6. මහාකපිජාතකවණ‍්ණනා 516 අට‍්ඨකථා
6. මහාකපිජාතකවණ‍්ණනා (516)
6. මහාකපි ජාතකය (516)
බාරාණස්‍යං අහූ රාජාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස සිලාපවිජ‍්ඣනං ආරබ‍්භ කථෙසි. තෙන හි ධනුග‍්ගහෙ පයොජෙත්‍වා අපරභාගෙ සිලාය පවිද‍්ධාය භික‍්ඛූහි දෙවදත‍්තස‍්ස අවණ‍්ණෙ කථිතෙ සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මය‍්හං සිලං පවිජ‍්ඣියෙවා”ති වත්‍වා අතීතං ආහරි.
බාරාණස්සං අහු රාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත්ගේ ගල් පෙරළීම අරභයා දේශනා කළ සේක. ඔහු විසින් දුනුවායන් යොදවා මෑත කාලයෙහි ගල් පෙරළූ පසු භික්‍ෂූන් විසින් දෙව්දත්ගේ නුගුණ ප්‍රකාශ කළ කල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද දෙව්දත් මට ගල් පෙරළුවේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ කාසිකගාමකෙ එකො කස‍්සකබ්‍රාහ‍්මණො ඛෙත‍්තං කසිත්‍වා ගොණෙ විස‍්සජ‍්ජෙත්‍වා කුද‍්දාලකම‍්මං කාතුං ආරභි. ගොණා එකස‍්මිං ගච‍්ඡෙ පණ‍්ණානි ඛාදන‍්තා අනුක‍්කමෙන අටවිං පවිසිත්‍වා පලායිංසු. සො වෙලං සල‍්ලක‍්ඛෙත්‍වා කුද‍්දාලං ඨපෙත්‍වා ගොණෙ ඔලොකෙන‍්තො අදිස‍්වා දොමනස‍්සප‍්පත‍්තො තෙ පරියෙසන‍්තො අන‍්තොඅටවිං පවිසිත්‍වා ආහිණ‍්ඩන‍්තො හිමවන‍්තං පාවිසි. සො තත්‍ථ දිසාමූළ‍්හො හුත්‍වා සත‍්තාහං නිරාහාරො විචරන‍්තො එකං තින්‍දුකරුක‍්ඛං දිස‍්වා අභිරුය‍්හ ඵලානි ඛාදන‍්තො තින්‍දුකරුක‍්ඛතො පරිගළිත්‍වා සට‍්ඨිහත්‍ථෙ නරකපපාතෙ පති. තත්‍රස‍්ස දස දිවසා වීතිවත‍්තා. තදා බොධිසත‍්තො කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා ඵලාඵලානි ඛාදන‍්තො තං පුරිසං දිස‍්වා සිලාය යොග‍්ගං කත්‍වා තං පුරිසං උද‍්ධරිත්‍වා සිලාය මත්‍ථකෙ නිසීදාපෙත්‍වා එවමාහ – “භො බ්‍රාහ‍්මණ, අහං කිලමාමි, මුහුත‍්තං නිද‍්දායිස‍්සාමි, මං රක‍්ඛාහී”ති. සො තස‍්ස නිද‍්දායන‍්තස‍්ස සිලාය මත්‍ථකං පදාලෙසි. මහාසත‍්තො තස‍්ස තං කම‍්මං ඤත්‍වා උප‍්පතිත්‍වා සාඛාය නිසීදිත්‍වා “භො පුරිස, ත්‍වං භූමියා ගච‍්ඡ, අහං සාඛග‍්ගෙන තුය‍්හං මග‍්ගං ආචික‍්ඛන‍්තො ගමිස‍්සාමී”ති තං පුරිසං අරඤ‍්ඤතො නීහරිත්‍වා මග‍්ගෙ ඨපෙත්‍වා පබ‍්බතපාදමෙව පාවිසි. සො පුරිසො මහාසත‍්තෙ අපරජ‍්ඣිත්‍වා කුට‍්ඨී හුත්‍වා දිට‍්ඨධම‍්මෙයෙව මනුස‍්සපෙතො අහොසි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසී ගම එක් ගොවිතැනෙහි නිරත බමුණෙක් කුඹුරක් සී සා ගොනුන් නිදහස් කර උදැල්ලෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය. ගොන්නු එක් ගසක කොළ කමින් ක්‍රමයෙන් වනයට පිවිස පළා ගියාහුය. හෙතෙම වේලාව සලකා උදැල්ල තබා ගොනුන් බලන්නේ උන් නොදැක දොම්නසට පත් වූයේ උන් සොයමින් වනය තුළට පිවිස ඔබිනොබ ඇවිදින්නේ හිමවතට පිවිසියේය. හෙතෙම එහි දිශාවන්හි මුළා වී සත්දවසක් නිරාහාරව ඇවිදින්නේ එක් තිඹිරි ගසක් දැක එහි නැග ගෙඩි කමින් තිඹිරි ගසින් ගිලිහී සැටරියන් ඇති නරා ප්‍රපාතයක වැටුනේය. එහි වැටුන ඔහුට එහි දසදවසක් ගෙවුනීය. එකල්හි බෝසත් තෙමේ වඳුරු යෝනියෙහි ඉපදී ලොකු කුඩා ගෙඩි කමින් යන්නේ ඒ පුරුෂයා දැක ගලෙක යොතක් (ලණුවක්) යොදා ඒ පුරුෂයා උඩට ගත්තේය. හෙතෙම නිදන්නා වූ ඒ වඳුරාගේ හිස ගලකින් ගසා පැළුවේය. මහබෝසත් තෙමේ ඔහුගේ ඒ කටයුත්ත දැන උඩට නැගී අත්තක හිඳ එම්බා පුරුෂය, ඔබ බිමින් යව. මම අතුඅගින් යන්නේ ඔබට මග කියමින් යන්නෙමියි ඒ පුරුෂයා වනයෙන් බැහැර කර මාර්ගයෙහි තබා පර්වත පාදයටම පිවිසියේය. ඒ පුරුෂයා මහබෝසතුන් කෙරෙහි අපරාධ කර කුෂ්ට රෝගියෙක් වී මෙලොවදීම මනුෂ්‍ය ප්‍රේතයෙක් වීය.
සො සත‍්ත වස‍්සානි දුක‍්ඛපීළිතො විචරන‍්තො බාරාණසියං මිගාජිනං නාම උය්‍යානං පවිසිත්‍වා පාකාරන‍්තරෙ කදලිපණ‍්ණං අත්‍ථරිත්‍වා වෙදනාප‍්පත‍්තො නිපජ‍්ජි. තදා බාරාණසිරාජා උය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථ විචරන‍්තො තං දිස‍්වා “කොසි ත්‍වං, කිං වා කත්‍වා ඉමං දුක‍්ඛං පත‍්තො”ති පුච‍්ඡි. සොපිස‍්ස සබ‍්බං විත්‍ථාරතො ආචික‍්ඛි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –
හෙතෙම අවුරුදු හතක් දුකින් පෙළමින් හැසිරෙන්නේ බරණැස් නුවර මිගාජීර උයනට පිවිස පවුර අතරෙහි කෙසෙල්කොළ අතුරා වේදනාවෙන් යුක්ත වූයේම හොත්තේය. එකල්හි බරණැස් නුවර රජු ඒ උයනට ගොස් එහි හැසිරෙන්නේ ඔහු දැක ඔබ කවරෙක් වෙහිද කුමක් කර මේ දුකට පත් වූයේදැයි විචාළේය. ඔහුද සියල්ල විස්තර වශයෙන් කීවේය. ශාස්තෲන් වහන්සේ ඒ බව දේශනා කර මෙසේ වදාළ සේක.
“බාරාණස්‍යං අහූ රාජා, කාසීනං රට‍්ඨවඩ‍්ඪනො; මිත‍්තාමච‍්චපරිබ්‍යූළ‍්හො, අගමාසි මිගාජිනං.
