යෙදුමෙන් කියවන්න

6. මහාකපිජාතකං

6. මහාකපිජාතකං.

6. මහාකපි ජාතකය

2890. බාරාණස‍්සං අහු රාජා කාසීනං රට‍්ඨවඩ‍්ඪනො, මිත‍්තාමච‍්ච පරිබූළ‍්හො අගමාසි මිගාජිරං.

2890. බරණැස් නුවර කසී දනවු වැස්සන්ගේ රට කරන්නා වූ රජෙක් විය. සගයහළු ඇමතියන් ද පිරිවරන ලද ඒ රජ මිගාජිර නම් උයනට ගියේ ය.

2891. තත්‍ථ බ්‍රාහ‍්මණමද‍්දක‍්ඛි සෙතං චිත්‍රංකිලාසිනං, විද‍්ධසතං කොවිළාරංව කිසං ධමනිසන්‍ථතං.

2891. එහි ශ්වේතකුෂ්ටයෙන් සුදු වූ කබර කුෂ්ටයෙන් කැලැල් ඇති, පූයා වැගිරෙන, කසන කුෂ්ටයෙන් යුත්, පිපුණු කොබෝ ලීල ගසක් මෙන් තැනින් තැන කැඩී ගියා වූ කෘශ වූ ඉල්පී ගිය නහර ඇත්තා වූ බමුණකු දුටුයේ ය.

2892. පරමකාරුඤ‍්ඤතං පත‍්තං දිස‍්වා කිච‍්ඡගතං නරං, අවච බ්‍යම‍්හිතො රාජා යක‍්ඛානං කතමොනුසි.

2892. අතිශයින් බැගෑපත් බවට පැමිණි, දුකින් පීඩිත ඒ මිනිසා දැක විශ්මය පත් වූ රජ තෝ කිනම් යක්‍ෂයෙහි දැ? යි ඇසුවේ ය.

2893. හත්‍ථපාදා ච තෙ සෙතා තතො සෙතතරං සිරො, ගත‍්තං කම‍්මාසවණ‍්ණන‍්තෙ කිලාසබහුලොවසී.

2893. නුඹගේ හස්ත පාදයෝත් ශ්වේතවර්‍ණයහ. සිරස ඊටත් වඩා සුදු ය. නුඹගේ ශරීරය තිත් සහිතය. මෙසේ නුඹ කුෂ්ට රෝග බහුල කොට ඇත්තෙහි ය.

2894. වට‍්ටනාවළිසඞ‍්කාසා පිට‍්ඨි තෙ නිනන‍්තුන‍්නතා, කාළපබ‍්බාව තෙ අඞ‍්ගා නාඤ‍්ඤං පස‍්සාමි එදිසං.

2894. තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත් ය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල්පුරුක් මෙන් වෙති. මෙබඳු අන් පුරුෂයකු නම් නොදුටු විරීමි.

2895. උග‍්ඝට‍්ටපාදො තසිතො කිසො ධමනිසන්‍ථතො, ඡාතො ආතත‍්තරූපොසි කුතොසි කත්‍ථ ගච‍්ඡසි.

2895. නුඹ රජසින් ගැවැසීගත් පා ඇත්තෙහි ය. හටගත් උද්වෙග ඇත්තෙහි ය. කෘෂ වූයෙහි, ඉල්පුණ නහර ඇත්තෙහි, සයින් පීඩිත වූයෙහි, වියළි සිරුරු ඇත්තෙහි ය. කොහි සිට එන්නෙහි ද? කොහි යන්නෙහි ද?

2896. දුද‍්දසී අප‍්පකාරොසි දුබ‍්බණ‍්ණො භීමදස‍්සනො, ජනෙත‍්ති යාපි තෙ මාතා න තං ඉච‍්ඡෙය්‍ය පස‍්සිතුං.

2896. බැලිය නොහැකි වූ, අයහපත් සටහන් ඇත්තෙහි ය. දුර්වර්‍ණ වූයෙහි බිහිසුණු දැකුම් ඇත්තෙහි ය. නුඹගේ වැදූ මව වූ යම් තැනැත්තියක් වේ ද, ඒ මව පවා තා දක්නට නො කැමැති වන්නී ය.

