යෙදුමෙන් කියවන්න

4. ඡද‍්දන‍්තජාතකවණ‍්ණනා 514 අට‍්ඨකථා

4. ඡද‍්දන‍්තජාතකවණ‍්ණනා (514)

4. ඡද්දන්ත ජාතකය (514)

කිං නු සොචසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දහරභික‍්ඛුනිං ආරබ‍්භ කථෙසි. සා කිර සාවත්‍ථියං කුලධීතා ඝරාවාසෙ ආදීනවං දිස‍්වා සාසනෙ පබ‍්බජිත්‍වා එකදිවසං භික‍්ඛුනීහි සද‍්ධිං ධම‍්මසවනාය ගන‍්ත්‍වා අලඞ‍්කතධම‍්මාසනෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තස‍්ස දසබලස‍්ස අපරිමාණපුඤ‍්ඤපභාවාභිනිබ‍්බත‍්තං උත‍්තමරූපසම‍්පත‍්තියුත‍්තං අත‍්තභාවං ඔලොකෙත්‍වා “පරිචිණ‍්ණපුබ‍්බා නු ඛො මෙ භවස‍්මිං විචරන‍්තියා ඉමස‍්ස මහාපුරිසස‍්ස පාදපරිචාරිකා”ති චින‍්තෙසි. අථස‍්සා තඞ‍්ඛණඤ‍්ඤෙව ජාතිස‍්සරඤාණං උප‍්පජ‍්ජි – “ඡද‍්දන‍්තවාරණකාලෙ අහං ඉමස‍්ස මහාපුරිසස‍්ස පාදපරිචාරිකා භූතපුබ‍්බා”ති. අථස‍්සා සරන‍්තියා මහන‍්තං පීතිපාමොජ‍්ජං උප‍්පජ‍්ජි. සා පීතිවෙගෙන මහාහසිතං හසිත්‍වා පුන චින‍්තෙසි – “පාදපරිචාරිකා නාම සාමිකානං හිතජ‍්ඣාසයා අප‍්පකා, අහිතජ‍්ඣාසයාව බහුතරා, හිතජ‍්ඣාසයා නු ඛො අහං ඉමස‍්ස මහාපුරිසස‍්ස අහොසිං, අහිතජ‍්ඣාසයා”ති. සා අනුස‍්සරමානා “අහං අප‍්පමත‍්තකං දොසං හදයෙ ඨපෙත්‍වා වීසරතනසතිකං ඡද‍්දන‍්තමහාගජිස‍්සරං සොනුත‍්තරං නාම නෙසාදං පෙසෙත්‍වා විසපීතසල‍්ලෙන විජ‍්ඣාපෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසි”න‍්ති අද‍්දස. අථස‍්සා සොකො උදපාදි, හදයං උණ‍්හං අහොසි, සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී අස‍්සසිත්‍වා පස‍්සසිත්‍වා මහාසද‍්දෙන පරොදි. තං දිස‍්වා සත්‍ථා සිතං පාතු කරිත්‍වා “කො නු ඛො, භන‍්තෙ, හෙතු, කො පච‍්චයො සිතස‍්ස පාතුකම‍්මායා”ති භික‍්ඛුසඞ‍්ඝෙන පුට‍්ඨො “භික‍්ඛවෙ, අයං දහරභික‍්ඛුනී පුබ‍්බෙ මයි කතං අපරාධං සරිත්‍වා රොදතී”ති වත්‍වා අතීතං ආහරි.

කින්නු සොචසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් තරුණ භික්‍ෂුණියක අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි ඒ කුලදියණිය ගිහිගෙයි විසීමෙහි ආදීනව දැක සසුනෙහි පැවිදි වී එක් දිනයක භික්‍ෂුණීන් සමග ධර්මශ්‍රවණය සඳහා ගොස් අලංකාර කරන ලද ධර්මාසනයෙහි හිඳ ධර්මය දේශනා කරන දසබලධාරීන් වහන්සේගේ අප්‍රමාණ පින්බල මහිමය නිසා උපන් උතුම් රූප සම්පත්තියෙන් යුත් ආත්මභාවය බලා භවයෙහි හැසිරෙන්නා වූ මට මේ මහා පුරුෂයාගේ ඇසුරු කළ විරූ පාදපරිචාරිකාව වූවාදැයි සිතුවාය. ඉක්බිති එකෙනෙහිම ඇයට පෙර ජාතීන් සිහිකරන නුවණ ඉපදුනි. ඡද්දන්ත ඇත්රජුව උපන් කල්හි මම මේ මහා පුරුෂයාට පාදපරිචාරිකාව වූයෙමියි යනුවෙනි. ඉක්බිති එය සිහිකරන්නා වූ ඇයට මහත් වූ ප්‍රීති ප්‍රමුදිත බවක් ඉපදුනි. ඇය ප්‍රීති වේගයෙන් මහසිනහවක් සිනාසී නැවත සිතුවාය. පාදපරිචාරිකාවෝ නම් සැමියන්ට හිතැත්තීහු වෙති. ස්වල්ප වූ හිතැත්තෝද බොහෝ වූ හිතැත්තෝද වෙති. මම වූ කලී මේ මහා පුරුෂයාට අහිත වූ අදහස් ඇත්තෙම්දැයි යනුවෙනි. මම වූ කලී ස්වල්ප වූ දෝෂයක් සිතෙහි තබා එක්විසි රියනක් දිග ඇති ඡද්දන්ත මහ ඇත් රජු සෝණුත්තර නම් වැද්දා වෙත පමුණුවා විස පෙවූ ඊතලයෙන් විදවා ජීවිතක්‍ෂයට පැමිණවූයෙමියි දුටුවාය. ඉක්බිති ඇයට ශෝකයක් උපන්නේය. හදවත උණු විය. ශෝකය දරන්නට නොහැකි වන්නී ආශ්වාස ප්‍රාශ්වාස කර මහත් වූ ශබ්දයෙන් හැඬුවාය. ශාස්තෲන් වහන්සේ ඒ දැක සිනා පහළ කර, ස්වාමීනි, සිනහ පහළ කිරීමට කවර හේතුවක්ද? කවර ප්‍රත්‍යයක්දැයි භික්‍ෂු සංඝයා විසින් විමසන ලද්දේ මහණෙනි, මේ තරුණ භික්‍ෂුණිය පෙර මා කෙරෙහි කරන ලද අපරාධයක් සිහිකර හඬයි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ කළ සේක.

අතීතෙ හිමවන‍්තපදෙසෙ ඡද‍්දන‍්තදහං උපනිස‍්සාය අට‍්ඨසහස‍්සා හත්‍ථිනාගා වසිංසු ඉද‍්ධිමන‍්තා වෙහාසඞ‍්ගමා. තදා බොධිසත‍්තො ජෙට‍්ඨකවාරණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සො සබ‍්බසෙතො අහොසි රත‍්තමුඛපාදො. සො අපරභාගෙ වුද‍්ධිප‍්පත‍්තො අට‍්ඨාසීතිහත්‍ථුබ‍්බෙධො අහොසි වීසරතනසතායාමො. අට‍්ඨපණ‍්ණාසහත්‍ථාය රජතදාමසදිසාය සොණ‍්ඩාය සමන‍්නාගතො. දන‍්තා පනස‍්ස පරික‍්ඛෙපතො පන‍්නරසහත්‍ථා අහෙසුං දීඝතො තිංසහත්‍ථා ඡබ‍්බණ‍්ණරංසීහි සමන‍්නාගතා. සො අට‍්ඨන‍්නං නාගසහස‍්සානං ජෙට‍්ඨකො අහොසි, පඤ‍්චසතෙ පච‍්චෙකබුද‍්ධෙ පූජෙසි. තස‍්ස ද‍්වෙ අග‍්ගමහෙසියො අහෙසුං – චූළසුභද‍්දා, මහාසුභද‍්දා චාති. නාගරාජා අට‍්ඨනාගසහස‍්සපරිවාරො කඤ‍්චනගුහායං වසති. සො පන ඡද‍්දන‍්තදහො ආයාමතො ච විත්‍ථාරතො ච පණ‍්ණාසයොජනො හොති. තස‍්ස මජ‍්ඣෙ ද‍්වාදසයොජනප‍්පමාණෙ ඨානෙ සෙවාලො වා පණකං වා නත්‍ථි, මණික‍්ඛන්‍ධවණ‍්ණඋදකමෙව සන‍්තිට‍්ඨති, තදනන‍්තරං යොජනවිත්‍ථතං සුද‍්ධං කල‍්ලහාරවනං, තං උදකං පරික‍්ඛිපිත්‍වා ඨිතං, තදනන‍්තරං යොජනවිත්‍ථතමෙව සුද‍්ධං නීලුප‍්පලවනං තං පරික‍්ඛිපිත්‍වා ඨිතං, තතො යොජනයොජනවිත්‍ථතානෙව රත‍්තුප‍්පලසෙතුප‍්පලරත‍්තපදුමසෙතපදුමකුමුදවනානි පුරිමං පුරිමං පරික‍්ඛිපිත්‍වා ඨිතානි. ඉමෙසං පන සත‍්තන‍්නං වනානං අනන‍්තරං සබ‍්බෙසම‍්පි තෙසං කල‍්ලහාරාදිවනානං වසෙන ඔමිස‍්සකවනං යොජනවිත්‍ථතමෙව තානි පරික‍්ඛිපිත්‍වා ඨිතං. තදනන‍්තරං නාගානං කටිප‍්පමාණෙ උදකෙ යොජනවිත්‍ථතමෙව රත‍්තසාලිවනං, තදනන‍්තරං උදකපරියන‍්තෙ යොජනවිත්‍ථතමෙව නීලපීතලොහිතඔදාතසුරභිසුඛුමකුසුමසමාකිණ‍්ණං ඛුද‍්දකගච‍්ඡවනං, ඉති ඉමානි දස වනානි යොජනවිත්‍ථතානෙව. තතො ඛුද‍්දකරාජමාසමහාරාජමාසමුග‍්ගවනං, තදනන‍්තරං තිපුසඑලාලුකලාබුකුම‍්භණ‍්ඩවල‍්ලිවනානි, තතො පූගරුක‍්ඛප‍්පමාණං උච‍්ඡුවනං, තතො හත්‍ථිදන‍්තප‍්පමාණඵලං කදලිවනං , තතො සාලවනං, තදනන‍්තරං චාටිප‍්පමාණඵලං පනසවනං, තතො මධුරඵලං චිඤ‍්චවනං, තතො අම‍්බවනං, තතො කපිට‍්ඨවනං, තතො ඔමිස‍්සකො මහාවනසණ‍්ඩො, තතො වෙළුවනං, අයමස‍්ස තස‍්මිං කාලෙ සම‍්පත‍්ති. සංයුත‍්තට‍්ඨකථායං පන ඉදානි පවත‍්තමානසම‍්පත‍්තියෙව කථිතා.

අතීතයෙහි ඡද්දන්ත විල ඇසුරුකොට සෘද්ධිමත් අහසින් ගමන් ඇති ඇත්තු අටදහසක් වාසය කළාහුය. එකල්හි බෝධිසත්ත්ව තෙමේ ප්‍රධාන ඇතාගේ පුත්‍රයා වී උපන්නේය. හෙතෙම මුළුමනින්ම සුදු වූයේය. රත්පැහැ මුඛය හා පාදයන් ඇත්තේ විය. මෑත කාලයෙහි වැඩිවියට පත් හෙතෙම අට අසූ රියනක් උස වූයේ වීය. එක්විසි රියනක් දිග වීය. රිදීදමක් හා සමාන අටපණස් රියන් දිග සොඬකින් යුක්ත වූයේ වීය. ඔහුගේ දළ වටරවුමින් පසළොස් රියනක් වීය. දිගින් තිස්රියන් වූ සවණක් රැස්වලින් යුක්ත වීය. හෙතෙම ඇතුන් අටදහසකට ප්‍රධානියා වීය. ඔහු පන්සියයක් පසේබුදුවරුන් පිදීය. ඔහුට අගමෙහෙසියෝ දෙදෙනෙක් වූහ. ඔවුහු චූල සුභද්‍රා හා මහා සුභද්‍රා නම් වූවාහුය. ඇත්රජු අටදහසක් ඇතුන් පිරිවර කොට ඇත්තේ රන් ගුහාවක වාසය කරයි. ඒ ඡද්දන්ත විල දිගින් හා පළලින් පණස් යොදුන් වීය. ඒ මැද දොළොස් යොදුන් පමණ වූ තැන සෙවෙල් හෝ පරඬලා හෝ මඩ හෝ නැත. මැණික් කැටයේ පැහැය ඇති ජලයම සිටී. ඉන් අනතුරුව යොදුනක් පළලට පිරිසිදු හෙල්මැලි වනයකි. එය ජලය වටකර සිටියේය. ඉන් අනතුරුව යොදුනක් පළලැති පිරිසිදු නිලුපුල් වනයයි. එය වටකර සිටි යොදුන යොදුන පළලැති රතු මහනෙල් සුදු මහනෙල් රත් පියුම් සුදු පියුම් කුමුදු වනයෝ පළමු පළමු ඒවා වටකර සිටියෝය. මේ සත් වනයන්ගෙන් අනතුරුව ඇති ඒ හෙල්මැලි ආදී සියල්ල මිශ්‍ර වූ වනය යොදුනක් පමණ පලල් වූයේමය. ඒවා පිරිවරා සිටි ඉන් අනතුරුව වූ, ඇතුන්ගේ ඉගටිය පමණ වූ ජලයෙහි යොදුනක් පළලැති රත්හැල් වනයයි. ඉන් අනතුරුව දිය කෙළවරෙහි නිල් කහ රතු සුදු පැහැයෙන් අලංකාර වූ මල්වලින් ගැවසීගත් කුඩා ගස් ඇති වනයයි. මෙසේ මේ දසවනයෝ යොදුනක් පළල ඇත්තෝමය. අනතුරුව මහ මෑ වනයයි. අනතුරුව මුං වනයයි. ඉන් අනතුරුව පුහුල් කැකිරි ලබු කොමඩු යන මේ වැල් ඇති වනයෝය. අනතුරුව පුවක් ගස් පමණ වූ උක් වනයයි. අනතුරුව ඇත් දළ පමණ වූ කෙසෙල් වනයයි. අනතුරුව සල් වනයයි. ඉන් අනතුරුව සැළි පමණ වන කොස් වනයයි. අනතුරුව මිහිරි ගෙඩි ඇති සියඹලා වනයයි. අනතුරුව දිවුල් වනයයි. අනතුරුව මිශ්‍ර වූ මහ වන ලැහැබයි. ඉන් අනතුරුව උණ වනයයි. මේ මොහුට මේ කාලයෙහි වූ සම්පත්තියයි. සංයුක්ත නිකාය අටුවාවෙහි වනාහි දැන් පවත්නා වූ සම්පත්තීන්ට කියන ලදි.

වෙළුවනං පන පරික‍්ඛිපිත්‍වා සත‍්ත පබ‍්බතා ඨිතා. තෙසං බාහිරන‍්තතො පට‍්ඨාය පඨමො චූළකාළපබ‍්බතො නාම, දුතියො මහාකාළපබ‍්බතො නාම, තතො උදකපබ‍්බතො නාම, තතො චන්‍දිමපස‍්සපබ‍්බතො නාම, තතො සූරියපස‍්සපබ‍්බතො නාම, තතො මණිපස‍්සපබ‍්බතො නාම, සත‍්තමො සුවණ‍්ණපස‍්සපබ‍්බතො නාම. සො උබ‍්බෙධතො සත‍්තයොජනිකො ඡද‍්දන‍්තදහං පරික‍්ඛිපිත්‍වා පත‍්තස‍්ස මුඛවට‍්ටි විය ඨිතො. තස‍්ස අබ‍්භන‍්තරිමං පස‍්සං සුවණ‍්ණවණ‍්ණං, තතො නික‍්ඛන‍්තෙන ඔභාසෙන ඡද‍්දන‍්තදහො සමුග‍්ගතබාලසූරියො විය හොති. බාහිරපබ‍්බතෙසු පන එකො උබ‍්බෙධතො ඡයොජනිකො, එකො පඤ‍්ච, එකො චත‍්තාරි, එකො තීණි, එකො ද‍්වෙ, එකො යොජනිකො, එවං සත‍්තපබ‍්බතපරික‍්ඛිත‍්තස‍්ස පන තස‍්ස දහස‍්ස පුබ‍්බුත‍්තරකණ‍්ණෙ උදකවාතප‍්පහරණොකාසෙ මහානිග්‍රොධරුක‍්ඛො අත්‍ථි. තස‍්ස ඛන්‍ධො පරික‍්ඛෙපතො පඤ‍්චයොජනිකො, උබ‍්බෙධතො සත‍්තයොජනිකො, චතූසු දිසාසු චතස‍්සො සාඛා ඡයොජනිකා, උද‍්ධං උග‍්ගතසාඛාපි ඡයොජනිකාව, ඉති සො මූලතො පට‍්ඨාය උබ‍්බෙධෙන තෙරසයොජනිකො, සාඛානං ඔරිමන‍්තතො යාව පාරිමන‍්තා ද‍්වාදසයොජනිකො, අට‍්ඨහි පාරොහසහස‍්සෙහි පටිමණ‍්ඩිතො මුණ‍්ඩමණිපබ‍්බතො විය විලාසමානො තිට‍්ඨති. ඡද‍්දන‍්තදහස‍්ස පන පච‍්ඡිමදිසාභාගෙ සුවණ‍්ණපස‍්සපබ‍්බතෙ ද‍්වාදසයොජනිකා කඤ‍්චනගුහා තිට‍්ඨති. ඡද‍්දන‍්තො නාම නාගරාජා වස‍්සාරත‍්තෙ හෙමන‍්තෙ අට‍්ඨසහස‍්සනාගපරිවුතො කඤ‍්චනගුහායං වසති. ගිම‍්හකාලෙ උදකවාතං සම‍්පටිච‍්ඡමානො මහානිග්‍රොධමූලෙ පාරොහන‍්තරෙ තිට‍්ඨතී.

