7. දකරක්ඛසපඤ්හො
7. දකරක්ඛසපඤ්හො
7. උදකරාක්ෂස ප්රශ්නය
2935. සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ, මනුස්සබලිමෙසානො නාමං ගණ්හෙය්ය රක්ඛසො අනුපුබ්බං කථං දත්වා මුඤ්චෙසි දකරක්ඛිනො.
2935. මහරජ, ගැඹුරු සයුරෙහි නැවකින් යාත්‍රා කරන කල්හි මිනිස් බිල්ලක් සොයන්නා වූ රකුසෙක් නැව අල්ලා ගන්නේ නම් නුඹගේ මෑණියන් ඇතුළු සත් දෙනා අතුරෙන් කවරකු කෙසේ පිළිවෙළින් දියරකුසාට දී (දිය රකුසාගෙන්) මිදෙන්නෙහි දැ යි හෙරී නම් පරිව්‍රාජිකාව ඇසුවා ය.
2936. මාතරං පඨමං දජ්ජං භරියං දත්වාන භාතරං, තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජං බ්රාහ්මණං ඡට්ඨාහං දජ්ජමත්තානං නෙවදජ්ජං මහොසධං.
2936. ආර්‍ය්‍යාවනි, පළමු කොට මෑණියන් දෙන්නෙමි. ඉන්පසු බිරිය දී සහෝදරයා දෙන්නෙමි. සතරවනුව යහළුවා දී පස්වනුව බ්‍රාහ්මණයා දෙන්නෙමි. සවනුව මම තමන් දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො මැ දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
2937. පොසෙතා තෙ ජනෙත්තී ච දීඝරත්තානුකම්පිකා, ඡම්භී තයි පදුට්ඨස්මිං පණ්ඩිතා අත්ථදස්සිනී අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොචයි.
2937. මහරජ, නුඹගේ මව නුඹ වැදූ තැනැත්තී ය. නුඹ පෝෂණය කළ තැනැත්තී ය. ඡම්භී නම් බ්‍රාහ්මණයා නුඹ කෙරෙහි දුෂ්ට වූ කල්හි නුවණැති වූ යහපත දැක්මෙහි සමත් ඕ අනෙකකු පෙන්නා නුඹ මරණයෙන් මිදුවා ය.
2938. තං තාදිසං පාණදදිං ඔරසං ගබ්භධාරිණිං, මාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
2938. ප්‍රාණය දුන්නා වූ ලෙහි හොවා හැදු ගැබ්හි දරා සිටි එබඳු මෑණි කෙනකුන් කිනම් වරදක් නිසා ජලරකුසාට දෙන්නෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
2939. දහරා විය අලඞ්කාරං ධාරෙති අපිළන්ධනං, දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.
2939. මහලු වුව ද තරුණියක සේ නො පැළඳිය මනා අබරණ පළඳියි. දොරටුපාලයන් හා යුද සෙබළුන් හා වේලා ඉක්මවා මහත් කොට සිනාසෙයි.
2940. තතොපි පටිරාජානං සයං දූතානි සාසති, මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
2940. තවද සාමන්ත රජුනට මාගේ හස්න සේ අඟවා තොමෝ මැ දූතයන් අත හසුන්පත් යවයි. ඒ දෝෂය හේතු කොට ගෙන මව දිය රකුසාට දෙන්නෙමි යි කීය.
2941. ඉත්ථිගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනී, අනුග්ගතා සීලවතී ඡායාව අනපායිනී.
2941. මේ නන්දා දේවි තොමෝ ස්ත්‍රී සමූහයාහට උතුම් වූ බොහෝ ප්‍රිය වචන බෙණෙන බාලකාලයේ පටන් සිතැඟි ලෙස හැසුරුණු ආචාර සීලයෙන් යුත් සෙවණැල්ල මෙන් නොහැර පවත්නා වූ,
2942. අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිකී, උබ්බරිං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො
2942. නො කිපෙනසුලු වූ නුවණැති පණ්ඩිත වූ යහපත අයහපත දැක්මෙහි සමත් තැනැත්තියකි. එබඳු අගමෙහෙසිය කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි.
