5. සම්භවජාතකවණ්ණනා 515 අට්ඨකථා
5. සම්භවජාතකවණ්ණනා (515)
5. සම්භව ජාතකය (515)
රජ්ජඤ්ච පටිපන්නාස්මාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු මහාඋමඞ්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ආවි භවිස්සති.
රජ්ජං ච පටිපන්නස්මා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා දේශනා කළ සේක. වර්තමාන කථා වස්තුව මහා උම්මග්ග ජාතකයෙහි ප්‍රකට වන්නේය.
අතීතෙ පන කුරුරට්ඨෙ ඉන්දපත්ථනගරෙ ධනඤ්චයකොරබ්යො නාම රාජා රජ්ජං කාරෙසි. තස්ස සුචිරතො නාම බ්රාහ්මණො පුරොහිතො අත්ථධම්මානුසාසකො අහොසි. රාජා දානාදීනි පුඤ්ඤානි කරොන්තො ධම්මෙන රජ්ජමනුසාසි. සො එකදිවසං ධම්මයාගං නාම පඤ්හං අභිසඞ්ඛරිත්වා සුචිරතං නාම බ්රාහ්මණං පුරොහිතං ආසනෙ නිසීදාපෙත්වා සක්කාරං කත්වා පඤ්හං පුච්ඡන්තො චතස්සො ගාථායො අභාසි –
අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය නම් රජු රාජ්‍යය කරවීය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පුරෝහිත බ්‍රාහ්මණයා සුචීරත නම් වීය. රජු දන් දීම් ආදී පිං කරමින් දැහැමෙන් රාජ්‍යය අනුශාසනා කළේය. හෙතෙම එක් දිනයක ධර්මයාග නම් වූ ප්‍රශ්නයක් සකසා සුචීරත බ්‍රාහ්මණයා අසුනෙහි හිඳුවා සත්කාර කර ප්රශ්නය විමසන්නේ ගාථා සතරක් කීවේය.
“රජ්ජඤ්ච පටිපන්නාස්ම, ආධිපච්චං සුචීරත; මහත්තං පත්තුමිච්ඡාමි, විජෙතුං පථවිං ඉමං.
රජ්ජං ච පටිපන්නස්මා - ආධිපච්ච සුචීරත, මහන්තං පත්තු මිච්ඡාමි - විජෙතුං පඨවිං ඉමං
1. සුචීරත බ්‍රාහ්මණය, අපි මෙරට රාජ්‍යත්වයටද ආධිපතිත්වයටද පත් වූවෝ වෙමු. මේ පෘථුවිය දිනන්ටත් රාජ්‍යයෙහි මහත් බවට පත් වන්නටත් කැමැත්තේ වෙමි.
“ධම්මෙන නො අධම්මෙන, අධම්මො මෙ න රුච්චති; කිච්චොව ධම්මො චරිතො, රඤ්ඤො හොති සුචීරත.
2. එයද ධර්මයෙන්ය. අධර්මයෙන් නොවේ. අධර්මය මට රුචි නොවේ. සුචීරතය, හැසිරෙන ලද ධර්මය රජුගේම කාර්යයකි.
“ඉධ චෙවානින්දිතා යෙන, පෙච්ච යෙන අනින්දිතා; යසං දෙවමනුස්සෙසු, යෙන පප්පොමු බ්‍රාහ්මණ.
3. බ්‍රාහ්මණය, මෙලොවදී යමක් කරණ කොටගෙන නින්දා නොලබන්නාහුද, යමක් කරණ කොටගෙන පරලොවදී නින්දා නොලබන්නාහුද, යමක් කරණ කොටගෙන කීර්තියට පැමිණෙමුද (එය කියව)
“යොහං අත්ථඤ්ච ධම්මඤ්ච, කත්තුමිච්ඡාමි බ්‍රාහ්මණ; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, බ්රාහ්මණක්ඛාහි පුච්ඡිතො”ති.
4. බ්‍රාහ්මණය, යම්බඳු වූ මම අර්ථයද ධර්මයද කරන්නට කැමති වෙමි. බ්‍රාහ්මණය, මවිසින් විචාරන ලද්දේ ඒ අර්ථයද ධර්මයද ඔබ කියව.
තත්ථ රජ්ජන්ති, ආචරිය, මයං ඉමස්මිං සත්තයොජනිකෙ ඉන්දපත්ථනගරෙ රජ්ජඤ්ච, තියොජනසතිකෙ කුරුරට්ඨෙ ඉස්සරභාවසඞ්ඛාතං ආධිපච්චඤ්ච. පටිපන්නාස්මාති අධිගතා භවාම. මහත්තන්ති ඉදානි මහන්තභාවං. පත්තුමිච්ඡාමි විජෙතුන්ති ඉමං පථවිං ධම්මෙන අභිභවිතුං අජ්ඣොත්ථරිතුං ඉච්ඡාමි. කිච්චොවාති අවසෙසජනෙහි රඤ්ඤො චරිතො ධම්මො කිච්චො කරණීයතරො. රාජානුවත්තකො හි ලොකො, සො තස්මිං ධම්මිකෙ සබ්බොපි ධම්මිකො හොති. තස්මා එස ධම්මො නාම රඤ්ඤොව කිච්චොති.
එහි රජ්ජං යනු ආචාර්යතුමනි, අපි මේ සත්යොදුන් වූ ඉඳිපත් නුවර රාජ්‍යයටද තුන් යොදුන් ඇති කුරු රටෙහිද ප්‍රධානී බව නම් අධිපති බවටද පටිපන්නා ලබන ලද්දෝ වෙමු. මහන්තං යනු දැන් මහත් බවට පත්වන්නට කැමති වෙමි. විජෙතුං යනු මේ පොළොව ධර්මයෙන් අභිභවය කරන්නට වසා පැතිර වන්නට කැමැත්තෙමි. කිච්චො වා යනු අවශේෂ ජනයා විසින් රජුගේ ධර්මයම කළයුතුය. අතිශයින් කළයුතුය. ලෝකයා රජු අනුව පවතින්නේ වේ. ඔහු දැහැමි වූ කල්හි සියල්ලෝම දැහැමි වෙත්. එහෙයින් මේ ධර්මය නම් රජුගේම කාර්යය වෙයි.
ඉධ චෙවානින්දිතාති යෙන මයං ඉධලොකෙ පරලොකෙ ච අනින්දිතා. යෙන පප්පොමූති යෙන මයං නිරයාදීසු අනිබ්බත්තිත්වා දෙවෙසු ච මනුස්සෙසු ච යසං ඉස්සරියං සොභග්ගං පාපුණෙය්යාම, තං නො කාරණං කථෙහීති . යොහන්ති, බ්‍රාහ්මණ, යො අහං ඵලවිපාකසඞ්ඛාතං අත්ථඤ්ච තස්ස අත්ථස්ස හෙතුභූතං ධම්මඤ්ච කත්තුං සමාදාය වත්තිතුං උප්පාදෙතුඤ්ච ඉච්ඡාමි. තං ත්වන්ති තස්ස මය්හං ත්වං සුඛෙනෙව නිබ්බානගාමිමග්ගං ආරුය්හ අපටිසන්ධිකභාවං පත්ථෙන්තස්ස තං අත්ථඤ්ච ධම්මඤ්ච පුච්ඡිතො අක්ඛාහි, පාකටං කත්වා කථෙහීති බ්රාහ්මණං ධම්මයාගපඤ්හං පුච්ඡි.
ඉධ චෙ වානින්දිතො යනු යම් හෙයකින් අපි මේ ලෝකයෙහිද පරලොවහිද නින්දාවට පත් නොවූවාහු. යෙන පප්පෙමු යනු යමක් කරණ කොටගෙන අපි නිරය ආදීන්හි නොඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද යසසට ඉසුරට සෞභාග්‍යයට පැමිණෙන්නෙමු. අපට ඒ කරුණ කියවයි යනුයි. යොහං යනු බ්‍රාහ්මණය, යම්බඳු වූ මම ප්‍රතිඵල විපාක නම් වූ අර්ථයද ඒ අර්ථයට හේතුකාරක වූ ධර්මයද ඉටු කරන්නට සමාදන් වී පවතින්නට උපදවන්නටද කැමැත්තෙමි. තං ත්වං ඒ මට, ඒ ධර්මය, සුවසේ නිවන්ගාමී මාර්ගයට නැග නොගැටෙන බව පතන්නා වූ ඒ අර්ථයද ධර්මයද අසන්නා වූ මට කියව. ප්‍රකට කර කියව යයි බ්‍රාහ්මණයාගෙන් ධර්මය හා යෙදුන ප්රශ්නය විචාළේය.
අයං පන පඤ්හො ගම්භීරො බුද්ධවිසයො, සබ්බඤ්ඤුබුද්ධමෙව තං පුච්ඡිතුං යුත්තං, තස්මිං අසති සබ්බඤ්ඤුතඤ්ඤාණපරියෙසකං බොධිසත්තන්ති. සුචිරතො පන අත්තනො අබොධිසත්තතාය පඤ්හං කථෙතුං නාසක්ඛි, අසක්කොන්තො ච පණ්ඩිතමානං අකත්වා අත්තනො අසමත්ථභාවං කථෙන්තො ගාථමාහ –
මේ ප්රශ්නය ගැඹුරු වූවකි. බුදුවරුන්ට විෂය වූවකි. සම්මා සම්බුදු වරයෙකුම ඒ ප්රශ්නය විමසීමට සුදුසුය. උන්වහන්සේ නොමැති කල්හි සර්වඥතා ඥානය සොයන්නා වූ බෝසතුන් විමසන්නට වටී. සුචීරත වූ කලී තමාගේ සත්‍යාවබෝධය නොකළ හෙයින් ප්‍රශ්න විසඳන්නට නොහැකි වීය. නොහැකි වන්නේ පණ්ඩිතමානී බව නොකර තමාගේ අසමර්ථ බව ප්‍රකාශ කරමින් ගාථාවක් කීවේය.