උණ වනය වටකර පර්වත සතක් සිටියේය. ඔවුන්ගේ පිටත කෙළවර පටන් පළමුවැන්න චූල කාල නම් පර්වතයයි. දෙවැන්න මහා කාලනම් පර්වතයයි. අනතුරුව උදක පාර්ශ්ව පර්වතයයි. අනතුරුව චන්ද්‍ර පාර්ශ්ව නම් පර්වතයයි. අනතුරුව සූර්ය පාර්ශ්ව නම් පර්වතයයි. අනතුරුව මැණික් පාර්ශ්ව නම් පර්වතයයි. සත්වැන්න ස්වර්ණ පාර්ශ්ව පර්වතය නම් වේ. එය උසින් සත්යොදුන් වෙයි. ඡද්දන්ත විල වටකොට පැමිණියහුට මුවවිටක් මෙන් සිටියේය. එහි ඇතුල්පස රන්වන් වේ. ඉන් නික්මුණ කාන්තියෙන් ඡද්දන්ත විල ළහිරු මෙන් වෙයි. පිටත පර්වතයන් අතර එකක් උසින් යොදුන් සයකි. එකක් පසකි. එකක් සතරකි. එකක් තුනකි. එකක් දෙකකි. එකක් යොදුනක් වේ. මෙසේ පර්වත සතකින් වටකරන ලද ඒ ඡද්දන්ත පර්වතයේ ඊසානදිග කොණෙහි දියමුසු සුළඟ වදින අවකාශයෙහි මහ නුගරුකක් ඇත. එහි කඳ වටින් පසු යොදුනකි. උසින් සත්යොදුන් වේ. සිව්දිශාවන්හි අතු සතර යොදුන් සයක් වේ. උඩට නැගි අත්තද යොදුන් සයක් වූයේමය. මෙසේ ඒ ගස මුල පටන් උසින් තුදුස් යොදුනක්ම වෙයි. අතුමත්තෙහි හාත්පස දොළොස් යොදුනකි. අටදහසක් ප්‍රරොහයන්ගෙන් (නුගයෙහි කඳෙහි සිට යටට ඇදෙන මුල්) සැරසුනේය. මඩළු මැණික් පර්වතයක් මෙන් බබලමින් සිටී. ඡද්දන්ත විලේ බටහිර දිසාවෙහි ස්වර්ණ පාර්ශ්ව පර්වතයෙහි දොළොස් යොදුන් වූ ගුහාවක් ඇත. එහි ඡද්දන්ත නම් ඇත්රජු වැසි කාලයෙහි අටදහසක් ඇතුන් විසින් පිරිවරන ලද්දේ ඒ රන් ගුහාවෙහි වසයි. ග්‍රීෂ්ම කාලයෙහි ජලය මිශ්‍ර සුළඟ විඳිමින් මහනුගරුක මුල ප්‍රරෝහයන් අතර සිටියි.

අථස‍්ස එකදිවසං “මහාසාලවනං පුප‍්ඵිත”න‍්ති තරුණනාගා ආගන‍්ත්‍වා ආරොචයිංසු. සො සපරිවාරො “සාලකීළං කීළිස‍්සාමී”ති සාලවනං ගන‍්ත්‍වා එකං සුපුප‍්ඵිතං සාලරුක‍්ඛං කුම‍්භෙන පහරි. තදා චූළසුභද‍්දා පටිවාතපස‍්සෙ ඨිතා, තස‍්සා සරීරෙ සුක‍්ඛදණ‍්ඩකමිස‍්සකානි පුරාණපණ‍්ණානි චෙව තම‍්බකිපිල‍්ලිකානි ච පතිංසු. මහාසුභද‍්දා අධොවාතපස‍්සෙ ඨිතා, තස‍්සා සරීරෙ පුප‍්ඵරෙණුකිඤ‍්ජක‍්ඛපත‍්තානි පතිංසු. චූළසුභද‍්දා “අයං නාගරාජා අත‍්තනො පියභරියාය උපරි පුප‍්ඵරෙණුකිඤ‍්ජක‍්ඛපත‍්තානි පාතෙසි, මම සරීරෙ සුක‍්ඛදණ‍්ඩකමිස‍්සානි පුරාණපණ‍්ණානි චෙව තම‍්බකිපිල‍්ලිකානි ච පාතෙසි, හොතු, කාතබ‍්බං ජානිස‍්සාමී”ති මහාසත‍්තෙ වෙරං බන්‍ධි.

ඉක්බිති එක් දිනයක මහ සල් වනය මල්පිපී සිටියේ යයි ඇත් රජුට දැන්වූවාහුය. හෙතෙම පිරිවර සහිතව සල්වන ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමියි ඒ සල් වනයට ගොස් මනාව පිපුනා වූ එක් සල් ගසකට කුම්භස්ථලයෙන් ගැසුවේය. චුල්ල සුභද්‍රා තොමෝ උඩුසුළඟෙහි සිටියාය. ඇගේ සිරුරෙහි වියල් ලී දඬු සහිත පැරණි කොළද දිමියන්ද වැටුනි. මහා සුභද්‍රාව යටි සුළඟෙහි සිටියාය. ඇගේ සිරුරෙහි මල්රේණු මල්කෙසරු මල්පෙති වැටුනි. චූල සුභද්‍රා තොමෝ මේ ඇත් රජු තමාගේ ප්‍රිය වූ භාර්යාව මත්තෙහි මල් රේණු මල්පෙති මල් කෙසරු මල්පෙති විසුරුවීය. මගේ සිරුරෙහි වියලි දඬු සහිත පැරණි පත්‍රයන්ද දිමියන්ද විසුරුවීය. වේවා කළයුත්ත දන්නෙමියි සිතා මහබෝසතුන් කෙරෙහි වෛර බැන්දාය.

අපරම‍්පි දිවසං නාගරාජා සපරිවාරො න‍්හානත්‍ථාය ඡද‍්දන‍්තදහං ඔතරි. අථ ද‍්වෙ තරුණනාගා සොණ‍්ඩාහි උසිරකලාපෙ ගහෙත්‍වා කෙලාසකූටං මජ‍්ජන‍්තා විය න‍්හාපෙසුං. තස‍්මිං න‍්හත්‍වා උත‍්තිණ‍්ණෙ ද‍්වෙ කරෙණුයො න‍්හාපෙසුං. තාපි උත‍්තරිත්‍වා මහාසත‍්තස‍්ස සන‍්තිකෙ අට‍්ඨංසු. තතො අට‍්ඨසහස‍්සනාගාසරං ඔතරිත්‍වා උදකකීළං කීළිත්‍වා සරතො නානාපුප‍්ඵානි ආහරිත්‍වා රජතථූපං අලඞ‍්කරොන‍්තා විය මහාසත‍්තං අලඞ‍්කරිත්‍වා පච‍්ඡා ද‍්වෙ කරෙණුයො අලඞ‍්කරිංසු. අථෙකො හත්‍ථී සරෙ විචරන‍්තො සත‍්තුද‍්දයං නාම මහාපදුමං ලභිත්‍වා ආහරිත්‍වා මහාසත‍්තස‍්ස අදාසි. සො තං සොණ‍්ඩාය ගහෙත්‍වා රෙණුං කුම‍්භෙ ඔකිරිත්‍වා ජෙට‍්ඨකාය මහාසුභද‍්දාය අදාසි. තං දිස‍්වා ඉතරා “ඉදම‍්පි සත‍්තුද‍්දයං මහාපදුමං අත‍්තනො පියභරියාය එව අදාසි, න මය‍්හ”න‍්ති පුනපි තස‍්මිං වෙරං බන්‍ධි.

වෙනත් දවසකද ඇත්රජු පිරිවර සහිතව නෑම පිණිස ඡද්දන්ත විලට බැස්සේය. ඉක්බිති තරුණ ඇතුන් දෙදෙනෙක් සොඬින් ළෙහි හොවාගෙන කෛලාස පර්වතය මඩින්නාහු මෙන් ස්නානය කරවූවාහුය. ඔවුන් නා ගොඩට ආ කල්හි අගමෙහෙසිය ඇතින්නියන් දෙදෙනාද ස්නානය කරවූහ. ඈලාද ගොඩට පැමිණ මහබෝසතුන් සමීපයෙහි සිටියාහුය. අනතුරුව අටදහසක් ඇත්තු විලට බැස ජලක්‍රීඩා කර විලෙන් නොයෙක් මල් ගෙනවුත් රිදී ස්ථූපයක් අලංකාර කරන්නාක් මෙන් මහබෝසතුන් අලංකාර කොට පසුව ඇතින්නියන් දෙදෙනා අලංකාර කළාහුය. ඉක්බිති එක් ඇතෙක් විලෙහි හැසිරෙන්නේ සත්බුමු මහ පියුමක් ලැබ ගෙනවුත් මහබෝසතුන්ට දුන්නේය. හෙතෙම එය සොඬින් ගෙන මල් රේණු කුම්භස්ථලයෙහි විසුරුවා වැඩිමහල් වූ මහා සුභද්‍රාවට දුන්නේය. අනික් තැනැත්තී එය දැක මේ සත්බුමු පියුමද තමාගේ ප්‍රිය භාර්යාවටම දුන්නේය. මට නොදුන්නේ යයි නැවතද ඔහු කෙරෙහි වෛර බැන්දේය.

අථෙකදිවසං බොධිසත‍්තෙ මධුරඵලානි චෙව භිසමුළාලානි ච පොක‍්ඛරමධුනා යොජෙත්‍වා පඤ‍්චසතෙ පච‍්චෙකබුද‍්ධෙ භොජෙන‍්තෙ චූළසුභද‍්දා අත‍්තනා ලද‍්ධඵලාඵලං පච‍්චෙකබුද‍්ධානං දත්‍වා “භන‍්තෙ, ඉතො චවිත්‍වා මද‍්දරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සුභද‍්දා නාම රාජකඤ‍්ඤා හුත්‍වා වයප‍්පත‍්තා බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසිභාවං පත්‍වා තස‍්ස පියා මනාපා තං අත‍්තනො රුචිං කාරෙතුං සමත්‍ථා හුත්‍වා තස‍්ස ආචික‍්ඛිත්‍වා එකං ලුද‍්දකං පෙසෙත්‍වා ඉමං හත්‍ථිං විසපීතෙන සල‍්ලෙන විජ‍්ඣාපෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ඡබ‍්බණ‍්ණරංසිං විස‍්සජ‍්ජෙන‍්තෙ යමකදන‍්තෙ ආහරාපෙතුං සමත්‍ථා හොමී”ති පත්‍ථනං ඨපෙසි. සා තතො පට‍්ඨාය ගොචරං අග‍්ගහෙත්‍වා සුස‍්සිත්‍වා නචිරස‍්සෙව කාලං කත්‍වා මද‍්දරට‍්ඨෙ රාජඅග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, සුභද‍්දාතිස‍්සා නාමං කරිංසු. අථ නං වයප‍්පත‍්තං බාරාණසිරඤ‍්ඤො අදංසු. සා තස‍්ස පියා අහොසි මනාපා, සොළසන‍්නං ඉත්‍ථිසහස‍්සානං ජෙට‍්ඨිකා හුත්‍වා ජාතිස‍්සරඤාණඤ‍්ච පටිලභි. සා චින‍්තෙසි – “සමිද‍්ධා මෙ පත්‍ථනා, ඉදානි තස‍්ස නාගස‍්ස යමකදන‍්තෙ ආහරාපෙස‍්සාමී”ති. තතො සරීරං තෙලෙන මක‍්ඛෙත්‍වා කිලිට‍්ඨවත්‍ථං නිවාසෙත්‍වා ගිලානාකාරං දස‍්සෙත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි. රාජා “කුහිං සුභද‍්දා”ති වත්‍වා “ගිලානා”ති සුත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා මඤ‍්චකෙ නිසීදිත්‍වා තස‍්සා පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තො පඨමං ගාථමාහ –

ඉක්බිති එක් දවසක බෝධිසත්ත්වයන් මිහිරි ගෙඩිද නෙළුඹුදැලිද පොකුරු මී සමග යොදා පන්සියයක් පසේබුදුවරුන් වළඳවන කල්හි චූල සුභද්‍රා තොමෝ තමා ලබන ලද ලොකු කුඩා ගෙඩි පසේබුදුවරුන්ට දී දැන් මෙතනින් චුත වී මද්දරාජ කුලයෙහි ඉපිද සුභද්‍රා නම් රාජ කන්‍යාව වී වැඩිවියට පත් වූවා බරණැස් රජුගේ අගමෙහෙසිය බවට පත් වී ඔහුට ප්‍රියමනාප වූවා ඔහු තමාගේ කැමැත්තක් කරවන්නට සමර්ථ වී ඔහුට කියා එක් වැද්දෙකු යවා මේ ඇතු විස පොවන ලද හීයෙන් විදවා ජීවිතක්‍ෂයට පමුණුවා සවණක් රැස් විහිදුවන්නා වූ දළ දෙක ගෙන්වා ගන්නට පොහොසත් වෙමියි ප්‍රාර්ථනාවක් තැබීය. ඇය එතැන් පටන් ගොදුරු නොගෙන සුසුම් හෙළමින් සිට නොබෝ දිනකින් කළුරිය කර මදුරට අගමෙහෙසියගේ කුසෙහි උපන්නීය. සුභද්‍රතිස්සා යයි ඇයට නම් කළාහුය. ඉක්බිති සුදුසු වයසට පත් වූ ඇය බරණැස් නුවර රජුට දුන්නාහුය. ඇය ඔහුට ප්‍රියමනාප වූවා සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධානියා වූවා පෙර ජාතීන් සිහි කිරීමේ නුවණද ලැබුවාය. ඇය මෙසේ සිතුවාය. මගේ ප්‍රාර්ථනය මුදුන්පත් වීය. දැන් ඒ ඇතුගේ දළ දෙක ගෙන්වන්නෙමියි යනුවෙනි. ඉක්බිති සිරුර තෙලින් ගල්වා කිළිටි වස්ත්‍රයක් හැඳ ගිලන් වූ අයුරක් දක්වා සිරියහන් ගැබට පිවිස ඇඳෙහි හිඳ ගත්තීය. රජු සුභද්‍රාවන් කොහිදැයි කියා ගිලන් වූවා යයි අසා සිරියහන් ගැබට පිවිස ඇඳෙහි හිඳ ඇයගේ පිට පිරිමදිමින් පළමු ගාථාව කීවේය.

“කිං නු සොචසිනුච‍්චඞ‍්ගි, පණ‍්ඩූසි වරවණ‍්ණිනි; මිලායසි විසාලක‍්ඛි, මාලාව පරිමද‍්දිතා”ති.

කින්නු සොචසි අනුච්චංගි පණ්ඩුසී වරවණ්ණිනී, මිලායසි විසාලක්ඛී මාලාව පිරිමද්දිතා

රන්වන් සිරුර ඇත්තිය, කුමක් නිසා ශෝක කරහිද? උතුම් වර්ණ ඇත්තිය, කුමක් හෙයින් පඬුවන් වූයෙහිද? විශාල වූ ඇස් ඇත්තිය, මඩනා ලද මල්මාලාවක් මෙන් මලානික වෙහිද?

තත්‍ථ අනුච‍්චඞ‍්ගීති කඤ‍්චනසන‍්නිභසරීරෙ. මාලාව පරිමද‍්දිතාති හත්‍ථෙහි පරිමද‍්දිතා පදුමමාලා විය.

එහි අනුච්වංගිී යනු රන් හා සමාන වූ සිරුර ඇත්තිය. මාලාව පිරිමද්දිතා යනු අතින් පිරිමදින ලද පියුම් මල්මාලාවක් මෙන්.

තං සුත්‍වා සා ඉතරං ගාථමාහ –

එය අසා ඇය අනික් ගාථාවක් කීවාය.

“දොහළො මෙ මහාරාජ, සුපිනන‍්තෙනුපජ‍්ඣගා; න සො සුලභරූපොව, යාදිසො මම දොහළො”ති.

2. මහරජතුමනි, මට සිහිනෙන් දොළදුකක් හටගත්තේය. මගේ දොළදුක යම්බඳු වීද එය ලබාගැනීම පහසු නොමැත.

තත්‍ථ න සොති යාදිසො මම සුපිනන‍්තෙනුපජ‍්ඣගා සුපිනෙ පස‍්සන‍්තියා මයා දිට‍්ඨො දොහළො, සො සුලභරූපො විය න හොති, දුල‍්ලභො සො, මය‍්හං පන තං අලභන‍්තියා ජීවිතං නත්‍ථීති අවච.

එහි න සො යනු යම්බඳු වූවක් මගේ සිහිනයෙහි හටගත්තේද, සිහිනය දක්නා වූ මා විසින් ලද දොළදුකක් වීද එය, පහසුවෙන් ලද හැක්කක් මෙන් නොවෙයි. එය ලැබීමට අපහසුය. එය නොලබන්නා වූ මගේ ජීවිතය නැතැයි කීවාය.

තං සුත්‍වා රාජා ගාථමාහ –

ඒ අසා රජු ගාථාවක් කීවේය.

“යෙ කෙචි මානුසා කාමා, ඉධ ලොකම‍්හි නන්‍දනෙ; සබ‍්බෙ තෙ පචුරා මය‍්හං, අහං තෙ දම‍්මි දොහළ”න‍්ති.

3. සිත්ගත් තැනැත්තිය, මෙලොව මිනිසුන් හා සම්බන්ධ වූ යම් කාම සම්පත්තීහු වෙත්ද, ඒ සියල්ල මට බෙහෙවින් සුලභය. මම ඔබගේ දොළදුක සපයා දෙමි.

තත්‍ථ පචුරාති බහූ සුලභා.

එහි පචුරා යනු බෙහෙවින් සුලභයහ.

තං සුත්‍වා දෙවී, “මහාරාජ, දුල‍්ලභො මම දොහළො, න තං ඉදානි කථෙමි, යාවත‍්තකා පන තෙ විජිතෙ ලුද‍්දා, තෙ සබ‍්බෙ සන‍්නිපාතෙථ , තෙසං මජ‍්ඣෙ කථෙස‍්සාමී”ති දීපෙන‍්තී අනන‍්තරං ගාථමාහ –

දේවිය ඒ අසා මගේ දොළදුක ලැබීමට අපහසු වූවකි. එය දැන් නොකියමි. ඔබගේ රටෙහි යම්තාක් වැද්දෝ වෙත්ද ඒ සියල්ලන් රැස් කරව. ඔවුන් මැදදී කියන්නෙමියි දක්වන්නී ඊළග ගාථාව කීවාය.

“ලුද‍්දා දෙව සමායන‍්තු, යෙ කෙචි විජිතෙ තව; එතෙසං අහමක‍්ඛිස‍්සං, යාදිසො මම දොහළො”ති.