2897. කිං කම‍්මමකරා පුබ‍්බෙ කිං අවජ‍්ඣං අඝාතයි, කිබ‍්බිසං යං කරිත්‍වාන ඉදං දුක‍්ඛං උපාගමි.

2897. පෙර කිනම් කර්‍මයක් කෙළෙහි ද? කවර නම් අවධ්‍යයකු (වද නො කටයුත්තකු) නැසුයේ ද? යම් ඒ දරුණු කර්‍මයක් කොට මේ දුකට පැමිණියේ දැ? යි ඇසුවේ ය.

2898. තග‍්ඝ තෙ අහමක‍්ඛිස‍්සං යථාපි කුසලො තථා, සච‍්චවාදිං හි ලොකස‍්මිං පසංසන‍්තීධ පණ‍්ඩිතා.

2898. යම් හෙයෙකින් වනාහි මෙලොව සත්‍ය වචන කියන්නහුට නුවණැත්තෝ පසසත් ද, එබැවින් මම දක්‍ෂ පුරුෂයෙක් යම්සේ ද එසේ ඔබට කියන්නෙමි.

2899. එකො චරං ගොගවෙසෙ මූළ‍්හො අච‍්චසරිං වනෙ, අරඤ‍්ඤෙ ඊරිණෙ විවනෙ නානාකුඤජරසෙවිතෙ.

2899. මම එකලාව ගවයන් සොයමින් ඇවිදිමින් මං මුළා වූයෙමි. අරාජක වූ, හිස් වූ විවේකයෙන් යුත් නොයෙක් හස්තීන් විසින් සේවනය කරන ලද්දාවූ හිමාලයේ මිනිස් පියස ඉක්මවා හැසුරුණෙමි.

2900. වාළමිගානුචරිතෙ විප‍්පනට‍්ඨොස‍්මි කානනෙ, අචරිං තත්‍ථ සත‍්තාහං ඛුප‍්පිපාසාසමප‍්පිතො.

2900. චණ්ඩ මෘගයන් විසින් හැසිරෙන ලද මහවනයෙහි මම මුළා වූයෙමි. එහි සත් දිනක් තිස්සේ සා පවසින් පෙළෙමින් හැසුරුණෙමි.

2901. තත්‍ථ තින්‍දුකමද‍්දක‍්ඛිං විසමට‍්ඨං බුභුක‍්ඛිතො, පපාතම‍්භි ලම‍්බන‍්තං සම‍්පන‍්නඵලධාරිනං.

2901. ආහාර අනුභව කැමැති වූ මම එහි විෂම තැනෙක්හි පිහිටියා වූ ප්‍රපාතය දෙසට නැමුණු මිහිරි ඵල දරන තිඹිරි ගසක් දැක්කෙමි.

2902. වාතසීතානි භක‍්ඛෙසිං තානි රුච‍්චිංසු මෙ භුසං, අතිත‍්තො රුක‍්ඛමාරුය‍්හ තත්‍ථ හෙස‍්සාමි ආසිතො

2902. පළමු කොට සුළඟින් වැටුණා වූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචි විය. එයින් සෑහීමකට පත් නො වූයෙම් ඒ ගසට නැඟ එහි හිඳගෙන හුන්නෙමි.

2903. එකම‍්මෙ භක‍්ඛිතං ආසි දුතියං අභිපත්‍ථිතං, තතො සා භඤ‍්ජථ සාඛා ඡින‍්නා ඵරසුනා විය.

2903. මා විසින් එක ගෙඩියක් කන ලදි. දෙවන ගෙඩිය කැමැති වන ලදි. ඉන්පසු පොරොවෙන් සිඳනා ලද්දක් මෙන් ඒ ශාඛා තොමෝ බිඳුණාය.

2904. සොහං සහාව සාඛාහි උද‍්ධපාදො අවංසිරො, අප‍්පතිට‍්ඨෙ අනාලම‍්බෙ ගිරිදුග‍්ගස‍්මිං පාපතං.