2943. ඛිඩ්ඪාරතිසමාපන්නං අනත්ථවසමාගතං, සා මං සකානං පුත්තානං අයාචං යාචතෙ ධනං.
2943. කාම ක්‍රීඩා රතියෙන් යුක්ත වූ අවැඩදායක වූ කෙලෙස් වසයට පැමිණි මාගෙන් මේ නන්දා තොමෝ දූ පුතුන්හට දෙන ලද හෙයින් නො ඉල්වියයුතු ධනය ඉල්ලයි.
2944. සොහං දදාමි සාරත්තො බහුං උච්චාවචං ධනං, සුදුච්චජං චජිත්වාන පච්ඡා සොචාමි දුම්මනො උබ්බරිං තෙන දෙසෙන දජ්ජාමි දකරක්ඛිනො
2944. කාමයෙන් ඇලුණා වූ ඒ මම දීමට දුෂ්කර වූ කුදු මහත් ධනය දී පසුව (අඬමින් මා වෙත එන දූ පුතුන් දැක) දොම්නස් වූයෙම් ශෝක කරමි. ඒ දෝෂයෙන් මම අගබිසොව දිය රකුසාට දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
2945. යෙනොචිතා ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
2945. මහරජ, යමකු විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහු ද, යමකුන් විසින් පිටරට විසූ තමුන්නාන්සේ නැවත ගෙට පමුණුවන ලද්දාහු ද පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ද-
2946. ධනුග්ගහානං පවරං සූරං තිඛිණමන්තිනං, භාරතං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො
2946. ධනුර්ධරයන් අතුරෙන් උතුම් වූ ශූර වූ සියුම් නුවණැති ඒ සහෝදරයා කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි ද?
2947. මයොචිතා ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
2947. මා විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහ. පිටරට සිටි රජ ද සිය ගෙට පමුණුවන ලද්දේ ය. පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ය.
2948. ධනුග්ගහානං පවරො සූරො තිඛිණමන්ති ච, මයායං සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො.
2948. මම ධනුර්ධරයන්ගෙන් උතුම් ද වෙමි. ශූර ද වෙමි. සියුම් නුවණැත්තෙම් ද වෙමි. මා විසින් මේ රජ සුවපත් කරන ලද්දේ යයි තරුණ වූ මෙතෙමේ මා ඉක්මවා හඟියි.
2949. උපට්ඨානම්පි මෙ අය්යෙ න සො එති යථා පුරෙ, භාරතං තෙන දෙසෙන දජ්ජාසිං දකරක්ඛිනො.
2949. ආර්‍ය්‍යාවෙනි, හෙ පෙර මෙන් උපස්ථානයට ද මා කරා නො එයි. ඒ දෝෂය හේතු කොට ගෙන සහෝදරයා දිය රකුසාට දෙමි යි රජ තෙමේ කීය.
2950. එකරත්තෙන උභයො තුවඤ්ච ධනුසෙඛවා, උභො ජාතෙත්ථ පඤ්චාලා සහායා සුසමාවයා.
2950. ඔබ වහන්සේ ද ධනුශෙඛර කුමරා ද යන දෙදෙන ම මේ නුවර එක රැයෙක්හි උපන්නාහුය. එවක් පටන් සමාන වයස් ඇති ඔවුහු පංචාල දේශයෙහි යහළුවෝ වූහ.
2951. චරියා තං අනුබන්ධිත්ථො එකදුක්ඛසුඛො තව, උස්සුක්කො තෙ දිවාරත්තිං සබ්බකිච්චෙසු ව්යාවටො. සහායං තෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
2951. හේ කුඩාකල සිට ම ඔබ වහන්සේ සමග ම හැසිරුණේ ය. ඔබ හා සමාන සුව දුක් ඇත්තේ ය. දිවා රෑ දෙක්හි උත්සාහවත් ව ඔබගේ සැම කටයුත්තෙහි යෙදුණෙකි. එබඳු යහළුවා කිනම් දෝසයක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි ඇසුවා ය.