4. දේවයන් වහන්ස, ඔබගේ රාජ්‍යයෙහි යම්කිසි වැද්දෝ වෙත්ද, ඔවුන්ට මගේ දොළදුක යම්බඳු දැයි මම කියමි.

රාජා “සාධූ”ති සිරිගබ‍්භා නික‍්ඛමිත්‍වා “යාවතිකා තියොජනසතිකෙ කාසිකරට‍්ඨෙ ලුද‍්දා, තෙසං සන‍්නිපාතත්‍ථාය භෙරිං චරාපෙථා”ති අමච‍්චෙ ආණාපෙසි. තෙ තථා අකංසු. නචිරස‍්සෙව කාසිරට‍්ඨවාසිනො ලුද‍්දා යථාබලං පණ‍්ණාකාරං ගහෙත්‍වා ආගන‍්ත්‍වා ආගතභාවං රඤ‍්ඤො ආරොචාපෙසුං . තෙ සබ‍්බෙපි සට‍්ඨිසහස‍්සමත‍්තා අහෙසුං. රාජා තෙසං ආගතභාවං ඤත්‍වා වාතපානෙ ඨිතො හත්‍ථං පසාරෙත්‍වා තෙසං ආගතභාවං දෙවියා කථෙන‍්තො ආහ –

රජු මැනවයි සිරියහන් ගැබින් නික්මී තුන්සියයක් යොදුන් වූ කසීරට යම් පමණ වැද්දෝ වූවාහුද ඒ සියල්ලන්ට රැස්වීම පිණිස බෙර හසුරුවව් යයි ඇමතියන්ට අණ කරවීය. ඔවුහු එසේ කළාහුය. නොබෝ වේලාවකින්ම කසීරට වැද්දෝ හැකි පමණ පඬුරු ගෙන අවුත් තමා ආ බව රජුට දැන්වූවාහුය. ඒ සියල්ලෝම හැටදහසක් පමණ වූහ. රජු ඔවුන් ආ බව දැන කවුළුවෙහි සිටියේ අත දිගුකර ඔවුන් පැමිණි බව දේවියට කියමින් මේ ගාථාව කීවේය.

“ඉමෙ තෙ ලුද‍්දකා දෙවි, කතහත්‍ථා විසාරදා; වනඤ‍්ඤූ ච මිගඤ‍්ඤූ ච, මමත්‍ථෙ චත‍්තජීවිතා”ති.

5. දේවියනි, ඒ මේ වැද්දෝ කරන ලද පුහුණුවීම් ඇත්තාහුය. නිර්භය වූවාහුය. වනය ගැන දන්නෝය. මෘගයන් පිළිබඳව දන්නෝය. මා සඳහා කරන ලද ජීවිත ඇත්තෝය.

තත්‍ථ ඉමෙ තෙති යෙ ත්‍වං සන‍්නිපාතාපෙසි, ඉමෙ තෙ. කතහත්‍ථාති විජ‍්ඣනඡෙදනෙසු කතහත්‍ථා කුසලා සුසික‍්ඛිතා. විසාරදාති නිබ‍්භයා. වනඤ‍්ඤූ ච මිගඤ‍්ඤූ චාති වනානි ච මිගෙ ච ජානන‍්ති. මමත්‍ථෙති සබ‍්බෙපි චෙතෙ මමත්‍ථෙ චත‍්තජීවිතා, යමහං ඉච‍්ඡාමි, තං කරොන‍්තීති.

එහි ඉමෙ යනු ඔබ යමෙක් රැස්කරවූවෙහිද මේ ඔවුහුය. කතහත්‍ථා යනු විදීම් සිදීම් ආදියෙහි කෘතහස්තයෝය. මනා දක්ෂයෝය. මනාව හික්මුනෝය. විසාරදා යනු බිය නැත්තෝය. වනඤ්ඤු ච මිගඤ්ඤු ච යනු වනයන්ද මුවන්ද දනිත්. මම ත්‍ථෙ යනු මේ සියල්ලෝම මා වෙනුවෙන් හරනා ලද ජීවිත ඇත්තෝ වෙති. යමක් මම කැමති වෙයිද එය කරති යනුයි.

තං සුත්‍වා දෙවී තෙ ආමන‍්තෙත්‍වා ඉතරං ගාථමාහ –

දේවිය ඒ අසා ඔවුන් අමතා වෙනත් ගාථාවක් කීවාය.

“ලුද‍්දපුත‍්තා නිසාමෙථ, යාවන‍්තෙත්‍ථ සමාගතා; ඡබ‍්බිසාණං ගජං සෙතං, අද‍්දසං සුපිනෙ අහං; තස‍්ස දන‍්තෙහි මෙ අත්‍ථො, අලාභෙ නත්‍ථි ජීවිත”න‍්ති.

6. යම්තාක් වැදිපුත්‍රයෝ මෙහි පැමිණියාහුද ඔවුහු අසත්වා. මම සිහිනෙහිදී සවණක් දළ ඇති සුදු ඇතෙකු දුටුවෙමි. මට ඔහුගේ දළවලින් වැඩක් ඇත. (ඉදින්) එය නොලැබීමෙහි මගේ ජීවිතය නැත යි කීවාය.

තත්‍ථ නිසාමෙථාති සුණාථ. ඡබ‍්බිසාණන‍්ති ඡබ‍්බණ‍්ණවිසාණං.

එහි නිසාමෙථ යනු අසව්. ජබ්බිසාණං යනු සයවැදෑරුම් පැහැ ඇති දළය.

තං සුත්‍වා ලුද‍්දපුත‍්තා ආහංසු –

වැදිපුත්‍රයෝ ඒ අසා මෙසේ කීවාහුය.

“න නො පිතූනං න පිතාමහානං, දිට‍්ඨො සුතො කුඤ‍්ජරො ඡබ‍්බිසාණො; යමද‍්දසා සුපිනෙ රාජපුත‍්තී, අක‍්ඛාහි නො යාදිසො හත්‍ථිනාගො”ති.

7. රජදියණියනි, අපගේ පියවරුන් විසින්ද මුත්තනුවරුන් විසින්ද සවණක් පැහැ දළ ඇති ඇතෙක් නොදක්නා ලදි. නොඅසන ලදි. ඔබ යමක් සිහිනයෙහි දක්නා ලදද ඒ ඇත්රජු යම්බඳුදැයි අපට කියව.

තත්‍ථ පිතූනන‍්ති කරණත්‍ථෙ සාමිවචනං. ඉදං වුත‍්තං හොති – දෙවි නෙව අම‍්හාකං පිතූහි, න පිතාමහෙහි එවරූපො කුඤ‍්ජරො දිට‍්ඨපුබ‍්බො, පගෙව අම‍්හෙහි, තස‍්මා අත‍්තනා දිට‍්ඨලක‍්ඛණවසෙන අක‍්ඛාහි නො, යාදිසො තයා දිට‍්ඨො හත්‍ථිනාගොති.

එහි පිතූනං යනු කර්ණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයි. මෙය කියන ලද්දේ වෙයි. දේවියනි, අපගේ පියවරුන් විසින්ද මුත්තනුවරුන් විසින්ද මෙබඳු ඇතෙක් නොදුටු විරූය. අප විසින් නම් කියනුම කවරේද? එහෙයින් තමා විසින් දක්නා ලද ලක්‍ෂණයන් වශයෙන් ඔබ විසින් දක්නා ලද ඇත්රජු යම්බඳුදැයි අපට කියව යි.

අනන‍්තරගාථාපි තෙහෙව වුත‍්තා –

අනතුරුව ගාථාවෝද ඔවුන් විසින්ම කියන ලදහ.

“දිසා චතස‍්සො විදිසා චතස‍්සො, උද‍්ධං අධො දස දිසා ඉමායො; කතමං දිසං තිට‍්ඨති නාගරාජා, යමද‍්දසා සුපිනෙ ඡබ‍්බිසාණ”න‍්ති.

8. දිශාවෝ සතරක් වෙති. අනුදිසාවෝද සතරක් වෙති. උඩ යට යයි මේ දස දිසාවෝ වෙති. යම්හෙයකින් සවණක් පැහැ දළ ඇති ඇත්රජු මින් කවර දිසාවක සිටියිදැයි කියව.

තත්‍ථ දිසාති දිසාසු. කතමන‍්ති එතාසු දිසාසු කතමාය දිසායාති.

එහි දිසා යනු දිශාවන්හි. කතමං යනු මේ දිශාවන් අතරින් කවර දිශාවෙක්හිදැයි යනුවෙනි.

එවං වුත‍්තෙ සුභද‍්දා සබ‍්බෙ ලුද‍්දෙ ඔලොකෙත්‍වා තෙසං අන‍්තරෙ පත්‍ථටපාදං භත‍්තපුටසදිසජඞ‍්ඝං මහාජාණුකං මහාඵාසුකං බහලමස‍්සුතම‍්බදාඨිකං නිබ‍්බිද‍්ධපිඞ‍්ගලං දුස‍්සණ‍්ඨානං බීභච‍්ඡං සබ‍්බෙසං මත්‍ථකමත්‍ථකෙන පඤ‍්ඤායමානං මහාසත‍්තස‍්ස පුබ‍්බවෙරිං සොනුත‍්තරං නාම නෙසාදං දිස‍්වා “එස මම වචනං කාතුං සක‍්ඛිස‍්සතී”ති රාජානං අනුජානාපෙත්‍වා තං ආදාය සත‍්තභූමිකපාසාදස‍්ස උපරිමතලං ආරුය‍්හ උත‍්තරසීහපඤ‍්ජරං විවරිත්‍වා උත‍්තරහිමවන‍්තාභිමුඛං හත්‍ථං පසාරෙත්‍වා චතස‍්සො ගාථා අභාසි –

මෙසේ කී කල්හි සුභද්‍රාව සියළු වැද්දන් දෙස බලා ඔවුන් අතර පැතුරුන පා ඇති බත්මුලක් සේ කෙණ්ඩා ඇති මහත් දණ ඇති මහත් වූ ඉල ඇට ඇති ඝණ වූ රැවුල් ඇති තඹවන් දත් ඇති නිරතුරුව පිඟුවන් ඇස් ඇති අවලක්‍ෂණ වූ පිළිකුල් සහගත පෙනුම ඇති සියල්ලන් මත්තෙන් පෙනෙන මහබෝසතුන්ගේ පෙර වෛරී වූ සෝනුත්තර නම් වැද්දෙකු දැක මෙතෙමේ මගේ වචනය කරන්නට හැකි වන්නේ යයි රජු අනුදන්වා ඔහු ගෙන සත්බුමු ප්‍රාසාදයේ මතුමහල්තලයට නැග උතුරු සීමැදුරු කවුළුව විවෘතකර උතුරු හිමවතට අභිමුඛව අතදිගහැර ගාථා සතරක් කීවාය.

“ඉතො උජුං උත‍්තරියං දිසායං, අතික‍්කම‍්ම සො සත‍්ත ගිරී බ්‍රහ‍්මන‍්තෙ; සුවණ‍්ණපස‍්සො නාම ගිරී උළාරො, සුපුප‍්ඵිතො කිම‍්පුරිසානුචිණ‍්ණො.

9. මෙයින් උතුරු දිශාවෙහි කෙලින්ම මහා පර්වත හතක් ඇත. එය ඉක්මවූ තැන කිඳුරන් විසින් ගැවසී ගත් මනාව පිපුන මල් ඇති ස්වර්ණ පාර්ශ්ව නම් මහ පර්වතය වෙයි.

“ආරුය‍්හ සෙලං භවනං කින‍්නරානං, ඔලොකය පබ‍්බතපාදමූලං; අථ දක‍්ඛසී මෙඝසමානවණ‍්ණං, නිග්‍රොධරාජං අට‍්ඨසහස‍්සපාදං.

10. කිඳුරන්ගේ වාසස්ථානය වූ ඒ පර්වතයට නැගී පර්වතය පාමුල බලව. අනතුරුව වැහිවළාකුලට සමාන පැහැ ඇති අටදහසක් මුල් ඇති මහ නුගගසක් දක්නෙහිය.

“තත්‍ථච‍්ඡතී කුඤ‍්ජරො ඡබ‍්බිසාණො, සබ‍්බසෙතො දුප‍්පසහො පරෙභි; රක‍්ඛන‍්ති නං අට‍්ඨසහස‍්සනාගා, ඊසාදන‍්තා වාතජවප‍්පහාරිනො.

11. එහි සවණක් පැහැ දළ ඇති අනිකෙකු විසින් මැඩලිය නොහැකි මුළුමනින්ම සුදුවන් වූ ඇත් රජු වාසය කරයි නඟුල් හිසකට සමාන දළ ඇති වාත වේගයෙන් පහරදෙන්නා වූ අටදහසක් ඇත්තු ඔහුව ආරක්ෂා කරත්.

“තිට‍්ඨන‍්ති තෙ තුමූලං පස‍්සසන‍්තා, කුප‍්පන‍්ති වාතස‍්සපි එරිතස‍්ස; මනුස‍්සභූතං පන තත්‍ථ දිස‍්වා, භස‍්මං කරෙය්‍යුං නාස‍්ස රජොපි තස‍්සා”ති.

12. ඔවුහු බියකරු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. ඔවුහු කම්පා වූ වාතයටද කිපෙත්. එහි මිනිස් වූවෙකු දැක අළු කරත්. ඔහුගේ දූවිලිද නොවන්නේය.

තත්‍ථ ඉතොති ඉමම‍්හා ඨානා. උත‍්තරියන‍්ති උත‍්තරාය. උළාරොති මහා ඉතරෙහි ඡහි පබ‍්බතෙහි උච‍්චතරො. ඔලොකයාති ආලොකෙය්‍යාසි. තත්‍ථච‍්ඡතීති තස‍්මිං නිග්‍රොධමූලෙ ගිම‍්හසමයෙ උදකවාතං සම‍්පටිච‍්ඡන‍්තො තිට‍්ඨති. දුප‍්පසහොති අඤ‍්ඤෙ තං උපගන‍්ත්‍වා පසය‍්හකාරං කාතුං සමත්‍ථා නාම නත්‍ථීති දුප‍්පසහො පරෙභි. ඊසාදන‍්තාති රථීසාය සමානදන‍්තා. වාතජවප‍්පහාරිනොති වාතජවෙන ගන‍්ත්‍වා පච‍්චාමිත‍්තෙ පහරණසීලා එවරූපා අට‍්ඨසහස‍්සනාගා නාගරාජානං රක‍්ඛන‍්ති. තුමූලන‍්ති භිංසනකං මහාසද‍්දානුබන්‍ධං අස‍්සාසං මුඤ‍්චන‍්තා තිට‍්ඨන‍්ති. එරිතස‍්සාති වාතපහරිතස‍්ස යං සද‍්දානුබන්‍ධං එරිතං චලනං කම‍්පනං, තස‍්සපි කුප‍්පන‍්ති, එවංඵරුසා තෙ නාගා. නාස‍්සාති තස‍්ස නාසවාතෙන විද‍්ධංසෙත්‍වා භස‍්මං කතස‍්ස තස‍්ස රජොපි න භවෙය්‍යාති.

එහි ඉතො යනු මේ තැනින්. උත්තරියං යනු උතුරු දෙසෙහි. උළාරො යනු මහත් වූ. සෙසු පර්වත සයට වඩා උස් වූ. ඔලොකය යනු බලව. තත්‍ථච්ඡති යනු ඒ නුග ගස මුල ජලය මුසු සුළඟ පිළිගනිමින් සිටියි. දුප්පසභො යනු ඔහු වෙත එළඹ බලහත්කාරකමක් කරන්නට සමත් වූ අනෙකෙක් නම් නැතැයි දුප්පසහ වෙයි. ඊසාදන්තා යනු රිය හිසක් හා සමාන දළ ඇති. වාතජවප්පහාරිනො යනු වාත වේගයෙන් ගොස් පසමිතුරන්ට පහරදෙන සුළු. තුමුලං යනු හිංසා උපදවන සුළු මහත් වූ ශබ්දයක් අනුගත වූ ආශ්වාස ප්‍රශ්වාස වාතය මුදමින් සිටිති. ඵරිතස්ස යනු සුළං පහරින් පහරන ලද. යම් ශබ්දයක් හා සම්බන්ධ වූ සෙළවීමක් සැලීමක් කම්පාවීමක් වේද ඊටද කිපෙත්. ඒ ඇත්තු මෙලෙස පරුෂයහ. නාස්සා යනු නාසගත වාතයෙන්ම වනසා අළුකළ ඔහුගේ දූවිලිද නොවන්නේය.

තං සුත්‍වා සොනුත‍්තරො මරණභයභීතො ආහ –

ඒ අසා මරණ බියෙන් බියපත් වූ සෝනුත්තර තෙමේ

“බහූ හිමෙ රාජකුලම‍්හි සන‍්ති, පිළන්‍ධනා ජාතරූපස‍්ස දෙවි; මුත‍්තා මණී වෙළුරියාමයා ච, කිං කාහසි දන‍්තපිළන්‍ධනෙන; මාරෙතුකාමා කුඤ‍්ජරං ඡබ‍්බිසාණං, උදාහු ඝාතෙස‍්සසි ලුද‍්දපුත‍්තෙ”ති.

13. දෙවියනි, මේ රජ මාළිගයෙහි රනින් කරන ලද බොහෝ පළඳනාවෝ ඇත. මුතුමැණික් වෛඩූර්යමය පළඳනාවෝද වෙති. දළවලින් කළ පළඳනාවකින් කුමක් කරහිද? සවණක් පැහැ ඇති ඇතු මරනු කැමැත්තීද එසේ නැතිනම් වැදිපුත්‍රයන් නසන්නෙහිදැයි කීවේය.

තත්‍ථ පිළන්‍ධනාති ආභරණානි. වෙළුරියාමයාති වෙළුරියමයානි. ඝාතෙස‍්සසීති උදාහු පිළන්‍ධනාපදෙසෙන ලුද‍්දපුත‍්තෙ ඝාතාපෙතුකාමාසීති පුච‍්ඡති. තතො දෙවී ගාථමාහ –

එහි පිළන්‍ධනා යනු ආභරණයෝ. වෙළුරියාමයා යනු වෛඩූර්යය මාණික්‍යමය වූ. ඝාතෙස්සසි යනු නැතහොත් ආභරණයක ව්‍යාජයෙන් වැදිපුත්‍රයන් නසන්නට කැමති වන්නෙහිදැයි අනතුරුව දේවිය ගාථාවක් කීවාය.