බාරාණස්සං අහූරාජා කාසීනං රට්ඨවඩ්ඪනො, මිත්තා මච්ච පරිබ්බූළ්හො අගමාසි මිගාජිරං
1. කසී රටවැසියන්ගේ රට වඩන්නා වූ රජෙක් බරණැස් නුවර වීය. මිතුරු ඇමතිවරුන් විසින් පිරිවරන ලද ඔහු මිගාජීර නම් උයනට ගියේය.
“තත්‍ථ බ්‍රාහ‍්මණමද‍්දක‍්ඛි, සෙතං චිත්‍රං කිලාසිනං; විද‍්ධස‍්තං කොවිළාරංව, කිසං ධමනිසන්‍ථතං.
2. එහිදී සුදු කුෂ්ටයෙන් ඒ පැහැ ඇති. කබර සහිත වූ සැරව වැගිරෙන කොබෝලීල ගෙඩි වැනිම නැසුන මස් ඇති කෘශ වූ නහර ඉල්පී පෙනෙන බ්‍රාහ්මණයා ඔහු දුටුවේය.
“පරමකාරුඤ‍්ඤතං පත‍්තං, දිස‍්වා කිච‍්ඡගතං නරං; අවච බ්‍යම‍්හිතො රාජා, යක‍්ඛානං කතමො නුසි.
3. අතිශයින් බැගෑපත් බවට පැමිණි දුකට පත් මිනිසා දැක විශ්මයට පත් රජු මොහු යක්‍ෂයන් අතර කවරෙක් වෙහිදැයි කීවේය.
“හත්‍ථපාදා ච තෙ සෙතා, තතො සෙතතරං සිරො; ගත‍්තං කම‍්මාසවණ‍්ණං තෙ, කිලාසබහුලො චසි.
4. ඔබගේ අත් පා සුදුය. හිස ඊටත් වඩා සුදුය. නුඹගේ සිරුර කබර සහිතය. කුෂ්ට රෝගය බහුලකොට ඇත්තෙහිය.
“වට‍්ටනාවළිසඞ‍්කාසා , පිට‍්ඨි තෙ නින‍්නතුන‍්නතා; කාළපබ‍්බාව තෙ අඞ‍්ගා, නාඤ‍්ඤං පස‍්සාමි එදිසං.
5. ඔබගේ පිට ඇටවැලක් මෙන් උස්පහත් වූයේය. ඔබගේ අවයව කලවැල් පුරුක් මෙනි. මෙබඳු වූ අනිකෙක් නොදුටුවෙමි.
“උග‍්ඝට‍්ටපාදො තසිතො, කිසො ධමනිසන්‍ථතො; ඡාතො ආතත‍්තරූපොසි, කුතොසි කත්‍ථ ගච‍්ඡති.
6. දූවිලියෙන් ගැවසී ගත් පා ඇත්තෙහිය. තැත්ගත්තෙහිය. කෘෂ වූවෙහි. ඉල්පුනු නහර ඇත්තෙහි. දුර්වර්ණ වූයෙහිය. වියලි සිරුර ඇත්තෙහි කොහි සිට පැමිණියෙහිද කොහි යන්නෙහිද?
“දුද‍්දසී අප‍්පකාරොසි, දුබ‍්බණ‍්ණො භීමදස‍්සනො; ජනෙත‍්ති යාපි තෙ මාතා, න තං ඉච‍්ඡෙය්‍ය පස‍්සිතුං.
7. නපුරු දර්ශන ඇත්තෙහිය. විකෘති වූ සිරුර ඇත්තෙහිය. දුර්වර්ණය. බියකරු දැකුම් ඇත්තෙහිය. නුඹගේ වැදූ මව වූ යම් තැනැත්තියක වේද ඒ මවද ඔබ දකින්නට නොකැමති වන්නේය.
“කිං කම‍්මමකරං පුබ‍්බෙ, කං අවජ‍්ඣං අඝාතයි; කිබ‍්බිසං යං කරිත්‍වාන, ඉදං දුක‍්ඛං උපාගමී”ති.
8. පෙර කිනම් කර්මයක් කළෙහිද? කිම නිවැරදිකරුවෙකු නැසුවෙහිද කෙබඳු වූ යමක් කර මේ දුකට පැමිණියේද යනුවෙනි.
තත්‍ථ බාරාණස්‍යන‍්ති බාරාණසියං. මිත‍්තාමච‍්චපරිබ්‍යූළ‍්හොති මිත‍්තෙහි ච දළ‍්හභත‍්තීහි අමච‍්චෙහි ච පරිවුතො. මිගාජිනන‍්ති එවංනාමකං උය්‍යානං. සෙතන‍්ති සෙතකුට‍්ඨෙන සෙතං කබරකුට‍්ඨෙන විචිත්‍රං පරිභින‍්නෙන කණ‍්ඩූයනකිලාසකුට‍්ඨෙන කිලාසිනං වෙදනාප‍්පත‍්තං කදලිපණ‍්ණෙ නිපන‍්නං අද‍්දස. විද‍්ධස‍්තං කොවිළාරංවාති වණමුඛෙහි පග‍්ඝරන‍්තෙන මංසෙන විද‍්ධස‍්තං පුප‍්ඵිතකොවිළාරසදිසං. කිසන‍්ති එකච‍්චෙසු පදෙසෙසු අට‍්ඨිචම‍්මමත‍්තසරීරං සිරාජාලසන්‍ථතං. බ්‍යම‍්හිතොති භීතො විම‍්හයමාපන‍්නො වා. යක‍්ඛානන‍්ති යක‍්ඛානං අන‍්තරෙ ත්‍වං කතරයක‍්ඛො නාමාසි. වට‍්ටනාවළිසඞ‍්කාසාති පිට‍්ඨිකණ‍්ටකට‍්ඨානෙ ආවුනිත්‍වා ඨපිතාවට‍්ටනාවළිසදිසා. අඞ‍්ගාති කාළපබ‍්බවල‍්ලිසදිසානි තෙ අඞ‍්ගානි. නාඤ‍්ඤන‍්ති අඤ‍්ඤං පුරිසං එදිසං න පස‍්සාමි. උග‍්ඝට‍්ටපාදොති රජොකිණ‍්ණපාදො. ආතත‍්තරූපොති සුක‍්ඛසරීරො. දුද‍්දසීති දුක‍්ඛෙන පස‍්සිතබ‍්බො. අප‍්පකාරොසීති සරීරප‍්පකාරරහිතොසි, දුස‍්සණ‍්ඨානොසීති අත්‍ථො. කිං කම‍්මමකරන‍්ති ඉතො පුබ‍්බෙ කිං කම‍්මං අකරං, අකාසීති අත්‍ථො. කිබ‍්බිසන‍්ති දාරුණකම‍්මං.