“නාඤ්ඤත්ර විධුරා රාජ, එතදක්ඛාතුමරහති; යං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, කත්තුමිච්ඡසි ඛත්තියා”ති.
5. ක්ෂත්රියය, ඔබ යම් අර්ථයක්ද ධර්මයක්ද කිරීමට කැමැත්තෙහිද එය කියන්නට විධුර පණ්ඩිතයා හැර අනිකෙකු සුදුසු නොවේ.
තස්සත්ථො – අවිසයො එස, මහාරාජ, පඤ්හො මාදිසානං. අහඤ්හි නෙවස්ස ආදිං, න පරියොසානං පස්සාමි, අන්ධකාරං පවිට්ඨො විය හොමි. බාරාණසිරඤ්ඤො පන පුරොහිතො විධුරො නාම බ්රාහ්මණො අත්ථි, සො එතං ආචික්ඛෙය්ය, තං ඨපෙත්වා යං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච කත්තුමිච්ඡසි, එතං අක්ඛාතුං න අඤ්ඤො අරහතීති.
එහි අර්ථය, මහරජතුමනි, මේ ප්රශ්නය මා වැන්නවුන්ට විෂය නොවේ. මම මේ ප්‍රශ්නයෙහි මුල ද අග ද නො දකිමි. අඳුරට පිවිසියෙකු මෙන් වෙමි. බරණැස් නුවර රජුගේ පුරෝහිත වූ විධුර නම් බ්‍රාහ්මණයෙක් ඇත. ඔහුම ඒ කරුණ කියන්නේය. යම් හෙයකින් ඔබ අර්ථයද ධර්මයද කරන්නට කැමති වන්නෙහිද මෙය කියන්නට ඔහු හැර අනිකෙකු සුදුසු නොවෙයි.
රාජා තස්ස වචනං සුත්වා “තෙන හි, බ්‍රාහ්මණ, ඛිප්පං තස්ස සන්තිකං ගච්ඡාහී”ති පණ්ණාකාරං දත්වා තං පෙසෙතුකාමො හුත්වා ගාථමාහ –
රජු ඔහුගේ වචනය අසා එසේ නම් බ්‍රාහ්මණය, වහා ඔහු වෙතට යවයි පඬුරු දී ඔහු පිටත්කර හරිනු කැමැත්තේ ගාථාවක් කීවේය.
“එහි ඛො පහිතො ගච්ඡ, විධුරස්ස උපන්තිකං; නික්ඛඤ්චිමං සුවණ්ණස්ස, හරං ගච්ඡ සුචීරත; අභිහාරං ඉමං දජ්ජා, අත්ථධම්මානුසිට්ඨියා”ති.
6. සුචීරත බ්‍රාහ්මණය, එව. මවිසින් මෙහෙයවන ලද්දේ විධුර පණ්ඩිතයා සමීපයට යව. රන්රුවන් කහවනු ගෙන යව. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනු පිණිස පූජා වශයෙන් මෙය දෙව.
තත්ථ උපන්තිකන්ති සන්තිකං. නික්ඛන්ති පඤ්චසුවණ්ණො එකො නික්ඛො. අයං පන රත්තසුවණ්ණස්ස නික්ඛසහස්සං දත්වා එවමාහ. ඉමං දජ්ජාති තෙන ඉමස්මිං ධම්මයාගපඤ්හෙ කථිතෙ තස්ස අත්ථධම්මානුසිට්ඨියා අභිහාරපූජං කරොන්තො ඉමං නික්ඛසහස්සං දදෙය්යාසීති.
එහි උපන්තිකං යනු සමීපයට. නික්ඛං යනු පස්තුලාවක් රන් එක් කහවනුවක් වේ. රන්රුවන් දහයක් කහවනු දී මෙසේ කීවේය. ඉමං දජ්ජා යනු එහෙයින් මේ ධර්මය හා බැඳුන ප්රශ්නය කී කල්හි ඒ අර්ථ ධර්ම අනුශාසනාවට පූජා කරමි මේ කහවනු දහස දෙන්නෙහි යයි කීවේය.
එවඤ්ච පන වත්වා පඤ්හවිස්සජ්ජනස්ස ලිඛනත්ථාය සතසහස්සග්ඝනකං සුවණ්ණපට්ටඤ්ච ගමනත්ථාය යානං, පරිවාරත්ථාය බලකායං, තඤ්ච පණ්ණාකාරං දත්වා තඞ්ඛණඤ්ඤෙව උය්යොජෙසි. සො පන ඉන්දපත්ථනගරා නික්ඛමිත්වා උජුකමෙව බාරාණසිං අගන්ත්වා යත්ථ යත්ථ පණ්ඩිතා වසන්ති, සබ්බානි තානි ඨානානි උපසඞ්කමිත්වා සකලජම්බුදීපෙ පඤ්හස්ස විස්සජ්ජෙතාරං අලභිත්වා අනුපුබ්බෙන බාරාණසිං පත්වා එකස්මිං ඨානෙ නිවාසං ගහෙත්වා කතිපයෙහි ජනෙහි සද්ධිං පාතරාසභුඤ්ජනවෙලාය විධුරස්ස නිවෙසනං ගන්ත්වා ආගතභාවං ආරොචාපෙත්වා තෙන පක්කොසාපිතො තං සකෙ ඝරෙ භුඤ්ජමානං අද්දස. තමත්ථං ආවිකරොන්තො සත්ථා සත්තමං ගාථමාහ –
හෙතෙම මෙසේද කියා පැන විසඳීම් ලිවීම සඳහා ලක්ෂයක් වටනා රන්පටක්ද ගමන් කිරීම සඳහා යානාවක්ද පිරිවර සඳහා බලසෙනගද ඒ පඬුරුද දී එකෙණෙහිම පිටත්කර හැරීය. හෙතෙම ඉඳිපත් නුවරින් නික්මී සෘජුවම බරණැස් නුවරට අවුත් යම් යම් තැන පණ්ඩිතයෝ වාසය කරත්ද ඒ තැන්වලට එළඹ සියළු දඹදිව පැන විසඳන්නෙක් නොලැබ අනුපිළිවෙලින් බරණැසට පැමිණ එක්තැනක නිවාසයක් ගෙන කිහිප දෙනෙකු සමග උදෑසන ආහාරය අනුභව කරන වේලාවෙහි විධුර පණ්ඩිතයාගේ නිවසට ගොස් පැමිණි බව දන්වා ඔහු විසින් කැඳවන ලද්දේ සිය නිවෙස්හි අනුභව කරනු ලබන ඔහු දුටුවේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් සත්වන ගාථාව වදාළ සේක.
“ස්වාධිප්පාගා භාරද්වාජො, විධුරස්ස උපන්තිකං; තමද්දස මහාබ්රහ්මා, අසමානං සකෙ ඝරෙ”ති.
7. ඒ භාරද්වාජ ගෝත්‍රික සුචීරත බමුණා විධුර පණ්ඩිතයාගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණයා සිය නිවසෙහි අනුභව කරනු ලබන ඔහු දුටුවේය.
තත්ථ ස්වාධිප්පාගාති සො භාරද්වාජගොත්තො සුචිරතො අධිප්පාගා, ගතොති අත්ථො. මහාබ්රහ්මාති මහාබ්රාහ්මණො. අසමානන්ති භුඤ්ජමානං.
එහි ස්වාධිප්පාගා යනු භාරද්වාජ ගෝත්‍රික ඒ සුචීරත බමුණා. අධිප්පාගා යනු ගියේය යන අර්ථයි. මහා බ්රහ්මා යනු මහා බ්‍රාහ්මණයා. අසමානං යනු අනුභව කරනු ලබන.
සො පන තස්ස බාලසහායකො එකාචරියකුලෙ උග්ගහිතසිප්පො, තස්මා තෙන සද්ධිං එකතො භුඤ්ජිත්වා භත්තකිච්චපරියොසානෙ සුඛනිසින්නො “සම්ම කිමත්ථං ආගතොසී”ති පුට්ඨො ආගමනකාරණං ආචික්ඛන්තො අට්ඨමං ගාථමාහ –
හෙතෙම ඔහුගේ ළමා කාලයෙහි යහළුවෙකි. එක් ගුරු කුලයෙහි ඉගෙන ගන්නා ලද ශිල්ප ඇත්තේය. එහෙයින් ඔහු සමග එකටම අනුභව කර බත් කිස අවසානයෙහි පහසු පරිදි හුන්නේ යහළුව, කුමක් සඳහා පැමිණියෙහි දැයි විමසන ලද්දේ පැමිණි කරුණ ප්‍රකාශ කරමින් අටවන ගාථාව කීවේය.
“රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො; ‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’, ඉච්චබ්රවි යුධිට්ඨිලො; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, විධුරක්ඛාහි පුච්ඡිතො”ති.
8. මම කීර්ති ඇති කුරු රට රජු විසින් එවන ලද දූතයෙක් වෙමි. ඒ යුධීෂ්ටිර රජු අර්ථයද ධර්මයද විමසවයි කීවේය. විධුර පණ්ඩිතයාණනි, ඔබ ඒ අර්ථයත් ධර්මයත් කුමක්දැයි අසන්නා වූ මට කියව.