“සා ඉස‍්සිතා දුක‍්ඛිතා චස‍්මි ලුද‍්ද, උද‍්ධඤ‍්ච සුස‍්සාමි අනුස‍්සරන‍්තී; කරොහි මෙ ලුද‍්දක එතමත්‍ථං, දස‍්සාමි තෙ ගාමවරානි පඤ‍්චා”ති.

14. වැදිපුත්‍රය, ඒ මම හටගත් ඊර්ෂ්‍යා ඇත්තෙම් දුකට පත්වූවාද වෙමි. එය සිහිකරන්නී මත්තෙහි සුසුම් හෙළමි. වැදිපුත්‍රය, මා පිළිබඳ වූ මේ කරුණ කරව. ඔබට ගම්වර පහක් දෙමි.

තත්‍ථ සාති සා අහං. අනුස‍්සරන‍්තීති තෙන වාරණෙන පුරෙ මයි කතං වෙරං අනුස‍්සරමානා. දස‍්සාමි තෙති එතස‍්මිං තෙ අත්‍ථෙ නිප‍්ඵාදිතෙ සංවච‍්ඡරෙ සතසහස‍්සුට‍්ඨානකෙ පඤ‍්ච ගාමවරෙ දදාමීති.

එහි සා යනු ඒ මම. අනුස්සරන්තී යනු ඒ ඇතා විසින් මා කෙරෙහි කරන ලද වෛරය සිහිකරනු ලබමින්. දස්සාමි තෙ යනු මේ කරුණ සම්පූර්ණ කළ කල්හි ඔබට වසරක් වසරක් පාසා ලක්‍ෂයක් උපදනා ගම්වර පහක් දෙමියි යනුවෙනි.

එවඤ‍්ච පන වත්‍වා “සම‍්ම ලුද‍්දපුත‍්ත අහං ‘එතං ඡද‍්දන‍්තහත්‍ථිං මාරාපෙත්‍වා යමකදන‍්තෙ ආහරාපෙතුං සමත්‍ථා හොමී’ති පුබ‍්බෙ පච‍්චෙකබුද‍්ධානං දානං දත්‍වා පත්‍ථනං පට‍්ඨපෙසිං, මයා සුපිනන‍්තෙන දිට‍්ඨං නාම නත්‍ථි, සා පන මයා පත්‍ථිතපත්‍ථනා සමිජ‍්ඣිස‍්සති, ත්‍වං ගච‍්ඡන‍්තො මා භායී”ති තං සමස‍්සාසෙත්‍වා පෙසෙසි. සො “සාධු, අය්‍යෙ”ති තස‍්සා වචනං සම‍්පටිච‍්ඡිත්‍වා “තෙන හි මෙ පාකටං කත්‍වා තස‍්ස වසනට‍්ඨානං කථෙහී”ති පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

මෙසේද කියා යහළු වැදිපුත්‍රය, මම මේ ඡද්දන්ත ඇතු මරවා දළ දෙක ගෙන එන්නට සමර්ථ වෙමියි පෙර පසේ බුදුවරුන්ට දානයක් දී ප්‍රාර්ථනාවක් තැබුවෙමි. මවිසින් සිහිනෙන් දුටුවක් නම් නැත. මා විසින් පතන ලද ඒ ප්‍රාර්ථනාව සම්පූර්ණ වන්නේය. යන්නා වූ ඔබ බිය නොවව යයි ඔහු අස්වැසීය. හෙතෙම ආර්යාවනි මැනවයි ඇයගේ වචනය පිළිගෙන එසේ වී නම් ඔහු වසන තැන පැහැදිලි කර කියවයි විමසමින් මෙසේ කීවේය.

“කත්‍ථච‍්ඡතී කත්‍ථ මුපෙති ඨානං, වීථිස‍්ස කා න‍්හානගතස‍්ස හොති; කථඤ‍්හි සො න‍්හායති නාගරාජා, කථං විජානෙමු ගතිං ගජස‍්සා”ති.

15. ඒ ඇත් රජු කොහි සිටියිද? කවර තැනකට යයිද? නෑමට යන්නා වූ ඔහුගේ මාර්ගය කවරක් වේද? හෙතෙම කෙසේනම් ස්නානය කරයිද? ඇතාගේ ස්වභාවය කෙසේ නම් දැනගනිමුද?

තත්‍ථ කත්‍ථච‍්ඡතීති කත්‍ථ වසති. කත්‍ථ මුපෙතීති කත්‍ථ උපෙති, කත්‍ථ තිට‍්ඨතීති අත්‍ථො. වීථිස‍්ස කාති තස‍්ස න‍්හානගතස‍්ස කා වීථි හොති, කතරමග‍්ගෙන සො ගච‍්ඡති. කථං විජානෙමු ගතින‍්ති තයා අකථිතෙ මයං කථං තස‍්ස නාගරාජස‍්ස ගතිං විජානිස‍්සාම, තස‍්මා කථෙහි නොති අත්‍ථො.

එහි කත්‍ථච්ඡති යනු කවර තැනක වසයිද? කත්‍ථ මුපෙති ඨානං යනු කොහි සිටීද යන අර්ථයි. වීථීස්ස කා යනු නෑමට යන්නා වූ ඔහුගේ මාර්ගය කවරක් වේද? කිනම් මාර්ගයකින් ඔහු යයිද? කථං විජානෙමු ගතිං යනු ඔබ විසින් නොකී කල්හි අපි ඒ ඇත්තහුගේ ස්වභාවය කෙසේ දන්නෙමුද එහෙයින් අපට කියව යන අර්ථයි.

තතො සා ජාතිස‍්සරඤාණෙන පච‍්චක‍්ඛතො දිට‍්ඨට‍්ඨානං තස‍්ස ආචික‍්ඛන‍්තී ද‍්වෙ ගාථා අභාසි –

අනතුරුව ඇය පෙර ජාතීන් සිහිකිරීමේ නුවණින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දුටු තැන ඔහුට කියන්නී ගාථා දෙකක් ඔහුට කීවාය.

“තත්‍ථෙව සා පොක‍්ඛරණී අදූරෙ, රම‍්මා සුතිත්‍ථා ච මහොදිකා ච; සම‍්පුප‍්ඵිතා භමරගණානුචිණ‍්ණා, එත්‍ථ හි සො න‍්හායති නාගරාජා.

16. ඒ වාසස්ථානය නුදුරෙහිම සිත්කළු වූ මනාව පිහිටි තොට ඇති මහත් වූ ජලය ඇති මනාව පිපුනු මලින් යුත් බඹර සමූහයා විසින් සෙවුනා වූ ඒ (ඡද්දන්ත නම්) පොකුණ වෙයි. ඒ ඇත්රජු මෙහි ස්නානය කරයි.

“සීසං නහාතුප‍්පලමාලභාරී, සබ‍්බසෙතො පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී; ආමොදමානො ගච‍්ඡති සන‍්නිකෙතං, පුරක‍්ඛත්‍වා මහෙසිං සබ‍්බභද‍්ද”න‍්ති.

17. හිස පටන් නෑවේ මහනෙල් මල් දරමින් මුළුමනින්ම සුදුවන් වූ පියුම් බඳු සමින් යුතු සිරුර ඇති සතුටු වෙමින් සබ්බභද්‍රා නම් මෙහෙසිය පෙරටුකොට සිය නිවෙසට යයි යනුවෙනි.

තත්‍ථ තත්‍ථෙවාති තස‍්ස වසනට‍්ඨානෙයෙව. පොක‍්ඛරණීති ඡද‍්දන‍්තදහං සන්‍ධායාහ. සම‍්පුප‍්ඵිතාති දුවිධෙහි කුමුදෙහි තිවිධෙහි උප‍්පලෙහි පඤ‍්චවණ‍්ණෙහි ච පදුමෙහි සමන‍්තතො පුප‍්ඵිතා. එත්‍ථ හි සොති සො නාගරාජා එත්‍ථ ඡද‍්දන‍්තදහෙ න‍්හායති. උප‍්පලමාලභාරීති උප‍්පලාදීනං ජලජථලජානං පුප‍්ඵානං මාලං ධාරෙන‍්තො. පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගීති පුණ‍්ඩරීකසදිසතචෙන ඔදාතෙන අඞ‍්ගෙන සමන‍්නාගතො. ආමොදමානොති ආමොදිතපමොදිතො. සන‍්නිකෙතන‍්ති අත‍්තනො වසනට‍්ඨානං. පුරක‍්ඛත්‍වාති සබ‍්බභද‍්දං නාම මහෙසිං පුරතො කත්‍වා අට‍්ඨහි නාගසහස‍්සෙහි පරිවුතො අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡතීති.

එහි තත්‍ථෙච යනු ඒ වාසය කරන ස්ථානයෙහිම. පොක්ඛරණී යනු ඡද්දන්ත විල අරභයා කියන ලදි. සමපුප්ඵිතා යනු ද්විවිධ වූ කුමුදුවලින්ද ත්‍රිවිධ වූ මානෙල් මල්වලින්ද පස්පැහැ පියුම්වලින්ද හාත්පසින් පිපුනා වූ. එත්‍ථ හි සො යනු ඇත්රජු මේ ඡද්දන්ත විලෙහි ස්නානය කරයි. උප්පලමාලධාරී යනු උපුල් ආදී ජලයෙහි හා ගොඩෙහි හටගත් මල්වලින් කළ මාලාවක් දරමින්. පුණ්ඩරීකත්තචංගී යනු පියුම් හා සමාන වූ සමින් යුත් සුදුපාටැති අවයවයන්ගෙන් යුක්ත වූ. ආමොදමානො සතුටුවෙමින් ප්‍රමුදිත වෙමින්. සන්නකෙතං තමාගේ වාසස්ථානයට. පුරක්ඛත්‍වා යනු සර්ව සුභද්‍රා නම් මෙහෙසිය පෙරටු කර ඇතුන් අටදහසින් පිරිවරන ලද්දේ තමාගේ වාසස්ථානයට යයි යයි කීවේය.

තං සුත්‍වා සොනුත‍්තරො “සාධු අය්‍යෙ, අහං තං වාරණං මාරෙත්‍වා තස‍්ස දන‍්තෙ ආහරිස‍්සාමී”ති සම‍්පටිච‍්ඡි. අථස‍්ස සා තුට‍්ඨා සහස‍්සං දත්‍වා “ගෙහං තාව ගච‍්ඡ, ඉතො සත‍්තාහච‍්චයෙන තත්‍ථ ගමිස‍්සසී”ති තං උය්‍යොජෙත්‍වා කම‍්මාරෙ පක‍්කොසාපෙත්‍වා “තාතා අම‍්හාකං වාසිඵරසු-කුද‍්දාල-නිඛාදන-මුට‍්ඨිකවෙළුගුම‍්බච‍්ඡෙදන-සත්‍ථ-තිණලායන-අසිලොහදණ‍්ඩකකචඛාණුක- අයසිඞ‍්ඝාටකෙහි අත්‍ථො, සබ‍්බං සීඝං කත්‍වා ආහරථා”ති ආණාපෙත්‍වා චම‍්මකාරෙ පක‍්කොසාපෙත්‍වා “තාතා අම‍්හාකං කුම‍්භභාරගාහිතං චම‍්මභස‍්තං කාතුං වට‍්ටති, චම‍්මයොත‍්තවරත‍්තහත්‍ථිපාදඋපාහනචම‍්මඡත‍්තෙහිපි නො අත්‍ථො, සබ‍්බං සීඝං කත්‍වා ආහරථා”ති ආණාපෙසි. තෙ උභොපි සබ‍්බානි තානි සීඝං කත්‍වා ආහරිත්‍වා අදංසු. සා තස‍්ස පාථෙය්‍යං සංවිදහිත්‍වා අරණිසහිතං ආදිං කත්‍වා සබ‍්බං උපකරණඤ‍්ච බද‍්ධසත‍්තුමාදිං කත්‍වා පාථෙය්‍යඤ‍්ච චම‍්මභස‍්තායං පක‍්ඛිපි, තං සබ‍්බම‍්පි කුම‍්භභාරමත‍්තං අහොසි.

සොණුත්තර නම් වැද්දා ඒ අසා ආර්යාවනි, යහපති. මම ඒ ඇතා මරා දළ ගෙන එන්නෙමියි පිළිගත්තේය. ඉක්බිති ඇය ඔහු පිළිබඳව සතුටු වී දහසක් දී පළමුකොට ගෙදර යව. මින් සත්දිනක් ඇවෑමෙන් එහි යන්නෙහිය යයි ඔහු පිටත් කර යවා කර්මාන්තකරුවන් කැඳවා දරුවනි, අපට වෑ-පොරෝ-උදළු-හාරන ආයුධ-ගුටි අනින ආයුධ (කලාකිරිඤ්ඤ) කැති-කඩු-යකඩ පොලු-යුද්ධ සැට්ට-කණු-යකඩ කතිර යන මේවායෙන් ප්‍රයෝජන ඇත. සියල්ල වහා සකසා ගෙන එව් යයි අණ කර සම්කරුවන් කැඳවා දරුවනි, අපට කළයන්හි බර ඉසිලිය හැකි සම් පසුම්බියක් කිරීමට වටී. සම් යොත් වරපට ඇත් පාදයන්ට පාවහන් වූ සම් කූඩයකින්ද අපට ප්‍රයෝජන ඇත. සියල්ල වහා සකසා ගෙන එව් යැයි ඇණවීය. අනතුරුව දෙදෙනාම සියල්ල වහා සකසා ගෙනවුත් දුන්නාහුය. ඇය ඔහුට මාර්ගෝපකරණ සකසා දී ගිණිදඬු ආදීකොට ඇති සියළු මාර්ගෝපකරණද සම් පසුම්බියෙහි දැමුවාය. ඒ සියල්ල කුඹල් බරක් පමණ වීය.

සොනුත‍්තරොපි අත‍්තනො පරිවච‍්ඡං කත්‍වා සත‍්තමෙ දිවසෙ ආගන‍්ත්‍වා දෙවිං වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං සා “නිට‍්ඨිතං තෙ සම‍්ම සබ‍්බූපකරණං, ඉමං තාව පසිබ‍්බකං ගණ‍්හා”ති ආහ. සො පන මහාථාමො පඤ‍්චන‍්නං හත්‍ථීනං බලං ධාරෙති, තස‍්මා තම‍්බූලපසිබ‍්බකං විය උක‍්ඛිපිත්‍වා උපකච‍්ඡන‍්තරෙ ඨපෙත්‍වා රිත‍්තහත්‍ථො විය අට‍්ඨාසි. සුභද‍්දා ලුද‍්දස‍්ස පුත‍්තදාරානං පරිබ‍්බයං දත්‍වා රඤ‍්ඤො ආචික‍්ඛිත්‍වා සොනුත‍්තරං උය්‍යොජෙසි. සොපි රාජානඤ‍්ච දෙවිඤ‍්ච වන්‍දිත්‍වා රාජනිවෙසනා ඔරුය‍්හ රථෙ ඨත්‍වා මහන‍්තෙන පරිවාරෙන නගරා නික‍්ඛමිත්‍වා ගාමනිගමජනපදපරම‍්පරාය පච‍්චන‍්තං පත්‍වා ජානපදෙ නිවත‍්තෙත්‍වා පච‍්චන‍්තවාසීහි සද‍්ධිං අරඤ‍්ඤං පවිසිත්‍වා මනුස‍්සපථං අතික‍්කම‍්ම පච‍්චන‍්තවාසිනොපි නිවත‍්තෙත්‍වා එකකොව ගච‍්ඡන‍්තො තිංසයොජනං පත්‍වා පඨමං දබ‍්බගහනං කාසගහනං තිණගහනං තුලසිගහනං සරගහනං තිරිවච‍්ඡගහනන‍්ති ඡ ගහනානි, කණ‍්ටකවෙළුගුම‍්බගහනානි වෙත‍්තගහනං ඔමිස‍්සකගහනං නළගහනං සරගහනසදිසං උරගෙනපි දුබ‍්බිනිවිජ‍්ඣං ඝනවනගහනං රුක‍්ඛගහනං වෙළුගහනං අපරම‍්පි වෙළුගුම‍්බගහනං කලලගහනං උදකගහනං පබ‍්බතගහනන‍්ති අට‍්ඨාරස ගහනානි පටිපාටියා පත්‍වා දබ‍්බගහනාදීනි අසිතෙන ලායිත්‍වා තුලසිගහනාදීනි වෙළුගුම‍්බච‍්ඡෙදනසත්‍ථෙන ඡින්‍දිත්‍වා රුක‍්ඛෙ ඵරසුනා කොට‍්ටෙත්‍වා අතිමහන‍්තෙ රුක‍්ඛෙ නිඛාදනෙන විජ‍්ඣිත්‍වා මග‍්ගං කරොන‍්තො වෙළුවනෙ නිස‍්සෙණිං කත්‍වා වෙළුගුම‍්බං ආරුය‍්හ වෙළුං ඡින්‍දිත්‍වා අපරස‍්ස වෙළුගුම‍්බස‍්ස උපරි පාතෙත්‍වා වෙළුගුම‍්බමත්‍ථකෙන ගන‍්ත්‍වා කලලගහනෙ සුක‍්ඛරුක‍්ඛපදරං අත්‍ථරිත්‍වා තෙන ගන‍්ත්‍වා අපරං අත්‍ථරිත්‍වා ඉතරං උක‍්ඛිපිත්‍වා පුන පුරතො අත්‍ථරන‍්තො තං අතික‍්කමිත්‍වා උදකගහනෙ දොණිං කත්‍වා තාය උදකගහනං තරිත්‍වා පබ‍්බතපාදෙ ඨත්‍වා අයසිඞ‍්ඝාටකං යොත‍්තෙන බන්‍ධිත්‍වා උද‍්ධං ඛිපිත්‍වා පබ‍්බතෙ ලග‍්ගාපෙත්‍වා යොත‍්තෙනාරුය‍්හ වජිරග‍්ගෙන ලොහදණ‍්ඩෙන පබ‍්බතං විජ‍්ඣිත්‍වා ඛාණුකං කොට‍්ටෙත්‍වා තත්‍ථ ඨත්‍වා සිඞ‍්ඝාටකං ආකඩ‍්ඪිත්‍වා පුන උපරි ලග‍්ගාපෙත්‍වා තත්‍ථ ඨිතො චම‍්මයොත‍්තං ඔලම‍්බෙත්‍වා තං ආදාය ඔතරිත්‍වා හෙට‍්ඨිමඛාණුකෙ බන්‍ධිත්‍වා වාමහත්‍ථෙන යොත‍්තං ගහෙත්‍වා දක‍්ඛිණහත්‍ථෙන මුග‍්ගරං ආදාය යොත‍්තං පහරිත්‍වා ඛාණුකං නීහරිත්‍වා පුන අභිරුහති. එතෙනුපායෙන පබ‍්බතමත්‍ථකං අභිරුය‍්හ පරතො ඔතරන‍්තො පුරිමනයෙනෙව පඨමං පබ‍්බතමත්‍ථකෙ ඛාණුකං කොට‍්ටෙත්‍වා චම‍්මපසිබ‍්බකෙ යොත‍්තං බන්‍ධිත්‍වා ඛාණුකෙ වෙඨෙත්‍වා සයං අන‍්තොපසිබ‍්බකෙ නිසීදිත්‍වා මක‍්කටකානං මක‍්කටසුත‍්තවිස‍්සජ‍්ජනාකාරෙන යොත‍්තං විනිවෙඨෙන‍්තො ඔතරති. චම‍්මඡත‍්තෙන වාතං ගාහාපෙත්‍වා සකුණො විය ඔතරතීතිපි වදන‍්තියෙව.