එහි බාරාණස්සං යනු බරණැස් නුවරෙහි. මිත්තාමච්ච පරිබ්බුළ්හො යනු මිතුරන් විසින්ද දැඩි භක්ති ඇති ඇමතිවරු විසින්ද පිරිවරන ලද්දේ. මිගාජීරං යනු එනම් ඇති උයනට. සෙතං යනු සුදු කුෂ්ටයෙන් සුදු වූ කබර කුෂ්ටයෙන් විවිධ පැහැ ඇති. බිදුනා වූ කැසීම් ඇති කිලාස (ඇදුම) කුෂ්ටයෙන් යුත්. කිලාසිනං වේදනාව ඇතිව කෙසෙල් කොළයෙහි හොත්තා වූ ඔහු දුටුවේය. විද්ධසතං කොවිළාරංච යනු තුවාලයන්හි මුඛයන්ගෙන් වැගිරෙන්නා වූ මස්වලින් නසනා ලද්දේ මල් පිපුන කොබෝලීල ගස හා සමාන වූ. කිසං යනු ඇතැම් තැන්හි ඇට හා සම පමණක් ඇති සිරුර ඇතිව නහර සමූහයෙන් පැතිරුන. බ්‍යම්හිතො බියට පත් වූයේ. විශ්මයට පැමිණියේ හෝ. යක්ඛානං යකුන් අතර කවර යකෙක් නම් වේදැයි. වට්ටනාවලිසංකාසා යනු පිටෙහි කටු ඇති තන්හි අවුනා තබන ලද වැලක් හා සමාන වූ. අංගා යනු ඔබගේ අවයවයෝ කළු පුරුක් ඇති වැලක් හා සමාන වෙති. නාඤ්ඤං යනු මෙබඳු වූ අන් පුරුෂයෙක් නොදකිමි. උග්ඝට්ටපාදො යනු දූවිලි වැකුණු පා ඇති. ආතප්පරූපො යනු වියලි ශරීර ඇති. දුද්දසී යනු දුකසේ දැකිය යුතු. අප්පකාරොසි යනු සිරුරක ආකාරයෙන් තොර වූයේ මනාව නොපිහිටියේ වෙහිය යන අර්ථයි. කිබ්බිසං දරුණු කටයුත්ත.
තතො පරං බ්‍රාහ‍්මණො ආහ –
අනතුරුව බ්‍රාහ්මණයා මෙසේ කීවේය.
“තග‍්ඝ තෙ අහමක‍්ඛිස‍්සං, යථාපි කුසලො තථා; සච‍්චවාදිඤ‍්හි ලොකස‍්මිං, පසංසන‍්තීධ පණ‍්ඩිතා.
9. මේ ලෝකයෙහි පණ්ඩිතයෝ සත්‍යවාදී තැනැත්තා පසසත්ද එනිසා දක්‍ෂයෙක් යම්සේද එසේ ඔබට මම කියන්නෙමි.
“එකො චරං ගොගවෙසො, මූළ‍්හො අච‍්චසරිං වනෙ; අරඤ‍්ඤෙ ඉරීණෙ විවනෙ, නානාකුඤ‍්ජරසෙවිතෙ.
10. මම ගවයන් සොයමින් ඇවිදින්නේ වනයෙහි මුළා වූයේ නොයෙක් ඇතුන් විසින් සෙවුනා වූ රජුන් රහිත ජන ශුන්‍ය වූ විසිතුරු වූ වනයෙහි හැසුරුනෙමි.
“වාළමිගානුචරිතෙ, විප‍්පනට‍්ඨොස‍්මි කානනෙ; අචරිං තත්‍ථ සත‍්තාහං, ඛුප‍්පිපාසසමප‍්පිතො.
11. නපුරු මෘගයන් විසින් හැසිරෙන ලද වනයෙහි මංමුළා වූයෙමි. මම එහි බඩසයින් හා පවසින් යුක්ත වූයේ සත් දවසක් හැසුරුනෙමි.
“තත්‍ථ තින්‍දුකමද‍්දක‍්ඛිං, විසමට‍්ඨං බුභුක‍්ඛිතො; පපාතමභිලම‍්බන‍්තං, සම‍්පන‍්නඵලධාරිනං.
12. ආහාර ගනු කැමති වූ මම එහි විෂම තැනක තිබූ ප්‍රපාතයට නැමුනා වූ හටගත් මිහිරි ගෙඩි දරන්නා වූ තිඹිරි ගසක් දුටුවෙමි.
“වාතස‍්සිතානි භක‍්ඛෙසිං, තානි රුච‍්චිංසු මෙ භුසං; අතිත‍්තො රුක‍්ඛමාරූහිං, තත්‍ථ හෙස‍්සාමි ආසිතො.
13. මම සුළඟින් වැටුන ගෙඩි කෑවෙමි. ඒවා මට බෙහෙවින් රුචි වීය. ඉන් අතෘප්තිමත් වූ මම ගසට නැග එහි හිඳගෙන හුන්නෙමි.
“එකං මෙ භක‍්ඛිතං ආසි, දුතියං අභිපත්‍ථිතං; තතො සා භඤ‍්ජථ සාඛා, ඡින‍්නා ඵරසුනා විය.
14. එක් ගෙඩියක් මවිසින් කන ලදි. දෙවැන්න කැමති වීමි. අනතුරුව ඒ අත්ත පොරොවෙන් කැපුවාක් මෙන් බිඳුනේය.
“සොහං සහාව සාඛාහි, උද‍්ධංපාදො අවංසිරො; අප‍්පතිට‍්ඨෙ අනාලම‍්බෙ, ගිරිදුග‍්ගස‍්මි පාපතං.
15. ඒ මම අතු සමගම උඩුකුරු වූ පා ඇතිව යටිකුරු වූ හිස ඇතිව පිහිටක් නැතිව එල්වීමකින් තොරව පර්වත දුර්ගයෙහි වැටුනෙමි.
“යස‍්මා ච වාරි ගම‍්භීරං, තස‍්මා න සමපජ‍්ජිසං; තත්‍ථ සෙසිං නිරානන්‍දො, අනූනා දස රත‍්තියො.
16. යම් හෙයකින් ජලය ගැඹුරු වීද එහෙයින් අත් පා බිඳීමට නොපැමිණියෙමි. එහි සතුටකින් තොරව අනාථව රාත්‍රී දහයක් සයනය කළෙමි. (ගත කළෙමි)
“අථෙත්‍ථ කපි මාගඤ‍්ඡි, ගොනඞ‍්ගුලො දරීචරො; සාඛාහි සාඛං විචරන‍්තො, ඛාදමානො දුමප‍්ඵලං.
17. ඉක්බිති ගවයන්ගේ මෙන් වල්ගය ඇති, පර්වතයෙහි හැසිරෙන අත්තෙන් අත්තට හැසිරෙමින් ගස්වල ගෙඩි කන්නා වූ වඳුරෙක් එහි පැමිණියේය.
“සො මං දිස‍්වා කිසං පණ‍්ඩුං, කාරුඤ‍්ඤමකරං මයි; අම‍්භො කො නාම සො එත්‍ථ, එවං දුක‍්ඛෙන අට‍්ටිතො.
18. හෙතෙම කෘෂ වූ පඬු පැහැ ගත් මා දැක මා කෙරෙහි කරුණාව කළේය. එම්බා පින්වත, මෙහි මෙසේ දුකින් පෙළුනා වූ හෙතෙම කවරෙක් නම් වේද?
“මනුස‍්සො අමනුස‍්සො වා, අත‍්තානං මෙ පවෙදය; තස‍්සඤ‍්ජලිං පණාමෙත්‍වා, ඉදං වචනමබ්‍රවිං.
19. මිනිසෙක්ද නැතහොත් අමනුෂ්‍යයෙක්ද මට තමා කවරෙක්දැයි කියව.
“මනුස‍්සොහං බ්‍යසම‍්පත‍්තො, සා මෙ නත්‍ථි ඉතො ගති; තං වො වදාමි භද‍්දං වො, ත්‍වඤ‍්ච මෙ සරණං භව.
20. ඔහු ඇඳිලි බැඳ මේ වචනය කීවෙමි. මම විපතට පත් මිනිසෙක් වෙමි. මට මෙතනින් යෑමක් නම් නැත. එය ඔබට කියමි. ඔබට යහපතක් වේවා! ඔබද මට පිහිට වෙව.
“ගරුං සිලං ගහෙත්‍වාන, විචරී පබ‍්බතෙ කපි; සිලාය යොග‍්ගං කත්‍වාන, නිසභො එතදබ්‍රවි.
21. උතුම් වූ වඳුරා බර ගලක් ගෙන ගල හා යොතක් යෙදීම කර පර්වතයෙහි හැසිරෙමින් මෙසේ කීවේය.