තත්ථ රඤ්ඤොහන්ති අහං රඤ්ඤො කොරබ්යස්ස යසස්සිනො දූතො. පහිතොති තෙන පෙසිතො ඉධාගමිං. පුච්ඡෙසීති සො යුධිට්ඨිලගොත්තො ධනඤ්චයරාජා මං ධම්මයාගපඤ්හං නාම පුච්ඡි, අහං කථෙතුං අසක්කොන්තො “ත්වං සක්ඛිස්සසී”ති ඤත්වා තස්ස ආරොචෙසිං, සො ච පණ්ණාකාරං දත්වා පඤ්හපුච්ඡනත්ථාය මං තව සන්තිකං පෙසෙන්තො “විධුරස්ස සන්තිකං ගන්ත්වා ඉමස්ස පඤ්හස්ස අත්ථඤ්ච පාළිධම්මඤ්ච පුච්ඡෙය්යාසී”ති අබ්‍රවි. “තං ත්වං ඉදානි මයා පුච්ඡිතො අක්ඛාහී”ති.
එහි රඤ්ඤොහං යනු මම කීර්ති ඇති කෝරව්‍ය රජුගේ දූතයෙක් වෙමි. පහිතො ඔහු විසින් පිටත් කර හරනා ලද්දේ මෙහි පැමිණියෙමි. පුච්ඡෙසි යනු ඒ යුධිෂ්ටිර ගෝත්‍රික ධනඤ්ජය රජු ධර්මයාග නම් ප්රශ්නය විචාළේය. මම එය කියන්නට අපොහොසත් වන්නෙම් ඔබ පොහොසත් වන්නෙහි යයි දැන ඔහුට ඒ බව දැන්වීමි. හෙතෙම පඬුරු දී ප්රශ්නය විචාරීම පිණිස මා ඔබ සමීපයට එවන්නේ විධුර පඬිතුමාගේ සමීපයට ගොස් මේ ප්රශ්නයේ අර්ථයද පෙළ දහමද විමසව යයි කීවේය. මවිසින් එය ඔබගෙන් විමසන ලද්දේ කියව යයි යනුවෙනි.
තදා පන සො බ්රාහ්මණො “මහාජනස්ස චිත්තං ගණ්හිස්සාමී”ති ගඞ්ගං පිදහන්තො විය විනිච්ඡයං විචාරෙති. තස්ස පඤ්හවිස්සජ්ජනෙ ඔකාසො නත්ථි. සො තමත්ථං ආචික්ඛන්තො නවමං ගාථමාහ –
එකල්හි ඒ බ්‍රාහ්මණයා මහජනයාගේ සිත ගන්නෙමියි ගංගාවක් වසා දමන්නාක් මෙන් විනිශ්චයයන් විමසයි. ඔහුට ප්‍රශ්න විසඳීමෙහි අවකාශයක් නැත. හෙතෙම ඒ බව ප්‍රකාශ කරමින් නවවන ගාථාව කීවේය.
“ගඞ්ගං මෙ පිදහිස්සන්ති, න තං සක්කොමි බ්‍රාහ්මණ; අපිධෙතුං මහාසින්ධුං, තං කථං සො භවිස්සති; න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො”ති.
9. බ්‍රාහ්මණය, මහජනයාගේ සිතුවිලි නැමති ගංගාව වසන්නෙමි යන කටයුත්තක් උපනි. එයද කරන්නට මට නොහැකිය. ඒ මම ඒ මහා ගංගාව නොවසන්නට හැකි වෙම්ද කෙසේ නම් අසන ලද ඔබට අර්ථයද ධර්මයද කියන්නට නොහැකි වෙමි.
තස්සත්ථො – බ්‍රාහ්මණ, මය්හං “මහාජනස්ස නානාචිත්තගතිසඞ්ඛාතං ගඞ්ගං පිදහිස්ස”න්ති බ්යාපාරො උප්පන්නො, තමහං මහාසින්ධුං අපිධෙතුං න සක්කොමි, තස්මා කථං සො ඔකාසො භවිස්සති, යස්මා තෙ අහං පඤ්හං විස්සජ්ජෙය්‍යං. ඉති චිත්තෙකග්ගතඤ්චෙව ඔකාසඤ්ච අලභන්තො න තෙ සක්කොමි අක්ඛාතුං අත්ථං ධම්මඤ්ච පුච්ඡිතොති.
එහි අර්ථය බ්‍රාහ්මණය, මහජනයාගේ නොයෙක් සිතුවිලි නම් ගංගාව වසන්නෙමි යන කාර්යයක් උපන්නේ වෙයි. මම ඒ මහා ගංගාව නොවසන්නට නොහැකි වෙමි. යම් හෙයකින් මම ඔබගේ ප්රශ්නය විසඳන්නෙම්ද මෙසේ චිත්ත ඒකාග්රතාවයද ඉඩකඩද නොලබන්නේ න තෙ සක්කොමි අක්ඛාතුං අත්ථං ධම්මං ච පුච්ඡිතො යයි කීවේය.
එවඤ්ච පන වත්වා “පුත්තො මෙ පණ්ඩිතො මයා ඤාණවන්තතරො, සො තෙ බ්යාකරිස්සති, තස්ස සන්තිකං ගච්ඡාහී”ති වත්වා දසමං ගාථමාහ –
මෙසේද කියා මගේ පුත්‍රයා පණ්ඩිතය, මටද වඩා අතිශයින් නුවණැත්තේය. හෙතෙම ඔබගේ ප්රශ්නය විසඳන්නේය. ඔහු සමීපයට යවයි කියා දසවන ගාථාව කීවේය.
“භද්රකාරො ච මෙ පුත්තො, ඔරසො මම අත්රජො; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණා”ති.
10. මට දාව උපන් මගේ ඇකයෙහි වැඩුන භද්‍රකාර නම් පුතෙක් ඇත. බ්‍රාහ්මණය, ඔහු වෙත ගොස් විමසුව. ඔහු ඔබට අර්ථයත් ධර්මයත් කියන්නේය.
තත්ථ ඔරසොති උරෙ සංවඩ්ඪො. අත්රජොති අත්තනා ජාතොති.
එහි ධරසො යනු ඇකයෙහි වැඩුන. අත්රජො යනු තමා වෙතින් උපන්.
තං සුත්වා සුචිරතො විධුරස්ස ඝරා නික්ඛමිත්වා භද්රකාරස්ස භුත්තපාතරාසස්ස අත්තනො පරිසමජ්ඣෙ නිසින්නකාලෙ නිවෙසනං අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා එකාදසමං ගාථමාහ –
සුචීරත බමුණා ඒ අසා විධුර පණ්ඩිතයාගේ ගෙයින් නික්මී අනුභව කරන ලද උදේ ආහාර ඇති භද්‍රකාර තමාගේ පිරිස මැද හුන් කල්හි ඔහුගේ නිවෙසට ගියේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් එකොළොස්වන ගාථාව වදාළ සේක.
“ස්වාධිප්පාගා භාරද්වාජො, භද්රකාරස්සුපන්තිකං; තමද්දස මහාබ්රහ්මා, නිසින්නං සම්හි වෙස්මනී”ති.
11. ඒ භාරද්වාජ බ්‍රාහ්මණයා භද්රකාරගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණ තෙමේ සිය නිවසෙහි හුන්නා වූ ඔහු දුටුවේය.
තත්ථ වෙස්මනීති ඝරෙ.
එහි වෙස්මනි යනු ගෙයහි.
සො තත්ථ ගන්ත්වා භද්රකාරමාණවෙන කතාසනාභිහාරසක්කාරො නිසීදිත්වා ආගමනකාරණං පුට්ඨො ද්වාදසමං ගාථමාහ –
හෙතෙම එහි ගොස් භද්‍රකාර මානවකයා විසින් කරන ලද අසුන් පිරිනැමීම පූජා පැවැත්වීම ආදී සත්කාර ඇත්තේ හිඳ පැමිණි කරුණ විමසන ලද්දේ දොළොස්වන ගාථාව කීවේය.
“රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො; ‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’, ඉච්චබ්රවි යුධිට්ඨිලො; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, භද්‍රකාර පබ්රූහි මෙ”ති.
12. මම කීර්ති ඇති කුරු රට රජු විසින් එවන ලද දූතයා වෙමි. ඒ යුධිෂ්ටිර රජු අර්ථයද ධර්මයද විමසවයි කීවේය. භද්රකාරය, ඔබ ඒ අර්ථයද ධර්මයද මට කියව යනුයි.
අථ නං භද්රකාරො, “තාත, අහං ඉමෙසු දිවසෙසු පරදාරිකකම්මෙ අභිනිවිට්ඨො, චිත්තං මෙ බ්යාකුලං, තෙන ත්යාහං විස්සජ්ජෙතුං න සක්ඛිස්සාමි, මය්හං පන කනිට්ඨො සඤ්චයකුමාරො නාම මයා අතිවිය ඤාණවන්තතරො, තං පුච්ඡ, සො තෙ පඤ්හං විස්සජ්ජෙස්සතී”ති තස්ස සන්තිකං පෙසෙන්තො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති භද්‍රකාර ඔහුට කියනුයේ පියාණනි, මම මේ දිනයන්හිදී අන් අඹුවන් වෙත යෑමෙහි යෙදුනේ මගේ සිත වියවුල්ය. එහෙයින් මම ඔබගේ මේ ප්රශ්නය විසඳන්නට නොහැකි වන්නෙමි. මගේ කණිටු සොහොවුරු සංජය නම් කුමාරයා මට වඩා අතිශයින් නුවණැත්තේය. ඔහු විමසව. හෙතෙම ඔබගේ ප්රශ්නය විසඳන්නේ යයි ඔහු සමීපයට යවමින් ගාථා දෙකක් කීවේය.