සෝණුත්තරද තමාගේ සූදානම් වීම් කර සත්වන දවස්හි අවුත් දේවිය වැඳ සිටියේය. ඉක්බිති ඇය ඔහුට කියනුයේ ඔබගේ සියළු මාර්ගෝපකරණ සකසා නිමවීය. මේ පසුම්බිය ගනුවයි කීවාය. හෙතෙම මහත් වූ ශක්ති සම්පන්නයෙකි. ඇතුන් පස්දෙනෙකුගේ බලය දරයි. එහෙයින් බුලත් පසුම්බියක් මෙන් ඔසවා කිහිල්ලෙහි තබා හිස් වූ අත ඇත්තෙකු මෙන් සිටියේය. සුභද්‍රා තොමෝ වැද්දාගේ දරුවන්ට වියදම් දී රජුට දන්වා සෝනුත්තරව පිටත් කර හැරියේය. ඔහු ද රජු ද දේවිය ද වැඳ රජ මැදුරෙන් බැස රියෙහි සිට මහත් වූ පිරිවර සමග නගරයෙන් නික්මී ගම්නියම්ගම් පිළිවෙලින් පිටිසරට ගොස් ජනපදිකයන් ආපසු යවා පසල්දනව් වැසියන් සමග වනයට පිවිස මිනිස් පථය ඉක්මවා පසල් දනව් වැසියන්ද පෙරලා යවා හුදකලාවම යන්නේ තිස්යොදුනක් ගොස් පළමුව ඉලුක් වනය වැලුක් වනය තණ වනය මදුරුතලා වනය බට වනය කිහිරි වනය යයි කටුලැහැබින් යුක්ත වූ වන ගහනයන් සයක්ද තවද කටුවනය කිහිරි වනය මිශ්‍ර වනය බටවනය හීන්බට වනය යයි උරගයෙකු විසින්ද පිවිසිය නොහැකි ඝන වන ගහණය. උණ ගහණය. මඩ ගහණය. ජල ගහණය. පර්වත ගහණය යයි අටළොස් ගහනයන්ට පිළිවෙලින් එළඹ ඉලුක් වන ආදිය තියුණු දෑකැති ආදියෙන් කපා මදුරුතලා ගහන ආදිය උණගස් ගොමු සිඳින ආයුධයෙන් සිඳ ගස් පොරොවෙන් කොටා ඉතා මහත් වූ ගස් නියනින් විද මාර්ගය සකස් කරන්නේ උණ ගොමු වනයෙහිදී හිනිමගක් කර උණගොමුවෙහි නැගී උණගස් කපා වෙනත් උණ ගොමුවක මත්තෙහි හෙලා උණගොමු මත්තෙන් ගොස් මඩ ගහණයෙහි වියලි දර පුවරුවක් අතුරා එය මතින් ගොස් අනිකක් අතුරා වෙන එකක් ඔසවා නැවත ඉදිරියෙන් අතුරන්නේ එය ඉක්මවා ගොස් ජල ගහනයට පැමිණ ඔරුවක් කර එයින් ජල ගහනය තරණය කර පර්වත පාමුල සිට යකඩ කතිරය යොතින් බැඳ උඩට විසිකර පර්වතයෙහි එල්ලා යොතින් ඒ මතට නැග එහි සිටියේම සම්යොතක් එල්බවා එය ගෙන බැස යටම කණුවෙහි බැඳ යොතින් නැග දියමන්තියක් අග ඇති ලෝහමය දණ්ඩෙන් පර්වතය විද කණුවක් සිටුවා එහි සිට කතිරය ඇද නැවත මත්තෙහි එල්ලා එහි සිටියේ සම්යොත එල්බවා එය ගෙන බැස යට කනුවෙහි බැඳ යොතින් නැග වම්අතින් යොත ගෙන දකුණු අතින් මුගුරක් ගෙන යොතට ගසා කණුව බැහැර කොට නැවත නැංගේය. මේ ක්‍රමයෙන් පර්වතය මත්තට නැග අනික් පැත්තෙන් බසිනුයේ පෙර පරිද්දෙන්ම පළමු පර්වතය මත කනුවක් කොටා සම් පසුම්බියෙහි යොත බැඳ කනුවෙහි වෙලා තමා පසුම්බිය ඇතුළත හිඳ මකුළුවන්ගේ මකුළු නූල් විසඳනා ආකාරයෙන් යොත වෙළමින් බැස්සේය. සම් කූඩයෙන් වාතය ගන්වාගෙන කුරුල්ලෙකු මෙන් බැස්සේයයිද කියත්මය.

එවං තස‍්ස සුභද‍්දාය වචනං ආදාය නගරා නික‍්ඛමිත්‍වා සත‍්තරස ගහනානි අතික‍්කමිත්‍වා පබ‍්බතගහනං පත්‍වා තත්‍රාපි ඡ පබ‍්බතෙ අතික‍්කමිත්‍වා සුවණ‍්ණපස‍්සපබ‍්බතමත්‍ථකං ආරුළ‍්හභාවං ආවිකරොන‍්තො සත්‍ථා ආහ –

මෙසේ ඔහු සුභද්‍රාවගේ වචනය ගෙන නගරයෙන් නික්මී දාහත් දුර්ගයන් ඉක්මවා පර්වත දුර්ගයට පැමිණ එහිද පර්වත සයක් ඉක්මවා ස්වර්ණ පාර්ශ්ව පර්වතය මත්තට නැගි බව ප්‍රකට කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“තත්‍ථෙව සො උග‍්ගහෙත්‍වාන වාක්‍යං, ආදාය තූණිඤ‍්ච ධනුඤ‍්ච ලුද‍්දො; විතුරියති සත‍්ත ගිරී බ්‍රහන‍්තෙ, සුවණ‍්ණපස‍්සං නාම ගිරිං උළාරං.

18. ඒ වැද්දා එහිදීම දේවියගේ වචනය ඉගෙනගෙන හියවුරද දුන්නද ගෙන මහත් වූ පර්වත සත තරණය කර මහත් වූ ස්වර්ණ පාර්ශ්ව නම් පර්වතය නැංගේය.

“ආරුය‍්හ සෙලං භවනං කින‍්නරානං, ඔලොකයී පබ‍්බතපාදමූලං; තත්‍ථද‍්දසා මෙඝසමානවණ‍්ණං, නිග්‍රොධරාජං අට‍්ඨසහස‍්සපාදං.

19. කිඳුරන්ගේ නිවාසය වූ පර්වතයට නැග පර්වත පාමුල බැලුවේය. එහි මේඝයකට සමාන වරිණ ඇති අටදහසක් මුල් ඇති නුග ගස දුටුවේය.

“තත්‍ථද‍්දසා කුඤ‍්ජරං ඡබ‍්බිසාණං, සබ‍්බසෙතං දුප‍්පසහං පරෙභි; රක‍්ඛන‍්ති නං අට‍්ඨසහස‍්සනාගා, ඊසාදන‍්තා වාතජවප‍්පහාරිනො.

20. එහි ෂඩ්වර්ණ දළ ඇති මුළුමනින්ම සුදු වූ අන්‍යන් විසින් මැඩලිය නොහැකි ඇතු දුටුවේය. ඔහුව නඟුල් හිස සමාන දළ ඇති වාත වේගයෙන් පහරදෙන අටදහසක් ඇත්තු රකිත්.

“තත්‍ථද‍්දසා පොක‍්ඛරණිං අදූරෙ, රම‍්මං සුතිත්‍ථඤ‍්ච මහොදිකඤ‍්ච; සම‍්පුප‍්ඵිතං භමරගණානුචිණ‍්ණං, යත්‍ථ හි සො න‍්හායති නාගරාජා.

21. එහි යම්තැනක ඒ ඇත්රජු ස්නානය කරයිද ඒ සිත්කළු වූ මනා තොටුපල ඇති මහත් වූ ජලය ඇති පිපුන නොයෙක් මල් ඇති බඹර සමූහයා විසින් ගැවසී ගත් ඒ පොකුණ නුදුරෙහි දුටුවේය.

“දිස‍්වාන නාගස‍්ස ගතිං ඨිතිඤ‍්ච, වීථිස‍්සයා න‍්හානගතස‍්ස හොති; ඔපාතමාගච‍්ඡි අනරියරූපො, පයොජිතො චිත‍්තවසානුගායා”ති.

22. ඇතාගේ ගමනද සිටීමද දැක, ස්නානය සඳහා යන ඔහුගේ යම් මාර්ගයක් වීද එයද දැක, පහත් ස්වභාව ඇති, සිතෙහි වසඟයට ගිය සුභද්‍රාව විසින් මෙහෙයවන ලද වැද්දා බොරු වලකට පැමිණියේය.

තත්‍ථ සොති, භික‍්ඛවෙ, සො ලුද‍්දො තත්‍ථෙව සත‍්තභූමිකපාසාදතලෙ ඨිතාය තස‍්සා සුභද‍්දාය වචනං උග‍්ගහෙත්‍වා සරතූණිඤ‍්ච මහාධනුඤ‍්ච ආදාය පබ‍්බතගහනං පත්‍වා “කතරො නු ඛො සුවණ‍්ණපස‍්සපබ‍්බතො නාමා”ති සත‍්ත මහාපබ‍්බතෙ විතුරියති, තස‍්මිං කාලෙ තුලෙති තීරෙති. සො එවං තීරෙන‍්තො සුවණ‍්ණපස‍්සං නාම ගිරිං උළාරං දිස‍්වා “අයං සො භවිස‍්සතී”ති චින‍්තෙසි. ඔලොකයීති තං කින‍්නරානං භවනභූතං පබ‍්බතං ආරුය‍්හ සුභද‍්දාය දින‍්නසඤ‍්ඤාවසෙන හෙට‍්ඨා ඔලොකෙසි. තත්‍ථාති තස‍්මිං පබ‍්බතපාදමූලෙ අවිදූරෙයෙව තං නිග්‍රොධං අද‍්දස.

එහි සො යනු මහණෙනි, ඒ වැද්දා ඒ සත්බුමු ප්‍රාසාද තලයෙහි සිටියා වූ ඇයගේ වචනය ඉගෙන හියවුරද දුන්නද ගෙන පර්වත දුර්ගයට පැමිණ ස්වර්ණ පාර්ශ්ව පර්වතය කවරක්දැයි සත්මහා පර්වතයන්ගෙන්. විතුරිය යනු එකල්හි. විතුරෙති තීරණය කරයි. හෙතෙම මෙසේ තීරණය කරන්නේ ස්වර්ණ පාර්ශ්ව නම් මහ පර්වතය දැක මෙය ඒ පර්වතය වන්නේ යයි සිතුවේය. ඔලොකයී යනු ඒ කිඳුරන්ගේ නිවාසය වූ පර්වතයට නැග සුභද්‍රාව විසින් දෙන ලද සලකුණු වශයෙන් යට බැලුවේය. තත්‍ථ යනු ඒ පර්වතය පාමුල නුදුරෙහිම ඒ නුග ගස දුටුවේය.

තත්‍ථාති තස‍්මිං නිග්‍රොධරුක‍්ඛමූලෙ ඨිතං. තත්‍ථාති තත්‍ථෙව අන‍්තොපබ‍්බතෙ තස‍්ස නිග්‍රොධස‍්සාවිදූරෙ යත්‍ථ සො න‍්හායති, තං පොක‍්ඛරණිං අද‍්දස. දිස‍්වානාති සුවණ‍්ණපස‍්සපබ‍්බතා ඔරුය‍්හ හත්‍ථීනං ගතකාලෙ හත්‍ථිපාදඋපාහනං ආරුය‍්හ තස‍්ස නාගරඤ‍්ඤො ගතට‍්ඨානං නිබද‍්ධවසනට‍්ඨානං උපධාරෙන‍්තො “ඉමිනා මග‍්ගෙන ගච‍්ඡති, ඉධ න‍්හායති, න‍්හත්‍වා උත‍්තිණ‍්ණො, ඉධ තිට‍්ඨතී”ති සබ‍්බං දිස‍්වා අහිරිකභාවෙන අනරියරූපො තාය චිත‍්තවසානුගාය පයොජිතො, තස‍්මා ඔපාතං ආගච‍්ඡි පටිපජ‍්ජි, ආවාටං ඛණීති අත්‍ථො.

තත්‍ථ යනු ඒ නුග ගස මුල සිටි. තත්‍ථ යනු ඒ පර්වතය තුළම ඒ නුග ගසට නුදුරෙහි යම්තැනක ඒ ඇතා ස්නානය කරයිද ඒ පොකුණ දුටුවේය. දිස්වාන යනු ස්වර්ණ පාර්ශ්ව පර්වතයෙන් බැස ඇතුන් ගියකල්හි ඇත් පා පාවහනට නැග ඒ ඇත්රජු ගිය තැනද නිතර වාසය කරන තැනද සොයා බලනුයේ මේ මාර්ගයෙන් යයි මෙතන්හි ස්නානය කරයි. ස්නානය කර ගොඩට පැමිණියේ මෙහි සිටියි යයි සියල්ල දැක. ලජ්ජා රහිත බව නිසා අනරිය රූපො නම් වේ. ඒ චිත්තවසානුගාය සිතෙහි වසඟයට පත් දේවිය විසින් මෙහෙයවන ලදි. එනිසා බොරු වලකට පැමිණියේය. වලක් සෑරුවේය යන අර්ථයි.

තත්‍රායං අනුපුබ‍්බිකථා – “සො කිර මහාසත‍්තස‍්ස වසනොකාසං සත‍්තමාසාධිකෙහි සත‍්තහි සංවච‍්ඡරෙහි සත‍්තහි ච දිවසෙහි පත්‍වා වුත‍්තනයෙනෙව තස‍්ස වසනොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා “ඉධ ආවාටං ඛණිත්‍වා තස‍්මිං ඨිතො වාරණාධිපතිං විසපීතෙන සල‍්ලෙන විජ‍්ඣිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සාමී”ති වවත්‍ථපෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා ථම‍්භාදීනං අත්‍ථාය රුක‍්ඛෙ ඡින්‍දිත්‍වා දබ‍්බසම‍්භාරෙ සජ‍්ජෙත්‍වා හත්‍ථීසු න‍්හානත්‍ථාය ගතෙසු තස‍්ස වසනොකාසෙ මහාකුද‍්දාලෙන චතුරස‍්සං ආවාටං ඛණිත්‍වා උද‍්ධතපංසුං බීජං වපන‍්තො විය උදකෙන විකිරිත්‍වා උදුක‍්ඛලපාසාණානං උපරි ථම‍්භෙ පතිට‍්ඨපෙත්‍වා තුලා ච කාජෙ ච දත්‍වා පදරානි අත්‍ථරිත්‍වා කණ‍්ඩප‍්පමාණං ඡිද‍්දං කත්‍වා උපරි පංසුඤ‍්ච කචවරඤ‍්ච පක‍්ඛිපිත්‍වා එකෙන පස‍්සෙන අත‍්තනො පවිසනට‍්ඨානං කත්‍වා එවං නිට‍්ඨිතෙ ආවාටෙ පච‍්චූසකාලෙයෙව පතිසීසකං පටිමුඤ‍්චිත්‍වා කාසායානි පරිදහිත්‍වා සද‍්ධිං විසපීතෙන සල‍්ලෙන ධනුං ආදාය ආවාටං ඔතරිත්‍වා අට‍්ඨාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

එහි මේ අනුපිළිවෙල කථාවයි. හෙතෙම මහබෝසතුන්ගේ වසන තැනට සත් අවුරුදු සත්මස් සත්දිනකින් පැමිණ කී පරිද්දෙන්ම ඔහු වසන තැන සලකා මෙහි වලක් සාරා එහි සිටියේ ඇත්රජුට විද මරණයට පමුණුවන්නෙමියි සලකා බලා වනයට පිවිස ටැම් ආදිය සඳහා ගස් කපා උපකරණ සමූහය සූදානම් කර ඇතුන් ස්නානය සඳහා ගියකල්හි ඔහු වාසය කරන තැන්හි මහ උදැල්ලකින් සතරැස් වලක් සාරා උඩට ගත් පස් බිජු වපුරන්නාක් මෙන් ජලයේ විසුරුවා වංගෙඩියක් වැනි ගලක් මත්තෙහි ටැම් පිහිටුවා සමබර කොට පුවරු අතුරා ගෙල පමණ තැන සිදුරක් කර මත්තෙහි පස්ද කසළද දමා එක් පසකින් තමාට පිවිසීම සඳහා තැනක් කර මෙසේ වල කැනීම අවසන් වූ කල්හි උදෑසනම හිස් ආවරණයක් පැළඳ කසාවත් හැඳ විස පෙවූ හී සමග දුන්න ගෙන වලට බැස සිටියේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ඛණිත්‍වාන කාසුං ඵලකෙහි ඡාදයි, අත‍්තානමොධාය ධනුඤ‍්ච ලුද‍්දො; පස‍්සාගතං පුථුසල‍්ලෙන නාගං, සමප‍්පයී දුක‍්කටකම‍්මකාරී.

23. නපුරු කටයුතු කරන්නා වූ වැද්දා වලක් සාරා තමාද දුන්නද එහි පිවිසවා පුවරුවලින් වැසුවේය. තමාගේ පැත්තෙන් පැමිණි ඇතුට මහත් වූ හීයෙන් විද්දේය.