“එහි මෙ පිට‍්ඨිමාරුය‍්හ, ගීවං ගණ‍්හාහි බාහුභි; අහං තං උද‍්ධරිස‍්සාමි, ගිරිදුග‍්ගත වෙගසා.
22. එව මගේ පිටට නැගී දෙඅතින් බෙල්ල අල්ලා ගනුව. මම ඔබව වේගයෙන් ගිරි දුර්ගයෙන් උඩට ගන්නෙමි.
“තස‍්ස තං වචනං සුත්‍වා, වානරින්‍දස‍්ස සිරීමතො; පිට‍්ඨිමාරුය‍්හ ධීරස‍්ස, ගීවං බාහාහි අග‍්ගහිං.
23. ඉසුරින් යුත් ඒ වඳුරු රජුගේ ඒ වචනය අසා ඒ ප්‍රාඥයාගේ පිටට නැග දෙඅතින් බෙල්ල ගත්තෙමි.
“සො මං තතො සමුට‍්ඨාසි, තෙජස‍්සී බලවා කපි; විහඤ‍්ඤමානො කිච‍්ඡෙන, ගිරිදුග‍්ගත වෙගසා.
24. තෙද ඇති බලවත් වූ ඒ වඳුරා බලවත් ලෙස වෙහෙසට පත් වෙමින් දුකට පත්වෙමින් වේගයෙන් ගිරිදුර්ගයට වැටී හුන් මා එයින් ගොඩ ගත්තේය.
“උද‍්ධරිත්‍වාන මං සන‍්තො, නිසභො එතදබ්‍රවි; ඉඞ‍්ඝ මං සම‍්ම රක‍්ඛස‍්සු, පසුපිස‍්සං මුහුත‍්තකං.
25. මා ගොඩට ගෙන වෙහෙසට පත් උතුම් වඳුරා මේ වචනය කීවේය. යහළුව, මොහොතක් නිදන්නෙමි. එහෙයින් මා රකුව.
“සීහා බ්‍යග‍්ඝා ච දීපී ච, අච‍්ඡකොකතරච‍්ඡයො; තෙ මං පමත‍්තං හිංසෙය්‍යුං, තෙ ත්‍වං දිස‍්වා නිවාරය.
26. සිංහයෝද ව්‍යාඝ්‍රයෝද දිවියෝද වලස්සුද වෘකයෝද යන මොවුහු ප්‍රමාද වූ මා හිංසාවට පත් කරන්නාහුය. ඔබ ඔවුන් දැක වලක්වුව මැනවි.
“එවං මෙ පරිත‍්තාතූන, පසුපී සො මුහුත‍්තකං; තදාහං පාපිකං දිට‍්ඨිං, පටිලච‍්ඡිං අයොනිසො.
27. මෙසේ මට ආරක්ෂා කරන්නට කියා ඒ වඳුරා මොහොතක් නිදා ගත්තේය. එකල්හි මම නුනුවණින් මෙනෙහි කිරීම නිසා පවිටු වූ අදහසක් ලබන ලද්දෙමි.
“භක‍්ඛො අයං මනුස‍්සානං, යථා චඤ‍්ඤෙ වනෙ මිගා; යං නූනිමං වධිත්‍වාන, ඡාතො ඛාදෙය්‍ය වානරං.
28. වනයේ අන් මෘගයන් යම් සේද මොහුද මිනිසුන්ගේ ආහාරයකි. බඩසයින් යුක්ත වූයේ මේ වඳුරා මරා කන්නේ නම් යෙහෙක යනුවෙනි.
“අසිතො ච ගමිස‍්සාමි, මංසමාදාය සම‍්බලං; කන‍්තාරං නිත්‍ථරිස‍්සාමි, පාථෙය්‍යං මෙ භවිස‍්සති.
29. මස් කන ලද්දේද මාර්ගෝපකරණ වශයෙන් මස්ද රැගෙන කාන්තාරය තරණය කරමි. මට මාර්ගෝපකරණද වන්නේය.
“තතො සිලං ගහෙත්‍වාන, මත්‍ථකං සන‍්නිතාළයිං; මම ගත‍්තකිලන‍්තස‍්ස, පහාරො දුබ‍්බලො අහු.
30. අනතුරුව ගලක් ගෙන හිසට ගැසුවෙමි. ආහාර නැතිවීමෙන් ක්ලාන්ත වූ මගේ ප්‍රහාරය දුර්වල වීය.
“සො ච වෙගෙනුදප‍්පත‍්තො, කපි රුහිරමක‍්ඛිතො; අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි, රොදන‍්තො මං උදික‍්ඛති.
31. වේගයෙන් නැගිට්ටා වූ ලෙයින් වැකුණු ඒ වඳුරා කඳුළු පිරුණු ඇස්වලින් හඬමින් මා දෙස බැලුවේය.
“මාය්‍යො මං කරි භද‍්දන‍්තෙ, ත්‍වඤ‍්ච නාමෙදිසං කරි; ත්‍වඤ‍්ච ඛො නාම දීඝාවු, අඤ‍්ඤෙ වාරෙතුමරහසි.
32. පින්වත් තෙමේ මට යහපතක් නොකළේය. ඔබද ඔබට මෙබඳු වූවක් කළේය. ඔබට දීර්ඝායුෂ වේවා! මට කළ දෙයින් අන්‍යයන් වලක්වන්නට සුදුසු වන්නෙහිය.
“අහො වත රෙ පුරිස, තාවදුක‍්කරකාරක; එදිසා විසමා දුග‍්ගා, පපාතා උද‍්ධතො මයා.
33. දුෂ්කර වූවක් කළා වූ එම්බා පුරුෂය, මවිසින් ඔබ මෙබඳු වූ විෂම වූ පහසුවෙන් යා නොහැකි වූ ප්‍රපාතයෙන් ගොඩට ගන්නා ලද්දෙහිය.
“ආනීතො පරලොකාව, දුබ‍්භෙය්‍යං මං අමඤ‍්ඤථ; තං තෙන පාපකම‍්මෙන, පාපං පාපෙන චින‍්තිතං.
34. පරලොවින් ගෙන ආවෙකු වැනි වූ ඔබ මා ද්‍රෝහි විය යුත්තෙකු කර සිතුවේය. ළාමක ස්වභාව ඇති පවිටු වූ ඔහු විසින් පවිටු වූවක් සිතන ලදි.
“මා හෙව ත්‍වං අධම‍්මට‍්ඨ, වෙදනං කටුකං ඵුසි; මා හෙව පාපකම‍්මං තං, ඵලං වෙළුංව තං වධි.
35. අධර්මයෙහි පිහිටි තැනැත්ත, ඔබ මෙවැනි කටුක වූ වේදනාවක් නොවිදීවා. ඒ පවිටු ක්‍රියාව ඵල දැරීම නිසා උණ ගස මෙන් ඔබව නොනසාවා.
“තයි මෙ නත්‍ථි විස‍්සාසො, පාපධම‍්ම අසඤ‍්ඤත; එහි මෙ පිට‍්ඨිතො ගච‍්ඡ, දිස‍්සමානොව සන‍්තිකෙ.
36. පවිටු ස්වභාව ඇති නොහික්මුණ ඔබ පිළිබඳව මගේ විශ්වාසයක් නැත. මගේ පිටුපසින් එව. සමීපයෙහිම දකිමින්ම යව.
“මුත‍්තොසි හත්‍ථා වාළානං, පත‍්තොසි මානුසිං පදං; එස මග‍්ගො අධම‍්මට‍්ඨ, තෙන ගච‍්ඡ යථාසුඛං.
37. වන මෘගයන්ගේ අතින් මිදුනේ වෙහිය. මිනිස් පියසට පැමිණුනේ වෙහිය. අධර්මිෂ්ඨ තැනැත්ත, මේ මාර්ගය වෙයි. ඒ මාර්ගයෙන් සුවසේ යව.