“මංසකාජං අවහාය, ගොධං අනුපතාමහං; න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
13. මම මස්කද බහා තබා තලගොයෙක් ලුහුබැඳීමි. ඔබ විසින් අසන ලද්දේ අර්ථයද ධර්මයද ඔබට කියන්නට නොහැකි වෙමි.
“සඤ්චයො නාම මෙ භාතා, කනිට්ඨො මෙ සුචීරත; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණා”ති.
14. සුචීරත බ්‍රාහ්මණය, මගේ කණිටු සහෝදරයා සංජය නම් වීය. බ්‍රාහ්මණය, ඔබ ඔහු වෙත ගොස් අර්ථයද ධර්මයද විමසව.
තත්ථ මංසකාජන්ති යථා නාම පුරිසො ථූලමිගමංසං කාජෙනාදාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ ගොධපොතකං දිස්වා මංසකාජං ඡඩ්ඩෙත්වා තං අනුබන්ධෙය්ය, එවමෙව අත්තනො ඝරෙ වසවත්තිනිං භරියං ඡඩ්ඩෙත්වා පරස්ස රක්ඛිතගොපිතං ඉත්ථිං අනුබන්ධන්තො හොමීති දීපෙන්තො එවමාහාති.
එහි මංසකාජං යනු යම් සේ පුරුෂයෙක් මහත් වූ මුවසමක් කදින් ගෙන යන්නේ අතරමග තලගොයි පැටවෙකු දැක මස් කද හෙලා ඌ ලුහුබඳින්නේද මෙසේ තමාගේ නිවසෙහි තමා වසඟයෙහි වසන්නා වූ භාර්යාව අතැර අනිකෙකු විසින් ආරක්ෂා කරන ලද ගෝපනය කරන ලද ස්ත්‍රියක අනුව යන්නේ වෙමියි දක්වමින් මෙසේ කීවේය.
සො තස්මිං ඛණෙ සඤ්චයස්ස නිවෙසනං ගන්ත්වා තෙන කතසක්කාරො ආගමනකාරණං පුට්ඨො ආචික්ඛි. තමත්ථං පකාසෙන්තො සත්ථා ද්වෙ ගාථා අභාසි –
හෙතෙම එකෙනෙහිම සංජයගේ නිවාසයට ගොස් ඔහු විසින් කරන ලද සත්කාර ඇත්තේ පැමිණි කරුණ විමසන ලද්දේ කීවේය. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා දෙකක් වදාළ සේක.
“ස්වාධිප්පාගා භාරද්වාජො, සඤ්චයස්ස උපන්තිකං; තමද්දස මහාබ්රහ්මා, නිසින්නං සම්හි වෙස්මනි.
15. ඒ භාරද්වාජ බ්‍රාහ්මණයා සංජයගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණයා සිය නිවසෙහි හුන්නා වූ ඔහු දුටුවේය.
“රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො; ‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’, ඉච්චබ්රවි යුධිට්ඨිලො; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, සඤ්චයක්ඛාහි පුච්ඡිතො”ති.
16. මම කීර්ති ඇති කුරු රට රජුගේ දූතයා වෙමි. ඒ යුධිස්ටිර රජු අර්ථයද ධර්මයද විමසවයි කීවේය. සංජයය, ඔබ ඒ අර්ථයද ධර්මයද මට කියව යනුවෙනි.
සඤ්චයකුමාරො පන තදා පරදාරමෙව සෙවති. අථස්ස සො “අහං, තාත, පරදාරං සෙවාමි, සෙවන්තො ච පන ගඞ්ගං ඔතරිත්වා පරතීරං ගච්ඡාමි, තං මං සායඤ්ච පාතො ච නදිං තරන්තං මච්චු ගිලති නාම, තෙන චිත්තං මෙ බ්යාකුලං, න ත්යාහං ආචික්ඛිතුං සක්ඛිස්සාමි, කනිට්ඨො පන මෙ සම්භවකුමාරො නාම අත්ථි ජාතියා සත්තවස්සිකො, මයා සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙනාධිකඤාණතරො, සො තෙ ආචික්ඛිස්සති, ගච්ඡ තං පුච්ඡාහී”ති ආහ. ඉමමත්ථං පකාසෙන්තො සත්ථා ද්වෙ ගාථා අභාසි –
සංජයද එකල්හි අන් අඹුවක සේවනය කරයි. ඉක්බිති ඔහුට කියනුයේ පියාණනි, ඒ මම අන් අඹුවක සේවනය කරමි. සේවනය කරන්නේම ගංගාව තරණය කර පරතෙරට යමි. සැඳෑවෙහිද උදේද ගංගාව තරණය කරන ඒ මා මරු විසින් ගිලගන්නේ වේ. එහෙයින් මගේ සිත වියවුල්ය. එහෙයින් මම ඔබට ප්රශ්නය විසඳා කියන්නට නොහැකි වන්නෙමි. මගේ බාල සොහොවුරු වූ සම්භව නම් කුමාරයා ඇත. උපතින් සත් අවුරුදු වූයේය. මට වඩා සිය ගුණයෙන්ද දහස් ගුණයෙන්ද අධික වූ නුවණ ඇත්තේය. හෙතෙම ඔබට ප්රශ්නය විසඳා කියන්නේය. යව ඔහුව විමසවයි කීවේය. ශාස්තෲන් වහන්සේ මේ බව ප්‍රකාශ කරමින් ගාථා දෙකක් වදාළ සේක.
“සදා මං ගිලතෙ මච්චු, සායං පාතො සුචීරත; න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
17. සුචීරතය, සවසද උදේද යන හැමකල්හි මරුවා මා ගිලියි. ඔබ විසින් අසන ලද්දේ අර්ථයද ධර්මයද ඔබට කියන්නට නොහැකි වෙමි.
“සම්භවො නාම මෙ භාතා, කනිට්ඨො මෙ සුචීරත; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණා”ති.
18. සුචීරතය, මගේ කණිටු සොහොවුරු වූ සම්භව නම් කුමාරයා ඇත. ඔහු ඔබට අර්ථයද ධර්මයද කියයි. බ්‍රාහ්මණය, ඔහු වෙත ගොස් විමසුව.
තං සුත්වා සුචිරතො “අයං පඤ්හො ඉමස්මිං ලොකෙ අබ්භුතො භවිස්සති, ඉමං පඤ්හං විස්සජ්ජෙතුං සමත්ථො නාම නත්ථි මඤ්ඤෙ”ති චින්තෙත්වා ද්වෙ ගාථා අභාසි –
සුචීරත තෙමේ එය අසා මේ ප්රශ්නය මෙලොව ආශ්චර්ය අද්භූත වූවක් වන්නේය. මෙය විසඳන්නට පොහොසත් අයෙක් නම් නැතැයි සිතමි යනුවෙන් සිතා ගාථා දෙකක් කීවේය.
“අබ්භුතො වත භො ධම්මො, නායං අස්මාක රුච්චති; තයො ජනා පිතාපුත්තා, තෙ සු පඤ්ඤාය නො විදූ.
19. පිංවත, ඒකාන්තයෙන්ම මේ ධර්මය අද්භූත වූවෙකි. මෙය අපට රුචි නොවේ. පියා හා දෙපුතුන් යන ඒ තිදෙනා අතර එකෙකුදු නුවණින් මෙය නොදනිත්.
“න තං සක්කොථ අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතා; කථං නු දහරො ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො”ති.
20. අර්ථයද ධර්මයද විමසන ලද්දාහු එය කුමක්දැයි කියන්නට ඔවුහු නොහැකි වූවාහුය. අර්ථයද ධර්මයද විමසන ලද්දේ මේ ළදරුවා කෙසේ නම් කියන්නට දනීද?
තත්ථ නායන්ති අයං පඤ්හධම්මො අබ්භුතො, ඉමං කථෙතුං සමත්ථෙන නාම න භවිතබ්බං, තස්මා යං ත්වං “කුමාරො කථෙස්සතී”ති වදති, නායං අස්මාකං රුච්චති. තෙ සූති එත්ථ සු-කාරො නිපාතමත්තං. පිතාති විධුරො පණ්ඩිතො, පුත්තා භද්රකාරො සඤ්චයො චාති තෙපි තයො පිතාපුත්තා පඤ්ඤාය ඉමං ධම්මං නො විදූ, න විජානන්ති, අඤ්ඤො කො ජානිස්සතීති අත්ථො. න තන්ති තුම්හෙ තයො ජනා පුච්ඡිතා එතං අක්ඛාතුං න සක්කොථ, දහරො සත්තවස්සිකො කුමාරො පුච්ඡිතො කථං නු ජඤ්ඤා, කෙන කාරණෙන ජානිතුං සක්ඛිස්සතීති අත්ථො.