2904. ඒ මම අතු සමඟ උඩුකුරු වූ පා ඇත්තෙම් යටිකුරු වූ හිස ඇත්තෙම් පිහිටක් ආලම්බනයක් නැති පර්‍වතදුර්‍ගයෙහි වැටුණෙමි.

2905. යස‍්මා ච වාරිගම‍්භීරං තස‍්මා න සමපජ‍්ජසිං, තත්‍ථ සෙසිං නිරානන්‍දො අනාථො දස රත‍්තියො.

2905. යම් හෙයෙකින් ජලයෙන් ගැඹුරු වී ද එහෙයින් අත් පා බිඳීමට නො පැමිණියෙමි. එහි දුක්වූයෙම් පිහිටක් නැත්තෙම් දස රැයක් සයනය කෙළෙමි.

2906. අථෙත්‍ථ කපි මගඤ‍්ඡි ගොනඞ‍්ගුට‍්ඨො දරීවරො, සාඛාහි සාඛං විචරන‍්තො ඛාදමානො දුමප‍්ඵලං.

2906. ඉක්බිති ගෙරින්ගේ වල්ග වැනි වලගක් ඇති පර්‍වතයෙහි හැසිරෙන්නා වූ වඳුරෙක් අත්තෙන් අත්තට පනිමින් ගස්වල ගෙඩි කමින් එහි පැමිණියේ ය.

2907. සො මං දිස‍්වා කිසං පණ‍්ඩුං කාරුඤ‍්ඤමකරා මයි, අම‍්භො කොනාම සො එත්‍ථ එවං දුක‍්ඛෙන අට‍්ටිතො මනුස‍්සො අමනුස‍්සො වා අත‍්තානං මෙ පවෙදය.

2907. ඒ වඳුරා කෘශ වූ පඬුවන් මා දැක මා කෙරෙහි කුළුණු කෙළේ ය. පින්වත, මෙහි දුකින් පෙළුණා වූ හේ (මෙතෙම) කවරෙක් නම් වේ ද? මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක් ද? තමා තතු මට දන්වව.

2908. තස‍්සඤ‍්ජලිං පණාමෙත්‍වා ඉදං වචනමබ්‍රවිං, මනුස‍්සොහං බ්‍යසම‍්පත‍්තො සා මෙ නත්‍ථි ඉතො ගති තං වො වදාමි භද‍්දං වො ත්‍වඤ‍්ච මෙ සරණං භව.

2908. ඒ වඳුරාට ඇඳිලි බැඳ මේ වචනය කීයෙමි. මම වනාහි විපතට පත් මිනිසෙක්මි. මට මෙතැනින් යෑමෙක් නම් නැත. එය නුඹට කියමි. නුඹට යහපතෙක් වේවා, නුඹ ද මට පිහිට වෙවයි කීමි.

2909. ගරුසිලං ගහෙත්‍වාන විචරං පබ‍්බතෙ කපි, සිලාය යොග‍්ගං කත්‍වාන නිසභො එතදබ්‍රවි.

2909. වඳුරු රජ තෙම බර වූ ගලක් ගෙන ගල හා යෙදීමක් කොට පර්‍වතයෙහි හැසිරෙමින් මෙය කීයේ ය.

2910. එහි මෙ පිට‍්ඨිමාරුය‍්හ ගීවං ගණ‍්හාහි බාහුහි, අහං තං උද‍්ධරිස‍්සාමි ගිරිදුග‍්ගත වෙගසා.

2910. එව මගේ පිටට නගුව. දෝතින් ගෙල අල්ලා ගනුව. මම තා වේගයෙන් ගිරි දුර්‍ගයෙන් ගොඩට ගන්නෙමි යි වඳුරා කීයේ ය.

2911. තස‍්ස තං වචනං සුත්‍වා වානරින්‍දස‍්ස සිරීමතො, පිට‍්ඨිමාරූය‍්හ ධීරස‍්ස ගීවං බාහාහි අග‍්ගහිං.