“ඉදං වත්‍වා ගිරිචරො, රහදෙ පක‍්ඛල්‍ය මත්‍ථකං; අස‍්සූනි සම‍්පමජ‍්ජිත්‍වා, තතො පබ‍්බතමාරුහි.
38. පර්වතයෙහි හැසිරෙන්නා වූ වඳුරා මෙය පවසා හිසෙහි ලේ සෝදා කඳුළු පිස දමා එතැනින් පර්වතයට නැංගේය.
“සොහං තෙනාභිසත‍්තොස‍්මි, පරිළාහෙන අට‍්ටිතො; ඩය‍්හමානෙන ගත‍්තෙන, වාරිං පාතුං උපාගමිං.
39. ඒ මම ඒ වඳුරා විසින් ශාප කරන ලද්දේ වූයෙමි. දාහයෙන් පෙළුනේ වෙමි. දැවෙන්නා වූ සිරුරෙන් යුතුව ජලය බොන්නට පැමිණියෙමි.
“අග‍්ගිනා විය සන‍්තත‍්තො, රහදො රුහිරමක‍්ඛිතො; පුබ‍්බලොහිතසඞ‍්කාසො, සබ‍්බො මෙ සමපජ‍්ජථ.
40. විල ගින්නෙන් රත් කරන ලද්දක් සේද ලෙයින් වැකුනාක් මෙන්ද සැරව හා ලේ සමාන වූවාක් මෙන්ද සියල්ල මට වැටහුනේය.
“යාවන‍්තො උදබින්‍දූනි, කායස‍්මිං නිපතිංසු මෙ; තාවන‍්තො ගණ‍්ඩ ජායෙථ, අද‍්ධබෙලුවසාදිසා.
41. යම්තාක් දියබින්දු මගේ ශරීරයෙහි වැටුනාහුද ඒ තාක් අඩක් බෙලිගෙඩි සමාන වූ බුබුළු හටගනී.
“පභින‍්නා පග‍්ඝරිංසු මෙ, කුණපා පුබ‍්බලොහිතා; යෙන යෙනෙව ගච‍්ඡාමි, ගාමෙසු නිගමෙසු ච.
42. මගේ ඒ බුබුළු කුණු වූවෝ බිඳුනාහු සැරව හා ලේ වැගුරුණාහ. යම් යම් මාර්ගයකින් ගම් නියම්ගම්හි යමිද
“දණ‍්ඩහත්‍ථා නිවාරෙන‍්ති, ඉත්‍ථියො පුරිසා ච මං; ඔක‍්කිතා පූතිගන්‍ධෙන, මාස‍්සු ඔරෙන ආගමා.
43. එහි ස්ත්‍රීහුද පුරුෂයෝද දඬුගත් අත් ඇත්තාහු කුණුගඳින් ගැවසී ගත් මා මෙහි නොඑවයි දුරින්ම වළකයි.
“එතාදිසං ඉදං දුක‍්ඛං, සත‍්ත වස‍්සානි දානි මෙ; අනුභොමි සකං කම‍්මං, පුබ‍්බෙ දුක‍්කටමත‍්තනො.
44. මෙබඳු වූ මගේ දුකට දැන් සත් අවුරුද්දක් විය. පෙර තමාගේ නපුරු කටයුත්තේ විපාකය අනුභව කරමි.
“තං වො වදාමි භද‍්දන‍්තෙ, යාවන‍්තෙත්‍ථ සමාගතා; මාස‍්සු මිත‍්තාන දුබ‍්භිත්‍ථො, මිත‍්තදුබ‍්භො හි පාපකො.
45. එහෙයින් ඔබට කියමි. ඔබට යහපතක්ම වේවා! යම් තාක් දෙනා මෙහි රැස් වූවාහුද ඒ සියල්ලෝ මිත්‍රද්‍රෝහී නොවෙත්වා. මිත්‍රද්‍රෝහී බව ළාමක වූවකි.
“කුට‍්ඨී කිලාසී භවති, යො මිත‍්තානිධ දුබ‍්භති; කායස‍්ස භෙදා මිත‍්තද‍්දු, නිරයං සොපපජ‍්ජතී”ති.
46. යමෙක් මෙලොව මිත්‍රද්‍රෝහී වේද හෙතෙම කුෂ්ට රෝගියෙක් කිලාසී රෝගියෙක් වේ. ඒ මිත්‍රද්‍රෝහී තැනැත්තා මරණින් මතු නිරයෙහි උපදී.
තත්‍ථ කුසලොති යථා ඡෙකො කුසලො කථෙති, තථා වො කථෙස‍්සාමි. ගොගවෙසොති නට‍්ඨෙ ගොණෙ ගවෙසන‍්තො. අච‍්චසරින‍්ති මනුස‍්සපථං අතික‍්කමිත්‍වා හිමවන‍්තං පාවිසිං. අරඤ‍්ඤෙති අරාජකෙ සුඤ‍්ඤෙ. ඉරීණෙති සුක‍්ඛකන‍්තාරෙ. විවනෙති විවිත‍්තෙ. විප‍්පනට‍්ඨොති මග‍්ගමූළ‍්හො. බුභුක‍්ඛිතොති සඤ‍්ජාතබුභුක‍්ඛො ඡාතජ‍්ඣත‍්තො. පපාතමභිලම‍්බන‍්තන‍්ති පපාතාභිමුඛං ඔලම‍්බන‍්තං. සම‍්පන‍්නඵලධාරිනන‍්ති මධුරඵලධාරිනං. වාතස‍්සිතානීති පඨමං තාව වාතපතිතානි ඛාදිං. තත්‍ථ හෙස‍්සාමීති තස‍්මිං රුක‍්ඛෙ සුහිතො භවිස‍්සාමීති ආරුළ‍්හොම‍්හි. තතො සා භඤ‍්ජථ සාඛාති තස‍්ස අභිපත්‍ථිතස‍්ස අත්‍ථාය හත්‍ථෙ පසාරිතෙ සා මයා අභිරුළ‍්හා සාඛා ඵරසුනා ඡින‍්නා විය අභඤ‍්ජථ. අනාලම‍්බෙති ආලම‍්බිතබ‍්බට‍්ඨානරහිතෙ. ගිරිදුග‍්ගස‍්මින‍්ති ගිරිවිසමෙ. සෙසින‍්ති සයිතොම‍්හි.
එහි කුසලො යනු යම්සේ එක් දක්‍ෂ තැනැත්තෙක් කියයිද එසේ ඔබට කියන්නෙමි. ගොගවෙසො යනු නැති වූ ගවයන් සොයමින්. අච්චසරිං යනු මිනිස් පියස ඉක්මවා හිමවතට පිවිසියෙමි. අරඤ්ඤෙ යනු රජුන් රහිත. සුඤ්ඤෙ ඊරිනෙ යනු වියලි කාන්තාරයෙහි. විවනෙ වසිතුරු වූ. විප්පනට්ඨො යනු මංමුළා වූයේ. බුභුක්ඛිනො යනු හටගත් බඩසා ඇත්තේ බඩගින්නෙන් දැවුනේ. පාපාතමහි ලම්බන්තං ප්‍රපාතයට අභිමුඛව එල්බෙන්නා වූ. සම්පන්න ඵලධාරිනං යනු මිහිරි ගෙඩි දරන්නා වූ. වාතසීතානි යනු පළමුව සුළඟින් වැටුන. තත්‍ථ හෙස්සාමි යනු ඒ ගසෙහි මනාව පිහිටියේ වෙමියි නැගුනේ වෙමි. තතො සා යනු ඒ අපේක්‍ෂා කළ කරුණ සඳහා අත දිගුකළ කල්හි මවිසින් නගින ලද අත්ත පොරොවෙන් කැපුවාක් මෙන් බිඳුනේය. අනාලම්බෙ විසම වූ පර්වතයෙහි. සෙසිං යනු හොත්තේ වෙමි.