එහි නායං යනු මේ ප්‍රශ්න සංඛ්‍යාත ධර්මය අද්භූත වූවෙකි. මෙය විසඳා කියන්නට සමතෙක් නම් නොවිය හැකිය. එහෙයින් යම්බඳු වූවක් ඔබට කුමාරයා කියන්නේය යයි කියහිද මෙය අපට රුචි නොවේ. තෙසූ යනු මෙහි සූ කාරය නිපාතයක් පමණි. පියා වූ විධුරද පුත්තු වූ භද්‍රකාර සංජය යන ඔවුහු තිදෙනා. පිතා පුත්තා පඤ්ඤාය පිය පුත්හු නුවණින් මේ ධර්මය නො විදූ නොදනිත්. අන් කවරෙක් දනිත් දැයි යන අර්ථයි. නං නං යු ඔබ තිදෙනාම අසන ලද්දාහුද මෙය කියන්නට පොහොසත් නොවෙහුය. ළදරු වූ සත් වයස් කුමාරයා අසන ලද්දේ කථං නූ ජඤ්ඤා කවර කරුණින් දැන ගන්නට හැකි වන්නේදැයි අර්ථයි.
තං සුත්වා සඤ්චයකුමාරො, “තාත, සම්භවකුමාරං ‘දහරො’ති මා උඤ්ඤාසි, සචෙපි පඤ්හවිස්සජ්ජනෙනාත්ථිකො, ගච්ඡ නං පුච්ඡා”ති අත්ථදීපනාහි උපමාහි කුමාරස්ස වණ්ණං පකාසෙන්තො ද්වාදස ගාථා අභාසි –
සංජය කුමාරයා ඒ අසා පියාණනි, සම්භව කුමාරයා ළදරු යයි නින්දා නොකරව. ඉදින් පැන විසඳීමෙන් ප්‍රයෝජන ඇත්තේද යව ඔහු විමසුව යයි අරුත් දක්වන්නා වූ උපමාවන්ගෙන් කුමාරයාගේ වර්ණනාව ප්‍රකාශ කරමින් ගාථා දොළොසක් කීවේය.
“මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
21. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරුවෙකැයි අවමන් නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
“යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා; සබ්බෙ තාරාගණෙ ලොකෙ, ආභාය අතිරොචති.
22. යම් සේ නිර්මල වූ චන්ද්‍රයා අහසෙහි යනුනේ ලොව සියළු තරු සමූහයා ආලෝකයෙන් ඉක්මවා බබලයි.
“එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො; මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
23. මෙසේම ළදරු බැවින් යුක්ත වූ සම්භව කුමරු ප්‍රඥා යෝගයෙන් පොහොසත් වූයේය. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරු වූවෙකැයි ඔහුට නින්දා නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
“යථාපි රම්මකො මාසො, ගිම්හානං හොති බ්‍රාහ්මණ; අතෙවඤ්ඤෙහි මාසෙහි, දුමපුප්ඵෙහි සොභති.
24. බ්‍රාහ්මණය, යම්සේ ග්‍රීෂ්ම සෘතුවෙහි බක් මාසය අන් මාසවලට වඩා ගස්වල පිපි මල්වලින් හොබනේද
“එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො; මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
25. මෙසේම ළදරු බැවින් යුක්ත වූ සම්භව කුමරු ප්‍රඥා යෝගයෙන් පොහොසත් වූයේය. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරුවෙකැයි ඔහුට නින්දා නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
“යථාපි හිමවා බ්රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො; නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො; ඔසධෙහි ච දිබ්බෙහි, දිසා භාති පවාති ච.
26. බ්‍රාහ්මණය, යම්සේ හිමෙන් යුක්ත වූ නොයෙක් වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් දේව සමූහයාට වාසස්ථාන වූ ගන්ධමාදන පර්වතය දිව්‍යමය ඖෂධයන්ගෙන් සියළු දිශාවන් බබුළුවයිද සුවඳ විහිදුවාද.
“එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො; මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
27. මෙසේ ළදරු බැවින් යුක්ත වූ සම්භව කුමරු ප්‍රඥා යෝගයෙන් පොහොසත්ය. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරුවෙකැයි ඔහුට නින්දා නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
“යථාපි පාවකො බ්රහ්මෙ, අච්චිමාලී යසස්සිමා; ජලමානො වනෙ ගච්ඡෙ, අනලො කණ්හවත්තනී.
28. බ්‍රාහ්මණය, යම්සේ ගිනිසිළු ඇති, තේජසින් යුක්ත වූ වනයෙහි ගස් දල්වන්නා වූ ගමන් කළ මාර්ගය කළුපැහැ කරන්නා වූ (කෙතෙක් දර දැමූවත් ඉන්) අතෘප්තිමත් වන්නා වූ.
“ඝතාසනො ධූමකෙතු, උත්තමාහෙවනන්දහො; නිසීථෙ පබ්බතග්ගස්මිං, පහූතෙධො විරොචති.
29. පූජාව පිණිස දැමූ ගිතෙල් අනුභව කරන, දුම නැමති කේතු (කොඩි) ඇති, උතුම් වනලැහැබ් දවන්නා වූ බොහෝ දර දවන්නා වූ ගින්න රාත්‍රියෙහිදී කඳුමුදුන්හි බබලයිද
“එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො; මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
30. මෙසේ ළදරු බැවින් යුත් සම්භව කුමරු ප්‍රඥා යෝගයෙන් පොහොසත්ය. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරුවෙකැයි ඔහුට නින්දා නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
“ජවෙන භද්‍රං ජානන්ති, බලිබද්දඤ්ච වාහියෙ; දොහෙන ධෙනුං ජානන්ති, භාසමානඤ්ච පණ්ඩිතං.
31. වේගයෙන් අජානීය අශ්වයා උතුම්යයි දනිත්. බර ඉසිලීමෙන් වෘෂභයා යයි දනිත්. කිරි දෙවීමෙන් ධේනුව යයි දනිත්. කථා කරන්නවුන් අතර පණ්ඩිතයා ගැන දනිත්.
“එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො; මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං; පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණා”ති.
32. එසේම ළදරු බැවින් යුත් සම්භව කුමරු ප්‍රඥා යෝගයෙන් පොහොසත්ය. සම්භව කුමරු නොවිමසා ඔහු ළදරු යයි ඔහුට නින්දා නොකරව. බ්‍රාහ්මණය, සම්භව කුමරු විමසා අර්ථයද ධර්මයද දන්නෙහිය.
තත්ථ ජඤ්ඤාති ජානිස්සසි. චන්දොති පුණ්ණචන්දො. විමලොති අබ්භාදිමලවිරහිතො. එවම්පි දහරූපෙතොති එවං සම්භවකුමාරො දහරභාවෙන උපෙතොපි පඤ්ඤායොගෙන සකලජම්බුදීපතලෙ අවසෙසෙ පණ්ඩිතෙ අතික්කමිත්වා විරොචති. රම්මකොති චිත්තමාසො. අතෙවඤ්ඤෙහීති අතිවිය අඤ්ඤෙහි එකාදසහි මාසෙහි. එවන්ති එවං සම්භවොපි පඤ්ඤායොගෙන සොභති. හිමවාති හිමපාතසමයෙ හිමයුත්තොති හිමවා, ගිම්හකාලෙ හිමං වමතීති හිමවා. සම්පත්තං ජනං ගන්ධෙන මදයතීති ගන්ධමාදනො. මහාභූතගණාලයොති දෙවගණානං නිවාසො. දිසා භාතීති සබ්බදිසා එකොභාසා විය කරොති. පවාතීති ගන්ධෙන සබ්බදිසා වායති. එවන්ති එවං සම්භවොපි පඤ්ඤායොගෙන සබ්බදිසා භාති චෙව පවාති ච.
එහි පඤ්ඤා යනු දන්නෙහිය. චන්දො යනු පුන්සඳයි. විමලො යනු වලාකුළු ආදී කිළිටිවලින් තොරවූ. එවම්පි දහරූපෙතො යනු මෙසේ සම්භව කුමරු ළදරු බැවින් යුක්ත වූයේ නමුදු ප්‍රඥාවෙන් යුක්ත වීමෙහි ලා සියළු දඹදිව් තලයෙහි සෙසු පණ්ඩිතයන්. අතිරොචං යනු ඉක්මවා බබළයි. ශෝභාමත් වේ. රම්මකො යනු බක් මාසයයි. අතෙවඤ්ඤෙහී යනු අන් එකොළොස් මාසයට වඩා අතිශයින් බබළයි. එවං යනු මෙසේ සම්භව කුමාරයාද ප්‍රඥා සහිත වීම නිසා හොබනේ වෙයි. හිමවා යනු පිනිවැටෙන කල්හි හිමෙන් යුක්ත වූයේනුයි. හිමවා වෙයි. ග්‍රීෂ්ම කාලයෙහිදී පිනි වමනය කරානුයි හිමවා වෙයි. සපැමිණි ජනයා සුවඳින් මදයට පත් කරානුයි. ගන්ධමාදන නම් වේ. මහාභූත ගණාලයො යනු දේවතා සමූහයාට වාසස්ථාන වූ. දිසාභාති යනු සියළු දිශාවෝ ඒකාලෝක වූවාක් වෙන් කරයි. පවාති යනු සියළු දිශාවෝ සුවඳින් හමයි. එවං යනු මෙසේ සම්භව කුමාරයාද පුත්‍ර සහිත වීමෙන් සියළු දිශාවෝ ආලෝකමත් කරති. හමා යති.
