක්සත්‍යයෙන් තොර වූයේ කසාවත් දරයි ද හේ කසාවත් දැරීමට නුසුදුසු වේ.

2835. යො ච වන‍්තකසාවස‍්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච‍්චෙන ස වෙ කාසාවමරහති,

2835. යමෙක් වනාහි ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වමාරා දැමූ කෙලෙස් කසට ඇතිවැ සිවුපිරිසිදු සිල්හි පිහිටියේ නම් ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් ද යුත් ඔහු කසාවත් දැරීමට සුදුසුය.

2836. සමප‍්පිතො පුථුසල‍්ලෙන නාගො අදුට‍්ඨචිත‍්තො ලුද‍්දකං අජ‍්ඣභාසි, කිමත්‍ථයං කිස‍්ස වා සම‍්ම හෙතු මමං වධී කස‍්ස වායං පයොගො.

2836. මහත් වූ ඊයකින් විදිනු ලැබූ ඇත් තෙම දූෂිත නො වූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීයේ ය: යහළු වැදිපුත්‍රය, කුමක් පතමින් කුමක් හේතු කොට ගෙන මට විද්දෙහි ද? මේ කවරකුගේ ප්‍රයොගයෙක් ද?

2837. කාසිස‍්ස රඤ‍්ඤො මහෙසී භදන‍්තෙ සා පූජිතා රාජකුලෙ සුභද‍්දා, තං අද‍්දසා සා ච මමං අසංසි දන‍්තෙහි අත්‍ථොති ච මං අවොච.

2837. පින්වතුන් වහන්ස, කසී රජුගේ සුභද්ද්‍රා නම් ඒ මහිෂිකා තොමෝ රජකුලයෙහි පුදන ලද්දී ය. ඕ නුඹ දුටුවා ය. ඕ තොමෝ දළවලින් ප්‍රයෝජන ඇතැ යි මට ද කීවා ය.

2838. බහූ හි මෙ දන‍්තයුගා උළාරා යෙ මෙ පිතූනඤ‍්ච පිතාමහානං, ජානාති සා කොධනා රාජපුත‍්තී වධත්‍ථීකා වෙරමකාසි බාලා.

2838. මාගේ පියවරුන්ගේ ද මුත්තණුවරුන්ගේ ද මහත් වූ බොහෝ දන්ත යුග්මයෝ ඇත්තාහ යි ඕ තොමෝ දන්නී ය. ක්‍රෝධ ස්වභාව ඇති අඥාන වූ මා නසනු රිසි වූ, ඒ රාජපුත්‍රී තොමෝ වෛර කළා ය.

2839. උට‍්ඨෙහි ත්‍වං ලුද‍්ද ඛරං ගහෙත්‍වා දන‍්තෙ ඉමෙ ඡන්‍ද පුරා මරාමි, වජ‍්ජාසි තං කොධනං රාජපුත‍්තිං නාගො හතො හන්‍ද ඉමස‍්ස දන‍්තා.

2839. වැදිපුත්‍රය, තෝ කියත ගෙන නැඟී සිටුව. මාගේ මරණයට පෙර මේ දළ සිඳුව. “හස්ති තෙම ඒකාන්තයෙන් නසන ලද. එබැවින් මේ ඔහුගේ දළ දෙක ගනුව” යි ඒ ක්‍රෝධ ස්වභාවය ඇති රාජපුත්‍රියට කියව යි බෝසත් තෙම කීයේ ය.

2840. උට‍්ඨාය සො ලුද‍්දො ඛරං ගහෙත්‍වා ඡෙත්‍වාන දන‍්තානි ගජුත‍්තමස‍්ස, වග‍්ගූ සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා ආදාය පක‍්කාමි තතො හි ඛිප‍්පං.

2840. ඒ වැදි තෙමේ ද කියත ගෙන නැඟීසිට උතුම් හස්තියාගේ දළ සිඳ මිහිපිට ඇති හැම දළයකට ම වඩා අසමාන වූ සෝභා ඇති ඉතා යහපත් වූ ඒ දළ දෙක ගෙන එතැනින් වහා නික්ම ගියේ ය.

2841. භයද‍්දිතා නාගවධෙන අට‍්ටා යෙ තෙ නාගා අට‍්ඨ දිසා විධාවුං, අදිස‍්ව පොසං ගජපච‍්චමිත‍්තං පච‍්චාගමුං යෙන සො නාගරාජා.

2841. ඇත්රජුට විදීමෙන් මරණ බියෙන් බියපත් වූ යම් ඒ හස්තීහු අට දිසාවට දිවගියාහු ද, ඇත් රජුගේ පසමිතුරු පුරුෂයා නො දැක ඒ ඇත්රජ යම් තැනෙක්හි නම් එහි පෙරළා පැමිණියාහු ය.

2842. තෙ තත්‍ථ කන්‍දිත්‍වා රොදිත්‍ව නාගා සීසෙ සකෙ පංසුකං ඔකිරිත්‍වා, අගමංසු තෙ සබ‍්බෙ සකං නිකෙතං පුරක‍්ඛත්‍වා මහෙසිං සබ‍්බභද‍්දං.