කපි මාගඤ‍්ඡීති කපි ආගඤ‍්ඡි. ගොනඞ‍්ගුලොති ගුන‍්නං නඞ‍්ගුට‍්ඨසදිසනඞ‍්ගුට‍්ඨො. “ගොනඞ‍්ගුට‍්ඨො”තිපි පාඨො. “ගොනඞ‍්ගුලී”තිපි පඨන‍්ති. අකරං මයීති අකරා මයි. අම‍්භොති, මහාරාජ, සො කපිරාජා තස‍්මිං නරකපපාතෙ මම උදකපොථනසද‍්දං සුත්‍වා මං “අම‍්භො”ති ආලපිත්‍වා “කො නාමෙසො”ති පුච‍්ඡි. බ්‍යසම‍්පත‍්තොති බ්‍යසනං පත‍්තො, පපාතස‍්ස වසං පත‍්තොති වා අත්‍ථො. භද‍්දං වොති තස‍්මා තුම‍්හෙ වදාමි – “භද‍්දං තුම‍්හාකං හොතූ”ති. ගරුං සිලන‍්ති, මහාරාජ, සො කපිරාජා මයා එවං වුත‍්තෙ “මා භායී”ති මං අස‍්සාසෙත්‍වා පඨමං තාව ගරුං සිලං ගහෙත්‍වා යොග‍්ගං කරොන‍්තො පබ‍්බතෙ විචරි. නිසභොති පුරිසනිසභො උත‍්තමවානරින්‍දො පබ‍්බතපපාතෙ ඨත්‍වා මං එතදබ්‍රවීති.
කපිමාගඤ්ජි යනු වඳුරා පැමිණියේය. ගොනංගුට්ඨො යනු ගවයන්ගේ නඟුට වැනි වූ වල්ගයක් ඇති. නංගුට්ඨි යනුද පෙළයි. ගොනංගුලී යයිද කියත්. අකරාමයි යනු මා කෙරෙහි කළේය. අම්හො යනු මහරජතුමනි ඒ වඳුරු රජු ඒ නරාවලෙහි හුන් මගේ ජලය අපොළන ශබ්දය අසා මට එම්බල යයි අමතා මෙතෙමේ කවරෙක්දැයි විචාළේය. බ්‍යසම්පත්තො යනු ව්‍යසනයට පත් වූයේ. පපාතස්ස වසං පත්තො යනුද පෙළයි. භද්දං වො යනු එහෙයින් ඔබට කියමි. ඔබලාට යහපතක් වේවායි. ගරු සීලං යනු මහරජතුමනි, ඒ වඳුරු රජු මවිසින් එසේ කී කල්හි බිය නොවවයි මා අස්වසා පළමුව බර ගලක් ගෙන ඇදගෙන යෑම කරනුයේ පර්වතයෙහි හැසිරුනේය. නිසභො යනු උතුම් පුරුෂයා. උතුම් වඳුරු රජු. පර්වත ප්‍රපාතයෙහි සිට මට මෙසේ කීවේය.
බාහුභීති ද‍්වීහි බාහාහි මම ගීවං සුග‍්ගහිතං ගණ‍්හ. වෙගසාති වෙගෙන. සිරීමතොති පුඤ‍්ඤවන‍්තස‍්ස. අග‍්ගහින‍්ති සට‍්ඨිහත්‍ථං නරකපපාතං වාතවෙගෙන ඔතරිත්‍වා උදකපිට‍්ඨෙ ඨිතස‍්ස අහං වෙගෙන පිට‍්ඨිමභිරුහිත්‍වා උභොහි බාහාහි ගීවං අග‍්ගහෙසිං. විහඤ‍්ඤමානොති කිලමන‍්තො. කිච‍්ඡෙනාති දුක‍්ඛෙන. සන‍්තොති පණ‍්ඩිතො, අථ වා පරිසන‍්තො කිලන‍්තො. රක‍්ඛස‍්සූති අහං තං උද‍්ධරන‍්තො කිලන‍්තො මුහුත‍්තං විස‍්සමන‍්තො පසුපිස‍්සං, තස‍්මා මං රක‍්ඛාහි. යථා චඤ‍්ඤෙ වනෙ මිගාති සීහාදීහි අඤ‍්ඤෙපි යෙ ඉමස‍්මිං වනෙ වාළමිගා. පාළියං පන “අච‍්ඡකොකතරච‍්ඡයො”ති ලිඛන‍්ති. පරිත‍්තාතූනාති, මහාරාජ, එවං සො කපිරාජා මං අත‍්තනො පරිත‍්තාණං කත්‍වා මුහුත‍්තං පසුපි. අයොනිසොති අයොනිසොමනසිකාරෙන. භක‍්ඛොති ඛාදිතබ‍්බයුත‍්තකො. අසිතො ධාතො සුහිතො. සම‍්බලන‍්ති පාථෙය්‍යං. මත්‍ථකං සන‍්නිතාළයින‍්ති තස‍්ස වානරින්‍දස‍්ස මත්‍ථකං පහරිං. “සන‍්නිතාළය”න‍්තිපි පාඨො. දුබ‍්බලො අහූති න බලවා ආසි, යථාධිප‍්පායං න අගමාසීති.
බාහාහි යනු දෙබාහුවෙන් මාගේ බෙල්ල මනාකොට ගනුව. වෙගසා යනු වේගයෙන්. සිරිමතො යනු පිං ඇතියහුගේ. අග්ගිතං යනු සැටරියන් නරාවලට වාත වේගයෙන් බැස ජලය මත සිටියහුගේ පිටට වේගයෙන් මම නැගී දෙඅතින් බෙල්ල අල්ලා ගතිමි. විහඤ්ඤමානො යනු විඩාවට පත් වූයේ. කිච්ඡෙන දුකසේ. සන්තො පණ්ඩිතයා නැතහොත් වෙහෙසින් ක්ලාන්ත වූයේ. රක්ඛස්සු යනු ඔබ උඩට ගනු ලබන්නා වූ මම වෙහෙසට පත් වූයේ මොහොතක් විශ්‍රාම ගනුයේ. පස්සුපිස්සං එහෙයින් මා රකුව. යථාචඤ්ඤෙ වනෙ මිගා සිංහ ආදී වූ මේ වනයෙහි ඇති අන් වනමෘගයෝ. පෙළෙහි වනාහි අච්ඡකොතරච්ඡයො යයිද ලියත්. පරිත්තූන යනු මහරජතුමනි, ඒ වඳුරු රජු මා තමාගේ ආරක්ෂාව කොට මොහොතක් නිදා ගත්තේය. නුනුවණින් මෙනෙහි කිරීම නිසා භක්ඛො යනු කෑ යුත්තෙකු කර. අසිතො බඩසයින් මොනවට යුක්ත වූයේ. සමබලං යනු මාර්ගෝපකරණ. මත්‍ථකං සන්නිතාළයිං යනු ඒ වඳුරු රජුගේ හිසට ගැසුවෙමි. සන්නිතාළයං යනුද පෙළයි. දුබ්බලො අහු යනු යම්සේ බලාපොරොත්තු වූ දෙය සම්පූර්ණ නොවීද එපරිද්දෙන් ශක්තිමත් නොවීමි.