2911. ශ්‍රීමත් වූ ඒ වඳුරු රජුගේ වචනය අසා ධෛර්‍ය්‍ය සම්පන්න වූ ඔහුගේ පිටට නැඟ දෙ අතින් ගෙල අල්ලා ගත්තෙමි.

2912. සො මං තතො සමුට‍්ඨාසි තෙජස‍්සී බලවා කපි, විහඤ‍්ඤමානො කිච‍්ඡෙන ගිරිදුග‍්ගත වෙගසා,

2912. තේජස් ඇති ශක්ති සම්පන්න වූ ඒ වඳුරා ඉතා වෙහෙසට පැමිණෙමින් දුකසේ ඒ නරකාවාටයෙන් මා වහා ගොඩ ගත්තේ ය.

2913. උද‍්ධරිත්‍වාන මං සන‍්තො නිසභො එතදබ්‍රවි, ඉඞ‍්ඝ මං සම‍්ම රක‍්ඛස‍්සු පස‍්සුපිසසං මුහුත‍්තකං.

2913. මා ගොඩ ගෙන වෙහෙස වූ ශ්‍රේෂ්ඨ වඳුරු තෙම මේ වචන කීයේ ය. යහළුව, මම මොහොතක් කල් නිදන්නෙමි. එබැවින් මා ආරක්‍ෂා කරව.

2914. සීහා ව්‍යග‍්ඝා ච දීපී ච අච‍්ඡකොකතරච‍්ඡයො, තෙ මං පමත‍්තං හිංසෙය්‍යුං තෙ ත්‍වං දිස‍්වා නිවාරය.

2914. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද වලස්සු ද වෘකයෝ ද යනාදි චණ්ඩ මෘගයෝ මේ වනයෙහි වෙද්ද, නිදි ගත් හෙයින් ප්‍රමත්ත වූ මා ඒ සත්‍වයෝ හිසා කෙරෙත්, නුඹ ඔවුන් දැක වළකව.

2915. එවං මෙ පරිත‍්තාතූන පස‍්සුපී සො මුහුත‍්තකං තදාහං පාපකං දිට‍්ඨිං පටිලච‍්ඡිං අයොනිසො.

2915. මෙසේ මට ආරක්‍ෂා කරන්නට කියා ඒ වඳුරු තෙම මොහොතක් නිදා ගත්තේ ය. එකල්හි නුනුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුණ මම ලාමක වූ අදහසක් ඇති කරගත්තෙමි.

2916. භක‍්ඛො අයං මනුස‍්සානං යථා චඤ‍්ඤෙ වනෙ මිගා, යන‍්නූනිමං වධිත්‍වාන ඡාතො ඛාදෙය්‍යං වානරං.

2916. සෙසු වන මෘගයන් මෙන් ම මෙ තෙමේ ද මිනිසුන්ගේ ආහාරය වේ. එබැවින් සා දුකින් පෙළුණෙම් මොහු මරා කන්නෙම් නම් යෙහෙකැ යි සිතුවෙමි.

2917. අසිතො ච ගමිස‍්සාමි මංසමාදාය සම‍්බලං, කන‍්තාරං නිත්‍ථරිස‍්සාමි පාථෙය්‍යං මෙ භවිස‍්සති.

2917. අනුභව කරන ලද්දේ ද මාර්ගෝපකරණ වශයෙන් මස් හැරගෙන යන්නෙමි. එහෙයින් වන කාන්තාරය එතෙර කරන්නෙමි. මට මාර්ගෝපකරණ ද වන්නේය.

2918. තතො සිලං ගහෙත්‍වාන මත්‍ථකං සන‍්නිතාළයිං, මම භත‍්තකිලන‍්තස‍්ස පහාරො දුබ‍්බලො අහු.

2918. ඉන්පසු ගලක් ගෙන හිසට ගැසුවෙමි. ආහාරයෙන් ක්ලාන්ත වූ මගේ පහර දුර්‍වල විය.

2919. සො ච වෙගෙනුදප‍්පත‍්තො කපි රුධිරමක‍්ඛිතො, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි රොදන‍්තො මං උදික‍්ඛති.