යසස්සිමාති තෙජසම්පත්තියා යසස්සිමා. අච්චිමාලීති අච්චීහි යුත්තො. ජලමානො වනෙ ගච්ඡෙති ගච්ඡසඞ්ඛාතෙ මහාවනෙ ජලන්තො චරති. අනලොති අතිත්තො. ගතමග්ගස්ස කණ්හභාවෙන කණ්හවත්තනී. යඤ්ඤෙ ආහුතිවසෙන ආහුතං ඝතං අස්නාතීති ඝතාසනො. ධූමො කෙතුකිච්චං අස්ස සාධෙතීති ධූමකෙතු. උත්තමාහෙවනන්දහොති අහෙවනං වුච්චති වනසණ්ඩො, උත්තමං වනසණ්ඩං දහතීති අත්ථො. නිසීථෙති රත්තිභාගෙ. පබ්බතග්ගස්මින්ති පබ්බතසිඛරෙ. පහූතෙධොති පහූතඉන්ධනො. විරොචතීති සබ්බදිසාසු ඔභාසති. එවන්ති එවං මම කනිට්ඨො සම්භවකුමාරො දහරොපි පඤ්ඤායොගෙන විරොචති. භද්රන්ති භද්‍රං අස්සාජානීයං ජවසම්පත්තියා ජානන්ති, න සරීරෙන. වාහියෙති වහිතබ්බභාරෙ සති භාරවහතාය “අහං උත්තමො”ති බලිබද්දං ජානන්ති. දොහෙනාති දොහසම්පත්තියා ධෙනුං “සුඛීරා”ති ජානන්ති. භාසමානන්ති එත්ථ “නාභාසමානං ජානන්ති, මිස්සං බාලෙහි පණ්ඩිත”න්ති සුත්තං (සං· නි· 2.241) ආහරිතබ්බං.
යසස්සිමා යනු තේජස් සහිත වීමෙන් යසස් ඇති. අච්චිමාලී යනු ගිනිදැල්වලින් යුක්ත වූ. ජලමානො වනෙ ගච්ඡෙ යනු ගස්වලින් යුක්ත වූ මහ වනයෙහි දැල්වෙමින් හැසිරෙයි. අනලො යනු අතෘප්තිමත් වූ. ගිය මඟ කළුපැහැ ගන්වන බැවින්. කණ්හවත්තනී වේ. යාගයෙහිදී පූජා ද්‍රව්‍ය වශයෙන් දැවූ ගිතෙල් අනුභව කරානුයි ඝතාසනො වෙයි. දුමම මොහුගේ කොඩියෙහි කාර්යය කරානුයි ධූමකේතු නම් වේ. උත්තමාහෙව නන්දහො යනු වනලැහැබ අහෙවන යයි කියනු ලැබේ. උතුම් වන ලැහැබ දවයි යන අර්ථයි. නිසීථෙ යනු රාත්‍රී කාලයෙහි. පබ්බතග්ගස්මිං යනු පර්වත මත්තෙහි. පහුතෙධො යනු බොහෝ ඉන්දන ඇති. විරොචති යනු සියළු දිශාවන්හි බබලයි. එවං යනු මෙසේ මගේ කණිටු සොහොවුරු සම්භව කුමාරයා ළදරු වූයේ නමුදු ප්‍රඥා සහිත වීම නිසා බබළයි. භද්‍රං යනු වේගවත් බැවින් අජානීය අශ්වයාම උතුම් යයි දනිත්. සිරුරෙන් නොවේ. වාහියෙ යනු ඉසිලිය යුතු බරක් ඇති කල්හි බර ඉසිලීමෙහි ලා මෙතෙම උසස් යයි වෘෂභයා ගැන දනිත්. දොහෙන යනු කිරි දෙවීමෙහිලා ධේනුවම මොනවට කිරි ඇත්තී යයි දනිත්. භාසමානං යනු මෙහි න භාසමානං ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං (මෝඩයන් සමග මුහු වූ පණ්ඩිතයා ක්ථා නොකරන්නවුන් අතර නොදත හැකිය) යන සූත්‍රය ගෙනහැර දැක්විය යුතුය.
සුචිරතො එවං තස්මිං සම්භවං වණ්ණෙන්තෙ “පඤ්හං පුච්ඡිත්වා ජානිස්සාමී”ති “කහං පන තෙ කුමාර කනිට්ඨො”ති පුච්ඡි. අථස්ස සො සීහපඤ්ජරං විවරිත්වා හත්ථං පසාරෙත්වා “යො එස පාසාදද්වාරෙ අන්තරවීථියා කුමාරකෙහි සද්ධිං සුවණ්ණවණ්ණො කීළති, අයං මම කනිට්ඨො, උපසඞ්කමිත්වා තං පුච්ඡ, බුද්ධලීළාය තෙ පඤ්හං කථෙස්සතී”ති ආහ. සුචිරතො තස්ස වචනං සුත්වා පාසාදා ඔරුය්හ කුමාරස්ස සන්තිකං අගමාසි. කාය වෙලායාති? කුමාරස්ස නිවත්ථසාටකං මොචෙත්වා ඛන්ධෙ ඛිපිත්වා උභොහි හත්ථෙහි පංසුං ගහෙත්වා ඨිතවෙලාය. තමත්ථං ආවිකරොන්තො සත්ථා ගාථමාහ –
ඔහු මෙසේ සම්භව කුමරු වර්ණනා කරන කල්හි සුචීරත බ්‍රාහ්මණයා (ඔහුගෙන්) ප්රශ්නය විමසා දැනගන්නෙමියි සිතනුයේ කුමාරය, ඔබගේ බාල සොහොවුරා කොහි සිටීදැයි විමසීය. ඉක්බිති හෙතෙම ඔහුට කියනුයේ සීමුදුරු කවුළුව විවෘත කර අත දිගුකර මේ පහය දොරටුවෙහි ඇතුල් වීථියෙහි කුමාරයන් සමග රන්වන් වූ යමෙක් ක්‍රීඩා කරයිද මෙතෙම මගේ බාල සොහොවුරා වෙයි. ඔහු වෙත එළඹ ඔහුගෙන් විමසව. බුද්ධ ලීලාවෙන් ඔබට ප්රශ්නය විසඳා කියන්නේය යයි කීවේය. සුචීරත තෙමේ ඔහුගේ වචනය අසා පහයෙන් බැස කුමාරයාගේ සමීපයට ගියේය. කවර වේලාවකද යත් කුමාරයාගේ හැඳි සළුව මිඳී බඳෙහි වැටී දෙඅතින් පස් ගෙන සිටි වේලාවෙහිය. ඒ බව ප්‍රකට කරන්නා වූ ශාස්තෲන් වහන්සේ.
“ස්වාධිප්පාගා භාරද්වාජො, සම්භවස්ස උපන්තිකං; තමද්දස මහාබ්රහ්මා, කීළමානං බහීපුරෙ”ති.
33. ඒ භාරද්වාජ බමුණා සම්භව කුමරුගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණයා නිවෙසින් පිටත ක්‍රීඩා කරනු ලබන්නා වූ ඒ කුමරු දුටුවේය යන ගාථා වදාළ සේක.
තත්ථ බහීපුරෙති බහිනිවෙසනෙ.
එහි බහිපුරෙ යනු ගෙන් පිටතයි.
මහාසත්තොපි බ්රාහ්මණං ආගන්ත්වා පුරතො ඨිතං දිස්වා “තාත, කෙනත්ථෙනාගතොසී”ති පුච්ඡිත්වා, “තාත, කුමාර අහං ජම්බුදීපතලෙ ආහිණ්ඩන්තො මයා පුච්ඡිතං පඤ්හං කථෙතුං සමත්ථං අලභිත්වා තව සන්තිකං ආගතොම්හී”ති වුත්තෙ “සකලජම්බුදීපෙ කිර අවිනිච්ඡිතො පඤ්හො මම සන්තිකං ආගතො, අහං ඤාණෙන මහල්ලකො”ති හිරොත්තප්පං පටිලභිත්වා හත්ථගතං පංසුං ඡඩ්ඩෙත්වා ඛන්ධතො සාටකං ආදාය නිවාසෙත්වා “පුච්ඡ, බ්‍රාහ්මණ, බුද්ධලීළාය තෙ කථෙස්සාමී”ති සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි. තතො බ්රාහ්මණො –
මහබෝසත් තෙමේද පැමිණ ඉදිරියෙහි සිටි බමුණා දැක පියාණනි, කුමක් සඳහා පැමිණියෙහිදැයි විමසා දරුව, කුමාරය මම දඹදිව් තලයෙහි හැසිරෙන්නෙම් මවිසින් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු කියන්නට සමර්ථ වූවෙකු නොලැබ ඔබ සමීපයට පැමිණියේ වෙමියි කී කල්හි දඹදිව්හි නොවිසඳුන ප්රශ්නය මා වෙත පැමිණියේය. මම නුවණින් මහළු වූවෙක් වෙමියි ලජ්ජා බය ලැබ අතට ගත් පස් හෙලා සළුව කඳින් ගෙන හැඳ බ්‍රාහ්මණය විමසව බුද්ධ ලීලාවෙන් ඔබට කියන්නෙමියි බුදුවරුන්ගේ පැවරීමෙන් පැවරීය. ඉක්බිති බ්‍රාහ්මණයා කියනුයේ
“රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො; ‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’, ඉච්චබ්රවි යුධිට්ඨිලො; තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, සම්භවක්ඛාහි පුච්ඡිතො”ති. –
34. මම කීර්තිමත් වූ කුරුරට රජු විසින් එවන ලද දූතයා වෙමි. ඒ යුධිෂ්ටිර රජු අර්ථයද ධර්මයද විමසවයි කීවේය. සම්භවය ඔබ ඒ අර්ථයද ධර්මයද කියව.
ගාථාය පඤ්හං පුච්ඡි.