වෙගෙනාති මයා පහටපාසාණවෙගෙන. උදප‍්පත‍්තොති උට‍්ඨිතො. මාය්‍යොති තෙන මිත‍්තදුබ‍්භිපුරිසෙන සිලාය පවිද‍්ධාය මහාචම‍්මං ඡින්‍දිත්‍වා ඔලම‍්බි, රුහිරං පග‍්ඝරි. මහාසත‍්තො වෙදනාප‍්පත‍්තො චින‍්තෙසි – “ඉමස‍්මිං ඨානෙ අඤ‍්ඤො නත්‍ථි, ඉදං භයං ඉමං පුරිසං නිස‍්සාය උප‍්පන‍්න”න‍්ති. සො මරණභයභීතො ඔලම‍්බන‍්තං චම‍්මබන්‍ධං හත්‍ථෙන ගහෙත්‍වා උප‍්පතිත්‍වා සාඛං අභිරුය‍්හ තෙන පාපපුරිසෙන සද‍්ධිං සල‍්ලපන‍්තො “මාය්‍යො ම”න‍්තිආදිමාහ. තත්‍ථ මාය්‍යො මං කරි භද‍්දන‍්තෙති මා අකරි අය්‍යො මං භද‍්දන‍්තෙති තං නිවාරෙති. ත්‍වඤ‍්ච ඛො නාමාති ත්‍වං නාම එවං මයා පපාතා උද‍්ධටො එදිසං ඵරුසකම‍්මං මයි කරි, අහො තෙ අයුත‍්තං කතන‍්ති. අහො වතාති තං ගරහන‍්තො එවමාහ. තාවදුක‍්කරකාරකාති මයි අපරජ‍්ඣනෙන අතිදුක‍්කරකම‍්මකාරක. පරලොකාවාති පරලොකතො විය ආනීතො. දුබ‍්භෙය්‍යන‍්ති දුබ‍්භිතබ‍්බං වධිතබ‍්බං. වෙදනං කටුකන‍්ති එවං සන‍්තෙපි ත්‍වං අධම‍්මට‍්ඨ යාදිසං වෙදනං අහං ඵුසාමි, එදිසං වෙදනං කටුකං මා ඵුසි, තං පාපකම‍්මං ඵලං වෙළුංව තං මා වධි. ඉති මං, මහාරාජ, සො පියපුත‍්තකං විය අනුකම‍්පි.
වෙගෙන යනු මා විසින් හෙළන ලද ගලෙහි වේගයෙන්. උදප්පන්නො යනු නැගී සිටියේ. මාය්‍යො යනු ඒ මිත්‍රද්‍රෝහි වූ පුරුෂයා විසින් ගලෙන් ගැසූ කල්හි මහත් වූ සමක් සිඳී එල්බුනේය. ලේ වැගිරුනේය. මහබෝසත් තෙමේ වේදනාවෙන් යුක්ත වූයේම මෙසේ සිතුවේය. මෙතන්හි අනිකෙක් නැත. මේ බිය මේ පුරුෂයා නිසාම උපන්නේ යයි හෙතෙම මරණ බියෙන් බියපත් වූයේ එල්ලෙන්නා වූ සම්කඩ අතින් ගෙන උඩට නැගී අත්තට නැගී ඒ පවිටු තැනැත්තා සමග කථා කරනුයේ. මාය්‍යො මං ආදිය කීවේය. මාය්‍යො මං භද්දන්තෙ යනු උතුමාණනි එසේ නොකරන්න. යහපත් තැනැත්ත එසේ නොකරන්න යයි ඔහු වලක්වයි. ත්‍වඤ්ච නාමා යනු ඔබ මවිසින් ප්‍රපාතයෙන් උඩට ගන්නා ලදි. එසේ ඇතිකල්හි මෙබඳු දරුණු කටයුත්තක් මා කෙරෙහි කළේය. අනේ ඔබ විසින් නුසුදුස්සක් කරන ලදි. අහොවත යනු ඔහුට නින්දා කරමින් මෙසේ කීවේය. තාව දුක්කර කාරිකා යනු මා කෙරෙහි අපරාධී වූ නිසා අතිශයින් නපුරු වූ කටයුත්තක් කළ තැනැත්ත. පරලොකාච යනු පරලොවින් ගෙන එන ලද්දේ මෙන්. දුබ්භෙය්‍යං යනු දුරුකටයුතු. මරණයට පත් කළයුතු. වෙදනං කටුකං යනු නොදැහැමි තැනැත්ත. මෙසේ ඇති කල්හිද යම්බඳු වේදනාවක් මම ස්පර්ශ කරමිද එබඳු වේදනාවක් ඔබ ස්පර්ශ නොකෙරේවා! ඒ පවිටු ක්‍රියාවෙහි විපාකය ඵල හට ගැනීමෙන් උණගස මැරෙන්නාක් මෙන් ඔබ වධයට නොපමුණාවා යයි මහරජතුමනි, ප්‍රිය වූ පුතෙකුට මෙන් මට අනුකම්පා කළේය.
අථ නං අහං එතදවොචං – “අය්‍ය, මයා කතං දොසං හදයෙ මා කරි, මා මං අසප‍්පුරිසං එවරූපෙ අරඤ‍්ඤෙ නාසය, අහං දිසාමූළ‍්හො මග‍්ගං න ජානාමි, අත‍්තනා කතං කම‍්මං මා නාසෙථ, ජීවිතදානං මෙ දෙථ, අරඤ‍්ඤා නීහරිත්‍වා මනුස‍්සපථෙ ඨපෙථා”ති. එවං වුත‍්තෙ සො මයා සද‍්ධිං සල‍්ලපන‍්තො “තයි මෙ නත්‍ථි විස‍්සාසො”ති ආදිමාහ. තත්‍ථ තයීති ඉතො පට‍්ඨාය මය‍්හං තයි විස‍්සාසො නත්‍ථි. එහීති, භො පුරිස, අහං තයා සද‍්ධිං මග‍්ගෙන න ගමිස‍්සාමි, ත්‍වං පන එහි මම පිට‍්ඨිතො අවිදූරෙ දිස‍්සමානසරීරොව ගච‍්ඡ, අහං රුක‍්ඛග‍්ගෙහෙව ගමිස‍්සාමීති. මුත‍්තොසීති අථ සො මං, මහාරාජ, අරඤ‍්ඤා නීහරිත්‍වා, භො පුරිස, වාළමිගානං හත්‍ථා මුත‍්තොසි. පත‍්තොසි මානුසිං පදන‍්ති මනුස‍්සූපචාරං පත‍්තො ආගතොසි, එස තෙ මග‍්ගො, එතෙන ගච‍්ඡාති ආහ.
ඉක්බිති මම ඔහුට මෙසේ කීවෙමි. ස්වාමීනි, මා කළ දෙය මට නොකරව. අසත්පුරුෂ වූ මා මෙබඳු වූ වනයෙහි නොනසව. මම දිශාවන් හඳුනාගත නොහැකිව මුළා වූයෙමි. මාර්ගය නොදනිමි. තමා විසින් කරන ලද කර්මය නිසා නොනසව. මට ජීවිත දානය දෙව. වනයෙන් බැහැර කර මිනිස් පියසෙහි තබව යයි මෙසේ කී කල්හි හෙතෙම මා සමග කථා කරමින් තයි මෙ නත්‍ථි විස්සාසො යනු ආදිය කීවේය. එහි තයි යනු මෙතැන් පටන් ඔබ කෙරෙහි මගේ විශ්වාසයක් නැත. එහි යනු එම්බා පුරුෂය, මම ඔබ සමග මාර්ගයෙන් නොයමි. ඔබ මගේ පිටුපසින් නුදුරෙහි දක්නා ලබන සිරුරු ඇත්තේම එව. මම ගස් අගින්ම යන්නෙමියි. මුත්තොසි යනු මහරජතුමනි, ඉක්බිති හෙතෙම මා වනයෙන් බැහැර කර එම්බා පුරුෂය, වනමෘගයන්ගේ අතින් මිදුනේ වෙහි. මානුසිංපදං යනු මිනිස් වාසයට පැමිණියේ එතැනට ආවේ වෙහි. මේ තොපගේ මාර්ගයයි. මේ මගින් යවයි කීවේය.