2919. වේගයෙන් නැගිට ලෙයින් වැකුණා වූ ඒ වඳුරු තෙමේ කඳුළු පිරි දෙනෙතින් හඬමින් මා දෙස බැලුවේ ය.

2920. මාය්‍යො මං කරි භද‍්දන‍්තෙ ත්‍වං ච නාමෙදිසං කරි, ත්‍වං ච ඛො නාම දීඝායු අඤ‍්ඤෙ වාරෙතුමරහසි.

2920. පින්වත් තෙම මට යහපතක් නො කළේ ය. නුඹ මෙබන්දක් මට කෙළෙහි ය. නුඹ ද දීර්‍ඝායු වෙහිවා, මට විපත් කරන අන්‍යයන් වළකන්නට වටනෙහි ය.

2921. අහො වත රෙ පුරිස තාව දුක‍්කරකාරක, එදිසා විසමා දුග‍්ගා පපාතා උද‍්ධතො මයා.

2921. මෙබඳු නො කළ හැක්කක් කළා වූ අසත්පුරුෂය, මා විසින් මේ දුර්‍ගම වූ ප්‍රපාතයෙන් ගොඩ නඟන ලද තෝ මෙබඳු අයුත්තක් කෙළෙහි ය.

2922. ආනීතො පරලොකාව දුබ‍්භෙය්‍යං මං අමඤ‍්ඤථ, තන‍්තෙන පාපධම‍්මෙන පාපං පාපෙන චින‍්තිතං.

2922. පරලොවින් ගෙනෙන ලද්දකු මෙන් නරාවළින් ගොඩ ගත්තා වූ තෝ (මා) මැරියයුතු කොට සිතුවෙහි ය. ලාමක ස්වභාව ඇති පාපී වූ තා විසින් ඒ පවිටු අදහස් සිතන ලදී.

2923. මා හෙව ත්‍වං අධම‍්මට‍්ඨ වෙදනං කටුකං ඵුසි, මාහෙව පාපකම‍්මන‍්තං ඵලං වෙළුංව තං වධි.

2923. අධර්‍මයෙහි පිහිටි තැනැත්ත, තෝ මෙබඳු කටුක වේදනාවක් ස්පර්‍ශ නො කෙරෙහි වා, තා විසින් කළ ඒ පාප කර්‍මයාගේ විපාකය හුණ ගස නසන්නා වූ ඵලය මෙන් තා නො නසාවා.

2924. තයි මෙ නත්‍ථි විස‍්සාසො පාපධම‍්මො අසසඤ‍්ඤතො, එහි මෙ පිට‍්ඨිතො ගච‍්ඡ දිස‍්සමානොව සන‍්තිකෙ.

2924. ලාමක ස්වභාව ඇති නො හික්මුණු තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මා පිටුපස එව. ළඟ දකිමින් ම යව.

2925. මුත‍්තොසි හත්‍ථා වාලානං පත‍්තොසි මානුසිං පදං, එසමග‍්ගො අධම‍්මට‍්ඨ තෙන ගච‍්ඡ යථා සුඛං.

2925. පින්වත් පුරුෂය, තෝ ව්‍යාලමෘගයන් අතින් මුදන ලද්දෙහි ය. මිනිස්පියට පැමිණියෙහි ය. අධර්මිෂ්ඨය, මේ මාර්‍ගය යි. ඒ මගින් සැපසේ යව.

2926. ඉදං වත්‍වා ගිරිචරො රුහිරං පක‍්ඛාල්‍ය මත්‍ථකං, අස‍්සූනි සම‍්පමජ‍්ජිත්‍වා තතො පබ‍්බතමාරුහි.

2926. පර්‍වතචාරි වූ වඳුරු තෙම මෙසේ ප්‍රකාශ කොට මස්තකයෙහි ලේ සෝදා පියා කඳුළු පිසදමා එතැනින් පර්‍වතයට නැංගේ ය.