“විද‍්ධො ච නාගො කොඤ‍්චමනාදි ඝොරං, සබ‍්බෙ ච නාගා නින‍්නදුං ඝොරරූපං; තිණඤ‍්ච කට‍්ඨඤ‍්ච රණං කරොන‍්තා, ධාවිංසු තෙ අට‍්ඨ දිසා සමන‍්තතො.

24. විදිනා ලද ඇත් රජු භයානක ලෙස කුඤ්චනාද කළේය. සියළුම ඇත්තු භයානක ලෙස නාද කළාහුය. ඒ ඇත්තු තණකොළද දරද සුණුවිසුණු කරමින් හාත්පස අටදිශාවට දිව්වාහුය.

“වධිස‍්සමෙතන‍්ති පරාමසන‍්තො, කාසාවමද‍්දක‍්ඛි ධජං ඉසීනං; දුක‍්ඛෙන ඵුට‍්ඨස‍්සුදපාදි සඤ‍්ඤා, අරහද‍්ධජො සබ‍්භි අවජ‍්ඣරූපො”ති.

25. මොහු මරන්නෙමියි ඝාතකයා සොයනුයේ තවුසන්ගේ ධ්වජය වූ කසාවත දුටුවේය. අරහත් ධ්වජය සත්පුරුෂයන් විසින් හිංසාවට පත් කළ නොයුතු යයි දුකින් ස්පර්ශ කළ ඇතුට හැඟීමක් උපන්නේය.

තත්‍ථ ඔධායාති ඔදහිත්‍වා පවෙසෙත්‍වා. පස‍්සාගතන‍්ති අත‍්තනො ආවාටස‍්ස පස‍්සං ආගතං. සො කිර දුතියදිවසෙ ආගන‍්ත්‍වා න‍්හත්‍වා උත‍්තිණ‍්ණො තස‍්මිං මහාවිසාලමාලකෙ නාම පදෙසෙ අට‍්ඨාසි. අථස‍්ස සරීරතො උදකං නාභිපදෙසෙන ඔගලිත්‍වා තෙන ඡිද‍්දෙන ලුද‍්දස‍්ස සරීරෙ පති. තාය සඤ‍්ඤාය සො මහාසත‍්තස‍්ස ආගන‍්ත්‍වා ඨිතභාවං ඤත්‍වා තං පස‍්සාගතං පුථුනා සල‍්ලෙන සමප‍්පයි විජ‍්ඣි. දුක‍්කටකම‍්මකාරීති තස‍්ස මහාසත‍්තස‍්ස කායිකචෙතසිකස‍්ස දුක‍්ඛස‍්ස උප‍්පාදනෙන දුක‍්කටස‍්ස කම‍්මස‍්ස කාරකො.

එහි ඔධාය යනු දමා පිවිසවා. පස්සාගතං යනු වලෙහි තමාගේ පැත්තෙන් පැමිණි හෙතෙම දෙවන දවස්හි අවුත් නා ගොඩට ආවේ එහි මහා විසාල මාලක නම් පෙදෙසෙහි සිටියේය. ඉක්බිති ඔහුගේ සිරුරෙන් ජලය නැබ පෙදෙසින් වැගිරී ඒ සිදුරෙන් වැද්දාගේ සිරුරෙහි වැටුනි. ඒ සංඥාවෙන් මහබෝසතුන් පැමිණ සිටි බව දැන ඒ පසින් පැමිණියහුට මහත් වූ හීයකින් විදින ලදි. දුක්කට කම්මකාරී යනු ඒ මහබෝසතුන්ගේ කායික වූ හා මානසික වූ දුක ඉපදවීමෙන් නපුරු කටයුත්තක් කරන්නා වීය.

කොඤ‍්චමනාදීති කොඤ‍්චනාදං අකරි. තස‍්ස කිර තං සල‍්ලං නාභියං පවිසිත්‍වා පිහකාදීනි සඤ‍්චුණ‍්ණෙත්‍වා අන‍්තානි ඡින්‍දිත්‍වා පිට‍්ඨිභාගං ඵරසුනා පදාලෙන‍්තං විය උග‍්ගන‍්ත්‍වා ආකාසෙ පක‍්ඛන්‍දි. භින‍්නරජතකුම‍්භතො රජනං විය පහාරමුඛෙන ලොහිතං පග‍්ඝරි, බලවවෙදනා උප‍්පජ‍්ජි. සො වෙදනං අධිවාසෙතුං අසක‍්කොන‍්තො වෙදනාප‍්පත‍්තො සකලපබ‍්බතං එකනින‍්නාදං කරොන‍්තො තික‍්ඛත‍්තුං මහන‍්තං කොඤ‍්චනාදං නදි. සබ‍්බෙ චාති තෙපි සබ‍්බෙ අට‍්ඨසහස‍්සනාගා තං සද‍්දං සුත්‍වා මරණභයභීතා ඝොරරූපං නින‍්නදුං අනුරවං කරිංසු. රණං කරොන‍්තාති තෙන සද‍්දෙන ගන‍්ත්‍වා ඡද‍්දන‍්තවාරණං වෙදනාප‍්පත‍්තං දිස‍්වා “පච‍්චාමිත‍්තං ගණ‍්හිස‍්සාමා”ති තිණඤ‍්ච කට‍්ඨඤ‍්ච චුණ‍්ණවිචුණ‍්ණං කරොන‍්තා සමන‍්තා ධාවිංසු.

කොඤ්චමනාදී යනු කුඤ්චනාද කළේය. ඒ උල ඔහුගේ නැබින් පිවිස බඩදිව ආදිය සුණුවිසුණු කර බඩවැල් ආදියද සිඳ පිට පෙදෙස පොරොවෙන් පළන්නෙකු මෙන් උඩට පැමිණි අහසින් පැන නැගුනි. බිඳුන රිදී කළයකින් සායම් මෙන් පහර දුන් තැන මුවින් ලේ වැගිරෙයි. බලවත් වේදනාවක් උපනි. හෙතෙම වේදනාව ඉවසන්නට නොහැකි වන්නේ වේදනාවෙන් යුක්ත වූයේ සියළු පර්වතය ඒකනින්නාද කරමින් තුන්වරක් මහත් වූ කුඤ්චනාදයක් කළේය. සබ්බෙව යනු සියළු අටදහසක් ඇත්තු ඒ ශබ්දය අසා මරණ බියෙන් බියට පත් වූවාහු භයානක ලෙස නාද කළාහුය. චුණ්ණං කරොන්තො භයානක දරුණු ශබ්දයක් කරන්නාහු ඒ ශබ්දයෙන් අවුත් වේදනාවෙන් යුක්ත වූ ඡද්දන්ත ඇතු දැක පසමිතුරා ගන්නෙමියි තණකොළද දරද සුණු කරමින් දිව්වාහුය.

වධිස‍්සමෙතන‍්ති “භික‍්ඛවෙ, සො ඡද‍්දන‍්තවාරණො දිසා පක‍්කන‍්තෙසු නාගෙසු සුභද‍්දාය කරෙණුයා පස‍්සෙ ඨත්‍වා සන්‍ධාරෙත්‍වා සමස‍්සාසයමානාය වෙදනං අධිවාසෙත්‍වා කණ‍්ඩස‍්ස ආගතට‍්ඨානං සල‍්ලක‍්ඛෙන‍්තො ‘සචෙ ඉදං පුරත්‍ථිමදිසාදීහි ආගතං අභවිස‍්ස, කුම‍්භාදීහි පවිසිත්‍වා පච‍්ඡිමකායීදීහි නික‍්ඛමිස‍්ස, ඉදං පන නාභියා පවිසිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි, තස‍්මා පථවියං ඨිතෙන විස‍්සට‍්ඨං භවිස‍්සතී’ති උපධාරෙත්‍වා ඨිතට‍්ඨානං උපපරික‍්ඛිතුකාමො “කො ජානාති, කිං භවිස‍්සති, සුභද‍්දං අපනෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා “භද‍්දෙ, අට‍්ඨසහස‍්සනාගා මම පච‍්චාමිත‍්තං පරියෙසන‍්තා දිසා පක‍්ඛන්‍දා, ත්‍වං ඉධ කිං කරොසී”ති වත්‍වා, “දෙව, අහං තුම‍්හෙ සන්‍ධාරෙත්‍වා සමස‍්සාසෙන‍්තී ඨිතා, ඛමථ මෙ”ති තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා තාය ආකාසං පක‍්ඛන්‍දාය නාගරාජා භූමිං පාදනඛෙන පහරි, පදරං උප‍්පතිත්‍වා ගතං. සො ඡිද‍්දෙන ඔලොකෙන‍්තො සොනුත‍්තරං දිස‍්වා “වධිස‍්සාමි න”න‍්ති චිත‍්තං උප‍්පාදෙත්‍වා රජතදාමවණ‍්ණසොණ‍්ඩං පවෙසෙත්‍වා පරාමසන‍්තො බුද‍්ධානං ඉසීනං ධජං කාසාවං අද‍්දක‍්ඛි. ලුද‍්දො කාසාවං මහාසත‍්තස‍්ස හත්‍ථෙ ඨපෙසි. සො තං උක‍්ඛිපිත්‍වා පුරතො ඨපෙසි. අථස‍්ස තෙන තථාරූපෙනපි දුක‍්ඛෙන ඵුට‍්ඨස‍්ස “අරහද‍්ධජො නාම සබ‍්භි පණ‍්ඩිතෙහි අවජ‍්ඣරූපො, අඤ‍්ඤදත්‍ථු සක‍්කාතබ‍්බො ගරුකාතබ‍්බොයෙවා”ති අයං සඤ‍්ඤා උදපාදි.

වධිස්ස මෙතං යනු මහණෙනි, ඒ ඡද්දන්ත ඇතා ඇතුන් නොයෙක් දිශාවන්හි පැනගිය කල්හි සුභද්‍රා ඇතින්නිය විසින් පසෙකින් සිටි ඔහු දරා අස්වසමින් සිටින කල්හි වේදනාව ඉවසා ඊතලය පැමිණි තැන සලකමින් ඉදින් මෙය පෙරදිගින් පැමිණියේ වේනම් කුම්භස්ථලය ආදී තැනින් පිවිස පසුකය ආදී තැනින් නික්මෙයි. මෙය නැබින් පිවිස අහසෙහි පැන නැංගේය. එහෙයින් පොළොවෙහි සිටියෙකු විසින් විදින ලද්දක් වන්නේ යයි සලකා සිටි තැන පරීක්‍ෂා කරනු කැමැත්තේ කුමක් වන්නේදැයි කවරෙක් දනීද සුභද්‍රාව ඉවත් කරන්නට වටනේ යයි සිතා සොඳුර, අටදහසක් ඇත්තු මගේ පසමිතුරා සොයමින් ඒ ඒ දිශාවන්හි පිටත්ව ගියාහුය. ඔබ මෙහි කුමක් කරන්නෙහිදැයි කියා දේවයන් වහන්ස, මම ඔබ දරාගෙන අස්වසන්නෙම් සිටියෙමි. මට සමාවෙවයි තෙවරක් පැදකුණු කර සිව් තැනෙක්හි වැඳ ඇය අහසට පැන නැගි කල්හි ඇත්රජු පාදයේ නියෙන් පොළොවෙහි ගැසුවේය. පුවරු උඩට විසිවී ගියේය. හෙතෙම සිදුරෙන් බලනුයේ සෝණුත්තර දැක ඔහු මරන්නෙමියි සිත උපදවා රන්දමක් වැනි සොඬය පිවිසවා ස්පර්ශ කරනුයේ බුද්ධ ආදී සෘෂිවරුන්ගේ ධ්වජය වූ කසාවත දුටුවේය. වැද්දා කසාවත මහබෝසතුන්ගේ අතෙහි තැබුවේය. හෙතෙම ඔහු ඔසවා ඉදිරියෙන් තැබීය. ඉක්බිති එබඳු වූ දුකකින් ස්පර්ශ කළා වූ ඔහුට අර්හත් ධ්වජය නම්. සබ්භි පණ්ඩිතයන් විසින් හිංසා නොකළ යුතුය. අන් පරිද්දකින් නම් සත්කාර කළ යුතුය. ගරු කළ යුතුම යයි යන හැඟීම උපන්නේය.

සො තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො ගාථාද‍්වයමාහ –

හෙතෙම ඔහු සමග කථාබස් කරන්නේ ගාථා දෙකක් කීවේය.

“අනික‍්කසාවො කාසාවං, යො වත්‍ථං පරිදහිස‍්සති; අපෙතො දමසච‍්චෙන, න සො කාසාවමරහති.

26. යමෙක් රාගාදී කෙලෙස් කහටින් යුක්ත වූයේ ඉන්‍ද්‍රිය දමනයෙන් හා වාග් සත්‍යයෙන් තොර වූයේද කසාවත් දරයි නම් හෙතෙම කසාවත් දැරීමට සුදුසු නොවේ.

“යො ච වන‍්තකසාවස‍්ස, සීලෙසු සුසමාහිතො; උපෙතො දමසච‍්චෙන, ස වෙ කාසාවමරහතී”ති.

27. යමෙක් වමාරා දැමූ කෙලෙස් කහට ඇත්තේද සිව්පිරිසිදු සිල්හි මනාව පිහිටියේද ඉන්‍ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් යුක්ත වේද ඔහු කසාවත් දැරීමට සුදුසු වෙයි.

තස‍්සත්‍ථො – සම‍්ම ලුද‍්දපුත‍්ත යො පුරිසො රාගාදීහි කසාවෙහි අනික‍්කසාවො ඉන්‍ද්‍රියදමෙන චෙව වචීසච‍්චෙන ච අපෙතො අනුපගතො තෙහි ගුණෙහි කසාවරසපීතං කාසාවවත්‍ථං පරිදහති, සො තං කාසාවං නාරහති, නානුච‍්ඡවිකො සො තස‍්ස වත්‍ථස‍්ස. යො පන තෙසං කසාවානං වන‍්තත‍්තා වන‍්තකසාවො අස‍්ස සීලෙසු සුසමාහිතො සුපතිට‍්ඨිතො පරිපුණ‍්ණසීලාචාරො, සො තං කාසාවං අරහති නාමාති.

එහි අර්ථය යහළු වැදිපුත්‍රය, යම් පුරුෂයෙක් රාගාදී කෙලෙස් කහටින් යුක්ත වූයේද ඉන්‍ද්‍රිය දමනයෙන්ද වාක් සත්‍යයෙන්ද යුක්ත නොවූයේද තොර වූයේද එවැනි ගුණයන්ගෙන් යුක්ත වූවහු විසින් කහට පැහැය පොවනා ලද කසාවත් දරයිද හෙතෙම ඒ කසාවතට නුසුදුසු වෙයි. හෙතෙම ඒ වස්ත්‍රයට නුසුදුසු වේ. යමෙක් ඒ කහට දුරු කළ හෙයින් වමාරන ලද කිළිටි ඇත්තේ වේද සීලයන්හි මනාව පිහිටියේද පිරිපුන් සිල්හි හැසිරෙන සුළු වේද හෙතෙම මේ කසාවතට සුදුසු වෙයි නමැයි.

එවං වත්‍වා මහාසත‍්තො තස‍්මිං චිත‍්තං නිබ‍්බාපෙත්‍වා “සම‍්ම කිමත්‍ථං ත්‍වං මං විජ‍්ඣසි, කිං අත‍්තනො අත්‍ථාය, උදාහු අඤ‍්ඤෙන පයොජිතොසී”ති පුච‍්ඡි. තමත්‍ථං ආවීකරොන‍්තො සත්‍ථා ආහ –

මහබෝසත් තෙමේ මෙසේ කියා ඔහුගේ සිත නිවා යහළුව, කවර ප්‍රයෝජනයක් සඳහා ඔබ මා විද්දේද? කිම තමාගේ ප්‍රයෝජනයක් සඳහාද නැතහොත් අනිකෙකු විසින් මෙහෙයවන ලද්දේදැයි විචාළේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් මෙසේ වදාළ සේක.

“සමප‍්පිතො පුථුසල‍්ලෙන නාගො, අදුට‍්ඨචිත‍්තො ලුද‍්දකමජ‍්ඣභාසි; කිමත්‍ථයං කිස‍්ස වා සම‍්ම හෙතු, මමං වධී කස‍්ස වායං පයොගො”ති.

28. මහත් වූ ඊතලයකින් විදිනා ලැබූ ඇතා අපිරිසිදු නොවූ සිතින් වැද්දාට මෙසේ කීවේය. යහළුව, කවර ප්‍රයෝජනයක් පතා කවර හේතුවකින් මට විද්දේද? මෙය කවරෙකුගේ මෙහෙයවීමක්ද?

තත්‍ථ කිමත්‍ථයන‍්ති ආයතිං කිං පත්‍ථෙන‍්තො. කිස‍්ස වාති කිස‍්ස හෙතු කෙන කාරණෙන, කිං නාම තව මයා සද‍්ධිං වෙරන‍්ති අධිප‍්පායො. කස‍්ස වාති කස‍්ස වා අඤ‍්ඤස‍්ස අයං පයොගො, කෙන පයොජිතො මං අවධීති අත්‍ථො.

එහි කිමත්‍ථයං යනු මතු කවරක් ප්‍රාර්ථනය කරමින්. කිස්සවා යනු කවරක් හේතු කොටගෙන. කුමන කාරණයකින් කුමකට නම් ඔබගේ මා සමග වෛරයක් ඇති වීදැයි අදහස් කෙරේ. කස්ස වා යනු මෙය අන් කවරෙකුගේ ප්‍රයෝගයක්ද? කවරෙකු විසින් මෙහෙයවන ලද්දේ මට හිංසා කළේදැයි යන අර්ථයි.

අථස‍්ස ආචික‍්ඛන‍්තො ලුද‍්දො ගාථමාහ –

ඉක්බිති වැද්දා ඔහුට ඒ බව කියමින් ගාථාවක් කීවේය.

“කාසිස‍්ස රඤ‍්ඤො මහෙසී භදන‍්තෙ, සා පූජිතා රාජකුලෙ සුභද‍්දා; තං අද‍්දසා සා ච මමං අසංසි, දන‍්තෙහි අත්‍ථොති ච මං අවොචා”ති.

29. පින්වතුන් වහන්ස, කසීරට රජුගේ මෙහෙසිය වූ ඒ සුභද්‍රා තොමෝ රජ කුලයෙහි පුදන ලද්දීය. ඇය ඔබ දුටුවාය. මටද “මට ඔබගේ දලවලින් ප්‍රයෝජන ඇතැයි” කීවාය.