2952. චරියාය අයං අය්යෙ පජග්ඝිත්ථො මයා සහ, අජ්ජාපි තෙන වණ්ණෙන අතිවෙලං පජග්ඝති.
2952. ආර්‍ය්‍යාවෙනි, පෙර මා සමග හැසිරීමෙන් මොහු මහත් කොට සිනාසුණේ ය. අදත් ඒ ආකාරයෙන් ම සීමාව ඉක්මවා මහත් කොට සිනාසේ යයි රජ තෙම කීය.
2953. උබ්බරියාපි මෙ අය්යෙ මන්තයාමි රහොගතො, අනාමන්තා පවිසති පුබ්බෙ අප්පටිවෙදිතො.
2953. ආර්‍ය්‍යාවෙනි, මා අගබිසොව සමග රහසිගත ව කථා කරන කල්හි නො කැඳවා ලද (මේතෙම) වහා ගේ තුළට පිවිසෙයි.
2954. ලද්ධවාරො කතොකාසො අහිරිකං අනාදරං, සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
2954. ලද වාර ඇත්තේ අවකාශ ලැබූ මම විළිනැති අනදරව හැසිරෙන ඒ යහළුවා ඒ දෝෂයෙන් දිය රකුසාට දෙමි යි රජ තෙම කීය.
2955. කුසලො සබ්බනිමිත්තානං රුදඤ්ඤූ ආගතාගමො, උප්පාදෙ සුපිනෙ යුත්තො නිය්යාණෙ ච පවෙසනෙ.
2955. මහරජ, මේ කේවට්ට නම් බමුණු තෙම සියලු නිමිති කීමෙහි දක්ෂය. සතුන්ගේ හඬ දන්නේ ය. ධර්මශාස්ත්ර උගත්තේ ය. චන්ද්‍රග්‍රහණ සූර්ය්යග්රහණාදිය ඇතිවීමෙහි හේතු දන්නේ ය. ස්වප්න ඵලාඵල දන්නේ ය. ගමන් යාමෙහි ද ගෘහප්රවේශයෙහි ද ගුණාගුණ කියන්නේ ය.
2956. පද්ධො භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්තපදකොවිදො, බ්රාහ්මණං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
2956. භූමියෙහි ද අහසෙහි ද ගුණාගුණ කීමෙහි දක්ෂය. නක්ෂත්ර පද දැනුමෙහි සමර්ත්ථය. එබඳු බමුණා කිනම් දොසක් නිසා දෙන්නෙහි දැ යි.
2957. පරිසායම්පි මෙ අය්යෙ මීලයිත්වා උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං දජ්ජාහං දකරක්ඛිනො.
2957. ආර්‍ය්‍යාවෙනි, මේ බ්‍රාහ්මණයා පිරිස් මැද දී මා දෙස ඇස දල්වා බලයි. එහෙයින් මම රෞද්‍ර වූ බැම ඇති බමුණා රකුසාට දෙමි යි රජ තෙම කීයේ ය.
2958. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, වසුන්ධරං ආවසසි අමච්චපරිවාරිතො.
2958. මුහුදින් වට වූ සාගරයට කුණ්ඩලාභරණයක් බඳු වූ සියල්ල දරන්නා වූ මේ පොළොව ඇමතියන් විසින් පිරිවරන ලද නුඹ වහන්සේ අයත් කොට ගෙන වසන්නහු ය.
2959. චාතුරන්තො මහාරට්ඨො විජිතාවී මහබ්බලො, පථව්‍යා එකරාජාසි යසො තෙ විපුලං ගතො.
2959. නුඹ වහන්සේ සිව් දිගට පතළා වූ මහත් රට ඇති දිනාගන්නා ලද ප්‍රදේශ ඇත්තේ මහාබලැත්තහුය. මුළු පොළවෙහි එක ම රජ වූවහු ය. නුඹ වහන්සේගේ යශස මහත් ව පැතිර ගියේ ය.
2960. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, නානාජනපදා නාරියො දෙවකඤ්ඤූපමා සුභා.