යන ගාථාවේ ප්රශ්නය විචාළේය.
තස්ස අත්ථො සම්භවපණ්ඩිතස්ස ගගනමජ්ඣෙ පුණ්ණචන්දො විය පාකටො අහොසි.
සම්භව පණ්ඩිතයාට එහි අර්ථය අහස් මැද පුන්සඳ මෙන් ප්‍රකට වීය.
අථ නං “තෙන හි සුණොහී”ති වත්වා ධම්මයාගපඤ්හං විස්සජ්ජෙන්තො ගාථමාහ –
ඉක්බිති ඔහුට එසේ නම් අසව යයි කියා ධර්මය හා බැඳුන ප්‍රශ්න විසඳමින්
“තග්ඝ තෙ අහමක්ඛිස්සං, යථාපි කුසලො තථා; රාජා ච ඛො තං ජානාති, යදි කාහති වා න වා”ති.
35. එසේ නම් පිංවත, එය මම ඔබට කියන්නෙමි. දක්ෂයෙක් යම් සේද එසේ රජු එය දැනගනී. ඉදින් කරන්නේ හෝ නොකරන්නේ හෝ (මට වැඩක් නැත) යන ගාථාව කීවේය.
තස්ස අන්තරවීථියං ඨත්වා මධුරස්සරෙන ධම්මං දෙසෙන්තස්ස සද්දො ද්වාදසයොජනිකං සකලබාරාණසිනගරං අවත්ථරි. අථ රාජා ච උපරාජාදයො ච සබ්බෙ සන්නිපතිංසු. මහාසත්තො මහාජනස්ස මජ්ඣෙ ධම්මදෙසනං පට්ඨපෙසි.
අතර වීථියෙහි සිට මිහිරි ස්වරයෙන් ධර්මය දේශනා කරන්නා වූ ඔහුගේ ශබ්දය දොළොස් යොදුන් වූ සියළු බරණැස් නුවර පැතිර ගියේය. ඉක්බිති රජුද උදය යුව රජුද යන සියල්ලෝම රැස් වූවාහුය. මහබෝසත් තෙමේ මහජනයා මැද ධර්මදේශනාව පැවැත්වීය.
තත්ථ තග්ඝාති එකංසවචනං. යථාපි කුසලොති යථා අතිකුසලො සබ්බඤ්ඤුබුද්ධො ආචික්ඛති, තථා තෙ එකංසෙනෙව අහමක්ඛිස්සන්ති අත්ථො. රාජා ච ඛො තන්ති අහං තං පඤ්හං යථා තුම්හාකං රාජා ජානිතුං සක්කොති, තථා කථෙස්සාමි. තතො උත්තරි රාජා එව තං ජානාති, යදි කරිස්සති වා න වා කරිස්සති, කරොන්තස්ස වා අකරොන්තස්ස වා තස්සෙවෙතං භවිස්සති, මය්හං පන දොසො නත්ථීති දීපෙති.
එහි තග්ඝා යනු ඒකාන්ත අර්ථයෙහි වචනයයි. යථාපි කුසලො යනු යම් සේ අතිශය දක්ෂ වූ සියල්ල දත් බුදුරජු දේශනා කරයිද එසේ ඔබට ඒකාන්තයෙන්ම කියන්නෙමි යන අර්ථයි. රාජාව ඛො තං යනු මම ඒ ප්රශ්නය යම්සේ ඔබලාගේ රජු දැනගන්නට හැකි වේද, එසේ කියන්නෙමි. ඉන් මත්තෙහි ඉදින් කරන්නේද නොකරන්නේද යන මෙය රජුම දනී. කරන්නා වූද නොකරන්නා වූද ඔහුටම එය වන්නේය. මගේ දෝෂයක් නැතැයි දක්වයි.
එවං ඉමාය ගාථාය පඤ්හකථනං පටිජානිත්වා ඉදානි ධම්මයාගපඤ්හං කථෙන්තො ආහ –
මෙසේ මේ ගාථාවෙන් ප්රශ්නය ප්‍රකාශ කිරීම ප්‍රතිඥා දී දැන් ධර්මය හා ගිය ප්රශ්නය කියන්නේ මෙසේ ප්‍රකාශ කළේය.
“අජ්ජ සුවෙති සංසෙය්ය, රඤ්ඤා පුට්ඨො සුචීරත; මා කත්වා අවසී රාජා, අත්ථෙ ජාතෙ යුධිට්ඨිලො.
36. සුචීරත බ්‍රාහ්මණය, අද කටයුත්තක් ගැන රජු විසින් විමසන ලද්දේ හෙට යයි කියයිද කටයුත්තක් පැමිණි කල්හි යුධිෂ්ටිර රජු එය නොකර නොවෙසේවා.
“අජ්ඣත්තඤ්ඤෙව සංසෙය්ය, රඤ්ඤා පුට්ඨො සුචීරත; කුම්මග්ගං න නිවෙසෙය්‍ය, යථා මූළ්හො අචෙතසො.
37. සුචීරතය, රජු විසින් විමසන ලද්දේ ආධ්‍යාත්මික වූම අනිත්‍යතාවය කියන්නේය. චින්තන ශක්තියක් නැති මුලා වූවෙක් යම් සේද එසේ නොමගට නොයන්නේය.
“අත්තානං නාතිවත්තෙය්ය, අධම්මං න සමාචරෙ; අතිත්ථෙ නප්පතාරෙය්ය, අනත්ථෙ න යුතො සියා.
38. තමා ඉක්මවා නොයන්නේය. අධර්මයෙහි නොහැසිරෙන්නේය. මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත නොතොටෙහි නොබසින්නේය. අනර්ථයෙහි නොයෙදෙන්නේය.
“යො ච එතානි ඨානානි, කත්තුං ජානාති ඛත්තියො; සදා සො වඩ්ඪතෙ රාජා, සුක්කපක්ඛෙව චන්දිමා.
39. යම් රජ කෙනෙක් මේ කරුණු කරන්නට දනීද ඒ රජු ශුක්ල පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් වැඩෙයි.
“ඤාතීනඤ්ච පියො හොති, මිත්තෙසු ච විරොචති; කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී”ති.
40. හෙතෙම ඤාතීන්ට ප්‍රිය වෙයි. මිතුරන් අතර බබළයි. නුවණැති හෙතෙම කය බිඳීමෙන් අනතුරුව ස්වර්ගයෙහි උපදියි යනුයි.
තත්ථ සංසෙය්යාති කථෙය්ය. ඉදං වුත්තං හොති – තාත, සුචිරත සචෙ තුම්හාකං රඤ්ඤා “අජ්ජ දානං දෙම, සීලං රක්ඛාම, උපොසථකම්මං කරොමා”ති කොචි පුට්ඨො, “මහාරාජ, අජ්ජ තාව පාණං හනාම, කාමෙ පරිභුඤ්ජාම, සුරං පිවාම, කුසලං පන කරිස්සාම සුවෙ”ති රඤ්ඤො කථෙය්ය, තස්ස අතිමහන්තස්සපි අමච්චස්ස වචනං කත්වා තුම්හාකං රාජා යුධිට්ඨිලගොත්තො තථාරූපෙ අත්ථෙ ජාතෙ තං දිවසං පමාදෙන වීතිනාමෙන්තො මා අවසි, තස්ස වචනං අකත්වා උප්පන්නං කුසලචිත්තං අපරිහාපෙත්වා කුසලපටිසංයුත්තං කම්මං කරොතුයෙව, ඉදමස්ස කථෙය්යාසීති. එවං මහාසත්තො ඉමාය ගාථාය –
එහි සංසෙය්ය යනු කියන්නේය. මෙය කියන ලද්දේ වෙයි. සුචීරත බ්‍රාහ්මණය, ඉදින් ඔබලාගේ රජු අද දන් දෙමි. සිල් රකිමි. පෙහෙවස් රැකීම කරමියි කවරෙක් හෝ විමසන ලද්දේ මහරජතුමනි, අද වූ කලී පන නසමු. කාමයන් අනුභව කරමු. රා බොමු. හෙට පිං කරමු යයි රජුට කියන්නේද ඉතා මහත් වූද ඒ ඇමතියාගේ වචනය කර යුධිෂ්ටිර ගෝත්‍රයෙහි වූ ඔබගේ රජු එබඳු වූ කටයුත්තක් පැමිණි කල්හි එදවස ප්‍රමාදයෙන් යුතුව ගෙවමින් නොවෙසේවා. ඔහුගේ වචනය නොකර උපන් කුසල් සිතුවිල්ල නොනසා කුසල් හා බැඳුන කටයුතුම කෙරේවාමය. මෙය ඔහුට කියන්නේය යයි මෙසේ මහබෝසත් තෙමේ මේ ගාථාවෙන්,
“අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ”ති. (ම· නි· 3.272) –
අදම කටයුතු නිමවිය යුතුය. හෙට මරණය වේයයි කවරෙක් නම් දන්නේදැයි,
භද්දෙකරත්තසුත්තඤ්චෙව,
භද්දෙකරත්ත සූත්‍රයද,
“අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පද”න්ති. (ධ· ප· 21) –
අප්‍රමාදය නිවනට කරුණුය. ප්‍රමාදය මරණයට කරුණුය,
අප්පමාදොවාදඤ්ච කථෙසි.
යන අප්‍රමාදය පිළිබඳ අවවාදයද කීවේය.