තත්‍ථ පූජිතාති අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙත්‍වා පූජිතා. අද‍්දසාති සා කිර තං සුපිනන‍්තෙ අද‍්දස. අසංසීති සා ච මම සක‍්කාරං කාරෙත්‍වා “හිමවන‍්තපදෙසෙ එවරූපො නාම නාගො අසුකස‍්මිං නාම ඨානෙ වසතී”ති මමං ආචික‍්ඛි. දන‍්තෙහීති තස‍්ස නාගස‍්ස ඡබ‍්බණ‍්ණරංසිසමුජ‍්ජලා දන‍්තා, තෙහි මම අත්‍ථො, පිළන්‍ධනං කාරෙතුකාමාම‍්හි, තෙ මෙ ආහරාති මං අවොචාති.

එහි පූජිතා යනු අගමෙහෙසි තනතුරෙන් පුදන ලද්දී. අද්දස යනු ඇය ඔබව සිහිනෙහිදී දුටුවාය. අසංසි යනු ඇය මට සත්කාර කරවා හිමවත පෙදෙසෙහි මෙබඳු වූ ඇතෙකු අසවල් තැන වාසය කරයි යයි මට කීවාය. දන්තෙහි යනු ඒ ඇතුට සවණක් පැහැයෙන් බබළන දළ ඇත්තේය. ඒවායෙන් මට ප්‍රයෝජන ඇත. ඉන් පළඳනාවක් කරනු කැමැත්තේ වෙමි. එය මට සුදුසු යයි ඇය මට කීවාය.

තං සුත්‍වා “ඉදං චූළසුභද‍්දාය කම‍්ම”න‍්ති ඤත්‍වා මහාසත‍්තො වෙදනං අධිවාසෙත්‍වා “තස‍්සා මම දන‍්තෙහි අත්‍ථො නත්‍ථි, මං මාරෙතුකාමතාය පන පහිණී”ති දීපෙන‍්තො ගාථාද‍්වයමාහ –

මහබෝසත් තෙමේ එය අසා මෙය චූල සුභද්‍රාවගේ වැඩක් යයි දැන වේදනාව ඉවසා ඇයට මගේ දළවලින් වැඩක් නැත. මා මරනු කැමැත්තෙන් එවන ලදැයි දක්වමින් ගාථා දෙකක් කීවේය.

“බහූ හිමෙ දන‍්තයුගා උළාරා, යෙ මෙ පිතූනඤ‍්ච පිතාමහානං; ජානාති සා කොධනා රාජපුත‍්තී, වධත්‍ථිකා වෙරමකාසි බාලා.

30. මාගේ පියවරුන්ගේද මුත්තනුවරුන්ගේද මහත් වූ බොහෝ දළ යුගලයෝ ඇත්තාහ යයි ඇය දනී. ක්‍රෝධ ඇති මෝඩ වූ ඒ රජ දුවණිය මා නසනු කැමැත්තී මට වෛර කළාය.

“උට‍්ඨෙහි ත්‍වං ලුද‍්ද ඛරං ගහෙත්‍වා, දන‍්තෙ ඉමෙ ඡින්‍ද පුරා මරාමි; වජ‍්ජාසි තං කොධනං රාජපුත‍්තිං, නාගො හතො හන්‍ද ඉමස‍්ස දන‍්තා”ති.

31. වැදිපුත්‍රය, නැගී සිටුව. ඔබ කියත ගෙන මගේ මරණයට පෙර මේ දළ සිඳුව. ඒ ඇතු නසන ලදි. මේ ඔහුගේ දළ යයි කෝපී ස්වභාව ඇති රජ දුවණියට කියව.

තත්‍ථ ඉමෙති තස‍්ස කිර පිතු පිතාමහානං දන‍්තා මා විනස‍්සන‍්තූති ගුහායං සන‍්නිචිතා, තෙ සන්‍ධාය එවමාහ. ජානාතීති බහූනං වාරණානං ඉධ සන‍්නිචිහෙ දන‍්තෙ ජානාති. වධත්‍ථිකාති කෙවලං පන සා මං මාරෙතුකාමා අප‍්පමත‍්තකං දොසං හදයෙ ඨපෙත්‍වා අත‍්තනො වෙරං අකාසි, එවරූපෙන ඵරුසකම‍්මෙන මත්‍ථකං පාපෙසි. ඛරන‍්ති කකචං. පුරා මරාමීති යාව න මරාමි. වජ‍්ජසීති වදෙය්‍යාසි. හන්‍ද ඉමස‍්ස දන‍්තාති හතො සො මයා නාගො, මනොරථො තෙ මත්‍ථකප‍්පත‍්තො, ගණ‍්හ, ඉමෙ තස‍්ස දන‍්තාති.

එහි ඉමෙ යනු ඔහුගේ මුත්තනුවරුන්ගේ දළ විනාශ නොවේවායි ගුහාවක රැස්කොට තැබුවාහුය. ඒවා වෙනුවෙන් මෙසේ කියන ලදි. ජානා යනු බොහෝ ඇතුන්ගේ මෙහි රැස්කර තැබූ දළ ඇතැයි දනුවයි. වධත්‍ථිකා යනු ඇය හුදෙක් මා මරනු කැමැත්තී ස්වල්ප වූ දෝෂයක් හදවතෙහි තබා සිට තමාගේ වෛරය කළාය. මෙබඳු වූ සැහැසි කටයුත්තකින් ඉස්මතුවට පැමිණවූවාය. ඛරං යනු කියතයි. පුරා මරාමි යනු යම්තාක් නොමැරෙමිද. වජ්ජාසි යනු කියන්නෙහිය. හන්‍ද ඉමස්ස දන්තා යනු මවිසින් ඒ ඇතා නසන ලදි. ඔබගේ සිතුවිල්ල මස්තකප්‍රාප්ත වූයේය. ඔහුගේ මේ දළ ගනුවයි යනුවෙනි.

සො තස‍්ස වචනං සුත්‍වා නිසීදනට‍්ඨානා වුට‍්ඨාය කකචං ආදාය “දන‍්තෙ ඡින්‍දිස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං උපගතො. සො පන උබ‍්බෙධතො අට‍්ඨාසීතිහත්‍ථො රජතපබ‍්බතො විය ඨිතො, තෙනස‍්ස සො දන‍්තට‍්ඨානං න පාපුණි. අථ මහාසත‍්තො කායං උපනාමෙන‍්තො හෙට‍්ඨාසීසකො නිපජ‍්ජි. තදා නෙසාදො මහාසත‍්තස‍්ස රජතදාමසදිසං සොණ‍්ඩං මද‍්දන‍්තො අභිරුහිත්‍වා කෙලාසකූටෙ විය කුම‍්භෙ ඨත්‍වා මුඛකොටිමංසං ධනුකෙන පහරිත්‍වා අන‍්තො පක‍්ඛිපිත්‍වා කුම‍්භතො ඔරුය‍්හ කකචං අන‍්තොමුඛෙ පවෙසෙසි, උභොහි හත්‍ථෙහි දළ‍්හං අපරාපරං කඩ‍්ඪි. මහාසත‍්තස‍්ස බලවවෙදනා උප‍්පජ‍්ජි, මුඛං ලොහිතෙන පූරි. නෙසාදො ඉතො චිතො ච සඤ‍්චාරෙන‍්තො කකචෙන ඡින්‍දිතුං නාසක‍්ඛි. අථ නං මහාසත‍්තො මුඛතො ලොහිතං ඡඩ‍්ඩෙත්‍වා වෙදනං අධිවාසෙත්‍වා “කිං සම‍්ම ඡින්‍දිතුං න සක‍්කොසී”ති පුච‍්ඡි. “ආම, සාමී”ති. මහාසත‍්තො සතිං පච‍්චුපට‍්ඨපෙත්‍වා “තෙන හි සම‍්ම මම සොණ‍්ඩං උක‍්ඛිපිත්‍වා කකචකොටිං ගණ‍්හාපෙහි, මම සයං සොණ‍්ඩං උක‍්ඛිපිතුං බලං නත්‍ථී”ති ආහ. නෙසාදො තථා අකාසි.

හෙතෙම ඔහුගේ වචනය අසා හුන් තැනින් නැගිට කියත ගෙන දළ සිඳින්නෙමියි ඔහු සමීපයට එළඹියේය. උසින් අසූරියන් පමණ වූ ඔහු රිදී පර්වතයක් මෙන් සිටියේය. එහෙයින් ඒ වැද්දා දළ ඇති තැනට නොපැමිණියේය. ඉක්බිති මහාබෝධිසත්ත්වයෝ ඔහුට සිය ශරීරය එළවන්නේ හිස යටට කර හොත්තේය. එකල්හි වැද්දා මහබෝසතුන්ගේ රිදී දමක් සමාන සොඬය මඩිමින් නැගී සිට කෛලාශ පර්වතය හා සමාන කුම්භස්ථලයෙහි සිට මුව කෙළවර මස් දුන්නෙන් පැහැර ඇතුළත බහාලා කුම්භස්ථලයෙන් බැස කියත මුව තුළ පිවිසවීය. දෙඅතින් දැඩිව ඔබිනොබ ඇද්දේය. මහබෝසතුන්ට බලවත් වේදනාවක් උපන්නේය. මුඛය ලෙයින් පිරුනේය. වැද්දා ඔබිනොබ හැසිරවන්නේ කියතෙන් කැපීමට නොහැකි වීය. ඉක්බිති මහබෝසත් තෙමේ මුවෙන් ලේ බැහැර කර වේදනාව ඉවසා යහළුව කිම සිඳින්නට නොහැකි වෙහිදැයි ඔහුගෙන් විචාළේය. ස්වාමීනි එසේ යයි කීවේය. මහබෝසත් තෙමේ සිහිය එළවා යහළුව, එසේනම් මගේ සොඬය ඔසවා කියත් කෙළවර ගනුව. මට තෙමේම සොඬය ඔසවන්නට ශක්තියක් නැතැයි කීවේය. වැද්දා එසේ කළේය.

මහාසත‍්තො සොණ‍්ඩාය කකචං ගහෙත්‍වා අපරාපරං චාරෙසි, දන‍්තා කළීරා විය ඡිජ‍්ජිංසු. අථ නං තෙ ආහරාපෙත්‍වා ගණ‍්හිත්‍වා “සම‍්ම ලුද‍්දපුත‍්ත අහං ඉමෙ දන‍්තෙ තුය‍්හං දදමානො නෙව ‘මය‍්හං අප‍්පියා’ති දම‍්මි, න සක‍්කත‍්තමාරත‍්තබ්‍රහ‍්මත‍්තානි පත්‍ථෙන‍්තො, ඉමෙහි පන මෙ දන‍්තෙහි සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණදන‍්තාව පියතරා, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිවෙධාය මෙ ඉදං පුඤ‍්ඤං පච‍්චයො හොතූ”ති දන‍්තෙ දත්‍වා “සම‍්ම ඉදං ඨානං කිත‍්තකෙන කාලෙන ආගතොසී”ති පුච‍්ඡිත්‍වා “සත‍්තමාසසත‍්තදිවසාධිකෙහි සත‍්තහි සංවච‍්ඡරෙහී”ති වුත‍්තෙ – “ගච‍්ඡ ඉමෙසං දන‍්තානං ආනුභාවෙන සත‍්තදිවසබ‍්භන‍්තරෙයෙව බාරාණසිං පාපුණිස‍්සසී”ති වත්‍වා තස‍්ස පරිත‍්තං කත්‍වා තං උය්‍යොජෙසි . උය්‍යොජෙත්‍වා ච පන අනාගතෙසුයෙව තෙසු නාගෙසු සුභද‍්දාය ච අනාගතාය කාලමකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මහාසත්ත්වයෝ සොඬවැලින් කියත ගෙන ඔබිනොබ හැසිරවීය. දළ ගොබයක් මෙන් සිඳුනේය. ඉක්බිති ඒවා ගෙන්වාගෙන යහළු වැදිපුත්‍රය, මම මේ දළ ඔබට දෙන්නේ මේවා මට අප්‍රිය යයි නොදෙමි. ශක්‍ර බව හෝ මාර බව හෝ බ්‍රහ්ම බව හෝ ප්‍රාර්ථනා කරමින් දෙන්නේද නොවෙමි. මගේ මේ දළවලට වඩා සිය ගුණයෙන්ද දහස් ගුණයෙන්ද සර්වඥතා ඥානය නම් වූ දළම ප්‍රිය වෙයි. මේ පින සර්වඥතා ඥානය අවබෝධ කිරීම සඳහාම හේතු වේවායි දළ දන් දී යහළුව මෙතැනට කෙතෙක් කාලයකින් පැමිණියෙහිදැයි විමසා සත්මස් සත්දිනක් අධික කර ඇති සත් අවුරුද්දකින් යයි කී කල්හි යව මේ දළවල මහිමයෙන් සත් දවසක් ඇතුළතම බරණැසට පැමිණෙන්නෙහි යයි කියා ඔහුට ආරක්ෂාව කර ඔහු පිටත් කර හැරීය. පිටත් කර යවාද ඒ ඇතුන් හා සුභද්‍රාවද නොපැමිණි කල්හිම බෝසත් තෙමේ කළුරිය කළේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“උට‍්ඨාය සො ලුද‍්දො ඛරං ගහෙත්‍වා, ඡෙත්‍වාන දන‍්තානි ගජුත‍්තමස‍්ස; වග‍්ගූ සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා, ආදාය පක‍්කාමි තතො හි ඛිප‍්ප”න‍්ති.

32. ඒ වැද්දා නැගී සිට කියත ගෙන උතුම් ඇතාගේ දළ සිඳ පෘථුවියෙහි අසමාන වූ සොඳුරු වූ ඉතා යහපත් වූ දළ දෙක රැගෙන එතනින් වහා පිටත්ව ගියේය.

තත්‍ථ වග‍්ගූති විලාසවන‍්තෙ. සුභෙති සුන්‍දරෙ. අප‍්පටිමෙති ඉමිස‍්සං පථවියං අඤ‍්ඤෙහි දන‍්තෙහි අසදිසෙති.

එහි වග්ගු යනු හොබනා වූ සුභෙ යනු සොඳුරු වූ. අප්පටිමෙ යනු මේ පොළොවෙහි අන් ඇත් දළ සමග අසමාන වූ.

තස‍්මිං පක‍්කන‍්තෙ තෙ නාගා පච‍්චාමිත‍්තං අදිස‍්වා ආගමිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහු ගිය කල්හි ඒ ඇත්තු පසමිතුරා නොදැක ආවාහුය. ඒ බව ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“භයට‍්ටිතා නාගවධෙන අට‍්ටා, යෙ තෙ නාගා අට‍්ඨ දිසා විධාවුං; අදිස‍්වාන පොසං ගජපච‍්චමිත‍්තං, පච‍්චාගමුං යෙන සො නාගරාජා”ති.

33. ඇතුට විදීම නිසා තැතිගත්තා වූ බියට පත් වූ ඒ ඇත්තු අට දිශාවට දිවගියාහුය. ඇතුට පසමිතුරු වූ පුරුෂයා නොදැක ඒ ඇත් රජු යම්තැනක වීද එහි පැමිණියාහුය.

තත්‍ථ භයට‍්ටිතාති මරණභයෙන උපද‍්දුතා. අට‍්ටාති දුක‍්ඛිතා. ගජපච‍්චමිත‍්තන‍්ති ගජස‍්ස පච‍්චාමිත‍්තං. යෙන සොති යත්‍ථ විසාලමාලකෙ සො නාගරාජා කාලං කත්‍වා කෙලාසපබ‍්බතො විය පතිතො, තං ඨානං පච‍්චාගමුන‍්ති අත්‍ථො.

එහි භයද්දිතා යනු මරණ බියෙන් පීඩාවට පත් වූවාහු. අට්ටා යනු දුකට පත් වූවාහු. ගජ පච්ච මිත්තං යනු ඇතුගේ පසමිතුරු වූ. යෙන සො යනු යම් මහත් වූ මළුවක ඒ ඇත් රජු කළුරියකොට කෛලාශ පර්වතය මෙන් වැටුනේද එතැනට පෙරලා පැමිණියාහුය යන අර්ථයි.

තෙහි පන සද‍්ධිං මහාසුභද‍්දාපි ආගතා. තෙ සබ‍්බෙපි අට‍්ඨසහස‍්සනාගා තත්‍ථ රොදිත්‍වා කන්‍දිත්‍වා මහාසත‍්තස‍්ස කුලුපකානං පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකං ගන‍්ත්‍වා, “භන‍්තෙ, තුම‍්හාකං පච‍්චයදායකො විසපීතෙන සල‍්ලෙන විද‍්ධො කාලකතො, සීවථිකදස‍්සනමස‍්ස ආගච‍්ඡථා”ති වදිංසු. පඤ‍්චසතා පච‍්චෙකබුද‍්ධාපි ආකාසෙනාගන‍්ත්‍වා විසාලමාලකෙ ඔතරිංසු. තස‍්මිං ඛණෙ ද‍්වෙ තරුණනාගා නාගරඤ‍්ඤො සරීරං දන‍්තෙහි උක‍්ඛිපිත්‍වා පච‍්චෙකබුද‍්ධෙ වන්‍දාපෙත්‍වා චිතකං ආරොපෙත්‍වා ඣාපයිංසු. පච‍්චෙකබුද‍්ධා සබ‍්බරත‍්තිං ආළාහනෙ ධම‍්මසජ‍්ඣායමකංසු. අට‍්ඨසහස‍්සනාගා ආළාහනං නිබ‍්බාපෙත්‍වා වන්‍දිත්‍වා න‍්හත්‍වා මහාසුභද‍්දං පුරතො කත්‍වා අත‍්තනො වසනට‍්ඨානං අගමංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔවුන් සමග සුභද්‍රාද ආවාය. ඒ සියළු අටදහසක් පමණ ඇත්තු එහිදී හඬා වැලපී මහබෝසතුන්ගේ කුලුපග පසේබුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, ඔබවහන්සේ ප්‍රත්‍යය දුන්නා වූ ඇත් රජු විෂ පොවන ලද හීයකින් විදින ලද්දේ කළුරිය කළේය. ඔහුගේ සිරුර දැකීම පිණිස පැමිණෙන්න යයි කීවාහුය. පන්සියයක් පසේ බුදුවරු අහසින් අවුත් මහත් වූ මළුවෙහි බැස්සාහුය. එකෙනෙහි තරුණ ඇත්තු දෙදෙනෙක් ඇත් රජුගේ ශරීරය දළවලින් ඔසවා පසේ බුදුවරුන් වන්දවා චිතකයක් ඉදිකර දැවූහ. පසේ බුදුවරු මුළු රැය ආදාහන මළුවෙහි ධර්ම සජ්ක්‍ධායනා කළාහුය. අටදහසක් ඇත්තු සෑය නිවා ස්නානය කර මහා සුභද්‍රාව පෙරටු කර තමාගේ වසන තැනට ගියාහුය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“තෙ තත්‍ථ කන්‍දිත්‍වා රොදිත්‍වාන නාගා, සීසෙ සකෙ පංසුකං ඔකිරිත්‍වා; අගමංසු තෙ සබ‍්බෙ සකං නිකෙතං, පුරක‍්ඛත්‍වා මහෙසිං සබ‍්බභද‍්ද”න‍්ති.