2960. පළඳනා ලද මිණිකොඬොල් ඇති නොයෙක් ජනපදයන්ට අයත් වූ ස්ත්‍රීහු දෙවඟනන් සේ පැහැපත් වූවාහු සොළොස් දහසක් වෙති.
2961. එවං සබ්බඞ්ගසම්පන්නං සබ්බකාමසමිද්ධිනං, සුඛිතානං පියං දීඝං ජීවිතං ආයු ඛත්තිය.
2961. මහරජ, මෙසේ සියලු අංගයන්ගෙන් යුත් සියලු කාම සම්පතින් පිරීගිය සුවපත් ව වෙසෙන්නන්හට දිගු කලක් ජීවත්වීම ප්‍රිය යයි නුවණැත්තෝ කියත්.
2962. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජසි දුච්චජං.
2962. එසේ තිබිය දී කවර හේතුවක් නිසා මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හරනට නොහැකි වූ ප්‍රාණය පවා කෙසේ නම් හරනෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
2963. යතොපි ආගතො අය්යෙ මම හත්ථං මහොසධො, නාභිජානාමි ධීරස්ස අණුමත්තම්පි දුක්කතං.
2963. ආර්‍ය්‍යාවනි, මහෞෂධ තෙමේ යම් දිනක සිට මා වෙතට පැමිණියේ ද එදා සිට මෙතෙක් කාලය තුළ මහෞෂධ පණ්ඩිතයන්ගේ ස්වල්ප මාත්‍ර වූ වරදක් ගැනවත් නො ම දනිමි.
2964. සචෙ ච කිස්මිචි කාලෙ මරණං මෙ පුරෙ සියා, පුත්තෙ ච මෙ පපුත්තෙ ච සුඛාපෙය්ය මහොසධො.
2964. ඉදින් මාගේ මරණය පළමු කොට සිදු වේ නම් මහෞෂධ තෙමේ මාගේ දූ පුතුන් ද මුණුපුරන් ද සුවපත් කරන්නේ ය.
2965. අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති, අනාපරාධකම්මන්තං න දජ්ජං දකරක්ඛිනො.
2965. මෙ තෙමේ අනාගතාර්ත්ථයත් ප්රත්යුත්පන්නාර්ත්ථයත් යන සියල්ල දකී. නිරපරාධ වූ ක්‍රියා ඇති ඔහු දියරකුසාට නො දෙමි යි රජ තෙම කීය.
2966. ඉදං සුණොථ පඤ්චාලා චූළනීයස්ස භාසිතං, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං.
2966. එම්බා පංචාල රටවැසියෙනි, චූලනීබ්රහ්මදත්ත රජුගේ මේ කීම අසවු. රජ තෙමේ මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හැර දැමිය නොහැකි ප්‍රාණය පවා හැර දමයි.
2967. මාතු භරියාය භාතුච්ච සඛිනො බ්රාහ්මණස්ස ච, අත්තනො චාපි පඤ්චාලො ඡන්නං චජති ජීවිතං.
2967. පංචාල රජ තෙම සිය මවගේ ද භාර්‍ය්‍යාවගේ ද සහෝදරයාගේ ද යහළුවාගේ ද බ්‍රාහ්මණයාගේ ද තමන්ගේ ද යන සදෙනාගේ ම හැර දැමිය නො හැකි ජීවිත හැර දමයි.
2968. එවං මහත්ථිකා පඤ්ඤා නිපුණා සාධුචින්තනී, දිට්ඨධම්මෙ හිතත්ථාය සම්පරායෙ සුඛාය චාති.
2968. මෙසේ ප්‍රඥාතොමෝ මහත් ප්‍රයෝජන ඇත්තී ය. නිපුණ ය. යහපත් සිතුවිලි දනවන්නී ය. මෙලොවැ, හිත පිණිස හා පරලොව සුව පිණිස ද වන්නී ය, (හෙරි නම් පරිව්‍රාජිකාව කීවා යයි වදාළසේක.)
දකරක්ඛසපඤ්හො.
උදාකරාක්ෂස පැනය යි.