අජ්ඣත්තඤ්ඤෙවාති , තාත, සුචිරත සම්භවපණ්ඩිතො තයා ධම්මයාගපඤ්හෙ පුච්ඡිතෙ කිං කථෙසීති රඤ්ඤා පුට්ඨො සමානො තුම්හාකං රඤ්ඤො අජ්ඣත්තඤ්ඤෙව සංසෙය්ය, නියකජ්ඣත්තසඞ්ඛාතං ඛන්ධපඤ්චකං හුත්වා අභාවතො අනිච්චන්ති කථෙය්යාසි. එත්තාවතා මහාසත්තො –
අජ්ක්ධත්ත ඤෙඤ්වය යනු සුචීරත පියාණනි, සම්භව පණ්ඩිතයා ඔබ විසින් ධර්මය හා බැඳුන ප්රශ්නය විමසූ කල්හි කුමක් කියහිදැයි රජු විසින් විචාරන ලද්දේම ඔබලාගේ රජුට ආධ්‍යාත්මික අනිත්‍ය බව කියන්නේය. නියත ආධ්‍යාත්ම සංඛ්‍යාත වූ ස්කන්ධයන් පහද ස්ථීර වශයෙන් නොපවත්නා හෙයින් අනිත්‍ය යයි කියන්නෙහිය. මහබෝසතුන් වහන්සේ මෙපමණකින්,
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති”. (ධ· ප· 277) –
සියළු සංස්කාරයෝ අනිත්‍යයහයි යම්දිනක ප්‍රඥාවෙන් දකීද, සංස්කාරයෝ අනිත්‍යහ. උපදීමත් විනාශයත් ස්වභාවකොට ඇත. සංස්කාරයෝ ඉපිද විනාශයට පත්වෙති. ඔවුන්ගේ සන්සිඳීම සැපයකි යයි,
“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො”ති. (දී· නි· 2.221) –
එවං විභාවිතං අනිච්චතං කථෙසීති.
මෙසේ පුරුදු කරන ලද අනිත්‍යතාවය ප්‍රකාශ කළ සේක.
කුම්මග්ගන්ති, බ්‍රාහ්මණ, යථා මූළ්හො අචෙතනො අන්ධබාලපුථුජ්ජනො ද්වාසට්ඨිදිට්ඨිගතසඞ්ඛාතං කුම්මග්ගං සෙවති, එවං තව රාජා තං කුම්මග්ගං න සෙවෙය්ය, නිය්යානිකං දසකුසලකම්මපථමග්ගමෙව සෙවතු, එවමස්ස වදෙය්යාසීති.
කුම්මග්ගං යනු යම්සේ මුළාවට පත් වූ චින්තන ශක්තියක් නැති අඳ බාල පෘථග්ජන තෙමේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි සංඛ්‍යාත වැරදි මාර්ගය සේවනය කරයිද මෙසේ ඔබගේ රජු ඒ වැරදි මාර්ගය නොසෙව්නේය. නෛර්යාණික වූ දසකුසල් කර්මපථ මාර්ගයම සේවනය කෙරේවා යයි මෙසේ ඔහුට කියන්නෙහිය යනුයි.
අත්තානන්ති ඉමං සුගතියං ඨිතං අත්තභාවං නාතිවත්තෙය්ය, යෙන කම්මෙන තිස්සො කුසලසම්පත්තියො සබ්බකාමසග්ගෙ අතික්කමිත්වා අපායෙ නිබ්බත්තන්ති, තං කම්මං න කරෙය්යාති අත්ථො. අධම්මන්ති තිවිධදුච්චරිතසඞ්ඛාතං අධම්මං න සමාචරෙය්ය. අතිත්ථෙති ද්වාසට්ඨිදිට්ඨිසඞ්ඛාතෙ අතිත්ථෙ නප්පතාරෙය්ය න ඔතාරෙය්ය. “න තාරෙය්යා”තිපි පාඨො, අත්තනො දිට්ඨානුගතිමාපජ්ජන්තං ජනං න ඔතාරෙය්ය. අනත්ථෙති අකාරණෙ. න යුතොති යුත්තපයුත්තො න සියා. බ්‍රාහ්මණ, යදි තෙ රාජා ධම්මයාගපඤ්හෙ වත්තිතුකාමො, “ඉමස්මිං ඔවාදෙ වත්තතූ”ති තස්ස කථෙය්යාසීති අයමෙත්ථ අධිප්පායො.
අත්තානං යනු මේ සුගතියෙහි සිටි ආත්ම භාවයයි. නාතිවත්තෙය්ය යම් කර්මයක් නිසා තුන් වැදෑරුම් කුසල සම්පත්තීන්ද කාම සුගතීන් සයද ඉක්මවා අපායයෙහි උපදිත්ද ඒ කර්මය නොකරන්නේය යන අර්ථයි. අධම්මං යනු ත්‍රිවිධ දුෂ්චරිත සංඛ්‍යාත වූ අධර්මය නොසෙව්නේය. අතිත්ථෙ නප්පතාරෙය්ය නොබසින්නේය. න තාරෙය්යාති යනුද පෙළ වෙයි. තමාගේ දෘෂ්ඨානුගතියට පැමිණෙන්නා වූ ජනයා නොබස්වන්නේය. අනත්ථෙ යනු නොකරුණෙහි. න යුතො යනු යෙදුනේ නොවන්නේය. බ්‍රාහ්මණය, ඉදින් ඔබගේ රජු ධර්මය සමග බැඳුන ප්‍රශ්නයෙහි පවතිනු කැමැත්තේද මේ අවවාදයෙහි පවතීවායි ඔහුට කියව යනු මෙහි අදහසයි.
සදාති සතතං. ඉදං වුත්තං හොති – “යො ඛත්තියො එතානි කාරණානි කාතුං ජානාති, සො රාජා සුක්කපක්ඛෙ චන්දො විය සදා වඩ්ඪතී”ති . විරොචතීති මිත්තාමච්චානං මජ්ඣෙ අත්තනො සීලාචාරඤාණාදීහි ගුණෙහි සොභති විරොචතීති.
සදා යනු නිරතුරුව මෙය කියන ලද්දේ වෙයි. යම් ක්ෂත්රියෙක් මේ කරුණු කරන්නට දනීද ඒ රජු ශුක්ල පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් හැමදා වැඩෙයි. විරෝචති යනු මිතුරු ඇමත්තන් මැද තමාගේ සිල්වත් හැසිරීම නුවණ ආදී ගුණයන්ගෙන් හොබියි. බබළයි යනුයි.
එවං මහාසත්තො ගගනතලෙ චන්දං උට්ඨාපෙන්තො විය බුද්ධලීළාය බ්රාහ්මණස්ස පඤ්හං කථෙසි. මහාජනො නදන්තො සෙලෙන්තො අප්ඵොටෙන්තො සාධුකාරසහස්සානි අදාසි, චෙලුක්ඛෙපෙ ච අඞ්ගුලිඵොටෙ ච පවත්තෙසි, හත්ථපිළන්ධනාදීනි ඛිපි. එවං ඛිත්තධනං කොටිමත්තං අහොසි. රාජාපිස්ස තුට්ඨො මහන්තං යසං අදාසි. සුචිරතොපි නික්ඛසහස්සෙන පූජං කත්වා සුවණ්ණපට්ටෙ ජාතිහිඞ්ගුලකෙන පඤ්හවිස්සජ්ජනං ලිඛිත්වා ඉන්දපත්ථනගරං ගන්ත්වා රඤ්ඤො ධම්මයාගපඤ්හං කථෙසි. රාජා තස්මිං ධම්මෙ වත්තිත්වා සග්ගපුරං පූරෙසි.
මෙසේ මහබෝසත් තෙමේ අහස් තලයෙහි චන්ද්‍රයා නංවන්නාක් මෙන් බුද්ධ ලීලාවෙන් බ්‍රාහ්මණයාගෙන් ප්රශ්නය විසඳා කීවේය. මහජනයා නාද කරමින් ඔල්වරසන් දෙමින් අපොළමින් දහසක් සාධුකාර කළේය. සළු ඔසවා සෙළවීමද අත්පොළොසන් දීමද පැවැත්වීය. අත් පළඳනාදිය හෙළීය. මෙසේ හෙළනා ලද ධනය කෝටියක් පමණ වීය. සතුටු වූ රජුද ඔහුට මහත් වූ ධනයක් දුන්නේය. සුචීරතද කහවනු දහසින් ඔහු පුදා රන් පටෙහි දෑහිඟුලෙන් පැන විසඳුම ලියා ඉඳුපත් නගරයට ගොස් රජුට ධර්මයාග ප්රශ්නය කීවේය. රජු ඒ ධර්මයෙහි පිහිටා දෙව්ලොව පිරවීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො මහාපඤ්ඤොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා ධනඤ්චයරාජා ආනන්දො අහොසි, සුචිරතො අනුරුද්ධො, විධුරො කස්සපො, භද්රකාරො මොග්ගල්ලානො, සඤ්චයමාණවො සාරිපුත්තො, සම්භවපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, තථාගතයන් වහන්සේ මහා ප්‍රඥා ඇති වූයේ දැන් පමණක් නොවේ. පෙරද වූයේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ධනඤ්ජය රජු ආනන්ද තෙර වීය. සුචීරත බ්‍රාහ්මණයා අනුරුද්ධ තෙර වීය. විධුර පණ්ඩිතයා මහා කාශ්‍යප තෙර වීය. භද්‍රකාර කුමරු මුගලන් තෙර වීය. සංජය මානවකයා සැරියුත් තෙර වීය. සම්භව පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.
සම්භවජාතකවණ්ණනා පඤ්චමා.