2927. සොහං තෙනාභිසත‍්තොස‍්මි පරිලාහෙන අද‍්දිතො, ඩය‍්හමානෙන ගත‍්තෙන වාරිං පාතුං උපාගමිං.

2927. ඒ මම වඳුරු රජු විසින් සාප කරන ලද්දෙම් දැවිල්ලෙන් පෙළුණෙමි. දැවෙනු ලබන්නා වූ ශරීරයෙන් යුක්ත වැ ජලය පානය කරන්නට (එක් විලකට) ආවෙමි.

2928. අග‍්ගිනා විය සන‍්තත‍්තො රහදො රුධිරමක‍්ඛිතො, පුබ‍්බලොහිතසඞ‍්කාසො සබ‍්බො මෙ සමපජ‍්ජථ.

2928. මුළු විල ගින්නෙන් හුණු කරන ලද්දක් සේ ද ලෙයින් වැකී ගියාක් මෙන් ද පූයාවට හා ලෙයට සමාන ව මට වැටහුණේ ය.

2929. යාවන‍්තො උදඛින්‍දූනි කායස‍්මිං නිපතිංසු මෙ, තාවන‍්තො ගණ‍්ඩූ ජායෙථ අඩ‍්ඪබෙළුවසාදිසා.

2929. යම්තාක් දිය බින්‍දු මාගේ ශරීරයෙහි වැටුණාහු ද, ඒ තාක් අඩබෙලිපල පමණ බුබුළු හටගනී.

2930. පභින‍්නා පග‍්ඝරිංසු මෙ කුණපා පුබ‍්බලොහිතා, යෙන යෙනෙව ගච‍්ඡාමි ගාමෙසු නිගමෙසු ච.

2930. මේ ගණ්ඩයෝ කුණුවූවාහු බිඳී පූයා ලේ වැගුරුණාහ. යම් යම් මගෙකින් ගම් නියම්ගම්හි යෙම් ද–

2931. දණ‍්ඩහත්‍ථා නිවාරෙන‍්ති ඉත්‍ථියො පුරිසා ච මං, ඔකිණ‍්ණා පූතිගන්‍ධෙන මාස‍්සු ඔරෙන ආගමා.

2931. එහි ස්ත්‍රීහු ද පුරුෂයෝ ද දඬුගත් අත් ඇත්තාහු කුණු ගඳින් ගැවැසීගත් හෙයින් මේ දිශාවට නො එව යි මා වළකත්.

2932. එතාදිසං ඉදං දුක‍්ඛං සත‍්ත වස‍්සානිදානි මෙ, අනුභොමි සකං කම‍්මං පුබ‍්බෙ දුක‍්කටමත‍්තනො.

2932. දැන් මාගේ මේ දුකට හවුරුදු සතක් විය. පෙර තමන්ගේ දුෂ්කෘත කර්‍මයාගේ විපාකය අනුභව කරමි.

2933. තං වො වදාමි භද‍්දං වො යාවන‍්තෙත්‍ථ සමාගතා, මාස‍්සු මිත‍්තාන දුබ‍්භිත්‍ථො මිත‍්තදුබ‍්භො හි පාපාකො.

2933. එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් ම වේවා, යම් තාක් දෙනා මෙහි රැස් වූවාහු ද, ඒ සියල්ලෝ ම මිත්‍රදෝහී නො වෙත්වා, යම් හෙයෙකින් මිත්‍රද්‍රෝහකර්‍මය ලාමක වේ ද එහෙයිනි.

2934. කුට‍්ඨි කිලාසි භවති යො මිත‍්තානං ඉධද‍්දුභී, කායස‍්ස භෙදා මිත‍්තද‍්දු නිරයං සො උපපජ‍්ජතීති.

2934. මෙලොව යමෙක් මිත්‍රයනට ද්‍රෝහ කෙරේ ද, හෙ කුෂ්ටරොගියෙක් කිලාස ඇත්තෙක් වේ. ඒ මිත්‍රද්‍රෝහී තෙම මරණින් මතු නිරයෙහි උපදී යයි වදාළසේක.

මහාකපිජාතකං.

මහාකපි ජාතක යි.