ගිරිචරොති ගිරිචාරී වානරො. පක‍්ඛල්‍යාති ධොවිත්‍වා. තෙනාභිසත‍්තොස‍්මීති සො අහං, මහාරාජ , තෙන වානරෙන අභිසත‍්තො, පාපකම‍්මෙ පරිණතෙ තෙනාභිසත‍්තොස‍්මීති මඤ‍්ඤමානො එවමාහ. අට‍්ටිතොති උපද‍්දුතො. උපාගමින‍්ති එකං රහදං උපගතොස‍්මි. සමපජ‍්ජථාති ජාතො, එවරූපො හුත්‍වා උපට‍්ඨාසි. යාවන‍්තොති යත‍්තකානි. ගණ‍්ඩ ජායෙථාති ගණ‍්ඩා ජායිංසු. සො කිර පිපාසං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො උදකඤ‍්ජලිං උක‍්ඛිපිත්‍වා ථොකං පිවිත්‍වා සෙසං සරීරෙ සිඤ‍්චි. අථස‍්ස තාවදෙව උදකබින්‍දුගණනාය අඩ‍්ඪබෙලුවපක‍්කප‍්පමාණා ගණ‍්ඩා උට‍්ඨහිංසු, තස‍්මා එවමාහ. පභින‍්නාති තෙ ගණ‍්ඩා තං දිවසමෙව භිජ‍්ජිත්‍වා කුණපා පූතිගන්‍ධිකා හුත්‍වා පුබ‍්බලොහිතානි පග‍්ඝරිංසු. යෙන යෙනාති යෙන යෙන මග‍්ගෙන. ඔක‍්කිතාති පූතිගන්‍ධෙන ඔකිණ‍්ණා පරික‍්ඛිත‍්තා පරිවාරිතා. මාස‍්සු ඔරෙන ආගමාති දුට‍්ඨසත‍්ත ඔරෙන මාස‍්සු ආගමා, අම‍්හාකං සන‍්තිකං මා ආගමීති එවං වදන‍්තා මං නිවාරෙන‍්තීති අත්‍ථො. සත‍්ත වස‍්සානි දානි මෙති, මහාරාජ, තතො පට‍්ඨාය ඉදානි සත‍්ත වස‍්සානි මම එත‍්තකං කාලං සකං කම‍්මං අනුභොමි.
ගිරිචරො යනු පර්වතයෙහි හැසිරෙන්නා වූ වඳුරා. පක්ඛාල්‍ය යනු සෝදා. තෙනාභිසත්තොස්මි යනු මහරජතුමනි, ඒ මම ඒ වඳුරා විසින් ශාපකරන ලද්දේ වෙමි. පවිටු ක්‍රියාව මුහුකුරා ගිය කල්හි ඔහු විසින් ශාප කරන ලද්දේ වෙමියි සිතමින් මෙසේ කියන ලදි. අද්දිතො යනු උපද්‍රවයට පත්වූයේ. උපාගමිං යනු එක් විලක් වෙත පැමිණියෙමි. සම්පමජ්ජථ යනු ඉපිද මෙවැන්නෙකු වී වැටහී ගියේය. යාචන්තො යනු යම් පමණ. ගණ්ඩූ ජායෙථ යනු බුබුළු ඇති වීද හෙතෙම පිපාසය දරන්නට නොහැකි වන්නේ ජලදෝතක් ඔසවාගෙන මදක් බී සෙස්ස සිරුරෙහි ඉස්සේය. එකෙනෙහි ඒ ජලය බින්‍දු ප්‍රමාණයට බෙලිගෙඩියෙන් අඩක් පමණ වූ බුබුළු හටගත්තාහුය. එහෙයින් මෙසේ කීවේය. පභින්නා යනු ඒ බුබුළු එදවසම බිඳී කුණු වූයේ අප්‍රසන්න ගඳ ඇති වී සැරව හා ලේ වැගිරුනහ. යෙන යනු යම් යම් මාර්ගයකින්. ඔකිණ්ණා යනු කුණු ගඳින් ගැවසී ගත්තේ පෙරටු කළේ පිරිවරන ලද්දේ. මාස්සු ඔරෙන ආගමා යනු දුෂ්ට වූ තැනැත්ත. සමීපයෙන් නොපැමිණේවා. අපගේ සමීපයට නොපැමිණෙහි යයි මෙසේ කියමින් වලක්වන්නේ යයිද අර්ථයි. සත්තවස්සානි දානි මෙ යනු මහරජතුමනි, එතැන් පටන් මෙතෙක් සත් අවුරුද්දක් යන මෙපමණ කලක් මම තමා විසින් කළ කර්මය අනුභව කරමි.
ඉති සො අත‍්තනො මිත‍්තදුබ‍්භිකම‍්මං විත්‍ථාරෙත්‍වා, “මහාරාජ, මඤ‍්ඤෙව ඔලොකෙත්‍වා එවරූපං කම‍්මං න කෙනචි කත‍්තබ‍්බ”න‍්ති වත්‍වා “තං වො”තිආදිමාහ. තත්‍ථ තන‍්ති තස‍්මා. යස‍්මා එවරූපං කම‍්මං එවං දුක‍්ඛවිපාකං, තස‍්මාති අත්‍ථො.
හෙතෙම මෙසේ තමාගේ මිත්‍රද්‍රෝහීකම විස්තර කර මහරජතුමනි, මාවම බලා මෙබඳු කටයුත්තක් කිසිවෙකු විසින් නොකළ යුතුයයි කියා තං වො ආදී ගාථාව කීවේය. එහි තං යනු යම් මේ මෙබඳු කර්මයක් මෙවැනි දුක් විපාක ඇත්තේද එනිසා යන අර්ථයි.
“කුට‍්ඨී කිලාසී භවති, යො මිත‍්තානිධ දුබ‍්භති; කායස‍්ස භෙදා මිත‍්තද‍්දු, නිරයං සොපපජ‍්ජතී”ති. –
මෙලොව යමෙක් මිත්‍රද්‍රෝහී වේද හෙතෙම කුෂ්ට රෝගියෙක් වේ. කිලාස (ඇදුම) රෝගියෙක් වේ. ඒ මිත්‍රද්‍රෝහී තැනැත්තා කය බිඳීමෙන් අනතුරුව නිරයෙහි උපදී යනුවෙනි.
අයං අභිසම‍්බුද‍්ධගාථා. භික‍්ඛවෙ, යො ඉධ ලොකෙ මිත‍්තානි දුබ‍්භති හිංසති, සො එවරූපො හොතීති අත්‍ථො.
මෙය බුද්ධභාෂිත ගාථාවයි. මහණෙනි, මෙලොව යමෙක් මිතුරන්ට ද්‍රෝහී වේද හිංසා කෙරේද හෙතෙම මෙබඳු වේය යන අර්ථයි.
තස‍්සපි පුරිසස‍්ස රඤ‍්ඤා සද‍්ධිං කථෙන‍්තස‍්සෙව පථවී විවරං අදාසි. තඞ‍්ඛණඤ‍්ඤෙව චවිත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්තො. රාජා තස‍්මිං පථවිං පවිට‍්ඨෙ උය්‍යානා නික‍්ඛමිත්‍වා නගරං පවිට‍්ඨො.
රජු සමග කථා කරන්නා වූම එම පුරුෂයාට පෘථුවිය විවරයක් ලබා දුන්නේය. එකෙනෙහිම මෙලොවින් ච්‍යුත වී අවිචියෙහි උපන්නේය. රජු ඔහු පොළොවට පිවිසි කල්හි උයනින් නික්මී නගරයට පිවිසියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මය‍්හං සිලං පටිවිජ‍්ඣියෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මිත‍්තදුබ‍්භී පුරිසො දෙවදත‍්තො අහොසි, කපිරාජා පන අහමෙව අහොසි”න‍්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දෙව්දත් තෙමේ මා වෙත ගල පෙරළුවේ දැන් පමණක් නොවේ. පෙරද විද්දේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මිත්‍රද්‍රෝහී පුරුෂයා දෙව්දත් වීය. වඳුරු රජු මම ම වීමියයි වදාළ සේක.
මහාකපිජාතකවණ‍්ණනා ඡට‍්ඨා.