34. ඒ ඇත්හු එහි හඬා වැළපී සිය හිස්හි පස් විසුරුවා ගියහ. ඒ සියල්ලෝම සර්වභද්‍ර මෙහෙසිය පෙරටු කර සිය වාසස්ථානයට ගියාහුය.

තත්‍ථ පංසුකන‍්ති ආළාහනපංසුකං.

එහි පංසුකං යනු සෑයෙහි පස්.

සොනුත‍්තරොපි අප‍්පත‍්තෙයෙව සත‍්තමෙ දිවසෙ දන‍්තෙ ආදාය බාරාණසිං සම‍්පාපුණි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

සෝණුත්තරද සත්වන දින නොපැමිණි කල්හිම දළ රැගෙන බරණැසට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් මෙසේ වදාළ සේක.

“ආදාය දන‍්තානි ගජුත‍්තමස‍්ස, වග‍්ගූ සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා; සුවණ‍්ණරාජීහි සමන‍්තමොදරෙ, සො ලුද‍්දකො කාසිපුරං උපාගමි; උපනෙසි සො රාජකඤ‍්ඤාය දන‍්තෙ, නාගො හතො හන්‍ද ඉමස‍්ස දන‍්තා”ති.

35. ඒ වැද්දා පොළොවෙහි අසමාන වූ ඉතා යහපත් වූ සුන්දර වූ රන්වන් රැසින් හාත්පස බබලන්නා වූ ඇත් රජුගේ දළ ගෙන කසී රටට පැමිණියේය. හෙතෙම ඇතු නසන ලද්දේය. එම්බල මේ ඔහුගේ දළ යයි රජදුවණියට දළ පිළිගැන්වීය.

තත්‍ථ සුවණ‍්ණරාජීහීති සුවණ‍්ණරාජිරංසීහි. සමන‍්තමොදරෙති සමන‍්තතො ඔභාසන‍්තෙ සකලවනසණ‍්ඩං සුවණ‍්ණවණ‍්ණං විය කරොන‍්තෙ. උපනෙසීති අහං ඡද‍්දන‍්තවාරණස‍්ස ඡබ‍්බණ‍්ණරංසිවිස‍්සජ‍්ජනෙ යමකදන‍්තෙ ආදාය ආගච‍්ඡාමි, නගරං අලඞ‍්කාරාපෙථාති දෙවියා සාසනං පෙසෙත්‍වා තාය රඤ‍්ඤො ආරොචාපෙත්‍වා දෙවනගරං විය නගරෙ අලඞ‍්කාරාපිතෙ සොනුත‍්තරොපි නගරං පවිසිත්‍වා පාසාදං ආරුහිත්‍වා දන‍්තෙ උපනෙසි, උපනෙත්‍වා ච පන, “අය්‍යෙ, යස‍්ස කිර තුම‍්හෙ අප‍්පමත‍්තකං දොසං හදයෙ කරිත්‍ථ, සො නාගො මයා හතො මතො, ‘මතභාවං මෙ ආරොචෙය්‍යාසී’ති ආහ, තස‍්ස මතභාවං තුම‍්හෙ ජානාථ, ගණ‍්හථ, ඉමෙ තස‍්ස දන‍්තා”ති දන‍්තෙ අදාසි.

එහි සුවණ්ණරාජීහි යනු රන්වන් රැස්වලින්. සමන්ත මොදරෙ යනු හාත්පසින් බබලන්නා වූ. සියළු වන ලැහැබ රන්වන් වූවක් මෙන් කරන්නා වූ. උපනෙසී යනු මම ජද්දන්ත ඇතුගේ සවණක් රැස් විහිදවන්නා වූ දළ දෙක රැගෙන ආවෙමි. නුවර අලංකාර කරව යයි දේවියට හසුනක් යවා ඇය විසින් දිව්‍යමය නගරයක් මෙන් නගරය අලංකාර කළ කල්හි සෝණුත්තරද නගරයට පිවිස පහයට ප්‍රාසාදයට නැගී දළ පිළිගැන්වීය. පිළිගන්වා “උත්තමාවියනි, ඔබ යමෙකු පිළිබඳව ස්වල්ප වූ දෝෂයක් සිතෙහි තැබුවේද ඒ ඇතා තමා විසින් හිංසාවට පමුණුවන ලද්දේ මළේය. මළ බව මට දන්වන්නෙහි යයි කීවේය. ඔහු මළ බව දනුව. එම්බල බලව්. මේ ඔහුගේ දළ යයි දළ දෙක දුන්නේය.

සා මහාසත‍්තස‍්ස ඡබ‍්බණ‍්ණරංසිවිචිත‍්තදන‍්තෙ මණිතාලවණ‍්ටෙන ගහෙත්‍වා ඌරූසු ඨපෙත්‍වා පුරිමභවෙ අත‍්තනො පිරසාමිකස‍්ස දන‍්තෙ ඔලොකෙන‍්තී “එවරූපං සොභග‍්ගප‍්පත‍්තං වාරණං විසපීතෙන සල‍්ලෙන ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ඉමෙ දන‍්තෙ ඡින්‍දිත්‍වා සොනුත‍්තරො ආගතො”ති මහාසත‍්තං අනුස‍්සරන‍්තී සොකං උප‍්පාදෙත්‍වා අධිවාසෙතුං නාසක‍්ඛි. අථස‍්සා තත්‍ථෙව හදයං ඵලි, තං දිවසමෙව කාලමකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඇය මහබෝ සතුන්ගේ සවණක් රැසින් විසිතුරු වූ දළ මැණික් තල්වැටින් ගෙන කලවායෙහි තබා පෙර භවයෙහි තමාගේ ප්‍රිය වූ සැමියාගේ දළ යයි බලන්නී සෝණුත්තර තෙමේ මෙබඳු වූ හොබනා බැවින් අගතැනට පැමිණි ඇතු විෂ පොවන ලද හීයෙන් මරණයට පමුණුවා දළ සිඳ පැමිණියේ යයි මහබෝසතුන් සිහිකරමින් ශෝකය උපදවා ඉවසන්නට නොහැකි වූවාය. ඉක්බිති එහිදීම ඇයගේ හදවත පැළුනි. එදවසම කළුරිය කළාය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් මෙසේ වදාළ සේක.

“දිස‍්වාන දන‍්තානි ගජුත‍්තමස‍්ස, භත‍්තුප‍්පියස‍්ස පුරිමාය ජාතියා; තත්‍ථෙව තස‍්සා හදයං අඵාලි, තෙනෙව සා කාලමකාසි බාලා”ති.

36. පෙර ජාතියෙහි ප්‍රිය සැමියා වූ උතුම් ඇතාගේ දළ දැක එහිදීම ඇයගේ හදවත පැළුනේය. ඒ මෝඩ තැනැත්තිය එයින්ම කළුරිය කළාය.

“සම‍්බොධිපත‍්තො ස මහානුභාවො, සිතං අකාසී පරිසාය මජ‍්ඣෙ; පුච‍්ඡිංසු භික‍්ඛූ සුවිමුත‍්තචිත‍්තා, නාකාරණෙ පාතුකරොන‍්ති බුද‍්ධා.

37. බුද්ධත්වයට පත් මහත් වූ ආනුභාව ඇති ශාස්තෲන් වහන්සේ පිරිස වැඳ සිනා පහළ කළ සේක. කෙළෙසුන් කෙරෙන් මනාව මිදුන සිත් ඇති භික්‍ෂූන් වහන්සේලා “බුදුවරු නිකරුණෙහි සිනා පහළ නොකරතියි” මෙසේ විමසූහ.

“යමද‍්දසාථ දහරිං කුමාරිං, කාසායවත්‍ථං අනගාරියං චරන‍්තිං; සා ඛො තදා රාජකඤ‍්ඤා අහොසි, අහං තදා නාගරාජා අහොසිං.

38. (මහණෙනි) කසාවත් හැන්දා වූ අනගාරික වූ පැවිදි බවෙහි හැසිරෙන යම් මේ තරුණ කුමාරිය දකිව්ද, ඇය එකල්හි රජකුමරිය වූවාය. එකල්හි මම ඇත් රජු වීමි.

“ආදාය දන‍්තානි ගජුත‍්තමස‍්ස, වග‍්ගූ සුභෙ අප‍්පටිමෙ පථබ්‍යා; යො ලුද‍්දකො කාසිපුරං උපාගමි, සො ඛො තදා දෙවදත‍්තො අහොසි.

39. යම් වැද්දෙක් ඇත්රජුගේ පෘථුවියෙහි අසමාන වූ මනෝඥ වූ හොබනා වූ දළ රැගෙන කසී නගරයට ගියේද හෙතෙම එකල්හි දෙව්දත් වීය.

“අනාවසූරං චිරරත‍්තසංසිතං, උච‍්චාවචං චරිතමිදං පුරාණං; වීතද‍්දරො වීතසොකො විසල‍්ලො, සයං අභිඤ‍්ඤාය අභාසි බුද‍්ධො.

40. දුරු කළ කෙලෙස් හුල් ඇති බුදුරජු තමාම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කර, අස්තයට නොගිය හිරු මෙන් සසරෙහි බොහෝ කල් සැරි සැරූ උස් පහත් මේ පැරණි චරිතය වදාළේය.

“අහං වො තෙන කාලෙන, අහොසිං තත්‍ථ භික‍්ඛවො; නාගරාජා තදා හොමි, එවං ධාරෙථ ජාතක”න‍්ති. –

41. මහණෙනි, මම එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වූයෙමි. එකල්හි ඇත් රජු වීමි. මෙසේ මේ ජාතකය දරව්.

ඉමා ගාථා දසබලස‍්ස ගුණෙ වණ‍්ණෙන‍්තෙහි ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි ඨපිතා.

මේ ගාථාවෝ දසබලධාරීන් වහන්සේගේ ගුණයන් වර්ණනා කරන්නා වූ සංගායනා කාරක තෙරවරුන් විසින් තබන ලදහ.

තත්‍ථ සිතං අකාසීති සො සම‍්බොධිප‍්පත‍්තො සත්‍ථා මහානුභාවො අලඞ‍්කතධම‍්මසභායං අලඞ‍්කතධම‍්මාසනෙ පරිසමජ‍්ඣෙ නිසින‍්නො එකදිවසං සිතං අකාසි. නාකාරණෙති “භන‍්තෙ, බුද‍්ධා නාම අකාරණෙ සිතං න කරොන‍්ති, තුම‍්හෙහි ච සිතං කතං, කෙන නු ඛො කාරණෙන සිතං කත”න‍්ති මහාඛීණාසවා භික‍්ඛූ පුච‍්ඡිංසු. යමද‍්දසාථාති එවං පුට‍්ඨො, ආවුසො, සත්‍ථා අත‍්තනො සිතකාරණං ආචික‍්ඛන‍්තො එකං දහරභික‍්ඛුනිං දස‍්සෙත්‍වා එවමාහ – “භික‍්ඛවෙ, යං එකං දහරං යොබ‍්බනප‍්පත‍්තං කුමාරිං කාසායවත්‍ථං අනගාරියං උපෙතං පබ‍්බජිත්‍වා ඉමස‍්මිං සාසනෙ චරන‍්තිං අද‍්දසාථ පස‍්සථ, සා තදා ‘විසපීතෙන සල‍්ලෙන නාගරාජං විජ‍්ඣිත්‍වා වධෙහී’”ති සොනුත‍්තරස‍්ස පෙසෙතා රාජකඤ‍්ඤා අහොසි. තෙන ගන‍්ත්‍වා ජීවිතක‍්ඛයං පාපිතො අහං තදා සො නාගරාජා අහොසින‍්ති අත්‍ථො. දෙවදත‍්තොති, භික‍්ඛවෙ, ඉදානි දෙවදත‍්තො තදා සො ලුද‍්දකො අහොසි.

එහි සිතං අකාසි යනු ඇවැත්නි, සම්මාසම්බුදු බවට පත් මහත් වූ ආනුභාව ඇති ශාස්තෲන් වහන්සේ අලංකාර කරන ලද දම්සභාවෙහි සැරසූ ධර්මාසනයෙහි පිරිස් මැද වැඩ සිටි සේක් එක් දවසක් සිනා පහළ කළ සේක. නාකාරණෙ යනු ස්වාමීනි, බුදුවරු නම් කරුණු රහිතව සිනා පහළ නොකරති. ඔබවහන්සේ විසින් සිනා පහළ කරන ලදි. කවර කරුණක් නිසා සිනා පහළ කළේදැයි ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූහු විමසුවාහුය. යමද්දසාථ යනු මෙසේ විමසන ලද්දේ ශාස්තෲන් වහන්සේ ඇවැත්නි යයි වදාරන සේක් තමාගේ සිනහවට කරුණු වදාරන සේක් එක් තරුණ භික්‍ෂුණියක දක්වා මෙසේ වදාළ සේක. මහණෙනි, කසාවත් හැඳි අනගාරික ජීවිතයෙහි යෙදුන, පැවිදි වී මේ සසුනෙහි හැසිරෙන්නා වූ යොවුන් වියට පත් යම් මේ තරුණ කුමාරිකාව දකිව්ද? බලව්. ඇය එකල්හි විෂ පෙවූ හීයෙන් ඇත්රජු විද මරව යයි සෝණුත්තරව යැවූ රාජකන්‍යාව වූවාය. ඔහු ගොස් මරණයට පමුණුවන ලද මම එකල්හි ඒ ඇත් රජු වීමි යයි යන අර්ථයි. දෙවදත්තො යනු මහණෙනි, දැන් දෙව්දත් තෙර එකල්හි ඒ වැද්දා වීය.

අනාවසූරන‍්ති න අවසූරං, අනත්‍ථඞ‍්ගතසූරියන‍්ති අත්‍ථො. චිරරත‍්තසංසිතන‍්ති ඉතො චිරරත‍්තෙ අනෙකවස‍්සකොටිමත්‍ථකෙ සංසිතං සංසරිතං අනුචිණ‍්ණං. ඉදං වුත‍්තං හොති – ආවුසො, ඉතො අනෙකවස‍්සකොටිමත්‍ථකෙ සංසරිතම‍්පි පුබ‍්බණ‍්හෙ කතං තං දිවසමෙව සායන‍්හෙ සරන‍්තො විය අත‍්තනො චරිතවසෙන උච‍්චත‍්තා තාය රාජධීතාය ච සොනුත‍්තරස‍්ස ච චරිතවසෙන නීචත‍්තා උච‍්චානීචං චරිතං ඉදං පුරාණං රාගාදීනං දරානං විගතතාය වීතද‍්දරො, ඤාතිධනසොකාදීනං අභාවෙන වීතසොකො, රාගසල‍්ලාදීනං විගතත‍්තා විසල‍්ලො අත‍්තනාව ජානිත්‍වා බුද‍්ධො අභාසීති. අහං වොති එත්‍ථ වොති නිපාතමත‍්තං, භික‍්ඛවෙ, අහං තෙන කාලෙන තත්‍ථ ඡද‍්දන‍්තදහෙ අහොසින‍්ති අත්‍ථො. නාගරාජාති හොන‍්තො ච පන න අඤ‍්ඤො කොචි තදා හොමි, අථ ඛො නාගරාජා හොමීති අත්‍ථො. එවං චාරෙථාති තුම‍්හෙ තං ජාතකං එවං ධාරෙථ උග‍්ගණ‍්හාථ පරියාපුණාථාති.

අනාවසුරං යනු අවරට නොගිය හිරු. අස්තයට නොගිය හිරු යන අර්ථයි. චිරරත්තසංසිතං යනු මින් පෙර බොහෝ අවුරුදු කෝටි ගණනක පෙර හැසිරෙන ලද පුරුදු කරන ලද මෙය කියන ලදි. ඇවැත්නි, මින් බොහෝ අවුරුදු කෝටි ගණනකට පෙර නුමුළාව හැසිරීමෙනුදු පෙරවරුයෙහි කළ ඒ දවසමය. සවස් සමයෙහිද හැසිරෙන්නාක් මෙන් තමාගේ චරිත වශයෙන් උසස් වූ හෙයින්ද රජ දුවණියගේ හා සෝණුත්තරගේ චරිත වශයෙන් පහත් හෙයින් උසස් පහත් පැවැත්ම යන මෙය පැරණි වූවකි. රාග ආදී දැවීම් පහවූ හෙයින් වීතද්දරො වේ. ඤාති-ධන ආදිය හානියෙන් වන ශෝක නොමැති හෙයින් වීතසොක වේ. රාගාදී හුල් පහවූ හෙයින් විසල්ලො වේ. තෙමේම අවබෝධ කර බුදුරජු වදාළේය යනුයි. අහං වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයකි. මහණෙනි, මම එකල්හි ඒ ඡද්දන්ත විලෙහි ඇතා වීමි යන අර්ථයි. නාගරාජා යනු පින්වතුනි, එකල්හි මම අන් කිසිවෙකු නොවීමි. තවද ඇත් රජු වීමි යන අර්ථයි. එවං ධාරෙථ යනු නුඹලා මේ ජාතකය මෙසේ දරව් උගනිව් ප්‍රගුණ කරව් යනුයි.

ඉමඤ‍්ච පන ධම‍්මදෙසනං සුත්‍වා බහූ සොතාපන‍්නාදයො අහෙසුං. සා පන භික‍්ඛුනී පච‍්ඡා විපස‍්සිත්‍වා අරහත‍්තං පත‍්තාති.

මේ ධර්මදේශනාව අසා බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වූවාහු වූහ. ඒ භික්‍ෂුණිය පසුව විදර්ශනා වඩා අරහත් බවට පත් වූවාය.

ඡද‍්දන‍්තජාතකවණ‍්ණනා චතුත්‍ථා.