2842. ඒ ඇත්හු එහි හඬා වැලැප ස්වකීය හිස මත්තෙහි පස් විසුරුවා ගියහ. ඒ සියල්ලෝ ම සර්‍වභද්‍රා නම් මෙහෙසිය පෙරට කොට සිය නිවෙස් බලා ගියෝ ය.

2843. ආදාය දන‍්තානි ගජුත‍්තමස‍්ස වග‍්ගු සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා, සුවණ‍්ණරාජීහි සමන‍්තමොදරෙ සො ලුද‍්දකො කාසිපුරං උපාගමි උපානෙසී සො රාජකඤ‍්ඤාය දන‍්තෙ නාගො හතො හන්‍ද ඉමස‍්ස අන‍්තා.

2843. ඒ වැදි තෙම මිහිපිට තිබෙන හැම දළයකට ම වඩා මනෝඥ වූ ද සුන්‍දර වූ ද අසමාන වූ ද රන්වන් රැසින් හාත්පස බබළන්නා වූ ද ඇත්රජුගේ දළදෙක රැගෙන කසී රටට පැමිණියේ ය. හෙ තෙමේ “හස්තිරාජ තෙමේ නසන ලද්දේ ය. මේ ඔහුගේ දළ දෙක ගනුව යි” රාජකන්‍යාවට දුන්නේ ය.

2844. දිස‍්වාන දන‍්තානි ගජුත‍්තමස‍්ස භත‍්තුප‍්පියස‍්ස පුරිමාය ජාතියා, තත්‍ථෙව තස‍්සා හදයං අඵාලි තෙනෙව සා කාලමකාසි බාලා.

2844. පළමු ජාතියෙහි ප්‍රිය ස්වාමියා වූ උතුම් හස්තියාගේ දළ දෙක දැක එහිදී ම ඇගේ හදවත පැළුණේ ය. ඒ අඥ තැනැත්තිය එයින් ම කලුරිය කළා ය.

2845. සම‍්බොධිපත‍්තො ච මහානුභාවො සිතං අකාසි පරිසාය මජ‍්ඣෙ, පුච‍්ඡිංසු භික‍්ඛූ සුවිමුත‍්තචිත‍්තා නාකාරණෙ පාතුකරොන‍්ති බුද‍්ධා.

2845. බුද්ධත්‍වයට පත් මහත් අනුභාව ඇත්තා වූ ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සිනා පහළ කළසේක. කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ භික්‍ෂුහු බුදුවරයෝ නම් නිකරුණේ සිනා පහළ නො කරති යි කාරණය විචාළහ.

2846. යමද‍්දසාථ දහරිං කුමාරිං කාසාවවත්‍ථං අනගාරියං චරන‍්තිං, සා ඛො තදා රාජකඤ‍්ඤා අහොසි අහං තදා නාගරාජා අහොසිං.

2846. මහණෙනි, කසාවත් හැන්දා වූ සසුන්හි පැවිදි ව වසන්නා වූ යම් තරුණ කුමරියක් දක්නහු ද ඕ තොමෝ වනාහි එකල්හි රාජකන්‍යාව වූවා ය. මම වනාහි එකල්හි ඇත්රජ වීමි.

2847. ආදාය දන‍්තානි ගජුත‍්තමස‍්ස වග‍්ගූ සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා, යො ලුද‍්දකො කාසිපුරං උපාගමි සො ඛො තදා අදවදත‍්තො අහොසි.

2847. යමෙක් මිහිපිට තිබෙන දළ අතුරෙන් හැමට වඩා මනෝඥ වූ යහපත් වූ අසම වූ දළ ගෙන කසී රටට ගියේ ද? හෙ වනාහි මෙකල දේවදත්ත විය.

2848. අනාවසූරං චිරරත‍්තසංසිතං උච‍්චාවචං චරිතමිදං පුරාණං, වීතද‍්දරො වීතසොකො විසල‍්ලො සයං අභිඤ‍්ඤාය අභාසි බුද‍්ධො.

2848. පහ වූ කෙලෙස් දරථ ඇති පහ වූ ශෝක ඇති රාගාදි කෙලෙස් හුල් රහිත වූ බුදුරජ බොහෝ කලකට පෙර පුරුදු කරන ලද නොයෙක් ආකාර ඇති මේ පූර්‍ව චරිතය ප්‍රකාශ කොට වදාළසේක.

2849. අභං වො තෙන කාලෙන අහොසිං තත්‍ථ භික‍්ඛවො, නාගරාජා තදා හොසිං එවං ධාරෙථ ජාතකන‍්ති.

2849. මහණෙනි, මම වනාහි එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වූයෙමි. එකල්හි ඇත් රජ ද වීමි. මෙසේ මේ ඡද්දන්ත ජාතකය දරවු.

ඡද‍්දන‍්තජාතකං.

ඡද්දන්ත ජාතක යි.